වැටත් නියරත් ගොයම් කා නම් කාට පවසම් ඒ අමාරුව
August 3, 2010 by Editor
Filed under Uncategorized

මීට සාර මසකට පෙර සිය කුඹූරේ බිත්තර වී වපුරන අතරේ ප‍්‍රසන්නගේ ප‍්‍රාර්ථනය වූයේ මේ කන්නයේ සරුසාර අස්වැන්නක් ලැබේවා යන්නයි. දිනගත වී පැළ ගොයම කිරි වැදී රන් කරළින් බිමට නැවෙන විට ප‍්‍රසන්නගේ සිතට දැනුනේ සතුටකි. ඉන් අනතුරුව ගොයම් කයියත් සමග එකතු වී රන් අස්වනු ගෙට ගන්නා විට ප‍්‍රසන්න අත් වින්දේ ඊටත් වඩා නිරාමිස ප‍්‍රීතියකි. එහෙත් අස්වැන්න විකුණූ විට ඒ සතුට හේදී ගියේය.
‘‘තිස්සේ පැල් රැුකලා අපි මේ කුඹූරු කළේ. ඒත් අස්වනු අරගෙන විකුණලා අපිට හම්බුණෙ සොච්චම් මුදලක්. ඒ සල්ලි ටික ආයෙමත් කුඹුරු කරන්න වැඩ ටික කර ගන්නත් මදි.’’ ප‍්‍රසන්න පවසන්නේ කළකිරීමෙනි. මහව කොහොඹකඩවල ගොවියෙකු තිස් හතර හැවිරිදි අබේසිංහ මුදියන්සේලාගේ ප‍්‍රසන්න සම්පත් පවසන්නේ මේ ප‍්‍රදේශයේ ගොවියන්ට සිය වී අස්වැන්නට නියමිත මිලක් නොලැබෙන බවයි.
‘‘මෙදා සැරේ වී කිලෝ එකකට අපිට ලැබුණෙ රුපියල් 21.50 ක් විතරයි. ඔක්කොම කුණු කොල්ලෙට අරන් ගියෙ. අපේ මහන්සිය ඔක්කොම වතුරේ ගියා.’’ දේව හැන්දිලාගේ සමරසේකර පැවසුවේය. සිය අස්වැන්නට නියමිත මිලක් නොලැබීම පිළිබද මේ ගොවියන්ට ඇත්තේ කළකිරීමකි.
‘‘අපි සමහර වෙලාවට ගොයම් කපන්න පිටින් කට්ටිය අරන් එනවා. එයාලට දවසකට කුලීත් ගෙවනවා. අන්තිමට අපිට කිසිම ලාබයකුත් නැහැ. වගකිවයුතු තැන්වලින් බලන්නෙත් නැහැ.’’ නගරයෙන් ඈත් ව ගොවිතැනෙහි යෙදෙන මේ වැසියන්ගේ නිෂ්පාදනයන්ට නියමිත මිලක් නොලැබීම ප‍්‍රශ්න රැසකට මුල් වී ඇති බව කොහොඹ කඩවල ග‍්‍රාම සේවක වන හිටිහාමි ආරච්චිගේ වීරසිංහ පවසන්නේය.
‘‘වී අස්වැන්න විතරක් නෙමෙයි මේ කාළේ තමයි දෙහි අස්වැන්න නෙළන්නෙත්. මෙහෙන්ම අරන් යන දෙහි කිලෝ එක දඹුල්ලේ රැුපියල් 80 ට විකුණනවා. අපෙන් අරන් යන්නෙ රැුපියල් තිහට’’ වීරසිංහ පැවසුවේය. අස්වැන්නට මිලක් නොලැබීම පමණක් නොවේ.
මහව ගොවි ප‍්‍රදේශ රැසකට ඇත්තෙ විසදුමක් පෙනෙන තෙක් මානයේ වත් නොමැති ගැටලූවකි. නිදහස් සාමකාමී ගම් වූ කොහොඹකඩවල, කෝන්වැව 2002 වසරේ හදිස්සියේ හෙල්ලී ගියේ අනාරාධිත සද්දන්තයන්ගේ කඩා වැදීමෙනි. ඉද හිට වල් අලියෙකු දුටු ඔවුන්ට මේ අමුත්තන්ගේ පැමිණීම මහත් විමතියටත් සතුටටත් හේතු වී තිබිණි. එහෙත් වැඩි දිනක් යන්නට මත්තෙන් ඒ සතුට හේදී යන පරිදි කරුණු කාරණා සිද්ධ වන්නට විය. වෙහෙස මහන්සියෙන් වගා කළ කුඔුරට හේනට පිවිසි මේ සද්දන්තයන් එක පැයට ගොවියාගේ මාස කිහිපයක වෑයම විනාශ කර දැමූහ.
‘‘දැන් ගමට අලි එන්න පටන් අරන් අවුරුදු පහක් විතර ඇති. එදා ඉදලම අපි පුදුම දුකක් විදින්නෙ’’ ප‍්‍රසන්න සම්පත් පැවසුවේය.‘‘ අපි පහුගිය කාළේ කවදාවත් ?ට ගෙදර නිදා ගත්තෙ නැහැ. හැමදාම අපි පැල් රකින්න යනවා. අලින්ගෙන් වගාවන් බේරා ගන්න ගමේ හැමෝම පුදුම මහන්සියක් දරන්නෙ.’’
‘‘ කිරි වැදුණ ගොයම් කන්න වල් අලි ? තිස්සේ කුඹුරු වලට පනිනවා. සමහර දවස් වලදි දවල් දෙක තුන වෙනකොටත් අලි මෙහෙ සැරිසරනවා. තනියම එළියට පහළියට යන්න බයයි’’ කෝන් වැව දීපානි කුමුදුනි පැවසුවාය. මහව ප‍්‍රදේශයට විශාල හිරිහැරයක් වී ඇති වල් අලි ගැටලූවට ස්ථීර පිළියමක් නොමැති වීම හේතුවෙන් මෙහි වැසියන් දැඩි ලෙස පීඩාවට පත්ව සිටී.
‘‘අපි අලින්ගෙන් අපේ ගොවිතැනත් පරිස්සම් කර ගන්න ඕන. ඊට පස්සෙ ඒවට නියම මිලක් ලැබෙන්නෙත් නැහැ. අපි අද කබලෙන් ලිපට වැටුණා වගේ’’ කොහොඹකඩවල ග‍්‍රාම සේවක වීරසිංහ පැවසුවේය. ගම්වැසියන් පවසන පරිදි වල් අලින්ගේ හිරිහැරය වළක්වාගැනීමට රජයෙන් කිසිදු පියවරක් මේ වන තෙක් ගෙන නොමැත.
ගමම බිය වද්දා සද්ධන්තයන් රජ කරයි
ඔරලෝසුවේ තුනේ කණිසම වැදුනා. කෝන්වැව ප්‍රදේශයේ පදිංචි වැසියන් යුහුසුළුව සැරසෙන්නේ කුමකටද ? ජීවිතය යන්තමින් හෝ ගැට ගහගන්න කරන එකම ව්‍යාපාරයත් හරිහැටි කරගැනීමට නොහෙකි වෙන කොට මිනිස්සු කොච්චර නම් අපහසුතත්වයන්ට පත්වෙනවා ඇද්ද ? ප්‍රදේශයේ වැසියන්ට මේ වනවිට විශාල ප්‍රශ්න රාශියකට මුහුණ දෙන්න සිදුවෙලා.මේ හැම දේකටම හේතු වී ඇත්තේ වල් අලින්ගේ කඩා වැදීමයි.
“මේවා මේ කපන්න තරම් පැහිච්ච ගොයම් ගස් නෙමෙයි එත් ඒවා පැහෙනකම් තියන්න බැහැනේ ” යයි කුරුණෑගල, අතනගල්ල ප්‍රදේශයේ පදිංචි දීපානි කුමුදුනි පැවසිය. පවසන ආකාරයටම සියල්ල නතු කරගැනීමට නොහැකි නිසා මමත් ඒ පැල දිහා බලන් හිටියා .ඇත්තටම ඒවා කපන්න තරම් ප්‍රමාණවත් තරමට පැහිල තිබ්බ ඒවා නෙමෙයි ඒත් පොලිසියෙන් කඩා වදින්නා සේ එකපාරටම මුළු ප්‍රදේශයම බියගන්වා කඩා පත්වෙන වල් අලින්ගෙන් ඒවා බේරගන්න තියන එකම ක්‍රමය මෙය ඇරෙන්න වෙන දෙයක් එයාල දැනන් හිටියෙත් නැ. සමහරක් දවස් වල හවස් වෙනකොට මුළු කුඹුරු යායම වැසෙන තරමට සන්දන්තයන් සියයක් දෙසීයක් තම වගාවන් යටකරගෙන සිටින බව ඔවුන් අපිට පැවසුවා. මහන්සියෙන් වගා කරපුව නිකරුනේ ව්නාශ වෙන්න දෙන්න පුලුවන්ද ?
