එක්සත් රාජධානියට තියෙන අයිතිය මොකක්ද

March 4, 2010 by Editor  
Filed under Featured, Stories


ගෝලීය දෙමළ සංවිධානය මඟින් පසුගිය දිනක පැවැත්වූ සමුලුවකදී ඬේවිඩි මිලි බෑන්ඩි කළ ප‍්‍රකාශය වෙනුවෙන් අද පැවති කරඩිනටි තීරණ දැනුම් දීමේ  මාධ්‍ය සාකච්ඡාවේදී මහාචාර්ය ජී එල් පීරිස් පවසා සිටියේ ලංකාවෙන් පරිපාහිර එල් ටී ටී ඊ ආණ්ඩුවක් පිහිට විය යුතු   බවට ගෝලීය දෙමළ සංවිධානය පැවසූ ඇති බවයි.

“එක්සත් රාජධානියට තියෙන අයිතිය මොකක්ද මේ රට ගැන මත පල කරන්න. මේවා අපේ රටේ ප‍්‍රශ්ණ. රට අභ්‍යන්තරයේ තියෙන ප‍්‍රශ්ණ සාකච්ඡුා කරන්න අයිතියක්  එ් අයට නැහැ. රට අභ්‍යන්තරයේ මිනිස්සුන්ටයි එ් ප‍්‍රශ්ණ  කතා කරන්න අයිතිය තියෙන්නේ.”

අන්තර්ජාලය හරහා මෙරට ඇඟලුම් පිළිබඳව ගෙනයන ප‍්‍රචාරයන් සිදු වන්නේද එකී ප‍්‍රකාශයේ ප‍්‍රතිපලයක් ලෙස බවයි මහාචාර්ය පීරිස් පවසන්නේ.

“යූ ටියුබ් හරහා අපේ රටේ ඇඟලුම් ගන්න එපා කියනවා. මේවා  කියන්නේ මිලි බෑන්ඞ් නිසා. ඔහු කීවේ මොනවද කියන එක නෙවෙයි ප‍්‍රශ්ණෙ තියෙන්නේ එතන්ට ඔහු සහභාගී වුණ එකයි තියෙන ප‍්‍රශ්ණෙ. මෙයින් ව්‍යංගයෙන් කියැවෙන්නේ මොකක්ද කියලා හිතන්න පුලුවන් කමක් තියෙන්න  ඕන.” හෙතෙම පැවසුවේය.

හිටපු අග විනිසුරුවරයා සරත් ෆොන්සේකා අත් අඩංගුවට ගැනීම සම්බන්ධයෙන්  කළ ප‍්‍රකාශය සම්බන්ධයෙන්ද මෙහි දී සාකච්ඡා විය.

හිටපු අගවිනිසුරුවරයා සඳහන් කර ඇත්තේ සරත් ෆෝසේකා අත්අඩංගුවට ගැනීම හා රඳවා තබා ගැනීම නීතිවිරෝධී බවත් ජාත්‍යන්තර නීති පවා උල්ලංඝනය කර මෙම අත් අඩංගුවට ගැනීම සිදු කළ බවත්ය.

“එක වැරදි නම් පසු ගිය අඟහාරුවාදා ශේ‍්‍රෂ්ඨාධිකරණය එකඟ වෙනවා මොහුව ඇප මත නිදහස් කරන්න. මේ ඉදිරිපත් කරලා තියෙන්නේ මානව හිමිකම් පිළිබද පෙත්සමක්. බැලූ බැල්මට මේවායේ සාධාරණ සාක්ෂි තියෙනවා නම් කැපී පෙනෙන දෙයක් තියෙනවා නම් නිදහස් කරන්න තීරණය කරනවා.” හෙතෙම සඳහන් කළේය.

ඕනෑම පුද්ගලයකුහට විවේචනාත්මක මත ඉදිරිපත් කිරීමේ හැකියාව පවතින බවත් නමුදු  කුමන්ත‍්‍රණ කිරීමේ අයිතියක නොමැත් බව මහාචාර්යවරයා ප‍්‍රකාශ කර සිටියේ රාජපක්ෂ පවුල පිළිබඳව ගවේශණය කිරීම සඳහා යොදවා ඇති පොලිසි කණ්ඩායමක් පිළීබඳව මාධ්‍යවේදීයකු නැඟූ ප‍්‍රශ්ණයකට පිළීතුරු ලබා දෙමිනි.

“කවුරුවත් සඳහා කියලා විශේෂ ආයතන පිහිටවලා නැහැ.  රටේ සාමාන්‍ය නීතිය හැමෝටම පොදුයි නම් ඇයි විශේෂ ආයතන පිහිටවන්නේ. ” හෙතෙම පැවසුවේය.

  • Share/Bookmark

කුරුදු වගාව රකින්නැයි දෙවොල් දෙවොල් දෙවියන්ගෙන් ඉල්ලීමක්

December 29, 2009 by Editor  
Filed under Featured, Stories

Cinnamon growers offer prayers

සුනාමියට වසර පහක් පිරුණු දෙසැම්බර් 26 වැනිදා උදෑසන කාලයේ හික්කඩුව නගරයෙන් පෙරහැරක් පිටත්වූයේය. හික්කඩුවේ සිට සීනිගම දේවාලය දක්වා මෙම පෙරහැර පැමිණෙමින් තිබුනේය.අලි ඇතුන් හා නැටුම් කණ්ඩායම් සහභාගී වී සිටි නමුත් මේ පෙරහැර වෙනත් පෙරහැරවලින් වෙනස් කමක් ගෙන තිබුනේය. සාමාන්‍ය පෙරහැරක දැකිය හැකි අංග අතරතට අලූත් විශේෂාංග එක්ව තිබුනේය.

සාමාන්‍ය පෙරහැරක ගමන්ගන්නා හස්තිරාජයා පිට ධාතු කරඩුවක් වඩම්මන නමුත් මෙම පෙරහැරේ ගමන්කළ හස්තිරාජයා පිට වූයේ ධාතු කරඩුවක් නොවේ.  වෙනත් පෙරහැරවල්වල ඇතා පිට නිලමේවරුන් ගමන්කරන නමුත් මේ පෙරහැරේ නිලමේවරුන් සිටියේ නැත. මේ වෙනුවට හස්තිරාජයා පිට ගමන්කළේ කුරුදු වගාකරුවෙකි. හස්තිරාජයා පිට ධාතු කරඩුවක් ගෙනයනවා වෙනුවට ගෙනගියේ කුරුදු මිටියකි. කත්වලින් කුරුදු රැුගත් කුරුදු වගාකරුව්න්ද පෙරහැරට එක්ව සිටියේය.

පෙරහැරකින් සීනිගම දේවාලය වෙත රැුගෙන ආ කුරුදු දෙවොල් දෙවියන් වෙනුවෙන් පූජා කිරීම සදහා දේව යාගයක්ද දේවාල භූමියේ පැවැත්වූනේය. ඒ සදහා දෙවියන් වෙනුවෙන් පහන් පැළක් ඉදිකර තිබූ අතර දේවාලයේ කපු මහතෙක් විසින් මල් පහන් පූජා කිරීමෙන් අනතුරුව කුරුදු වගාව ආරක්ෂා කර දෙන ලෙස දෙවියන්ගෙන් ඉල්ලා  සිටියේය. කුරුදු වගාකරුවන් එම දේවයාගයට සහභාගී වූයේ මහත් බැතියෙන් යුතුවය.

හික්කඩුවේ සිට සීනිගම දේවාලය දක්වා ගමන්කළ පෙරහැර වාර්ශිකව සංවිධානය වන නමුත් මේ පෙරහැරට වැඩි ඉතිහාසයක් නැත. පෙරහැර ආරම්භවීමට හේතුවී ඇත්තේ ලංකාවේ මුහුදුබඩ ප‍්‍රදේශවල ජනතාවගේ ජීවිත පමණක් නොව ආර්ථිකයද බිළිගත් සුනාමියයි. 2004 වසරේ පැමිණි සුනාමි දළ රළ පහරින් දකුණු පළාතේ කුරුදු වගාවට හානිසිදුවීමෙන් පසුව සීනිගම දේවාලයට පැමිණෙන කුරුදු පෙරහැර ආරම්භවී තිබේ.

‘‘සුනාමියෙන් විනාශවූ කුරුදු වගාව නැවත ආරම්භ කිරීමෙන් පසුව 2006 වසරේ සිට මෙම පෙරහැර පවත්වනවා.’’ සීනිගම දේවාලයේ කුරුදු පෙරහැර ආරම්භ කිරීමට මූලිකවී කටයුතු කළ අපනයන කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ සහකාර අධ්‍යක්ෂ ජානක ලිංතොට කීවේය.

‘‘2004 වසරේදී සුනාමියෙන් අපේ කුරුදු වගාවට හානි වුනා. නැවත ඒ වගාව ආරම්භ කිරීමෙන් පසුව එහි පළමු කොටස දෙවොල් දෙවියන් වෙනුවෙන් වෙන්කළා. දෙවියන්ට වෙන්කළ කොටස පූජා කිරීම සදහා නැවුම් කුරුදු මංගල්‍ය ආරම්භ කළා.’’ නැවුම් කුරුදු මංගල්‍යයට එක්ව සිටි කුරුදු වගාකරුවෙක් වන ගීතාල් විජේරත්න කීවේය.

මේ වසරේ නැවුම් කරුදු මංගල්‍ය සුනාමි පස්වන සැමරුම් දිනයේ පැවැත්වුන නමුත් එය සුනාමි සැමරුම් දිනයේදීම පවත්වන්නේ නැතැයි ලිංතොට සදහන් කළේය. ‘‘අවුරුද්දේ අවසාන සෙනසුරාදා දිනයේ තමයි දෙවොල් දෙවියන් වෙනුවෙන් පවත්වන නැවුම් කුරුදු මංගල්‍ය පවත්වන්නේ.’’

‘‘අපි හැම අවුරුද්දකම වගාවේ මුල් කොටස දෙවියන් වෙනුවෙන් වෙන් කරනවා. දෙවොල් දෙවියන්ට මුල්ම අස්වැන්න පූජාකිරීමෙන් අපි බලාපොරොත්තුවන්නේ කුරුදු වගාවට දෙවියන්ගේ අශිර්වාදය ලබාගැනීමයි. දෙවියන්ට අස්වැන්නේ මුල් කොටස පූජාකළ විට අපේ වගාවට ආරක්ෂාවක් ලැබෙතැයි අපි විශ්වාස කරනවා.’’ ඉමදුව ප‍්‍රදේශයේ කුරුදු වගාකරුවෙක් වන පේ‍්‍රමසිරි මායකඩුව කීවේය.

අවුරුද්දේ කුමක කාලයේ තමන්ගේ කුරුදු වගාවේ අස්වැන්න ලබාගත්තත් එහි මුල් කොටස දෙවොල් දෙවියන් වෙනුවෙන් වෙන් කිරීමට කිසි විටෙක අමතක නොකරන්නේයැයි කළුපේ එකමුතු රන් දෙරණ කුරුදු වගාකරුවන්ගේ සමිතියේ සභාපති බුද්ධදාස රණදේව කීවේය.

