පිපාසයට වතුර ටිකක්

September 30, 2009 by Editor  
Filed under Featured, Stories

590 pxaaa

The long hard search for  water

පිපාසයට වතුර ටිකක් සොයා යන්නන්ගෙ ගම්මානය බවට අද මාන්තොට්ටම ගම්මානය පත්ව තිබේ.මාස ගනනාවක් නැගෙනහිර අහස් කුසට වලා කුලක් පාවි නොපැමිනිම නිසා ඇති වි ඇති දැඩි නියන් තත්වය නිසා දිගාමඩුල්ල වැවි බැදි රාඡ්‍යයේ මහා වැවි පවා සිදි ගොස්ය. මාන්තොටිටම ගමිමානයේ ආසන්නවම ඇති අමිබලන් ඔය වැවේ වතුර ද අද වන විට අඩි 5/6සිමා වි ඇත . අමිපාර දිස්ති‍්‍රක්කයේ දමන පා‍්‍රදේශිය ලේඛමි කොඨටාශයට අයත් මාන්තොටිටම ගමිමානයේ පවුල් 500 පමණ ජීවත්වේ. ඔවුන්ගේ ප‍්‍රධන ජිවන උපාය ගොවිතැන් කිරිමයි. වැව් දිය සිදි යාමත්, වැසිදිය නොවැටිමත්  නිසා ගොවිතැන්  අඩාල වී තිබේ. මේ  නිසාමත්  ගැමියන්ගේ ආර්ථික තත්වය පහත වැටි තිබේ . මාන්තොට්ටම ඡනතාවට  මේ   දිනවල මුහුන පැමට සිදුව තිබේන ප‍්‍රධානම ගැටළුව නමි පානිය ඡලය ලබාගැනි ෙමි ගැටළුවයි .සැතපුම් 3/4 පමණ දුරක් ගෙවා ගෙන පහත් බිම්වල ඇති ළිං සොයා ගෙන යන්නට ඔවුන්ට සිදුවි තිබේ. අසුව දශකයේ මුල් කාලයේ පැවති නියං තත්වයට පසුව ඉතාමත් දැඩි ලෙස පිඩාවට පත් වු කාලයක් ලෙස මේ කාලය ගැමියන් විසින් හදුන්වනු ලබයි.

ඊසාන දිග මොසම් සුළං හේතු කොට ගෙන නැගෙනහිර මෙම කලාපයට වැසි වැටෙනවා. සැම වසරකම සැත්තෑම්බර් මුල් කාලයේ දි වැසි වැටුනත්  මෙවර සැත්තම්බර් මාසය නිමාවට පත් වුවද වර්ෂාවක් සහිත අහසක් දක්නට නැත.ගොවිහු තම ගොඩ ඉඩම් පවා වගා කටයුතු සදහා සුදානම් කරගෙන සිට්.ඔවුන් දවස අරභනුයේ දවසට උවමනා කරන වතුර සොයා ගෙන යන්නටය.

“අපිට වතුර වලින් සැහෙන්න කරදරයි, වතුර ගෙන්න කිලොමිටර් 3/4යන්න වෙනවා. ගමේ ළිං 3/4ක් තියේනවා ඒ ළිං වලින් වතුර ගන්න උදේන්ම යන්න වෙනවා.සමහර වෙලාවට අපිට පෝලිමෙ ඉන්න වෙනවා පැය දෙක තුන බුලි තියාගෙන අපේ වාරය එනකම්.සමහර අය ඒ තැන් වලන් වතුර අරන් ගිහින් විකුනනවා කුබෝටා තියේන අය තමයි එහේම කරන්නේ මට ස්කොලේ යන ළමයි දෙන්නේක් ඉන්නවා එයාලා ස්කොලේ යවන්න වෙලාවට වතුර ටික ගෙන්න වෙනවා පවුලේ කට්ටියත් එක්ක වැවට නාන්න යන්නේ දවස් තුනකට විතර සැරයක්” කම්මල් රැකියාවෙන් තම ජීවිකාව පවත්වාගෙන යන කේ.ජී සුජීත් පවසා සිටියා.

වසර ගනනාවක් පලදාව දුන් පොල් ගස් පිලිස්සි ගියාක් මේන් විනාශ වි ඇත අවට පරිසරයේ ඇති දැඩි සුරිය රශ්මිය නිසා වෙන් දහවල් කාලයේ එළිමහනේ වැඩක් පලක් කිරිමට ද අපහසු වි ඇත . පිරිසිදු වතුර සොයා ගැනිමට ඇති අපහසු තාවය නිසාවෙන් මෙම දින වල ප‍්‍රදේශයේ කුඩා දරුවන්ට යම්යම් රෝගාබාධයන් ද ඇති වි තිබේ. නිසියාකරව නෑමට ඡලය නොමැති විම නිසා චර්ම රෝග යන් ද ඇති වි තිබේ.

“දැනට දමන ප‍්‍රදේශිය සභාවෙන් සතියකට වරක් වතුර බවුසරයෙන් ගමේ අයට බුලි දෙක ගානේ දේනවා එක දවස් දෙකකටත් මදි. ළිං වලින් වතුර ගන්න ගියාම එතනත් ප‍්‍රශ්ණ ඇති වෙනවා එත් මොනවා කරන්නද බොන්න වතුර ටික නැති වුනාම මොකුත් කරන්න බෑනේ” ඉන්ද්‍රනිල කුමාරි පැවසුවාය .

පාරට කිට්ටුව ඇති නිවෙස් හිමියන්ට යම්සහනයක් ලැබුණද ගම ඇතුලට වන්නට සිටින අය හට එම සහනය ද අහිමිව ගොස් ඇත.යතුරු පැදියක් හො පාපැදියක් නොමැති නම්,එය ද ඔවුන්ට ගැටළුවක් වි තිබේ.

“බිමට වතුර ගෙන්න බැරිව ගොඩක් ඉන්නවා .වාහන තියේන අය තමන්ට  ඕන වතුර ගෙනවා, එහෙමත් බැරි අය මට කුබොටා එකක් තියෙන නිසා වතුර ගෙන්න කියනවා පවුල් 40/50කට විතර දවසකට මම වතුර දෙනවා .ඩිසල් ගාණට හරියන්න එක බූලියකින් රු 25 විතර ගන්නවා”. වතුර අලේවි කරුවෙක් වන පද්ම සිරි කිය.

“අපේ පාසලටත් වතුර නෑ මේ තියේන රස්නේ හින්දා වතුර තිබහත් වැඩි, අම්මලා තාත්තලා උදෙන්ම නැගිටලා වතුර ගේන්නේ ගොඩක් දුර ගිහිල්ලා උදේට වතුර ගෙනාවට පස්සේ තමයි කෑම උයන්නේ. එතනත් සෙනග ඇවිල්ලා හිටියොත් ගොඩක් වෙලා යනවා එක හින්දා සමහර දවස් වලට අපි පාසලට යන්නෙත් ගොඩක් පරක්කුවෙලා” පාසල් සිසුවියක් වන සචිනි ඉමේෂා පැවසුවාය.

පිරිමි අයට තම ඡීවන උපායන ගැන සිතිමත් ගැටළුවක්. ඒ වතුර සොයාගෙන ගියාම තම කාලය එයට ගතවන හින්දා, කේ.අනුෂා තම ස්වාමියා රාඡකාරි කටයුතු සදහා පිටත විම නිසා තම කුඩා දරුවාගෙ අවශ්‍යතාවයන් සදහා සල්ලි දිලා වතුර ගන්නවා.

මාන්තොට්ටම ග‍්‍රාමෝදය මණ්ඩලේ සභාපති එස් කේ හේමපාල පවසා සිටියේ නිසියාකාර පානිය ඡල පද්ධතියක් සදහා විශාල ඡල ටැංකියක් හා වතුර මෝටරයක් ලැබි තිබුන ද අනිකුත් උපාංග සදහා මුදල් නොලැබිම නිසා වසර කිපයක් තිස්සේ එම ඡල පද්ධතිය පිලිබද බලධාරින්ගේ අවධානය නැතිව ගොස් තිබේන බවයි.

“අම්බලන් ඔය වැව අසන්නයේ ඇති කුඩා කදුගැටය උඩ ඉදලා කිලෝමිටර 4 පමණ දුරින් තියේන ගල් කන්දට වෙනකම් වතුර දෙන්න මේ යොඡනා ක‍්‍රමයට පුලූවන් එහෙමයි ඇස්ත මේන්තු කරලා තියෙන්නේ. රාඡ්‍යනොවන සංවිධානයක් මේ වෙනකොටත් අපිට පොරොන්දු වෙලා තියේන්නේ පානිය ඡලයොඡනා ක‍්‍රමය සම්පුර්න කරලා දේනවා කියලා .අපේ ගමට කාලයක් ති‍්‍ර‍්‍රස්තවාදි කලබල  තිබුණා. දැන් ඒ තත්වය නැති හින්දා හැමොගෙම අවදානය යොමු කරගෙන ගමට වතුර දෙන්න පුලූවන් වෙයි කියලා හිතෙනවා”.හේමපාල කිවේය.

ලක්ෂ10ක වියදමේන් මේවන විට ඉදිකර අති ඡල යොඡනා ක‍්‍රමයට ඉතිරි වැඩකටයුතු සදහා  ගම්වාසින්ගෙ ශ‍්‍රමදායකත්වය දෙන්නට ඔවුන් සුදානමින් සිටිනවා. ඉදිරිකාලය තුලදි මෙම පානිය යොඡනා ක‍්‍රමය සර්ථක කරගන්නට කටයුතු කිරිම ගම්වාසින්ගෙ බලාපොරොත්තුවයි.

Villagers of Manthottam in the Ampara District have been compelled to travel a great distance in search of water due to the long standing drought condition that has affected the area. A similar drought condition was experienced by the people of the east during the early 80s. The North Eastern monsoon that brings rains to the Eastern Province during early September has failed this year. The lack of water has prevented the 500 odd families living in Manthottam from engaging in their main livelihood of paddy cultivation. They have to travel to find wells in low lying areas miles away from their village and stand in queues for hours to find drinking water every day. Some people with water pumps have commenced a business of selling drinking water to the drought affected people.

  • Share/Bookmark

කොත්තු බාස්ගේ සිහිනය.

September 24, 2009 by Editor  
Filed under Featured, Stories

590px

Kottu Bas talks to Perambara

දේවානන්දන්ට කොළඹට එන්නට කවදාවත්  ඕනෑ වූයේ නැත. හී ගඩු පිපෙන සීතලේ උපන් දේවානන්දන්ට කොළඹ රටේ රස්සාවක් කරන්නට සිදුවේ යැයි සිතුනේද නැත. එහෙත් ඔහුගේ දෛවය ලියැවුණේ ඔහුට වුවමනා හැටියට නොවේ. හිමි වූ දෛවය වෙනස් කරන්නට දේවානන්දන් උත්සාහ ගත්තේද නැත. අද ඔහු මසකට රුපියල් තිස් පන් දහසක පමණ ආදායමක් උපයන්නෙකි. ඒ සීත කාමරයක කැරකෙන පුටුවක හිද නොවේ.  පානදුර කෑම කඩයක කොත්තු ගැසීමෙනි. දේවානන්දන් වැඩ කරනනේ මහත් තෘප්තියෙනි.

‘‘ ජීවත් වෙන්න තරම් සල්ලි අතට හම්බවෙනවා. ඒ හින්දා කරදරයක් නෑ ’’ දේවානන්දන් පවසන්නේය.

දෙමළ ජාතක මව් පිය යුවළකට දාව දේවානන්දන් කුමාර් උපන්නේ නුවරඑළිය කිරිමැඩියාන ප‍්‍රදේශයේය. ඔහුගේ මව්පියන් වතුකරයේ තේ දළු කැඩිම ජීවිකාව කර ගෙන සිටියද ඉන් ලද ආදායම දරුවන් සිව් දෙනෙකුගෙන් යුක්ත පවුලක් නඩත්තු කරන්නට සෑහුණේ නැත. දේවානන්දන්ට මල්ලිලා දෙදෙනෙක් සහ නංගි කෙනෙක්ද වූහ.

‘‘ මම ඉස්කෝලේ ගියේ තුනේ පන්තියට විතරයි. අම්මයි තාත්තයි හදිස්සියේම වගේ මැරුණා. තාත්තා නම් ටික කාලයක් රෝගී වෙලා හිටියා. ඊට පස්සෙ මල්ලිලා දෙන්නයි නංගියි නෑදැයෝ බාර ගත්තා. මම ගාල්ලෙ බංගලාවක වැඩට ආවා. එතකොට මට අවුරුදු දොළහයි. ’’

පාසල් ජීවිතයට ආයුබෝවන් කියා ගාල්ලට ගිය ගමන දේවානන්දන්ගේ ජීවිතය එහෙම් පිටින් වෙනස් කරන්නට සමත් විය. ගාල්ලෙ බංගලාවේ මහත්තයාට කඩයක් හිමිව තිබුණි. දේවානන්දන්ට සිදුවූයේ ඒ කඩයේ අත් උදව් දීමය. සියුමැලි  ළමා වියේ සිටම ජීවිතයේ  කටුක බර දරන්නට දේවානන්දන්ට සිදුවුවද ඒ සියල්ල දරා සිටීමට ඔහුට සිදු විය. එහි
ප‍්‍රතිඵලය වුයේ දහසක් දුක් කරදර වලට ඔරොත්තු දෙන ජීවිතයක් දේවාට හිමි වීමයි.