දීපානි කුමුදුනි කෝන්වැව ප්‍රදේශයේ පදිංචිකාරියක් නොවුවත් ඇය මෙම ප්‍රදේශයෙන් විවාහයක් කරගැනීමට බලාපොරොත්තුවෙන් සිටින්නියක්. තම අනාගත ස්වාමියාගේ දියුණුවට දැන් පටන් අත්වැලක් වන්නට සිතා ඇය මෙහෙට විත් අත් උදව් දෙයි.
“රජයට දැන් වුවත් වැඩක් උනේ නැ මේවා රජයට අයත් ඉඩම් නිසා අලින්ටත් ජිවත් වෙන්න අයිතියක් තියනවා කියල එයාල කිව්වා. වන ජීවි එකට දැන්වුවා ඒත් එයාලත් ඇවිත් බල බල යනවා විතරයි ගණන් ගන්නේ නැ. ඕනේ නම් මම කොළඹ එන්න උනත් ලෑස්ති මේ ගැන කතා කරන්න . මේ පැත්තේ ළමයින්ට ඉස්කෝලේ යන්නවත් විදියක් නැ. හවස තුන හතර වෙනකොට වල් අලි මේ පැත්තට එනවා ඉතින් ළමයින්ව ඉස්කෝලේ යවන්න බයයි ” යයි දීපානි කුමුදුනි තවදුරටත් පැවසිය.
තම බඩවියත රැක ගන්න වගාකළ සියල්ල එක පැත්තකින් විනාශ වෙද්දී තවත් පැත්තකින් වටිනා ජිවිත ගණනක් බිලි වෙමින් පවතී. ” ගොයම් විතරක් නෙමෙයි මුන් මේ පැත්තේ මිනිස්සු කීප දෙනෙක්වත් මරල තියනවා. ගිය සුමානේ මේ පැත්තේ ගෙදරකට වල් අලියෙක් පැනල ඒ ගෙදර ගැනු කෙනයි පිරිමි කෙනයි උදේ ගෙදරින් එලියට බහින්න දොර ඇරගෙන එලියට එනවත් එක්කම හොඩ වැලෙන් අබරලා අරන් වාසනාවකට ගැනු කෙනා හොඩ වැලෙන් ලිස්සල බිමට වැටිලා එයාගේ අතක් කැඩිලා දැන් කුරුණෑගල ඉස්පිරිතාලේ ඒත් අවාසනාවකට පිරිමි කෙනාව බිත්තියේ ගහල මරල දැම්මා” යයි කොන් වැව ප්‍රදේශයේ පදිංචි ඉමිහාමි මුදියන්සේ පැවසුවේය .
කිලිනොච්චියේ සිටි මොවුන් මෙහි පැමිණ ඇත්තේ කුරිරු ත්‍රස්තවාදයෙන් මිදී සුන්දර පවුල් ජිවිතයක් ගත කිරීමටය. එහෙත් සිදුව එත්තේ අලින්ට බිලිවිමටය. මොවුන් ජිවත් වුනේ ගොවිතැන ජිවනෝපාය කරගෙන නොවේ කුඩ හදලා.
කනින් ඇසු සියල්ල හිතේ රදවාගෙන ආපසු එන්න හැදු අපි ගමම හොල්ලන සද්ධන්තයන් දැක ගැනීමට කැළයට වැදුනි. ඔරලෝසුවේ කට්ට කැරකෙන්නා සේ හිතත් මුළු කුඹුරු යායවල් වටේ දුවද්දී හැමදේම දැක ගැනීමේ අසාවෙන් අපි බලන් හිටියා. කොච්චර බලන් හිටියත් අපිට අපේ අරමුණ කරා යාමට යන්න බැරි උනා. ආපසු එන්නට හැරුණත් ඒ එක්කම වගේ අලින්ට ගහන වෙඩිල්ලක් පත්තු වුනා. පස්සට තිබ්බ කකුල ඉදිරියටම තියල නැවතත් ගමන ආරම්භකළා. විශාල ගස් දෙකක් මැද්දෙන් හොඩවැල එහෙට මෙහෙට වන වන අලියෙක් මතු වුනා. උගේ ගමන නිරීක්ෂණය කරමින් ඉදිරියට ගියද මාර්ගය අනෙක් පස තිබු කැළයට ඌ වැදුන නිසා අපිට නැවත දැක ගැනීමට නොහෙකි වුනා. විනාඩි කිහිපයක් ගත වුනා. කිලෝමීටරයක් දුරින් තවත් වල් අලි තුන් දෙනෙක් අපට දැක ගැනීමට හැකිවුනා. ඔවුන් ඒ ඇදෙන්නේ කුඹුරු තියන ප්‍රදේශයන් දෙසටය.
ගම්වාසීන් රැය පහන් කරන් පැල් බැදන් බලා සිටින්නේ මොවුන් එනතෙක්ය. අතීත අදුරු මතකයන් පිසදා හෙට නැගෙන හිරුත් සමග සතුටු සිතින් ජිවත් වෙන්නට කොන් වැව ගම්වාසීන්ට කවදා හැකිවේවිද?
Murali Peaks On Twitter
Murali’s dramatic performance in his last test match sparked the Internet trend. The spin wizard made history by ending his test cricket career with a round 800 wickets, the most ever taken. This was all the more exciting because Murali declared his retirement before the game and had to get a challenging 8 wickets to make the milestone. With millions watching, including Sri Lankan President Mahinda Rajapaksa in the stands, Murali dramatically took his 800th wicket, dismissing Indian batsman Pragyan Ojha. His teammates hoisted him on their shoulders as they exited the stadium to thunderous applause.
This sparked excitement on the field, in the stands, and across the global Internet via Twitter. Sri Lankan ‘tweeps’ like @Laktek, @Nazly and thousands more began cheering Murali from their mobile phones and computers. This groundswell of activity made the keyword ‘Murali’ a trending topic on Twitter, a measure of the most popular conversations on this site. This territory is usually reserved for hit movies or pop stars like Justin Bieber.
Murali was the first Sri Lankan since Prabhakaran to generate such traffic, and the first to do so in an entirely positive context.
Sri Lankan tweeps were joined by their counterparts in India, Australia and England – cricket playing countries. From South Africa, cricketer Graeme Smith tweeted “Murali 800 test wickets!!!!brilliant.great test career and a really good man.glad I don’t need to face him in test cricket again:)”. Fans and detractors from all over the world offered their two cents in 140 characters or less. You can read some of their comments online as the trend continues.
යළිත් නැගෙන්නට සවියක් වනු මැන
නැගෙනහිරට හිරු උදා වූයේ එහි කිරණින් නැගෙනහිර වැසියන්ගේ ජීවිතවලට නවමු ආලෝකයක් ලබා දෙන්නට මෙනි. ශාපලත් යුද්ධය අවසන් වී සැනසිල්ලේ අවදිව හිදින්නට හැකි සමයක් නැගෙනහිරට දැන්උදා වී තිබේ. අමිහිරි යුද්ධයේ අදුරු සෙවණැලි යට දිවි ගෙවූ නැගෙනහිර වැසියන් ජීවිතය කොතැනකින් හෝ යළිත් අරඹන්නට සුබ සිහින දකිමින් සිටී. එහෙත් ඒ ගමනේදී දහසකුත් එකක් බාධක ජය ගන්නට ඔවුන්ට සිදුව තිබේ.
මාන්තෝට්ටම පදිංචි ඩබ්ලිව්.ඒ විල්බට් වික‍්‍රමනායක පවසන ආකාරයට මේ ප‍්‍රදේශයන්හි වැසියන්ට ප‍්‍රශ්න රාශියකට මුහුණ දීමට සිදුව තිබේ. වල් අලින්ගේ කඩා වැදීමත්, පානීය ජලය නොමැති කමත් සහ යටිතල පහසුකම් නිසි පරිදි නොමැති විමත් යන කාරණා හේතුවෙන් මේ ප‍්‍රදේශයන්හී ගැමියෝ දැඩි පීඩාවට පත්ව සිටිති.
