පාර්ලිමේනතුව වෙනස් විය යුතුයි
ජනාධිපතිවරණයෙන් පසු මහ මැතිවරණයක අවශ්‍යතාව්‍ය පවතින බව සියල්ලන් දන්නා කරුණකි. කෙසේ වුවද පවතින පාර්ලිමේන්තුව අපේ‍්‍රල් 22 දායින් අවසන්වේ. නව පාර්ලිමේන්තු කණ්ඩායම තොරා ගැනීම වෙනුවෙන් සිදු කෙරෙන මහා මැතිවරණය සඳහා පක්ෂ විපක්ෂ සියලු දෙනා සූදානමින් සිටින අතර සාමාන්‍ය ජනතාවද සූදානම් වෙමින් සිටී. ඇතමෙකුට මැතිවරණ හිසරදයක් වෙන අතර තවකෙකුගේ අවශ්‍යතාවය බවට පත්ව ඇත.
‘‘මහ මැතිවරණයක් පිළිබදව දැඩි බලා පොරොත්තු අපේ හිතේ තියෙනවා. ජනතා විමුක්ති පෙරමුණ සහ එක්සති ජාතික පක්ෂය වෙන වෙනම ඡුන්දය ඉල්ලූවොත් නම් එක්සති ජාතික පක්ෂයට ගැටලුවක් වෙන්නේ නැහැ. එත් ජනති විමුක්ති පෙරමුණේ පැවතිම ගන නම් ගැටලුවක් තියෙනවා.’’ තිලක් සමන්ත දිසානායක පැවසුවේය.
ව්‍යවස්තා දායක සභාවක් පිහිටවූවායින් පසු මැතිවරණයට යාම සුදුසු බව ජනතා විමුක්ති පෙරමුණ පැවසුවද මැතිවරණයකින් පසුව එකී දේශපාලන පක්ෂයේ මන්ත‍්‍රීවරු අඩු වීමට ඉඩ පවතින බවයි දිසානායකලේ අදහස වන්නේ.
‘‘මෙතනදි ආණ්ඩුවට ගැටලුවක් නැහැ. මොකද බලය එ් අය අතේ තියෙන නිසා. අනිවාර්යෙන්ම මහ මැතිවරණයක් අවශ්‍යයි. නමුත් පළාත්පාලන මැතිවරණයක් අවශ්‍ය නැහැ. මිනිස්සු එකට කැමති වෙන්නෙත් නැහැ. මොකද මිනිස්සුන්ට ඡන්ද කියනඑක කරදරයක් වෙලා. මෙනවා වුණත් ව්‍යවස්තාදායකයක් පිහිටුවලා මැතිවරණයකට යන්න පුලුවන්නම් එක වඩාත්ම හොඳයි. ’’ හෙතෙම පැවසුවේ.
‘‘ජනාධිපත්වරණය අනවශ්‍ය වෙලාවක තියලා විශාල නාසුතියක් සිද්ධ වුණා. අවශ්‍යතාවය තිබුණ දේ කලා නම් අද ගොඩක් දේවල් අපට ඉතුරුයි. පෙත්සම් ඉදිරිපත් වෙලා තියෙන නිසා මැතිවරණය සාධාරණ නැහැ කියලා හදිස්සියේ ආයෙත් තියන්න වුණොත් තවත් වියදමක් දරන්න ඕන.’’ සදමාලි අමරසේකර පැවසුවාය.
කෙසේ වුත් පවතින මහ මැතිවරණයේදී හො සිටිනා පාලකයින් වෙනුවට නව පාලකයින් පත් කර ගැනීමට එය අවස්ථාව කර ගත යුතු බවයි.
