මැතිවරණ වියදම මිලියන එක්දහස් අටසීයයි.

මෙවර මහ මැතිවරණය සඳහා රුපියල් මිලියන එක්දහස් අටසීයක් (1800)වැය වන බව මැතිවරණ කොමසාරිස් කාර්යාලය පැවසුවේය. මෙම මුදල සම්පූර්ණ මැතිවරණය සඳහා වන වියදම නොවන බවත් එ් සඳහා වූ මඃකල්පිත ගණනය කිරීමක් පමණක් බවයි මැතිවරණ කොමසාරිස් කාර්යාලයේ ගණකාධීකාරී ඊ එ් වීරසේන පවසන්නේ.
ඔහු පවසන පරිදි මැතිවරණ වියදම් ගණනය කළ හක්කේ මැතිවරණය අවසන් වී මාස තුනක් ඉකිම වූවායින් පසුය. තැපැල් කටයුතු පොලීසිය සඳහා මුද්‍රණ කටයුතු දිසිත‍්‍රික් මට්ට්මින් සිදු වන කි‍්‍රයාදාමයන් ඇතුලු සියල්ල සඳහාම මෙම වියදම් සිදු වන බවයි හෙතෙම පවසා සිටින්නේ.
දිස්ත‍්‍රික්කයෙන් දිසිත‍්‍රික්යට මෙම මැතිවරණ සඳහා වියදම් වන මුදල් ප‍්‍රමාණය වෙනස් බවත් එ් සඳහා වෙන් කළ ස්ථිර මුදලක් නොමැති බවද හෙතෙම පැවසීය.
ජෙනරාල්වරයා බේර ගන්න අපේ කැපවීම හැමදාම තියෙනවා.
ජෙනරාල් ෆොන්සේකා නිදහස් කර ගැනීම සඳහා වූ කි‍්‍රයා මාර්ගයේදී සෑම විටම එක්සත් ජාතික පක්ෂය සම්පූර්ණ කැපවීමක් සිදු කරමින් සිටින බව එක්සත්ජාතික පක්ෂ මහලේකම් තිස්ස අත්තනායක පැවසීය.
“මානව හිමිකම් පෙක්සම් අධිකරණයට අරන් ගියෙත් අපි. මේ සඳහා ඉදිරිපත් වෙලා ඉන්න සියලුම නීතිඥයන් අපේ අය. ජෙනරාල්වරයා පිළිබඳව ආරංචිය ලෝකය පුරා ගෙන යන්න මූලික වෙලා කටයුතු කළේ විපක්ෂ නායක වරයා. ඔහුව නිදහස් කරන්න පුලුවන් දෙගොල්ලකට පමණයි. එ් සන්ධාන ආණ්ඩුව අනික එක්සත් ජාතික පෙරමුණ.” මහලේකම්වරයා සඳහන් කළේය.
සන්ධාන ආණ්ඩු කෙදිනකවත් ඔහු නිදහස් නෙකරන බවත් එක්සත් ජාතික පෙරමුණ බලයට පතවුව හොත් ජෙනරාල්වරයා නිදහස් කරන බවත් ලේකමිවරයා සඳහන් කළේය.
“ඊළඟට ආණ්ඩුව හදන කෙනාට තමයි ඔහුව නිදහස් කරන්න පුලුවන් වෙන්නේ. කොහෙම වුණත් ප‍්‍රජාතන්ත‍්‍රවාදී ජාතික සන්ධනයට බලයට එන්න බැහැ. එක්සත් ජාතික පෙරමුණ තමයි 90% උදවි කළේ ජනාධිපතිවරණය වෙලාවෙදි. ජනතා විමුක්ති පෙරමුණ උදවි නෙකළා කියනවා නෙවෙයි. නමුත් මිලියන 4-5 ජනතා කැමැත්ත තියෙන්නේ එක්සත් ජාතික පක්ෂයට.” මහ ලේකම්වරයා සඳහන් කළේය.
