ජෙනරාල්වරයා බේර ගන්න අපේ කැපවීම හැමදාම තියෙනවා.

March 11, 2010 by Editor  
Filed under Featured, Stories

ජෙනරාල් ෆොන්සේකා නිදහස් කර ගැනීම සඳහා වූ කි‍්‍රයා මාර්ගයේදී සෑම විටම එක්සත් ජාතික පක්ෂය සම්පූර්ණ කැපවීමක් සිදු කරමින් සිටින බව එක්සත්ජාතික පක්ෂ මහලේකම් තිස්ස අත්තනායක පැවසීය.

“මානව හිමිකම් පෙක්සම් අධිකරණයට අරන් ගියෙත් අපි. මේ සඳහා ඉදිරිපත් වෙලා ඉන්න සියලුම නීතිඥයන් අපේ අය. ජෙනරාල්වරයා පිළිබඳව ආරංචිය ලෝකය පුරා ගෙන යන්න මූලික වෙලා කටයුතු කළේ විපක්ෂ නායක වරයා. ඔහුව නිදහස් කරන්න පුලුවන් දෙගොල්ලකට පමණයි. එ් සන්ධාන ආණ්ඩුව අනික එක්සත් ජාතික පෙරමුණ.” මහලේකම්වරයා සඳහන් කළේය.

සන්ධාන ආණ්ඩු කෙදිනකවත් ඔහු නිදහස් නෙකරන බවත් එක්සත් ජාතික පෙරමුණ බලයට පතවුව හොත් ජෙනරාල්වරයා නිදහස් කරන බවත් ලේකමිවරයා සඳහන් කළේය.

“ඊළඟට ආණ්ඩුව හදන කෙනාට තමයි ඔහුව නිදහස් කරන්න පුලුවන් වෙන්නේ. කොහෙම වුණත් ප‍්‍රජාතන්ත‍්‍රවාදී ජාතික සන්ධනයට බලයට එන්න බැහැ. එක්සත් ජාතික පෙරමුණ තමයි  90% උදවි කළේ ජනාධිපතිවරණය වෙලාවෙදි. ජනතා විමුක්ති පෙරමුණ උදවි නෙකළා කියනවා නෙවෙයි. නමුත් මිලියන  4-5  ජනතා කැමැත්ත තියෙන්නේ එක්සත් ජාතික පක්ෂයට.” මහ ලේකම්වරයා සඳහන් කළේය.

පොදු අපේකෂකයා ඉදිරිපත් කරමින් ජනාධිපතිවරණයට ඉදිරිපත් වූයේ විධායක ජනාධිපති ක‍්‍රමය අහෝසි කිරීම සඳහා බවත් එ් සඳහා අවශ්‍ය කැපවීම එක්සත්ජාතික පෙරමුණ වශයෙන් සිදු කළ බවත් ප‍්‍රතිඵලය කෙසේ වෙතත් ඊළඟ පියවර වෙත පැමිණ තිබෙන බවයි හෙතෙම සඳහන් කරන්නේ.

“ස්ති‍්‍රක්ක කිහිපයක නායකත්වය දීලා අපිත් එක්ක වැඩ කරන්න කියලා අපි එතුමාට කීවා. නමුත් එකඟ වුණේ නැහැ. එ්ක එතුමාගේ කැමැත්ත. එක්සත් ජාතික පෙරමුණ ඔහු සමග නැහැ කියලා කියන්න බැහැ. එතුමගේ ඡන්ද ව්‍යාපාරය අපට කරන්න  බැහැ. අපි අපේ පක්ෂය වෙනුවෙන් එ් දෙවල් කළ යුතුයි.” මහ ලේකම් අත්තනායක සඳහන් කළේය.

කෙසේ වුවද මැතිවරණයෙන් පසු ජනතා විමුක්ති පෙරමුණත් ජෙනරාල්වරයාගේ පක්ෂයේ උදවිය මෙන්ම එක්සත් ජාතික පෙරමුණත් එකට මුණ ගැසෙන බවත් එ අවස්ථාවේදී සියලු දෙනා එක්ක කටයුතු කරන බවත් හෙතෙම සඳහන් කළේය.

මහ ලේකම්වරයා සඳහන් කරන පරිදි සමාජයට මෙන්ම ආණ්ඩුවටද ජාත්‍යන්තර ත‍්‍රස්තවාදියකු අත් අඩංගුවේ සිටින බව අමතකය. ඔහු සුර සැප විදින විට සියලූම පහසුකම් විදින විට රටේ පමණක් නොව ලෝකයේම වීරයකු වශයෙන් පිළිගත් ජෙනරාල්වරයා අවම පහසුකම් මැද පීඩා විදින බව ද හෙතෙම සඳහන් කළේය.

“කේ පී අත් අඩංගුවට ගත්තද ස්ව කැමැත්තෙන් ඉන්නවද කියන එක නම් අපට තාම ප‍්‍රශ්ණයක්. අත් අඩංගුවට ගත්තානම් අධිකරණයට යවන්න  ඕන. හැමෝටම හොරෙන් මේ පුද්ගලයා සඟවාගෙන සටින්නේ කුමක් නිසාද කියන එක ගැටලූවක්.”

ඔහු සතු නැව් සමූහය ගැනීමට යැයි පවසමින් ඔහු රදවා සිටින්නේ සියලු පහසුකම් සමඟ බවයි හෙතෙම පවසන්නේ. එකී  දේපල වලින් ලැබෙන වත්කම් වලට කුමක් වෙනවද යන වගද කිසිවකු නොදන්නා බවයි හෙතෙම පවසන්නේ.

මෙසේ සිතා බලන විට ජෙනරාල්වරයා අත් අඩංගුවට ගැනීම දේශපාලන හේතුවක් බව කැපී පෙනෙන බවද මහලේකම්වරයා සඳහන්  කළේය. කෑපී පෙනෙන චෝදනා තිබෙන ජාත්‍යන්තර ත‍්‍රස්තවාදියා තබාගෙන කුමක් කරන්නේද යන්නත් ජනෙරාලවරයා යුධඅධිකරණයට යවන්නට ඉක්මන් වන්නේත් කුමක් සඳහාද ගැටලූවක්ව පවතී.

  • Share/Bookmark

2020 දී වැඩිහිටි ජනගහනය ඉහළට

March 3, 2010 by Editor  
Filed under Featured, Stories

වසර දෙදහස් විස්ස වන විට ශ‍්‍රී ලංකාවේ වැඩිහිටි ජනගහනය 20% ඉහළ යනු ඇතැයි සෞඛ්‍ය අමාත්‍යංශය සඳහන් කරයි. මෙයට හේතු වී ඇත්තේ පසුගිය වකවානුවේ ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය ක්ෂෙත‍්‍රය සංවර්ධනය වීම සහ පුද්ගලයන් නිරෝගීව සිටීමට එයින් සිදු කෙරෙන බලපෑම බව සෞඛ්‍ය අමාත්‍යාංශය පෙන්වා දෙයි.

‘‘ සෞඛ්‍ය පහසුකම් වැඩි දියුණු වෙන කොට පුද්ගලයන්ගේ ආයු අපේක්ෂාව වැඩි දියුණු වෙනවා. 1947 වසර ගත්තොත් පුද්ගලයෙකුගේ සාමාන්‍ය ආයු අපේක්ෂාව අවුරුදු 47යි. එහෙත් දෙදහස් නමය වන ගත් විට පුද්ගලයෙකුගේ සාමාන්‍ය ආයු අපේක්ෂාව අවුරුදු 72ක්. මෙහිදී පුරුෂයෙකුගේ සාමාන්‍ය ආයු කාලය අවුරුදු 77ක් පමණ වෙනවා. ස්ත‍්‍රියකගේ ආයු අපේක්ෂාව සාමාන්‍යයෙන් අවුරුදු 74ක් පමණ වෙනවා. මෙය සෞඛ්‍ය පහසුකම් වැඩි දියුණු වීමේ එක්
ප‍්‍රතිඵලයක්.’’ සෞඛ්‍ය අමාත්‍යංශයේ ප‍්‍රකාශකයෙකු පැවසුවේය.

