නූතන මහසෙන් භූමිකාව රනිල් වික‍්‍රමසිංහගෙන්

පසුගිය දිනක විපක්ෂ නායක රනිල් වික‍්‍රමසිංහ පැවැත් වූ මාධ්‍ය සාකච්ඡුාවකදී භික්ෂූන් වහන්සේ ලා ආමන්ත‍්‍රනය කළ ආකාරය සම්බන්ධයේන් අද පැවති මාධ්‍ය සාකච්ඡුාවකදී සමස්ථ ලංකා පැවිදි සංවිධානයේ ලේකම් වටිනාපහ සෝමානන්ද හිමි පවසා සිටියේ රටේ නායකයන් මේ අයුරින් වචන භාවිත කිරීම සම්බන්ධයෙන් කණගායුවට ප‍්‍රකාශ කරන බවයි.
‘‘පැවිද්දන් පිරිසක් මහා නියක වෛතුල්‍යවාදීන් මේ විදියට වචන ප‍්‍රකාශ කරන රනිල් වික‍්‍රම සිංහ මේ වචනයේ තේරුමවත් හරියට දන්නේ නැහැ.එරියට සංඝ නායක කෙනෙක් කති කරනවා වාගේ. මේ විදියට අපහාසයට අවමානයට ලක් වුණේ විවිධ පීඩාවන්ට ලක් වුණෙ එක්සත් ජාතික පක්ෂ නායකයන්.’’ සෝමා නන්ද හිම් පැවසූහ.
එමෙන්ම ජේ ආර් ජයවර්ධන හාමුදුරුවරුන් පඩික්කම් පුරවන අය විදියට හැදින් වූ බවත් හාමුදුරුවරුන්ගේ හිස් වල තාර ගල්වන බව පැවසූ බවත් 88-89 භිෂණ කාලයේ තරුණ භික්ෂූන් හයසිය හැටනමක් ඝාතනය කළේ එක්සත් ජාතික පක්ෂ ආණ්ඩුව කාල සීමාව තුළ බවයි උන්වහන්සේ ප‍්‍රකාශ කර සිටින්නේ.
‘‘පසුගිය දිනයේ ජනතා විමුක්ති පෙරමුණු නායක සෝමවංශ අමරසිංහලිපිටන් වට රවුමේ කියූ වචන සදාචාර සම්පන්න මිනිස්සු භාවිත නොකරන බව කියන්න ඕන. ජනාධිපතිවරණයේදීත් විවිධාකාර වචන භාවිතා කළා. කලවැද්දා පාහරයා කීවා. මේවා දැකපු පුංචි ළමයි එ් පුද්ගලයාව නැවත දකිද්දි කලවැද්දා කීවා.ජනාධිපතිතුමාව දකිද්දී කීවා අන්න ජය වේවා කියලා.’’ උන්වහස්සේ වැඩිදුරටත් ප‍්‍රකාශ කර සිටියේය.
මෙම සාකච්ඡාවට සම්බන්ධ වූ සබරගමුව විශ්ව විද්‍යාලයේ කුලපතිකඹුරුගමුවේ වජිර හිමි පවසා සිටින්නේ රනිල් වික‍්‍රමසිංහ විටින් විට මේ ප‍්‍රකාශ කරන ශාසන විරොදී වචන ඔහුට ජන්මයෙව් උරුම වූ බවයි.
‘‘සම්බුද්ධ ශාසනය ගැන කතා කරන්න පුලුවන් වෙන්නේ ආගම ධර්මය ඉගෙන ගත්ත අයට. රනිල් බෞද්ධ ශික්ෂනයක් තුළ හැදුන කෙනෙක් විදයෙ අපි දැක්කේ නැහැ. කතා කරද්දි පරිස්සම් වෙනවා නම් හොඳයි. නොදන්න දේවල් කතා කරලා තමන්ට විතරක් නොවයි තමන්ගේ දේශපාලන පක්ෂයටත් කැළලක් ඇති කරනවා.’’ උන්වහන්සේ පැවසූහ.
මන්ත‍්‍රීවරයෙක් විදියට ඇමති වරයෙක් විදියට අගමැතිවරයෙක් විදියට වික‍්‍රමසිංහයන් කටයුතු කළද එ කිසිදු අවස්ථාවක චිරාගත සම්ප‍්‍රධායට අනුව කිසදු දිනක කටයුතු නොකළ බව උන්වහන්සේ පැවසූහ.
‘‘රනිල් කවදාවත් රටට ආදර්ශයක් දුන්නේ නැහැ. මේ රටේ මහනායක හාමුදුරුවන්ට එහෙම කතා කරන්න තියෙන අයිතිය මොකක්ද. ඔහු කවුද. රනිල් වික‍්‍රමසිංහ තමයි නූතන මහසෙන්. වෛතුල්‍යවාදී රනිල් වික‍්‍රම සිංහ කියන නම අපි ඔහුට පටබදිනවා. තේරවාදය නැති කරන්න උත්සහ කරන්නේ රනිල් වික‍්‍රම සිංහ. භික්ෂූන් වහන්සෙලා ළඟ දන ගහලා සමාව ගන්න කියලා අපි කියනවා.’’
එසේ නොකළහොත් රනිල් වික‍්‍රමසිංහ මහතා හට වෛතුල්‍යවාදී යන නම පට බදින බව උන්වහන්සේ ප‍්‍රකාශ කළහ.
මහ මැතිවරණයේ දී සුථ ජාතික බලාපොරොත්තු
පාසලෙන් පිට වූ අප වෙනත් වෘත්තීය පාඨමාලාවක් හැදෑරීම සඳහා සහභාගී වූ අවස්තාවක ලංකාව පුරා විසිරී සිටි සෑම ජන කොටසකම පුද්ගලයින් හා සම්බන්ධ වන්නට අවස්ථාව ලැබුණි. එකී අවස්ථාවේ උතුරෙහි යුද්ධයේ කුරිරු ගිනි දැල් ඇවිලෙම්න් තිබුණි.
ඔහු නම්න් මේරිය. නොසිතූ ලෙස සුඑද වූ ඔහු හා අදහස් හුවමාරු කර ගැනීමට සිදු වූයේ ඉංග‍්‍රිසි භාෂාව හා අප දන්නා දෙමළ වචනද එකට එක් කරමිනි. සෑම අවස්ථාවකදීම අප අතර වූයේ මෙම බෙදුම්වාදී අරගලය පිළීබඳවය. ඔහු දිනක් වේදනාව මුසු වූ තද ස්වරයෙන් විමසන්නේ ‘‘අපිට කියලා ඔයගොල්ලන්ගේ අය මොනවද දීලා තියෙන්නේ. ගිහින් බලන්න අපේ මිනිස්සු දුක් විදින තරම්’’. යනුවෙනි. මෙසේ ඔවුන් ඒ වෙලාවෙහි සිතීම සාධාරණීකරනය කිරීමටඅවශය නොමැති වුවද එවැනි හැගීමකට ඉඩ සැලසුවේ කවුරුන්ද යන්න සිතා ගැනීමට මධ්‍යස්තව සිතන සෑම පුද්ගලයකුටම හැකියාව ඇත.
කෙසේ වූවද එදා මෙදා තුර කාල සීමා තුළ සුථ ජන කොටස් නමින් හඳුන්වන පිරිස හට ලැබී ඇත්තේ මොනවාද නොලැබී ඇත්තේ මොනවාද ලැබිය යුත්තේ මොනවාද යන්න පිළීබඳව සිතන්නට නොව යුතුකම් ඉටුකරනන්නට මේ සැබෑ කාලයයි. ඔවුනට ලැබී ඇත්තේ ද දුක පමණක් බවයි සුප්පයියා ශම්ම්මුගවේල් පවසන්නේ.
‘‘අපට අයිතිවාසිකම් කියලා මොනවාද ලැබිලා තියෙන්නේ. ළමයින්ට ඉගෙන ගන්න ඕන පහසුකම් අද වෙනකල් අපට නැහැ. තවම කූඩාරම්වල ජීවත් වෙන අය කී දෙනෙක් ඉන්නවාද. උසස් පෙළ ගණිතය විද්‍යාව කරන අය ඉන්නවා මාස හයක් තිස්සේ මේ ළමයි ඉගෙනීමක් නැතිව ඉන්නවා. මේ අයගෙ ඉගෙනීම පමා වුණා කියලා විභාග තියන කාල සීමාව වෙනස් වෙන්නෙ නැහැනෙ.’’ ශම්මුගවේල් පැවසුවේය.
මෙහි යථාර්ථය පිළිබඳ කිසිවකුට අවබෝධ කර ගැනීමේ හැකියාවක් නොමැති බව ශම්මුගවේල් පවසයි. දමිළ යනු එක් මනුස්ස කොට්ඨාශයක් පමණි. හදවත හැඟීමි මනුෂ්‍ය අවශ්‍යතා සියල්ල මහා ජාතිය හා සමාන නම් මොවුනට අවශ්‍ය දේවල් නොලැබීමේ හේතුව කුමක් දැයි ඔවුන් නඟන ප‍්‍රශ්ණයකි.
‘‘ජනවාරි 31 දාට කළින් අපිව පදිංචි කරවනවා කීවා. නමුත් අද වෙන කල් ඒ ගැන කතාවක් නැහැ. ගිය අයට කියලත් මොනවද තියෙන්නේ. අපි දාල ආව හැමදේම අපට දැන් නැතිවෙලා. ගෙවල් වල කෑලි වාහන වල කෑලි ගලවගෙන යනවා. අපි මුල ඉඳලම ගොඩ නැගෙන්න ඕන. ඒ වෙනුවෙන් කියලා අපිට මොනවද ලැබෙන්නේ කියලා අපි බලාගෙන ඉන්නවා.’’ හෙතෙම පැවසුවේය.
දකුණේ ගබ්බද ප‍්‍රදේශවල බහුතර පිරිස සිංහලයන්ය. මොවුන් හට දෙමළ භාෂාව කතා කරනා පිරිස ආශ‍්‍රයට ලැබෙන්නේ නැත. මේ නිසාවෙන් ඔවුනගේ සිතෙහි පවත්නා බෙදුම්වාදී හැඟීම් සමඟින් ජීවත් වේ. මන්ද දෙමළ භාෂව කතා කරනා පිරිසගේ හැඟීම් තේරුම් ගැනීමේ හැකියාවක් ඔවුනට නොමැති නිසාවෙනි. දැන් එයට කාලය උදා වී ඇත. මෙම තත්ත්වය අලනුවර ජීවත් වන දමිළ සහ සිංහල පිරිසට ගැටථවක් නොවන්නේය. මන්ද ඔවුන් එකිනෙකා උරෙන් උර ගැටී ජීවන වෘත්තියෙහි නියැලෙන නිසාය.
මෙවැනි සියථ අන්තගාමී සිතුවිල් අතුගා දැමීමට කාලය දැන් උදා වී ඇත. ඒ සඳහා සියල්ලන්ගේ උදව් උපකාරය අවශ්‍යව ඇත. මේ සඳහා හොඳ හිත පමණක් ඇති බවයි ශම්මුගවේල් සඳහන් කළාය.
‘‘අපේ පොඩි දරුවන්ට ඉන්න අමාරුයි. ටෙන්ට් ඇතුළෙ ජීවත් වෙන් අමාරුයි. තව කී කාලයක් මේදුක් විදගෙන ඉන්නද. හාල් පිටි සීනි විතරයි අපට හම්බවෙන්නේ. පොඞ් දරුවන්ට දෙන්න පිටි නැහැ. මේ කෑම්ප් එකෙන් එළියට යන්න ඕන නම් පාස් ගන්න ඕන හෙට යන්න ඕන නම් අද. අපි හිර වෙලා ජීවත් වෙන්නේ.’’ වේගනායගම් කුමාරවේල් පැවසුවේය.
