අන්තර්ජාලයේ පළමු ඉංග‍්‍රීසි සිංහල ශබ්ද කෝශය
New on-line English – Sinhala dictionary
උසස් පෙළ විභාගයට පෙනී සිටීමෙන් පසු සාමාන්‍ය ළමුන් බොහෝ දෙනෙක් පරිඝනක පාඨමාලා හෝ ඉංග‍්‍රීසි පාඨමාලා සොයාගෙන යයි. මෙවැනි ළමුන් අතරට එක්ව සිටි මධුර කුලතුංග උසස්පෙළ අධ්‍යාපනය හමාර කිරීමෙන් පසුව ජාතික තරුණ සේවා සභාව විසින් පවත්වාගෙන ගිය පරිඝනක පාඨමාලාවක් හැදෑරීම සදහා ඇතුළත් වුනේය. මේ වන විට පරිඝනකය පිළිබදව කිසිදු දැනුමක් මධුර සතුව පැවතියේ නැත. පරිඝනකයේ ඇති බොත්තම ඔබා පරිඝනකය පණ ගැන්වීමට සමත්වූ නමුත් එහි වැඩ කටයුතු කරන්නේ කෙසේද යන්න පිළිබදව ඔහුට දැනුමක් නොවීය.
පරිඝනක පාඨමාලාව හදාරන අතර වාරයේදී වැඩිදුර තොරතුරු ලබාගැනීම සදහා පරිඝනක පිළිබදව ලියවී ඇති පොතපත කියවීම අත්‍යවශ්‍ය දෙයක් බවට පත්ව තිබුනේය. පරිඝනක පිළිබදව ලියවී ඇති පොත් පත් බොහෝමයක් පළවී ඇත්තේ ඉංග‍්‍රීසි භාෂාවෙනි. එහෙත් මධුරගේ ඉංග‍්‍රීසි දැනුම එම පොත් කියවීමට තරම් ප‍්‍රමාණවත් වූයේ නැත. මේ නිසා සිංහලෙන් පරිඝනක පිළිබදව ලියවී ඇති පොත් පත් ගෙන කියවන්නට ඔහු හුරුවුනේය. එහෙත් වැඩිදුර අධ්‍යාපනයේ යෙදෙන විට පරිඝනක පිළිබදව සිංහලෙන් පමණක් තිබෙන පොත් කියවීම ප‍්‍රමාණවත් වූයේ නැත. මේ නිසා අපහසුවෙන් හෝ ඉංග‍්‍රීසි පොත් කියවීමට මධුර උත්සාහ ගත්තේය.
‘‘ඉංග‍්‍රීසි පොත්වල තියෙන දේවල් කියවලා තේරුම්ගන්න අපහසු වෙන බව පෙනුනත් කියවගෙන යන විට එහි ඇති බොහෝ දේවල් තේරෙන බව පෙනුනා. ඒත් අර්ථය පැහැදිළි නැති වචනවල තේරම බලාගත්තේ ශබ්දකෝශ පෙරලලා.’’ මධුර කියයි. ඉංග‍්‍රීසි පොත්කියවීමෙන් දැනුම තවදුරටත් වර්ධනය කරගැනීමට හැකියාව ලැබෙන බව ඔහුට අවභෝධ කරගැනීමට හැකියාව ලැබුනේය. මේ නිසා පරිඝනක පිළිබදව ලියවී ඇති ඉංග‍්‍රීසි පොත් වැඩියෙන් කිරවීමට මධුර පෙළඹුනේය.
මේ ආකාරයට පොතක් කියවන අතරවාරයේදී කිහිප වතාවක්ම අමාරු වචනවල තේරුම සොයාගැනීම සදහා ශබ්දකෝශ පෙරලීම මධුරට හිසරදයක් බවට පත්විය. මේ නිසා අමාරු වචනවල තේරුම සොයාගැනීම සදහා ඉතා පහසු ක‍්‍රමයක් පිළිබදව ඔහුගේ සිතේ අදහසක් ඇතිවුනේය. පරිඝනකයේ මෙවැනි ශබ්දකෝශයක් සකස් කරගැනීමට හැකියාව ලැබෙන්නේනම් ඉක්මනින් වචනවල තේරුම සොයාගත හැකි බවත් එය ඉතා පහසු ක‍්‍රමයක් වන බවත් ඔහු අවභෝධ කරගත්තේය.
මේ අතර වාරයේදී ජාතික තරුණ සේවා සභාවේ පරිඝනක පාඨමාලාව අවසන් කළ මධුර වැඩිදුර පරිඝනක දැනුම ලබාගැනීම සදහා පෞද්ගලික ආයතනයක පරිඝනක පාඨමාලාවක් හැදෑරීම සදහා ඇතුළත්ව තිබුණි. ඒ වන විට පරිඝනක මෘදුකාංග ෂකස් කිරීම පිළිබදව මධුර වැඩි දුර අධ්‍යාපනය ලබමින් සිටියේය.
1999 වසරේදී උසස්පෙළ විභාගය අවසන් කර පරිඝනක පාඨමාලා හැදෑරීම අවසන් කරන අවස්ථාව වන විට නිවසේ පරිඝනකයක් නොතිබුණත් 2002 වසර වන විට නිවසට පරිඝනකයක් ලබාගැනීමට ඔහු සමත් වූයේය. මේ කාලයේ පරිඝනකය ඔස්සේ භාවිතා කළ හැකි ඉංග‍්‍රීසි සිංහල ශබ්දකෝශයක් සකස් කිරීමට මුල් පියවර මධුර විසින් ආරම්භ කළේය. මේ කාලයේදී ඔහු ශබ්දකෝශයක තිබූ වචන පරිඝනකයේ ලිවීම ආරම්භ කළේය. මෙම ශබ්දකෝශයේ වචන පරිඝනකයේ ලිවීම ආරම්භ කරන විට පරිඝනකයෙන් සිංහල අකුරු ලිවීම පිළිබදව මධුරට දැනුමක් නොතිබුණත් කාලයක් යන විට එහි ප‍්‍රවීණයෙක් බවට පත්වීමට ඔහුට හැකිවිය. මේ අතරවාරයේදී ශබ්දකෝශයේ අලූත් සංස්කරණයක් වෙළදපොලට පැමිණියේය. එම ශබ්දකෝශයක් මිලට ගත් මධුර නැවත වරක් සියලූම වචන අලූතින් පරිඝනකයේ ලියුවේය.
‘‘මම පන්ති යන අතරේදී තමයි මේ වැඬේ කළේ. සමහර දවස්වල පන්ති ඉවර වෙන්න කලින් ගෙදර ඇවිත් මේ වැඩ පටන්ගන්නවා.’’ සමහර දිනවල රාත‍්‍රී දහය එකොළහ වන තෙක් එක දිගට පරිඝනක ශබ්දකෝශයක් සකස් කිරීම සදහා වැඩ කළ බව මධුර පැවසුවේය.
2002 වසරේ මුල් කාලය වන විට පරිඝනක ඉංග‍්‍රීසි සිංහල ශබ්දකෝශය සකස් කිරීමේ වැඩ කටයුතු රැුසක්ම අවසන් කිරිමට මධුරට හැකියාව ලැබුනේය. ලංකාවේ තොරතුරු තාක්ෂණය දියුණු වන විට පරිඝනක ආශි‍්‍රත ශබ්දකෝශයක අවශ්‍යතාවය වැඩියෙන්ම දැනෙන්නට විය. මේ නිසා ඉක්මනින්ම ශබ්ද කෝශයේ වැඩ කටයුතු අවසන් කිරීමට මධුර උත්සුක වූයේය. ඒ අනුව 2002 වසරේ නොවැම්බර් 23 වැනිදා මධුර ඉංග‍්‍රීසි සිංහල ශබ්දකෝශය හදුන්වාදෙනු ලැබීය.
‘‘මගේ යාළුවෙකුට මේ ශබ්දකෝශයේ පරිඝනක මෘදුකාංගය මුලින්ම ලබාදුන්නා.’’ මධුර කියය. නොමිලේ එම මෘදුකාංගය ඔහු විසින් ලබාදුන්නේය. එතැන් සිට පරිඝනකයට මෙම ශබ්දකෝශයේ මෘදුකාංගය ඇතුළත් කිරීම මගින් පහසුවෙන් ඉංග‍්‍රීසි වචනවල තේරුම සොයාගැනීමට අවස්ථාව උදාවුනේය. ඉංග‍්‍රීසි භාෂාවට අලූතින් එක්වන වචන එක්කරමින් පරිඝනක මෘදුකාංගයේ පැවති අඩුපාඩුකම් මග හරවාගනිමින් එයට නව අංග එක් කිරීමට මධුර කටයුතු කළේ ශබ්ද කෝශය භාවිතා කරන පුද්ගලයින් සදහා ගුණාත්මක සේවයක් ලබාදීම සදහාය.
2006 වසර වන තුරු ශබ්ද කෝශයේ මෘදුකාංග න්‍ැඩිදියුණු කිරීමට මධුර සමත් වුනේය. මේ කාලය වන විට ලංකාවේ අන්තර්ජාලය ප‍්‍රචලිත වෙමින් තිබුණි. ඒ නිසාම අන්තර්ජාලය ඹස්සේ ශබ්දකෝශය බෙදාහැරීමේ වැඩපිළිවෙලක් පිළිබදව මධුරගේ අවධානය යොමුවුනේය. මෙහි ප‍්‍රතිඵලයක් වශයෙන් 2007 වසරේදී මධුර ශබ්ද කෝශය සදහා වෙබ් අඩවියක් නිර්මාණය කළේය. නැවත වරක් 2008 වසරේදී www.maduraonline.com යන නමින් වෙබ් අඩවියක් ආරම්භ කළේය. ඒ මගින් මෘදුකාංගයක් පරිඝනකයට ඇතුල් නොකර ඉංග‍්‍රිසි වචනවල තේරුම බලාගැනීමට ඕනෑම අයෙක්ට අවස්ථාව හිමිවුනේය.
අන්තර්ජලායේ මධුර ඉංග‍්‍රීසි සිංහල ශබ්දකෝශය ජනප‍්‍රියවීමත් සමග අන්තර්ජාල පහසුකම් තිබෙන පරිඝනකයකින් ඕනෑම කෙනෙක්ට මධුර ශබ්දකෝශයේ සේවය ලබාගැනීමට අවස්ථාව හිමිවිය. අන්තර්ජාල පහසුකම තිබෙන පරිඝනකයකින් මෙම ශබ්දකෝශයෙන් වචනවල තේරුම බලා ගැනීම සදහා අවශ්‍ය වන්නේ යුනිකෝඩ් අකුරු පරිඝනකයේ තිබීම පමණි. යුනිකෝඩ් අකුරු නැති අයට එම අකුරු ලබාගැනීම සදහා පහසුකමද මධුර ඔන් ලයින් අන්තර්ජාල වෙබ් අඩවියෙන් ලබාගත හැකිය.
‘‘සිංහල අකුරු ලබාගන්නා ලෙස ලියා තිබෙන අයිකනය මත ක්ලික් කිරීම මගින් යුනිකෝඩ් අක්ෂර ලබාදෙන අයි.සී.ටී.ඒ. වෙබ් අඩවියේ අදාල පිටුව වෙත පැමිණීමට හැකියාව ලැබෙනවා. මේ නිසා පහසුවෙන්ම එම අකුරු පරිඝණකයට ලබාගැනීමට හැකියාව ලැබෙනවා.’’ මධුර කියයි.
මධුර මන් ලයින් වෙබ් අඩවියට පැමිණෙන අයෙක්ට වෙබ් පිටුවේ තිබෙන සෙවීම් කොටුව තුළ ඉංග‍්‍රීසි වචනයක් ටයිප් කිරීම මගින් එයට අදාල සිිංහල වචනයේ තේරුම සොයාගැනීමට අවස්ථාව තිබේ.
තමාට සෙවීමට අවශ්‍ය ඉංග‍්‍රීසි වචනය නිවරදිව ලියා නැතිනම් ටයිප් කළ වචනයට සමාන අකුරු තිබෙන වචන පෙළක් මධුර ශබ්ද කෝශය විසින් ලබාදෙයි. එවිට නිවරදි වචනය තෝරාගෙන එහි අර්ථය ලබාදෙන සිංහල වචනය සොයාගැනීමට අවස්ථාව ලැබෙයි. ‘‘වැරදි අකුරු ගැහුවත් නිවරදි වචනය සදහා වන යෝජනා ඉදිරිපත් වනවා. එවිට අදාල වචනය මත ක්ලික් කිරීම මගින් නිවරදි වචනය තෝරාගැනීමේ පහසුකමද මෙහි තිබෙනවා.’’ මධුර කීවේය.
තමාට සෙවීමට අවශ්‍ය වචනයේ මුල් අකුරු පමණක් දන්නේනම් මෙම ශබ්ද කෝශය මගින් නිවරදි ඉංග‍්‍රීසි වචනය තෝරාගැනීමට අවස්ථාව හිමිවන බවද මධුර කියයි.
‘‘උදාහරණයක් විදියට එම්. ඕ. කියන අකුරු දෙනෙක් පටන්ගන්නා වචන සෙවීමට අවශ්‍යනම් එම අකුරු දෙක සමග තරු ලකුණ ටයිප් කිරිම මගින් එම අකුරු දෙකෙන් පටන්ගන්නා සියලූම ඉංග‍්‍රීසි වචන සොයාගැනීමට හැකියි. ඒ වගේම එම්. ඕ. කියන අකුරු දෙකෙන් පටන්ගන්නා අකුරු හතරක වචනයක් සෙවීමට අවශ්‍යනම් එම අකුරු දෙක සමග ප‍්‍රශ්ණාර්ථ ලකුණු දෙකක් ටයිප් කිරීම මගින් එම වචනයේ තේරුම සොයාගත හැකියි.’’ මධුර කීවේය.
