No Peace in Sight in Human-vs-Elephant War

August 4, 2010 by Editor  
Filed under English, Featured, Stories

KONWEVA, Sri Lanka, Aug 4 (IPS) – Dusk creeps over Konweva like a black shroud slowly draping over the village. The edges of its paddy fields, where the agricultural plains meet the surrounding thick shrubs, are first to be blanketed in the darkness. Already, there are signs that the night will not be peaceful.

Villagers in Konweva, located in north-western Kurunegala district some 150 kilometres from the Sri Lankan capital Colombo, eye one another anxiously as loud booms are heard across the fields. “They have begun to move,” Immihami Mudiyanse, a farmer, warns in hushed tones.

From the edge of an abandoned paddy field, we keep a watchful eye out for them – marauding elephants that have been wandering from their jungle habitat and wreaking havoc in the village.

Suddenly, Shanika Ekenayaka, one among the group keeping vigil that night, gestures urgently toward a spot in the horizon where the field ends and the jungle begins. A large shadow emerges nonchalantly from the shrubs and lumbers leisurely across the deserted field – oblivious to the loud firecrackers that go off intermittently, somewhere over the ridge of the jungle. A group of us squats just 500 metres away – the beast knows we are there, but does not care.

In stark contrast, we are visibly more nervous. Mesmerised by the magnificent figure in front of us, our heads twitch toward the jungle to our left every 10 seconds or so, cautious not to be caught off-guard by other rampaging elephants that could be heading straight toward us. “That wouldn’t be very good, would it?” Ekenayaka asks, rhetorically.

After 20 gut-wrenching minutes, the animal completes its amble across the field, and disappears as it appeared – merging into the darkness behind a dirt road. “Tonight there will be no sleep,” Mudiyanse says, as he heads back to his paddy fields to keep a night of vigil.

The hide-and-seek battle between the villagers and the elephants here is a common, but deadly, ritual. And Konweva is but one location where this deadly game is being played out.

According to government official Archchilage Weerasinghe, some 283 hectares of land have been cultivated in the Konweva area for paddy. But the elephants have impeded further development. “We don’t plant in an area of about 350 acres (142 hectares) because of elephants,” Weerasinghe says.

The elephants cross the paddy fields at will and trample the crops, villagers complain. Weerasinghe gave IPS a tour of some agricultural areas where the animals had roamed the week before. From a distance, it looked like the aftermath of a meteorite storm. The elephants have also destroyed hundreds of coconut trees lining the village, he explains.

It does not help that villagers are not entitled to compensation for damages to crops caused by the elephants if their fields are on government-owned land, which locals often use without permits.

In short, residents here say, elephants are far from the adorable creatures seen on television.

In July, a villager was trampled to death, and his wife injured, in an elephant attack. According to Weerasinghe, at least three villagers have been killed by elephants in the past year. In Sri Lanka, some 228 elephants and 50 humans were killed in human-elephant confrontations in 2009, say government reports.

“The government gives us crackers to light when they come, but they are of no use,” Weerasinghe laments. Each farmer receives four firecrackers a month, “not enough, not enough for even a day,” he says.

Some experts, like Jayantha Jayewardene of the Asian Elephant Specialist Group, believe the elephants might have wandered into villages here because they prefer secondary- growth forests, or those in the process of re-growth after having been used for agriculture or logging.

The abundance of food in villages like Konweva, where paddy harvests can remain stored inside residents’ homes for months, also provides incentive for the elephants to venture into these homes.

In fact, the elephants have shown a penchant for paddy that is at a particular age, “not young, but not mature enough for harvest,” says Deepani Kumudini, a Konweva resident. To keep the roaming herds from pillaging their produce, farmers are forced to harvest crops before they reach maturity.

Jayewardene suggests a possible solution: building electric fences to keep the animals out – a method that is used extensively here in Sri Lanka. But there could be far- reaching consequences. “One thing to bear in mind is that fencing can confine elephants to a small area and lead to starvation among the animals, especially when food is scarce during times like drought,” Jayewardene explains.

While experts encourage farmers to be more vigilant in watching over their crops, villagers argue that the extra effort results in excruciatingly low returns on investment from paddy cultivation.

In one case, 14 guards had to be employed on elephant watch, stationed in seven huts erected around a 1.6-hectare paddy field. “The labour cost, the time all put together, this is not worth it,” says Weerasinghe. To add to the farmers’ woes, paddy prices have fallen recently.

The villagers are adamant that the elephants are not native to the area: they were not seen here until some 20 years ago, they say. Some believe the first elephants were sighted in Konweva in March 1992 after the herds were forced to flee jungles in the north-east when Sri Lanka’s ethnic conflict erupted into an all-out war.

Wherever the elephants came from, villagers want them out – but that is unlikely to happen. For now, there is no solution in sight to make peace between human and beast, so the nightly ritual of elephant patrols by Konweva villagers continues.

  • Share/Bookmark

ගමම බිය වද්දා සද්ධන්තයන් රජ කරයි

August 2, 2010 by Editor  
Filed under Featured, Stories


ඔරලෝසුවේ තුනේ කණිසම වැදුනා. කෝන්වැව ප්‍රදේශයේ පදිංචි වැසියන් යුහුසුළුව සැරසෙන්නේ කුමකටද ? ජීවිතය යන්තමින් හෝ ගැට ගහගන්න කරන එකම ව්‍යාපාරයත් හරිහැටි කරගැනීමට නොහෙකි වෙන කොට මිනිස්සු කොච්චර නම් අපහසුතත්වයන්ට පත්වෙනවා ඇද්ද ? ප්‍රදේශයේ වැසියන්ට මේ වනවිට විශාල ප්‍රශ්න රාශියකට මුහුණ දෙන්න සිදුවෙලා.මේ හැම දේකටම හේතු වී ඇත්තේ වල් අලින්ගේ කඩා වැදීමයි.

මේවා මේ කපන්න තරම් පැහිච්ච ගොයම් ගස් නෙමෙයි එත් ඒවා පැහෙනකම් තියන්න බැහැනේ යයි කුරුණෑගල, අතනගල්ල ප්‍රදේශයේ පදිංචි දීපානි කුමුදුනි පැවසිය. පවසන ආකාරයටම සියල්ල නතු කරගැනීමට නොහැකි නිසා මමත් ඒ පැල දිහා බලන් හිටියා .ඇත්තටම ඒවා කපන්න තරම් ප්‍රමාණවත් තරමට පැහිල තිබ්බ ඒවා නෙමෙයි ඒත් පොලිසියෙන් කඩා වදින්නා සේ එකපාරටම මුළු ප්‍රදේශයම බියගන්වා කඩා පත්වෙන වල් අලින්ගෙන් ඒවා බේරගන්න තියන එකම ක්‍රමය මෙය ඇරෙන්න වෙන දෙයක් එයාල දැනන් හිටියෙත් නැ. සමහරක් දවස් වල හවස් වෙනකොට මුළු කුඹුරු යායම වැසෙන තරමට සන්දන්තයන් සියයක් දෙසීයක් තම වගාවන් යටකරගෙන සිටින බව ඔවුන් අපිට පැවසුවා. මහන්සියෙන් වගා කරපුව නිකරුනේ ව්නාශ වෙන්න දෙන්න පුලුවන්ද ?

දීපානි කුමුදුනි කෝන්වැව ප්‍රදේශයේ පදිංචිකාරියක් නොවුවත් ඇය මෙම ප්‍රදේශයෙන් විවාහයක් කරගැනීමට බලාපොරොත්තුවෙන් සිටින්නියක්. තම අනාගත ස්වාමියාගේ දියුණුවට දැන් පටන් අත්වැලක් වන්නට සිතා ඇය මෙහෙට විත් අත් උදව් දෙයි.

රජයට දැන් වුවත් වැඩක් උනේ නැ මේවා රජයට අයත් ඉඩම් නිසා අලින්ටත් ජිවත් වෙන්න අයිතියක් තියනවා කියල එයාල කිව්වා. වන ජීවි එකට දැන්වුවා ඒත් එයාලත් ඇවිත් බල බල යනවා විතරයි ගණන් ගන්නේ නැ. ඕනේ නම් මම කොළඹ එන්න උනත් ලෑස්ති මේ ගැන කතා කරන්න . මේ පැත්තේ ළමයින්ට ඉස්කෝලේ යන්නවත් විදියක් නැ. හවස තුන හතර වෙනකොට වල් අලි මේ පැත්තට එනවා ඉතින් ළමයින්ව ඉස්කෝලේ යවන්න බයයි යයි දීපානි කුමුදුනි තවදුරටත් පැවසිය.

තම බඩවියත රැක ගන්න වගාකළ සියල්ල එක පැත්තකින් විනාශ වෙද්දී තවත් පැත්තකින් වටිනා ජිවිත ගණනක් බිලි වෙමින් පවතී.ගොයම් විතරක් නෙමෙයි මුන් මේ පැත්තේ මිනිස්සු කීප දෙනෙක්වත් මරල තියනවා. ගිය සුමානේ මේ පැත්තේ ගෙදරකට වල් අලියෙක් පැනල ඒ ගෙදර ගැනු කෙනයි පිරිමි කෙනයි උදේ ගෙදරින් එලියට බහින්න දොර ඇරගෙන එලියට එනවත් එක්කම හොඩ වැලෙන් අබරලා අරන් වාසනාවකට ගැනු කෙනා හොඩ වැලෙන් ලිස්සල බිමට වැටිලා එයාගේ අතක් කැඩිලා දැන් කුරුණෑගල ඉස්පිරිතාලේ ඒත් අවාසනාවකට පිරිමි කෙනාව බිත්තියේ ගහල මරල දැම්මායයි කොන් වැව ප්‍රදේශයේ පදිංචි ඉමිහාමි මුදියන්සේ පැවසුවේය .

කිලිනොච්චියේ සිටි මොවුන් මෙහි පැමිණ ඇත්තේ කුරිරු ත්‍රස්තවාදයෙන් මිදී සුන්දර පවුල් ජිවිතයක් ගත කිරීමටය. එහෙත් සිදුව එත්තේ අලින්ට බිලිවිමටය. මොවුන් ජිවත් වුනේ ගොවිතැන ජිවනෝපාය කරගෙන නොවේ කුඩ හදලා.

කනින් ඇසු සියල්ල හිතේ රදවාගෙන ආපසු එන්න හැදු අපි ගමම හොල්ලන සද්ධන්තයන් දැක ගැනීමට කැළයට වැදුනි. ඔරලෝසුවේ කට්ට කැරකෙන්නා සේ හිතත් මුළු කුඹුරු යායවල් වටේ දුවද්දී  හැමදේම දැක ගැනීමේ අසාවෙන් අපි බලන් හිටියා. කොච්චර බලන් හිටියත් අපිට අපේ අරමුණ කරා යාමට යන්න බැරි උනා. ආපසු එන්නට හැරුණත් ඒ එක්කම වගේ අලින්ට ගහන වෙඩිල්ලක් පත්තු වුනා. පස්සට තිබ්බ කකුල ඉදිරියටම තියල නැවතත් ගමන  ආරම්භකළා. විශාල ගස් දෙකක් මැද්දෙන් හොඩවැල එහෙට මෙහෙට වන වන අලියෙක් මතු වුනා. උගේ ගමන නිරීක්ෂණය කරමින් ඉදිරියට ගියද මාර්ගය අනෙක් පස තිබු කැළයට ඌ වැදුන නිසා අපිට නැවත  දැක ගැනීමට නොහෙකි වුනා. විනාඩි කිහිපයක් ගත වුනා. කිලෝමීටරයක් දුරින් තවත් වල් අලි  තුන් දෙනෙක් අපට දැක  ගැනීමට හැකිවුනා. ඔවුන් ඒ ඇදෙන්නේ කුඹුරු තියන ප්‍රදේශයන් දෙසටය.

ගම්වාසීන් රැය පහන් කරන් පැල් බැදන්  බලා සිටින්නේ මොවුන් එනතෙක්ය. අතීත අදුරු මතකයන් පිසදා හෙට නැගෙන හිරුත් සමග සතුටු සිතින් ජිවත් වෙන්නට කොන් වැව ගම්වාසීන්කවදා හැකිවේවිද?