ඔවුන් ජීවත් වෙන්නේ තවමත් සුබසාධන කඳවුරු තුළය. සමස්ථයක් විදියට යුද්ධයේ අවසානය පිළිබඳව සැමගේම සිත් තුළ පහන් හඟීමක් තිබුණද අනාගතය පිළිබඳව බියක් පවතින බවයි කුමාරවේල් පවසන්නේ.
‘‘අපේ ළමයින්ටත් පොලිසියට හමුදාවට බැදෙන්න ඉඩ දෙන්න. නීතිය එක විදියට ක‍්‍රියාත්ක කරන්න. අපේ භාෂාවෙන් වැඩ කරන්න අපේ අවශ්‍යතා අපි එක්ක කතා කරලා විසඳුම් දෙනවා නම් මොනතරම් හොඳද. මොකද අපි විදින දුක් වින්ද දුක් දන්නේ අපි විතරක් මිසක් වෙන අය නෙවෙයි.’’ ඔහු පැවසුවේය.
මුස්ලිම් බහුතරය හට කිසිදු ගැටථවක් නෙවන්නේ යැයි ඇතමෙක් සිතන්නට පුථවන. නමුදු ඔවුන් හටද යම් යම් ගැටථ තත්ත්වයන් උද්ගත වූයේ පාලනයේ පැවති තිබූ වැරදි නිසා බව තාහා රොක් ෆෙලර් පැවසුවේය.
‘‘1990 ඉඳලා අපි ත‍්‍රස්තවාදී කරදර වලින් දුක් වින්දා. ඇවිත් බලන්න යාපනේ මුස්ලිම් ගම්මාන දිහා. වහළ නැති හරියට බිත්ති නැති ගෙවල් තියෙන්නේ. හැමෝම ඇවිත් පොරොන්දු දීලා යනවා විතරයි කරන දෙයක් නැහැ.’’ හෙතෙම පැවසුෙවිය.
ඕනෑම රටක සුථ ජාතික අරගල පවතින්නේ ඇයි. යන්න මෙයින් පැහැදිලි කර ගත හැකිය. සියථ අයිතින් සම සේ බෙදා දීමට රටක පාලන පක්ෂයට හැකි විය යුතුය. එසේත් නැතිනම් කිසිවකුගේ මැදිහත් වීමකින් තොරව සියල්ල ලබා දිය යුතු බවයි රොක්ෆෙලර් පවසන්නේ.
එක්කාසු කිරීමේ කලාව විශ්ව ප‍්‍රකාශන මාධ්‍යක්
කලා කෙත අස්වද්දන්නට සොදුරු නිර්මාණකරුවන් අවැසිය. කලා ලෝකයේ නිරිමාණ වපසරිය පුථල් කිරීමට කලාකරුවාගේ වගකීම වන්නෙ පෙර නොවු වීරූ නිරිමාණ බිහිකිරීමයි. ලෝකය වඩාත් සුන්දර තැනක් වන්නෙත් සුන්දරත්වය විදින්නට ඉඩ හසර සොයා දෙන්නෙත් මේ නව කලා නිරිමාණයන් බව අරුමයක් නොවේ.
ඉවතලන පරණ යකඩ කෑලී කිහිපයක එකතුවකින් කිසිදා නොකී කතාවක් කියන්නට හැකි වන්නෙ නම් එය අපූරු කලාවක් වනු ඇත. සමාජය ගැන ලෝකය ගැන අථත් විදිහට කතා කිරීමට වෙර දරණ ප‍්‍රගීත් මනෝහන්ස නම් තරුණ මූර්ති ශිල්පියා කලා ලෝකයේ නව මානයක් සොයා යන්නෙකි. එක්කාසු කිරීමේ කලාව නව මුහුණුවරකින් ලෝකයා වෙත ඉදිරිපත් කරන්නට ඔහු සමත් වී තිබේ.
‘‘පොඩි කාලෙදී මට පිකාසෝගේ බයිසිකල් හැඩලය කියන කලා කෘතියට අවධානය යොමු වුණා. ඒ අනුව තමයි මට මේ එක්කාසු කිරීමේ කලාවට හිත ගියෙ. විශ්ව විද්‍යාලයට ආවට පස්සෙ විධිමත් අකාරයට මේ පිළිබඳ හැදැරීම් සිදුකලා.’’ ප‍්‍රගීත් පැවසුවේය. ඔහු සෞන්දර්ය විශ්ව විද්‍යාලයේ වැඩි දුර අධ්‍යාපනය හැදෑරූවෙකි.
‘‘මූර්ති ශිල්පය ගසක් නම් එක්කාසු කිරීමේ කලාව එම ගසේ අත්තක් වගේ. එක්කාසු කිරීමේ කලාව කෙටි කාල සීමාවකින් අවශ්‍ය කරන අදහස ප‍්‍රකාශ කරීමේ සරල ක‍්‍රමයක් ලෙසයි මා දක්න්නේ.’’ එක්කාසු කිරීමේ නිර්මාණ භාවිතාව පිළිබඳ ප‍්‍රගීත් එසේ පූර්විකා සපයයි.
එක්කාසු කිරීමේ කලාවේ කලා කෘතීන් නිර්මාණය කරගැනීමට අවශ්‍ය කරන අමු ද්‍රව්‍ය සපයා ගැනීමට ප‍්‍රගීත්ට පරණ යකඩ බඩු කඩ වලත් ගරාජ් වලටත් යාමට සිදුව තිබේ. ඉන් එකතු කර ගන්නා මළ බැදී ගෙවී ගිය වානේ කොටස් යළි පන්නරය ලබා ජීවයක් බවට පත්වන්නේ ඉන් අනතුරුවය.
‘‘මා යොදා ගන්නේ භාවිතා කොට අහක යන දේවල්. මේ සමහර අමු ද්‍රව්‍ය වලට ස්ථිර පැවැත්මක් තියෙනවා. සමහර අමු ද්‍රව්‍ය ඉක්මනින් විනාශ වෙනවා.’’
ප‍්‍රගීත් විසින් ජීවය ලබා දෙන එක්කාසු කිරීමේ කලා කෘතීන්හි ප‍්‍රධාන තේමාව වී ඇත්තෙ සමාජ අසාධාරණයට පත්වන මිනිසුන්ගේ ජීවිත පිළිබඳ නිහඩ පිළිබිඹුවයි. සිය නිර්මාණයන් තුළින් කම්කරුවන්ගේ ජීවිත සටන පිළිබද කතා කරීමට වැඩි ඉඩක් වෙන් කරන බව ප‍්‍රගීත් පැවසුවේය. මෙය සංකේතවත් කිරීමට ගෙවී ගිය සවල් උදලූ තල විල්බැරුක්ක බැරල් වැනි දෑ සිය නිර්මාණ අමු ද්‍රව්‍ය ලෙස භාවිතා කරන බව ප‍්‍රගීත් සඳහන් කළේය.
‘‘දුක් විදින මිනිසුන් සංකේතවත් කරන්නේ මේ වගේ දේවල් තුළින්. ගෙවී ගිය සවලක උදලූ තලයක කම්කරුවාගේ ජීවිත කතාව ලියැවිලා තියෙනවා.’’ සිය නිර්මාණ උදාහරණයට දෙමින් ඔහු පැවසුවේය.
‘‘ගෙවී ගිය සවල් රැසක් එකු කොට ගෙන මම නිර්මාණයක් සිදු කළා. මේ තුළින් මම කතා කරන්නට උත්සාහ කරන්නේ කම්කරුවන් පිළිබඳයි. මෙහිදී එය සංතේකවත් කිරීමට මා යොදා ගත්තේ සවල්. සවල කියන දේ කිසියම් බලයකට යටත් වෙලා තියෙන දෙයක්. මේ නිර්මාණයෙන් මා පෙන්නුම් කිරීමට උත්සාහ කරන්නේ බලයකට යටත් වෙලා තියෙන තාක් කම්කරුවාගේ ජීවිත වලට නිදහසක් නැහැ කියන දේත් ඔවුන් මේ බලයෙන් පාලනයෙන් මුදා හැරි පසු ඔවුන් විදින නිදහසත් යන කාරණා.’’ ප‍්‍රගීත් පැවසුවේය. එක්කාසු කිරීමේ කලාව සංකේතාත්මක භාෂාවක් වන්නේ මේ නිසා බව ප‍්‍රගීත්ගේ අදහසයි.
අමු ද්‍රව්‍ය පමණක් තිබූ පමණින් නිර්මානයක් බිහි නොවන බව ප‍්‍රගීත් පවසන්නේය. ඒ සඳහා නිරිමාණාත්මක චින්තනයක් නිර්මාණකරුවාට තිබිය යුතු බව ඔහුගේ අදහසයි.
‘‘මා තුළ මිනිසුන් දෙදෙනෙක් ජීවත් වෙනවා. බාහිරින් පෙනෙන පුද්ගලයා සහ ඇතුළාන්තයේ සිට මා හසුරුවන පුද්ගලයාත් දෙදෙනෙක්. මේ සියථ නිර්මාණයන් මා තුළින් පෝෂණය වන්නෙ මේ ඇතුළාන්තයේ ජීවත් වන පුද්ගලයාට අනුවයි. යකඩ කෑලි කිහිපයකින් ප‍්‍රකාශන මාධ්‍යක් බිහි කරන්න බැහැ. මෙවැනි කලා කෘතියක් බිහි කරන්නට කලාකරුවා තුළ මානව හැසිරීම් පිළිබඳ අවධානය විවිධ සංස්කෘතීන් පිළිබඳ ඇති අවබෝධය ඉතා වැදගත්. මේ දෙවල් අනුසාරයෙන් හැඩගැසෙන නිර්මාණාත්මක චින්තනය සාර්ථක කගා කෘති බිහිවීම කෙරේ බලපානවා.’’
ප‍්‍රගීත් ප‍්‍රකාශ කරන අකාරයට එක්කාසු කිරීමේ කලාව විශ්ව ප‍්‍රකාශන මාධ්‍යකි. මේ කලා කෘතීන් මගින් ප‍්‍රකාශ කරන අදහස එක් රටකට එක් ජාතියකට හෝ සංස්කෘතියකට සීමා නොවේ. මේ නිසා ජාති ආගම් බේදයකින් තොරව රසවින්දනයේ යෙදෙන්නට රසිකයන්ට හැකි බව ප‍්‍රගීත් පෙන්වා දෙයි.
මේ වන විට ප‍්‍රගීත් තමන් විසින් නිරිමාණය කළ කලා කෘතීන් එක් රැස් කොට
ප‍්‍රදර්ශණ කිහිපයක්ද පවත්වා තිබේ.
‘‘මේ ප‍්‍රදර්ශණ වලට හොඳ ප‍්‍රතිචාර ලැබුණා. විශේෂයෙන්ම මේ පිළිබඳ අවධානයක් තියෙන රසිකයන් අපට සිටිනවා. එහෙත් එය පැතිරිලා ගිහින් නැහැ. ඇත්තටම අපේ රටේ වගකිව යුත්තන් මේ වගේ විෂයන් පිළිබඳ අවධානයක් යොමු කොට නැහැ.’’ ඔහු මාලදිවයිනේද සිය කලා කෘති ප‍්‍රදර්ශණයක් පවත්වා තිබේ.
ප‍්‍රගීත් පවසන ආකාරයට එක්කාසු කිරීමේ කලාවට වැඩි අවධානයක් ඇත්තේ යුරෝපීය රටවලිනි. මුර්ති කලාව මේ රටවලට ආගන්තුක නොවීම මෙයට හේතු වී ඇතැයි ප‍්‍රගීත්ගේ අදහසයි.
