මැතිවරණ වියදම මිලියන එක්දහස් අටසීයයි.

March 15, 2010 by Editor  
Filed under Featured, Stories


මෙවර මහ මැතිවරණය සඳහා රුපියල් මිලියන එක්දහස් අටසීයක් (1800)වැය වන බව මැතිවරණ කොමසාරිස් කාර්යාලය පැවසුවේය. මෙම මුදල සම්පූර්ණ මැතිවරණය සඳහා වන වියදම නොවන බවත් එ් සඳහා වූ මඃකල්පිත ගණනය කිරීමක් පමණක් බවයි මැතිවරණ කොමසාරිස් කාර්යාලයේ ගණකාධීකාරී ඊ එ් වීරසේන පවසන්නේ.

ඔහු පවසන පරිදි මැතිවරණ වියදම් ගණනය කළ හක්කේ මැතිවරණය අවසන් වී මාස තුනක් ඉකිම වූවායින් පසුය. තැපැල් කටයුතු පොලීසිය සඳහා මුද්‍රණ කටයුතු  දිසිත‍්‍රික් මට්ට්මින් සිදු වන කි‍්‍රයාදාමයන් ඇතුලු සියල්ල සඳහාම මෙම වියදම් සිදු වන බවයි හෙතෙම පවසා සිටින්නේ.

දිස්ත‍්‍රික්කයෙන් දිසිත‍්‍රික්යට මෙම මැතිවරණ සඳහා වියදම් වන මුදල් ප‍්‍රමාණය වෙනස් බවත් එ් සඳහා වෙන් කළ ස්ථිර මුදලක් නොමැති බවද හෙතෙම පැවසීය.

  • Share/Bookmark

උතුරු නැගෙනහිර ඩෙංගු රෝගය අවම වන ලකුණු

March 11, 2010 by Editor  
Filed under Featured, Stories

පසුගිය සමයේ උතුරු සහ නැගෙනහිර ප‍්‍රදේශ වල සීග‍්‍රයෙන් පැතිර ගිය ඩෙංගු උණ රෝගය මේ වන විට ක‍්‍රමයෙන් අවම වී යන බව වසංගත රෝග විද්‍යංශය පෙන්වා දෙයි. පසුගිය දෙසැම්බර් මස පමණ සිට පෙබරවාරි මාසය වන තෙක් උතුරු නැගෙනහිර ප‍්‍රදේශයන්හී විශාල වශයෙන් ඩෙංගු රෝගය පැතිර ගියේය. මෙහිදී ඩෙංගු රෝගීන් 1700කට ආසන්න වූ අතර 14 දෙනෙක් මිය ගියහ. ඒ තත්ත්වය මේ වන විට බොහෝ දුරට ම්‍ග හැරී ඇතැයි වසංගත රෝග ඵීද්‍යංශයේ වෛද්‍ය හසිත තිසේරා පැවසුවේය.

‘‘ඊසාන දිග මෝසමත් සමගම පැතිර ගිය වර්ෂාව හේතුවෙන් ඩෙංගු රෝගය මේ ප‍්‍රදේශවල ඉක්මනින් පැතිර ගියා. ඩෙංගු රෝගය පිළිබද සාමාන්‍ය ජනතාවගේ තිබුණු අවධානය හේතුවෙන් සහ නිසි අකාරයෙන් සෞඛ්‍ය අංශයේ අවධානය නිසා රෝගය පැතිර යාම අවම කරගන්න හැකියාවක් ලැබුණා.’’ වෛද්‍ය තිසේරා පැවසුවේය.

මේ වන විට මේ වසරේ ගෙවුණු මාස දෙක තුළ ඩෙංගු රෝගීන් දස දහසකට ආසන්න ප‍්‍රමාණයක් වාර්තා වී ඇතැයි සෞඛ්‍ය අංශයේ වාර්තා පෙන්වා දෙයි. පසුගිය වසරේ ඩෙංගු රෝගය වසංගතයක් තත්ත්වයට පත් විය. එහිදි රෝගීන් අති විශාල සංඛ්‍යාවක් වාර්තා වූ අතර රෝගීන් තුන්සියයකට අධික පිරිසක් මරු මුවට පත් විය. 2009 වසර අගභාගය වන විට මේ තත්ත්වය සෞඛ්‍ය අංශයේ දැඩි අවධානයත් සමගම යම් තාක් දුරට පාලනය වී තිබුනද මේ වසර වන විට නැවතත් ඩෙංගු රෝගය උත්සන්න වී තිබේ.

‘‘ගිය අවුරුද්දෙ ඩෙංගු මැඩ පවත්වන්න සෞඛ්‍ය අංශ ලොකු මැදිහත් වීමක් කළා. ඒ කැපවීම නිසා ඇත්තටම ඩෙංගු රෝගීන් මිය යාම අඩු වුණා. ඒත් දැන් ආයෙමත් ඩෙංගු රෝගය වැඩි වෙනවා. සෞඛ්‍ය අංශ වල හිඩැසක් තියෙන නිසයි මෙහෙම වෙන්නෙ. හැකි ඉක්මනින් මේ තත්ත්වය පාලනය කරන්න පියවර නොගත හොත් නැවතත් ඩෙංගු රෝගය වසංගතයක් වීමේ අවදානම තියෙනවා.’’ ඩෙංගු රෝගයට භාජනය වූ හෙද නිලධාරී අවිස්සාවේල්ලේ ඉන්දික සම්පත් පැවසුවේය.

මේ වන විට ඩෙංගු රෝගය පැතිරීයාම වළක්වා ලීමට අවශ්‍ය සියථම පියවරයන් ගන්නා බව වසංගත රෝග ඵීද්‍යා කාර්යංශය ප‍්‍රකාශ කරයි. ඒ සදහා කියුබාවෙන් ගෙන්වන බී ටී අයි බැක්ටීරියාව ඩෙංගු පැතිරී යන ප‍්‍රදේශ වල හැකි ඉක්මනින් යෙදීමට බලාපොරොත්තු වන බව සෞඛ්‍ය අමාත්‍යංශය ප‍්‍රකාශ කළේය. විශේෂයෙන්ම ගුවනේ සිට මේ බැක්ටීරියාව විසිරුවා හැරීමට පියවර ගන්නා බව සෞඛ්‍ය අමාත්‍යංශය පෙන්වා දෙයි.

  • Share/Bookmark

එක්සත් රාජධානියට තියෙන අයිතිය මොකක්ද

March 4, 2010 by Editor  
Filed under Featured, Stories


ගෝලීය දෙමළ සංවිධානය මඟින් පසුගිය දිනක පැවැත්වූ සමුලුවකදී ඬේවිඩි මිලි බෑන්ඩි කළ ප‍්‍රකාශය වෙනුවෙන් අද පැවති කරඩිනටි තීරණ දැනුම් දීමේ  මාධ්‍ය සාකච්ඡාවේදී මහාචාර්ය ජී එල් පීරිස් පවසා සිටියේ ලංකාවෙන් පරිපාහිර එල් ටී ටී ඊ ආණ්ඩුවක් පිහිට විය යුතු   බවට ගෝලීය දෙමළ සංවිධානය පැවසූ ඇති බවයි.

“එක්සත් රාජධානියට තියෙන අයිතිය මොකක්ද මේ රට ගැන මත පල කරන්න. මේවා අපේ රටේ ප‍්‍රශ්ණ. රට අභ්‍යන්තරයේ තියෙන ප‍්‍රශ්ණ සාකච්ඡුා කරන්න අයිතියක්  එ් අයට නැහැ. රට අභ්‍යන්තරයේ මිනිස්සුන්ටයි එ් ප‍්‍රශ්ණ  කතා කරන්න අයිතිය තියෙන්නේ.”

අන්තර්ජාලය හරහා මෙරට ඇඟලුම් පිළිබඳව ගෙනයන ප‍්‍රචාරයන් සිදු වන්නේද එකී ප‍්‍රකාශයේ ප‍්‍රතිපලයක් ලෙස බවයි මහාචාර්ය පීරිස් පවසන්නේ.

