උතුරු නැගෙනහිර ඩෙංගු රෝගය අවම වන ලකුණු
පසුගිය සමයේ උතුරු සහ නැගෙනහිර ප‍්‍රදේශ වල සීග‍්‍රයෙන් පැතිර ගිය ඩෙංගු උණ රෝගය මේ වන විට ක‍්‍රමයෙන් අවම වී යන බව වසංගත රෝග විද්‍යංශය පෙන්වා දෙයි. පසුගිය දෙසැම්බර් මස පමණ සිට පෙබරවාරි මාසය වන තෙක් උතුරු නැගෙනහිර ප‍්‍රදේශයන්හී විශාල වශයෙන් ඩෙංගු රෝගය පැතිර ගියේය. මෙහිදී ඩෙංගු රෝගීන් 1700කට ආසන්න වූ අතර 14 දෙනෙක් මිය ගියහ. ඒ තත්ත්වය මේ වන විට බොහෝ දුරට ම්‍ග හැරී ඇතැයි වසංගත රෝග ඵීද්‍යංශයේ වෛද්‍ය හසිත තිසේරා පැවසුවේය.
‘‘ඊසාන දිග මෝසමත් සමගම පැතිර ගිය වර්ෂාව හේතුවෙන් ඩෙංගු රෝගය මේ ප‍්‍රදේශවල ඉක්මනින් පැතිර ගියා. ඩෙංගු රෝගය පිළිබද සාමාන්‍ය ජනතාවගේ තිබුණු අවධානය හේතුවෙන් සහ නිසි අකාරයෙන් සෞඛ්‍ය අංශයේ අවධානය නිසා රෝගය පැතිර යාම අවම කරගන්න හැකියාවක් ලැබුණා.’’ වෛද්‍ය තිසේරා පැවසුවේය.
මේ වන විට මේ වසරේ ගෙවුණු මාස දෙක තුළ ඩෙංගු රෝගීන් දස දහසකට ආසන්න ප‍්‍රමාණයක් වාර්තා වී ඇතැයි සෞඛ්‍ය අංශයේ වාර්තා පෙන්වා දෙයි. පසුගිය වසරේ ඩෙංගු රෝගය වසංගතයක් තත්ත්වයට පත් විය. එහිදි රෝගීන් අති විශාල සංඛ්‍යාවක් වාර්තා වූ අතර රෝගීන් තුන්සියයකට අධික පිරිසක් මරු මුවට පත් විය. 2009 වසර අගභාගය වන විට මේ තත්ත්වය සෞඛ්‍ය අංශයේ දැඩි අවධානයත් සමගම යම් තාක් දුරට පාලනය වී තිබුනද මේ වසර වන විට නැවතත් ඩෙංගු රෝගය උත්සන්න වී තිබේ.
‘‘ගිය අවුරුද්දෙ ඩෙංගු මැඩ පවත්වන්න සෞඛ්‍ය අංශ ලොකු මැදිහත් වීමක් කළා. ඒ කැපවීම නිසා ඇත්තටම ඩෙංගු රෝගීන් මිය යාම අඩු වුණා. ඒත් දැන් ආයෙමත් ඩෙංගු රෝගය වැඩි වෙනවා. සෞඛ්‍ය අංශ වල හිඩැසක් තියෙන නිසයි මෙහෙම වෙන්නෙ. හැකි ඉක්මනින් මේ තත්ත්වය පාලනය කරන්න පියවර නොගත හොත් නැවතත් ඩෙංගු රෝගය වසංගතයක් වීමේ අවදානම තියෙනවා.’’ ඩෙංගු රෝගයට භාජනය වූ හෙද නිලධාරී අවිස්සාවේල්ලේ ඉන්දික සම්පත් පැවසුවේය.
මේ වන විට ඩෙංගු රෝගය පැතිරීයාම වළක්වා ලීමට අවශ්‍ය සියථම පියවරයන් ගන්නා බව වසංගත රෝග ඵීද්‍යා කාර්යංශය ප‍්‍රකාශ කරයි. ඒ සදහා කියුබාවෙන් ගෙන්වන බී ටී අයි බැක්ටීරියාව ඩෙංගු පැතිරී යන ප‍්‍රදේශ වල හැකි ඉක්මනින් යෙදීමට බලාපොරොත්තු වන බව සෞඛ්‍ය අමාත්‍යංශය ප‍්‍රකාශ කළේය. විශේෂයෙන්ම ගුවනේ සිට මේ බැක්ටීරියාව විසිරුවා හැරීමට පියවර ගන්නා බව සෞඛ්‍ය අමාත්‍යංශය පෙන්වා දෙයි.
පෙන්ටාවේලන්ට් එන්නත නැවත හඳුන්වා දේ
ඉන්ෆුවෙන්සා ,කක්කල් කැස්ස,පිටගැස්ම,හෙපටයිටීස් යන රෝගී තත්වයන් සඳහා පෙන්ටාවේලන්ට් නැමති එන්නත නැවත ලබා දීම සඳහා සෞඛය අමාත්‍යාංශය තීරණය කරයි. 2008 වසරේ මෙම එන්නත ලබා දුනනද එම එන්නත ලබා දීමේදී ඇතිවූ සංකූලතාවයන් සැලකිල්ලට ගනිමින් මෙම එනනත ලබා දීම නවතා තිබූ අතර පසුව ලොක සෞඛය සංවිධානය හා ශ‍්‍රී ලංකා සෞඛය විද්වතුන් මඟින් නිර්ද්ශ කළ කමිටුවක් හරහාත් අනුමැතය ලබා ගනිමින් මෙම එන්නත නැවත ලබා දීමට ඊයේ දිනයේ ( 01 )තීරණය තර ඇත.
ශ‍්‍රී ලංකාවේ මතු වී එන මහජන සෞඛ්‍ය ගැටලුවක් ලෙස හිමොෆිලස් ඉන්ෆ්ලූවන්සා (හිබ්) ආසාධනය සැලකිය හැකි බව 2004 වසරේදී සිදු කෙරුණ හිබ් රෝග නිසා සිදුවන පීඩාව පිළිබඳ අධ්‍යනයෙන් පෙන්වා දෙනු ලැබීය.
වයස අවුරුදු 5ට අඩු දරුවන්ට වැළදෙන මෙම රෝගී තත්ත්වය කොළඹ දිස්ත‍්‍රීක්කයේ පමණක් ලක්ෂයකට 20.1 පමණ ප‍්‍රමාණයක් සිටින බව සෞඛ්‍ය අධයාපන කාර්‍යාංශයේ පැවති මාධ්‍ය සාකච්ඡාවකදී වෛද්‍ය සුදත් පීරිස් සඳහන් කළේය.
