මැතිවරණය ආසන්නවීමත් සමග දකුණේ උණුසුම් තත්වයක්

January 26, 2010 by Editor  
Filed under Featured, Stories

ජනාධිපතිවරණය පැවැත්වීමට පෙර අවසන් පැය දොළහ ආසන්න වන විට දකුණු පළාතේ ජනතාව උනන්දුවෙන් යුතුව මැතිවණය සදහා සූනාම් වෙමින් සිටින අතර දකුණේ ඇතැම් පළාත්වල උණුසුම් වාතාවරණයක් ඇතිවීමේ පෙර නිමිති පහළකරමින් තිබේ.
ජනාධිපතිවරයාගේ උපන් ගම වන හම්බන්තොට මැදමුලන ප‍්‍රදේශයට කිලෝමීටර කීපයක් ආසන්නයේ ඇති වලස්මුල්ල නගරයේ ජනතාව මැතිවරණයට පෙර දිනයේ සවස නගරයට එක් රොක්වී මැතිවරණය පිළිබදව වන සිය උනන්දුව ප‍්‍රදර්ශණය කරමින් සිටියේය. ජනාධිපතිවරයාට සහාය දක්වන පිරිස් විසින් මේ වන විටත් වලස්මුල්ල නගරයේ මැතිවරණ කාර්යාලවල එක් රොක්වෙමින් සිටියේය. ජනාධිපතිවරණයට ඉදිරිපත්ව සිටින ප‍්‍රධාන අපේක්ෂකයින් දෙදෙනාගේ ප‍්‍රචාරක කටවුට් හා පෝස්ටර් පොලීසිය විසින් ඉවත් කරමින් තිබෙන අවස්ථාව වන විට වලස්මුල්ල නගරයේ ජනාධිපතිවරයාගේ විශාල ප‍්‍රමාණයේ කටවුටයන් නිරුපද්‍රිතව තිබුනේය. මැතිවරණයට පෙර දිනයේ දහවල් කාලයේදී මෙම කටවුටය ආවරණය කර තිබූ නමුත් සවස් වන විට එම ආවරණය ඉවත්කර තිබුණි.
හම්බන්තොට වලස්මුල්ල නගරයට එක්ව සිටි පිරිස් මැතිවරණයේදී ඡන්දය ප‍්‍රකාශ කිරීමට උනන්දුවෙන් සිටියේය. මොවුන් සිටියේ තවත් පැය කිහිපයකින් ආරම්භවන හයවැනි විධායක ජනාධිපතිවරයා තෝරා පත්කරගැනීමේ මැතිවරණයේදී ඡන්දය ප‍්‍රකාශ කිරීමේ උනන්දුවෙන් යුතුවය. ඔවුන් බොහෝ දෙනෙක් කතා කරමින් සිටියේ තවත් පැය කිහිපයක් ආරම්භවන ඡන්ද විමසීමේදී ඡන්දය ප‍්‍රකාශ කරන්නේ කාටදැයි යන්න පිළිබදව කතා කරමින්ය.
