ආගමයි දේශපාලනයයි එක්කරගන්න එපා
මහ මැතිවරණ උනුසුම රට පුරා පැතිර යාමට ආරම්භ වී ඇති අවස්ථාවේදී ආගමෙන් දේශපාලනය වෙන් කර කටයුතු කරන්නැයි ආගමික සමුළුව ඉල්ලීමක් කරයි.
ආගමික නායකයින් මැතිවරණයට ඉදිරිපත් වීම අනුමත කළ නොහැකි බවත් මැතිවරණ වලදී ආගමික මධ්‍යස්ථාන දේශපාලන පක්ෂ කාර්යාල බවට පත් කර නොගන්නා ලෙසද කොළඹ නාරාහේන්පිට අභයාරාම විහාරස්ථානයේදී මාර්තු 2 වැනිදා පැවති ප‍්‍රවෘතිති සාකච්ඡුාවකදී ආගමික සමුළුවේ නායකයින් ඉල්ලා සිටියේය.
‘‘ආගමික මධ්‍යස්ථාන දේශපාලන පක්ෂ කාර්යාල බවට පත්කරගැනීම අපට අනුමත කරන්න බැහැ. ආගමික මධ්‍යස්ථාන පක්ෂ දේශපාලන මධ්‍යස්ථාන බවට පත්කරගැනීමෙන් අත්වන ප‍්‍රතිඵල ඉතාමත් භයානකයි.’’ ආගමික සමුළුවේ සභාපති ඉත්තෑපානේ ධම්මාලංකාර අනු නා හිමියෝ පැවසූහ.
ආගමික මධ්‍යස්ථාන දේශපාලන කටයුතු සදහා යොදාගැනීම නිසා එම ආගම් අදහන පුද්ගලයින්ට බරපතල ආකාරයේ ගැටලූවලට මුහුණදීමට සිදුවන බවද උන්වහන්සේ ප‍්‍රකාශ කළහ.
ආගමික නායකයින්ද මෙවර මැතිවරණයේදී තරග බිමට පිවිසීමට තීරණය කර තිබේ. මේ පිළිබදවද ආගමික සමුළුව සිය අවධානය යොමු කළේය. ආගමික නායකයින් මැතිවරණයේදී තරග කිරීම පිළිබද ආගමික සමුළුව දක්වන්නේ සුභවාදී අදහසක් නොවේ.
‘‘ආගමික නායකයින් මැතිවරණයට ඉදිරිපත් නොවිය යුතුයි. ආගමික නායකයින් පොදු පුද්ගලයින් බවට පත්විය යුතුයි.’’ කෝට්ටේ ශ‍්‍රී නාගවිහාරාධිපති පූජ්‍ය මාදුළුවාවේ සෝභිත හිමියෝ පැවසූහ.
ජනාධිපතිවරණයක් පවත්වා එහි උනුසුම මැකී යන්නටත් පෙර පවත්වන මහ මැතිවරණය නිදහස් හා සාධාරණ අන්දමින් පැවැත්වීමට සියලූ පියවර ගත යුතුයැයි ආගමික සමුළුව අවධාරණය කර සිටී.
‘‘මෙම මැතිවරණය නිදහස් හා සාධාරණ අන්දමින් පැවැත්වීමට සියදුදෙනාම කටයුතු කළ යුතුයි.’’ ධම්මාලංකාර අනු නා හිිමියෝ පැවසූහ.
ලංකාවේ මැතිවරණ සැම විටම උනුසුම් මුහුණුවරක් ගන්නා අතර මැතිවරණයට පෙර මෙන්ම මැතිවරණයෙන් පසුවද සාමකාමී අන්දමින් කටයුතු කරන්නැයි ඇන්ග්ලිකන් සභාවේ නායක දුලිප් සිගේරා බිශොප් තුමා ජනතාවගෙන් හා දේශපාලන පක්ෂ වලින් ඉල්ලීමක් කළේය.