නොයෙකුත් විශයන්හිදී භාවිතා කරන පාරිභාශිත වචනද මෙහි ඇතුළත්ය. මේ නිසා විවිධ අධ්‍යයන කටයුතු කරන පිරිස් වෙතද මෙයින් ප‍්‍රයෝජන ගැනීමේ අවස්ථාව හිමිව තිබේ.
මධුර ශබ්ද කෝශයට ඕනෑම පරිඝනක වැඩසටහනක් ඔස්සේ පැමිණීමට අවස්ථාව තිබෙයි.‘‘මයික්‍රොසොෆ්ට්, ලිනක්ස් හා වෙනත් ඕනෑම පරිඝනක මෘදුකාංගයක් ඇති පරිඝනක වලින් මෙම ශබ්ද කෝශය භාවිතා කිරීමට පුළුවන්.’’
වේගවත් අන්තර්ජාල පහසුකම් නොමැති පරිඝනකවලින් වෙබ් අඩවි වලට ඇතුළුවීමේදී වැඩි කාලයක් ගතවන නමුත් මධුර ඔන්ලයින් ශබ්ද කෝශය ඇති වෙබ් අඩවිය වෙත පැමිණීමට එතරම් වේලාවක් ගත නොවන බව මධුර කියයි. එම වෙබ් අඩවියේ ඡුායාරූප නොවීම හා ඉතා සීමිත අකුරු ප‍්‍රමාණයක් මුල් පිටුවේ තිබීම නිසා ඉක්මනින්නිම වෙබ් අඩවියට පැමිණීමේ අවස්ථාව හිමිවී තිබේ. ‘‘තත්පරයක් දෙකක් වැනි කාලයක් ඇතුළත වෙබ් අඩවියට ඇතුළුවෙලා වචනවල තේරුම සොයාගැනීමට අවස්ථාව හිමිවෙනවා.’’ මධුර පැවසුවේය.
නොමිලේ ලබාදෙන මධුර ශබ්ද කෝශය ඉදිරියේදීද නොමිලේ ලබාදීමට කටයුතු කරන බව හෙතෙම පවසයි. ‘‘මෙම මෘදුකාංගය බොහෝ දෙනා ඉල්ලූවත් කිසිම කෙනෙකුට මෙය මම විකුණන්නේ නැහැ. ඒ වගේ ම ඉදිරියේදීත් මෙය නොමිලේම ලබාදෙනවා.’’ මධුර කියයි.
මධුර මන් ලයින් වෙත පැමිණීමට www.maduraonline.com
Madura Kulatunge realized the need for an online English-Sinhala dictionary when he decided to read books on computer to enhance his IT knowledge. He joined the National Youth Services Center computer programme after concluding his A/Levels. Madura commenced preparing an online English-Sinhala dictionary in 2002 after purchasing his own computer. The Madura online English-Sinhala dictionary was introduced on November 23, 2002. The software was distributed free of charge and Madura continued to upgrade the dictionary till 2006. After launching a website in 2007 Madura created www.maduraonline.com in 2008 to enable easy access to the dictionary.
By Sanjaya Nallaperuma
Trinco rising
11 years ago, Trincomalee was paradise. I have memories of aquamarine beaches, walking out to sea for miles on shallow sandbanks, spending a morning at Pigeon Island climbing rocks and looking at coral. The only thing that marred our trip was the coral thief we stumbled upon there, who was sternly reprimanded by one of our party for the damage he was doing to the reef. He listened not-so-guiltily to the lecture and scrammed with his hacking knives, leaving the broken coral behind. Even as an innocent 13 year old, I knew he would probably be back for it later.
At 24, I look at Trincomalee with different eyes: not only because I have changed, but because it has too – possibly even more than me. I have lived through the same war, but experienced it predominantly through the news and from a distance . Trinco, on the other hand, has had the war fought at its doorstep and in its back yard. And these waves of violence were only to be followed by another: the tsunami, brought in by the sea that had always been an ally in the past – a source of survival and income for the townsfolk; an omnipresent companion, glinting along the coast. In 2004, that friend turned foe.
Multiple betrayals – by its country and by nature – and Trinco is still surviving. In Nilaveli and in Trinco town, the old and battered co-exists with the new. Occasional pockets of tsunami housing – all white and identical – clash with half broken, half charred houses which still dot the sides of the roads. Trinco bears its battle scars almost unconsciously – I watch the townspeople go about their day and would never know they have been through hard times if not for these crumbling reminders. I wonder at the horrors they must have seen, how many times they have had to start over minus belongings, homes, family members.
As we drive around Trinco town, our big jeeps are still something of a curiosity. Independent tourists – both local and foreign – have started to trickle in, but for now the more common sight is the bus: busload upon busload of local visitors coming in for the day. The hordes gathering at Nilaveli, even in the bad weather of monsoon season, were mindboggling. There was a miniature fair going on outside the hotel for those who perhaps could not afford lodging and food there. Stalls with trinkets and coloured lights and food and water were crowded with people in spite of the rain. Children shrieked as they dodged huge mud puddles and shirtless boys roughhoused with one another on their way to the sea. On the beach, a group of young monks neatly folded their brilliant orange sivuras on the sand in preparation for an afternoon swim in the churning water.
Away from the celebratory atmosphere of the beach, zig-zagging in and out of Trinco’s many smaller bays, there is still an inescapable military presence. The soldiers that man the checkpoints dotting every few yards of road are friendly but cautious: when we stopped our vehicles on the side of the road to take photographs we were politely but firmly told to be on our way. As if to affirm their place and rank in the area, images of the government’s election propaganda cover walls, hang as road-side banners, flap against street lamps and are even painted onto rocky islands protruding from the water. Posters in support of the President’s rival make an occasional appearance as well, but are no where near as abundant.
Bypassing all of this, we end up in Koddiyar Bay, where on the beach, the fishing community are hauling in their noon-time catch. It is a relaxed time of day – men sit around on beached boats, enjoying a bit of sun with their conversation. Crows caw in the sky, hoping to steal a bite and even herds of cattle stretch out on the sand and look out to sea. My family and I walk around with our cameras, terribly out of place, and are regarded with bemused smiles. The villagers are not unfriendly but most keep their distance. One man however beckons to us, eager for a photo opportunity, and introduces us to his karavila or salted fish which are laid out on jute drying in the sun. He talks to us in halting Sinhalese while his companions shout things out to him in Tamil, periodically bursting into laughter. I have no doubt we were the butt of the joke.
Rural but idyllic, this place has an air of lazy timelessness but the fact is, times are changing. Oddly, Trinco seems at once attached and remote from the dynamic political landscape of the country: Drive a little way down the beach at Koddiyar Bay and it ends abruptly in an army camp cutting visitors off with fences of razor wire. So, easy as it is to get caught up with Trinco’s charm, reminders of a larger, more complex and decidedly more disturbing picture are never far off.
The journey away from Nilaveli and away from Trinco is full of muddy potholes and it is impossible not to get jostled from side to side. As much as I know it is a stretch to make the parallel, the road ahead for not only Trinco but Sri Lanka as a whole will be much the same – bumpy, muddy and not just a little uncomfortable. I hope that it will not be another 11 years before I return to Trinco and though I can’t say how long it will take, I hope that I will one day be able to call it Paradise once again.
By Tarika Wickremeratne
කුරුදු වගාව රකින්නැයි දෙවොල් දෙවොල් දෙවියන්ගෙන් ඉල්ලීමක්
Cinnamon growers offer prayers
සුනාමියට වසර පහක් පිරුණු දෙසැම්බර් 26 වැනිදා උදෑසන කාලයේ හික්කඩුව නගරයෙන් පෙරහැරක් පිටත්වූයේය. හික්කඩුවේ සිට සීනිගම දේවාලය දක්වා මෙම පෙරහැර පැමිණෙමින් තිබුනේය.අලි ඇතුන් හා නැටුම් කණ්ඩායම් සහභාගී වී සිටි නමුත් මේ පෙරහැර වෙනත් පෙරහැරවලින් වෙනස් කමක් ගෙන තිබුනේය. සාමාන්‍ය පෙරහැරක දැකිය හැකි අංග අතරතට අලූත් විශේෂාංග එක්ව තිබුනේය.
සාමාන්‍ය පෙරහැරක ගමන්ගන්නා හස්තිරාජයා පිට ධාතු කරඩුවක් වඩම්මන නමුත් මෙම පෙරහැරේ ගමන්කළ හස්තිරාජයා පිට වූයේ ධාතු කරඩුවක් නොවේ. වෙනත් පෙරහැරවල්වල ඇතා පිට නිලමේවරුන් ගමන්කරන නමුත් මේ පෙරහැරේ නිලමේවරුන් සිටියේ නැත. මේ වෙනුවට හස්තිරාජයා පිට ගමන්කළේ කුරුදු වගාකරුවෙකි. හස්තිරාජයා පිට ධාතු කරඩුවක් ගෙනයනවා වෙනුවට ගෙනගියේ කුරුදු මිටියකි. කත්වලින් කුරුදු රැුගත් කුරුදු වගාකරුව්න්ද පෙරහැරට එක්ව සිටියේය.
පෙරහැරකින් සීනිගම දේවාලය වෙත රැුගෙන ආ කුරුදු දෙවොල් දෙවියන් වෙනුවෙන් පූජා කිරීම සදහා දේව යාගයක්ද දේවාල භූමියේ පැවැත්වූනේය. ඒ සදහා දෙවියන් වෙනුවෙන් පහන් පැළක් ඉදිකර තිබූ අතර දේවාලයේ කපු මහතෙක් විසින් මල් පහන් පූජා කිරීමෙන් අනතුරුව කුරුදු වගාව ආරක්ෂා කර දෙන ලෙස දෙවියන්ගෙන් ඉල්ලා සිටියේය. කුරුදු වගාකරුවන් එම දේවයාගයට සහභාගී වූයේ මහත් බැතියෙන් යුතුවය.
හික්කඩුවේ සිට සීනිගම දේවාලය දක්වා ගමන්කළ පෙරහැර වාර්ශිකව සංවිධානය වන නමුත් මේ පෙරහැරට වැඩි ඉතිහාසයක් නැත. පෙරහැර ආරම්භවීමට හේතුවී ඇත්තේ ලංකාවේ මුහුදුබඩ ප‍්‍රදේශවල ජනතාවගේ ජීවිත පමණක් නොව ආර්ථිකයද බිළිගත් සුනාමියයි. 2004 වසරේ පැමිණි සුනාමි දළ රළ පහරින් දකුණු පළාතේ කුරුදු වගාවට හානිසිදුවීමෙන් පසුව සීනිගම දේවාලයට පැමිණෙන කුරුදු පෙරහැර ආරම්භවී තිබේ.
‘‘සුනාමියෙන් විනාශවූ කුරුදු වගාව නැවත ආරම්භ කිරීමෙන් පසුව 2006 වසරේ සිට මෙම පෙරහැර පවත්වනවා.’’ සීනිගම දේවාලයේ කුරුදු පෙරහැර ආරම්භ කිරීමට මූලිකවී කටයුතු කළ අපනයන කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ සහකාර අධ්‍යක්ෂ ජානක ලිංතොට කීවේය.
‘‘2004 වසරේදී සුනාමියෙන් අපේ කුරුදු වගාවට හානි වුනා. නැවත ඒ වගාව ආරම්භ කිරීමෙන් පසුව එහි පළමු කොටස දෙවොල් දෙවියන් වෙනුවෙන් වෙන්කළා. දෙවියන්ට වෙන්කළ කොටස පූජා කිරීම සදහා නැවුම් කුරුදු මංගල්‍ය ආරම්භ කළා.’’ නැවුම් කුරුදු මංගල්‍යයට එක්ව සිටි කුරුදු වගාකරුවෙක් වන ගීතාල් විජේරත්න කීවේය.
මේ වසරේ නැවුම් කරුදු මංගල්‍ය සුනාමි පස්වන සැමරුම් දිනයේ පැවැත්වුන නමුත් එය සුනාමි සැමරුම් දිනයේදීම පවත්වන්නේ නැතැයි ලිංතොට සදහන් කළේය. ‘‘අවුරුද්දේ අවසාන සෙනසුරාදා දිනයේ තමයි දෙවොල් දෙවියන් වෙනුවෙන් පවත්වන නැවුම් කුරුදු මංගල්‍ය පවත්වන්නේ.’’
‘‘අපි හැම අවුරුද්දකම වගාවේ මුල් කොටස දෙවියන් වෙනුවෙන් වෙන් කරනවා. දෙවොල් දෙවියන්ට මුල්ම අස්වැන්න පූජාකිරීමෙන් අපි බලාපොරොත්තුවන්නේ කුරුදු වගාවට දෙවියන්ගේ අශිර්වාදය ලබාගැනීමයි. දෙවියන්ට අස්වැන්නේ මුල් කොටස පූජාකළ විට අපේ වගාවට ආරක්ෂාවක් ලැබෙතැයි අපි විශ්වාස කරනවා.’’ ඉමදුව ප‍්‍රදේශයේ කුරුදු වගාකරුවෙක් වන පේ‍්‍රමසිරි මායකඩුව කීවේය.
