ජාත්‍යන්තර කුමන්ත‍්‍රණ පිළිබද දැන්වත් ජනතාව අවධානය යොමුකළ යුතුයි – ගුණදාස අමරසේකර
ලංකාවේ වත්මන් තත්වය පිළිබද එක්සත් ජාතීන්ගේ සංවිධානයේ මහ ලේකම් බැං කි මූන්ගේ දැඩි අවධානය යොමුව තිබෙන අතර මෙසේ එක්සත් ජාතීන්ගේ සංවිධානය මේ ආකාරයෙන් ලංකාව පිළිබද අවධානය යොමුකරන්නේ ජාත්‍යන්තර කුමන්ත‍්‍රණයක ප‍්‍රතිඵලයක් වශයෙන්යැයි දේශ හිතෛශී ජාතික ව්‍යාපාරයේ සභාපති වෛද්‍ය ගුණදාස අමරසේකර කීවේය.
පසුගිය කාලය පුරා ලංකාවට විරුද්ධව ජාත්‍යන්තර බලවේග විසින් දිගින් දිගටම ක‍්‍රියාත්මක වූ බවද අමරසේකර කීවේය. ‘‘මේ ක‍්‍රියාත්මක වන්නේ වෙන කිසිම දෙයක් නොවෙයි. පැහැදිලිවම ජාත්‍යන්තර කුමන්ත‍්‍රණයක් ක‍්‍රියාත්මක වෙනවා. මේ කුමන්ත‍්‍රණයේ තවත් එක් සන්ධිස්ථානයක් තමයි එක්සත් ජාතීන්ගේ සංවිධානයේ මහ ලේකම්වරයා කටයුතු කරන ආකාරය.’’ හෙතෙම කීවේය.
ලංකාවේ තත්වය පිළිබද එක්සත් ජාතීන්ගේ සංවිධානයේ මහ ලේකම්වරයා පසුගිය සතිය ඇතුළත දෙවරක්ම සිය අදහස් පළ කර තිබුනේය. ලංකාවේ තත්වය පිලිබදව තමාට උපදෙස් ලබාදිම සදහා උපදේශක මණ්ඩලයක් පත්කිරීම සදහා එක්සත් ජාතීන්ගේ සංවිධානයේ මහ ලේකම් බැං කි මූන් පියවර යොදා තිබුනේය.
මේ පිලිබද ලංකාවේ ජනාධිපති මහින්ද රාජපක්ෂ වහාම සිය ප‍්‍රතිචාර එක්සත් ජාතීන්ගේ සංවිධානයේ මහ ලේකම් බැං කි මූන් වෙත දන්වා තිබුනේය. මේ පිළිබද ජනාධිපති රාජපක්ෂ විසින් එක්සත් ජාතීන්ගේ සංවිධානයේ මහ ලේකම්වරයා වෙත දුරකතනයෙන් දැනුම්දුන් බවද නිවේදනයක් නිකුත්කරම්න් ජනාධිපති ලේකම් කාර්යාලය මාර්තු 6 වැනිදා කීවේය.
‘‘ත‍්‍රස්තවාදී හා යුද ගැටුම් මගින් සිවිල් ජනතාව විශාල වශයෙන් ඝාතනය වන ඒ තුළින් බරපතල මානුශීය අර්බුද ඇතිවන රටවල් බොහොමයක් ලොව පුරා මේ වන විට තිබෙනවා. එවැනි රටවල මේ ආකාරයේ කමිටු පත් කිරීමට පියවර ගෙන නැහැ. මේ බව එක්සත් ජාතීන්ගේ සංවිධානයේ මහ ලේකම්වරයා වෙත දැනුම්දුන්නා.’’ ජනාධිපති ලේකම් කාර්යාලන නිකුත්කළ නිවේදනයේ සදහන් වූයේය.
‘‘ජනාධිපතිතුමා කමිටවක් පත්කිරිමට විරුද්ධ වීම නිවරදි දෙයක්.’’ වෛද්‍ය අමරසේකර කීවේය.
