විපක්ෂයේ ප‍්‍රතිපත්ති ප‍්‍රකාශ එළිදක්වයි
මහ මැතිවණයට තරග කරන විපක්ෂයේ ප‍්‍රධාන දේශපාලන පක්ෂ දෙකම මැතිවරණ ප‍්‍රචාරක ව්‍යාපාරය ආරම්භයේදීම සිය ප‍්‍රතිපත්ති ප‍්‍රකාශය ඉදිරිපත් කිරීමට සූදානම් වෙයි.
එක්සත් ජාතික පක්ෂය ප‍්‍රමුඛ එක්සත් ජාතික පෙරමුණේ ප‍්‍රතිපත්ති ප‍්‍රකාශය මාර්තු 16 වැනිදා ඉදිරිපත් කිරීමට කටයුතු යොදා ඇතැයි එක්සත් ජාතික පක්ෂ මහ ලේකම් තිස්ස අත්තනායක ප‍්‍රකාශ කරන අතර එදිනම සරත් ෆොන්සේකාගේ ප‍්‍රධානත්වයෙන් පිහිටුවාගෙන ඇති ප‍්‍රජාතන්ත‍්‍රවාදී ජාතික සන්ධානයේ ප‍්‍රතිපත්ති ප‍්‍රකාශය රට හමුවේ ඉදිරිපත් කිරීමටද නියමිතය.
‘‘මෙම මැතිවරණයෙන් පසුව බලයට පත්වන එක්සත් ජාතික පෙරමුණු ආණුඩව යටතේ රටේ තිබෙන මූලික ගැටලූවලට විසදුම් ලබාදීම සදහා වන ප‍්‍රත්ති ප‍්‍රකාශයක් තමයි අපි ඉදිරිපත් කරන්නේ.’’ කොළඹ පිහිටි විපක්ෂ නායක කාර්යාලයේදී මාර්තු 15 වැනිදා පැවති ප‍්‍රවෘත්ති සාකච්ඡුාවකදී එක්සත් ජාතික පක්ෂයේ මහ ලේකම්වරයා පැවසුවේය.
එක්සත් ජාතික පක්ෂය විසින් ඉදිරිපත් කිරීමට නියමිත ප‍්‍රතිපත්ති ප‍්‍රකාශයේ ප‍්‍රධාන වශයෙන් කොටස් දෙකකින් සමන්විත වෙයි. වර්තමානයේ රටේ පවතින අර්බුදකාරී වාතාවරණයට විසදුම් ලබාදීම සදහා වන යෝජනා ඉදිරිපත් කර තිබෙන මෙහි පළමු කොටස මාර්තු 15 වැනිදා ඉදිරිපත් කෙරේ. කාන්තාවන් වෙනුවෙන් එහි දෙවැනි කොටසේ යෝජනා ඉදිරිපත් කර තිබෙන අතර පසුව එහි දෙවැනි කොටස ඉදිරිපත් කිරිමට කටයුතු කරන්නේයැයි අත්තනායක සදහන් කළේය.
‘‘ජාතික ප‍්‍රශ්ණය විසදීමට තිබෙන යෝජනා, ජීවන වියදම සැහැල්ලූ කිරීම සදහා ඉදිරිපත් කරන යෝජනා, ගොවීන්ට ධීවරයින් හා වෙනත් වෘත්තිකයනින්ට සදන ලබාදීම, ජනතාවගේ ආදායම වැඩි කිරීම වැනි කාරණා සම්බන්ධයෙන් වන යෝජනා එක්සත් ජාතික පෙරමුණ විසින් ඉදිරිපත් කරන ප‍්‍රතිපත්ති ප‍්‍රකාශයේ පළමු කොටසට ඇතුල් වෙනවා.’’ එක්සත් ජාතික පක්ෂ මහ ලේකම්වරයා කීවේය.
මනුශ්‍යත්වයේ සම්මුතිය යනුවෙන් සිය පක්ෂයේ ප‍්‍රතිපත්ති ප‍්‍රකාශය කොළඹදී එළි දැක්වීමට කටයුතු යොදා ඇතැයි ප‍්‍රජාතන්ත‍්‍රවාදී ජාතික සන්ධානය ප‍්‍රකාශ කරයි. සිය පක්ෂයේ නායකයින්ගේ හා ආගමික නායකයින්ගේ සහභාගීත්වෙයෙන් මෙම ප‍්‍රතිපත්ති ප‍්‍රකාශය රටට හදුන්වාදීමට නියමිත බවද එම පක්ෂය කියා සිටී.