අවුරුද්දේ කුමක කාලයේ තමන්ගේ කුරුදු වගාවේ අස්වැන්න ලබාගත්තත් එහි මුල් කොටස දෙවොල් දෙවියන් වෙනුවෙන් වෙන් කිරීමට කිසි විටෙක අමතක නොකරන්නේයැයි කළුපේ එකමුතු රන් දෙරණ කුරුදු වගාකරුවන්ගේ සමිතියේ සභාපති බුද්ධදාස රණදේව කීවේය.
දකුණු පළාතේ පමණක් කුරුදු අක්කර දෙසීය පනහක් පමණ සුනාමියෙන් විනාශවී තිබුනේයැයි හෙතෙම පැවසුවේය. මේ නිසා පවුල් පන්සියයක් පමණ පීඩාවට පත්වූයේයැයිද ලිංතොට සදහන් කළේය. ‘‘සුනාමියෙන් කුරුදු වගාව විනාශවීම නිසා කුරුදු වගාකරුවන් මෙන්ම කුරුදු වගාව ආශී‍්‍රතව තම ජීවනෝපාය පවත්වාගෙන පුද්ගලයින්ට රැකියා අහිමිවීම නිසා ඔවුන් පීඩාවට පත්වුනා.’’ ලිංතොට කීවේය.
සුනාමියෙන් දකුණු පළාතේ කුරුදු වගාව විනාශවීම නිසා 2005 වසරේදී පමණක් රුපියල් මිලියන හතළිහක ආදායමක් රටට අහිමිවුනේයැයි ලිංතොට කීය.
සුනාමියෙන් විනාශවූ කුරුදු වගාව නැවත අරම්භ කිරීම සදහා ස්පාඤ්ඤ රතුකුරුස සමාජය හා ශ‍්‍රී ලංකා රතුකුරුස සමාජය සහාය දක්වා තිබුනේයැයි හෙතෙම කීවේය.
සුනාමියෙන් විනාශවූ දකුණ පළාතේ කුරුදු වගාව නැවත ආරම්භ කිරීම සදහා රුපියල් මිලියන හැත්තෑවක මුදලක් ලබාදුන්නේයැයි ශ‍්‍රී ලංකා රතුකුරුස සමාජයේ ජීවනෝපාය සංවර්ධන වැඩසටහනේ වැඩසටහන් නිලධාරී නිමල් සිල්වා කීවේය. මේ යටතේ කුරුදු ගොවීන් 387 දෙනෙකුගේ කුරුදු වගාව නැවත ආරම්භ කිරීමට හා හානිවූ වගාවන් නැවත ආරම්භ කිරීම සදහා ආධාර ලබාදුන් බවද හෙතෙම කීවේය.
සුනාමියෙන් විනාශවූ කුරුදු වගාකරුවන් නැවුම් කුරුදු මංගල්‍යයට මුලදී සහභාගී වූ නමුත් මේ වන විට දකුණු පළාතේම කුරුදු වගාකරුවන් මේ සදහා සහභාගී වෙයි. දකුණු පළාතේ කුරුදු වගාව ව්‍යාප්තව ඇති හික්කඩුව අම්බලන්ගොඩ වැනි මුහුදුබඩ ප‍්‍රදේශවල සිට මෙන්ම ඉමදුව වැනි මුදුහුබඩ ප‍්‍රදේශයෙන් ඇතුළට වන්නට පිහිටි ප‍්‍රදේශවල සිටින පුද්ගලයෝද මේවන විට සහභාගීවෙයි.
නැවුම් කුරුදු මංගල්‍ය පැවැත්වීම මගින් දේවාශීර්වාදය ලැබෙන ආකාරයටම ලංකාවේ කුරුදු වගාව පිළිබදව ලංකාවට පැමිණෙන සංචාරකයින් දැනුවත් කිරිම හැකියාව ලැබී තිබන බවද ලිංතොට කීය. හික්කඩුව සංචාරක පුරවරයෙන් මෙම පෙරහැර ආරම්භ කරන්නේ ඒ නිසාවෙන් බවද ඔහු කීවේය.
‘‘ලංකාවේ කුරුදු ලෝකයේ හොදම තත්වයේ කුරුදු අතර නමක් දිනාගෙන තිබෙනවා. මේ නිසා හික්කඩුවේ මේ පෙරහැර ආරම්භ කිරීම මගින් සංචාරකයින්ට ලංකාවේ කුරුදු පිළිබදව දැනුවත් කිරීමට අවස්ථාවක් ලැබෙනවා.’’ ලිංතොට කීවේය.
නැවුම් කුරුදු මංගල්‍ය පැවැත්වීම මගින් දකුණු පළාතේ කුරුදු වගාකරුවන් අතර සුහදතාවය පවත්වාගැනීමට හැකියාව ලැබී තිබෙන බවද කුරුදු වගාකරුවෝ පවසති.
‘‘ගාදු දිසාව පුරා විහිදී සිටින කුරුදු වගාකරුවන් අතර එකමුතුකමක් ඇතිකිරීම සදහා මේ මංගල්‍ය හේතුවී තිබෙනවා.’’ විජේරත්න සදහන් කළේය.
ඉදිරියේදී නැවුම් කුරුදු මංගල්‍ය රාජ්‍ය උත්සවයක් බවට පත්කිරීමට කටයුතු කරන බවද නැවුම් කුරුදු මංගල්‍ය පැවැත්වෙන් අවස්ථාවේදී කුරුදු වගාකරුවන් අමතමින් අපනයන සංවර්ධන දෙපාර්තමේන්තුවේ සහකාර අධ්‍යක්ෂවරයා කීවේය.
Cinnamon growers organized a procession complete with elephants from Hikkaduwa to Seenigama on December 26 to offer prayers to the Gods. A cinnamon grower carried a bunch of cinnamon on an elephant to offer to the Gods at the Seenigama devala. The procession has been organized annually since 2006 after the 2004 tsunami that affected the lives and economy of the Southern people. At the ceremony cinnamon growers offer alms and call on the Gods to protect them and their crops till the next ceremony. However, the ceremony has also brought together cinnamon growers in many Southern areas.
රජයේ සේවකයින්ගේ නිල නිවාස බවට පත්වූ හංගම සුනාමි ගෙවල්
Five Years After the Tragedy –Hungama – the other side of reconstruction
සුනාමියෙන් හම්බන්තොට දිස්ත‍්‍රික්කයේ විනාශ වූ නිවාස වෙනුවට අලූතින් නිවාස ඉදිවුයේ මුහුදු වෙරළේ සිට කිලෝමිටර කීපයක් ගොඩබිමට වන්නට පිහිටි සිිරිබෝපුර ප‍්‍රදේශයේය. අංගසම්පූර්ණ නගරයකට අවශ්‍ය පෙරපාසල්, පාසල්, සම්මන්ත‍්‍රණ ශාලා ආදියෙන් සමන්විත සිරිබෝපුර සුනාමි නිවාස සංකීර්ණයේ නිවාස දහස් ගණනක් අතරින් ඇතැම් නිවාස සිය ගණනක ඉදිකිරීම් කටයුතු අවසන් කර වසර ගණනාවක් ගතවන තෙක් කිසිවෙක් එම නිවාස වල පදිංචිවූයේ නැත. සුනාමියට හසුවීමෙන් සිය නිවාස අහිමිවූවන් මෙම නිවාසවල පදිංචි වීම ප‍්‍රතික්ෂේප කළහ. සුනාමි අවතැන්වූවන් මේ ආකාරයට පදිංචි වීම ප‍්‍රතික්ෂේප කර තිබුණේ සිරිබෝපුර හංගම නිවාසය. ඔවුන් එය ප‍්‍රතික්ෂේප කර තිබුණේ නිසි ප‍්‍රමිතියකින් තොරව නිවාස ඉදිකර ඇති බව පවසමිනි.
එම නිවාස ඉදිකර සති ගණනාවක් ඉක්ම වීමටත් පෙර නිවාසවල වහලවල් පහත් වී තිබුණේ නිසි අයුරින් නිවාස ඉදි නොකිරීම නිසාය. කාලියක් ගත වන විට හංගම නිවාස යෝජනා ක‍්‍රමයේ නිවාස එකින් එක පරිහානියට පත්වෙමින් තිබුණි. ලංකාවේ සුනාමි ව්‍යාපෘති අතර මුලින්ම වැඩ අවසන් කළ ව්‍යාපෘතියක් වන මෙම නිවාස ව්‍යාපෘතියේ නිවාස බොහෝමයක් ඉරිතලා ගොස් තිබුණේය.
එහෙත් සුනාමියට වසර පහක් ගතවන විට හංගම නිවාස යෝජනා ක‍්‍රමයට නව එළියක් ලැබී තිබේ. මෙතෙක් කල් වල්බිහිවී තිබූ නිවෙස් වල මිදුලවල්වල මල්පැල එක දෙක වගා කෙරමින් තිබෙන අතර ඇතැම් ඉඩම්වල මිදුලේ ඇත්තේ කෙසෙල් හා මඤ්ඤොක්කා වගාවකි. කිසිවෙක් පදිංචි නොවූ දොර ජනෙල් නැති බිත්ති පමණක් ඉතිරිව තිබෙන නිවාස හා ගරාවැටෙමින් තිබෙන හංගම සමාජ ශාලාව අතරින් නවීකරණයවූ නිවාස එක දෙක දැකිය හැක්කේය. ඒ අතර තැඹිලි පැහැයෙන් යුතු එක සමාන නිවාස පේළිියක් වෙයි. එම නිවාස පේළිය වෙන්කර තිබණේ සුනාමියෙන් විනාශ වූ හම්බන්තොට පොලිස් ස්ථානයේ නිල නිවාස සදහාය. වසර ගණනාවක් තිස්සේ කිසිවෙක් පදිංචියට නොපැමිණිම නිසා වල්බිහිවී තිබූ නිවාස පදිංචි විය හැකි ආකාරයට සකස් කරගෙන තිබුණේ සුනාමියෙන් නිවාස අහිමිවූවන් නොවේ. අඩුම තරමින් සුනාමියක් ඇසටවත් නොදුටු පුද්ගලයින් මෙම නිවාසවල පදිංචිවී සිටිති.
‘‘සුනාමියට අහුවුණ අය මේ ගෙවල් ප‍්‍රතික්ෂේප කළා. ඒ නිසා අපි ඇවිත් පදිංචි වුණා.’’හංගම නිවාස යෝජනා ක‍්‍රමයේ නිවාස අලුත් වැඩියාකරගෙන පදිංචි වූ චාර්ල්ස් රත්නායක කීවේය. හංගම නිවාසයට රත්නායක පැමිණියේ වසර තුනක් පමණ කිසිවෙක් නිවාසවල පදිංචියට නොපැමිණීම නිසාය. රත්නායක හංගමට පැමිණෙන විට නිවාසවල වහලක් මෙන්ම දොර ජනෙල්ද ඉතිරිව තිබුණේ නැත.
කැළයෙන් වටවූ ගෙදර බිත්ති හතර පමණක් ඉතිරිව තිබුණි. වසර ගණනාවක් තිස්සේ වල් බිහිවෙමින් තිබූ මෙම නිවාසවලට නැවත එළියක් ලැබුනේ හම්බන්තොට රෝහලේ සේවකයන් සදහා වන නිල නිවාස හා ප‍්‍රාදේශීය සභාවේ සේවකයන් සදහා නිල නිවාස වශයෙන් මෙම නිවාස ඉදිකරගැනීමට අවසර ලබාදීමෙන් පසුවය. මෙහි ගෙවල් දහයක පදිංචිව සිටින්නේ හම්බන්තොට රෝහලේ සේවයකයන්ය. නිල නිවාස වශයෙන් හංගම නිවාස භාවිතා කිරීමට අවසර ලබාදී ඇතත් එම නිවාස ලබාදී තිබුණේ කිසිදු ප‍්‍රතිසංස්කරණයකින් තොරවය. හංගම නිවාස යෝජනා අබලන්ව තිබූ නිවසක් ප‍්‍රතිසංස්කරණය කරගෙන පැමිණි රත්නායක පදිංචි වන අවස්ථාව වන විට එම ප‍්‍රදේශයම වැසීගොස් තිබුනේ ලදු කැළෑවකිනි. නිවාස සෑදීමට පෙර අලින්ගේ පාරාදීසයක් බවට පත්ව තිබූ සිරිබෝපුර හංගම නිවාස නැවතත් කැළෑ වැදෙමින් තිබුණේය.
‘‘අපි එනකොට මේ පැත්ත සේරම කැළයක් බවට පත්වෙලා තිබුණේ. අපි වත්ත පිටිය සුද්ධ කරලා ගෙවල් හදාගත්තා.’’ රත්නායක සදහන් කළේය. කැළෑවී තිබූ මිදුල දැන් කුඩා වගාබිමක් බවට පත්ව තිබේ. කෙසෙල් මඤ්ඤොක්කා වැනි බෝග රත්නායක විසින් වගාකර තිබුණේය. රජයේ සේවකයින්ට නිල නිවාස ලෙස හංගම නිවාස ලබාදී තිබුණත් ඒවායේ පදිංචි විය හැකි ආකාරයට ප‍්‍රතිසංස්කරණය කරගැනීම සදහා කිසිදු පුද්ගලයෙක් ආධාර නොකළේ යැයි මෙහි පදිංචි නම සදහන් නොකරන ලෙස ඉල්ලා සිටි හම්බන්තොට රෝහලේ සේවිකාවක් පැවසුවාය. තමන් විසින් ඉතිරි කරගෙන තිබූ මුදල් වලින් මෙම නිවාස ප‍්‍රතිසංස්කරණය කර ගත්තේ යැයි ඇය පැවසුවාය.