පොදු අපේකෂකයා ඉදිරිපත් කරමින් ජනාධිපතිවරණයට ඉදිරිපත් වූයේ විධායක ජනාධිපති ක‍්‍රමය අහෝසි කිරීම සඳහා බවත් එ් සඳහා අවශ්‍ය කැපවීම එක්සත්ජාතික පෙරමුණ වශයෙන් සිදු කළ බවත් ප‍්‍රතිඵලය කෙසේ වෙතත් ඊළඟ පියවර වෙත පැමිණ තිබෙන බවයි හෙතෙම සඳහන් කරන්නේ.
“ස්ති‍්‍රක්ක කිහිපයක නායකත්වය දීලා අපිත් එක්ක වැඩ කරන්න කියලා අපි එතුමාට කීවා. නමුත් එකඟ වුණේ නැහැ. එ්ක එතුමාගේ කැමැත්ත. එක්සත් ජාතික පෙරමුණ ඔහු සමග නැහැ කියලා කියන්න බැහැ. එතුමගේ ඡන්ද ව්‍යාපාරය අපට කරන්න බැහැ. අපි අපේ පක්ෂය වෙනුවෙන් එ් දෙවල් කළ යුතුයි.” මහ ලේකම් අත්තනායක සඳහන් කළේය.
කෙසේ වුවද මැතිවරණයෙන් පසු ජනතා විමුක්ති පෙරමුණත් ජෙනරාල්වරයාගේ පක්ෂයේ උදවිය මෙන්ම එක්සත් ජාතික පෙරමුණත් එකට මුණ ගැසෙන බවත් එ අවස්ථාවේදී සියලු දෙනා එක්ක කටයුතු කරන බවත් හෙතෙම සඳහන් කළේය.
මහ ලේකම්වරයා සඳහන් කරන පරිදි සමාජයට මෙන්ම ආණ්ඩුවටද ජාත්‍යන්තර ත‍්‍රස්තවාදියකු අත් අඩංගුවේ සිටින බව අමතකය. ඔහු සුර සැප විදින විට සියලූම පහසුකම් විදින විට රටේ පමණක් නොව ලෝකයේම වීරයකු වශයෙන් පිළිගත් ජෙනරාල්වරයා අවම පහසුකම් මැද පීඩා විදින බව ද හෙතෙම සඳහන් කළේය.
“කේ පී අත් අඩංගුවට ගත්තද ස්ව කැමැත්තෙන් ඉන්නවද කියන එක නම් අපට තාම ප‍්‍රශ්ණයක්. අත් අඩංගුවට ගත්තානම් අධිකරණයට යවන්න ඕන. හැමෝටම හොරෙන් මේ පුද්ගලයා සඟවාගෙන සටින්නේ කුමක් නිසාද කියන එක ගැටලූවක්.”
ඔහු සතු නැව් සමූහය ගැනීමට යැයි පවසමින් ඔහු රදවා සිටින්නේ සියලු පහසුකම් සමඟ බවයි හෙතෙම පවසන්නේ. එකී දේපල වලින් ලැබෙන වත්කම් වලට කුමක් වෙනවද යන වගද කිසිවකු නොදන්නා බවයි හෙතෙම පවසන්නේ.
මෙසේ සිතා බලන විට ජෙනරාල්වරයා අත් අඩංගුවට ගැනීම දේශපාලන හේතුවක් බව කැපී පෙනෙන බවද මහලේකම්වරයා සඳහන් කළේය. කෑපී පෙනෙන චෝදනා තිබෙන ජාත්‍යන්තර ත‍්‍රස්තවාදියා තබාගෙන කුමක් කරන්නේද යන්නත් ජනෙරාලවරයා යුධඅධිකරණයට යවන්නට ඉක්මන් වන්නේත් කුමක් සඳහාද ගැටලූවක්ව පවතී.