අනෙක් කාරණය වන්නේ මේ වන විට ළදරු මරණ අනුපාතිකය අඩු මට්ටමක පැවතීමද ඉදිරි වසර කිහිපය තුළ වැඩිහිටි පුරවැසි සංඛ්‍යාව ඉහළ යාමට හේතුවක් වීමයි.

එහෙත් වැඩිහිටි ජනගහනය ඉහළ යාමත් සමඟ සෞඛ්‍යමය ගැටලූද රාශියක්ද ඇති විය හැකි බවද සෞඛ්‍ය අමාත්‍යාංශය අවධාරණය කරයි. විශේෂයෙන්ම වැඩිහිටියන්ට අංශභාගය හෙවත් බාලපක්ෂඝාත රෝගය වැළදීමේ වැඩි ඉඩකඩක් තිබේ. මෙය වැඩිහිටි පුරුෂ පක්ෂයේ පුද්ගලයන්ට බහුලව වැළදිය හැකි බව සෞඛ්‍ය අමාත්‍යංශය පෙන්වා දෙයි.

වැඩිහිටි පුරවැසියන්ගේ සංඛ්‍යාව ඉහළ යාමත් සමඟ රජය විසින් ඔවුන් වෙනුවෙන් සුබසාධක වැඩසටහන් ක‍්‍රියාත්මක කිරීමට අවධානය යොමු කළ යුතුව ඇතැයිද සෞඛ්‍ය අමාත්‍යාංශය පෙන්වා දෙයි.

  • Share/Bookmark

රාජ්‍ය නිළධාරීන් ඇමතිවරුන් මැතිවරණ නීති උල්ලංඝනය කරයි නම් ශේෂ්ඨාධිකරණයට

March 1, 2010 by Editor  
Filed under Featured, Stories


මහ මැතිවරණ නිරීක්ෂණය කිරීමේ කටයුතු මේ වන විටත් ආරම්භ වී ඇති බව මානව හිමිකම් පිළිබඳ විද්වත් සංසදය ප‍්‍රකාශ කර සිටී.ජනාධිපත්වරණ්‍ය සඳහා යොදා ගත් නිරීක්ෂකයන් 3781 දෙනා මේ වන විටත් නාමා යෝජනා භාර දීමෙන් අනතුරුව නිරීක්ෂණ කටයුතු නිඵ වශයෙන් ආරම්භ කළ බවයි මානව හිමිකම් පිළිබඳව විද්වත් සංසදයේ ප‍්‍රධාන විධායක ආචාර්ය උදිත ගුණසේකර පවසා සිටින්නේ.

ආචාර්ය ගුණසේකර පවසන පරිදි 2010 මහ මැතිවරණය ජනවාරි 26 වන දින ජනාධිපතිවරණයේ පශ්චාත් මැතිවරණ ප‍්‍රචණ්ඩ කි‍්‍රයා අඛණ්ඩව සිදුවෙම්න් පවතින සමයකය. එම නිසා මෙවර මහමැතිවරණය මෙරට මහ මැතිවරණය පිළිබඳව පලුදු වී ඇති විශ්වාසය නැවත ඇති කර ගැනීම සඳහා යොදා ගැනීම වැදගත් බවයි ආචාර්ය ගුණසේකර පෙන්වා දෙනු ලබන්නේ.

ආචාර්ය ගුණසේකර පවසන පරිදි මහ මැතිවරණය ප‍්‍රකාශයට පත් කළ දිනයේ සිට සුපුරුදු පරිදි මැතිවරණ නීතී උල්ලංඝනය කිරීමිද ආරම්භ විය.දැවැන්ත කටවුට් පෝස්ටර් නගර පුරා ප‍්‍රදර්ශණය කරමින් ප‍්‍රදාරක කටයුතු වලට අදාල මැතිවරණ නීති උල්ලංඝනය කිරීම සියලූම දේශපාලන පක්ෂ සිදු කළහ.පොදු දේපළ ද මේ වන විට 110 වන ඇමති මණ්ඩලය තම නිළ බලය භාවිත කරමින් සම්පත් අපහරණය සිදු කරන බවද හෙතෙම සඳහන් කළේය.

එමෙන් මාධ්‍ය පිළිබඳව අදහස් දක්වන හෙතෙම පෙන්වා දෙනු ලබන්නේ රාජ්‍ය මාධ්‍ය සුපුරුදු පරිදි එක්සත් ජනතා නිදහස් සන්ධානය වෙනුවෙන් පක්ෂවද සහ විපක්ෂය වෙනුවෙන් විරුද්ධවද ප‍්‍රචාරක කටයුතු ආරම්භ කර ඇති බවයි. මේ තුළින් බරපතල ලෙස ජනමතය විකෘති කිරීමක් සිදු වන බවයි හෙතෙම පවසා සිටියේ.

ජනමාධ්‍ය අමාත්‍යාංශ්‍ය රජයට පවරා ගැනීම රාජ්‍ය ආයතන පාලනය සඳහා මැතිවරණ කොමසාරිස්වරයාට මැදිහත් වීමට තිබූ බලතල අභියෝගයට ලක් කිරීමක් ද යන්න සැක සහිත බවයි අහතෙම පවසා සිටින්නේ.

17 වන සංශෝධනය අක‍්‍රීයව තිබියදී ශෙෂ්ඨාධිකරණ නියෝග ඵවා පිළ නොපදින තත්ත්වයක රාජ්‍ය යාන්ත‍්‍රණය පවතිද්දී ඉතිහාසයේ වැඩිම බලතල සහිත මැතිවරණ කොමසාරිස්වරයා තම අවම බලතල හෝ
ක‍්‍රියාත්මක නොකරන තත්ත්වයක් තුළ මැතිවරණයක් පැවැත්වීම ප‍්‍රායේගික නොවන බවයි ආචාර්ය ගුණසේකර පවසා සිටින්නේ.

ආචාර්ය ගුණසේකර වැඩිදුරටත් පවසන්නේ රාජ්‍ය ආයතන නිදහස් සාධාරණ මැතිවරණයක් සඳහා සහය නොදෙයි නම් රාජ්‍ය නිළධාරීන් ඇමතිවරුන් මැත්වරණ නීති උල්ලංඝනය කරයි නම් මැතිවරණ කොමසාරිස් වරයා ශ්‍රේෂ්ඨාධිකරණයේ සහය ලබා ගනිමින් එ් ආදාල කි‍්‍රයාමාර්ග ගත යුතු බවයි.

  • Share/Bookmark

ජනාධිපතිවරණ ප‍්‍රතිඵල දූෂිත නැහැ – මැතිවරණ කොමසාරිස්

February 3, 2010 by Editor  
Filed under Featured, Stories

ජනාධිපතිවරණයේ ප‍්‍රතිඵල දූෂිත නොවන බවත් මේ ප‍්‍රතිඵල පිළිබදව කිසිදු සැකයක් නොමැති බවත් මැතිවරණ කොමසාරිස් දයානන්ද දිශානායක සදහන් කළේය.

මැතිවරණ ප‍්‍රතිඵල නිකුත්වීමෙන් පසුව නොයෙක් පුද්ගලයින් විසින් මැතිවරණ ප‍්‍රතිඵල පිළිබදව විවිධ ප‍්‍රකාශ නිකුත්කළත් එම ප‍්‍රකාශයන් තමන් ප‍්‍රතික්ෂේප කරන බවද මැතිවරණ ප‍්‍රතිඵල පිළිබදව ඇතිවී තිබෙන ආන්දෝලනාත්මක තත්වය පිළිබදව අදහස් දක්වමින් මැතිවරණ කොමසාරිස් කාර්යාලයේදී පෙබරවාරි 3 වැනිදා පැවති ප‍්‍රවෘත්ති සාකච්ඡුාවකදී මැතිවරණ කොමසාරිස්වරයා පැවසුවේය.

‘‘මැතිවරණයදූෂිතනම් ඒ සදහා ගතයුතු ක‍්‍රියාමාර්ග තිබෙනවා. මැතිවරණය දූෂිතනම් ශ්‍රේෂ්ඨාධිකරණය හමුවට ගොස් මැතිවරණ පෙත්සමක් ගොනුකළ හැකියි.’’ දිශානායක කීවේය.