කුඩා ළමුන් අතර හිබ් රෝගවල අවදානමෙන් 90% කට වැඩි ප‍්‍රමාණයක් ප‍්‍රතිශක්තීකරණය මඟින් අවම කළ හැකි බවයි වෛද්‍ය පීරිස් සඳහන් කළේ.
මෙම එන්නත ගෙන්න වීම සඳහා සම්පූර්ණ වියදම රජය මඟින් දරණු ලබන අතර ඩෙංගු රෝගය සඳහා මෙම වසරේ අය වැයෙන් මිලියන පන්සීයයක් වෙන්කර ඇත.
ඩෙංගු රෝගය හා ඉන්ෆුවෙන්සා එච් 1 එන් 1 රෝගය ද මේ වන විට සැළකිය යුතු මට්ටමක පහත වැටීමක් පෙන්නුම් කරල ලද බව වසංගත රෝග ඵීද්‍යා අංශයේ අධ්‍යක්ෂිකා වෛද්‍ය පබා පලිහවඩන සඳහන් කළේය.
”ඩෙංගු රෝගය අවම කිරීම සඳහා රාජ්‍ය අමාත්‍යාංශ සියල්ලගේම සහය අවශ්‍යයි. කි්‍යුබානු රජයෙන් බීටීඅයි බැක්ටීරියාව ගෙන්නවීම සඳහා ඉල්ලූම් කරලා තියෙනවා. මේ මෙන දේ කළත් චරියාමය වෙනසක් සිදු කර ගන්නේ නැතිනම් මෙම රෝගය නැවත ඇති වෙන්න පුලුවන්.” වෛද්‍ය පළිහවඩන සඳහන් කළේය.
පසුගිය වසරේ දෙසැම්බර් මාසයේ ඩෙංගු රෝගීන් 3872 වර්තා වූ අතර වසර පුරාවට මරණ 345 සිදු වී ඇති බව සඳහන් කළ අතර 2010 ජනවාරි මාසයේ රෝගීන් 3336 හා මරණ 20 සිදු වී ඇති බව වෛද්‍ය පළිහවඩන සඳහන් කළේය.
The Health Ministry has decided to give the Pentavalent vaccine once again to patients suffering from Influenza, Whooping Cough, Hepatitis and Tetanus. The vaccine that was administered to patients in 2008 was stopped temporarily due to various complications due to the vaccination. The health Ministry decided to re-administer the vaccine on the 1st following a series of consultations between the World Health Organization and Sri Lankan health experts. Dr. Sujith Peiris says that 90% of the children in the country were at risk of contracting Haemophilus Influenzae if not immunized. Chief Epidemiologist, Dr. Pabha Palihawadana says that dengue and Influenza A1H1 has seen a considerable decline in the country.
ජනතා ප‍්‍රතිචාරයෙන් ඩෙංගු පසු බසී
Public fight finally defeats Dengue
පසුගිය කාලය පුරාවට වසංගතයක් ලෙස පැතිර ගිය ඩෙංගු රෝගය මේ වන විට ක‍්‍රමයෙන් අඩු වෙමින් පවතී. මේ සදහා විශේෂ හේතුව ලෙස ජාතික ඩෙංගු මර්ධන ඒකකයේ මහජන සෞඛ්‍ය පරික්ෂක රත්නසිරි අල්විස් පවසන්නේ මහ ජනතාව මෙම රෝගය නිසාවෙන් තමන්ගේ අවට පරිසරය පිළිබද උනන්දුවක් දැක්වූ බවයි. ඒ හේතුව නිසාවෙන් මදුරු ගණත්වය අඩුකර ගැනීමට හැකියාව ලැබුණු බවයි.
“මේ දවස් වල වැසි කාලගුණය තියෙනවා.දිගින් දිගටම පවතින වැසි නිසා එතරම් බලපෑමක් වෙන්නෙ නැහැ . නමුත් ඉදිරියේදී කඩින් කඩ ලැබෙන වැසි ගැන දැඩි අවදානයෙන් ඉන්න ඕන මොකද කඩින් කඩ ලැබෙන වැසි නිසා මදුරු ගණත්වය වැඩිවීමේ අවධානම වැඩියි.”අල්විස් පැවසීය.
ඩෙංගු රෝගය අවම කිරීම සදහා ඇති එකම මාර්ගය වන්නේ මදුරු ගණත්වය අඩු කර ගැනීමය.ජනතාවගෙන් මේ සදහා ලැබුණ උපකාරය බොහො සෙයින් වැදගත් වූ බවයි අල්ව්ස් පවසන්නේ.නොයෙකුත් උපක‍්‍රම මගින් ජනතාව දැණවත් කිරීමත් ජනතාව මෙම රෝගය නිසාවෙන් විශාල තැතිගැන්මකින් සිටි නිසාවෙන් මෙම කටයුත්ත සිදු කිරීමට හැකියාව ලැබුණ බවයි අල්විස් පවසන්නේ.
මෙම රෝගය නිසාවෙන් දෙසිය විසිතුනක් වන වටිනා ජීවිත ප‍්‍රමාණයක් අහිමි විය.මේ රෝගය පහව යමින් සිටින නිසාවෙන් මේ පිළිබද තිබෙන්නවූ අවධානය අඩු නොකරන ලෙස ඩෙංගු මර්ධන ඒකකය ඉල්ලා සිටී.මන්ද යත් මෙය නැවත හිස එස වීමට හැකි බැවිනි.මේ වන විට පවත්නා උනන්දුව උත්සාහය දිගින් දිගටම පවත්වාගත හොත් ඩෙංගු රෝගය සහ මුලින් නැති කර දැමිය හැකි බවයි අල්විස් පවසන්නේ.
ඉවත දමන අප ද්‍රව්‍ය නිවසේ දීම කළමණාකරණය කිරීමෙන් මුළු මහත් සමාජයටම කසළ උවදුරෙන් මෙන්ම මේ හේතුව නිසා වසංගත රෝග සදහා ලැබෙන්නාවූ රුකුළද අවම වී යනු ඇත.නිසි පරිදි කසළ කළමණා කරණයක් සිදුවෙනවා නමි සියයට අසූවක් ප‍්‍රතිචක්ක‍්‍රීයකරණය කොට නැවත ප‍්‍රයොජනයට ගත හැකි බව ඩෙංගු මර්ධන ඒකකය පැවසීය.