‘‘ මම අවුරුදු පහක් විතර බංගලාවේ හිටියා. කඩවල වැඩ කරන්නේ කොහොමද කියලා මම එතනින් ටික ටික ඉගෙන ගත්තා. ’’

තම අනාගත රැකියාවේ පදනම වැටුණේ ගාල්ලේදී බව දේවාගේ අදහසයි. දාහත් වියැති දේවානන්දන් ආපසු ගමට යන්නේ ගාල්ලේ බංගලාවෙ රැකියාවෙන් ඉවත් වීමෙන් අනතුරුවය. මේ වන විට දකුණේ සිංහල දෙමළ ගැටුම් ඇරඹී තිබුණි. සිය ජීවිතයට රතු එළි දැල්වී ඇති බව දේවාට වැටහී ගියේය. සිංහල මිතුරන් රැසක් ද දේවා හදුනාගෙන සිටියේය. ඔවුනගේ ආරක්ෂාව තිබුණද සියල්ල පසෙක ලා ජීවිත රැකවරණය උදෙසා දේවා ගමට යන්න සිතුවේය. තම නෑ සියන් අතරෙහි ජීවත් වීම සැපක් යැයි ඔහුට සිතුණි. රැකියාවෙන් ඉවත් වී ගමට ගිය දේවාට පැහැදිලි අරමුණක් තිබුණේද නැත.

‘‘ ගමට ගියාට කරන්නෙ මොනවද කියලා මම හිතුවෙත් නෑ. ඒත් නිකම් ඉන්න පුළුවන් කමක් තිබුණෙත් නෑ. ඊට පස්සෙ අපිට පුරුදු රස්සාවම කරන්න හිතුවා.’’

පුරුදු රස්සාව ලෙස දේවා හදුන්වන්නේ වතුකරයේ තේ දළු කැඞීමයි. දේවා තමන්ට ආසන්නතම වතු යායේ සේවයට යන්නට තීරණය කළේය. ඔහුගේ ජීවිතයේ තවත් අවුරුදු කිහිපයක් ගෙවී ගියේ නුවරඑළියේ කටුක සීතල මධ්‍යයේය. මේ වන විට දේවා තුරුණු වියට එළඹී සිටියේය. ජීවිතය එක සේ බෙදා ගන්නට කිසිවෙක් සිටින්නේ නම් මැනවැයි ඔහුට බොහෝ වර සිතිණි. දේවාට චන්ද්‍රකාන්ති මුණ ගැහෙන්නේ මංගල යෝජනාවකිනි. එහි ප‍්‍රතිඵලය වන්නේ දේවාගේ තනිකඩ ජීවිතය ඉක්මනින්ම නිමා වීමයි. විවාහ වන විට දේවාගේ වයස අවුරුදු විසි එකකි. කල් ගත වත්ම ඔහුගෙත් චන්ද්‍ර කාන්තිගෙත් නිවහනට තුන් වැන්නෙක්ද එකතු විය. ඒ ඔවුන්ගේ සිගිති දියණිය වු‍ කෛළෙයිවානිය. මේ වන විට දේවාත් චන්ද්‍රකාන්තිත් තේ කම්හලක රැකියාව කරමින් සිටියහ. එහෙත් ඉන් ලැබෙන ආදායම සුව සේ ජීවත් වන්නට ප‍්‍රමාණවත් නොවන බව දේවාට වැටහී ගියේය. දේවාගේ පවුලට සිව් වැන්නාද මේ වන විට එකතු වී සිටියේය. ඒ ඔවුන්ගේ පුතු වූ දේව කුමාර්ය. පවුල් බර වැඩිවන විට දේවාට හිතට සැනසීමක් ලැබුණේ නැත. ජීවිතය මීට වඩා සැපවත් විය යුතු යැයි ඔහු සිතුවේය. වතු රැකියාවෙන් ඉවත් යුතු යැයි දේවාට සිතිණි.

‘‘ ඊට පස්සේ මම ආයෙමත් කොළඹට එන්න තීරණය කළා. යාළුවන්ගේ මාර්ගයෙන් කොළඹ බ්ලූමැන්ඩල්වල ජොබ් එකක් හොයා ගත්තා.’’

දේවානන්දන් පවසන ආකාරයට බ්ලූමැන්ඩල් වලට පැමිණි පසු ඔහුට නිශ්චිත රැකියාවක් ලැබුණේ නැත. රැකියා කිහිපයක නියුතු වූවද ජීවත් වීමට සරිලන ආදායමක් ඔහුට හිමි වූයේ නැත.

‘‘ මෙහෙම ඉන්නකොට බ්ලූමැන්ඩල් වලදී අ`දුරා ගත්තු යාළුවෙක් මාර්ගෙන් ආයෙමත් කඩේක වැඩ කරන්න චාන්ස් එකක් ආවා. ඊට පස්සෙ තමයි කොල්ලූපිටියෙ කෑම කඩේක වැඩට ආවේ.’’

මුලින්ම දේවානන්දන්ට සිදු වූයේ කෑම කඩේ ප‍්‍රධාන බාස්සුන්නැහෙට උදව්වට සිටීමය. එහි ප‍්‍රතිඵලයක් ලෙස උයන පිහින වැඩ සෙමෙන් සෙමෙන් ඉගෙන ගන්නට දේවාට අවස්ථාව ලැබුණේය. ඔහුගේ සිත වඩාත් ඇදී ගියේ රෝල්ස්, එළවලූ රොටී, පරාටා, සමෝසා වැනි කෑම සෑදීමටත් කොත්තු ගැසීමටත්ය. ඉන් ලැබෙන ආර්ථික ප‍්‍රතිලාබ මහත් බවද දේවානන්දන්ට තේරුම් ගියේය.

ටික කලක් කොල්ලූපිටිය කෑම කඩේ සේවය කළ දේවා ඉන් ඉවත් වී පානදුර කෑම කඬේකට සේවයට ආවේය. එයද ප‍්‍රධාන බාස් යටතේය. එහිදීද කෑම ඉවීමේ කලාව ප‍්‍රගුණ කරන්නට දේවාට හැකි වූයේය. කල් ගත වත්ම පානදුර කඩේ ප‍්‍රධාන බාස් වන්නට දේවාට හැකි විය. එය වූයේ අහම්බයෙනි. කලින් සිටි ප‍්‍රධාන බාස්සුන්නැහෙ කඩ හිමියා සමග අමනාපයක් ඇති කරගෙන පිටව යාමෙන් අනතුරුව දේවා ප‍්‍රධාන බාසුන්නැහෙ බවට පත් විය.

දේවාගේ ප‍්‍රධාන රාජකාරිය වූයේ කොත්තු ගැසීමය. කොත්තු ගසන්නට හැමෝටම බැරිය. ඒ පිළිබද මනා පුහුණුවක් නොමැත්තේ නම් කොත්තුවේ පදම එන්නේ නැති බව දේවා කියයි. ඔහුගේ රාජකාරී වෙලාව උදේ එකොළහේ සිට රාත‍්‍රි එකොළහ දක්වා පැතිරෙයි.  කොත්තු ගසන්නට පටන් ගන්නේ හවස හයේ සිටය. ප‍්‍රධාන පාරක නයිට් කඩයක් නම් බිස්නස් සරු බව දේවා කියයි. ඔහුට නිවාඩු දිනයක් නැත. කඩේ අසළ නිවසක නවාතැන්  ගැනීමට දේවාට සිදුව තිබේ. ඔහුගේ දිනක වැටුප රුපියල් දහස ඉක්මවයි. මේ දිනවල දේවා පානදුරේම නව කඩයක ප‍්‍රධාන බාසුන්නැහෙ වී සිටියි.

‘‘ මේ පැත්තට එන්න නම් අපේ ගාණ ටිකක් අඩුයි. ඒත් කොටුවෙ වගේ බිස්නස් වැඩි පැතිවල අපිට රුපියල් හැට දාහක් විතර ගන්න පුළුවන් ’’ දේවා පවසයි.

දේවා නිවසට යන්නේ මාස දෙක තුනකට සැරයකි. ඔහුගේ බලාපොරොත්තුව පාසල් යන සිය  දරුවන් දෙදෙනාට හොදින් ඉගැන්වීමය.

It was merely by chance that Devanandan Kumar became a kottu maker in a food boutique in Panadura earning close to Rs. 35,000 per month. Devanandan had to give his education and begin work at the age of 12 after his parent’s death. He had to work as a helper at a shop in Galle. After returning to his village in Nuwara Eliya at the age of 17, Devanandan married Chandrakanthi. Realizing that the money earned by working at the tea estate was insufficient to maintain his family, Devanandan returned to Colombo. After working under the head cook in several food boutiques in Colombo and Panadura, Devanandan managed to become the chief cook in a new food boutique in Panadura. Devanandan manages to visit his family once every few months and his only hope is to provide a sound education for his children.

  • Share/Bookmark

පරිසරය රකින කර්මාන්ත

September 17, 2009 by Editor  
Filed under Featured, Stories

eco frindlyBuyer pressure creates eco friendly work space

ලංකාවේ නිශ්පාදනය කරන භාණඩ පරිසර හිතකාමී ආකාරයෙන් නිශ්පාදනය කරන ලෙස එම භාණ්ඩ මිලදී ගන්නා ගැනුම් කරුවන් එල්ලකරන බලපෑම නිසා මෙරට පිහිටි කර්මාන්ත ශාලා පරිසර හිතකාමී කර්මාන්ත ශාලා බවට පත්වෙමින් තිබෙන්නේය. භාණ්ඩ ගැනුම් කරුවන් පරිසර හිතකාමී නිශ්පාදන ඉල්ලන්නේනම් කර්මාන්ත කරුවන් පරිසර හිතකාමී නිශ්පාදනයන්ට පෙළඹෙන්නේය.

‘‘ජනතාව පරිසර හිතකාමී නිශ්පාදන ඉල්ලන්නේනම් කර්මාන්ත ශාලා පරිසර හිතකාමී නිශ්පාදන වෙත යොමුවනවා.’’  ජාතික පිවිතුරු නිශ්පාදන මධ්‍යස්ථානයේ නියෝජ්‍ය අධ්‍යක්ෂ සමන්ත කුමාරසේන පැවසුවේය.

මේ වන විට පාරිභෝගිකයින් භාණ්ඩ මිලදීගන්නා විට එම භාණ්ඩ නිපදවා ඇත්තේ පරිසර හිතකාමී ආකරයෙන්ද යන්න පිළිබදව අවධානය යොමුකරයි. විශේෂයෙන්ම විදෙස් රටවල සිටින පාරිභෝගිකයින් බොහෝ පිරිසක් පරිසර හිතකාමී නිෂ්පාදන මිලදී ගන්නේය.

‘‘පරිසර හිතකාමි ආකාරයට කිසියම් නිශ්පාදනයක් කරනවානම් ඒ නිශ්පාදනය සදහා වැඩි ඉල්ලූමක් තිබෙනවා.’’කුමාරසේන කීවේය.

පරිසර හිතාකමී නිශ්පාදන පමණක් ඉල්ලුම් කිරීම නිසා මෙරට ඇගලූම් නිශ්පාදනය කර සමාගම් අතරින් සමාගම් කීපයක් පරිසර හිතාකමී කර්මාන්ත ශාලා ආරම්භ කිරීමට පියවර ගෙන තිබුනේය. දේශගුණික වෙනස්වීම් නැවැත්වීම සදහා ලංකාවේ ඇගලුම් නිශ්පාදන මිලට ගන්නා සමාගමක් වන මාක්ස් ඇන්ඩ් ස්පෙන්සර් සමාගම 2007 වසරේදී තිරසාර සංවර්ධන වැඩසටහනක් ආරම්භ කළේය. ඒ අනුව එම සමාගම සදහා ඇගලුම් නිශ්පාදන සකස්කරන ලංකාවේ පිහිටි ඇගලුම් කර්මාන්ශාලා පරිසර හිතකාමී කර්මාන්තශාලා ආරම්භකළේය.

‘‘මෙම තිරසාර සංවර්ධන වැඩසටහන යටතේ එම සමාගමට භාණ්ඩ සපයන කර්මාන්තශාලා පරිසර හිතකාමි අන්දමින් සකස් කළ යුතු වුනා. ඒ අනුව අපි ආදර්ශ කර්මාන්තශාලාවක් ලෙසින් පරිසර හිතකාමී කර්මාන්තශාලාවක් ආරම්භ කළා.’’ මාස් ඉන්ටිමන්ට්ස් ආයතනයේ තිරසාර සංවර්ධනය පිළිබද කළමනාකාර විදුර රළපනාව කීවේය.

‘‘ඇගලූම් නිශ්පාදන මිලට ගන්නා ගැනුම්කරුවන්ගේ බලපෑම නිසා තමයි අපි පරිසර හිතාකමී කර්මාන්ත ශාලාවක් ආරම්භ කළේ.’’ මාක්ස් ඇන්ඩ් ස්පෙන්සර් ආයතනයට ඇගලූම් සකස්කරන බ‍්‍රැන්ඩික්ස් ආයතනයේ පරිසර හිතකාමී බලශක්ති කළමනාකාර අංශයේ ප‍්‍රධානී ඉරේෂ සෝමරත්න පැවසුවේය.

විදුලි බුබුළු භාවිතය වෙනුවට හිරු එළිය උපරිම වශයෙන් යොදාගන්නා අතර වායු සමනය කිරීම හා විදුලි පංකා භාවිතය වෙනුවට වාතාශ‍්‍රය ලබාගන්නා ආකාරයෙන් මෙම කර්මාන්ත ශාලා සකස් කරයි. පරිසර හිතකාමී කර්මාන්ත ශාලාතුළ ඉන්ධන භාවිතා කරන වාහන භාවිතා කරන්නේ නැත. ඒ වෙනුවට යොදා ගන්නේ පරිසරයට කාබන් ඩයොක්සයිට් මුදා නොහරින ආකාරයේ ප‍්‍රවාහන ක‍්‍රමයන්ය. මෙවැනි කර්මාන්තශාලා වල විදුලි බලයෙන් ක‍්‍රියාත්මක වන වාහන භාවිතා වෙයි.

පරිසර හිතකාමී කර්මාන්තශාලා වලින් පරිසරයට මුදා හරින අපද්‍රව්‍ය ප‍්‍රමාණය බෙහෙවින් සීමා වන්නේය. අපද්‍රව්‍ය සම්පතක් ලෙසින් යොදාගැනීමට පරිසර හිතකාමී කර්මාන්ත ශාලා කටයුතු කරන අතර කර්මාන්ත ශාලාවෙන් ඉවත් කරන අපද්‍රව්‍ය ප‍්‍රතිචක්තීකරණය කර නැවත භාවිතයට යොදාගන්නේය.

