තරු පෙනෙන දේශපාලනය

මෙවර මහමැතිවරණයේ කාගේත් කතා බහට ලක් වුණ සිද්ධියක් වූයේ නලුනිළියන් සහ ක‍්‍රකට් කී‍්‍රඩකයින් මෙන්ම මාධ්‍යවේදීන් ඉදිරිපත් වී සිටීමය. එක් අතකින් මෙය සාමන්‍ය කරුණක් ලෙස පෙනෙන්නේ ඔවුන්ද මේ රටේ ජීවත් වෙන සාමාන්‍ය ජනතාවටම අයත් කොටසක් නිසාවෙනි. මේ පිළිබඳ කාගේත් කතා බහ යොමු වන්නේ කලා කරුවන්ට හෝ ක‍්‍රීඩකයන්ට රටක වැඩ කොටස කළ හැකිද යන්න පිළිබඳවය.එයට පිළිතුර නම් ඔව් යන්නය. නමුදු රටේ පාලනය එ් සඳහා මැදිහත් වන ආකාරය අනුව එය තීරණය වේ.
සාමාන්‍ය ජනතාව අනුව ගත් විට ලංකාවේ වැඩි පිරිසක් ජීවත් වන්නේ ග‍්‍රාමීය ජනතාව ලෙසින්ය. මොවුන් අතරට මේ පණ්විඩය රැුගෙන යාම ස`දහා කළ හැක්කේ කුමක්ද යන්න වෙනුවට ඔවුන් මේ පිළිබදව සිතන්නේ කුමක්ද යන වග සොයා බැලිම වැදගත්ය. ඉල්ලූමේ හැටියට සැපයුම ලෙස පවතින්නා වූ කතාවෙහි යථාර්තය මෙහිදී ඔප්පු කර ගැනීමේ හැකියාව ලැබෙණු ඇතැයි සිතමි.
“කලා කරුවෝ කියන්නේ අපට සම්පතක්. නමුත් ඒ අය දේශපාලනය කරනවා කියන එක අපි අනුමත කරන්නේ නැහැ. මොකද ඒ අයට තියෙන තත්ත්වය වගේම සාමාන්‍ය ජනතාව ඔවුන් කෙරෙහි තියෙන කැමත්ත නැ. වෙලා යනවා.හැමෝම දේශපාලනය කරන්න ආවොත් කලාවක් කියලා දෙයක් ඉතුරු වෙන එකක් නැහැ.” සාමාන්‍ය වෙලෙදාමක් පවත්වාගෙන යන ජී එ ජයසේන පැවසුවේය.
ඔහු පෙන්වා දෙන ආකාරයට තමන් උපතින් ගෙන ආ කලා හැකියාවට වඩා බලතන්හාවෙන් යුතුව කටයුතු කරන ආකාරය ගැන පෙනෙන්නට තිබෙන බව සාක්ෂි ඇතිවම ඔප්පු කර පෙන්වන අවස්ථාවක් ලෙස මෙය පෙන්වා දිය හැකිය.
“පාර්ලිමේන්තු ගිහින් මේ අය මොනවා කරන්නද අනික මේ අයට හරියට පාර්ලිමේන්තුවට එන්න පුලුවන්ද කියන එකවත් මේ අය හිතන්න ඕන නේද මේ අය රගපාන එකවත් සෙල්ලම් කරන එකවත් නවත්වන්නේ නැහැ නේ. ඉතින් කොහොමද මේ අය රට කරන්න එන්නේ.” ජයසේන පැවසුවේය.
රට පාලනය කරන්න හෝ ගමක් පාලනය කරන්න දේශපාලන දැනුමක් අවශ්‍ය බවත් නැතහෝත් රටේ අරාජික තත්ත්වයතිබෙන තැනින් තවත් අගාදයට යන බව ජයසේන සඳහන් කළෙය.
