New Tremors, Old Nightmares
DUTCH BAR, Jul 19 (IPS) – Janoshini Maurasini shakes like a leaf each time the sea belches a thunderous roar. And the 29-year-old mother of two has good reason to be nervous: Maurasini only narrowly escaped with her life in the Indian Ocean tsunami on Dec. 26, 2004, which killed over 35,000 of her fellow Sri Lankans within minutes.
As giant waves battered the village of Dutch Bar, some 300 kilometres from the capital Colombo along Sri Lanka’s eastern coast, Maurasini had run for her life. But the waves caught up with her. Her husband could only watch helplessly as the monstrous waves dragged her away and tossed her around like a rag doll.
Maurasini does not remember much of the ordeal, except that it felt like being caught in a vicious whirlpool. She had tried desperately to grab on to anything as the current swept her along. Finally, she managed to cling on to the walls of a well, and fell into it after the waves receded. She later climbed – miraculously – to safety, with the help of a fallen coconut tree.
“It’s a nightmare that I don’t want to go back to; I don’t even want to think about what happened. I have tried to erase the memory all these years,” she says. Her greatest fear is having to experience that again.
But on the morning of Jun. 13, Maurasini’s heart skipped a beat as the tsunami warning alarm went off, triggered by fears of deadly waves caused by an undersea earthquake off Indonesia.
The large red tower crowned with loudhailers pointed in four directions, erected in the heart of Dutch Bar following the 2004 tragedy, wailed its incessant siren: the cue for villagers to evacuate immediately. Or else.
As the alarm sounded, Dutch Bar residents poured out from their homes – many still in their night clothes – to escape any possible killer waves. Amid the chaos, police jeeps from nearby stations roamed the deserted villages to protect the vacant houses from looters, and make sure no one remained on the beach.
“No one stayed, no one,” says Ano Sujeetha, 45, a Dutch Bar villager who lost her mother and several relatives in the 2004 tsunami.
Dutch Bar was not the only place where an evacuation occurred. The scene was replicated in several other coastal villages that June morning, as thousands of Sri Lankans fled to safer areas to wait until the tsunami warning was lifted. The warnings were also issued in more remote locations like Panichchankerni some 30 km north of Dutch Bar, to make sure that people had ample time to get away.
Dominic Silva, a fisherman who lives in a hut on the beach in Panichchankerni, was awakened by the knock of police officers warning him to leave. “The last time a tsunami wave came, we only knew about it when 20-foot (6- metre) high waves had already started rolling in,” Silva says. During the 2004 tsunami, he was walking out from church after mass, only to find fishermen and families running helter-skelter as waves smashed through the roofs of huts just 30 m away.
While the undersea earthquake off Indonesia, which triggered the alarm, did not result in a tsunami, experts say it is better to be safe than to sorry.
Local seismic expert C B Dissanayake observes that Sri Lanka is prone to occasional earthquakes, several of which have been reported inland since the 2004 tsunami. “More than 25 years ago, people hardly talked of earthquakes in Sri Lanka. Now, as everyone knows, earth tremors occur quite frequently in Sri Lanka and the trend is more marked than ever before,” he wrote in a recent research article.
“Indeed many people would have laughed if some said, prior to 2004, that a tsunami would strike Sri Lanka and that thousands would perish,” Dissanayake says. But he warns that seismic activity suggests the possibility of another tsunami striking Sri Lanka is very real.
Since 2004, Sri Lanka has worked to improve on its disaster response and early warning capabilities. A Disaster Management Centre to issue early warnings and communicate with public authorities and police has been set up. While the system is still in its infancy, citizens are grateful that they now receive at least some warning. Authorities have also installed signposts along the coast, indicating directions to safer, elevated areas.
“In 2004, we did not know what to do. Now at least we know that we have to get to higher ground,” Sujeetha says.
Authorities also conducted a island-wide tsunami evacuation drill in 14 coastal villages this month.
The fear of the next big wave of terror is never far away from the eastern coast, which suffered the most deaths and damage six years ago. In Sainathimaruthu, a village 30 km south of Dutch Bar, over 3,000 people are believed to have died. The death toll here in Dutch Bar runs high into the hundreds. At least three tsunami memorials dot the narrow, residential stretch of its beaches.
As she sat near one such memorial, its lights creating a bright halo against the approaching night skies, Maurasini says she wishes she could go back to the pre-tsunami days. Back then, the sea was never a vicious monster hiding beneath the blue and white waves. “Now we know what it can do,” she sighs. “At least next time, we will get a good headstart and run before it can catch us.”
රසමසවුලූ පිසින්න දියෙන් ගෙනෙමු වැවි මාථ
වැව් දිය පිස හමන මද සුලග විජේරත්නගේ ගතේ විඩාව පළවා හරින්නට සමත් සේය. පෙරදා රාත‍්‍රියේ රස්සාවේ ගොස් පැමිණි ඔහුගේ අතමිට සරුය.
‘‘අද කිලෝ දොළහක කාෆ් මාථවෙක් අහුවුණා. ආමි එකට ඒ මාථාවා අරන් ගියා.’’ විජේරත්න පවසයි. විජේරත්න පමණක් නොව මෙහි වැව් මාථ විකුණා බොහෝ ධීවරයෝ සතුටු සිතින් නිවෙස් වෙත යති. මිරිදිය මත්ස්‍ය කර්මාන්තයේ වැදගත් ස්ථානයක් වූ ඉගිනියාගල ධීවර මධ්‍යස්ථානය ප‍්‍රදේශයේ ප‍්‍රසිද්ධ මාථ තොටුපලකි. අම්පාර, සමන්තුරේ, කල්මුණේ වැනි ප‍්‍රදේශවලට පවා වැව් මාථ සැපයෙන්නේ මෙමගිනි.
‘‘මේ කාලේ නම් මාථ අවාරේ ඒ නිසා දවසකට කිලෝ තුන්සීයක් විතර තමයි දැන් නම් අල්ලා ගන්න ලැබෙන්නේ. ඒ හින්දා මේ දවස් වල මාථ ටිකක් ගණන්.’’ ධීවර මධ්‍යස්ථානයේ ලේකම් හරිවන්ද්‍ර වීරසිංහ පැවසුවේය.
‘‘අපි වැවට යන්නේ සාමාන්‍යයෙන් දවල් එකට විතර. ඒ ගිහින් එන්නේ පහුවදා උදේට තමයි. සාමාන්‍යයෙන් කිලෝමීටර් දහයක දොළහක දුර ගිහින් අපි මාථ අල්ලනවා. ඉස්සසර නම් අපි වැඩිය ? ඉන්නෙ නැහැ.එල්ටීටීඊ කරදර නිසා. දැන් නම් එහෙම බයක් නැහැ.’’ හතළිස් පස් හැවිරිදි ජයේන්ද්‍ර කුමාර පැවසුවේය. පස් දෙනෙකුගෙන් යුත් ජයෙන්ද්‍රගේ පවුලේ සියල්ලෝම ජීවත් වන්නේ ජයේන්ද්‍ර රැකියාවෙනි.
ඔරුවේ යන ගමන එතරම් සුව පහසු ගමනක් නොවේ. එහෙත් සේනානායක සමුද්‍රදේ සෑම බිම් අගලක් පවා දන්නා මේ ධීවරයන්ට එය එතරම් දෙයක් නොවේ.
‘‘ මට අද මාථ කිලෝ අටක් තිබුණා. දේ දවස් වලට නම් අපිට ඒ තරම් හොද නැහැත මාථ අවාරේ නිසා. ඒත් නොවැම්බර් දෙසැම්බර් වෙන කොට නම් මාථ වාරේ. එතකොට නම් ගොඩක් සරුයි.’’ ජයෙන්ද්‍ර පවසයි. ඉගිනියාගල ධීවර තොටුපළේ ධීවර සමිතිය එහි ධීවරයන්ට මහත් සවියකි.
‘‘අපි මේ වෙන කොට ඔරු හැත්තෑ හතරක් දියට දාලා තියෙනවා. මේ ධීවර තොටුපළ නඩත්තු කරගෙන යන්න අවශ්‍ය කටයුතු කරගෙන යන්නේ මේ සමිතියෙන්.’’ සීමාසහිත සේනානායක සමුද්‍ර සමූපකාර සමිතියේ සභාපති ජෝයි ඩයස් පැවසුවේය. විශේෂයෙන් ඉදිරියේදී ඇල්ලීමට වැවට මාථ පැටව් මුදා හරිනු ලබන්නේ මෙම ධීවර සමිතිය මගිනි. වසරකට මා`ථ පැටව් ලක්ෂ පහක් පමණ එසේ මුදා හරිනු ලබයි.
‘‘සේනානායකය කියන්නේ ස්භාවයෙන්ම ගැඹුරු වැවක්. මේ නිසා අපිට ඕන ගැඹුරු ජලයේ හැදෙන මාථ වර්ග. ඒ නිසා අපි ගැඹුරු දියේ ජීවත් වන කාෆ් වැනි මාථ වර්ග තමයි වැඩි ලෙස බෝ කරන්න උත්සාහ ගන්නෙ.’’ ජෝයි ඩයස් පැවසුවේය. මේ වන විට මේ ධීවර තොටුපළ ආශ‍්‍රිතව පවුල් දෙදහසක් පමණ ජීවත් වෙති.
