ජනමාධ්‍යවේදීන්ට යම් ගැටලුවක් නම් ජනාධිපති තුමාට දැනුම් දෙන්න

ජනමාධ්‍ය අමාත්‍යාංශය ජනාධිපතිවරයා වෙත පවරා ගැනීමෙන් අනතුරුව පවත්වන ලද පළමු ප‍්‍රවෘත්ති සාකච්ඡාව අද ලක්ෂ්මන් යාපා අබේවර්ධන මහතාගේ ප‍්‍රධානත්වයෙන් ජනමාධ්‍ය හා තොරතුරු අමාත්‍යාංශයේ පැවැත්විණ.
ජනාධිපතිවරයා මධ්‍ය සම්බන්ධයෙන් විශේස වැඩ පිළිවෙළක් අනුගමනය කරන බවයි මෙහිදී ජනමාධ්‍ය අමාත්‍ය අෙබිවර්ධන මහතාපවසා සිටියේ.
”මීට පසු ජනමාධ්‍ය වේදියකුගෙන් ප‍්‍රශ්ණ කිරීමට පොලීසියට ආරක්ෂක අංශ වලට අවශ්‍ය නම් කුමන කරුණක් සම්බන්ධව වුණත් ජනාධිපති තුමාට පූර්ව දැනුම්දීමක් කරන්න ඕන. පහුගිය කාලේ සිද්ධවෙච්ච සිදුවීම් එක්ක විවිධ මති රටේ ඇත් කරන්න දේශපාලන පක්ෂ උත්සහ කළා. දේශිය මෙන්ම විදේශීය වශයෙන් විවිධ මත ඇත් කරන්න වගේම රජයට චෝදනා කරන්න උත්සහ කරනවා නම් මේ මඟින් එ් හැම දෙයක්ම අනාවරණය කර ගැනීමේ හැකියාවක් තියෙනවා.” අමාත්‍ය අෙබිවර්ධන පැවසුවේය.
ලිවීමේ සහ කිවිමේ නිදහස තිබිය යුතු බව ජනාධිපතිවරයා පැවසූ බවයි අමාත්‍යවරයා මෙහිදී ප‍්‍රකාශ කර සිටියේ.
“අනිත් කිසිම කෙනෙකුට නැති නිදහසක් මාධ්‍ය වේදීන්ට දීලා තියෙනවා. මේ නිදහස සදාචාර සම්පන්නව භාවිතා කරන්න. මේ රටේ පවතින නීතිය හැමෝටම එක විදියටයි ක‍්‍රියාත්මක වෙන්නේ. මාධ්‍ය ආයතන වල පෞද්ගලික මත ඉදිරියට ගෙන යන්නවත් ද්වේශසහගත ලෙස මාධ්‍ය ආයතන වල යම් යම් වුවමනා වලට භාවිත කරන්නවත් එපා මේ නිදහස.” හෙතෙම පැවසුවේය.
මැතිවරණ ප‍්‍රථිපල ගැන තවත් කියන කතා
මැතිවරණය අවසන් වූවායින් පසු විපක්ෂනායක වරයා සාධාරණ මැතිවරණයක් සිදුවූ බවට ප‍්‍රකාශ කර සිටියද එය එසේ නොවන බව මැතවරණ ප‍්‍රතිඵල නිකුත් වූවායින පසු ප‍්‍රකාශ කර සිටියේය. මෙම ගැටලුව සම්බන්ධයෙන් ෙමි වන විට අධිකරණයේ නඩුවක් ගොනු වී ඇත. මේ පිළිබද දිගින් දිගට කතා කළද අද වන තුරුත් මෙකී කතාවේ අවසානයක් නොමැත.
“සෝමවංශ අමරසිංහ කීවා මෙක පරිඝනක ජිල්මාර්ට් එකක් කියලා. අධිකරණයේ තියෙන චොදනා වලට මේ කතාව දැන් අයිති නැහැ. පරිගණකයෙන් මැතිවරණ ප‍්‍රකාශය වෙනස් කළ බව ඔහු කීවා.එ්ත් මේ ප‍්‍රකාශ්‍ය දැන් ඉවත් වෙලා රාජ්‍ය දේපළ ගැන මාධ්‍ය භාවිතය ගැන අධිකරණයේ තියෙන්නේ. ” අමාත්‍යවරයා සඳහන් කළේය.
