ඉදිරි දේශපාලන වැඩ ගැන කතාකරන්න සන්ධාන මන්ත‍්‍රීවරු ජනපති හමුවේ

February 1, 2010 by Editor  
Filed under Featured, Stories

ජනාධිපතිවරණයෙන් පසුව ඉදිරි දේශපාලන ක‍්‍රියාමාර්ග පිළිබදව සාකච්ඡා කිරීටම ආණ්ඩුපක්ෂයේ පාර්ලිමේන්තු මන්තී‍්‍ර කණ්ඩායම පෙබරවාරි 1 වැනිදා සවස ජනාධිපතිවරයා හමුවීමට නියමිතය.

මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරයා මැතිවරණයෙන් ජයගැනීමෙන් පසුව ආණ්ඩු පක්ෂයේ මන්ත‍්‍රීවරුන් සියලූදෙනාම එකට හමුවන්නේ අද (පෙබරවාරි 1) දිනයේදීය.

‘‘ජනාධිපතිතුමා ආණ්ඩුවේ මන්ත‍්‍රීවරුන්ට හමුවන්නැයි ආරාධනාවක් කර තිබෙනවා.’’ ආණ්ඩු පක්ෂයේ ප‍්‍රධාන සංවිධායක අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන පැවසුවේය. මේ අනුව ආණ්ඩු පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත‍්‍රීවරුන් ජනාධිපතිවරයා හමුවීමට කටයුතු කරන බව අමාත්‍යවරයා පැවසුවේය.

ජනධිපතිවරයා සමග පවත්වන හමුවේදී ඉදිරි දේශපාලන ක‍්‍රියාමාර්ග පිළිබදව සාකච්ඡා කරන බවද හෙතෙම සදහන් කළේය. අපේ‍්‍රල් මාසය වන විට පාර්ලිමේන්තුවේ නිල කාලය අවසන් වන අතර ජනාධිපතිවරණයේ උනුසුම මැකී යන්නට පෙර පාර්ලිමේන්තුව විසුරවාහැරීමට ආණ්ඩුව සූදානම් වන බවට දේශපාලන ලෝකයේ තොරතුරු පැතිරයමින් පවතී.

එහෙත් මෙම සතිය ඇතුළත පාර්ලිමේන්තුව විසුරවා නොහරින බවට ආණ්ඩු පක්ෂය සලකුණු පළකරයි. ‘‘ලබන පස්වැනිදා නැවත පාර්ලිමේන්තුව රැස්වනවා. එදින දවස පුරාම හදිසි නීතිය විවාදයට ගන්නවා.’’ ගුණවර්ධන අමාත්‍යවරයා කීවේය.

ජනාධිපතිවරණයෙන් පසුව පැවැත්වෙන පාර්ලිමේන්තු මැතිවරණයට ආණ්ඩුව සූදානම් වෙමින් සිටින්නේයැයි එක්සත් ජනතා නිදහස් සන්ධානයේ මහ ලේකම් අමාත්‍ය සුසිල් පේ‍්‍රමජයනත් ජනවාරි 28 වැනිදා පැවති ප‍්‍රවෘත්ති සාකච්ඡාවකදී කීවේය.

‘‘අපේ‍්‍රල් 22 වැනිදා පාර්ලිමේන්තුවේ කාලය අවසන් වෙනවා. අපේ‍්‍රල් 30ට කලින්  අය වැය ලේඛනයක් ඉදිරිපත් කළ යුතුව තිබෙනවා. මෙම කාල වකවානු පිළිබදව සැලකිල්ලට ගනිමින් ඉදිරි සති කීයප ඇතුළත තීරණයක් ගැනීමට සිදුවෙනවා.’’ පේ‍්‍රමජයන්ත අමාත්‍යවරයා කීවේය.

The parliamentary group of the governing party was scheduled to meet with the President on the 1st evening to discuss the next course of action. Chief Government Whip Minister Dinesh Gunawardena said the President had requested for the meeting with the parliamentary group. He said parliament have a full day debate on the extension of emergency when it meets next on the 5th. Meanwhile, UPFA General Secretary Minister Susil Premajayantha addressing a press conference on the 28th said the government was looking at holding general elections given that the term of the current parliament ends on April 22.

By Sanjaya Nallaperuma

  • Share/Bookmark
Creative Commons

Comments are closed.