ජනාධිපතිවරණ ප‍්‍රතිඵල දූෂිත බව පවසමින් කොළඹදී සත්‍යග‍්‍රහයක්
එක්සත් ජාතික පක්ෂය හා ජනතා විමුක්ති පෙරමුණ ඇතුළු විපක්ෂයේ දේශපාලන පක්ෂවල එකමුතුවෙන් ජනාධිපතිවරණ ප‍්‍රතිඵල දූෂිත බව පවසමින් එයට විරෝධය දැක්වීමේ සත්‍යග‍්‍රහයක් කොළඹ හයිඩි පාර්ක් පිටියේදී පෙබරවාරි 3 වැනිදා පැවැත්වීමට නියමිත අතර මෙය පැවැත්වීම සදහා අවසර ලබාගෙන නැතැයි පොලිස් මාධ්‍ය ප‍්‍රකාශක අයි.එම්. කරුණාරත්න පෙබරවාරි 2 වැනිදා උදෑසන පැවසුවේය.
මෙවර ජනාධිපතිවරණයේ ප‍්‍රතිඵල දූෂිත බවත් මෙයට විරෝධය දැක්වීම සදහා විපක්ෂයේ දේශපාලන පක්ෂ නායකයින්ගේ සහභාගීත්වයෙන් මෙම විරෝධතා සත්‍යග‍්‍රහය පවත්වන්නේයැයි එක්සත් ජාතික පක්ෂ මහ ලේකම් තිස්ස අත්තනායක පැවසුවේය.
‘‘මෙවර ජනාධිපතිවරණයේ ප‍්‍රතිඵල දූෂිතයි. ඒ වගේම මැතිවරණයෙන් පසුව නොයෙක් පළාත්වල ජනතාව හිරිහැරකරන බව වාර්තාවී තිබෙනවා. මේවාට විරෝධය දැක්වීම සදහා විපක්ෂයේ දේශපාලන පක්ෂ එකතුවෙන් මෙම විරෝධතා සත්‍යග‍්‍රහය පවත්වනවා.’’ එක්සත් ජාතික පක්ෂ මහ ලේකම්වරයා කීවේය.
රජයෙ ආයතනවල සේවය කරන විපක්ෂයේ ආධාරකරුවන්ට නොයෙක් ආකාරයේ හිරිහැර සිදුවෙන බවද මෙම හිරිහැර නවත්වන ලෙස මෙම සත්‍යග‍්‍රහය තුලින් ඉල්ලා සිටින බවද හෙතෙම සදහන් කළේය.
මෙම සත්‍යග‍්‍රහයට එක්වන ලෙස ජනතාවට ආරාධනා කරමින් විපක්ෂය විසින් නොයෙක් ස්ථාන වල ප‍්‍රචාරක පෝස්ටර් අලවා තිබෙන අතර මේ සදහා සහභාගීවන ලෙස ඔවුන් ජනතාවගෙන් ඉල්ලා සිටියේය. විපක්ෂය විසින් මෙම ආරාධනාව කරන අවස්ථාව වන විට මේ පිළිබදව පොලීසියට කිසිදු ආකාරයක දැනුම්දීමක් කර නැතැයි පොලිස් මාධ්‍ය ප‍්‍රකාශකයා කීවේය.
‘‘මේ සදහා කිසිවෙක් අවසර ලබාගෙන නැහැ. ඒ නිසා මෙය නීති විරෝධීයි. නීති විරෝධී දේවල් සිදුකළ නොහැකියි.’’ පොලිස් මාධ්‍ය ප‍්‍රකාශකයා පැවසුවේය.
හයිඞ් පාර්ක් පිටියේදී තමන් පවත්වන්නේ සත්‍යග‍්‍රහයක් වන බවත් මේ සදහා පොලීසියෙන් අවසර ලබාගත යුතුදැයි තමන් නොදන්නා බව එක්සත් ජාතික පක්ෂ මහ ලේකම්වරයා කීවේය.
‘‘සාමය කඩවන ආකාරයේ දේවල් කරන්න බැහැ. එවැනි ආකාරයේ යමක් සිදුවනවානම් ඒ අවස්ථාවේදී ඒ පිළිබදව බැලීමට සිදුවෙනවා.’’ පොලිස් මාධ්‍ය ප‍්‍රකාශක කරුණාරත්න කීය.
නොයෙක් ආකාරයේ භාධක තමන්ට පැමිණියත් මෙම සත්‍යග‍්‍රහය පවත්වන්නේයැයි අත්තනායක සදහන් කළේය.
‘‘සියලූම බාධක මැඩගෙන අපි මේ සත්‍යග‍්‍රහය පවත්වනවා.’’ අත්තනායක කීවේය.
The joint opposition is to hold a protest against the Presidential election results on the 3rd at 3 p.m. at Hyde Park in Colombo. UNP General Secretary Tissa Attanayake said the protest would be held against the Presidential election results and the harassment of opposition members and supporters in all parts of the country. However, Police Spokesperson SSP I.M. Karunaratne said on the 2nd morning that the opposition had not received the necessary permission to hold a protest rally. Attanayake said there was no need to request for permission to hold a sathyagraha.
By Sanjaya Nallaperuma




