නූතන මහසෙන් භූමිකාව රනිල් වික‍්‍රමසිංහගෙන්

පසුගිය දිනක විපක්ෂ නායක රනිල් වික‍්‍රමසිංහ පැවැත් වූ මාධ්‍ය සාකච්ඡුාවකදී භික්ෂූන් වහන්සේ ලා ආමන්ත‍්‍රනය කළ ආකාරය සම්බන්ධයේන් අද පැවති මාධ්‍ය සාකච්ඡුාවකදී සමස්ථ ලංකා පැවිදි සංවිධානයේ ලේකම් වටිනාපහ සෝමානන්ද හිමි පවසා සිටියේ රටේ නායකයන් මේ අයුරින් වචන භාවිත කිරීම සම්බන්ධයෙන් කණගායුවට ප‍්‍රකාශ කරන බවයි.
‘‘පැවිද්දන් පිරිසක් මහා නියක වෛතුල්‍යවාදීන් මේ විදියට වචන ප‍්‍රකාශ කරන රනිල් වික‍්‍රම සිංහ මේ වචනයේ තේරුමවත් හරියට දන්නේ නැහැ.එරියට සංඝ නායක කෙනෙක් කති කරනවා වාගේ. මේ විදියට අපහාසයට අවමානයට ලක් වුණේ විවිධ පීඩාවන්ට ලක් වුණෙ එක්සත් ජාතික පක්ෂ නායකයන්.’’ සෝමා නන්ද හිම් පැවසූහ.
එමෙන්ම ජේ ආර් ජයවර්ධන හාමුදුරුවරුන් පඩික්කම් පුරවන අය විදියට හැදින් වූ බවත් හාමුදුරුවරුන්ගේ හිස් වල තාර ගල්වන බව පැවසූ බවත් 88-89 භිෂණ කාලයේ තරුණ භික්ෂූන් හයසිය හැටනමක් ඝාතනය කළේ එක්සත් ජාතික පක්ෂ ආණ්ඩුව කාල සීමාව තුළ බවයි උන්වහන්සේ ප‍්‍රකාශ කර සිටින්නේ.
‘‘පසුගිය දිනයේ ජනතා විමුක්ති පෙරමුණු නායක සෝමවංශ අමරසිංහලිපිටන් වට රවුමේ කියූ වචන සදාචාර සම්පන්න මිනිස්සු භාවිත නොකරන බව කියන්න ඕන. ජනාධිපතිවරණයේදීත් විවිධාකාර වචන භාවිතා කළා. කලවැද්දා පාහරයා කීවා. මේවා දැකපු පුංචි ළමයි එ් පුද්ගලයාව නැවත දකිද්දි කලවැද්දා කීවා.ජනාධිපතිතුමාව දකිද්දී කීවා අන්න ජය වේවා කියලා.’’ උන්වහස්සේ වැඩිදුරටත් ප‍්‍රකාශ කර සිටියේය.
මෙම සාකච්ඡාවට සම්බන්ධ වූ සබරගමුව විශ්ව විද්‍යාලයේ කුලපතිකඹුරුගමුවේ වජිර හිමි පවසා සිටින්නේ රනිල් වික‍්‍රමසිංහ විටින් විට මේ ප‍්‍රකාශ කරන ශාසන විරොදී වචන ඔහුට ජන්මයෙව් උරුම වූ බවයි.
‘‘සම්බුද්ධ ශාසනය ගැන කතා කරන්න පුලුවන් වෙන්නේ ආගම ධර්මය ඉගෙන ගත්ත අයට. රනිල් බෞද්ධ ශික්ෂනයක් තුළ හැදුන කෙනෙක් විදයෙ අපි දැක්කේ නැහැ. කතා කරද්දි පරිස්සම් වෙනවා නම් හොඳයි. නොදන්න දේවල් කතා කරලා තමන්ට විතරක් නොවයි තමන්ගේ දේශපාලන පක්ෂයටත් කැළලක් ඇති කරනවා.’’ උන්වහන්සේ පැවසූහ.
මන්ත‍්‍රීවරයෙක් විදියට ඇමති වරයෙක් විදියට අගමැතිවරයෙක් විදියට වික‍්‍රමසිංහයන් කටයුතු කළද එ කිසිදු අවස්ථාවක චිරාගත සම්ප‍්‍රධායට අනුව කිසදු දිනක කටයුතු නොකළ බව උන්වහන්සේ පැවසූහ.
‘‘රනිල් කවදාවත් රටට ආදර්ශයක් දුන්නේ නැහැ. මේ රටේ මහනායක හාමුදුරුවන්ට එහෙම කතා කරන්න තියෙන අයිතිය මොකක්ද. ඔහු කවුද. රනිල් වික‍්‍රමසිංහ තමයි නූතන මහසෙන්. වෛතුල්‍යවාදී රනිල් වික‍්‍රම සිංහ කියන නම අපි ඔහුට පටබදිනවා. තේරවාදය නැති කරන්න උත්සහ කරන්නේ රනිල් වික‍්‍රම සිංහ. භික්ෂූන් වහන්සෙලා ළඟ දන ගහලා සමාව ගන්න කියලා අපි කියනවා.’’
එසේ නොකළහොත් රනිල් වික‍්‍රමසිංහ මහතා හට වෛතුල්‍යවාදී යන නම පට බදින බව උන්වහන්සේ ප‍්‍රකාශ කළහ.
විවාහකයන් අතර ගබ්සා කිරීම් ඉහළට
දිනකට ශ‍්‍රී ලංකාවේ 650-1000 අතර ගබිසා ප‍්‍රමාණයක් සිදු වන බව ශ‍්‍රී ලංකා පවුල් සංවිධාන සංගමයේ වෛද්‍ය අධ්‍යක්ෂිකා වෛද්‍ය ශ‍්‍රීන් විලත්ගමුව පැවසුවාය.
” වැඩිපුර ගබ්සා කරන පිරිස ඉන්නේ විවාහක පිරිස. මේකට හේතුව තමයි එ් අය කියන විදියට පළවෙනි දරුවාට වයස නැහැ. නැත්නම් දරුවන් වයසින් වැඩියි. මෙය නීතියට විරුද්ධයි. එක කවුරුත් දන්නා කාරණයක්.” වෛද්‍ය විලත්ගමුව සඳහන් කළේය.
දිනකට මෙපමණ සංඛ්‍යාවක් සිදුවන ගබිසා කිරීම් සිදුවන නිසාවෙන් එය එක් වරම නවතා දැමීම සිද කළ නොහැකි යථාර්තයකි. මෙම තත්ත්වය කෙසේ වුවද මේ සඳහා ආර්ථික ක‍්‍රමය තුළ පවතින ගැටලු සහගත තත්ත්වය වක‍්‍රව බලපෑම් කරනු ලබයි.
”පවුල් සැළසුම් ක‍්‍රමය ශ‍්‍රි ලංකාවේ 68% -69% ප‍්‍රමාණය භාවිත කරනවා. නමුත් ප‍්‍රශ්නය තියෙන්නේ මේ ක‍්‍රම නිසි ආකාරයෙන් පිළිපදිනවද කියන එක. දැනුවත් කිරීම් සිදු කරන්න අවශය සෑම පියවරක්ම අරන් තිබුණත් මේවා ක‍්‍රියාත්මක කිරීමේදී යම් යම් ගැටලු මතු වෙනවා. මොකද ප‍්‍රජනන සෞඛ්‍ය පිළිබදව කතා කිරීමට ඇතැමෙක් ලැජ්ජා වෙන්න පුලුවන්.” වෛදය තුමිය සඳහන් කළේය.
අධ්‍යාපන ක්ෂේත‍්‍රය තුල ප‍්‍රජනන සෞඛ්‍ය පාඩම් 6 ශ්‍රේණියේ සිට ඇතුළත් කළද එම පාඩම් පංතිකාමර තුළ සාකච්ඡ කිරීමේදී ගැටලුවක් පවතින බවයි වෛද්‍ය විලත්ගමුවසඳහන් කරන්නේ.
”ගුරුවරු ලැජ්ජයි මේගැන කතා කරන්න. එ් වගේම විදුහල්පතිගෙ ඛැමැත්තක් නැත්නම් මොනවත් කරන්න බැහැ. ගුරුවර ඉගැන්නුවොත් ළමයින් එ් අයට නම් හදනවා. මේ සඳහා විධමත් ක‍්‍රමවේදයක අවශ්‍යතාවය තියෙනවා. අපට පිටරට වල මෙම පාඩම් කරන ආකාරය පිළිබදව සැලකිලිමත් විය යුතුයි. එ් පාසල් වල පාසලින් පාසලට ගුරුවරුන් මේ විශය සඳහා මාරුවීම් සිදු කරමින් තමයි පාඩම් කරන්නේ.” ඇය පැහැදිලි කළාය.
මෙම තත්ත්ව සඳහා බලපා ඇති තවත් කරුනක් වශයෙන් ඇය සඳහන් කරන්නේ දෙමාපියන් මෙම විශය සඳහා ඇල්මක් නොදැක්වීමත් අනවශ්‍ය දේවල් ඉගැන්වීම සඳහා දරුවන් පාසලට ඇතුළත් නෙකරන බවත් ප‍්‍රකාශ කිරීමය. එමෙන්ම දෙමාපියන් හා දරුවන් අතර සුහදතාවයක් නොමැතිවීමද මෙම විශය ඉගෙනීම තුළින් දරුවන් අනවශ්‍ය හැසීරීම් ඇතිකර ගනීවි යැයි පවතින මිත්‍යාව නිසාත් බවයි.
”එහෙම දෙයක් සිද්ධ වෙන්නෙ නැහැ. ළමයි එ් ගැන දැනුවත් නමි දරුවන් එ් දේවල් වලින් මිදෙන්න දන්නවා. අපිට අධ්‍යාපන දෙපාර්තු මේන්තුවේ ගැටලු ගැන කතා කරන්න බැහැ. නමුත් ගම් මට්ටමෙන් වෛද්‍යවරු මට්ටමෙන් කරන්න පුලුවන් හැම දෙයක්ම අපි කරනවා. එහෙම කරන නිසා අපට අධ්‍යාපන දෙපාර්තු මේන්තුව එක්ක තියෙන ප‍්‍රශ්ණය නැහැ.” වෛද්‍යතුමිය සඳහන් කළාය.
ඇය වැඩිදුරටත් පැහැදිලි කරනු ලබන්නේ විවාහයට පෙර පවුල් සැලසුම් පිළිබඳව දැනුවත්වීම තුළින් මෙම තත්ත්වය පාලනය කර ගත හැකි බවය. පවුලක සිටිනා දරුවන් අතර පරතරය අවුරුදු දෙකක් හෝ තුනක් විය යුතුය. මේ පිළීබඳව පුර්ණ අවධියේදැනූවත් වීම වැදගත් වන්නේ එම නිසා බවයි වෛද්‍ය විලාත්ගමුව සඳහන් කරන්නේ.
“ලංකාවේ මනුස්සයෙක් වෛද්‍යවරයෙක් ළඟට යන්නේ ලෙඩක් හැඳුනම බෙහෙත් ගන්න විතරයි. අම්මා කෙනෙකුට දරුවෙක් ලැබෙන්න ඉන්නවානම් කළ යුතු හැම දේම කරනවා. නමුත් ඊට කලින් නැත්නම් පස්සේ ගන්න ඕන උපදෙස් ලබා ගන්නේ නැහැ. විවාහයට පෙර වෛද්‍යවරයෙක් මුණගැහිලා සාකච්ඡ කරනවා නම් මේ කිසිම ප‍්‍රශ්ණයක් අපට මතුවෙන්නේ නැහැ.