‘‘ලංකාවේ සිට පමණක් මේ එක්කාසු කිරීමේ කලාවට වැදගත් ස්ථානයක් ලබා දෙන්න බැහැ. ඒ නිසා මම තේරුම් ගත්තා මගේ නිරිමාණ යුරෝපීය රටවලට ගෙන යන්න. ඉදිරියේදී මා ඒ සඳහා කි‍්‍රයාත්මක වෙනවා.’’ ප‍්‍රගීත් පැවසුවේය. මේ සඳහා නිර්මාණය කරන කලා කෘතීන් දේශිය උාරුවකින් ඉදිරිපත් කිරීමටද කටයුතු කරන බව ප‍්‍රගීත් සඳහන් කළේය.
ජනාධිපතිවරණ උණුසුම අන්තර්ජාලයටත්
Election fever in cyberspace
ජනාධිපතිවරණය පවත්වන දිනය ආසන්න වෙමින් පවතින විට දේශපාලන ලෝකයම කෙමෙන් කෙමෙන් උණුසුම් වෙමින් පවතින අතර ජනාධිපතිවරණ සටනේ උණුසුම අන්තර්ජාලය ඔස්සේද වර්ධනය වෙමින් තිබේ.
අන්තර්ජාලයේ ඇති මිතුරු සමාජයක් වන ෆේස් බුක් වෙබ් අඩවිය හරහා ජනාධිපතිවරණයේ උණුසුම වේගයෙන් වර්ධනය වෙමින් තිබෙන අතර ජනාධිපතිවරණයට ඉදිරිපත්ව සිටින ප‍්‍රධාන අපේක්ෂකයින් දෙදෙනා වන වත්මන් ජනාධිපති මහින්ද රාජපක්ෂ හා විපක්ෂයේ පොදු අපේක්ෂක සරත් ෆොන්සේකා වෙනුවෙන් මේ වන විට එම වෙබ් අඩවියේ පමණක් පිටු හා කණ්ඩායම් සිය ගණනක් නිර්මාණය වී තිබේ.
මැතිවරණය සදහා නාම යෝජනා භාරදීමට පෙර මොවුන් දෙදෙනා වෙනුවෙන් නිල ෆේස් බුක් පිටුවක් හෝ නිල ෆේස් බුක් කණ්ඩායමක් නිර්මාණය වී නොතිබූ නමුත් ජනාධිපතිවරණ සටනේ උනුසුම සමගින් මේ තත්වය වෙනස් විය. මැතිවරණයට ඉදිරිපත්ව සිටින ප‍්‍රධාන අපේක්ෂකයින් දෙදෙනාගේ නමින්ම නිල ෆේස් බුක් පිටු නිර්මාණය වුනේය.
මැතිවරණ සටන උණුසුම්වීමත් සමගින් ප‍්‍රධාන අපේක්ෂකියන් දෙදෙනාගේම ප‍්‍රචාරක අංශ ඔවුන්ගේ නිල විද්‍යුත් තැපැල් ලිපිනයන්වලින් අන්තර්ජාල සමාජය වෙත නොයෙක් පණිවුඩ එවීම ආරම්භ කළේය. ඒ අනුව එක් අපේක්ෂකයාගේ පණිවුඩ රැගත් ඊමේල් ලිපිනයන් සමගින් ඔවුන් වෙනුවෙන් නිර්මාණය කර ඇති ෆේස් බුක් පිටුවල සාමාජිකයින් වන ලෙස ඉල්ලීමක් කර තිබුණේය. එම ෆේස් බුක් පිටු වෙත පැමිණෙන ආකාරයත් ඒවායේ සදහන් විය.
මේ අනුව බොහෝ දෙනා තමන් කැමති අපේක්ෂකයාගේ නිල ෆේස් බුක් පිටුවේ සාමාජිකයෙක් බවට පත්වුනේය. ඒ අනුව ජනාධිපති රාජපක්ෂගේ ෆේස් බුක් පිටුවේ තිස්නමදහසකට වැඩි පිරිසක් සාමාජිකයින් බවට පත්ව සිටී. සරත් ෆොන්සේකා – මීළග ජනාධිපති යන නමින් ඇති විපක්ෂයේ පොදු අපේක්ෂක ෆොන්සේකාගේ නිල ෆේස් බුක් පිටුවේ සාමාජිකයින් සංඛ්‍යාව පනස් තුන්දහසකට අධිකය. මේ අතර ජනාධිපතිවරයා වෙනුවෙන් නිල ෆේස් බුක් කණ්ඩායමක්ද නිර්මාණය කර ඇති අතර එහි සාමාජිකත්වය ගෙන ඇත්තේ දොළොස්දහසකට ආසන්න පිරිසක් පමණි.
මොවුන් දෙදෙනාගේම ෆේස් බුක් පිටුවල ඔවුන්ගේ මැතිවරණ ව්‍යාපාරයටන්ට වාසිදායක වන ආකාරයේ දේවල් පළ කර ඇති අතර මෙම ෆේස් බුක් පිටු දෙකේම දිනකට දෙතුන්වරක් කිසියම් දෙයක් පළ කිරීමට එහි නිර්මාණකරුවෝ වගබලාගෙන තිබේ.
ජනාධිපති රාජපක්ෂ වෙනුවෙන් නිර්මාණය කර ඇති ෆේස් බුක් පිටුවේ ඔහු ජනාධිපතිවරණ කැදවීමෙන් පසුව සහභාගී වූ අවස්ථාවල ඡුායාරූප පළකර තිබුණි. මෙම ඡුායාරූප පිළිබදව තමන්ගේ අදහස් පළ කිරීමට අවස්ථාව ලබාදී ඇත. ඒ අනුව ජනාධිපතිවරයා වෙනුවෙන් නිර්මාණය කර තිබූ ෆේස් බුක් පිටුවේ නොයෙක් දෙනො නොයෙක් අදහස් පළ කර තිබුණි. ‘‘ඔහොම යන් ….ඔහොම යන් ප‍්‍රසිඩන්ට් අංකල්’’දිරේෂ් දේවනාරායන එවැනි ජායාරූපයක් පිළිබදව අදහස් දක්වමින් කියා තිබුනේය.
‘‘මෙන්න වැඩ…. කවුද මහින්දට වැඩ බැහැ කියලා කිව්වේ…..’’පානදුර හා පන්නිපිටිය ගුවන් පාලම් විවෘත කරන අවස්ථාවේ ඡුායාරූප පිළිබදව අදහස් දක්වමින් සජිත් විජයවර්ධන ලියා තිබුණේය. මෙපමණක් නොව ‘‘ජයවේවා මහ රජාණෙනි, ඔබ ශ්‍රේෂ්ඨ රජෙකි, ජනතාව රාජපක්ෂ සමගයි…. ආදී වශයෙන් ජනාධිපති රාජපක්ෂට සහාය දක්වන ෆේස් බුක් සමාජයේ සාමාජිකයෝ එම පිටුවල ලියා තිබේ.
ෆොන්සේකාගේ ෆේස් බුක් පිටුවේ ඔහුගේ මැතිවරණ ව්‍යාපාරය පිළිබදව විවිධ තොරතුරු පළ කර තිබේ. මෙම තොරතුරු පිළිබදව අන්තර්ජාලයේ සිටින ඔහුගේ ආධාර කරුවන් විවිධ අදහස් පළ කර තිබේ. ජනාධිපතිවරණය සදහා නාම යෝජනා භාරදීමෙන් පසුව වාර්තාවූ පළමු මිනිස් ඝාතනය පිළිබදව ෆොන්සේකාගේ ෆේස් බුක් පිටුවේ අදහස් පළ කර තිබුණි. මේ පිළිබදව ඔහුගේ එක් ආධාර කරුවෙක් කියුවේ මහ රජා පිළිබදව ලජ්ජා වන බවයි. ‘‘මෙහෙමද ආණ්ඩුව නිදහස් මැතිවරණ පවත්වන්නේ..’’ මේ පිළිබදව අදහස් දක්වමින් රංග වෙත්තමුනි ෆේස් බුක් පිටුවේ ලියා තිබුණේය.
‘‘සුභ අනාගතයක් ඇතිවෙන්නේ විශ්වාසනීය වෙනසක් ඇතිවුනොත් පමණයි. මේ විශ්වාසනීය වෙනසකට කාලයයි.’’ ෆොන්සේකාගේ ෆේස් බුක් පිටුවේ ලියා තිබේ. මේ පිළිබදව අදහස් දැක්වූ ෆොන්සේකාගේ ආධාර කරුවන් විශ්වාසනීය වෙනසක් ඇතිකිරීම සදහා ඔහුට සුභ පතා තිබුනේය.
වත්මන් ජනාධිපතිවරයාට නියමිත ධුර කාලය අවසන්වීමට පෙර මැතිවරණයක් පවත්වන බව නිලවශයෙන් නිවේදනය කිරීමට පෙර සිටම ජනාධිපතිවරණයක් පිළිබදව වන උනුසුම රට පුරා නැගෙමින් තිබුනේය. මේ අවස්ථාව වන විට විපක්ෂයේ පොදු අපේක්ෂකයා ජනාධිපතිවරණයට ඉදිරිපත් වන බව නිල වශයෙන් ප‍්‍රකාශයට පත්කර නොතිබූ අතර එම කාලයේ සිටම ජනාධිපති රාජපක්ෂට හා විපක්ෂයේ පොදු අපෙක්ෂක ෆොන්සේකාට සහාය දක්වමින් ෆේස් බුක් පිටු හා කණ්ඩායම් නිර්මාණය වී තිබුනේය.
ප‍්‍රධාන අපේක්ෂකයින් දෙදෙනාගේ නිල ෆේස් බුක් පිටුවලට සාමාජිකයින් දස දහස් ගණනින් පැමිණෙන නමුත් මෙම කණ්ඩායම්වලට අලූතින් සාමාජිකයින් පැමිණෙන බවක් පෙනෙන්නට නැත.
මැතිවරණ සටන වඩාත් උණුසුම් වන අවස්ථාව වන විට ඊමේල් මාර්ගයෙන්ද ප‍්‍රධාන අපේක්ෂකයින් දෙදෙනා පිළිබදව වන විවිධ තොරතුරු ඊමේල් භාවිතාකරන්නන්ට එවා තිබුනේය. මෙයින් ඇතැම් ඊමේල් සකස් කර තිබුණේ මැතිවරණ සටනට ඉදිරිපත්ව සිටින අපේක්ෂකයින්ගේ චරිතවලට හානි සිදුවන අයුරින්ය.
දිනෙන් දින පැයෙන් පැය විනාඩියෙන් විනාඩිය ජනාධිපතිවරණයේ උණුසුම ඉහළ යන අතර මේ උණුසුමේ තරම කියාපාමින් අන්තර්ජාල සමාජය තුළද ජනාධිපතිවරණයට ඉදිරිපත්ව සිටින අපෙක්ෂකයින් දෙදෙනා පිළිබදව වන කතා බහ වේගවත් වෙමින් පවතී.
Election fever has hit cyberspace with many Facebook pages and groups organizing themselves to back the two main Presidential candidates, President Mahinda Rajapaksa and General Sarath Fonseka. The two candidates commenced official Facebook pages after handing in nominations and since then the pages have been filled with various propaganda material. With a few days more to go for elections, e-mails are also being circulated about each of the main candidates.
By Sanjaya Nallaperuma
ජනප‍්‍රිය පාසල් සංකල්පයෙන් ගම්බද පාසල් අනතුරේ
සිසුන් නගරබද පාසල් කරා ඇදී යාම හේතුකොට ගෙන ගම්බද ප‍්‍රාථමික පාසල් වැසී යාමේ ප‍්‍රවණතාවකට මුහුණ දී ඇතැයි අධ්‍යාපන ක්ෂේත‍්‍රයට සම්බන්ධ වාර්තා පෙන්වා දෙයි.