“යූ ටියුබ් හරහා අපේ රටේ ඇඟලුම් ගන්න එපා කියනවා. මේවා  කියන්නේ මිලි බෑන්ඞ් නිසා. ඔහු කීවේ මොනවද කියන එක නෙවෙයි ප‍්‍රශ්ණෙ තියෙන්නේ එතන්ට ඔහු සහභාගී වුණ එකයි තියෙන ප‍්‍රශ්ණෙ. මෙයින් ව්‍යංගයෙන් කියැවෙන්නේ මොකක්ද කියලා හිතන්න පුලුවන් කමක් තියෙන්න  ඕන.” හෙතෙම පැවසුවේය.

හිටපු අග විනිසුරුවරයා සරත් ෆොන්සේකා අත් අඩංගුවට ගැනීම සම්බන්ධයෙන්  කළ ප‍්‍රකාශය සම්බන්ධයෙන්ද මෙහි දී සාකච්ඡා විය.

හිටපු අගවිනිසුරුවරයා සඳහන් කර ඇත්තේ සරත් ෆෝසේකා අත්අඩංගුවට ගැනීම හා රඳවා තබා ගැනීම නීතිවිරෝධී බවත් ජාත්‍යන්තර නීති පවා උල්ලංඝනය කර මෙම අත් අඩංගුවට ගැනීම සිදු කළ බවත්ය.

“එක වැරදි නම් පසු ගිය අඟහාරුවාදා ශේ‍්‍රෂ්ඨාධිකරණය එකඟ වෙනවා මොහුව ඇප මත නිදහස් කරන්න. මේ ඉදිරිපත් කරලා තියෙන්නේ මානව හිමිකම් පිළිබද පෙත්සමක්. බැලූ බැල්මට මේවායේ සාධාරණ සාක්ෂි තියෙනවා නම් කැපී පෙනෙන දෙයක් තියෙනවා නම් නිදහස් කරන්න තීරණය කරනවා.” හෙතෙම සඳහන් කළේය.

ඕනෑම පුද්ගලයකුහට විවේචනාත්මක මත ඉදිරිපත් කිරීමේ හැකියාව පවතින බවත් නමුදු  කුමන්ත‍්‍රණ කිරීමේ අයිතියක නොමැත් බව මහාචාර්යවරයා ප‍්‍රකාශ කර සිටියේ රාජපක්ෂ පවුල පිළිබඳව ගවේශණය කිරීම සඳහා යොදවා ඇති පොලිසි කණ්ඩායමක් පිළීබඳව මාධ්‍යවේදීයකු නැඟූ ප‍්‍රශ්ණයකට පිළීතුරු ලබා දෙමිනි.

“කවුරුවත් සඳහා කියලා විශේෂ ආයතන පිහිටවලා නැහැ.  රටේ සාමාන්‍ය නීතිය හැමෝටම පොදුයි නම් ඇයි විශේෂ ආයතන පිහිටවන්නේ. ” හෙතෙම පැවසුවේය.

  • Share/Bookmark

2020 දී වැඩිහිටි ජනගහනය ඉහළට

March 3, 2010 by Editor  
Filed under Featured, Stories

වසර දෙදහස් විස්ස වන විට ශ‍්‍රී ලංකාවේ වැඩිහිටි ජනගහනය 20% ඉහළ යනු ඇතැයි සෞඛ්‍ය අමාත්‍යංශය සඳහන් කරයි. මෙයට හේතු වී ඇත්තේ පසුගිය වකවානුවේ ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය ක්ෂෙත‍්‍රය සංවර්ධනය වීම සහ පුද්ගලයන් නිරෝගීව සිටීමට එයින් සිදු කෙරෙන බලපෑම බව සෞඛ්‍ය අමාත්‍යාංශය පෙන්වා දෙයි.

‘‘ සෞඛ්‍ය පහසුකම් වැඩි දියුණු වෙන කොට පුද්ගලයන්ගේ ආයු අපේක්ෂාව වැඩි දියුණු වෙනවා. 1947 වසර ගත්තොත් පුද්ගලයෙකුගේ සාමාන්‍ය ආයු අපේක්ෂාව අවුරුදු 47යි. එහෙත් දෙදහස් නමය වන ගත් විට පුද්ගලයෙකුගේ සාමාන්‍ය ආයු අපේක්ෂාව අවුරුදු 72ක්. මෙහිදී පුරුෂයෙකුගේ සාමාන්‍ය ආයු කාලය අවුරුදු 77ක් පමණ වෙනවා. ස්ත‍්‍රියකගේ ආයු අපේක්ෂාව සාමාන්‍යයෙන් අවුරුදු 74ක් පමණ වෙනවා. මෙය සෞඛ්‍ය පහසුකම් වැඩි දියුණු වීමේ එක්
ප‍්‍රතිඵලයක්.’’ සෞඛ්‍ය අමාත්‍යංශයේ ප‍්‍රකාශකයෙකු පැවසුවේය.

අනෙක් කාරණය වන්නේ මේ වන විට ළදරු මරණ අනුපාතිකය අඩු මට්ටමක පැවතීමද ඉදිරි වසර කිහිපය තුළ වැඩිහිටි පුරවැසි සංඛ්‍යාව ඉහළ යාමට හේතුවක් වීමයි.

එහෙත් වැඩිහිටි ජනගහනය ඉහළ යාමත් සමඟ සෞඛ්‍යමය ගැටලූද රාශියක්ද ඇති විය හැකි බවද සෞඛ්‍ය අමාත්‍යාංශය අවධාරණය කරයි. විශේෂයෙන්ම වැඩිහිටියන්ට අංශභාගය හෙවත් බාලපක්ෂඝාත රෝගය වැළදීමේ වැඩි ඉඩකඩක් තිබේ. මෙය වැඩිහිටි පුරුෂ පක්ෂයේ පුද්ගලයන්ට බහුලව වැළදිය හැකි බව සෞඛ්‍ය අමාත්‍යංශය පෙන්වා දෙයි.

වැඩිහිටි පුරවැසියන්ගේ සංඛ්‍යාව ඉහළ යාමත් සමඟ රජය විසින් ඔවුන් වෙනුවෙන් සුබසාධක වැඩසටහන් ක‍්‍රියාත්මක කිරීමට අවධානය යොමු කළ යුතුව ඇතැයිද සෞඛ්‍ය අමාත්‍යාංශය පෙන්වා දෙයි.

  • Share/Bookmark

රාජ්‍ය නිළධාරීන් ඇමතිවරුන් මැතිවරණ නීති උල්ලංඝනය කරයි නම් ශේෂ්ඨාධිකරණයට

March 1, 2010 by Editor  
Filed under Featured, Stories


මහ මැතිවරණ නිරීක්ෂණය කිරීමේ කටයුතු මේ වන විටත් ආරම්භ වී ඇති බව මානව හිමිකම් පිළිබඳ විද්වත් සංසදය ප‍්‍රකාශ කර සිටී.ජනාධිපත්වරණ්‍ය සඳහා යොදා ගත් නිරීක්ෂකයන් 3781 දෙනා මේ වන විටත් නාමා යෝජනා භාර දීමෙන් අනතුරුව නිරීක්ෂණ කටයුතු නිඵ වශයෙන් ආරම්භ කළ බවයි මානව හිමිකම් පිළිබඳව විද්වත් සංසදයේ ප‍්‍රධාන විධායක ආචාර්ය උදිත ගුණසේකර පවසා සිටින්නේ.

ආචාර්ය ගුණසේකර පවසන පරිදි 2010 මහ මැතිවරණය ජනවාරි 26 වන දින ජනාධිපතිවරණයේ පශ්චාත් මැතිවරණ ප‍්‍රචණ්ඩ කි‍්‍රයා අඛණ්ඩව සිදුවෙම්න් පවතින සමයකය. එම නිසා මෙවර මහමැතිවරණය මෙරට මහ මැතිවරණය පිළිබඳව පලුදු වී ඇති විශ්වාසය නැවත ඇති කර ගැනීම සඳහා යොදා ගැනීම වැදගත් බවයි ආචාර්ය ගුණසේකර පෙන්වා දෙනු ලබන්නේ.

