ජෙනරාල් අත්අඩංගුවට ගත්තේ මේ නිසා

හිටපු හමුදාපති හා විපක්ෂයේ පොදු අපේක්ෂක ලෙස ජනාධිපතිවරණය සඳහා තරඟ කල ජෙනරාල් සරත් ෆොන්සේකා මහතා අත් අඩංගුවට ගැනීමට හේතු වූ කාරණා පැහැදිලි කළ ජනමාධ්‍ය අමාත්‍ය ලක්ෂ්මන් යාපා අබේවර්ධන සඳහන් කරන්නේ හමුදා නීතියට මෙන්ම රටේ පවතින සාමාන්‍ය නීතියටද ජෙනරාල් ෆොන්සේකා යටත් බවයි.
”ජෙනරාල් ෆොන්සේකාව අත්අඩංගුවට ගන්න හේතු වුණෙ ඔහු හමුදා නිළ ඇඳුමින් සිටියදී දේශපාලනමය ක‍්‍රියාකාරකම්වල යෙදීම තම සේනාධිනායකයාට විරුද්ධව කටයුතු කිරීම හමුදාවෙන් පැන ගිය සෙබලුන් හට ආවරණය ලබා දීම හා යුධ අවි මිලදී ගැනීමේදී සිදු කළ අක‍්‍රමිකතා.”අමාත්‍ය අබේවර්ධන සඳහන් කළේය.
හිටපු එමුදාපති වරයාගෙන් ප‍්‍රශ්ණ කිරීම් තුළ හමුදාමය වශයෙන් ගතයුතු ක‍්‍රියා මාර්ග පමණක් එනම් ප‍්‍රශ්ණ කිරීම් පමණක් සිදු කරන බවත් රජයේ මැදිහත් වීමක් නොමැති බවයි අමාත්‍ය වරයා සඳහන් කරනු ලබන්නේ.
”එතුමාගෙන් වෙන ක‍්‍රියාදාමයන් පිළිබඳව ප‍්‍රශ්න කිරීම් සිද්ධ කරන්නේ නැහැ. මාස 6කට පෙර සහ පසු ක‍්‍රියාදාමයන් ගැන පමණයි ප‍්‍රශ්ණ කරන්නේ. අපට මේවට අත දාන්න බැහැ. එ නිසා සිවිල් සමාජයට අපි කියන්නේ මේකට මැදිහත් වෙන්න එපා කියලා.” අමාත්‍ය වරයා සඳහන් කළෙය.
අමාත්‍යවරයා සඳහන් කරන ආකාරයට සිවිල් සමාජය මෙම ප‍්‍රශ්ණ සඳහා මැදිහත් වුව හොත් ප‍්‍රශ්ණය වෙනත් මාර්ගයකට යාමේ අවධානම පවතී.
”සිවිල් සමාජය අවුස්සන්න එපා කියලා අපි ඉල්ලීමක් කරනවා. බී බී සී එකට කරපු ප‍්‍රකාශ ගැන කවුරුත් දන්නවා. හමුදා තීරණ පිළිබඳව විදේශ වලට සාක්ෂි දෙන්න ලෑස්ති නම් හමුදාවට අයිතියක් තියෙනවා මේ දේවල් පිළිබඳව ප‍්‍රශ්ණ කරන්න.”
දශක තුනක් පැවති යුද්ධයේදි ජාත්‍යන්තරයෙන් පැමිණි ප‍්‍රශ්ණ සඳහා පිළිබඳව මුහුණ දුන් බවත් එ අවස්ථාවේ ජෙනරාල්වරයා රජය සමඟ සිටි බවත් පසුව මෙවැනි ප‍්‍රකාශ සිදු කිරීම රෙටි කීර්ති නාමයට හානියක් බවත් අමාත්‍ය වරයා ප‍්‍රකාශ කළේය.
“ජාත්‍යන්තර වශයෙන් රටේ කීර්තියට වගේම අපට අලාභයක් සිදු වෙන්න පුලුවන් මේ ප‍්‍රකාශ. ඔහුම ප‍්‍රකාශ කළා ඔහුට විරුද්ධව චෝදනා තියෙනවා නම් අත් අඩංගුවට ගන්න කියලා. එ් අනුව ඔහුට අදාලව චෝදන් තිබුණා.එ් නිසා ඔහුව අත් අඩංගුවට ගත්තා.” අමාත්‍ය වරයා සඳහන් කළේය.
ජෙනරාල් වරයා අත්අඩංගුවට ගැනීමේදී ඔහුට හිරි හැරකළා යැයි සිදු කරන ප‍්‍රකාශ ප‍්‍රතික්ෂෙප කරන බව ද අමාත්‍ය වරයා සඳහන් කළෙය.