උතුරු නැගෙනහිර ඩෙංගු රෝගය අවම වන ලකුණු
පසුගිය සමයේ උතුරු සහ නැගෙනහිර ප‍්‍රදේශ වල සීග‍්‍රයෙන් පැතිර ගිය ඩෙංගු උණ රෝගය මේ වන විට ක‍්‍රමයෙන් අවම වී යන බව වසංගත රෝග විද්‍යංශය පෙන්වා දෙයි. පසුගිය දෙසැම්බර් මස පමණ සිට පෙබරවාරි මාසය වන තෙක් උතුරු නැගෙනහිර ප‍්‍රදේශයන්හී විශාල වශයෙන් ඩෙංගු රෝගය පැතිර ගියේය. මෙහිදී ඩෙංගු රෝගීන් 1700කට ආසන්න වූ අතර 14 දෙනෙක් මිය ගියහ. ඒ තත්ත්වය මේ වන විට බොහෝ දුරට ම්‍ග හැරී ඇතැයි වසංගත රෝග ඵීද්‍යංශයේ වෛද්‍ය හසිත තිසේරා පැවසුවේය.
‘‘ඊසාන දිග මෝසමත් සමගම පැතිර ගිය වර්ෂාව හේතුවෙන් ඩෙංගු රෝගය මේ ප‍්‍රදේශවල ඉක්මනින් පැතිර ගියා. ඩෙංගු රෝගය පිළිබද සාමාන්‍ය ජනතාවගේ තිබුණු අවධානය හේතුවෙන් සහ නිසි අකාරයෙන් සෞඛ්‍ය අංශයේ අවධානය නිසා රෝගය පැතිර යාම අවම කරගන්න හැකියාවක් ලැබුණා.’’ වෛද්‍ය තිසේරා පැවසුවේය.
මේ වන විට මේ වසරේ ගෙවුණු මාස දෙක තුළ ඩෙංගු රෝගීන් දස දහසකට ආසන්න ප‍්‍රමාණයක් වාර්තා වී ඇතැයි සෞඛ්‍ය අංශයේ වාර්තා පෙන්වා දෙයි. පසුගිය වසරේ ඩෙංගු රෝගය වසංගතයක් තත්ත්වයට පත් විය. එහිදි රෝගීන් අති විශාල සංඛ්‍යාවක් වාර්තා වූ අතර රෝගීන් තුන්සියයකට අධික පිරිසක් මරු මුවට පත් විය. 2009 වසර අගභාගය වන විට මේ තත්ත්වය සෞඛ්‍ය අංශයේ දැඩි අවධානයත් සමගම යම් තාක් දුරට පාලනය වී තිබුනද මේ වසර වන විට නැවතත් ඩෙංගු රෝගය උත්සන්න වී තිබේ.
‘‘ගිය අවුරුද්දෙ ඩෙංගු මැඩ පවත්වන්න සෞඛ්‍ය අංශ ලොකු මැදිහත් වීමක් කළා. ඒ කැපවීම නිසා ඇත්තටම ඩෙංගු රෝගීන් මිය යාම අඩු වුණා. ඒත් දැන් ආයෙමත් ඩෙංගු රෝගය වැඩි වෙනවා. සෞඛ්‍ය අංශ වල හිඩැසක් තියෙන නිසයි මෙහෙම වෙන්නෙ. හැකි ඉක්මනින් මේ තත්ත්වය පාලනය කරන්න පියවර නොගත හොත් නැවතත් ඩෙංගු රෝගය වසංගතයක් වීමේ අවදානම තියෙනවා.’’ ඩෙංගු රෝගයට භාජනය වූ හෙද නිලධාරී අවිස්සාවේල්ලේ ඉන්දික සම්පත් පැවසුවේය.
මේ වන විට ඩෙංගු රෝගය පැතිරීයාම වළක්වා ලීමට අවශ්‍ය සියථම පියවරයන් ගන්නා බව වසංගත රෝග ඵීද්‍යා කාර්යංශය ප‍්‍රකාශ කරයි. ඒ සදහා කියුබාවෙන් ගෙන්වන බී ටී අයි බැක්ටීරියාව ඩෙංගු පැතිරී යන ප‍්‍රදේශ වල හැකි ඉක්මනින් යෙදීමට බලාපොරොත්තු වන බව සෞඛ්‍ය අමාත්‍යංශය ප‍්‍රකාශ කළේය. විශේෂයෙන්ම ගුවනේ සිට මේ බැක්ටීරියාව විසිරුවා හැරීමට පියවර ගන්නා බව සෞඛ්‍ය අමාත්‍යංශය පෙන්වා දෙයි.