මැතිවරණ ප‍්‍රතිඵල පිළිබදව කිසියම් ආකාරයේ නීතිමය කි‍්‍රයාමාර්ගයක් ගන්නේනම් දින විසි එකක් ඇතුළත එම නීතිමය ක‍්‍රියාමාර්ග ගත යුතුව ඇතැයි මැතිවරණ කොමසාරිස්වයා පැවසුවේය. මේ වන විට මැතිවරණ ප‍්‍රතිඵල නිකුත්වී දින හතක් අවසන්ව තිබෙන නිසා තවත් දින දාහතරක් ඇතුළත අදාල නීතිමය පියවර ගත යුතුයැයි හෙතෙම කීය. මැතිවරණ ප‍්‍රතිඵල දූෂිත බව කියමින් පුවත්පත් සාකච්ඡුා පැවැත්වීම හා ප‍්‍රභූවරුන් හමුවී කරුණු ඉදිරිපත් කිරීම වෙනුවට කළ යුතුව ඇත්තේ අධිකරණය හමුවට යාම වන බවද දිශානායක සදහන් කළේය.

‘‘මේ පිළිබදව අධිකරණයට ගියොත් අපිට නොවලහා කරුණු ඉදිරිපත් කළ හැකියි.’’ මැතිවරණ කොමසාරිස්වරයා කීවේය.

මැතිවරණ ප‍්‍රතිඵල දූෂිත නොවන බව මැතිවරණ කොමසාරිස්වරයා ප‍්‍රකාශ කළ නමුත් මැතිවරණය පෙර කාලයේ සිදුවී සිදුවීම් පිළිබදව ඔහු කිසිසේත්ම සෑහීමකට පත්වන්නේ නැත. ‘‘මැතිවරණ කාලයට පෙර කාලයේදී අපි දුටු දේ තමයි නීතිය ඉක්මවා කටයුතු කිරීම. මැතිවරණයට පෙර බැනර් පොස්ටර් ප‍්‍රදර්ශණය කිරීම නීති විරෝධී වුවත් මෙය සිදුවුනා. පෙළ පාලි යාම නීති විරෝධී වුවත් ඒ සියලූදේම සිදුවුනා.’’

මැතිවරණයට පෙර ඇතිවූ නීති විරෝධී ප‍්‍රචාරක කටයුතු මැතිවරණ කටයුතු ආරම්භ වී ෂති දෙකක් යන විට පොලීසියේ සහයෝගයෙන් පාලනය කිරීමට හැකියාව ලැබුනත් පෝස්ටර් ඉවත්කරන විට අලූතින් තවත් පෝස්ටර් අලවන තත්වයක් දැකීමට හැකිවූයේයැයි මැතිවරණ කොමසාරිස්වරයා කීවේය.

මැතිරණයට පෙර තත්වය පිළිබදව ෂතුටුවීමට නොහැකි නමුත් මැතිවරණ දිනයේදී හා ඉන් පසුව තත්වය පිළිබදව සෑහීමටක පත්විය හැකියැයි මැතිවරණ කොමසාරිස්වරයා කියයි. ‘‘ඡන්ද පොළ ආශ‍්‍රිතව කිසිදු කරදරයක් නැතිව ඡන්දය පාවිච්චි කළා. ඡන්දය ශූන්‍ය කිරීමට කිසිදු හේතුවක් තිබුනේ නැහැ.’’ හෙතෙම කීවේය.

මෙවර ඡන්ද ගණන් කිරීමෙන් පසුව ඒ ඒ ගණන්කිරීමේ මධ්‍යෂ්ථානවල ප‍්‍රතිඵල නිකුත්කිරීමේදී අදාල ප‍්‍රතිඵල ලේඛන කාබන් කොළවල සකස් කිරීමට මැතිවරණ කොමසාරිස්වරයා විසින් අවසර ලබාදී තිබුණි. එහි මුල් පිටපත ප‍්‍රතිඵල නිකුත්කිරීමේ මධ්‍යස්ථානය වෙත එවන අතර කාබන් පිටපත් තුනක් වැඩිම ඡන්ද සංඛ්‍යාවක් ගත් අපේක්ෂකයාගේ නියෝජිතයින් වෙත ලබාදෙයි. තවත් කාබන් පිටපතක් ඡන්ද ගණන් කිරීමේ මධ්‍යස්ථානයේ ප‍්‍රදර්ශණය කළේය. අවසාන කාබන් පිටපත ගණන්කිරීමේ නිලධාරියාගේ කාර්ය පටිපාටි ලේඛනයට ඇතුළත් කර තිබුණි.

‘‘මේ ක‍්‍රියාදාමය සෑම තැනකම කළා. මේ නිසා අදාල අපේක්ෂකයින්ට මැතිවරණ ප‍්‍රතිඵල කලින්ම දැනගැනීමට අවස්ථාව තිබුණා.’’ මැතිවරණ කොමසාරිස්වරයා කීවේය.

මැතිවරණය පැවැත්වූ ජනවාරි 26 වැනිදා රාත‍්‍රියේ සිට මැතිවරණ කොමසාරිස්වරයා පිළිබදව වන විවිධ කට කතා පැතිර ගිය අතර ඇතැම් කටකතාවකින් කියවුනේ ඔහු නිවාස අඩස්සියේ සිටින බවයි. තවත්  කටකතාවකින් ඔහු රෝහල්ගතකර ඇති බවත් පසුව රිය අනතුරකට භාජනය වී ඇති බවත් කියවිණි.

‘‘මෙවැනි දේවලි ඉතිහාසයේ කදාවත් සිදුවෙලා නැහැ. මැතිවරණ ප‍්‍රතිඵල නිකුත්කරන අවස්ථාව වන විට මම පැය තිස් හතක් එක දිගට කාර්යාලයට වී වැඩ කරමින් සිටියා. මේ කට කතා ඒ වන විට තිබූ පීඩනය තවත් වැඩිකළා.’’ දිශානායක පැවසීය.

මැතිරවණ කොමසාරිස්වරයා මාධ්‍ය හමුවට පැමිණීමට පෙර ඔහු විපක්ෂයේ පොදු අපේක්ෂකයා ලෙසින් මැතිවරණයට ඉදිරිපත්වූ සරත් ෆොන්සේකා හමුවිය. රත්නපුර ඡන්ද ගණන්කිරීමේ මධ්‍යස්ථානය අසල තිබී ඡන්ද පත‍්‍රිකා හැට හතරක් හමුවී තිබෙන බව ඉන් පසුව මාධ්‍ය වෙත අදහස් දැක්වූ ෆොන්සේකා කීවේය.

‘‘මෙම ඡන්ද පත‍්‍රිකා පුළුස්සා තිබෙනවා. මේ හමුවී තිබෙන්නේ පිළිස්සූ ඡුන්ද පත‍්‍රිකා අතරින් කොටසක්. මින් විසි හතක් පැහැදිළිව හංසයාට ලකුණු කර තිබන ඒවා.’’ ෆොන්සේකා කීවේය. මෙම ඡුන්ද ප‍්‍රතිඵල ශූන්‍ය කරන ලෙස මැතිවරණ කොමසාරිස්වරයාගෙන් ඉල්ලා සිටි බවද හෙමෙත කීය.

මේ පිළිබදව තමන් පරීක්ෂණයක් කරන බවද මැතිවරණ කොමසාරිස්වරයා කීවේය.

වත්මන් මැතිවරණ කොමසාරිස්වරයා සිය ධුරයෙන් ඉවත් වීමට අවස්ථා කීපයකදී සූදානම් වූ නමුත් මේ වනතෙක් ඒ සදහා අවස්ථාවක් ලැබුනේ නැත. ජනාධිපතිවරණයෙන් පසුව තවත් මැතිවරණයක් සදහා තමන් මැතිවරණ කොමසාරිස්වරයා වශයෙන් කටයුතු නොකරන බව ඔහු මීට පෙර ප‍්‍රකාශ කළ අතර ඔහු තමන් දැක්වූ ස්ථාවරය වෙනස් කරගෙන තිබේ.

