අලූත්කඩේ උසාවිය අසල යුද පිටියක් වෙයි
යුද හමුදා පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන සිටින හිටපු යුද හමුදාපති සරත් ෆොන්සේකා නිදහස් කරන ලෙස බලකරමින් විපක්ෂයේ දේශපාලන පක්ෂ විසින් කොළඹදී පැවැතැත්වීමට සංවිධානය කර තිබූ විරෝධතා සත්‍යග‍්‍රහට පැමිණි පිරිස් හා එම සත්‍යග‍්‍රහය පැවැත්වීමට නියමිත ස්ථානයට පැමිණ සිටි ගල් මුල් රැගත් පිරිසක් අතර ඇතිවූ ගැටුම්වලින් එම ස්ථානයේ කලහකාරී තත්වයක් ඇතිවිය.
කොළඹ මරදාන අලූත්කඩේ උසාවි සංකීර්ණය අසල පිහිටි රණසිංහ පේ‍්‍රමදාස මහතාගේ පිළිරුව අසලදී මෙම සත්‍යග‍්‍රහය පැවැත්වීමට නියමිතව තිබූ අතර ඒ සදහා සහභාගීවීමට විශාල පිරිසක් ටෙක්නිකල් මං සන්ධියේ සිට අලූත්කඩේ උසාවි සංකීර්ණය දෙසට පැමිණෙමින් සිටියේය. මේ අවස්ථාවේදී අලූත්කඩේ උසාවි සංකීර්ණය අසල සිටි මැර පිරිසක් විසින් සත්‍යග‍්‍රහයට සහභාගීවීමට පැමිණි පිරිස් වෙත ගල් මුල් වලින් පහර දුන්නේය. මේ අවස්ථාව වන විට පොලිස් කැරලි මර්දන ඒකකයේ නිලධාරීන්ද එම ස්ථානයට පැමිණ සිටි අතර සත්‍යග‍්‍රහයට පැමිණෙන පිරිස් වැලැක්වීමට පොලීසිය කටයුතු කරමින් සිටියේය.
පොලීසිය විසින් බාධක යොදා සත්‍යග‍්‍රහයට පැමිණෙන පිරිස් නැවැත්වීමත් සමග පෙළපාලියෙන් පැමිණි පිරිස් අතර කලහකාරී තත්වයක් ඇතිවිය. තමන්ට ෂත්‍යග‍්‍රහයට යාමට අවස්ථාව ලබාදෙන්නැයි ඔවුන් ඉල්ලා සිටියේය. එම අවස්ථාවේදී ඔවුන් කලහකාරී අන්දමින් හැසිරෙමින් නොයෙක් විරෝධතා සටන් පාඨ කියන්නට විය.
‘‘අපේ සරත් – අපිට දියව්, දියව් – දියව්, අපෙ ජනරල් – අපිට දියව්’’ ආදී සටන් පාඨ කියම්න් මොවුන් මෙම විරෝධතාවයට සහභාගී වූයේය. මෙම සටන් පාඨ කියමින් ඉදිරියට පැමිණීමට පොලීසිය අවසර ලබා නොදුන් විට යොදා තිබූ බාධක බිදගෙන ඔවුන් ඉදිරියට පැමිණියේය.
ඔවුන් වේගයෙන් ඉදිරියට පැමිණෙන විට පේ‍්‍රමදාස පිළිරුව අසල සිටි මැර පිිරිස් ගල් මුල්වලින් පහරදෙන්නට විය. මේ සමග සත්‍යග‍්‍රහට පැමිණෙමින් සිටි පිරිස්ද ගල් මුල් ගෙන ඔවුන්ට පහර දෙන්නට විය. මේ සමග ඒ ස්ථානයේ කලහ කාරී තත්වය වර්ධනය වන්නට විය. මේ තත්වය පාලනය කිරීම සදහා පොලීසිය කදුළු ගෑස් ප‍්‍රහාරයක් එල්ලකළේය. ඒ සමගම පොලිස් කැරළි මර්දන ඒකකය විසින් ජල විදිනයෙන් ජල ප‍්‍රහාරයක්ද කැරළි කරුවන් වෙත එල්ල කළේය.
ගල් මුල් ප‍්‍රහාරයට මැදිවූ මාධ්‍යවේදීන් කිහිපදෙනෙක් සුළු තුවාල ලබා තිබූ අතර එක් මාධ්‍යවේදියෙක් පහරකෑමට ලක්ව තිබුනේය. දෙපාර්ශවය අතර ඇතිවූ ගැටුමින් අසල තිබූ ගොඩනැගිලි කීපයක වීදුරුවලට හානිවූ අතර වාහන කීපයකටද හානි විය.
ෆාන්සේකා නිදහස් කරන ලෙස ඉල්ලා සිටිමින් විරෝධතාවය සදහා පැමිණ සිටින අය පැමිණ සිටින්නේ තුවක්කු යකඩ පොලූ වලට නොබියව යැයි එක්සත් ජාතික පක්ෂ මහ ලේකම් තිස්ස අත්තනායක සදහන් කළේය.‘‘මේ වගේ දේවල් හැමදාම කරන්න බැහැ.’’
