සාමාන්‍ය පෙළ සිසුන්ගේ ගණිත ප්‍රශ්ණ පත්‍රයේදී සිසුන්ට තරු පෙනේ
මෙවර සාමාන්යන පෙළ විභාගයේ නව විශය නිර්දේශය යටතේ සිසුන්ට ලබාදී ඇති ගණිත පශ්ණ පතයට පිළිතුරු දීමට ඇති කාල සීමාව කිසිසේත්ම පමාණවත් නොවන බැවින් විභාගටය පෙනී සිටි ළමුන්ට බලවත් අසාධාරණයක් සිදුව තිබෙන බවත් මේ නිසා විභාගයට පෙනී සිටි සිසුන්ට සාධාරණයක් ඉටුකර ගැනීම සදහා අධිකරණය හමුවට යෑමට කටයුතු කරන බවත් දෙමාපියෝ පවසති.
සාමාන්යෝ පෙළ විභාගයේ ගණිත පශ්ණ පතයේ දෙවන කොටසට පිළිතුරු දීම සදහා පැරණි විශය නිර්දේශය යටෙත් පැය තුනක කාල සීමාවක් ලබාදී තිබූ නමුත් නව විශය නිර්දේශය යටෙත් පිළිතුරු දීමට ලබාදීමට ලබාදී තිබුණේ පැය දෙකක කාලයක් පමණි.
ඒ අනුව එක් පශ්ණයකට පිළිතුරු දීමට තිබුණේ විනාඩි 12ක කාලයක් පමණි. මෙම කාලය පිළිතුර දීම සදහා කිසිසේත්ම පමාණවත් නොවන්නේයැයි විභාගයට පෙනී සිටි සිසුහු පවසති.
“ගණිත පශ්ණ පතයත් එක්ක විභාගය ගැන තිබූ සියලුම බලාපොරොත්තු සියල්ලම අතහැරියා. මේපාර විභාගය කරන්නන් වාලේ කළා. දෙවැනි පාරටත් සාමාන්යලපෙළ විභාගය නැවත වරක් ලියනවා.” බියගම පෙද්ශයේ සිට පාසල් යන කළණ පැවසුවේය.
“නව විශය නිර්දේශය යටතේ ළමුන්ට පශ්ණ පත ලබාදුන් අතර ඊට පෙර ආදර්ශ පශ්ණ පත ලබාදී තිබුනේ නැහැ. සැලසුමක් නොමැතිව කටයුතු කිරීම නිසා ළමුන්ට විභාගය අපහසු වුනා.” ලංකා ගුරු සංගමයේ සභාපති ජෝසප් ස්ටාර්ලින් මහතා පැවසුවේය.
ආදර්ශ පශ්ණ පත ලබානොදී ළමුන් අපහසුතාවට ලක්කිරීම සම්බන්ධයෙන් අධ්යා පන අමාත්යාං ශය වග කිව යුතු බවද හෙතෙම පවසයි.
“අපි අවුරුදු එකොළහක් ලමයි පාසල් යවලා සාමාන්යී පෙළ විභාගයෙන් හොද පතිඵලයක් බලාපොරොත්තු වෙනවා. ඒත් මේපාර විභාගයෙන් ළමයින්ට මොනවද වුනේ. ගණිතය පශ්ණ පතයට මුහුණ දුන් ළමයි නැවත පැමිණියේ විශාල මානසික පීඩනයකින් යුතුවයි.
ගණිත පශ්ණ පතයෙන් පසුව පැවති විශයන්ට පිළිතුරු දීමට තරම් හොද මානසිකත්වයක් ළමුන්ට තිබුනේ නැහැ. ගණිත පශ්ණ පතයෙන්ම ළමුන්දගේ මානසිකත්වය බිදවැටුනා. මේවායේ වගකීම ගන්නේ කවුද?” රාජගිරිය ජනාධිපති විද්යාළලයේ ඉගෙනුම ලබන සිසුවෙකුගේ පියෙක් වන පී. කේ. පේමරත්න මහතා පැවසුවේය.
අධ්යා පන අයිතීන් සුරකීමේ දෙමාපිය සංගමයේ සභාපති පේම් කුලතිලය මහතා පවසන්නේ අධ්යා පනය පෞද්ගලීකරණය කිරීමේ පියවරක් ලෙස මෙලෙස විභාග පශ්ණ පත වල ගැටලු ඇතිකරන බවය.
“අම්මලා තාත්තලා දුක් විදලා ළමයි පාසල් යවලා බලාපොරොත්තු වන පතිඵලය අද ලබාගන්න නොහැකි වෙලා තියෙනවා. සල්ලි වියදම් කරලා ළමුන්ට උගන්නලා අන්තිමේදී මුහුණ දෙන්නේ බෙහොම කණගාටුදායක ඉරණමකටයි.
මේක මහා ඛේදවාචකයක්.” කුලතිලක මහතා පවසන්නේය.
සාමණ්යා පෙළ විභාගයේ ගණිත පශ්ණ පතය අවලංගු කළ යුතු බව ස්ටාර්ලින් මහතා පවසන්නේය.
ඔහු කියා සිටින්නේ නැවත ගණිත පශ්ණ පතයක් සකස්කර එය ළමුන්ට ලබාදී සාධාරණයක් ඉටුකළ යුතු බවය.
නමුත් විභාග කොමසාරිස් කාර්යාලය නැවත වරක් ගණිත පශ්ණ පතයක් සකස්කර නැවත විභාගයක් පැවැත්වීමට සූදානම් නැත.
“ගණිත පශ්ණ පතය පිළිබදව මට කිසිම පැමිණිල්ලක් ලැබී නැහැ. පශ්ණ පත සකස්කරන්නේ ජාතික අධ්යා්පන ආයතනයයි. මේ ගැටලුව මට කිසිසේත්ම අදාල නැහැ.” විභාග කොමසාරිස් ජනරාල් අනුර එදිරිසිංහ මහතා කියයි.
“ජාතික අධාපන ආයතනයත් විභාග කොමසාරිස්වරයාත් දෙපැත්තට බෝල පාස්කරනවා. මෙයින් අවසානයේ පීඩාවට පත්වන්නේ ළමුන්.” ස්ටාෝර්ලින් මහතා පවසන්නේය.
සාමාන්යඅ පෙළ විභාගයේ ගණිත පශ්ණ පතය අපහසුවීමේ ගැටලුව සියලුදෙනාටම පොදුවේ බලපා තිබෙන බැවින් සමස්තයක් ලෙස ළමුන්ට අසාධාරණයක් සිදුව නැතැයි නුාෙග්ගොඩ ශාන්ත ජෝන් විද්යා ලයේ ගණිත ගුරුවරයෙක් වශයෙන් කටයුතු කරන අශෝක ගුණරත්න මහතා පැවසුවේය.
“උත්තර පත ඇගයීමේදී ළමුන්ට අසාධාරණයක් කරන්නේ නැහැ. පශ්ණ පතය අපහසුනම් එය සලකා උත්තර පත ඇගයීම් කරනවා.
පාසල් ළමුන්පගේ ගැටලු දේශපාලන වාසි ලබාගැනීම වෙනුවෙන් යොදාගත යුතු නැහැ.” හෙතෙම පවසයි.