‘‘මගේ නිලධාරීන් පසුගිය සෙනසුරාදා හමුවී ඔවුන් අතරමං නොකරන ලෙස ඉල්ලා සිටියා. ඒ වගේම විපක්ෂයේ දේශපාලන පක්ෂද මෙම ධුරයේ රැදී සිටින ලෙස ඉල්ලා සිටියා. මේ නිසා පාර්ලිමේන්තු ඡන්ද විමසීම මම කරනවා’’

Elections Commissioner Dayananda Dissanayake says the Presidential election results were not distorted and that there were no doubts about it. Addressing a press conference on the controversy surrounding the election results, Dissanayake said if the results were distorted, legal action could be taken within 21 days of the announcement of results. He said that although there were election law violations leading up to the election, there have been no such incidents on election day and post election period. Dissanayake has also launched an inquiry into the marked ballot papers found in a Ratnapura dump.

By Sanjaya Nallaperuma

  • Share/Bookmark

Appa never came back – Vasanthi’s story

February 2, 2010 by Editor  
Filed under English, Stories

Vasanthi can now walk hand in hand with her Husband Vasantha, on the A9 road which runs in front of their home. The love for each other was all they had, at a time when all they owned and had were crumbling around them. Their dreams of being with each other, have now come true.

Twenty one year old Vasanthi who was earlier residing at the Ramanathan Camp and Menik Farm, has now had the opportunity to come back to where she calls home. Along with that, she has regained a chance to rebuild their lives which were shaken up and tossed around by the last phases of the violent civil war between the separatist LTTE, and Armed Forces.

Vasanthi was born in a climate of war in Pursandhi, Puliyakkulam, in Kilinochchi. Her father’s life was taken by a shell during the height of the war – a stark reminder of the childhood she had set to a background music beating with the sounds of bombs, gunfire and explosions. When the war came to an end, it took with it the home that they lived in.

“As the war climaxed, the fears in us grew. I remember at the latter stages how we couldn’t even sit down at one place to finish a meal” she remembers.

Her mind is drawn to that fateful night when the war claimed her father. “My brother and I were huddled up in fear. I remember an artillery shell landing in the front garden. And all of a sudden, all the fighting ceased – and there was silence. Appa went out to survery the damage”

Appa never came back.

They never had a chance to mourn over Appa’s body. They had to gather whatever mere belongings they had, and move to the next village for shelter, and the hope of safety.

“The army then moved us to the Ramanathan Camp at Menik Farm”, she recalls. Whilst the freedom for them to move about, or leave the camp was restricted, she says that they were treated well. “My brother is very small. He didn’t have the space to move about and play, that the other children of his age had.”

Vasanthi didn’t have the means or the ability to enjoy life’s little luxuries that came with her age. She had to make do with whatever aid that was given either by the Government, or the aid organizations who were working there.

But then things started to look up for Vasanthi.

Vasanthan, a neighbor they have known for a long time was also residing at the same Camp. Their world of romance was not that of movie theatres and long walks hand in hand, but one of being surrounded by automatic weapons and barbed wire. When all forms of normalcy were falling apart around them, Vasanthan and Vasanthi formed a bond, which was unbreakable. In place of sweet nothings being whispered, their love was limited to a clandestine winks, a camouflaged smile.

“When I was in the camp, the only thing I could think of was coming back to our home town, and to start our own little world” says Vasanthan. Their dream slowly but surely took wings and turned into reality. After the painstakingly slow process of demining was over, they could move in during the early days of 2010.

What greeted them however, was a picture of chaos. All they owned were now left as heaps of rubble, completely destroyed. But they had two things to be happy about – they had themselves, and they were alive.

“We were given the basic supplies to start out afresh” Vasanthan said. The Government provided them with roofing, and with the their own tears and sweat a two small houses came into life – one for them, and one for Vasanthi’s mother and brother.

Vasanthan doesn’t have employment yet. But Vasanthi now dreams of the day she can become a mother. Her brother, the ten year old Jayanthan still pops over whenever he gets the chance.

The heat from the A9 road blares upon their house. But for Vasanthi and Vasanthan, they have found love, and with it, they have found happiness. They are alive.

  • Share/Bookmark

සොඳුරු වසන්තෙ නිමල පැතුම ඔබ

February 2, 2010 by Editor  
Filed under Stories

වසන්ත කුමාරි සිය සැමියාගේ දෑස දෙස බැලූවේ මහත් සැනසීමෙනි. ජීවිතයේ ගෙවී ගිය අසීරුම දවස්වල වසන්තිගේ ජීවිතයේ එකම සැනසීම වූයේ වසන්තන්ය. ඔවුගේ අරහිසට වාරු දී ජීවිතයේ බර දරා ගන්නට වසන්ති දුටු සිහිනය දැන් සැබෑ වී තිබේ. සියල්ල අහිමි වෙද්දී තමන් ලද එකම සැනසීම වූයේ වසනතන්ගේ සෙනෙහස පමණකැයි වසන්තිට සිතුණාය. අවසානය සතුටු සහ ගත ලෙස නිමා වීම වසන්තිගේ අපමණ සතුටට හේතු වී තිබේ. සිය නිවස ඉදිරිපිටින් දිවෙන  එ 9 මාවත දිගේ සැමියා සමඟ නිදහසේ ඇවිද යන්නට වසන්තීට හැකිව තිබේ.

යුද්ධය නිමා වීමෙන් අනතුරුව වසන්තිලාට නිදහසේ ජීවත් වීමට ඉඩ ප‍්‍රස්ථා දැන් සැළසී ඇත. විසි එක් වියැති වසන්ති මින් මාස කිහිපයකට පෙර සිටියේ මැණික්ෆාම් රාමනාදන් අවතැන් කඳවුරේය. නැවත පදිංචි කිරීමෙන් අනතුරුව වසන්තිලාට සිය උපන් ගම් බිම් වෙත පැමිණීමට අවස්ථාව හිමි විය.

කිළිනොච්චිය පුර්සන්ධි පුලියන්කුලම් ගම්මානයේදී  වසන්ති කුමාරි කනගේශ්වරී උපත ලබන්නේ යුධ බිය දෝතින් උරුම කරගනිමිනි. කුරිරු යුද්ධය මධ්‍යයේ ඇති තරම් අම්මාගෙත් අප්පාගෙත් සෙනෙහස ලබන්නට ඇයට වාසනාවක් ලැබුණේ නැත. වෙඩි හඩින් බෝම්බ බියෙන් වරෙක ඇය මුවැත්තියක සේ තැතිගත්තාය. එහෙත් ඉන් මිදි පලා යාමට ඇයට හැකි වූයේ නැත. කාලය වසන්තිලාට බොහෝ දෑ අහිමි කරමින් ගෙවී ගියේය. යුද්ධය නිමා වූයේ වසන්තිලාට උන් හිටි තැන් සහ සමීපතමයන් අහිමි කරමිනි.

‘‘යුද්දෙ වැඩි වෙන්න වැඩි වෙන්න අපි හිටියේ පුදුම බයකින්. එ දවස් වල  නිදාගන්න හම්බුණේ නැහැ. එක තැනක ඉදගෙන කෑම ටිකක් කන්න හම්බුණේ නැහැ.’’ වසන්ති ගෙවී ගිය අතීතය සිහිපත් කරන්නේ වේදනාවෙනි.

‘‘ එදා දෙපැත්තෙන්ම ගහ ගන්නවා. අපි පණ බයේ හිටියෙ. දුවා ගන්නවත් තැනක් තිබුණේ නැහැ. මමයි මල්ලියි ගුලි වෙලා හිටියා. අම්මයි අප්පත් බයෙන් හිටියෙ. එක පාරටම අපේ ගේ ඉස්සරහ පාරට ආටියක් වැටුණා. අපි හිතුවේ ඉවරයි කියලා. ටිකකින් සද්දෙ නැති වුණා. ආයෙමත් ගහගන්න පටන් ගත්තා. අප්පා ටිකකට එළියට ගියා මොකද වෙන්නෙ බලන්න. එ ගියා ගියාමයි අප්පා කවදාවත් අපි අතරට ආවේ නෑ.’’ වසන්තිගේ කොපුල් රා කඳුථ ගලා ගියේය. නිවසින් පිටතට ගිය වසන්තිගේ පියා ෂෙල් වෙඩි ප‍්‍රහාරයකට ලක්ව අවසන් ගමන් ගොස් තිබුණේය. සිය පියාගේ නිසල දේහය දෙස බලා වැලපෙන්නට වසන්තිටත් ඇගේ අම්මාටත් මල්ලීටත් හැකි වූයේ නැත. අඩුම කුඩුම පොදි බැඳ ගත් ඔවුන්ගේ ඊලග නවාතැන වූයේ සෙට්ටිකුලම රාමනාදන් අවතැන්
කඳවුරයි.