‘‘අපට ගෙවල් අලූත්වැඩියා කරන්න සල්ලි තිබුණේ නැහැ. ඒත් හතර වටේටම ණය වෙලා ගෙවල් අලූත්වැඩියා කරගත්තා.’’ හංගම පදිංචි ආරියදාස සුදසිංහ කීවේය. හංගම නිවාසවල පදිංචි කිසිවෙකුටවත් විදුලි බලයෙන් ආලෝකය දැකීමේ වාසනාව අහිමිය. විදුලිය ලබා ගැනීමට නොයෙක් දේශපාලඥයින්ගෙන් ඉල්ලීම් කර ඇතත් තවමත් ඔවුන්ට විදුලිය ලැබී නැත. එහෙත් සිරිබෝපුර බොහෝ නිවාස වලට විදුලි බලය ලබාදී තිබේ. ඇතැම් නිවාස වලට නල ජල පහසුකම් ඇතත් වතුර පහසුකම් තමන්ට ලැබී නැති නිසා ළිං වලින් වතුර ගෙන ඒමට සිදුව ඇතැයි සුදසිංහ කීවේය.
‘‘ජනාධිපති ඡන්දයෙන් පස්සේ අපිට කරන්ට් එක දෙනවා කියලා කියලා තියෙනවා. එතකන් අපි බලාගෙන ඉන්නවා.’’ රත්නායක සදහන් කළේය. හංගම නිවාස රජයේ සේවකයින් විසින් ප‍්‍රතිසංස්කරණය කරගෙන ඇති නමුත් තවත් ගෙවල් කීපයක්ම කිසිවෙක් නොපැමිණීම නිසා ඉතිරිව තිබේ. මේවායේ කිසිවෙක් පදිංචි වී නැති අතර ගෙවල් වල් බිහි වෙමින් තිබේ. ගමේ පොදු කටයුතු සදහා ඉදිකර තිබෙන සුවිශාල ප‍්‍රජා ශාලාව පිළිබදව කිසිවෙක් අවධානය යොමු කරන්නේ නැත. කිසිදු අලූත්වැඩියා කටයුත්තක් සිදු නොකෙරන ප‍්‍රජා ශාලාවේ වහල තැනින් තැන ගැලවී කඩා වැටී ඇති අතර එය කැළෑවෙන් වටවී තිබෙන්නේ එය කිසිවෙකුගේ වත් ඇසට දැක නොමැති බව කියා පාමිනි.
‘‘මෙරට ඉදිකරපු සුනාමි ගෙවල් අතරින් අසාර්ථකම ගෙවල් ඉදිකරලා තියෙන්නේ හංගම.’’ රත්නායක කීවේය. එසේ වුවත් නිවාස අහිමි තමන්ට ගෙයක් ලැබීම භාග්‍යයක් බව ඔහු පැවසුවේය. හංගම නිවාස අතර ප‍්‍රතිසංස්කරණය කර පොලිස් නිලධාරීන්ගේ නිල නිවාස වශයෙන් වෙන් කර තිබෙන නිවාසවල කිසිවෙක් මේ වන විට පදිංචිව නැත. මෙම නිවාස පොලීසියේ නිල නිවාස වශයෙන් වෙන් කිරීම පිළිබදව ප‍්‍රදේශවාසීන් මුල් කාලයේදී විරෝධතා ද දක්වා තිබුණි.
‘‘පොලීසියේ නිල නිවාස වශයෙන් වෙන්කර තිබෙන නිවාස අපරාදේ. මේ ගෙවල් අහිංසක දුප්පත් මිනිස්සු අතරේ බෙදලා දුන්නා නම් වටිනවා.’’ නම සදහන් නොකරන ලෙස ඉල්ලා සිටි හංගම පදිංචිකාරියක් කීවාය.
Houses in the Hungama tsunami housing project in the Hambantota District have been handed over to public sector employees in Hambantota. These houses have been handed over to employees of the Hambantota Hospital and the local government body to convert them into their quarters. However, none of these people have been affected by the tsunami. The tsunami affected people who were initially allocated the houses have refused to move in to the housing scheme claiming they were of poor quality. The housing project, completed as a township development programme for the tsunami affected, was abandoned for years until the houses were handed over to the public sector employees.
සුනාමි දුම්රියට මොකද වුණේ
Five Years After the Tragedy – The Tsunami Train Rusting Away
ලලිත් ගම්හේවා මහතා 2007 ජනවාරි 11 වන දින හික්කඩුව දුම්රිය ස්ථානයට මරුවීමක් ලැබ පැමිණියේය. ඔහු එනවිටත් හික්කඩුව දුම්රිය ස්ථානය තුළ වසර කිහිපයක සිට තිබූ විශේෂ යමක් විය. ඒ 2004 දෙසැම්බර් 26 වැනි දින සුනාමි ඛේදවාචකයෙන් විනාශ වූ දුම්රිය මැදිරිවලින් කිහිපයකි. දුම්රිය අංගනයේ පසෙක වෙනම ඉදිකර තිබූ කොටසක මෙම මැදිරි තුන ගාල්කර තිබුණේය. ඔහු දුම්රිය ස්ථානාධිපති 2 මෙහෙයුම් තනතුරේ රාජකාරි කරන හැම දිනකම ඔහුට මෙම මැදිරි තුන දැකගත හැකිවිය. සාමාන්‍යයෙන් ධාවනය කිරීමට නොහැකි දුම්රිය මැදිරි තුනක් තිබෙන ආකාරයෙන් තිබූ මෙම මැදිරි කිහිපයත් තිබූ බව ඔහු පවසයි.
අබලන් වී දිරාපත්ව තිබූ මෙම මැදිරි කිහිපය සාමාන්‍ය ජනතාවගේ නෙතට ලක්වූයේ කලාතුරකින් බව ඔහු පවසන්නේය. දුර බැහැර සිට පැමිණෙන මිනිසුන් මෙම මැදිරි කිහිපය නරඹා යාමට පෙළඹුණත් ප‍්‍රදේශයේ ජනතාවට මෙය අරුමයක් වී නොතිබිණි. ”දේශිය සංචාරකයෝ නම් ආවේ ටිකයි ඒත් විදෙස් අය මාසෙකට පහළොවක් විස්සක් විතර ඇවිල්ල මේක බලලා ෆොටෝ එහෙම ගහගෙන යනවා.” ගම්හේවා පවසන්නේය.
හික්කඩුව දුම්රිය ස්ථානයට පැමිණෙන මිනිසුන්ට සුනාමියෙන් විනාශ වූ දුම්රිය මැදිරි කිහිපය හඳුනා ගැනීමට විශේෂ සලකුණක් නොතිබි බව ගම්හේවා පවසයි. එමෙන්ම දුම්රිය මැදිරිය දැකබලා ගන්නට එන මිනිසුන්ට එය පෙන්විමට කෙනෙකු හෝ දුම්රිය ස්ථානයේ නොසිටියේය. ”මෙතෙන දුම්රිය මැදිරි ටික තිබුණේ නිකම්ම නිකම් කැඩුණු මැදිරි ටිකක් වගේ. වැස්සට තෙමෙනවා අව්වට වේලෙනවා.” ඔහු පැවසුවේය.
”සුනාමි ව්‍යවසනය වෙලා ඒකේ උණුසුම තියෙද්දී ස්මාරක හදන්න,කෞතුකාගාර හදන්න බොහෝ අය කථා වුණා. ඒ වුණාට පස්සේ මේක නිකම්ම නිකම් දිරල යන යකඩ ගොඩක් බවට පත්වුණා.” ගම්හේවා පවසන්නේ රටේ සාමාන්‍ය පුරවැසියකුගේ මට්ටමින් සිතමිනි.
ශ‍්‍රි ලංකාවේ සුනාමි ව්‍යවසනයෙන් මියගිය තිස් හය දහසකට අධික ජනතාව සහ විනාශ වූ භෞතික වස්තූන් සියල්ල ලෝකයට ගෙනයාමට උරුම වූයේ සාක්ෂි දෙකකි. ගාල්ල නගරයේ පටිගත කළ වීඩියෝ පටය එකක් වන අතර අනෙක තෙල්වත්ත ප‍්‍රදේශයේදී මගීන් 1500කට පමණ මරු කැඳවූ දුම්රිය අනතුරයි.
සුනාමිය විසින් 2004 දෙසැම්බර් 26 වැනිදා බිළි ගනු ලැබුවේ කොළඹ සිට මාතර බලා ධාවනය වූ අංක 591 දරණ මැදිරි 8 කින් සමන්විත දුම්රියයි. මාස කිහිපයක්ම එහි ඡායාරූප ගැනීමට දෙස් විදෙස් සංචාරකයන්ට මෙන්ම මාධ්‍යවේදීන්ටද අවස්ථාව ලැබුණි.
එමගින් විනාශ වූ දුම්රිය ශ‍්‍රි ලංකාවට වැදගත් වස්තුවක් විය.කාලයක් තෙල්වත්ත ප‍්‍රදේශයේ තිබූ දුම්රිය ඉන් අනතුරුව පීලිගත කර එන්ජිම සහ ඉතිරි පෙට්ටි කිහිපය අලූත්වැඩියා කිරීමට රැුගෙන ගියේය. පෙට්ටි තුනක් එම ස්ථානයේම තිබූ අතර මේ ආශ‍්‍රිතව විවිධ පුද්ගලයන් ජීවනෝපාය සකසා ගත්හ. සිඟමන් යදින පිරිස් මෙන්ම සමහර පිරිස් දුම්රිය අනතුරට සම්බන්ධව විවිධ සමිති සමාගම්ද පිහිටුවා ගත්තෝය. එමඟින් සංචාරකයන්ට ප‍්‍රවේශ පත‍්‍ර අලෙවි කල බවකුත් එවකට අසන්නට දකින්නට ලැබුණි.
බොහෝ පිරිසක් ප‍්‍රකාශ කරන්නේ දුම්රිය පෙට්ටි තුනෙන් ප‍්‍රදේශයේ බොහෝ පිරිසක් අයුතු ආකාරයෙන් මුදල් සරි කරගත් බවකි. එමෙන්ම දුම්රිය මැදිරි භාවිතා කර සුනාමි ස්මාරකයක් අනතුර සිදුවූ ස්ථානයෙන් පිටතට ගෙන ගාල්ල කොළඹ මාර්ගය සමීපයේ ඉදිකිරීමට උත්සාහ කළත් ප‍්‍රදේශවාසීන් එයටද එරෙහි විය. ඉදි වූ සුනාමි ස්මාරකයත් දුමිරිය අනතුරින් මිය ගිය පිරිසගේ සමූහ මිනී වළ තිබෙන ස්ථානයේ ඉදි නොවුනු බවද ප‍්‍රදේශවාසින් කියයි.
මේ ආකාරයේ විවිධ සිදුවීම් වාර්තා කරමින් තෙල්වත්ත ප‍්‍රදේශයේ ඉතිරි වූ දුම්රිය මැදිරි කිහිපය හික්කඩුව දුමිරිය ස්ථානයට රැගෙන එන ලදි. එහිදී දුම්රිය අංගනයේ සිල්පර කොටන් කිහිපයකින් රේල් පාරක් තනවා මැදිරි කිහිපය ගාල් කරන ලදී. මුල් කාලීනව මැදිරි තිබූ ස්ථානය පිරිසිදුව තිබුණේ ජනතාව එය නැරඹිමට නිරන්තරයෙන් පැමිණි බැවිනි. පැමිණෙන ජනතාව මැදිරි තුළට ඇතුළු වී ව්‍යවසනය කළ හදිය දැකබලා ගත්හ.
කාලය ගත වීමත් සමග මෙම මැදිරි පිළිබඳ ජනතාවට තිබූ උනන්දුව ටිකෙන් ටික ගිලිහුණේය. දුම්රිය අංගනයේ තිබූ මැදිරි ටිකෙන් ටික දිරාපත් වන්නට පටන් ගත් අතරම වල් පැලෑටි මෙය වටකොට නැගී සිටියේය. ඒ නිසාවෙන්ම සාමාන්‍ය ජනතාව මෙය දැකගන්නට එතරම් උනන්දුවක් දැක්වූයේ නැත.
එහෙත් දුම්රිය ස්ථානයේ නිකරුණේ ගැවසෙන පිරිස එය ඔවුනට වාසියක් කරගත්තේය. ” ඒ කාලසීමාවේ දුම්රිය ස්ථානයේ නිකං ඉන්න කට්ටිය වැඩිවුණා.” ගම්හේවා පවසන්නේය. මේ ආකාරයෙන් දුම්රිය මැදිරි කිහිපය හුදෙකලාව හික්කඩුව දුම්රිය ස්ථානයේ තිබෙන අතර ඉඳහිට පැමිණෙන අනතුරින් විනාශවූ අයෙකුගේ ඥාතියෙකු මියගිය අයගේ උපන්දිනයකට හෝ විශේෂ දිනයකට ඉටිපහනක් දල්වා ඔවුන් සිහි කරයි.
එහෙත් තෙල්වත්ත ප‍්‍රදේශවාසීන්ගෙන්වත් ඔවුන් බිහිකරගත් සමිතියෙන්වත් වෙනත් කිසිවෙකුවත් අවසාන කාලයේ මෙම මැදිරි පිළිබඳව සොයා නොබැලූ බව ගම්හේවා ප‍්‍රකාශ කරයි.
එහෙත් මෙම දුම්රිය මැදිරි කිහිපය තෝතැන්නක් කරගත් පිරිසක් සිටි බව ගම්හේවා මහතා කියන්නේය. මිනිස්සු පෙට්ටි ඇතුළෙ බොන්න එහෙම පටන් ගත්තා. තව තව දේවලූත් මේව ඇතුළෙ වෙලා තියෙනවා.” ඔහු කියන්නේය. ඒ හේතුවෙන් මහජන ආරක්‍ෂාව පිණිස පොලිසිය කැඳවිමටත් සිදු වූ බව ඔහු පවසයි.