හිගවෙමින් පවතින පොසිල ඉන්ධන සදහා විසදුමක් වශයෙන් හරිත සංකල්පය හා හරිත ආර්ථික සංකල්පය පැමිණ ඇතැයි මධ්‍යම පරිසර අධිකාරියේ කාලගුණ විපර්යාස අංශයේ සහකාර අධ්‍යක්ෂිකා අනෝජා හේරත් කීවාය.

‘‘කාලගුණික විපර්යාසයත් සමගින් බොහෝ දෙනා පරිසර හිතකාමී කර්මාන්ත ශාලා පිළිබදව කතා කිරීටම පටන්ගත්තා. හරිතාගාර වායු පරිසරයට නිකුත්කිරීම සීමා කිරීම පිළිබදව කතාකරන්න ගත්තා. කර්මාන්ත ශාලා වලින් විශාල පරිසර දූෂනයක් සිදුවෙනවා.මේ නිසා තමයි පරිසරයට හානියක් සිදුනොවන ආකාරයෙන් නිශ්පාදන කටයුතු කිරීම සදහා පරිසර හිතකාමී කර්මාන්ත ශාලා ආරම්භ කළේ.’’ කුමාරසේන පැවසුවේය.

පරිසර හිතකාමී කර්මාන්ත ශාලා ආරම්භ කිරීම මගින් පරිසර දූෂනය අඩුකරගැනිමට හැකියාව ඇතැයි මධ්‍යම පරිසර අධිකාරියේ පරිසර දූෂක පාලක අංශයේ සහකාර අධ්‍යක්ෂිකා නෙළුකා පෙරේරා කීවාය.

‘‘කාලයට පෙර අපට අවශ්‍යතරම් සම්පත් තිබුනා. නමුත් දැන් අපට ප‍්‍රමාණවත් පරිදි සම්පත් ඇත්තේ නැහැ. මේ නිසා සම්පත් ආරක්ෂා කරගැනීම සදහා විකල්ප වෙත යොමුවෙනවා. මේ නිසා තමයි පරිසර හිතකාමී කර්මාන්ත ශාලා ආරම්භ කළේ.’’ හේරත් කියන්නීය.

හරිත ආර්ථික සංකල්පය යටතේ බලශක්ති සංරක්ෂණයටත් පරිසරයට හානියක් නොවන ආකාරයෙන් කර්මාන්ත ශාලා පවත්වාගෙන යාමට නියමිත බවත් හේරත් සදහන් කළාය. පරිසර හිතකාමී කර්මාන්ත ශාලා සකස් කිරීමේදී පරිසරයේ ඇති සම්පත් උපරිම ආකාරයෙන් ප‍්‍රයෝජනයට ගත හැකි ආකාරයෙන් කර්මාන්ත ශාලාව සකස් කරන්නේය.

පරිසර හිතකාමී කර්මාන්ත ශාලා ආරම්භ කිරීම මගින් පරිසරය ආකරක්ෂා කරගැනීමට හැකියාව ලැබෙන ආකාරයට ආර්ථික වාසි ලබාගැනීමට ද කර්මාන්ත ශාලාවට අවස්ථාව ලැබෙයි.

‘‘අපද්‍රව්‍ය නැවත යොදාගැනීම නිසා කර්මාන්තය ලාභදායී කර්මාන්තයක් බවට පත්කරගැනීමට හැකියාව ලැබෙනවා.’’ කුමාරසේන කීය.

පරිසර හිතකාමී කර්මාන්තශාලාවේ විදුලිය, ජලය භාවිතය අවම කරගැනීමට හැකියාව ලැබී තිබේ. ස්වභාවික වාතය උපරිම අන්දමින් ලබාගැනීමට හැකි අයුරින් කර්මාන්තශාලාව සකස්වී තිබීම නිසා වායු සමීකරණ භාවිතය සීමා කිරීමටද හැකියාව ලැබී ඇත.

ස්වභාවික හිරු එළියෙන් උපරිම ප‍්‍රයෝජන ගත හැකි ආකාරයෙන් හා වායු සමීකරණ භාවිතය අවම කරන ආකාරයෙන් කර්මාන්තශාලා සකස් කර තිබීම මගින් බලශක්තිය විශාල වශයෙන් ඉතිරි කරගැනීමට හැකියාව ලැබෙතැයි කුමාරසේන සදහන් කළේය.

‘‘(පරිසර හිතකාමී) කර්මානතශාලාවේ විදුලි බිල සියයට හතළිහකින් පමණ අඩුකරගෙන තිබෙනවා.’’ රළපනාව පැවසුවේය.

ඉදිරියේදී පැමිණිය හැකි බලශක්ති අර්බුදයට පරිසර හිතකාමී කර්මාන්තශාලා හොද විසදුමක් වන බව මධ්‍යම පරිසර අධිකාරියේ කාලගුණ විපර්යාස අංශයේ සහකාර අධ්‍යක්ෂිකාව කියන්නීය.

‘‘ලංකාවේ ඉල්ලුමට සරිලන ආකාරයෙන් විදුලිය ලබාදෙන්න බැහැ. මේ නිසා අනාගතයේ බලශක්ති අර්බුදයක් ඇතිවිය හැකියි. නමුත් බලශක්ති හානිය අවම කරන මෙම කර්මාන්ත ශාලා වැදගත් වෙනවා.’’ කුමාරසේන කීවේය.

‘‘ඉදිරියේදී ලංකාවෙන් තෙල් සම්පත නොලැබුනොත් තෙල් මිලට ගැනීමට විශාල මුදලක් වැය කිරීමට සිදුවෙනවා. මේ නිසා පරිසර හිතකාමී කර්මාන්තශාලා ඇතිකිරීම තෙල් සම්පත පිළිබද ගැටලූවට හොද විසදුමක් වෙනවා.’’ හේරත් කීවාය.

පරිසර හිතකාමී කර්මාන්තශාලා ආරම්භ කිරීමට විශාල මූලික වියදමක් දැරීමට සිදුවන නමුත් දීර්ඝකාලීනව එය ලාභදායි බව කුමාරසේන පැවසුවේය.

‘‘පරිසර හිතකාමී කර්මාන්ත ශාලාවක් ආරම්භ කිරීම සදහා කිසියම් මුදලක් වැය විය හැකියි. නමුත් දීර්ඝකාලීන වශයෙන් බලන විට පරිසර හිතකාමී කර්මාන්ත ශාලා ආරම්භ කිරීම මගින් විශාල ලාභයක් ලබාගැනිමට හැකියාව ලැවෙනවා.’’ පෙරේරා කීවාය.

පරිසර හිතකාමී කර්මාන්තශාලාවල ඇති ඇති ඇතැම් ක‍්‍රමවේදයන් සාමාන්‍ය කර්මාන්තශාලා සදහා යොදාගැනීමටද කර්මාන්තකරුවන්ගේ අවධානය යොමුව තිබේ. ඉදිරියේදී කර්මාන්තශාලා ඉදිකිරීමේදී මේ වන විට ආරම්භ කර ඇති පරිසර හිතකාමී කර්මාන්ත ශාලාවේ ඇති පරිසර හිතකාමී ක‍්‍රමවේදයන් යොදාගැනීමට කටයුතු කරන බව රළපනාව කීවේය.

‘‘අලූතින් කර්මාන්තශාලා ආරම්භ කරන විට ජලය අඩුවෙන් භාවිතාකරන්නේ කෙසේද විදුලිය අඩුවෙන් භාවිතා කරනනේ කෙසේද යන් පිලිබදව විමසා බලනවා.’’ රළපනාව සදහන් කළේය.

භාණ්ඩයකට නිශ්පාදනයේ ගුණාත්මක තත්වය පිළිබදව එස්.එල්.එස්. තත්ව සහතිකයක් ලබාගැනීමට හැකියාව ලැබෙන ආකාරයට පරිසර හිතකාමී නිශ්පාදන සදහා විශේෂ සහතිකයක් ලබාගැනීමට අවස්ථාව ලැබෙන්නේය.

පරිසර හිතකාමී නිශ්පාදනයක් වෙත යොමුවීම සදහා ජනතාවගේ ආකල්පමය වෙනසක් ඇතිවිය යුතුයි.’’ කුමාරසේන කීවේය.

මේ වන විට පවත්වාගෙන යන ජීවන තත්වය කිසිම ආකාරයකින් වෙනස් නොකර පරිසර හිතකාමී ජීවන රටාවකට යොමුවීමට ජනතාවට හැකියාව ලැබෙතැයි ජාතික පිවිතුරු නිශ්පාදන මධ්‍යස්ථානයේ නියෝජ්‍ය අධ්‍යක්ෂවරයා කීවේය.

‘‘ගෙදරක් පරිසර හිතකාමී ආකාරයට සකස් කරගැනීමට හැකියාව ලැබෙන්නේනම් ගෙදර සාමාන්‍ය වියදම අඩු කරගැනීමට හැකියාව ලැබෙනවා.’’ ජාතික පිවිතුරු නිශ්පාදන මධ්‍යස්ථානයේ නියෝජ්‍ය අධ්‍යක්ෂවරයා කීය.

ලෝකයේ දියුණු රටවල් පරිසර හිතකාමී කර්මාන්තශාලා වෙත යොමුවන විට ඔවුන්ගේ පරිසරය විශාල වශයෙන් හානියට පත්ව අවසන්ය. එහෙත් ලංකාව තුළ ආරම්භ කරන කර්මාන්තශාලා පරිසර හිතකාමී කර්මාන්ත බවට පත්කරගැනිමට හැකියාව ලැබෙන්නේනම් දියුණු රටවලට වඩා හොද පරිසරයක් පවත්වාගැනීමට අවස්ථාව හිමිවන්නේයැයි කුමාරසේන සදහන් කළේය.

‘‘මේ වන විට අපි එක් සන්දිස්්ථානයකට පැමිණ තිබෙනවා. දැන් අපි සාමාන්‍ය කර්මාන්ත ශාලා ආරම්භ කරනවා වෙනුවට පරිසර හිතකාමී කර්මාන්තශාලා ආරම්භ කළ යුතුයි.’’ මධ්‍යම පරිසර අධිකාරියේ කාලගුණ විපර්යාස අංශයේ සහකාර අධ්‍යක්ෂිකා හේරත් පැවසුවාය.

The demand for eco friendly products by consumers has compelled manufacturers to produce their goods in factories that are environmentally friendly. Many consumers in the export market pay special attention to products manufactured in an environmentally friendly manner. The demand for environmentally friendly products has prompted some apparel exporters to build eco friendly factories. These factories are built to make maximum use of sun light instead of electric bulbs and are open to fresh air flow instead of fans. Environmentalists say that eco friendly factories would help minimise environmental pollution. The initiative is also expected to promote the green concept and green economy, which would solve the problem of declining fossil fuels.

  • Share/Bookmark

ශ‍්‍රී ලංකාවේ වන ජීවී ජාවාරම

September 14, 2009 by Editor  
Filed under Featured, Stories

590 px

Sea Horses smuggled out of  Sri Lanka

ශ‍්‍රී ලංකාවේ වන ජීවී ජාවාරම් කරුවන් විසින් මුහුදු අශ්වයන්ද පිට රටවල් වෙත අපනයනය කිරීමේ ජාවාරමක් පවත්වාගෙන යන බව ශ‍්‍රී ලංකා තරුණ සත්වවේදීන්ගේ සංගමය පවසයි. ශී‍්‍ර ලංකාවේ නීතියෙන් ආරකෂා කළ මාළුවකු නොවුනද මුහුදු අශ්වයන් ලංකාවට ආවේණික සත්ව විශේෂයක් ලෙස හදුන්වන අතර මේ නිසාවෙන් මුහුදු අශ්ව විශේෂයන් වන ඇට තෙලියා නැතහොත් නැට්ටා යන මාළු වර්ගයද විනාශයට පත්වෙමින් සිටී. ඖෂධ සදහා මෙම මුහුදු අශ්වයා යොදා ගන්නේ කුඩු වර්ගයක් සෑදීම සදහාය . මෙ නිසාවෙන් ඇට තෙලියා නැමැති මුහුදු අශ්ව වර්ගය ඒ සදහා යොදා ගන්නා බව සත්වවේදීන්ගේ සංගමය පැවසීය  .

මෙසේ අපනයන කරන මුහුදු අශ්වයන් අපනයනයෙදී තහනම් සත්ව වර්ගයක් ලෙස නම්කර නොමැති නිසාවෙන්  විසිතුරු මත්ස්‍ය වගාව සදහා අපනයවය කරන මුවාවෙන් මෙම ජාවාරම පවත්වාගෙන යන බව පාරිසරික නීතීඥ ජගත් ගුණවර්ධන පැවසීය.

එමෙන්ම භාවිතයට නුසුදුසු දැල් ආම්පන්න තහනම් කළද මේ වන විටත් ධීවරයින් මෙම ආම්පන්න භාවිතකරන හෙයින් මත්ස්‍ය සම්පත විනාශයට පත්වෙමින් පවතින බව හෙතෙම පැවසීය.මෙම තහනම පනවා දහතුන් අවුරුද්දක් ඉක්ම ගියද මෙය තවමත් නිසි ආකාරව කි‍්‍රයාත්මක නොවන බව ද නීතීඥ ගුණවර්ධන පැවසීය.

“මෙම ජාවාරම දිගිනි දිගටම සිදුවුව හොත් ජෛව විවිධත්වය විශාල තර්ජනයක් ඇති වෙනවා . හොංකොං සිංගප්පූරු වැනි රටවල් සදහා අපනයනය කරන මෙම මුහුදු අශ්වයන් ඒ රටවල අලෙවි වන්නේ ශ‍්‍රී ලංකා මුදලින් ලක්ෂ තුනත් හතරත් අතර මිලකට. නමුත් ශ‍්‍රී ලංකාවෙන් ම්ලදී ගැනීම් සිදු කරන්නේ මුහුදු අශ්වයා වේලා ඇත්නම් එක් මත්සයකු රුපියලත් එකයි පනහත් අතර මුදලකටය. එසේ නොමැති නම් විසිතුරු මත්ස්‍ය වෙළදාම සදහා අපනයනය කරන්නේ නම් එක් මුහුදු අශ්ව මත්ස්‍යකු රුපියල් පහත් දහයත් අතර මිලකට.”  නීතිඥ ගුණවර්ධන පැවසීය.