‘‘ අප්පගේ මළගේ වැඩ කටයුතු කරන්නවත් අපට හම්බවුණේ නැහැ. පණ බයේ හිටපු අපි හමුදාවෙන් රාමනාදන් කෑම්ප් එකට ගෙනත් දැම්මා.’’ එතැන් පටන් ඔවුන්ගේ ජීවතය ගෙවුණේ මැණික්ෆාම් අවතැන් කඳවුරේය. අප්පා නොමැති දරුවන්ගේ ජීවිත සුවපත් කරන්නට වසන්තිලාගේ අම්මාට හැකි වූයේ නැත. හිරිමල් යෞවනයේ පසුවූ වසන්තිගේ  ඕනෑ එපාකම් පිරිමසන්නට නොහැකි වූ තැන වසන්තිලාගේ අම්මා කඳුථ සැලූවාය.

‘‘කඳවුර හොඳයි. හමුදාවෙන් අපිට ගොඩක් හොඳින් සැලකුවා. එත් අපිට ලොකු නිදහසක් තිබුණේ නැහැ. අපිත් එළියට ඇවිත් ඇවිදින්න ගොඩක් ආසාවෙන් හිටියේ. මල්ලිත් පොඩි ළමයෙක්. එයාට එහෙ හරියට සෙල්ලම් කරන්නවත් තැනක් තිබුණේ නැහැ.’’ වසන්ති පැවසුවාය. ලස්සණට අදින්න පළදින්න වසන්තිට උවමනාව තිබුණද එ සඳහා සම්පත් තිබුණේ නැත. රජයෙන් හා ඉද හිට වෙනත් ආයතන වලින් ලැබෙන අධාරයක් විනා ඔවුන්ට වෙනත් දෙයක් ලැබුණේ නැත. කඳවුරේ දෙනෝ දාහක් මැද්දේ සිටි ඔවුන්ගේ ජීවිතයට මහා සැපක් ලැබුණේ නැත. අවම සනීපාරක්ෂක පහසුකම් මධ්‍යයේ ජීවත් වූ වසන්තිට වරෙක දෑසට කඳුථ නැගුණේ සිය අසරණකම සිහිපත් වීමෙනි.

එහෙත් කඳවුරේ ගෙවුණ කාලය වසන්තිගේ ජීවිතය වෙනස් කරන්නට සමත් වූයේය. හා හා පුරා කියා වසන්තිගේ ජීවිතයට වසන්තය පැමිණියේ අවතැන්
කඳවුරේදීය. අම්මාත් මල්ලීටත් පමණක් සීමා වූ වසන්තිගේ ලෝකය තවකෙකුට විවිර වූයේ නිරායාසයෙනි. ඔහු වසන්තිගේ ලෝකයට වසන්තය රැුගෙන ආ කුමාරයා වුවද සැබැවින්ම ඔහුත් රාමනාදන් කඳවුරේ කාත් කවුරුත් නොමැතිව ජීවත් වූ අවතැන් වූවෙකි. වසන්තන් කුමාර් වේලායුදන් වූ ඔහු කුඩා කල සිටම වසන්තිව දැන හදුනාගෙන සිටියෙකි. යුද්ධය අතරතුරේ අවතැන් කඳවුරේදී ලත් එකම අස්වැසිල්ලෙන් වසන්තිගේ හදවත දිනා ගැනිමට ඔහුට හැකි විය.

මල් ගොමු තුරු ලිය හෝ සිනමා ශාලා මැද්දෙ නොව වසන්තිටත් වසන්තටත් ආදරය කරන්නට සිදුව තිබුණේ කටු කම්බි හා තුවක්කු දෑතේ දරා එහා මෙහා ඇවිදන් යන හමුදා සෙබථන් මධ්‍යයේය. වරෙක මේ සියල්ලම මධ්‍යයේ වසන්තගේ උණුසුම සොයා ඔහුත් සමඟ කඳවුරෙන් පැනයන්නට ඇයට සිතිණි. කඳවුරේදී ඔවුන්ගේ ආදරයට සීමා මායිම් බැඳුණෙ නිරායාසයෙනි. වචනයක් දෙකක් කතා කරන්නටත් නෙත් කොණින් පාන ඉඟි බිගි වලින් ඇයට සැනසෙන්නට සිදු විය.

‘‘මම කඳවුරේ ඉන්න කොට හිතුවේ එක දෙයයි. එ කවදා හරි දේ යුද්ධෙ ඉවර වෙලා අපිට නිදහස් ලෝකෙකට යන්න ලැබෙන්න කියලා.’’ වසන්තන් සමඟ එක වහලක් යටට වන්නට වසන්තන්ගේ දරුවන්ට අම්මා වන්නට වසන්ති සිහින දැක්කාය. එහෙත් ඇයගේ සිහිනය සැබෑ වූයේ හෙමිහිටය. යුද්ධය අවසාන වුවද තවත් කලක් ඔවුන්ට අවතැන් කඳවුරේ රැඳී සිටින්නට සිදු වූයේ වසන්තිලාලේ ජන්ම භූමියේ ත‍්‍රස්තවාදීන් විසින් බිම් බෝම්බ වළ දමා තිබූ නිසාය. එහෙත් දෙදහස් දහය වසර ආරම්භයේදී වසන්තිලාගේ උපන් ගමට යාමට ඔවුන් වාසනාවන්ත වූහ. වසන්තන්ටත් ඔහුන් සමඟ යාමට ඉඩ ලැබුණේය.

පෙරළා සිය ගමට පැමිණි වසන්තිලාට දැක ගන්නට ලැබුණේ වල් වැදුණු හිස් භූමියක් පමණි. එහෙත් යුද්ධයට පෙර උපයා ගත් සියථ සන්තකය මහ පොළවට සමතලා වී තිබුණද ඔවුන්ට සතුටු වන්නට කාරණයක් තිබුණි. එ බිහිසුණු යුද්ධයක් අවසානයේ  පණ කෙන්ද රැකගැනීමට ඔවුන් සමත් වී තිබීමයි.

‘‘අපි මෙහෙට එද්දි අපේ පරණ ගෙවල් ෙදාරවල් හැම එකක්ම විනාශ වෙලා. අපේ ඉඩම්ද කියලා අදුර ගන්නත් බැරිවුණා.’’ වසන්තිලා කඳවුරෙන් පැමිණියේ සීමිත භාණ්ඩ කිහිපයක් අතැතිව පමණි. නිවාස තනා ගැනීමට වත් ඔවුන් අත කිසිවක් වූයේ නැත.

‘‘ගෙවල් හදා ගන්න කච්චේරියෙන් අපිට ටකරන් දුන්නා. එවා අරගෙන මැටි ගහලා අපි ඉන්න තැනක් හදා ගත්තා.’’ වසන්තිගේ පැරණි ගෙමිදුලේ මැටියෙන් ගෙවල් දෙකක් ඉඳි විය. එකක් වසන්තිගේ අම්මාටත් ඇගේ මල්ලීටත්ය. අනෙක වසන්තීටත් ඇයගේ සෙනෙහස හිමිකරගත් වසන්තටත්ය. තැලි පිළි බැඳ නාද ස්වරම් මධ්‍යයේ විවාහ වන්නට වසන්තීට නොහැකි වුවද එ් පිළිබඳ දුකක් වසන්තීට නැත. වසන්තන්ගේ සෙනෙහස ජීවිත කාලය පුරා ලැබීම පමණක් ඇයගේ නොමඳ සතුටට හේතු වී තිබේ. ඇය දැන් නව නිවෙසක නව ජීවිතයක් අත් විදිමින් සිටින්නීය.