නීතියෙන් ගබ්සාවකට ඉඩ ලැබී ඇත්තේ දරු ප‍්‍රසූතියේදී මව මිය යාමට ඇති ඉඩ ප‍්‍රමාණය වැඩිනම් හා දූෂනයක් සිදු වී ඇත්නම් හෝ පවුලේ අයකු විසින් දූෂනයක් ( සහෝදරයන් හෝ පියා)සිදු වී ඇති නම් පමණකි.
පවුල් සැලසුම් ක‍්‍රම තුලින් හඳුන්වාදෙන ලද ක‍්‍රම නියමාකාරයෙන් පිළිනොපැදීමත් එ තුළින් ඇතිවන අතුරු ප‍්‍රතිපල පිළිබදව ඇත් මිත්‍යාව නිසාවෙනුත් සිදුවන ප‍්‍රතිවිපාක බහුල විය හැකිය.
“උපත් පාලන ක‍්‍රම අනුගමනය කරන්න මේ අය කැමැත්තක් නොදක්වන්නේ විශේෂයෙන් මහත් වෙනවා පිළිකා හැදෙනවා කියන මට්ටමේ ඉඳලා. නැහැ. එහෙම දෙයක් වෙන්නේ නැහැ. මෙම ක‍්‍රම නියමාකාරයෙන් සිදු නොකර අතර මඟදි නතර කළොත් තමයි පිළිකාවලට එන්නේ. මද සරු භාවය ඇති වෙන්නේ. මහත් වෙන්නේ.” වෛද්‍යවරිය සඳහන් කළාය.
Director, Sri Lanka Family Planning Association, Dr. Shreen Vilathgamuwa said there are between 650-1,000 abortions carried out in the country each day. While about 68-69% use family planning methods, Dr. Vilathgamuwa said that most of the abortions are done by married couples. She added that there was lack of awareness even at school level due to the inability of teachers to teach the lesson on reproduction at Grade 6 level. Dr. Vilathgamuwa emphasized the need for engaged couples to learn about family planning methods before marriage.
පෙන්ටාවේලන්ට් එන්නත නැවත හඳුන්වා දේ
ඉන්ෆුවෙන්සා ,කක්කල් කැස්ස,පිටගැස්ම,හෙපටයිටීස් යන රෝගී තත්වයන් සඳහා පෙන්ටාවේලන්ට් නැමති එන්නත නැවත ලබා දීම සඳහා සෞඛය අමාත්‍යාංශය තීරණය කරයි. 2008 වසරේ මෙම එන්නත ලබා දුනනද එම එන්නත ලබා දීමේදී ඇතිවූ සංකූලතාවයන් සැලකිල්ලට ගනිමින් මෙම එනනත ලබා දීම නවතා තිබූ අතර පසුව ලොක සෞඛය සංවිධානය හා ශ‍්‍රී ලංකා සෞඛය විද්වතුන් මඟින් නිර්ද්ශ කළ කමිටුවක් හරහාත් අනුමැතය ලබා ගනිමින් මෙම එන්නත නැවත ලබා දීමට ඊයේ දිනයේ ( 01 )තීරණය තර ඇත.
ශ‍්‍රී ලංකාවේ මතු වී එන මහජන සෞඛ්‍ය ගැටලුවක් ලෙස හිමොෆිලස් ඉන්ෆ්ලූවන්සා (හිබ්) ආසාධනය සැලකිය හැකි බව 2004 වසරේදී සිදු කෙරුණ හිබ් රෝග නිසා සිදුවන පීඩාව පිළිබඳ අධ්‍යනයෙන් පෙන්වා දෙනු ලැබීය.
වයස අවුරුදු 5ට අඩු දරුවන්ට වැළදෙන මෙම රෝගී තත්ත්වය කොළඹ දිස්ත‍්‍රීක්කයේ පමණක් ලක්ෂයකට 20.1 පමණ ප‍්‍රමාණයක් සිටින බව සෞඛ්‍ය අධයාපන කාර්‍යාංශයේ පැවති මාධ්‍ය සාකච්ඡාවකදී වෛද්‍ය සුදත් පීරිස් සඳහන් කළේය.
කුඩා ළමුන් අතර හිබ් රෝගවල අවදානමෙන් 90% කට වැඩි ප‍්‍රමාණයක් ප‍්‍රතිශක්තීකරණය මඟින් අවම කළ හැකි බවයි වෛද්‍ය පීරිස් සඳහන් කළේ.
මෙම එන්නත ගෙන්න වීම සඳහා සම්පූර්ණ වියදම රජය මඟින් දරණු ලබන අතර ඩෙංගු රෝගය සඳහා මෙම වසරේ අය වැයෙන් මිලියන පන්සීයයක් වෙන්කර ඇත.
ඩෙංගු රෝගය හා ඉන්ෆුවෙන්සා එච් 1 එන් 1 රෝගය ද මේ වන විට සැළකිය යුතු මට්ටමක පහත වැටීමක් පෙන්නුම් කරල ලද බව වසංගත රෝග ඵීද්‍යා අංශයේ අධ්‍යක්ෂිකා වෛද්‍ය පබා පලිහවඩන සඳහන් කළේය.
”ඩෙංගු රෝගය අවම කිරීම සඳහා රාජ්‍ය අමාත්‍යාංශ සියල්ලගේම සහය අවශ්‍යයි. කි්‍යුබානු රජයෙන් බීටීඅයි බැක්ටීරියාව ගෙන්නවීම සඳහා ඉල්ලූම් කරලා තියෙනවා. මේ මෙන දේ කළත් චරියාමය වෙනසක් සිදු කර ගන්නේ නැතිනම් මෙම රෝගය නැවත ඇති වෙන්න පුලුවන්.” වෛද්‍ය පළිහවඩන සඳහන් කළේය.
පසුගිය වසරේ දෙසැම්බර් මාසයේ ඩෙංගු රෝගීන් 3872 වර්තා වූ අතර වසර පුරාවට මරණ 345 සිදු වී ඇති බව සඳහන් කළ අතර 2010 ජනවාරි මාසයේ රෝගීන් 3336 හා මරණ 20 සිදු වී ඇති බව වෛද්‍ය පළිහවඩන සඳහන් කළේය.
The Health Ministry has decided to give the Pentavalent vaccine once again to patients suffering from Influenza, Whooping Cough, Hepatitis and Tetanus. The vaccine that was administered to patients in 2008 was stopped temporarily due to various complications due to the vaccination. The health Ministry decided to re-administer the vaccine on the 1st following a series of consultations between the World Health Organization and Sri Lankan health experts. Dr. Sujith Peiris says that 90% of the children in the country were at risk of contracting Haemophilus Influenzae if not immunized. Chief Epidemiologist, Dr. Pabha Palihawadana says that dengue and Influenza A1H1 has seen a considerable decline in the country.
ජනප‍්‍රිය පාසල් සංකල්පයෙන් ගම්බද පාසල් අනතුරේ
සිසුන් නගරබද පාසල් කරා ඇදී යාම හේතුකොට ගෙන ගම්බද ප‍්‍රාථමික පාසල් වැසී යාමේ ප‍්‍රවණතාවකට මුහුණ දී ඇතැයි අධ්‍යාපන ක්ෂේත‍්‍රයට සම්බන්ධ වාර්තා පෙන්වා දෙයි.
1997 වසරේ සිට 2007 වසර දක්වා කාලය තුළ පමණක් පාසල් 664ක් වැසී ඇතැයි මහ බැංකු වාර්තා පෙන්වා දෙයි. 2007 වසරේ පමණක් පාසැල් 36ක් වැසී තිබේ. මෙලෙස වැසී ගිය පාසල් සංඛ්‍යාවෙන් බොහොමයක් පාසල් ගම්බද ප‍්‍රාථමික පාසල් වේ.
‘‘ මේ අකාරයෙන් පාසල් වැසී යාම කෙරෙහි සිසුන්ගේත් ඔවුන්ගේ මව්පියන්ගේත් ආකල්ප බලපානවා. දැන් ළමයින්ට ගමේ පාසලේ කොපමණ පහසුකම් තිබුණත් නගරයේ ප‍්‍රසිද්ධ පාසල් වලටමයි යන්න බලාපොරොත්තු වෙන්නෙ. දෙමාපියන් පවා උත්සාහ කරන්නේ තමන්ගෙ දරුවා නගරයේ පාසලකට ඇතුළත් කරන්න. ඒ නිසයි නගරබද පාසල් වල මේ තරමට තදබද වෙලා තියෙන්නෙ.’’ අධ්‍යාපන අමාත්‍යංශයේ ජේ්‍යෂ්ඨ නිලධාරියෙක් පැවසුවේය.
මෙසේ සිසුන් නොමැතිව පසුගිය මාස කිහිපය තුළ පොල්ගහවෙල ප‍්‍රදේශයේ පමණක් පාසල් 12ක් වැසී ගොස් තිබේ. වෑවල අල්ගම මෝරුගම මාහින්ගමුව ඉඹුලාන ඈගල්ල පසාලීය ආරගොඩ යෝගමුවාකන්ද ගිරාඹේ බරහැරගමුව සැවැත්දන ආදී පාසල් රැසක් මෙලෙස වසා දමා තිබේ.
‘‘ මම මේ ඉස්කොලෙට ඇවිත් දැන් අවුරුදු කිහිපයක් වෙනවා. එ් එද්දි ළමයි සීයක් වත් හිටියෙ නැහැ. මෙහෙ එක අවුරුද්දකටවත් එක වසරට ළමයි දහයකට වඩා ඇතුළත් වුණේ නැහැ. අපි පාසල වැඩි දියුණු කරන්න උත්සාහ කළා. ඒත් ළමයින්ගෙ වත් දෙමාපියන්ගේ වත් උවමනාවක් නැහැ. ගුරුවරු හිටියෙත් කිහිප දෙනයි. ඒ අයත් මාරු වීම් හදාගෙන යන්න උත්සාහ කරනවා. කිහිප දෙනෙක් ගියත් එක්ක. ඉස්කෝලෙට එන පාරේ බස් එකක් එන්නෙ කළාතුරකින්. දැන් ඉතුරු වෙලා ඉන්නෙත් ළමයි ටික දෙනයි. සමහර ළමයින්ගෙ මාපියො දරුවව අයින් කරගෙන නගරයේ පාසලට අරන් යනවා. ඒකෙ වැරද්දක් කියන්න බැහැ මොකද මෙහෙ හරියට උගන්වන්න ගුරුවරුත් නෑනේ. මම දන්න හැටියට තව ටික කාලයකින් මේ පාසල වහලා දායි.’’ කෑගල්ල අධ්‍යාපන කලාපයේ දුෂ්කර පාසලක නම හෙළි කිරීමට අකමැති වූ විදුහල්පතිවරයෙක් පැවසුවේය.
‘‘ මේ වගේ ඉස්කොලෙක වැඩ කරලා මට කිසිම ආත්ම තෘප්තියක් ලැබුණෙ නැහැ. වැරුද්ද කොතැනද කියලා අපි දන්නෙත් නැහැ. මේ විදිහට පාසැල් වැහෙන්න හේතුව මේ අධ්‍යාපන ක‍්‍රමයෙ තියෙන වැරුදි කියලයි මට හිතෙන්නෙ.’’ ඔහු වැඩි දුරටත් පැවසුවේය.