ලෝකයේ මුහදු අශ්වයින් වද වී යෑමේ තර්ජනයට ලක්ව ඇති අතර සමස්ථ ලෝකයම මුහුදු අශ්වයින් ආරක්ෂා කිරීමේ උත්සහයක නිරත වී සිටී.අන්තර ජාතික ප‍්‍රඥප්තියේන් සීමා සහිත අපනයනයට ඉඩ ලබා දුන්නද නීතිමය වශයෙන් ඉඩක් නොමැති බව නීතීඥ ගුණවර්ධන පැවසීය.

ධීවර හා ජලජ සම්පත් අමාත්‍යාංශයට මෙම නීති විරෝධී අපනයනය නරතර කිරීමට හැකියාව තිබුණද අමාත්‍යාංශය දුර්වල තත්වයක සිටින බවයි නීතීඥ ගුණවර්ධන පෙන්වා දෙන්නේ.

එමෙන්ම ශ‍්‍රී ලංකාවේ නීතිය කී‍්‍රයාත්මක කිරීමේදී පවතින දුර්වලතා නිසාවෙන් ඉන්දියාවෙන් ලංකාවට මුහුදු අශ්වයින් ආනයනය කර  නැවත පිට රට යැවීමේ ජාවාරමන්ද පවත්වා ගෙන යන බව හෙතෙම පැවසීය.

මෙරට ජීව අජීව ස්වභාවික සම්පත් විනාශ කරමින් අනුන්ගේ ජීවිත සැපවත් කරන්නට උත්සහ කරන මිනිසුන් හට මුදල නොව තම අනාගත පරපුර පිළිබද සිතා බලන්නට කාලය එළබ ඇති බව  ද නීතීඥ ගුණවර්ධන පැවසීය.

The Young Zoologists Association says that a variety of sea horses known as Eta Theliya, a species found only in Sri Lanka, are being smuggled to foreign countries to manufacture pharmaceuticals. According to environment lawyer Jagath Gunawardena, these sea horses are smuggled under the guise of ornamental fish as there are no laws preventing their importation. These sea horses purchased at a price of Rs. 1.50 each from local fishermen are sold at Rs. 3 – 4 lakhs in countries like Hong Kong and Singapore. At a time when sea horses are facing a threat of extinction, action needed to be taken to protect these species. The onus is now on the Fisheries and Aquatic Resources Ministry to prevent the smuggling of sea horses and ensure their safety.

  • Share/Bookmark

ඉදිරි මාස හතරේදී සංචාරකයන් තුන් ලක්ෂයක් ගෙන්වා ගැනීමේ වෑයමක්

August 19, 2009 by Editor  
Filed under Featured, Stories

tourism main

Government plans to attract 300,000 tourists within the next four months

ඉදිරි මාස හතර තුළදී විදේශ සංචාරකයින් ලක්ෂ තුනක් මෙරටට ගෙන්වා ගැනීමට සැලසුම් යොදා තිබෙන බව ශ‍්‍රී ලංකා සංචාරක පවර්ධන කාර්යාංශය පවසයි.ගත වූ වසරේ දී මෙරටට පැමිණ ඇත්තේ සංචාරකයින්  ලක්ෂ තුනකට ආසන්න ප‍්‍රමාණයක් පමණි. නමුත් මේ වසරේ දී එම සංඛ්‍යාව දෙගුණයක් බවට පත් කිරීමට පියවර ගනිමින් සිටින බව සංචාරක ප‍්‍රවර්ධන කාර්යාංශයේ වැඩබලන අලෙවි ප‍්‍රවර්ධන අධ්‍යක්ෂිකා මදුභානි පෙරේරා පැවසීය.

යුධ ගැටුම් අවසාන වීමත් සමග ශ‍්‍රී ලංකාවට පැමිණෙන සංචාරකයන්ගේ  සංඛ්‍යාව පසුගිය වසරට වඩා  වැඩිවෙන්නට පටන්ගෙන ඇති අතර පසුගිය ජුලි මාසය අවසන් වන විට සංචාරකයන්ගේ පැමිණීමේ සියයට අටක වර්ධනයක් දක්නට ඇතැයිද ඇය පැවසුවාය.

“අපි ප‍්‍රධාන වශයෙන් සංචාරකයින ගෙන්වා ගැනීමට බලාපොරොත්තු වෙන්නේ රටවල් හයකින්  අය වැයෙන් මූලික වශයෙන් මුදල් වෙන් කරන්නේ ජර්මනිය, එංගලන්තය, ප‍්‍රංශය, ඉන්දියාව හා මැදපෙරදිග රටවලින් සංචාරකයින් ගෙන්වා ගැනීමටයි.නමුත් මෙවර චීනය, ජපානය, නෙදර්ලන්තය, ඉතාලිය වගේ රටවලිනුත් සංචාරකයින් ගෙන්වා ගැනීමට බලාපොරොත්තු වෙනවා.” ඇය තවදුරටත් කීවාය.

විදේශ රටවලින් ශ‍්‍රී ලංකාවට සංචාරකයන් වැඩි වශයෙන් ගෙන්වා ගැනීම සදහා අවශ්‍ය වන සංචාරක වෙළද සල්පිල් මාධ්‍ය ප‍්‍රචාර හා විශේෂ උත්සවයන් මේ වන විට සංවිධානය කර තිබේ.

සංචාරක ප‍්‍රවර්ධන කාර්යාංශය මෙසේ පැවසුවද සාමාන්‍ය සංචාරක මග පෙන්වන්නන්  හා කුඩා ව්‍යාපාරිකයන් පවසන්නේ තවමත් සංචාරකයින්ගේ පැමිණීම අඩු බවය.

“බෙන්තොට අලූත්ගම පැත්තේ සංචාරකයෝ ඉන්නවා කියලා කිව්වට හික්කඩුවේ නැහැ.සංචාරක කර්මාන්තය නගා සිටුවනවා කියලා කියනවා.ඒත් අපි දැන් මේක අත්හැරලා දාන්න ඉන්නෙ.හික්කඩුව තාම දියුණු නැහැ. සුනාමියට යට ගියා වගේමයි තවමත්.” හික්කඩුව ප‍්‍රදේශයේ අත්කම් භාණ්ඩ නිෂ්පාදනාගාරයක් පවත්වාගෙන යන කේ .ඩී ලීලා රත්න පැවසීය.

සංචාරක කර්මාන්තය පිළිබදව ශ‍්‍රී ලංකාවේ ප‍්‍රචාරය මද බවක් දක්නට ලැබෙන බවත්  මේ නිසාවෙන් සංචාරක කර්මාන්තයේ පසු බෑමක් දක්නට ලැබෙන බවත් ලීලා රත්න පැවසීය.

“ඉන්දියානු, පාකිසිතාන් සංචාරකයෝ විතරයි මේ පැත්තෙනම් ඉන්නෙ.ඒ අයත් වැඩියෙන් නැහැ.වෙනදා දවසට තිසි හතලිස් දාහක් හොයන අපිට මේ දවස් වල රුපියල් පන්සීයක් හොයා ගන්න ගොඩක් මහන්සිවෙන්න  ඕන.”හෙතෙම චෝදනා මුඛයෙන් කීවේය.

හික්කඩුව ප‍්‍රදේශයේ රෙදි වෙළදසැලක් පවත්වාගෙන යන කේ එම් . ජී නන්දසේන පවසන්නේද සංචාරකයින් පැමිණීමේ අඩුවක් පවතින බවයි.

“ජර්මන් ප‍්‍රංශ වගේ සංචාරකයෝ තමයි අපි බලාපොරොත්තු වෙන්නෙ. අවංකවම කියන්නෙ මේ පැත්තෙ සංචාරකයෝ නැහැ.වෙනදා කොරල් ගාඩ්න් එකේවත්  සංචාරකයෝ ඉන්නවා.මේ දවස් වල එහෙත් නැහැ.හික්කඩුව ටවුන් එකට ඇවිත් බැලූවොත්  ඕන කෙනෙකුට තේරුම් ගන්න පුලුවන් වෙනදා වගේ සංචාරකයෝ මෙහෙ ඉන්නවද කියලා.”නන්දසේන පැවසීය.

නමුත් සංචාරක හෝටල් ක්ෂේත‍්‍රයේ නව පිබිදීමක් වර්තමාන කාලය තුළ දක්නට ලැබෙන බව සංස්කෘතික ති‍්‍රකෝණ හෝටල් සංගමයේ සභාපති සාලිය දයානන්ද පවසන්නේ.

“මේ කාලය යුරෝපයේ දරුවන්ගේ නිවාඩු කාලය නිසා සංචාරකයෝ එනවා වැඩියි.දැන් සංචාරකයින් අවිනිෂ්චිත තත්ව‍යෙන් මිදිලා ලංකාවට එනවා.ඒ වගේම පිටරට පදිංචි වෙලා ඉන්න අයත් දැන් එනවා. ත‍්‍රිණාමලයේ නිලාවේලි පැත්තේ මේ දවස් වල හෝටලයක කාමරයක් ගන්න නැහැ.” දයානන්ද පැවසීය.

ජූලි මාසය අවසනය වන විට හෝටල් වල ආදායමද ඉහළ ගොස් ඇති බවද.දයානන්ද පැවසුවේය.

“එකට එකක් නැති වුණත් තිබූණ තත්තවයට වඩා දැන් ගොඩක් හොදයි.සංචාරක හෝටල් තවම මිළ ගණන් වැඩි කරලා නැහැ.තිබුණ මට්ටමයි තවමත්.ඒත් මාසෙකට සියයට තිහක වගේ ආදායම් වැඩිවීමක් තියෙනවා.”හෙතෙම  පැවසීය.

එහෙත් දකුණේ සංචාරකයින්ගේ පැමිණීම ගැන සෑහීමකට පත්නොවන ලීලාරත්න පවසන්නේ මෙවැනි කථාවක්.

“අපේ ගමම ජීවත් වුණේ සංචාරක කර්මාන්තය නිසාවෙන් දැන් මිනිස්සුන්ට කන්නවත් නැහැ කියලා කියනවා.මේකට හේතුව තමයි රෙස්ට් හවුස් වල ගණන් එක ප‍්‍රමාණයකට නැති වීමත් ප‍්‍රමිතියකට නැතිවීමත්.ඒ වගේම වෙළෙන්දොත් කරදර කරනවා.මුහුදු  වෙරළත් අපිරිසිදුයි.මේ ගැන මිනිස්සුන්ව දැනුවත් කිරීමක් නැහැ.පාරවල් වල කුණු ගොඩ ගැහිලා.ඒ මදිවට පාරේ ලයිට් නැහැ.ඒ වගේම පාරේ යන වාහන වල වේගයේ සීමාවක් නැහැ”.ලීලාරත්න පැවසීය.

“මම අවුරුදු විස්සක් වෙනවා මේ රස්සාව කරන්න පටන් අරන්.කිසිම ප‍්‍රමිතියක් නැහැ කිසිම දෙයක.සංචාරකයෝ වුණත් එන්නේ නගරයේ අලංකාරයක් තියෙනවා නම්. හික්කඩුව නගරයත් දැන් ලස්සන නැහැ.වෙරළත් අපිරිසිදුයි.සංචාරකයින් ගෙන්නවා ගන්න නම් මේ දේවල් මුලින්ම ගොඩනගලා ඉන්න  ඕන.දැන් අපිට බයිසිකලේට තෙල් ගහගන්නවත් සල්ලි නැහැ”. නන්දසේන පැවසුවේ ලීලාරත්නගේ කථාව අනුමත කරමිනි.

සංචාරකයින්ගේ පැමිණීමේ වර්ධනයක් වීමට නම් යටිතල පහසුකම්ද දියුණූ වය යුතු බව මදුභානි පෙරේරා පිළිගනී.

“ප‍්‍රවර්ධන වැඩකටයුතු කරලා විතරක් මදි හෝටල් සහ මාර්ග හොදින් තියෙන්න  ඕන.ඒ වගේම මේ රටේ මිනිස්සුන්ගේ දැනුවත්කමක් තියෙන්නත්  ඕන.වෙළදාම් කරන මිනිස්සුන්ගෙන් සංචාරකයින්ට කරදරයි.නිතරම ළගට ගිහින් කරදර කරනවා.සමහර සංචාරකයින් ඒකට කැමති නැහැ. ” ඇය කීවාය.

මෙරටට පැමිණෙන සංචාරකයින් සියලු දෙනා නැවත පැමිණිමට කැමැත්තෙන් ආපසු යන බව පවසන පෙරේරා පවසන්නේ පුංචි රටක ගොඩක් දේ නැරඹීමට හැකියාව ඇති බැවින්  මාර්ග පද්ධතිය ඉතා ඉක්මනින් දියුණූ විය යුතු බවය.

මාසයකට වඩා සංචාරකයින්ට ලංකාවේ ඉන්න දෙන්නේ නැහැ. ඊට අමතරව ඉන්නවා නම් විශේෂ අවසර පත් ලබා ගැනීමක් සිදු  කරන්න වෙනවා.ඒ පිළිබදව සොයා බලන්න බළධාරීන් ඉන්නවා. පෙරේරා  පැවසීය.

The Sri Lanka Tourism Development Bureau says that measures have been taken to attract 300,000 tourists to Sri Lanka in the next four months. The bureau says that apart from the traditional markets – Germany, England, France, India and Middle Eastern countries – it is looking at promoting Sri Lankan tourism in China, Japan, the Netherlands and Italy. However, tour guides and small time businessmen, especially in the Southern coastal belt, say that tourist arrivals to the country are yet to pick up. They feel the country’s is not being well promoted in foreign countries. Meanwhile, the Cultural Triangle Hotels Association notes there has been an increase in tourist arrivals due to the improved security situation.