දකුණු පළාතේ පමණක් කුරුදු අක්කර දෙසීය පනහක් පමණ සුනාමියෙන් විනාශවී තිබුනේයැයි හෙතෙම පැවසුවේය. මේ නිසා පවුල් පන්සියයක් පමණ පීඩාවට පත්වූයේයැයිද ලිංතොට සදහන් කළේය. ‘‘සුනාමියෙන් කුරුදු වගාව විනාශවීම නිසා කුරුදු වගාකරුවන් මෙන්ම කුරුදු වගාව ආශී‍්‍රතව තම ජීවනෝපාය පවත්වාගෙන පුද්ගලයින්ට රැකියා අහිමිවීම නිසා ඔවුන් පීඩාවට පත්වුනා.’’ ලිංතොට කීවේය.

සුනාමියෙන් දකුණු පළාතේ කුරුදු වගාව විනාශවීම නිසා 2005 වසරේදී පමණක් රුපියල් මිලියන හතළිහක ආදායමක් රටට අහිමිවුනේයැයි ලිංතොට කීය.

සුනාමියෙන් විනාශවූ කුරුදු වගාව නැවත අරම්භ කිරීම සදහා ස්පාඤ්ඤ රතුකුරුස සමාජය හා ශ‍්‍රී ලංකා රතුකුරුස සමාජය සහාය දක්වා තිබුනේයැයි හෙතෙම කීවේය.

සුනාමියෙන් විනාශවූ දකුණ පළාතේ කුරුදු වගාව නැවත ආරම්භ කිරීම සදහා රුපියල් මිලියන හැත්තෑවක මුදලක් ලබාදුන්නේයැයි ශ‍්‍රී ලංකා රතුකුරුස සමාජයේ ජීවනෝපාය සංවර්ධන වැඩසටහනේ වැඩසටහන් නිලධාරී නිමල් සිල්වා කීවේය. මේ යටතේ කුරුදු ගොවීන් 387 දෙනෙකුගේ කුරුදු වගාව නැවත ආරම්භ කිරීමට හා හානිවූ වගාවන් නැවත ආරම්භ කිරීම සදහා ආධාර ලබාදුන් බවද හෙතෙම කීවේය.

සුනාමියෙන් විනාශවූ කුරුදු වගාකරුවන් නැවුම් කුරුදු මංගල්‍යයට මුලදී සහභාගී වූ නමුත් මේ වන විට දකුණු පළාතේම කුරුදු වගාකරුවන් මේ සදහා සහභාගී වෙයි. දකුණු පළාතේ කුරුදු වගාව ව්‍යාප්තව ඇති හික්කඩුව අම්බලන්ගොඩ වැනි මුහුදුබඩ ප‍්‍රදේශවල සිට මෙන්ම ඉමදුව වැනි මුදුහුබඩ ප‍්‍රදේශයෙන් ඇතුළට වන්නට පිහිටි ප‍්‍රදේශවල සිටින පුද්ගලයෝද මේවන විට සහභාගීවෙයි.

නැවුම් කුරුදු මංගල්‍ය පැවැත්වීම මගින් දේවාශීර්වාදය ලැබෙන ආකාරයටම ලංකාවේ කුරුදු වගාව පිළිබදව ලංකාවට පැමිණෙන සංචාරකයින්  දැනුවත් කිරිම හැකියාව ලැබී තිබන බවද ලිංතොට කීය. හික්කඩුව සංචාරක පුරවරයෙන් මෙම පෙරහැර ආරම්භ කරන්නේ ඒ නිසාවෙන් බවද ඔහු කීවේය.

‘‘ලංකාවේ කුරුදු ලෝකයේ හොදම තත්වයේ කුරුදු අතර නමක් දිනාගෙන තිබෙනවා. මේ නිසා හික්කඩුවේ මේ පෙරහැර ආරම්භ කිරීම මගින් සංචාරකයින්ට ලංකාවේ කුරුදු පිළිබදව දැනුවත් කිරීමට අවස්ථාවක් ලැබෙනවා.’’ ලිංතොට කීවේය.

නැවුම් කුරුදු මංගල්‍ය පැවැත්වීම මගින් දකුණු පළාතේ කුරුදු වගාකරුවන් අතර සුහදතාවය පවත්වාගැනීමට හැකියාව ලැබී තිබෙන බවද කුරුදු වගාකරුවෝ පවසති.

‘‘ගාදු දිසාව පුරා විහිදී සිටින කුරුදු වගාකරුවන් අතර එකමුතුකමක් ඇතිකිරීම සදහා මේ මංගල්‍ය හේතුවී තිබෙනවා.’’ විජේරත්න සදහන් කළේය.

ඉදිරියේදී නැවුම් කුරුදු මංගල්‍ය රාජ්‍ය උත්සවයක් බවට පත්කිරීමට කටයුතු කරන බවද නැවුම් කුරුදු මංගල්‍ය පැවැත්වෙන් අවස්ථාවේදී කුරුදු වගාකරුවන් අමතමින් අපනයන සංවර්ධන දෙපාර්තමේන්තුවේ සහකාර අධ්‍යක්ෂවරයා කීවේය.

Cinnamon growers organized a procession complete with elephants from Hikkaduwa to Seenigama on December 26 to offer prayers to the Gods. A cinnamon grower carried a bunch of cinnamon on an elephant to offer to the Gods at the Seenigama devala. The procession has been organized annually since 2006 after the 2004 tsunami that affected the lives and economy of the Southern people. At the ceremony cinnamon growers offer alms and call on the Gods to protect them and their crops till the next ceremony. However, the ceremony has also brought together cinnamon growers in many Southern areas.

  • Share/Bookmark

ජී එස් පී සහන කම්කරුවන් අතර බෙදී ගොස් නොමැත

November 13, 2009 by Editor  
Filed under Featured, Stories

GSP+ maim 1workers denied GSP+ benefits

අවුරුදු පහක ජී එස් පී ප්ලස් සහනට ඇඟළුම් සේවක සේවිකාවන් අතර බෙදී නොගිය බවටනොවැම්බර් 12 වන දින කොල්ලූපිටිය ජානකී හෝටලයේ පැවත් මාධ්‍ය සාකච්ඡාවකදී නිදහස් වෙළෙද කලාප පොදු සේවා  සේවක සංගමයේ ලේකම් ඇන්ටන් මාකස් පැවසීය.

ජී එස් පී ප්ලස් ක‍්‍රමය ක‍්‍රියාත්මක වූ අවධියේද කම්කරුවන් අතර එම ප‍්‍රතිලාභ ඉතා අවම වශයෙන් ගලා ගියහ. රැකියා අවස්ථා නිර්මාණය කෙරුණද එම රැකියාවන්හි ගුණාත්මක බවක් හෝ වැටුප් තලයේ ප‍්‍රමාණවත් බවක් දක්නට නොලැබුණ බව මාර්කස් පැවසීය.

‘‘මැති ඇමතිවරු කියනවා ඇගළුම් සිත‍්‍රීන් බලසම්පන්න කරන්න  ඕන කියලා. ඒත් මේ සහන අපේ රටේ කම්කරුවන් අතර බෙදී ගිහින් නැහැ.ඒකට හොඳම උදාහරණය තමයි කම්කරු දෙපාර්තුමේන්තුව 2008 වසරේ කළ සමීක්ෂණය.මේ සමීක්ෂණයෙන් හෙළි වෙලා තියෙනවා ඇගළුම් සේවයේ නියුතු කාන්තාවන්ගෙන් 66% පිරිස රක්තහීනතාවයෙන් පෙළෙන බව.එහෙනම් අපිට අහන්න තියෙන්නේ මේ සහන  නියම ආකාරයෙන් ලැබිලා තියෙනවද.’’ මාකස් පැවසීය.

තවද ඇගළුම් සේවිකාවන් දිනකට ආහාර වේල් දෙකක් පමණක් ලබා ගන්නා බවත් එයට හේතුව වී ඇත්තේ ප‍්‍රමාණවත් පරිදි ඔවුනට ගෙවීම් සිදු නොකරන බවයි. මාකස් පෙන්වා දෙනු ලබන්නේ.දුගී බව තුරන් කිරීම උදෙසා එකී රටවල් බදු බර දරමින් සංවර්ධනය වෙමින් පවතින රටවලට මෙම ජී එස් පී  ප්ලස් සහනය  ලබා දෙන බවයි මාකස් පවසන්නේ.

වසර 2008 වන විට ජී එස් පී ප්ලස් සහනය ඩෙලර් මිලියන 108 මුදලක් ලැබී තිබුණද මේ සහනය නිසි අයුරින් ඔවුන් වෙත නොලැබෙන්නට හේතුව කුමක් දැයි ඔවුන් තවමත් නොදනී.මහා පරිමාණයෙන් ඇගළුම් සේවිකාවන් පිළිබද කතා කරනා කිසිවෙකුට ඔවුන්ගේ යථාර්තය තේරුම් ගැනීමේ හැකියාව නොමැත.මක් නිසාද යත් ඔවුන්ගේ දහඩියෙන් තමන්ගේ බඩ වඩා ගන්නා පිරිසක් ලංකාවේ සිටිනා නිසාවෙන් බවයි මාකස් පවසන්නේ.

‘‘රජය වගේම රටේ පූජ්‍ය පක්ෂයත් කවදාවත් නැතිව බැරෑරුම් විදියට ඇගළුම් කම්කරුවන් ගැන මේ කාලයේ කතා වෙනවා.85% ස්තී‍්‍රන් ඉන්නේ කියලා කතා වෙනවා.වෙනදත් පරීක්ෂණ කරලා තමයි ජී එස් පී ප්ලස් දුන්නේ.කම්කරු අයිත්වාසිකම් ගැන කතා කරලා දුන්නේ.කොන්දේසී මාලා එක්ක දුන්නේ.සම්මුතීන් 27 මේ අය එ් වෙලාවේ පිළී ගත්තා.ඇයි දැන් පිළිගන්න බැහැ කියන්නනේ.’’ මාකස් පැවසීය.

ලංකාව තුළ කිසිම වගකිව යුත්තෙක් සහතිකයක් දෙන්න කැමති නැහැ කිසිම කෙනෙක් එක්ක මේ සහනය බෙදා ගන්නවා කියලා.ආණ්ඩුවටයි පුළුවන් මේ දේ ලබා ගන්න. මාකස් පැවසීය.

‘‘අපි මේ සහනය රඳව ගන්න යනවා නම් අපි කියන්නේ මේ සහනය රටේ ජනතාවට ලැබිය යුතුයි.ලංකාවේ කිසිම කෙනෙක් සහතිකයක් දෙන්න සූදානම් නැහැ මේ සහනය කම්කරුවන් එක්ක බෙදා ගන්න.’’ මාකස් පැවසීය.

ශ‍්‍රී ලංකාව ඇගළුම් ක්ෂේත‍්‍රය කෙරෙහි දැඩි ඉල්ලූමක් මෙන්ම රටවල අවශ්‍යතා උදෙසා සැපයුමක්ද ලබා දෙන රටකි.සේවකයින් 2 70000 පමණ පිරිසකට සෘජු රැකියා අවස්ථා ලබා දෙන මෙම රැකියා ක්ෂේත‍්‍රයේ 85% පිරිස ග‍්‍රාමීය පවුල් වලින් පැමිණ මුලික ආදායම් උපයන පිරිස වේ.මෙම ජී එස් පී ප්ලස් සහනය නිසි අයුරින් නොලැබුණ හොත් මෙම පිරිසෙන් කොටසකට හෝ රැකියා අතහැර යාමට සිදු වන බව ස්ටෑන්ඩ්අප් මුවුමන්ටි හි ලේකම්වරිය වන අශිලා මාපලගම පවසයි.