‘‘අපි හෙට (ජනවාරි 26)උදේන්ම අපේ සෙට් එකත් එක්ක ගිහින් ඡන්දෙ දානවා.’’ වලස්මුල්ල නගරයේ ත‍්‍රීරෝද රථ රියදුරෙක් වන ශානක ප‍්‍රභාෂ් කීවේය. තමන්ගේ ගමේ සිටින අපෙක්ෂකයා වෙනුවෙන් ඡන්දය ප‍්‍රකාශ කරන බව මොහු කීවේය.
මේ වන විට රටේ සාමකාමී වාතාවරණයක් පවතින නිසා ජනතාව උනන්දුවෙන් යුතුව ඡන්දය ප‍්‍රකාශ කරනු ඇතැයි වලස්මුල්ල ප‍්‍රාදේශීය සභාවේ මන්ත‍්‍රීවරයෙක් වන අනුර ද අල්විස් කීවේය.
‘‘ගියපාර මැතිවරණය වඩා වැඩි උනන්දුවකින් ජනාතව ඡුන්දය පාවිච්චි කරනවා. ගියපාර මෙතැන පක්ෂ කාර්යාලයක් තිබුනේ නැහැ. ඒත් මේපාර අපි මෙතැන පක්ෂ කාර්යාලයක් දැම්මේ තියෙන උනන්දුව නිසා.’’ වලස්මුල්ල නගරයේ තිබූ පක්ෂ කාර්යාලයේ සිටි ශානිකා අනුරාධිකා ගමගේ සදහන් කළේය.
මේ අතර තංගල්ල වීරකැටිය ජනාධිපතිවරයාගේ නිවස ආසන්නයේ එක්සත් ජනතා නිදහස් සන්ධාන ආධාරකරුවන් පිරිසක් එක්ව තමන්ගේ අපේක්ෂකයාට ආධාර කරමින් සිය අපේක්ෂකයා ජයග‍්‍රහණය කිරීමට සූදානමින් සිටියේය.
මේ වන විටත් දකුණු පළාතේ ඇතැම් ප‍්‍රදේශ වල මැතිවරණ ප‍්‍රචාරක පෝස්ටර් අලවා තිබේ. මෙම පෝස්ටර් ඉවත්කිරීමට සේවකයින් ලබාදෙන බවට පොලීසියට දැනුම්දී ඇති නමුත් පොස්ටර් ඉවත් කිරීමට සේවකයින් නොලැබීම නිසා පොලීසියේ නිලධාරීන් විසින් හක්මන ප‍්‍රදේශයේ තිබූ ජනාධිපතිවයාගේ මැතිවරණ ප‍්‍රචාරක පෝස්ටර් ඉවත් කළේ මැතිවරණය පෙර දිනයේ සවස් යාමයේය.
ජනවාරි 25 වැනිදා සවස් වන විට ඡන්ද පොළවල්වලට ඡුන්ද පෙට්ටි ප‍්‍රවාහනය කර තිබුණි. මේ වන විට දකුණු පළාතේ ඇතැම් ඡුන්ද මධ්‍යස්ථාන වල ඡුන්ද පෙට්ටි නිසි ස්ථාන වල තබා ඡන්ද ප‍්‍රකාශ කිරීම සදහා අවශ්‍ය සියලූම කටයුතු සූදානම් කර තිබුනේය

