ළඟදීම මහ මැතිවරණයක්

January 28, 2010 by Editor  
Filed under English, Stories

මහ මැතිවරණය පවතින පාර්ලිමේන්තුව අවසානයට පෙර  පැවැත්වීමට නියමිත බව අමාත්‍ය සුසිල් පේ‍්‍රමජයන්ත මහතා බණ්ඩාරනායක අනුස්මරන සම්මන්ත‍්‍රන ශාලාවේ පැවති මාධ්‍ය සාකච්ඡාවකදී ප‍්‍රකාශ කර සටියේය. මේ වන විට ආණ්ඩුපක්ෂය මහ මැතිවරණයකට සූදානම් වෙමින් සිටින බවද පැවසුවේය.

ලක්ෂ 60 වැඩි ඡන්ද ප‍්‍රමාණයක් ලබාදෙම්න් ඓතිහාසික ජයග‍්‍රහණයක් ලබා දීම සඳහා දායක වූ සියලු දෙනා හට ස්තූතිය පල කර අමාත්‍යවරයා ප‍්‍රකාශ කර සිටියේ විදේශ ගත ලාංකිකයන් පවා ඡන්දය ප‍්‍රකාශ කිරීම වෙනුවෙන් නැවත පැමිණි බවයි.

ප‍්‍රතිවාදී ජනාධිපත් අපේක්ෂකයාගේ විශ්වසනීයත්වය ගැන මම දිගින් දිගටම කතා කළා. කෝටි 2 ට ආසන්න ජනතාවගේ වගකිම පැවරෙන පුද්ගලයගෙ වගකීමක් තියෙන්න  ඕන. ඔහු අවුරුදු 40 වෙනම පැත්තක ඉඳලා දේශපාලනයට එන්නේ. මම කියපු දේ ඔහු මැතිවරණය දවසේ ඔපුපු කළා. නාම යෝජනා බාරදෙන දවසේ නීතිය පිළීබඳව අවබෝධයක් නැතිනම් උපදෙස් ලබා ගන්න   ඕන .දෙසැම්බර් 17 වෙන්ච ඉඳලා මැතිවරණ දිනයේ අවසාන පැයේ කියනවා ඡන්ද නාම ලේඛනයේ නම නැහැ කියලා. තමන්ට ඡන්දය නැතිකෙනා මට ඡන්දය දෙන්න කියනවා. අමාත්‍යවරයා පැවසුවේය.

මෙම සාකච්ඡාවට සහභාගී වෙමින් අමාත්‍යවරයා ප‍්‍රකාශ කර සිටියේ විපක්ෂයේ පොදු අපේක්ෂකයා මැතිවරණ නීත් උල්ලංඝනය කළ බවයි.

23 වෙනිදා

රෑ12ට  ප‍්‍රචාරක කටයුතු ඉවර කරන්න කීවා. නමුත් ඊට පහු වෙනිදත් සරත් ෆොන්සේකා පුවත්පත් සාකච්ඡා 3ක් පැවැත්වූවා.ඔහු විතරක් නෙවෙයි හිටපු අගවිනිසුරු වරයත් විපක්ෂ නායකයත් ප‍්‍රකාශ නිකුත් කළා. මේ අය මැතිවරණ නීති උල්ලංඝනය කළා. පේ‍්‍රමජයන්ත් අමාත්‍යවරයා ප‍්‍රකාශ ක‍ළේය.

දේශපාලකයෙක් නොවූ පුද්ගලයකු දේශපාලකයකු කරන්නට ගත් වෑයම එක්සත් ජාතික පක්ෂය මෙන්ම ජනතා විමුක්ති පෙරමුණද දේශපාලන ඉතිහාසයේ ගත් විශෘලම වරද බවයි අමාත්‍යවරයා පෙන්වා දෙනු ලබන්නේ.

මැතිවරණය අවසානයේ පොදු අපේක්ෂකයා සිදු කළ ප‍්‍රකාශය පිළීබඳව අදහස් දක්වමින් අමාත්‍ය මෛත‍්‍රීපාල සිරිසේන මහතා ප‍්‍රකාශ කර සිටියේ දේශපාලනය පිළිබද නොදන්නා බැවින් එවැනි ප‍්‍රකාශන නිකුත් කරන බවයි.

