දකුණේ ඡන්දයේ රූ සටහන්

October 10, 2009 by Editor  
Filed under Slideshows

DSC_8208 ලබන වසරේ ජනවාරි මාසයේ පැවැත්වීමට නියමිත ජනාධිපතිවරනයට පෙර පැවැත්වෙන අවසන් මැතිවරණය වන දකුණු පළාත් සභා මැතිවරණය ඔක්තෝම්බර් 10 වැනිදා උදෑසන හතට ආරම්භ විය.

DSC_8212මෙම ඡන්ද විමසීමේදී මැතිවරණ නීති උල්ලංඝනය කරමින් දේශපාලන පක්ෂ සිය පක්ෂ ලාංඡන හා අපේක්ෂකයින්ගේ මනාප අංක ප‍්‍රදර්ශණය කිරීමේ සිදුවීම් වාර්තාවී ඇතැයි මැතිවරණය නිරීක්ෂකයින ප‍්‍රකාශකයින් පැවසූ අතර ඡන්ද ප‍්‍රකාශ කිරීමේ මධ්‍යස්ථානයක් අසල දේශපාලන පක්ෂයක ඡන්ද සලකුණ මුද්‍රිත කොළ දමා ගොස් තිබෙන අයුරු

DSC_8254ඡන්ද දායකයින් උනන්දුවෙන් යුතුව ඡන්ද පොළ වෙත ගොස් සිය ඡන්දය ප‍්‍රකාශ කරන ආකාරයක් දකින්න ලැබුණි. ඡන්දය ප‍්‍රකාශ කළ අයගේ අතේ තීන්ත සලකුණක් තබන්නේ ඡන්දය ප‍්‍රකාශ කළ බව හදුනාගැනීම සදහාය.

DSC_8294ඡන්දය ප‍්‍රකාශ කිරීමට ඇඹිලිපිටියේ සිට පැමිණි අතුල අබේවික‍්‍රම සිය ඡන්දය ප‍්‍රකාශ කිරීමෙන් පසුව නැවත තමන් තාවකාලිකව පදිංචිව සිටින ස්ථානය වෙත යාමට බසයක් පැමිණෙන තෙක් බලා සිටී

DSC_8359ඡන්ද ප‍්‍රකාශ කිරීම අවසන්වීමෙන් පසුව පාක්ෂිකයින් උද්යෝගයෙන් යුතුව ඡන්ද පොලවල් අසලට රැස්වූ අතර මේ ආකාරයට මාතර වත්තේගම දකුණ ග‍්‍රාමසේවා නිලධාරී කාර්යාලයේ පැවති ඡන්ද මධ්‍යස්ථානය අසලට පැමිණි ඡන්ද දායකයින් රතිඤ්ඤා දල්වමින් විනෝද විය.

DSC_8387ඡන්දය ප‍්‍රකාශ කිරීම අවසන්වීමෙන් පසුව ඡන්ද පෙට්ටි ඡන්ද ප‍්‍රකාශ කිරීමේ මධ්‍යස්ථාන වෙත ආරක්ෂක විධි විධාන මධ්‍යයේ රැගෙන ආ අතර මෙම ඡන්ද පෙට්ටි ඡන්ද මධ්‍යස්ථානයේ පිටතට රැගෙනයාමට පෙර මැතිවරණයේදී අනුගමනය කළ යුතුදේ පිළිබදව දැනුවත් කිරීමට තිබූ පෝස්ටර් ගලවා ඉවත් කළේය.

DSC_8398ඡන්ද ප‍්‍රකාශ කිරීම අවසානවීමෙන් පසුව සීල් තබන ලද ඡන්ද පෙට්ටි ඡුන්ද ගණන් කිරීමේ මධ්‍යස්ථාන වෙත ගෙනයාමට සූදානම් වෙමින්

DSC_8435ඡන්ද ගණන් කිරීමේ මධ්‍යස්ථාන වෙත ඡන්ද පෙට්ටි ගෙනයාමේදී දැඩි ආරක්ෂිත විධි විධාන යොදා තිබූ අතර ඡන්ද පෙට්ටි ගෙනයන වාහන පිළිබදව පොලීසිය විසින් සටහන් තබාගන්නා අයුරු

DSC_8442ජයග‍්‍රහණයක් බලාපොරොත්තුවන අපේක්ෂකයින් ඡන්ද විමසීම අවසානවීමත් සමගින් තමන්ගේ පක්ෂයේ කොඩි රැගෙන ප‍්‍රීති ඝෝෂා කරමින් සිටියේය.

DSC_8471
මාතර දිස්ත‍්‍රික්කයේ ඡන්ද ගණන් කිරීම සිදුකරන මාතර කාර්මික විද්‍යාලය අසල දැඩි ආරක්ෂිත විධි විධාන යොදා තිබණි. මැතිවරණ රාජකාරියේ නියුතු වාහනයක් ආරක්ෂිත කලාපයක් බවට පත් කර ඇති කාර්මික විද්‍යාලය දෙසට පැමිණෙමින්

ඡායාරූප – දිනිදු ද අල්විස්

වාර්තාව-සංජය නල්ලපෙරුම

සහාය – මාතර මාධ්‍ය නිවස

  • Share/Bookmark
Creative Commons

Comments

One Response to “දකුණේ ඡන්දයේ රූ සටහන්”