මැතිවරණය ළං වන විට මැරුණ කොටියාගේ හමට තලනවා – ජෙ.වි. පෙ

ජෙනරාල්ට සහය දෙන පක්ෂවල පිරිස් මර්ධනය කිරීමේ වැඩ සටහනක් ආණ්ඩුව සිදු කරමින් යන බව ප‍්‍රජාතත්ත‍්‍රවාදී ජාතික සන්ධානයේ මහ ලේකම් විජිත හේරත් පවසන්නේය.
එහි ප‍්‍රතිඵලයක් වශයෙන් අනෝමා ෆොන්සේකාගෙන් සහ අනුර දිසානයක යන මන්ත‍්‍රීවරුන්ගෙන පැය එකහමාරකය අධික කාලයක් ප‍්‍රශ්ණ කර ඇති බව ද හෙතෙම සඳහන් කළේය.
ඊයේ දිනයේ ජෙනරාල්වරයාට ආහාර රැගෙන ගිය ජෙනරාල්වරයාගේ ඥතිවරයාව ඇතුළට නොඟැනීමත් ආහාර පාර්සලය බාර නොගැනීමෙනුත් පෙනී යන්නේ ජෙනරාල්වරයා නොමරා මරන්න උත්සහ දරන බවක් යැයි මහලේකම් වරයා සඳහන් කළේය.
ආණ්ඩුව දිගින් දිගයට ඉල්ලා සිටි තුනෙන් දෙකේ බලය වෙනුවට දැන් නිකම්ම නිකම් බලයක් පමණක් බලාපොරොත්තු වන බවත් හෙතෙම සඳහන් කළේය.
ආසියාවේ ඓශ්චර්ය බවට ශ‍්‍රී ලංකාව පත් කරන්නට උත්සහ දරණ ආණ්ඩු පක්ෂය මේ වන විටද එය සිදු කර හමාර බව පවසන මහලේකම් වරයා සඳහන් කරන්නේ ලෝකයේ විශාලම කැබිනට් මණ්ඩලය පවතින රට නිසා මේ වන විටද ඓශ්චර්යමත් රටක් බවට පත්වී හමාර බවය.
දිගිනි දිගටම අදහස් දැක් වු හේරත් මහලේකම් වරයා සදහන් කරන්නේ ආණ්ඩුව මැතිවරණය ළං වන විට මැරුණ කොටියාගේ හමට තලන බවයි.
අයාලයේ යන ඇමති වරුන් මර්ධනය සඳහා කි‍්‍රයාක්මක අයාල අඥ පනත තවමත් ක‍්‍රියාත්මක බැවින් මෙම පනත යටතේ දඩුවම් ලැබිය යුතු බව මහාල්කම් වරයා සඳහන් කරන්නේ ඊයේ දිනයේ සිරස මාධ්‍යජාලයට එල්ලවූ ප‍්‍රහාරය පිළිබඳව සඳහන් කරමිනි.