ජනාධිපතිවරණය පැවැත්වීමට පෙර අවසන් පැය දොළහ ආසන්න වන විට දකුණු පළාතේ ජනතාව උනන්දුවෙන් යුතුව මැතිවණය සදහා සූනාම් වෙමින් සිටින අතර දකුණේ ඇතැම් පළාත්වල උණුසුම් වාතාවරණයක් ඇතිවීමේ පෙර නිමිති පහළකරමින් තිබේ.
ජනාධිපතිවරයාගේ උපන් ගම වන හම්බන්තොට මැදමුලන ප‍්‍රදේශයට කිලෝමීටර කීපයක් ආසන්නයේ ඇති වලස්මුල්ල නගරයේ ජනතාව මැතිවරණයට පෙර දිනයේ සවස නගරයට එක් රොක්වී මැතිවරණය පිළිබදව වන සිය උනන්දුව ප‍්‍රදර්ශණය කරමින් සිටියේය. ජනාධිපතිවරයාට සහාය දක්වන පිරිස් විසින් මේ වන විටත් වලස්මුල්ල නගරයේ මැතිවරණ කාර්යාලවල එක් රොක්වෙමින් සිටියේය. ජනාධිපතිවරණයට ඉදිරිපත්ව සිටින ප‍්‍රධාන අපේක්ෂකයින් දෙදෙනාගේ ප‍්‍රචාරක කටවුට් හා පෝස්ටර් පොලීසිය විසින් ඉවත් කරමින් තිබෙන අවස්ථාව වන විට වලස්මුල්ල නගරයේ ජනාධිපතිවරයාගේ විශාල ප‍්‍රමාණයේ කටවුටයන් නිරුපද්‍රිතව තිබුනේය. මැතිවරණයට පෙර දිනයේ දහවල් කාලයේදී මෙම කටවුටය ආවරණය කර තිබූ නමුත් සවස් වන විට එම ආවරණය ඉවත්කර තිබුණි.
හම්බන්තොට වලස්මුල්ල නගරයට එක්ව සිටි පිරිස් මැතිවරණයේදී ඡුන්දය ප‍්‍රකාශ කිරීමට උනන්දුවෙන් සිටියේය. මොවුන් සිටියේ තවත් පැය කිහිපයකින් ආරම්භවන හයවැනි විධායක ජනාධිපතිවරයා තෝරා පත්කරගැනීමේ මැතිවරණයේදී ඡුන්දය ප‍්‍රකාශ කිරීමේ උනන්දුවෙන් යුතුවය. ඔවුන් බොහෝ දෙනෙක් කතා කරමින් සිටියේ තවත් පැය කිහිපයක් ආරම්භවන ඡුන්ද විමසීමේදී ඡුන්දය ප‍්‍රකාශ කරන්නේ කාටදැයි යන්න පිළිබදව කතා කරමින්ය.
‘‘අපි හෙට (ජනවාරි 26* උදේන්ම අපේ සෙට් එකත් එක්ක ගිහින් ඡුන්දෙ දානවා.’’ වලස්මුල්ල නගරයේ ත‍්‍රීරෝද රථ රියදුරෙක් වන ශානක ප‍්‍රභාෂ් කීවේය. තමන්ගේ ගමේ සිටින අපෙක්ෂකයා වෙනුවෙන් ඡුන්දය ප‍්‍රකාශ කරන බව මොහු කීවේය.
මේ වන විට රටේ සාමකාමී වාතාවරණයක් පවතින නිසා ජනතාව උනන්දුවෙන් යුතුව ඡුන්දය ප‍්‍රකාශ කරනු ඇතැයි වලස්මුල්ල ප‍්‍රාදේශීය සභාවේ මන්ත‍්‍රීවරයෙක් වන අනුර ද අල්විස් කීවේය.
‘‘ගියපාර මැතිවරණය වඩා වැඩි උනන්දුවකින් ජනාතව ඡුන්දය පාවිච්චි කරනවා. ගියපාර මෙතැන පක්ෂ කාර්යාලයක් තිබුනේ නැහැ. ඒත් මේපාර අපි මෙතැන පක්ෂ කාර්යාලයක් දැම්මේ තියෙන උනන්දුව නිසා.’’ වලස්මුල්ල නගරයේ තිබූ පක්ෂ කාර්යාලයේ සිටි ශානිකා අනුරාධිකා ගමගේ සදහන් කළේය.
මේ අතර තංගල්ල වීරකැටිය ජනාධිපතිවරයාගේ නිවස ආසන්නයේ එක්සත් ජනතා නිදහස් සන්ධාන ආධාරකරුවන් පිරිසක් එක්ව තමන්ගේ අපේක්ෂකයාට ආධාර කරමින් සිය අපේක්ෂකයා ජයග‍්‍රහණය කිරීමට සූදානමින් සිටියේය.
මේ වන විටත් දකුණු පළාතේ ඇතැම් ප‍්‍රදේශ වල මැතිවරණ ප‍්‍රචාරක පෝස්ටර් අලවා තිබේ. මෙම පෝස්ටර් ඉවත්කිරීමට සේවකයින් ලබාදෙන බවට පොලීසියට දැනුම්දී ඇති නමුත් පොස්ටර් ඉවත් කිරීමට සේවකයින් නොලැබීම නිසා පොලීසියේ නිලධාරීන් විසින් හක්මන ප‍්‍රදේශයේ තිබූ ජනාධිපතිවයාගේ මැතිවරණ ප‍්‍රචාරක පෝස්ටර් ඉවත් කළේ මැතිවරණය පෙර දිනයේ සවස් යාමයේය.
ජනවාරි 25 වැනිදා සවස් වන විට ඡුන්ද පොළවල්වලට ඡුන්ද පෙට්ටි ප‍්‍රවාහනය කර තිබුණි. මේ වන විට දකුණු පළාතේ ඇතැම් ඡුන්ද මධ්‍යස්ථාන වල ඡුන්ද පෙට්ටි නිසි ස්ථාන වල තබා ඡුන්ද ප‍්‍රකාශ කිරීම සදහා අවශ්‍ය සියලූම කටයුතු සූදානම් කර තිබුනේය.

  • Share/Bookmark
Creative Commons

Comments are closed.