‘‘අපිට අලින්ගෙන් සෑහෙන්න කරදරයි. ඒ කාලෙත් තිබුණා, අදත් ඒ කරදරේ ඒ විදිහටම තියෙනවා.’’ විල්බට් පැවසුවේය. ඔහු පවසන ආකාරයට අවුරුදු තිහකට වැඩි කාලයක තිස්සේ මේ වැසියන් වල් අලින්ගෙන් පීඩා විදිති. ත‍්‍රිකුණාමලය දිස්ත‍්‍රික්කයේ දිගාමඩුල්ල ප‍්‍රාදේශීය ලේකම් කොට්ඨාසයට අයත් මහවැව ගම්මානයේ පවුල් 227 ජීවත් වෙති ඔවුන්ගේ ප‍්‍රධාන ජීවනෝපාය වන්නේ ගොවිතැන සහ දර කැපීමයි. එහෙත් නිදහසේ ගොවිතැනක් කර ගන්නට මේ ප‍්‍රදේශයේ වැසියන්ට වල් අලි ප‍්‍රශ්නය නිසා නොහැකි වී තිබේ.
‘‘අපි මේ ගමේ ජීවත් වෙන්නේ 1963 ඉදන්. මේවායේ කවදාවත් අලිවැටක් ගහලා බේරෙන්න බැහැ. හැන්දෑවේ හතර වෙනකොට අලි එනවා. ගමේ මිනිස්සු අලි ගහලා මැරෙනවා. ගෙවල් කඩනවා. ගොවිතැන් පාලූ කරනවා.’’ විල්බට් පවසන ආකාරයට මාසයකට වතාවක් ලැබෙන අලි වෙඩි හතර දවසක පැය බාගයකටවත් සෑහෙන්නේ නැත. කලක් තිස්සේ මේ කලාපයේ පවතින අලි මිනිස් ගැටුමේ අවසානයක් දකින තුරු මේ ප‍්‍රදේශයේ වැසියන් බලා සිටිති. අලි ප‍්‍රශ්නයට අමතරව මේ ප‍්‍රදේශයේ වැසියන්ට ජල ප‍්‍රශ්නයකටද මුහුණ දීමට සිදුව තිබේ. විධිමත් පානීය ජලපහසුකම් පද්ධතියක් නොතිබීම හේතුවෙන් මෙහි වාසීන්ට සැතපුම් දුර ගෙවා ජලය සොයා යාමට සිදුව තිබේ.
‘‘අපිට වතුර හොයාගෙන එහා ගමට යන්න වෙලා තියෙනවා. අපේ ළමයි ඉස්කොලේ යන්න කලින් වතුර අරන් එන්න පුථවන් තරම් පාන්දරින් යන්න වෙලා තියෙනවා. ගෑණු ළමයෙක් තනියම නාන්නවත් යවන්න පුථවන් කමක් කමක් නැහැ.’’ කිතුල්උතුව සමෘද්ධි සමිතියේ ලේකම් නිශාන්ත නිමල් පැවසුවේය. නිසි වාරිමාර්ග පද්ධතියක් නොමැති වීම හේතුවෙන් බීමට පමණක් නොවේ මෙහි ගොවියන්ට ගොවිතැන් කිරීමටද නොහැකි තත්ත්වයක් උද්ගත වී තිබේ.
‘‘අපිට ඉඩම් තියෙනවා. ඒත් වතුර නැති නිසා වගා කරන්න විදිහක් නැහැ.’’ කිතුල්උතුවේ ගොවියෙකු වූ සමරකෝන් රංබණ්ඩා පැවසුවේය. මේ ප‍්‍රදේශයේ මිනිසුන් දැඩි ලෙස දරිද්‍රතාවයෙන් පීඩා විදින බව නොරහසකි. ද්‍රරිද්‍රතාව මේ වැසියන්ට හුරුපුරුදු අදුරු සිහිනයකි.
‘‘ මට දැරවෝ හතර දෙනෙක් ඉන්නවා. අපි දර කපලා තමයි ජීවත් වෙන්නේ. ඒත් දැන් අමු ලී කෑල්ලක් තිබුණොත් අපිව වනජීවී එකෙන් අරන් යනවා. මේකෙන් ලැබෙන ආදායමෙන් ජීවත් වෙන්න අමාරුයි. ළමයින්ට දවසකට ඉස්කෝලෙ යන්න රැපියල් 120 ක් විතර යනවා.’’ කිතුල්උතුවේ එස්. සීලාවතී පැවසුවාය.
එමෙන්ම පලූ ගස් වලින් පලූ ගෙඩි කඩා විකිණීම මේ වන විට මේ ප‍්‍රදේශයේ වැසියන්ගේ ප‍්‍රධාන ජීවනෝපාය වි තිබේ. දශක කිහිපයක් ඇවිල ගිය කුරිරු යුද්ධයෙන් අනතුරුව සිය ගම් බිම් කරා පැමිණ සිටින ඔවුන්ට අත්වාරුවක් නොමැතිව නැගී සිටීම දුෂ්කර කාර්යක් වී තිබේ. නැවත පදිංචියට පැමිණි ඔවුන්ට සය මාසයකට ආහාර සලාකයක් හිමි වුවද එය සය මාසයක් ඉක්ම ගොස් ඇති බැවින් එය මේ වන විට ඔවුන්ට ලබා නොදේ.
‘‘අපි ප‍්‍රාදේශීය ලේකම්තුමාගෙන් ඉල්ලීමක් කළා තවත් මාස හයක් අපිට ආහාර සලාකය ලබා දෙන්න කියලා. ඒත් ඒකට කවුරු හරි ඉදිරිපත් වුණොත් විතරක් ලබා දෙන්න පුථවන් කියලා අපිට කීවා.’’ එහෙත් මේ වන තුරුත් කිසිදු ආයතයක් ඊට ඉදිරිපත් නොවී තිබීම ගම්වැසියන්ගේ ලතැවුලට හේතු වී තිබේ. කෙසේ වෙතත් ගමේ දියුණුවට ප‍්‍රාදේශීය ලේකම් කාර්යාලය, හමුදාව සහ පොලිසිය මහත් සහයක් ලබා දෙන බව ගම්වැසියෝ පවසති.
මොරවැව ප‍්‍රාදේශීය ලේකම් කාර්යාලය සහයෝගය ඇතිව රාජ්‍ය නොවන සංවිධාන පහක් එකතුව හැන්ඞ් කාෆ් නමින් පිහිටුවා ඇති ආයතනය මේ
ප‍්‍රදේශයේ වැසියන්ට මහත් පිටුවහලක් වී තිබේ. මේ ආයතනය ගමේ දියුණුවට අත්වැල් සපයන්නට ඉදිරිපත් වීම පිළිබද එහි වැසියන් කතා කරන්නේ කෘතවේදීවය. නීත්‍යානූකූල ඉඩම් නොමැති විමද මේ ප‍්‍රදේශ වැසියන් මුහුණ පා ඇති බරපතළම ගැටලූවක් බවට මේ වන විට පත්ව තිබේ.
‘‘යුද්ධය තිබ්බ කාළේ ගොවිතැන් හේන් කරන්න ඕන තරම් ඉඩ කඩ තිබුණා. ඒත් දැන් තත්තවය වෙනස් වෙලා. දැන් සමහර අයට හේන් ගොවිතැන් කරන්න ඒ ඉඩම් තමන්ගේම ඉඩම් බවට ඔප්පු කරන්න සිද්ධ වෙලා. අපේ මුතුන් මිත්තො තමන්ගේම මේ ඉඩම් වල ජීවත් වුණේ අයිතිය තහවුරු කරගෙන නෙමෙයි. මේ ඉඩම් නීතිතියෙන් අයිති නැති නිසා අපිට දැන් මේ වගෙන් අයින් වෙලා යන්න කියනවා. ඒත් අපිට වෙන යන්න තැනක් නැහැ. අපි කියන්නේ මේ ඉඩම් නිරවුල් කරලා අපිට බලපත‍්‍ර ලබා දෙන්න කියලා.’’ මාන්තෝට්ටම පදිංචි වික‍්‍රමනායක පැවසුවේය.
මේ වන විට මෙම ගම්වාසීන්හි වැසියන් නැවත පදිංචිකොට වසර පහක් ඉක්ම ගොස් තිබුණද බොහොමයක් පිරිසට තවමත් සිය අයිතිය යටතේ පවතින ඉඩමක හිමිකාරීත්වය අහිමි වී තිබේ. අතීතයේ සිදු වූ අතපසු වීම් හේතුවෙන් වර්තමානයේ සහ අනාගත පරපුරට නිදහසේ දිවි ගෙවීමේ ඉඩ ප‍්‍රස්තාව අහිමි වීමට ඉඩ නොතැබි යුතු බව ගම්වාසීන් අවධාරණය කර සිටිති.