අමාත්‍යවරයා සඳහන් කරන ආකාරයට එක්සත් ජාතික පක්ෂය හා ජනතා විමුක්තා පෙරමුණ ඉදිරි මමහ මැතිවරණය සඳහා මාතෘකාවක් සොයමින් සිටී.
“මේ රටේ මැතිවරණ ඉතිහාසයේ කවදද යුරෝපා කොම්සම සහතිකයක් දුන්නේ. එ් සහතිකය මේ වතාවේ අපට ගැබුණා. මේක පළමු අවස්ථාව මේ වගේ සහතිකයක් ලැබුණෙ. මේ වතාවේ කවුද කීවේ මේ වතාවේ මැතිවරණය දූෂිතයි කියලා. මේ අය ජනතාව අතරට මතයක් අරන් ගියා මැතිවරණය දූෂිතයි කියලා.” නමුත් නඩුවේදී මේ කිසිදු කාරණයක් නැහැ.
“එඅයට මහ මැතිවරණයේදී දරුණු පරාජයක් බලාපොරොත්තු වෙන්න වෙනවා.පක්ෂ විපක්ෂ බේදයකින් තොරව අපට ආසන 150 ලබා ගන්න සහයෝගය දෙන්න කියලා මේ අවස්ථාවේ ඉල්ලා සිටිනවා.” අමාත්‍යවරයා ප‍්‍රකාශ කළේය.
සරත් ෆොන්සේකාගේ කතාව
සංඝයා වහන්සේලා උද්ඝෝෂණ අත් හැර දමා ඇත්තේ සිදු වී ඇති කරුණු සම්බන්ධව මනා අවබෝධයක් ලැබී ඇති නිසා බවයි අමාත්‍යවරයා ප‍්‍රකාශ කර සිටින්නේ. එමෙන්ම හමුදා නිළධාරියකු අත්අඩංගුවට ගත් පසු රඳවා තැබිය යුතු ආකාරයකට ඔහු රඳවා නොමැති බව ද අමාත්‍ය වරයා මෙහිදී සඳහන් කළේය.
“මහනායක හාමුදුරුවන්ගේ අත්සන හොරට ගහලා කැඳවීම් කරන්න උත්සහ කළා. මෙතනදි දේශපාගන වැඩ පිළිවෙළක් තියෙන බව ඔප්පු වුණා. අද ඔහුව රඳවා සිටින්නේ අද නාවික හමුදාපති එදා හිටිය නිළනිවසේ. අඩි දෙකයි දෙකේ කාමරයක නෙවෙයි. ඔහුට හිමි තැන නෙවෙයි ඔහු ඉන්නේ. ඔහුට අවශ්‍ය කරන ගෞරවය දීලා තියෙනවා.” අමාත්‍ය වරයා වැඩිදුරටත් සඳහන් කළේය.
රනිල් වික‍්‍රමසිංහ සහ සෝමවංශ අමරසිංහ අතරද මේ වන විට ගැටුම් ඇති වී ඇතිවී ඇති බවයි අමාත්‍යවරයාගේ ප‍්‍රකාශ වලින් පැහැදිලි වන්නේ.
“රනිල් වික‍්‍රමසිංහ ගිහින් ජනාධිපතිවරයා මුණ ගැහුණ වෙලාවේ සෝමවංශ මහත්තයා කියලා තියෙනවා ඇයි එහෙම ගියේ එතනත් රහසක් තියෙනවා කියලා. ජේ වී පී එකට ඕන වෙලා තියෙන්නේ ෆොන්සේකා ඇතුළෙ ඉන්න තරමට උද්ඝෝෂණ කරන්න. අපට එහෙම කරන්න වුවමනාවක් නැහැ.” අමාත්‍ය වරයා සදහන් කළේය.
අද ලබා දුන් පත‍්‍රිකාව
මෙම මාධ්‍ය සාකච්ඡාවට සහභාගී වූ මාධ්‍ය වේදීන් හට ලබාදුන් පත‍්‍රිකාවේ සඳහන් වන්නේ හමුදාපතිවරයා ඉල්ලා අස්වීම දුන් අවස්ථාවේ එය භාර නොගෙන සිටීමේ හැකියාව තිබුණද එය භාරගෙන සිටියේ ඔහු තම ප‍්‍රතිවාදියා ලෙස ජනාධිපතිවරණයට ඉදිරිපත්වීමට ඉඩ සැලසීමට බවයි.