මෙවැනි විවිධ හේතු නිසා දුම්රිය මැදිරි පිළිබඳ ප‍්‍රදේශවාසි ජනතාව දැඩි කලකිරීමකින් සිටි බව ඔහු පවසන්නේය. ඒ නිසා දුම්රිය මැදිරි ඉවත් කිරීම සම්බන්ධයෙන් ජනතාව සතුටු වූ බව ඔහු කියයි.
වර්තමානය වනවිට හික්කඩුව දුම්රිය ස්ථානයේ මැදිරි තිබූ අංගනය හිස් වී ඇත. ඒත් සමගින්ම සුනාමි ව්‍යවසනය පිළිබඳව දැකගන්නට තිබූ එකම සාක්‍ෂියත් අහිමිවී ඇත. එයට හේතු වූයේ කුමක්ද ලලිත් ගම්හේවා කියන පරිදි එයට ප‍්‍රධාන හේතු දෙකක් තිබේ. පළමුවැන්න දුම්රිය පෙට්ටි ගැලවීම මාරු කිරීම ආදියට දුම්රිය ස්ථානයේ තිබූ ඉඩකඩ අඩු වීමයි. එයටත් වඩා බරපතලම කාරණය නම් ව්‍යවසනයෙන් ඉතිරි වූ වස්තුව අනාචාර ක‍්‍රියාවන් සඳහා යොදාගැනීමයි. මෙයින් පළමුවැන්න කෙසේවෙතත් දෙවැන්න සිදු නොවීමට ක‍්‍රියා කළ හැකිව තිබු බව ගම්හේවා කියන්නේය.
“මේක මුල් කාලයේම ස්මාරකයක් හරි කෞතුකාගාරයක් හරි හැදුවා නම් අනාගත පරපුරට බලන්නවත් දෙයක් තියෙනවා. එහෙම නැත්නම් කරන්න තිබුණේ අනිත් පෙට්ටි ටික වගේ අලූත්වැඩියා කරල ධාවනයට යොදාගන්න එක. ”
නමුත් ඉන් කිසිවක් ඉටු නොවීය . දිරාපත්වූ දුම්රිය මැදිරි කිහිපයක් හික්කඩුව දුම්රිය ස්ථානයේ තිබී ගෙනගොස් තිබේ. ගෙනගියේ කොතැනටද යන්න ප‍්‍රදේශවාසීන් නොදනී. දුම්රිය ස්ථානයේ දුම්රිය ස්ථානාධිපති 2 මෙහෙයුම් තනතුරේ රාජකාරි කරන ලලිත් ගම්හේවා මහතාද එය නොදනී.
අවසානයේ ව්‍යවසනයෙන් ඉතිරි වූ දුම්රිය මැදිරි කිහිපය ගම්හේවා මහතා කියන පරිදි ධන හානියක් මෙන්ම සමාජ පරිහානියක කොටස් කරුවකුද වෙමින් කණගාටුදායක ඉරණමකට පත්වී ඇත.
Remember train 591, better known as the tsunami train? The watery grave for 1500 lives or more on that fated December morning five years back. Later the most sought after photo-opp for media, tourists and any one curious enough. It was so famous that by September 2005, a group of villagers were selling tickets in a hut next to the three carriages that were left standing in Peraliya, five km north of Galle. Women were working three hours shifts at the ticket hut.
Women sought money for interviews and photos with their infants next to the wreck, boys dropped out of school to become professional beggars at the wreck, one school teacher kept her house, caved in when a carriage slammed against it, as the tsunami left it, so that she can use it as a prop for donations . The village was divided over those who wanted to milk the carriage those who were disgusted by the cadaver selling endeavour.
All the hype was because it was to be the centre point of a tsunami memorial and every one knew the train, had seen images of the tossed up carriages. Then in December 2005 as the first year anniversary approached and the commemorations was set to be held at the wreck site, the three carriages were towed to the Hikkaduwa station. They remained there till mid last year, then they were towed to the Ratmalana yard, from there to the Maligawatte yard in Colombo, where they rust and decay today. The locomotive has since been repaired and is back on the track.
ලූනුයි බතුයි කෑවත් දැන් අපට සැනසීමයි.
A house after five years
ලංකාව පුරා සමසේ හඹායන සුනාමි රළ පහර කොළඹ මෝදර ප‍්‍රදේශයටද එකලෙස බලපෑම් කළහ.නමුදු අනෙක් ප‍්‍රදේශයන්හි සුනාමි ව්‍යසනයටපත් පිරිස සිතා සිටියේ කොළඹ පිරිස හට නව නිවහන් ලැබී සුපුරුදු පරිදි කාලය ගත කරන බවය.නමුත් මෙහි යථාර්ථය මෙය නොවේ.එය කිසිවකුට හෝ පෙනුන දෙයක් ද නොවේ.නමුදු මෝදර ටෙලාසල් ප‍්‍රදේශයේදී සුනාමි ව්‍යසනයට මුහුණ දුන් පිරිසහට ස්ථිර ලෙස හිසට වහළක් හිමි වන්නේ වසර පහක් සම්පූර්ණවිමට නියමිත 2009 දෙසැම්බර් 22 වනදාය.
නෙදර්ලන් ආධාර යටතේ ඉදිවන මෙම නිවාසවල සම්පූර්ණ වැඩකටයුතු අවසන් නොවුණද ස්ථීර නිවසක් ලැබීම සම්බන්ධයෙන් ඔවුන් ෂතුටු කඳුලු හෙලන්නේය.
”ලක්ෂ දෙකහමාරක් දීලා එදා අපට යන්න කියද්දී හිතා ගන්න බැරි වුණා මොකද කරන්නේ කොහෙද යන්නේ කියලා.අපි තැන් තැන් වල ඉදලා තමයි මෙතන්ට ආවේ.එ් එද්දී අපිට දුන්න සල්ලිත් ටික ටික ඉවර වෙලා.පස්සේ අපි කට්ටියම කතා වෙලා මේ වත්ත අරන් මෙතන්ට ආවා.” එල්සි පි‍්‍රයදර්ශණී පැවසුවාය.
පි‍්‍රයදර්ශණී එලෙස පවසන්නේ ඔවුනගේ දකට පිහිට වන්නට ඒ වෙලාවේ විදියට කිසිවකු නොසිටි බැවින් ඔවුන් සතුවූ සියලු මුදල් ඉඩම සඳහා වෙන් කරන්නට ඔවුනට සිදු වූ නිසාවෙන් කම්කටොලු සමුදායක් සමඟ පොර බදින්නට සිදු වූ නිසාය.
”අපි ඉස්සරලා හිටියේ පුංචියට කූඩාරමක් වගේ එකක් හදාගෙන. අපට එ්කේ හිට ගන්නවත් ඉඩ තිබුණෙ නැහැ.උයලා තියෙන එ්වා තියා ගන්න බැහැ.නරක් වෙනවා රස්නෙ නිසා.එ් කාලේ අපි ගොඩක් දුක් වින්දා.ඒ වින්ද දුක මතක් වෙද්දී අවුරුදු ගාණක් ගිහින් හරි අපිට මේ ලැබුණ දේ ගැන අපි ගොඩක් සතුටු වෙනවා.” ප‍්‍රියදර්ශණී පැවසුවාය.
වැසිකිළි කැසිකිළි පහසුකම්වත් නිසිලෙස නොවූ මෙම පිරිස ඔවුනට ලැබුණ මෙම නව නිවස දිව්‍ය සම්පතක් ලෙස සලකයි.
නෙදර්ලන් ආධාර යටතේ උස්වැටකෙයියාව ශාන්ත මයිකල් මාවතේ පිහිටි මෙම නව නිවාස විසිපහක පිරිස හට තවම එක් අඩුපාඩුවක් පවතින බව ඔවුන් පවසයි.ඒ ඔවුනට අවශය විදුලිය පහසුකම් නොලැබීමය.එක් කොටසක් හට පමණක් විදුලිය ලැබී ඇති බවත් කොටසකට එම පහසුකම නොලැබී ඇති බවත් ඔවුන් පවසයි.
”ආණ්ඩුවෙන් දෙනවා කියපු දේවල් නම් කිසි දෙයක් මේ වෙනතුරු අපට ලැබුණෙ නැහැ.කවදා හරි ලැබෙන කල් අපි බලා ඉන්නවා. මොකද අපි ජීවත් වෙන්නේ ගොඩක් අමාරුවෙන් එදා වේල හොයා ගන්න තමයි අපට සිද්ධ වෙලා තියෙන්නේ.” ප‍්‍රියදර්ශණි පැවසුවාය.
රූපා රණසිංහ පිට රට ගොස් හොයා හම්බ කර ගත් සියලු සම්පත් මුහුදට බිලි වන විට ඇයට ඉතිරි වුයේ ඇඳිවත පමණක් බවයි ඇය පවසන්නේ.
”මම ලංකාවට ඇවිත් හරියටම මාස හතරයි. හැම දෙයක්ම මුහුදට ගහගෙන ගියා ඊට පස්සේ කර ගන්න දෙයක් ඉතුරු වුණේ නැහැ. මෙතන්ට ඇවිත් අපි සතුටින් හිටියේ නැහැ. ගොඩක් දුක් විදලා තමයි මෙතන මේ විදියට ඉන්නේ.මම දැනට ගෙදරක වැඩ කරලා කීයක් හරි හොයා ගන්නවා.” රණසිංහ පැවසුවාය.
”මෙහෙට ආවට පස්සේ වතුර ප‍්‍රශ්නය ගොඩක් තිබුණා.බොන්න ගන්න විතරක් වතුර වලට මාසෙට රුපියල් 500-600 ගෙව්වා.දැන් අපට වතුර තියෙනවා.ඉන්න තැනක් තියෙනවා .අපිට සැනසීමේ ඇස් දෙක පියාගන්න පුලුවන්.ලූනුයි බතුයි කෑවත් දැන් අපට සැනසීමයි.” ඇය පැවසුවාය.
The tsunami affected people in De La Salle area in Modera are to receive permanent houses five years after the tsunami. The houses are built with funds received from the Netherlands in St. Michael’s Road, Uswetakeiyyawa. The residents of the 25 houses built under the project are happy to receive a permanent shelter five years after losing their properties. However, these houses are yet to be provided with electricity and the residents complain that they never received any aid as promised by the government.
මිනිසුන්ට දැන් සුනාමිය වැදගත් නැති දෙයක්
Five Years After the Tragedy – Everyone has forgotten the tsunam
සුනාමියෙන් ලංකාවට සිදු වූ හානිය කොතරම් විශාල දැයි සජීවී ආකාරයෙන් ලෝකයාට දැක ගැනීමට අවස්ථාව උදාවිය. ගමන් බිමන් යාම සදහා ගාල්ල බස් නැවතුම් පොළට පැමිණ සිටි තරුණියන් සිවු දෙනෙකු සුනාමි රළ පහරට හසුව ගසා ගෙන යන ආකාරය ලෝකයාම සුනාමිය ලංකාවට පැමිණි 2004 දෙසැම්බර් 26 වැනිදා සවස් වන විට දැක ගන්න ලැබුණේය. ඒ සුනාමිය ගාල්ල නගරයට පැමිණි ආකාරය සජීවිව රූපගත කිරීමට ලංකාවේ කැමරාකරුවෙකු සමත් වීම නිසාය.
එම අනුවේදනීය සිදුවීම රූගත කර තිබුණේ ස්වාධීන රූපවාහිනී සේවයේ ගාල්ල ප‍්‍රාදේශීය වාර්තාකරු වශයෙන් කටයුතු කළ අජන්ත සමරවික‍්‍රම විසිනි.
සුනාමියට වසර පහක් ගත වන අවස්ථාව වන විට සුනාමියෙන් ලංකාවට සිදු වූ හානිය ලොවට පෙන්වූ අජන්ත සමරවික‍්‍රම ගාල්ලේ ප‍්‍රාදේශීය මාධ්‍යවේදියෙකු වශයෙන් කටයුතු කරන්නේ නැත. පුද්ගලික හේතු නිසා ගාල්ලේ සිට කොළඹට පැමිණි ඔහු දැන් වීඩියෝ ඡයාරූප කලාව සම්බන්ධයෙන් වන වෙළෙද සැලක් පවත්වා ගෙන යන්නේය.
වසර පහක් ආපසු හැරී බලද්දී මේ වන විට ලංකාවේ මිනිසුන්ට සුනාමිය වැදගත් නොවන දෙයක් බවට පත්ව ඇතැයි හෙතෙම පෙන්වාදෙයි.
‘‘සුනාමිය ඇවිත් අවුරුදු පහකුත් ඉවරයි ඒත් දැන් මිනිස්සුන්ට ඒ වගේ දෙයක් වුණාද නැද්ද කියලා අමතක වගෙයි. ගොඩක් අයට සුනාමිය දැන් වැදගත් කමින් තොර දෙයක් බවට පත්වෙලා.’’ සමරවික‍්‍රම කීවේය.
සුනාමියෙන් නිවාස අහිමිවූ බොහෝ දෙනාට මේ වන විට අලූතින් නිවාස ලැබී තිබේ. සුනාමියට පෙර කුඩා පැල්පත් වැනි නිවාසවල ජීවත්වූ අයට අලූතින් ඉදිකළ නිවාස ලැබුනේ යැයි සමරවික‍්‍රම සදහන් කළේය.