2020 දී වැඩිහිටි ජනගහනය ඉහළට
වසර දෙදහස් විස්ස වන විට ශ‍්‍රී ලංකාවේ වැඩිහිටි ජනගහනය 20% ඉහළ යනු ඇතැයි සෞඛ්‍ය අමාත්‍යංශය සඳහන් කරයි. මෙයට හේතු වී ඇත්තේ පසුගිය වකවානුවේ ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය ක්ෂෙත‍්‍රය සංවර්ධනය වීම සහ පුද්ගලයන් නිරෝගීව සිටීමට එයින් සිදු කෙරෙන බලපෑම බව සෞඛ්‍ය අමාත්‍යාංශය පෙන්වා දෙයි.
‘‘ සෞඛ්‍ය පහසුකම් වැඩි දියුණු වෙන කොට පුද්ගලයන්ගේ ආයු අපේක්ෂාව වැඩි දියුණු වෙනවා. 1947 වසර ගත්තොත් පුද්ගලයෙකුගේ සාමාන්‍ය ආයු අපේක්ෂාව අවුරුදු 47යි. එහෙත් දෙදහස් නමය වන ගත් විට පුද්ගලයෙකුගේ සාමාන්‍ය ආයු අපේක්ෂාව අවුරුදු 72ක්. මෙහිදී පුරුෂයෙකුගේ සාමාන්‍ය ආයු කාලය අවුරුදු 77ක් පමණ වෙනවා. ස්ත‍්‍රියකගේ ආයු අපේක්ෂාව සාමාන්‍යයෙන් අවුරුදු 74ක් පමණ වෙනවා. මෙය සෞඛ්‍ය පහසුකම් වැඩි දියුණු වීමේ එක්
ප‍්‍රතිඵලයක්.’’ සෞඛ්‍ය අමාත්‍යංශයේ ප‍්‍රකාශකයෙකු පැවසුවේය.
අනෙක් කාරණය වන්නේ මේ වන විට ළදරු මරණ අනුපාතිකය අඩු මට්ටමක පැවතීමද ඉදිරි වසර කිහිපය තුළ වැඩිහිටි පුරවැසි සංඛ්‍යාව ඉහළ යාමට හේතුවක් වීමයි.
එහෙත් වැඩිහිටි ජනගහනය ඉහළ යාමත් සමඟ සෞඛ්‍යමය ගැටලූද රාශියක්ද ඇති විය හැකි බවද සෞඛ්‍ය අමාත්‍යාංශය අවධාරණය කරයි. විශේෂයෙන්ම වැඩිහිටියන්ට අංශභාගය හෙවත් බාලපක්ෂඝාත රෝගය වැළදීමේ වැඩි ඉඩකඩක් තිබේ. මෙය වැඩිහිටි පුරුෂ පක්ෂයේ පුද්ගලයන්ට බහුලව වැළදිය හැකි බව සෞඛ්‍ය අමාත්‍යංශය පෙන්වා දෙයි.
වැඩිහිටි පුරවැසියන්ගේ සංඛ්‍යාව ඉහළ යාමත් සමඟ රජය විසින් ඔවුන් වෙනුවෙන් සුබසාධක වැඩසටහන් ක‍්‍රියාත්මක කිරීමට අවධානය යොමු කළ යුතුව ඇතැයිද සෞඛ්‍ය අමාත්‍යාංශය පෙන්වා දෙයි.
රාජ්‍ය නිළධාරීන් ඇමතිවරුන් මැතිවරණ නීති උල්ලංඝනය කරයි නම් ශේෂ්ඨාධිකරණයට

මහ මැතිවරණ නිරීක්ෂණය කිරීමේ කටයුතු මේ වන විටත් ආරම්භ වී ඇති බව මානව හිමිකම් පිළිබඳ විද්වත් සංසදය ප‍්‍රකාශ කර සිටී.ජනාධිපත්වරණ්‍ය සඳහා යොදා ගත් නිරීක්ෂකයන් 3781 දෙනා මේ වන විටත් නාමා යෝජනා භාර දීමෙන් අනතුරුව නිරීක්ෂණ කටයුතු නිඵ වශයෙන් ආරම්භ කළ බවයි මානව හිමිකම් පිළිබඳව විද්වත් සංසදයේ ප‍්‍රධාන විධායක ආචාර්ය උදිත ගුණසේකර පවසා සිටින්නේ.