‘‘ මේ ප‍්‍රතිලාබ කම්කරුවන්ට ගලා යෑමේ ක‍්‍රමවේදයක් සැකසිය යුතුයි. එ්කෙ වගකීම ආණ්ඩුව සතුයි.මේ ඉන්න දෙලක්ෂ පනස් දහසකට අධික පිරිස විශාල බියකින් ඉන්නේ මොන වෙලාවේ ගෙදර යන්න වෙයිද කියලා.අපට රජය ක‍්‍රියා කරන ආකාරය අනුමත කරන්න බැහැ. කම්කරුවන්ට මෙයින් වෙන බලපෑම් වලින් මුදව ගන්න  රජය පෙනී සිටිය යුතුයි.අපි කම්කරුවන් පෙළ ගස්වනවා මේ සහනය ලබා ගැනීම සඳහා බලපෑම් කිරීමට.’’ මාපලගම පැවසීය.

Secretary to the Common Workers’ Association of the Free Trade Zone, Anton Marks said on November 12 that the apparel sector workers had not received any benefits of the GSP+ facility for the last five years. Marks highlighted the importance of formulating a mechanism where the benefits of the tax concession are divided among the apparel sector employees. About 85% of the apparel sector employees are rural youth. According to Marks, although employment opportunities were created in the sector due to the GSP+ facility, the quality and salaries were of poor standards. A study released by the Labour Department in 2008 had revealed that 66% of the apparel sector females suffered from iron deficiency due to the lack of nutritious food, Marks said. Achila Mapalagama, the chair of Stand-Up Initiative an FTZ based workers group said that plans should be formulated so that GSP + benefits reach the factory workers.

  • Share/Bookmark

2010 දී ආර්ථිකය ඉහළ යද්දී උද්ධමනයත් ඉහළට

November 12, 2009 by Editor  
Filed under Featured, Stories

Economy to grow at 6 % in 2010

ලබන වසර ඇතුළතදී සියයට හකින් ලංකාවේ ආර්ථිකය වර්ධනය වනු ඇති බවත් එහෙත් උද්ධමනය ඉහළ යා හැකි බවත් මහ බැංකුව ප‍්‍රකාශ කරයි.

මෙම වසර ඇතුළතදී මහ බැංකුව 3.5% ක ආර්ථික වර්ධන වේගයක් අපේක්ෂා කළ අතර ලබන වසර ඇතුළතදී මෙම වර්ධන වේගය වැඩිකරගැනීමට හැකියාව ලැබෙතැයි ලබන 2010 වසරේ ආර්ථික අපේක්ෂාවන් පිළිබදව වන වාර්තාවක් ඉදිරිපත් කරමින් මහ බැංකුව පැවසුවේය.

‘‘යහපත් කාලගුණික තත්වය හා උතුරු නැගෙනහිර යහපත් තත්වයන නිසා කෘෂිකාර්මික අංශයේ වර්ධනයක් අපේක්ෂා කරන අතර අලූතින් නිදහස ලැබූ උතුරු නැගෙනහිර ප‍්‍රදේශවල වෙළදපොල පුළුල්වීම නිසා හා ලෝක ආර්ථික තත්වය යථා තත්වයට පත්වීමත් සමග කර්මාන්ත අංශ වර්ධනය වනු ඇතැයි අපේක්ෂා කරනවා. සේවා හා බැංකු ක්ෂේත‍්‍රයේද වර්ධනයක් අපේක්ෂා කරනවා.’’ එම වාර්තාව සදහන් කරයි.

කෙසේ නමුත් ලෝක ආර්ථික අර්බුදය යථා තත්වයට පත්වීම නිසා ඛනිජ තෙල් ඇතුළු අනෙකුත් භාණ්ඩවල ජාත්‍යන්තර මිල ඉහළ යාම නිසා වර්තමානයේ පවතින අඩු උද්ධමන මට්ටම ඉහළයාමට හැකියැයි මහ බැංකුව සදහන් කරයි.

‘‘ලබන වසර ඇතුළතදී උද්ධමනය සියයට හතක් අටක් දක්වා ඉහළ යාමට හැකියි. නමුත් එය තනි ඉලක්කමක පවත්වාගැනීමට හැකි වෙතැයි අපි විශ්වාස කරනවා.’’ මහ බැංකුවේ ආර්ථික පර්යේෂණ අංශයේ අධ්‍යක්ෂ කේ.ඞී. රණසිිංහ පැවසුවේය.

පසුගිය මාස පහක කාලය තුළදී ආනනය 38%කින් පහළ යාම නිසා රජයට ලැබෙන බදු ආදායම අඩුවූ නමුත් ඉදිරි වසර තුළදී ආනයන යථා තත්වයට පත්වීමත් සමගින් රාජ්‍ය ආදායම ඉහළ යාහැකියැයිද හෙතෙම පැවසුවේය.

  • Share/Bookmark

වෙළද කලාපයේ රැකියා බිය

October 26, 2009 by Editor  
Filed under Featured, Stories

Anxiety mainAnxiety in the Free Trade Zone

කටුනායක නිදහස් වෙළද කලාපයේ ඇගළුම් කර්මාන්ත ශාලාවක සේවය කරන ස්වර්ණා මල්කාන්ති මේ දිනවල සිටින්නේ වෙනත් රැකියාවක් සොයා ගැනීමට සිදුවේද නැද්ද යන්න පිළිබදව වන දෙගිඩියාවෙන් යුතුවය. මල්කාන්ති මෙන්ම ලංකාවේ ඇගළුම් කර්මාන්තයට සම්බන්ධ රැකියාවන්හි නියුතු ලක්ෂ ගණනක් මේ වන විට සිටින්නේ තමන්ගේ රැකියාවේ හෙට දවස පිළිබදව අවිනිශ්චිත හැගීමෙන් යුතුවය.

උදේ හයට පමණ ඇගළුම් කර්මාන්ත ශාලාවට ගොස් ඉර බැස ගිය පසුව නැවත තමන්ගේ බොඩිම් කාමර වෙත පැමිණ කෑම වේල සකසාගන්නා මොවුන්ගේ ජීවත වෙනස්වීමේ අවදානමට මොවුන් මුහුණ දෙමින් සිටී. එකම ජීවන රටාවකට මුහුණදුන් මොවුන් දැන් තමන්ගේ ජීවිතය වෙනස් කර ගන්නේ කෙසේද යන්න පිළිබදව දෙගිඩියාවෙන් සිටී.

ලංකාව විසින් යුරෝපා සංගමය වෙත අපනයනය කරන භාණ්ඩ සදහා ලබාදී තිබූ ජී.එස්.පී. ප්ලස් සහනය දීර්ඝ කරන්නේද යන්න පිළිබදව අවසන් තීරණයක් ගෙන නොමැති නිසා මෙම සේවකයින් අතර මෙවැනි දෙගඩියාවක් ඇතිකර තිබේ.

තමන්ගේ රැකියා අහිමිවීම පිළිබද දෙගිඩියාවකින් පසුවන ඇගළුම් කර්මාන්තශාලා සේවකයින් බොහෝ දෙනකේ තමන්ගෙ රැකියා පිළිබදව අවදානමක් ඇති බව දන්නා අතර ජී.එස්.පී. ප්ලස් සහනය නොලැබී ගියහොත් තමන්ගේ රැකියා අවදානමට ලක්විය  හැකියැයි පවසයි. නමුත් ජී.එස්.පී. ප්ලස් සහනය යනු කුමක්දැයි ඔවුන්ගෙන් බොහෝ දෙනකේ දන්නේ නැත.

‘‘කෝටා ක‍්‍රමය අහිමිවීමෙන් පසුව ලංකාවට ලැබුණ සහනයක් තමයි ජී.එස්.පී. ප්ලස් කියන්නේ.’’ මල්කාන්ති පැවසුවාය.

ජී.එස්.පී. ප්ලස් යනු ලංකාවට ලැබෙන ණය මුදලක් වැනි දෙයක්යැයි නිදහස් වෙළද කලාපයේ ඇගළුම් කර්මාන්ත ශාලාවක ගබඩා පාලකයෙක් වශයෙන් සේවය කරන ලලිත් පුෂ්පකුමාර පැවසුවේය. ජී.එස්.පී. ප්ලස් පිළිබදව නිශ්චිත අදහසක් ප‍්‍රකාශ කළ නොහැකි නමුත් තමන් අසා ඇති ආකාරයට එය ලංකාවට ලැබෙන බදු සහනයක්යැයි ඔහු කීවේය.

ඉදිරියේදී ජී.එස්.පී. ප්ලස් සහනය නොලැබී ගියහොත් ඇතිවන බලපෑම පිළිබදව ඇතැම් සේවකයින් ටිකදෙනෙක් තමන්ගේ රැකියා ස්ථානය තුළ කතාබහ කරයි. එහෙත් බොහෝ දෙනා ඒ පිලිබදව කතා නොකරන බව පුශ්පකුමාර පැවසුවේය.

‘‘අපි උදේ හයට වැඩට ගිහින් රෑට අයිමත් බෝඩිමට එනවා. දවසම වැඩ කරනවා. මේ නිසා මේ ගැන(ජී.එස්.පී. ප්ලස් පිළිබදව)  කතා කරන්න වෙලාවක් නැහැ.’’ ඔහු සදහන් කළේය.

ඇගළුම් කර්මාන්ත ශාලාවල සේවය කරන බොහෝ දොනා ජී.එස්.පී. ප්ලස් සහනය පිළිබදව කිසිවක් දන්නේ නැතැයි මල්කාන්ති කීවාය. නොදැනුවත් කම නිසා බොහෝ දෙනෙක් ජී.එස්.පී. ප්ලස් පිළිබදව කතා නොකරන්නේයැයි ඇය කීවාය.

නිදහස් වෙළද කලාපයේ සේවය කරන බොහෝ දෙනාගේ ජීවිත තමන් සේවය කරන කර්මාන්ත ශාලාවටත් අඩි දහයයි අටේ බෝඩිම් කාමරයටත් සීමාවී තිබේ. ඔවුන්ට එයින් හැර වෙනත් දෙයක් ගැන සිතීමට පවා වේලාවක් නොමැත.

කටුනායක නිදහස් වෙළද කලාපයේ රැුකියාවක් සොයාගෙන නුවරඑළිය වලපනේ ප‍්‍රදේශයේ සිට මීට වසර දොළහකට පෙර කොළඹ පැමිණි පුශ්පකුමාරගේ පවුලේ හතරදෙනාම ජීවත්වන්නේ ඔහු ඇගළුම් කර්මාන්ත ශාලාවේ සේවය කිරීමෙන් උපයන ආදයමෙනි. ඉදිරියේදී තමන්ගේ රැකියාව නැතිවුනොත් පවුල නඩත්තු කිරීමට වෙනත් රැකියාවක් සොයාගැනීමේ අවදානමට පුශ්පකුමාර ගොදුරුවී සිටී.

‘‘රස්සා නැතිවීම ගැන අපිට ලොකු බයක් දැනෙනවා. දැන් මොකක්ද කරන්නේ කියලා හිතාගන්නත් අමාරුයි.’’ පුශ්පකුමාර පැවසුවේය.

‘‘ඇගළුම් කර්මාන්ත ශාලාවල සේවය කරන සේවකයින්ට රැුකියා අහිමිවුවහොත් ඔවුන්ට වෙනත් විකල්පයක් නැතිවෙනවා.’’ නිදහස් වෙළද කලාපයේ සේවයකින් සමග කටයුතු කරන සහන සංවිධානයක් වන ස්ටෑන්ඞ් අප් සංවිධානයේ අධ්‍යක්ෂිකා අශිලා මාපලගම පැවසුවාය.