‘‘සමහරුන්ට සුනාමිය ඛෙදවාචකයක් වගේ දැනුණට සමහර අයට සුනාමියෙන් සමෘද්ධිය උදාවුණා. අලූත් ගෙවල් දොරවල් ඇතුළු සියලූම පහසුකම් ලැබුණා.’’ හෙතෙම සදහන් කළේය.
සුනාමියෙන් නිවාස අහිමි වූවන්ට නැවත නිවාස ලබා දීමට මෙන්ම සුනාමියෙන් විනාශ වූවන්ට කඩිනම් සහන ලබා දීමට හා සුනාමියෙන් විනාශ වූ ප‍්‍රදේශ ගොඩනැංවිම සදහා විදේශ ආධාර ඩොලර් මිලියන ගණනින් ලංකාවට ලැබුණේය. මේ ආකාරයට ඩොලර් මිලියන 35 ක ආධාර ලංකාවට ලැබීමට හේතු වී තිබුණේ සමරවික‍්‍රමගේ වීඩියෝ පටය ලොව පුරා විකාශය වීම නිසාය.
‘‘මුලින්ම ගාල්ල නගරයට සුනාමිය පැමිණි ආකාරය දැක්වෙන වීඩියෝ පටය විකාශය වුණේ අයි.ටී.එන්. (ස්වාධින රූපවාහිනී සේවයේ)එකේ. ඊට පස්සේ සි.එන්.එන්, බී.බී.ස’ වගේ ලෝකයේ ප‍්‍රසිද්ධ රූපවාහිනී නාලිකාවල විකාශ කරන්න ගත්තා.’’ ස්වාධීන රූපවාහිනී සේවයේ විකාශය වූ කිසියම් වීඩියෝ වැඩසටහනකින් විනාඩි තුනක කොටසක් ලබාගැනීමට ඕනෑම ආයතනයකට හැකියාව ඇතැයි සමරවික‍්‍රම සදහන් කළේය.
මෙම රූප රාමු පෙළ දුටු ලෝකයා ඩොලර් මිලියන ගණනින් ආධාර ලබා දුන්නේය. ඒ තරමටම මෙම රූප රාමු පෙළ ලෝකයට සංවේදී වි තිබුණේය.
‘‘මේක රූප රාමු නිසා ලංකාවට මේ තරම් ආධාර ලැබෙතැයි මම හිතුවේ නැහැ.’’ තමන් කළ වීඩියෝ කළ රූප රාමු පෙළෙන් රටට වැඩක් වූයේ යැයි සතුටු වන බව සමරවික‍්‍රම පැවසුවේය.
සුනාමියෙන් ගාල්ල නගරය විනාශ වී යන ආකාරය මෙන්ම සුනාමියට හසුවූ තරුණියන් සිවු දෙනෙකු රළ පහරේ ගසා ගෙන යන ආකාරය දැක්වෙන වීඩියෝගත කිරීම තමන්ගේ ජීවිතයේ ලැබූ සුවිශේෂීම අත්දැකීමක් බව සමරවික‍්‍රම කියයි. සමරවික‍්‍රමට මෙම දුලබ සිදු වීම වීඩියෝ කිරීමේ අවස්ථාව ඔහු ගාල්ල් නගර ව්‍යාපාරික මධ්‍යස්ථානයක් පවත්වා ගෙන යන නිසාය.
සුනාමිය පැමිණි දෙසැම්බර් 26 වැනිදා සමරවික‍්‍රම තමන්ගේ ව්‍යාපාරික ස්ථානයට පැමිණියේ සති අන්තයේ ඔහුගේ සේවා ස්ථානයේ සේවකයින් සේවයට නොපැමිණෙන නිසාය.
ගාල්ල බස් නැවතුම් පොළ ඉදිරිපිට ඇති සේලක ගොඩනැගිල්ලේ තුන්වන මහලේ පිහිටි සමරවික‍්‍රමගේ ව්‍යාපාරික ස්ථානය අසලට ගාල්ල නගරයේ සෑම ස්ථානයක්ම පහසුවෙන් දැකිය හැකි විය. ඒ එම ගොඩනැගිල්ල ගාල්ල නගරයේ ඇති උස් ගොඩනැගිල්ලක් වන නිසාය. ව්‍යාපාරික ස්ථානයට වී සිටි අජන්තට මුහුද ගොඩගලන බව මුලින්ම පවසා තිබෙන්නේ ඔහුගේ සහෝදරියයි. ඇය ඒ වන විට සමරවික‍්‍රමගේ ව්‍යාපාරික ස්ථානය අසල ව්‍යාපාරික ස්ථානයක් පවත්වා ගෙන ගොස් තිබුණේය.
‘‘මුහුද ගොඩගලනවා කියලා කිව්වාම මම එළියට ඇවිත් වෙන්නේ මොකක්ද කියලා බැලූවා . මම ප‍්‍රවෘත්ති වාර්තාකරුවෙක් විදියට මුලින්ම අතට එන්නේ කැමරාව ඒ නිසා කැමරාව අර ගෙන වීඩියෝ කිරීම් ආරම්භ කළා.’’ සමරවික‍්‍රම පවසයි. මුහුද ගොඩගැලීම ආරම්භ වී ගාල්ල නගරටය මුහුදු රළ පැමිණෙන අවස්ථාවේ සිට සුනාමියෙන් නගරයට සිදු වූ හානිය දක්වා සියල්ම සමරවික‍්‍රම වීඩියෝ ගත කළේය.
ඔහු මුලින්ම එක් කැමරාවකින් සුනාමිය පැමිණෙන ආකාරය වීඩියෝ කළත් ටික වේලාවක් ගත වන විට සේලක ගොඩනැගිල්ලට එක්ව සිටි පිරිස නිසා එම කැමරාව වතුරට ඇද වැටිණි. ඉන් පසුව තවත් කුඩා කැමරාවක් ගෙන නැවත වරක් ඔහු වීඩියෝ කිරීම ආරම්භ කර කළේය.
‘‘කිසිම සිහියක් නැතිව තමයි මුල් විනාඩි පහ දහය වීඩියෝ කීරීම් කළේ.’’ සමරවික‍්‍රම කීවේය.මේ ආකාරයෙන් වීඩියෝ කිරීම් සිදු කර ගෙන යන අතරවාරයේදී ගාල්ල බස් නැවතුම් වහල දක්වා ජල පහර ඉහළ නගිමින් තිබුණි. කෙමෙන් කෙමෙන් ඉහළ යන ජලපහර තමන් සිටි ගොඩනැගිල්ලේ පහළ තට්ටු යට කර ගෙන පැමිණෙතැයි බිය වූ සමරවික‍්‍රම ගොඩනැගිල්ලේ ඉහළට දිව ගියේය.
බස් නැවතුම්පළේ වහලේ කොටසක් කඩා ගෙන යන ආකාරය වීඩියෝ ගත වී තිබෙන නමුත් එය සම්පූර්ණයෙන්ම කඩා ගෙන යන ආකාරය වීඩියෝවී නැත්තේ කොටසක් වීඩියෝ කිරීමන් පසුව ඉහළ තට්ටුවට මම දිව ගිය නිසාය.
මෙම සිදුවිම රූගත කරන අතරවාරයේදී සැම දෙනාගේම නෙත් අගට කදුළක් දනවන ආකාරයේ සංවේදී රූප රාමු කීපයක් තමන්ගේ කැමරාවේ සටහන් කර ගැනීමට සමරවික‍්‍රමට හැකියාව ලැබුණේය. සුනාමියෙන් ලංකාවට සිදුවූ හානිය පිළිබදව ලෝකයාම කතා කිරීමට හේතු වූ මෙම සංවේදී රූප රාමු පෙළ වූයේ ගාල්ල බස් නැවතුම් පොළේ සිටි තරුණියන් කිහිපදෙනෙක් සුනාමියට හසුව ගසාගෙන යන ආකාරයයි.
‘‘මේක ක්ෂණිකව වුණා. ඒත් හොදට ෆෝකස් වෙලා තිබුණා. කැමරාකරණය පිළිබදව තිබූ පළපුරුද්ද නිසා තමයි මේ විදියට හොදට පින්තූර ඇවිත් තිබුණේ.’’
සුනාමියෙන් ගාල්ල නගරයට සිදු වූ හානිය සිය කැමරාමේ සටහන් කරගත් සමරවික‍්‍රම කොළඹට එම කැසට් පටය ගෙන යන ආකාරයක් පිළිබදව සිතා බලන්නට විය. මුහුදු මාර්ගය ඔස්සේ කොළඹ පැමිණීම දුෂ්කර විය හැකි යැයි සිතූ ඔහු විකල්ප මාර්ග භාවිතා කරමින් ස්වාධීන රූපවාහිනී සේවය වෙත කැසට් පටය ගෙනවිත් භාර දුන්නේය.
සුනාමිය පැමිණ කාලයක් ගත වන විට විවිධ රටවල සිට පැමිණි මාධ්‍යවේදීන් ලංකාවේ සුනාමිය පිළිබද සමරවික‍්‍රමගෙන් සම්මුඛ සාකච්ඡ ලබා ගෙන තිබුණේය. එහෙත් සුනාමියට වසර පහක් ගත වන අවස්ථාව වන විට කිසිවෙක් පැමිණ ලංකාවේ සුනාමිය පිළිබද කිසිවක් විමසන්නේ නැතැයි සමරවික‍්‍රම කීය.
‘‘මම ඒ වෙලාවේ මට පැවරී තිබූ රාජකාරිය ඉටුකළා කැසටි එක නියම වෙලාවට අයි.ටී.එන් එකට ගිහිල්ලා දුන්නා. පරක්කුවෙලා ඒක ගිහින් දුන්නා නම් වැඩක් නැහැ. මම හරියට කළ වැඩෙන් රටට වැඩක් වුණා කියලා අද සතුටු වෙනවා.’’ සමරවික‍්‍රම පැවසුවේය.
The live video footage of Independent Television Network’s provincial correspondent, Ajantha Samarawickrema, of the tsunami that hit the Galle town on December 26, 2004 showed the world of the tragedy. His video footage that was telecast a few minutes into the tragedy showed the world the magnitude of the tragedy. It also helped bring in foreign funds to the country. However, he says most people have now forgotten about the tsunami. Samarawickrema observes that while the tsunami was a tragedy for some it brought in prosperity to others because of the new houses they received.
යළි සිහිවෙන අදුරු මතකය
Five Years After the Tragedy – Reliving the nightmare
හිත් පිත් නැති සුනාමි රල පහරින් මෙරට වෙරළාසන්න ප‍්‍රදේශවල පුද්ගලයින් තිස් පන්දහසක් බිලිගැනීම බෝහෝ දෙනාට අමතක වෙමින් තිබේ. එහෙත් තවමත් සමහරු සුනාමි අදුරු මතක මැද මැරි මැරී ජීවත්වෙති.
හම්බන්තොට සිරිබෝපුර සුනාමි නිවාස යෝජනා ක‍්‍රමයේ ජීවත්වන මොහොමඞ් රාසික් තවමත් සුනාමි අදුරු මතක මැද ජීවත්වන්නේ ඔහුගේ පවුලේ සාමාජිකයින් තිස් හත්දෙනෙක් සුනාමි රුදුරු රළ පහර විසින් මුහුදට බිළිගත් නිසාය. සිය බිරිද මව සහ සහෝදර සහෝදරියන් ඇතුළු පවුලේ තිස් හත්දෙනෙක් මුහුදට ගසාගෙන ගියේ ඔවුන්ගේ මළ සිරුරක්වත් ඉතිරි නොකරමිනි.
තමන්ගේ දරු දෙදෙනා හැර පවුලේ අනිත් සියලූ දෙනාම මුහුදට රැගෙන ගිය සුනාමිය පැමිණි දිනය අදටත් රාසික්ගේ සිහියට නැගෙන විට ඉබේම නෙතට කදුළක් උනයි. සිය පවුලේ සාමජිකයින් මුහුදට බිළිවීම අදටත් ඔහුට දරාගත නොහැකිවී තිබේ.
ධීවර කර්මාන්තයෙන් සිය දරු පවුල නඩත්තුකරන රාසික් සුනාමිය පැමිණි 2004 දෙසැම්බර් 26 වැනිදාට පෙර දිනයේ රාත‍්‍රියේද තවත් අයෙක් සමග බෝට්ටුවේ නැගී මුහුදු ගියේ මසුන් මැරීමේ අටියෙනි. එහෙත් සුනාමියක් පැමිණෙන බව කලින් කීමට මෙන් මුහුදේ වැඩි වෙලාවක් රැදී සිටීමට රාසික්ට මුහුද ඉඩක් දුන්නේ නැත.
‘‘එදා ? මුහුද හරිම සැරයි. ඒ වගේම මාළු අහුවුනෙත් නැහැ. මේ නිසා මාළු අල්ලන්නේ නැතිව අපි ආයෙමත් ගොඩට ආවා.’’ සවස හයට පමණ මුහුදු ගිය රාසික් රාත‍්‍රී නමය වන විට නැවත ගොඩට පැමිණියේය. එදින මුහුදු ගියත් ආදායමක් ලැබීමට මාළු අල්ලාගත නොහැකිවීමේ දුකත් සිතේ තදකරගෙන සිටි රාසික් ගෙදර පැමිණ නිදාගන්නට වූයේ හිතේ මෙන්ම ගතටද සනීපයක් නොදැණුන නිසාය.