‘‘තාම මහත්තයට රස්සාවක් නැහැ. දැනට නම් කුළී වැඩ කරලා තමයි ජීවත් වෙන්නෙ. ඉස්සරහට ගොවිතැන් කරන්න තමයි අපේ අදහස’’ වසන්ති පවසන්නේ ඉහවහ ගිය සතුටෙනි. අවුරුදු විසි එකක් ගත වූ තැන ඇගේ ජීවිතයට ඇය පැතූ සතුට ලඟා වී තිබේ.

එ 9 පාරට යාබදව ඉඳිවුණ වසන්තිගේ නව නිවහනට නිරතුරුවම ඇගේ කුඩා මල්ලී පැමිණෙන්නේය. වසර දහයක් වයසැති ඇයගේ මල්ලී වන ජයන්දන් සිය අක්කාගෙන් ඈත්ව සිටින්නේ එතරම් කැමැත්තෙන් නොවේ. අවතැන් කඳවුරේදී අක්කාගේ උණුසුමට ගුලි වී සිටි ඔහුට දැන් තනිව සිටින්නට සිදුව තිබේ.

‘‘ඉක්මනටම අම්මා කෙනෙක් වෙන්න ආසයි. එත් තව ටික කාලයක් බලාගෙන ඉන්න වෙනවා. ගෙයක් ෙදාරක් හදා ගෙන මහත්තයට රස්සාවක් හරි ගියාම මම දරුවෙක් ගැන හිතනවා.’’ එ වසන්තීගේ අවසන් සුබ ප‍්‍රාර්ථනයයි.

ගිනියම් හිරුගේ රශ්මියෙන් දැවෙන එ 9 මාවතේ අනන්තයට නෙත් යොමු කළ වසන්ති සුසුමක් හෙථවාය.  නැවතත් ජීවත් වීමට පටන් ගෙන ඇතැයි ඇයට සිතිණි. උපන්දා සිට ගෙවී ගිය ජීවිතයේ හදවතින් සිනාසෙන්නට වරම් ලැබුණේ නැත. සැක බිය මැද්දෙන් වසර විසි එකක් ගෙවී ගියේ වියරු අතීතයක් පමණක් ඉතුරු කරමිනි. එහෙත් දැන් ජීවත් වීම තව දුරටත් සිහිනයක් නොවේ. පෙපෙන තෙක් මානයේ නිදහස හා සැනසීම තිබේ.

  • Share/Bookmark

පාර්ලිමේනතුව වෙනස් විය යුතුයි

February 1, 2010 by Editor  
Filed under Featured, Stories

ජනාධිපතිවරණයෙන් පසු මහ මැතිවරණයක අවශ්‍යතාව්‍ය පවතින බව සියල්ලන් දන්නා කරුණකි. කෙසේ වුවද පවතින පාර්ලිමේන්තුව අපේ‍්‍රල් 22 දායින් අවසන්වේ. නව පාර්ලිමේන්තු කණ්ඩායම තොරා ගැනීම වෙනුවෙන් සිදු කෙරෙන මහා මැතිවරණය සඳහා පක්ෂ විපක්ෂ සියලු දෙනා සූදානමින් සිටින අතර සාමාන්‍ය ජනතාවද සූදානම් වෙමින් සිටී. ඇතමෙකුට මැතිවරණ හිසරදයක් වෙන අතර තවකෙකුගේ අවශ්‍යතාවය බවට පත්ව ඇත.

‘‘මහ මැතිවරණයක් පිළිබදව දැඩි බලා පොරොත්තු අපේ හිතේ තියෙනවා. ජනතා විමුක්ති පෙරමුණ සහ එක්සති ජාතික පක්ෂය වෙන වෙනම ඡුන්දය ඉල්ලූවොත් නම් එක්සති ජාතික පක්ෂයට ගැටලුවක් වෙන්නේ නැහැ. එත් ජනති විමුක්ති පෙරමුණේ පැවතිම ගන නම් ගැටලුවක් තියෙනවා.’’  තිලක් සමන්ත දිසානායක පැවසුවේය.

ව්‍යවස්තා දායක සභාවක් පිහිටවූවායින් පසු මැතිවරණයට යාම සුදුසු බව ජනතා විමුක්ති පෙරමුණ පැවසුවද  මැතිවරණයකින් පසුව එකී දේශපාලන පක්ෂයේ මන්ත‍්‍රීවරු අඩු වීමට ඉඩ පවතින බවයි දිසානායකලේ අදහස වන්නේ.

‘‘මෙතනදි ආණ්ඩුවට ගැටලුවක් නැහැ. මොකද බලය එ් අය අතේ තියෙන නිසා. අනිවාර්යෙන්ම මහ මැතිවරණයක් අවශ්‍යයි. නමුත් පළාත්පාලන මැතිවරණයක් අවශ්‍ය නැහැ. මිනිස්සු එකට කැමති වෙන්නෙත් නැහැ. මොකද මිනිස්සුන්ට ඡන්ද කියනඑක කරදරයක් වෙලා. මෙනවා වුණත් ව්‍යවස්තාදායකයක් පිහිටුවලා මැතිවරණයකට යන්න පුලුවන්නම් එක වඩාත්ම හොඳයි. ’’ හෙතෙම පැවසුවේ.

‘‘ජනාධිපත්වරණය අනවශ්‍ය වෙලාවක තියලා විශාල නාසුතියක් සිද්ධ වුණා. අවශ්‍යතාවය තිබුණ දේ කලා නම් අද ගොඩක් දේවල් අපට ඉතුරුයි. පෙත්සම් ඉදිරිපත් වෙලා තියෙන නිසා මැතිවරණය සාධාරණ නැහැ කියලා හදිස්සියේ ආයෙත් තියන්න වුණොත් තවත් වියදමක් දරන්න  ඕන.’’ සදමාලි අමරසේකර පැවසුවාය.

කෙසේ වුත් පවතින මහ මැතිවරණයේදී හො සිටිනා පාලකයින් වෙනුවට නව පාලකයින් පත් කර ගැනීමට එය අවස්ථාව කර ගත යුතු බවයි.

‘‘මේ ඉන්න අය වෙනුවට අලූත් අය තෝර ගන්න  ඕන. මොකද මේ ඉන්න අයට බලය කියන දෙය වැඩි නිසා එක මහජනතාවට බලපෑමක් වෙලා තියෙනවා. දැන් ඒ බලපෑම වැඩි වෙලා තියෙනවා ජනාධිපතිවරණයෙන් පස්සේ. මේ මැතිවරණයේදිවත් ජනතාව කල්පනාකාරී විය යුතුයි. හැමදාම එකම අයට බලය දෙන්න ගියහම එ අය නැවත නැවත එ වැරැද්දම කරනවා. එ නිසා මේ පාර්ලිමේන්තුවවත්  වෙනස් විය යුතුයි. ’’  ඇය පැවසුවාය.

ජනාධිපත්වරණය ආව එක අසාධාරණයි තමා. නමුත් ජනාධීපතිතුමාට ලැබෙන්න  ඕන තැන ලැබුණා. හැම ආණ්ඩුවකින්ම කළෙ පොරොන්දු දුන්න එක. නමුත් මේ ආණ්ඩුවේන යමක් මිනිස්සුන්ට කළා. අසාධෘරණ තියෙනවා තමයි අපි එ්වා නැහැ කියන්නේ නැහැ. නමුත් අපට මිත්‍යාව විශ්වාස කරන්න බැහැ. ප‍්‍රදේශ් චතුරංග ප‍්‍රනාන්දු පැවසුවේය.

මිනිසුන් බලාපොරොත්තු වෙන පෞද්ගතික ප‍්‍රතිලාබය නොලැබුණහොත් වෙනත් මාර්ගයන් වෙත් යොමුවෙන් එක කිසිවකුට වැළැක්විය නොහැකි බවයි ඔහු පවසන්නේ.