1997 වසරේ සිට 2007 වසර දක්වා කාලය තුළ පමණක් පාසල් 664ක් වැසී ඇතැයි මහ බැංකු වාර්තා පෙන්වා දෙයි. 2007 වසරේ පමණක් පාසැල් 36ක් වැසී තිබේ. මෙලෙස වැසී ගිය පාසල් සංඛ්‍යාවෙන් බොහොමයක් පාසල් ගම්බද ප‍්‍රාථමික පාසල් වේ.
‘‘ මේ අකාරයෙන් පාසල් වැසී යාම කෙරෙහි සිසුන්ගේත් ඔවුන්ගේ මව්පියන්ගේත් ආකල්ප බලපානවා. දැන් ළමයින්ට ගමේ පාසලේ කොපමණ පහසුකම් තිබුණත් නගරයේ ප‍්‍රසිද්ධ පාසල් වලටමයි යන්න බලාපොරොත්තු වෙන්නෙ. දෙමාපියන් පවා උත්සාහ කරන්නේ තමන්ගෙ දරුවා නගරයේ පාසලකට ඇතුළත් කරන්න. ඒ නිසයි නගරබද පාසල් වල මේ තරමට තදබද වෙලා තියෙන්නෙ.’’ අධ්‍යාපන අමාත්‍යංශයේ ජේ්‍යෂ්ඨ නිලධාරියෙක් පැවසුවේය.
මෙසේ සිසුන් නොමැතිව පසුගිය මාස කිහිපය තුළ පොල්ගහවෙල ප‍්‍රදේශයේ පමණක් පාසල් 12ක් වැසී ගොස් තිබේ. වෑවල අල්ගම මෝරුගම මාහින්ගමුව ඉඹුලාන ඈගල්ල පසාලීය ආරගොඩ යෝගමුවාකන්ද ගිරාඹේ බරහැරගමුව සැවැත්දන ආදී පාසල් රැසක් මෙලෙස වසා දමා තිබේ.
‘‘ මම මේ ඉස්කොලෙට ඇවිත් දැන් අවුරුදු කිහිපයක් වෙනවා. එ් එද්දි ළමයි සීයක් වත් හිටියෙ නැහැ. මෙහෙ එක අවුරුද්දකටවත් එක වසරට ළමයි දහයකට වඩා ඇතුළත් වුණේ නැහැ. අපි පාසල වැඩි දියුණු කරන්න උත්සාහ කළා. ඒත් ළමයින්ගෙ වත් දෙමාපියන්ගේ වත් උවමනාවක් නැහැ. ගුරුවරු හිටියෙත් කිහිප දෙනයි. ඒ අයත් මාරු වීම් හදාගෙන යන්න උත්සාහ කරනවා. කිහිප දෙනෙක් ගියත් එක්ක. ඉස්කෝලෙට එන පාරේ බස් එකක් එන්නෙ කළාතුරකින්. දැන් ඉතුරු වෙලා ඉන්නෙත් ළමයි ටික දෙනයි. සමහර ළමයින්ගෙ මාපියො දරුවව අයින් කරගෙන නගරයේ පාසලට අරන් යනවා. ඒකෙ වැරද්දක් කියන්න බැහැ මොකද මෙහෙ හරියට උගන්වන්න ගුරුවරුත් නෑනේ. මම දන්න හැටියට තව ටික කාලයකින් මේ පාසල වහලා දායි.’’ කෑගල්ල අධ්‍යාපන කලාපයේ දුෂ්කර පාසලක නම හෙළි කිරීමට අකමැති වූ විදුහල්පතිවරයෙක් පැවසුවේය.
‘‘ මේ වගේ ඉස්කොලෙක වැඩ කරලා මට කිසිම ආත්ම තෘප්තියක් ලැබුණෙ නැහැ. වැරුද්ද කොතැනද කියලා අපි දන්නෙත් නැහැ. මේ විදිහට පාසැල් වැහෙන්න හේතුව මේ අධ්‍යාපන ක‍්‍රමයෙ තියෙන වැරුදි කියලයි මට හිතෙන්නෙ.’’ ඔහු වැඩි දුරටත් පැවසුවේය.
සමීර සඳරුවන් මේ වන විට කුරුණැගල අධ්‍යාපන කලාපයේ ප‍්‍රසිද්ධ පාසලක හත්වන ශ්‍රේණියේ ඉගෙනුම ලබන ශිෂ්‍යයෙකි. මේ පාසලට පැමිණීමට පෙර ඔහු ඉගෙනුම ලැබුවේ පොල්ගහවෙල ප‍්‍රදේශයේ දුෂ්කර පාසලකය.
‘‘ අපේ ඉස්කෝලෙ පංති තිබුණෙ පහ වසරට විතරයි. අපිට උගන්නන්න ගොඩක් සර්ලා ටීචලා හිටියෙ නැහැ. අපේ අම්මා මාව ශිෂ්‍යත්වේ පාස් වෙන්න කියලා පිට පන්ති වලට යැව්වා. මම ශිෂ්‍යත්වය පාස් වුණා. ඊට පස්සෙ මම දැන් ඉස්කෝලෙට ආවා. කළින් ඉස්කෝලෙට වඩා මේ මට මේ ඉස්කෝලෙ ගොඩක් හොඳයි. ගොඩක් පහසුකම් තියෙනවා. මම කවදා හරි ඩොක්ටර් කෙනෙක් වෙන්න ඉගෙන ගන්නවා’’ සමීර පවසයි. සමීර ප‍්‍රාථමික අධ්‍යාපනය ලැබූ පාසල මේ වන විට වැසී ගොස් තිබේ.
‘‘ අපි දරුවා ලොකු ඉස්කෝලෙකට දැම්මේ අපිට පුළුවන් කමකට නෙමෙයි. අපි දරුවට උගන්වන්නෙ ගොඩක් අමාරුවෙන්. එයා කළින් ඉගෙන ගත්ත ඉස්කොලේ හිටියා නම් අපිට ගොඩක් ලේසියි. එ්ත් එ් ඉස්කෝලේ ගුරුවරු හිටියෙ නැහැ. අපි දරුවට ඉගැන්නුවේ අමතර පන්ති වට යවලා. දැන් එයා යන වාහනේට මාසෙකට රුපියල් දාහකට වඩා ගෙවන්න ඕන. තව දරුවට පන්ති ගාස්තු දෙන්න ඕන. දරුවා ඉගෙන ගන්න දක්ෂයි. ඒ හින්දයි අපේ පුතා ටවුමේ ඉස්කෝලෙට දැම්මේ. ’’ සමීරගේ මව වන පොල්ගහවෙල පදිංචි පද්මිණි කුළසේකර පැවසුවාය.
ශී‍්‍ර ලංකාවේ ජනගහණයෙන් හතරෙන් එකක ප‍්‍රමාණයක් පාසල් සිසුන්ගෙන් සමන්විත වේ. එවන් තත්ත්වයක් මත ගම්බද පාසල් වැසී යාම කිසිසේත් හිතකර තත්ත්වයක් නොවේ. එබැවින් ගම්බද පාසල් වැඩි දියුණු කිරීමට පියවර ගැනීමට කටුයුතු කරන බව අධ්‍යාපන බලධාරීහු පවසති.
‘‘ මේ වන විට අපි ගම්බද පාසල් වැඩි දියුණු කරීමට පියවර ගෙන තිබෙනවා. ඉදිරියේදී මේ තත්ත්වය තවත් වැඩි පුළුල් කිරීමට අප කටයුතු කරනවා. මේ තත්ත්වය යටතේ ඉදිරියේදී දරුවන් ගමේ පාසලේ රඳවා ගැනීමට හැකි වේවි.’’
Reports on the education sector have highlighted a threat faced by rural schools due to the demand for popular schools in urban areas. The Central Bank states that 664 schools have closed down between 1997 and 2007, with 36 schools closing down in 2007 alone. During the past few months 12 more schools have closed down in the Polgahawela area. Education Ministry officials have said that regardless of the facilities provided to rural schools, parents opted to admit their children into popular schools in the towns. However, officials said that steps are being taken to further improve the standards and facilities in rural schools to ensure the admission of students into them.
By Anupama Ganegoda
කොළඹ භික්ෂු විරෝධතා අඛණ්ඩව පැවැත්වෙන ලකුණු
නැවත වරක් කොළඹ නගරයේ ආරම්භ වූ භික්ෂූන් වහන්සේලාගේ උද්ඝෝෂණ තවදුරටත් පැවැත්වෙන බවට වන ලකුණු පළ කරමින් ජාතික භික්ෂු පෙරමුණ විසින් කොළඹදී තවත් උද්ඝෝෂණ ව්‍යාපාරයක් පැවැත්වූයේය.
දේශහිතෛශී ජාතික මධ්‍යස්ථානයේ කැදවුම්කරු වශයෙන් කටයුතු කරන දඹර අමිල හිමියන් රහස් පොලීසිය විසින් අත්අඩංගුවට ගැනීමත් සමගින් කොළඹ නගරයේදී භික්ෂූන්ගේ උද්ඝෝෂණ නැවත වරක් ආරම්භ විය. එම උද්ඝෝෂණ හා සත්‍යග‍්‍රහ තවදුරටත් ක‍්‍රියාත්මක වෙමින් පවතී. මෙම උද්ඝෝෂණ ව්‍යාපාරයේ තවත් එක් විරෝධතා පාගමනක් ජනවාරි 5 වැනිදා සවස පැවැත්වූ අතර එම පාගමන බොරැල්ල නගරයෙන් ආරම්භ විය. බොරැුල්ල නගරයෙන් ආරම්භ වූ පාගමන වෝඞ් පෙදෙසේ සිට ටවුන් හෝල් ඔස්සේ විහාරමහා දේවී උද්‍යානය වෙත පැමිණියේය. පාගමනින් විහාරමහා දේවී උද්‍යානය වෙත පැමිණි භික්ෂූන් වහන්සේල එය ඉදිරිපිට සත්‍යග‍්‍රයකද නිරත වූයේය.
දඹර අමිල හිමියන් අත්අඩංගුවටගැනීමට විරෝධය දැක්වීම සදහා තමන් මේ ආකාරයට එක්ව සිටින බවත් මෙවැනි උද්ඝෝෂණ ව්‍යාපාර මගින් ආණ්ඩුවේ මර්දනය මැනවින් ප‍්‍රදර්ශණය වන්නේයැයි විරෝධතා පාගමනට සහභාගීවී සිටි බඹරකන්දේ ඥාණසිරි හිමියෝ කීහ.
දඹර අමිල හිමියන් අත්අඩංගුව ගෙන ඇත්තේ දේශපාලන පලිගැනීමක් වශයෙන් වන බවත් මේ නිසා උන්වහන්සේ වහාම නිදහස් කිරීමට කටයුතු කළ යුතුයැයි විරෝධතාවට එක්ව සිටි භික්ෂූන්වහන්සේලා රජයට බලකර සිටියහ. මීට පෙර පැවැති ජනාධිපතිවරණයේදී වත්මන් ජනාධිපතිවරයා බලයට පත්කිරීම සදහා අමිල හිමියන් විශාල සේවයක් කළ බවත් උන් වහන්සේ විසින් ආණ්ඩුවට විරුද්ධව අදහස් ප‍්‍රකාශ කිරීම නිසා මේ ආකාරයට අත්අඩංගුවට ගෙන තිබෙන බවත් ජාතික භික්ෂු පෙරමුණේ ප‍්‍රධාන ලේකම් අත්තනයාලේ සමිත හිමියෝ කීහ.