සමීර සඳරුවන් මේ වන විට කුරුණැගල අධ්‍යාපන කලාපයේ ප‍්‍රසිද්ධ පාසලක හත්වන ශ්‍රේණියේ ඉගෙනුම ලබන ශිෂ්‍යයෙකි. මේ පාසලට පැමිණීමට පෙර ඔහු ඉගෙනුම ලැබුවේ පොල්ගහවෙල ප‍්‍රදේශයේ දුෂ්කර පාසලකය.
‘‘ අපේ ඉස්කෝලෙ පංති තිබුණෙ පහ වසරට විතරයි. අපිට උගන්නන්න ගොඩක් සර්ලා ටීචලා හිටියෙ නැහැ. අපේ අම්මා මාව ශිෂ්‍යත්වේ පාස් වෙන්න කියලා පිට පන්ති වලට යැව්වා. මම ශිෂ්‍යත්වය පාස් වුණා. ඊට පස්සෙ මම දැන් ඉස්කෝලෙට ආවා. කළින් ඉස්කෝලෙට වඩා මේ මට මේ ඉස්කෝලෙ ගොඩක් හොඳයි. ගොඩක් පහසුකම් තියෙනවා. මම කවදා හරි ඩොක්ටර් කෙනෙක් වෙන්න ඉගෙන ගන්නවා’’ සමීර පවසයි. සමීර ප‍්‍රාථමික අධ්‍යාපනය ලැබූ පාසල මේ වන විට වැසී ගොස් තිබේ.
‘‘ අපි දරුවා ලොකු ඉස්කෝලෙකට දැම්මේ අපිට පුළුවන් කමකට නෙමෙයි. අපි දරුවට උගන්වන්නෙ ගොඩක් අමාරුවෙන්. එයා කළින් ඉගෙන ගත්ත ඉස්කොලේ හිටියා නම් අපිට ගොඩක් ලේසියි. එ්ත් එ් ඉස්කෝලේ ගුරුවරු හිටියෙ නැහැ. අපි දරුවට ඉගැන්නුවේ අමතර පන්ති වට යවලා. දැන් එයා යන වාහනේට මාසෙකට රුපියල් දාහකට වඩා ගෙවන්න ඕන. තව දරුවට පන්ති ගාස්තු දෙන්න ඕන. දරුවා ඉගෙන ගන්න දක්ෂයි. ඒ හින්දයි අපේ පුතා ටවුමේ ඉස්කෝලෙට දැම්මේ. ’’ සමීරගේ මව වන පොල්ගහවෙල පදිංචි පද්මිණි කුළසේකර පැවසුවාය.
ශී‍්‍ර ලංකාවේ ජනගහණයෙන් හතරෙන් එකක ප‍්‍රමාණයක් පාසල් සිසුන්ගෙන් සමන්විත වේ. එවන් තත්ත්වයක් මත ගම්බද පාසල් වැසී යාම කිසිසේත් හිතකර තත්ත්වයක් නොවේ. එබැවින් ගම්බද පාසල් වැඩි දියුණු කිරීමට පියවර ගැනීමට කටුයුතු කරන බව අධ්‍යාපන බලධාරීහු පවසති.
‘‘ මේ වන විට අපි ගම්බද පාසල් වැඩි දියුණු කරීමට පියවර ගෙන තිබෙනවා. ඉදිරියේදී මේ තත්ත්වය තවත් වැඩි පුළුල් කිරීමට අප කටයුතු කරනවා. මේ තත්ත්වය යටතේ ඉදිරියේදී දරුවන් ගමේ පාසලේ රඳවා ගැනීමට හැකි වේවි.’’
Reports on the education sector have highlighted a threat faced by rural schools due to the demand for popular schools in urban areas. The Central Bank states that 664 schools have closed down between 1997 and 2007, with 36 schools closing down in 2007 alone. During the past few months 12 more schools have closed down in the Polgahawela area. Education Ministry officials have said that regardless of the facilities provided to rural schools, parents opted to admit their children into popular schools in the towns. However, officials said that steps are being taken to further improve the standards and facilities in rural schools to ensure the admission of students into them.
By Anupama Ganegoda
හිමි සඳ නොවූ සඳ තනි විය ඇගේ සිත
The tragedy of the widows
රාජිනා අබරණින් තොර සිය ගෙල දෙස කැඩපතින් බැලූවාය. ඇයට සුසුමක් පිට වූයේ නිරායාසයෙනි. රාජිනාගේ සැමියා වූ සිවාජි මිය ගොස් වසර හතක් ගත විය. එදායින් පසු ඇයට සිය මංගල තැල්ල පැළදීමට අවසර ලැබුණේ නැත. ඒ ඇය වැන්දඹුවක් වූ බැවිනි.
රාජිනා සිවනේශ්වරී උපන්නේ යාපනය නල්ලූර් කෝවිල්හීදීය. වයස දහ අටේදී ඇය සිය ගමේ තරුණයෙකු වූ සිවාජි සමඟ පෙමින් බැඳුණාය. එහෙත් ඇයට හිමි වූයේ සුන්දර ආදරයක් නොවේ. බෝම්බ මල්ටි බැරල් හඩින් ඇළලි ගිය කුරිරු යුද්ධය මධ්‍යයේ ඇය මුවැත්තියක සේ සිවාජිගේ උණුසුම සෙව්වාය. මේ සියල්ල මධ්‍යයේ රාජිනීගේ පේ‍්‍රමය මල්පල දැරුවාය. ඇය සිවාජී සමඟ විවාහ වූවාය. ඒ දහසක් බලාපොරොත්තු සමඟිනි. එහෙත් විවාහ ජීවිතයේ මිහිර විදින්නට ඇයට ලැබුණේ නැත. යාපනය නගර මධ්‍යයේ පුපුරා ගිය බෝම්බයකට සිවාජි බිලි විය.
රාජිනීගේ ජීවිතය ගිනිගත්තේය. ඒ වන විට ඇය සිව් මස් ගැබිණියකි. ජීවිතය පුරා සැමියා සමඟ එක්ව ගමන් යන්නට සිටි ඇය නොදරුවකු සමඟ එසේ තනි වූවාය. ඉන් හය මස් ගතවන විට රාජීනි දියණියක බිහි කළාය. ඒ ශසිකාය. මේ වන විට ඇය පියා අහිමි සය හැවිරිදි දැරියකි. අම්මාත් සමඟ දිවි ගෙවන ශසිකාගේ ජීවිතය එතරම්ම සුන්දර නැත. පවුලේ සියලු බරපැන දරන්නට රාජිනීට සිදුව තිබේ. වැන්දඹුවක් වශයෙන් මේ වන විටත් තුරුණු රාජිනාගේ ජීවිතය ගෙවී යයි.
ශ‍්‍රී ලංකාවේ වැන්දඹුවන්ගේ සංඛ්‍යාව ජනගනණයෙන් ලක්ෂ හතර හමාරකට ආසන්න වී ඇති බව ජන හා සංඛ්‍යා ලේඛන දෙපාර්තමේන්තු වාර්තා පෙන්වා දෙයි. දෙදහස් එක වසරේ ජන සංගණනය අනුව ඉදිරිපත් කර ඇති මේ තොරතුරු වලට උතුරු නැගෙනහිර ප‍්‍රදේශයන්හී දත්ත ඇතුළත් කර තිබුණේ නැත. ඒ අනුව මේ ප‍්‍රදේශ වල ජීවත් වන වැන්දඹුවන්ගේ සංඛ්‍යාවත් සමඟ ශ‍්‍රී ලංකාවේ වැන්දඹුවන්ගේ සංඛ්‍යාව ලක්ෂ පහ ඉක්මවා ඇතැයි ශ‍්‍රී ලංකා කාන්තා පර්යේෂණ කේන්ද්‍රයේ තොරතුරු පෙන්වා දෙයි.
වැන්දඹුව යන්නෙන් අර්ථ නිරූපණය වන්නේ ස්වාමියා මිය ගිය පසු නැවත විවාහයට පත් නොවූ කාන්තාව යනුවෙනි. ශ‍්‍රී ලංකාවේ වැන්දඹුවන් පිළිබඳ පැවසීමේදී කොටස් කිහිපයකට වර්ග කළ හැකිය. ඉන් යුධ වැන්දඹුවන් හා සුනාමි වැන්දඹුවන් ප‍්‍රමුඛ වේ. මීට අමතරව වියළි කලාපයේ අලි මිනිස් ගැටුම හේතුවෙන් සැමියා මිය ගොස් වැන්දඹුභාවයට පත් වන ස්ත‍්‍රීන්ගේ සංඛ්‍යාවද
සීග‍්‍රයෙන් ඉහළ යමින් පවතී. දේශපාලන හේතූන් මතද වැන්දඹුවන් බවට පත් වූ කාන්තාවන් රාශියක් සිටිති.
‘‘ මගේ මහත්තයා යුද්දෙට ගිහින් මැරුණා කියලා මට හිතහදා ගන්න බැහැ. කෝ මට සැමියෙක්. කෝ මගේ දුවට තාත්තෙක්. අමනුෂ්‍යයෝ වගේ මිනිස්සු ඉන්න ලෝකෙක මම ආයේ කසාද බැඳලා මගේ දුවට හොඳ තාත්තෙක් හොයාගන්න බෑනේ. කවුරු කොහොම සැලකුවත් මහත්තයා නැති අඩුව පුරවන්න ඔය කිසි කෙනෙකුට බෑ.’’ පොළොන්නරුවේ පදිංචි සමන්තිකා පැවසූයේ ආවේගශීලීවය. සමන්තිකාගේ සැමියා යුද්ධයෙන් මිය ගොස් තිබුණේ ඇයගේ කුසට මාස හතරක්වත් ගතවන්නට මත්තෙනි.
යුද්ධය හේතුවෙන් උතුරු නැගෙනහිර ප‍්‍රදේශයන්හී කාන්තාවන් රැසක් වැන්දඹුභාවයට පත් වූයේ අවාසනාවන්ත ලෙසය. ජනවාර්ගික ගැටලුව නිසා අස්ථාන ගතවූ සහ නිශ්චිත වශයෙන් සැමියා මිය ගිය කාන්තාවන්ගෙන් වැඩි දෙනෙක් වයස අවුරුදු 22 සහ 35 අතර වයසේ පසුවන බව කාන්තා පර්යේෂණ කේන්ද්‍රයේ තොරතුරු පෙන්වා දෙයි. ඇමරිකානු සහන සේවා සංගමය ඉදිරිපත් කරන දත්තයන්ට අනුව උතුරේ පමණක් අවම වශයෙන් තිස් දහසකට අධික කාන්තාවන් පිරිසක් වැන්දඹුභාවයට පත්ව ඇතැයි සඳහන් වෙයි. යාපනය කෝපායි ප‍්‍රදේශයේ පමණක් ඒ සංඛ්‍යාව 1500කට ආසන්න බව ඇමරිකානු සහන සේවා සංගමය ප‍්‍රකාශ කරයි. නැගෙනහිර ප‍්‍රදේශයේද යුධ වැන්දඹුවන්ගේ සංඛ්‍යාව තිස් දහස ඉක්මවයි.