  • Share/Bookmark

සංචාරකයින් නැති මිහින්තලයේ සංචාරක මගපෙන්වන්නෝ

August 11, 2009 by Editor  
Filed under Featured, Stories

Mihinthalaya guide mainTour guide talks of tourism in the north central province

මිහින්තලයේ සංචාරක මගපෙන්වන්නෙක් වන ගාමිණී හෙට්ටිආරච්චි මිහින්තලයේ හෝටලක් ඉදිකිරීමට සිහින දකිමින් සිටින්නේය. හෙට්ටිආරච්චි හෝටලක් ඉදිකිරීම පිළිබදව සිහින දකින්නේ විදේශ ගතව රැුකියාවක් කිරිමට වසර ගණනාවක් තිස්සේ පැවති ආසාවවට පයින් ගසමිනි.

මිහින්තලයට පැමිණෙන සංචාරකයින්ට මග පෙන්වා සිය ජීවිතය ගැටගසාගත් හෙට්ටිආරච්චි පසුගිය කාලයේදී විදේශ ගතවීමට නොයෙක් උත්සාහයන් ගත්තේ මිහින්තලයට පැමිණෙන   සංචාරකයින්ගේ සංඛ්‍යාව පහළ බැසීම නිසාය.

‘‘පහුගිය කාලයේ මිහින්තලටය සංචාරකයින් එන එක අඩුවුනා. මේ නිසා අපේ අතට ලැබෙන ආදායම එන්න එන්නම අඩුවුනා. ජීවත් වෙන්න විදියක් නැති නිසා රට ගිහින් මොකක් හරි රස්සාවක් කරලා කීයක්හරි හොයාගන්න  ඕන කියලා හිතාගෙන හිටියා.’’ හෙට්ටිආරච්චී කීවේය.

මිහින්තලයට පැමිණෙන සංචාරකයින්ට මිහින්තලයේ අතීත කතාව කියාදෙන හෙට්ටිආරච්චි ගල් පඩි නැගීමට නොහැකි වයසක සංචාකයින්ට පඩි නැගීමට උදව් කරන්නේය. මිහින්තලා ගල පාමුල සිට සංචාරකයින්ට අවශ්‍ය  ඕනෑම උදව්වක් කිරීමට හෙට්ටිආරච්චි ඉදිරිපත් වන්නේය.

වසර ගණනාවකට පෙර සංචාරකයින් වැල නොකැඞී මිහින්තලයට පැමිණෙන්ට වූ අතර ඒ කාලයේදී හෙට්ටිආරච්චිට කිසිම විවේකයක් තිබුනේ නැත. මිහින්තලයේ ගල් පඩි සිය ගණනක් නැග බැස එන හෙට්ටිආරච්චි ආපසු තවත් සංචාරක පිරිසක් සමගින් මිහින්තලය ගල නැගීමට යන්නේය.

‘‘දවසට රුපියල් තුන්දාහක් පමණ හොයන්න පුලූවන්කම තිබුනා. ඒ දවස්වල මිහින්තලය සංචාරකයින්ගෙන් පිරී තිබුනා.’’ හෙට්ටිආරච්චි කීවේය.

යුද ගැටුම් නිසා ලංකාවට පැමිණෙන සංචාරකයින්ගේ සංඛ්‍යාව අඩුවීමත් සමගින් හෙට්ටිආරච්චිට උදාවූයේ නරක කල දසාවකි. මිහින්තලයට පැමිණෙන සංචාරකයින්ගේ සංඛ්‍යාව අඩුවීමත් සමගින් ඔහුගේ අතට ලැබෙන ආදායමද ක‍්‍රමයෙන් අඩුවූවේය.

‘‘සමහර දවස්වලට එක සංචාරකයෙක් එක්කවත් ගල නගින්න හම්බවෙන්නේ නැහැ. සත පහක්වත් හොයාගන්නේ නැතිව ගෙදර යන දවසුත් තියෙනවා.’’ ඔහු පැවසුවේය.

මිහින්තලයේ සංචාරක මගපෙන්වන්නෙක් වශයෙන් කටයුතු කිරීමට  ඕනෑම අයෙක්ට අවස්ථාව ලැබෙන්නේ නැත. ඒ සදහා පුහුණුවීමක් මෙන්ම රජයේ අවසර ගැනීමද අවශ්‍ය වෙයි.

‘‘අපි සංචාරක මගපෙන්වන්නන් වශයෙන් උතුරු මැද පළාත් සභාවේ ලියාපදිංචි වෙලා ඉන්නේ. සංචාරක මගපෙන්වන්නෙක් වශයෙන්  ඕනම අයෙක්ට ගිහින් ලියාපදිංචි වෙන්න බැහැ. පළාත් සභාවේ සංචාරක අමාත්‍යාංශය විසින් පවත්වන පාඨමාලාවක් හදාරලා තමයි ලියාපදිංචිය අරගෙන තිබෙන්නේ.’’ වසරින් වසර සංචාරක මගපෙන්වන ලියාපදිංචිය දීර්ඝ කරගත යුතු බව කියන හෙට්ටිආරච්චි කීවේය.

උතුරු මැද පළාත් සභාවේ ලියාපදිංචි වන සංචාරක මගපෙන්වන්නට රැුකියා කිරීමට අවසර ඇත්තේ අනුරාධපුරයේ පමණි. ලංකාව පුරා සෑම ස්ථානයකම සංචාරක මගපෙන්වන්නෙක් වශයෙන් කටයුතු කිරීමටනම් සංචාරක අමාත්‍යාංශයේ ලියාපදිංචි විය යුතුය. ඒ සදහා වන පාඨමාලා හැදෑරීම වියදම් සහගත වන බැවින් තමන් අනුරාධපුරයේ පමණක් සංචාරක මගපෙන්වීමේ අවසරය ලබාගෙන ඇතැයි හෙට්ටිආරච්චි සදහන් කරන්නේය.

‘‘ලුංකාවේ  ඕනම තැනක සංචාක මගපෙන්වන්නෙක් විදියට වැඩ කරන්න ලියාපදිංචි වෙනවානම් කොළඹ ගිහින් නැවතිලා ඉදගෙන පාඨමාලා හදාරන්න  ඕන. අපේ කවුරුවත් කොළඹ නැහැ. වියදම් කරගෙන ගිහින් මේ බලපත‍්‍ර ගන්න වැඩ කරන්න බැරි නිසා මේ පැත්තේ විතරක් සංචාරක මගපෙන්වීම් කරන්න අවසර ගෙන තියෙනවා.’’ හෙතෙම කීවේය.

මේ දිනවල සංචාරයකියින් මිහින්තලයට නොඑන නිසා හෙට්ටිආරච්චි මෙන්ම මිහින්තලයේ සංචාරක මගපෙන්වන්නන් මිහින්තලා ගල පාමුලට වී කාලය කා දමමින් සිටින්නේය.

රටේ ඇතිවී තිබෙන සුභදායී වාතාවරණයත් සමගින් ඉදිරියේදී සංචාරයකයින් වැඩියෙන් ලංකාවට පැමිණීමට ඉඩ ඇතැයි හෙට්ටිආරච්චි විශ්වාස කරන්නේය.

‘‘ඉස්සරහට සංචාරකයෝ ආවොත් අපිට මොනවාහරි කර ගන්න පුළුවන්.’’ අනාගතය පිළිබදව දහසක් බලාපොරොත්තු සිතේ තබාගෙන සිටින හෙතෙම පැවසුවේය.

රටේ යහපත් වාතාවරණයක් ඇතිවූ වහාම සංචාරකයින් පැමිණෙතැයි ඔහු විශ්වාස කරන්නේ නැත. ලංකාවට පැමිණෙන සංචාරකයින්ගේ සංඛ්‍යාව ඉහළ යාමට තවත් වසර කීපයක් ගතවනු ඇතැයි ඔහු කියන්නේය.

මේ වන විට රටේ ඇතිවී තිබෙන සාමකාමී තත්වය නිසා ලංකාවට පැමිණෙන සංචාරකයින් ඉලක්ක කරගෙන විශේෂ වැඩසටහනක් සකස් කළ හැකියැයි ඔහු කීවේය.

‘‘ලංකාවට එන සංචාරකයෙක් කොළඹට ආවම කෙලින්ම මිහින්තලය අනුරාධපුර පැත්තෙන් යාපනයට ගෙනියන්න පුලූවන්. එතැනින් ත‍්‍රිකුණාමලය හබරණ අවුකන හරහා පොළොන්නරුවට ගෙනඑන්න පුලූවන්. පස්සේ සීගිරිය දඔුල්ල වගේ තැන්වලට සංචාරකයින් ගෙනයන වැඩසටහනක් සකස් කරන්න පුළුවන්.’’ හෙට්ටිආරච්චි කීවේය.

ලංකාවේ උතුරු ප‍්‍රදේශයේ මෙවැනි සංචාරක ව්‍යාපෘතියක් ක‍්‍රියාත්මක කිරීමට හැකියාව ලැබෙන්නේනම් සංචාරක මගපෙන්වන්නන් වශයෙන් කටයුතු කරන විශාල පිරිසකට වැඩි ආදායමක් සොයාගැනීමට හැකියාව ලැබෙන්නේයැයි හෙතෙම කියන්නේය.

මේ වන විට සංචාරකයින්ට වසා දමා ඇති විල්පත්තු ජාතික වනෝද්‍යානය විවෘත කරන්නේනම් මිහින්තලය නගරයට දැනට ලැබී තිබෙන වටිනාකමට වඩා වැඩි වටිනාකමක් ලැබෙන බව හෙට්ටිආරච්චි පැවසුවේය. එම වනෝද්‍යානය විවෘත කරන්නේනම් මිහින්තලය ප‍්‍රධාන නගරයක් බවට පත්වන අතර එවිට මිහින්තලයේ සංචාරකයින් වැඩියෙන් දැකගැනීමට හැකියාව ලැබෙන්නේය.

‘‘මොනවා උනත් අපිට  ඕන සංචාරකයින් වැඩියෙන් එන එක. එතකොට අපේ අතට වැඩියෙන් ගානක් හොයාගන්න පුලූවන්.’’ සංචාරක හෝටලයක් ඉදිකිරීමට සිහින දකින හෙට්ටිආරච්චි කියන්නේය.

මේ වන විට හෙට්ටිආරච්චිට හෝටලක් ඉදිකිරීමට සුුදුසු ඉඩමක්ද තිබේ. ඔහුට දැන් අවශ්‍යව ඇත්තේ මිහින්තලයට වැඩියෙන් සංචාරකයින් පැමිණීම පමණි.

The tour guides in Mihinthale are hopeful of an increase in tourists to the area following the end of the war. Gamini Hettiarachchi has been a tour guide who had earlier earned about Rs. 3,000 per day during the peak of tourist arrivals to the country. However, he says that it would take a few more years for tourist arrivals to pick up. Hettiararchchi is a registered tour guide with North Central Provincial Council and is unable to work as a guide in other parts of the country as he has not been registered with Tourism Ministry, which he says is a cost he currently could not afford. He says authorities could form several tours for tourists in the country that covers all historically important places. He believes that once tourists to Mihinthale increase, he would be able to build his dream hotel in the area.

  • Share/Bookmark

වෙළද කලාපයේ සන්නාලියෝ

August 3, 2009 by Editor  
Filed under Featured, Stories

FTZ mainThe women from the FTZ

‘‘මගේ ගම වලපනේ. වලපනෙනුත් හුඟක් පිටිසර. මහත්තයා නැතිවුණාට පස්සෙ තමයි මම මේ කලාපෙ රස්සාවට ආවෙ. ඒ මගෙ නෑයො වෙන මල්ලි කෙනෙක් එක්ක.

මහත්තයා ගොවිතැන් කළා. සහනාධාර පොහොර මිටිය ගේන්න ටවුමට ගිහින් එද්දි ලොරියක හැපිල එතැනදිම මැරුණා. මම දරු දෙන්නත් එක්ක තනි වුණා.

ටික කාලයක් මහත්තයාගෙ සහෝදර සහෝදරියන්ගෙනුයි මගේ මල්ලිලා දෙන්නගෙනුයි උදව් උපකාර අරන් ජීවත් වුණා. ලොකු පුතා ඉස්කෝලෙට භාර දුන්නට පස්සෙ පොත් පත්, ඇඳුම් වලට වියදම් කරන්න වුණා. අනෙක් දරුවට තාමත් අවුරුදු 4යි. හැමදාමත් අනුන්ගෙන් ඉල්ල ඉල්ලා ජීවත් වෙන්නෙ කොහොමද? අනික අපේ මල්ලිලත් මහත්තයාගේ සහෝදර සහෝදරියොත් ඔක්කොම ජීවත් වෙන්නෙ අමාරුවෙන්.

මහත්තයා මැරෙන කොට බාගෙට වැඩ ඉවර කරල තිබුණු ගෙයි වැඩ ටික ඉවර කරගන්නත්, පුතාල දෙන්නට හොඳට උගන්නන්නත්, කාටවත් බරක් නොවී ජීවත් වෙන්නත් හිතාගෙන තමයි මං මෙහේ රස්සාවට ආවෙ.

සීට්ටුවක් වත් දාල කීය කීය හරි ඉතුරු කරන්න, මහත්තය වෙනුවෙන් දාහයක් දෙන්න වාගේ කොච්චර බලාපොරොත්තු තිබුණ ද? අන්තිමට ඒ එකක්වත් කරගන්න බැරිව යන්තමට රෝල ගහගෙන නොකා නොබී දුක් විඳිනවා. ඒත් දරුවෝ නිසා ඉවසනවා.

දරුවෝ දෙන්න හිතන් ඉන්නෙ මං එයාලගේ අප්පච්චි හොයාගෙන එන්න ගියා කියල. පොඩි පුතා හැමදාම මාසෙකට වතාවක් මම ගමේ ගියාම මගෙන් අහන්නෙ අප්පච්චි හොයාගත්ත ද කියල. ලොකු පුතාට නම් දැන් ටික ටික තේරෙනවා.

ඒ දෙන්නව බලාගන්නෙ මගේ අම්මල. මාසෙකට වතාවයි මං ඒදෙන්නව දකින්නෙවත්. කොහොම හරි රුපියල් 6000ක් ඉතුරු කරගෙන ගමේ ගිහින් දරුවන්ගෙ වියදමට කියල අම්ම අතට දීල ආපහු එනවා.’’

