ලංකා පුවත්පත් කාර්යාලය නැවත විවෘතවේ
දශකයකට ආසන්න කාලයකට පසුව ලංකාවේ පුවත්පතකට සීල් තැබීම වාර්තාකරමින් ලංකා පුවත්පත් ආයතනයට සීල් තැබූ පසුව ලබාගත් අධිකරණ නියෝගයකින් පසුව නැවත වරක් පෙබරවාරි 2 වැනිදා ලංකා පුවත් පත් කාර්යාලය විවෘත කළ අතර විවෘත කළ පුවත්පත් කාර්යාලයට එම පුවත්පතේ කර්තෘමාණ්ඩලිකයෝ සතුටින් ඇතුළුවිය.
අධිකරණ නියෝග මත රහස් පොලීසිය විසින් ජනවාරි මස අගදී ලංකා පුවත්පතේ කර්තෘමණ්ඩල කාර්යාලය සීල් තබන අතර නැවත වරක් ඒ පිළිබද වන නඩු විභාගය අධිකරණ හමුවේ කැදවූ අවස්ථාවේදී තවදුරටත් එම කාර්යාලය සීල් තබාගෙන සිටිය යුතු නැති බවට නියෝග කළේය. ඒ අනුව පෙබරවාරි පළමුවැනිදා එම කාර්යාලයේ යතුරු නැවත වරක් ලංකා පුවත්පතේ බලධාරීන් වෙත භාරදෙනු ලැබීය. මින් පසුව ලංකා පුවත්පත් කාර්යාලයේ සීල් ඉවත්කර නැවත කාර්යාලය විවෘත කිරීමට නියමිතව තිබුනේය. එහෙත් එදින ලංකා අදාල අධිකරණ නියෝගයේ ලිඛිත පිටපත් ලබාගැනීමට නොහැකිවීම නිසා පෙබරවාරි 2 වැනිදා සවස සීල් ලංකා පුවත්පතේ කළමනාකාර අධ්‍යක්ෂ ලාල් තෙන්නකෝන් විසින් නැවත කාර්යාලය විවෘත කළේය.
නැවත වරක් ලංකා පුවත්පත් කාර්යාලය විවෘත කිරීමට පෙර රහස් පොලීසියේ නිලධාරීන් එම කාර්යාලය අසලට පැමිණියේය. රහස් පොලීසියේ නිලධාරීන් සමග මේ වන විට රහස් පොලීසිය විසින් රදවාගෙන සිටින ලංකා පුවත්පතේ කර්තෘ චන්දන සිරිමල්වත්තද පැමිණ සිටි අතර ඔහු පොලිස් නිලධාරීන් පැමිණ සිටි වාහනට වී සිටියේය. රහස් පොලීසියේ නිලධාරීන් විසින් කාර්යාලය නැවත විවෘත කළ හැකි බව පුවත්පතේ කර්තෘමණ්ඩ සාමාජිකයින් වෙත දැනුම් දුන් අතර ඉන් පසුව කාර්යාලය විවෘත කළේය.
කාර්යාලය විවෘත කිරීමෙන් පසුව කර්තෘමණ්ඩල සාමාජිකයින් ෂතුටින් නැවත තමන් සේවය කළ සුපුරුදු කාර්යාලය වෙත ඇතුළුවුනේය. ‘‘අපිට නැවත මේ මේස පුටු දකින විට මහත් ආඩම්බරයක් දැනෙනවා. ජනතාවගේ තොරතුරු දැනගැනීමේ අයිතිය වෙනුවෙන් කටයුතු කළා කියන පෞඩත්වය නැවත අපේ සිත් වලට ඇතුළුවෙලා තියෙනවා.’’ ලංකා පුවත්පතේ කර්තෘ මණ්ඩල සාමාජිකයෙක් වන ප‍්‍රියන්ත ලියනගේ කීවේය.
‘‘සියලූම යදම් බිදගෙන ලංකා පුවත්පත නැවත වරක් ජනතාව අතරට පැමිණෙනවා.’’ තෙන්නකෝන් සදහන් කළේය.
The sealing of the Lanka newspaper was withdrawn on the 2nd when the court revoked the order. The newspaper office was sealed on January 30th by the CID following a court order. The court on the 1st when the case was taken up for hearing revoked the order to seal the newspaper and requested the keys of the office be handed over to the newspaper officials. However, the office was re-opened on the 2nd. The Lanka staff commenced work after re-opening the office and its Managing Director Lal Tennekoon said regardless of the barriers, the newspaper would continue to be a source of information to the people.
By Sanjaya Nallaperuma