‘‘ මගේ මහත්තයා මැරෙන කොට මට අවුරුදු 35යි. අපිට දුවෙකුයි පුතෙකුයි ඉන්නවා. ඒ කාලේ මහත්තයා සේවය කළේ ඕමන්තෙ. මහත්තයා නැති වුණේ අනූඅටේ. අපි ගොඩක් දුක් වුණා. දුවයි පුතයි එක්ක මම තනි වුණා කියලා මට දැනුනා. ඒත් කරන්න දෙයක් තිබුණේ නැහැ. දැන් අපේ දරුවො කසාඳ බැඳලා. ආයෙමත් මම තනි වෙලා. මට හිතෙනවා මහත්තයා හිටියා නම් හොඳයි කියලා. එක දෙයක් නිසා මටයි දරුවන්ටයි සතුටු වෙන්න පුලුවන්. ඒ මගේ මහත්තයා ජීවිතේ පූජා කළේ රට වෙනුවෙන් නිසා.’’ කෑගල්ලේ පදිංචි පනස් දෙහැවිදිරි රම්‍යා කුමාරි පැවසුවාය. මේ වන විට ඇය හුදකලා ජීවිතයක උරුමකාරියක් වී තිබේ.
ශ‍්‍රී ලංකාවේ වැන්දඹුභාවයට පත් කාන්තාවන් අතුරින් සුනාමි ව්‍යසනයෙන් සැමියා අහිමි වූ කාන්තාවන් රාශියක් සිටිති. ස්භාවික ව්‍යසනයක් වූ සුනාමිය වෙරළ බඩ ජනයාගේ උන් හිටි තැන් පමණක් නොව සිය සමීපතමයන්ද අහිමි කළේය. නැගෙනහිර ප‍්‍රදේශයේ පමණක් සුනාමියෙන් වැන්දඹුවන් බවට පත් වූ සංඛ්‍යාව විසි දහසකට ආසන්න වී ඇතැයි කාන්තා පර්යේෂණ මධ්‍යස්ථානයේ තොරතුරු පෙන්වා දෙයි.
මේ වන විට වියළි කලාපයේ පවතින අලි මිනිස් ගැටුමද වැන්දඹුවන් බිහි කිරීමට හේතුවක් වී ඇති අන්දම ඉතා අවාසනාවන්ත සහගත තත්ත්වයකි. විශේෂයෙන් අලි මිනිස් ගැටුම පවතින මොණරාගල, වැල්ලවාය, හඳපානාගල, ඇලහැර ,මින්නේරිය, පොළොන්නරුව, පුත්තලම, හම්බන්තොට, තණමල්විල ,මාලිගාවිල, හබරණ ආදී ප‍්‍රදේශ වල වැන්දඹු කාන්තාවන් රාශියක් දැකිය හැකිය. විශේෂයෙන් අලි ඇතුන් පහර දීමෙන් ජීවිත බොහෝ විට මිය යන්නේ පවුලක ගෘහ මුලීකයාය. ඔහු මරා දැමු පසු එම පවුලේ පැවැත්ම එය බෙහෙවින් හානිකරය. ගොවිතැනින් දිවි ගෙවන මේ වැසියන්ට පවුලක ගෘහ මූලිකයා අහිමි වුව හොත් එය කබලෙන් ලිපට වැටුණා හා සමාන වනු ඇත.
යුධ වැන්දඹුවක් නම් ඇයට සැමියාගේ වැටුපවත් ලැබේ. එහෙත් මෙලෙස අලි මිනිස් ගැටුම හේතුවෙන් වැන්දඹුභාවයට පත් වන කාන්තාවන්ට මේ වන විටත් නිසි පිහිටක් ලැබී නොමැත.
දේශපාලන හේතූන් මතද වැන්දඹුභාවයට පත් ස්ත‍්‍රීන් අපේ රටේ දැකිය හැකි වේ. ඒ සඳහා පැහැදිලි උදාහරණ වන්නේ හිටපු අගමැතිනි සිරිමාවෝ බණ්ඩාරනායක මැතිනිය හා හිටපු ජනපතිනි චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංගයි. එමෙන්ම 1971 1987 හා 1989 යන වර්ෂ වල සිදු වූ කැරලි වලින් අනතුරුව විශාල කාන්තාවන් පිරිසක් වැන්දඹුභාවයට පත් වී තිබේ. එමෙන්ම පසුගිය වකවානුවේ පුද්ගලයන් රැසක් අතුරුදහන් වූ අතර ඒ හේතුවෙන්ද විපතට පත් කාන්තාවන් රැසක්ද සිටිති.
‘‘ දවසක් දා මහ ? කව්දෝ කට්ටියක් ඇවිත් මහත්තයා අරන් ගියා. අද වෙනකන් ආරංචියක් නෑ. ඉන්නවද මැරිලද කියලා දන්නෙ නැහැ. මම ජීවත් වෙන්නෙ දෙගිඩියාවෙන්. මහත්තයා නැති වුණා පස්සෙ මම ගොඩක් දුක් විදිනවා. මහත්තයගේ පවුලේ අය මට දැන් වෙනස් කම් කරනවා. මගේ පව්කාරකමටලූ මහත්තයා නැති වුණේ ’’ නම හෙළි නොකළ විසි පස් හැවිරිදි වූ යාපනයේ පදිංචිකාරියක් පැවසුවාය.
The Census and Statistics Department has recoded close to 450,000 widows in the country. The statistics recorded during the 2001 census does not include data from the East. The inclusion of data from these areas is expected to increase the number to about 500,000. Widows in the country are categorized as those widowed by war, tsunami, human-elephant conflict and political reasons. Most of the war widows according to statistics are between the ages of 22-35.
අපි තාමත් අපායක ඉන්නවා වගේ
Five Years After the Tragedy – Life in Hell
සුනාමිය කාටත් පොදු ආකාරයට බලපෑම් කළ බව සැවොම දන්නා කරුණකි. නමුදු මෙකී විපතෙන් පිඩනයට පත් ජනතාව හට ලැබුණා වූ ආධාර පිළිබදව සෑහීමකට පත් විය නොහැකි බවයි. වලහන්දූව සුනාමි ගම්මානයේ ජීවත් වන සුනාම් අවතැන් වූවන් පවසන්නේ .
‘‘සුනාමිය ආවේ කාටත් එක විදියට අඩුවෙන් වැඩියෙන් කියලා වෙන් කරගෙන ආවේ නැහැ. ඉතින් ඇයි කොටසකට හොදට සලකලා අපිට මේ විදියට සළකන්නේ. අපි ඉස්සර හොදට හිටිය මිනිස්සු. දැන් මේ කන්ද උඩට වෙලා ඉන්නවා.’’ සුනාමි ගම්මානයේ තිළිණි මොහොට්ටි පැවසුවාය.
ඔවුන් ජීවත් වන නව පරිසරය පිළිබඳ සෑහීමකට පත් නොවෙන්නට හේතු වී ඇත්තේ පොදු පහසුකම් කිසිවක් ඔවුනට නිසි අයුරින් නොලැබීම නිසාවෙනි. කුඩා දරුවන්ට පයින් කිලෝමීටර් තුනකට වඩා පාසල් යාමට සිදු වී ඇති බවයි ඇය පවසන්නේ.
‘‘ටවුමට යන්න ගොඩක් දුරයි.බස් එක තියෙන්නේ වෙලාවට. මොනවා හරි හදිස්සියක් වුණොත් අපි ගොඩක් අමාරුවෙන් තමයි ටවුමට යන්නේ. මේ ගෙවල් වලත් පිළිවෙළක් නැහැ. කන්දක් මුදුනක වගේ හදලා තියෙන්නේ. ඒ නිසා වහින කාලෙට ගොඩක් කරදරයි.’’ මොහොට්ටි පැවසුවාය.
උපන් කාලයේ පටන් නගරයේ හැදී වැඩුණ පුද්ගලයින්ට කිලෝමීටර් ගණනක් ඈතින් ජීවත් වීම කඨෝර බව කිව යුතු කරුණක් නොවේ. මේ පුද්ගලයින් වදවන්නේ තමන්ගේ දරු පරපුර වෙනුවෙන් බව සැඟවිය යුතු කරුණක් නෙවෙයි.
‘‘ළමයි උදේම පයින් යනවා. හවසටත් පයින් එනවා. වැස්ස කාලේට වැව ගලද්දී ළමයින්ට ඉස්කෝලේ යන්න විදියක් නැහැ. ඒ වගේම වහිද්දී උලුවහලෙ අස්සෙන් වැහි බිංදු වැටෙනවා. කුඩා දරුවන්ට හැමදාම ලෙඩ’’.මොහොට්ටි පැවසුවාය.
පොදු ප‍්‍රවාහන පහසුකම් මෙන්ම සනීපාරක්ෂක ගැටලු රාශියකටද තමන්ට මුහුණ දීමට සිදු වී ඇති බවයි ජීවන්ත එදිරිසිංහ පවසන්නේ.
‘‘ගෙවල් පහකට එක වැසිකිලි වළක් විතරයි තියෙන්නේ. වහිද්දී මේ ඔක්කෝම පිටාර ගලනවා. උඩ තියෙන ගෙවල් වල ඒවා පහලට ගලාගෙන එනවා. අපායක ඉන්නවා වගෙයි දැනෙන්නේ.’’එදිරිසිංහ පැවසුවේය.
ගාල්ල නගරයේ සිට කිලෝමීටර් දහයක් පමණ අභ්‍යන්තරයට වන්නට තිබෙන මෙම ගම්මානයේ විදුලිය තිබුණද වීදි ලාම්පු සවි නොකිරීම නිසා රාතී‍්‍ර කාලයේ රැුකියාවට යන හා රැකියාවට ගොස් පැමිණෙන ජනතාවට අපහසුතාවයට පත්වීමට සිදු වී ඇත.
‘‘ටවුමේ හිටිය අපිව මෙහෙට ගෙනත් දාලා ඒ අය හිතාගෙන ඉන්නේ ඒ අයගේ වගකීම ඉවරයි කියලා. අපි වහින වෙලාවට කොසු මිටෙන් වහල හදාගෙන තමයි ඉන්නේ ඒත් උඩින් එන වතුරයි වටෙන් එන වතුරයි ඔක්කෝම ගෙවල් ඇතුලේ. අව්ව වෙලාවට රස්නෙයි.’’ ලතා ඒකනායක පැවසුවාය.
‘‘ලෑලි ගෙයක හිටිය අපිට මේ ගෙවල් ලැබුණ එක ගොඩක් ලොකු දෙයක් තමයි. අඩුපාඩු ගොඬේ ජීවත් වෙද්දී හිතෙනවා හිටිය තැනම හිටියනම් හොදයි කියලා. මවා පෑමක් කරලා අපිව රවැට්ටුව එක කළේ ’’. ඒකනායක පැවසුවාය.
මොවුන් හම්බ කර ගන්නා දෙයින් සැහීමකට පත් වුවද ඔවුනගේ එදිනෙදා ජීවිතයේ අවශ්‍යතා සඳහා එම මුදල් යෙදවීම තුළින් ඔවුනට ඉතිරි කිරීමට කිසිවක් ඉතිරි නොවන වග ඉනෝකා ප‍්‍රියදර්ශණී පැවසුවාය.
‘‘ගෙවල් පහකට එක වැසිකිලි වළක් විතරයි තියෙන්නේ. වහිද්දී මේ ඔක්කෝම පිටාර ගලනවා. උඩ තියෙන ගෙවල් වල ඒවා පහළට ගලාගෙන එනවා. අපායක ඉන්නවා වගෙයි දැනෙන්නේ.’’එදිරිසිංහ පැවසුවේය.