නිවෙස් අවට පරිසරය පිරිසිදුව තබා ගැනීම මෙන්ම ඉවත දමන යෝගට් කෝප්ප පොල්කටු විනාශ කර ඉවත දමන ලෙසද ඩෙංගු මර්ධන ඒකකය පැවසීය.
“මේ තත්වය පහව යනවා කියලා මේ ගැන තියන උනන්දුව අවධානය අඩු කළ යුතු නැහැ. තමන්ගෙ වැහි පීල්ල පිරිසිදු කරන එක තැඹිලි කෝම්බ ඉවත් කරන එක අමතක වෙනවා කියන්නෙ ආයෙත් මේ තත්වය උද්ගත වෙනවා කියන එක.” අල්විස් පැවසීය.
ජුලි විසි වනදායින් ආරම්බ වන සතිය පුරාවට රෝගීන් 737 දෙනකුු වර්තා වී ඇති අතර එම මාසයේම දහතුන් වනදායින් ආරම්භවූ සතිය තුළ රෝගීන් එක්දහස් දෙසිය දහසය දෙනකු වාර්තා විය.මෙය විශාල ලෙස අඩුවීමක් ලෙස නොසළකා ඉදිරියේදී කටයුතු කරන ලෙස ඩෙංගු මර්ධන ඒකකය ඉල්ලා සිටී.
ඩෙංගු රෝගය පාලනය සදහා විවිධ වූ රාජ්‍ය හා පෞද්ගලික අංශයන්හි මැදිහත් වීමත් සෞඛ්‍ය පරීක්ෂකවරු මෙන්ම මාධ්‍ය ආයතනද මේ වන තුරු ද ඩෙංගු පිළිබද දැනුවත් කිරිම සම්බන්ධයෙන් ස්තූතිය පුද කරන බව අල්විස් පැවසීය.
බී.ටී.අයි බැක්ටීරීයා සම්බන්ධයෙන් තවම වාර්තා ඉදිරිපත් කිරීමක් සිදුකර නොමැත.ඒ සම්බන්ධයෙන් කියුබානු විශේෂඥයින් පරීක්ෂණ සිදු කරමින් සිට්න බවත් මේ වන විට වැඩිම ඩෙංගු රෝගීන් සංඛ්‍යාව වාර්තා වී ඇත්තේ නුවර දිස්ත‍්‍රික්කයෙන් බව අල්විස් පැවසීය.
The dengue epidemic that spread in the country has been contained due to public participation, Public Health Inspector, National Dengue Eradication Center, Ratnasiri Alwis said. He said the only way to minimize the dengue outbreak is to reduce the density of mosquitoes and the many awareness programmes on dengue has shown results as the public had actively participated in clearing their surrounding of mosquito breeding places. Meanwhile, the Cuban specialists in the country are still conducting studies with regard to the BTI bacteria, which are expected to prevent the breeding of mosquitoes. 1,016 dengue patients were recorded during the week that commenced from July 13 and 737 during the July 29th week. However, authorities say it cannot be considered a drastic decline in reported dengue cases.
මදුරු දගර නිෂ්පාදනයට කෘමිනාශක භාවිත වන බව දන්නවාද
සාමාන්‍ය ජනතාව නොදන්නාකම නිසාවෙන් හෝ කිසිවකුගේ දැනුවත් කිරීමක් නොමැති නිසාවෙන් මදුරු උවදුරෙන් මිදීම සදහා මදුරු දගර භාවිතයට පුරුදු වී සිටී. මෙම මදුරු දගර නිෂ්පාදනයේ දී යොදා ගැනෙන්නේ ලී කුඩු හෝ දහයියා සමග කෘමිනාශක මිශ‍්‍ර කර සදා ගන්නා මිශ‍්‍රණයක් බව මැලේරියා මර්දන ඒකකයේ අධ්‍යක්ෂ වෛද්‍ය රවී අබේසිංහ පැවසීය.නොදැනුවත්කම නිසාවෙන් සහ ක්ෂණික ප‍්‍රතිකර්මයක් සොයා ගැනීමට නොහැකිකම නිසාවෙන් භාවිත කරන මෙවැනි රසායනික ද්‍රව්‍ය සදහා වගකිව යුත්තන් කවුරුන්ද යන වග කිසිවකුදු දන්නේ නැත. ප‍්‍රමිති ආයතනයේ සහය අධ්‍යක්ෂිකා තේජා සේනාරත්න පවසන්නේ පළිබෝදනාශක කාර්යංශය මගින් ලබා දෙන සහතිකයට අනුව එස්.එල්.එස් 453 ප‍්‍රමිති සහතිකය මදුරු දගර සදහා නිකුත්කර ඇති බවයි. නමුත් එහි අන්තර්ගතය සම්බන්ධව සොයා බැලීමට ඔවුනට අයිතියක් නොමැති බවයි ඔවුන් පවසන්නේ.
සාමාන්‍ය ජනතාවට යම් දෙයක් ලබා දෙන්නේ නම් ඒ සදහා පාරිභෝගික අධිකාරිය ද වගකිව යුතු බවයි වෛද්‍ය අබේසිංහ පවසන්නේ.පාරිභෝගික අධිකාරියේ විමර්ෂණ නිළධාරී හර්ෂ කුමාර පවසන්නේ පාරිභෝගික අධිකාරිය සදහා ද භාණ්ඩයන් හි අන්තර්ගතය පිලිබද සොයා බැලීම සදහා වගකීමක් නොමැති බවත් කිසියම් ගැටලුවක් පැන නැගුණ අවස්ථාවකදී නීතිමය පියවරයන් සදහා පමණක් ඔවුන් ඉදිරිපත් වන බවයි.මීට අවුරුදු දෙකකට ඉහත දී අත්‍යාවශ්‍ය භාණ්ඩ ලැයිස්තුවට මදුරු දගරය ඇතුළත් වූ අතර එය මේ වන විට ලැයිස්තුවෙන් ඉවත් වී ඇත්තේ මදුරු දගරයට වඩා අත්‍යාවශ්‍ය භාණ්ඩ ප‍්‍රමාණය ඉහළ ගොස් ඇති නිසා බවයි කුමාර පවසන්නේ.
කෙසේ වෙතත් සාමාන්‍ය ජනතාව පවසන්නේ මදුරු උවදුරෙන් බේරීම සදහා කළ යුත්තක් නොමැති තැන මදුරු දගර දැල්වීමට පුරුදුව සිටින බවයි.
