විල්පත්තුවේ සිදු කෙරෙන විනාශය වහාම නැවැත් විය යුතුයි – පරිසරවේදීන්
උතුරේ සිදුකරන සංවර්ධනය හේතුවෙන් විල්පත්තු ජාතික වනෝද්‍යානය විනාශ වෙමින් පවතින බව පරිසරවේදීහු ප‍්‍රකාශ කරති. පරිසර සංවිධාන කිහිපයක එකතුවකින් පැවැත්වූ මාධ්‍ය හමුවකදී ඔවුහු මේ බව ප‍්‍රකාශ කළහ. ‘‘පුත්තලම හා මන්නාරම අතර අතර සම්බන්ධතාවය තව දුරටත් පුථල් කිරීම සඳහා නාවික හමුදාව විසින් විල්පත්තුව ජාතික වනෝද්‍යානය හරහා පමණක් කිලෝමීටර් 35ක දිගන් යුතු මාර්ගයක් ඉඳි කරමින් සිටිනවා. මේ ඉඳි කිරීම් කටයුතු නිසා වනාන්තරය පද්ධතිය විනාශ වීමේ අවධානමක් තියෙනවා’’ ශ‍්‍රී ලංකා සොබා සංසදයේ කළමණාකාර අධ්‍යක්ෂක සජීව චාමිකර පැවසුවේය.
සජීව පෙන්වා දෙන අකාරයට කිසිදු සැළසුමකින් තොරව හෝ පරිසර හා වනජීවි ආරක්ෂණ උපාය මාර්ග වලින් තොරව ඉතා අවිධිමත් ලෙස මෙම මාර්ගය ඉදි කරමින් පවති. අක‍්‍රමවත් පස් කැණීම් සහ මාර්ගයේ පිරවුම් හේතුවෙන් වර්ෂා කාළයේදී එ ආශ‍්‍රිතව පිහිටි විල්ලූමය තෙත් බිම් ගොඩ වීමේ අවධානමකට ලක් විය හැකිය. එපමණක් නොව වනෝද්‍යානය දෙකඩ කරමින් මේ මාර්ගය ඉඳි කිරීම නිසා වන ජීවි වාසස්ථාන වලට හා ජෛව විවිධත්වයට ඉතා විශාල හානියක් සිදු වේ. අලි ඇතුන්ගේ වාසස්ථාන අහිමී වී තිබේ. කොටින්ගේ ගොදුරු බිම් විනාශ වීම නිසා එම සතුන්ගේ ගහණ ඝණත්වය අවම වීමේ අවධානමක්ද පවති.
‘‘විල්පත්තු වනෝද්‍යානය කියන්නෙ දැවැන්ත පුරා වස්තු සම්භාරයක් සඟවා ගත් ස්ථානයක්. විජය රජුගේ ආගමනයට පෙර අවධියට සම්බන්ධ පුරාවස්තු මෙහි තැන්පත් කැලා තියෙනවා’’ සජීව පැවසුවේය. නාවික හමුදාව විසින් සිදු කරගෙන යන මේ මාර්ග ඉඳි කිරීම් සඳහා වනෝද්‍යානය පාලනය කරන වනජීවි සංරක්ෂණ දෙපාර්තමේන්තුවෙන් කිසිදු අවසරයක් හෝ විශෙෂඥ උපදෙස් ලබා ගෙන නොමැති බව පරිසරවේදී නීතිඥ ජගත් ගුණවර්ධන ප‍්‍රකාශ කළේය. ‘‘වනෝද්‍යානය තුළ මෙසේ අනවසර මාර්ගයක් ඉදිකිරීමෙන් 2009 අංක 22 දරණ පනතින් අවසන් වරට සංශෝධිත 1937 අංක 02 දරණ වන සතත්ත්ව හා වෘක්ෂලතා ආරක්ෂක පනතේ 3 4 5 6 යන වගන්ති සියල්ල උල්ලංඝණය වෙලා.’’ නීතිඥ ගුණවර්ධන පැවසුවේය.
‘‘විල්පත්තු වනෝද්‍යානය තුළ අනවසර අකාරයෙන් ඉඳි කිරීම් කටයුතු සිදු කෙරෙමින් පවතින බව අප දන්නවා. එ් සම්බන්ධව අපි දැඩි විරෝධය ප‍්‍රකාශ කළා. මේ වන විට අපි මේ සම්බන්ධව නීති ක‍්‍රියා මාර්ග ගැනීටට කටයුතු නරනවා.’’ වන සංරක්ෂණ දෙපාර්තමේනතුවේ සහකාර මෙහෙයුම් අධ්‍යක්ෂක උපාලි පත්මසිරි ප‍්‍රකාශ කළේය. මෙසේ විල්පත්තු වනෝද්‍යානය අනතුරට ලක් වීමට එරෙහිව පරිසර සංවිධාන රැුසක් දැඩි විරෝධය දැක් වීමට සුදානම්ව සිටිති. ‘‘මේ වන විනාශය ඉතා ඉක්මනින් නැවැත් විය යුතුයි. එසේ නොවන්නට අනාගත පරපුරට වටිනා ජාතික වස්තුවක් අහිමි වී යා හැකියි. වහාම බලධාරීන්ගේ අවධානය මේ සඳහා යොමු විය යුතුයි.’’ ශ‍්‍රී ලංකා කුරුථ සංගමයේ උදය සිරිවර්ධන පැවසුවේය.