After Decades of Bloodshed, Home Calls
PERIYAPILLUMALLAI, Sri Lanka, July 6, 2010 (IPS) – For almost two decades, Athanayakemudiyanselage Punchibanda lived without hope of ever returning here to his native village.
The 52-year-old grandfather was forced to leave Periyapillumallai, a village located deep in Sri Lanka’s eastern Batticaloa district, with his family in 1991 when ethnic tensions boiled over. Punchibanda is from the majority Sinhalese community, but lived in a village that bordered areas inhabited by the country’s minority Tamils.
The Liberation Tigers of Tamil Eelam (LTTE) was by then waging a bloody sectarian war, demanding a separate state for the Tamils carved out in this South Asian country’s north and east. Regardless of ethnicity, civilians were caught in the fighting and paid a heavy price.
“We fled because we knew we would be killed,” Punchibanda told IPS.
For 19 years, Punchibanda’s family was among the war-displaced, settling in the Mahaweva area some 10 kilometres away. In those 19 years, the war turned bloodier, with at least four failed attempts at negotiating a settlement.
Seven months after the war ended in May 2009 with government forces wiping out the Tigers, Punchibanda ventured back home.
Only seven of the 172 Sinhalese families living in Periyapillumallai when Punchibanda left returned with him in December 2009. The number has whittled down further – only three families still remain.
“Life is hard, the jungle has taken over our houses and crop land,” Punchibanda says, looking at the thick bush that surrounds the little plot he has cleared and planted maize in. “We hardly know anyone here, but it is our village.”
He and his wife work the land tirelessly under the scorching sun. At night, they ascend treetop hideouts to guard their crops against marauding elephants. Despite the hardship, Punchibanda is happy to finally return home after almost two decades. “My children or grandchildren will never come here. They don’t feel any connection, but I do,” he says.
This same ‘connection’ has brought Mohamed Aifa, a 62-year-old Muslim woman, and her husband to the adjoining village of Rukam. Like the Sinhalese, the Muslims were forced out of Tiger-controlled areas.
Aifa’s family fled the village in the mid-1990s, with Muslims unable to work in their fields and attacks were reported in the night. Incidents like the August 1990 massacre of 147 Muslims inside a mosque in the nearby town of Kathankuddi, purportedly by the Tigers, drove fear into Muslims living in areas under the Tigers’ yoke. Almost all subsequently fled.
“We lived in Chenkalady (a town about 30 km away), where the government was in control,” Aifa says.
Unlike the Sinhalese, who remain a mere handful in areas formerly under the Tigers, many Muslims have begun to flock home following the end of the war. “We feel safe here. There is good fish in the tank, there is a good market in the town,” says Aifa, as one of her relatives bundled together 500 rupees (4.4 U.S. dollars) worth of baked fish. “We already have a buyer for that. Who knows, life may be better here,” she says.
While most Tamils in areas like Periyapillumallai and Rukam remained behind when the Tigers gained control, they too fled during heavy fighting, like those in mid-2007 – the last of the battles the Tigers fought in the east. Over 130,000 civilians fled to safer areas behind government lines in Batticaloa district.
It has been two years since Krishnan Ramanadan, a 52-year-old father of three daughters, returned to Periyapillumalai after fleeing the fighting.
He lives in a small hut with a roof of coconut leaves, and his fishing gear hangs on a tree nearby. But he has a complaint: “There are too many people fishing in the tanks now. Those days, people were too scared go fishing. Now everyone goes fishing, even those who work the paddy fields, when they don’t have work,” he says.
Despite the overcrowded fishing spots, life is looking up. Ramanadan is building a brick house, and his daughters are happy that they can now live without fear of forced conscription.
His eldest, Saroja Devi, had to abruptly end her education when her parents decided not to send her to school. In fact, they decided not let her out of the house for anything, in 2006, when the Tigers went on a forced recruitment spree and were abducting students on the way to school. “It was that bad,” Devi says.
Things have improved greatly in the last two years. There are fewer Sri Lankan soldiers and checkpoints. Public administration is slowly returning. If the dilapidated canal system is repaired, Ramanadan says, many will return to paddy cultivation.
Of course, there are still problems, including an acute shortage of housing, an abysmal public transport system, and a shortage of jobs. Officials say hundreds of war-ravaged houses need to be rebuilt, over 340 ofthem in Periyapillumallai alone. But all these problems can be sorted out, without bullets flying around.
Life is still a hard grind here. But there is now a sense of hope.
Communities that have been kept apart for decades by guns, bombs and mayhem have come together to live shoulder to shoulder – by choice or otherwise. The healing will take years, maybe generations, but it has begun.
“Maybe we can live like what it was before, like ordinary human beings, and not animals killing each other for a plot of land,” Punchibanda says
Tsunami drill in coastal areas
COLOMBO, 15 July 2010 (IRIN) – Sri Lanka completed its first ever mass tsunami evacuation drill this week. Over 14,000 people were evacuated in 14 coastal districts.
“We selected one village in each district to carry out the drill and the evacuations were orderly,” Pradeep Kodippili, assistant director for early warning at the country’s Disaster Management Centre (DMC) told IRIN.
Employing local authorities and the police, residents were alerted to the drill held on 13 July by warning towers (see box), text messages and loud speakers.
Signs erected after the 2004 Asian tsunami, including pictures, also warned residents of low-lying areas most at risk.
A month ago a 7.7 magnitude earthquake off the Nicobar Islands near Indonesia prompted the Sri Lankan authorities to issue a tsunami warning along the eastern coast.
More than 35,000 Sri Lankans lost their lives in the 2004 tsunami, which prompted moves to enhance warning systems and disaster preparedness programmes, Kodippili said.
“People are more aware that lives can be saved during a natural disaster if we pay more attention…Since the 2004 tragedy, there is a much better structure in place to deal with a sudden disaster,” he said.
The DMC was set up five months after the disaster following the enactment of the Disaster Management Act. The Act also established the National Council for Disaster Management (NCDM) with the president as chairman. The DMC has regional offices in each of the country’s 25 districts, with village-level committees as well.
Tsunami drill welcomed
Local residents – many of whom ran from their homes in the early hours during last month’s warning – welcomed the drill.
“Our entire village just ran in our night clothes,” Udyam Sujantha, a 29-year-old mother-of-two from the coastal village of Dutch Bar in the eastern district of Batticaloa said.
Sujantha almost did not survive the 2004 tsunami when she was swept away; she clung to a coconut tree before being found by relatives. Three grim memorials on the beach testify to the over 600 people in her village who were not so lucky.
More than five years on, many in coastal villages like Dutch Bar bemoan the lack of an early warning system at that time which could have saved thousands of lives.
“We didn’t know anything then… Tsunami was just another word. Now we know we have to get that word out,” another Dutch Bar resident, 45-year-old Andrado Violet who lost her mother, said.
“In 2004 the first I heard of any tsunami was when I saw a 30-foot wave crashing over the roof,” local fisherman Clarence Regimus, said.
රසමසවුලූ පිසින්න දියෙන් ගෙනෙමු වැවි මාථ
වැව් දිය පිස හමන මද සුලග විජේරත්නගේ ගතේ විඩාව පළවා හරින්නට සමත් සේය. පෙරදා රාත‍්‍රියේ රස්සාවේ ගොස් පැමිණි ඔහුගේ අතමිට සරුය.
‘‘අද කිලෝ දොළහක කාෆ් මාථවෙක් අහුවුණා. ආමි එකට ඒ මාථාවා අරන් ගියා.’’ විජේරත්න පවසයි. විජේරත්න පමණක් නොව මෙහි වැව් මාථ විකුණා බොහෝ ධීවරයෝ සතුටු සිතින් නිවෙස් වෙත යති. මිරිදිය මත්ස්‍ය කර්මාන්තයේ වැදගත් ස්ථානයක් වූ ඉගිනියාගල ධීවර මධ්‍යස්ථානය ප‍්‍රදේශයේ ප‍්‍රසිද්ධ මාථ තොටුපලකි. අම්පාර, සමන්තුරේ, කල්මුණේ වැනි ප‍්‍රදේශවලට පවා වැව් මාථ සැපයෙන්නේ මෙමගිනි.
‘‘මේ කාලේ නම් මාථ අවාරේ ඒ නිසා දවසකට කිලෝ තුන්සීයක් විතර තමයි දැන් නම් අල්ලා ගන්න ලැබෙන්නේ. ඒ හින්දා මේ දවස් වල මාථ ටිකක් ගණන්.’’ ධීවර මධ්‍යස්ථානයේ ලේකම් හරිවන්ද්‍ර වීරසිංහ පැවසුවේය.