මදුරු කොයිල් එකක් නැතිව අපි කොහොමද නිදාගන්නෙ.නෙට් එක දාගන්නෙ ඇදට විතරයි.හවස හයෙන් පස්සෙ එන මදුරුවන්ගෙන් මිදෙන්න ඇදටම වෙලා හිටියත් උදේ ඉන්න ඩෙංගු මදුරුවන්ට මොනවද කරන්නෙ.පාඩම් කරන වෙලාවට අපි මදුරු දගර පත්තු නොකර මොනවද කරන්නෙ.කුරුණෑගල බෞද්ධාලෝක පිරිවෙනෙහි කථිකාචාර්ය ඥාණරතන හිමි පැවසීය.
අපි දන්නවා සිගරට්වල දුමටත් වඩා මේ දුම විසයි කියලා.ඒත් මේකට විකල්පයක් කාගෙන්වත් නැහැ.වෛද්‍යවරු කියන විදියට මදුරු දැලේම ඉන්න අපට බැහැ. අපි නම් පැවිදි පිරිස නිසා හිටියත් ගිහි පිරිසට එහෙම කරන්න බැහැ. ඇත්තටම අපිට අමාරුයි මේ දගර වලින් පිට වෙන දුම් නිසා හුස්ම ගන්න බැහැ. නින්ද යනවා මත්වෙලා වගේ.මේවගේ අන්තර්ගත ද්‍රව්‍යවත් අපි දන්නෙ නැහැ. සමහර විට ඒ සැරටම නින්ද යනවා වෙන්න පුලුවන්.මදුරුවෝ කෑවත් තේරුමක් නැහැනෙ හොදට නින්ද ගියාම. ඥාණරතන හිමි පැවසීය.
සාමාන්‍ය ජනතාවගේ දැන ගැනීම සදහා හෝ මේවායේ අඩංගුද්‍රව්‍ය මොනවාදැයි සදහන් කළහොත් මදුරු දගර භාවිතය අල්පවේ යන බිය නිසාවෙන් කර්මාන්ත හිමියන් මේ සදහා උනන්දුවක් නොදන්වන බවයි බොරැල්ලේ මේකලා දර්ශණී පවසන්නේ.
වැඩ කරන වෙලාවට මදුරු දගරයක් පත්තුකරලා තියලා වැඩකරනවා.දරුවො නැගිටලා ඉන්න වෙලාවට ඉතින් එක තැනක ඉන්නෙ නැහැනෙ.අපි වත්ත පිරිසිදුවට තියා ගත්තත් වැඩක් නැහැ අනිත් අය එහෙම නොකර.මදුරු දගරවලට විකල්ප නැතිව මේවා විෂයි කියන එක වැරදියි.නිකවැරටිය පදිංචි නෙරංජලා සංජීවනී පැවසීය.
සෞඛ්‍ය අමාත්‍යාංශයෙන් මදුරුදැලම දාන්න කීවට කොහොමද කරන්නෙ කියලා හිතන්න ඕන.මොකද ඩෙංගු මදුරුවා ඉන්නෙ දවල්ට.ආලේපන වර්ගයක්වත් හදුන්වා දෙන්නෙ නැතිව දවල් කාලයේ කොහොමද අපි ආරක්ෂා වෙන්නෙ.සිද්ධාලේප ගෑවට හරියන්නෙ නැහැ.අනික කුඩා දරුවන්ට ඒවා ඔරොත්තු දෙන්නෙ නැහැ.සංජීවනී පැවසීය.
ජාතික විෂ සහ ඖෂධ තොරතුරු මධ්‍යස්ථානය පර්යේෂණ නිළධාරිනී වෛද්‍ය අචලා විතානගේ පවසන්නේ පයිත්ත්‍රොයිඞ් ^pyrethroid& නම් කෘමිනාශකය මෙම මදුරු දගර සදහා භාවිතා කරන බවයි.
කුඩා ළමුන් හෝ වැඩිහිටියන්හට විෂ වීමක් සිදුව වුව හොත් පමණක් ජාතික රොහලෙහි පිහිටි ජාතික විෂ සහ ඖෂධ තොරතුරු මධ්‍යස්ථානය ක‍්‍රියාත්මක වන බවයි විතානගේ පවසන්නේ.සෑම දෙයකම හොද සහ නරක දෙපැත්තක් පවතින බවත් මේ පිළිබදව පර්යේෂණ සිදු කිරීම සදහා අවශ්‍ය පහසුකම් ඔවුන් සතුව නොමැති බවත් විතානගේ පැවසීය.
කිසියම් රසායනික ද්‍රව්‍යක් යොදා යම් නිෂ්පාදනයක් කරන්නේ නම් ඒ සදහා අනුමැතිය ලබා දෙන්නේ පේරාදෙණිය පළිබෝධනාශක අංශය මගිනි.
මේ පිළිබද කළ විමසිමකදී පේරාදෙණිය පළිබෝධනාශක අංශය පැවසූවේ වෛද්‍ය පර්යේෂණ ආයතනය මගින් මේ පිළිබද පර්යේෂණ සිදු කර ඇති බවත් සෞඛ්‍ය අමාත්‍යාංශය මේ පිළිබද දන්නවාද නැද්ද යන වග නොදන්නා බවත් තොරතුරු අවශ්‍ය වේ නම් ලිපියකින් දැනගත යුතු බවත්ය.
Anti Malaria Unit Director, Dr. Ravi Abeysinghe says that sawdust and pesticides are used to manufacture mosquito coils. Research Officer, National Poison Centre, Dr. Achala Vithanage says that the pesticide, Pythcrocide is used to manufacture coils. However, no authority claims responsibility for the contents used to manufacture coils. Assistant Director, Standards Institute, Theja Senaratne observed that although mosquito coils are give the SLS 453 certification there is no guarantee about its contents. Even the Consumer Affairs Authority claims it has no jurisdiction to look into the contents of the coils. Besides, coils have been removed from the essential items monitored by the Authority.
වෛද්‍යවරුන් මදුරුදගර අනුමත නොකරයි
Coils harmful – Doctors
මදුරු වසංගතයෙන් ගැලවීම සදහා සාමාන්‍ය ජනතාව උපක‍්‍රමයක් ලෙස මදුරු දගර භාවිත කළද මෙම මුදුරු දගරයෙන් පිට වන දුම කුඩා දරුවන්ට මෙන්ම වැඩිහිටියන් හටද හානිකර බව වෛද්‍ය වරුන් පෙන්වා ෙදයි.