‘‘මේ ධීවර පවුල් වලට නිවාස ලබා දීමට නිවාස ව්‍යාපෘතියක් ක‍්‍රියාත්මක වුණා.එහෙත් අපිට රජයෙන් දීපු ආධාර ප‍්‍රමාණවත් නැහැ. ගෙවල් වල බිත්ති විතරයි නග්ගා ගන්න පුථවන් වුණේ. අපිට තියෙන ලොකුම ගැටලූව තමයි ඒක. තව රැුපියල් ලක්ෂයක් විතර ලැබුණා නම් ඉතිරි ටික අවමයෙන් හරි හදා ගන්න පුථවන්’’ හරිශ්චන්ද්‍ර වීරසිංහ පැවසුවේය.
සේනානායක සමුද්‍රයේ ඇති එකම ධීවර තොටුපළ වන මෙය මීට වසර හතළිහකට පමණ පෙර ඇති කරන ලද්දකි. එහෙත් මේ වන විට විවිධ දේශපාලන බලපෑම් මත ජලාශයේ වෙනත් ස්ථාන වලද තොටුපළවල් ඇති කිරීමට විවිධ පිරිස් උත්සහා දරමින් සිටින බව ධීවරයෝ පවසති.
‘‘සාමාන්‍ය පිළිගැනීමක් තියෙනවා වැවකට එක ධීවර තොටුපළකට වඩා තිබුණොත් ඒ වැවේ අවසානේ ඒක තමයි කියලා. ඒ හින්දා එක තොටුපළක් පවත්වාගෙන යාම තමයි ඉතාම හොද වැඬේ. ඒත් මේ පැත්තේ පවුල් හතර පහකට පමණක් ධීවර තොටුපළක් හදන්න විවිධ දේශපාලකයෝ උත්සාහ දරනවා. ඒකෙන් වෙන්නේ ගුණාත්මක බවින් තොර අකාරයෙන් මෙම රැකියාව සිදු වීමයි. වැවට දැලක් පවා දාන්න ඕන හොදට බලලා.එහෙම නොවුණොත් ඒකෙ පාඩුවත් ධීවරයන්ටමයි’’ ධීවර සමිතියේ සභාපතිවරයා පැවසුවේය.
සේනානායක සමුද්‍රයේ වැව් තාවුල්ල සිපගෙන හමන මද සුළග සුවපත්ය. ධීවරයෝ යුහුසුථව දැල් ලෙහති. නැවතත් දහවලට වැවට යා යුතුය. සිය ජීවිතය රැකෙන්නේ මේ රස්සාවෙනි. එබැවින් ඔවුන් මේ දිය කද දෙස බලන්නේ සෙනේ සිතිනි.
ඇල්මෙන් අකුරු උගනිමු ඉදිරි වැඩ තකා
දෙපා සරසන්නට මිරිවැඩි සගලක් හෝ නොමැතිව කීලත්සා තක්සලාවට ඇවිද එන්නේ ශිල්ප ඉගෙන දක්වන්නට ඇති උන්දුව නිසාය. අප්පා අමාරුවෙන් ගැට ගහගන්නා ජීවිතයට සවියක් වන්නට ඇගේ පුංචි සිතට ඕනෑ වී තිබේ. එබැවින් ශිල්පය මැනවින් හදාරන්නට කීලත්සාට ඇති උන්දුව අති මහත්ය.
‘‘ මම කවදා හරි වෛද්‍යවරියක් වෙන්න ආසයි’’ ඇය බලාපොරොත්තු පිරුණු හඩින් සේ පැවසුවාය. නව හැවිරිදි කීලත්සා ජෙගනාදන් පෙරිය පිල්ලූමලෙයි රෝමානු කතෝලික දෙමළ විද්‍යාලයේ හතර වසරේ ඉගෙනුම ලබන්නීය. උපන්දා සිටම සැප සම්පතින් පිරුණු ලොවක් ඇයට හිමි වූයේ නැත. ඇය මෙලොව එළිය දුටුවේද ශාපලත් යුද්ධයක් පවතින නිමේෂයකය. සමගි සම්පන්න සාමකාමී වටපිටාවක් වෙනුවට ඇය අත්වින්දේ බෝම්බ වෙඩි හඩින් එකිනෙකා විනාශ කරගන්න වටපිටාවකි. එහෙත් දැන් ඒ දුෂ්කර අවදිය නිමා වී තිබේ.
‘‘ මගේ පවුලේ හතර දෙනෙක් ඉන්නවා. අප්පා කැලේට ගිහින් දර කපලා තමයි සල්ලි හොයා ගන්නෙ.’’ අප්පාගේ ඉපැයීම් ජීවත් වන්නට කිසිසේත් ප‍්‍රමාණවත් නොවන බව කීලත්සා වටහා ගෙන සිටින්නීය.
කීලත්සාට පමණක් නොව පිල්ලූමලෙයි රෝමානු කතෝලික ප‍්‍රාථමික විද්‍යාලයේ ඉගෙනුම ලබන බොහෝ සිසුන්ගේ ජීවිතය එතරම් සැපවත් එකක් නොවේ. මඩකලපුවේ මාධ්‍ය සංචාරයක නිරත වූ අපි මේ පාසලට ගොඩවැදුණේ ඔවුන්ගේ තොරතුරු දැන ගැනීමේ අටියෙනි.
‘‘මේ දරුවන්ගේ දෙමව්පියො ගොඩක් දුප්පත්. ඒ නිසා දරුවන්ව පාසල් එවන්න ලොකු උවමනාවක් නැහැ.’’ විදුහලේ ගුරුවරියක වූ තිස්පස් හැවිරිදි ඉන්දුමතී ප‍්‍රභාකරන් පැවසුවාය. සිසුන් 45 දෙනෙකුගෙන් යුත් මේ ප‍්‍රාථමික විදුහලට එදින පැමිණ සිටියේ සිසුන් විස්සකටත් අවම සංඛ්‍යාවකි. සිසුන් පාසල් නොඑන දිනවලට සිය දෙමාපියන් සමග කැලේ ගොස් දර කැපීම, හේන්වල වැඩ කිරීම ආදිය සිදු කරන බව ඉන්දුමතී පැවසුවාය.
මඩකලපුව, පිල්ලූමලෙයි ග‍්‍රාම නිලධාරී වසමට අයත් මෙම ප‍්‍රාථමික පාසල විවිධ දුෂ්කරතා මධ්‍යයේ සිය සේවය ලබා දෙයි. විදුහලේ කොටසක් මේ වන විටත් වල් අලි ප‍්‍රහාරයකින් හානියට පත්ව තිබේ. එහෙත් පුංචි මල් කැකුථ වන් මේ සිසුන් ඇල්මෙන් අකුරු උගනින්නට එන්නේ මේ පාසලටය.
‘‘මට කවදා හරි ගුරුවරියක් වෙන්න ආසයි’’ එක වසරේ ඉගෙනුම ලබන ජෙගනාදන් සමීරා පවසන්නීය. පවුලේ එකම දරුවා වූ ඇය පාසල් එන්නට මහත් උනන්දුවක් දක්වන්නීය. අම්මාත් අප්පාත් ගොවිතැන් කොට ජීවත් වන බව ඇය පැවසුවාය.
‘‘මගේ යාථවත් ගුරිවරියක් වෙන්න ආසයිලූ.’’ සමීරා සිය මිතුරිය වූ ප‍්‍රසානිගේ අතින් අල්ලා අපට පැවසූයේ අහිංසකවය.
‘‘මේ සිසුන්ට ඉගෙන ගන්න මෙහෙ පහසුකම් නැහැ. ඒ අයගේ ආර්ථිකය සවිමත් නැහැ. ඒත් කළා අංශයෙන් එහෙම ගොඩක් දක්ෂකම් තියෙන දරුවො ඉන්නවා. ඒ අයට ඒ දක්ෂකම් පිටට පෙන්වන්න අවස්ථාව නැහැ.’’ ඉන්දුමතී පවසන්නීය.
එය සැබෑවකි. ඔවුහු පාසල් බිමේ අප ඉදිරියේ ගැයූහ. අත්වැල් පටලා රග දැක්වූහ. කැලේ පිපෙන මල් කෑලේට පර වන්නට නොදී ඔවුන්ට පෙළහර පාන්නට ඉඩ දෙන්නේ නම් වඩාත් ලස්සණ හෙටක් ඔවුනට උරුම වනු ඇත. එහෙත් අතිශය දුෂ්කර ග‍්‍රාමයක් වූ පිල්ලූමලේ සිට එවැනි සමත්කම් පාන්නට ඔවුනට ඇත්තේ සීමිත ඉඩ ප‍්‍රස්ථාවකි.
අප පාසැල් අවසන් වනතුරුම ඒ බිමෙහි උන් හා දුක සැප බෙදා ගත්තෙමු. ඔවුන් අප හා කුථපග වූයේ නිමේෂයකිනි. අපූර්වතම දර්ශනය දැක ගත හැකි වූයේ පාසල් අවසන් වූ මොහොතේය. පාසල් නිමා වීමෙන් අනතුරුව දරුවන් රැගෙන යාමට පැමිණියේ එල්ෆ් වෑන් රථයකි. ගුරුවරුන් හා සිසුන් සියල්ලම වෑන් රථයට නැග ගත්හ. සිසුහු කිහිප දෙනෙක් වෑන් රථය උඩටද නැග ගත්තේය. වෑන් රථයේ දොරත්, එහි වහලය මතත්, පිටුපසත් සිසුන් එල්ලී සිටියහ. එය අපට අපූරු දසුනක් වුවද එය ඔවුන්ගේ ජීවිතයේ සාමාන්‍ය කාර්යකි.