මේ අයට පිළිගන්න බැහැ කියලා කියනවා. එහෙනම් අපි මේ රටේ හැම ඡන්ද පෙට්ටියකටම හොර ඡන්ද දාන්න  ඕන. අනික එකක්  දෙකක් නෙවෙයි.එ.න පෙන්නුම් කරන්නේ ඔහුගේ නොහැකියාව.ඒ නිසයි අපි කීවේ නොදන්න දේට ගිහින් වරිගෙ නහගන්න එපා කියලා. දේශපාලන රැස්වීම් වලට සහභාගී වෙන තරමින් ජයග‍්‍රහනය කරන්න බැහැ. මේකට හොඳම උදාහරණය තමයි 1977 මැතිවරණය.අමාත්‍ය සිරිසේන පැවසුවේය.

විපක්ෂ නායකයා මෙන්ම ජාත්‍යන්තර වශයෙන් පැවති මැතිවරණය සාධාරණ බව ප‍්‍රකාශ කළ නිසා සරත් ෆොන්සේකාගේ ප‍්‍රකාශ සම්බන්ධව කණගාටුව ප‍්‍රකාශ කරන බව අමාත්‍යවරයා පවසා සිටියේය. එමෙන්ම ආණ්ඩු පාර්ශවයෙන් ඔහුට කිසිදු තර්ජනයක් නොමැත් බවත් ඔහුගේ  ආරක්ෂාව වෙනුවෙන් අවශය සියලු දේ ලබා දෙන බවත් හෙතෙම පවසා සිටියේය.

එක්සත් ජාතික පක්ෂයේ සහ ජනතා විමුක්ති පෙරමුණේ දේශපාලන අනාගතය මෙයින් හොදටම පේන්න තියෙනවා. මැත්වරණ ඉතිහාසයේ රනිල් දිනලා තියෙනවා. එයා දැනගෙන හිටියා එයාටවත් පක්ෂයටවත් දිනන්න බැහැ කියලා. ඒ නිසා වෙන් කෙනෙක් ඇදගෙන ආවා.පහුගිය මැතිවරණයේදී රනිල් ගත්ත තරම්වත් සරත් ෆොන්සේකාට ගන්න බැරි වුණා. විපක්ෂයේ වඩාත්ම දතුටු වෙන්නේ රනිල් වික‍්‍රම සිංහ. හෙතෙම පැවසුවේය.

අපි ආශීර්වාද කරනවා රනිල් විපක්ෂනායක හැටියට එක්සත් ජාත්ක පක්ෂය් වැජඹෙන්න කියලා. ඔහු විධායකයේ අනිත් අයටත් කියයි මේ වගේ මොඩ වැඩ කරන්න් එපා මම කියන දේ අහපල්ලා කියලා. අනිත් අයට කිකකයි ගෙනල්ලා දාගත්තා දිනුවද මාව දැම්මනම් පරාද වුණත් මීට වඩා ඡන්ද ගන්නවා කියලා. අමාත්‍ය වරයා ප‍්‍රකාශ කළේය.

මෙම මාධ්‍ය සාකච්ඡාවේදී මතු වූ විශේෂ කරණක් වන්නේ ජනතා විමුක්ති පෙරමුණේ දේශපාලන අනාගතය පිළීබඳවය. අමාත්‍ය මෛත‍්‍රීපාල සිරිසේන  ප‍්‍රකාශ කරන්නේ ජනතා විමුක්ති පෙරමුණ නැවත නැඟිටීමට නොහැකි ආකාරයෙන් දේශපාලන කුණු කූඩයට වැටී ඇත.

ජතික නිදහස් පෙරමුණු නායක විමල් වීරවංශ ප‍්‍රකාශ කරන ආකාරයට ජනතා විමුක්ති පෙරමුණ නැවත් දෙශපාලනයට පැමිණෙන්නේ නම් මෙතිනින් ගැලවීමට අවශ්‍ය නම් පණ ගැහෙන රොහණ විජේවීරගේ ශරීරය පුළුස්සා දැමූ බොරැල්ල කනත්තෙ ආදාහනාගාරයට ගොස් දන ගසා දේශපාලනය ආරම්භ කළ යුතු බවයි.