’’අපි මදුරු දගරය පාවිච්චි කරන්න කියලා කිසිම දවසක කියලා නැහැ.අපි අනුමත කරන්නෙ මදුරු දැල විතරයි.’’සෞඛ්‍ය අධ්‍යාපන කාර්්‍යාංශයේ වෛද්‍ය එස් නජිබුදීන් පැවසීය.
මදුරු උවදුරෙන් මිදීම සදහා මදුරු දගරය භාවිත කිරීම මෝඩ කමක් ලෙසයි වෛද්‍යවරුන් සලකන්නේ.කෙසේ වෙතත් මෙම මදුරු නාශක දගර හිතකරද අහිතකරද යන්න පිළිබදව කිසිදු වෛද්‍ය වරයකු හෝ පර්යේෂණ කණ්ඩායමක් කිසිදු පර්යේෂණයක් සිදු කර නොමැති බවයිමැලේරියා මර්දන ඒකකයේ අධ්‍යක්ෂ වෛද්‍ය රවී අබේසිංහ පවසන්නේ.
’’මේ මදුරු දගර දහයියා කුඩු ලී කුඩු එකතු කරලා කෘමි නාශක සියයට ප‍්‍රමාණයක් දාලා තමයි හදන්නේ.සියයට එකයි දශම ගාණක් කෘමි නාශක තියෙන්නෙ.මේක මිනිස්සුන්ට තේරුම් කරලා වැඩක් නැහැ.පෞද්ගලික ආරක්ෂණ ක‍්‍රම යටතේ තමයි මිනිස්සු මේ කොයිල් පාව්ච්චි කරන්නෙ.එපා කියලා කියන්න තරම් අපට ශක්තියක් නැහැ.ටී.වී වල දාන්නෙ මදුරුව මැරිලා වැටෙනවා. ඉතින් මිනිස්සුන්ට තේරෙන්නෙ නැද්ද සතෙක් මැරෙනවා නම් මොනවා හරි බලපෑමක් තියනවා කියලා.’’ වෛද්‍ය අබේසිංහ පැවසීය.
නියෝජ්‍ය අධ්‍යක්ෂ මහජන සෞඛ්‍ය සේවා වෛද්‍ය පාලිත මහීපාල පවසන්නේ ද මදුරු දගර භාවිතය අනුමත නොකරන බවයි.
’’කෘතීම දේවල් අපි අනුමත කරන්නෙ නැහැ.මොකද ඒවගෙ ප‍්‍රතිඵල ගොඩක් අඩුයි.මොකද දවල් වරුවෙ මදුරු දගරය පත්තු කරන්නෙ නැහැ.රාත‍්‍රී කාලයට තමයි පත්තු කරන්නෙ. දවල් කාලයට පත්තු කලත් අරගෙන ඇවිදින්න බැහැනෙ.’’ වෛද්‍ය මහීපාල පැවසීය.
නමුත් මෙම මදුරු දගරය දැල්වීමෙන් මදුරුවන් පලවා හැරීමක් මිස විනාශ කිරීමක් සිදු නොවන බවයි වෛද්‍ය වරුන්ගේ මතය වන්නේ. ’’දියවැඩියාවට සීනි කන්න එපා කීවට වෙළදපළේ සීනී නැතිව යන්නෙ නැහැනෙ.මිනිස්සු ගන්න නිසයි විකුණන්නෙ.’’ අබේසිංහ පැවසීය.
’’නමුත් කිසියම්ම තැනකදි වෛද්‍යවරුන් මදුරු දගර අනුමත කරන්නෙ නැහැ.ස්වසන අමාරු පෙනහලු අමාරු නාසය තද වීම් මේ නිසාවෙන් සිද්ධ වෙනවා.කුඩා දරුවන්ට තමයි මේකෙ බලපෑම වැඩි. මදුරු දගර වලට අමතරව දැන් තියනවා විදුලියෙන් භාවිත කරන කොයිල් වර්ග.මේවගෙන් වෙන්නෙ දුම් පිට නොවුණත් මෙහි අන්තර්ගත වෙලා තියන කෘමිනාශක පිට වීමයි.මෙයින් සිද්ධ වෙන්නෙ වාතය අපිරිසිදු වෙන එක.දරුවෝ හුස්ම ගන්නෙ මේ අපිරිසිදු වාතය.මෙතනින් එහා තව පෙන්නලා දෙන්න දෙයක් නැහැනෙ.’’අබේසිංහ පැවසීය.
මිනිසුන් සියලු දෙය දැන සිටියද ඒවා කි‍්‍රයාත්මක නොකරන නිසාවෙන් සියලු ගැටලු වලට මුහුණ දීමට සිදු වී ඇති බවයි වෛද්‍ය අබේසිංහ පවසන්නේ. පිට රටින් ගෙන්වන හෝ මෙරට නිෂ්පාදනය කරනා කිසිදු භාණ්ඩයක් සදහා තත්වය අනුමත කීරීම සදහා කිසිදු පෞද්ගලික හෝ රාජ්‍ය ආයතනයක් නොමැති වීම කණගාටුවට කරුණක් බවයි වෛද්‍ය අෙබිසිංහ පවසන්නේ.
මදුරු දගර භිවිත කරන්නේ නම් නිවෙස් වල දොර ජනෙල් විවෘත කළ යුතුය.එයින් සිදුවන්නේ කුමක් ද යන්න කිව යුතු නොවේ. මදුරුවන්ගෙන් මිදීම සදහා ගන්නා උත්සාහය මදුරුවන් බෝවන ස්ථාන වළක්වා ගැනීම සදහා යොදන්නේ නම් එය වඩාත් හිතකර වන්නේය. මදුරු දගරයේ වර්ණය මොනවා වුවද එය හිතකර දෙයක් නොවන බවයි වෛද්‍යවරුන් පෙන්වා දෙන්නේ.
Doctors warn that using mosquito coils to combat the mosquito menace is harmful for the health of children as well as adults. Dr. S. Najimudeen from the Health Education Bureau says the authorities have only recommended mosquito nets and not the coil. Meanwhile, Director, Anti Malaria Unit, Dr. Ravi Abeysinghe observes that no proper tests have been conducted to determine if coils were a health hazard. However, he notes that although the authorities do not have the power to ask people not to use coils, they should understand the impact of something that could kill an animal could have on humans. Deputy Health Services Director, Dr. Plaitha Maheepala says that authorities do not approve artificial products, as they have minimal results.