කෙසේ වුවද මේ ලැබුන දෙයින් සෑහිමකට පත්වෙන පිරිසක්ද මෙම ගම්මානයේ සිටිනා බව දක්නට හැක. එයට හොදම උදාහරණය වන්නේ එල්.බී සරත්ය. සරත්ට ලැබුන නිවසේ මුලුතැන් ගෙයක් නොතිබුණ නිසාවෙන් ඔහු තමන්ගේ මුලුතැන්ගෙය සිමෙන්තියෙන් තනිවම නිර්මාණය කර ගැනීමට පියවර ගත්තේය. ඔහුගේ රැකියාව ලෙස ඔහු නැව්වල මළ ඉවත්කිරීම සිදු කරන අතර දරුවන්ගේ අධ්‍යාපන කටයුතු සඳහා දරුවන් ඔහුගේ බිරිදගේ මහ ගෙදර නවත්වා ඇත.
‘‘අපි හිටිය තැන හිටියා නම් අපට මේ ටිකත් නැහැ. අපි මෙහෙ සතුටින් ඉන්නවා.’’ සරත් පැවසුවේය.
The tsunami displaced in the Walahanduwa tsunami village says the relief aid provided to them following the tragedy was insufficient. These tsunami displaced say they are faced with many difficulties due to the lack of basic facilities. The lack of proper transport facilities and sanitary systems are key among the issues faced by these people. However, they note that receiving the houses they currently live in instead of temporary shelters built out of wood was a blessing in itself.
යළි සිහිවෙන අදුරු මතකය
Five Years After the Tragedy – Reliving the nightmare
හිත් පිත් නැති සුනාමි රල පහරින් මෙරට වෙරළාසන්න ප‍්‍රදේශවල පුද්ගලයින් තිස් පන්දහසක් බිලිගැනීම බෝහෝ දෙනාට අමතක වෙමින් තිබේ. එහෙත් තවමත් සමහරු සුනාමි අදුරු මතක මැද මැරි මැරී ජීවත්වෙති.
හම්බන්තොට සිරිබෝපුර සුනාමි නිවාස යෝජනා ක‍්‍රමයේ ජීවත්වන මොහොමඞ් රාසික් තවමත් සුනාමි අදුරු මතක මැද ජීවත්වන්නේ ඔහුගේ පවුලේ සාමාජිකයින් තිස් හත්දෙනෙක් සුනාමි රුදුරු රළ පහර විසින් මුහුදට බිළිගත් නිසාය. සිය බිරිද මව සහ සහෝදර සහෝදරියන් ඇතුළු පවුලේ තිස් හත්දෙනෙක් මුහුදට ගසාගෙන ගියේ ඔවුන්ගේ මළ සිරුරක්වත් ඉතිරි නොකරමිනි.
තමන්ගේ දරු දෙදෙනා හැර පවුලේ අනිත් සියලූ දෙනාම මුහුදට රැගෙන ගිය සුනාමිය පැමිණි දිනය අදටත් රාසික්ගේ සිහියට නැගෙන විට ඉබේම නෙතට කදුළක් උනයි. සිය පවුලේ සාමජිකයින් මුහුදට බිළිවීම අදටත් ඔහුට දරාගත නොහැකිවී තිබේ.
ධීවර කර්මාන්තයෙන් සිය දරු පවුල නඩත්තුකරන රාසික් සුනාමිය පැමිණි 2004 දෙසැම්බර් 26 වැනිදාට පෙර දිනයේ රාත‍්‍රියේද තවත් අයෙක් සමග බෝට්ටුවේ නැගී මුහුදු ගියේ මසුන් මැරීමේ අටියෙනි. එහෙත් සුනාමියක් පැමිණෙන බව කලින් කීමට මෙන් මුහුදේ වැඩි වෙලාවක් රැදී සිටීමට රාසික්ට මුහුද ඉඩක් දුන්නේ නැත.
‘‘එදා ? මුහුද හරිම සැරයි. ඒ වගේම මාළු අහුවුනෙත් නැහැ. මේ නිසා මාළු අල්ලන්නේ නැතිව අපි ආයෙමත් ගොඩට ආවා.’’ සවස හයට පමණ මුහුදු ගිය රාසික් රාත‍්‍රී නමය වන විට නැවත ගොඩට පැමිණියේය. එදින මුහුදු ගියත් ආදායමක් ලැබීමට මාළු අල්ලාගත නොහැකිවීමේ දුකත් සිතේ තදකරගෙන සිටි රාසික් ගෙදර පැමිණ නිදාගන්නට වූයේ හිතේ මෙන්ම ගතටද සනීපයක් නොදැණුන නිසාය.
පසුදින උදෑසන ඔහුගේ බිරිද සුපුරුදු පරිදි හම්බන්තොට පොළට ගියේ සතියක් පුරා ගෙදර කෑමට බීමට අවශ්‍ය බඩු රැගෙන ඒම සදහාය. පොළට ගොස් බඩු රැගෙන එන බව පැවසූ රාසික්ගේ බිරිද අද වන තෙක් බඩු රැගෙන නිවසට පැමිණියේ නැත. ඒ සුනාමි රළ පහර විසින් රාසික්ගේ බිරිද බිළි ගෙන තිබූ නිසාය.
සුනාමිය පැමිණෙන අවස්ථාව වන විට රාසික් නිවසේ සිටියේ ඔහුගේ දරු දෙදෙනා සමගය. මෙදින ලංකාව සහභාගී වූ ක‍්‍රිකට් තරගයක් රූපවාහිනියේ විකාශය වෙමින් තිබූ නිසා ඔහු එය නරඹමින් සිටියේය.
‘‘මැච් එක පටන්අරගෙන ඕවර එකයි බෝල තුනක් දැම්මා විතරයි, වටේ ඉන්න අය, මුහුද ගොඩ ගලනවා කියමින් දුවන්න වුණා.’’ මිදුලට පැමිණි රාසික් දුටුවේ මුහුද වේගයෙන් ගොඩබිම දෙසට ඇදී එන ආකාරයයි. ගෙදර සිටි දරු දෙදෙනා කරපින්නාගත් රාසික් ගොඩබිම දෙසට දිව ගියේය.
සුනාමි රළ පහරින් හම්බන්තොට නගරයම විනාශ කිරීමෙන් විනාඩි පහකට දහයකට පසුව රාසික් නගරයට ගියේය. ඒ මහුද අසල සිටි තමන්ගේ ඥාතීන් පිළිබදව සොයා බැලීම සදහායි. රාසික්ගේ මව ජීවත්වී තිබුනේ සුනාමියෙන් වැඩිම හානියක් වී තිබූ හම්බන්තොට මුස්ලිම් පල්ලිය අසල නිවසකය. මෙම නිවස තිබූ තැනට රාසික් ඇතුළු සිව්දෙනෙක් යන විට දුටු දෙයින් රාසික්ට මුලූ ලොවම තමා වටා කැරකැවෙන සේ දැනෙන්නට විය.
‘‘අපි අම්මලාගේ ගෙදර ළගට ගිහින් බලනවිට එතැන ගෙදරක් දකින්න තිබුණේ නැහැ. ගෙදර බිමට සමතලා වෙලා තිබුණා. අපේ අම්මා අවුරුදු තිස්පහක් රට රස්සා කරලා හම්බකරපු හැම දෙයක්ම මුහුදට ගහගෙන ගොස් තිබුණා.’’’ රාසික් පවසයි.
රාසික්ගේ මව පදිංචිව සිටි ගෙදර අසල ඔහුගේ සහෝදර සහෝදරියෝ පදිංචිව සිටියහ. මවගේ ගෙදර සම්පූර්ණයෙන්ම විනාශ වී ඇති බව දුටු ඔහු සහෝදර සහෝදරියන්ගේ ගෙවල් තිබූ තැන්වලට දිව ගියේ එහි කිසිවෙක් හෝ සිටීද යන්න පිළිබදව සොයා බැලීම සදහාය. මේ අකාරයට ඔවුන් පදිංචිව සිටි ගෙවල් පහකටම ගොස් විපරම් කළ බැලූවත් රාසික්ට දකින්න ලැබුණේ ගෙවල් සියල්ලම පොළවට සමතලා වී ඇති බවයි.
පොළවට සමතලා වූ නිවාසවල සුන්බුන් අතරේ පවුලේ අය සිරවී සිටී දැයි රාසික් සොයා බැලූවත් කිසිම අයෙක් පිළිබදව හෝඩුවාවක් හෝ
සොයාගැනීමට ඔහුට හැකියාව ලැබුණේ නැත.
‘‘අපේ අය මැරිලා නම් අඩුම තරමේ ඒ අයගේ මිනියවත් හොයාගන්න ඕන කියලා හැමතැනම ගියා.’’ රාසික් කීවේය. ඔහුගේ ඥාතීන් සිටි ගෙවල් අසල කිසිවෙකුගේවත් මළ සිරුරු දකින්න නොලැබුණ නිසා ලූණු ලේවාය දෙසට ගියේ ලේවායේ මළ සිරුරු තිබෙන බව කියූ නිසාය. දහවල් එක දෙක වන තුරු හම්බන්තොට ලූණු ලේවාය අසල තමන්ගේ ඥාතීන්ගේ මළ සිරුරු තිබේ දැයි සොයා බැලූවත් කිසිවෙකුගේවත් මළ සිරුරක් සොයාගැනීමට ඔහුට හැකියාව ලැබුනේ නැත. මේ නිසා රාසික් හම්බන්තොට රෝහල වෙත ගොස් එහි තිබූ මළ සිරුරු එකින් එක පරීක්ෂා කරන්නට වූයේ ඒ අතර හෝ තමන්ගේ පවුලේ ඥාතීන් සිටී දැයි යන්න සොයා ගැනීම සදහාය.
කොතරම් සොයා බැලූවත් පවුලේ සාමාජිකයින් තිස් හත්දෙනොගෙන් එක් අයෙකුගේ හෝ මළ සිරුරක්වත් සොයාගැනීමට ඔහුට නොහැකිවිය.
‘‘කොච්චර හොයලා බැලූවත් මිය ගොස් සිටි අපේ පවුලේ තිස් හත්දෙනාගෙන්එක අයෙක්ගේවත් මළ සිරුරක්වත් හොයාගන්න බැරිවුණා. අඩුම තරමේ පොඩි අයෙකුගේ මළ සිරුරක්වත් හොයාගන්න බැරිවුණා.’’ රාසික් සදහන් කළේය.
සුනාමිය පැමිණ අවුරුදු පහක් ගතවන විටත් රාසික්ට මේ සිදුවීම සිතෙන් අමතක කිරීමට හැකියාවක් ලැබී නොමැත. හැම විටම මේ සිදුවීම ඔහුට සිය මතකයෙන් මකා දැමීමට හැකියාවක් ලැබී නැත.
‘‘මම මුහුදු ගියාම මහා පාළුවක් තනිකමක් දැනෙනවා. මුහුද මැදදි තනිවුනාම මේ සුනාමියෙන් අපේ පවුලම නැතිවුන එක මතක් වෙනවා.’’ රාසික් කීවේය.තමන්ගේ පවුලේ සියලූදෙනාම අහිමිවීමෙන් පසුව මෙලොව ඉතිරිවූ රාසික්ට මේ වන විට හම්බන්තොට සිරිබෝපුර සුනාමි නිවාස යෝජනා ක‍්‍රමයෙන් නිවසක් ලැබී තිබේ. මෙම නිවස ලබා ගත්තේ කිසිම කැමැත්තකින් නොවන බව ඔහු කියයි.