මෙනවා වුණත් මේ දේවල් ඉදිරියටත් තියේවිද කියන්න බැහැ. නමුත් පාර්ලිිමේන්තුව වෙනස් විය යුතුයි. මේ ඉන්න අය වෙනුවට එ එ ක්ෂෙත‍්‍රවලට විශෙෂ දැනුමක් තියෙන අය  අවශ්‍යයි. ප‍්‍රනාන්දු පැවසුවේය.

‘‘ මේ තියෙන පාර්ලිමේන්තුවෙ මැති ඇමති පිරිස වෙනස් වුණොත් අපි ඡුන්දය දුන් එකෙන් වැඩක් නැහැ. එක හරියට චන්ද්‍රකා ජනාධිපති වෙලා ඉන්න කාළේ රනිල් අගමැති වුණා වගේ වැඩක්. මේ ඉන් අයම හිටියොත් හොඳයි.නැත්නම් පාර්ලි මේන්තුව කැඩෙනවා.’’ ප‍්‍රදීප් ගැමුණු ලක්සිරි වැවසුවේය.

සෑම මැතිවරණයක් අවසානයේම ඡන්දය සාධාරණ නොවන බව පැවසීම සාමාන්‍ය දෙයක්  බවට පත්ව ඇති බවත් ස්ථීර ආණ්ඩුවක් පැවතිය යුතුබවත් හෙතෙම පැවසුවේය.

අපි එපා කියලා කීවත් විපක්ෂය මැතිවරණයක් ඉල්ලනවා. ජනාධිපතිට අවශ්‍ය පිරිස තෝරා ගැනීම සඳහා බලයත් තියෙනවා. මැතිවරණ සඳහා වියදම් කරන සල්ලි අපරාධයක් කියලා කීවත් එ් සල්ලි බෙදෙන්නෙත් ලංකාවේ ඉන්න මිනිස්සු අතේමයි. පිටරටකට යන්නේ නැහැ. මිනිස්සු ජන්දය දුන්නේ යුද්ධය ගැන හිතලා. අපිට රත්තරන් නිධි නැහැ. තෙල් නිධි නැහැ. අපි මහන්සි වුණෙෘත් අපට කන්න ලැබෙයි. හෙතෙම පැවසුවේය.

Elections in Sri Lanka have become a headache to some people while being an important event to others. A cross section of society who expressed their opinions about elections noted the need by the authorities to pay special attention to prioritizing polls, especially given the large sum of monies spent to hold each election.

  • Share/Bookmark

විජිත හේරත් ඇතුළු නියෝජිතයින් වව්නියාවේදී රදවාගෙන මුදාහරී

January 26, 2010 by Editor  
Filed under Featured, Stories

කිළිනොච්චියේ ඇති ඡන්දපොළවල් සදහා පත්කර තිබෙන ඡන්ද පොළ නියෝජිතයින් සමග මැතිවරණ දිනයේදී කිළිනොච්චිය බලා ගමන්කරමින් සිටි ජනතා විමුක්ති පෙරමුණු ප‍්‍රචාරක ලේකම් පාර්ලිමේන්තු මන්ත‍්‍රී විජිත හේරත් වව්නියාවේදී ආරක්ෂක අංශ විසින් රදවාගෙ සිටි අතර පසුව ඔවුන් නිදහස්කර යවා ඇතැයි පොලිස් මාධ්‍ය ප‍්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී අයි.එම්. කරුණාරත්න කීවේය.
ජනාධිපතිවරණ අපේක්ෂක චන්න ගමගේ පාර්ලිමේන්තු මන්ත‍්‍රී විජිත හේරත් හා ඡන්දපොළ නියෝජිතයින් කිළිනොච්චිය බලා ගමන් කරමින් සිටියදී ඉරට්ටේපෙරියකුලම් මාර්ග බාධකය අසලදී පරීක්ෂා කිරීමෙන් පසුව වැඩි දුර පරීක්ෂණ කටයුතු සදහා මොවුන් වව්නියාව පොලීසිය වෙත රැගෙන ගිය බවද පොලිස් මාධ්‍ය ප‍්‍රකාශක වරයා කීවේය.
‘‘බස් රථ දෙකකින් සැක කටුයුතු පිරිසක් පැමිණෙන බවට අද (ජනවාරි 26) උදෑසන තොරතුරක් ලැබුණා. මේ අනුව බස් රථ දෙකේ සිටි පිරිස් පරීක්ෂා කිරීමෙන් පසුව ඔවුන්ගේ අනන්‍යතාවය පරීක්ෂා කිරීම සදහා වව්නියාව පොලීසිය වෙත ඔවුන් ගෙන ගියා.’’ පොලිස් මාධ්‍ය ප‍්‍රකාශකවරයා කීවේය.
ඡන්ද පොළ නියෝජිතයින් අතර යුද හමුදාවෙන් ඉවත්ව සිටින අය සිටි බවට චෝදනා කරමින් මෙම පිරිස වව්නියාව පොලීසිය වෙත රැගෙන ගොස් තිබුනේයැයි ජනතා විමුක්ති පෙරමුණේ සාමාජිකයෙක් කීවේය.
‘‘මාර්ග බාධකය අසලදී හමුදාවන් මේ පිරිස නවතාගෙන පසුව පොලීසියට භාරදී තිබෙනවා. අපේ ඡන්ද පොළ නියෝජිතයින් අතර යුද හමුදාවෙන් ඉවත්ව සිටින අය සිටින බවට චෝදනා කළත් මොවුන් අතර හමුදාවෙන් පැනගොස් සිටි කිසිම අයෙක් සිටියේ නැහැ.’’ ජනතා විමුක්ති පෙරමුණු ක‍්‍රියාකාරිකයා පැවසුවේය.
ජනතා විමුක්ති පෙරමුණු ප‍්‍රචාරක ලේකම්වරයා සමග ගොස් සිටියේ ඡන්ද පොළ නියෝජිතයින් පමණකැයිද හෙතෙම සදහන් කළේය.
වව්නියාව පොලීසිය වෙත මෙම පිරිස රැගෙන යාමෙන් පසුව ඔවුන්ගේ අනන්‍යතාවය පරීක්ෂා කර ඔවුන් මුදා හළ බවද පොලිස් මාධ්‍ය ප‍්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී කරුණාරත්න කීවේය.
‘‘මෙම පිරිස අතර හමුදාවෙන් පැන ගිය කිසිම අයෙක් සිටියේ නැහැ.’’ කරුණාරත්න කීවේය.

  • Share/Bookmark

අවතැන්වුවන් උනන්දුවෙන් ඡන්දය ප‍්‍රකාශ කරයි

January 26, 2010 by Editor  
Filed under Featured, Stories

වසර තිහක් තිස්සේ පැවති යුද ගැටුම් නිසා අවැත්ව මැනික්ෆාම් සුභසාධන ගම්මානයේ රැදී සිටින පිරිස් ජනාධිපතිවරණයේදී උනන්දුවෙන් ඡන්දය ප‍්‍රකාශ කරන අතර ඡන්ද විමසීම් ආරම්භවී පැයක් ගතවන විට වේගයෙන් ඡන්දය ප‍්‍රකාශ කරමින් තිබුණි.
වව්නියාව මැනික්ෆාම් අලවිතෝට්ටම් පාසලේ ඡන්ද පොළක් තිබෙයි. මෙම ඡන්ද පොලේ ඡන්ද මධ්‍යස්ථාන හයක් තිබෙන අතර මෙම ඡන්ද මධ්‍යස්ථානවලට පැමිණෙන ඡන්ද දායකයෝ උනන්දුවෙන් යුතුව ඡන්දය ප‍්‍රකාශ කරයි. උනන්දුවෙන් යුතුව ඡන්දය ප‍්‍රකාශ කරන ඡන්ද දායකයින් නිසා මෙම ඡන්ද මධ්‍යස්ථානවල දිගු පෝලිම් දකින්නට ලැබුණි.
පොලීසිය විසින් නිකුත්කර තිබෙන තාවකාලික හැදුනුම්පත් රැගෙන ඡන්දය ප‍්‍රකාශ කිරීම සදහා ඡන්ද දායකයින් ඡන්ද පොළට ගිය නමුත් ඡන්දය ප‍්‍රකාශ කිරීමට මෙම හැදුනුම්පත් වලංගු නොවන බව ඡන්ද පොළ භාර නියෝජිතයින් කියා තිබුනේය. මේ නිසා ඡන්දය ප‍්‍රකාශ කිරීමට නොහැකිව බොහෝ දෙනා ඡන්ද පොළ අසල රැදී සිටියේය. මෙම ගැටලූව විසදීමට සිය නියෝජිතයෙක් යැවීමට මැතිවරණ කොමසාරිස්වරයා කටයුතු යොදා තිබුනේය.
සාමකාමී අන්දමින් අවතැන් කදවුරුවල ඡන්ද විමසීම සිදුවෙයි. මේ වන තෙක් අවතැන් කදවුරුවල මැතිවරණයට සම්බන්ධ කිසිදු සිදුවීමක් වාර්තාවී නොමැත.
අවතැන් කදවුරුවල සිටින ඡන්ද දායකයින්ට ඡන්දය ප‍්‍රකාශ කිරීම සදහා සියලූම පහසුකම් ලබාදී තිබේ. ඡන්දය ප‍්‍රකාශ කිරීම සදහා පැමිණෙන අයගේ ගමන් පහසුව සදහා බස් රථ ලබාදී තිබේ. මෙම බස්රථවලින් පිරිස් පැමිණ උනන්දුවෙන් යුතුව සිය ඡන්දය ප‍්‍රකාශ කළේය.