ආචාර්ය ගුණසේකර පවසන පරිදි 2010 මහ මැතිවරණය ජනවාරි 26 වන දින ජනාධිපතිවරණයේ පශ්චාත් මැතිවරණ ප‍්‍රචණ්ඩ කි‍්‍රයා අඛණ්ඩව සිදුවෙම්න් පවතින සමයකය. එම නිසා මෙවර මහමැතිවරණය මෙරට මහ මැතිවරණය පිළිබඳව පලුදු වී ඇති විශ්වාසය නැවත ඇති කර ගැනීම සඳහා යොදා ගැනීම වැදගත් බවයි ආචාර්ය ගුණසේකර පෙන්වා දෙනු ලබන්නේ.
ආචාර්ය ගුණසේකර පවසන පරිදි මහ මැතිවරණය ප‍්‍රකාශයට පත් කළ දිනයේ සිට සුපුරුදු පරිදි මැතිවරණ නීතී උල්ලංඝනය කිරීමිද ආරම්භ විය.දැවැන්ත කටවුට් පෝස්ටර් නගර පුරා ප‍්‍රදර්ශණය කරමින් ප‍්‍රදාරක කටයුතු වලට අදාල මැතිවරණ නීති උල්ලංඝනය කිරීම සියලූම දේශපාලන පක්ෂ සිදු කළහ.පොදු දේපළ ද මේ වන විට 110 වන ඇමති මණ්ඩලය තම නිළ බලය භාවිත කරමින් සම්පත් අපහරණය සිදු කරන බවද හෙතෙම සඳහන් කළේය.
එමෙන් මාධ්‍ය පිළිබඳව අදහස් දක්වන හෙතෙම පෙන්වා දෙනු ලබන්නේ රාජ්‍ය මාධ්‍ය සුපුරුදු පරිදි එක්සත් ජනතා නිදහස් සන්ධානය වෙනුවෙන් පක්ෂවද සහ විපක්ෂය වෙනුවෙන් විරුද්ධවද ප‍්‍රචාරක කටයුතු ආරම්භ කර ඇති බවයි. මේ තුළින් බරපතල ලෙස ජනමතය විකෘති කිරීමක් සිදු වන බවයි හෙතෙම පවසා සිටියේ.
ජනමාධ්‍ය අමාත්‍යාංශ්‍ය රජයට පවරා ගැනීම රාජ්‍ය ආයතන පාලනය සඳහා මැතිවරණ කොමසාරිස්වරයාට මැදිහත් වීමට තිබූ බලතල අභියෝගයට ලක් කිරීමක් ද යන්න සැක සහිත බවයි අහතෙම පවසා සිටින්නේ.
17 වන සංශෝධනය අක‍්‍රීයව තිබියදී ශෙෂ්ඨාධිකරණ නියෝග ඵවා පිළ නොපදින තත්ත්වයක රාජ්‍ය යාන්ත‍්‍රණය පවතිද්දී ඉතිහාසයේ වැඩිම බලතල සහිත මැතිවරණ කොමසාරිස්වරයා තම අවම බලතල හෝ
ක‍්‍රියාත්මක නොකරන තත්ත්වයක් තුළ මැතිවරණයක් පැවැත්වීම ප‍්‍රායේගික නොවන බවයි ආචාර්ය ගුණසේකර පවසා සිටින්නේ.
ආචාර්ය ගුණසේකර වැඩිදුරටත් පවසන්නේ රාජ්‍ය ආයතන නිදහස් සාධාරණ මැතිවරණයක් සඳහා සහය නොදෙයි නම් රාජ්‍ය නිළධාරීන් ඇමතිවරුන් මැත්වරණ නීති උල්ලංඝනය කරයි නම් මැතිවරණ කොමසාරිස් වරයා ශ්‍රේෂ්ඨාධිකරණයේ සහය ලබා ගනිමින් එ් ආදාල කි‍්‍රයාමාර්ග ගත යුතු බවයි.