‘‘පවුලේ හැමෝම නැතිවුණාම අපිට අලූතින් ගෙවල් මොකටද? ඒත් බලකිරීම නිසා මම මෙතැන ලැබුණ ගෙදර ඇවිත් පදිංචිවුණා’’ රාසික් සදහන් කළේය.
පවුලේ සාමාජිකයන් තිස් හත් දෙනෙක් අහිමි වීමෙන් පසුව රාසික්ට උදාවූයේ එතරම් සුබදායී කාලයක් නොවේ. ඔහුගේ ළමයින්ට අධ්‍යාපනය ලබාදීමට වත්කමක් නොතිබූ නිසා එක් වැඩිමහල් ළමයා ගාල්ල පල්ලියට භාර කළේ අධ්‍යාපනයට වැයවන වියදම ඔහුට දැරිය නොහැකි බැවිනි. මේ වන විට ඔහුගේ බාල දරුවා පාසල් අධ්‍යාපනය ලබමින් සිටින නමුත් මේ වසර අවසානයේදී ආර්ථික ගැටලූ නිසා පල්ලියට භාර කිරීමට සූදානමින් සිටින්නේ යැයි රාසික් පැවසුවේය.
‘‘මගේ අම්මයි සහෝදර සහෝදරියනුයි ජීවතුන් අතර සිටියා නම් ළමුන්ගේ අධ්‍යාපනයට ඔවුන් උදව් කරනවා. ඒත් දැන් කවුරුවත් නැති නිසා ළමයි දුකෙන් හරි පල්ලියට භාරදෙනවා.’’ රාසික් පැවසුවේය.
සුනාමියෙන් රාසික්ගේ බිරිද මිය යන විට ඔහුගේ ළමුන් දෙදෙනා කුඩාය. තමන්ගේ මව මිය යාම පිළිබදව ඔවුන්ට කිසිදු වැටහීමක් නොතිබූ බැවින් ඒ දිනවල මව ගැන ඔහුගෙන් විමසුවත් දැන් ළමුන් සුනාමියෙන් තමන්ගේ මව මිය ගොස් ඇති බව අවබෝධ කරගෙන ඇතැයි රාසික් කීවේය.
‘‘ළමයින්ට මේ සිදුවීම අමතක කරන්න පුළුවන් වුණාට මට කවදාවත් ඒ සිද්ධිය අමතක කරන්න බැහැ.’’ කදුළු පිරි දෙනෙතින් යුතුව රාසික් පැවසුවේය.
අලූත් නිවසක් සමග අලූත් අපේක්ෂාවක්
Five Years After the Tragedy – New houes , new hope
හිරු එළියෙන් වඩාත් දීප්තිමත්ව දිලිසෙන කහ පැහැති සල්වාර්යකින් සැරසුණු මුෆ්ලා මුබාරක් සුනාමියෙන් පසුව කල්මුණේ ප‍්‍රදේශයෙන් ලැබුණ අලූත් නිවසේ මිදුලට වී තවත් යහළුවන් පිරිසක් සමග සෙල්ලම් කරමින් සිටියාය. සුනාමියෙන් පසුව ලැබුණ අලූත් ගෙදරට අමුත්තන් පිරිසක් පැමිණියෙන් ඇය මිදුලේ තිබූ පුටුවක වාඩි වූයේ මොවුන් පැමිණියේ ඇයි දැයි විමසීමට මෙනි.මීට වසර පහකට පෙර ඔවුන් ජීවත් වූ තැන පදිංචිව සිටියා නම් ඇය මේ ලෙස සෙල්ලම් කරන විට ඇගේ දෙමාපියන්ට දැනෙන්නේ මරණ බියක්ය. එහෙත් ඔවුන් මීට පෙර පදිංචිව සිටි මුහුද ආසන්නයේ තිබූ නිවස වෙනුවට අලූත් නිවසක් ලැබීම නිසා මුෆ්ලාගේ මාපියන්ට කිසිදු බියක් දැනෙන්නේ නැත. කල්මුණේ ප‍්‍රංශ මිත‍්‍ර ගම්මානයේ ජීවත්වන හත් හැවිරිදි මුෆ්ලා මුබාරක්ගේ දෙමාපියන් පවසන පරිදි ඇගේ ජීවිතයට අලූත් බලාපොරොත්තුවක් ලැබී තිබේ. මුබාරක්ගේ මාපියන් ඇගේ අනාගතය පිළිබද සුබ සිහින දකින්නීය.
ජීවිතයේ කිසි දිනෙක අමතක කළ නොහැකි සුනාමියේ අදුරු මතකයන් මැදින් අලූත් බලාපොරොත්තු ඇති කර ගැනීමට ඔවුන්ට දැන් අවස්ථාව ලැබී තිබේ.පුද්ගලයින් තිස්හයදහසකට මරු කැදවමින් පැමිණි සුනාමිය කල්මුණේ ප‍්‍රදේශයට විශාල හානියක් කර තිබුණේය. වේගයෙන් පැමිණි රළ පහර කල්මුණේ මුහුදු තීරය අසල තිබූ නිවාස බිමට සමතලා කර තිබුණේ කිසිදු අනුකම්පාවකින් තොරවය. මෙම අදුරු මතකයන් මැද සිතින් මැරි මැරී ජීවත් විය නොහැකි බැවින් මුහුදු තීරයෙන් පිටත නිවාස ලැබෙන තෙක් මුබාරක්ගේ පවුල වැනි පවුල් සිය ගණනක් බලා සිටියේය.
‘‘මුහුදු සීමාවේ සිට මීටර හැටපහත් දෙසීයත් අතර සිටි පුද්ගලයින්ට ප‍්‍රංශ මිත‍්‍ර ගම්මානයේ නිවාස ලබා දී එහි පදිංචි කර තිබෙනවා.’’ කල්මුණේ ප‍්‍රාදේශීය ලේකම් මොහොමඞ් නවුෆර් පැවසුවේය. මෙම නිවාස සදහා වැය වන මුදලින් අඩක් රජය විසින් ලබා දෙන අතර අනික් කොටස ආධාර ලබාදෙන ආයතන හා සහන සංවිධාන වෙතින් ලබාගනී. මෙම ගම්මානයේ ජීවත් වන අබුබක්කර් රශීනා උම්මා මීට පෙර පදිංචිව සිටි නිවසේ කාමර හයක් විය. එහෙත් දැන් ඔවුන්ට ලැබී තිබෙන නිවසේ ඇත්තේ කාමර පහක් පමණි. එහෙත් කලින් තිබූ නිවසට වඩා මිත‍්‍ර ගම්මානයේ ජීවත් වීමට ඇය වැඩි කැමැත්තක් දක්වන්නීය. කලින් ජීවත වූවාට වඩා සන්තෝසයෙන් මෙහි ජීවත වීමට හැකි යැයි ඇය කියන්නීය.‘‘සුනාමියට කලින් අපි හිටපු ගෙදරට වඩා මේ ගෙදර හොදයි. ඊට වඩා පහසුකම් තිබෙනවා.’’ රශීනා උම්මා කීවාය.
කල්මුණේ වෙරළ තීරය අසල රශීනා උම්මලා පදිංචිව සිටියදී ඔවුන්ගේ ගෙවල් තිබුණේ එකකට එකක් යාවෙන පරිද්දෙනි. ගෙවල් විශාල සංඛ්‍යාවක් එක ළග තිබීම නිසා ගෙදරට සුළගක්වත් ලැබුණේ නැතැයි ඇය කීවාය. එහෙත් ඔවුන්ට අලූතින් ලැබී තිබෙන නිවාසවල කුඩා මිදුලක් තිබේ. මේ නිසා ගෙදරට මනා වාතාශ‍්‍රය ලැබෙන්නේ යැයි ඇය කීවාය.‘‘අලූත් ගෙවල් තිබෙන තැන පරිසරය කලින් පරිසරයට වඩා හොදයි.’’ තවමත් පාසල් අධ්‍යාපනය ලබන මෙහොම්මදු මහරුෆ් කීවේය.අංග සම්පූර්ණ නගරයකට අවශ්‍ය පහසුකම් ප‍්‍රංශ මිත‍්‍ර ගම්මානය අසලට පැමිණෙමින් තිබේ. මේ වන විට අංග සම්පූර්ණ රෝහලක්, පාසලක් හා වෙනත් රජයේ ගොඩනැගිලි ප‍්‍රංශ මිත‍්‍ර ගම්මානය අසල ඉදි කෙරෙමින් පවතී. තමන්ගේ නිවාස ආසන්නයේ රෝහල් හා පාසල් ඉදි වීම නිසා සුව පහසු ජීවිත ගතකිරීමට අවස්ථාව ලැබෙන්නේ යැයි එහි පදිංචිකරුවෝ පවසති.‘‘මේ පැත්තේ සංවර්ධන වැඩකටයුතු සිදුවෙනවා. එය ගොඩක් හොද දෙයක්.’’ මෙහි පදිංචි අබ්දුල් මනාස් මනාදිර් කීවේය.
මෙම ගම්මානයට නොපැමිණ තමන් කලින් සිටි ස්ථානවලම සිටියේ නම් හැම විටම බියෙන් ජීවත් වීමට සිදු වන්නේ යැයි ඔහු පැවසුවේය. ‘‘කලින් සිටි තැන්වල අයිමත් පදිංචි වුනා නම් සුනාමිය අපට අමතක කරන්න බැරිවෙනවා.’’ අලූත් නිවාස ලැබීම නිසා එම දුක්බර මතකයන් අමතක කිරීමට අවස්තාවක් ලැබී අතැයි, මනාදීර් සදහන් කළේය. කල්මුණේ මුහුදු තීරයේ ධීවරයින් දැල් අදින විට කෑගසන ශබ්දයට මුහුද ආසන්නයේ සිටින අය බිය වන්නේ නැවත සුනාමියක් පැමිණෙන බව සිතමිනි. සුනාමියක් පිළිබද කුඩා ආන්දෝලනයක් පැමිණියත් එහි සිටින අය බියේ වෙනත් තැන්වලට දිව යන්නේය. ‘‘දරුවන් සහ බිරිද ගෙදර සිටියදී අපි වැඩට යන්නේ. මුහුද අයිනේ හිටියා නම් මේ වගේ ආරංචියක් ආවොත් සේරම වැඩ නවත්තලා ගෙදර එන්න වෙනවා. ඒත් දැන් කිසිම බයක් නැතිව දරුවෝ ගෙදර දාලා රස්සාවට යන්න පුළුවන්.’’ මනාදීර් කීය.
‘‘ යළිත් සුනාමිය වගේ විනාශයක් ආවට අපි කිසිම බයක් නැහැ. කිසිම බයක් සැකක් නැතිව මෙතැන අපි ජීවත් වෙනවා.’’ රශීනා උම්මා සදහන් කළාය.
මාතර රාහුල විදුහල් ඉතිහාසයේ ප‍්‍රථම වරට උසස් පෙල කලා අංශයෙන් ලංකාවේ ප‍්‍රථමයා බිහිවේ.