‘‘මගේ අම්මා ගමේ ඉන්නේ. මගේ පඩියෙන් තමයි ඒ අයත් නඩත්තුකරන්නේ. හදිසියේවත් රස්සාව නැතිවුනොත් පවුලේ අයටත් ප‍්‍රශ්ණවලට මුහුණදෙන්න සිදුවෙනවා.’’ පුෂ්පකුමාර කීවේය. ඇගළුම් කර්මාන්ත ශාලාවේ රැකියාව අහිමි වී ගියහොත් නැවත ගමට ගොස් කුඹුරු වැඩ කිරීම ආරම්භ කිරීමට ඔහු සිතමින් සිටී.

රැකියා අහිමිවුවහොත් නැවත ගමට ගොස් ගොවිතැන් වැඩ ආරම්භ කිරීමට බොහෝ දෙනා සිතුවත් එය සිතන තරම් පහසු දෙයක් නොවන්නේයැයි අම්පාරේ සිට කටුනායක නිදහස් වෙළද කලාපයේ ඇගළුම් කර්මාන්ත ශාලාවක සේවයට පැමිණි අනූෂා කුසුම් රණවීර පැවසුවාය.

‘‘ගොවිතැන් කරන්න ගත්තත් වැසි නැතිවුනොත් ගොවිතැන් පාඩු වෙනවා. සත්තු ආවොත් ගොවිතැන් පාඩු වෙනවා.’’ ඇය කීවාය.

බොහෝ දෙනා නැවත ගමට ගොස් රැකියාවක් ආරම්භ කිරීමට සිතුවත් මල්කාන්තිගේ බලාපොරොත්තුව වන්නේ රැකියාවක් සොයාගෙන විදේශ ගතවීමය. එසේ නැතිනම් රූපලාවන්‍ය ආයතනයක් ආරම්භ කිරීමය.

‘‘මම කලින් රූපලාවන්‍ය පාඨමාලාවක් හදාරලා තියෙනවා. මේ නිසා රස්සාව නැතිවුනොත් මට රූපලාවන්‍ය ආයතනයක් ආරම්භ කරන්න පුළුවන් කම තියෙනවා.’’ ඇය පැවසුවාය.

තමන්ගේ රැකියාව අහිමිවුවොත් වෙනත් රැකියාවක් සොයා ගැනීම සදහා උපදේශයක් ගැනීමට අයෙක් නොමැතිවීමේ ගැටලූවටද මල්කාන්ති මුහුණ දී සිටී. ඇගේ දෙමාපියන් එතරම් උගත් සමාජය පිළිබද දැනුමක් ඇති අය නොවන බැවින් ඔවුන් සමග මේ පිළිබදව කතා කළ නොහැකියැයි ඇය කීවාය.

‘‘රස්සාව නැතිවෙනවා කියලා ගෙදරට කිව්වොත් තාත්තා කියන්නේ මේවා සේරම අතහැර දාලා ගමට එන්න කියලා.’’ මල්කාන්ති කීවාය.

ආර්ථික වශයෙන් ශක්තිමත් වීම සදහා රැකියා සොයාගෙන වෙළද කලාපයට පැමිණි තමන්ට රැකියා අහිමිවීම ගැටලූවක් බව ඇය පැවසුවාය. තමන්ගේ දෙමාපියන් පවසන පරිදි නැවත ගමට යාම ගැටලූවක් බව ඇය පැවසුවාය.

වෙළද කලාපයේ රැකියාවක් ලැබීමත් සමගින් පවුලට බරක් නොවී ආර්ථික වශයෙන් ශක්තියක් ලබාදුන් ළමුන්ට රැකියා අහිමිවුවහොත් එය පවුලේ ආර්ථීකයට බලපෑ හැකියැයි මාපලගම කීවාය. රැකියා අහිමිවීම තුළ පවුලට ලැබන ආදායම අහිමවීම ඔවුන්ට බරපතල ලෙස දැනෙනු ඇතැයි ඇය කීවාය. රැකියා අහිමිවී නැවත ඔවුන් ගමට ගියහොත් පවුලේ යැපෙන්නන්ගේ සංඛ්‍යාව ඉහළ යාම පවුලට දැනෙන ආකාරයේ ගැටලූවක් වනු ඇතැයි ඇය විශ්වාස කරයි.

‘‘මේ දුප්පත් ළමයින්ගේ අම්මලා තත්තලාට තවත් බත් පිගානක් වැඩි කරන්න වෙනවා කියන එක ප‍්‍රශ්ණයක්.’’ මාපලගම කීවාය.

ඇගළුම් කර්මාන්ත ශාලාවල සේවය කරන සේවයකයින්ට නොයෙකුත් සේවා සැපයීම සිය ජීවනෝපාය කරගත් බොහෝ දෙනා මේ ප‍්‍රදේශයේ වෙති. ඇගළුම් කර්මානත්යේ රැකියා අහිමිවී ගියහොත් එය මොවුන්ටද බලපාන්නේය.

‘‘බෝඩිම් කාමර කාමර කුලීයට දෙන අයගේ සිට ත‍්‍රීවිල් රථ රියදුරා දක්වා වන අයට ලොකු බලපෑමක් එල්ල කරනවා. ඇගළුම් කර්මාන්තයේ රැකියා අහිමිවීම  නිසා වක‍්‍ර ලෙස ඇගළුම් කර්මාන්තයට සම්බන්ධ අයට බලපානවා.’’ මාපලගම පැවසුවාය.

‘‘අපිට ගමට ගියොත් මොනවා හරි කරලා ජීවත් වෙන්න පුළුවන්. ඒත් බෝඩින් කාමර ලබාදෙන අය වගේ මේ පැත්තේ ඉන්න අයට ජීවත් වෙන්න විදියක් නැති වෙනවා.’’ රණවීර කීවාය.

ජී.එස්.පී. ප්ලස් සහනය නොලැබී ගියහොත් තමන්ගේ රැකියා අහිමිවෙතැයි බියෙන් සිටින පුශ්පකුමාර බලාසිටින්නේ මොන අවස්ථාවේදී එම සහනය ලංකාවට ලැබේද යන්න පිළිබදවය. මේ නිසා ජී.එස්.පී. ප්ලස් සහනය කෙසේ හෝ ලබාගත යුතුයැයි ඔහු විශ්වාස කරයි.

‘‘අපේ රස්සා ටික රැකගන්න ජී.එස්.පී. ප්ලස් සහනය කෙසේ හෝ ලබාගත යුතුයි කියලා හිතනවා.’’ පුශ්පකුමාර කීවේය.

  • Share/Bookmark

යුරෝපයට ඇගළුම් අපනයන වැඩිවුනේ ජී.එස්.පී. සහනය නිසා – ලෝක බැංකුව

October 22, 2009 by Editor  
Filed under Featured, Stories

GSP Plus helped export growth – World Bank

යුරෝපා සංගමය වෙත අපනයනය කරන අපනයනය කරන ඇගළුම් ප‍්‍රමාණය ඉහළ යාමට හේතුව වී ඇත්තේ ජී.එස්.පී. ප්ලස් සහනය වන බව ලෝක බැංකුව පවසයි.

2008 වසරේදී ලංකාව විසින් වැඩිම ඇගළුම් ප‍්‍රමාණයක් අපනයන කර ඇත්තේ යුරෝපා සංගමයට වන අතර මේ තත්වයට පත්වීමට ලංකාවට හැකියාව ලැබුනේ ජී.එස්.පී. ප්ලස් සහනය වන නිසාවෙන් බව සැප්තැම්බර් මාසයේ ලංකාවේ ආර්ථික වර්ධනය පිළිබදව වාර්තාව ඉදිරිපත් කරමින් ලෝක බැංකුව පැවසුවේය.

2008 වසර වන තෙක් ලංකාව වැඩිම ඇගළුම් ප‍්‍රමාණයක් අපනයනය කළේ ඇමරිකාවටය. එහෙත් යුරෝපා සංගමය විසින් ජී.එස්.පී. ප්ලස් සහනය ලබාදීමත් සමගින් ඇමරිකාවට අපනයනය කරන ලද ඇගළුම් ප‍්‍රමාණය ඉක්මවායන ඇගළුම් ප‍්‍රමාණයක් යුරෝපා සංගමය වෙත අපනයනය කිරීමට ලංකාවට හැකියාව ලැබුනේයැයි ලෝක බැංකු වාර්තාව සදහන් කරයි.

ජී.එස්.පී. ප්ලස් සහනය ලැබීමත් සමගින් අපනයන යුරෝපය වෙත යවන අපනයන වල වර්ධනයක් සිදුව ඇතැයි ඒකාබද්ධ ඇගළුම් සංගම් සම්මේලනයේ විශේෂ උපදේශක කේ.ජේ. වීරසිංහ පැවසුවේය.

මේ වන විට ලංකාව ඇමරිකානු ඩොලර් මිලියන 3.6 ක් වටිනා ඇගළුම් ප‍්‍රමාණයක් අපනයන කරන අතර මෙයින් ඇමරිකානු ඩොලර් බිලියන 1.6 ක ප‍්‍රමාණයක් අපනයනය කරන්නේ යුරෝපා සංගමය වෙතය.

‘‘ජී.එස්.පී. ප්ලස් සහනය සමගින් ලංකාව විසින් යුරෝපය වෙත අපනයනය කරන ඇගළුම් ප‍්‍රමාණය වැඩිවී තිබෙන බව පැහැදිළියි.’’ වීරසිංහ සදහන් කළේය.

යුරෝපා සංගමය විසින් ලබාදී තිබූ ජී.එස්.පී. ප්ලස් සහනය ඇගළුම් කර්මාන්තයට පමණක් නොව ධීවර නිශ්පාදන අපනයනය වැනි ක්ෂේත‍්‍ර කෙරෙහි බලපා තිබුණ බවද හෙතෙම කීවේය.

ලෝක ආර්ථික අර්බුදය භාණ්ඩ අපනයන පහළ වැටුනද ලෝක ආර්ථික අර්බුදය ආරම්භ වූ කාලසීමාවේදී ලංකාවේ ඇගළුම් අපනයන වර්ධනය කරගැනීමට ලංකාව සමත්ව තිබූ බවද ලෝක බැංකුව පැවසුවේය.

‘‘ලෝක ආර්ථික අර්බුදය ආරම්භ වූ මුල් කාර්තු දෙකේදී ලංකාවට ඇගළුම් අපනයන වර්ධනය කරගෙන තිබෙනවා.’’ ලෝක බැංකුව කිවේය.

2008 වසරේ දෙසැම්බර් මාසයේදී අපනයන කරුවන්ට ලබාදුන් නොයෙකුත් උත්තේජන හා අළෙවිකරණ වැඩසටහන් නිසා එම කාලසීමාව තුළ ලංකාවේ ඇගළුම් අපනයන වර්ධනය වී තිබුනේය. නමුත් මෙහි බලපෑම 2009 වසරේ මුල් කාර්තුවේදී බලපා තිබුනේය. එම කාර්තුව තුළදී ලංකාවේ ඇගළුම් අපනයන සියයට නමයි දශම දෙකකින් පහළ බැස තිබුනේය.

‘‘නමුත් ඇගළුම් ක්ෂේත‍්‍රයේ මූලාශ‍්‍රවලට අනුව මේ වසරේ දෙවැනි කාර්තුවේ තත්වය යහපත් අතට පත්ව තිබෙනවා.’’ ලෝක බැංකුව පැවසුවේය.

