මහින්ද චින්තනය ඉදිරි දැක්ම එළිදකී

January 11, 2010 by Editor  
Filed under Featured, Stories


Rajapaksa manifesto released
මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරයා විසින් ඉදිරි ජනාධිපතිවරණයෙන් පසුව අනුගමනය කරන ප‍්‍රතිපත්ති පිළිබදව සදහන් මහින්ද චින්නතනය ඉදිරි දැක්ම නමින් කොළඹ බණ්ඩාරනායක අනුස්මරණ සම්මන්ත‍්‍රණ ශාලාවේදී ජනවාරි 11 වැනිදා එළිදැක්වූයේය.

ඉදිරි ජනාධිපතිවරණයෙන් පසුව ලංකාව ශක්තිමත් රාජ්‍යයක් ලෙසින් ඉදිරයට යාමට අවශ්‍ය සියලූ කටයුතු යොදන බවත් ලංකාව ආසියාවේ දීප්තිමත්ම රාජ්‍ය බවට පත්කිරිමට තමන් කටයුතු කරන බවත් මහින්ද චින්තනයේ නව ප‍්‍රතිපත්තිමාලාව එලි දැක්වූ අවස්ථාවේදී රාජපක්ෂ ජනාධිපතිවරයා කීවේය.

ඉදිරි ජනාධිපතිවරණයේදී බුලත් කොළයට ලබාදෙන සෑම ඡන්දයක්ම මේ රටේ සහ ජනතාවගේ නිදහස තහවුරු කිරීම සදහා ලබාදෙන ඡන්දයක් වන බවද හෙතෙම කීවේය.

වත්මන් ජනාධිපතිවරයා 2005 වසරේ පැවති ජනාධිපතිවරණයෙන් ජයගෙන ජනාධිපතිධූරයට පත්වූ අතර ඔහුගේ ධුර කාලය අවසන්වීමට වසර දෙකක් තිබියදී ජනාධිපතිවරණයක් පැවැත්වීමට තීරණය කළේ. තමන් ජනාධිපති ධුරයට පත්වන අවස්ථාව වන විට සටන් විරාම ගිවිසුමක් අත්සන් කර තිබූ බවද මේ නිසා රට අර්බුදකාරී තත්වයකට පත්ව තිබූ බවද ජනාධිපතිවරයා සිය ප‍්‍රතිපත්ති ප‍්‍රකාශය එළි දැක්වූ අවස්ථාවේදී කීවේය. ‘‘මට මේ අභියෝගවලට මුහුණදීමට හැකියාවක් නැතැයි බොහෝ දෙනා විශ්වාස කළා. ලෝකයේ දරුණුම ත‍්‍රස්තවාදී රංචුවක් එක් අතකින් සිටියා. අනික් අතින් යුද්ධය කළ නොහැකි බවට මානසිකත්වය කඩා වැටී තිබූ හමුදාවක් තිබුණා. මේ තත්වය තුළදී මම ලොකුම සහන මල්ලත් අරගෙන වේදිකාවට ගොඩවුනා. ඒක හරියට අතුරේ යනවා වගේ ගමනක්.’’ ජනාධිපතිවරයා කීවේය.

තමන්ට මේ අභියෝගවලට සාර්ථකව මුහුණදීමට හැකියාව ලැබුණ බවද රාජපක්ෂ ජනාධිපතිවරයා සදහන් කළේය.

මෙම අභියෝග ජයගැනීමෙන් පසුව ඉදිරි දශකය රටේ සංවර්ධනය සදහා යොමුවිය යුතු බව හෙතෙම කීවේය. පසුගිය වසර හතරක කාලය පුරා ආරම්භ කළ සංවර්ධන වැඩකටයුතු ඉදිරියටම සිදුකරගෙන යා යුතු බවත්  ඉදිරි දශකය සංවර්ධනයේ දශකය වන බවත් ජනාධිපති රාජපක්ෂ පැවසුවේය.

‘‘බත බුලතින් සරු අගහිග ඛමින් තොර ඉසුරුමත් රටක්, විනයගරුක නීතිගරුක සදාචාර සම්පන්න සමාජයක්, නිවාස විදුලිය සන්නිවේදන පහසුකම් සැමට සපිරි රටක්, දියුණු මාර්ග ඵද්ධතියක් හිමි රටක්, දිනූ දේශය යළි නොබෙදුන ඒකීය රටක්, බහුතර සම්මුතියෙන් ගොඩනැගෙන තිරසාර සාමයක්, ගහකොළ ෂතා සීපාවද සුරකින හරිත ශ‍්‍රී ලංකාවක්, තරුණ අපේක්ෂාවනට මුල්තැන දෙන සුභවාදී රටක්, අහස පොළව සයිබර් අවකාශයෙන් ජයගන්නා අනාගත පරපුරක්, පෙර අපරදිග ත්‍වදකම සමව රැුකගත් සුවසම්පන්න මිසින් රැුලක්, දේශීය සම්පතින් හා දැනුමෙන්  විදේශයන් ජයගන්නා දේශීය ව්‍යවසායකත්වයක්, සාහිත්‍ය කලාවේ ප‍්‍රාසාංගික වේදිකාවේ ප‍්‍රබෝධයේ සුවිසල් යුගයක්, මිනිසුන් හැරයන රටක් වෙනුවට මිනිසුන් පැමිණෙන රටක් ’’ ආදී වශයෙන් ජනාධිපතිවරයාගේ ප‍්‍රතිපත්ති ප‍්‍රකාශයේ කරුණු පෙළගස්වා තිබුණේය.

තමන් පසුගිය සති අන්තයේදී උතුරු පළාතේ සංචාරයක නිරතවූ බවද ඔවුන්ට අවශ්‍යව ඇත්තේ සංවර්ධනය වන බවද ජනාධිපති රාජපක්ෂ සදහන් කළේය. හැකි ඉක්මනින් උතුරු පළාත සදහා පළාත් සභා මැතිවරණයක් පවත්වා එම පළාතේ ජනතාවට තමන්ගේ පරිපාලන කටයුතු කරගැනීමට අවස්ථාව ලබාදීමට කටයුතු කරන බවද හෙතෙම කීවේය.

President Mahinda Rajapaksa launched his policy statement at the BMICH on the 11th. President Rajapaksa launching the new version of the Mahinda Chinthana said that steps would be taken to make Sri Lanka one of the strongest countries in the Asian region. He spoke of the challenges of facing the terrorism problem with a ceasefire agreement, armed forces that had lost their morale and providing relief to the people soon after assuming office in 2005. After defeating terrorism, the President said the next decade would be for developing the country. A vote for the betel leaf would ensure freedom for the country and people, he said.

By Sanjaya Nallaperuma

pix -  Information Department

  • Share/Bookmark
Creative Commons

Comments are closed.