  • Share/Bookmark

සමෘද්ධිමත් හෙටක් උදෙසා වැව් ගම්මාන සුරකිමු

February 3, 2010 by Editor  
Filed under Featured, Stories

වියළි කලාපයේ පවතින දීර්ඝ කාලීන නියඟයට ඔරොත්තු දීමට නම් සාම්ප‍්‍රදායික වැව් ගම්මාන පද්ධතිය ආරක්ෂා කරගත යුතුව ඇතැයි පරිසරවේදීහු පෙන්වා දෙති.
‘‘වර්තමානය වන විට වැව් ගම්මාන පද්ධතිය විනාශ වී යාම හේතුවෙන් වියළි කලාපයේ ජනතාවට කෙටි නියඟකට පවා මුහුණ දීමට නොහැකි වෙලා.’’ පරිසරවේදී ආචාර්ය පී.බී ධර්මසේන ප‍්‍රකාශ කළේය. පසුගියදා පැවති ලෝක දේශගුණික විපර්යාසය පිළිබඳ වැඩමුථවට සහභාගී වෙමින් ඔහු මේ බව අවධාරණය කළේය.

‘‘සෑම වසරකදීම ජූනී මාසයේ සිට සැප්තැම්බර් මාසයේ අවසානය දක්වා වියළි කලාපයේ දැඩි නියගයක් පවතිනවා. මේ කාලය තුළදී ඵලදායි වැස්සක් ලැබෙන්නේ කලාතුරකින්. සියථ වනාන්තර හා ස්ථිර බෝග යැපෙන්නේ පසේ රැඳුණු තෙතමනය හා ජලය මගින්. මිනිසා ශාක සහ සතුන් මේ වාර්ෂික නියං සමයට හුරු පුරුදු වෙලා. අතීතයේදී වියළි කලාපයේ ගොවියා නියං කාලයට
ප‍්‍රයෝජනයට ගැනීමට කුඩා ජලාශ වල දිය එක් රැුස් කර තැබුවා. දැඩි නියං සමයක් නම් වැව් පත්ල වල ළිං හාරා ගත්තා.’’ එහෙත් විවිධ නූතන තාවකාලික ක‍්‍රම නිසා මේ වන විට තත්ත්වය වෙනස් වෙමින් පවතින බව ධර්මසේන පෙන්වා දුන්නේය.

‘‘දැන් වියළි කලාපයේ වැසියන්ට කෙටි නියගයකටවත් ඔරොත්තු දෙන්න බැහැ. මහ කන්නයේ සිටුවන බොහෝ  භෝග වර්ග මෙම නියං කාලයේදී ජල හිඟ කමින් මිය යනවා. මේ නිසා නියං කාලයේදී උස් බිම් වල පිහිටි ගෙවතු වල ශාක ආවරණයක් වත් ඇති වන්නේ නැහැ.’‘ ධර්මසේන ප‍්‍රකාශ කළේය. වියළි කලාපයේ කුඩා වැව් ගම්මාන පද්ධතියේ තිරසාර පැවැත්ම හේතුවෙන් කලින් කලට සිදුවූ පරිසර ව්‍යසනයන්ගෙන් ආරක්ෂා වීමට එය හේතුවක් වී තිබේ.
වැව් ගම්මාන බිහි වීම කෙරෙහි අභිමානවත් ඉතිහාසයක් ඇති බව ඉතිහාසඥයෝ පෙන්වා දෙති. අතීතයේ මිනිසා සිය අහාර අවශ්‍යතා සපුරා ගැනීම කෙරේ ජලය එක් රැුස් කිරීමට විවිධ ක‍්‍රම යොදා ගත්හ. විශේෂයෙන් වැසි ජලය එක් රැස් කිරීමට ඔවුහු උත්සුක වූහ. එහි ප‍්‍රතිඵලයක් ලෙස කුඩා වැව් බිහි වීම ආරම්භ විය. විශෙෂයෙන්ම මෙහිදී වඩාත් වැදගත් වන්නේ එල්ලංගා වැව් පද්ධතියයි. එල්ලංගා වැව් පද්ධතිය වඩාත් සුවිශෙෂී වන්නේ එය වියළි කලාපයේ ජලය කාර්යක්ෂමතාවයෙන් යුක්තව භාවිතා කිරීමට සුදුසු ක‍්‍රමවේදයක් බැවිනි. මෙම ක‍්‍රමයේදී ඉහළ පිහිටි වැව් වලින් නිකුත්වන සහ කාන්දු වන ජලය පහළ පවතින වැවේ එකතු කොට ගෙන එහි පහළ පවතින කුඔුරු සඳහා නැවත භාවිතයට ගැනීම සිදු කොට ඇත.

‘‘මෙම ක‍්‍රමය හොඳින් විස්තර කොට ඇත්තේ මහා පරාක‍්‍රමබාහු රජතුමා විසින්. එතුමාගේ ප‍්‍රසිද්ධ කියමනක් තියෙනවා. අහසින් වැටෙන එක දිය බිඳක් හෝ ලෝකෝපකාරයෙන් තොරව සාගරයට ගලා යාමට ඉඩ නොදිය යුතු බව. එය මේ සම්ප‍්‍රදායික වැව් ගම්මාන ක‍්‍රමය විස්තර කර ඇති හොඳම නිර්වචනයයි.’’ ධර්මසේන පැවසුවේය.
දෙදාළොස්වන ශතවර්ෂයෙන් පසුව වියළි කලාපය තුළ ජල ශිෂ්ටාචාරය කෙමෙන් විනාශ වන තත්ත්වයකට පත් විය. දේශගුණික විපර්යාස විදේශ ආක‍්‍රමණ දුර්භීක්ෂයන් පස නිසරු වීම හා ලවනතාව ඉහළ යාම වැනි හේතුන් මත වාරි පද්ධතිය පරිහානියට පත් විය. වැව් ගම්මාන පද්ධතියත් මේ සමඟ විනාශ වීම ආරම්භ විය.

‘‘වැව කියන්නේ ගමේ හදවත බඳුයි. වැව දුබල වුවහොත් ගම් වැසියාගේ ජිවිතය අනතුරේ. වැව අතහැර දැමීම නියඟයට අත වනනවා වගේ. වැව් ගම්මාන පද්ධතිය රැක ගැනීමට අවධානය යොමු කළ යුත්තේ ඒ නිසයි.’’ ධර්මසේන පැවසුවේය.
‘‘අතීතයේ සෞභාග්‍ය ඒ අයුරින්ම ලගා කර ලැනීමට අපට හැකියාවක් නැහැ. ඒත් අතීතයෙන් අපට ඉගෙන ගන්න පුථවන් පාඩම් බොහොමයක් තියෙනවා. තිරසාර සංවර්ධනයකට මේ දේ ගොඩක් වැදගත්. වැව් ගම්මාන අතීත තාක්ෂණයට අයිති දෙයක්. ඒත් මේ ක‍්‍රමය තව දුරටත් රැකගැනීම මඟින් වියළි කලාපයේ වැසියන්ගේ ජීවිත සමෘද්ධිමත් කළ හැකියි. විශේසයෙන්ම වියළි කලාපයේ වැසියන්ට නියගයට ඔරොත්තු දීමට හැකි පරිසරයක් බිහි කළ හැකියි.’’ ආචාර්ය ධර්මසේන අවධාරණය කළේය. ඒ සඳහා රජයේ විධිමත් මැදිහත් වීම සහ මේ පිළිබඳ ජනතාවගේ අවබෝධය වැදගත් බව ඔහු පෙන්වා දුන්නේය.

Environmentalists have pointed out the importance of protecting the traditional tank and village system in the dry zone. Environmentalist Prof. P.B. Dharmasena notes that the destruction of this traditional tank and village system has made it difficult for the people in the dry zone to face even a minor drought. Prof. Dharmasena observed that dry zone residents were currently unable to face a minor drought. He said that government intervention and creating awareness among people of the importance of the historical tank village system were needed to enable residents in the dry zone face drought conditions.

  • Share/Bookmark

කුරුදු වගාව රකින්නැයි දෙවොල් දෙවොල් දෙවියන්ගෙන් ඉල්ලීමක්

December 29, 2009 by Editor  
Filed under Featured, Stories

Cinnamon growers offer prayers

සුනාමියට වසර පහක් පිරුණු දෙසැම්බර් 26 වැනිදා උදෑසන කාලයේ හික්කඩුව නගරයෙන් පෙරහැරක් පිටත්වූයේය. හික්කඩුවේ සිට සීනිගම දේවාලය දක්වා මෙම පෙරහැර පැමිණෙමින් තිබුනේය.අලි ඇතුන් හා නැටුම් කණ්ඩායම් සහභාගී වී සිටි නමුත් මේ පෙරහැර වෙනත් පෙරහැරවලින් වෙනස් කමක් ගෙන තිබුනේය. සාමාන්‍ය පෙරහැරක දැකිය හැකි අංග අතරතට අලූත් විශේෂාංග එක්ව තිබුනේය.

සාමාන්‍ය පෙරහැරක ගමන්ගන්නා හස්තිරාජයා පිට ධාතු කරඩුවක් වඩම්මන නමුත් මෙම පෙරහැරේ ගමන්කළ හස්තිරාජයා පිට වූයේ ධාතු කරඩුවක් නොවේ.  වෙනත් පෙරහැරවල්වල ඇතා පිට නිලමේවරුන් ගමන්කරන නමුත් මේ පෙරහැරේ නිලමේවරුන් සිටියේ නැත. මේ වෙනුවට හස්තිරාජයා පිට ගමන්කළේ කුරුදු වගාකරුවෙකි. හස්තිරාජයා පිට ධාතු කරඩුවක් ගෙනයනවා වෙනුවට ගෙනගියේ කුරුදු මිටියකි. කත්වලින් කුරුදු රැුගත් කුරුදු වගාකරුව්න්ද පෙරහැරට එක්ව සිටියේය.

පෙරහැරකින් සීනිගම දේවාලය වෙත රැුගෙන ආ කුරුදු දෙවොල් දෙවියන් වෙනුවෙන් පූජා කිරීම සදහා දේව යාගයක්ද දේවාල භූමියේ පැවැත්වූනේය. ඒ සදහා දෙවියන් වෙනුවෙන් පහන් පැළක් ඉදිකර තිබූ අතර දේවාලයේ කපු මහතෙක් විසින් මල් පහන් පූජා කිරීමෙන් අනතුරුව කුරුදු වගාව ආරක්ෂා කර දෙන ලෙස දෙවියන්ගෙන් ඉල්ලා  සිටියේය. කුරුදු වගාකරුවන් එම දේවයාගයට සහභාගී වූයේ මහත් බැතියෙන් යුතුවය.

හික්කඩුවේ සිට සීනිගම දේවාලය දක්වා ගමන්කළ පෙරහැර වාර්ශිකව සංවිධානය වන නමුත් මේ පෙරහැරට වැඩි ඉතිහාසයක් නැත. පෙරහැර ආරම්භවීමට හේතුවී ඇත්තේ ලංකාවේ මුහුදුබඩ ප‍්‍රදේශවල ජනතාවගේ ජීවිත පමණක් නොව ආර්ථිකයද බිළිගත් සුනාමියයි. 2004 වසරේ පැමිණි සුනාමි දළ රළ පහරින් දකුණු පළාතේ කුරුදු වගාවට හානිසිදුවීමෙන් පසුව සීනිගම දේවාලයට පැමිණෙන කුරුදු පෙරහැර ආරම්භවී තිබේ.

‘‘සුනාමියෙන් විනාශවූ කුරුදු වගාව නැවත ආරම්භ කිරීමෙන් පසුව 2006 වසරේ සිට මෙම පෙරහැර පවත්වනවා.’’ සීනිගම දේවාලයේ කුරුදු පෙරහැර ආරම්භ කිරීමට මූලිකවී කටයුතු කළ අපනයන කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ සහකාර අධ්‍යක්ෂ ජානක ලිංතොට කීවේය.

‘‘2004 වසරේදී සුනාමියෙන් අපේ කුරුදු වගාවට හානි වුනා. නැවත ඒ වගාව ආරම්භ කිරීමෙන් පසුව එහි පළමු කොටස දෙවොල් දෙවියන් වෙනුවෙන් වෙන්කළා. දෙවියන්ට වෙන්කළ කොටස පූජා කිරීම සදහා නැවුම් කුරුදු මංගල්‍ය ආරම්භ කළා.’’ නැවුම් කුරුදු මංගල්‍යයට එක්ව සිටි කුරුදු වගාකරුවෙක් වන ගීතාල් විජේරත්න කීවේය.