මේ දරුවන්ට ඇත්තේ සීමිත වූ සම්පත් ප‍්‍රමාණයකි. දශක කිහිපයක් මුථල්ලේ ත‍්‍රස්ත‍්‍රවාදයෙන් බැට කෑ මෙහි වැසියන්ට සැප සම්පතින් සපිරුණු හෙටක් පිළිබද බලාපොරොත්තුවකට ඉඩක් තිබුණේ නැත. යුද්දය නිමා වුවද ඔවුන්ට තවමත් නැගී සිටින්ට සවියක් නොමැත. එබැවින් සිය දරුවන්ගේ මූලික අවශ්‍යතාවන්හෝ ඉටු කර දීමට ඒ දෙමාපියන්ට නොහැකි වී තිබේ.
මේ පාසලේ සිසුන්ගේ බොහොමයක් දෙපා නිරුවත්ය. එසේ නොවේ නම් කැඞී ගිය සපත්තු කුට්ටමකින් ඒ දෙපා සැරසී තිබිණි. ඇදුමේ ද පිළිවෙලක් නොවේ. එහෙත් ඒ දරුවන්ගේ දෙනෙත් වල ඇත්තෙ සවිමත් අනාගතයක් පිළිබද සිහිනයකි. දිනෙක ඔවුන්ට සිය සිහිනය සැබෑ කරගන්නට ඉඩ ලැබෙනුයේ නම් ඔවුන්ගේ ඉදිරි දවස යහපත් එකක් වනු ඇත.
යලි පිබිදෙන මඩකලපුව
නැගෙනහිර අහසේ රත්පැහැයෙන් හිරු උදාවිය. නිදහස් හිරුගේ කිරණින් නැගෙනහිර වැසියන් සැනසෙන්නට පටන් ගෙන තිබේ. හිරු උදාවත් සමග අපි කල්අඩි පාලමෙන් එගොඩ වූයේ නැගෙනහිර නිදහසේ අබිමන් දැක ගැනීමටය. මඩකලපුවේ සිට පැමිණි අපි චෙන්කලඩි හන්දියෙන් ඒ-5 පාරට ඇතුථ වූයෙමු. මේ බදුල්ල මඩකලපුව මාර්ගයයි. ඒල්.ටී.ටී.ඊ පාලන සමයේ මේ මාර්ගය වැදගත් සන්ධිස්ථානයක් වී තිබුණි. අපි අපේ ගමනාන්තය වූ පිල්ලූමලේ බලා පිටත් වූයෙමු.
‘‘මහත්තයලා කොහෙද යන්නෙ’’ යුධ හමුදා මාර්ග බාධකයකදී අප වාහනය නැවැත්තූ හමුදා සෙබළෙක් සුහදව ඇසුවේය.
‘‘එල්.ටී.ටී.ඊ එකෙන් ඒ කාලේ මෙහෙ කදවුරු හදලා තිබ්බෙ ආණ්ඩුවේ කෘෂිකර්ම ගොවිපළවල් වල’’ අප කරඩියනාරු ප‍්‍රදේශය පසුකරන විට අපගේ මුස්ලිම් ගමන් සගයා වූ හුසේන් පැවසුවේය. ගම ප‍්‍රදේශය පසු කළ අපි පිල්ලූමලේට ලගා වීමු.
පෙරදා රාත‍්‍රියේ ධීවර රස්සාවේ ගොස් පැමිණි පනස්තුන් වියැති ක‍්‍රිෂණන් රාමනාදන් අපට හමුවූයේ පෙරිය පිල්ලූමලේ ඔහුගේ නිවසේදීය. ඔහු වසර තිහක පමණ කාලයක සිට පිල්ලූමලේ ප‍්‍රදේශයේ ජීවත් වන්නෙකි. යුධ සමයේ කදවුරු වෙත යාමට සිදු වුවද ඔහු නැවතත් සිය උපන් ගම වෙත පැමිණ සිටී.
‘‘කදවුරේ ඉදලා ආවට පස්සෙ අපිට මාස හයක් විතර යනකන් ආධාර ලැබුණා. දැන් නම් මොනවත් ලැබෙන්නේ නැහැ. යුද්දෙ නැති කාළේ අපි මෙහෙ කුඹූරු වැඩ කළා. ඒත් දැන් කුඹුරු වැඩ කරන්න වතුර නැහැ කිහිපදෙනෙක් විතරක් කුඹුරු වැඩ කරනවා.’’ රාමනාදන් මේ වන විට පිල්ලූමලේ වැලිජාකණ්ඩි වැවේ මා`ථ ඇල්ලීමට යයි. එහෙත් එය සරු ආදයම් මාර්ගයක් නොවේ. ගොවිතැන් කිරීමට නොහැකි බැවින් පිල්ලූමලේ බොහෝ වැසියන් මාථ ඇල්ලීමට යාමට පටන් ගෙන තිබේ.
‘‘ඊයේ අල්ලපු මාථ වලින් ලැබුණේ රැපියල් 150ක් විතරයි.’’ සාමාජිකයන් පස් දෙනෙකුගෙන් යුත් සිය පවුල නඩත්තු කිරීමට එය කිසි සේත් ප‍්‍රමාණවත් නොවන බව රාමනාදන් පවසයි. නව නිවසක් ඉදි කිරීමටත් සිය දියණියන් තිදෙනාට යහපත් හෙටක් තනා දීමටත් රාමනාදන්ට සිහිනයක් තිබේ. එහෙත් එය කවදා සැබෑවක් වන්නෙ දැයි කියන්නට නොහැකිය.
‘‘මේ රස්සාව කරන්නේ කරන්නම දෙයක් නැති නිසා. අපි කියන්නේ කොහොම හරි මේ වැවෙන් කුඹුරු වලට වතුර ගන්න ඇල මාර්ගය හදලා දෙන්න කියලා. එතකොට අපට දෙයියනේ කියලා ගොවිතැන් කරගෙන ඉන්න පුථවන්.’’ රාමනාදන් පැවසුවේය. වැලිජාකණ්ඩි වැවේ ඇල මාර්ග පිළිසකර කොට දෙනෙන්නේ නම් කුඹුරු අක්කර තුන්සිය පණහක් පමණ අස්වැද්දිය හැකිව තිබේ.
රාමනාදන්ගේ වැඩිමහථ දියණිය වන විසිහැවිරිදි රාමනාදන් සරෝජා දේවී සිය නිවෙසට වී මවට සහය දෙමින් සිටින්නීය.
‘‘ මගේ ඉස්කෝලෙ ගමන අතරමගකදී නැවතුනා. ඒ දවස්වල ඒල්ටීටීඊ එකෙන් ගමේ කට්ටිය අල්ලගෙන ගියා. මාවත් සංවිධානෙට අරන් යයි කියලා අප්පා මාව ගෙදර තියා ගත්තා.’’ සරෝජාදේවී අහිංසකව එසේ පවසන්නීය. රැුකියාවක් කරන්නට ඇයට උවමනා වී තිබේ.
‘‘ඒත් අපට රස්සාවල් දෙන්න කවුරුත් නෑනේ’’ සරෝජා පවසන්නේ වේදනාවෙනි. යුද්ධය අවසන් වීම පිළිඉදව ඇයට ඇත්තේ සතුටකි. තමාට නැතත් නංගිලා දෙන්නාට දැන් කිසිදු අවහිරයකින් තොරව පාසල් යාමට ලැබීම ගැන ඇය සතුටුවන්නීය.
පිල්ලූමලේ වැසියන්ට ජීවන බව කරට ගන්නට සිදුව ඇත්තේ දහසක් දුෂ්කරතා මධ්‍යයේය. යුද්ධය අවසන් වුවද යුධ සමයේ ඔවුන්ට විදීමට සිදු වු කරදරවල ප‍්‍රතිවිපාක වලට මුහුණ දෙන්නේ දැන්ය. ජීවත් වීමට සුදුසු පරිදි නිවාස නොමැති වීම ඉන් ප‍්‍රමුඛය.
‘‘ යුද්දෙ පටන් ගන්නකොට අපි කදවුරු වලට ගියා. ඒ ගිහින් ආපහු එද්දි තිබුණ නිවාස කඩා දාලා. සමහර ගෙවල් සම්පුර්ණයෙන්ම කඩාගෙන වැටිලා. අපිට තිබ්බා ලස්සණට හදපු පොඩි ගෙයක් යුද්දෙ ඉවර වෙලා බලද්දී තිබුණේ ගෙයි බිත්ති විතරයි. දැන් යන්තම් හදාගෙන ඉන්නවා. ගෙයි වැඩ ඉවර කරන්න සල්ලි නැහැ.’’ තිස්පස් හැවිරිදි කෝනේෂ්වරී අරුල්දේවී පැවසුවාය. ඇය මේ වන විට ගැබිණි මවකි. උපදින්නට ඉන්නා කිරිකැටියාට ඉසුරින් සපිරි හෙටක් උදා කරන්නට ඇය සිහින දකින්නීය. අරුල්දේවීගේ සැමියා බද්දට කුඹුරු වැඩ කරන්නෙකි.
පිල්ලූමලේ ග‍්‍රාම නිලධාරී කොට්ඨාශයේ මේ වන විට පවුල් 179ක් පදිංචි වී සිටින බව ග‍්‍රාම නිලධාරී ආරුමුගම් බාලක‍්‍රිෂ්ණන් පැවසුවේය.
‘‘යුද්දෙන් පස්සෙ ගමට පවුල් 379ක් පදිංචියට ආවා. ඒත් ගෙවල් කැඩිලා බිදිලා ගිහින් නිසා ගොඩක් අය ගම ඇතෑරලා ගියා.’’