  • Share/Bookmark

දකුණේ ජන්ද උණුසුම

January 25, 2010 by Editor  
Filed under Featured, Stories

ලංකාවේ හයවැනි විධායක ජනාධිපතිවරයා තෝරා පත්කරගැනීම සදහා පැවැත්වෙන මැතිවරණයට පෙර දිනය වන විට දකුණේ ජනතාව උනන්දුවෙන් යුතුව ජන්දය ප‍්‍රකාශ කිරීමට සූදානම්න් සිටී.

මෙම මැතිවරණයේදී තමන් ජන්දය පාවිච්චි කරන්නේ කාටදැයි යන්න පිළිබදව ඇතැම් අය ප‍්‍රසිද්ධියේම ප‍්‍රකාශ කරන අතර මැතිවරණයේදී උනන්දුවෙන් යුතුව ජන්දය ප‍්‍රකාශ කිරීමට තමන් සූදානමින් සිටින්නේයැයි මාතර පදිංචිකරුවෝ පවසති.

‘‘මෙවර ගමේ හැමෝම උනන්දුවෙන් ජන්දය ප‍්‍රකාශ කිරීමට සූදානමින් සිටින්නේ.’’ මාතර නාඔටුන්නේ පදිංචි ලීලා අමරසිංහ පැවසුවාය.

වසර තිහක් තිස්සේ ලංකාවේ පැවති යුද ගැටුම් අවසන් කිරීමට දේශපාලන නායකත්වය ලබාදුන් ජනාධිපති මහින්ද රාජපක්ෂ හා එම සටනේදී යුද හමුදාවට අණ දෙමින් යුද හමුදාපතිවරයා වශයෙන් කටයුතු කළ ජෙනරාල් සරත් ෆොන්සේකා විපක්ෂයේ පොදු අපේක්ෂකයා වශයෙන් ජනාධිපතිවරණයට ඉදිරිපත්ව සිටීම නිසා මෙරව පවත්වන මැතිවරණය ඉතා උණුසුම් මැතිවරණයක් බවට පත්ව තිබේ.

‘‘මේ පාර ජන්දයේදී දෙපැත්තටම එක වගේ ජන්ද තියෙනවා. දෙපැත්තම එක වගේ උන්දුවක් තියෙනවා.’’ මාතර සිටින චන්ද්‍රසිරි හේවාපතිරණ කීවේය.

ලංකා ඉතිහාසයේ පැවැත්වූ ජනාධිපතිවරණ අතරින් වඩාත්ම තරගකාරී හා උණුසුම්ම ජනාධිපතිවරණයට පෙර මැතිවරණ ප‍්‍රචණ්ඩ ක‍්‍රියා පිළිබදව විවිධ අවස්ථාවලදී වාර්තාවුවත් සාමකාමී අන්දමින් මැතිවරණයට සම්බන්ධ වන්නේයැයි මාතර ජන්ද දායකයෝ පවසති. තමන්ගේ ගමේ මැතිවරණයට ඉදිරිපත්ව සිටින ප‍්‍රධාන අපෙක්ෂකයින් දෙදෙනාටම සහාය දක්වන ආධාරකරුවන් සිටින නමුත් මේ වන තෙක් ප‍්‍රචණ්ඩ ආකාරයේ සිදුවීම් වාර්තාවී නැතැයි අමරසිංහ කීවාය.

‘‘මේ වෙනතුරු කිසිම කලබලයක් නැහැ. දෙපැත්තම සාමකාමී අන්දමින් තමන්ගේ වැඩ කරගෙන යනවා.’’ ඇය කීවාය.

‘‘මේ පැත්තේනම් සාමකාමීව වැඩ කටයුතු කෙරීගෙන යනවා. කචල් බචල් මුකුත් නැහැ. වලි නැහැ.’’ දෙවුන්දර ප‍්‍රදේශයේ ත‍්‍රීරෝදරථ රියදුරෙක් වන චමින්ද එදිරිසිංහ සදහන් කළේය.

ජනාධිපතිවරණයේදී ජන්දය ප‍්‍රකාශ කරන බොහෝ දෙනා සිය ජන්දය භාවිතා කරන්නේ රටට ඉදිරියේදී යහපතක් වෙතැයි යන බලාපොරොත්තුව ඇතිවය. ඇතැම් අය ඉදිරියේදී පත්වන ජනාධිපතිවරයාගෙන් සංවර්ධන වැඩ කටයුතු සිදුවෙතැයි යන්න බලාපොරොත්තු වන අරත ඇතැම් අය යහපත් රාජ්‍ය පාලනයක් ඇතිවෙතැයි බලාපොරොත්තු පළකර සිටී.

‘‘මේ රටේ සංවර්ධන වැඩ කටයුතු සිදුවෙතැයි යන්න අපි බලාපොරොත්තු වෙනවා.’’ අමරසිංහ කීවාය.

මේ වන විට අධික ලෙස බඩු මිල ඉහළ ගොස් ඇති බවට විපක්ෂය විසින් චෝදනා නගන අතර මැතිවරණයෙන් ජයගන්නා අපෙක්ෂකයා බඩු මිල අඩුකිරීමට ‘‘මොන පක්ෂය බලයට පැමිණියත් අපි බලාපොරොත්තුවන්නේ එක දෙයයි. ඒ අපිට සහනයක් දෙන එකයි.’’ දෙවුන්දර පදිංචි සුදුසිංහ විමලසිරි කීවේය. මේ වන ජනතාවට ඇති ආර්ථික ගැටලූ සදහා විසදුමක් ලබාදීමට බලයට පත්වන අපෙක්ෂකයාගෙන් බලාපොරොත්තු වන්නේයැයි හෙතෙම කීවේය.

මෙම මැතිවරණයේදී ජන්දය ප‍්‍රකාශ කරන නමුත් තමන් කිසිවක් බලාපොරොත්තු නොවන්නේයැයි හේවාපතිරණ සදහන් කළේය.

මැතිවරණයෙන් පසුව නෙයෙක් ආකාරයේ මැතිවරන ප‍්‍රචණ්ඩ ක‍්‍රියා වාර්තාවෙතැයි ඇතැම් අය අපේක්ෂාකරන අතර මැතිවරණයෙන් කුමන පක්ෂය ජයගත්තත් එය සාමකාමීව විද දරාගැනීමේ හැකියාව තමන් සතුව ඇතැයි විමලසිරි පැවසීය.

‘‘අපි සාමකාමීව දේශපාලනය කරන්නේ. කවුරු දිනුවත් අපිට එය විද ගැනීමට පුළුවන්. කලබල ඇති වෙන එකක් නැහැ.’’ ඔහු කීවේය.

  • Share/Bookmark

Next Page »