මේ වසරේ නැවුම් කරුදු මංගල්‍ය සුනාමි පස්වන සැමරුම් දිනයේ පැවැත්වුන නමුත් එය සුනාමි සැමරුම් දිනයේදීම පවත්වන්නේ නැතැයි ලිංතොට සදහන් කළේය. ‘‘අවුරුද්දේ අවසාන සෙනසුරාදා දිනයේ තමයි දෙවොල් දෙවියන් වෙනුවෙන් පවත්වන නැවුම් කුරුදු මංගල්‍ය පවත්වන්නේ.’’

‘‘අපි හැම අවුරුද්දකම වගාවේ මුල් කොටස දෙවියන් වෙනුවෙන් වෙන් කරනවා. දෙවොල් දෙවියන්ට මුල්ම අස්වැන්න පූජාකිරීමෙන් අපි බලාපොරොත්තුවන්නේ කුරුදු වගාවට දෙවියන්ගේ අශිර්වාදය ලබාගැනීමයි. දෙවියන්ට අස්වැන්නේ මුල් කොටස පූජාකළ විට අපේ වගාවට ආරක්ෂාවක් ලැබෙතැයි අපි විශ්වාස කරනවා.’’ ඉමදුව ප‍්‍රදේශයේ කුරුදු වගාකරුවෙක් වන පේ‍්‍රමසිරි මායකඩුව කීවේය.

අවුරුද්දේ කුමක කාලයේ තමන්ගේ කුරුදු වගාවේ අස්වැන්න ලබාගත්තත් එහි මුල් කොටස දෙවොල් දෙවියන් වෙනුවෙන් වෙන් කිරීමට කිසි විටෙක අමතක නොකරන්නේයැයි කළුපේ එකමුතු රන් දෙරණ කුරුදු වගාකරුවන්ගේ සමිතියේ සභාපති බුද්ධදාස රණදේව කීවේය.

දකුණු පළාතේ පමණක් කුරුදු අක්කර දෙසීය පනහක් පමණ සුනාමියෙන් විනාශවී තිබුනේයැයි හෙතෙම පැවසුවේය. මේ නිසා පවුල් පන්සියයක් පමණ පීඩාවට පත්වූයේයැයිද ලිංතොට සදහන් කළේය. ‘‘සුනාමියෙන් කුරුදු වගාව විනාශවීම නිසා කුරුදු වගාකරුවන් මෙන්ම කුරුදු වගාව ආශී‍්‍රතව තම ජීවනෝපාය පවත්වාගෙන පුද්ගලයින්ට රැකියා අහිමිවීම නිසා ඔවුන් පීඩාවට පත්වුනා.’’ ලිංතොට කීවේය.

සුනාමියෙන් දකුණු පළාතේ කුරුදු වගාව විනාශවීම නිසා 2005 වසරේදී පමණක් රුපියල් මිලියන හතළිහක ආදායමක් රටට අහිමිවුනේයැයි ලිංතොට කීය.

සුනාමියෙන් විනාශවූ කුරුදු වගාව නැවත අරම්භ කිරීම සදහා ස්පාඤ්ඤ රතුකුරුස සමාජය හා ශ‍්‍රී ලංකා රතුකුරුස සමාජය සහාය දක්වා තිබුනේයැයි හෙතෙම කීවේය.

සුනාමියෙන් විනාශවූ දකුණ පළාතේ කුරුදු වගාව නැවත ආරම්භ කිරීම සදහා රුපියල් මිලියන හැත්තෑවක මුදලක් ලබාදුන්නේයැයි ශ‍්‍රී ලංකා රතුකුරුස සමාජයේ ජීවනෝපාය සංවර්ධන වැඩසටහනේ වැඩසටහන් නිලධාරී නිමල් සිල්වා කීවේය. මේ යටතේ කුරුදු ගොවීන් 387 දෙනෙකුගේ කුරුදු වගාව නැවත ආරම්භ කිරීමට හා හානිවූ වගාවන් නැවත ආරම්භ කිරීම සදහා ආධාර ලබාදුන් බවද හෙතෙම කීවේය.

සුනාමියෙන් විනාශවූ කුරුදු වගාකරුවන් නැවුම් කුරුදු මංගල්‍යයට මුලදී සහභාගී වූ නමුත් මේ වන විට දකුණු පළාතේම කුරුදු වගාකරුවන් මේ සදහා සහභාගී වෙයි. දකුණු පළාතේ කුරුදු වගාව ව්‍යාප්තව ඇති හික්කඩුව අම්බලන්ගොඩ වැනි මුහුදුබඩ ප‍්‍රදේශවල සිට මෙන්ම ඉමදුව වැනි මුදුහුබඩ ප‍්‍රදේශයෙන් ඇතුළට වන්නට පිහිටි ප‍්‍රදේශවල සිටින පුද්ගලයෝද මේවන විට සහභාගීවෙයි.

නැවුම් කුරුදු මංගල්‍ය පැවැත්වීම මගින් දේවාශීර්වාදය ලැබෙන ආකාරයටම ලංකාවේ කුරුදු වගාව පිළිබදව ලංකාවට පැමිණෙන සංචාරකයින්  දැනුවත් කිරිම හැකියාව ලැබී තිබන බවද ලිංතොට කීය. හික්කඩුව සංචාරක පුරවරයෙන් මෙම පෙරහැර ආරම්භ කරන්නේ ඒ නිසාවෙන් බවද ඔහු කීවේය.

‘‘ලංකාවේ කුරුදු ලෝකයේ හොදම තත්වයේ කුරුදු අතර නමක් දිනාගෙන තිබෙනවා. මේ නිසා හික්කඩුවේ මේ පෙරහැර ආරම්භ කිරීම මගින් සංචාරකයින්ට ලංකාවේ කුරුදු පිළිබදව දැනුවත් කිරීමට අවස්ථාවක් ලැබෙනවා.’’ ලිංතොට කීවේය.

නැවුම් කුරුදු මංගල්‍ය පැවැත්වීම මගින් දකුණු පළාතේ කුරුදු වගාකරුවන් අතර සුහදතාවය පවත්වාගැනීමට හැකියාව ලැබී තිබෙන බවද කුරුදු වගාකරුවෝ පවසති.

‘‘ගාදු දිසාව පුරා විහිදී සිටින කුරුදු වගාකරුවන් අතර එකමුතුකමක් ඇතිකිරීම සදහා මේ මංගල්‍ය හේතුවී තිබෙනවා.’’ විජේරත්න සදහන් කළේය.

ඉදිරියේදී නැවුම් කුරුදු මංගල්‍ය රාජ්‍ය උත්සවයක් බවට පත්කිරීමට කටයුතු කරන බවද නැවුම් කුරුදු මංගල්‍ය පැවැත්වෙන් අවස්ථාවේදී කුරුදු වගාකරුවන් අමතමින් අපනයන සංවර්ධන දෙපාර්තමේන්තුවේ සහකාර අධ්‍යක්ෂවරයා කීවේය.

Cinnamon growers organized a procession complete with elephants from Hikkaduwa to Seenigama on December 26 to offer prayers to the Gods. A cinnamon grower carried a bunch of cinnamon on an elephant to offer to the Gods at the Seenigama devala. The procession has been organized annually since 2006 after the 2004 tsunami that affected the lives and economy of the Southern people. At the ceremony cinnamon growers offer alms and call on the Gods to protect them and their crops till the next ceremony. However, the ceremony has also brought together cinnamon growers in many Southern areas.

  • Share/Bookmark

ගංවතුරින් නැගෙනහිර පළාතේ අසූ දෙදහසක් පීඩාවට පත්වේ

December 15, 2009 by Editor  
Filed under Featured, Stories

Flood in AmparaFloods wreck havoc in  the East

පසුගිය දින කිහිපය පුරා ඇදහැලූණු අධික වර්ශාව නිසා නැගෙනහිර පළාතේ පවුල් අසූදෙදහස් තුන්සිය දොළහක් පීඩාවට පත්ව ඇතැයි ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ පෙර අනතුරු දැනුම්දීම් අංශයේ නියෝජ්‍ය අධ්‍යක්ෂ ප‍්‍රදීප් කොඩිප්පිලි කීවේය.

වර්ශාව සමග ඇතිවූ අකුණු සැර වැදීම් නිසා අම්පාර තිරක්කාමනු ප‍්‍රදේශයේ එක් පුද්ගලයෙක් මියගොස් තිබෙන බවද හෙතෙම කීවේය.

අධික වර්ශාව සමග ඇතිවූ ගංවතුර තත්වය නිසා නැගෙනහිර පළාතේ පුද්ගලයින් රැුසක් අවතැන්ව සිටින අතර වැඩිම අවතැන් පිරිසක් මඩකලපුව දිස්ත‍්‍රික්කයෙන් වාර්තාවෙයි. මඩකලපුව දිස්ත‍්‍රික්කයේ පවුල් තුන්සිය තිහක පුද්ගලයින් හත්සිය හැත්තෑනමදෙනෙක් අවතැන්ව සිටින අතර ත‍්‍රිකුණාමලය දිස්ත‍්‍රික්කයේ පවුල් 123ක් අවතැන්ව සිටී.

ගංවතුර තත්වය වැඩියෙන්ම බලපා ඇති මඩකලපුව දිස්ත‍්‍රික්කයේ පවුල් 76 511 ක් ගංවතුරින් පීඩාවට පත්ව තිබෙන බවත් ත‍්‍රිකුණාමලය දිස්ත‍්‍රික්කයේ පවුල් 5 392 ක් පීඩාවට පත්ව සිටින බවත් ආපදා කළමනාකරණ ම්‍යස්ථානය පවසයි. ගංවතුර තත්වය නිසා අම්පාර දිස්ත‍්‍රික්කයේ පවුල් 409 ක්ද පීඩාවට පත්ව සිටී.

‘‘අධික වර්ශාව හා ගංවතුර තත්වය නිසා නිවාස රැසක් සම්පූර්ණයෙන්ම විනාශවී තිබනවා. තවත් නිවාසවලට අර්ධ හානි සිදුව තිබෙනවා.’’ කොඩිප්පිලි කීවේය.

මඩකලපුව දිස්ත‍්‍රික්කයේ නිවාස 92 ක් පූර්ණ වශයෙන් හානියට පත්ව ඇති අතර නිවාස 1033කට අර්ධ හානි සිදුව තිබේ. ත‍්‍රිකුණාමලය දිස්ත‍්‍රික්කයේ නිවාස 67 ක් සම්පූර්ණයෙන්ම විනාශවී ඇත. එහි තවත් නිවාස 257කට අර්ධ හානි සිදුව ඇතැයි ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය කියයි. අම්පාර දිස්ත‍්‍රික්කයේ නිවාස 24ක් සම්පුර්ණයෙන්ම විනාශවී ඇති අතර තවත් නිවාස 88කට අර්ධ හානි සිදුව ඇත.

නැගෙනහිර පළාතට දෙසැම්බර් 14 වැනිදා සිට ඇදහැලූණු අධික වර්ශාවෙන් මඩකලපුව අම්පාර හා ත‍්‍රිකුණාමලය යන දිස්ත‍්‍රික්ක තුනේ පදිංචිකරුවන් මේ වන විට අවතැන්ව සිටින බවද හෙතෙම කීවේය. මෙසේ අවතැන්ව සිටින වැඩිම පිරිස මඩකලපුව දිස්ත‍්‍රික්කයෙන් වාර්තාවන අතර මඩකලපුව දිස්ත‍්‍රික්කයේ චෙන්කලඩි වාකරේ වාලච්චේන කාත්තන්කුඩි කලවංචිකුඩි වව්නතිව් යන ප‍්‍රදේශවල මේ ආකාරයට පුද්ගලයින් අවතැන්ව සිටින බවද හෙතෙම සදහන් කළේය.

‘‘මඩකලපුව දිස්ත‍්‍රික්කයේ අවතැන්ව සිටින පුද්ගලයින් කදවුරු හතරක රදවා සිටිනවා.’’ කොඩිප්පිලි කීවේය.