පිල්ලූමලේ වැසියන් ට ප‍්‍රමාණවත් තරමේ ප‍්‍රවාහන පහසුකම් නොමැති වීමද පීඩාකාරී තත්ත්වයක් වී තිබේ. ඉද හිට යන ලංගම බස් රථයක් ඇරුණවිට මෙහි ජනප‍්‍රියම ප‍්‍රවාහන මාධ්‍ය වී ඇත්තේ එල්ෆ් වෑන් රථයි.
‘‘ පිල්ලූමලේ ඉදලා අපි බඩු ගන්න චෙන්කලඩි යනවා නම් යන්න ඕන මේ වෑන් වල තමයි. ගාස්තුව රැපියල් පනහයි. එක පාරට මේ වෑන් එකක සෙනග සීයකට වඩා පටවා ගන්නවා. ඒවගෙ යන්න හරි අමාරුයි’’ ක‍්‍රිෂ්ණන් රාමනාදන් පැවසුවේය.
පිල්ලූමලේ රෝමානු කතෝලික දෙමළ විද්‍යාලයටද අපි ගොඩ වැදීමු. වල් අලි පහර දීමේන් පාසලේ පිටුපස කොටසට හානි පැමිණ තිබේ. ප‍්‍රාථමික පාසලක් වූ එහි ශිෂ්‍යන්ගේ සංඛ්‍යාව 45කි. එහෙත් අප එහි යන විටත් සිසුන් පැමිණ සිටියේ විස්සකටත් අවම ප‍්‍රමාණයකි.
‘‘මේ ළමයින්ගෙ දෙමව්පියන්ට දරුවො පාසල් එවන්න ඕන කමක් නැහැ. ඒ නිසා ළමයි හේන් වැඩ වලට, දර කපන්න වගේ වැඩ වලට යනවා. හරියට ඉගෙන ගන්නවා නම් දක්ෂ ළමයි මෙහෙ ඉන්නවා.’’ පාසලේ ගුරුවරියක වූ ඉන්දුමතී ප‍්‍රභාකරන් පැවසුවේය.
නැගෙනහිර වැසියන් යළි නැගී සිටීමට උත්සහ දරති. එහෙත් ඔවුන්ගේ ජීවිත යථා තත්ත්වයට පත් වීමට තවත් කාලයක් යනු ඇත. මේ වන විට නැගෙනහිර සංවර්ධනය සිදු වෙමින් පවතී. යටිතල පහසුකම් දියුණු වීම සීග‍්‍රයෙන් සිදු වෙමින් පවතී. මඩකලපුවේ සිට ත‍්‍රීකුණාමලේ දක්වා යන පාර වසර හතළිස් හතකට පසු යළි පිළිසකර කෙරෙමින් තිබේ. යුධ සමයේදී එල්ටීටීඊ සංවිධානය විසින් පුපුරවා හැරි පාලම් යළි ගොඩනැගෙමින් තිබේ.
නැගෙනහිර බිමේ වැදගත් ස්ථානයක් වූ වාකරේ ප‍්‍රදේශයට යා යුත්තේ ත‍්‍රීකුණාමලය මඩකලපුව පාර ඔස්සේය. අප මුලින්ම පිවිසියේ මාන්කර්ණි ප‍්‍රදේශයටය. මේ ප‍්‍රදේශයේ විශේෂත්වය වූයේ දෙමළ වැසියන් හා සහයෝගයෙන් ජීවත් වන සිංහල ධීවරයන් පිරිසක් ජීවත් වීමයි. උදෑසනම අප මාන්කර්ණි මුහුදු වෙරළට පැමිණි බැවින් කාර්යබහුල වෙරළක් දැකීමට අපි සමත් වීමූ.
‘‘ අපි මෙතෙන්ට ඇවිත් දැන් අවුරුදු විසිපහක් විතර වෙනවා. මීගමුව තමයි අපේ උපන් ගම. තාත්තලා ඇවිත් මෙහෙ මාථ ඇල්ලූවා. ඊට පස්සෙ මමත් මෙතනට ආවා. දැන් පදිංචිය මෙහෙ තමයි. කරදරයක් නැතුව රස්සයාව කරගෙන ජීවත් වෙනවා.’’ තිස් හත් වියැති ඩොමිනික් සිල්වා පැසුවේය. පෙරදා රාත‍්‍රියේ මුහුදු ගොස් පැමිණි ඔහු සිටියේ සිය බෝට්ටුව පිරිසිදු කරමිනි. මාන්කර්ණි වැල්ලේ සිංහල,දෙමළ,මුස්ලිම් වැසියන් සහයෝගයෙන් සිය ධීවර කටයුතු කරන ආකාරය දැකිය හැකිය.
‘‘ යුද්දෙ කාළේ එල්ටීටීඊ එකෙන් මෙහෙට ඇවිත් අපිට කරදර කරන කොට මේ දෙමළ අය තමයි අපිව බේරා ගත්තෙ.’’ ඩොමිනික් සිල්වා පැවසුවේය.
වාකරේ ප‍්‍රදේශයේ නැවත පදිංචි කළ වූවන්ගේ ජීවිත යථා තත්ත්වයට පත්කිරීමට මේ වන විට විශේෂ වැඩපිළිවෙලක් ක‍්‍රියාත්මක වන බව වාකරෙයි ප‍්‍රාදේශී‍්‍රය ලේකම් එස්.එල් රාහුලනායකී පැවසුවාය.
‘‘අවතැන් වූවන් යළි පදිංචි කිරීමෙන් පසුව අපි මේ ප‍්‍රදේශ වල ඉදිකිරීම් කඩිනම් කළා. සුනාමි ව්‍යසනයෙන් පස්සෙ රජය හා රාජ්‍ය නොවන සංවිධානයක් එකතුව නිවාස ව්‍යාපෘතියක් අදියර දෙකක් යටතේ ක‍්‍රියාත්මක කලා. ඒත් යුද්දෙ පටන් ගත්තට පස්සෙ ඉදිකිරීම් ඇණ හිටියා. මේ වන විට නිවාස දෙදහසක පමණ අවශ්‍යතාව තියෙනවා. හැකි ආකාරයෙන් මේ පහසුකම් සළසන්න රජය බලාපොරොත්තු වෙනවා.’’ රාහුලනායකී ප‍්‍රකාශ කළාය.
වර්තමාන ජීවිතය ඒ තරම් සැපවත් එකක් නොවුණද නිදහසේ ගෙවන මේ ජීවිතය පිළිබද සෑහීමකට පත් විය හැකි වාකරේ වැසියෝ පවසති.
‘‘ මම ජීවත් වෙන්නෙ කුළී වැඩ කරලා. පවුලෙ හතර දෙනෙක් ඉන්නවා.යුද්දෙ නැතුව තියෙන එක හො`දයි. බයක් නැතුව රස්සාව කරගෙන ජීවත් වෙන්න පුථවන්.’’ හතළිස් දෙවියැති කනකසභය පාක්‍යරාජා පවසයි.
දශක තුනකට අධික කාළයක් තිස්සේ යුද්ධයෙන් බැට කෑ වාකරේ වැසියෝ මේ වන විට යථා තත්ත්වයට පත්වෙමින් සිටිති. ඔවුන්ගේ ජන ජීවිතය සාමාන්‍ය අතට සාමකාමී අයුරින් සාමාන්‍ය අතට හැරෙමින් තිබේ.
‘‘මේ වන විට මෙහෙ ජනතාව පොලිසිය වලට පැමිණ තමන්ට සිදු වන ආසාධාරණයන් ගැන පැමිණිලි කරනවා. මේක හොද තත්ත්වයක්. මොකද මේ ජනතාවට නීති කටයුතු පිළිබද ඒ තරම් අවධානයක් තිබුණේ නැහැ. අපි ජනතාව වෙත හැකි තරම් සමීප වෙලා. ඔවුන්ට පොලිසිය කිනන්නේ මහජන හිතකාමී ආයතනක් කියන එක තේරුම් ගන්වනවා’’ වාකරේ පොලිසියේ වැඩබලන පොලිස් ස්ථානාධිපති කපිල සේනානායක පැවසුවේය.
කොච්චර කාලෙකටද දන්නේ නැහැ. මාස හතක් වුණත් ඇති
නව රජයේ අගමැතිවරයා වශයෙන් දිවුරුම්දීමට නියමිත හිටපු අමාත්‍ය දී මූ ජයරත්න ඔහු අගමැතිවරයා ලෙස දිවුරුම් දෙන්නේ කුමණ කාලසීමවකටද යන්න හෝ පිළිබඳව නොදන්නා බව පැවසුවේය.
‘‘අද හවස අගමැති විදියට මම දිවුරුම් දෙනවා. මගේ තරාතිරම් පිළිබඳව කිසිදු ආසවක් නැහැ. දුන්නොත් භාර ගන්නවා. නැත්නම් මම පස්සෙන් යන්නේ නැහැ. ’’ නව අගමැති වරයා පැවසුවේය.
ලබන නොවැම්බර් මාසයෙන් පසු නව ජනාධිපතිවරයා වශයෙන් වර්තමාන ජනාධිපත්වරයා දිවුරුම් දීමෙන් අනතුරුව නව අගමැතිවරයෙක් සහ නව ඇමතිමණ්ඩලයක් තේරීමට නියමිත බවට පැතිර යන කතා පිළීබඳවද හෙතෙම නිසි අයුරින් නොදන්නා බව පැවසූහ.