පවතින ¥ෂනය වලක්වමින් යහ පාලනය ස්ථාපිත කිරීම සදහා මැතිවරණයෙන් පසුව සකස් කරන අන්තර්කාලීන ආණ්ඩුවේ ප‍්‍රතිපත්ති සිය ප‍්‍රතිපත්ති ප‍්‍රකාශයට ඇතුල් කිරීමට කටයුතු කර තිබෙන බවද ප‍්‍රජාතන්ත‍්‍රවාදී ජාතික සන්ධානය කියා සිටී. ඒ අනුව ප‍්‍රජාතන්ත‍්‍රවාදය ස්ථාපිත කිරිම, යහ පාලනය ඇති කිරීම, රාජ්‍ය ආරක්ෂාව ආර්ථික සංවර්ධනය හා විදේශ සම්බන්ධතා යන ක්ෂේත‍්‍ර ඔස්සේ මෙම ප‍්‍රතිපත්ති ප‍්‍රකාශය ඉදිරිපත් කිරිමට නියමිත බවද එම පක්ෂය කියයි.
විපක්ෂයේ දේශපාලන පක්ෂ සිය ප‍්‍රතිපත්ති ප‍්‍රකාශ ඉදිරිපත් කිරිමට කටයුතු යොදා ඇති නමුත් ආණ්ඩුව මේ වන තෙක් තමන්ගේ ප‍්‍රතිපත්ති මොනවාදැයි රටට නොකියන්නේ ඇයිදැයි එක්සත් ජාතික පක්ෂ මහ ලේකම්වරයා ප‍්‍රශ්ණ කළේය. ආණ්ඩුව විසින් ඇමති මණ්ඩලය තිස් පහට අඩු කරන බව කීවත් එය කරන්නේ කෙසේදැයි මේ වන තෙක් ප‍්‍රකාශ නොකිරීම ගැටලූවක් බව ඔහු කීවේය.
‘‘එක්සත් ජාතික පෙරමුණු ආණ්ඩුවක් යටතේ කැබිනට් ඇමති මණ්ඩලය තිස් පහට අඩු කරනවා. ඒ විතරක් නොවෙයි නියෝජ්‍ය ඇමතිවරුන් ඇතුළු සියලූම ඇමතිවරුන්ගේ සංඛ්‍යාව පාර්ලිමේන්තුවේ මුළු මන්ත‍්‍රී සංඛ්‍යාවෙන් තුනෙන් එකකට වඩා වැඩි නොවන ආකාරයෙන් සකස් කරනවා.’’ අත්තනායක කීවේය.
මේ වන විට අය වැය පරතරය සියයට දහයකට වඩා වැඩි මට්ටමක පවතින බැවින් අය වැය පරතරය අඩු කිරිම සදහා වන යෝජනා සිය ප‍්‍රතිපත්ති ප‍්‍රකාශයට ඇතුල්කර තිබෙන බවද ඔහු පැවසුවේය. ඇමතිරුන්ට ලබාදෙන ගෙවල් කුලී දීමනාව වැනි අමතර දීමනා කිසියම් කාලයකට අත්හිටුවා අය වැය පරතරය අඩු කිරීමට කටයුතු කරන බවද එක්සත් ජාතික පක්ෂ මහ ලේකම්වරයා කීය.
‘‘ගෙයින් ගෙට ගොස් එක්සත් ජාතික පෙරමුණේ ප‍්‍රතිපත්ති පිළිබද ජනතාව දැනුවත් කරනවා. ඒ වගේම ප‍්‍රධාන රැුස්වීම් 28 ක් ඇතුළුව පවත්වන ප‍්‍රචාරක රැුළි වලදී මේ පිළිබද ජනතාව දැනුවත් කිරීමට කටයුතු කරනවා.’’ එක්සත් ජාතික පක්ෂ මහ ලේකම්වරයා කීවේය.