ගංවතුර තත්වය නිවා අවතැන්ව සිටින පුද්ගලයින්ට අවශ්‍ය සහන සේවා සැපයීමට ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය මැදිහත්ව සිටින බවද මේ වන විට දිසාපතිවරු මාර්ගයෙන් ගංවතුරින් පීඩාවට පත්ව සිටින පුද්ගලයින්ට අවශ්‍ය සහන සේවා ලබාදීම ආරම්භ කර තිබෙන බවද ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය කියයි.

පසුගිය දින කිහිපය පුරා වායුගෝලයේ පැවති අඩු පීඩන තත්වය නිසා මේ නැගෙනහිර පළාතට අධික වර්ශාපතනයක් ලැබුනේයැයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ කාර්යයයේ නියුතු කාලගුණ විද්‍යාඥ ප‍්‍රීතිකා ජයකොඩි කීවාය. මෙම තතත්වය යටතේ මඩකලපුව දිස්ත‍්‍රික්කයට වැඩිම වර්ශාපතනයක් වාර්තාවී ඇතැයිද කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සදහන් කරයි.

‘‘දෙසැම්බර් 14 වැනිදා උැසන අටයි තිහෙන් ආරම්භවී දෙසැම්බර් 15 වැනිදා උදෑසන අටයි තිහෙන් අවසන්වූ පැය විසිහතර ඇතුළත මඩකලපුව දිස්ත‍්‍රික්කයට මිලිමීටර 241.7ක වර්ශාපතනයක් ලැබී තිබෙනවා.’’ජයකොඩි කීවාය.

නැගෙනහිර පළාතට ඇදහැලූණු අධික වර්ශාපතනය නිසා පළාතේ මාර්ග රැුසක්ම ජලයෙන් යටවී තිබූ අතර ඇතැම් ප‍්‍රදේශවල ගමනාගමනය නැවතී තිබුණි. එහෙත් දෙසැම්බර් 15 වැනිදා දහවල් වන විට ගංවතුර තත්වය පහළ යාමත් සමග මාර්ගවල ගමනාගමන කටයුතු යථා තත්වයට පත්ව තිබේ.

අම්පාර දිස්ත‍්‍රික්කයේ කුඹුරු අක්කර දෙදහසක් පමණ ගංවතුරින් යටවී ඇතැයිද වාරිමාර්ග ත්‍දපාර්තමේන්තුවේ අම්පාර දිස්ත‍්‍රික් කාර්යාලය පැවසුවේය.

මාස ගණනාවක් තිස්සේ පැවති නියගයෙන් පසුව ඇදහැලූණු වර්ශාව සමගින් සිදී ගොස් තිබූ අම්පාර ප‍්‍රදේශයේ ඇති වැව් පිරී ඉතිරීයන්නට විය. ගල් ඔය ව්‍යාපාරයේ ඇති සියලූම කුඩා වැව් මේ වන විට පිරී වාන් දමමින් තිබෙන බව වාරිමාර්ග ත්‍දපාර්තමේන්තුවේ අම්පාර දිස්ත‍්‍රික් කාර්යාලයේ අම්පාර කලාප අධ්‍යක්ෂ වාරි ඉංජිනේරු සමන් වීරසිංහ පැවසුවේය.

‘‘මේ වන විටත් අම්පාරේ තිබෙන කුඩා වැව් දහඅටක් වාන් දමනවා.’’ වීරසිංහ කීවේය.

පසුගිය කාලයේ පැවති නියං තත්වය සමගින් ඔක්තෝම්බර් මාසය වන විට පරාක‍්‍රම සමුද්‍රයේ ජල මට්ටම අක්කර අඩි තිස්පන්දහස දක්වා පහළ බැස තිබූ අතර මේ වන විට එහි ජල මට්ටම අක්කර අඩි දෙලක්ෂ හැත්තෑහ දහස් තුන්සිය දාසයක් දක්වා ඉහළ ගොස් ඇතැයි වීරසිංහ කීවේය.

‘‘ඊයේ(දෙසැම්බර් 14වැනිදා) දිනයේ පමණක් ජල මට්ටම අක්කර අඩි විසිහත්දහසකින් ඉහළ ගොස් තිබෙනවා.’’ වීරසිංහ සදහන් කළේය. මේ ආකාරය දිගින් දිගටම අධික වර්ශාපතනයක් වාර්තාවුවහොත් ජනවාරි මාසය වන විට පරාක‍්‍රම සමුද්‍රය වාන් දැමීම අරඹනු ඇතැයි වීරසිංහ කීය.

‘‘පරාක‍්‍රම සමුද්‍රය වාන් දැමීමට තවත් වතුර අක්කර අඩි පක්ෂ පහක් පමණ එක්විය යුතුයි. මේ ආකාරයට දිනපතාම වර්ශාව ලැබුණහොත් ජනවාරි මාසය වන විට වාන් දමන තත්වයක් ඇතිවිය හැකියි.’’ඔහු කීවේය.

පසුගිය දින කීපය තුළ වායුගෝලයේ පැවති අඩු පීඩන තත්වය නිසා එක්වරම නැගෙනහිර පළාතට අධික වර්ශාපතනයක් වාර්තාවුවත් මේ වන විට වායුගොලීය පීඩන තත්වය පහව ගොස් ඇතැයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. වායුගෝලයේ පැවති අඩු පීඩන තත්වය කැළඹීම් ස්වභාවයක් බවට පත්ව තිබෙන්නේයැයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ කාර්යයේ නියතු කාලගුණ විද්‍යාඥවරිය කීවාය.

‘‘අධික වර්ශාපතන තත්වය ඉදිරි දින දෙක තුළ ක‍්‍රමයෙන් අඩුවෙතැයි අපි බලාපොරොත්තුවෙනවා. එක් වරම වර්ශාව නවතින්නේ නැතත් ක‍්‍රමයෙන් වර්ශාපතනය අඩුවෙතැයි විශ්වාස කරනවා.’’ ඇය කීවාය.

ඊසාන දිග මෝසම් සුළං තත්වය යටතේ තවදුරටත් නැගෙනහිර පළාතට වැසි ලැබිය හැකි බවත් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

Heavy rains in the East have affected 82,312 families in the Province, Disaster Management Center said. Batticaloa District is the worst affected area with 76,511 families being affected and 330 families displaced by floods. The displaced are housed in four camps in Batticaloa. Over 1,000 houses have either been completely or partially destroyed in Battacaloa. In the Trincomalee District, 123 families have been displaced by floods while destroying over 300 houses completely or partially. The Meteorological Department says the Eastern Province could receive more rains from the North Eastern monsoon.

  • Share/Bookmark

සෙවණගල උක් ගොවියාගේ අද දවස

November 18, 2009 by Editor  
Filed under Featured, Stories

Suger mainSevenagala Today

සෙවණගල කියන විට අපගේ මතකයට නැගෙන්නේ සෙවණගල සීනි කම්හල. දේශීය ආර්ථිකයට වගේම සැමගේ දිව පැණි රසයෙන් පිනවන්නට සීනි වලින් ලැබෙන්නේ මහඟු පිටිවහළකි. සීනි නිපදවීම සඳහා යොදා ගන්නේ උක් ශාඛය. සෙවණගල අවට ප‍්‍රදේශවල අක්කර 25000ක් පමණ ප‍්‍රමාණයක ගොවියන් 7000ක් පමණ උක් වගාව සිය ජීවනෝපාය මාර්ගය කරගෙන තිබේ.

80 දශකයේ අග භාගයේදී උක් වගා කරන ගොවීන් සෙවණගල සීනි කම්හල අවට විවිධ ප‍්‍රදේශවල පදිංචි වී ඇත. ඒ එවකට පැවති රජයේ මැදිහත් වීමෙනි. නම්මුණි ආරච්චිගේ නන්දසේනත් එවැනි පදිංචි කරුවෙකි. අවුරුදු 18ක කාලයක සිට ඔහු උක් වගා කරමින් තම දරු පවුල නඩත්තු කරන්නනේය.

‘‘දැන් අපි මෙහාට ඇවිල්ලා අවුරුදු 19ක් වෙනවා. මුලදි එද්දි ගණ කැලෑව තිබුණේ. ඒ කාලේදී අලින්ගෙන් අපේ වගාවන් බේර ගන්න බැරි වුනා. ඊට පස්සෙ තමයි මේ කැලෑව එළි කරල අපිට උක් වගා කරන්න සීනි සමාගමෙන් මේ ඉඩම්වල බිම් සකස් කරල දුන්නේ. එදා ඉඳල තමයි අපි මේ විදියට උක් වගාව දිගටම කරගෙන ආවේ.” නන්දසේන පවසන්නේය.

සෙවණගල සීනි කම්හල පවත්වා ගෙන ගියේ රජය මගිනි. නමුත් දැන් එය පෞද්ගලික අංශයට පවරා දී තිබේ. ඒ අනුව මේ ගොවියන්ට අවශ්‍ය පහසුකම් සෙවණගල සීනි කම්හලෙන් ලබා දෙනු ලැබේ. නමුත් තවමත් මේ ඉඩම්වල අයිතිය ගොවියන්ට පවරා දී නොමැත.

‘‘මේ ඉඩම් අපිට රජයෙන් දුන්නේ. ඒත් තාම බලපත‍්‍රයක් එහෙම දීල නැහැ. අපි මේ ඉඩම්වල උක් වගා කරල දැන් ඒ පෞද්ගලික ආයතනයට දෙනවා. එහෙන් තමයි අපිට උදව් කරන්නේ. උදව් කියන්නේ ඉතින් බිමි සකස් කරලා දෙනවා. පොහොර දෙනවා. ඒවාට අවශ්‍ය වල්නාශක ඒ සියලූම දේවල් දෙනවා. දීල ඉතින් ඒවාට අපෙන් සියයට දහ අටක පොලියකුත් එක්ක අය කර ගන්නවා.” නන්දසේන එසේ විස්තර කරයි.

උක් වගාව ආරම්භයේදී අවශ්‍ය තරම් ප‍්‍රමාණයට වර්ෂාව නොලැබීම නිසා එය වගාවේ වර්ධනයට බාධාවක් වි ඇත. ‘‘මෙහාට ඉතින් වැස්ස වහිනවා අඩුයි. පැළ වර්ධනය වෙන කාලෙට  ඕන කරන තරම් වතුර නැති වුනොත් වගාව සාර්ථක වෙන්නේ නෑ. අපි ඉතින් උඩවළව ජලාශයෙන් ඇළවල් දිගේ එන වතුර  තමයි දමන්නේ. ඒ විදියට ඉතින් ගොඩාක් මහන්සි වෙන්න  ඕන වගාවක් කරන්න.” නන්දසේන එසේ පවසයි.

ඇතැම් අවස්ථාවල ස්වභාවික උවදුරු වගේම රෝග වැළදීමෙන් මේ ගොවියන්ගේ උක් වගාවන් විනාශ වී ඇත. නන්දසේනගේ උක් වගාවටත් කිසියම් රෝගයක් වැළදීම නිසා කාලයක් තිස්සේ වගා කටයුතු නවතා දැමීමට සිදු වී ඇත.

‘‘උක් වගාවට ජී.එස්.ටී. කියලා රෝගයක් හැදෙනවා. මේක මගේ වගාවටත් හැදුනා. අක්කර 4ක උක් වගාව විනාශ වුනා. ඒ රෝගය හැදුනම ගහ සුදුපාට වෙනවා. නිකන් මල් ගහක් වගෙයි. ඊට පස්සේ ගහ මැරිලා යනවා. ඒක ස්වභාවිකවම නැතිවෙලා යනවා. නැතුව ඒකට බෙහෙත් නෑ. දැන්නම් ටිකක් ඒක අඩුවෙලා යනවා. ඉතින් ගොඩාක් කාලෙකට පස්සේ මේ සැරේ තමයි ආපහු උක් වගා කරන්න පටන් ගත්තේ.” නන්දසේන පවසන්නේය.

අවුරුදු 54ක් වයසැති උංගා කට්ටඩිගේ ගුණදාසත් අක්කර හතරක් උක්වගා කරන ගොවියෙක්. තම වගාවන් කිරීමට  ඕන කරන මිනිස් ශ‍්‍රමය ලබා ගැනීමට අපහසු වීම නිසා ඔවුන් දැඩි අපහසුතාවලට මුහුණ දෙන බව ඔහු පවසයි.