මාස හතක් වුණත් ඊට වඩි කාලයක් වුණත් මට පැවරෙන වගකීම මම හරි ආකාරව කරනවා. මාස හතක් වුණත් මගේ වැඩ කොටස මම අකුරටම ඉෂ්ඨ කරනවා. නව අගමැතිවැයා සඳහන් කළේය.
Nawalapitiya Repoll updates
Heavy polling continues in the Nawalapitiya repoll, in one polling station, Alubovilla Junior School by 9.00, 250 had voted, only 480 had voted during the full day on April 8.
Some issues with opposition polling agents, in one station they were taken in with police guard, at another they were not present at all, but no major rigging or violence reported up to now – Reporter in electors
ප‍්‍රචණ්ඩක‍්‍රියා අඩුවේ. පක්ෂ අභ්‍යන්තරයේ ගැටුම් වැඩි වේ
පසුගිය මැතිවරණය හා සසඳා බලන විට මෙවර මහ මැතිවරණයේදී මැතිවරණ ප‍්‍රචණඩක‍්‍රියා වැඩිවශයෙන් වාර්තා වන්නේ එකම පක්ෂය ඇතුළත සිදුවන සිදුවීම් තුළින් බව මැතිවරණ නිරීක්ෂණ මධ්‍යස්ථාන සඳහන් කරයි.
මෙවර විෙශ්ෂ සිදුවීම කියන්නේ එකම පක්ෂ ඇතුලේ සිදුවන ගැටුම් වැඩිවෙලා තියෙනවා. මේ වෙද්දී සමස්ථ සිද්ධීන් 277 ක් වාර්තාවෙලා තියෙනවා.මේ සිද්ධි වලින් වැඩිවශයෙන් චොදනා එල්ල වෙලා තියෙන්නේ එක්සත් ජනතා නිසහස් සන්ධානයට. මෙම පක්ෂයට විරුද්ධව බරපතල චෝදනා 106 ක් වාර්තා වෙලා තියෙනවා. මැතිවරණ නිරීක්ෂන මධ්‍යස්ථානයේ ජාතික සංවිධායක ඞී එම් දිසානායක පැවසුවේය.
පසුගිය මැතිවරනය හා සසඳන විය මෙවර ප‍්‍රචණ්ඩ ක‍්‍රියාවල අඩුවක් දක්නට ලැබෙන බවයි මැතිවරණ ප‍්‍රචණ්ඩ ක‍්‍රියා නිරීක්ෂන මධ්‍යස්තානය ප‍්‍රකාශ කරන්නේ.මෙවර දිදුවීම් 277න් සිදුවීම් 40ක් තුළ ගිනි අවි භාවිතා වී ඇති බවත් පොදු දේපළ අයතා පරිහරණය ඉහළ ගොස් ඇති බවයි නිරීක්ෂණ මධ්‍යස්තානය සඳහන් කරන්නේ.
පොදු දේපළ අයතා ලෙස පරිහරණය කිරීම් 44 ක් වාර්ථාවෙනවා. ප‍්‍රාදේශීය සභා දේපළ පරිහරණය කිරීම් ප‍්‍රාදේශිය සභා සේවකයින් මෙන් වාහන භාවිතයට ගත් අවස්ථා වැඩි වශයෙන් දක්නට ලැබෙනවා.
මැතිවරණ නිරීක්ෂණ මධ්‍යස්ථානය පවසන පරිදි මෙවර ප‍්‍රචණ්ඩ ක‍්‍රියා වැඩි වශයෙන් වාර්තා වී ඇත්තේ නුවරඑළිය දිස්ත‍්‍රික්කයෙනි. එ ලංකා කම්කරු කොන්ග‍්‍රසය විසින් සිදු කළ ක‍්‍රියාවන්. පැමිණිලි 21 මේවන විට ලැබිලි තියෙනවා. බවයි දිසානායක සඳහන් කරන්නේ.
බරපතල සිදුවීම් 161 ක් පහරදීම් 56 රාජ්‍ය දේපළ අයතා පරිහණය පිළිබඳව පැමිණිලි 44 බියගැන්වීම් 25 දේපලහානි 10ක් බරපතල තුවාල 09 ගිනිතැබීම් 08ක් සොරකම් කිරීම් දෙකක් සහ සාමාන්‍ය තුවාල කිරීම් 07ක් සමස්තයක් වශයෙන් මේ වන විට නිරීක්ෂණ මධ්‍යෂ්ථනය වෙත ලැබී ඇති බවයි දිසානායක සඳහන් කරන්නේ.
පසුගිය දින තුන ඇතුළත සිය මැතිවරණ ප‍්‍රචණ්ඩ ක‍්‍රියා වර්ධනය ඉහළ ගොස් ඇති බවත් ඉදිරි දින කිහිපය ඇතුළතදී මෙම තත්ත්වය තවත් වර්ධනය විය හැකි බවයි දිසානායක සඳහන් කරන්නේ.
නිදහස් සාධාරන මැතිවරණයක් සඳහා වූ ජනතා ව්‍යාපාරයේ විධායක අධ්‍යක්ෂ කීර්ති තෙන්නකෝන් සඳහන් කරන්නේ මැතිවරණ නීති උල්ලංඝනය කිරීම් තුළින් මැතිවරණ ප‍්‍රඡුණ්ඩ ක‍්‍රිවා වර්ධනය වන බවයි.
එකම පක්ෂයේ අය අතර මනාප තරඟය නිසා මේ වතාවේ පක්ෂ අභ්‍යන්තරයේ ගැටුම් වරධනය වෙලා තියෙනවා. පොළොන්නරුව අනුරාධපුරය හම්බන්තොට මහනුවර දිස්ත‍්‍රක්ක වල ප‍්‍රචණ්ඩ ක‍්‍රියා වැඩි වශයෙන් වාර්තා වෙනවා. උතුරු ප‍්‍රදේශවල මන්නාරමේන් ප‍්‍රචණ්ඩක‍්‍රියා වාර්තා වෙනවා. තෙන්නකෝන් පැවසුවේය.
මෙම ප‍්‍රචණ්ඩ කි‍්‍රියා හමුවේ නීතියේ දුර්වලකමක් බවතින බවයි තෙන්නකෝන් පවසන්නේ.
මැතිවරණ සැරසිලි පොස්ටර් ඉවත් කරන්න කියලා තියෙන කාලසීමාව ලබන 5 වෙනිදා වෙනකල් කල් දාලා තියෙනවා. මැතිවරණ කොමසාරිස් මේ කරන දෙයින් මැතිවරණ දෙපාර්කුමේන්තුවම විහිථවට ලක් වෙලා. ජන්දෙන් පස්සේ පොස්ටර් ඉවත් කළාට වැඩක් වෙන්නේ නැහැ. තෙන්නකෝන පැවසුවේය.
එමෙන්ම අංක කහඩු නොමැති වාහන පිළිබඳ කිසිදු කි‍්‍රයාමාර්ගයක් ගෙන නොමැති බවත් හෙතෙම සඳහන් කළේය.
මැතිවරණ නීරීක්ෂණ මධ්‍යස්තානය පෙන්වා දෙන්නේ ද නීතියේ අඩුපාඩු පවතින බවයි. එකම පක්ෂයේ සිදුවන සිදුවීම් වලදී පොලිසියට යන පාර්ශව කරුවන් සාමාදාන කර ආපසු යවන බවත් එම සිදුවීම් සාමාන්‍ය ආරවුල් ලෙස සලකා කටයුතු කරන බවත් විපක්ෂයෙන් ලැබෙන චොදනා විබාගයකින් තොරව අතහැර දමන බවත් වාර්තා වී ඇත් බවත් මැතිවරණ නිරීක්ෂණ මධ්‍යස්තානය සඳහන් කළේය.
මේ සියල්ල හමුවේ පෙනී යන්නේ සියථ වගකීම් හමුවේ නීතියේ නිද්‍රාශීලී පිළිවෙතය. නීතිය නිසි අයුරින් කියාත්මක වූයේ නම් මැතිවරණ සමයේ සිදුවන මෙවැනි සිදු විම් අවම කර ගැනීමේ හැකියාවක් නොමැත්තේද.
තල් අරඹේ මෙත් සිසිල – කන්දරෝඩෙයි විහාරය
උදෑසන වුවද තල් අරඹ හිරු රැසින් දැවේ. ඇස් කකියවන තරමට හිරු සිය අණසක පතුරවමින් සිටී. අප යාපනයෙන් කන්කසන්තුරෙයි මාර්ගයට පිවිසියෙමු. ඒ අපගේ යාල්පානමේ ගමන් සගයා වු මහින්දගේ මග පෙන්වීම යටතේය. මේ යන්නේ තල් අරඹේ මෙත් සිසිල සොයා ගෙනය. අපගේ ගමනාන්තය වූයේ කන්දෙරෝඩෙයි පුරාණ බෞද්ධ විහාරයේ නටබුන් ප‍්‍රදේශයයි.
‘‘චුන්කාමම් හන්දියෙන් වටම හැරෙන්න ඕන.’’ මහින්ද පැවසුවේය. වමට හැරුණු අපට දකින්ට ලැබුණේ අපූරු දර්ශනයකි. ඉදිරියෙන් වූයේ දෙමළ තරුණයෙකු කටු ගසා කොකු වලින් එල්ලාගෙන ට‍්‍රැක්ටරයකි. එය මලින් කෙසෙල් ගස් වලින් සරසා තිබේ. අපගේ සිතේ වූයේ චකිතයකි. සමට කටු ගසා මේ තරුණයා ගාණක් නැතුව යන්නේ කෙසේද.