ඉතාම ලාබාල වියේදී සැමියා අහිමි වීමත්, දරුවන් දෙදෙනෙකුත් සමඟ ජීවිතයට තනිව මුහුණ දීමට සිදුවීමත්සමඟ කටුනායක වෙළඳ කලාපයේ සේවයට පැමිණි ඩබ්.එම්.කේ.ජී. දුලානි වාසලා (26) දැනට සේවය කරන්නේ  ඇඟලුම් කර්මාන්ත ශාලාවක ‘‘හෙල්පර්’’ වරියක ලෙසයි.

‘‘මාගේ මූලික වැටුප රුපියල් 7200 යි. රෑ වැඩත් කරලා, ලැබෙන උපරිම  ඕ.ටී. ප‍්‍රමාණයත් වැඩ කරල යන්තමට රුපියල් 11,000 ක් 12,000ක් පඩි ගන්නවා.

බෝඩිමටයි, ලයිට්, වතුර වලටයි රුපියල් 2500ක් යනවා. කොච්චර පරිමහගෙන කෑවා බිව්වත් තුන් හාරදාහක් අතට වියදම් වෙනවා. ගෙදරටත් රුපියල් 6000ක් දෙනවා. ඉළඟ මාසෙ පඩි දෙනකන් කඩෙන් පොතට බඩු ගන්නවා. ඔහොම තමයි රෝල යන්නෙ.

හුඟක් වෙලාවට උදේට කන්නෙ නෑ. රෑට උයාගනිපු දෙයක් ඉතුරු වෙලා තිබුණොත් කනවා. නැත්නම් උදේට තේ එක විතරයි. වැඩපොළෙන් දවල් කෑම එක දෙනවා. ආයෙ රෑට මොනව හරි උයාගන්නවා.

මෙහේ හැමෝම කන්නෙ බොන්නෙ මෙහෙම තමයි. තුන්වේල හරියට කෑවොත් සතයක් ඉතුරු වෙන එකක් නෑ.

දරුවන්ට ලෙඩක් දුකක් වෙනවද, අම්මල සනීපෙන් ඉන්නවද කියලා හොයලා බලන්නවත් හෑන්ඩ් ෆෝන් එකක්වත් මා ළඟ නෑ. මල්ලිත් මේ ළඟ කිව්වා මම මාසෙකට වතාවක් ගමේ එනකන් උන්නද මළා ද කියලවත් හොයලා බලන්න විදියක් නැති නිසා ෆෝන් එකක් ගන්න කියලා.

ඒත් මේ රෝල යන විදියට අමතර රුපියල් දෙතුන් දාහක් වියදම් කරලා ෆෝන් එකක්වත් ගන්න විදියක් නෑ. ණයක් හරි වෙලා ෆෝන් එකක් ගත්තමයි කියමු. ඊට පස්සෙ කාඩ් වලටයි, රීලෝඩ් වලටයි තවත් කීය කීය හරි වියදම් වෙනවනෙ’’ යැයි දුලානි පවසයි.

‘‘හැම බඩුවකම මිළ නිතර නිතර ඉහළ යනවා. ලයිට් බිල වැඩි වෙනවා. බස් ගාස්තු වැඩි වෙනවා. මාස් පතා එන්න එන්නම වියදම ඉහළ යනවා. ඒ වුණාට අපේ පඩි වැඩිවෙන්නෙ නෑනෙ. ඒ මදිවට  ඕ.ටී. කපනවා. කලාපෙ ගාමන්ට් වැහෙනවා. වැඩ කර කර හිටපු ළමයි ගෙවල් වලට යනවා. අපිත් පුදුම ගින්දරෙන් ඉන්නෙ. මේ තුට්ටු දෙකත් නැතිවුණොත් ජීවත් වෙලත් වැඩක් නෑ.’’

ඇයට අනුව මේ මොහොතේ ඇයට ඇති ප‍්‍රධානතම ගැටළුව නම් ‘‘රැකියාව හදිසියේ අහිමි වේද’’ යන්නයි. ඒ දරුවනුත් ජීවත් කරවාගෙන තමාගේත් එදා වේල පිරිමහ ගැනීමට ඇයට ඇති එකම හයිය මෙම රැකියාව වන බැවිනි.

‘‘කලාපේ හැම සේවකයෙක්ම මේ වන විට රැකියාව අහිමි විම පිළිබඳ ලොකු අවදානමක ඉන්නෙ. අප සතුව තිබෙන සංඛ්‍යා ලේඛන අනුව දැනට 50,000 කට විතර රැකියා අහිමි වෙලා තිබෙනවා. කර්මාන්ත ශාලා සීඝ‍්‍රයෙන් වැහෙමින් යනවා. වැඩ තියෙන තැන් වල  ඕ.ටී. කපමින් යනවා.

කර්මාන්ත ශාලාවන්හි කළමණාකාරිත්වය කියන්නෙ ගෝලීය ආර්ථික අවපාතය සමඟ ඔවුන් ලාභ නොලබන බව. නමුත් විශාල සේවකයින් අහු කරමින් අමතර ඉතිරියක් කරගැනීමත්, රජයෙන් උපරිම බදු සහන ලැබීමත්, ලෝක වෙළඳ පොළේ ඇගළුම් අමුද්‍රව්‍ය මිල අතිශයින් පහත වැටීමත් මත ඔය තියන තරම් ආර්ථික අර්බුදයකට ලක්වෙලා ඉන්න විදියක් නෑ. ඒක මායාවක්. එයාලා මේ මායාව ඉදිරිපත් කරමින් ශ‍්‍රම මංකොල්ලයක නිරත වෙනවා. මේ වෘතිතය සටන ගෙනයාමටයි අපි ස්ටෑන්ඩප් සංවිධානය පිහිටුවාගත්තෙ’’යැයි එම සංවිධානයේ අධ්‍යක්ෂිකා අශිලා නිරෝෂනි මාපලගම පවසයි.

‘‘මේ වෙළඳ කලාපය කියන්නෙ රටක් ඇතුළෙ රාජ්ජයක්. තාප්පෙන්, ගේට්ටුවෙන් ඇතුළත වන නොයෙකුත් අකටයුතුකම් මහා සමාජයට පේන්නෙ නෑ. ඈත ගම් පළාත් වලින් එන අහිංසක දුප්පත් ළමයි මේ වාගේ වැඩ කරන්නෙ. එයාලගෙ අධ්‍යාපන මට්ටමත් අඩුයි. මේ ළමයින්ගේ ශ‍්‍රමය මංකෝල්ල කන අතර අනවශ්‍ය ලෙස හිංසා කිරීම් අහන්නවත් වෙනවා. එයාලට නීතිමය රැකවරණය පවා ලබාගත්ත නිසා මග පෙන්වීමක් නෑ.

මමත් උසස් පෙළ කරලා කලාපයේ  ක්‍යු.සී. කෙනෙක් වශයෙන් රැකියාව කරමින් ලබපු කටුක අත්දැකිම් මත තමයි මේ වගේ සංවිධානයක් බිහි කරලා සාමූහික වෘත්තිය අරගල කිරීම සඳහා ඇඟලුම් සේවිකාවන්ට ඒකරාශි වීමට මඟ පෙන්වන්න හිතුවෙ’’ යැයි අශිලා මාපලගම පැවසුවාය.

විශාල කර්මාන්ත ශාලා ප‍්‍රමාණයයක් එහි කේන්ද්‍රගත වීමත්, දුෂ්කර ග‍්‍රාමිය ප‍්‍රදේශවලින් පැමිනි කම්කරුවන් විශාල ප‍්‍රමාණයක් ඒවායෙහි සේවය කිරීමත්, කම්කරුවන් අතරින් 90%ක්ම කාන්තාවන් වීමත්, එම පිරිස වයස අවුරුදු 18-30 සීමාවේ පහුවීමත් නිසා මෙම කලාප ගත කම්කරුවන් ‘‘සුවිශේෂි කම්කරුවන්’’ පිරිසක් ලෙස වෙන්කර හඳුනාගත හැක.

නිසි අධ්‍යාපන මට්ටමින් නොතිබීම නිසාත්, පිටතින් කිසිවෙකුටත් ඔවුන් සමඟ වෘත්තිය සමිති මට්ටමේ සබඳතා පැවැත්විය නොහැකි නිසාත් හුදෙකලා මෙන්ම නියෝජනයක් නැති කම්කරු ප‍්‍රජාවක් ලෙස නොයෙක් අර්බුද වලට ලක්වීමටත් ඔවුන්ට සිදුවී ඇතැයි  එහි අධ්‍යක්ෂිකාව වැඩිදුරටත් පැවසීය.

W.M.K.G. Dulani Wasala is a 26-year old mother of two who was compelled to find a job as a helper in a Free Trade Zone factory to feed and educate her children and complete their half completed house due to the untimely death of her husband. With a basic salary of Rs. 7, 200, she manages to increase it to Rs. 11,000-12,000 by working over time. However, boarding fees amount to Rs. 2,500. She also gives Rs. 6,000 to her mother when she visits her children once a month to pay for their needs. The balance money is insufficient for her requirements. Most often she skips meals to save money. The global crisis has now made everything more difficult for factory workers given the financial constraints on the management. However, Stand Up Organization Director, Asheela Niroshani Mapalagama accused the factory owners of exploiting the workers to get maximum benefits and vows to fight for their rights.

  • Share/Bookmark

මෙදාපාර ඇසළ උත්සවයට කවදාවත් නැති සෙනගක් එයි

July 21, 2009 by Editor  
Filed under Featured, Stories

business in Kataragama 590 pxKataragama readies for better days

කතරගම, නැතිනම් කාජරගාම ලක්වැසි සිංහල, දෙමළ, මුස්ලිම් කාගේත් ගෞරවාදරයට පාත‍්‍ර වූ ඓතහාසික පුදබිමක්. නිරන්තරයෙන්ම බැතිමතුන් ගැවසුණ ස්ථානයක්. නමුත් පසුගිය තිස්වසරක කාලය තුළ යුද්ධයත් සමඟ ඇතිවූ විවිධ සිදුවීම් නිසා කතරගම දෙවියන්ගේ නැතිනම් මුරුගන් දෙවියන්ගේ පිහිට ආරක්‍ෂාව පතාගෙන කතරගමට එන බැතිමතුන්ගේ පැමිණීම සිඝ‍්‍රයෙන් අඩුවුණා. ඒනිසාම කතරගමට පැමිණෙන වන්දනාකරුවන් මත යැපෙන කතරගම ජනතාවගේ ආර්ථිකයට වැදුනේ මරු පහරක්.

නමුත් යද්ධය අවසන් වූනායින් පසුව දැන් දැන් මේ පුදබිමට පැමිණෙන වන්දනාකරුන් ප‍්‍රමාණය සීඝ‍්‍රයෙන් වැඩිවෙමින් පවතී. උදාහරණයක් ලෙස පසුගිය ජූලි පුන් පොහෝ දිනය සමඟ ලැබුණු දින තුනක සති අන්ත නිවාඩු වෙහි දී ලක්‍ෂයක පමණ බැතිමතුන් පිරිසක් කතරගමට පැමිණ තිබීම දැක්විය හැක. එනිසා අද තමන්ගේ කඩා වැටුණු ආර්ථිකය නැවත වරක් ගොඩනගා ගැනීමට හැකිවනු ඇතැයි කතරගම ජනතාව විශ්වාස කරති.

‘‘යුද්ධෙ ඉවර වුණාට පස්සෙ දැන් කතරගමට සෙනග එනව. හොඳට  අපිට බිස්නසුත් තියනව. මිනිස්සුන්ට කරදරයක් නැතුව ඇවිදින්න කියන්න පුලූවන් බයක් වෙන්න දෙයක් නෑ.” කහඳකෝරලගේ නන්දසේන පවසන්නේය. නන්දසේනත් කතරගමට පැමිණෙන බැතිමතුන්ට පූජා වට්ටි අලෙවිකරන සුළු ව්‍යාපාරිකයෙක්. කතරගමට පැමිණෙන බැතිමතුන්ට අත්‍යාවශ්‍ය භාණ්ඩ ලබා දීම සඳහා ව්‍යාපාරිකයින් සැදී පැහැදී සිටිනු දැකගත හැකි අතර මේ වෙළඳාම ජීවනෝපාය මාර්ගය කරගත් බොහෝ ජනතාවක් කතරගම ප‍්‍රදේශයේ ජීවත් වන බව නන්දසේන පවසයි.

‘‘මම අවුරුදු පහලවක් තිස්සෙ මේ පලතුරු බිස්නස් එක කරනවා.  මේ පැත්තෙ කවුරුත්ම වගේ කරන්නෙ වෙළඳාම තමයි. පලතුරු, සෙල්ලම් බඩු, රස කැවිලි වගේ දේවල් තමයි ඉතිං විකුණන්නේ”. නන්දසේන පවසන්නේය.

මෙසේ පැමිණෙන ජනතාවට විශේෂ සහනදායී මිළ ගනන්වලට භාණ්ඩ ලබා දීමට මේ වෙළෙන්ඳන් සූදානමින් සිටින බව නන්දසේන වැඩිදුරටත් පවසන්නේය.

‘‘මේ පාර වැඩිපුර බිස්නස් තියන නිසා අපි බලාපොරෝතතු වෙන්නෙ කීයක් හරි අඩුවෙන් මේ බඩු විකුනන්න. වැඩිපුර බිස්නස් තිබුනොත් අපිට අඩුවට දෙන්න පුලූවන්.”  නන්දසේන පවසයි.

කෙසේ නමුත් මොවුන්ගෙ ජීවිත සාර්ථක වෙන්න නම් කරන ව්‍යාපාර කටයුතු සාර්ථක විය යුතුමයි. මන්ද මොවුන්ගේ ආර්ථිකය රැුඳී තිබෙන්නෙ ඔවුන් කරන ව්‍යාපරෙයෙන් ලැබෙන ආදායම මත නිසයි.