කාන්තාවන්ට හා ළමුන්ට ඩෙංගු විණ කරයි
Dengue strikes women and children
ඩෙංගු රෝගය වැඩි වශයෙන් රෝගය වැළදී ඇත්තේ ගෘහනියන් හට බව මහජන සෞඛ්‍ය සේවා නියෝජ්‍ය අධ්‍යක්ෂ වෛද්‍ය පාලිත මහීපාල පවසයි.එම ප‍්‍රමාණය සියයට තිස් තුනකි. එමෙන්ම සියයට විසිදෙකක් පාසල් දරුවන් බවද වෛද්‍යවරයා පැවසීය .
මෙයට හේතුව වන්නේ දිවා කාලයේ කුඩා දරුවන් පාසලෙහි සිටීමත් ගෘහනියන් තම නිවෙස් අවට කි‍්‍රයාකාරකම්හි යෙදීමත්ය.ගිය වසරට සාපේක්ෂව ඩෙංගු රෝගය සියයට එකසිය තිහකින් වර්ධනය වී ඇති බව වසංගත රෝග මර්දන අංශයේ අධ්‍යක්ෂිකා විශේෂඥ වෛද්‍ය පබා පලිහවඩන පවසයි.
‘‘වැදගත්ම දේ තමයි සමහර රෝග ලක්ෂණ වලට මිසක් රෝගයට බෙහෙත් හොයාගන නැහැ. ඒ නිසා හොදම දෙය තමයි මේක හැදෙන එක වළක්ව ගන්න එක. ඩෙංගු වළක්වා ගන්න තියෙන්නෙ සරළ ක‍්‍රමයක්. ඒ තමන්ගෙ අවට පරිසරය පිරිසිදු කර ගන්න එක.”වෛද්‍ය මහීපාල පැවසීය.
ඩෙංගු රෝගය වැළදීමෙන් අනතුරු වැඩි වශයෙන් දියර වර්ග භාවිත කරන නිසාවෙන් මෙම රෝගය වැළදීමෙන් අනතුරුව දුඹුරු පැහැති ආහාර ගැනීමෙන් වළකින ලෙස(චොකලට් ,කෝපි) පලිහවඩන පැවසීය. එයට හේතුව ලෙස ඇය පවසන්නේ ඇතැම් ව්ට ශරීර අභ්‍යන්තර ලේ ගැලීම් සිදු විය හැකි නිසාවෙන් එය හදුනා ගැනිමට අපහසු වන නිසාවෙනි.
කීටවිද්‍යා සමීක්ෂණ වලින් බස් ඩිපෝ ආශ‍්‍රිතව ඩෙංගු මදුරුවන් ව්‍යාප්තියේ වර්ධනයක් දක්නට ලැබෙන බව වෛද්‍ය මහීපාල පැවසීය.
‘‘බස් ඩිපෝ වල වැඩි වෙන්න හේතුව තමයි අදුරු පරිසරයෙ බීජ ව්‍යාප්තිය සිදුකිරීමට මදුරුවන් කැමැත්තක් දැක්වීම. මේ නිසා අපි අනවශ්‍ය ටයර් විනාශ කර දමන්නත්, නැත්නම් ආවරණ හදලා ඒවායෙ ගබඩා කරන්නත් උපදෙස් දීලා තියනවා.”
නීතිමය පියවරයන්
මදුරුවන් බෝවීම වැළැක්වීමේ පනත යටතේ මහජන සෞඛ්‍ය නිළධාරීන් හා සෞඛ්‍ය නිළධාරීන් නිවාස පරීක්ෂාවට බදුන් කරනු ලබන අතර එහීදී අවශ්‍ය නීතිමය පියවරයන් ගැනිම සදහා ද බලතල පවරා ඇත.
‘‘මේ පනත යටතේ අපේ සෞඛ්‍ය නිළධාරීන් නිවෙස් වලට ගිහින් මදුරුවන් බෝවන ස්ථාන තිෙබි නම් ඒවා ඉවත් කර ගන්න සති දෙකක කාලයක් දෙනවා. එහෙම නොකරන අයට නොතීසි දිම් ඒ වෙලාවම සිදු කරනවා.”
ඩෙංගු රෝගය වැළදුනායින් අනතුරුව කළ යුතු විද්‍යාත්මක ප‍්‍රතිකාර සොයාගන නොමැති බව වෛද්‍ය මහීපාල පවසයි.
මෙම දින කිහිපය තුළ සිදු කළ ශ‍්‍රමදාන ඉතා සාර්ථක බවත් ඒ සදහා ජනතාවගේ නොමද සහයක් ලැබුණ බවද වෛද්‍ය මහීපාල පැවසීය.
‘‘මේ වතාවෙ අපි විශේෂ වැඩසටහන් තුනක් පටන් ගත්තා. පළවෙනි එක තමයි, සිවිල් ආරක්ෂක අංශ, පොලීසිය, ග‍්‍රාම නිළධාරීන්, සමෘද්ධි නිළධාරීන් එකතු කරගන අත් පත්ති‍්‍රකා බෙදා දීම්, පිරිසිදු කිරීමේ වැඩසටහන් සිදුකිරීම.
දෙවැන්න තමයි අධ්‍යාපන අමාත්‍යාංශයෙ උපදෙස් ඇතිව ඩෙංගු සතියක් ප‍්‍රකාශ කළා. එක දවසක් කරලා වැඩක් නැහැ. ඒ නිසා මේක දිගින් දිගටම සිදු කළ යුතුව තිබෙනවා. ඒ නිසාවෙන් දිගින් දිගටම මෙම පිරිසිදු කිරිම් කටයුතු කරන්න දෙමව්පියන්ට උපදෙස් දීම් සිදු කළා.
රෝහල් පද්ධතිය තුළත් මෙය සිදු කරීම සදහා සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජෙනරාල්ගෙ උපදෙස් පරිදි ඒ දෙවලුත් කළා. මෙය දැන් දිවයින පුරා ක‍්‍රියාත්මකයි.”
වැඩිම ඩෙංගු මරණ මහනුවරින්
මේ වන විට ඩෙංගු රෝගය නිසාවෙන් මිය ගිය සංඛ්‍යාව 126 දක්වා ඉහළ ගොස් ඇති අතර වැඩිම මරණ සංඛ්‍යාවක් වාර්තා වන්නේ මහනුවර දිස්ත‍්‍රික්කයෙනි. මේ වන විට මුළු රෝගීන් සංඛ්‍යාව 8908 දක්වා වර්ධනය වී ඇත.
රෝගීන් වැඩිම සංඛ්‍යාවක් වාර්තා වන්නේ කොළඹ දිස්ත‍්‍රික්කයෙනි. ඒ 1343කි. කෑගල්ල 1066 හා ගම්පහ 955 රෝගීන් වාර්තා වන බව වෛද්‍ය මහීපාල පැවසීය.