දඹර අමිල හිමියන් අත්අංගුවට ගැනීම මර්දනයේ මුල් අවස්ථාවක් වන බවද ඉදිරියේදී තවත් මර්දනකාරී පියවර දැකීමට හැකි වන බවද භික්ෂූන් වහන්සේලාගේ පාගමන සදහා එක්ව සිටි අන්තර් විශ්ව විද්‍යාල ශිෂ්‍ය බලමණ්ඩලයේ කැදවුම්කරු නාමල්ඔය ආනන්ද හිමියෝ කීය. ‘‘මේ පෙරහැරේ කස කාරයෝ යන වෙලාව. ඉදිරියේදී තවත් මර්දනකාරී පියවරන් දැකීමට හැකියි.’’
අමිල හිමියන් අත්අඩංගුවට ගත් අවස්ථාවේ සිට රටේ යහ පාලනය ඇතිකිරීම සදහා ජනතාව ඒකරාශී වෙමින් සිටින්නේයැයි මෙම සත්‍යග‍්‍රහය සදහා එක්ව සිටි භික්ෂූන් වහන්සේලා අමතමින් ජාතික භික්ෂු පෙරමුණේ උපදේශක මහාචාර්ය අත්ංගල රතනපාල හිමියෝ පැවසූහ.
සාමාන්‍යයෙන් භික්ෂූන් වහන්සේලාට පැවරී තිබෙන වගකීමෙන් පිට කාර්යභාරයන්ට අමතරව මෙවැනි උද්ඝෝෂණ ව්‍යාපාරවල නිරතවීම පිළිබදව නොයෙක් දෙනා නොයෙක් අදහස් පළ කරති. මෙම භික්ෂූන් වහන්සේලාට නොගැලපෙන්නක් බව සමහරු කියති.
‘‘හාමුදුරුවරුන් ආගමික වැඩ කටයුතු කරගෙන සිටිය යුතුයි. එහෙත් ඒ ආකාරයට ආගමික වැඩ කටයුතු සිදුකරගෙන සිටීමට අවශ්‍ය සාමකාමී වාතාවරණයක් නොමැති නිසා මේ ආකාරයට භික්ෂූන් වහන්සේලාට විරෝධතා ව්‍යාපාරයන්හි නිරතවීමට සිදුව තිබෙනවා.’’ ඥාණසිරි හිමියෝ සදහන් කළහ.
එහෙත් දේශපාලන පලිගැනීමක් වශයෙන් අමිල හිමියන් අත්අඩංගුවට ගෙන නැතැයි පොලීසිය පවසයි. පොලීසිය වෙත ලැබුණු පැමිණිළි මත උන්වහන්සේ අත්අඩංගුවට ගෙන ඇතැයිද ඔවුන් වැඩිදුරටත් සදහන් කරයි.
සෙසු පක්ෂවල ජනාධිපති අපේක්ෂාව
The other presidential aspirants speak
මෙවර ජනාධිපතිවරණය සඳහා ඉදිරිපත්වන අපේක්ෂකයන් පිළිබඳව සාමන්‍ය ජනතාව දැණුවත්ව සිටියද ඔවුන් නිසි ආකාරයෙන් දැණුවත් වී සිටින්නේ ප‍්‍රධාන අපේක්ෂකයන් දෙදෙනා පිළිවදව පමණි. මේ සඳහා ප‍්‍රධාන හේතුව වී ඇත්තේ මාධ්‍ය ආයතන හා සියලුම මාධ්‍ය එකී පක්ෂ සඳහා පමණක් අවකාශ ලබා දීම බව ස්වාධීන පක්ෂයේ ජනාධිපති අපේක්ෂක උක්කුබංණ්ඩා විජේකෝන් පැවසුවේය.
මන්ත‍්‍රීවරයකු දි සා ඇමතිවරයකු කැබිනට් අමාත්‍යවරයකු තානාපතිවරයකු වශයෙන් රටට සේවයක් කළ උක්කුබංඩා විජේකෝන් දේශපාලන ඉතිහාසයේ අවුරුදු පනහක අත්දැකීම් ලත් පුද්ගලයෙකි.ඒ වන විට ඔහු වෙනම දේශපාලන පක්ෂයක් නියෝජනය කළද මේ වන විට ඔහු එකී දේශපාලන පක්ෂයෙන් වෙන් වී කටයුතු කිරීමට හේතුව එකී දේශපාලන පක්ෂයන්හි පැවති පිරිහුණ ගති ලක්ෂන වලින් සාමාන්‍ය ජනතාව ගලවා ගැනීමය.
”මේ රට පිරීහීමට යනවා මිසක් දියුණුවට යනවා දකින්න නැහැ.සාමාන්‍ය ජනතාව බලාපොරොත්තු වෙන්නේ ආණ්ඩුවකින් රටේ නීතිය සාමය ආරක්ෂා කරලා ආර්ථික සංවර්ධනයක් ඇති කරන එක. ඒ දේ සිද්ධ වෙන්නේ නැත්නම් ආණ්ඩුවකින් වැඩක් නැහැ.” ජනාධිපති අපේක්ෂක විජේකෝන් පැවසුවේය.
ආණ්ඩුක‍්‍රම ව්‍යවස්තාවට අනුව පරමාධිපත්‍ය ජනතාව සතුය. එවැන්නක් දැන් දක්නට නොමැත.මැතිවරනයකදී පළමුව පක්ෂයට හා දෙවනුව අපේක්ෂකයාට කතිරය ගැසීමට සිදුව ඇත. ස්වශක්තියෙන් ස්වයංපෝෂිත වීමට හැකි වන ස්වයං පාලන ක‍්‍රමයක් ඉතාම කුඩා පාලන ඒකකය වන අපේ ගම් තුළට නැවත හඳුන්වා දිය යුතුව ඇත. ග‍්‍රාම රාජ්‍ය සංකල්පය තුළින් මෙය සිදු කර ගැනීමේ හැකියාව පවතී. ජනතාව මෙම සංකල්පය පිළි ගතහොත් අවුරුදු තුන හතරකදී ගම්බිම් යළි පුබුදුවා ජාතික නවෝදයක් ඇති කර සැමට සෞභාග්‍ය උදා කිරීමට හැකියාව ඇති බව ජනාධිපති අපේක්ෂක විජේකෝන් පැවසුවේය.
”අද අපි ජීවත් වෙන්නේ අපේ අනාගතය උකස් කරලා. අපි හැමෝම ලක්ෂ දෙකක් ණයයි. ජනතාවට පරමාධිපත්‍ය බලය දීලා ලක්ෂ 50 ගාණේ ග‍්‍රාම සංවර්ධනයට දුන්නනම් මේ රටේ දියුණුවක් දකින්න පුලුවන්. ” ජනාධිපති අපේක්ෂක විජේකෝන් පැවසුවේය.
”පෙරදිග ධාන්‍යාගාරය කියලා හඳුන්වපු අපේ රට දැන් හිඟන රටක් වෙලා තියෙන්නේ. පිටරටවල ආදර්ශ අරන් හැදෙනවා නම් ඉන්දියාව දිහා බලලා හැදෙන්න පුලුවන්.ඒ රටේ ලක්ෂ විස්සකට එක ඇමතිකෙනයි ඉන්නේ.එහෙම බැලූවොත් අපේ රටට ඕන කරන්නේ ඇමතිවරු නව දෙනයි.පළාත් සභා ක‍්‍රමය මේ රටට උහුලන්න බැහැ.”හෙතෙම පැහැදිලි කළේය.
”අපේ දුප්පත් මිනිස්සුන්ගේ ලේ ඇට මස් නහර වල දුවන දුක වේදනාව මේ ලොකු ලොකු උදවියට තේරෙන්නේ නැහැ. ප‍්‍රධාන අපේක්ෂකයන් කියන දේවල් ලැයිස්තු විතරයි. ඒවා කරන්න රට වැසියන්ට ඉඩ දෙන්න ඕන. කරන්න ඕන කොහෙන්ද මොනවද කරන්න ඔන් කියලා තීරණය කරන්න ඕන. මින්ස්සුන් විසින් මිනිසුන්ගේ අපේක්ෂා ඉටු කර ගන්න ඉඩ අරින්න ඕන.” ඔක්කොම වැසියෝ ඔක්කොම රජවරු සංවිධානයේ ජනාධිපති අපේක්ෂක මුතුබණ්ඩාර කැම්ණිමුල්ල පැවසුවේය.
අධික වියදමක් දරන්න සිදුවීම පිළිබඳව කණගාටුව පළකරන කැමිණිමුල්ල පවසන්නේ මෙ වන විට කිසිවක් පැවසීම නිෂ්ඵල කරුණක් බවයි. මන්ද මැතිවරණය පැවැත්වීම සඳහා තීරණ ගෙන අවසන් වී ඇති නිසාවෙනි.
ලෝක ඉතිහාසයේ විධායක ජනාධිපති ධූරය සඳහා හිමිනමක් තරඟ වදින ප‍්‍රථම අවස්ථාවද මෙය වේ.ජන සෙත පෙරමුණ වෙනුවෙන් තරඟ වදින බත්තරමුල්ලේ සීලරතන හිම් පවසන ආකාරයට දිළිදුකම පිටු දැකීමට නම් ඒ පිළිබඳව අත්දැකීම් තිබෙන පුද්ගලයකු ඉදිරිපත් විය යුතුය.
”මේ කිසිම ආණ්ඩුවක් මහා සංඝරත්නයට සැලකුවේ නැහැ.තමන්ගේ දරුවන් ශාසනයට පූජා කරපු දෙමව්පියෝ ගැන කවදාවත් කතා කළේ නැහැ.කටුමැටි ගෙවල් වල දිළිදුකම පිටු දකින්න සදාචාර සම්පන්න රටක් ගොඩ නඟන්න හැකියාව හිමිනමකට හැකියාවක් තියෙනවා.” උන්වහන්සේ පැවසූහ.
”සිංහල පවුල් වල දරුවන්ගේ සංඛ්‍යාව පහළ බහිනවා.මහාජාතිය වෙච්ච අපි මේ ගැන සිතා බැලිය යුතුයි .අඩුම තරමින් දරුවන් දස දෙනෙක්වත් පවුලක සිටිය යුතුයි.සුලු ජාතීන් හෙළා දැනීමක් නෙවෙයි.ජාතීන් අතර සමඟිය ඇති කරන්න අපි උත්සහ ගත යුතුයි.”උන්වහන්සේ පෙන්වා දුන්හ.
එක්සත් සමාජවාදී පක්ෂය වෙනුවෙන් තරඟ වදින සිරිතුංග ජයසූරිය පවසන්නේ දුගී භාවයට ආර්ථික විනාශයට ජතික අසමඟියට වගකිව යුතු පාලකයින් පැරදවීම සඳහා ජනාධිපතිවරණය සඳහා ඔහු ඉදිරිපත් වූ බවය.
”ප‍්‍රජාතන්ත‍්‍රවාදයට අහිතකර බලපෑම් කරමින් රාජ්‍ය දේපළ මුදල් අයුතු ලෙස වියදම් කරමින් පවත්වන ඡන්දයක් මේක. ජතික සමඟිය ඇති කරලා තිරසාර සංවර්ධනයක් කරා රට ගෙනයා යුතුයි.ඒ සඳහා නව පාලකයෙක් පත්විය යුතුයි.” හෙතෙම පැවසුවේය.
නිදහසින් පසු වසර 62 පුරාවට මේරට කාබාසිනියා කළ ආණ්ඩුවලට රැවටුණ කාලය අවසන් කර නව යුගයක් ආරම්භ කිරීමට කාලය එළඹ ඇති බව ජනාධිපති අපේක්ෂක සිරිතුංග පැවසුවේය.