එ් වන විටද ෆොන්සේකා මහතාට එරෙහිව හමුදා විනය කඩකිරීමේ චෝදනා අනාවරණය වීතිබුණි. එහෙත් ඔහු අත් අඩංගුවට ගත්තේ නැත.එම පත‍්‍රිකාවේ සඳහන්ව ඇත.
රටේ සාමාන්‍ය ජනතාවට ක‍්‍රියාත්මක වන නීතියට ක‍්‍රියාත්මක වන්නේ නම් එකී චෝදනා ලැබුණ අවස්ථාවේ අත් අඩංගුවට නොගත්තේ මන්දැයි ගැටලුවක් පවතී. පසුගිය දිනක මාධ්‍ය සාකච්ඡාවක දී ලක්ෂ්මන් යාපා අමාත්‍යවරයා පවසා සිටියේ හිරේ සිටියත් ඡුන්දය ඉල්ලන්ට හැකියාව පවතින බවය.
මෙම පත‍්‍රීකාවේ සඳහන් වන කරුණු අනුව ඉල්ලා අස්වීම භාර දුන් අවස්ථාවේ ජනාධිපත් වරයා ක‍්‍රියාකළ ආකාරය පිළිබදව සඳහන්ව ඇත. එ් මෙසේය.
ජනාධිපතිවරණ සටනට ඉදිරිපත් වෙද්දී ෆෙෘන්සේකා මහතාට එරෙහිව දේශීය වශයෙන් මෙන්ම විදේශීය වශයෙන්ද චෝදනා රාශියක් හෙළිදරව් විය.ඔහුගේ ගුප්ත චරිතය හෙළිදරව් විය. හමුදාපතිව සිටි කාලයෙදී ඔහු විසින් කරන ලදැයි කියන හමුදා විනය විරෝධීක‍්‍රියා රාශියක් එළිවිය. එසේම තම ප‍්‍රතිවාදියා ලෙස ජනාධිපතිවරණ සටනට එළඹ සිටින පුද්ගලයෙකු බැවින් ඔහුට ජනාධිපති තුමා මෛත‍්‍රී කළේය. ඉල්ලා අස්වීම භාරදීමට ගිය අවස්ථාවේ ජනාධිපති තුමා ඔහුට කීවේ ජනාධීපතිවරණයට තරඟකොට අවසානයේ නැවත තමා වෙත පැමිණෙන ලෙසත් එවිට ඔහුට හොඳ රැකියාවක් ලබා දීමට ඔහු කටයුතු කරන බවත්ය. ජනාධිපතිවරණ කාලය තුළ ෆොන්සේකාට රජයේ නිල නිවාසයේ පදිංචිවෙම්න් රජයේ ආරක්ෂක නිළධාරීන්ගේ සේවය ලබාගනිමින් මැතිවරණ කටයුතුවලට රාජ්‍ය දේපල භාවිතා කිරීමට ආණ්ඩුව ඔහුට ඉඩ දී තිබුණි.
කතාව කෙසේ වුවද සාමාන්‍ය ජනතාව වශයෙන් සිතන්නට යමක් ඉතිරිවී ඇත. විනය කඩකිරීම් පිළිබද මෙන්ම විවිධ චෝදනා තිබූ පුද්ගලයාට හොඳ ගකියාවක් ලබා දීමට ජනාධිපතිවරයා තීරණය කර තිබුණෙය. පැවසූ පරිදි මැතිවරණය අවසානයේ ෆොන්සේකා ජනාධිපත් හමුවට ගියේ නම් අද පවත්න තත්ත්වය උඩු යටිකුරු වී හමාරය.
Special programme by the President for media – Lakshman Yapa Abeywardena
Media Minister Lakshman Yapa Abeywardena addressing the first press
briefing after the President assumed the Media portfolio said the
President planned to adopt a special programme with regard to the
media. He said the President believes the media should have the right
to read and write. He added that the President had instructed the
security chiefs to inform him of any plan to question journalists in
future. The Minister also spoke to the media about the Presidential
election results and General Sarath Fonseka’s arrest



