මැතිවරණ නිරීක්ෂකයන්ගෙන් උතුරු නැගෙනහිරට විශේෂ අවධානය
Foreign monitors for elections
උතුරු නැගෙනහිර පළාත් කෙරෙහි විශේෂ අවධානය යොමු කරමින් මෙවර ජනාධිපතිවරණය නිරීක්ෂණය කිරීම සඳහා දේශීය විදේශීය නිරීක්ෂකයන් යෙදවීමට කටයුතු කරන බව පැෆ්රල් සංවිධානයේ විධායක අධ්‍යක්ෂක රෝහණ හෙට්ටිආරච්චි ප‍්‍රකාශ කළේය.
‘‘ අපි මේ වන විට විදේශීය නිරීක්ෂයන් 20ක් ලංකාවට ගෙන්වීමට සියලු පියවර අරන් තියෙනවා. ඔවුන් මේ 18 වැනිදාට ලංකාවට ලඟා වීමට නියමිතයි.’’ හෙට්ටිආරච්චි පැවසුවේය.
‘‘ මේ නිරීක්ෂයන් සියලු දෙනාම ලෝකයේ වෙනත් රටවල මැතිවරණ නිරීක්ෂණය කටයුතු වල යෙදිලා අත්දැකීම් බහුල පුද්ගලයන්. එ් නිසා අපට ඔවුන්ගෙන් පරිණත සේවයක් බලාපොරොත්තු විය හැකියි.’’ පැෆ්රල් සංවිධානයේ විධායක අධ්‍යක්ෂවරයා පවසන ආකාරයට මෙසේ විදේශීය නිරීක්ෂකයන් යෙදවීමෙන් මැතිවරණ අක‍්‍රමිකතා හා ප‍්‍රචණ්ඩ ක‍්‍රියා අවම කර ගත හැකි වේ.
‘‘ විදේශිය මැතිවරණ නිරීක්ෂකයන් යෙදවීමෙන් මැතිවරණ කටයුතු වල යම් විධිමත් බවක් ඇති කරගත හැකියි. පසුගිය මැතිවරණ වලදී අප අත්දැකීමෙන් දැක්කා ප‍්‍රචණ්ඩ ක‍්‍රියාවන්හී නිරත වීමට සුදානම් වී එකට එකතු වූ පිරිස් විදේශ නිරීක්ෂකයන් පැමිණෙන විටදී විසිර ගිය ආකාරය. නිරීක්ෂකයන් යෙද වීමේ වාසිය මෙයයි’’ රෝහණ හෙට්ටිආරච්චි පැවසුවේය.
‘‘ විශේෂයෙන් යුද්ධය නිමා වීමට පෙර පැවති මැතිවරණ වලදී විදේශීය නිරීක්ෂකයන්ට සැබෑ තත්ත්වය ප‍්‍රකාශ කිරීමට නොහැකි වුණා. නිවැරදි තත්ත්වය ප‍්‍රකාශ කිරීමෙන් ඔවුන්ට යම් බලපෑමක් වනු ඇතැයි ඔවුන් සිතන්නට ඇති. කොහොම වුණත් දැන් රටේ එවැනි වාතාවරණයක් නොමැති නිසා මෙවර මැතිවරණ නිරීක්ෂණය කටයුතු නිවැරදිව සිදුකළ හැකි වේවි.’’ පැෆ්රල් සංවිධානයේ විධායක අධ්‍යක්ෂවරයා වැඩිදුරටත් පැවසුවේය.
‘‘ ලංකාවට විදේශීය නිරීක්ෂකයන් ගෙන්වීම සම්බන්ධයෙන් අපේ සංවිධානය සතුටුදායක ප‍්‍රතිචාරයක් දක්වනවා. ඔවුන්ගෙන් මැතිවරණ නිරීක්ෂණ සම්බන්ධයෙන් ගුණාත්මක වෙනසක් බලාපොරොත්තු විය හැකියි. විශේෂයෙන් දේශීය නිරීක්ෂකයන් රජයේ නිලධාරීන්ගේ දුර්වලතාවයන් විවේචනය කිරීමට උත්සාහ ගන්නේ නැහැ. එහෙත් විදේශික නිරීක්ෂකයන්ට බලපෑමක් නොමැති නිසා ඔවුන්ට එම දුර්වලතාවන් පෙන්වාදිය හැකිය.’’ මැතිවරණ ප‍්‍රචණ්ඩ කි‍්‍රයා නිරීක්ෂණ මධ්‍යස්ථානයේ ජාතික සම්බන්ධීකාරක ඞී. එම් දිසානායක පැවසුවේය.
‘‘ අපේ මධ්‍යස්ථානයෙනුත් විදේශික නිරීක්ෂකයන් ගෙන්වීමට කටයුතු කරමින් සිටිනවා. රජය එ් සඳහා අවසර ලබා දෙයි කියලා අප බලාපොරොත්තු වෙනවා’’ දිසානායක වැඩි දුරටත් පැවසුවේය.
Local and foreign election monitors are to be deployed for elections this time with special attention being paid to the North and East Provinces, Executive Director, People’s Action for Free and Fair Elections (PAFFREL), Rohana Hettiarachchi said. He said that 20 foreign poll observers are to arrive in the country on the 18th. National Coordinator, Center for Monitoring Election Violence (CMEV), D.M. Dissanayake said they too would bring down foreign monitors for the election. According to PAFFREL and CMEV, foreign poll observers would bring out high quality observations and minimise irregularities from taking place during elections.
By Anupama Ganegoda