කොළඹින් මතුවන භික්ෂු විරෝධතා
නොයෙකුත් හේතු ඉදිරිපත් කරමින් විරෝධතා දැක්වීමට භික්ෂුන් වහනේසේලා කොළඹට පැමිණීම කාලයකින් දකින්නට නොලැබුණ නමුත් නැවත වරක් කොළඹ නගරයේ භික්ෂූන් වහන්සේලාගේ විරෝධතාවයන් ආරම්භවී තිබේ. ජනාධිපතිවරණය සදහා අපේක්ෂකයින් නාම යෝජනා භාරදීමෙන් පසුව කොළඹ නගරයේ භික්ෂුන්ගේ උද්ඝෝෂණ හා ෂත‍්‍රග‍්‍රහ වේගයෙන් ව්‍යාප්තවූයේය.
මේ වන විට කොළඹ නගරයේ පැවැත්වෙන භික්ෂූන්වහන්සේලාගේ සත්‍යග‍්‍රහ සියල්ලම සංවිධානය වී තිබෙන්නේ මැතිවරණය ඉලක්ක කරගනිමිනි. එක් භික්ෂු කණ්ඩායමක් ජනාධිපතිවරණය ඉදිරිපත්ව සිටින වත්මන් ජානාධිපති මහින්ද රාජපක්ෂට සහාය දැක්වීමට ඉදිරිපත්ව සිටින අතර තවත් භික්ෂුන්වහන්සේලා පිරිසක් විපක්ෂයේ පොදු අපේක්ෂකයා ලෙසින් ඉදිරිපත්ව සිටින සරත් ෆොන්සේකාට සහාය දැක්වීම සදහා ඉදිරිපත්ව සිටී.
මැතිවරණ වේදිකාවේ හා ජනාධිපතිවරණ අපේක්ෂකයින් විසින් සිදුකරන ප‍්‍රකාශන් පිළිබදව ප‍්‍රතිචාර දැක්වීම සදහා ජනාධිපතිවරයාට සහාය දක්වන භික්ෂූන් වහන්සේලා කොළඹට රැස්ව සිටින අතර විපක්ෂයේ පෙදු අපේක්ෂකයාට සහාය දක්වන භික්ෂූන් වහන්සේලාට හිරිහැර කිරීමට විරෝධය දැක්වීම සදහා ෆොන්සේකාට සහාය දක්වන භික්ෂූන් වහන්සේලා ඉදිරිපත්ව සිටිති.
වත්මන් ජනාධිපතිවරයාට සහාය දක්වමින් ශ‍්‍රී ලාංකීය භික්ෂු එකමුතුව විසින් දෙසැම්බර් 28 වැනිදා සත්‍යග‍්‍රහ ව්‍යාපාරයක් විහාරමහා දේවී උද්‍යානයේදී පැවැත්වුනේය. ලංකාවේ විවිධ ප‍්‍රදේශවල සිටි පැමිණි භික්ෂූන් වහන්සේලා මේ සදහා සහභාගී වී සිටි අතර විහාරමහා දේවී උද්‍යානය අසල සිට බුදුන් වැදීමෙන් අනතුරුව සත්‍යග‍්‍රය ආරම්භ කළේය. ‘‘දිවි හිමියෙන් මව්බිම සුරකිමු විජයග‍්‍රහණය ඉවසාගත නොහැකි ජාත්‍යන්තර බලවේග මගින් ලංකාවට සිදුකරන අනවශ්‍ය ඇගිලි ගැසීම් වහාම නවතනු’’ යන තේමාව යටතේ මෙය සංවිධානය කර තිබුනේය.
‘‘විපක්ෂයේ පොදු අපේක්ෂකයා විසින් (සති අන්ත ඉංග‍්‍රීසි පුවත්පතකට) ප‍්‍රකාශයක් කර තිබෙනවා. මේ ප‍්‍රකාශය මගින් රටට හානියක් සිදුව තිබෙනවා. මේ සදහා විරෝධතාවය දැක්වීම සදහා භික්ෂූන් වහන්සේලා පා ගමනනින් විහාරමහා දේවී උද්‍යානය වෙත පැමිණියා.’’ මෙම සත්‍යග‍්‍රහයට සම්බන්ධවූ දේශහිතෛශී ජාතික මධ්‍යස්ථානයේ සභාපති බෙංගමුවේ නාලක හිමියෝ පැවසූහ.
විපක්ෂයේ පොදු අපේක්ෂකයා පිටුපස විජාතික කුමන්ත‍්‍රණකරුවන් සිටින බවත් යුද්ධය ජයග‍්‍රහණය කළ නායකයා වන වත්මන් ජනාධිපතිවරයා ආරක්ෂා කරගැනීම යුතුකමක් වන බවත් බෙංගමුවේ නාලක හිමියෝ පැවසූහ.
විහාරමහා දේවී උද්‍යානය අසලට රැුස්වූ භික්ෂූන් වහන්සේලා වත්මන් ජනාධිපතිවරයා ආරක්ෂා කළ යුතු බවට කතිකා කරගත් බවද ඒ හිමියෝ කීහ. මේ අවස්ථාවට සහභාගීවී සිටි ලංකාවේ විවිධ පළාත්වල භික්ෂූන් වහන්සේලා තමන්ගේ ප‍්‍රදේශ වෙත ගොස් පන්සල් මට්ටමින් විපක්ෂයේ පොදු අපේකෂකයා විසින් සිදුකර තිබෙන ප‍්‍රකාශය පිළිබදව දැනුවත් කිරිමට කටයුතු කරන බවද නාලක හිමියෝ කීහ. විදේශ රටවල් හා එක්සත් ජාතීන්ගේ සංවිධානය විසින් කරන විවිධ දේශපාලන අතපෙවීම් පිළිබදව වත්මන් ජනාධිපතිවරයාට සහාය දක්වමින් සත්‍යග‍්‍රහ පවත්වන භික්ෂූන් වහන්සේලා අවධානය යොමුකර තිබුනේය. ඒ අනුව ලංකාවට සිදුකරන දේශපාලන බලපෑම් නවතන ලෙස මෙම භික්ෂූන් වහන්සේලා එක්සත් ජාතීන්ගේ සංවිධානයනේ ඉල්ලා සිටියේය.
‘‘ලංකාවට සිදුකරන දේශපාලන බලපෑම් නවත්වන ලෙස ඉල්ලාසිටිමින් අපේ භික්ෂූන් වහන්සේලා සිව් නමක් එක්සත් ජාතින්ගේ සංවිධානය වෙත සංදේශයක්ද භාරදුන්නා.’’ නාලක හිමියෝ ්පැවසවූහ.
ආණ්ඩුවට සහාය දක්වන භික්ෂූන්වහන්සේලා විහාරමහා දේවී උද්‍යානය අසල සත්‍යග‍්‍රහ පවත්වන අවස්ථාව වන විට ආණ්ඩුවට විරෝධය දක්වන භික්ෂූන් වහන්සේලා කොටුව බෝධිය අසලට වී සත්‍යග‍්‍රහ පැවැත්වූහ. එම භික්ෂුන් වහන්සේලා ආණ්ඩුව විසින් කරන ප‍්‍රජාතන්ත‍්‍රවිරෝධී ක‍්‍රීයාමාර්ගයන්ට විරෝධය දක්වා තිබුණි. උන්වහන්සේලා සත්‍යග‍්‍රහයක පැවැත්වීමට ප‍්‍රභලම හේතුව වී තිබුනේ රහස් පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන සිටින දේශ හිතෛශී ජාතික ව්‍යාපාරයේ කැදවුම්කරු පූජ්‍ය දඹර අමිල හිමියන් නිදහස් කරන ලෙස බලකිරීම සදහාය.
‘‘ඉතාමත් පහත් වෛරී හා කෘහක ආකාරයෙන් දේශපාලන ගනුදෙනු බේරානොගන්නා ලෙස රජයට දැනුවත් කිරීම සදහා භික්ෂූන් වහන්සේලා හා තවත් ගිහි පිරිස් කොටුව බෝධීය අසලට රැස්වී ෂත්‍යග‍්‍රහයක නිරතවුනා.’’ ජාතික භික්ෂු පෙරමුණේ මාධ්‍ය ප‍්‍රකාශක පූජ්‍ය පූජිත හිමියෝ පැවසූහ.
වත්මන් ජනාධීපතිවරයා ජයග‍්‍රහණය කිරීම සදහා ගමින් ගම නගරයෙන් නගරය වෙත ගොස් ජනාධිපති රාජපක්ෂට හිමි නැති ජයක් ලබාදුන් හිමිනමකට සලකන ආකාරය ඉතාමත් පහත්යැයි උන් වහන්සේ පැවසූහ. ජනාධිපති රාජපක්ෂ අනුගමනය කර ප‍්‍රජාතන්ත‍්‍ර විරෝධී ගමන පවුල් වාදය අනුමත නොකළ නිසා රජය විසින් අමිල හිමියන්ට විරුද්ධව පියවර සොයමින් සිටින්නේයැයි පූජිත හිමියෝ කීහ.
මුදල් වංචාවක් පිිළිබදව චෝදනා මත රහස් පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන සිටින අමිල හිමියන් හොරණ මහේස‍්‍රාත් අධිකරණය වෙත දෙසැම්බර් 29 වැනිදා ඉදිරිපත් කළේය. මේ අවස්ථාවේදී අමිල හිමියන්ට ඇප ලබාදෙන ලෙස ඉල්ලීම් කළත් ඇප ලබාදීම ප‍්‍රතික්ෂේප කළ අධිකරණය උන්වහස්සේ ජනවාරි මස අට වැනිදා දක්ව රක්ෂිත බන්ධනාගාර ගතකරන ලෙස නියෝග කළේය. අමිල හිමියන් අධිකරණයට ඉරිපත් කරන අවස්ථාවේදී බණ්ඩාරගම නගරයේදී තවත් උද්ඝෝෂණයක් පැවැත්වෙමින් තිබුනේය. ඒ උන් වහන්සේට ඇප ලබාදෙන ලෙස ඉල්ලා සිටීම සදහාය. මෙම උද්ඝෝෂණයට ආණ්ඩු පක්ෂයේ ආධාර කරුවන් විසින් පහරදුන්නේයැයි පූජිත හිමියෝ කීවේය.
‘‘මෙයින්ම ආණ්ඩුවේ ප‍්‍රජාතන්ත‍්‍රවිරෝධි ගමන් මාර්ගය පැහැදිළිව පෙනෙනවා.’’ උන්වහන්සේ පැවසූහ.
දඹර අමිල හිමියන් සිරගත කළත් වර්තමානයේ ක‍්‍රියාත්මක ප‍්‍රජාතන්ත‍්‍රවිරෝධී ගමන් මාර්ගයට එරෙහිව හා විපක්ෂයේ පොදු අපේක්ෂකයා ජයග‍්‍රහණය කරවීම සදහා තවත් භික්ෂූන් වහන්සේලා ඉදිරියට පැමිණෙන්නේයැයි පූජිත හිමි කීහ.
‘‘මෙම අත්අඩංගුවට ගැනීම හරහා රාජපක්ෂලා ගෙනයන නීති විරෝධී පාලනය අවසන් කිරීමට ප‍්‍රජාතන්ත‍්‍රවාදය ස්ථාපිත කරන පොදු අපේක්ෂකයා ජයග‍්‍රහණය කරවීම තවත් වේගවත් කළා. එය තවත් ශක්තිමත් කළා.’’ පූජිත හිමියෝ සදහන් කළහ.
Protests organized by bhikkus in Colombo have increased with the Presidential election campaigning. While some bhikkus had organized a sathyagraha in support of President Mahinda Rajapaksa, another group of bhikkus had gathered to support the opposition common candidate General Sarath Fonseka. The bhikkus in support of the President gathered at the Viharamahadevi Park to protest against a comment made by General Fonseka. The other group of bhikkus gathered opposite the Pettah Bo tree against the anti-democratic actions of the government they claim resulted in the arrest of National Bhikku Front Leader, Ven. Dambara Amila Thero.
පුවත්පත් දැන්වීමක දුටු රැකියාවකට හසුවුණෙමි.