ආචාර්ය ගුණසේකර පවසන පරිදි මහ මැතිවරණය ප‍්‍රකාශයට පත් කළ දිනයේ සිට සුපුරුදු පරිදි මැතිවරණ නීතී උල්ලංඝනය කිරීමිද ආරම්භ විය.දැවැන්ත කටවුට් පෝස්ටර් නගර පුරා ප‍්‍රදර්ශණය කරමින් ප‍්‍රදාරක කටයුතු වලට අදාල මැතිවරණ නීති උල්ලංඝනය කිරීම සියලූම දේශපාලන පක්ෂ සිදු කළහ.පොදු දේපළ ද මේ වන විට 110 වන ඇමති මණ්ඩලය තම නිළ බලය භාවිත කරමින් සම්පත් අපහරණය සිදු කරන බවද හෙතෙම සඳහන් කළේය.

එමෙන් මාධ්‍ය පිළිබඳව අදහස් දක්වන හෙතෙම පෙන්වා දෙනු ලබන්නේ රාජ්‍ය මාධ්‍ය සුපුරුදු පරිදි එක්සත් ජනතා නිදහස් සන්ධානය වෙනුවෙන් පක්ෂවද සහ විපක්ෂය වෙනුවෙන් විරුද්ධවද ප‍්‍රචාරක කටයුතු ආරම්භ කර ඇති බවයි. මේ තුළින් බරපතල ලෙස ජනමතය විකෘති කිරීමක් සිදු වන බවයි හෙතෙම පවසා සිටියේ.

ජනමාධ්‍ය අමාත්‍යාංශ්‍ය රජයට පවරා ගැනීම රාජ්‍ය ආයතන පාලනය සඳහා මැතිවරණ කොමසාරිස්වරයාට මැදිහත් වීමට තිබූ බලතල අභියෝගයට ලක් කිරීමක් ද යන්න සැක සහිත බවයි අහතෙම පවසා සිටින්නේ.

17 වන සංශෝධනය අක‍්‍රීයව තිබියදී ශෙෂ්ඨාධිකරණ නියෝග ඵවා පිළ නොපදින තත්ත්වයක රාජ්‍ය යාන්ත‍්‍රණය පවතිද්දී ඉතිහාසයේ වැඩිම බලතල සහිත මැතිවරණ කොමසාරිස්වරයා තම අවම බලතල හෝ
ක‍්‍රියාත්මක නොකරන තත්ත්වයක් තුළ මැතිවරණයක් පැවැත්වීම ප‍්‍රායේගික නොවන බවයි ආචාර්ය ගුණසේකර පවසා සිටින්නේ.

ආචාර්ය ගුණසේකර වැඩිදුරටත් පවසන්නේ රාජ්‍ය ආයතන නිදහස් සාධාරණ මැතිවරණයක් සඳහා සහය නොදෙයි නම් රාජ්‍ය නිළධාරීන් ඇමතිවරුන් මැත්වරණ නීති උල්ලංඝනය කරයි නම් මැතිවරණ කොමසාරිස් වරයා ශ්‍රේෂ්ඨාධිකරණයේ සහය ලබා ගනිමින් එ් ආදාල කි‍්‍රයාමාර්ග ගත යුතු බවයි.

  • Share/Bookmark

ජනාධිපතිවරණ ප‍්‍රතිඵල දූෂිත නැහැ – මැතිවරණ කොමසාරිස්

February 3, 2010 by Editor  
Filed under Featured, Stories

ජනාධිපතිවරණයේ ප‍්‍රතිඵල දූෂිත නොවන බවත් මේ ප‍්‍රතිඵල පිළිබදව කිසිදු සැකයක් නොමැති බවත් මැතිවරණ කොමසාරිස් දයානන්ද දිශානායක සදහන් කළේය.

මැතිවරණ ප‍්‍රතිඵල නිකුත්වීමෙන් පසුව නොයෙක් පුද්ගලයින් විසින් මැතිවරණ ප‍්‍රතිඵල පිළිබදව විවිධ ප‍්‍රකාශ නිකුත්කළත් එම ප‍්‍රකාශයන් තමන් ප‍්‍රතික්ෂේප කරන බවද මැතිවරණ ප‍්‍රතිඵල පිළිබදව ඇතිවී තිබෙන ආන්දෝලනාත්මක තත්වය පිළිබදව අදහස් දක්වමින් මැතිවරණ කොමසාරිස් කාර්යාලයේදී පෙබරවාරි 3 වැනිදා පැවති ප‍්‍රවෘත්ති සාකච්ඡුාවකදී මැතිවරණ කොමසාරිස්වරයා පැවසුවේය.

‘‘මැතිවරණයදූෂිතනම් ඒ සදහා ගතයුතු ක‍්‍රියාමාර්ග තිබෙනවා. මැතිවරණය දූෂිතනම් ශ්‍රේෂ්ඨාධිකරණය හමුවට ගොස් මැතිවරණ පෙත්සමක් ගොනුකළ හැකියි.’’ දිශානායක කීවේය.

මැතිවරණ ප‍්‍රතිඵල පිළිබදව කිසියම් ආකාරයේ නීතිමය කි‍්‍රයාමාර්ගයක් ගන්නේනම් දින විසි එකක් ඇතුළත එම නීතිමය ක‍්‍රියාමාර්ග ගත යුතුව ඇතැයි මැතිවරණ කොමසාරිස්වයා පැවසුවේය. මේ වන විට මැතිවරණ ප‍්‍රතිඵල නිකුත්වී දින හතක් අවසන්ව තිබෙන නිසා තවත් දින දාහතරක් ඇතුළත අදාල නීතිමය පියවර ගත යුතුයැයි හෙතෙම කීය. මැතිවරණ ප‍්‍රතිඵල දූෂිත බව කියමින් පුවත්පත් සාකච්ඡුා පැවැත්වීම හා ප‍්‍රභූවරුන් හමුවී කරුණු ඉදිරිපත් කිරීම වෙනුවට කළ යුතුව ඇත්තේ අධිකරණය හමුවට යාම වන බවද දිශානායක සදහන් කළේය.

‘‘මේ පිළිබදව අධිකරණයට ගියොත් අපිට නොවලහා කරුණු ඉදිරිපත් කළ හැකියි.’’ මැතිවරණ කොමසාරිස්වරයා කීවේය.

මැතිවරණ ප‍්‍රතිඵල දූෂිත නොවන බව මැතිවරණ කොමසාරිස්වරයා ප‍්‍රකාශ කළ නමුත් මැතිවරණය පෙර කාලයේ සිදුවී සිදුවීම් පිළිබදව ඔහු කිසිසේත්ම සෑහීමකට පත්වන්නේ නැත. ‘‘මැතිවරණ කාලයට පෙර කාලයේදී අපි දුටු දේ තමයි නීතිය ඉක්මවා කටයුතු කිරීම. මැතිවරණයට පෙර බැනර් පොස්ටර් ප‍්‍රදර්ශණය කිරීම නීති විරෝධී වුවත් මෙය සිදුවුනා. පෙළ පාලි යාම නීති විරෝධී වුවත් ඒ සියලූදේම සිදුවුනා.’’

මැතිවරණයට පෙර ඇතිවූ නීති විරෝධී ප‍්‍රචාරක කටයුතු මැතිවරණ කටයුතු ආරම්භ වී ෂති දෙකක් යන විට පොලීසියේ සහයෝගයෙන් පාලනය කිරීමට හැකියාව ලැබුනත් පෝස්ටර් ඉවත්කරන විට අලූතින් තවත් පෝස්ටර් අලවන තත්වයක් දැකීමට හැකිවූයේයැයි මැතිවරණ කොමසාරිස්වරයා කීවේය.

