මේ කටයුත්තෙන් මාව නිදහස් කරන්න – අමාත්‍ය අනුර ප‍්‍රියදර්ශණ යාපා

වර්තමාන ආණ්ඩුවේ සහ විසිරුවා හරින ලද පාර්ලිමේන්තුවේ හිටපු ජනමාධ්‍ය හා තොරතුරු අමාත්‍ය අනුර ප‍්‍රියදර්ශණ යාපා පවසා සිටියේ මේ පවත්වන ලද කැබිනට් තීරණ දැණුම් දීමේ රැස්වීම් ඔහුගේ අවසන් මාධ්‍ය සාකච්ඡාව විය හැකි බවයි.
“සමහර විට මේ පවත්වන අවසාන මාධ්‍ය සාකච්ඡාව වෙන්න පුළුවන්. භාරකාර ආණ්ඩුවේ ඇමතිධුර දෙකක් දරනවා. ඒ වගේම සුවිසල් දිසුත‍්‍රික්කයක ඡන්ද කටයුතු සඳහා සහභාගී විය යුතුයි. ඒ නිසා මම ජනාධිපති තුමාගෙන් ඉල්ලීමක් කළා මේ කටයුත්තෙන් මාව නිදහස් කරන්න කියලා.” අමාත්‍යවරයා ප‍්‍රකාශ කලේය.
එමෙන්ම ජෙනරාල් ෆොන්සේනා අත්අඩංගුවට ගැනීම සම්බන්ධයෙන් ආණ්ඩුවේ කිසිම සම්බන්ධයක් නොමැති බව ද අමාත්‍ය වරයා ප‍්‍රකාශ කළේය.
අපේ රටට යුධ අපරාධ ගැන කිසිම රටකින් චෝදනාවක් තිබුණේ නැහැ. මොහු පැහැදිලිව කියනවා එහෙම අපරාධ චෝදනා තියෙනවා නම් බේරන්න යන්නේත් නැහැ කියලා. ඔහු නැවතත් හමුදාව පවා දීමකට ලක් කළා. අමාත්‍ය වරයා සඳහන් කළේය.
එමෙන්ම පවැත්වීමට නියමිත පාර්ලිමේන්තු මැතිවරණයේ දී තුනෙන් දෙකේ බලයක් ලබා ගැනීමට හැකියාවක් පවතින බවද සඳහන් කළ අමාත්‍යවරයා සඳහන් කරන්නේ එක්සත් ජාතික පක්ෂය ප‍්‍රජාතන්ත‍්‍රවාදී නොවන කෙටි මාර්ග ඔස්සේ බලයට පැමිණිමට උත්සහ දරණ බවයි.
අධිකරණයේ සිගරට්ටුවක් දල්වන්නවත් අවස්ථාව නැති බව දැන දැනත් මේ අය ඊයේ සිද්ධ කළේ නීතියට අගෞරව කිරීමක්. මේ ඔක්කෝම දැන ගෙන අධිකරණය ඇතුළට ගිහින් උද්ඝෝෂණ කරන්න උත්සහ කළා.හැමදැම මේ අය කළේ ප‍්‍රජාතන්ත‍්‍රවාදී නොවන කෙට් ක‍්‍රම වලින්.හෙතෙම පැවසුවේය.
නිලතල දරණ කාල සමිවේදී කිසිවකුට එම නීතිවලින් බැහැර වීමේ හැකියාවක් නොවන බව අමාත්‍ය ජී එල් පීරිස් සඳන් කළේය.
තියෙන නීති වලින් බැහැර වෙන්න තමන්ගේ තමන්ගේ රාජකාරී කටයුතු වලින් බැහැර වූණහමත් බැහැ. එහෙම කරනවා නම් දාන තහංචි වලින් හා නීතිරීතිවලින් ප‍්‍රයොජනයක් නැහැ.එ් තහංචියේ තෙරුම මොකක්ද අමාත්‍ය පීරිස් සඳහන් කළේය.
‘‘මේ අය මේ උත්සහ කරන්නේ ආර්ථික වශයෙන් පහත් තත්ත්වයට දාන්න ම්ලේච්ච රටක් කියලා ඔප්පු කරන්න හදන්නේ මෙලේඡ්ඡු රටක් කියලා කියන්න. ලංකාවට ආධාර දෙන්න එපා කියලා මේ අය කියන්න හදන්නේ. මේ කරන දේවලින් ලංකාවේ ආර්ථිකයේ හදවතට පහර වදිනවා.’’
General Sarath Fonseka’s wife Anoma Fonseka said that her husband who was arrested by the military police is still strong and had requested people to remain calm. She said he had asked the people and war heroes to remain calm. Anoma lamented that although she met him daily there was no freedom to speak alone. She also expressed doubts over the decision to hold the General at the Navy Headquarters instead of the Army headquarters. Anoma has requested the help of the ICRC to get the Army Hospital doctor to visit General Fonseka to monitor his health condition, especially due to the shrapnel inside his body. Concerns over General Fonseka’s arrest have been expressed at local and international levels.