‘‘මැතිවරණයේදී ප‍්‍රචණ්ඩත්වය අනුමත කරන්න එපා. ප‍්‍රචණ්ඩත්වයට ඉඩ දෙන්න එපා .මැතිවරණ නීති වලට සියලූදෙනාම ගරු කළ යුතුයි.’’ සිගේරා බිශොප්තුමා කීවේය.
නිදහස් හා සාධාරණ අන්දමින් මැතිරවරණය පැවැත්වීමට මැතිවරණ කොමසාරිස්වරයා කටයුතු කළ යුතුයැයි සොභිත හිමියෝ අවධාරණය කළේය. පසුගිය ජනාධිපතිවරණයේදී මැතිවරණ කොමසාරිස්වරයා සිය බලතල අනුව කටයුතු කිරීමේදී නොයෙක් ගැටලූ කාරී අවස්ථාවන්ට මුහුණ දීමට සිදුවූ බව උන් වහන්සේ මතක් කලේය. එහෙත් මෙවර මැතිවරණයේදී එවැනි තත්වයක් ඇති නොවන ආකාරයට කටයුතු කිරීමට සියලූදෙනාම මැතිවරණ කොමසාරිස්වරයාට සහාය දැක්විය යුතුයැයි සෝභිත හිමියෝ කීහ.
‘‘මැතිවරණ කොමසාරිස්වරයා විසින් මැතිවරණ ආඥා පණතේ ඇති බලතල ක‍්‍රියාත්මක කිරීමේදී ඔහු අසරණ කරන්න එපා. රජය පොලීසිය විපක්ෂය ඇතුළු සියලූදෙනාම නිදහස් හා සාධාරණ මැතිවරණයක් පැවැත්වීමට සහාය ලබාදිය යුතුයි.’’ උන්වහන්සේ සදහන් කළේය.
නිදහස් හා සාධාරණ මැතිවරණයක් පැවැත්වීමේදී පොලීසියට විශාල කාර්ය භාරයක් පැවරී ඇතැයි සෝභිත හිමියෝ සදහන් කළහ. පොලීසිය මේ අවස්ථාවේදී නිිසි පරිදි ක‍්‍රියාත්මක විය යුතුයැයි උන් වහන්සේ පැවසූහ.
‘‘පොලීසිය කිසිම අයෙක්ට අයිති නැහැ. එය කිසිම දේශපාලන පක්ෂයකට අයිති නැහැ. පොලීසිය ස්වාධීනව කටයුතු කළ යුතුයි.’’
මැතිවරණයේදී පක්ෂ විපක්ෂ භේධයකින් තොරව එකි නෙකාට නොයෙක් ආකාරයේ චෝදනා එල්ල කරන අතර ඇතැම් අවස්ථාවලදී එකිනෙකාට මඩ ප‍්‍රහාරයන්ද එල්ල කරයි. මේ ආකාරයට මැතිවරණයේදී මඩ ප‍්‍රහාර එල්ලකිරීම නවතන ලෙසද ආගමික සමුළුව දේශපාලන පක්ෂ නායකයින්ගෙන් ඉල්ලා සිටියේය.
‘‘මඩ ප‍්‍රහාර නැවැත්වීමට සියලූම දේශපාලන පක්ෂ නායකයින් කටයුතු කළ යුතුයි. චරිත ඝාතනය කරමින් මඩ ප‍්‍රහාර එල්ල නොකර රට හදන ප‍්‍රතිපත්ති ඉදිරිපත් කරන්නැයි අපි ඉල්ලා සිටිනවා.’’
නිදහස් හා සාධාරණ මැතිවරණයක් පැවැත්වීම සදහා ඇති නීතිමය ප‍්‍රතිපාදන නිසි ආකාරයෙන් ක‍්‍රියාත්මක කළ යුතුයැයි ආගමික සමුළුව පවසයි. ‘‘මැතිවරණ කොමසාරිස්තුමා ඇතුළු සියලූදෙනාගෙන්ම අපි ඉල්ලා සිටින්නේ නිර්භීතව අවංකව නීතිය ක‍්‍රියාත්මක කරන ලෙසයි.’’