මැතිරණයට පෙර තත්වය පිළිබදව ෂතුටුවීමට නොහැකි නමුත් මැතිවරණ දිනයේදී හා ඉන් පසුව තත්වය පිළිබදව සෑහීමටක පත්විය හැකියැයි මැතිවරණ කොමසාරිස්වරයා කියයි. ‘‘ඡන්ද පොළ ආශ‍්‍රිතව කිසිදු කරදරයක් නැතිව ඡන්දය පාවිච්චි කළා. ඡන්දය ශූන්‍ය කිරීමට කිසිදු හේතුවක් තිබුනේ නැහැ.’’ හෙතෙම කීවේය.

මෙවර ඡන්ද ගණන් කිරීමෙන් පසුව ඒ ඒ ගණන්කිරීමේ මධ්‍යෂ්ථානවල ප‍්‍රතිඵල නිකුත්කිරීමේදී අදාල ප‍්‍රතිඵල ලේඛන කාබන් කොළවල සකස් කිරීමට මැතිවරණ කොමසාරිස්වරයා විසින් අවසර ලබාදී තිබුණි. එහි මුල් පිටපත ප‍්‍රතිඵල නිකුත්කිරීමේ මධ්‍යස්ථානය වෙත එවන අතර කාබන් පිටපත් තුනක් වැඩිම ඡන්ද සංඛ්‍යාවක් ගත් අපේක්ෂකයාගේ නියෝජිතයින් වෙත ලබාදෙයි. තවත් කාබන් පිටපතක් ඡන්ද ගණන් කිරීමේ මධ්‍යස්ථානයේ ප‍්‍රදර්ශණය කළේය. අවසාන කාබන් පිටපත ගණන්කිරීමේ නිලධාරියාගේ කාර්ය පටිපාටි ලේඛනයට ඇතුළත් කර තිබුණි.

‘‘මේ ක‍්‍රියාදාමය සෑම තැනකම කළා. මේ නිසා අදාල අපේක්ෂකයින්ට මැතිවරණ ප‍්‍රතිඵල කලින්ම දැනගැනීමට අවස්ථාව තිබුණා.’’ මැතිවරණ කොමසාරිස්වරයා කීවේය.

මැතිවරණය පැවැත්වූ ජනවාරි 26 වැනිදා රාත‍්‍රියේ සිට මැතිවරණ කොමසාරිස්වරයා පිළිබදව වන විවිධ කට කතා පැතිර ගිය අතර ඇතැම් කටකතාවකින් කියවුනේ ඔහු නිවාස අඩස්සියේ සිටින බවයි. තවත්  කටකතාවකින් ඔහු රෝහල්ගතකර ඇති බවත් පසුව රිය අනතුරකට භාජනය වී ඇති බවත් කියවිණි.

‘‘මෙවැනි දේවලි ඉතිහාසයේ කදාවත් සිදුවෙලා නැහැ. මැතිවරණ ප‍්‍රතිඵල නිකුත්කරන අවස්ථාව වන විට මම පැය තිස් හතක් එක දිගට කාර්යාලයට වී වැඩ කරමින් සිටියා. මේ කට කතා ඒ වන විට තිබූ පීඩනය තවත් වැඩිකළා.’’ දිශානායක පැවසීය.

මැතිරවණ කොමසාරිස්වරයා මාධ්‍ය හමුවට පැමිණීමට පෙර ඔහු විපක්ෂයේ පොදු අපේක්ෂකයා ලෙසින් මැතිවරණයට ඉදිරිපත්වූ සරත් ෆොන්සේකා හමුවිය. රත්නපුර ඡන්ද ගණන්කිරීමේ මධ්‍යස්ථානය අසල තිබී ඡන්ද පත‍්‍රිකා හැට හතරක් හමුවී තිබෙන බව ඉන් පසුව මාධ්‍ය වෙත අදහස් දැක්වූ ෆොන්සේකා කීවේය.

‘‘මෙම ඡන්ද පත‍්‍රිකා පුළුස්සා තිබෙනවා. මේ හමුවී තිබෙන්නේ පිළිස්සූ ඡුන්ද පත‍්‍රිකා අතරින් කොටසක්. මින් විසි හතක් පැහැදිළිව හංසයාට ලකුණු කර තිබන ඒවා.’’ ෆොන්සේකා කීවේය. මෙම ඡුන්ද ප‍්‍රතිඵල ශූන්‍ය කරන ලෙස මැතිවරණ කොමසාරිස්වරයාගෙන් ඉල්ලා සිටි බවද හෙමෙත කීය.

මේ පිළිබදව තමන් පරීක්ෂණයක් කරන බවද මැතිවරණ කොමසාරිස්වරයා කීවේය.

වත්මන් මැතිවරණ කොමසාරිස්වරයා සිය ධුරයෙන් ඉවත් වීමට අවස්ථා කීපයකදී සූදානම් වූ නමුත් මේ වනතෙක් ඒ සදහා අවස්ථාවක් ලැබුනේ නැත. ජනාධිපතිවරණයෙන් පසුව තවත් මැතිවරණයක් සදහා තමන් මැතිවරණ කොමසාරිස්වරයා වශයෙන් කටයුතු නොකරන බව ඔහු මීට පෙර ප‍්‍රකාශ කළ අතර ඔහු තමන් දැක්වූ ස්ථාවරය වෙනස් කරගෙන තිබේ.

‘‘මගේ නිලධාරීන් පසුගිය සෙනසුරාදා හමුවී ඔවුන් අතරමං නොකරන ලෙස ඉල්ලා සිටියා. ඒ වගේම විපක්ෂයේ දේශපාලන පක්ෂද මෙම ධුරයේ රැදී සිටින ලෙස ඉල්ලා සිටියා. මේ නිසා පාර්ලිමේන්තු ඡන්ද විමසීම මම කරනවා’’

Elections Commissioner Dayananda Dissanayake says the Presidential election results were not distorted and that there were no doubts about it. Addressing a press conference on the controversy surrounding the election results, Dissanayake said if the results were distorted, legal action could be taken within 21 days of the announcement of results. He said that although there were election law violations leading up to the election, there have been no such incidents on election day and post election period. Dissanayake has also launched an inquiry into the marked ballot papers found in a Ratnapura dump.

By Sanjaya Nallaperuma

  • Share/Bookmark

සමෘද්ධිමත් හෙටක් උදෙසා වැව් ගම්මාන සුරකිමු

February 3, 2010 by Editor  
Filed under Featured, Stories

වියළි කලාපයේ පවතින දීර්ඝ කාලීන නියඟයට ඔරොත්තු දීමට නම් සාම්ප‍්‍රදායික වැව් ගම්මාන පද්ධතිය ආරක්ෂා කරගත යුතුව ඇතැයි පරිසරවේදීහු පෙන්වා දෙති.
‘‘වර්තමානය වන විට වැව් ගම්මාන පද්ධතිය විනාශ වී යාම හේතුවෙන් වියළි කලාපයේ ජනතාවට කෙටි නියඟකට පවා මුහුණ දීමට නොහැකි වෙලා.’’ පරිසරවේදී ආචාර්ය පී.බී ධර්මසේන ප‍්‍රකාශ කළේය. පසුගියදා පැවති ලෝක දේශගුණික විපර්යාසය පිළිබඳ වැඩමුථවට සහභාගී වෙමින් ඔහු මේ බව අවධාරණය කළේය.

‘‘සෑම වසරකදීම ජූනී මාසයේ සිට සැප්තැම්බර් මාසයේ අවසානය දක්වා වියළි කලාපයේ දැඩි නියගයක් පවතිනවා. මේ කාලය තුළදී ඵලදායි වැස්සක් ලැබෙන්නේ කලාතුරකින්. සියථ වනාන්තර හා ස්ථිර බෝග යැපෙන්නේ පසේ රැඳුණු තෙතමනය හා ජලය මගින්. මිනිසා ශාක සහ සතුන් මේ වාර්ෂික නියං සමයට හුරු පුරුදු වෙලා. අතීතයේදී වියළි කලාපයේ ගොවියා නියං කාලයට
ප‍්‍රයෝජනයට ගැනීමට කුඩා ජලාශ වල දිය එක් රැුස් කර තැබුවා. දැඩි නියං සමයක් නම් වැව් පත්ල වල ළිං හාරා ගත්තා.’’ එහෙත් විවිධ නූතන තාවකාලික ක‍්‍රම නිසා මේ වන විට තත්ත්වය වෙනස් වෙමින් පවතින බව ධර්මසේන පෙන්වා දුන්නේය.