Hundreds fall victim to bogus job banks
සෑම දෙමාපියකුගේම මුලික බලාපොරෝතතුවක් වන්නේ තමන්ගේ දරුවන්ට හොඳ අධ්‍යාපනයක් ලබාදී සමාජයේ ඉහළ රැකියාවක් කරණු දැකීමයි. මේ සඳහා දුවා දරුවන් පෙර පාසල් කාලයේ සිට හැඩගැස් වීමට මව්පියවරුන් විශාල කැපවීමක් කරයි. පෙරපාසලින් අනතුරුව ජනප‍්‍රිය පාසලකට දරුවා ඇතුලත් කර ගැනීමේ සිට, පහ ශිෂ්‍යත්වය විභාගය දෙමාපියන්ට මහත් බලාපොරෙත්තු ගෙන දෙන්නකි, එයින් පසු අධ්‍යන පොදු සහතික පත‍්‍ර සාමාන්‍ය පෙළ විභාගය ද උසස් පෙළ විභාගය ද දෙමාපිය බලාපෙරොත්තුවේ තවත් සංධිස්ථාන වෙයි.
එම කඩයීම් පසු කරන ශිෂ්‍යයින් විශ්ව විද්‍යාල අධ්‍යාපනය ලැබ ගැනිමත් විවිධ පාඨමාලා සහ වෘත්තීය පුහුණු හා සුදුසුකම් ලබා ගෙන රැකියා අපේක්‍ෂාවෙන් සිටීමද වර්ථමානය වන විට බොහෝ සේ දැක ගැනීමට ඇති තත්ත්වයකි. වසර ගණනක් තිස්සේ ඉතා දුකසේ ලබාගත් අධ්‍යාපනයේ නිසි ප‍්‍රථිපල ලබා ගැනීම සඳහාත් අසරණ දෙමාපියන්ගේ ප‍්‍රාර්ථනා ඉටුකිරීම සඳහාත් තමන්ගේ සුදුසුකම් වලට සරිලන රැකියාවක් ලබා ගැනීම තරුණ තරුණියන්ගේ මුලික අපේක්‍ෂාව වෙයි. මේ අකාරයට රැකියා විරහිත භාවයෙන් සිටින තරුණ තරුණියන් වංචනික ලෙස මුලා කිරීම් ද වර්ථමානයේ අසන්නට ලැබෙයි.
” 2009 සැප්තැම්බර් මාසේ 06 වෙනි ඉරිදා සති අන්තයේ පුවත් පතක මානව සවිය නිපුනතා සංවර්ධන අධ්‍යාපන ආයතනයේ විවිධ රැකියා ඇබෑර්තු කිහිපයක් සම්බන්ධව අයඳුම් කිරීමට හැකි බව එහි විස්තර සහිතව දැන්වීමක් පළකර තිබුණා. මමත් රැකියාවකට ඉල්ලූම් කිරිම සදහා අයදුම් පත් ගෙන්වා ගැනීමට ලිපියක් යමු කලා. එහිදි මට නැවත ලිපියක් ලැබුණා. එහි සඳහන් කර තිබුණේ එක් රැුකියාවකට අයඳුම් කිරීම සදහා රුපියල් දෙසීය පනහක් බඳින්න ඕන කියලා. මම සල්ලි බැදලා රැකියාවකට ඇයඳුම් කලා.”
මාතර දික්වැල්ල බතීගම ප‍්‍රදේශයේ ජීවත්වන නදීකා දඩල්ලගේ පැවසුවාය. ඇය පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ උපාධිධාරිනියක්. තමන් ලබා ගත් උසස් අධ්‍යාපනයේ ප‍්‍රථිඵලයක් ලබාගෙන ජීවිතයට මුහුණ දීම ඇයගේ එකම බලාපොරාත්තුව වී තිබුණාය.
ඒ නිසාම ඇය පුවත් පත්වල පළවන විවිධ රැකියා සඳහා ඉල්ලූම් කරන්නට වුයේ තම බලාපොරොත්තුව ඉටු කර ගැනීම සඳහාය.
”මම යොමුකල ඇයඳුම් පත‍්‍රයට පිළිතුරු ලිපියක් සති දෙකකට පසු ලැබුණා. එහි තිබුණේ මට සම්මූඛ පරීක්‍ෂණයක් සඳහා ගාල්ල සමුපකාර මන්ධිරයට පැමිණෙන ලෙයසි. එදින තවත් හය දහසක් පමණ පිරිසක් එම ස්ථානයට පැමිණ සිටියා. එහිදී දැන ගන්න ලැබුණේ එම ස්ථානයේම දින පහක් එම සම්මූඛ පරීක්‍ෂණය පවත්වා ඇති බවක් යැයි” නදීකා දඩල්ලගේ විස්තර කලාය.
නදීකා සඳහන් කරන අන්දමට දින කිහිපයකට පසු ඇයට ලිපියක් ලැබෙන්නේ අදාල සම්මූඛ පරීක්‍ෂණයෙන් සමත්ව ඇති බවත් එයට අදාල පුහුණු වැඩමුළුවක් නොවැම්බර් මස 17,18 යන දිනයන්හිදී මාතර තරුණ බෞද්ධ සංගමයේ පැවැත්වෙන බවත් ඒ සඳහා රුපියල් 1500ක මුදලක් ගෙවිය යුතු බවත් සඳහන් කරමිනි. ඒ අනුව ඇය අදාල ආයතනයේ බැංකු ගිණුමකට එම මුදල තැන්පත් කර එම පුහුණු වැඩමුළුව සඳහා අදාල දිනයේ උදැසන 8.30ට සහභාගී වු බව නදීකා දඩල්ලගේ පැවසූවාය.
”වැඩමුළුවට ගියමුල් දිනයේම අපට වැඩමුළුවක් දැකගන්න ලැබුනේ නෑ. පැමිණි සාමාජකයින්ට තමතමන් හදුන්වා දෙන්න කිව්වා. අට සියයක් පමණ තරුණ පිරිසක් මේ සඳහා සහභාගී වී සිටියා. මානව සවිය නිපුණතා සංවර්ධන අධ්‍යාපන ආයතනයේ නිළධාරීන් ඔවුන්ගේ ආයතනයේ දර්ශනය පැහැදිළි කරත්, අපිට එහිදි වැටහුනා මේ අය පත්තරේ දාලා තිබුන දැන්වීමේ විස්තර කර ඇති පරිදි කටයුතු කරන්නේ නෑ කියලා. ව්‍යාපෘති සංවර්ධනයට අදාල රැුකියා ගැන කිසිදෙයක් ඔවුන් කිව්වේ නෑ. පත්තරේ තිබුණේ දිස්ත‍්‍රික් කළමණාකාරවරු, ව්‍යාපෘති කළමණාකාරවරු, සහකාර කළමණාකාරවරු හා පරිගණක ක‍්‍රියාකරුවන් වැනි තනතුරු වලට ඉල්ලූම් කරන්නය. ඒ හැම රැකියාවකම වැටුප් තලය රුපියල් 20,000 වැඩි ඒවා බවත් නදීකා දඩල්ලගේ දිගින් දිගට විස්තර පැවසූවාය.
නදීකා පවසන අන්දමට එහි පැමිණ සිටි තරුණ පිරිස ආයතනයේ නිළධාරීන්ගෙන් අදාල පුවත් පත් දැන්වීම පිළිබඳ විමසූ විටදී ඔවුන්ටද එහි ඇති රැකියා තනතුරු පිලිබඳ නිසි පිළිතුරක් ලබා දීමට නොහැකි වී ඇත. ඒ අවස්ථාවේදී එම ආයතනයේ නිළධාරීන් පවසා ඇත්තේ තම ආයතනයේ රැකියා අවස්ථා ඇත්තේ ඔවුන් නිෂ්පාදනය කරණු ලබන පොත් පිංචක් සහ සී.ඩි. පටයක් ගෙයින් ගෙට ගොස් අලෙවි කිරිමයි. එහිදි මෙම අවස්ථාව ලබාගන්නන්හට මුලික පඩියක් දීමට නොහැකිබවත්, සියයට විසි පහක කොමිස් මුදලක් ලැබෙන බවත් ඔවුන් සදහන් කර ඇත.
”පස්සේ අපිට හොදටම පැහැදිළිවුණා මේ කණ්ඩායම විශාල වංචාවක් අපට කර ඇතිබව. පුවත් පත් දැන්වීමේ ඇති සියළු කරුණු අසත්‍යබවත් අපට වැටහුනා. එහි සඳහන් ලියාපදිංචියද අසත්‍ය එකක්. ඉන්පසු අපි නොවැම්බර් 18 දින පොලිස් කොමිසමට මේ සම්බන්ධව පැමිණිලි කරා. පොලිසිය කරුණු සොයා බැලීමේදී ඔවුන්ට ආයතනයේ ලියාපදිංචියක්වත් පෙන්නන්න බැරිවුණා.” මේවන විට මෙම වංචනික ක‍්‍රියාදාමය ලංකාවේ දිස්ත‍්‍රික්ක 19ක පවත්වාගෙන ගොස් ඇති බවත් පොලීසිය මගින් දැන ගන්නට ලැබුණේ යැයි නදීකා පවසන්නීය.
”ජනතාවගේ සුභසාදනය වෙනුවෙන් වංචනිකව පෙනීසිටින බෙහෝ දෙනෙකුගෙන් පරිස්සම් වන්න ජනතාවට සිදුවෙලා. වර්ථමානයේ මුදල් සම්බන්ධව පමණක් නෙවෙයි, හැම කටයුත්තකදීම විපරමින් සිටිය යුතුය. රැකියාදෙන බව පවසා තරුණ පිරිස මුලාකර තියෙන්නෙත් පුවත්පත් මගින් දැන්වීම් පල කරලා. මේවාට ඇයඳුම් කරන අය ඒවායේ ලියාපදිංචිය ගැන සෙවිමක් කරලා නෑ. මේ වගේ දැන්වීම් පලකිරිමේ දී පුවත්පත් වලටලත් අපිට යෝජනා කරන්න වෙන්නේ ආයතනයක ලියාපදිංචිය සටහන්කර නොමැති දැන්වීම් පලකිරිම ගැන මාධ්‍ය ආයතන වල මතයක් ගොඩ නැගිය යුතුය. ඒ වගේම මහ ජනතාවත් මෙවැනි වංචනික ක‍්‍රියා ගැන අවදානයෙන් සිටිය යුතුයි” පොලිස් මාධ්‍ය ප‍්‍රකාශක ජේෂ්ඨ පොලිස් අධිකාරී අයි. එම්. කරුණාරත්න පැවසීය.
”අපි කොච්චර ඉගෙනගත්තත් අවසානයේ රැවටිලිකාරයින්ට අහුවුණා. මම අපේ රටේ නංගිලා මල්ලිලාට දෙන පණිවිඩය තමයි මෙනවා උනත් දුක් විදගෙන ඉගෙන ගන්න. ඒක කවදාවත් අපතේ යන්නේ නෑ. ඒ උනාට සමාජයේ වංචා කාරයින්ගෙන් ප‍්‍රවේශම් වෙන්න. රැකියාවකට යාමේදී හොදට හොයලා විශ්වාසවන්ත ආයතනයකට සම්බන්ධවෙන්න.” නදීකා දඩල්ලගේ අවසාන වශයෙන් පැවසූවාය.
A bogus job bank, Human Strength Skills Development Educational Institute, had scammed thousands of unemployed graduates by collecting money promising jobs that pay a monthly salary that exceeds Rs. 20,000. A police investigation conducted on a complaint lodged with the Police Commission by several victims last month had revealed that the company had operated in 19 districts in the country without even a proper company registration. The bogus company after collecting Rs. 250 as registration fees through newspaper advertisements from victims and calling them for an interview had collected Rs. 1,500 for a two day workshop. At the workshop the victims had been informed they would be door to door sales persons promoting the company instead of providing them with the promised employment opportunities.