පසුදින උදෑසන ඔහුගේ බිරිද සුපුරුදු පරිදි හම්බන්තොට පොළට ගියේ සතියක් පුරා ගෙදර කෑමට බීමට අවශ්‍ය බඩු රැගෙන ඒම සදහාය. පොළට ගොස් බඩු රැගෙන එන බව පැවසූ රාසික්ගේ බිරිද අද වන තෙක් බඩු රැගෙන නිවසට පැමිණියේ නැත. ඒ සුනාමි රළ පහර විසින් රාසික්ගේ බිරිද බිළි ගෙන තිබූ නිසාය.
සුනාමිය පැමිණෙන අවස්ථාව වන විට රාසික් නිවසේ සිටියේ ඔහුගේ දරු දෙදෙනා සමගය. මෙදින ලංකාව සහභාගී වූ ක‍්‍රිකට් තරගයක් රූපවාහිනියේ විකාශය වෙමින් තිබූ නිසා ඔහු එය නරඹමින් සිටියේය.
‘‘මැච් එක පටන්අරගෙන ඕවර එකයි බෝල තුනක් දැම්මා විතරයි, වටේ ඉන්න අය, මුහුද ගොඩ ගලනවා කියමින් දුවන්න වුණා.’’ මිදුලට පැමිණි රාසික් දුටුවේ මුහුද වේගයෙන් ගොඩබිම දෙසට ඇදී එන ආකාරයයි. ගෙදර සිටි දරු දෙදෙනා කරපින්නාගත් රාසික් ගොඩබිම දෙසට දිව ගියේය.
සුනාමි රළ පහරින් හම්බන්තොට නගරයම විනාශ කිරීමෙන් විනාඩි පහකට දහයකට පසුව රාසික් නගරයට ගියේය. ඒ මහුද අසල සිටි තමන්ගේ ඥාතීන් පිළිබදව සොයා බැලීම සදහායි. රාසික්ගේ මව ජීවත්වී තිබුනේ සුනාමියෙන් වැඩිම හානියක් වී තිබූ හම්බන්තොට මුස්ලිම් පල්ලිය අසල නිවසකය. මෙම නිවස තිබූ තැනට රාසික් ඇතුළු සිව්දෙනෙක් යන විට දුටු දෙයින් රාසික්ට මුලූ ලොවම තමා වටා කැරකැවෙන සේ දැනෙන්නට විය.
‘‘අපි අම්මලාගේ ගෙදර ළගට ගිහින් බලනවිට එතැන ගෙදරක් දකින්න තිබුණේ නැහැ. ගෙදර බිමට සමතලා වෙලා තිබුණා. අපේ අම්මා අවුරුදු තිස්පහක් රට රස්සා කරලා හම්බකරපු හැම දෙයක්ම මුහුදට ගහගෙන ගොස් තිබුණා.’’’ රාසික් පවසයි.
රාසික්ගේ මව පදිංචිව සිටි ගෙදර අසල ඔහුගේ සහෝදර සහෝදරියෝ පදිංචිව සිටියහ. මවගේ ගෙදර සම්පූර්ණයෙන්ම විනාශ වී ඇති බව දුටු ඔහු සහෝදර සහෝදරියන්ගේ ගෙවල් තිබූ තැන්වලට දිව ගියේ එහි කිසිවෙක් හෝ සිටීද යන්න පිළිබදව සොයා බැලීම සදහාය. මේ අකාරයට ඔවුන් පදිංචිව සිටි ගෙවල් පහකටම ගොස් විපරම් කළ බැලූවත් රාසික්ට දකින්න ලැබුණේ ගෙවල් සියල්ලම පොළවට සමතලා වී ඇති බවයි.
පොළවට සමතලා වූ නිවාසවල සුන්බුන් අතරේ පවුලේ අය සිරවී සිටී දැයි රාසික් සොයා බැලූවත් කිසිම අයෙක් පිළිබදව හෝඩුවාවක් හෝ
සොයාගැනීමට ඔහුට හැකියාව ලැබුණේ නැත.
‘‘අපේ අය මැරිලා නම් අඩුම තරමේ ඒ අයගේ මිනියවත් හොයාගන්න ඕන කියලා හැමතැනම ගියා.’’ රාසික් කීවේය. ඔහුගේ ඥාතීන් සිටි ගෙවල් අසල කිසිවෙකුගේවත් මළ සිරුරු දකින්න නොලැබුණ නිසා ලූණු ලේවාය දෙසට ගියේ ලේවායේ මළ සිරුරු තිබෙන බව කියූ නිසාය. දහවල් එක දෙක වන තුරු හම්බන්තොට ලූණු ලේවාය අසල තමන්ගේ ඥාතීන්ගේ මළ සිරුරු තිබේ දැයි සොයා බැලූවත් කිසිවෙකුගේවත් මළ සිරුරක් සොයාගැනීමට ඔහුට හැකියාව ලැබුනේ නැත. මේ නිසා රාසික් හම්බන්තොට රෝහල වෙත ගොස් එහි තිබූ මළ සිරුරු එකින් එක පරීක්ෂා කරන්නට වූයේ ඒ අතර හෝ තමන්ගේ පවුලේ ඥාතීන් සිටී දැයි යන්න සොයා ගැනීම සදහාය.
කොතරම් සොයා බැලූවත් පවුලේ සාමාජිකයින් තිස් හත්දෙනොගෙන් එක් අයෙකුගේ හෝ මළ සිරුරක්වත් සොයාගැනීමට ඔහුට නොහැකිවිය.
‘‘කොච්චර හොයලා බැලූවත් මිය ගොස් සිටි අපේ පවුලේ තිස් හත්දෙනාගෙන්එක අයෙක්ගේවත් මළ සිරුරක්වත් හොයාගන්න බැරිවුණා. අඩුම තරමේ පොඩි අයෙකුගේ මළ සිරුරක්වත් හොයාගන්න බැරිවුණා.’’ රාසික් සදහන් කළේය.
සුනාමිය පැමිණ අවුරුදු පහක් ගතවන විටත් රාසික්ට මේ සිදුවීම සිතෙන් අමතක කිරීමට හැකියාවක් ලැබී නොමැත. හැම විටම මේ සිදුවීම ඔහුට සිය මතකයෙන් මකා දැමීමට හැකියාවක් ලැබී නැත.
‘‘මම මුහුදු ගියාම මහා පාළුවක් තනිකමක් දැනෙනවා. මුහුද මැදදි තනිවුනාම මේ සුනාමියෙන් අපේ පවුලම නැතිවුන එක මතක් වෙනවා.’’ රාසික් කීවේය.තමන්ගේ පවුලේ සියලූදෙනාම අහිමිවීමෙන් පසුව මෙලොව ඉතිරිවූ රාසික්ට මේ වන විට හම්බන්තොට සිරිබෝපුර සුනාමි නිවාස යෝජනා ක‍්‍රමයෙන් නිවසක් ලැබී තිබේ. මෙම නිවස ලබා ගත්තේ කිසිම කැමැත්තකින් නොවන බව ඔහු කියයි.
‘‘පවුලේ හැමෝම නැතිවුණාම අපිට අලූතින් ගෙවල් මොකටද? ඒත් බලකිරීම නිසා මම මෙතැන ලැබුණ ගෙදර ඇවිත් පදිංචිවුණා’’ රාසික් සදහන් කළේය.
පවුලේ සාමාජිකයන් තිස් හත් දෙනෙක් අහිමි වීමෙන් පසුව රාසික්ට උදාවූයේ එතරම් සුබදායී කාලයක් නොවේ. ඔහුගේ ළමයින්ට අධ්‍යාපනය ලබාදීමට වත්කමක් නොතිබූ නිසා එක් වැඩිමහල් ළමයා ගාල්ල පල්ලියට භාර කළේ අධ්‍යාපනයට වැයවන වියදම ඔහුට දැරිය නොහැකි බැවිනි. මේ වන විට ඔහුගේ බාල දරුවා පාසල් අධ්‍යාපනය ලබමින් සිටින නමුත් මේ වසර අවසානයේදී ආර්ථික ගැටලූ නිසා පල්ලියට භාර කිරීමට සූදානමින් සිටින්නේ යැයි රාසික් පැවසුවේය.
‘‘මගේ අම්මයි සහෝදර සහෝදරියනුයි ජීවතුන් අතර සිටියා නම් ළමුන්ගේ අධ්‍යාපනයට ඔවුන් උදව් කරනවා. ඒත් දැන් කවුරුවත් නැති නිසා ළමයි දුකෙන් හරි පල්ලියට භාරදෙනවා.’’ රාසික් පැවසුවේය.
සුනාමියෙන් රාසික්ගේ බිරිද මිය යන විට ඔහුගේ ළමුන් දෙදෙනා කුඩාය. තමන්ගේ මව මිය යාම පිළිබදව ඔවුන්ට කිසිදු වැටහීමක් නොතිබූ බැවින් ඒ දිනවල මව ගැන ඔහුගෙන් විමසුවත් දැන් ළමුන් සුනාමියෙන් තමන්ගේ මව මිය ගොස් ඇති බව අවබෝධ කරගෙන ඇතැයි රාසික් කීවේය.
‘‘ළමයින්ට මේ සිදුවීම අමතක කරන්න පුළුවන් වුණාට මට කවදාවත් ඒ සිද්ධිය අමතක කරන්න බැහැ.’’ කදුළු පිරි දෙනෙතින් යුතුව රාසික් පැවසුවේය.
අලූත් නිවසක් සමග අලූත් අපේක්ෂාවක්
Five Years After the Tragedy – New houes , new hope
හිරු එළියෙන් වඩාත් දීප්තිමත්ව දිලිසෙන කහ පැහැති සල්වාර්යකින් සැරසුණු මුෆ්ලා මුබාරක් සුනාමියෙන් පසුව කල්මුණේ ප‍්‍රදේශයෙන් ලැබුණ අලූත් නිවසේ මිදුලට වී තවත් යහළුවන් පිරිසක් සමග සෙල්ලම් කරමින් සිටියාය. සුනාමියෙන් පසුව ලැබුණ අලූත් ගෙදරට අමුත්තන් පිරිසක් පැමිණියෙන් ඇය මිදුලේ තිබූ පුටුවක වාඩි වූයේ මොවුන් පැමිණියේ ඇයි දැයි විමසීමට මෙනි.මීට වසර පහකට පෙර ඔවුන් ජීවත් වූ තැන පදිංචිව සිටියා නම් ඇය මේ ලෙස සෙල්ලම් කරන විට ඇගේ දෙමාපියන්ට දැනෙන්නේ මරණ බියක්ය. එහෙත් ඔවුන් මීට පෙර පදිංචිව සිටි මුහුද ආසන්නයේ තිබූ නිවස වෙනුවට අලූත් නිවසක් ලැබීම නිසා මුෆ්ලාගේ මාපියන්ට කිසිදු බියක් දැනෙන්නේ නැත. කල්මුණේ ප‍්‍රංශ මිත‍්‍ර ගම්මානයේ ජීවත්වන හත් හැවිරිදි මුෆ්ලා මුබාරක්ගේ දෙමාපියන් පවසන පරිදි ඇගේ ජීවිතයට අලූත් බලාපොරොත්තුවක් ලැබී තිබේ. මුබාරක්ගේ මාපියන් ඇගේ අනාගතය පිළිබද සුබ සිහින දකින්නීය.
ජීවිතයේ කිසි දිනෙක අමතක කළ නොහැකි සුනාමියේ අදුරු මතකයන් මැදින් අලූත් බලාපොරොත්තු ඇති කර ගැනීමට ඔවුන්ට දැන් අවස්ථාව ලැබී තිබේ.පුද්ගලයින් තිස්හයදහසකට මරු කැදවමින් පැමිණි සුනාමිය කල්මුණේ ප‍්‍රදේශයට විශාල හානියක් කර තිබුණේය. වේගයෙන් පැමිණි රළ පහර කල්මුණේ මුහුදු තීරය අසල තිබූ නිවාස බිමට සමතලා කර තිබුණේ කිසිදු අනුකම්පාවකින් තොරවය. මෙම අදුරු මතකයන් මැද සිතින් මැරි මැරී ජීවත් විය නොහැකි බැවින් මුහුදු තීරයෙන් පිටත නිවාස ලැබෙන තෙක් මුබාරක්ගේ පවුල වැනි පවුල් සිය ගණනක් බලා සිටියේය.
‘‘මුහුදු සීමාවේ සිට මීටර හැටපහත් දෙසීයත් අතර සිටි පුද්ගලයින්ට ප‍්‍රංශ මිත‍්‍ර ගම්මානයේ නිවාස ලබා දී එහි පදිංචි කර තිබෙනවා.’’ කල්මුණේ ප‍්‍රාදේශීය ලේකම් මොහොමඞ් නවුෆර් පැවසුවේය. මෙම නිවාස සදහා වැය වන මුදලින් අඩක් රජය විසින් ලබා දෙන අතර අනික් කොටස ආධාර ලබාදෙන ආයතන හා සහන සංවිධාන වෙතින් ලබාගනී. මෙම ගම්මානයේ ජීවත් වන අබුබක්කර් රශීනා උම්මා මීට පෙර පදිංචිව සිටි නිවසේ කාමර හයක් විය. එහෙත් දැන් ඔවුන්ට ලැබී තිබෙන නිවසේ ඇත්තේ කාමර පහක් පමණි. එහෙත් කලින් තිබූ නිවසට වඩා මිත‍්‍ර ගම්මානයේ ජීවත් වීමට ඇය වැඩි කැමැත්තක් දක්වන්නීය. කලින් ජීවත වූවාට වඩා සන්තෝසයෙන් මෙහි ජීවත වීමට හැකි යැයි ඇය කියන්නීය.‘‘සුනාමියට කලින් අපි හිටපු ගෙදරට වඩා මේ ගෙදර හොදයි. ඊට වඩා පහසුකම් තිබෙනවා.’’ රශීනා උම්මා කීවාය.