‘‘දැන් වියළි කලාපයේ වැසියන්ට කෙටි නියගයකටවත් ඔරොත්තු දෙන්න බැහැ. මහ කන්නයේ සිටුවන බොහෝ  භෝග වර්ග මෙම නියං කාලයේදී ජල හිඟ කමින් මිය යනවා. මේ නිසා නියං කාලයේදී උස් බිම් වල පිහිටි ගෙවතු වල ශාක ආවරණයක් වත් ඇති වන්නේ නැහැ.’‘ ධර්මසේන ප‍්‍රකාශ කළේය. වියළි කලාපයේ කුඩා වැව් ගම්මාන පද්ධතියේ තිරසාර පැවැත්ම හේතුවෙන් කලින් කලට සිදුවූ පරිසර ව්‍යසනයන්ගෙන් ආරක්ෂා වීමට එය හේතුවක් වී තිබේ.
වැව් ගම්මාන බිහි වීම කෙරෙහි අභිමානවත් ඉතිහාසයක් ඇති බව ඉතිහාසඥයෝ පෙන්වා දෙති. අතීතයේ මිනිසා සිය අහාර අවශ්‍යතා සපුරා ගැනීම කෙරේ ජලය එක් රැුස් කිරීමට විවිධ ක‍්‍රම යොදා ගත්හ. විශේෂයෙන් වැසි ජලය එක් රැස් කිරීමට ඔවුහු උත්සුක වූහ. එහි ප‍්‍රතිඵලයක් ලෙස කුඩා වැව් බිහි වීම ආරම්භ විය. විශෙෂයෙන්ම මෙහිදී වඩාත් වැදගත් වන්නේ එල්ලංගා වැව් පද්ධතියයි. එල්ලංගා වැව් පද්ධතිය වඩාත් සුවිශෙෂී වන්නේ එය වියළි කලාපයේ ජලය කාර්යක්ෂමතාවයෙන් යුක්තව භාවිතා කිරීමට සුදුසු ක‍්‍රමවේදයක් බැවිනි. මෙම ක‍්‍රමයේදී ඉහළ පිහිටි වැව් වලින් නිකුත්වන සහ කාන්දු වන ජලය පහළ පවතින වැවේ එකතු කොට ගෙන එහි පහළ පවතින කුඔුරු සඳහා නැවත භාවිතයට ගැනීම සිදු කොට ඇත.

‘‘මෙම ක‍්‍රමය හොඳින් විස්තර කොට ඇත්තේ මහා පරාක‍්‍රමබාහු රජතුමා විසින්. එතුමාගේ ප‍්‍රසිද්ධ කියමනක් තියෙනවා. අහසින් වැටෙන එක දිය බිඳක් හෝ ලෝකෝපකාරයෙන් තොරව සාගරයට ගලා යාමට ඉඩ නොදිය යුතු බව. එය මේ සම්ප‍්‍රදායික වැව් ගම්මාන ක‍්‍රමය විස්තර කර ඇති හොඳම නිර්වචනයයි.’’ ධර්මසේන පැවසුවේය.
දෙදාළොස්වන ශතවර්ෂයෙන් පසුව වියළි කලාපය තුළ ජල ශිෂ්ටාචාරය කෙමෙන් විනාශ වන තත්ත්වයකට පත් විය. දේශගුණික විපර්යාස විදේශ ආක‍්‍රමණ දුර්භීක්ෂයන් පස නිසරු වීම හා ලවනතාව ඉහළ යාම වැනි හේතුන් මත වාරි පද්ධතිය පරිහානියට පත් විය. වැව් ගම්මාන පද්ධතියත් මේ සමඟ විනාශ වීම ආරම්භ විය.

‘‘වැව කියන්නේ ගමේ හදවත බඳුයි. වැව දුබල වුවහොත් ගම් වැසියාගේ ජිවිතය අනතුරේ. වැව අතහැර දැමීම නියඟයට අත වනනවා වගේ. වැව් ගම්මාන පද්ධතිය රැක ගැනීමට අවධානය යොමු කළ යුත්තේ ඒ නිසයි.’’ ධර්මසේන පැවසුවේය.
‘‘අතීතයේ සෞභාග්‍ය ඒ අයුරින්ම ලගා කර ලැනීමට අපට හැකියාවක් නැහැ. ඒත් අතීතයෙන් අපට ඉගෙන ගන්න පුථවන් පාඩම් බොහොමයක් තියෙනවා. තිරසාර සංවර්ධනයකට මේ දේ ගොඩක් වැදගත්. වැව් ගම්මාන අතීත තාක්ෂණයට අයිති දෙයක්. ඒත් මේ ක‍්‍රමය තව දුරටත් රැකගැනීම මඟින් වියළි කලාපයේ වැසියන්ගේ ජීවිත සමෘද්ධිමත් කළ හැකියි. විශේසයෙන්ම වියළි කලාපයේ වැසියන්ට නියගයට ඔරොත්තු දීමට හැකි පරිසරයක් බිහි කළ හැකියි.’’ ආචාර්ය ධර්මසේන අවධාරණය කළේය. ඒ සඳහා රජයේ විධිමත් මැදිහත් වීම සහ මේ පිළිබඳ ජනතාවගේ අවබෝධය වැදගත් බව ඔහු පෙන්වා දුන්නේය.

Environmentalists have pointed out the importance of protecting the traditional tank and village system in the dry zone. Environmentalist Prof. P.B. Dharmasena notes that the destruction of this traditional tank and village system has made it difficult for the people in the dry zone to face even a minor drought. Prof. Dharmasena observed that dry zone residents were currently unable to face a minor drought. He said that government intervention and creating awareness among people of the importance of the historical tank village system were needed to enable residents in the dry zone face drought conditions.

  • Share/Bookmark

විපක්ෂය ආර්ථික ප‍්‍රතිපත්ති ඉදිරි පත් නොකළේ කණ්ඩායම විසිරෙන නිසා

January 22, 2010 by Editor  
Filed under Featured, Stories

මහින්ද චින්තනයේ ආරථික ප‍්‍රතිපත්ති පදනම් කර ගනිමින් ජාතික ආරථික සභාව විසින් රජයේ ප‍්‍රවෘත්ති දෙපාර්තු මෙන්තුවේ අද (ජනවාරි 22) පැවති මාධ්‍ය සාකච්ඡාවකදී ආචාර්ය ලලිතසිරි ගුණරුවන් පවසා සිටියේ විපක්ෂයේ පොදු අපේක්ෂකයාගේ ප‍්‍රතිපත්ති ප‍්‍රකාශනයේ ආර්ථික ප‍්‍රතිපත්ති ඉදිරිපත් නොවී ඇති බවයි.මෙයට හේතුව ජෙනරාල් සරත් ෆොන්සේකා ආර්ථික විශේෂඥයින් අවශ්‍ය නොවන බව පැවසීම හා ඔවුන්ගේ සහය ලබා ගැනීමෙන් වැළකීම බවයි ගුණරුවන් පෙන්වා දෙනඅ ලබන්නේ.

‘‘ සරත් ෆොන්සේකාගේ ප‍්‍රතිපත්ති ප‍්‍රකාශනයේ ආර්ථික ප‍්‍රතිපත්ති තබා විදේශ ප‍්‍රතිපත්තිවත් රජයේ සිවභාවයවත් නැහැ. මහිනිද චින්තනයේ එ්කීය රාජ්‍යක් ගැන කියලා තියෙනවා. පැහැදිලි දැක්මක් තිබෙන නිසයි අපි කියන්නේ මේක හොදයි කායලා.රාජ්‍ය ආයතන පෞද්ගලීකරණය කරන එක නැවැත්තුවා. යටිතල පහසුකම් දියුණු කරන්න පටන් ගත්තා.’’ හෙතෙම පැවසුවේය.

