ඔහු සිටින තැන අපි තවම දන්නේ නෑ – ෆොන්සේකාගේ බිරිද
විපක්ෂයේ පොදු අපේක්ෂකයා වශයෙන් ජනාධිපතිවරණයට තරග කළ හිටපු යුද හමුදාපති සරත් ෆොන්සේකා හමුදා පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන ඇති බව රජය විසින් ප‍්‍රකාශ කරන අතර මේ වන තෙක් ඔහු සිටින ස්ථානය පිළිබදව තමා කිසිවක් නොදන්නේයැයි ඔහුගේ බිරිද වන අනෝමා ෆොන්සේකා පැවසුවාය.
‘‘ඔහු (සරත් ෆොන්සේකා) සිටින තැන මම දන්නේ නැහැ. මේ වන තුරු කිසිවෙක් ඔහු සිටින්නේ කොහිදැයි දැනුම්දී නැහැ.’’ පෙබරවාරි 9 වැනිදා ෆොන්සේකා කුලීයට ගෙන තිබෙන නිවසේදී පැවති ප‍්‍රවෘත්ති සාකච්ඡාවකදී හිටපු යුද හමුදාපතිවරයාගේ බිරිද පැවසුවාය.
යුද හමුදාපතිවරයාව සිටියදී ෆොන්සේකා ඉලක්ක කරගෙන එල්ලවූ මරාගෙන මැරෙන බෝම්බ ප‍්‍රහාරයෙන් පසුව දිනපතාම රාත‍්‍රියේදී ඔහු බෙහෙත් ලබාගන්නා බවද ඔහු අත්අඩංගුවට පත් දිනයේදී මෙම බෙහෙත් ලබාදිමට නොහැකි වූ බවද ඇය කීවාය. ‘‘එයා ඉන්න තැන දැනගන්න ලැබෙනවානම් මට බෙහෙත් ටික හරි ගිහින් දෙන්න පුළුවන්.’’
හිටුප යුද හමුදාපති හා මාණ්ඩලික ප‍්‍රධානී ෆොන්සේකා පෙබරවාරි 8 වැනිදා රාත‍්‍රියේදී යුද හමුදා පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන ඇතැයි ජාතික ආරක්ෂාව පිළිබද මාධ්‍ය මධ්‍යස්ථාය පවසයි. පවතින රජයට විරුද්ධව කුමන්ත‍්‍රණ කිරීම හා හමුදා නීතිය කඩ කිරීම යන චෝදනා මත ඔහු අත්අඩංගුවට ගෙන ඇතැයි ජාතික ආරක්ෂාව පිළිබද මාධ්‍ය මධ්‍යස්ථානයේ අධ්‍යක්ෂ ජනරාල් ලක්ෂ්මන් හුළුගල්ලේ පවසයි.
එහෙත් හිටපු හමුදාපතිවරයා අත්තඩංගුවට ගෙන නොමැති බවත් ඔහු පැහැරගෙන ගොස් ඇති බවත් ඔහුගේ බිරිද පැවසුවාය. කිසියම් පුද්ගලයෙක් අත්අඩංගුවට ගන්නේනම් ඒ සදහා වන ක‍්‍රමවේදයක් පවතින බවත් එහෙත් හදිසියේම හමුදාවේ එකසිය පහනහකට ආසන්න පිරිසක් පැමිණ ඔහු පැහැරගෙන ගොස් තිබුනේයැයි ඇය කීවාය.
‘‘සෝමවංශ අමරසිංහ, මනෝ ගනේෂන්, මංගල සමරවීර, රවුෆ් හකීම් ඇතුළු දේශපාලන පක්ෂ නායකයින් සමග සාකච්ඡාවක් පවත්වමින් සිටියදී හමුදාවේ මේජර් ජනරාල්වරයෙක් ඇතුළු හමුදා නිලධාරීන් පැමිණ මගේ සැමියා පැහැරගෙන ගොස් තිබෙනවා.’’ ඇය කීවාය.
හමුදා නීතිය අනුව කිසියම් නිලධාරියෙක් අත්අඩංගුවට ගන්නවානම් ඔහුට වඩා ඉහළ නිලයක සිටින අයෙක් විසින් එම අත්අඩංගුවට ගැනීම සිදුකළ යුතු බවද එහෙත් මෙහිදී හිටපු හමුදාපතිවරයා ඔසවාගෙන ගොස් තිබෙන බවද ඇය කීවාය.
යුද හමුදා පොලීසිය විසින් ඔහු රැගෙන ගිය අවස්ථාවේදී සාමාන්‍ය පුරවැසියෙක් ලෙස තමා පොලීසියට භාරවීමට කැමති බව කීවිට පොලීසිය පහළ සිටි බව කියා ෆොන්සේකා රැගෙන ගොස් ඇතැයි ඇය කීවාය.
ෆොන්සේකාට රජයක් පෙරලීමට ඔහුට කිසිදු අවශ්‍යතාවයක් නොතිබුනේයැයි ජෙනරාල්වරයාගේ බිරිද කීවාය.
‘‘මම හොදින්ම ඔහු (ෆොන්සේකා) දන්නවා. ඔහු නීතියට ගරු කළ අයෙක්. ඔහු නිල ඇදුම ඇදගෙන සිටියදී දේශපාලනය ගැන කතාකළේ නැහැ.දේශපාලනය ගැන තකාකළේ නිය ඇදුම ගලවා විශ‍්‍රාම යාමෙන් පසුවයි.’’
අද දිනයේදී තමාට අත්වූ ඉරණම හෙට මේ රටේ ඕනෑම අයෙක්ට අතිවිදීමට සිදුවිය හැකි බැවින් මේ තත්වයට විරුද්ධව තමන් සමග එක්වන්නැයි ෆොන්සේකාගේ බිරිද මෙරට සිටින කාන්තාවන්ගෙන් ඉල්ලා සිටියාය. ‘‘අද මට සිදුවූ දේ හෙට ඔබේ සැමියාට පියාට අත්විය හැකියි. ඒ නිසා අපි එක්විය යුතුයි.’’ ඇය කීවාය.
‘‘දේශපාලනය මෙතැනට ගාවාගන්නේ නැතිව හිතුවොත් ඔහු මේ රට ත‍්‍රස්තවාදීන්ගෙන් බේරා ගැනීමට විශාල මෙහෙක් කළ බව මුළු රටම දන්නවා. එතරම් දෙයක් කරලා මේ විදියට සලකනවානම් ලංකාවේ මොන වගේ නීතියක් තියෙනවාද කියලා මට හිතාගන්න බැහැ. අවුරුදු තිහක් පුරා දිවගිය අමානුශික යුද්ධය අවසන් කිරීමට ලැබුණ ත්‍යාගයද මේ?’’ හිටුපු යුද හමුදාපතිවරයාගේ බිරිද ප‍්‍රශ්ණ කරන්නීය.
Common Presidential Candidate General Sarath Fonseka’s wife, Anoma Fonseka, addressing a media conference at their rented residence in Colombo said that she was not aware of the whereabouts of the General after hew was arrested by the Military Police. She said the General had to take certain medicines daily due to the injuries received following a suicide attack on him. Anoma added that her husband was not arrested but abducted. She called on every citizen in the country to join against this act as any one could be vulnerable to this treatment.
By Sanjaya Nallaperuma