‘‘කුලී කාරයෝ සොයා ගන්න බැරි එක තමයි ගැටළුව. කපන කාලෙට සෙනග හොයාගන්න බැරි කම තමයි හුඟක් දුරට බලපාන්නේ. ඉතින් වගාවක් කපන්න මාස දෙකක් එක හමාරක් යනවමයි අනිවාර්යෙන්ම. අපි ඉතින් තුන්දෙනා කල්ලිය, හතරදෙනා කල්ලිය ඒ විදියට කල්ලි හැදිල තමයි වැඩ කරන්නේ. බොහොම අමාරුයි කට්ටිය හොයාගන්න. ඒ අයටත් රුපියල් 650ක් 700ක් විතර දෙන්න  ඕන ටොන් එකක් කපල පටවපුවහම.” ගුණදාස පවසන්නේය.

උක් වගා කටයුතු සඳහා පිරිමින් වගේම කාන්තාවන්ගෙන් ද ලැබෙන්නේ ලොකු සහයෝගයකි. මේ නිසා දවසේ වැඩි ප‍්‍රමාණයක් කාන්තාවන් වගා කටයුතුවලට යොමු වීම හේතුවෙන් පවුලේ අනෙකුත් වැඩ කටයුතු බොහෝ දුරට අතපසු වී තිබේ. විශේෂයෙන් ළමයින් පිළිබඳව අවධානය යොමු කිරීමට ලැබෙන්නේ අඩු කාලයක් වීම ඔවුන්ට ගැටළුවක් වී ඇත.

‘‘මාස ගණනක් යනකම්ම වගාවේම තමයි. වෙන කුලියකට යන්නවත් වෙලාවක් නෑ. උක් දඬු හිටවල ඊට පස්සේ බැරල්වලට වතුර පුරවලා ඒවාට තෙල් දිය කරලා ඊට පස්සෙ හතර පස් දෙනෙක් දමලා තෙල් ගහන්න  ඕන. තෙල් ගහල මාසෙකින් පොහොර ගහන්න  ඕන. ආයිමත් මායිම්පැළ ගලවන්න  ඕන. මේ විදියට තමයි ඉතින් අපි ජීවත් වෙන්නේ. මේවට මහන්සි වුනාම ඉතින් ගෙදර වැඩ කටයුතු ගොඩාක් මග ඇරෙනවා. ළමයි පන්ති ගිහින් එන කොට රෑ වෙනවා. මේ පැත්තේ හරියට බස් එකක්වත් නෑ. යන්න එන්න හරියට පාරක් නෑ. තිබුණත් යන්න එන්න අමාරුයි. ළමයි පන්ති ගිහින් එන කොට ත‍්‍රී විල් එකකින් තමයි ගොඩාක් දුරට එක්කන් එන්න යන්න වෙන්නේ. අමාරුවෙන් දුක් විඳල හම්බකර ගන්න සල්ලි ඉතින් ඒවාට තමයි යොදවන්න වෙන්නේ. එහෙම අමාරුවෙන් තමයි අපි ජීවත් වෙන්නේ.” මල්පගේ අනුලා පවසන්නීය.

මේ ප‍්‍රදේශ වියළි කලාපයට අයත් නිසා වර්ෂාව ලැබෙන්නේ අඩු වශයෙනි. ඒ් නිසා වගාවන් වලට වගේම පානීය ජල අවශ්‍යතා සපුරා ගැනීමේ දී මේ ජනතාවට ඉතා දුෂ්කර තත්ත්වයන්ට මුහුණ දීමට සිදු වී ඇත. මේ හේතුවෙන් ඇතැමුන් දරුණු ලෙඩ රෝගවලට පවා ලක්වීමේ වැඩි අවධානමක් මේ ප‍්‍රදේශවල පවතී.

‘‘අපිට ගොවිතැනක් කර ගන්න හරියට වතුරවත් නෑ. බොන්නවත් වතුර නෑ. අපි බොහොම අමාරුවෙන් තමයි ජීවත් වෙන්නේ. උඩවළව ජලාශයෙන් ඇළ දිගේ එන වතුර තමයි අපි පාවිච්චි කරන්නේ. මේ ඇළ වැහුවොතින් නාන්නවත් නෑ අපිට. බොන්නේත් ඉතින් ඇළෙන් ගේ්න වතුර තමයි. ඒවගෙන් ඉතින් ලෙඩත් හැදෙනවා. වකුගඩු අමාරුව හැදෙනවා. මුත‍්‍ර අමාරුව ඒවත් හැදෙනවා ඉතින් කට්ටියන්ට. ඒ වගේ තත්ත්වෙක තමයි ජීවත්වෙන්නේ.” පද්මානි විජේසිංහ එසේ පවසන්නීය.

මේ විදියට බොහෝ අමාරුවෙන් පවත්වාගෙන එන උක් වගාව අනාගතයේදී කිසියම් අර්බුදයකට මුහුණ දීමේ අවධානමක් පවතී. තරුණ පරපුර මේ සඳහා යොමුවීම අඩු වීමත් ඊට එක් හේතුවක් වී ඇත.

‘‘කවදක හරි ඉතින් සෙවණගල උක් වගාව නැති වුණොත් එහෙම අපිට ජීවත් වෙන්න ක‍්‍රමයක් නෑ. දැන් තරුණ අය, ඔය ළමයිනම් කැමති නෑ උක් වගා කරන්න. මේක ටිකක් අමාරු කාර්යයක්නේ. කපන්න අමාරුයි, වගාවන්වල වැඩ කරන්න අමාරුයි. ඒ නිසා ඒ අය අකමැතියි මේකට. කොටසක් කැමති අයත් ඉන්නවා. ඒ කියන්නේ අපෙන් පස්සෙ නම් මේක කරන අය අඩුයි ඉතින්. එහෙම වුනොත් ඉතින් උක් වගාවත් ඉවරයි. සීනි කාලත් ඉවරයි.” නම්මුණි ආරච්චිගේ නන්දසේන එසේ ද පවසන්නේය.

  • Share/Bookmark

කැබිතිගොල්ලෑවේ වැසියන් ආරක්ෂක වැට පැනීමට සූදානමින්

November 9, 2009 by Editor  
Filed under Featured, Stories

KabithigollawaKabethigollawa waits to cross the ‘line’

කැබිතිගොල්ලෑව යන නම කියූ සැනින් ලංකාවේ සිටින  ඕනෑම අයෙක්ට මතක් වන්නේ කැබිතිගොල්ලෑවේදී පුපුරාගිය බස් බෝම්බයයි. පුද්ගලයින් 64 දෙනෙකුට මරු කැදවමින් 2006 වසරේ ජුනි 15 වැනිදා පුපුරාගිය බස් බෝම්බය සමගින් කැබිතිගොල්ලෑව ගමම බියෙන් ඇලලී ගියේය. කැබිතිගොල්ලෑව ගම් වාසීන් තමන්ගේ ගම් බිම් අතහැර තාවකාලිකව වෙනත් ස්ථානයක පදිංචියට ගියේ මේ බිය ජනක තත්වය නිසාය. බස් බෝම්බය සමගින් කැබිතිගොල්ලෑව බියෙන් ඇලලීගියවුන්ගේ ගමක් බවට පත්වූවේය. රතිඤ්ඤා හඩටත් මේ ගමේ වැසියන් බියට පත්වන තත්වයක් උදාවුනේය.

ක්ලේමෝ බෝම්බය පුපුරායාමත් සමගින් කැබිතිගොල්ලෑව ගම වටා ආරක්ෂක වැටක් ඉදිවුනේය. ගම් වැසියන්ගේ නිවාස ආරක්ෂාවන පරිද්දෙන් මේ ආරක්ෂක වැට ඉදිවූ නමුත් ගම් වැසියන්ගේ ප‍්‍රධාන ජීවනෝපාය බවට පත්ව තිබූ ගොවිතැන් කටයුතුව අඩපනවුනේය. ඒ ආරක්ෂක වැට ඉදිව තිබුනේ ගම්මුන්ගේ ඇතැම් කුඹුරුවලට මෙපිටින් වන නිසාය.

යුද්ධයේ උනුසුම පහව ගොස් රටම සාමාකාමී වන විට රටේ ජනතාවගේ ජීවනෝපායන් සාමාන්‍ය අතට පත්වෙමින් තිබෙයි. නමුත් තවමත් කැබිතිගොල්ලෑවේ ගම්මුන්ට තවමත් කුඹුරු ගොවිතැන් ආරම්භ කිරීමට අවස්ථාව ලැබී නොමැත්තේය. ඒ ආරක්ෂක වැටෙන් පිටතට ගොස් තමන්ගේ කුඹුරු වැඩ ආරම්භ කිරීමට ගැමියන්ට තවමත් අවසර නෙැමැති බැවිනි. මේ ආරක්ෂක වැට ගම්මුන් හදුන්වන්නේ ලයින් එක ලෙසින්ය.

‘‘ආරක්ෂක හේතු නිසා කුඹුරු කරන්න ලයින් එකෙන් පිටතට යන්න දෙන්නේ නැහැ. ගම ඇතුලේ  ඕනම දෙයක් කරන්න පුළුවන්.’’ යකා වැව ගමේ සමන්ත නිමල් පැවසුවේය.

කැබිතිගොල්ලෑවේ සිටින ගැමියන්ගේට දැන් එකම බලාපොරොත්තුවක් ඉතිරිව තිබේ. ඒ වෙන කිසිවක් නොවේ. ආරක්ෂක වැටෙන් එපිටින් පිහිටි තමන්ගේ කුඹුරු වෙත ගොස් ගොවිතැන් කටයුතු ආරම්භ කිරීමයි .තමන් දන්නා කියන කාලයේ සිට ජීවිතය රැුකගත් කුඹුරු ගොවිතැන් ආරම්භ කිරීමට කැබිතිගොල්ලෑවේ සිටින වැසියන් ඇගිළි ගනිමින් සිටී.

ආරක්ෂිත වැටට පිටින් කුඔුරු අක්කර සියයක් පමණ ඇතැයි ගම් වැසියෝ පවසති. ආරක්ෂක වැටට පිටින් ඇති කුඹුරු සදහා ජලය ලබාගන්නා වැව් තුනම මේ වන විට විනාශ වී ඇතැයිද ගම් වැසියෝ කියති.

කුඹුරත් සමගින සමීප සම්බන්ධතාවයක් ඇති මොවුන්ට නැවත වරක් කුඹුරට යාමට හැකියාව ලැබෙන්නේනම් එය තමන්ගේ ජීවිතය නැවත වරක් ආරම්භ කිරීමක් වැනියැයි ගම් වැසියෝ කියති.

‘‘මට ස්ථිර රස්සාවක් නැහැ. අපිට ලයින් එකෙන් පිටතට යන්න අවසර තියෙනවානම් අදේට හරි කුඹුරු වැඩ කරලා කීයක් හරි හොයාගන්න පුළුවන්.’’ නිමල් කීවේය. නිමල්ගේ බිරිදද කුලී වැඩකියන් මුදල් උපයාගන්නීය. ලයින් එකෙන් පිටත ඇති කුඹුරු අස්වැද්දීමට අවස්ථාව ලැබෙන්නේනම් කුලී වැඩ කිරීමෙන් උපයන ආදායම වැඩි කරගැනීමට හැකියාව ලැබෙන්නේයැයි ඔහු සදහන් කළේය.

මේ වන විට ආරක්ෂක වැටට පිටින් ඇති ප‍්‍රදේශයේ බිම් බෝම්බ ඉවත් කිරීම් කටයුතු සිදුකර අවසන් නොමැති බැවින් ආරක්ෂක වැටට පිටින් ඇති කුඹුරු වෙත යාමට අවසර ලබාදී නැතැයි කැබිතිගොල්ලෑව ප‍්‍රාදේශීය ලේකම් චම්පික ධර්මපාල පැවසුවේය.

‘‘මේ වන විට යකා වැවට ආසන්නයේ පිහිටි කණුගහ වැවේ බිම් බෝම්බ ඉවත් කිරීම් සිදුකරනවා. එහි බිම් බෝම්බ ඉවත් කිරීමේ කටයුතු අවසන් කිරීමෙන් පසුව යකා වැවේ බිම් බෝම්බ ඉවත් කිරීමේ වැඩ කටයුතු ආරම්භ කරනවා. ඒ ප‍්‍රදේශයේ බිම් බෝම්බ ඉවත් කිරීමෙන් පසුව ගොවිතැන් කිරීමට යාමට අවස්ථාව ලැබෙනවා.’’ කැබිතිගොල්ලෑව ප‍්‍රාදේශීය ලේකම්වරයා කීවේය.