පාන් වෙනුවට හාල් කන්නට පුරුදු කළ රජයක ඉදිරි දැක්ම පිළිබදව පැහැදිලි විශ්වාසයක් පවතින බවයි ආචාර්ය ගුණරුවන් පවසා සිටින්නේ.

‘‘මේ අයගේ ආර්ථික ප‍්‍රතිපත්ති ඉදිරිපත් කළොත් මේ අය එක්ක ඉන්න කණ්ඩායමක් හැලෙනවා. විදේශ ප‍්‍රතිපත්ති ගැන කීවොත් තවකණ්ඩායමක් හැළෙනවා.මේ නිසා මේ දේවල් ඉදිරිපත් කිරීමේ හැකියාවක් නැහැ.’’හෙතෙම පැවසුවේය.

අප රටෙහි ගාමක තත්ත්වයක් ඇති වන්නට පුලුවන. අප රටෙහි දේශපාලන නිදහස ලබා ගත්තද ආර්ථිකමය නිදහස ලබාගෙන නොමැති බවට ඇතමකු චෝදනා කරන බවට ආචාර්ය ගුණරුවන් ප‍්‍රකාශ කළේය.

‘‘ස්වාධීන දේශීය ආර්ථික ක‍්‍රමයක් පිළිබදව කතා කරනවා. අපි කොහොමද මේක කරන්නේ. ස්වාධීන දේශීය අර්ථ ක‍්‍රමයක් නිර්මාණය කිරීමෙන් මේක කරන්න පුලුවන්. 100% ක් හැමදෙයක්ම දේශීය වශයෙන් කරන්න බැරි වුණත් හැකි  පුලුවන් තරම් දේවල් ගන්න උත්සහ කරනවා. දේශීය වශයෙන් අනන්‍යතාවය රැකෙන විදියට මේ හැම දෙයක්ම කරන්න පුලුවන් ක‍්‍රමයක් තියෙන්නේ මහින්ද චින්තනය තුළ.’’ හෙතම පැහැදිලි කළේය.

මෙම සාකච්ඡුාවට සහභාගී වෙමින් ආර්ථික විශේෂඥ මහාචාර්ය බුද්ධදාස හේවා විතාරණ පවසා සිටින්නේ අතීතයේ ඉඳි වූ ගුවන් තොටුපළවල් වරායවල් වලට අමතර නව වරායන් මෙන්ම ගුවන් තොටුපළවල් ඉදිවන්නට ආරම්භ වන්නේ මෙම ආණ්ඩුව යටතේ බවයි. එකී හේතුව නිසාවෙන් නව රැකියා අවස්තා බිහි වීමේ ඉඩකඩද වැඩි බවයි හෙතෙම පෙන්වා දෙනු ලබන්නේ.

‘‘ ආර්ථිකය ගෙනියන්න පිටිපස්සෙන් ඉදගෙන තල්ලූ කරලා වැඩක් නැහැ. ඉස්සරහින් ඇඳාගන යන්න  ඕන. ඒ සඳහා නායක අංශය වැදගත් වෙනවා. එක නායක අංශයක් දුවල වෙද්දි තව එකක් ඉස්සරහට එනවා. නිෂ්පාදන අංශය දියුණු වෙද්දි වෙළදපොළවල් නිරිමාණය වෙනවා. ධාවන නායක අංශය හැටියට ස්වභාවික සම්පත් මූලින වෙනවා.’’ මහාචාර්ය හේවා විතාරණ පැවසුවේය.

මෙතෙක් උපයෝගී කර නොගත් දෙයක් ආර්ථික සංවර්ධනය සඳහා යොදා ගන්නා බව හෙතෙම පැවසුවේය.එකී සම්පත ලෙස එතුමා හඳුන්වා දෙනු ලබන්නේ භූගෝලීය පිහිටීමය. ඒ මත ආර්ථික සංවර්ධනය සඳහා අවශ්‍ය නායක අංශ ගොඩ නැඟිය යුත බවයි හෙතෙම පෙන්වා දෙනු ලබන්නේ.

‘‘ ආර්ථික සංවර්ධනයට අවශ්‍ය පංච බලවේග ලෙස නාවුක ප‍්‍රවාහන කේන්ද්‍රය ගුවන් ප‍්‍රවාහන කේන්ද්‍රය වානිජ කටයුතු පිළිබඳ කේන්ද්‍රය දැනුම සහ බලශක්ති කේන්ද්‍රය. මේ දේවල් දියුණු කරන්න භූගෝලීය සාධකය වැදගත් වෙනවා. බංගලාදේශය, සුඩානය , හයිටි බගේ රට වලට දියුණු වෙන්න බැරි වෙලා තියෙන්නේසමාජ ස්ථාවරත්වයක් වගේම දේශපාලන ස්ථාවරත්වයක් නොමැති වීම.’’ හෙතෙම පැවසුවේය.
The National Economic Council at a press conference on the Mahinda Chinthana policies said the policy statement of the opposition candidate does not include any economic policies. Dr. Lalithasiri Gunaruwan observed that the opposition candidate’s policy statement did not include his policies on important issues. Economist Dr. Buddhadasa Hewa Vitharana addressing the media said that the country’s geographical location would be to develop the economy and that it would happen under the Mahinda Chinthana policies.

  • Share/Bookmark

President writes to undergrads

January 21, 2010 by Editor  
Filed under English, Stories

In the final week leading up to the 2010 Presidential Election, university undergraduates from around the country have been receiving a personally addressed letter from President Mahinda Rajapaksa.

The letters bear the stamp “Election-related documents” which ensures that they are exempted from stamp charges. The letters arrive at the home addresses of the undergraduates.

The letter summarizes the President’s work in the last four years with regard to improving tertiary education in Sri Lanka and emphasizes that such work was conducted concurrent to dealing with other issues such as the ethnic conflict, the global economic crisis, the fuel crisis, etc.

It also sets out his future plans  to developing universities and ensuring that graduates who pass out of the institutions face a better future than their predecessors. The letter concludes with the President stating that he trusts the youth of the country to support him at this crucial juncture.

The other such bulk recepients of a similar letter are the pensioners.

The letters arrive amidst concerns of abuse of public property in the election campaign. Transparency International published their third report on the misuse of state property during the Presidential election and just yesterday the State and Independent Media Organizations Alliance alleged that state media is being improperly used for campaign purposes.
By Sachini Perera

  • Share/Bookmark

අන්තර්ජාලයේ පළමු ඉංග‍්‍රීසි සිංහල ශබ්ද කෝශය

January 6, 2010 by Editor  
Filed under Featured, Stories

New on-line English – Sinhala dictionary

උසස් පෙළ විභාගයට පෙනී සිටීමෙන් පසු සාමාන්‍ය ළමුන් බොහෝ දෙනෙක් පරිඝනක පාඨමාලා හෝ ඉංග‍්‍රීසි පාඨමාලා සොයාගෙන යයි. මෙවැනි ළමුන් අතරට එක්ව සිටි මධුර කුලතුංග උසස්පෙළ අධ්‍යාපනය හමාර කිරීමෙන් පසුව ජාතික තරුණ සේවා සභාව විසින් පවත්වාගෙන ගිය පරිඝනක පාඨමාලාවක් හැදෑරීම සදහා ඇතුළත් වුනේය. මේ වන විට පරිඝනකය පිළිබදව කිසිදු දැනුමක් මධුර සතුව පැවතියේ නැත. පරිඝනකයේ ඇති බොත්තම ඔබා පරිඝනකය පණ ගැන්වීමට සමත්වූ නමුත් එහි වැඩ කටයුතු කරන්නේ කෙසේද යන්න පිළිබදව ඔහුට දැනුමක් නොවීය.