‘‘අද මෙහෙ කෝවිල් වල පූජා තියෙන දවසක්. කටු ගැහුවට රිදෙන්නෙ නැහැ. ඒක දේව අනුහස’’ මහින්ද පැවසුවේය. මේ දේව පූජාවට විශෙෂිත ලෙස පුහුණුව ලැබූ තරුණයෝ සිටින බව මහින්ද පැවසූවේය. කෙසේ වුවද ගිනියම් මාවතේ මේ දසුන අපේ සිත් වලට නිසැක අපූර්වත්වයක් ගෙන දුන්නේය. වර්ණවත් වස්ත‍්‍රාභරණයෙන් සැරසුණ සුන්දර දෙමළ යුවතියෝ සොදුරු සිනහා නගමින් මේ රිය පිටුපසින් එති.
තල් අරඹේ සැගවුණු අතීත ශ‍්‍රී විභූතිය දකින්නට අප ඒ බිමෙහි ඇවිද ගියෙමු. අප සේම ඒ දකුණෙන් පැමිණි බොහෝ පිරිසක් කන්දෙරොඩෙයි හෙවත් කදුරුගොඩ විහාරය නරඹමින් සිටියහ. ඉතා කුඩා ප‍්‍රමාණයේ දාගැබ් විස්සක් පමණ මේ වන විට මේ විහාර භූමියේ පාදා ගෙන තිබේ. තැනින් තැන නටබුන් වූ චෛත්‍යයේ පාදම් දක්නට ලැබේ. පසුගිය යුධ සමයේ මෙම විහාර භූමියේ බොහෝ පුරා වස්තූන් විනාශ වී තිබේ. පුරාවි්‍යත්මක වැඩ බිමක් ලෙස නම් කර ඇති මෙම ප‍්‍රදේශය තුළ තවමත් විධිමත් අකාරයේ පරීක්ෂණ සිදු වී ඇති නොමැත.
මෙම ස්ථානය ප‍්‍රථමයෙන් සොයා ගනු ලැබුයේ 1917 දී එවකට යාපනය දිසා විනිසුරුව සිටි ආචාර්ය පෝල් ඊ පීරිස් විසිනි. ඉන් අනතුරුව 1917-1919 යන කාළය තුළ කැණීම් සිදු කොට තිබේ. ඉන් සොයා ගත් බුදු පිළිම වර්ණාලේපිත උථ කැබලි හා කැටයම් වැනි දෑ අනුරාධපුර හා පොළොන්නරු යුග වලට අයත් වන අතර මේ වන විට යාපනය කෞතුකාගාරයේ ප‍්‍රදර්ශණයට තබා තිබේ. මෙම නිර්මාණ පැරකුම්බා මල්ල ලීලාවතී සහ බුවනෙකබා යන යුග වලට අයත් වේ. මහනුවර යුගවලට ලියැවුණ විහාර අස්නෙහි මෙම විහාරය කදුරුගොඩ විහාරය ලෙසද නම් කර තිබේ.
පසුකාලීනව ද්‍රවිඩ පාලකයන් විසින් කරන ලද අකටයුතුකම් හේතුවෙන් මෙම විහාරය විනාශය කරා යොමු වේ. පුංකුඩුතිව් හී වැඩ විසූ භික්ෂුන්වහන්සේලා හැට නමක් අපවත්වු බවත් ඉන් පසුව උන්වහන්සේලාගේ භෂ්මාවශෙෂ තැන්පත්කොට මෙම ස්ථානයේ දාගැබ් 60ක් කරවූ පැරණි පොත පතෙහි සදහන් වෙයි. බුදුන්වහන්සේ කැලණියට වැඩි අවස්ථාවේ මෙම ස්ථානයටද වැඩම කොට විවේකී සුවයෙන් සිටි බව ජනප‍්‍රවාදයේ සදහන් වෙයි.
‘‘අනූ හයේ අනූ හතේ අපි මෙතනට එන කොට මේවා ජරාවාස වෙලා තිබුණේ. එල් ටී ටී ඊ එකේ සාමාජිකයෝ මෙතැන ඔවුන්ගේ වැසිකිළි බවට පත් කර ගෙනයි තිබුණේ. ඊට පස්සෙ අපි මේ ප‍්‍රදේශයේ බලය අල්ලා ගත්තා. මෙතනදී අපේ සෙබථ දෙදෙනෙක් මිය ගියා. පස්සෙ අපි මේ චෛත්‍ය පාදාගෙන පොල් ලෙලි වලින් මැදලා සුද්ද කරලා තමයි මේ තත්ත්වයට ගෙන ආවේ. ඒ දවස් වල හාමුදුරුනමක් වත් හිටියේ නැහැ.’’ කදුරුගොඩ විහාරය අසළ සේවයේ යෙදෙන ආරක්ෂක සෙබළ කෝප‍්‍රල් දයානන්ද පැවසුවේය.
කදුරුගොඩ විහාර භූමිය මේ වන විට ඉතා කුඩා භූමි බාගයක පැතිර තිබේ. අතීතයේ විහාර භූමියට අක්කර විශාල ප‍්‍රමාණයක භූමි බාගයක් අයත්ව තිබු බව ඉතිහාසයේ සදහන් වේ. මේ වන විට තාවකාලික විහාර ගෙයක් සහ බුදුමැදුරක් සාදා ගෙන වතාවත් කිරීමට කදුරුගොඩ විහාරයේ විහාරාධිපති හිමියන්ට සිදුව තිබේ.
‘‘මම යාපනනේට ආවේ මූර්ති අඹන්න හිතාගෙන. ඒ ආපු ගමන් තමයි කදුරුගොඩ විහාරයට එකතු වුණේ. දැන් ඉතින් මම මේ පන්සලේම ඉන්නවා. ආපහු යන්න කල්පනාවක් නැහැ.’’ කදුරුගොඩ විහාරයේ වර්තමාන විහාරාධිපති පොළොන්නරුවේ සුමන හිමියෝ පැවසූහ.
‘‘මේ වන විට දකුණෙන් ගොඩක් සාමාන්‍ය ජනතාව මේ විහාරයට යන්න එන්න පටන් අරගෙන. පුරා වි්‍යාත්මක වශයෙන් මේ විහාරය ඉතා වැදගත් එකක්. ඒ නිසා මේ විහාරය දියුණු මට්ටමකට ගෙන ඒම වැදගත්’’ සුමන හිමියෝ ප‍්‍රකාශ කළහ.
வடக்கையும், தெற்ககையும் இணைக்கும் புதிய பாலம்
நாட்டில் கடந்த முப்பது வருட காலமாக இடம்பெற்ற யுத்ததத்திற்கு தற்போது முற்றுப்புள்ளி வைக்கப்பட்டுள்ள நிலையில், வடக்கிற்கும் தெற்கிற்குமிடையிலிருந்து பிளவும் நீக்கப்பட்டுள்ளது.
பாதுகாப்பற்ற சூழ்நிலை காரணமாக யாழ்ப்பாணத்திற்கான ஏ9 வீதி முடப்பட்டதோடு அங்குள்ளவர்கள் வேறு பிரதேசங்களுக்கு செல்வதற்கும் வேறு பிரதேசங்களிலுள்ளவர்கள் யாழ்ப்பாணத்திற்கு செல்வதற்கும் தடை விதிக்கப்பட்டிருந்தது.
ஆனால் தற்போதோ நிலைமை முழுமையாக மாறிவிட்டது. யாழ்ப்பாணத்திற்கான ஏ9 வீதியின் திறப்பை பாதுகாப்பு தரப்பினர் உறுதிப்படுத்தியதன் பின்னர் நாளொன்றுக்கு இலட்சக்கான மக்கள் யாழ்ப்பாணம் நோக்கி தமது பயணத்தை மேற்கொள்ள ஆரம்பித்துவிட்டனர்.
இந்த பயணத்தில் ஒரு பகுதியினராக நாமும் ஏ9 வீதியினூடாக யாழ்ப்பாணத்திற்கான பயணத்தை ஆரம்பித்தோம். கொழும்பிலிருந்து ஆரம்பமான இப்பயணத்தின்போது அநுராதபுரம், மதவாச்சி, வவுனியா போன்ற பிரதேசங்களைக் கடந்த செல்கையில் கிளிநொச்சி மாவட்டம் எங்கள் கண்களுக்கு தென்பட்டது.
பல வருடங்களாக புலிகளின் கட்டுப்பாட்டின் கீழிலிருந்த கிளிநொச்சி மாவட்டமானது யுத்தத்தின் கொடூரத்தை பிரதிபலிக்கும் ஒரு கண்காட்சி நகரமாக காட்சியளித்த.
குண்டு வீச்சுக்களினால் சிதைந்துப் போன கட்டடங்களும், சுக்கநூறாகிப் போயிருந்த வாகனங்களும், ஆங்காங்கே வைக்கப்பட்டிருந்த மிதி வெடி அபாய பதாதைகளும் அங்கு கொடூர யுத்தம் நடந்ததென்பதை உணர்த்தியது.
இவையெல்லாவற்றுக்கும் மேலாக யுத்தத்தினால் இடம்பெயர்ந்த நிலையில் மீளக் குடியமர்த்தப்பட்ட மக்கள் தங்களது வாழ்வை மீள ஆரம்பிப்பதற்காக கூடாரங்கள் போன்ற வீடுகளை அமைத்து வாழ்ந்து வருவது மனதை உருக்கும் ஒரு காட்சியாக அமைந்தது.