හෙට ගැන බලාපොරොත්තු තබා සිටින යකා වැවේ ගම්වාසීන් තවමත් ගමන් බිමන් යන්නේ ගමට ඇති එකම ලංගම බස් රථයෙනි. මේ බස් රථය දකින යකා වැවේ මිනිසුන්ට ඇතිවන්නේ හෙට දවස පිළිබදව වන බලාපොරොත්තුවක් නොව අතීතයේ අමිහිරි මතකයයි.

‘‘අපිට මේ බස් එක දකින හැම වෙලාවකම මකත් වෙන්නේ අපේ ගමේ මිනිස්සු හැට හතරදෙනෙක් මිය ගිය එකයි. යුද්ධය ඉවර වුනත් බස් එක දකින දකින වාරයකම ඒ දේවල් අපිට මතක් වෙනවා.’’ යකා වැවේ ඒ. කුසුමාවතී පැවසුවාය. මෙහි සිටින ගම් වැසියන් තවමත් සිටින්නේ බියටපත් සිතිනි. ගම ආසන්නයේ ඇති හමුදා කදවුරක බිම් බෝම්බ තොගයක් පුපුරවා හැරි ශබ්දයට ගමේ ඇතැම් ළමුන් බියට පත්විය.

බස් බෝම්බයෙන් පසුව යකා වැවට යන බස් රථයම වෙඩි නොවදින තහඩුවලින් ආවරණය කළේය. ලංකාවේ බෝහෝ තැන්වල තිබූ ආරක්ෂක මුර කපොලූ ඉවත් කරද්දී තවමත් යකා වැව ගමට යන බස් රථයේ සවිකර තිබූ වෙඩි නොවදින තහඩු ඉවත්කර නොමැත්තේය.

‘‘සෙනග ගොඩක් යන වෙලාවට බස් එක ඇතුළේ උස්ණය ඉවසන්න බැහැ. ජනෙල් දෙක තුනක් විතරක් ඇරගෙන යන නිසා බස් එක ඇතුළේ දාඩිය දානවා.’’ කුසුමාවතී කීවාය. බස් රථයේ සේවය කරන රියදුරු අසනීප වූ විට දින දෙක තුනක් එක දිගට බස් රථය ධාවනය වන්නේ නැත. පැරණි මතකයන් අමතක කිරීම සදහා ගමට අලූත් බසයක් ලබාදෙන්නැයි ගම්වැසියෝ ඉල්ලා සිටිති.

කැබිතිගොල්ලෑව බස් බෝම්බයෙන් පසුව අසරණවූ ගම් වැසියන්ට සහන සැලසීම සදහා අන්තර්ජාලයේ වෙබ් අඩවි පවා නිර්මාණය වූවේය. එසේ නමුත් මේ වන විටත් කිසිදු පිළිසරණක් නොලැබුණු ගම් වැසියන් කැබිතිගොල්ලෑවේ සිටී.

‘‘බෝම්බයෙන් හැම දෙයක්ම නැතිවුනේ අපට. ඒ දවස්වල පත්තරවල පිටු පිරවුනේ අපි නිසා. අපේ මැරුණු මිනිසුන් නිසා. අපේ තුවාල නිසා. ඒත් අද අපි ගැන හොයන්න කිසිම කෙනෙක් නැහැ.’’ බස් බෝම්බයට හසුව තුවාල ලැබූ නිමල් කීවේය.

බස් බෝම්බයෙන් පසුව තාවකාලිකව ගම හැරගිය යකා වැවේ ගම්වාසීන් බොහෝ දෙනෙක් නැවත පැමිණෙන විට ඔවුන්ගේ ගෙවල් දොරවල් විනාශවී තිබුණි.

‘‘බෝම්බයෙන් පසුව කදවුරේ ඉදලා ආපසු එන විට අපේ ගෙවල් කඩා වැටිලා තිබුණා. අපිට තවමත් ස්ථිර නිවාස නැහැ. තවමත් ඉන්නේ මැටි පැල්පත්වල.’’ පෙර පාසල් ගුරුවරියක් වන නාමලී රේණුකා කීවාය.

ගෙවල් විනාශ වූ ඇතැම් අය පැල්පත්වල සිටිද්දී තවත් අය සිටින්නේ තමන්ගේ ඥාති හිත මිතුරන්ගේ ගෙවල් වලය. මොවුන්ගෙන් ඇතැම් අයට වන්දි මුදල් හිමිවුවත් සමහරුන්ට වන්දි මුදල් පවා හිමිව නැත.

කැබිතිගොල්ලෑවේ ගම් වැසියන්ට දැන් අවශ්‍යව ඇත්තේ වෙන කිසිවක් නොවේ. ගමේ ඇති කුඹුරු නැවත වගාකිරීමට අවස්ථාව ලබාගැනීම හා ගමට ජලය ලබාගැනීමය.

‘‘අපේ කුඹුරු ටික වගා කරගෙන ගෙවල් දොරවල් නැවත හදාගෙන ජීවත් වෙන්න උදව් කරනවානම් අපිට වෙන කිසිවක්  ඕන වෙන්නේ නැහැ.’’ කුසුමාවතී සදහන් කළාය.

The lives of the people in Kabethigollawa are yet to return to normal after the war. Kabethigollawa came into the lime light with the June 15, 2006 bus bomb explosion that killed 64 persons from villages in the area. Following the claymore attack a security fence wascbuilt around the villages in Kabethigollawa. However, this fence or ‘line’ posed an obstacle to many villagers as it prevented then from getting to the fields that lay outside the line. Over 100 acres of paddy land are situated beyond the line. Authorities say that villagers will be able to cultivate in those areas once the area has been cleared of mines. Meanwhile, families that left the area following the attack are now returning home to begin from where they left off.

  • Share/Bookmark

අම්පාරටත් වල් අලි තර්ජන

October 13, 2009 by Editor  
Filed under Featured, Stories

elephent mainDrought affects wild elephants

අම්පාර දිස්ත‍්‍රික්කයේ බොහෝ ගම්මානයන්හි ජිවත්වන ජනතාවට මිනිමරු වල් අලින්ගේ තර්ජනයට මුහුණ පා තිබෙනවා. දිවා රාත‍්‍රි දෙකෙහිම අලින්ගේ ග‍්‍රහනයට පත් වී සිටිනවා. මෙම ගම්මානවල බොහෝ ජනතාවගේ රැකියාව ගොවිතැන් කිරිමයි.

අලින්ගෙන් භෝග බේරා ගැනිමට නොහැකිව ගොඩ ඉඩම්වල වගා කටයුතු කිරිම අතහැර දමා තිබෙනවා. සෑම දිනකම පාහේ මෙම ගම්මානවල නිවසක් හෝ වගා පාළුවක් කරන බව ගම්වාසීන් පවසති.

‘මගේ ගෙදර ඔක්තෝබර් 10 වෙනිදා කැඩුවා. මමයි මගේ නෝනයි ගෙදර හිටියේ. එලවන්න හැදුවා ගියේ නෑ. ඊට පස්සසේ අපි දෙන්නා පිටි පස්ස දොරෙන් ගියා. ඇවිල්ලා බලනකොට ගෙදර ගන්න දෙයක් නැහැ.’ සුදුවැල්ල මඩුගහඇළ පදිංචි පියදාස පැවසුවේය.

මේ දිනවල දිගාමඩුල්ලට නියගයක් පවතිනවා. එම නිසා ආහාර සොයා වල් අලින් ගම් වඳිනවා. එය ගම්මුන්ට කරදරයක් වී තිබේ.

‘මගේ ගෙදර තිබුණ වී කලා ගිහිල්ලා. තව අල්මාරිය, දොරවල් ජනෙල්, තහඩු විනාශ කරලා දමලා ගිහිල්ලා. මේ මම හදපු ගෙවල් වලින් තුන්වෙනිගේ අලි කඩපු. මගේ තව ගෙවල් දෙකක් කැඩුවා. මම වනජිවි එකටත් කිව්වා.එතකොට වනජිවි එකෙන් කිව්වා දිඝවාපියේ අලියෙක් ගහලා එක් පුද්ගලයේ මැරිලා. අපි එතනට ගිහිල්ලා එන්නම් කියලා.’ මඩුගහඇළ පදිංචි පියදාස වැඩිදුරටත් පැවසුවේය.

පරගහකැලේට ඇර අනිකුත් ගම්මාන කිහිපයකට රුපියල් ලක්ෂ ගණනාවක් වියදම් කර අලින්ගෙන් සිදුවන හානිය වැලැක්වීමට විදුලි වැටවල් සවිකර තිබෙනවා. නමුත් එම විදුලි වැටේ කණු මේ වනවිට වල් අලි විසින් පෙරලා දමා තිබේ. මෙම විදුලි වැටේ විදුලිය නොමැතිවීමෙන්  වල් අලින්ගේ තර්ජනය වැඩිවී ඇති බව බොහෝ ගම්වැසියන්ගේ අදහස වි තිබේ.

‘දැන් අවුරුදු පහලොවක විස්සක විතර ඉඳන් අපේ ගෙවල් වලට වල් අලි තර්ජන ඇති වෙනවා. අලි වැටවල් දෙකක් තිබුණත් අලි මේ පැත්තෙ. තවම වනජිවි එකට බැරි උනා මේකට පිලියමක් ගන්න. මගේ පොල් ගස් තේක්ක ඔක්කොම කැඩුවා. විනාශ කළා.’ පරගහකැලේ පදිංචි බණ්ඩාර පැවසුවේය.

මෙම වල් අලි තර්ජනය නිසා බණ්ඩාර විවිධ අත්දැකිම්වලට ද මුහුණ දුන් බව ඔහු පැවසූවේය.

‘එදා පියදාස අයියාගේ ගෙදර කැඩුව දවසට පහුවදා මම මඩුගලඇළ ආවා.උදේ හයට විතර. එතකොට අලියා හිටියා. අපි එළවන්න හැදුවා. ඊට පස්සේ අපේ පස්සේ පැන්නුවා. අපි දිව්වා. දුවලා කෑගැහුවා. ඊට පස්සේ අලියා බැහැලා ගල්ඔය ගගෙන් එගොඩ උනා. මීනි මරණ අලි ඉන්නේ.’ පරගහකැලේ පදිංචි බණ්ඩාර වැඩිදුරටත් පැවසුවේය.

අගෝස්තු නවවන දිනද රාත‍්‍රි පරගහකැලේ නිවාස රැුසකට ආලාභානි කර තිබේ. වල් අලියා පහර දෙනවිට නිවස තුළ සිටි අය නිවසින් පළාගෙිස් දිවි බෙරාගත් බව ඔවුහු පවසති.

‘වල් අලි කරදරය අපේ ගමට හරි කරදරයක් වෙලා. එදා කඩලා දැම්මෙ මගේ නැන්දම්මගේ ගෙදර. අලියා පහර දිලා මගේ අත කැඩිලා අවුරුදු එක හමාරක් වෙනවා. අලියා පැය තුනක් විතර වත්තෙ හිටියා.ගම්වැසියන් හැටියට කියන්නෙ අපිව මේ වල් අලි කරදරයෙන් බේරා දෙන්න කියලා.’පරගහකැලේ බී.එල්.ඩී.ගාමිණි පැවසුවේය.

අම්පාර දිස්ත‍්‍රික්කයේ වල් අලි පහර දීම  නිසා මේ වන විට ජිවිත නැති වි තිබේ. තවද වල් අලි මියයෑම් මිනිස් ජිවිත ඔත්පොල වීම් නිවාස විනාශ කිරිම් විශාල සංඛ්‍යාවක් සිදු වී තිබේ.