පරිඝනක පාඨමාලාව හදාරන අතර වාරයේදී වැඩිදුර තොරතුරු ලබාගැනීම සදහා පරිඝනක පිළිබදව ලියවී ඇති පොතපත කියවීම අත්‍යවශ්‍ය දෙයක් බවට පත්ව තිබුනේය. පරිඝනක පිළිබදව ලියවී ඇති පොත් පත් බොහෝමයක් පළවී ඇත්තේ ඉංග‍්‍රීසි භාෂාවෙනි. එහෙත් මධුරගේ ඉංග‍්‍රීසි දැනුම එම පොත් කියවීමට තරම් ප‍්‍රමාණවත් වූයේ නැත. මේ නිසා සිංහලෙන් පරිඝනක පිළිබදව ලියවී ඇති පොත් පත් ගෙන කියවන්නට ඔහු හුරුවුනේය. එහෙත් වැඩිදුර අධ්‍යාපනයේ යෙදෙන විට පරිඝනක පිළිබදව සිංහලෙන් පමණක් තිබෙන පොත් කියවීම ප‍්‍රමාණවත් වූයේ නැත. මේ නිසා අපහසුවෙන් හෝ ඉංග‍්‍රීසි පොත් කියවීමට මධුර උත්සාහ ගත්තේය.

‘‘ඉංග‍්‍රීසි පොත්වල තියෙන දේවල් කියවලා තේරුම්ගන්න අපහසු වෙන බව පෙනුනත් කියවගෙන යන විට එහි ඇති බොහෝ දේවල් තේරෙන බව පෙනුනා. ඒත් අර්ථය පැහැදිළි නැති වචනවල තේරම බලාගත්තේ ශබ්දකෝශ පෙරලලා.’’ මධුර කියයි. ඉංග‍්‍රීසි පොත්කියවීමෙන් දැනුම තවදුරටත් වර්ධනය කරගැනීමට හැකියාව ලැබෙන බව ඔහුට අවභෝධ කරගැනීමට හැකියාව ලැබුනේය. මේ නිසා පරිඝනක පිළිබදව ලියවී ඇති ඉංග‍්‍රීසි පොත් වැඩියෙන් කිරවීමට මධුර පෙළඹුනේය.

මේ ආකාරයට පොතක් කියවන අතරවාරයේදී කිහිප වතාවක්ම අමාරු වචනවල තේරුම සොයාගැනීම සදහා ශබ්දකෝශ පෙරලීම මධුරට හිසරදයක් බවට පත්විය. මේ නිසා අමාරු වචනවල තේරුම සොයාගැනීම සදහා ඉතා පහසු ක‍්‍රමයක් පිළිබදව ඔහුගේ සිතේ අදහසක් ඇතිවුනේය. පරිඝනකයේ මෙවැනි ශබ්දකෝශයක් සකස් කරගැනීමට හැකියාව ලැබෙන්නේනම් ඉක්මනින් වචනවල තේරුම සොයාගත හැකි බවත් එය ඉතා පහසු ක‍්‍රමයක් වන බවත් ඔහු අවභෝධ කරගත්තේය.

මේ අතර වාරයේදී ජාතික තරුණ සේවා සභාවේ පරිඝනක පාඨමාලාව අවසන් කළ මධුර වැඩිදුර පරිඝනක දැනුම ලබාගැනීම සදහා පෞද්ගලික ආයතනයක පරිඝනක පාඨමාලාවක් හැදෑරීම සදහා ඇතුළත්ව තිබුණි. ඒ වන විට පරිඝනක මෘදුකාංග ෂකස් කිරීම පිළිබදව මධුර වැඩි දුර අධ්‍යාපනය ලබමින් සිටියේය.

1999 වසරේදී උසස්පෙළ විභාගය අවසන් කර පරිඝනක පාඨමාලා හැදෑරීම අවසන් කරන අවස්ථාව වන විට නිවසේ පරිඝනකයක් නොතිබුණත් 2002 වසර වන විට නිවසට පරිඝනකයක් ලබාගැනීමට ඔහු සමත් වූයේය. මේ කාලයේ පරිඝනකය ඔස්සේ භාවිතා කළ හැකි ඉංග‍්‍රීසි සිංහල ශබ්දකෝශයක් සකස් කිරීමට මුල් පියවර මධුර විසින් ආරම්භ කළේය. මේ කාලයේදී ඔහු ශබ්දකෝශයක තිබූ වචන පරිඝනකයේ ලිවීම ආරම්භ කළේය. මෙම ශබ්දකෝශයේ වචන පරිඝනකයේ ලිවීම ආරම්භ කරන විට පරිඝනකයෙන් සිංහල අකුරු ලිවීම පිළිබදව මධුරට දැනුමක් නොතිබුණත් කාලයක් යන විට එහි ප‍්‍රවීණයෙක් බවට පත්වීමට ඔහුට හැකිවිය. මේ අතරවාරයේදී ශබ්දකෝශයේ අලූත් සංස්කරණයක් වෙළදපොලට පැමිණියේය. එම ශබ්දකෝශයක් මිලට ගත් මධුර නැවත වරක් සියලූම වචන අලූතින් පරිඝනකයේ ලියුවේය.

‘‘මම පන්ති යන අතරේදී තමයි මේ වැඬේ කළේ. සමහර දවස්වල පන්ති ඉවර වෙන්න කලින් ගෙදර ඇවිත් මේ වැඩ පටන්ගන්නවා.’’ සමහර දිනවල රාත‍්‍රී දහය එකොළහ වන තෙක් එක දිගට පරිඝනක ශබ්දකෝශයක් සකස් කිරීම සදහා වැඩ කළ බව මධුර පැවසුවේය.

2002 වසරේ මුල් කාලය වන විට පරිඝනක ඉංග‍්‍රීසි සිංහල ශබ්දකෝශය සකස් කිරීමේ වැඩ කටයුතු රැුසක්ම අවසන් කිරිමට මධුරට හැකියාව ලැබුනේය. ලංකාවේ තොරතුරු තාක්ෂණය දියුණු වන විට පරිඝනක ආශි‍්‍රත ශබ්දකෝශයක අවශ්‍යතාවය වැඩියෙන්ම දැනෙන්නට විය. මේ නිසා ඉක්මනින්ම ශබ්ද කෝශයේ වැඩ කටයුතු අවසන් කිරීමට මධුර උත්සුක වූයේය. ඒ අනුව 2002 වසරේ නොවැම්බර් 23 වැනිදා මධුර ඉංග‍්‍රීසි සිංහල ශබ්දකෝශය හදුන්වාදෙනු ලැබීය.

‘‘මගේ යාළුවෙකුට මේ ශබ්දකෝශයේ පරිඝනක මෘදුකාංගය මුලින්ම ලබාදුන්නා.’’ මධුර කියය. නොමිලේ එම මෘදුකාංගය ඔහු විසින් ලබාදුන්නේය. එතැන් සිට පරිඝනකයට මෙම ශබ්දකෝශයේ මෘදුකාංගය ඇතුළත් කිරීම මගින් පහසුවෙන් ඉංග‍්‍රීසි වචනවල තේරුම සොයාගැනීමට අවස්ථාව උදාවුනේය. ඉංග‍්‍රීසි භාෂාවට අලූතින් එක්වන වචන එක්කරමින් පරිඝනක මෘදුකාංගයේ පැවති අඩුපාඩුකම් මග හරවාගනිමින් එයට නව අංග එක් කිරීමට මධුර කටයුතු කළේ ශබ්ද කෝශය භාවිතා කරන පුද්ගලයින් සදහා ගුණාත්මක සේවයක් ලබාදීම සදහාය.

