වව්නියාවේ මැතිවරණය සාමකාමීව

January 26, 2010 by Editor  
Filed under Featured, Stories

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම ආරම්භවීමෙන් පසු ලංකාවේ බොහෝ ප‍්‍රදේශවල ජනතාව උනන්දුවෙන් යුතුව ඡන්දය ප‍්‍රකාශ කරන නමුත් ඡන්ද විමසීම ආරම්භ වන අවස්ථාව වන විට වව්නියාව නගරය සාමකාමී අන්මින් පැවැත්වුනේය. ජනාධිපතිවරණයේදී ඡන්දය ප‍්‍රකාශ කිරීමට වව්නියාවේ පදිංචිකරුවෝ වැඩි උනන්දුවක් දැක්වූයේ නැත. වව්නියාව නගරයේ පැවති සාමකාමී තත්වය ඡන්දය ජනතාවට වැඩි වැදගත්කමක් නොමැති බව කියා පෑවේය.

ජනාධිපතිවරණයේ උණුසුමත් සමගින් විවිද පක්ෂවල ඡන්ද අපේක්ශකයින් විවිධ ආකාරයේ දැන්වීම් පත‍්‍රිකා වගේම විහාල ප‍්‍රමාණයේ දැන්වීම් පුවරු රට පුරා ප‍්‍රදර්ශණය කරන්නට වුයේ මහත් තරග කාරිත්වයකිනි. නමුත් වව්නියාව වැනි  ප‍්‍රදේශයන් තුල මැතිවරණ ප‍්‍රචාරක කටයුතු කුමන හෝ හේතුවක් නිසාවෙන් මන්දඝාමි තත්වයක පැවතුණි.

මේ පැත්තෙ මැතිවරණ උණුසුමක් නැති තරම් .මැතිවරණ ප‍්‍රචාරක කටයුතු වත් කිසිම උණුසුමක් නැහැ. රාජ්‍ය නොවන සංවිධානයක සේවකය කරන නිමල්සිරි  ප‍්‍රනාන්දු පවසයි.

වර්ථමාන ජනාධිපතිවරයාගේ දැන්වීම් පුවරු වව්නියාව ප‍්‍රදේශයේ දකින්නට ලැබුනත්  මේ ජනාධිපතිවරණය සදහා ඉදිරිපත්වන අනෙකුත් අපේක්ෂකයන්ගේ දැන්විම් පුවරු මේ ප‍්‍රදේශයේ එතරම් දකින්නට නොලැබිණි. මේ නිසාම වව්නියාවේ ජනතාව ජනාධිපතිවරණය සදහා කිසිදු සූදානමකින් යුතුව කටයුතු කිරිමක් දක්නට නැත.

මේ පැත්තෙ අයට ඡන්දය එතරම්ම ලොකුවට දැනෙන්නෙ නැහැ.යුද්ධෙන් පස්සෙ අපේ ජීවිත සාමකාමීව ගෙවිල යනවා. ආපන ශාලාවක සේවය කරන එස් ජගදීන් පවසයි.  අවුරුදු ගනනාවක්ම සාමයේ අපේක්ෂාවෙන් සිටි මේ ජනතාවට ජනාධිපතිවරණය එතරම්ම අවශ්‍ය කාරනයක් වී නොමැත. ආර්ථික වශයෙන් පිරිහුනු මේ ජනතාව නරන්තරයෙන්ම සොයන්නේ තම ප‍්‍රදේශයද සංවරිධවය කළ හැකි අපේක්ෂකයෙකි. මහින්ද රාජපක්ෂ දිනුවත් සරත් ෆොන්සේකා දිනුවත් අපිට  ඕන මේ පැත්ත සංවර්ධනය වෙන එක. ගජදින් තවදුරටත් පවසයි.

රටේ අනාගත ජනාධිපතිවරයා කවුරුන්ද කියා අද වන විට ඡන්ද දායකයින් තිරණය කර අවසන් නමුත් වව්නියාව ප‍්‍රදේශයේ ජනතාව අද වන තුරුත් කවරෙකු ජනපති කරනවාද යන්න තිරණය කර නොමැත.තාම ඡන්දය කාට දෙනවද කියලවත් තිරනය කරල නැහැ.එතනට ගිහිල්ල ඡන්දය දාන්න හිතුන කෙනෙකුය චන්දය දානවා. කේ. රාමකුමාර් පවසයි.

  • Share/Bookmark
Creative Commons

Comments are closed.