“එතුමා හිරකූඩුවක නැහැ. ප‍්‍රශ්ණ කිරීමක් විතරයි කරන්නේ. ඔහුගේ බිරිඳත් ඔහුව හමු වුණා.” හෙතෙම පැවසුවේය.
ජෙනරාල්වරයා මැතිවරණය කාල සීමාව තුළදී අත් අඩංගුවට නොගත්තේ ඔහු ජනාධිපත් අපේක්ෂකයකු නිසා බව හෙතෙම පැවසූ අතර පසුව අමාත්‍යවරයා මාධ්‍ය වේදීන්ගේ ප‍්‍රශ්ණ හමුවේ ප‍්‍රකාශ කර සිටියේ හිරේ සිටියදී පවා ඡන්දය ඉල්ලීමේ හැකියාව පවතින බවයි.
මෙවර මහ මැතිවරනයෙදී තුනෙන් දෙකේ බලයක් ආණ්ඩුවට ලැබෙන බවට බලාපොරොත්තු වන බව සිදු කළ ගණනය කිරීම් වලින් හෙළිවී ඇති බව ද අමාත්‍යවරයා ප‍්‍රකාශ කළෙය.
“එක්සත් ජාතික පක්ෂය සඳහා ප‍්‍රකාශ වුණ ඡුන්ද වලින් 10% ක් මේපාර ඡුන්දය ප‍්‍රකාශ කරන්නේ නැහැ. එ් වගේම දැන් හංසයා අලියා බෙදිලා තියෙන්නේ. ස් නිසාත් ඡන්ද අඩුවෙයි කියලා අපි හිතනවා. මේනිසාම අපට තුනෙන් දෙකේ බලයක් ගැනීමේ හැකියාව තියෙනවා.”
මෙම මාධ්‍ය සාකච්ඡවට සහභාගී වූ අමාත්‍යවරයා ප‍්‍රකාශ කර සිටියේ ලියාපදිංච් මාධ්‍යවේදින් එත්සිය පනහෙන් 20-30 පිරිසට සිදුවන සිදුවීම් සඳහා මැදිහත් නොවිය හැකි බවයි.
“ප‍්‍රභූවරයෙක්ම වෙන්න ඕන නැහැ ආරක්ෂාව ඉල්ලන්න. පහර දෙන්න ඕන නම් ආරක්ෂාව තිබුණත් පහර දෙනවා. සමහර මාධ්‍ය එක්නැලිගොඩ පැහැර ගැනීම සම්බන්ධයෙන් රජය පැත්තට අත දිගුකරනවා. අපි දන්නේ නැහැ එමා විසින් ගිහින්ද කියන්න. පොලිසිය කීවා ඉදිරියේදී කියන්නම් කියලා. මේ සිදුවීම් වලට රාජ්‍ය මට්ටමේ වගකිමක් ගන්න බැහැ. ” අමාත්‍ය වරයා සඳහන් කළේය.
මාධ්‍ය නිදහස පිළිබඳව උද්ඝෝෂන පවත්වමින් මේ පිළිබඳව ජාත්‍යන්තර මතයක් ඇති කිරීමට උත්සහ දරමින් සිටින බවයි අමාත්‍ය වරයා සඳහන් කරන්නේ.
මීළඟට පවත්වන අයවැය තුළින් ජී එස් පී ප්ලස් සහනය වෙනුවට විකල්ප ක‍්‍රමයක් ඇති කීරීම සඳහා පියවර ගෙන ඇති බවද අමාත්‍යවරයා සඳහන් කළේය.
“වෙළෙද කලාපයේ ඉන්න අයට රැුකියා නැතිව යන්නේ එ්කට විකල්පයක් නොලැබුණොත්. නමුත් එ සඳහා ගන්න පුලුවන් වෙන විකල්ප මාර්ග හොයනවා.” අමාත්‍ය අබේවර්ධන සඳහන් කළේය.
පාර්ලි මේන්තු විසිරුවා හැරියද අමාත්‍ය ධුරයන්ගේ වෙනසක් සිද් නොවී ඇති බව පැවසූ අමාත්‍ය වරයා සඳහන් කරන්නේ ස්ථාවර පාර්ගිමේන්තුවක් තේරීපත්වුවහොත් 106 වන අමාත්‍ය මණ්ඩලය අඩුවිය හැකි බවයි.
Media Minister Lakshman Yapa Abeywardena says that former Army Commander and Common Presidential Candidate General Sarath Fonseka could be subject to the military law and civil law. He said the General was arrested for being involved in political activities while being uniform. Abeywardena added that General Fonseka’s case should not be used to create unrest among the civil society.