අම්පාරෙ මේ වර්ෂයේ ගිය මාස දහය වනවිට වල් අලි 32ක් මියගොස් තිබෙන බවත් තවත් වාර්තා වියයුතු බව වනජිවි කාර්්‍යාලය පවසති. මිනිස් ජිවිත හතරක් හා නිවාස හා දේපල විනාශ කිරිම් විශාල සංඛ්‍යාවක් තිබෙන නමුත්  තව වාර්තා නොවු තොරතුරු තිබෙන බවත්  අම්පාර  වනජිවි කාර්යාලයේ අධ්‍යක්ෂක එන්.සි.ජි.රූපසිංහ මහතා වැඩිදුරටත් පැවසුවේය.

The drought in the Digamadulla area has resulted in wild elephants encroaching into villages in search of food. The problem of wild elephants has resulted in some farmers giving up crop cultivation. The house belonging to Piyadasa in Madugahaela was destroyed by wild elephants on Saturday (10). The elephants had also eaten the paddy stored in the house. Elephants have even managed to break some pillars of the electric fence that was erected to protect villages from wild elephants. The electric fence does not cover the Paragahakele village, which has been under wild elephant attacks for the past 15-20 years. Apart from the damage to crop and properties, the human elephant conflict according to the Ampara Wild Life Office has resulted in the death of about 32 wild elephants and four humans this year alone.

  • Share/Bookmark

පිපාසයට වතුර ටිකක්

September 30, 2009 by Editor  
Filed under Featured, Stories

590 pxaaa

The long hard search for  water

පිපාසයට වතුර ටිකක් සොයා යන්නන්ගෙ ගම්මානය බවට අද මාන්තොට්ටම ගම්මානය පත්ව තිබේ.මාස ගනනාවක් නැගෙනහිර අහස් කුසට වලා කුලක් පාවි නොපැමිනිම නිසා ඇති වි ඇති දැඩි නියන් තත්වය නිසා දිගාමඩුල්ල වැවි බැදි රාඡ්‍යයේ මහා වැවි පවා සිදි ගොස්ය. මාන්තොටිටම ගමිමානයේ ආසන්නවම ඇති අමිබලන් ඔය වැවේ වතුර ද අද වන විට අඩි 5/6සිමා වි ඇත . අමිපාර දිස්ති‍්‍රක්කයේ දමන පා‍්‍රදේශිය ලේඛමි කොඨටාශයට අයත් මාන්තොටිටම ගමිමානයේ පවුල් 500 පමණ ජීවත්වේ. ඔවුන්ගේ ප‍්‍රධන ජිවන උපාය ගොවිතැන් කිරිමයි. වැව් දිය සිදි යාමත්, වැසිදිය නොවැටිමත්  නිසා ගොවිතැන්  අඩාල වී තිබේ. මේ  නිසාමත්  ගැමියන්ගේ ආර්ථික තත්වය පහත වැටි තිබේ . මාන්තොට්ටම ඡනතාවට  මේ   දිනවල මුහුන පැමට සිදුව තිබේන ප‍්‍රධානම ගැටළුව නමි පානිය ඡලය ලබාගැනි ෙමි ගැටළුවයි .සැතපුම් 3/4 පමණ දුරක් ගෙවා ගෙන පහත් බිම්වල ඇති ළිං සොයා ගෙන යන්නට ඔවුන්ට සිදුවි තිබේ. අසුව දශකයේ මුල් කාලයේ පැවති නියං තත්වයට පසුව ඉතාමත් දැඩි ලෙස පිඩාවට පත් වු කාලයක් ලෙස මේ කාලය ගැමියන් විසින් හදුන්වනු ලබයි.

ඊසාන දිග මොසම් සුළං හේතු කොට ගෙන නැගෙනහිර මෙම කලාපයට වැසි වැටෙනවා. සැම වසරකම සැත්තෑම්බර් මුල් කාලයේ දි වැසි වැටුනත්  මෙවර සැත්තම්බර් මාසය නිමාවට පත් වුවද වර්ෂාවක් සහිත අහසක් දක්නට නැත.ගොවිහු තම ගොඩ ඉඩම් පවා වගා කටයුතු සදහා සුදානම් කරගෙන සිට්.ඔවුන් දවස අරභනුයේ දවසට උවමනා කරන වතුර සොයා ගෙන යන්නටය.

“අපිට වතුර වලින් සැහෙන්න කරදරයි, වතුර ගෙන්න කිලොමිටර් 3/4යන්න වෙනවා. ගමේ ළිං 3/4ක් තියේනවා ඒ ළිං වලින් වතුර ගන්න උදේන්ම යන්න වෙනවා.සමහර වෙලාවට අපිට පෝලිමෙ ඉන්න වෙනවා පැය දෙක තුන බුලි තියාගෙන අපේ වාරය එනකම්.සමහර අය ඒ තැන් වලන් වතුර අරන් ගිහින් විකුනනවා කුබෝටා තියේන අය තමයි එහේම කරන්නේ මට ස්කොලේ යන ළමයි දෙන්නේක් ඉන්නවා එයාලා ස්කොලේ යවන්න වෙලාවට වතුර ටික ගෙන්න වෙනවා පවුලේ කට්ටියත් එක්ක වැවට නාන්න යන්නේ දවස් තුනකට විතර සැරයක්” කම්මල් රැකියාවෙන් තම ජීවිකාව පවත්වාගෙන යන කේ.ජී සුජීත් පවසා සිටියා.

වසර ගනනාවක් පලදාව දුන් පොල් ගස් පිලිස්සි ගියාක් මේන් විනාශ වි ඇත අවට පරිසරයේ ඇති දැඩි සුරිය රශ්මිය නිසා වෙන් දහවල් කාලයේ එළිමහනේ වැඩක් පලක් කිරිමට ද අපහසු වි ඇත . පිරිසිදු වතුර සොයා ගැනිමට ඇති අපහසු තාවය නිසාවෙන් මෙම දින වල ප‍්‍රදේශයේ කුඩා දරුවන්ට යම්යම් රෝගාබාධයන් ද ඇති වි තිබේ. නිසියාකරව නෑමට ඡලය නොමැති විම නිසා චර්ම රෝග යන් ද ඇති වි තිබේ.

“දැනට දමන ප‍්‍රදේශිය සභාවෙන් සතියකට වරක් වතුර බවුසරයෙන් ගමේ අයට බුලි දෙක ගානේ දේනවා එක දවස් දෙකකටත් මදි. ළිං වලින් වතුර ගන්න ගියාම එතනත් ප‍්‍රශ්ණ ඇති වෙනවා එත් මොනවා කරන්නද බොන්න වතුර ටික නැති වුනාම මොකුත් කරන්න බෑනේ” ඉන්ද්‍රනිල කුමාරි පැවසුවාය .

පාරට කිට්ටුව ඇති නිවෙස් හිමියන්ට යම්සහනයක් ලැබුණද ගම ඇතුලට වන්නට සිටින අය හට එම සහනය ද අහිමිව ගොස් ඇත.යතුරු පැදියක් හො පාපැදියක් නොමැති නම්,එය ද ඔවුන්ට ගැටළුවක් වි තිබේ.

“බිමට වතුර ගෙන්න බැරිව ගොඩක් ඉන්නවා .වාහන තියේන අය තමන්ට  ඕන වතුර ගෙනවා, එහෙමත් බැරි අය මට කුබොටා එකක් තියෙන නිසා වතුර ගෙන්න කියනවා පවුල් 40/50කට විතර දවසකට මම වතුර දෙනවා .ඩිසල් ගාණට හරියන්න එක බූලියකින් රු 25 විතර ගන්නවා”. වතුර අලේවි කරුවෙක් වන පද්ම සිරි කිය.

“අපේ පාසලටත් වතුර නෑ මේ තියේන රස්නේ හින්දා වතුර තිබහත් වැඩි, අම්මලා තාත්තලා උදෙන්ම නැගිටලා වතුර ගේන්නේ ගොඩක් දුර ගිහිල්ලා උදේට වතුර ගෙනාවට පස්සේ තමයි කෑම උයන්නේ. එතනත් සෙනග ඇවිල්ලා හිටියොත් ගොඩක් වෙලා යනවා එක හින්දා සමහර දවස් වලට අපි පාසලට යන්නෙත් ගොඩක් පරක්කුවෙලා” පාසල් සිසුවියක් වන සචිනි ඉමේෂා පැවසුවාය.

පිරිමි අයට තම ඡීවන උපායන ගැන සිතිමත් ගැටළුවක්. ඒ වතුර සොයාගෙන ගියාම තම කාලය එයට ගතවන හින්දා, කේ.අනුෂා තම ස්වාමියා රාඡකාරි කටයුතු සදහා පිටත විම නිසා තම කුඩා දරුවාගෙ අවශ්‍යතාවයන් සදහා සල්ලි දිලා වතුර ගන්නවා.

මාන්තොට්ටම ග‍්‍රාමෝදය මණ්ඩලේ සභාපති එස් කේ හේමපාල පවසා සිටියේ නිසියාකාර පානිය ඡල පද්ධතියක් සදහා විශාල ඡල ටැංකියක් හා වතුර මෝටරයක් ලැබි තිබුන ද අනිකුත් උපාංග සදහා මුදල් නොලැබිම නිසා වසර කිපයක් තිස්සේ එම ඡල පද්ධතිය පිලිබද බලධාරින්ගේ අවධානය නැතිව ගොස් තිබේන බවයි.

“අම්බලන් ඔය වැව අසන්නයේ ඇති කුඩා කදුගැටය උඩ ඉදලා කිලෝමිටර 4 පමණ දුරින් තියේන ගල් කන්දට වෙනකම් වතුර දෙන්න මේ යොඡනා ක‍්‍රමයට පුලූවන් එහෙමයි ඇස්ත මේන්තු කරලා තියෙන්නේ. රාඡ්‍යනොවන සංවිධානයක් මේ වෙනකොටත් අපිට පොරොන්දු වෙලා තියේන්නේ පානිය ඡලයොඡනා ක‍්‍රමය සම්පුර්න කරලා දේනවා කියලා .අපේ ගමට කාලයක් ති‍්‍ර‍්‍රස්තවාදි කලබල  තිබුණා. දැන් ඒ තත්වය නැති හින්දා හැමොගෙම අවදානය යොමු කරගෙන ගමට වතුර දෙන්න පුලූවන් වෙයි කියලා හිතෙනවා”.හේමපාල කිවේය.

ලක්ෂ10ක වියදමේන් මේවන විට ඉදිකර අති ඡල යොඡනා ක‍්‍රමයට ඉතිරි වැඩකටයුතු සදහා  ගම්වාසින්ගෙ ශ‍්‍රමදායකත්වය දෙන්නට ඔවුන් සුදානමින් සිටිනවා. ඉදිරිකාලය තුලදි මෙම පානිය යොඡනා ක‍්‍රමය සර්ථක කරගන්නට කටයුතු කිරිම ගම්වාසින්ගෙ බලාපොරොත්තුවයි.

Villagers of Manthottam in the Ampara District have been compelled to travel a great distance in search of water due to the long standing drought condition that has affected the area. A similar drought condition was experienced by the people of the east during the early 80s. The North Eastern monsoon that brings rains to the Eastern Province during early September has failed this year. The lack of water has prevented the 500 odd families living in Manthottam from engaging in their main livelihood of paddy cultivation. They have to travel to find wells in low lying areas miles away from their village and stand in queues for hours to find drinking water every day. Some people with water pumps have commenced a business of selling drinking water to the drought affected people.

  • Share/Bookmark

වී වගාවට දෙන සහනාධාරය පිළිබදව අධීක්ෂණයක් අවශයි

September 29, 2009 by Editor  
Filed under Featured, Stories

econ mainPaddy subsidy needs scrutiny – expert

මෙම වසරේ දෙවැනි කාර්තුව තුළදී වී නිෂ්පාදනය ඉහළ යාම නිසා සමස්ත කෘෂි නිෂ්පාදනය ඉහළ ගොස් තිබූ බව 2009 වසරේ දෙවැනි කාර්තුවේ ආර්ථික ප‍්‍රගති සමාලෝචනය ඉදිරිපත් කරමින් ජන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව පවසයිි. කෘෂි නිෂ්පාදනය ඉහළ නැංවීමට හේතුවූ වී නිශ්පාදනය පිළිබදව මනා අධීක්ෂණයක් කරන්නේනම් වී වගාව වෙනුවෙන් ලබාදී ඇති සහනාධාරයෙන් උපරිම ප‍්‍රයෝජනයක් ගැනීමට හැකියාව ලැබෙනු ඇතැයි පේරාදෙනිය විශ්ව විද්‍යාලයේ ආර්ථික විද්‍යා අංශයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය ආචාර්ය මාලක රණතිලක පැවසුවේය.