A/L Top from Matara
අධ්‍යාපනය ලැබීමේ මූලික පරමාර්ථය පාසල් දරුවකුගෙන් විමසුවහොත් ඔහු දෙන පිළිතුර සමාජයට වැඩදායී පුරවැසියකු වීම යන්නයි. මේ අරමුණ කරා යාමේදී පාසල් දරුවන්ට විවිධ විභාගයන්ට මුහුණ දීමට සිදුවී තිබෙන්නේය. ශිෂ්‍යත්ව විභාගය අ.පො.ස. සාමන්‍යෙ පෙල විභාගය සහ අ.පො.ස උසස් පෙල විභාගය ප‍්‍රධාන විභාගයන් තුනක් වේ. දිවයිනේ සියළු පාසල් දරුවන් එකම කාල සීමාවක එකම ප‍්‍රශ්ණ පත‍්‍රයකට මුුහුණ දෙන මෙම විභාග වලින් ඉහළම ලකුණු ලබාගන්නා දරුවන් විවිධ අවස්ථාවල සමාජයේ ප‍්‍රශංසාවට ලක්වේ.
පසුගිය අගෝස්තු මස පැවති 2009 වර්ෂයේ අ.පො.ස උසස් පෙල විභාගයේ ප‍්‍රථිපල මේවනවිට සිසුන් වෙත ලැබී ඇත. ඒත් සමගින් දිස්ත‍්‍රික් මට්ටමින් සහ ජාතික මට්ටමින් ඉහළම ලකුණු ලබාගන්නා සිසුන් කාගෙත් කථාබහට ලක්වේ. මෙවර වාණිජ අංශයේ දිවයිනේ ප‍්‍රථම ස්ථානය ගාල්ල දිස්ත‍්‍රික්කයේ සිසුවකු හිමිකරගෙන අති අතර කළා අංශයේ ප‍්‍රථම ස්ථානය හිමිකර ගැනීමට මාතර රාහුල විද්‍යාලයේ දරුවකු සමත්කම් දක්වා ඇත.
මාතර පාසල් මාවතේ අංක 36 දරන නිවසේ පදිංචිවී සිටින වයි.එස්. ජයවර්ධන මහතාගේ සහ නාමලී ශ‍්‍රියංගනී ද සිල්වා යන දෙපලගේ එකම දරුවා පසිඳු නාමල් ජයවර්ධනයි. ගරු වෘත්තියේ නියැලෙමින් පළොල්පිටිය මහා විද්‍යාලයේ දරුවන්ගේ නැණස පාදන ජයවර්ධන මහතා මෙන්ම පසිඳුගේ මව මාතර කොටුව ජනාධිපති විද්‍යාලයේ ගරුවරියකි. කුඩා කල සිටම ගුරු දෙමාපියන්ගේ සෙවනේ වැඩුණු පසිඳු මූලික අධ්‍යාපනය හැදෑරු පාසල පිළිබඳව මතකය අවදි කරන්නේ දිවයිනේ අසස්පෙල කළා අංශයේ ප‍්‍රථමයා වීමේ අභිමානයත් සමඟිනි
“මම මුලින්ම ගියේ වේරගම්පිට ඕල්කටි විද්‍යාලයට” මාතර උයන්වත්ත ප‍්‍රදේශයේ ඇති ඕල්කට් විදුහලෙන් මූලික අධ්‍යාපනය හැදැරු ඔහු ඉන්පසුව අධ්‍යාපනය හැදැරීම සඳහා මාතර රාහුල විද්‍යාලයට ඇතුළත් විය.
” මම ඊට පස්සේ රාහුලයට ගියා එහෙන් තමයි මම සාමාන්‍ය පෙල විභාගෙ කරේ.”
2005 වසරේ සාමාන්‍ය පෙල විභාගය සඳහා මුහුණ දුන් පසිඳු ඉන් ඉහළම ප‍්‍රථිපලයක් අත්කර ගැනීමට සමත්වූ ශිෂ්‍යයෙකි.
”පුතා සාමාන්‍යපෙල විභාගෙන් පාස් නමයයි ඉංග‍්‍රිසි සාහිත්‍යයට සී පාස් එකකුයි ගත්තා” පසිඳුගේ පියා ජයවර්ධන පවසන්නේය.
සාමාන්‍යපෙල විභාගය ඉහළින් සමත්වන බොහෝ දරුවන් පිරිසකට මුහුණ දිමට සිදුවන ප‍්‍රධානම ගැටළුව නම් තෝරාගන්නා විෂය ධාරාවයි.
”අපි පුතාට කිව්වා සයන්ස් කරන්න කියලා මොකද ප‍්‍රථිපල හොඳ නිසා.” පියා පවසයි.
”කවුරුත් කිව්වා සයන්ස් කරන්න කියල ඒ නිසා මම සයන්ස් කරන්න පටන් ගත්තා.” පසිඳු පවසන්නේය.
විද්‍යා අංශයෙන් උසස්පෙල විභාගය සඳහා සූදානම් වන පසිඳු මාස පහක පමණ කාලයක් ඒ සඳහා වෙහෙස විය. නමුත් කුඩා කල සිට කියවීම විනොදාංශය කරගත් පසිඳුට විද්‍යා විෂය ධාරාවට වඩා කලා විෂය ධාරාව සිත ගත්තේය.
”මම ඊට පස්සේ තාත්තට එහෙම කියල කලාවලට මාරු වුණා.” පසිඳු පවසයි. මාස පහක පමණ කාලයකට පසු කලා අංශයට පැමිණියත් පසිඳුට විෂය හැදෑරිමට අපහසුවක් වුයේ නැත. එයට හේතුව ලෙස ඔහු පවසන්නේ කියැවීමට තිබූ උනන්දුවයි.
”මම පොඩි කාලෙ ඉඳල කියවන්න ආසයි ඒ නිසා තමයි කලා විෂයට එන්න හිතුනෙත්.” ඒ පසිඳුගේ අදහසයි. පියා ජයවර්ධන පවසන්නේ නිරන්තරයෙන් නිවසේ සිටියදී මව පියා සහ ආච්චිඅම්මා සමග කථාබහ කරන මොහු ඒ නිසා කලා අංශයට හිත යෙදවූ බවයි.
උසස්පෙල විභාගය හදාරණ දරුවකු සිටින නිවසේ රූපවාහියට වාරණ පනවයි. එමෙන්ම පරිගනකය අන්තර්ජාලය උසස්පෙල සිසුවාට අනවශ්‍ය විකාර බව දෙමාපියන්ගේ මතයයි. නමුත් ගුරු දෙපලකගේ එකම දරුවාට මෙම භාන්ඩ පරිහරණයට අවසර තිබීම විශේෂත්වයකි.
”මම හැමදාම ටීවි එකේ වැඩසටහන් බැලූව. ඉන්ටර්නෙට් එතකොට කම්පියුටර් වැඩ මම කළා. ඒකත් ඉතිං විභාගෙට ඕණනේ.” එය පසිඳුගේ මතයයි. පියා ජයවර්ධන පවසන පරිදි මෙම දරුවා පාසලේ සහ අනෙකුත් ආයතනවලින් ලබාගන්නා දැනුම පිළිබඳව ගෙදර මව පියා සහ මිත්තණිය සමග නිරන්තරයෙන් සාකචිඡා කරන්නෙකි. පාසලෙන් ලබාගත් දැනුම මෙන්ම බාහිර පෞද්ගලික ආයතන මගින් ලබාගත් දැනුමද. ඔහුගේ ජයග‍්‍රහණයට හේතුවූ බව පසිඳු කියන්නේය.
උසස්පෙල සිසුවා විභාගය ලංවන විට නිවාස අඩස්සියට වැටෙයි එයට හේතුව නිරන්තරයෙන් කට පාඩම් කිරීමට දරුවන් හුරුකර තිබීමයි නමුත් පසිඳුගේ දෙමාපියන් දැඩි බලපෑමක් ඔහුට ඒ පිළිබඳව එල්ලකොට නැත.
”සාමාන්‍යයෙන් මම ? නමය විතර වෙනකල් පාඩම් කරනවා උදේ 2ට විතර නැගිටිනවා. හැබැයි කකුල් වතුරෙ දාගෙන බලෙන් පාඩම් කරේ නැහැ මම” ඔහු පවසන්නේය. නිරන්තර සාකචිඡාවත් විවේකයත් ඔහු උපරිම භාවිත කොට උසස්පෙල කලා අංශයේ ප‍්‍රථම ස්ථානය ලබමින් ජයගත්තේය.
”අපේ පාසල ප‍්‍රසිද්ධ ගණිත සහ විද්‍යා විෂය ධාරාවලට හැබැයි මෙවර අපි ඒක වෙනස් කරල පෙන්නුවා.”
මාතර රාහුල විදුහල ඉතිහාසය තුළ බොහෝ සිසුන් ප‍්‍රමාණයක් ගණිත සහ විද්‍යා අංශ වලින් විශ්ව විද්‍යාලයට යැවුවත් ජාතික මට්ටමේ ජයග‍්‍රහණ පෙන්නුවත් කළා අංශයෙන් ලංකාවේ ප‍්‍රථමයා වූ ප‍්‍රථම අවස්ථාව මෙය බව රාහුල විද්‍යාලයේ විදුහල්පති කිත්සිරි ලියනගමගේ මහතා පවසන්නේය.
”මේ දරුවා පාසල් බාහිර ක‍්‍රියාකාරකම්වලටත් දැඩි උනන්දුවක් දක්වපු දරුවෙක් ඉතිං පසිඳුගේ ඉදිරි අධ්‍යාපනයට අවශ්‍යවුනොත් උදව් කරන්න පාසල වශයෙන් අපිත් සූදානමින් ඉන්නවා.” විදුහල්පතිතුමා පවසයි.
පාසල් ඉතිහාසයේ ප‍්‍රථම වතාවට කලා අංශයෙන් ලංකාවේ ප‍්‍රථම ස්ථානය රාහුලයට ගෙන ආ පසිඳු උදව් කල ස්යල්ලන්ටම ස්තූති කරන්නේය.
”රාහුල විද්‍යාලෙ විදුහල්පති තුමා සහ ගුරු මණ්ඩලයට මම ස්තූතිවන්ත වෙනවා. ඒ වගේම පෞද්ගලික පංතිවල ගුරුවරු අසලිවාසී සියළු දෙනා මට උදවු කළා කාටත් මම ස්තුති කරනවා.” පසිඳු පවසයි.
උපත් හයෙන් එකක් අඩු බර දරු උපතක්
One in six births under-weight
ලංකාවේ උපදින ළමුන් හය දෙනෙකුගෙන් එක් අයෙක්ම අඩු බර දරු උපතක් බව පවුල් සෞඛ්‍ය කාර්යාංශය සදහන් කරයි.
උපදින අවස්ථාවේ ළමයෙක් ග‍්‍රෑම් දෙදහස් පන්සියයක බරකින් යුතු විය යුතු බවත් මෙම බර ප‍්‍රමාණයට වඩා අඩවෙන් උපදින දරුවන් අඩු බර දරු උපතක් ලෙසින් සලකන්නේයැයි පවුල් සෞඛ්‍ය කාර්යාංශයේ ප‍්‍රජා වෛද්‍ය විශේෂඥ වෛද්‍ය නිල්මිණි හේමචන්ද්‍ර පැවසුවාය.