දණ්ඩ නීති සංග‍්‍රහය යටතේ ජෙනරාල්වරයාට චෝදනා ගොනු කෙරේ

සරත් ෆොන්සේකා අත් අඩංගුවට ගැනීම සම්බන්ධයෙන් දේශපාලන වශයේන් කිසිදු මැදිහත් වීමක් නොමැති බව ශ්‍රේෂ්ඨාධිකරණ වාර්ථාවෙන් ඔප්පුවූ බව මහාචාර්ය ජී එල් පීරිස් තහවුරු කළේය.
‘‘මේ ලබා දුන්න අධිකරණ තීන්දුව පිටු හතරකින් යුත් තීන්දුවක් . එහි තුන්වන පිටුවේ සෘජුවම සඳහන් වෙනවා හමුදා නීතිය පිළිබඳව. හමුදා නීතිය ගත් පියවර නිවැරදි කියලා ශ්‍රේෂ්ඨාධිකරණය පිළිගන්නවා.’’ මහාචාර්‍ය පීරීස් පැවසුවේය.
සරත් ෆොන්සේකා නිදහස් කිරීම සම්බන්ධයෙන් ඉල්ලා සිටි අතුරු සහන නියොගයද ප‍්‍රතික්ෂේප කිරීම තුළින්ද ශේෂ්ඨාධිකරණය මේ සඳහා මැදිහත් නොවන බව පෙන්වා දුන් බව හෙතෙම සඳහන් කළේය.
‘‘ ඕන තරම් නඩු තියෙනවා අතුරු නියෝග ඉල්ලූවම බැලූ බැල්මට අසාධාරණයි වගේ පේනවා නම් නිදහස් කරනවා. මේ අවසුථාවේ එය ප‍්‍රතික්ෂේප කළා. ශේ‍්‍රෂ්ඨාධිකරණය මෙහිදී මැදිහත් වෙන්නේ නැහැ.’’ හෙතෙම පැවසුවේය.
ඉදිරි සති දෙක ඇතුළත ශ‍්‍රී ලංකා දණ්ඩ නීති සංග‍්‍රහය යටතේ සරත් ෆොන්සේකාට විරුද්ධව චෝදනා ගොනු කිරීම සිදු කිරීමට නියමිත බවයි මහාචාර්ය පීරීස් පවසන්නේ. එ් චෝදනා වර්ග තුනක් යටතේය.
‘‘වංචා කිරීම වංචා කිරීමට අනුබල දීම හා කුමන්ත‍්‍රණ කිරීම හයිකොප් ගණුදෙණුව යටතේත් යුධ හමුදාව තුළ අසහනයක් ඇතිකිරීමට උත්සහ දැරීම හා හමුදාවෙන් පලා ගිය අය තමන් ළඟ තබාගෙන ප‍්‍රයෝජන ගැනීම යන කරුණ තුන මීට ඇතුළත් වෙනවා. ඊට අමතරව විදේශවිනිමය පාලන පනත යටතේ ද සාමාන්‍ය නීතිය යටතේ අධිචෝදනා ගොනුකිරීමට නියමිතයි. ’’ හෙතෙම පැවසුෙවිය.
රොබට් බ්ලේක් ප‍්‍රකාශ කරන ආකාරයට සමාන්‍ය නීතිය ක‍්‍රියාත්මක කිරීමේ අවශ්‍යතාවයත් ලියම් ෆොක්ස් පවසන ආකාරයට නීතියේ විනිවිදභාවත් පිළිබඳව කතා කළ සිය`ථ දෙනා හට අධිකරණ නියෝගය මඟින් පිළිතුරු ලැබුණ බවත් ඇමරිකානු තානාපතිනියක වශයෙන් සේවය කළ ටෙරසිටා ෂේපර් පවසන පරිදි බටහිර රටවල් සම්පූර්ණයෙන් පිළිගත යුතුයි ශ‍්‍රී ලංකාෙවි දේශපාලනය සම්පූර්ණයෙන් වෙනස් වී ඇති බව. මහාචාර්ය පීරිස් පැවසුවේය.