‘‘පොහොර සහනාධාරය ලබාදෙනවා වගේම එම පොහොර නිසි ආකාරයෙන් යොදවනවාද යන්න පිළිබදව අධීක්ෂණය කළ යුතු වෙනවා.’’ රණතිලක කීවේය.

මේ වන විට අක්කර පහකට වඩා අඩු වී වගාකරුවන්ට රජය විසින් පොහොර සහනාධාරයක් ලබාදෙන්නේය. මෙම වගාකරුවන්ට අවශ්‍යතරම් පොහොර සහනාධාරය ලබාදිය යුතුව ඇතැයි ආචාර්ය රණතිලක කියයි. කෙසේ වෙතත් පොහොර ස්ථාවර සාධකයක් වන බැවින් පොහොර යෙදිය හැක්කේ කිසියම් ප‍්‍රමාණයකට පමණි. මේ නිසාවෙන් පොහොර සහනාධාරය ලබාදෙන ආකාරයටම ලබාදෙන පොහොර වී වගාව සදහා යොදාගන්නේද යන්න පිළිබදව අධීක්ෂණය කළ යුතුව ඇතැයි හෙහෙතම කියයි.

ලෝක ආර්ථික අර්බුදය සමගින් 2009 වසරේ දෙවැනි කාර්තුව තුළදී තේ නිශ්පාදනය සියයට 11.7 කින් පහළ බැස ඇතැයි ජන හා සංඛ්‍යලේඛන දෙපාර්තමේන්තුව සදහන් කළේය. ලෝක ආර්ථීක අර්බුදය නිසාවෙන් තේ නිශ්පාදනය මේ ආකරටය පහළ බැස තිබූ බව එම දෙපාර්තමේන්තුව පැවසුවේය.

නමුත් මෙම කාලය තුළදී වී නිෂ්්පාදනය සියයට 12.2 කින් වර්ධනය වී තිබූ අතර මේ නිසාවෙන් තේ නිෂ්පාදනය පහළ වැටීමෙන් සිදුවන අහිතකර ප‍්‍රතිථල අත්විදීමට සිදවූයේ නැත. ඒ නිසා කෘෂි අංශයේ කඩා වැටීමක් සිදුවූයේ නැත.

‘‘පසුගිය කාලයේ පැවති යහපත් කාලගුණික තත්වය නිසා හා රජයේ ප‍්‍රතිපත්ති නිසා වී නිශ්පාදනය ඉහළ ගොස් තිබෙනවා.’’ ආචාර්ය රණතිලක කීවේය.

නැගෙනහිර පළාත තුල වී නිෂ්පාදනය සියයට 37.4 කින් වර්ධනය වී ඇතැයි ජන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව ඉදිරිපත් කළ වාර්තාවේ සදහන් වෙයි.

‘‘නැගෙනහිර පළාතේ පැවති සාමකාමී වාතාවරණය හා සංවර්ධන ව්‍යාපෘති හේතුවෙන් මෙම ප‍්‍රදේශයේ වී නිශ්පාදනය ඉහළ ගොස් තිබෙනවා.’’ ජන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව කීවේය.

වී නිශ්පාදනය ඉහළ යාම සමගින් සහල් මිල පහළ වැටීමට හැකියාවක් පවතින බව ආචාර්යය රණතිලක කියයි. මේ වන විට සහල් සදහා උපරිම සිල්ලර මිලක් නියම කර ඇති බැවින් සහල් මිල ඉහළ යාමේ හැකියාවක් නොපවතින බව ඔහු කියයි.

ලංකාවේ පරිභෝජනයට අවශ්‍ය සහල් ප‍්‍රමාණයට වඩා වැඩියෙන් සහල් නිපදවන්නේනම් පමණක් සහල් මිල පහළ යන්නේයැයි ඔහු කියයි. පරිභෝජනයට අවශ්‍ය ප‍්‍රමාණයට සහල් නිපදවන්නේනම් විදේශ රටවලින් සහල් ආනයනය කිරීමේ අවශ්‍යතාවක් ඇතිවන්නේ නැතැයිද ඔහු පැවසුවේය.

‘‘මේ වන විට ආහාර සදහා ජාත්‍යන්තරය මත යැපීම අවම වී තිබෙනවා.’’ හෙතෙම කීවේය.

සහල් නිශ්පාදනය වැඩිවීමත් සමගින් තිරිගු පිටි ආනයනය සීමාවන බව ආචාර්ය රණතිලක පෙන්වාදෙයි.

‘‘සහල් නිෂ්පාදනය වැඩිවීමත් සමගින් ආනයනය කරන හාල් හා පිටි නිශ්පාදනය අඩුවී තිබෙනවා. මෙය වෙළද ශේෂය කෙරෙහි ධනාත්මක ආකාරයෙන් බලපා තිබෙනවා.’’ ආචාර්ය රණතිලක පැවසුවේය.

ලංකාවෙන් අපනයනය කරන භාණ්ඩ ප‍්‍රමාණය අඩුවී ඇති වේගයට වඩා වැඩි වේගයකින් ආනයන අඩුවී තිබීම නිසා වෙළද ශේෂය පියවාගැනීම පහසුවී තිබුණි. ලෝක ආර්ථික අර්බුදය සමගින් විදෙස් රටවල සිට ලංකාවට එවන මුදල් ප‍්‍රමාණය අඩවූ නමුත් එම මුදල් වලින් පමණක් වෙළද ශේෂය පියවාගැනීමට හැකියාව ලැබී ඇතැයි ආචාර්ය රණතිලක කීවේය.

ලෝක ආර්ථික අර්බුදය ලංකවේ ආර්ථික වර්ධනය කෙරෙහි කිසියම් බලපෑමක් එල්ලකර තිබූ බව ජන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව පවසයි. පසුගිය කාර්තුවේ ආර්ථික වර්ධන වේගය සියයට හතකට ආසන්න අගයක් ගෙන තිබූ නමුත් ජන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුවේ වාර්තාවන්ට අනුව මේ මෙම වසරේ දෙවැනි කාර්තුවේදී ආර්ථික වර්ධන වේගය වී තිබුණේ සියයට 2.1 ක අගයකි.

‘‘ලෝක ආර්ථික අර්බුදය හමුවේ අපිට නොවැටී සිටීමට හැකියාව ලැබුනේ කෘෂිකර්මාන්තයේ ඇතිවූ වර්ධනය නිසයි.’’ ආචාර්ය රණතිලක කීවේය.

කෘෂිකර්මාන්ත අංශයේ ඇතිවූ වර්ධනය මගින් ලෝක ආර්ථිකය විසින් ලංකාවට එල්ල කරන බලපෑම පාලනය කිරීමට හැකියාව ලැබුණු බව හෙතෙම කියයි. මෙය ජාතික ආර්ථිකය ගොඩනැංවීමේ සංදිස්ථානයක් යැයි ආචාර්ය රණතිලක කියන්නේය.

කෘෂිකාර්මික අංශයෙන් ආර්ථික වර්ධනයේ යහපත් ලක්ෂණ පෙන්නුම් කරන අවස්ථාවන වන විට කර්මාන්ත අංශයේ වර්ධනය යහපත් ලෙසින් පෙන්නුම්කර තිබුණේ නැත. මෙම වර්ශයේ දෙවැනි කාර්තුව තුළදී කර්මාන්ත අංශයේ වර්ධනය සියයට තුනක් වී තිබූ බව ජන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුවේ වාර්තාවන් සදහන් කරයි.

2009 වසරේ දෙවැනි කාර්තුව ඇතුළතදී ඇගළුම් කර්මාන්ත අංශය පසුබා තිබුණි.

‘‘ලෝක ආර්ථික අර්බුදය හමුවේ ඇගළුම් නිශ්පාදන සදහා ආනයන ඉල්ලූම අඩුවීම හේතුවෙන් රෙදිපිළි හා ඇගළුම් කර්මාන්ත උප අංශය සියයට 8.9 කින් පසුබෑමට ලක්ව තිබෙනවා.’’ ජන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව පැවසුවේය. එහි අපනයන ආදායම සියයට 6.7 කින් අඩුවී තිබුණේය.

ලංකාවේ කර්මාන්ත අංශයට විශාල දායකත්වයක් ලබාදෙන ජී.එස්.පී. සහනය ඉදිරියේදී නොලැබී ගියහොත් සේවා වියුක්තිය පිළිබදව ගැටලූවක් ඇතිවිය හැකියැයි කැළණිය විශ්ව විද්‍යාලයේ ආර්ථික විද්‍යා අංශයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය ආචාර්ය පේ‍්‍රමා පොඩිමැණිකේ පැවසුවාය.

යුරෝපා සංගමය විසින් ලබාදෙන මෙම සහනය ලබාදීම සදහා නොයෙකුත් කොන්දේසි පනවමින් සිටින බව ඇය ප‍්‍රකාශ කළාය.

‘‘මේ වන විට රටේ මූල්‍ය ප‍්‍රතිපත්ති එම කොන්දේසි සමග ගැලපෙනවා. මේ නිසා ඉදිරියේදී ජී.එස්.පී. සහනය ලැබීමේ හැකියාවක්ද පවතිනවා.’’ ආචාර්ය පොඩිමැණිකේ පැවසුවාය.

ජන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව ඉදිරිපත් කර ඇති සංඛ්‍යාලේඛන වලට  අනුව පසුගිය කාර්තුවට වඩා මෙම කාර්තුවේදී ආර්ථික වර්ධන වේගය අඩු මට්ටමක පැවතියේය. අඩු ආර්ථික වර්ධන වේගය නිසා දළ දේශීය නිෂ්පාදනය අඩුවිය හැකියැයි ආචාර්ය රණතිලක කීවේය. දළ දේශීය නිෂ්පාදනය ජනතාවගේ පරිභොජනය කෙරහි බලපාන බව හෙතෙම පවසයි.

‘‘දළ දේශීය නිෂ්පාදනය අඩුවීම  නිසා සාමාන්‍ය ජනතාවගේ ආදායම අඩුවෙනවා. ඔවුන්ගේ පරිභෝජනය සීමා වෙනවා.’’ ආචාර්ය රණතිලක පැවසුවේය.

ලංකාවේ ආර්ථිකයට විශාල දායකත්වයක් ලබාදෙන සේවා අංශය මෙම කාර්තුව තුළදී වර්ධනය වී තිබුණේ මන්දගාමී ආකාරයෙනි. එහි වර්ධනය සියයට එකයි දශම එකක් බව ජන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව ඉදිරිපත් කළ වාර්තා පැවසුවේය.

ජාත්‍යන්තර වෙළදාම මත මෙම ක්ෂේත‍්‍රයේ වර්ධනය රදා පවතින බැවින් මන්දගාමී ආකාරයෙන් සේවා අංශය වර්ධනයක් පෙන්වා තිබූ බව ආචාර්ය රණතිලක කීය.

ලෝකයේම ආර්ථිකය කඩා වැටෙන අවස්ථාවක මේ වසරේ දෙවැනි කාර්තුව තුළදී ලබා ඇති ආර්ථික වර්ධනය පිළිබදව සතුටු විය හැකියැයි ආචාර්ය පොඩිමැණිකේ පැවසුවාය.

‘‘අපට මේ තත්වයන් සර්ව අසුභවාදීව දකින්න බැහැ. ඉදිරියේදී යහපත් තත්වයක් ඇතිවිය හැකියි. සෑම අංශයකම වර්ධනයක් දැකීමට හැකියාව ලැබේවි.’’ ආචාර්ය පොඩිමැණිකේ පැවසුවාය.

Proper supervision of the fertilizer provided to the farmers through a subsidy would help sustain and develop the growth recorded in the agriculture sector, Senior Lecturer, Economics Division, Peradeniya University, Prof. Malaka Ranathileka said. The Census and Statistics Department has recorded a 12.2% growth in paddy cultivation during the second quarter this year. This growth has minimised the possible negative impact the 11.7% decline in tea production during the second quarter would have had on the economy. The slow growth in other sectors had been overcome by the growth in the agriculture sector and according to the Professor, it helped Sri Lanka face the global economic crisis.

  • Share/Bookmark

Next Page »