පොලීසිය විසින් එල්ලකළ කදුළු ගෑස් ප‍්‍රහාරයෙන් පසුව මැර පිරිස පසුබා ගිය අතර සත්‍යග‍්‍රහට පැමිණි පිරිස්ද හිස් ලූ ලූ අත දිවගියේය. මින් පසුව උසාවි සංකිර්ණය අසලට එක්ව සිටින විරෝධතා කරුවන් පෙළපාලියක් ආකාරයට ටෙක්නිකල් මං සන්ධිය අසලට ගොස් විසිරීසිටි විරෝධතාකරුවන් එක්කරගනිමින් නැවත වරක් අලූත්කඬේ උසාවි සංකීර්ණය අසලට පැමිණියේය.
මේ අවස්ථාව වන විට විපක්ෂයේ දේශපාලන පක්ෂ නායකයින් රැුසක්ම හා ෆොන්සේකාගේ බිරිද එම අවස්ථාවට පැමිණ සිටියේය. අලූත් කඬේ උසාවි සංකීර්ණය අසලට පැමිණ සිටි පිරිස් ෆොන්සේකා නිදහස් කරන ලෙස ඉල්ලා සිටිමින් දිගින් දිගටම විරෝධතාවයේ නිරත වුනේය.
‘‘සරත් ෆොන්සේකා කියන්නේ නිකම්ම නිකන් හමුදා නිලධාරියෙක් නොවෙයි. අවුරුදු තිහක් තිස්සේ ලංකාවේ පැවති යුද්ධය අවසන් කළ හමුදාපතිවරයායි. එවැනි අයෙක්ට සලකන්නේ මෙසේද?’’ ෆොන්සේකා අත්අඩංගුවට ගැනීම පිළිබදව වන විරෝධය දැක්වූ ජනතා විමුක්ති පෙරමුණු නායක සෝමවංශ අමරසිංහ කීවේය.
ෆොන්සේකා නිදහස් කරන ලෙස බලකරමින් කොළඹ පැවැති විරෝධතාවයට සමගාමීව ලංකාවේ සෑම තැනකටම ෂත්‍යග‍්‍රහ පැවැත්වූ බව මේ අවස්ථාවට සහභාගී වී සිටි ශී‍්‍ර ලංකා නිදහස් පක්ෂයේ මහජන පාර්ශවයේ නායක පාර්ලිමේන්තු මන්ත‍්‍රී මංගල සමරවීර කීවේය.
මෙම විරෝධතාවය පැවැත්වීම විරුද්ධව රජයේ පාර්ශවය විසින් ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ පෙත්සක් ගොනුකර තිබූ බවත් මෙම පෙත්සම ෂලකා නොබල එය ප‍්‍රතික්ෂේප කළ බවත් එක්සත් ජාතික පක්ෂ මහ ලේකම් තිස්ස අත්තනායක කීවේය.
‘‘යුද හමුදා පොලීසිය විසින් ෆොන්සේකා අත්අඩංගුවට ගෙන තිබෙන්නේ ඇයි? මේ අධිකරණය පිළිබදව ආණ්ඩුවට විශ්වාසයක් නැති නිසා තමයි ඒ ආකාරටය ඔහු අත්අඩංගුවට ගෙන තිබෙන්නේ. අධිකරණය ස්වාධිනව කටයුතු කරතැයි යන බිය නිසා ආණ්ඩුව මේ අකාරයට කටයුතු කරනවා.’’ අත්තනායක කීවේය.
ෆොන්සේකා අත්අඩංගුට ගත් ආකාරයට ඉතාම අසාධාරණයැයි මෙම අවස්ථාවට සහභාගී වී සිට සාමාන්‍ය ජනතාව ප‍්‍රකාශ කරයි. ‘‘මේ සිදුවීම හමුදා බලය අතට ගැනීමක්. මෙය ඉතාම අසාධාරණ සිදුවීමක්. අපි මෙය හෙළා දකිනවා.’’ විරෝධතාවය සදහා සහභාගී වී සිටි විනී සිගේරා පැවසුවාය.
‘‘අපි ආවේ ෆොන්සේකා ගෙදර අරන් යන්න. ඔහු බේරාගන්න. ඔහු අරගෙන යන තුරු මේ සටන නවතන්නේ නැහැ.’’ නව වාමාංශික පෙරමුණේ නායක වික‍්‍රමබාහු කරුණාරත්න සදහන් කළේය.
ෆොන්සේකා නිදහස් කරන ලෙස ඉල්ලා සිටිමින් පවත්වන විරෝධතා සදහා සියලූම ජාතීන් එක්කරගන්නේ යැයි ශ‍්‍රී ලංකා මුස්ලිම් කොංග‍්‍රස් නායක පාර්ලිමේන්තු මන්ත‍්‍රී රවුෆ් හකීම් කීවේය.
‘‘මේ ආරම්භය පමණයි. සරත් ෆොන්සේකා නිදහස් කරන තුරු මේ විරෝධතාවය අපි අරගෙන යනවා. ලක්ෂ ගණනක් ජනතාව අරගෙන ඇවිත් කොළඹ වට කරලා ඔහු නිසහස් කරගන්නවා.’’ සමරවීර කීවේය.
Pandemonium erupted at the site of the sathyagraha organized by pro-General Sarath Fonseka supporters when several persons against the sathyagraha armed with clubs and stones attacked them. The sathyagraha was to be held opposite the Premadasa statue near the Aluthkade court complex. The police had to fire tear gas and use the water cannon to quell the situation. Svereal Fonseka supporters and media personnel received minor injuries during the attack. Opposition political leaders who addressed the gathering afterwards called for General Fonseka’s immediate release and pledged to fight to restore democracy in the country.
By Sanjaya Nallaperuma



