එන්න ඔබත් එක් වෙන්න
සිය රටටමයි කවදත් මෙය බැලූ බැල්මෙන්ෙමය කාගේ ආදර්ශ පාඨයදැයි සිතා ගැනීමේ හැකියාව පවතී. නමුදු මෙම කතාවෙන් කියන්නට හදන්නේ මෙම ආදර්ශ පාටයේ වටිනා කම නම් නොවේ. මන්ද එයට අරුතක් දීමට තරම් හැකියාව් නොමැති හෙයිනි.
වසර 1980 ඔක්තෝම්බර් 01 වන දින ශ‍්‍රීමත් ජෝන් කොතලාවල විසින් ඔහුගේ වලව්ව හා අක්ක්ර 49ක භූමිභාගය තෙලාවල ආරක්ෂක විද්‍යාපිඨය වෙනුවෙන් පරිත්‍යාග ඛරනු ලැබීය. 1989 ඔක්තෝම්බර් 11 වන දින ආරක්ෂක වි, පීඨය ලෙස නම් වන මෙය 2007 ඔක්තෝම්බර් 11 වන දින ආරක්ෂක විශ්ව විද්‍යාලය ලෙස නම් කරනු ලැබීය.
මේ වන විට අධිකාරීලත් හමුදා නිළධාරීන් 1717 පමණ මෙම විශ්ව වි,ලයෙන් පිටව ගොස් ඇති අතර ඔවුන් සියල්ලන්ම ත‍්‍රීවිධ හමුදාවන් යටතේ සේවය කරනු ලබයි.
ලංකාවේ සුවිශේෂී විශ්ව වි,ලයක් වගේම දකුණු ආසියිවේ එකම ආරක්ෂක විශ්ව විද්‍යාලයද මෙය වන්නේය.
මෙම විශ්ව විද්‍යාලයේ වැඩි නැඹුරුතාවක් දක්වන්නේ අධ්‍යන කටයුතු සදහා. 25% කාලය පමණයි හමුදා පුහුණුව සදහා යෙදවෙන්නේ. මෙම විශ්ව විද්‍යාලයෙන් අපේකෂා කෙරෙන්නේ හමුදා නිළධාරීයෙක් පිට කිරිම පමණක් නෙවෙයි. රටට දැයට හිතකාමී ගුණ ගරුක පුද්ගලයෙක් පිටකර යැවිම. ආරක්ෂක වි,පීඨ උපකුලපති මේජර් ජෙනරාල් මිලින්ද පීරීස් පැවසීය.
විවිධ උපාධින් ඇතුළත්ව අධ්‍යාපනය හැදෑරීමට මෙන්ම රැකියාවේ ස්ථීරභාවයද මෙයින් සනාථ වන්නේය.නීතිවේදී උපාධීය මෙනන්ම නාවිකඉංජිනේරුඇතුලු නව පාඨමාලා ආරම්භ කිරීමට මේ වන විට සැළසුම් කර ඇත.
පිරිම් සහ කාන්තා යන දෙපාර්ශවයම අධ්‍යාපනය ලබන මෙම විශ්ව විද්‍යාලය තුළ විදේශිකයන්ද අධ්‍යාපනය හදාරන බව මේජර් ජෙනරාල් පීරිස් පැවසීය.
විශ්වව විද්‍යාල අධයාපනය ලැබූ 18-22 අතර ඕනෑම පුද්ගලයකු හට මෙම විශ්ව විද්‍යාලයට ඇතුළත් විය හැකිය.නමුදු මුලික පරීක්ෂණ සම්මුඛ පරීක්ෂණ වෛද්‍ය පරීක්ෂණ ක‍්‍රීඩා පරීක්ෂණ සියල්ල සමත් විය යුතුය.විශේෂයෙන් මෙහිදී සදහන් කළ යුතු කරුණ වන්නේ ජාතික මට්ටමේ ක‍්‍රීඩා සදහා සහභාගී වී ඇත්නම් විවිධ ක‍්‍රීඩා හැකියාවන් පෙන්නුම් කරන්නේ නම් අදාල ලකුණු මට්ටම අවශ්‍ය නොවන බවත් හෙතෙම සදහන් කළේය.
“විවිධ දක්ෂතා තියෙන අය ඉගෙන ගනිද්දි අතපසු වීම් සිද්ධ වෙනවා. ක‍්‍රීඩා කරද්දී ඉගෙන ගැනීම් කරන්න බැරි වෙනවා. අපිට තේරුණොත් මේ අය හොද අය කියලා අපි මේ අද දශම 7- 8 වුනත් අපි බදවා ගැනීම් කරනවා.” මේජර් ජෙනරාල් පීරිස් පැවසීය.
මෙවර විශේෂත්වය වන්නේ සිවිල් සිසුන් 10 දෙනකු බදවා ගැනීමය. පුහුණුවෙන් පසු ඔවුනට විදේශ රැකියා හෝ ශී‍්‍ර ලංකා ගුවන් හමුදාව හා එක් වීමට අවස්තාව ඇත. මෙවර කොතලාවල ආරක්ෂක විද්‍යා පීඨය වෙත සිසුන් 185 දෙනකු බදවා ගැනීමට නියමිතය.
www.kdu.ac.lk යන වෙබ් අඩවිය ඔස්සේ අයදුම් කළ හැකි අතර මේ සඳහා වූ ගැසට් නිවේදනය ඉදිරියේදී නිකුත් වීමට නියමිතය.