‘‘අපි වැවට යන්නේ සාමාන්‍යයෙන් දවල් එකට විතර. ඒ ගිහින් එන්නේ පහුවදා උදේට තමයි. සාමාන්‍යයෙන් කිලෝමීටර් දහයක දොළහක දුර ගිහින් අපි මාථ අල්ලනවා. ඉස්සසර නම් අපි වැඩිය ? ඉන්නෙ නැහැ.එල්ටීටීඊ කරදර නිසා. දැන් නම් එහෙම බයක් නැහැ.’’ හතළිස් පස් හැවිරිදි ජයේන්ද්‍ර කුමාර පැවසුවේය. පස් දෙනෙකුගෙන් යුත් ජයෙන්ද්‍රගේ පවුලේ සියල්ලෝම ජීවත් වන්නේ ජයේන්ද්‍ර රැකියාවෙනි.
ඔරුවේ යන ගමන එතරම් සුව පහසු ගමනක් නොවේ. එහෙත් සේනානායක සමුද්‍රදේ සෑම බිම් අගලක් පවා දන්නා මේ ධීවරයන්ට එය එතරම් දෙයක් නොවේ.
‘‘ මට අද මාථ කිලෝ අටක් තිබුණා. දේ දවස් වලට නම් අපිට ඒ තරම් හොද නැහැත මාථ අවාරේ නිසා. ඒත් නොවැම්බර් දෙසැම්බර් වෙන කොට නම් මාථ වාරේ. එතකොට නම් ගොඩක් සරුයි.’’ ජයෙන්ද්‍ර පවසයි. ඉගිනියාගල ධීවර තොටුපළේ ධීවර සමිතිය එහි ධීවරයන්ට මහත් සවියකි.
‘‘අපි මේ වෙන කොට ඔරු හැත්තෑ හතරක් දියට දාලා තියෙනවා. මේ ධීවර තොටුපළ නඩත්තු කරගෙන යන්න අවශ්‍ය කටයුතු කරගෙන යන්නේ මේ සමිතියෙන්.’’ සීමාසහිත සේනානායක සමුද්‍ර සමූපකාර සමිතියේ සභාපති ජෝයි ඩයස් පැවසුවේය. විශේෂයෙන් ඉදිරියේදී ඇල්ලීමට වැවට මාථ පැටව් මුදා හරිනු ලබන්නේ මෙම ධීවර සමිතිය මගිනි. වසරකට මා`ථ පැටව් ලක්ෂ පහක් පමණ එසේ මුදා හරිනු ලබයි.
‘‘සේනානායකය කියන්නේ ස්භාවයෙන්ම ගැඹුරු වැවක්. මේ නිසා අපිට ඕන ගැඹුරු ජලයේ හැදෙන මාථ වර්ග. ඒ නිසා අපි ගැඹුරු දියේ ජීවත් වන කාෆ් වැනි මාථ වර්ග තමයි වැඩි ලෙස බෝ කරන්න උත්සාහ ගන්නෙ.’’ ජෝයි ඩයස් පැවසුවේය. මේ වන විට මේ ධීවර තොටුපළ ආශ‍්‍රිතව පවුල් දෙදහසක් පමණ ජීවත් වෙති.
‘‘මේ ධීවර පවුල් වලට නිවාස ලබා දීමට නිවාස ව්‍යාපෘතියක් ක‍්‍රියාත්මක වුණා.එහෙත් අපිට රජයෙන් දීපු ආධාර ප‍්‍රමාණවත් නැහැ. ගෙවල් වල බිත්ති විතරයි නග්ගා ගන්න පුථවන් වුණේ. අපිට තියෙන ලොකුම ගැටලූව තමයි ඒක. තව රැුපියල් ලක්ෂයක් විතර ලැබුණා නම් ඉතිරි ටික අවමයෙන් හරි හදා ගන්න පුථවන්’’ හරිශ්චන්ද්‍ර වීරසිංහ පැවසුවේය.
සේනානායක සමුද්‍රයේ ඇති එකම ධීවර තොටුපළ වන මෙය මීට වසර හතළිහකට පමණ පෙර ඇති කරන ලද්දකි. එහෙත් මේ වන විට විවිධ දේශපාලන බලපෑම් මත ජලාශයේ වෙනත් ස්ථාන වලද තොටුපළවල් ඇති කිරීමට විවිධ පිරිස් උත්සහා දරමින් සිටින බව ධීවරයෝ පවසති.
‘‘සාමාන්‍ය පිළිගැනීමක් තියෙනවා වැවකට එක ධීවර තොටුපළකට වඩා තිබුණොත් ඒ වැවේ අවසානේ ඒක තමයි කියලා. ඒ හින්දා එක තොටුපළක් පවත්වාගෙන යාම තමයි ඉතාම හොද වැඬේ. ඒත් මේ පැත්තේ පවුල් හතර පහකට පමණක් ධීවර තොටුපළක් හදන්න විවිධ දේශපාලකයෝ උත්සාහ දරනවා. ඒකෙන් වෙන්නේ ගුණාත්මක බවින් තොර අකාරයෙන් මෙම රැකියාව සිදු වීමයි. වැවට දැලක් පවා දාන්න ඕන හොදට බලලා.එහෙම නොවුණොත් ඒකෙ පාඩුවත් ධීවරයන්ටමයි’’ ධීවර සමිතියේ සභාපතිවරයා පැවසුවේය.
සේනානායක සමුද්‍රයේ වැව් තාවුල්ල සිපගෙන හමන මද සුළග සුවපත්ය. ධීවරයෝ යුහුසුථව දැල් ලෙහති. නැවතත් දහවලට වැවට යා යුතුය. සිය ජීවිතය රැකෙන්නේ මේ රස්සාවෙනි. එබැවින් ඔවුන් මේ දිය කද දෙස බලන්නේ සෙනේ සිතිනි.
Blockade on UN compound continues
The UN compound in Colombo remains closed indefinitely with angry protestors continuing their sit-in protest for the second day running.
UN staffers based at the compound were advised last night not to turn up at office and to work from home. The UN expects the sit-in to continue for at least a few days. There are several high profile UN offices located outside the compound in Colombo plus dozens of UN sub-offices in the north and east.
There were signs on Tuesday (July 6) early evening that the protestors were being removed by police. This was when police officers started forcibly removing the protestors, including the three who were engaged in the sit-in. Those being removed included Piyasiri Wijenanyake a former non-cabinet minister. While the melee between protestors and the police continued, Wimal Weeravansha, the leader of the National Freedom Front (NFF) and the force behind the protest arrived at the scene. He was soon working the phone, talking to government high ups while telling the police to back-off. Soon afterwards the police stopped the forcible removal and the protest continued.
Foreign Secretary Romesh Jayasinghe who arrived at the compound soon afterwards, met with UN officials remaining inside, in the company of a representative from the protestors. The agreement reached allowed those remaining within to leave safely. Earlier some UN staffers had left in vehicles that did not have the UN logo, while others had remained behind. By 7.00 pm no one apparently remained inside the compound.
By then the blockade of the compound was well over 10 hrs. In the morning, a large group of over 500 protestors led by Buddhist monks and Weeravansha had arrived near the UN compound. They set up a mobile stage brought in a truck and began their sit-in protest. The protest is not a fast unto death and members take turns on the podium.
The UN was aware that protests were likely. Rumblings were clear over the horizon even before Secretary General Ban Ki-moon appointed his advisory panel on Sri Lanka. Weeravansha had publicly called for a siege of the compound last week during a protest at the same location. The government had distanced itself from the statement when UN officials in Colombo, including resident representative Neil Buhne made inquiries. However Weeravansha did not back down and yesterday showed that he was willing to match words with actions.
Soon after Weeravansha had called for the siege the UN had carried out a security assessment of its Colombo compound but staff members said that they had not been advised of any changes or precautions.
There was no one from the UN office in Colombo to detail the media on its position. Since the departure of Gordon Weiss in December 2009, the UN spokesperson’s post remains vacant, at least officially. Buhne who has taken on the role at times was in Batticaloa when the office was blocked. Weiss was to be replaced by the then UNICEF spokesperson who was deported. Weiss who left the UN after his Sri Lanka stint, is reportedly writing a book on his positing here.
The UN reaction came from its headquarters in New York late night time. “While respecting the right of citizens to demonstrate peacefully, preventing access to UN offices hinders the vital work being carried out by the United Nations each day to help the people of Sri Lanka,” UN spokesperson Farhan Haq told reporters.
“The Government has provided assurances for the safety and security of our staff and for their full access to their offices,” he added. “We will be closely monitoring developments and trust these commitments will be honoured.”