දේශගුණි විපර්යාසද මේ සදහා හේතුවක් වී ඇති බවයි වෛද්‍ය මහීපාල පවසන්නේ.
‘‘කදුකර ප‍්‍රදේශ වලින් කවදාවත් ඩෙංගු වර්ථාවෙලා නැහැ. මේ කාලේ ඒ ප‍්‍රදේශවලිනුත් රෝගීන් විශාල සංඛ්‍යාවක් වාර්ථා වෙනවා. දේශගුණික විපර්යාස නිසා තමයි මෙහෙම වෙලා තියෙන්නෙ.දේශගුණික තත්වය වෙනස් වෙන්නෙත් මිනිස්සු නිසාමනේ.මේ වතාවෙ නුවරඑළියෙනුත් රෝගීන් වාර්තා වෙනවා.”වෛද්‍ය මහීපාල පැවසීය.
මෙම තත්වය වළක්වා ගැනීමට නම් විශාල වශයෙන් ජනතාවගේ චර්යාත්මක වෙනසක් සිදු විය යුතු බව වෛද්‍ය මහීපාල පවසයි.
Dengue is more prevalent among women and children says Deputy Public Health Services Director Dr. Palitha Maheepala.
The extra exposure of women and school children to the open environment during daytime has resulted in them becoming the most vulnerable group to contract dengue. While 33% of the dengue patients are women 22% are school children, Dr. Maheepala said.
According to Epidemiology Unit Director, Dr. Pabha Palihawadana dengue has seen a 130% increase in comparison to last year.
There have so far been 126 deaths due to dengue with the highest number being recorded from the Kandy District. A total number of 8,908 cases of dengue have been reported from various parts of the island with the highest number of cases being reported from the Colombo District.
According to Dr. Maheepala, 1,343 cases of dengue have been reported from the Colombo District, 1066 from Kegalle and 955 from Gampaha.
He also observed that doctors could only treat certain symptoms of dengue.
According to Dr. Palihawadana, since patients consume large quantities of liquids when infected with dengue, they should avoid consuming brown coloured food items (chocolates, coffee, etc). “Patients some times hemorrhage when infected with dengue and it is difficult to identify that when patients consume brown coloured food items.”
Dr. Maheepala noted that there are no medical treatments available for dengue
“The best is to prevent the contraction of dengue. You don’t have to do anything great to prevent dengue, which is to keep the environment around you clean,” Dr. Maheepala said.
Steps have now been taken to prevent dengue from spreading any further.
While Public Health Officers and Health Officers conduct house-to-house supervisions they have been vested with the power to legally prosecute those who have allowed the breeding of mosquitoes in their respective households under the Mosquito Breeding Prevention Act.
Under the powers vested with the health officials by this Act, once they identify a household that has mosquito breeding places the house owner is given a period of two weeks to clean the area. At the end of two weeks, if the area in question has not been cleaned, the health officials will then give notice of legal action to the house owner.
Three programmes were initiated to prevent dengue.
Dr. Maheepala observed that the shramadhana programmes held to clean the environment have proven quite successful.
He said measures were also taken to distribute hand bills about dengue with the help of civil defence units, police, grama nildharis and Samurdhi officers to create awareness and to launch clean up programmes.
The next step taken according to Dr. Mahepala was to organize a dengue week through the education Ministry.
“It is of no use to launch a programme for one day, as it has to be a continuous process. Parents have therefore been explained the importance of being involved in environment cleaning programmes on a continuous basis. The same was applied to the health sector. That was done under the guidance of the Health Services Director General. The dengue prevention programme is now island wide,” he explained.
However, Dr. Maheepala noted that changes in the weather pattern have also resulted in spreading dengue.
“There have never been any reported cases of dengue from the hill country. This time around there have been a large number of cases reported even from those areas. There cases reported even from Nuwara Eliya. This is because of the changes in the weather pattern,” he said.
පෙරඹර ඩෙංගු මර්දනය පිළිබදව දැනුවත් කිරීමේ ව්‍යාපාරයක
Perambara launches Dengue prevention campaign
මේ වන විට දිවයින පුරා වසංගතයක් ලෙසින් පැතිරයන ඩෙංගු රෝගය ව්‍යාප්තවීම වලක්වාගත හැකි ආකාරය පිළිබදව ජනතාව දැනුවත් කිරීමේ වැඩසටහනක් පෙරඹර විසින් ආරම්භ කර තිබේ.
මේ යටතේ ඩෙංගු මර්දනය පිළිබදව තොරතුරු ඇතුළත් අත් පත‍්‍රිකාවක් බෙදාහැරීමට පෙරඹර කටයුතු යොදා ඇති අතර මාතර නගරයේදී මෙම අත් පත‍්‍රිකාව ජනතාවට බෙදා දුන්නේය. ඩෙංගු පිළිබදව ජනතාව දැනුවත් කිරීම සදහා බෙදාදුන් මෙම අත්පත‍්‍රිකාව ජනතාව ලබාගත් අයුරු මෙම ඡායාරූපවලින් දැක්වේ.
මෙම අත් පත‍්‍රිකාව මහජන සෞඛ්‍ය පරීක්ෂක නිලධාරීන් හරහා කොළඹ හා තදාසන්න ප‍්‍රදේශවල බෙදාහැරීමටද පියවර යොදා ඇත.
Permabara has launched an awareness campaign on the prevention of dengue that has now become an epidemic in the country.
Under the campaign, Perambara printed handbills outlining important information about dengue. These handbills have already been distributed among people in Matara.
Steps have also been taken to distribute these handbills in Colombo and adjoining areas with the help of public health officers.
ඩෙංගු වසංගතයක් බවට පත්වේ
Dengue now an epidemic – Health Min
ඩෙංගු රෝගය වසංගත තත්වයක් ලෙස ව්‍යාප්ත වීමක් මේ වසර තුළ දැකිය හැකි බව මහජන සෞඛ්‍ය සේවා නියෝජ්‍ය අධ්‍යක්ෂ වෛද්‍ය පාලිත මහීපාල පවසයි. මේ වන විට 2008 වසරට වඩා සියයට 50ක රෝගීන්ගේ වැඩිවීමක් දක්නට ලැබෙන බවයි මහීපාල පවසන්නේ.