யுத்தத்தின் சிதைவுகளை கிளிநொச்சி மாவட்டம் பிரதிபலிக்கின்றபோதிலும், அங்கு மீளக் குடியமர்த்தப்பட்ட மக்கள் இழந்தவற்றை மறந்து தமக்கு கிடைத்த புதிய வாழ்வை மீளக் கட்டியெழுப்புவதில் மும்முரமாக ஈடுபட்டுள்ளதை அவதானிக்கக் கூடியதாக இருந்தது.
சிறு கூடாரத்தில் தாங்கள் வசிக்கின்றபோதிலும் தங்களுக்கு நிவாரணமாக கிடைத்தப் பணத்தில் சிறு கடைகளை அமைத்து வாழ்வாதாரத்தைக் கட்டியெழுப்ப முயற்சிக்கும் பலரை எம்மால் சந்திக்க முடிந்தது.
கண்டியைச் சேர்ந்த சி.பாக்கியவதி சுமார் 30 வருடங்களுக்கு முன்னர் தனது குடும்பத்துடன் கிளிநொச்சி மாவட்டத்தில் குடியேறினார். அக்காலப்பகுதியில் தான் பிறந்த ஊரில் இனங்களுக்கிடையில் ஒற்றுமையின்மை காணப்பட்டமையினால், தமிழர் செறிந்து வாழும் கிளிநொச்சி மாவட்டத்தில் தனக்கு நிம்மதி கிடைக்கும் என்ற நோக்கில் அவர் அங்கு குடியேறினார்.
ஐந்து பிள்ளைகளின் தயான இவர் யுத்தம் காரணமாக இடம்பெயர்ந்து மீளக் குடியமர்த்தப்பட்டுள்ள நிலையில், தனக்கு நிவாரணமாக வழங்கப்பட்ட தொகையைக் கொண்டு ஏ9 வீதியில் சிறு தேநீர் கடையொன்றை நடத்தி னவருகிறார்.
வன்னியில் இறுதி யுத்தம் இடம்பெற்ற காலப்பகுதியில் தான் எதிர்கொண்ட கொடூர அனுபவங்கள் பற்றி அவர் கூறுகையில்,
இப்பகுதியில் ஷெல் தாக்குதல் மேற்கொள்ளப்பபட்டதையடுத்து புலிகள் எம்மை அவர்கள் இருக்கும் பகுதி அழைத்துச் சென்றார்கள். அங்கு சென்றதன் பின்னர் எனது பிள்ளைகளை இயத்தில் வந்து சேரும்படி புலிகள் வற்புறுத்தினார்கள். எ;னக்கு ஆறு பிள்ளை இருந்தார்கள். அதில் உயர்தரம் படித்துக்கொண்டிருந்த எனது மகன் இராஜேந்திரனை புலிகள் பலாத்கரமாக யுத்த களத்திற்கு கொண்டுச் சென்றார்கள். யுத்தத்தின்போது அவன் உயிரிழந்துவிட்டேன். மற்றைய இரு மகன்மாரும் நலன்புரி நிலையத்திலிருந்த சமயத்தில், புலிகளுடன் செயற்பட்டார்கள் என்ற குற்றச்சாட்டில் கைது செய்யப்பட்டு தற்போது தடுப்புக் காவலில் வைக்கப்பட்டுள்ளனர். மூன்று மகள்மாரையும் தமது இயக்கத்தில் சேர்க்கும்படி புலிகள் அடிக்கடி தொல்லைக் கொடுத்த வண்ணம் இருந்தார்கள். பெரும்பாடுபட்டு அவர்களை நான் காப்பாற்றினேன் என அவர் கூறினார்.
தற்போது தான் மீளக் குடியமர்த்தப்பட்டுள்ளபோதிலும் தனது ஆண் பிள்ளைகள் மூவரும் தன்னிடத்திலில்லாது பெரும் வேதனையளிக்கிறது எனவும் அவர் கூறினார்.
இவருடன் பேசிய பயணம் தொடர்ந்தது. இடைநடுவே பல்லாயிரக்கணக்கான மக்கள் தாங்கள் தங்குவதற்காக சிறு சிறு கொட்டில்களையும், கூடாரங்களையும் அமைத்துக்கொண்டிருந்ததோடு, அவர்களுக்கு இராணுவத்தினர் உதவிகளை செய்தததை அவதானிக்கக் கூடியதாக இருந்தது.
பொதுமக்களின் அதிகரிப்பிற்கேற்ப இராணுவ காலவரன்களும் அங்கு அதிகரிக்கப்பட்டிருந்தது. பயணம் சிறுது தூரம் செல்லவே கிளிநொச்சி நகரப் பகுதிக்குள் நாம் நுழைந்தோம்.
கிளிநொச்சி மத்திய கல்லூரியின் செயற்பாடுகள் ஆரம்பிக்கப்பட்டிருந்த நிலையில், நூற்றுக்கணக்கான மாணவ, மாணவிகள் தனியார் தொண்டு நிறுவனங்களினால் வழங்கப்பட்ட பாடசாலை உபகரணங்கள் புத்தக பை போன்றவற்றை வைத்திருந்தபடி கல்வி நடவடிக்கைகளில் ஈடுப்பட்டிருந்தனர்.
பாடசாலை கட்டடத்திலும் மோதலின் பிரதிபலிப்பை காணக் கூடியதாக இருந்தது. அங்கிருந்த சில மீட்டர்கள் செல்லும்போது புலிகளால் குண்டு வைத்து வீழ்த்தப்பட்டிருந்த நீர் தாங்கி பலரது பார்வைக்கும் விருந்தளித்தது.
மிகப் பிரமாண்டமான அந்த நீர்த் தாங்கி அடி நுணியிலிருந்து ஒரு பக்கமாக சரிந்து விழுந்திருந்ததைக் கண்டு, அங்கு வந்த மக்கள் பிரமித்துப் போனர்கள். அந்த நீர்த்தாங்கியின் முன்னிருந்த படமெடுக்க முண்டியடித்தவர்களின் தொகையும் அதிகமாக இருந்தது.
இந்த நீர்த்தாங்கியை அண்மித்தப் பகுதியிலேயே மீளக் குடியமர்த்தப்பட்ட மக்கள் சந்தையமைத்து காய்கறி, பிளாஸ்ரிக் பொருட்கள், சமையலுக்கு தேவையான பொருட்கள் போன்றவற்றை விற்பனை செய்வதை காணக் கூடியதாக இருந்தது.
அங்கு சமையலுக்கு தேவையான பொருட்களை விற்பனை செய்துவரும் வி.சகாதேவனை அண்மித்து, யுத்தத்தின் பின்னர் அவர் தனது வாழ்க்கை கட்டியெழுப்ப மேற்கொள்ளும் நடவடிக்கைகள் பற்றி வினவினோம்.
நான் கடந்த ஜனவரி மாதமளவே இங்கு மீளக் குடியமர்த்தப்பட்டேன். அரசாங்கத்தால் எனக்கு இருபத்து ஐயாயிரம் ரூபா கொடுப்பனவு வழங்கப்பட்டது. அந்தொகையைக் கொண்டு இங்கு வியாபாரத்தை ஆரம்பித்துள்ளேன். தற்போது மக்கள் மீளக் குடியமர்த்தப்பட்டு வருவதனால், வியாபாரம் ஓரளவுக்கு போயிக்கொண்டிருக்கிறது. ஆனால், இதை நம்பிக் காலத்தைக் கழிக்க முடியாது. நான் ஒரு விவசாயி. கிளிநொச்சியில் நிலைமை வழமைக்கு திரும்பியதன் பின்னர், விவசாய நடவடிக்கைகளில் ஈடுபட தீர்மானித்துள்ளேன் என அவர் கூறினார்.
இந்த சந்தையிலிருந்து சிறுது தூரம் சென்றபோது ஏ9 வீதியின் இடது புறமாக கிளிநொச்சி விகாரை எங்களது கண்களுக்கு தென்பட்டது. யாழ்ப்பாணத்திற்கு செல்லும் சிங்கள மக்கள் அங்கு இழைப்பாறுவதைக் கண்ட நாம் விகாரைக்குள் நுழைந்தோம்.
அந்த விகாரையின் தேரரான பொலநறுவே சுமண ஹிமி எம்மை வரவேற்று விகாரை பற்றி அவர் கூறுகையில்,
கிளிநொச்சியை புலிகள் தமது கட்டுப்பாட்டில் வைத்திருந்த காலப்பகுதியில் விகாரையை அவர்கள் பெண்களுக்கான பயிற்சி நிலையமாக பயன்படுத்தி வந்தார்கள். அக்காலப்பகுதியில் இங்கு ஒரு தேரர் இருந்தார். அவர் யுத்தத்தின்போது இடம்பெயர்ந்த தற்போது வேறு ஒரு இடத்தில் இருக்கிறார். நான் கடந்த ஜனவரி மாதமே இங்கு வந்தேன். இங்குள்ள தமிழர்கள் குறித்து எனக்கு மிகவும் கரிசனை இருக்கிறது;. அவர்களுக்கு உதவி செய்வதை நான் புண்ணியமாக நினைக்கிறேன். என்னிடம் வந்து உதவி கோரியவர்களுக்கு நான் உதவி செய்வது வழக்க என அவர் கூறினார்.
அத்தோடு தமிழ் மக்களுடான சக வாழ்வை தான் எதிர்பார்ப்பதாகவும் அவர் கூறினார்.