2006 වසර වන තුරු ශබ්ද කෝශයේ මෘදුකාංග න්‍ැඩිදියුණු කිරීමට මධුර සමත් වුනේය. මේ කාලය වන විට ලංකාවේ අන්තර්ජාලය ප‍්‍රචලිත වෙමින් තිබුණි. ඒ නිසාම අන්තර්ජාලය ඹස්සේ ශබ්දකෝශය බෙදාහැරීමේ වැඩපිළිවෙලක් පිළිබදව මධුරගේ අවධානය යොමුවුනේය. මෙහි ප‍්‍රතිඵලයක් වශයෙන් 2007 වසරේදී මධුර ශබ්ද කෝශය සදහා වෙබ් අඩවියක් නිර්මාණය කළේය. නැවත වරක් 2008 වසරේදී www.maduraonline.com යන නමින් වෙබ් අඩවියක් ආරම්භ කළේය. ඒ මගින් මෘදුකාංගයක් පරිඝනකයට ඇතුල් නොකර ඉංග‍්‍රිසි වචනවල තේරුම බලාගැනීමට ඕනෑම අයෙක්ට අවස්ථාව හිමිවුනේය.

අන්තර්ජලායේ මධුර ඉංග‍්‍රීසි සිංහල ශබ්දකෝශය ජනප‍්‍රියවීමත් සමග අන්තර්ජාල පහසුකම් තිබෙන පරිඝනකයකින් ඕනෑම කෙනෙක්ට මධුර ශබ්දකෝශයේ සේවය ලබාගැනීමට අවස්ථාව හිමිවිය. අන්තර්ජාල පහසුකම තිබෙන පරිඝනකයකින් මෙම ශබ්දකෝශයෙන් වචනවල තේරුම බලා ගැනීම සදහා අවශ්‍ය වන්නේ යුනිකෝඩ් අකුරු පරිඝනකයේ තිබීම පමණි. යුනිකෝඩ් අකුරු නැති අයට එම අකුරු ලබාගැනීම සදහා පහසුකමද මධුර ඔන් ලයින් අන්තර්ජාල වෙබ් අඩවියෙන් ලබාගත හැකිය.

‘‘සිංහල අකුරු ලබාගන්නා ලෙස ලියා තිබෙන අයිකනය මත ක්ලික් කිරීම මගින් යුනිකෝඩ් අක්ෂර ලබාදෙන අයි.සී.ටී.ඒ. වෙබ් අඩවියේ අදාල පිටුව වෙත පැමිණීමට හැකියාව ලැබෙනවා. මේ නිසා පහසුවෙන්ම එම අකුරු පරිඝණකයට ලබාගැනීමට හැකියාව ලැබෙනවා.’’ මධුර කියයි.

මධුර මන් ලයින් වෙබ් අඩවියට පැමිණෙන අයෙක්ට වෙබ් පිටුවේ තිබෙන සෙවීම් කොටුව තුළ ඉංග‍්‍රීසි වචනයක් ටයිප් කිරීම මගින් එයට අදාල සිිංහල වචනයේ තේරුම සොයාගැනීමට අවස්ථාව තිබේ.

තමාට සෙවීමට අවශ්‍ය ඉංග‍්‍රීසි වචනය නිවරදිව ලියා නැතිනම් ටයිප් කළ වචනයට සමාන අකුරු තිබෙන වචන පෙළක් මධුර ශබ්ද කෝශය විසින් ලබාදෙයි. එවිට නිවරදි වචනය තෝරාගෙන එහි අර්ථය ලබාදෙන සිංහල වචනය සොයාගැනීමට අවස්ථාව ලැබෙයි. ‘‘වැරදි අකුරු ගැහුවත් නිවරදි වචනය සදහා වන යෝජනා ඉදිරිපත් වනවා. එවිට අදාල වචනය මත ක්ලික් කිරීම මගින් නිවරදි වචනය තෝරාගැනීමේ පහසුකමද මෙහි තිබෙනවා.’’ මධුර කීවේය.

තමාට සෙවීමට අවශ්‍ය වචනයේ මුල් අකුරු පමණක් දන්නේනම් මෙම ශබ්ද කෝශය මගින් නිවරදි ඉංග‍්‍රීසි වචනය තෝරාගැනීමට අවස්ථාව හිමිවන බවද මධුර කියයි.

‘‘උදාහරණයක් විදියට එම්. ඕ. කියන අකුරු දෙනෙක් පටන්ගන්නා වචන සෙවීමට අවශ්‍යනම් එම අකුරු දෙක සමග තරු ලකුණ ටයිප් කිරිම මගින් එම අකුරු දෙකෙන් පටන්ගන්නා සියලූම ඉංග‍්‍රීසි වචන සොයාගැනීමට හැකියි. ඒ වගේම එම්. ඕ. කියන අකුරු දෙකෙන් පටන්ගන්නා අකුරු හතරක වචනයක් සෙවීමට අවශ්‍යනම් එම අකුරු දෙක සමග ප‍්‍රශ්ණාර්ථ ලකුණු දෙකක් ටයිප් කිරීම මගින් එම වචනයේ තේරුම සොයාගත හැකියි.’’ මධුර කීවේය.

නොයෙකුත් විශයන්හිදී භාවිතා කරන පාරිභාශිත වචනද මෙහි ඇතුළත්ය. මේ නිසා විවිධ අධ්‍යයන කටයුතු කරන පිරිස් වෙතද මෙයින් ප‍්‍රයෝජන ගැනීමේ අවස්ථාව හිමිව තිබේ.

මධුර ශබ්ද කෝශයට ඕනෑම පරිඝනක වැඩසටහනක් ඔස්සේ පැමිණීමට අවස්ථාව තිබෙයි.‘‘මයික්‍රොසොෆ්ට්, ලිනක්ස් හා වෙනත් ඕනෑම පරිඝනක මෘදුකාංගයක් ඇති පරිඝනක වලින් මෙම ශබ්ද කෝශය භාවිතා කිරීමට පුළුවන්.’’

වේගවත් අන්තර්ජාල පහසුකම් නොමැති පරිඝනකවලින් වෙබ් අඩවි වලට ඇතුළුවීමේදී වැඩි කාලයක් ගතවන නමුත් මධුර ඔන්ලයින් ශබ්ද කෝශය ඇති වෙබ් අඩවිය වෙත පැමිණීමට එතරම් වේලාවක් ගත නොවන බව මධුර කියයි. එම වෙබ් අඩවියේ ඡුායාරූප නොවීම හා ඉතා සීමිත අකුරු ප‍්‍රමාණයක් මුල් පිටුවේ තිබීම නිසා ඉක්මනින්නිම වෙබ් අඩවියට පැමිණීමේ අවස්ථාව හිමිවී තිබේ. ‘‘තත්පරයක් දෙකක් වැනි කාලයක් ඇතුළත වෙබ් අඩවියට ඇතුළුවෙලා වචනවල තේරුම සොයාගැනීමට අවස්ථාව හිමිවෙනවා.’’ මධුර පැවසුවේය.

නොමිලේ ලබාදෙන මධුර ශබ්ද කෝශය ඉදිරියේදීද නොමිලේ ලබාදීමට කටයුතු කරන බව හෙතෙම පවසයි. ‘‘මෙම මෘදුකාංගය බොහෝ දෙනා ඉල්ලූවත් කිසිම කෙනෙකුට මෙය මම විකුණන්නේ නැහැ. ඒ වගේ ම ඉදිරියේදීත් මෙය නොමිලේම ලබාදෙනවා.’’ මධුර කියයි.

මධුර මන් ලයින් වෙත පැමිණීමට www.maduraonline.com
Madura Kulatunge realized the need for an online English-Sinhala dictionary when he decided to read books on computer to enhance his IT knowledge. He joined the National Youth Services Center computer programme after concluding his A/Levels. Madura commenced preparing an online English-Sinhala dictionary in 2002 after purchasing his own computer. The Madura online English-Sinhala dictionary was introduced on November 23, 2002. The software was distributed free of charge and Madura continued to upgrade the dictionary till 2006. After launching a website in 2007 Madura created www.maduraonline.com in 2008 to enable easy access to the dictionary.

By Sanjaya Nallaperuma

  • Share/Bookmark

Next Page »