කල්මුණේ වෙරළ තීරය අසල රශීනා උම්මලා පදිංචිව සිටියදී ඔවුන්ගේ ගෙවල් තිබුණේ එකකට එකක් යාවෙන පරිද්දෙනි. ගෙවල් විශාල සංඛ්‍යාවක් එක ළග තිබීම නිසා ගෙදරට සුළගක්වත් ලැබුණේ නැතැයි ඇය කීවාය. එහෙත් ඔවුන්ට අලූතින් ලැබී තිබෙන නිවාසවල කුඩා මිදුලක් තිබේ. මේ නිසා ගෙදරට මනා වාතාශ‍්‍රය ලැබෙන්නේ යැයි ඇය කීවාය.‘‘අලූත් ගෙවල් තිබෙන තැන පරිසරය කලින් පරිසරයට වඩා හොදයි.’’ තවමත් පාසල් අධ්‍යාපනය ලබන මෙහොම්මදු මහරුෆ් කීවේය.අංග සම්පූර්ණ නගරයකට අවශ්‍ය පහසුකම් ප‍්‍රංශ මිත‍්‍ර ගම්මානය අසලට පැමිණෙමින් තිබේ. මේ වන විට අංග සම්පූර්ණ රෝහලක්, පාසලක් හා වෙනත් රජයේ ගොඩනැගිලි ප‍්‍රංශ මිත‍්‍ර ගම්මානය අසල ඉදි කෙරෙමින් පවතී. තමන්ගේ නිවාස ආසන්නයේ රෝහල් හා පාසල් ඉදි වීම නිසා සුව පහසු ජීවිත ගතකිරීමට අවස්ථාව ලැබෙන්නේ යැයි එහි පදිංචිකරුවෝ පවසති.‘‘මේ පැත්තේ සංවර්ධන වැඩකටයුතු සිදුවෙනවා. එය ගොඩක් හොද දෙයක්.’’ මෙහි පදිංචි අබ්දුල් මනාස් මනාදිර් කීවේය.
මෙම ගම්මානයට නොපැමිණ තමන් කලින් සිටි ස්ථානවලම සිටියේ නම් හැම විටම බියෙන් ජීවත් වීමට සිදු වන්නේ යැයි ඔහු පැවසුවේය. ‘‘කලින් සිටි තැන්වල අයිමත් පදිංචි වුනා නම් සුනාමිය අපට අමතක කරන්න බැරිවෙනවා.’’ අලූත් නිවාස ලැබීම නිසා එම දුක්බර මතකයන් අමතක කිරීමට අවස්තාවක් ලැබී අතැයි, මනාදීර් සදහන් කළේය. කල්මුණේ මුහුදු තීරයේ ධීවරයින් දැල් අදින විට කෑගසන ශබ්දයට මුහුද ආසන්නයේ සිටින අය බිය වන්නේ නැවත සුනාමියක් පැමිණෙන බව සිතමිනි. සුනාමියක් පිළිබද කුඩා ආන්දෝලනයක් පැමිණියත් එහි සිටින අය බියේ වෙනත් තැන්වලට දිව යන්නේය. ‘‘දරුවන් සහ බිරිද ගෙදර සිටියදී අපි වැඩට යන්නේ. මුහුද අයිනේ හිටියා නම් මේ වගේ ආරංචියක් ආවොත් සේරම වැඩ නවත්තලා ගෙදර එන්න වෙනවා. ඒත් දැන් කිසිම බයක් නැතිව දරුවෝ ගෙදර දාලා රස්සාවට යන්න පුළුවන්.’’ මනාදීර් කීය.
‘‘ යළිත් සුනාමිය වගේ විනාශයක් ආවට අපි කිසිම බයක් නැහැ. කිසිම බයක් සැකක් නැතිව මෙතැන අපි ජීවත් වෙනවා.’’ රශීනා උම්මා සදහන් කළාය.
අදුරු මතකයන් මැදින් තවමත් නැගෙන හම්බන්තොට
Five Years After the Tragedy – Hambantota Reawakens
වියරු සුනාමි රළ පැමිණියේ දකුණුකරයට බොහෝ දෑ අහිමි කිරීමේ බලාපොරොත්තුව ඇතිවය. මව පියා, බිරිය, සැමියා, දුව, පුතා, පමණක් නොව ආච්චි, සීයා සහ හිතවතුන් සේම අසල්වැසියන් ද අහිමි වූයේ වියරු සුනාමි රළ පහරෙනි. මිනිස් ජීවිත පමණක් නොව අහිමි වූ භෞතික දේපළ ප‍්‍රමාණය ද අති විශාලය.
එහෙත් බිංදුවටම වැටී සිටි ඔවුහු අදුරැ මතකයන් මැදින් සිය ජීවිතය යළි ඇරඹූහ. සුනාමි ව්‍යසනයෙන් වසර පහක් ගතවන මොහෙතේදීත් ඔවුහු තැත් දරන්නේ සිය ජීවිතය යථා තත්ත්වයට පත්කර ගනු පිණිසය.
හම්බන්තොට නගරය සුනාමිය ආවේ දහස් ගණනක් ජීවිත සේම දේපලද විනාශ කරමිනි. වර්තමානය වන විට සුනාමියෙන් විනාශ වූ හම්බන්තොට නගරය යළි ගොඩනැගෙමින් තිබේ.
‘‘සුනාමිය එන්න කළින් මම හිටියේ මාර්කට් එකේ. ඊට පස්සේ තමයි මාර්කට් එකෙන් ටිකක් මෙහාට ආවේ. සුනාමියෙන් මට ලක්ෂ 12ක විතර පාඩුවක් සිද්ධ වුණා. ටික කාලයක් ගිහින් ආයෙමත් බිස්නස් පටන් ගත්තා. හැබැයි දැන් බිස්නස් තියෙනවා. ඒත් ඉස්සර තරම් බිස්නස් නැහැ.’’
හම්බන්තොට නව පොදු වෙළෙඳ සංකීර්ණයේ ප්ලාස්ටික් සහ විසිතුරු බඩු කඩයක් පවත්වා ගෙනයන එම්.වයි රිෂාඞ් පැවසුවේය.
‘‘ඉස්සර තරම් බිස්නස් නැති වෙන්න හේතු තියෙනවා. සුනාමියෙන් පස්සේ ටවුන් එකේ හිටපු බොහෝ දෙනෙක් පිටස්තර ප‍්‍රදේශවලට අරන් ගිහින් පදිංචි කළා. එ හින්දා ටවුන් එකට එන සෙනෙඟ අඩුයි. වරාය හදන නිසා කතරගම පාරත් වැහුවා. දැන් පිටින් එන අයට හම්බන්තොට ටවුන් එකට නෑවිදින් පිටින් යන්න පු`ථවන්. එ්කයි බිස්නස් අඩු.’’ හම්බන්තොට සජී ටේලර්ස් අධිපති කේ.ඞී ගුණසේන පැවසුවේය.
සුනාමිය පැමිණීමට පෙර ඔහුගේ ව්‍යාපාරය තිබුණේ හම්බන්තොට පැරණි පොදු වෙළෙද සංකීර්ණයේය.
හම්බන්තොට නව වෙළෙඳ සංකීර්ණයේ පිටු පස කොටසේ සිල්ලර වෙළෙද ව්‍යාපාරයක් පවත්වා ගෙන යන එස් බුහාර්දීන් සුනාමියෙන් අනතුරුව තමන්ට ලැබුණ කඩය පිළිබඳ සෑහීමකට පත්වන්නේ නැත.
‘‘අපි මෙතන හැංගිලා වගේ. එ හින්දා නගරෙට එන සෙනඟ වැඩිය මෙහෙට එන්නෙ නැහැ. අනික අපි ඉස්සර හිටිය තැනට මාසිකව බදු ගෙව්වේ රුපියල් එකසිය පනහක් විතර. දැන් අපි මාසෙටම රුපියල් තුන්දහස් පන්සීයක් විතර ගෙවන්න ඕන. ලයිට් බිල් වෙනම ගෙවනවා. බිස්නස් වැඩිය නැහැ.’’
බුහාර්දීන් පැවසුවේය.
සුනාමි ව්‍යසනයෙන් පසුව නගරයේ සිදු වූ වෙනසට බොහෝ දෙනාගේ එතරම් කැමැත්තක් දක්වන්නේ නැත.
‘‘සුනාමියෙන් පස්සෙ හදපු ටවුන් එක කිසි පිළිවෙළක් නැහැ. ඔර්ලෝසු කණුව කැඩුවා. මාර්කට් එක හැදුවේ සෙනඟට පේන තැනක නෙමෙයි. හදනවා කියපු ගොඩනැගිලි තාමත් හදලා නැහැ. සුනාමියෙන් පස්සේ හම්බන්තොට ගැන ගොඩක් බැලූවේ රාජ්‍ය නොවන සංවිධාන තමයි.’’ ජේ ඒ අල්ලූදීන් පැවසුවේය.
අල්ලූදීන් හම්බන්තොට නගරයේ වෙළෙද ව්‍යාපාරිකයෙකි.
‘‘සුනාමියෙන් පස්සෙ ටවුන් එකේ අලූතින් ගොඩනැගිලි හැදුවා තමයි. ඒත් මිනිස්සුන්ගේ ජීවිත තාමත් එතනමයි. මීට වඩා වෙනසක් වෙන්න ඕන කියලයි අපිට හිතෙන්නෙ.’’ රැකව පදිංචි පද්මසිරි පැවසුවේය. ඔහු හම්බන්තොට නගරයට පැමිණ සිටියේ සිය මෝටර් රථයට අමතර කොටස් කිහිපයක් රැගෙන යාමේ අදහසිනි.
රුදුරු සුනාමියෙන් වඩාත් හානියට පත් වූ පිරිස අතරින් හම්බන්තොට ධීවරයන් ද සුවිශේෂී පිරිසකි.
හම්බන්තොට ධීවරයෙකු වූ ඒ පී ප‍්‍රියන්ත සුනාමියෙන් අවතැන් වූ ධීවරයෙකි. සුනාමි රළ පහර ඔහුගේ පවුලේ කිහිපදෙනෙකුම සොරා ගත්තේය. මහත් කම්පනයට පත්ව සිටි ඔහු සිය රැකියාව නැවත අරඹුවේ ජීවිත් වීමට මුදල් සෙවීමටය.
‘‘සුනාමියෙන් පස්සේ අපි ගොඩක් අමාරු තත්ත්වෙකයි හිටියෙ. අපිට විවිධ අයගෙන් ආධාර ලැබුණා. බෝට්ටු දැල් වගේ ගොඩක් දේවල් ලැබුණා. ඒ හින්දා තමයි ඉක්මනටම අපිට රස්සාව කරන්න පුලුවන් වූණේ. මට නම් ඉස්සරට වඩා දැන් ව්‍යාපාර කටයුතු හොඳයි.’’ ප‍්‍රියන්ත පැවසුවේය. ඔහුගේ සොහොයුරා වන ඒ. පී අජීත්ද ප‍්‍රියන්ත සමඟ එකතු වී මුහුදු රස්සාවේ යයි.
‘‘ මට නම් රජයෙන් කියලා කිසි දෙයක් ලැබුණෙ නැහැ. සුනාමියෙන් මගේ රැපියල් 45000ක විතර මාලු නැති වුණා. මාලු පෙට්ටි විසි අටක් නැති වුණා. සීයේ තරාදි දෙකක් වතුරේ ගියා. අඩුම තරමින් ඉන්න ගෙයක්වත් ලැබුණෙ නැහැ.ඒ මදිවට දැන් බිස්නස් සවුත්තුයි. ඉස්සර වගේ නැහැ’’ ඒ සී.එම් නවුෆර් පැවසුවේය. ඔහු පවසන අන්දමට සුනාමියෙන් ප‍්‍රතිලාභ ලැබුවේ ඉන් වැඩි හානියට පත් වූ පුද්ගලයන්ට වඩා අඩුවෙන් හානියට පත් වූ පුද්ගලයන්ටය.
‘‘සුනාමියට දැන් අවුරුදු පහයි. එත් අපි තාමත් එතනමයි. බලන්න මේ මාර්කට් එක දිහා. අව්වට වේලෙනවා වැස්සට තෙමෙනවා. මොනවද අපිට තියෙන පහසුකම්. අපේ මහන්සියට වටිනාකමක් තියෙනව ද. මම කියන්නෙ අපිට තනියම නැගිටින්න පසුබිම හදලා දෙන්න කියලා.’’ හම්බන්තොට මාලු වෙළෙඳ පොළේ ඒ .එච් තස්මින්ඞීන් පැවසුවේය.
වියරු දළ රළ පෙළ දකුණු ලක වැසියන්ගේ ජීවිත කනපිට හැරවූයේය. තවමත් ඉන් ලද තිගැස්ම ඔවුන්ගේ දෛනික ජීවිතයේ කොටසකි. සුනාමි ව්‍යසනයේ අඳුරු මතකයන් මැදින් නැඟී සිටින්නට වෙර දරණ මේ හම්බන්තොට වැසියන්ගේ ජීවිත බොහොමයක් තවමත් යථා තත්ත්වයට පත් වී නොමැත. සිය දිවි පෙවෙත පිළිබඳ සැනසීමෙන් කතා කරන්නට ඔවුන්ට හැකි වන්නෙ ඔවුන් කෙරේ කිසියම් සැලසුම් සහගත අවධානයක් යොමු වන්නේ නම් පමණි.