දේශපාලනය කරන්න දේශපාලකයාම අවශ්‍ය යයි නියමයක් නොමැති බව ප‍්‍රවීන රංගන ශිල්පී ශ‍්‍රියන්ත මෙන්ඩිස් පවසන්නේ.
“මැතිවරණ කි‍්‍රයාවලිය තුළ ඕනම කෙනෙකුට මැතිවරණයට ඉදිරිපත් වීමේ අයිතිය තියෙනවා. කේවළ ක‍්‍රමයට තියෙන ඡුන්ද ක‍්‍රමය තමයි සාර්ථක. 77 පස්සේ එන මැතිවරණවරණ ක‍්‍රමයේ ජනප‍්‍රීය චරිත තමයි බිහිවුණේ.
ලොකයට අපේ නම ගෙන ගිය අය තමයි ඡුන්දය ඉල්ලන්නේ. සරක් ෆොන්සේකත් සනත් ජයසූරියත් කළේ අපේ නම ලෝකයට අරන් ගිය එක.”මෙන්ඩිස් සඳහන් කළේය.
අලූත් දේශපාලන චින්තනයක් ගෙන එ්මටත් එම ගෙන එන චින්තනය ඉතා පිරිසිදු දෙයක් කිරීමේ හැකියාව පවතින බව ඔහුගේ අදහසයි.
“වෙන රටවලත් මේ අපි කතා කරන චරිත දේශපාලනයට ආවා. එ් රටවල මිනිස්සුන්ට එදා කරපු දේ වගේම අද කරපු දේත් වටිනා කමක් තිබුණා. නමුත් ලංකාවේ හැමදේටම කලින් දේශපාලනය ඉස්සරහට එනවා. එදා සනත් ජයසූරිය හයේපාර ගහද්දී හැමෝම අත්පොළසන් ගැහැවුවා.එ්ක නැතිවෙන්නේ ලංකාවේ දේශපාලනය නිසා. මම කියන්නේ මේ දේ සාමාන්‍ය දෙයක් කර ගන්න.ඊට වඩා එහා හිතන්න එපා. රහස්‍ය අයිතියක් බවට තමන්ගේ ඡුන්දය පත් කරගෙන පොදු එකඟතාවයකට එන්න කියලයි කියන්න ඕන.” ඔහු
සඳහන් කළේය.
සමහර දේශපාලන පිරිස් ජනප‍්‍රිය තරු උපයෝගී කර ගනිමින් තම දේශපාලනයේ යෙදෙන්නේ තරුවට එකතු වූ පිරිසෙහි ඡන්දය ලබා ගැනීමට බවත් ලංකා දේශපාලනය තුළ එවැන්නක් සිදු කිරීම තුළ කළකිරීම පමණක් ඉතුරුවෙන බව නුවන් එදිරිසංහ පැවසුවේය.
“නලු නිළියන්වත් ක‍්‍රිඩකයෝවත් කවදාවත් තමන්ගේ කැමැත්තෙන් දේශපාලනයට එන්නේ නැහැ. එ් අයව මෙහෙය වන්නෙත් දෙශපාලකයෝ විසින්ත පක්ෂ භේදයකින් තොරව වුණත් දේශපාලනයට ආවයින් පස්සේ සිද්ධ වෙන්නෙ සෙල්ලමත් තළාවත් දේශපාලනීකරණය වීම. කවුරු කොහොම කීවත් ලංකාවේ කිසිම කෙනෙක්ට මහත්මා දේශපාලනයේ යෙදෙන්න බැහැ.” එදිරිසිංහ පැවසුවේය.
ප‍්‍රවීණ රංගන ශිල්පියකු වන ජයලත් මනෝ රත්න පවසන්නේ දේශපාලනය පිළිබදව කතා කිරීමට ඔහු අකමැති බවය.
“එක එ අයගේ කාර්ය. අපේ කාර්ය නෙවෙයි. අප් එ ගැන කතා කරන එක ප‍්‍රයෝජනයක් නැහැ.” මනෝරත්නයන් පැවසුවේය.