දෙදහස් හය හා දෙදහස් හත වසර දෙක ඇතුළත කර තිබෙන සමීක්ෂණවලට අනුව ලංකාවේ අඩු බර දරු උපත් ප‍්‍රමාණය සියයට දාහතක් වන බව පවුල් සෞඛ්‍ය කාර්යාංශයේ සැලසුම් අංශයේ අධ්‍යක්ෂිකා ප‍්‍රජා වෛද්‍ය විශේෂඥ වෛද්‍ය චිත‍්‍රමාලී ද සිල්වා පැවසුවාය.
‘‘ලංකාවේ සෑම තැනකම මේ අනුපාතය එක ලෙසින්ම පවතින්නේ නැහැ. නුවරඑළිය බදුල්ල වැනි ප‍්‍රදේශ වල අඩු බර දරු උපත් ප‍්‍රතිශතය ඉහළ තත්වයක තිබෙනවා.’’ ඇය කීවාය. වතුු ආශ‍්‍රිතව බර අඩු දරු උපත් ප‍්‍රතිශතය ඉහළ අගයක් ගෙන තිබෙන බවද නුවරඑළිය දිස්ත‍්‍රික්කයේ මෙම ප‍්‍රතිශතයට සියයට විසි පහක අගයක් ගෙන තිබෙන බවද වෛද්‍ය සිල්වා කීවාය.
බර අඩු දරු උපතක් ඇතිවීමට ප‍්‍රධානම හේතුව වන්නේ ගර්භනී මවගේ පෝශණ තත්වය වන බව වෛද්‍ය හේමචන්ද්‍ර කීවාය. උසට සරිලන බරක් නොමැති කාන්තාවන්ට උපදින දරුවන්ට බර අඩුවීමට වැඩි අවදානමක් පවතින්නේයැයි ඇය පැවසුවාය. ශබ්ර ස්කන්ධ දර්ශකය 18.5 ට වඩා වැඩිවිය යුතු අතර මේ ප‍්‍රමාණයට වඩා අඩු ශබ්ර ස්කන්ධ දර්ශකයක් ඇති කාන්තාවන්ට අඩු බර දරු උපතක් ඇතිවීටම හැකියාව තිබේ.
ලංකාවේ ගැබිණි මව්වරුන්ගෙන් හතරෙන් එකකට උසට සරිලන බරක් නොමැතියැයි සෞඛ්‍ය අමාත්‍යාංශයේ පෝෂණ සම්බන්ධීකරණ අංශයේ අධ්‍යක්ෂිකා වෛද්‍ය පී. ගුණවර්ධන කීවාය.
‘‘කුස තුළ සිටින ළදරුවාගේ මුල් මාස දෙක තුන තුළදී වර්ධනයේ මුල් අවදානම තිබෙනවා. අඩු බර දරු උපතකට හේතුව වන්නේ මවගේ මන්දපෝෂණ තත්වයයි.’’ වෛද්‍ය ගුණවර්ධන පැවසුවාය.
ගැබිණි මව්වරුන්ගෙන් සියයට තිහක් යකඩ ඌනතාවයෙන් පෙළෙන බවද මීට අමතරව අයඩින් හා විටමින් ඌනතාවයනේ පෙළෙන්නන් සිටින බව ඇය සදහන් කළාය. මවට විටමින් හා යකඩ ඌනතාවයක් ඇතිවිට එය ළමයාගේ කායික මානසික හා බුද්ධි වර්ධනය කෙරෙහි බලපාන්නේයැයි වෛද්‍ය ගුණවර්ධන කීය.
වයස අවුරුදු එකොළහත් දහතුනත් අතර වයසේ පසුවන තරුණියන් අතරින් සියය විසි දෙදෙනෙක් නිරක්තියෙන් පෙළෙන බවද සියයට විසිපහක් මන්දපෝශණයෙන් පෙළෙන බවත් ඇය සදහන් කළාය.
ගර්භනී මවට ඇති නොයෙකුත් රෝග තත්වයන් නිසා බර අඩු දරු උපතක් සිදුවිය හැකිය. අධි රුධිර පීඩනය හා අධි කොරොස්රෝල් තත්වයන් නිසාද බර අඩු දරු උපතක් සිදුවිය හැකිය. මේ අතර ගර්භනී කාලයේදී විවේකය අඩු කම නිසා අඩු බර දරු උපතක් සිදුවිය හැකියැයි වෛද්‍ය හේමචන්ද්‍ර කීවාය. මීට අමතරව වායු දූෂනයද අඩු බර දරුවෙක් ඉපදීමට හේතුවක් වෙයි. සිගරට් දුම් හා දර ලිප්වලින් එන දුම් ආශ්වාස කිරීමද බර අඩු දරුවෙක් ඉපදීමට හේතුවක් වෙයි.
‘‘ගම්වල ඉන්න අම්මාලා කුස්සියේ දුම් ගැහි ගැහි ඉන්නවා. ඒ ගැන හිතන්නේ නැහැ.’’ වෛද්‍ය සිල්වා කීවාය.
දරුවන් ලැබීමට සිටින කාල සීමාවේදී වෛද්‍ය සායන වෙත නිසි පරිදි සහභාගී විය යුතු අතර මෙසේ වෛද්‍ය සායන වෙත සහභාගී නොවන ගැබිණි මව්වරුන්ට බර අඩු දරුවෙක් ඉදපදීමට වැඩි අවස්ථාවක් තිබෙන බවද ඇය සදහන් කළාය.
‘‘නියමිත බරට වඩා අඩු බරකින් යුතුව ළමයෙක් ඉපදුන විට ඒ තත්වය ඔහුගේ ඉදිරි ජීවිතයට බලපෑමක් එල්ල කරනවා.’’ වෛද්‍ය ගුණවර්ධන කීවාය.
බර අඩු ළමයෙක්ගේ වර්ධනය සාමාන්‍ය බරකින් යුතුව ඉපදෙන ළමයකුගේ වර්ධනයට වඩා අඩුය. සාමාන්‍ය ළමයෙකුගේ බර වැඩිවීම සමග සන්සන්දනය කර බලන විට මොවුන්ගේ බර වැඩිවීම සිදුවන්නේ සෙමිනි. එමෙන්ම ළමා මන්දපෝශණයටද මෙය එක් හේතුවක් වෙයි. අඩු බරකින් ඉපදෙන දරුවාගේ ශබ්ර උස්ණත්වය පහළ යාමේ අවදානමක්ද පවතී.
‘‘අඩු බරකින් දරුවෙක් ඉපදීම ඉදිරියේදී ඔවුන්ගේ අධ්‍යාපනයට බලපාන්න පුළුවන්. එය ඔවුන්ගේ මානසික වර්ධනයට බලපෑ හැකි මෙන්ම ළදරු මරණ සිදුවීමට මෙය හේතුවක් විය හැකියි. එමෙන්ම ඉදිරියේදී අඩු බරකින් යුතුව උපදින ළමුන් වැඩිහිටියන් බවට පත්වූ විට හෘද රෝගවලට ලක්වීමේ අවදානමක්ද තිබෙනවා.’’ වෛද්‍ය සිල්වා කීවාය.
බර අඩු දරුවෙක් ඉපදුන විට එය චක‍්‍රයක ආරම්භයක් බවට පත්වන බව වෛද්‍ය සිල්වා කීවාය. අඩු බරකින් උපදින දරුවෙක් වර්ධනය වන්න් අඩු වේගයකිනි. ඔහු වැඩිහිටියෙක් බවට පත්වූ විට උසට සරිලන බරක් නැත. ගැහැණු ළමයෙක් අඩු බරකින් ඉපදුනහොත් ඇය ගැබිණියක් බවට පත්වූවිට ඇයට උසට සරිනල මහතක් ඇත්තේ නැත. මේ නිසා ඇයගෙන් උපදින්නේද අඩු බරකින් යුත් දරුවෙකි.
‘‘අඩු බර දරු උපත් වැඩිවීම නිසා තවත් අවුරුදු පනහකින් රටට විශාල වියදමක් දැරීමට සිදුවෙනවා. මේ නිසා දරුවා ඉපදුන වහාම සාමාන්‍ය බරකින් යුතු දරුවෙක් බවට පත්කරගැනීමට කටයුතු කළ යුතුයි.’’ වෛද්‍ය සිල්වා කීවාය.
‘‘අඩු බරකින් උපදින දරුවාට හොද පෝෂණයක් ලබාදීමෙන් සාමාන්‍ය ළමයෙකුගේ තත්වයට පත්කරගැනීමට හැකියි.’’ රිජ්වේ ආර්යා ළමා රෝහලේ ළමා රෝග විශේෂඥ වෛද්‍ය දීපාල් පෙරේරා කීවේය. මුල් මාස හය ඇතුළත දරුවන්ට මව් කිරි පමණක් ලබාදිය යුතු බවද හෙතෙම කීවේය.
‘‘ බර අඩු ළමුන් සාමාන්‍ය ළමයෙකුගේ බරට ගෙන ඒම සදහා ඇති එකම විසදුම මව් කිරි පමණයි.’’ වෛද්‍ය සිල්වා කීවාය.
දරුවාගේ බර වැඩි කරගැනීමේ අදහසින් මුල් මාස හය ඇතුළත කිරි පිටි ලබා නොදිය යුතු බවද ඇය කීවාය.
බර අඩු දරුවෙක් බිහිවූ පසු යථා තත්වයට පත්කරගැනීමට කටුයතු කිරීම වෙනුවට කාන්තාවන් තමන්ගේ පෝෂණ තත්වය හොද තත්වයක තබාගත යුතුයැයි සෞඛ්‍ය අමාත්‍යාංශයේ පෝෂණ අංශය කියයි. අඩු බර දරු උපත් සිදුවීම වලක්වාගැනීම සදහා මවගේ පෝෂණ තත්වය පිළිබදව අවධානය යොමුකළ යුතුයැයි ඇය කීවාය.
‘‘විවාහයේදී පොරොන්දම් බලනවා වගේ පෝෂණ පොරොන්දමත් බැලිය යුතුයි.’’ වෛද්‍ය ගුණවර්ධන කීවාය.
ගැබ් ගැනීමට අදහසක් ඇති කාන්තාවන් පමණක් නොව යෞවන වයසේ පසුවන සියලූම තරුණියන් සිය පෝෂණය පිළිබදව අවධානයෙන් සිටිය යුතුයැයිද සමබර ආහාර වේලක් ගත යුතුයැයිද ඇය පැවසුවාය
‘‘යෞවන වයසේ සිටින සියලූදෙනාම තමන්ගේ ආහාර වේලට ශක්තිජනක ආහාර ප්‍රෝටීන් සහිත ආහාර ආරක්ෂක ආහාර ඇතුළු කර ගැනීමට සැලකිළිමත් විය යුතුයි. දිනකට එළවළු පළතුරු වරග පහක් ආහාරයට ගන්නේනම් විටමින් හා ඛනිජ ලවන අවශ්‍යතාවය සපුරාගත හැකියි.’’ වෛද්‍ය ගුණවර්ධන සදහන් කළාය.
The Family Health Bureau sates that one in ever six births is underweight. The normal birth weight of a child is considered to be around 2,500 grams and any child recording a weight less is considered underweight. Surveys conducted during 2006 and 2007 have recorded an underweight birth rate of 17%. The lack of proper nutrition revived by the mother during her pregnancy is attributed as the main cause for underweight births. It has been recorded that one on every four pregnant women in the country did not weigh according to their heights and 30% of them suffered from iron deficiency among other deficiencies like iodine and vitamin. The younger generation is required to have nutritious meals in order to lead a healthy life that in turn would help produce a healthy future generation.