தேரருடான பேச்சை முடித்துக்கொண்டு பயணத்தை தொடர்ந்தபோது யுத்தம் நடந்தப் பகுதிகளில் ஆங்காங்கே கிடந்த வெற்று ரவைகளையும் காணக் கூடியதாக இருந்தது.
அங்கிருந்து பல மைல்களை கடந்து யாழ்ப்பாணத்தை அடைந்தோம். நாம் மனதில் வடிவமைத்து வைத்திருந்த யாழ்ப்பாணத்திற்கு சென்று பார்த்த யாழ்ப்பாணத்திற்கும் பெரும் வித்தியாசம் தெரிநத்தது.
தமிழர்களுக்கு மட்டும் மட்டுப்படுத்தப்பட்டிருந்த யாழ்ப்பாணத்தில் சிங்கள மக்கள் செறிந்துக் காணப்படுவதை நாம் கண்டோம். யாழ்ப்பாண மத்தியிலுள்ள நாகர விகாரைக்கு விஜயம் மேற்கொள்ள வந்த அவர்களில் பலர் அருகிலுள்ள இந்துக் கோவில்களுக்கும் சென்று வழிப்பாடுகளை மேற்கொண்டது இன ஒற்றுமைக்கான அடித்தளம் இங்குப் போடப்பட்டுள்ளதை வெளிப்படுத்தியது.
இந்த ஒற்றுமை என்றும் நிலைத்திருக்க வேண்டுமென்பது யாழ்ப்பாணத்திலுள்ள தமிழர்கள் மட்டுமல்லாது அங்கு விஜயம் செய்த சிங்களவர்களினதும் ஒரே பிரார்த்தனையாக இருந்தது.
டி.சார்ள்ஸ் பீட்டர்ஸ்
ෆොන්සේකා ලෙඩ වෙලා

අත්අඩංගුවේ පසුවන ජනරාල් සරත් ෆොන්සේකා මේ වන විට රොගීවීමේ මූලික ලක්ෂණ පහළ කර ඇතැයි ජනතා විමුක්ති පෙරමුණු පාර්ලිමේන්තු කණ්ඩායම් නායක අනුර කුමාර දිසානායක පැවසුවේය.
ෆොන්සේකා රොගීවෙමින් සිටන බව අනෝමා ෆොන්සේකා විසින් දැනුම්දී තිබෙන බවද කොළඹ පිහිටි ප‍්‍රජාතන්ත‍්‍රවාදී ජාතික සන්ධානයේ පක්ෂ මූලස්ථානයේදී මාර්තු 25 වැනිදා පැවති ප‍්‍රවෘත්ති සාකච්ඡවකදී දිසානායක කීවේය.
‘‘ඊයේ (මාර්තු 24)වැනිදා සුපුරුදු පරිදි අනෝමා ෆොන්සේකා විසින් ජෙනරාල්වරයාගේ කෑමත් රැුගෙන ඔහු බැලීමට ගිය. ඒ අවස්ථාවේදී ජෙනරාල්වරයාට කැස්සක් ඇතිවී තිබෙන ආකරය දකින්න ලැබී තිබෙනවා. ඒ වගේම ඔහුට උස්ම ගැනීමේ අපහසුවක්ද ඇතිව තිබෙනවා.’’ දිසානායක කීවේය.
යුද හමුදාපතිවරයාව සිටියදී එල්ලවූ මරාගෙන මැරෙන බෝම්බ ප‍්‍රහාරයකින් ෆොන්සේකාගේ පෙනහළුවලට හානි සිදුව තිබෙන අතර මේ නිසා ඔහු තවමත් වෛද්‍ය ප‍්‍රතිකාර ලබමින් සිටින බවද මන්ත‍්‍රීවරයා කීවේය. ෆොන්සේකා රෝගී තත්වයේ සිටියදීත් ඔහු රදවා තිබෙන්නේ වාතය නොලැබෙන ආකාරයේ කුටියක වන බවද හෙතෙම චෝදනා කළේය.
‘‘දැන්වත් ඔහු රදවා සිටින ස්ථානය වෙනස් කරන්න. කරුණාකර වාතාශ‍්‍රය ලැබෙන ස්ථානයක් ඔහුට ලබාදෙන්න. නැතිනම් මේ රෝගී තත්වය තවදුරටත් වැඩිවිය හැකියි.’’ මන්ත‍්‍රීවරයා කීවේය.
ෆොන්සේකා බැලීමට ඔහුගේ ළගම ඥාතීන්ට අධිකරණය විසින් අවසර ලබාදී ඇතත් ඒ සදහා තවතමත් රජය විසින් අවස්ථාවක් ලබාදී නැතැයිද ඔහු පැවසුවේය. ෆොන්සේකාගේ ළගම ඥාතීන්ගේ නාම ලේඛනයක් මේ වන විට අදාල අංශ වෙත භාරදී තිබෙන බවද ඔහු පැවසුවේය. එහෙත් තවමත් ෆොන්සේකා බැලීමට අවසර ඇත්තේ ඔහුගේ බිරිදට පමණක් වන බවද දිසානායක මන්ත‍්‍රීවරයා කීය.
‘‘ආණ්ඩවු අනික් ඥාතීන්ට අවසර ලබාදෙන්නේ නැත්තේ සරත් ෆොන්සේකාගේ මැතිවරණ ව්‍යාපාරය කඩාකප්පල් කීරීම සදහායි.’’ දිසානායක සදහන් කළේය.
පසුගිය දින කීපයේදී රහස් පොලිසියවිසින් ප‍්‍රජාතන්ත‍්‍රවාදී ජාතික සන්ධානයේ නායකයින්ගෙන් දිගින් දිගටම ප‍්‍රශ්ණ කරමින් සිටින බවද ඔහු කීවේය. මීට දින හතරකට පෙර පිරිමි කිසිවෙක් නැති නිවසක ජීවත්වන අනෝමා ෆොන්සේකාගේ නිවසට පැමිණි රහස් පොලීසියේ නිලධාරීන් සවස හතරේ සිට පසුදා අළුයම හතර දක්වා ප‍්‍රශ්ණ කළ බවද ඔහු පැවසුවේය. ඊට අමතරව ප‍්‍රජාතන්ත‍්‍රවාදී ජාතික සන්ධානයේ මහ ලේකම් පාර්ලිමේන්තු මන්ත‍්‍රී විජිත හේරත්ගෙන් සභාපති ටිරාන් අලස්ගෙන් හා තමාගෙන් රහස් පොලීසිය ප‍්‍රශ්ණ කර තිබෙන බවද ඔහු කීවේය.
‘‘ප‍්‍රජාතන්ත‍්‍රවාදී ජාතික සන්ධානය මේ වන විට ආණ්ඩුවට අභියෝගයක් වෙලා තියෙන්නේ. කොන්ද කෙලින් තියාගෙන ආණ්ඩුව සමග හැප්පෙන්න පුලූවන් ප‍්‍රජාතන්ත‍්‍රවාදී ජාතික සන්ධානයට පමණක් බව පැහැදිලි වෙලා තියෙනවා. මේ නිසා තමයි දිගින් දිගටම ඔවුන් ප‍්‍රජාතන්ත‍්‍රවාදී ජාතික සන්ධානයේ නායකයින්ට හිරිහැර කරන්නේ.’’ දිසානායක කීවේය.
ප‍්‍රජාතන්ත‍්‍රවාදී ජාතික සන්ධානයේ නායකයින් පිටුපස පැන්නීම සදහා පිට පළාත්වල සිටින රහස් පොලීසියේ නිලධාරීන් කොළඹට කැදවා තිබෙන බවද දිසානායක කීය. රහස් පොලීසිය තමාගෙන් රාජ්‍ය විරෝධී කුමන්ත‍්‍රණයක් පිළිබදවත් ජනාධිපතිවරණයේදී ඒ ඒ සංවිධානයකයින් පත්කළ ආකාරය පිළිබදවත් ප‍්‍රශ්ණ කළේයැයි ඔහු සදහන් කළේය.
‘‘රාජ්‍ය විරෝධී කුමන්ත‍්‍රණයක් පිලිබද ඔවුන් විසින්ම තිර පිටපත ලියා තිබෙනවා. ඔවුන් විසින්ම අපව එහි චරිත වලට පණ පොවා තිබෙනවා. ඔවුන් විසින්ම මේ සදහා නමක් දාලා තිබෙනවා. ඔවුන්ගේම රහස් පොලීසිය පැමිණ ප‍්‍රශ්ණ කරනවා. මේවා මහා විකාර නාඩගමක් බවට පත්ව තිබෙනවා.’’ දිසානායක කීවේය.
තමන් පක්ෂයක් ලෙස මෙවර මහ මැතිවණයට ඉදිරිපත් වන විට ආණ්ඩුව රජයක් වශයෙන් සම්පුර්ණ රාජ්‍ය යාන්ත‍්‍රණය යොදා මැතිවරණයට ඉදිරිපත්ව සිටින්නේයැයිද ඔහු චෝදනා කළේය. ආණ්ඩුවේ රූපවාහිනිය ගුවන් විදුලිය එක් ආකාරයකට සන්ධානයේ මැතිවරණ ව්‍යාපාරය සදහා සහාය දක්වන විට ආර්ක්ෂක ලේකම්වරයා තවත් අකාරකයටක සන්ධානයේ මැතිවරණ ව්‍යාපාරයට සහාය දක්වන බවද කීවේය.