සෙවණගල උක් ගොවියාගේ අද දවස
සෙවණගල කියන විට අපගේ මතකයට නැගෙන්නේ සෙවණගල සීනි කම්හල. දේශීය ආර්ථිකයට වගේම සැමගේ දිව පැණි රසයෙන් පිනවන්නට සීනි වලින් ලැබෙන්නේ මහඟු පිටිවහළකි. සීනි නිපදවීම සඳහා යොදා ගන්නේ උක් ශාඛය. සෙවණගල අවට ප‍්‍රදේශවල අක්කර 25000ක් පමණ ප‍්‍රමාණයක ගොවියන් 7000ක් පමණ උක් වගාව සිය ජීවනෝපාය මාර්ගය කරගෙන තිබේ.
80 දශකයේ අග භාගයේදී උක් වගා කරන ගොවීන් සෙවණගල සීනි කම්හල අවට විවිධ ප‍්‍රදේශවල පදිංචි වී ඇත. ඒ එවකට පැවති රජයේ මැදිහත් වීමෙනි. නම්මුණි ආරච්චිගේ නන්දසේනත් එවැනි පදිංචි කරුවෙකි. අවුරුදු 18ක කාලයක සිට ඔහු උක් වගා කරමින් තම දරු පවුල නඩත්තු කරන්නනේය.
‘‘දැන් අපි මෙහාට ඇවිල්ලා අවුරුදු 19ක් වෙනවා. මුලදි එද්දි ගණ කැලෑව තිබුණේ. ඒ කාලේදී අලින්ගෙන් අපේ වගාවන් බේර ගන්න බැරි වුනා. ඊට පස්සෙ තමයි මේ කැලෑව එළි කරල අපිට උක් වගා කරන්න සීනි සමාගමෙන් මේ ඉඩම්වල බිම් සකස් කරල දුන්නේ. එදා ඉඳල තමයි අපි මේ විදියට උක් වගාව දිගටම කරගෙන ආවේ.” නන්දසේන පවසන්නේය.
සෙවණගල සීනි කම්හල පවත්වා ගෙන ගියේ රජය මගිනි. නමුත් දැන් එය පෞද්ගලික අංශයට පවරා දී තිබේ. ඒ අනුව මේ ගොවියන්ට අවශ්‍ය පහසුකම් සෙවණගල සීනි කම්හලෙන් ලබා දෙනු ලැබේ. නමුත් තවමත් මේ ඉඩම්වල අයිතිය ගොවියන්ට පවරා දී නොමැත.
‘‘මේ ඉඩම් අපිට රජයෙන් දුන්නේ. ඒත් තාම බලපත‍්‍රයක් එහෙම දීල නැහැ. අපි මේ ඉඩම්වල උක් වගා කරල දැන් ඒ පෞද්ගලික ආයතනයට දෙනවා. එහෙන් තමයි අපිට උදව් කරන්නේ. උදව් කියන්නේ ඉතින් බිමි සකස් කරලා දෙනවා. පොහොර දෙනවා. ඒවාට අවශ්‍ය වල්නාශක ඒ සියලූම දේවල් දෙනවා. දීල ඉතින් ඒවාට අපෙන් සියයට දහ අටක පොලියකුත් එක්ක අය කර ගන්නවා.” නන්දසේන එසේ විස්තර කරයි.
උක් වගාව ආරම්භයේදී අවශ්‍ය තරම් ප‍්‍රමාණයට වර්ෂාව නොලැබීම නිසා එය වගාවේ වර්ධනයට බාධාවක් වි ඇත. ‘‘මෙහාට ඉතින් වැස්ස වහිනවා අඩුයි. පැළ වර්ධනය වෙන කාලෙට ඕන කරන තරම් වතුර නැති වුනොත් වගාව සාර්ථක වෙන්නේ නෑ. අපි ඉතින් උඩවළව ජලාශයෙන් ඇළවල් දිගේ එන වතුර තමයි දමන්නේ. ඒ විදියට ඉතින් ගොඩාක් මහන්සි වෙන්න ඕන වගාවක් කරන්න.” නන්දසේන එසේ පවසයි.
ඇතැම් අවස්ථාවල ස්වභාවික උවදුරු වගේම රෝග වැළදීමෙන් මේ ගොවියන්ගේ උක් වගාවන් විනාශ වී ඇත. නන්දසේනගේ උක් වගාවටත් කිසියම් රෝගයක් වැළදීම නිසා කාලයක් තිස්සේ වගා කටයුතු නවතා දැමීමට සිදු වී ඇත.
‘‘උක් වගාවට ජී.එස්.ටී. කියලා රෝගයක් හැදෙනවා. මේක මගේ වගාවටත් හැදුනා. අක්කර 4ක උක් වගාව විනාශ වුනා. ඒ රෝගය හැදුනම ගහ සුදුපාට වෙනවා. නිකන් මල් ගහක් වගෙයි. ඊට පස්සේ ගහ මැරිලා යනවා. ඒක ස්වභාවිකවම නැතිවෙලා යනවා. නැතුව ඒකට බෙහෙත් නෑ. දැන්නම් ටිකක් ඒක අඩුවෙලා යනවා. ඉතින් ගොඩාක් කාලෙකට පස්සේ මේ සැරේ තමයි ආපහු උක් වගා කරන්න පටන් ගත්තේ.” නන්දසේන පවසන්නේය.
අවුරුදු 54ක් වයසැති උංගා කට්ටඩිගේ ගුණදාසත් අක්කර හතරක් උක්වගා කරන ගොවියෙක්. තම වගාවන් කිරීමට ඕන කරන මිනිස් ශ‍්‍රමය ලබා ගැනීමට අපහසු වීම නිසා ඔවුන් දැඩි අපහසුතාවලට මුහුණ දෙන බව ඔහු පවසයි.
‘‘කුලී කාරයෝ සොයා ගන්න බැරි එක තමයි ගැටළුව. කපන කාලෙට සෙනග හොයාගන්න බැරි කම තමයි හුඟක් දුරට බලපාන්නේ. ඉතින් වගාවක් කපන්න මාස දෙකක් එක හමාරක් යනවමයි අනිවාර්යෙන්ම. අපි ඉතින් තුන්දෙනා කල්ලිය, හතරදෙනා කල්ලිය ඒ විදියට කල්ලි හැදිල තමයි වැඩ කරන්නේ. බොහොම අමාරුයි කට්ටිය හොයාගන්න. ඒ අයටත් රුපියල් 650ක් 700ක් විතර දෙන්න ඕන ටොන් එකක් කපල පටවපුවහම.” ගුණදාස පවසන්නේය.
උක් වගා කටයුතු සඳහා පිරිමින් වගේම කාන්තාවන්ගෙන් ද ලැබෙන්නේ ලොකු සහයෝගයකි. මේ නිසා දවසේ වැඩි ප‍්‍රමාණයක් කාන්තාවන් වගා කටයුතුවලට යොමු වීම හේතුවෙන් පවුලේ අනෙකුත් වැඩ කටයුතු බොහෝ දුරට අතපසු වී තිබේ. විශේෂයෙන් ළමයින් පිළිබඳව අවධානය යොමු කිරීමට ලැබෙන්නේ අඩු කාලයක් වීම ඔවුන්ට ගැටළුවක් වී ඇත.
‘‘මාස ගණනක් යනකම්ම වගාවේම තමයි. වෙන කුලියකට යන්නවත් වෙලාවක් නෑ. උක් දඬු හිටවල ඊට පස්සේ බැරල්වලට වතුර පුරවලා ඒවාට තෙල් දිය කරලා ඊට පස්සෙ හතර පස් දෙනෙක් දමලා තෙල් ගහන්න ඕන. තෙල් ගහල මාසෙකින් පොහොර ගහන්න ඕන. ආයිමත් මායිම්පැළ ගලවන්න ඕන. මේ විදියට තමයි ඉතින් අපි ජීවත් වෙන්නේ. මේවට මහන්සි වුනාම ඉතින් ගෙදර වැඩ කටයුතු ගොඩාක් මග ඇරෙනවා. ළමයි පන්ති ගිහින් එන කොට රෑ වෙනවා. මේ පැත්තේ හරියට බස් එකක්වත් නෑ. යන්න එන්න හරියට පාරක් නෑ. තිබුණත් යන්න එන්න අමාරුයි. ළමයි පන්ති ගිහින් එන කොට ත‍්‍රී විල් එකකින් තමයි ගොඩාක් දුරට එක්කන් එන්න යන්න වෙන්නේ. අමාරුවෙන් දුක් විඳල හම්බකර ගන්න සල්ලි ඉතින් ඒවාට තමයි යොදවන්න වෙන්නේ. එහෙම අමාරුවෙන් තමයි අපි ජීවත් වෙන්නේ.” මල්පගේ අනුලා පවසන්නීය.
මේ ප‍්‍රදේශ වියළි කලාපයට අයත් නිසා වර්ෂාව ලැබෙන්නේ අඩු වශයෙනි. ඒ් නිසා වගාවන් වලට වගේම පානීය ජල අවශ්‍යතා සපුරා ගැනීමේ දී මේ ජනතාවට ඉතා දුෂ්කර තත්ත්වයන්ට මුහුණ දීමට සිදු වී ඇත. මේ හේතුවෙන් ඇතැමුන් දරුණු ලෙඩ රෝගවලට පවා ලක්වීමේ වැඩි අවධානමක් මේ ප‍්‍රදේශවල පවතී.
‘‘අපිට ගොවිතැනක් කර ගන්න හරියට වතුරවත් නෑ. බොන්නවත් වතුර නෑ. අපි බොහොම අමාරුවෙන් තමයි ජීවත් වෙන්නේ. උඩවළව ජලාශයෙන් ඇළ දිගේ එන වතුර තමයි අපි පාවිච්චි කරන්නේ. මේ ඇළ වැහුවොතින් නාන්නවත් නෑ අපිට. බොන්නේත් ඉතින් ඇළෙන් ගේ්න වතුර තමයි. ඒවගෙන් ඉතින් ලෙඩත් හැදෙනවා. වකුගඩු අමාරුව හැදෙනවා. මුත‍්‍ර අමාරුව ඒවත් හැදෙනවා ඉතින් කට්ටියන්ට. ඒ වගේ තත්ත්වෙක තමයි ජීවත්වෙන්නේ.” පද්මානි විජේසිංහ එසේ පවසන්නීය.
මේ විදියට බොහෝ අමාරුවෙන් පවත්වාගෙන එන උක් වගාව අනාගතයේදී කිසියම් අර්බුදයකට මුහුණ දීමේ අවධානමක් පවතී. තරුණ පරපුර මේ සඳහා යොමුවීම අඩු වීමත් ඊට එක් හේතුවක් වී ඇත.
‘‘කවදක හරි ඉතින් සෙවණගල උක් වගාව නැති වුණොත් එහෙම අපිට ජීවත් වෙන්න ක‍්‍රමයක් නෑ. දැන් තරුණ අය, ඔය ළමයිනම් කැමති නෑ උක් වගා කරන්න. මේක ටිකක් අමාරු කාර්යයක්නේ. කපන්න අමාරුයි, වගාවන්වල වැඩ කරන්න අමාරුයි. ඒ නිසා ඒ අය අකමැතියි මේකට. කොටසක් කැමති අයත් ඉන්නවා. ඒ කියන්නේ අපෙන් පස්සෙ නම් මේක කරන අය අඩුයි ඉතින්. එහෙම වුනොත් ඉතින් උක් වගාවත් ඉවරයි. සීනි කාලත් ඉවරයි.” නම්මුණි ආරච්චිගේ නන්දසේන එසේ ද පවසන්නේය.