‘‘බිස්නස් තිබුණොත් තමයි අපිට ජීවත්වෙන්න පුලූවන්. කන්න බොන්න  ඕන, දරුවො ඉස්කෝලෙ යවන්න  ඕන,  ඒ  හැමදේම  කරන්න  ඕන මේකෙන් නේ.  ඒක නිසා  අපිට හොඳට බිස්නස් තියනව නං හොඳයි.” නන්දසේන පවසන්නේය.

මෙවර ඇසළ උත්සව සමය පිලිබඳව මොවුන් සිටින්නේ දැඩි බලාපොරොත්තුවකිනි. ඒ බව මේ  උත්සව සමයට ලහි ලහියේ සූදානම් වන ව්‍යාපාරිකයන්ගේ උදියෝගිමත් ක‍්‍රියා කලාපය තුලින් මනාව පැහැදිලි වේ. මේ වන විටත් මේ වෙළෙන්ඳන් තම තමන්ගෙ වෙළඳ කුටි ප‍්‍රතිසංස්කරණය කරන බව කතරගම පලතුරු වෙළඳම් කරන රත්නායක මුදියන්සේලාගේ අමරකෝණ් පවසන්නේය.

‘‘කඩේ පොඩ්ඩක් රෙපෙයාර් කලා. ඇසල උත්සවෙත් ලඟයිනෙ. ඒක නිසා අපි බලාපොරොත්තු වෙනව මේ සැරේ ලොකු සෙනගක් ඒවි කියල කතරගමට. දැන් යුද්ධෙත් නෑනෙ. ඒක නිසා බය වෙන්න දේකුත් නෑ.” අමරකෝණ් පවසයි.

කතරගමට මේ ලැබිල තිබෙන පුනරුදයත් එක්ක බොහෝ වෙළඳ ව්‍යාපාරිකයන් සිටින්නෙ ඉතාමත් සතුටින් බව අමරකෝණ් පවසයි.

‘‘මේ දැන් පෝය දවසේ ඉඳල දිගටම සෙනග එනවා අපේ බිස්නසුත් හොඳයි. මේ පාර  උත්සවේට කවදාවත් නැති සෙනගක් එයි, එනව අපිට විශ්වාසයි.” අමරකෝණ් දැඩි විශ්වාසයකින් පවසයි.

නමුත් පසුගිය කාල වකවානුව පුරාවටම මේ කතරගම පූජා නගරයේ වෙළඳාමේ යෙදෙන වෙළෙන්ඳන්ට එතරම් යහපත් කාල වකානුවක් වූයේ නැත. ඒ ආරක්ෂාව පිලිබඳ  විවිධ ගැටලූ  හේතුවෙන් ජනතාව ඉතා අඩු ප‍්‍රමාණයක් කතරගම පූජා භූමියට පැමිනීම නිසා බව ඔහු  පවසයි.

‘‘පහුගිය කාලෙ අපි බිස්නස් අතාරින තැනටම ගියා.  මොකද  බිස්නස්  තිබුනෙම  නෑ. සෙනග  ආවෙ  නෑනෙ.  අපේ  ගොඩක්  අය  මේක  අතඇරල ගියා. ඉස්සර උත්සවේට කලින්  ඉඳල  හැමදාම  වගේ  බිස්නස්  තිබුණා.  ඒව  ඔක්කොම  යුද්ධෙත්  එක්ක  එන්න එන්නම  අඩුවෙලා  ගියා.  ජනතාව  කතරගමට එන එක  ගෙඩොක්ම  අඩු  වුණා.”   අමරකෝන් මතක්කර දුන්නේය.

පහුගිය කාකවකවානුව තුළ අමරකෝන් තමන්ගේ ව්‍යාපාරය කරගෙය යාමේදි ලබපු අත්දැකීම් පිළිබඳවත් මතක කළා.

‘‘ඉස්සර  අපිට  ගෙදරට  බඩු  මල්ල  ගෙනියන්නවත්  සල්ලි  නෑ.  අපි  බොහොම අමාරුවෙන්  තමයි  මේ  බිස්නස්  කරගෙන ගියේ.”  අමරකෝණ් පැවසුවේය.

එසේ වුවද වර්ථමානයේ  ඔහු දරන්නෙ මෙවැනි අදහසකි.

‘‘මේ පාරනම් ෂුවර් එකටම සෙනග එනවා. දැන් මිනිස්සුන්ට කන්න නැතත් නිදහසේ එන්න තියනවා. ඒක තමයි අපි කියන්නෙ. දැන් මේ පහුගිය දවස් තුනේ නිවාඩුවට වුණත් කතරගමට ගොඩක් සෙනග ආවා. ඇත්තටම සියට සීයක් සාර්ථකයි කියන්න පුලූවන් මේ පාර වෙළඳාම. ඇත්තෙන්ම ජනතාවට පහසු මිලට භාණ්ඩ ලබා දෙන්න තමයි අපි බලා පොරොත්තු වෙන්නෙ.”

There has been an increase in the number of devotees visiting the Kataragama sacred area following the end of the war. The economies of the people of Kataragama that depended on the Sinhalese, Tamil and Muslim devotees who flock to the area are also experiencing an increase in revenue. The increase income according to the businessmen would help them provide goods at lower prices to their clients. The traders in Kataragama are now hopeful of a large number of devotees during the July festival season. Preparations are now underway for the Kataragama festive season, which commences this month.

  • Share/Bookmark

යුධ ජයග‍්‍රහණයෙන් ඉපිලෙන වතු ජනතාව

July 17, 2009 by Editor  
Filed under Featured, Stories

TamilRelief at war’s end

‘‘අපිට දැන් ගොඩක් සතුටුයි. අපේ ළමයින්ට පාරක බැහැල යන්න පුළුවන්. ඒ දවස්වල හදිසියකට බෑග් එකක් අරන් යන්න බෑ. අපි දිහා අමුතු විදියට බලනවා අපි හරි බයෙන් හිටියේ.” අපේ රෙටි යුද්ධය තිබුණ කාලේ වතු ජනතාවට විඳින්නට ලැබුණු අමිහිරි අත්දැකීම් පිළිබඳව කොටගල වතු සමාගමට අයත් ගාල්ල නාගොඩ වළකුඹුර වතුයායෙහි ජීවත්වන අංගමුත්තු ලෙචිචමී පැවසුවාය.

‘‘අපි පාරේ ගියත් අපිට කොටි කියල තමයි කිව්වේ. අපි එදා ඉඳලා වත්තේ තමයි ජීවත් වන්නේ. අපිට  ගොඩක් ප‍්‍රශ්න තිබුණා. ළමයි කොහේ හරි ගියත් ගෙදරට එනකම් බයේ තමයි හිටියේ. මොකක් හරි වුණොත්.අයියෝ ළමයි ගැන තමයි බය. වත්තේ ළමයි ඉස්කොලේ ගියත් ඒ වගේ බයයි. ” අවුරුදු හැටහතරක් මේ වත්තේ ජීවත්වුණු මීනාච්චී වැඩිදුරටත් පැවසුවාය .

තේ දළු නෙළීම ඔවුන්ගේ ආවේණික රැකියාවක් විය. කණකසෙබෙ මූර්ති බොහෝ කාලයක් තිස්සේ මෙහි සේවය කළ තිබුණේය. ”ඉස්සර නම් අපට පොඩ් පොඩි කරදර තිබුණා. මොකද? අපි වතුවලනේ ඉන්නේ. දැන්නම් ඒ කරදර නෑ. යුද්ධය අවසන්වීම ගැන අපිට සතුටුයි” ඇය අතීතය සිහිපත් කරමින්  පැවසුවාය.

නාගොඩ වළකුඹුර වතුයායෙහි දෙමළ කම්කරු පවුල් පනහක් ජීවත් වෙති. මේ සියලූ පවුල්වල සාමාජිකයින්ට තම මූලික අයිතීන් බොහෝමයක් ලැබී තිබේ. නමුත් එයින් සියල්ල සම්පුර්ණ නොවන බවයි බොහෝ දෙනෙක් පැවසුවේ.

‘‘අපි වත්තේ වැඩ කරන්නේ නැහැ. ඉතින් අපි කොහේ හරි ගියොත් පොලීසියෙන් අපි අල්ල ගන්නවා. අපිව සැකයි කියලා. ලයිෂන්  එක තියෙන නිසා බේරෙනවා.” සෙල්ලදොරේ චන්ද්‍රරත්නම් තමන් මුහුණ දුන් අත්දැකීමක්  ගැන  පැවසුවේය.

වතු ආශි‍්‍රතව ජීවත්වෙන දරුවන්ටත් සමාජයේ නොයෙකුත් හිරිහැරවලට මුහුණදෙන්න සිදුවෙනවා. මෙවැනි හේතුවක් නිසා සතාසිවම් නිස්සංක පාසල් ගමන නතර  කරල තියෙනවා. ‍

”මගේ නම සතාසිවම් නිස්සංක. මම ගියේ යටලමත්ත මහා විදුහලට. අපි ගියාම ළමයි අපට දෙමළා දෙමළා කියනවා. අපි මිස්ට කිව්වහම මිස් කියනවා ආයේ කියන්න එපා කියලා. ඒපාර අපි සෙල්ලම් කරද්දි අපට දෙමළා කියලා ගහනවා. මිස්ට කිව්වහම ඒවා ගණන් ගන්නෑ. අපි එයාලට සිංහලයා කිවිවහම මිස්ල අපට බනිනවා.” ඔහු පැවසුවේය.

යටලමත්ත මහා විදුහලේ  9 ශ්‍රේණියේ ඉගෙන ගන්න නිස්සංක මේ වෙන කොට පාසල් ගමන නතර කරලා. ”අපට ආපහු ඒ වගේ අවස්ථාවක් ලබා දුන්නොත් ඉස්කෝලේ යනවා.” ඔහු වැඩිදුරටත් පැවසුවේය.

වතු ලයිම්වල ජීවත්වන මේ වැසියන් ස්ථිර පදිංචිය සඳහා යවනු ලබන්නේ තවත් වතුයායකටය. එම නිසා විට්න්විට ඔවුන්ට හිමිවිය යුතු අයිතිවාසිකම් නොලැබී යන බව ඇන්තනී ශන්මුගරාජා පැවසීය.

‘‘මම කළින් හිටියේ ඉංගිරියේ. මට එහේ ඉන්න කොට ඡන්දය තිබුණා. මං මෙහෙට ඇවිත් දැන් අවුරුදු තුනක් වෙනවා. තාම මට ඡන්දය ලැබුණේ නැහැ. යුද්ධය තිබුණු කාලේ  නම් අපට කොහේවත් යන්න බෑ. දැන් නම් නිස්කලංකව පාරේ යන්න පුළුවන්.”

ඉංග‍්‍රීසි ආණ්ඩු සමයෙහි වැවිලි ව්‍යාපාරික මෙන්ඩිස් සිල්වා මහතාට අයත්ව තිබූ මේ වතුයාය එකල සශ‍්‍රීක තේ වත්තක්. නමුත් පසුකාලීනව ජනවසම (ජනතා වතු සංවර්ධන මණ්ඩලය) යටතට පවරා ගැණුනු මේ වතුයාය නැවත ඉන්දීය සමාගමකට විකුණා දමනු ලැබීය. අද මෙම වතුයාය අයත්වන්නේ කොටගල වතුසමාගමයට. එහෙත් එදා පැවති සශ‍්‍රීකත්වය අද මේ වත්තෙහි නැත.

තේ වත්ත තම ජීවනෝපාය මාර්ගය කරගත් දෙමළ වතු කම්කරුවන්ට මෙය මහත් ගැටළු සහගත තත්ත්වයකි. 75 වියැති රාමසාමි ලෙච්චමී මෙම වත්තේ ජීවත් වන පැරණිම කම්කරු කාන්තාවකි. ඇයට එකල ලැබුණු පඩිය සුළු වුවත් ඔවුන් මනා දිවිපෙවතක් ගත කර තිබෙනවා.

”මම ඒ කාලේ සුළු පඞ්යකට වැඩ කලේ මේ නාගොඩ වත්තේ. ඉතින් ඉස්සරම කාලේ  කිසිම කරදරයක් නැතුව අපි හිටියා.” ‍රටේ ආර්ථිකය ඉහළ නංවන්න ශ‍්‍රමය වැය කරන මේ දිරිය මිනිසුන් සඳහා රජයේ අවධානය යොමු කරනවා මදි යැයි අංගමුත්තු මීනාච්චි  පැවසුවාය.

‘‘අපට රජයෙන් මොනවත් ලැබිල නෑ. වැඩ කරද්දි අර්ථ සාධක අරමුදල් ලැබුණා. ඒ ඇරෙන්න මොනවත් ලැබුන්නෑ. ඒ කොහොම වුණත් ලැබෙන සුළු පඩියෙන් වුණත් දැන්  කාල බීල ඉන්න පුළුවන්.”  ඇය කියයි.

වතු ආශ‍්‍රිතව ජීවත්වෙන ෙමි ජනතාව දෙස සමාජයේ ජීවත්වෙන අනෙක් මිනිසුන් තුළ පැවති ආකල්පය වෙනස් වෙමින් පවතින බව රාජරත්නම් පවසන්නේය.

‘‘ඉස්සර නම් බයෙන් හිටියේ. මිනිස්සු අපි දිහා සැකෙන්නේ බලන්නේ. දැන්නම් ලැබෙන සුළු පඬියෙන් කාල බිල ජීවත්වෙනවා.” රාජරත්නම් පැවසීය.

සිය පවුලේ ඥාතීන් තමන්ගේ නිවාසවල නතරකරගැනීමට හැකිවීම ගැන අද ඔවුන් පවසන්නේ ඉතාමත් සතුටින්.

‘‘අපට දැන් බය නැතුව ඉන්න පුළුවන්. අපේ නෑදැයෝ ගෙවල්වල නතරකරගන්න පුළුවන්. ඒක නිසා අපි සතුටු වෙනවා.” රාජරත්නම් කියන්නේය.

කෙසේ වෙතත් මේ ජනතාවට ලැබිය යුතු ආර්ථික, සමාජීය හා අධ්‍යාපනික අයිතිවාසිකමි නොලැබි යන බව සත්‍යයකි. යුද්ධය අවසන් වූවායින් පසුවවත් එම අයිතීන් සමානව ලබාදිය යුතුව තිබේ.