‘‘මේ ඉන්න අය වෙනුවට අලූත් අය තෝර ගන්න ඕන. මොකද මේ ඉන්න අයට බලය කියන දෙය වැඩි නිසා එක මහජනතාවට බලපෑමක් වෙලා තියෙනවා. දැන් ඒ බලපෑම වැඩි වෙලා තියෙනවා ජනාධිපතිවරණයෙන් පස්සේ. මේ මැතිවරණයේදිවත් ජනතාව කල්පනාකාරී විය යුතුයි. හැමදාම එකම අයට බලය දෙන්න ගියහම එ අය නැවත නැවත එ වැරැද්දම කරනවා. එ නිසා මේ පාර්ලිමේන්තුවවත් වෙනස් විය යුතුයි. ’’ ඇය පැවසුවාය.
ජනාධිපත්වරණය ආව එක අසාධාරණයි තමා. නමුත් ජනාධීපතිතුමාට ලැබෙන්න ඕන තැන ලැබුණා. හැම ආණ්ඩුවකින්ම කළෙ පොරොන්දු දුන්න එක. නමුත් මේ ආණ්ඩුවේන යමක් මිනිස්සුන්ට කළා. අසාධෘරණ තියෙනවා තමයි අපි එ්වා නැහැ කියන්නේ නැහැ. නමුත් අපට මිත්‍යාව විශ්වාස කරන්න බැහැ. ප‍්‍රදේශ් චතුරංග ප‍්‍රනාන්දු පැවසුවේය.
මිනිසුන් බලාපොරොත්තු වෙන පෞද්ගතික ප‍්‍රතිලාබය නොලැබුණහොත් වෙනත් මාර්ගයන් වෙත් යොමුවෙන් එක කිසිවකුට වැළැක්විය නොහැකි බවයි ඔහු පවසන්නේ.
මෙනවා වුණත් මේ දේවල් ඉදිරියටත් තියේවිද කියන්න බැහැ. නමුත් පාර්ලිිමේන්තුව වෙනස් විය යුතුයි. මේ ඉන්න අය වෙනුවට එ එ ක්ෂෙත‍්‍රවලට විශෙෂ දැනුමක් තියෙන අය අවශ්‍යයි. ප‍්‍රනාන්දු පැවසුවේය.
‘‘ මේ තියෙන පාර්ලිමේන්තුවෙ මැති ඇමති පිරිස වෙනස් වුණොත් අපි ඡුන්දය දුන් එකෙන් වැඩක් නැහැ. එක හරියට චන්ද්‍රකා ජනාධිපති වෙලා ඉන්න කාළේ රනිල් අගමැති වුණා වගේ වැඩක්. මේ ඉන් අයම හිටියොත් හොඳයි.නැත්නම් පාර්ලි මේන්තුව කැඩෙනවා.’’ ප‍්‍රදීප් ගැමුණු ලක්සිරි වැවසුවේය.
සෑම මැතිවරණයක් අවසානයේම ඡන්දය සාධාරණ නොවන බව පැවසීම සාමාන්‍ය දෙයක් බවට පත්ව ඇති බවත් ස්ථීර ආණ්ඩුවක් පැවතිය යුතුබවත් හෙතෙම පැවසුවේය.
අපි එපා කියලා කීවත් විපක්ෂය මැතිවරණයක් ඉල්ලනවා. ජනාධිපතිට අවශ්‍ය පිරිස තෝරා ගැනීම සඳහා බලයත් තියෙනවා. මැතිවරණ සඳහා වියදම් කරන සල්ලි අපරාධයක් කියලා කීවත් එ් සල්ලි බෙදෙන්නෙත් ලංකාවේ ඉන්න මිනිස්සු අතේමයි. පිටරටකට යන්නේ නැහැ. මිනිස්සු ජන්දය දුන්නේ යුද්ධය ගැන හිතලා. අපිට රත්තරන් නිධි නැහැ. තෙල් නිධි නැහැ. අපි මහන්සි වුණෙෘත් අපට කන්න ලැබෙයි. හෙතෙම පැවසුවේය.
Elections in Sri Lanka have become a headache to some people while being an important event to others. A cross section of society who expressed their opinions about elections noted the need by the authorities to pay special attention to prioritizing polls, especially given the large sum of monies spent to hold each election.