හෙට දහවල් 12ට නාම යෝජනා පත් භාරදීම අවසන් වන අතර මෙවර මැතිවරණ ක‍්‍රමයේ වෙනස්ක් සිදු කිරීමට ජනාධීපත්වරයා තීරණය කර ඇති බව හෙතෙම පැවසුවේය.
‘‘අපේ රජය පාර්ලිමේන්තුව තුළ ඉක්මනින් කරන්න හදන්නේ මැතිවරණ ක‍්‍රමයේ වෙනස්ක් ඇති කීරීමටයි. නවුරුත් දන්නවා අපේ රටට ගැලපෙන ක‍්‍රමයක් නෙවෙයි මේ තියෙන්නේ කියලා. විශේෂයෙන් මනාප ක‍්‍රමය. එ් ක‍්‍රමයේ කාලෝචිත වෙනසක් ඇත් කිිරීම සඳහා ජනාධිපතිවරයා පියවර ගත්තා. මෙවර ආසන සංවිධායකවරු නැහැ. සියලූ අපේක්ෂකයන් දිස්ත‍්‍රික් සංවිධායකවරු.’’
මැතිවරණ සමයේ ඉදිරිපත් වන නොයෙක් ගැටුම් ප‍්‍රශ්ණ නිරාකරණය කර ගන්න මේ මඟින් හැකියාව ලැබෙනු ඇති බවයි මහාචාර්ය පීරීස් පවසන්නේ.
විදේශිකයන්ට මේ ගැන කතා කරන්න අයිතියක් නැහැ.

විපක්ෂ නායක වරයා මහනායක හිම් වරුන් වෙත කළ ප‍්‍රකාශන ඉල්ලා අස්කර ගන්නා ලෙස අමාත්‍ය ලක්ෂ්මන් යාපා අද පැවති ප‍්‍රවෘත්ති සාකච්ඡාවකදී ප‍්‍රකාශ කළේය.
”විපක්ෂ නායක වරයා වෛතුල්‍යවාදින් ලෙස හඳුන්වන භක්ෂූන් පිරිස රජයෙන් ඉල්ලා සිටියේ ජෙනරාල්වරයාව නිදහස් කරන ලෙස. වැලමිටියාවේ කුසලදම්ම හිමි වගේ නායක හිමි වරුන්ට මෙහෙම කතා කරන එක වැරදියි.” අමාත්‍යවරයා සඳහහන් කළේය.
රොබටි ඕ බ්ලේක් සරත්ෆොන්සේකා අත් අඩංගුවට ගැනීම සම්බන්ධයෙන් කළ ප‍්‍රකාශය සම්බන්ධයෙන් අමාත්‍යවරයා ප‍්‍රකාශ කළේ විදේශිකයන් හට මේ පිළිබඳව අදහස් ප‍්‍රකාශ කිරීමේ හැකියාවක් නොමැති බවයි.
“ලංකාවේ නීතිය ක‍්‍රියාත්මක වෙන්නේ රටට ඕන විදියට. රටේ පවතින නීතිය අනුව ක‍්‍රියා නොකළ බවට ඔහුට කියන්න බැහැ. එ් ප‍්‍රකාශය ඊයේ ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුව අනුව පුස්සක් බවට පත් වුණා.” අමාත්‍යවරයා සඳහන් කළේය.
සරත් ෆොන්සේකා කිසිදු දිනක දේශපාලන සිරකරුවකු නොකළ බවත් අපේ‍්‍රල් 26 වන දින දක්වා හමුදා පරීක්ෂන සිදු කර සාක්ෂි ඉදිරිපත් කරන ලෙස දන්වා සිටියේ රටේ පවතින නීතිය අනුව මිස වෙනත් කිසිවක් නිසා නොවන බවි අමාත්‍යවරයා සඳහන් කළේය.