පසුගිය කාලය පුරාම ලංකාවට විරුද්ධව විජාතික බලවේග වත්මන් රජය පෙරලීම සදහා කළ කුමන්ත‍්‍රණ සාර්ථක නොවීම නිසා දැන් අලූත්ම කුමන්ත‍්‍රණය ලෙසින් මෙම උපදේශක මණ්ඩලයක් පත්කිරීමේ කුමන්ත‍්‍රණය ඉදිරියට පැමිණ ඇතැයි වෛද්‍ය අමරසේකර කීවේය.
‘‘මේ රජය පෙරලීමට නොර්වේ ඇමරිකාව ඇතුළු රටවල් මුලින්ම උත්සාහ ගත්තේ ජෙනරාල් සරත් ෆොන්සේකා මැතිවරණයට ඉදිරිපත් කිරිමෙනුයි. ඒ කුමන්ත‍්‍රණය පරාජයට පත්වීමෙන් පසුව අලූත්ම පියවර වශයේ තමයි මේ උපදේශන කමිටු පත්කිරීමට කටයුතු කර තිබෙන්නේ.’’ වෛද්‍ය අමරසේකර කීවේය.
එක්සත් ජාතීන්ගේ සංවිධානයේ මහ ලේකම්වරයාට උපදෙස් ලබාදීම සදහා කමිටුවක් පත්කිරීමෙන් පසුව ජනාධිපතිවරයා හා ආරක්ෂක ලේකම්වරයා ජාත්‍යන්තර යුද අධිකරණයක් හමුවට පැමිනවීමට මේ ජාත්‍යන්ත කුමන්ත‍්‍රණකරුවන් කටයුතු කරනු ඇතැයි වෛද්‍ය අමරසේකර අනතුරු ඇගවූයේය. ‘‘මොවුන් ජාත්‍යන්තර යුද අධිකරණයක් හමුවට පැමිණවීමේ පෙරහුරුවක් වශයෙන් තමයි මේ කමිටුව පත්කරන්න හදන්නේ.’’
මේ අතර ලංකාව අවධානය යොමුකළ යුතු ප‍්‍රධාන කාරණා සම්බන්ධයෙන් මේ වන විට ඇති ප‍්‍රගතිය පිළිබදව සෑහීමකට පත්විය නොහැකියැයි එක්සත් ජාතීන්ගේ සංවිධානයේ මහ ලේකම්වරයා මාර්තු 8 වැනිදා එක්සත් ජාතීන්ගේ සංවිධානයේ ප‍්‍රධාන කාර්යාලයේදී පැවති මාධ්‍ය හමුවකදී කියා තිබුනේය.
‘‘අවතැන්ව සිටින පිරිස් නැවත පදිංචි කිරීමට කටයුතු කිරීම ජාතික ඒකාබද්ධතාවය සදහා අවශ්‍ය දේශපාලන විසදුම් ගෙන ඒම වැනි ප‍්‍රධාන කාරණා සම්බන්ධයෙන් ලංකා රජය ගෙන තිබෙන පියවර ඉතාමත් මන්දගාමී තත්වයක තිබෙන්නේ.’’ එක්සත් ජාතීන්ගේ සංවිධානයේ මහ ලේකම්වරයා කීවේය.
ලංකාවේ පවතින තත්වය පිළිබද සාකච්ඡුා කිරීම සදහා දේශපාලන කටයුතු පිළබද එක්සත් ජාතීන්ගේ සංවිධානයේ නියෝජ්‍ය මහ ලේකම්වරයා ඉදිරියේදී ලංකාවට පැමිණ ලංකාවේ ඉහළ නිලධාරීන් සමග සාකච්ඡුා කිරීමට කටයුතු කරනු ඇති බවද එක්සත් ජාතීන්ගේ සංවිධානය ප‍්‍රකාශ කරයි.
‘‘මේ ක‍්‍රියාත්මක වන විජාතික කුමන්ත‍්‍රණ පිළිබදව දැන්වත් අපේ රටේ ජනතාව දැනුවත් වෙන්න ඕන. මේ විදියට ක‍්‍රියාත්මක වන විජාතික කුමන්ත‍්‍රණ පරාජය කිරීම සදහා අපි කටයුතු කළ යුතුයි.’’ වෛද්‍ය අමරසේකර පැවසුවේය.
By Sanjaya Nallaperuma



