කටවුට් පෝස්ටර් ගැන කතාකරන්න පක්ෂ මහලේකම්වරු මැතිවරණ කොමසාරිස් හමුවේ
දැනට ප‍්‍රදර්ශණය කරමින් තිබෙන නීති විරෝධී මැතිවරණ පොස්්ටර් හා කටවුට් පොදුවේ එකගවන දිනයකදී ඉවත් කිරීමට සියලූ පක්ෂ එකගවූ බව එක්සත් ජනතා නිදහස් සන්ධානයේ මහ ලේකම් සුසිල් පේ‍්‍රමජයන්ත කීවේය.
මැතිරවණ කොමසාරිස්වරයා හා දේශපාලන පක්ෂ මහ ලේකම්වරුන් අතර මැතිවරණ කොමසාරිස් කාර්යාලයේදී පැවති සාකච්ඡුාවකදී මෙම තීරණයට පැමිණි බවද එක්සත් ජනතා නිදහස් සන්ධානයේ මහ ලේකම්වරයා පැවසුවේය.
‘‘මැතිවරණයට ඉදිරිපත්වන අපේක්ෂකයින්ට අයත් මනාප අංකය ලැබෙන්නේ නාම යෝජනා භාර දීමෙන් පසුවයි. මේ නිසා මුදල් නොමැති අපේක්ෂකයින්ට සිය අංකය ප‍්‍රදර්ශණය කිරිමට අවස්ථාව ලැබෙන්නේ පෝස්ටර් ඇලවීම මගින්. මේ නිසා කිසියම් කාලයකට පෝස්ටර් ප‍්‍රදර්ශණය කිරීමට අවස්ථාව ලබාදිය යුතුයැයි ඉල්ලීමක් ඉදිරිපත් කෙරුණා. ඒ අනුව කිසියම් කාලයකින් පසුව පෝස්ටර් කටවුට් ඉවත් කිරීමට කටයුතු කරන බව මැතිවරණ කොමසාරිස්වරයා ප‍්‍රකාශ කළා.’’ එක්සත් ජනතා නිදහස් සන්ධානයේ මහ ලේකම්වරයා කීවේය.
මේ අනුව නීති විරෝධි පෝස්ටර් කටවුට් නියමිත කාල සීමාවෙන් පසුව ඉවත් කරන ලෙස මැතිවරණ කොමසාරිස්වරයා පොලිස්පතිවරයාට දැනුම් දුන් බවද එක්සත් ජනතා නිදහස් සන්ධානයේ මහ ලේකම්වරයා කීවේය.
‘‘නීති විරෝධි පෝස්ටර් කටවුට් ඉවත් කරන්නැයි මැතිවරණ කොමසාරිස්වරයා විසින් පොලිස්පතිවරයාට දැනුම් දුන්නත් පොලීසිය මේ නියෝග ක‍්‍රියාත්මක නොකරනවානම් මැතිවරණ කෙමසාරිස්වරයාට කිසිදු දෙයක් කළ නොහැකි බවද මැතිවරණ කොමසාරිස්වරයා කීවා.’’ ජනතා විමුක්ති පෙරමුණේ පාර්ලිමේන්තු කණ්ඩායම් නායක අනුර කුමාර දිසානායක කීවේය.
මහ මැතිවරණය සදහා නාම යෝජනා භාරදීමෙන් පසුව පළමු වතාවට දේශපාලන පක්ෂ නායකයින් හා මැතිවරණ කොමසාරිස්වරයා අතර හමුවක් රාජගිරිය මැතිවරණ කොමසාරිස් කාර්යාලයේදී මාර්තු 12 වැනිදා සවස පැවති අතර මෙහිදී මැතිවරණ ප‍්‍රචාරක කටයුතු පිළිබද දීර්ඝ ලෙස සාකච්ඡුා වී තිබුණි.