The government in statement said that it expects the UN office will function despite the blockade.
“The Government of Sri Lanka expects that the UN complex in Colombo would continue to function as normal in the days ahead. The Government understands that those who are demonstrating intend to continue with their protest, until the UN system revisits the matter of the Panel on Sri Lanka,” the statement said.
It observed that government had dealt with the protests in accordance with national and international obligations.
“At the domestic level, Sri Lanka being a democratic society, the Government had to respect the entitlement to voice opinion, including through peaceful demonstrations. Accordingly, the Police permitted a peaceful gathering in front of the complex,” the stamen released under signature of Ariyaratna Athugala the director of information said.
“The Government was also absolutely mindful of its international obligations and so the Police authorities deployed adequate strength and remained vigilant, to ensure the safety of the UN complex and of the personnel within it,” it added.
Weeravansha is in for the long haul on this one, “We warn the U.N. to withdraw the (Advisory) panel if they want to get the employees out,” he said when he began the blockade. It is unlikely that he or his supporters will walk off easily now.
ඇල්මෙන් අකුරු උගනිමු ඉදිරි වැඩ තකා
දෙපා සරසන්නට මිරිවැඩි සගලක් හෝ නොමැතිව කීලත්සා තක්සලාවට ඇවිද එන්නේ ශිල්ප ඉගෙන දක්වන්නට ඇති උන්දුව නිසාය. අප්පා අමාරුවෙන් ගැට ගහගන්නා ජීවිතයට සවියක් වන්නට ඇගේ පුංචි සිතට ඕනෑ වී තිබේ. එබැවින් ශිල්පය මැනවින් හදාරන්නට කීලත්සාට ඇති උන්දුව අති මහත්ය.
‘‘ මම කවදා හරි වෛද්‍යවරියක් වෙන්න ආසයි’’ ඇය බලාපොරොත්තු පිරුණු හඩින් සේ පැවසුවාය. නව හැවිරිදි කීලත්සා ජෙගනාදන් පෙරිය පිල්ලූමලෙයි රෝමානු කතෝලික දෙමළ විද්‍යාලයේ හතර වසරේ ඉගෙනුම ලබන්නීය. උපන්දා සිටම සැප සම්පතින් පිරුණු ලොවක් ඇයට හිමි වූයේ නැත. ඇය මෙලොව එළිය දුටුවේද ශාපලත් යුද්ධයක් පවතින නිමේෂයකය. සමගි සම්පන්න සාමකාමී වටපිටාවක් වෙනුවට ඇය අත්වින්දේ බෝම්බ වෙඩි හඩින් එකිනෙකා විනාශ කරගන්න වටපිටාවකි. එහෙත් දැන් ඒ දුෂ්කර අවදිය නිමා වී තිබේ.
‘‘ මගේ පවුලේ හතර දෙනෙක් ඉන්නවා. අප්පා කැලේට ගිහින් දර කපලා තමයි සල්ලි හොයා ගන්නෙ.’’ අප්පාගේ ඉපැයීම් ජීවත් වන්නට කිසිසේත් ප‍්‍රමාණවත් නොවන බව කීලත්සා වටහා ගෙන සිටින්නීය.
කීලත්සාට පමණක් නොව පිල්ලූමලෙයි රෝමානු කතෝලික ප‍්‍රාථමික විද්‍යාලයේ ඉගෙනුම ලබන බොහෝ සිසුන්ගේ ජීවිතය එතරම් සැපවත් එකක් නොවේ. මඩකලපුවේ මාධ්‍ය සංචාරයක නිරත වූ අපි මේ පාසලට ගොඩවැදුණේ ඔවුන්ගේ තොරතුරු දැන ගැනීමේ අටියෙනි.
‘‘මේ දරුවන්ගේ දෙමව්පියො ගොඩක් දුප්පත්. ඒ නිසා දරුවන්ව පාසල් එවන්න ලොකු උවමනාවක් නැහැ.’’ විදුහලේ ගුරුවරියක වූ තිස්පස් හැවිරිදි ඉන්දුමතී ප‍්‍රභාකරන් පැවසුවාය. සිසුන් 45 දෙනෙකුගෙන් යුත් මේ ප‍්‍රාථමික විදුහලට එදින පැමිණ සිටියේ සිසුන් විස්සකටත් අවම සංඛ්‍යාවකි. සිසුන් පාසල් නොඑන දිනවලට සිය දෙමාපියන් සමග කැලේ ගොස් දර කැපීම, හේන්වල වැඩ කිරීම ආදිය සිදු කරන බව ඉන්දුමතී පැවසුවාය.
මඩකලපුව, පිල්ලූමලෙයි ග‍්‍රාම නිලධාරී වසමට අයත් මෙම ප‍්‍රාථමික පාසල විවිධ දුෂ්කරතා මධ්‍යයේ සිය සේවය ලබා දෙයි. විදුහලේ කොටසක් මේ වන විටත් වල් අලි ප‍්‍රහාරයකින් හානියට පත්ව තිබේ. එහෙත් පුංචි මල් කැකුථ වන් මේ සිසුන් ඇල්මෙන් අකුරු උගනින්නට එන්නේ මේ පාසලටය.
‘‘මට කවදා හරි ගුරුවරියක් වෙන්න ආසයි’’ එක වසරේ ඉගෙනුම ලබන ජෙගනාදන් සමීරා පවසන්නීය. පවුලේ එකම දරුවා වූ ඇය පාසල් එන්නට මහත් උනන්දුවක් දක්වන්නීය. අම්මාත් අප්පාත් ගොවිතැන් කොට ජීවත් වන බව ඇය පැවසුවාය.
‘‘මගේ යාථවත් ගුරිවරියක් වෙන්න ආසයිලූ.’’ සමීරා සිය මිතුරිය වූ ප‍්‍රසානිගේ අතින් අල්ලා අපට පැවසූයේ අහිංසකවය.
‘‘මේ සිසුන්ට ඉගෙන ගන්න මෙහෙ පහසුකම් නැහැ. ඒ අයගේ ආර්ථිකය සවිමත් නැහැ. ඒත් කළා අංශයෙන් එහෙම ගොඩක් දක්ෂකම් තියෙන දරුවො ඉන්නවා. ඒ අයට ඒ දක්ෂකම් පිටට පෙන්වන්න අවස්ථාව නැහැ.’’ ඉන්දුමතී පවසන්නීය.
එය සැබෑවකි. ඔවුහු පාසල් බිමේ අප ඉදිරියේ ගැයූහ. අත්වැල් පටලා රග දැක්වූහ. කැලේ පිපෙන මල් කෑලේට පර වන්නට නොදී ඔවුන්ට පෙළහර පාන්නට ඉඩ දෙන්නේ නම් වඩාත් ලස්සණ හෙටක් ඔවුනට උරුම වනු ඇත. එහෙත් අතිශය දුෂ්කර ග‍්‍රාමයක් වූ පිල්ලූමලේ සිට එවැනි සමත්කම් පාන්නට ඔවුනට ඇත්තේ සීමිත ඉඩ ප‍්‍රස්ථාවකි.
අප පාසැල් අවසන් වනතුරුම ඒ බිමෙහි උන් හා දුක සැප බෙදා ගත්තෙමු. ඔවුන් අප හා කුථපග වූයේ නිමේෂයකිනි. අපූර්වතම දර්ශනය දැක ගත හැකි වූයේ පාසල් අවසන් වූ මොහොතේය. පාසල් නිමා වීමෙන් අනතුරුව දරුවන් රැගෙන යාමට පැමිණියේ එල්ෆ් වෑන් රථයකි. ගුරුවරුන් හා සිසුන් සියල්ලම වෑන් රථයට නැග ගත්හ. සිසුහු කිහිප දෙනෙක් වෑන් රථය උඩටද නැග ගත්තේය. වෑන් රථයේ දොරත්, එහි වහලය මතත්, පිටුපසත් සිසුන් එල්ලී සිටියහ. එය අපට අපූරු දසුනක් වුවද එය ඔවුන්ගේ ජීවිතයේ සාමාන්‍ය කාර්යකි.
මේ දරුවන්ට ඇත්තේ සීමිත වූ සම්පත් ප‍්‍රමාණයකි. දශක කිහිපයක් මුථල්ලේ ත‍්‍රස්ත‍්‍රවාදයෙන් බැට කෑ මෙහි වැසියන්ට සැප සම්පතින් සපිරුණු හෙටක් පිළිබද බලාපොරොත්තුවකට ඉඩක් තිබුණේ නැත. යුද්දය නිමා වුවද ඔවුන්ට තවමත් නැගී සිටින්ට සවියක් නොමැත. එබැවින් සිය දරුවන්ගේ මූලික අවශ්‍යතාවන්හෝ ඉටු කර දීමට ඒ දෙමාපියන්ට නොහැකි වී තිබේ.
මේ පාසලේ සිසුන්ගේ බොහොමයක් දෙපා නිරුවත්ය. එසේ නොවේ නම් කැඞී ගිය සපත්තු කුට්ටමකින් ඒ දෙපා සැරසී තිබිණි. ඇදුමේ ද පිළිවෙලක් නොවේ. එහෙත් ඒ දරුවන්ගේ දෙනෙත් වල ඇත්තෙ සවිමත් අනාගතයක් පිළිබද සිහිනයකි. දිනෙක ඔවුන්ට සිය සිහිනය සැබෑ කරගන්නට ඉඩ ලැබෙනුයේ නම් ඔවුන්ගේ ඉදිරි දවස යහපත් එකක් වනු ඇත.
යලි පිබිදෙන මඩකලපුව
නැගෙනහිර අහසේ රත්පැහැයෙන් හිරු උදාවිය. නිදහස් හිරුගේ කිරණින් නැගෙනහිර වැසියන් සැනසෙන්නට පටන් ගෙන තිබේ. හිරු උදාවත් සමග අපි කල්අඩි පාලමෙන් එගොඩ වූයේ නැගෙනහිර නිදහසේ අබිමන් දැක ගැනීමටය. මඩකලපුවේ සිට පැමිණි අපි චෙන්කලඩි හන්දියෙන් ඒ-5 පාරට ඇතුථ වූයෙමු. මේ බදුල්ල මඩකලපුව මාර්ගයයි. ඒල්.ටී.ටී.ඊ පාලන සමයේ මේ මාර්ගය වැදගත් සන්ධිස්ථානයක් වී තිබුණි. අපි අපේ ගමනාන්තය වූ පිල්ලූමලේ බලා පිටත් වූයෙමු.
‘‘මහත්තයලා කොහෙද යන්නෙ’’ යුධ හමුදා මාර්ග බාධකයකදී අප වාහනය නැවැත්තූ හමුදා සෙබළෙක් සුහදව ඇසුවේය.
‘‘එල්.ටී.ටී.ඊ එකෙන් ඒ කාලේ මෙහෙ කදවුරු හදලා තිබ්බෙ ආණ්ඩුවේ කෘෂිකර්ම ගොවිපළවල් වල’’ අප කරඩියනාරු ප‍්‍රදේශය පසුකරන විට අපගේ මුස්ලිම් ගමන් සගයා වූ හුසේන් පැවසුවේය. ගම ප‍්‍රදේශය පසු කළ අපි පිල්ලූමලේට ලගා වීමු.
පෙරදා රාත‍්‍රියේ ධීවර රස්සාවේ ගොස් පැමිණි පනස්තුන් වියැති ක‍්‍රිෂණන් රාමනාදන් අපට හමුවූයේ පෙරිය පිල්ලූමලේ ඔහුගේ නිවසේදීය. ඔහු වසර තිහක පමණ කාලයක සිට පිල්ලූමලේ ප‍්‍රදේශයේ ජීවත් වන්නෙකි. යුධ සමයේ කදවුරු වෙත යාමට සිදු වුවද ඔහු නැවතත් සිය උපන් ගම වෙත පැමිණ සිටී.
‘‘කදවුරේ ඉදලා ආවට පස්සෙ අපිට මාස හයක් විතර යනකන් ආධාර ලැබුණා. දැන් නම් මොනවත් ලැබෙන්නේ නැහැ. යුද්දෙ නැති කාළේ අපි මෙහෙ කුඹූරු වැඩ කළා. ඒත් දැන් කුඹුරු වැඩ කරන්න වතුර නැහැ කිහිපදෙනෙක් විතරක් කුඹුරු වැඩ කරනවා.’’ රාමනාදන් මේ වන විට පිල්ලූමලේ වැලිජාකණ්ඩි වැවේ මා`ථ ඇල්ලීමට යයි. එහෙත් එය සරු ආදයම් මාර්ගයක් නොවේ. ගොවිතැන් කිරීමට නොහැකි බැවින් පිල්ලූමලේ බොහෝ වැසියන් මාථ ඇල්ලීමට යාමට පටන් ගෙන තිබේ.
‘‘ඊයේ අල්ලපු මාථ වලින් ලැබුණේ රැපියල් 150ක් විතරයි.’’ සාමාජිකයන් පස් දෙනෙකුගෙන් යුත් සිය පවුල නඩත්තු කිරීමට එය කිසි සේත් ප‍්‍රමාණවත් නොවන බව රාමනාදන් පවසයි. නව නිවසක් ඉදි කිරීමටත් සිය දියණියන් තිදෙනාට යහපත් හෙටක් තනා දීමටත් රාමනාදන්ට සිහිනයක් තිබේ. එහෙත් එය කවදා සැබෑවක් වන්නෙ දැයි කියන්නට නොහැකිය.
‘‘මේ රස්සාව කරන්නේ කරන්නම දෙයක් නැති නිසා. අපි කියන්නේ කොහොම හරි මේ වැවෙන් කුඹුරු වලට වතුර ගන්න ඇල මාර්ගය හදලා දෙන්න කියලා. එතකොට අපට දෙයියනේ කියලා ගොවිතැන් කරගෙන ඉන්න පුථවන්.’’ රාමනාදන් පැවසුවේය. වැලිජාකණ්ඩි වැවේ ඇල මාර්ග පිළිසකර කොට දෙනෙන්නේ නම් කුඹුරු අක්කර තුන්සිය පණහක් පමණ අස්වැද්දිය හැකිව තිබේ.
රාමනාදන්ගේ වැඩිමහථ දියණිය වන විසිහැවිරිදි රාමනාදන් සරෝජා දේවී සිය නිවෙසට වී මවට සහය දෙමින් සිටින්නීය.
‘‘ මගේ ඉස්කෝලෙ ගමන අතරමගකදී නැවතුනා. ඒ දවස්වල ඒල්ටීටීඊ එකෙන් ගමේ කට්ටිය අල්ලගෙන ගියා. මාවත් සංවිධානෙට අරන් යයි කියලා අප්පා මාව ගෙදර තියා ගත්තා.’’ සරෝජාදේවී අහිංසකව එසේ පවසන්නීය. රැුකියාවක් කරන්නට ඇයට උවමනා වී තිබේ.
‘‘ඒත් අපට රස්සාවල් දෙන්න කවුරුත් නෑනේ’’ සරෝජා පවසන්නේ වේදනාවෙනි. යුද්ධය අවසන් වීම පිළිඉදව ඇයට ඇත්තේ සතුටකි. තමාට නැතත් නංගිලා දෙන්නාට දැන් කිසිදු අවහිරයකින් තොරව පාසල් යාමට ලැබීම ගැන ඇය සතුටුවන්නීය.
පිල්ලූමලේ වැසියන්ට ජීවන බව කරට ගන්නට සිදුව ඇත්තේ දහසක් දුෂ්කරතා මධ්‍යයේය. යුද්ධය අවසන් වුවද යුධ සමයේ ඔවුන්ට විදීමට සිදු වු කරදරවල ප‍්‍රතිවිපාක වලට මුහුණ දෙන්නේ දැන්ය. ජීවත් වීමට සුදුසු පරිදි නිවාස නොමැති වීම ඉන් ප‍්‍රමුඛය.
‘‘ යුද්දෙ පටන් ගන්නකොට අපි කදවුරු වලට ගියා. ඒ ගිහින් ආපහු එද්දි තිබුණ නිවාස කඩා දාලා. සමහර ගෙවල් සම්පුර්ණයෙන්ම කඩාගෙන වැටිලා. අපිට තිබ්බා ලස්සණට හදපු පොඩි ගෙයක් යුද්දෙ ඉවර වෙලා බලද්දී තිබුණේ ගෙයි බිත්ති විතරයි. දැන් යන්තම් හදාගෙන ඉන්නවා. ගෙයි වැඩ ඉවර කරන්න සල්ලි නැහැ.’’ තිස්පස් හැවිරිදි කෝනේෂ්වරී අරුල්දේවී පැවසුවාය. ඇය මේ වන විට ගැබිණි මවකි. උපදින්නට ඉන්නා කිරිකැටියාට ඉසුරින් සපිරි හෙටක් උදා කරන්නට ඇය සිහින දකින්නීය. අරුල්දේවීගේ සැමියා බද්දට කුඹුරු වැඩ කරන්නෙකි.