”ලංකාවෙ මේ මාස කීපය ඇතුළත අසූ දෙනෙක් මිය ගිහින් තියනවා.හයදහස් හත්සිය දාහතරක් රෝගීන් ඉන්නවා. ලංකාවෙ විතරක් නෙවෙයි ලෝකෙ හැම තැනම මේක දැන් වසංගත තත්වයක් බවට පත්වෙලා.”
දේශගුණි විපර්යාසද මේ සදහා හේතුවක් වී ඇති බවයි මහීපාල පවසන්නේ.
”කදුකර ප‍්‍රදේශ වලින් කවදාවත් ඩෙංගු වර්තාවෙලා නැහැ. මේ කාලේ ඒ ප‍්‍රදේශවලිනුත් රෝගීන් විශාල සංඛ්‍යාවක් වාර්තා වෙනවා. දේශගුණික විපර්යාස නිසා තමයි මෙහෙම වෙලා තියෙන්නෙ.දේශගුණික තත්වය වෙනස් වෙන්නෙත් මිනිස්සු නිසාමනේ.” මහීපාල පවසයි
ළමයින් ආරක්ෂා කර ගැනිම දෙමව්පියන්ගේ වගකීමක්
වර්ග හතරකට වෙන් කරන ඩෙංගු රෝගයේ මෙවර දෙවන හා තෙවන වර්ගයේ රෝගින් ප‍්‍රමාණය ඉහළ ගොස් ඇති බවයි වෛද්‍ය මහීපාල පවසන්නේ.
මෙම රෝගී තත්වයන් ඇතිවිම නිසාවෙන් මෙය වසංගතයක් බවට පත්ව තිබෙන බවත් එම තත්වයන්ගෙන් තුන් වන තත්වයේ රෝගීන් ප‍්‍රමාණය ඉහළ ගොස් ඇති බවයි වෛද්‍ය මහීපාල පවසන්නේ.
”මේ වතාවෙ වැඩියෙන්ම ඉන්නෙ පුංචි දරුවො. දෙමව්පියන්ට වගකීමක් තියනවා ළමයිව ආරක්ෂා කර ගන්න ඕන නම් වට පිටාව පිරිසිදු කරන්න.”
ජලය රැස්වන ස්ථාන වල මෙම මදුරුවන් බෝවන නිසාවෙන් එවැනි ස්ථාන විනාශ කර දැමීමට හෝ එවැනි ස්ථාන ඇති වීම වැළැක් වීමට පියවර ගන්නා ලෙස සෞඛ්‍ය අමාත්‍යාංශ උපදෙස් දි ඇති නමුත් ඒවා ක‍්‍රීයාත්මක නොවන බවක් දක්නට ලැබෙන බවයි මහීපාල පවසන්නේ.
මෙම රෝගය වළක්වාලිම සදහා පාසල්,පලාත් පාලන ආයතන ,මධ්‍යම පළාත් පරිසර අධිකාරිය හා සර්වෝදය වැනි සංවිධාන සමග අන්තර් පාර්ශවිය සම්බන්ධීකාරක මණ්ඩලයක් මගින් පරිසරය පිරිසිදු කිරීම සදහා අවශ්‍ය උපදෙස් හා වැඩසටහන් ක‍්‍රියාත්මක කිරීමට සැළසුම් යොදා ඇති බවයි ඔහු පවසන්නේ.
”වෛරස් රෝග වලට විශේෂ ප‍්‍රතිකාර නැහැ. විනාඩි 15 න් 15ට නාඩි බැලීම් සිදු කරමින් අවශ්‍ය ප‍්‍රතිකාර ලබා දීම සිදුකළ යුතුයි. වෛi වරුන්ට කරන්න පුලුවන් එපමණයි. ඒවට අවශ්‍ය උපදෙස්, උපකරණ, වෛද්‍යවරු සියල්ල සූදානම් කරලා තියනවා. ඒත් ඉතින් ඒවම විතරක් ප‍්‍රමාණවත් නැහැ.”
ක්ෂණික පියවරයන් නැත
මීට අමතරව මෙය වළක්වා ගන්නේ කෙසේද යන්න පිළිබද අවශ්‍ය උපදෙස් ලබාදීම සදහා මහජන සෞඛ්‍ය පරීක්ෂක වරුන් යොමු කර ඇති අතර ඩෙංගු වළක්වා ගැනීම සදහා කිසිදු ක්ෂණික පියවරයන් නොමැති බවත් වෛද්‍ය මහීපාල පවසයි.
ඩෙංගු තත්වයෙන් මිදීමට නම් මහජනතාවගේ සහයෝගය උපරිමයෙන් අවශ්‍ය බවයි වෛද්‍ය මහීපාල වැඩිදුරටත් පවසන්නේ.
”ඩෙංගු පිලිබද දැනුම තිබුණට මදි. එය ක‍්‍රියාත්මක කළ යුතුයි.හැමදාම කියනවා වගේ වතුර එකතු වෙන ස්ථාන අවම කරන්න නෙවෙයි නැති කරන්න උත්සහ ගන්න. පරිසරය හා සම්බන්ධ දේවල් අමාත්‍යාංශයට කරන්න බැහැ.මහීපාල පැවසිය.
ඩෙංගු මදුරුවාගේ ජීවන චක‍්‍රය දින දහයකදි ක‍්‍රියාත්මක වන නිසාවෙන් දින හතේදි වත් ජලය ස්ථිරවම පවතින එනම් මල් බදුන් මාලු ටැංකි ආදිය පිරිසිදු කිරීම සිදු කළ යුතු බවත් ඉවත දමන අපද්‍රව්‍ය නිසි කළමණාකරණයකින් කළ යුතුබවත් නැවත නැවත සිහිගන්වන බව වෛද්‍යවරයා පැවසීය.
”හොදම දෙය තමයි මදුරුවන් බෝවන ස්ථාන විනාශ කරන එක. ටයර්, පොල්කටු වගේ වතුර එකතු වෙන තැන් විනාශ කරන්න ඕන අපිමයි”.මහීපාල පැවසීය.
Health authorities have recorded a 50% increase in the number of dengue patients this year in comparison to 2008.
Deputy Director, Public Health Services, Dr. Palitha Maheepala said dengue has shown signs of turning into an epidemic this year.
Dr. Maheepala said of the four types of dengue, the number of patients suffering from the second and third types of dengue have seen an increase.
“The most affected this time are the children. If parents want to protect their children they have to keep their surrounding environment clean,” he said.
According to Dr. Maheepala, since there is no treatment for viral ailments, doctors could only check the patients pulse every 15 min and provide the necessary treatment.
He added that maximum public support would be necessary to eradicate dengue.