“අද සන්ධාන කෝ පොදු විපක්ෂ කෝ මෙහෙම මේ විසිරිලා යන අයටද රට බාර දෙන්න කියන්නේ. දැන් කුසලානේ අය කියනවා අලියගෙ ඵැත්තට එකතු වෙන්නලූ.අලියගෙ උය කුසලානෙට කියනවා අලියට එකතු වෙන්න කියලා. මොහු වැරදිලාවත් ජනාධිපති වුණානම් කොච්චර නීති දමාවිද.”
“විධායක ජනාධිපතිකම් අහොස් කරන්න දිගිනි දිගටම අරගල කරනවා කියපු අය කෝ දැන්. ජනතා විමක්ති පෙරමුණට තමන්ගේ ලකුණින් ඉදිරිපත් වෙන්න බැරිවෙලා තියෙනවා.මනෝගනේෂන්ට හකීම්ට තවම අද වෙනකල් ැකඟ තාවයකට එන්න බැරිවෙලා තියෙනවා.” අමාත්‍යවරයා සඳහන් කළේය.
මහ මැතිවරණයේදී අලූතෙන් ආසන 19ක් අවශ්‍ය බවත් එසේ තුනෙන් දෙකේ බලයක් ආණ්ඩුව ඉල්ලා සිටින්නේ සැබෑ වෙනසක් ඇති කිරීමට බවයි අමාත්‍යවරයා සඳහන් කරන්නේ.
“කරුණාකරලා මේ පක්ෂ වලට ගහගන්න ඉඩ දෙන්න. ජනතාවට ගැලපෙන පාලනයක් ඇති කරන්න.ව්‍යවස්තාවේ වෙනසක් ඇති කරන්න මැතිවරණ ක‍්‍රමයේ වෙනසක් ඇති කරන්න අපි මේ බලය ඉල්ලන්නේ.”
විපක්ෂ නායක වරයා සඳහන් කරන පරිදි මහනාහිමිවරුන් හට තවත් භික්ෂූන් පිරිසක් විසින් තර්ජනය කර ඇත්නම් එ් පිළිබඳව ප‍්‍රකාශයක් නිකුත් කරන්නට හෝ එසේ දෙයක් සිදු වූයේ නැතිබව හෝ ප‍්‍රකාශ කිරීමට ඉඩ තිබුණිත නමුදු එසේ දේයක් මේ වන තුරු හෝ සිදු වූයේ නොමැත.
“හැම එකම මාධ්‍ය වලට කියන්න වුවමනාවක් නැහැනේ .” අමාත්‍යවරයා සඳහන් කළේය.
මහානාහිම් වරුන්ගේ සමුලුවට ආණ්ඩුවෙන් බලපෑමක් වුණේ නැහැ

මහානාහිමිවරුන් විසින් පැවැත්වීමට නියමිතව තිබූ මහා සඟ සමුලුව දින නියමයක් නොමැතිව කල්දැමීමට හේතුව ආණ්ඩුවේ බලකිරීමක් නොවන බව නව කැබිනට් මාධ්‍ය ප‍්‍රකාශක ප‍්‍රවාහන අමාත්‍ය ඩලස් අලහපෙරුම අද කැබිනටි තීරණ දැනුම්දීමේ සාකච්ඡාවේදී පවසා සිටියේය.
“මේ ගැන විවිධ අයට විවිධ අර්ථ කථන දෙන්න පුලුවන්. මහනාහිමියන්ගේ පැත්තෙන් ඉදිරිපත් වන තෝල්ක වලට අපි පිළිතුරු දෙන්නේ නැහැ. එ්ක බෞද්ධකමට නිගාවක්. හමුදාව බේද කරන එක වගේ නෙවෙයි මහා සංඝයා වහන්සේලා භේද කිරීම.” අලහප්පෙරුම සඳහන් කළේය.
විපක්ෂනායකවරයා මැතිවරණයෙන් පසු සිදු කළ ප‍්‍රකාශ හේතු කර ගනිමින් විදේශ රටවල සුභ පැතුම් පවා ප‍්‍රමාද වූ බවයි අමාත්‍යවරයා මෙහිදී සඳහන් කර සිටියේ.
“විපක්ෂ නායකතුමා කීවා මේ වතාවේ තැපැල් ