සරත් ෆොන්සේකාට විරුද්ධව චෝදනා පහක්

March 8, 2010 by Editor  
Filed under Featured, Stories

හිටපු යුධහමුදා පති වරයා අත් අඩංගුවට ගෙන අද දිනට මාසයක් ගත වී ඇත.  යුධහමුදා මාධ්‍ය ප‍්‍රකාශක බි‍්‍රගේඩියර් ප‍්‍රසාද් සමරසිංහ අද පැවති මාධ්‍ය සාකච්ඡාවේදී ප‍්‍රකාශ කර සිටියේ යුධහමුදාපතිවරයාට විරුද්ධව චෝදනා පහකට අධික සංඛ්‍යාවක් ලැබී ඇති බවයි.

“සාක්ෂී සම්පිණ්ඩන වාර්ථාව මේ වෙද්දි ලැබිලා තියෙනවා. යුධහමුදාපතිවරයාට මේවෙද්දී එය බාර දිලා නීති නිළධාරීන් අධ්‍යන කටයුතු සිදු කරනවා.ඔහුට විරුද්ධව 35 දෙනකු සාක්ෂි දීලා තියෙනවා. එ් අතර 22 හමුදා නිළධාරීන් 7 දෙනකු පොලිස් නිළධාරීන් 6 දෙනෙක් සිවිල් අය.”

යුධ හමුදා මාධ්‍ය ප‍්‍රකාශක වරයා පවසන පරිදි උසාවි නියෝගයකට අනුව නොව වරප‍්‍රසාද වශයෙන් ඔහුගේ දියණීයන් දෙදෙනාට පමණක් කතා කිරීමට දුරකථන පහසුකම් ලබා දී ඇති බවද පැවසීය. එමෙන්ම මෙම සාක්ෂි සම්පිණ්ඩණය අධ්‍යනයෙන් අනතුරුව යුධහමුදා පනත යටතේ ඔහුව යුදාධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත බවද හෙතෙම පවසා සිටියේය.

  • Share/Bookmark
Creative Commons

Comments are closed.