යුරෝපා සංගමය විසින් ලබාදී තිබෙන ජී.එස්.පී. ප්ලස් සහනය නැවත වරක් දීර්ඝ කරන්නේද යන්න පිළිබදව මෙතෙක් ස්ථිර තීරණයක් ගෙන නොමැති අතර දෙසැම්බර් මාසයේදී නිල වශයෙන් මෙම සහනය දීර්ඝ කිරීමට කටයුතු කරන්නේද යන්න යුරෝපා සංගමය විසින් ප‍්‍රකාශයට පත්කරනු ඇතැයිද ලෝක බැංකුව සදහන් කරයි. කර්මාන්තවල තත්වය මෙන්ම සමස්ත දේශපාලනික හා වෙනත් කාරණා පිළිබදව අවධානය යොමුකිරීමෙන් පසුව මේ තීරණය ගැනීමට නියමිතය.

‘‘ලෝක ආර්ථික අර්බුදය හමුවේ හා ජී.එස්.පී. සහනය නොලැබෙන තත්වයක් හමුවේ ආයෝජකයින්ට ස්ථාවරව සිටීම ගැටලූකාරී විය හැකියි.’’ ලෝක බැංකුව කීවේය.

The World Bank states that the country’s apparel exports to the EU had increased due to the GSP Plus facility. The Bank’s report on the country’s Economic Development states that Sri Lanka has exported most of its apparels to the EU in 2008. Of the US$ 3.6 billion apparel exports, US$ 1.6 billion worth apparels are exported to the EU. The Bank further sates that investors would be placed in a difficult situation if the country was to lose the GSP Plus facility in the face of global recession.

  • Share/Bookmark

ජී.එස්.පී. ප්ලස් අහිමිවීම ගැටලූවක් නොවේ – මහ බැංකුව

October 21, 2009 by Editor  
Filed under Featured, Stories

590 px 1GSP Plus loss can be weathered – Central Bank

ලංකාවෙන් යුරෝපා සංගමයට අපනයනය කරන භාණ්ඩ සදහා ලබාදෙන ජී.එස්.පී. ප්ලස් සහනය ඉවත් කළත් ලංකාවේ අපනයන සදහා විශාල බලපෑමක් සිදු නොවන්නේයැයි මහ බැංකුව ප‍්‍රකාශ කරයි.

පසුගිය වසරේදී ලංකාව විසින් යූරෝ බිලියන 1.2 ක් වටිනා භාණ්ඩ යුරෝපා සංගමය වෙත අපනයනය කර තිබූ අතර මේ අනුව යූරෝ මිලියන 78ක සහනයක් ලංකාවට හිමිවූයේයැයි ජී.එස්.පී. ප්ලස් සහනය නැවත දීර්ඝ කරන්නේද යන්න පිළිබදව පැවැත්වූ පරීක්ෂණ වාර්තාව ඉදිරිපත් කරමින් යුරෝපා සංගමය කීවේය.

‘‘ජී.එස්.පී. සහනය යටතේ ලැබුණු යුරෝ මිලියන 78 ක ප‍්‍රමාණය අපනයන වලින්  සියයට එකයි දශම හතරක ප‍්‍රමාණයකුයි අත්කරගෙන තිබෙන්නේ.’’ මහ බැංකුව කීවේය.

ජී.එස්.පී. ප්ලස් සහනය ලංකාවට නැවත වරක් නොලැබී ගියත් එයින් වැඩිවන්නේ අපනයන බදුවලින් සියයට හයත් හතත් අතර ප‍්‍රමාණයක් වන බැවින් එයින් ලංකාවට විශාල බලපෑමක් එල්ල නොවන බව මහ බැංකුව පෙන්වා දෙයි.

‘‘ලංකාවට ලබාදී ඇති ජී.එස්.පී. ප්ලස් සහනය දීර්ඝ කරන්නේද යන්න පිළිබදව තීරණයක් ගැනීමට සිදුව තිබෙනවා.’’ ජී.එස්.පී. ප්ලස් සහනය දීර්ඝ කරන්නේද යන්න පිළිබදව වන වාර්තාව ඉදිරිපත් කරමින් යුරෝපා සංගමයේ ආර්ථික කටයුතු පිළිබද ප‍්‍රකාශක ලූට්ස් ගූල්නගර් කීවේය.

එහෙත් ලෝක ආර්ථික අර්බුදයක් පවතින අවස්ථාවක ජී.එස්.පී. ප්ලස් සහනය අහිමි වීමෙන් ලංකාවට බලපෑමක් ඇතිවිය හැකියැයි කොළඹ විශ්ව විද්‍යාලයේ ආර්ථික විද්‍යා අංශයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය ආචාර්ය සිරිමල් අබේරත්න පැවසුවේය. ජී.එස්.පී. ප්ලස් සහනය යටතේ ලංකාව යුරෝපා සංගමයට අපනයන කරන ලද භාණ්ඩ අතර ඇගළුම් ඉහළ ප‍්‍රමාණයක් වූ අතර මෙම සහනය නොලැබී ගියහොත් ඇගළුම් කර්මාන්තයට බලපෑම් එල්ලවිය හැකියැයි හෙතෙම කීවේය.

‘‘මේ අවස්ථාවේ ජී.එස්.පී. ප්ලස් සහනය නැති කිරීම ගැටලූවක්.’’ අබේරත්න කීවේය.

‘‘තරගකාරීත්වයක් ඇති විශාල පරිමානයේ කර්මාන්තවලට ජී.එස්.පී. ප්ලස් සහනය නොලැබීමෙන් විශාල ගැටලූ ඇතිවන්නේ නැහැ. එහෙත් කාර්යක්ෂමතාවයෙන් අඩු, තරගකාරීත්වයෙන් අඩු, අකාර්යක්ෂම කර්මාන්තවල ලාභ ප‍්‍රමාණය අඩු වීමට මෙය හේතු විය හැකියි.’’ ආචාර්ය අබේරත්න පැවසුවේය.

ජී.එස්.පී. ප්ලස් සහනය යටතේ යුරෝපා සංගමයට අපනයනය කරන භාණ්ඩ අතරින් වැඩියෙන්ම පවතින්නේ ඇගළුම්ය. මෙම සහනය නොලැබීමත් සමගින් වැඩිම බලපෑමක් එල්ල වන්නේ ඇගළුම් කර්මාන්තයට වන බව ආචාර්ය අබේරත්න කීය.

මේ අවස්ථාවේදී ජී.එස්.පී. ප්ලස් සහනය නොලැබී ගියහොත් රැකියා අහිමිවීමේ අවදානමක් පවතින බව හෙතෙම පෙන්වා දුන්නේය. මේ වන විට ඇගළුම් කර්මාන්ත ශාලා වැසීගෙන  යන තත්වයක් පවතින බැවින් මෙම සහනය නොලැබී යාමත් සමගින් රැකියා පිළිබදව වන ගැටලුව තවත් බරපතල විය හැකි යැයි ආචාර්ය අබේරත්න පවසයි.

මේ වන විට රුපියල ජාත්‍යන්තර මුදල් සමග තරගකාරී තත්වයක පවතින බැවින් ජී.එස්.පී. පලස් සහනය අහිමිවූවත් ලංකාවට වන බලපෑම අඩුවිය හැකියැයි මහ බැංකුව පෙන්වාදෙයි.  රුපියල තවදුරටත් අවප‍්‍රමාණ වුවහොත් ජී.එස්.පී. ප්ලස් සහනය නොලැබීමෙන් වන බලපෑම තවත් අඩු විය හැකියැයි මහ බැංකුව පවසයි.

‘‘මේ වන විට රුපියල ස්ථාවර තත්වයක පවතින්නේ. රුපියල අවප‍්‍රමාණ වීමෙන් ජී.එස්.පී. ප්ලස් සහනය නොලැබීමෙන් වන බලපෑම අඩුවන රුපියල අවප‍්‍රමාණ වීම වෙනත් ආර්ථික කාරණා සම්බන්ධයෙන් යහපත් ආකාරයෙන් බලපාන්නේ නැහැ. රුපියල අවප‍්‍රමාණ වුවහොත් තෙල් වැනි අත්‍යවශ්‍ය ආනයන භාණ්ඩ මිල ඉහළ යාමට හැකියි.’’ ආචාර්ය අබේරත්න කීවේය.

ජී.එස්.පී. ප්ලස් සහනය තවදුරටත් ලංකාවට හිමිවිය යුතුයැයි ආචාර්ය අබේරත්න පවසයි. තවත් වරක් මෙම සහනය දිර්ඝ කර එම සහනය අවසන්වන කාල සීමාවක් පිළිබදව පූර්ව දැනුම්දීමක් කළ යුතුව ඇතැයි හෙතෙම පැවසුවේය. එසේ ජී.එස්.පී. ප්ලස් සහනය අවසන්වන කාලසීමාවක් පිළිබදව කලින් දැනගැනීමට හැකියාව ලැබෙන්නේනම් ඒ සදහා කර්මාන්තවලට සූදානම් වීමේ හැකියාවක් පවතින්නේ යැයි ඔහු කීය.

‘‘සහනාධාර කියන්නේ තාවකාලික දෙයක්. ලංකාවේ ඒක පුද්ගල ආදායම වැඩි වන විට ලැබෙන සහනාධාර ක‍්‍රමයෙන් අඩු වෙනවා.’’ මේ වන විට ලංකාව දුප්පත් ගනයේම රටක් ලෙසින් නොසැලකෙන බැවින් ලැබෙන සහනාධාර එකින් එක අඩුවෙමින් පවතින බව පවස ආචාර්ය අබේරත්න සදහන් කළේය.

විදේශ රටවලට භාණ්ඩ අපනයනය කිරීමේදී ලබාදෙන ජී.එස්.පී. ප්ලස් සහනය වැනි තීරු බදු සහනවලින් ලංකාව නිසි ප‍්‍රයෝජන නොගන්නා බවද ආචාර්ය අබේරත්න පැවසුවේය. තීරුබදු රහිතව භාණ්ඩ තුන්දහසක් අපනයනය කිරීමට ඇමරිකාව අවස්ථාව ලබාදී ඇතත් මේ වන විට ලංකාව අපනය කරන්නේ එයින් භාණ්ඩ තුන්සියකට ආසන්න සංඛ්‍යාවක් වන බව ඔහු කීය.

‘‘විදේශ රටවල් අපට ලබාදෙන සහනාධාර නිසි පරිදි යොදාගත යුතුයි.’’ ආචාර්ය අබේරත්න පැවසුවේය.

The Central Bank of Sri Lanka says the country would not be badly affected if the EU decides to withdraw the GSP+ facility from Sri Lanka. The Bank states that the 78 million Euro concessions received by the country’s export sector through the GSP+ facility amounted only to 1.4% of Sri Lanka’s total exports. The EU is yet to make a final decision on extending the GSP+ facility to Sri Lanka. However, Senior Lecturer, Economics Division of the Colombo University, Prof. Sirimal Abeyratne says that losing the GSP+ facility during a global recession would be problematic to Sri Lanka.

  • Share/Bookmark

2008 වසරේදී ජී.එස්.පී. ප්ලස් වාසිය යූරෝ මිලියන 78

October 20, 2009 by Editor  
Filed under Featured, Stories

2008 GSP + benifit worth 78 million Euros – EU

යුරෝපා සංගමයේ රටවල්වලට යවන අපනයන සදහා ලබාදී තිබූ ජී.එස්.පී. ප්ලස් සහනය නිසා ලංකාවෙන් අපනයනය කරන ලද භාණ්ඩ සදහා 2008 වසරේදී යූරෝ මිලියන 78 ක සහනයක් හිමිව තිබුනේයැයි යුරෝපා සංගමය පවසයි.

ජී.එස්.පී. සහනය යටතේ ලංකාව විසින් 2008 වසරේදී යූරෝ බිලියන 1.4 ක භාණ්ඩ තොගයක් යුරෝපා සංගමය වෙත අපනයනය කර තිබූ අතර ජී.එස්.පී. සහනය නොතිබුනේනම් යූරෝ මිලියන 78 ක මුදල ලංකාවට ගෙවීමට සිදුවනු ඇතැයි යුරෝපා සංගමය සදහන් කළේය.

2005 වසරේ සිට ලංකාවෙන් අපනයනය කරන භාණ්ඩ සදහා බදු සහනයක් වශයෙන් ජී.එස්.පී. ප්ලස් සහනය ලංකාවට ලබාදුන්නේය. එම සහනය දීර්ඝ කිරීම පිළිබදව ෂලකා බැලීම සදහා යුරෝපා සංගමය කටයුතු කළ අතර මේ පිළිබදව වන වාර්තාවක් යුරෝපා සංගමය විසින් ඔක්තෝම්බර් 10 වැනි සදුදා ඉදිරිපත් කළේය.

ලංකාවට ලබාදෙන ජී.එස්.පී. ප්ලස් සහනය දීර්ඝ කිරීමට තමන් බලාපොරොත්තුවන සුදුසුකම් මෙතෙක් ලංකාව විසින් සපුරා නැතැයිද මෙම වාර්තාව ඉදිරිපත් කරමින් යුරෝපා සංගමයේ ආර්ථික කටයුතු පිළිබද ප‍්‍රකාශක ලූට්ස් ගූල්නර් පැවසුවේය.

‘‘ලංකාවට ලබාදී ඇති ජී.එස්.පී. සහනය තාවකාලිකව නැවැත්වීමට සිදුවේදැයි යන්න පිළිබදව යුරෝපා සංගමය අවධානය යොමුකරමින් සිටිනවා.’’ යුරෝපා සංගමයේ ආර්ථික කටයුතු පිළිබද ප‍්‍රකාශකයා පැවසුවේය.

ජී.එස්.පී. ප්ලස් බදු සහනය නැවත දීර්ඝ කිරීම සදහා ලංකාවේ මානව හිමිකම් තත්වය පිළිබදව යුරෝපා සංගමය අවධානය යොමුකර තිබුනේය.

‘‘යුරෝපා සංගමය විසින් ලබාදෙන වෙළද ප‍්‍රතිලාබ වලට අමතරව ජී.එස්.පී. ප්ලස් සහනය ලබාගැනීමත් සමග ජාත්‍යන්තර මානව හිමිකම් තත්වය ආරක්ෂා කරගැනීම සදහා ලංකාව බැදී සිටිනවා.’’ යුරෝපා සංගමයේ වෙළද කටයුතු පිලිබද ප‍්‍රකාශකයා කීවේය.

මේ වන විට ලංකාවේ මානව හිමිකම් තත්වය දඩ මීමා බවට පත්කරගෙන ඇතැයි පේරාදෙනිය විශ්ව විද්‍යාලයේ ආර්ථික විද්‍යා අංශයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය ආචාර්ය මාලක රණතිලක පැවසුවේය. සහනාධාර ලබාදීමේදී මානව හිමිකම් ආරක්ෂා කළ යුතුයි කියා හෝ වෙනත් කිසියම් කොන්දේසියන් පනවන්නේ නැතැයි ආචාර්ය රණතිලක කීවේය.

‘‘මෙතැන කිසිම ආර්ථික කතාවක් නැහැ. දේශපාලනික කතාවක් තිබෙන්නේ.’’ දේශපාලනික වශයෙන් බලපෑම් ඇතිකිරීමට ජී.එස්.පී. ප්ලස් සහනය යොදාගෙන ඇතැයි පවසන ආචාර්ය රණතිලක පැවසුවේය.

ජී.එස්.පී. ප්ලස් සහනය සුනාමියෙන් පසුව ලංකාවට ලබාදුන් තාවකාලික සහනාධාරයක් වන බවත් දිගින් දිගටම සදනාධාර බලාපොරොත්තු විය නොහැකි බවත් ආචාර්යවරයා පැවසුවේය.

‘‘ජීවිත කාලයේම සහනාධාර මත යැපීමට හැකියාවක් නැහැ. රටක් ආර්ථික වශයෙන් සංවර්ධනය වන විට වෙනත් රටවල් විසින් ලබාදී ඇති සහනාධාර ඉවත් කරනවා. රටක් ආර්ථීක වශයෙන් සංවර්ධනය වන විට සහනාධාර වලින් ඉවත් විය යුතුයි. ’’ රණතිලක කීවේය.

‘‘සහනාධාර ලබාගෙන සහනාධාර මත යැපිය යුතුය යන මානසිකත්වය ඇතිවූ පසුව අපි(ලංකාව) එම මානසිකත්වයේ තබාගෙන නොයෙකුත් කොන්දේසි ඉදිරිපත් කරනවා.’’ හෙතෙම සදහන් කළේය.

ජී.එස්.පී. ප්ලස් සහනාධාරය යනු ඒක පාර්ශවික ගෙවීමක් වන බැවින් එම සහනාධාරය ලබාදෙන රටේ අවශ්‍යතාවයන් අනුව සහනාධාරය ලබාදෙන්නේද යන්න තීරණය වන බව ඔහු කීවේය.

‘‘සියලුම දේවල් කැපකරලා ජී.එස්.පී. ප්ලස් සහනාධාරය ලබාගත යුතුයැයි කියලා කියන්න බැහැ.’’ ආචාර්ය රණතිලක කීවේය.

මෙම සහනාධාරය නොමැති කාල වකවානුවේ පවා ලංකාව කිසිදු ගැටලූවකින් තොරව යුරෝපා සංගමයට අපනයන සිදුකළේයැයි ඔහු පෙන්වා දෙයි.

සහනාධාර මත යැපීම වෙනුවට ස්වාධීන රටක් ලෙස ආර්ථික ශක්තියක් ඇතිකරගැනීම වැදගත්යැයි ආචාර්ය රණතිලක පෙන්වාදෙයි. මේ සදහා සහනාධාර බලාපොරොත්තු නොවී වෙනත් කර්මාන්ත සමග තරග කිරීමේ හැකියාව ලංකාවේ කර්මාන්ත ලබාගත යුතුව ඇතැයිද තරගකාරී නිශ්පාදන රටාවකට අවතීර්ණ විය යුතු බවද හෙතෙම පෙන්වාදෙයි.

‘‘මේ සදහා කර්මාන්තවල පිරිවැය අවම කරගත යුතුයි.’’ ආචාර්ය රණතිලක පැවසුවේය.

ජී.එස්.පී. ප්ලස් සහනාධාරය ලබාදීම තාවකාලිකව අත්හිටුවන්නේද යන්න පිළිබදව තීරණය කිරීමට සිය සංගමයේ සාමාජිකයින් සමග සාකච්ඡුා කරමින් සිටින බවද යුරෝපා සංගමය පවසයි. ඊට අදාල කොන්දේසි පිළිබදව ලංකාව සමග සාකච්ඡා කිරීමටද යුරෝපා සංගමය බලාපොරොත්තුවෙන් සිටී.

‘‘මෙම වාර්තාව මගින් හදුනාගෙන ඇති ලංකාවේ ඇති මානව හිමිකම් ගැටලු පිළිබදව හා ඒවාට විසදුම් ලබාදීම පිළිබදව ලංකාව සමග දිගින් දිගටම සාකච්ඡා කරමින් සිටිනවා.’’ යුරෝපා සංගමයේ වෙළද කටයුතු පිළිබද ප‍්‍රකාශකයා කීවේය.

මෙම වාර්තාව පිළිබදව ශ‍්‍රී ලංකා රජයේ ප‍්‍රතිචාරයන්ද යුරෝපා සංගමය බලාපොරොත්තු වෙයි. මේ පිළිබදව වන වාර්තාවන් නොවැම්බර් මස 6 වැනිදාට පෙර ලබාදෙන ලෙස යුරෝපා සංගමය තමන්ට දැනුම් දී ඇතැයි නිවේදනයක් නිකුත්කරමින් විදේශ කටයුතු අමාත්‍යාංශය පැවසුවේය.

‘‘යුරෝපා සංගමය විසින් ඉදිරිපත් කර තිබෙන වාර්තාව හොදින් අධ්‍යයනය කරනවා.’’ විදේශ කටයුතු අමාත්‍යාංශය කීවේය.

2004 වසරේ දෙසැම්බර් මාසයේදී ලංකාවට පැමිණි සුනාමියෙන් පසුව යුරෝපා සංගමය වෙත අපනයනය කරන භාණ්ඩ සදහා බදු සහනයක් වශයෙන් ජී.එස්.පී. ප්ලස් සහනය ලංකාවට ලබාදුන්නේය. එම සහනය දීර්ඝ කිරීම සදහා ලංකාවේ මානව හිමිකම් තත්වය පිළිබදව යුරෝපා සංගමය සිය අවධානය යොමු කරමින් ඒ පිළිබදව වන විමර්ශණයක් පසුගිය වසවරේ ඔක්තෝම්බර් මාසයේදී ආරම්භ කළේය.

The GSP+ trade concession offered to Sri Lanka by the EU had given the country a benefit of 78 million Euros in 2008. The European Commission says that while Sri Lanka had exported goods amounting to 1.4 billion Euros to the EU, the country would have had to spend an additional 78 million Euros had the GSP+ facility was not available. Spokesperson of Economic Affairs at the European Commission says the EU is still inquiring whether the facility could be extended to Sri Lanka for a further period given that the country has not complied with the stipulated regulations, especially on human rights. The GSP+ facility was extended to the country as a temporary concession by the EU after the 2004 tsunami. The EU is currently inquiring if Sri Lanka has met with the required human rights requirements to extend the facility for a further period.

  • Share/Bookmark

අපිත් වේලෙනවා වැල්ලත් වේලෙනවා

October 7, 2009 by Editor  
Filed under Featured, Stories

FishermanFishermen’s woes in the East

නැගෙනහිර වෙරළට හිරු පායා ආවේ මන්දගාමීවය. උදෑසන වෙරළේ දක්නට ලැබෙන කාර්යබහුල බව වෙනුවට වෙරළ පාළුවට ගොසිනි. වෙරළේ තැනින් තැන පිහිටි වාඩි වල ඈදී ගත් ධීවරයන්ගේ මුහුණු විඩාබර වී ඇති සේය. අප පැමිණ සිටියේ මඩකලපුව තිරිචෙන්දු මුහුදු වෙරළටය. වේලාව උදෑසන හය පසුවී මිනිත්තු කිහිපයක් ගතවී තිබුණි.

එක්වරම දියඹෙ ඈතින් දිස් වූ බෝට්ටුවක් දුටු වෙරෙළේ සිටි කිහිප දෙනෙක් නැගී සිටියේය. කෙමෙන් වෙරළට ලගා වූ බෝට්ටුව ගොඩට ඇදීමට ඔවුහු වෙහෙසුණහ. ඒ කළින් දා රාති‍්‍රයේ මාළු ඇල්ලීමට මුහුදු ගිය ධීවරයෙකුගේ බෝට්ටුවකි. ගී ගයමින් බෝට්ටුව මෙගොඩට ගත්තද ඔවුන්ගේ මුහුණු වල වූයේ බලාපොරොත්තු කඩ වූ පෙනුමකි.

‘‘ එව්වලවු කීයද…’’ වෙරළේ සිටියෙක් ඇසුවේය.

‘‘ ආරු කිලෝ… කිලෝ හයක් විතර ’’ බෝට්ටුවේ සිටි ධීවරයා පැවසුවේය. ඔහුගේ පෙනුම දුක් මුසුය. රැුයක් නිදි වරා මුහුදේ සිටි ඔහුගේ මා`ථ දැලට අසු වී තිබුණේ මාළු කිලෝ පහක් පමණි. එය කිසිසේත් ප‍්‍රමාණවත් නොවේ.

නැගෙනහිර වෙරළ තීරයට මේ දින වල උදා වී ඇත්තේ නරක කළ දසාවකි. මේ දිනවල මුහුදු ගියද ධීවරයන්ට මාළු ඇල්ලීමට නොහැකි වී තිබේ. ඒ මාළු අහු නොවීම නිසවෙනි.  ධීවර රැුකියාවේ නියුතු බොහෝ දෙනෙකුගේ ජීවිත වලට එය තදින් බලපා තිබේ.

‘‘ මම දවස් හතක් එක දිගටම මුහුදු ගියා. මුකුත්ම නෑ. ඊයේ ? විතරයි  මාළු අහුවුණෙ. ඒකත් කිලෝ හයක් විතරයි. මේ ටික විකුණා ගත්තම හම්බෙන්නෙ රුපියල් එක් දාස් අටසීයක් විතර. මම බෝට්ටුව අරන් ගියෙ කුලියට. බෝට්ටුවට රුපියල් එක් දාස්පන්සීයක තෙල් ගැහුවා. ගෝලයටත් ගානක් ගෙවන්න  ඕන. සම්පූර්ණයෙන්ම අතින් පාඩුයි. අපි ලොකු අමාරුවක වැටිලා ඉන්නෙ. ’’ තිරිචෙන්දු හයවන කොටසේ ජීවත් වන තමිල් චෙල්වම් පවසයි. තිස් පස් වියැති චෙල්වම් දරුවන් තිදෙනෙකුගේ පියෙකි.

‘‘ මුහුදු රස්සාවෙන් තමයි අපි හැමෝම ජීවත් වෙන්නෙ. මගේ දරුවො තුන් දෙනාම ස්කොලෙ යනවා. බිරිද රැකියාවක කරන්නෙ නෑ. දැන් මාසයක් විතර ඉදන් තමයි මේ වගේ තත්ත්වයක් ඇති වෙලා තියෙන්නෙ. හේතුව මොකක්ද කියලා අපිට හිතා ගන්න අමාරුයි. දැන් මම දවසෙ කුලියට අතට අහුවෙන වැඩක් කරනවා.’’ තමිල් චෙල්වම් පවසයි.

මේ ප‍්‍රදේශයේ බහුතර පිරිසකගේ ජීවනෝපාය වී ඇත්තෙ ධීවර රැකියාවයි. මේ වන විට සිය රැුකියාව අවධානම් තත්ත්වයකට පත්ව ඇතැයි මෙහි ධීවරයෝ පවසති.

‘‘ මම ඊයේ ? කල්මුණේට යනකම් ගියා. මාළු කිලෝ හතක් විතර තමයි ලැබුණෙ.මේකෙන් අපි කොකොමද ජීවත් වෙන්නෙ. මට දරුවෝ හතර දෙනෙක් ඉන්නවා. මගෙ අම්මයි තාත්ත ඉන්නෙත් මගේ ගෙදර. ඒ ගොල්ලන්ට කන්න අදින්න දෙන්නෙත් මම. මේ දවස් ටිකේම මම හවසට ගෙදර ගියේ හිස් අතින්. අපිට දැන් වේල් දෙක තුන බඩගින්නේ ඉන්න වෙලා තියෙන්න ’’ පුදුමොහොත්තුවාරම් හි පදිංචි එස්.පාස්කරන් පැවසුවේය. ඔහු සුනාමියෙන් විපතට පත් වූවෙකි. සුනාමියෙන් විපතට පත් වීමට පෙර ඔහු වාසය කළේ ඩච්බාර්
ප‍්‍රදේශයේය.

‘‘ හාල් කිලෝ එකක් දැන් කීයද.. පිටි පැකට් එකක් කීයද.. මේ දවස් වල මාළු අහුවෙන්නෙ නැතුව අතේ සල්ලි නැහැ. සුනාමියෙන් අපේ ගෙවල් දොරවල් නැති වුණා. දැන් කන්න අදින්නත් නැති වෙන්නයි යන්නෙ.’’  ඔහු පවසයි. උදේ රැුයින් වැල්ලට එන මේ ධීවරයන්ට ආපසු යාමට සිදුව ඇත්තේ හිස් අතිනි.

මාළු හිග වීමට ප‍්‍රධාන හේතුව ලෙස බොහෝ දෙනා පවසන්නේ වෙනත් ප‍්‍රදේශ වලින් විශාල බෝට්ටු පැමිණ මාළු ඇල්ලීමේ නිරත වීමයි.
‘‘ යුද්දෙ ඉවර නිසා දැන් පිටින් ඇවිත් මාළු අල්ලාගෙන යනවා. එ්කෙන් අපිට තමයි පාඩු. මම කියන්නේ මේකට මොනවා හරි සීමාවක් දාන්න කියලා නැත්නම් පවුල් කීයක් අසරණ වෙනවද.. තාමත් අපිට කිසිම තැනකින් සහනයක් ලැබිලා නැහැ…’’ හැට තුන් හැවිරිදි රාසපති පවසයි.

තිරිචෙන්දු ධීවරයන් පවසන පරිදි මේ එළඹී ඇත්තේ මාළු අස්වැන්න හොදින් ලබා ගත හැකි සෘතුවයි. එහෙත් මෙවර මාළු තමන්ගේ දැල් වල පැටලෙන්නේ නැත්තේ සිය අහේතුවට බව ඔවුහු පවසයි.

පනස් හය හැවිරිදි ජී. රායප්පු මඩකලපුව පනිච්චිඅඩි ප‍්‍රදේශයේ පදිංචිකරුවෙකි. ඔහු මුහුදු යන ධීවරයෙකු නොවේ. එහෙත් ඔහුගේ රැකියාවද වැල්ලට අයිති එකකි. රායප්පුගේ රැකියාව වන්නේ මාළු අල්ලාගෙන ගොඩ බිමට එන බෝට්ටු වැල්ලට ඇද ගෙන ඒමයි.

‘‘ මම මේ රස්සාව කරන්නේ අවුරුදු විස්සක විතර ඉදන්. සුනාමි කාලෙදිවත් අපට මේ තරම් අමාරු වුණේ නැහැ. පහුගිය කාළේ අපිට දවසකට බෝට්ටු ඇදලා හොද ගානක් හොයා ගන්නවා. ඒක අපිට එදා වේල පිරිමහගන්න ඇති. ඒත් දැන් අපි වැඩි හරියක් බඩගින්නේ. දැන් අපිත් වේලෙනවා වැල්ලත් වේලෙනවා’’ ඔහු පවසයි. රායප්පු අපට මුණගැසෙන විට දින දෙක තුනකින් ඔහුට මුදලක් අතට ලැබී තිබුණේ නැත.

මේ ධීවරයෝ සියලූ දෙනාම පාහේ එදා වේල පිරිමහගන්නේ දිනකට අතට ලැබෙන මුදල් ප‍්‍රමාණයෙනි. බොහෝ විට ඔවුන් මුහුදු යන බෝට්ටුව කුලියට ගත් එකකි. මේ බෝට්ටුක් සදහා දිනක කුලිය වන්නේ එම බෝට්ටුවෙන් මුහුදු ගොස් අල්ලා ගන්නා මා`ථ ප‍්‍රමාණයෙන් හරි අඩකි. මේ තත්ත්වය මත මේ දිනවල කෙසේ වත් මුහුදු රස්සාවෙන් ලාබ ලැබිය නොහැකි බව නැගෙනහිර ධීවරයෝ පවසති.

තිරිචෙන්දු මුහුදු වෙරෙළේ පමණක් නොව නාවල් අඩි ඩච් බාර් කාන්තනකුඩි මුහුදු තීරයට ද මේ තත්ත්වය බලපා තිබේ.

‘‘ අපි මේ රස්සාව කරන්නෙ පරම්පරාගාණක ඉදන්. මම තාත්තගෙ පස්සෙ ගිහින් තමයි මාළු අල්ලන්න පුරුදු වුණේ. අපි දන්න කියන කාළෙකින් මෙහෙම දෙයක් සිද්ධ වෙලා නැහැ. මේ මාළු අවාරේ නම් හිත හදාගන්න තිබුණා. මේකට හේතුව හොයා ගෙන ඉක්මනට විසදුමක් දෙන්න. නැත්නම් ලොකු අමාරුවක වැටෙන්නෙ අපි.’’ නාවල් අඩි මුහුදු වෙරෙළේ ධීවරයෙකු වූ ආර්. සුරේෂ් පවසන්නේය.

  • Share/Bookmark

අපේ සංචාරක ව්‍යාපාරය තිස් වසරක මතක සටහන් ඔස්සේ යළි හිස ඔසවයි

October 1, 2009 by Editor  
Filed under Featured, Stories

tourismTourism revival in the south

දශක තුනකට ආසන්න කාලයක් යුධමය වාතාවරණයෙන් බිදවැටුණු අපේ සංචාරක ව්‍යාපාරය ෙමි වනවිට තරමක් යහපත් මාවතට පැමිණ ඇති බව සංචාරක අමාත්‍යාංශය  පවසයි.

‘‘අපි දැන් ටික ටික වැඩ සටහන් කරගෙන යනවා. විශේෂයෙන් හික්කඩුව, පානදුර, ෙබිරුවල වගේ ප‍්‍රදේශ ඉලක්ක කරගෙන තමා මේ වැඩ සටහන් කරගෙන යන්නේ. ඇත්තෙන්ම කල්පිටියේ සංචාරකයන්ට සුදුසු වෙරළක්  තිබෙනවා. ඒ වගේම මීගමුව, නුවර, පාසිකුඩා වගේ ප‍්‍රදේශවල සංචාරකයන්ගේ වැඩි වර්ධනයක් ෙමි දවස්වල දකින්න ලැබෙනවා.” සංචාරක අමාත්‍යාංශයේ චන්දන ලක්මාල් පවසන්නේය.

‘‘ඇත්තටම කියන්න සතුටුයි හික්කඩුෙවි ලස්සන බලන්න තමා ගොඩක් විදේශිකයන් මෙහාට එන්නේ. කොරල් පර බලන්න වගේම ගල්මල් දැකබලා ගන්න ඒ අය ගොඩක් කැමතියි. ඒත් ෙමිවා ආරක්ෂා කරගන්න අපේ අයගේ උනන්දුවක් නැහැ. මං කරන්නේ ඒ අයට මග පෙන්වනඑක. ඒදේ මං හරියට කරනවා. මොකද අපි යැපෙන්නේ ඒ අයගෙන්.” හික්කඩුෙවි චන්දන ලියනගේ පවසයි.

ශ‍්‍රි ලංකා මහ බැංකුවේ නව දත්ත වාර්තාවන්ට අනුව 2006 වසරේදි මෙරටට සංචාරකයින් පන්ලක්ෂ පනස් නව දහස් හයසීය තුනක් පැමිණ ඇත. 2007 වසරේදි සංචාරකයන් හාරලක්ෂ අනුහතරදහස් අටක් පැමිණ ඇත. එම දත්ත වාර්තාවන්ට අනුව 2005 වසරේ මෙරට සංචාරක ඉපැයිම් හා සැසදිෙමිදි 2006 වසරේදි සංචාරක ව්‍යාපාරයෙන් ඇමෙරිකානු ඩොලර් දසලක්ෂ 410.3ක විදේශ විනිමය ප‍්‍රමාණයක් වර්ධනය වි ඇත.

‘‘මං කාලයක් ත‍්‍රිකුණාමලයේ හිටියා. අපිට හිතා ගන්නත් බැරිවුණා ෙමි ලංකාවේ කොටසක්ද කියලා. ඒ තරම්ම ලස්සන පරිසරයක් උතුරු නැගෙනහිර තියෙන්නේ. මං හිතනවා ඉදිරියට හොඳ කාල පරිචිෙඡ්දයක් ගත කරන්න ලැබෙයි කියලා. ගොඩාක්ම වැරදි දේවල් සිද්ධවෙනවා. නිතිරීති මගින් හරි මේ ව්‍යාපාරය ආරක්ෂා කර ගන්න  ඕන. මේවයින් කොයිතරම් විදේශ විනිමය ප‍්‍රමාණයක් ලැබෙනවද. කොහොම වුනත් මේ දවස්වල නම් සංචාරකයෝ අඩුයි. නොවැමිබර් ඉඳල අපේ ආදායම සරුවෙයි කියලා හිතෙනවා.” හික්කඩුවේ කිමිදුම් උපදේශක සෝමදාස ද සිල්වා  පවසන්නේය.
අපට විදේශ විනිමය ලැබෙන එක් ක්ෂේත‍්‍රයක් තමා සංචාරක ව්‍යාපාරය. මෙම ව්‍යාපාරය අඩපන විම අපේ ජන ජිවිතයටත් විදේශ විනිමය සමිපත් කෙරෙහිත් අහිතකර ලෙස බලපාන බව සංචාරක බෝටිටු හිමියන්  පවසයි.

‘‘උදේට ගෙදරින් එන්නේ දහසක් ප‍්‍රශ්ණ හිතේ තියාගෙන. ඒ වුණත් හරිහමන් ආදායමක් දවසට හොයා ගන්නේ ලෝක අමාරුවෙන්. අපේ බෝටිටුවලින් ඔවුන් ආස කරන තැන්වලට එක්කරගෙන යනවා. ඒකත් වෙනද වගේ ලැබෙන්නේ නැහැ. අපේ අයගෙත් කිසිම එකමුතුකමක් නැහැ. සීසන් එකට ගොඩක් හොඳවෙයි කියල විශ්වාසයක් තියෙනවා.” සිරිපාල අෙබිධීර කියන්නේය.

‘‘අපේ ගම් පළාත හික්කඩුෙවි. දැනට අවුරුදු තුන හතරක ඉදන්ම බිස්නස් අඩුයි. අපි රෙදි විකුණනවා සුද්දන්ට. ඒ අය යන එන තැන්වලට අපිත් යනවා. මේවා ඇවිද ඇවිද විකුණන්නේ. හරි මහන්සියි. මොනව කරන්නද. ෙමිවට පුරුදු වුණ හින්දා වෙන රස්සාවක් කරන්න අපට බැහැ.” කමලාවති අන්තෝනි මහත්මිය කීවාය.

අපේ රටේ යුද්ධය පිළිබඳව ජාත්‍යන්තර මාධ්‍ය වාර්තා කිරිමි වල තිබෙන දුර්වලතාවයන් නිසා සංචාරක කර්මාන්තයට යහපතක් සිදුවි නොමැති බව ජනතාව පෙන්වා දෙයි.

‘‘තවම ඒ අයගේ බය අඩුවනේ නැහැ. හොද දේවල් ඒ අයට දැනෙන්න අපි ලබා දෙන්න  ඕන. සමහර හෝටල් ගැන නමි කියල වැඩක් නැහැ. හික්කඩුෙවි වුනත් මිට වඩා සැළකිල්ලක් දක්වන්න  ඕන. දැනට වුනත්  විවිධ ආකාරයෙන් අපවිත‍්‍ර කරනවා.  පරිසරය  ගැන කතාකරල වැඩක් නැහැ.” චන්දන ලියනගේ  පැවසිය.

මං හිතනවා ජනාධිපතිතුමාගේ  ජයග‍්‍රහණ හින්දා රටට සාමය ලබා ගන්න පුළුවන් වුනා. මේ දෙයින් හොඳ පණිවුඩ  ඒ අයට දෙන්න පුළුවන් නම් ගොඩක් හොදයි. ඉස්සරහට සංචාරකයන්ගේ වැඩිවිම ගොඩක් තියෙයි කියල හිතෙනවා. මොකද විදේශිකයෝ ලංකාවට එන්නේ සුන්දර තැන් බලන්න. ඉතිං ඒවා ආරක්ෂා කර ගන්න එකැ හමෝටම හොදයි.” කළුතර රජන්ත අසුුරමුනි සිල්වා  කිවේය.

සංචාරක ව්‍යාපාරය තම ජීවනෝපාය කරගෙන යැපෙන විශාල පිරිසක් අපේ රෙටි සිටිති. සංචාරක මණ්ඩලයේ දත්තවලට අනුව මෙ මඟින් සෘජු රැකියාවන්හි නියැළි සංඛ්‍යාව 60000ක් වේ. එයට අමතරව සංචාරක හෝටල් සඳහා භාණ්ඩ සපයන්නන් ඇතුළු වක‍්‍ර රැකියාලාභින් ද සිටි. ඒ නිසාවෙන් සංචාරක ව්‍යාපාරය නගා සිටුවිමට කටයුතු කළයුතු බව ජනතාව පෙන්වා දෙයි.

‘‘සුනාමියෙන් පස්සේ අපිට බිස්නස් අඩුයි. නොවැම්බර්වලින්  පස්සේ තමා බලාගන්න පුළුවන් වෙන්නේ. හිතෙනවා හොද කාලයක් එයි කියලා. මැයි මාසේ යුද්දේ ඉවරවුනත් තාම වැඩ සටහන් කරගන්න බැරිවුනා. සීසන් කාලෙට හික්කඩුව හරියට යුරෝපය වගෙයි.” කොරල් සෑන්ඩිස් හෝටලයේ කළමනාකරු වර්ණසුරිය මුදියන්සේලාගේ බණ්ඩාරනායක කියන්නේය.

‘‘අපේ  අය අතරත් ප‍්‍රශ්ණ තියෙනවා. ඒවගේම අපේ රැකියාවක් කරගන්න  මෙතනට ආවම  පොලිසියෙනුත් අපට ප‍්‍රශ්ණ.  නිදහසක් නැහැ. අපි එන්නෙත් ජිවත්වෙන්න කියක් හරි හොයා ගන්න. අපි කොයිම වෙලාවකවත් නරක හෝටලයක්  විදේශිකයන්ට හොයල දෙන්නේ නැහැ. ඒ තරමට අපි ඒ අයට ආදරෙයි. ඒත් හැමෝම අපි වගේ නෙවි.” සංචාරක මඟපෙන්වන්නෙකු වන ජානක සුදත් කිවේය.

ලොව පුරා සංචාරකයන් අතර ලංකාව ප‍්‍රසිදධවී තිබෙන්නේ වෙරළාසන්නව පිහිටි නිවාඩු නිකේතන  සඳහායි. සංචාරකයින් මුහුදු බඩ පළාත්වල ජිවිතය ගත කරන්න වැඩි කැමැත්තක් දක්වයි.

‘‘අපේ සංචාරකයින් වැඩියෙන්ම හික්කඩුවට එන්නේ කොරල්පර බලන්න. දැන් ඉස්සර වගේ දකින්න කොරල් නැහැ. තියෙන කොරල්වලත් වැලි පිරිලා. පහුගිය කාලේ අපේ මිනිස්සු මාළු අල්ලන්න ඩයිනමයිටි  ගැහුවා. ඉතිං මාළු හැංගෙන්නේ කොරල් අස්සේ . ඒකෙන් වුනේ ලස්සන කොරල් විනාශ වුන එක. මං පහුගිය කාලේ කොරල් වැවුවා. මං මේ පරිසරයට ආදරෙයි. ඒත් නීතියේ තියෙන දුර්වලකම් හින්දා ඒ දේවල් කරන්න මට ඉඩ ලැබුනේ නැහැ.” හික්කඩුවේ සෝමදාසද සිල්වා පවසයි.

වර්තමානයේ දේශිය හා විදේශිය සංචාරකයින් සදහා සංචාරක අමාත්‍යාංශය විවිධ වැඩ සටහන් කරගෙන යනු ලබයි. මේ පිළිබදව සංචාරක අමාත්‍යාංශයේ මාධ්‍ය ලේකමි තරංග පෙරේරා පවසන්නේ සංචාරක සතිය අලළා දේශියත්වය පිලිබිඹුවන වැඩ සටහන් රාශියක් දිවයින පුරා ක‍්‍රියාත්මක කිරිමට සැලසුමි කර ඇති බවයි.

‘‘අපේ රටට එන්නේ නැති රටවල විදේශිකයන් ගෙන්වා ගැනිමට ක‍්‍රමෙවිදයක් සකස්කරන්න ෙමිවා ඉක්මනින් කරන්න පුලූවන් දේවල් නෙවි. සංචාරකයන් ගෙන්වුවත් ඒ අයගේ සිතැඟියාවන් අප හදුනාගන්න   ඕන. හෝටල්වල අඩුපාඩු  සොයා බලන්න අප ඉදිරියේදි කටයුතු කරනවා. ෙමි අපේ පටන් ගැන්ම. පරිසරයේ ඉඳල හැම ක‍්‍රියාකාරි දෙයකම සුදානම ගැන අපි විමසිල්ලෙන් සිටිනවා. මේ කෙටි කාලින හා දිගු කාලින වැඩ සටහන් වලින් සාර්ථකත්වයක් දකින්න පුලූවන්වෙයි කියලා හිතෙනවා.” සංචාරක අමාත්‍යාංශයේ තරංග පෙරේරා පවසන්නේය.

‘‘හික්කඩුව ප‍්‍රදේශයේ ප‍්‍රශ්න කිපයකට මගේ අවධානය යොමුවුනා. බීචි බෝයිල වගේම බෝටිටු හිමියන් ඒ වගේම පොලිසියෙන් ඔවුන්ට  සිදුවන අකටයුතු කම් ගැන. ඒ සමිබන්ධයෙන් අපි කොළඹ ඉඳල මේ ප‍්‍රශ්ණවලට පිළිතුරු හොයනවට වඩා පොලිසියයි. හොටල් හිමියන් වගේම සංචාරක ක්ෂේත‍්‍රයට අදාල  හැම දෙනාම කැඳවල ඒ අයට ජන හමුවක් තියන්න මං ළගදි දිනයක් දෙන්නම්. ” සංචාරක හා ප‍්‍රවර්ධන අමාත්‍ය ෆයිසර් මුස්තාපා පැවසිය.

  • Share/Bookmark

Next Page »