මොනම විදියකින් හරි මේ අය දිනුවනම් මම මේ වෙද්දි කොහෙ හරි කටු සූප්පනවා. ආර්ථික විශේෂඥයෝ රට යවනවා කීවා. ජනාධිපතිතුමාව බෝගම්බර යවනවා කීවා. මේ අය දිනුව නම් එහෙම් මේ රට ලේ විලක් කරලා ඉවරයි. වීරවංශ සඳහන් කළේය.

සරත් ෆොන්සේකා ඇතුලු පිරිස සිනමන් ලේක් හෝටලයට ගොස් නවාතැන් ගත්තේ ඔවුන්ගේ සිහින්ය සැබෑ වේ යැයි අරමුණින් බවයි වීරවංශ  සඳහන් කරන්නේ.

මැතිවරණ දිනයේ හිටපු ජනාධිපතිනී චන්ද්‍රකා බංණ්ඩාරනායක කුමාරතුංගගේ ජනාධිපති ලේකම් කුසුම්සිරි බාලපටබැඳි වර්ථමාන ජනාධිපතිලේකම්ට කතා කරල කියනවා සරත් ෆොන්සේකාට දිවුරුම් දෙන්න වෙලාව ලෑස්ති කරන්න කියලා. ඇයි කිට්ටුම තැන හොයා ගත්තේ මේ අය දිනුවා නම් බලහත් කාරයෙන් මේ ඉන්න අයව එළියට ඇඳලා දාන්න.  ඒ නිසයි මේ ළඟම තැන හොයා ගත්තේ. නීති විරෝධී ආක්ෂකයොත් තීත්‍යානූකූල අයවයි හැමෝම අරගෙන කාමර හැත්තෑවකටත් වඩා අරගෙන නතර වුනේ.

ඔහුගේ ආරක්ෂාව වෙනුවෙන් නතර වූයේ නම් මේ තරම් කාමර ප‍්‍රමාණයක අවශ්‍යතාවය නොවන බවත් ආරක්ෂාව වෙනුවෙනු සියලු දෙනාම එකම තැන හැංගීමට අවශ්‍ය නොවන බවත හෙතෙම
ප‍්‍රකාශ කළේය.

නීතිය අභියොගයට ලක් කරන්න එයාට තියෙන අයිතිය මොකක්ද. මේ විදියට නීත් විරෝධී අවි ආයුධ දරණ අය සමඟ ඉන්න ඔහුගෙන් ප‍්‍රශ්න කරන්න ඔවුන්ව අත් අඩංගුවට ගන්න කියලා අපි ආරක්ෂක අංශවලින් ඉල්ලනවා. අමාත්‍ය වරයා සඳහන් කළේය.

එමෙන්ම මෙවර මැතිවරණයෙන් වෛරයට දුෂ්ඨකමට මහජනතාවගෙන් ඉඩ නොමැති බවත් මිනිහකු මෝඩ තීරණයක් ගතහොත් ඔහු විනාශ්‍යට පත් වන බවත් අනුවන තීරණ ග්ත්තොත්  වැරදෙන බවත් මිනිහෙක් ගොනාට අන්දලා අමාරුවේ දාන්න පුලුවන් කියන බව රනිල් වික‍්‍රමසිංහ හා සෝම වංශ අමරසිංහලා තේරුම් ගත් බවත් පැහැදිලිව පෙනෙන බව හෙතෙම පැවසුවේය.

ඔහුට යුධ වීරයෙක් විදියට වැජඹෙන්න තිබුණ අවස්ථාව ඔහු නැති කර ගත්තා. කොයි තරම් වේගයෙන් පිරීහිමට ලක් වුණාද . ජාතික වීරයෙක් විදියට ජීවිතාන්තය දක්වා රටේ වැජඹෙන්න තිබුණා  පුද්ගලයෙක්. අවසානයේ කියන්න තියෙන්නේ රට ගැන හිතපු අයට රට ගියා බඩ ගැන හිතපු අයට බඩ ගියා කියලා. වීරවංශ පැවසුවේය.

Minister Susil Premajayantha told a news conference on President Mahinda Rajapaksa’s victory at the Presidential election at the BMICH that the next general election would be held before the end of term of the current parliament. He added that the Common Presidential Candidate violated election laws during the election. Minster Maithripala Sirisena and NFF Leader and parliamentarian Wimal Weerawansa also addressing the news conference commented on the failure of the opposition candidate and his main political allies, the UNP and the JVP.

  • Share/Bookmark
Creative Commons

Comments are closed.