‘‘යුද්දේ ඉවරවුණ එකටනම් අපි බොහොම කැමතියි. අපි හරිම සතුටුයි. ඒ වගේම අනිත් අයට වගේම අපිටත් ලැබිය යුතු අපේ අයිතිවාකම් ලබා දීල, තියෙන ඒවා ආරක්‍ෂා කරල දෙන්න කියල තමයි අපි ඉල්ලන්නේ. හැමෝටම එකට එකවගේ ජීවත්වෙන්න ලැබෙනවා නම් ඒක තමයි අපිට තියෙන ලොකුම සතුට” රාමසාමි රාජරත්නමි පැවසුවේය.

The end of the ethnic conflict has brought about a sense of security to the estate community living in the Walakumbura Estate in Nagoda, Galle. The ability to move freely without being looked at suspiciously has given the confidence for them to carry out their livelihood without any hindrance. However, they are yet to receive some of their basic rights in areas like social, economic and education fields. They say that being entitled to similar rights enjoyed by others would make them immensely happy. The children from the estate communities face various social issues that have prevented them from attending schools. The lack of a permanent residence has compelled these people to live in different tea estates from time to time

  • Share/Bookmark

මාළු නැති කලා වැවේ ධීවර කර්මාන්තය

July 16, 2009 by Editor  
Filed under Featured, Stories

Kala Wewa mainNo fish in Kala Weva

කලා වැවේ වැව් ඉස්මත්තෙන් හිරු පායා එත්ම වැවේ තොටුපළවල් අසල දක්නට ලැබෙන්නේ කලබලකාරී තත්වයකි. මේ වේලාවට වැවේ තොටුපළ අසලට එක්වන බොහෝ දෙනා මාළු වෙළදාම් කරන වෙළදුන්ය. ඇතැම් අය මාළු මිලදී ගන්නා තැරැව්කරුවන්ය. මාළු වෙළදුන් හා තැරැව්කරුවන් බලා සිටින්නේ වැවේ මාළු ඇල්ලීමට ගිය ධීවරයින් නැවත පැමිණෙන තෙක්ය.

උදෑසන හිරු එළිය පොළව සිපගනිත්ම වැවේ මාළු ඇල්ලීමට ගිය ධීවරයින් වැවේ තොටුපළ වෙත පැමිණෙන්නේය. වැවේ සිට එක්බෝට්ටුවක් ගොඩබිමට පැමිණෙත්ම පවතින කලබලකාරී තත්වය තවත් වැඩි වෙයි. බෝට්ටු ගොඩබිමට ළංවත්ම බෝට්ටුව වටකරගන්නේ කුරුල්ලන් විසින්ය. බෝට්ටුව වටකරගන්නා කුරුල්ලන් බෝට්ටුවත් සමගින් ගොඩබිමට ලංවන්නේය.

බෝට්ටුවේ සිටින මාළු ගොඩට ගෙනවිත් ගොඩවල් ගසන්නේද බෝට්ටුවේ සිට පැමිණි ධීවරයින් විසින්මය.

කලා වැවේ ධීවර කර්මාන්තයේ යෙදෙන ධීවරයින් මාළු ඇල්ලීමට වැවට යන්නේ උදේ පාන්දරය. තවත් සමහරු මාළු අල්ලන්න යන්නේ රාත‍්‍රී කාලයටය. පාන්දර හතරට පමණ වැවේ සිටින මාළු ඇල්ලීමට යන්නේ වැඩියෙන් මාළු අසුවන්නේ මේ වෙලාවේ මාළු වැඩියෙන් අසුවන නිසාය.

‘‘රෑට තමයි අපි මාළු අල්ලන්න යන්නේ. මොකද උදේට වැඩියෙන් මාළු අහුවෙන නිසා.’’ යූ.එල්.අනීෂී කීය.

බෝට්ටුව පුරවා මාළු අල්ලාගෙන පැමිණීමේ බලාපොරොත්තුවෙන් මොවුන් උදේ පාන්දර වැවට යන නමුත් බොහෝ දෙනාගේ බලාපොරොත්තු ඒ ආකාරයෙන්ම ඉටුවන්නේ නැත. බෝට්ටුව පුරවා මාළු අල්ලාගැනීමට බලාපොරෝත්තුවෙන් වැවට ගිය යූ.එල්. අනීෂ් බොහෝ දිනවලට නැවත වැවේ ධීවර කටයුතු කර ආපසු පැමිණෙන්නේ එක් ලොකු මාළුවෙක් හෝ අල්ලාගැනීමට නොහැකිවය.

‘‘මම වැවේ ගිහින් මාළු අල්ලගෙන ආවත් ගොඩක් දවස්වලට අහුවෙන්නේ පොඩි මාළු විතරයි. ඊයේ දවසට ආසාවට කියලා එක ලොකු මාළුවෙක්වත් අල්ලාගන්න බැරිවුනා.’’ අනීෂ් කියන්නේය.

දැනට අවුරුදු පහකට පමණ පෙර කලා වැවේ ධීවර කර්මාන්තයේ යෙදෙන ධීවරයින් විසින් අල්ලාගන්නා මාළු කොළඹ මාළු වෙළදපොළට පැමිණියේය. ලොරි වලින් කලාවැවේ මාළු කොළඹ පැමිණියත් දැන් කලාවැවේ ධීවර කර්මාන්තයේ යෙදෙන ධීවරයින් අල්ලන මාළු කොළඹ එවන්නේ නැත. ඒ මාළු කොළඹ ගෙනඒමට ලොරි කලාවැවේ තොටුපොළවල් අසලට දැන් නොපැමිණෙන නිසාය. මීට වසර හතරකට පහකට පමණ පෙර කාලයේදී තරම් මාළු ඇල්ලීමට කලා වැවේ ධීවර කර්මාන්තයේ යෙදෙන ධීවරයින්ට හැකියාවක් නොලැබෙන නිසා කොළඹට මාළු ගෙනයන ලොරි පැමිණෙන්නේ නැත. කලා වැවේ ධීවර කර්මානත්යේ යෙදී සිටින පුද්ගලයින් විසින් අල්ලන මාළු ඒ අවට පමණක් වෙළදාම් කරන්නේය.

වැඩි මාළු ප‍්‍රමාණයක් අල්ලාගැනීමට නොහැකිවීම නිසා තමන් දැඩි අසීරුතාවයට පත්ව ඇතැයි කලා වැවේ ධීවර කර්මාන්තය කරන්නෝ පවසති.

‘‘දැන් කොච්චර මහන්සිවුනත් කිලෝ එකයි දෙකයි හම්බවෙන්නේ. ඒ අල්ලන මාළු වලින් දවසක් ජීවත්වන්නත් සල්ලි හොයාගන්න හරිම අමාරුයි.’’ වසර තිහක් තිස්සේ කලා වැවේ ධීවර කර්මාන්තය තමන්ගේ ආදායම් මාර්ගය බවට පත්කරගෙන සිටින මොහොමඩ් රාසික් සදහන් කළේය.

‘‘අපි දෙන්නෙක් බෝට්ටුවේ ගිහිල්ලා මාළු ඇල්ලූවා. අපිට මාළු කූරි හයදෙනයි අල්ලගන්න පුලූවන් වුනේ. ඒක අපිට කෑමට ගන්න විතරයි ප‍්‍රමාණවත් වෙන්නේ. මාළු අඩු නිසා අපේ බඩට තමයි වැදිලා තියෙන්නේ.’’ කලා වැවේ ධීවර කර්මාන්තය කරන ධීවර බෝට්ටු හිමිකරුවෙක් වන අබ්දුල් අජීස් කියන්නේය.

මේ වන විට කලා වැවේ ධීවර කර්මාන්තයේ යෙදෙන ධීවර බෝට්ටු තුන්සියයකටත් වඩා තිබෙන්නේය. මේ ධීවර බෝට්ටු තුන්සියයකින් ධීවර කර්මාන්තය සිදුකීරීමට තරම් ප‍්‍රමාණවත් මාළු වැවේ නොසිටින බව ධීවරයින් කියන්නේය. මේ අතර තංගුස් දැල් යොදාගැනීම නිසා ලොකු මාළු හිගවී ඇතැයිද ඔවුන් පවසන්නේය. මේ නිසා තංගුස් දැල් දමමින් ධීවර කර්මාන්තයේ යෙදීම තහනම් කර තිබෙන්නේය.

‘‘ඉස්සර හැමෝම පොඩි දැල් දාලා මාළු අල්ලන්න ගත්තා. මේක නිසා පොඩි මාළු සේරම අහුවුනා. මාළු අඩුවුනා. දැන් පොඩි දැල් දාන එක තහනම් කරලා තියෙනවා. ඒකෙන් පස්සේ තමයි මාළු ටිකක් හරි අහුවෙන්න ගත්තේ.’’ අජීස් කීවේය.

කලා වැවේ ධීවර කටයුතු කරන ධීවරයින්ට යොදාගැනීමට අවසර ඇත්තේ අගල් තුනහමාරට වඩා වැඩි ප‍්‍රමාණයේ දැල්ය.

තංගුස් දැල් යොදාගෙන කිසියම් අයෙක් කලා වැවේ මාළු අල්ලන්නේනම් ඔවුන් අල්ලාගෙන ඔවුන්ගේ දැල් සිය භාරයට ගැනීමට ප‍්‍රදේශයේ ධීවර සමිතිය කටයුතු කරන්නේය. කැළෑ ප‍්‍රදේශයට වන්නට පිහිටි පාළු ප‍්‍රදේශයන්හි ඇතමුන් තංගුස් දැල් යොදාගෙන ධීවර කටයුතු කරන්නේ. මේ ආකාරයට නීති විරෝධීව ධීවර කටයුතු කරන අයෙක් පිළිබදව කිසියම් තොරතුරක් ලැබුනහොත් ප‍්‍රදේශයේ ධීවර සමිතිය වහාම ක‍්‍රියාත්මක වන්නේය. ධීවරයින් සමග යන ධීවර සමිතියේ සාමාජිකයින් නීති විරෝධීව ධීවර කර්මාන්තයේ යෙදෙන පිරිස් එලවා දමන්නේය. එමෙන්ම ඔවුන් මාළු ඇල්ලීමට යොදාගන්නා දැල් ධීවර සමිතිය භාරයට ගන්නේය.

ඇතැම් අවස්ථාවලදී තංගුස් දැල් දමාගෙන ධීවර කටයුතු කරන අය පිළිබදව තොරතුරු ලැබුනු විට ධිවර සමිතියේ සාමාජිකයින් තවත් ධීවරයින් සමග ඒ දෙසට යන්නේ මාළු අල්ලන අය පරිද්දෙනි. නීති විරෝධීව මාළු අල්ලන අය මොවුන් දුටු වහාම කැලයට වැද දුවන්නේ මාළු ඇල්ලීමට රැුගෙනගිය සියලූම භාණ්ඩ ඒ තැන්වලම තිබෙන්නට හරිමිනි. ඉන් පසුව ධීවර සමිතියේ අය මේ භාණ්ඩ ගෙනයන්නේය.

මේ වන විට කලා වැවේ තංගුස් දැල් භාවිතය තහනම් කර ඇති නිසා ඉදිරියේදී වැවේ මාළු සංඛ්‍යාව ඉහළට යා හැකියැයි ධීවරයේ විශ්වාසය පළකරන්නේය.
‘‘තවත් ටික කාලයකින් මාළු වැඩියෙන් අහුවෙයි කියලා අපි විශ්වාසයෙන් ඉන්නේ.’’ අජීස් කීවේය.

කලා වැවේ ධීවර කර්මාන්තයේ යෙදී සිටින ධීවරයින් ඉල්ලා සිටින්නේ වැවේ මාළු බෝකරන ලෙසයි. වැවේ සිටින මාළු සංඛාව ඉහළ ගියහොත් තමන්ට වැඩි ආදායමක් ලබාගැනීමට හැකියාව ලැබෙන්නේයැයි ඔවුන් පවසන්නේය.

දැනට මාස කිහිපයකට පෙර කලා වැවට මාළු දැමීමට ධීවර බලධාරීන් පියවර ගත්තේය. එහෙත් එලෙස බෝකර ඇත්තේ කුඩා මාළු වන බව ධීවරයින් කියන්නේය.

‘‘පොඩි මාළු බෝකරාට ලොකු ගානක් හොයාගන්න බැහැ. දැන් සමහර බෝට්ටුවකින් දවසට පොඩි මාළු කිලෝ විස්සක් විස්සක් විසිපහක් ගේනවා. ඒත් එයින් වැඩි අදායමක් ලබන්න බැහැ.’’ අනීෂ් කීය.

මේ නිසා ලොකු මාළු බෝකිරීමට කටුයතු නළ යුතුයැයි ඔහු ඉල්ලා සිටින්නේය. ඒ මගින් ධීවරයින්ට වැඩි ආදායමක් ලබාගත හැකි බව ඔහුගේ අදහසයි. එමෙන්ම ඉක්මනින් බෝවන මාළු වැවට දැමිය යුතුයැයි ඔහු කියන්නේය.

‘‘සිලාපි වගේ මාළු තමයි වැවට දාන්න  ඕන. ඒ වගේ මාළු තමයි වැඩියෙන් බෝවෙන්නේ. එතකොට තමයි අපිට වැඩියෙන් මාළු අල්ලගන්න පුලූවන් වෙන්නේ. එහෙම කළොත් අපිට වැඩි ගානක් අතට හම්බවෙනවා.’’ අනීෂ් කියන්නේය.

The fishing industry in Kala Wewa has seen a drastic decline in the past few years due to the drop in fish in the tank. Although fish caught from the Kala Wewa tank was even brought down to Colombo earlier, fishermen complain that their catch some days is only sufficient for their consumption. The fishermen, who currently facing many financial difficulties, have called on the authorities to take measures to breed fish in the tank. They say it is important to breed large fish if the once lucrative fishing business carried out by a 300 strong fleet of fishing boats in Kala Wewa is to resume again. The banning on thangus fishing nets would also help the cause, the fishermen said.

  • Share/Bookmark

« Previous PageNext Page »