පිල්ලූමලේ ග‍්‍රාම නිලධාරී කොට්ඨාශයේ මේ වන විට පවුල් 179ක් පදිංචි වී සිටින බව ග‍්‍රාම නිලධාරී ආරුමුගම් බාලක‍්‍රිෂ්ණන් පැවසුවේය.
‘‘යුද්දෙන් පස්සෙ ගමට පවුල් 379ක් පදිංචියට ආවා. ඒත් ගෙවල් කැඩිලා බිදිලා ගිහින් නිසා ගොඩක් අය ගම ඇතෑරලා ගියා.’’
පිල්ලූමලේ වැසියන් ට ප‍්‍රමාණවත් තරමේ ප‍්‍රවාහන පහසුකම් නොමැති වීමද පීඩාකාරී තත්ත්වයක් වී තිබේ. ඉද හිට යන ලංගම බස් රථයක් ඇරුණවිට මෙහි ජනප‍්‍රියම ප‍්‍රවාහන මාධ්‍ය වී ඇත්තේ එල්ෆ් වෑන් රථයි.
‘‘ පිල්ලූමලේ ඉදලා අපි බඩු ගන්න චෙන්කලඩි යනවා නම් යන්න ඕන මේ වෑන් වල තමයි. ගාස්තුව රැපියල් පනහයි. එක පාරට මේ වෑන් එකක සෙනග සීයකට වඩා පටවා ගන්නවා. ඒවගෙ යන්න හරි අමාරුයි’’ ක‍්‍රිෂ්ණන් රාමනාදන් පැවසුවේය.
පිල්ලූමලේ රෝමානු කතෝලික දෙමළ විද්‍යාලයටද අපි ගොඩ වැදීමු. වල් අලි පහර දීමේන් පාසලේ පිටුපස කොටසට හානි පැමිණ තිබේ. ප‍්‍රාථමික පාසලක් වූ එහි ශිෂ්‍යන්ගේ සංඛ්‍යාව 45කි. එහෙත් අප එහි යන විටත් සිසුන් පැමිණ සිටියේ විස්සකටත් අවම ප‍්‍රමාණයකි.
‘‘මේ ළමයින්ගෙ දෙමව්පියන්ට දරුවො පාසල් එවන්න ඕන කමක් නැහැ. ඒ නිසා ළමයි හේන් වැඩ වලට, දර කපන්න වගේ වැඩ වලට යනවා. හරියට ඉගෙන ගන්නවා නම් දක්ෂ ළමයි මෙහෙ ඉන්නවා.’’ පාසලේ ගුරුවරියක වූ ඉන්දුමතී ප‍්‍රභාකරන් පැවසුවේය.
නැගෙනහිර වැසියන් යළි නැගී සිටීමට උත්සහ දරති. එහෙත් ඔවුන්ගේ ජීවිත යථා තත්ත්වයට පත් වීමට තවත් කාලයක් යනු ඇත. මේ වන විට නැගෙනහිර සංවර්ධනය සිදු වෙමින් පවතී. යටිතල පහසුකම් දියුණු වීම සීග‍්‍රයෙන් සිදු වෙමින් පවතී. මඩකලපුවේ සිට ත‍්‍රීකුණාමලේ දක්වා යන පාර වසර හතළිස් හතකට පසු යළි පිළිසකර කෙරෙමින් තිබේ. යුධ සමයේදී එල්ටීටීඊ සංවිධානය විසින් පුපුරවා හැරි පාලම් යළි ගොඩනැගෙමින් තිබේ.
නැගෙනහිර බිමේ වැදගත් ස්ථානයක් වූ වාකරේ ප‍්‍රදේශයට යා යුත්තේ ත‍්‍රීකුණාමලය මඩකලපුව පාර ඔස්සේය. අප මුලින්ම පිවිසියේ මාන්කර්ණි ප‍්‍රදේශයටය. මේ ප‍්‍රදේශයේ විශේෂත්වය වූයේ දෙමළ වැසියන් හා සහයෝගයෙන් ජීවත් වන සිංහල ධීවරයන් පිරිසක් ජීවත් වීමයි. උදෑසනම අප මාන්කර්ණි මුහුදු වෙරළට පැමිණි බැවින් කාර්යබහුල වෙරළක් දැකීමට අපි සමත් වීමූ.
‘‘ අපි මෙතෙන්ට ඇවිත් දැන් අවුරුදු විසිපහක් විතර වෙනවා. මීගමුව තමයි අපේ උපන් ගම. තාත්තලා ඇවිත් මෙහෙ මාථ ඇල්ලූවා. ඊට පස්සෙ මමත් මෙතනට ආවා. දැන් පදිංචිය මෙහෙ තමයි. කරදරයක් නැතුව රස්සයාව කරගෙන ජීවත් වෙනවා.’’ තිස් හත් වියැති ඩොමිනික් සිල්වා පැසුවේය. පෙරදා රාත‍්‍රියේ මුහුදු ගොස් පැමිණි ඔහු සිටියේ සිය බෝට්ටුව පිරිසිදු කරමිනි. මාන්කර්ණි වැල්ලේ සිංහල,දෙමළ,මුස්ලිම් වැසියන් සහයෝගයෙන් සිය ධීවර කටයුතු කරන ආකාරය දැකිය හැකිය.
‘‘ යුද්දෙ කාළේ එල්ටීටීඊ එකෙන් මෙහෙට ඇවිත් අපිට කරදර කරන කොට මේ දෙමළ අය තමයි අපිව බේරා ගත්තෙ.’’ ඩොමිනික් සිල්වා පැවසුවේය.
වාකරේ ප‍්‍රදේශයේ නැවත පදිංචි කළ වූවන්ගේ ජීවිත යථා තත්ත්වයට පත්කිරීමට මේ වන විට විශේෂ වැඩපිළිවෙලක් ක‍්‍රියාත්මක වන බව වාකරෙයි ප‍්‍රාදේශී‍්‍රය ලේකම් එස්.එල් රාහුලනායකී පැවසුවාය.
‘‘අවතැන් වූවන් යළි පදිංචි කිරීමෙන් පසුව අපි මේ ප‍්‍රදේශ වල ඉදිකිරීම් කඩිනම් කළා. සුනාමි ව්‍යසනයෙන් පස්සෙ රජය හා රාජ්‍ය නොවන සංවිධානයක් එකතුව නිවාස ව්‍යාපෘතියක් අදියර දෙකක් යටතේ ක‍්‍රියාත්මක කලා. ඒත් යුද්දෙ පටන් ගත්තට පස්සෙ ඉදිකිරීම් ඇණ හිටියා. මේ වන විට නිවාස දෙදහසක පමණ අවශ්‍යතාව තියෙනවා. හැකි ආකාරයෙන් මේ පහසුකම් සළසන්න රජය බලාපොරොත්තු වෙනවා.’’ රාහුලනායකී ප‍්‍රකාශ කළාය.
වර්තමාන ජීවිතය ඒ තරම් සැපවත් එකක් නොවුණද නිදහසේ ගෙවන මේ ජීවිතය පිළිබද සෑහීමකට පත් විය හැකි වාකරේ වැසියෝ පවසති.
‘‘ මම ජීවත් වෙන්නෙ කුළී වැඩ කරලා. පවුලෙ හතර දෙනෙක් ඉන්නවා.යුද්දෙ නැතුව තියෙන එක හො`දයි. බයක් නැතුව රස්සාව කරගෙන ජීවත් වෙන්න පුථවන්.’’ හතළිස් දෙවියැති කනකසභය පාක්‍යරාජා පවසයි.
දශක තුනකට අධික කාළයක් තිස්සේ යුද්ධයෙන් බැට කෑ වාකරේ වැසියෝ මේ වන විට යථා තත්ත්වයට පත්වෙමින් සිටිති. ඔවුන්ගේ ජන ජීවිතය සාමාන්‍ය අතට සාමකාමී අයුරින් සාමාන්‍ය අතට හැරෙමින් තිබේ.
‘‘මේ වන විට මෙහෙ ජනතාව පොලිසිය වලට පැමිණ තමන්ට සිදු වන ආසාධාරණයන් ගැන පැමිණිලි කරනවා. මේක හොද තත්ත්වයක්. මොකද මේ ජනතාවට නීති කටයුතු පිළිබද ඒ තරම් අවධානයක් තිබුණේ නැහැ. අපි ජනතාව වෙත හැකි තරම් සමීප වෙලා. ඔවුන්ට පොලිසිය කිනන්නේ මහජන හිතකාමී ආයතනක් කියන එක තේරුම් ගන්වනවා’’ වාකරේ පොලිසියේ වැඩබලන පොලිස් ස්ථානාධිපති කපිල සේනානායක පැවසුවේය.












