රටේ පාලනය අනුවයි යාචකයෝ බිහි වන්නේ
රටක යාචක සමාජ බිහිවීම සඳහා බලපෑම් කරන්නේ කුමන කරුණක්ද යන්න සම්බන්ධයෙන් කතා කරන විට සැමගේ මතය වන්නේ එය පාරමිපරිකව සිදුකරන දෙයක් හෝ මිනිසුන්ගේ දුගී දුප්පත් බව නිසා සිදු කරන ක‍්‍රියාවක් ලෙසයි.
නමුදු රටේ පවතින පාලන ක‍්‍රමය යාචක සංස්කෘතිය බිහිවීම සඳහා බලපෑම්කරන බවයි කැළණිය විශ්ව විද්‍යාලයේ ජේෂ්ඨකතිකාචාර්ය ආචාර්ය එච් ඩබිලිව් කරුණාරත්න පවසන්නේ. ඔහු මේ බව පවසා සිටින්නේ ක්ෂෙත‍්‍ර අධ්‍යන ක‍්‍රමය මඟින් ලබා ගත් අත්දැකීම් අනුවය.
‘‘රටක දේශපාලනය බල්ලන්ට කපුටන්ට කන්න තියෙන දේ නැති කරනවා කියන්නේ ලොකු ප‍්‍රශ්ණයක්. කුණු බාල්දි වල තියෙන දේවල් මිනිස්සුන්ට සිද්ධ වෙද්දී කොහොමද යාචක සමාජය නැති කරන්නේ. මේ ඊයේ පෙරේදා කථ ගඟට ළමයා විසි කළේ එ අම්මට තියෙන් ප‍්‍රශ්ණය නිසා. අම්මා කෙනෙක් දරුවෙක් විසි කරන්න හිතන සිතුවිල්ල එන්නට බලපෑමක් වුණේ මේ දේශපාලන රටාව.’’ හෙතෙම සඳහන් කළේය.
යහපාලනයක් නම් හැමදේම සුභාවාදී විය යුතු බවයි ආචාර්ය කරුණාරත්ත පවසන්නේ. එහෙත් මෙ වන තුරුද රටේ දැවෙන ප‍්‍රශ්ණ සුදඟා කිසිවෙකුලේ අවධානය යොමු වී නැන. තම තමන්ගේ සුභ සිද්ධිය වෙනුවෙන් පමණක් සිතනා පාලන ක‍්‍රමයකදී සාමාන්‍ය ජනතාවගේ දුක ගැන දැනෙන්නේ කෙසේද යන්න ගැටථවකි.
‘‘යාචක සමාජය බිහි වෙන්න මූලීක හේතුව ආර්ථිකමය පරිහානිය. කුසට ආහාරයක් නැතිව ඉන්න පිරිස් වලට වග කියන්න ඕන කවුද කියලා හිතන්න් සමහරුන්ට බැරි වේවි. නමුත් මේ තත්ත්වයට වග කියන්න ඕන පාලක පිරිස. දේශපාලනය නීතිය අධ්‍යාපනය කියන හැම සමාජ ප‍්‍රපන්චයක්ම පිරිහිණ තැනක තියෙන්නේ සමාජ අර්බූදය නිර්මාණය වන්නේ මේ හෙතු නිසා.’’
ආචාර්ය කරුණාරත්න පවසන පරිදි සමාජ විද්‍යාඥයන් යාචක සමාජ බිහිවීමට හේතු වූ කරණු ලෙස පෙන්වා දෙනු ලබන්නේ සෑබෑ දුප්පත්කම යන සාධකය නාගරික දුගීබව නැතහොත් වීදි සංස්කෘතිය ව්‍යාපාරික වශයෙන් කරන රැකියාවක් වශයෙනුත්ය.
‘‘නාගරික බව පිළිබඳව කතා කරන විට පැල්පත් මුඩුක්කු ආශ‍්‍රිත සමාජයේ අය පොඩිකාලේ ඉඳලා අතපාන්න පුරුදු වෙනවා. සම්තින් එකක් හොයා ගන්න තමයි මේ අය මහන්සි වෙන්නේ. තවත් ප‍්‍රශ්ණයක් තමයි පවුල් කඩා ඉහිරීම හා ගණිකා වෘත්තියේ නිරත වුණ වුදවිය වයසට යන විට යාචකයන් බවට පත්වීම. මේ සියල්ල සඳහා එකිනෙක බැදී ඇත්තේ රටේ පාලනය.’’ හෙතෙම සඳහන් කළෙය.
මෙම තත්ත්වය මඟ හරවා ගැනීම සඳහා සිදු කළ යුත්තේ යාචකයන් බිහිවන ෙදාරටු වසා දැමීමය. නාතහොත් පවත්නා සුබසාධන මධ්‍යස්තාන දිනුකිරීම බවයි ආචාර්ය කරුණාරත්න පෙන්වා දෙනු ලබන්නේ.
‘‘මේ සඳහා සාර්ව මට්ටමේ එ කියන්නේ රාජ්‍ය මට්ටමේ මෙන්ම සුක්ෂම මට්ටමේ එ කියන්නේ ආකල්පමය වශයෙන් වෙනස්වීමක් අවශ්‍යයි. ආකල්පමය වෙනස සිද්ධවෙන්නේත් පවතින රටේ තත්ත්වය අනුවයි.’’ ආචාර්ය කරුණාරත්න පැවසුවේය.
අමාලි රාමනායක




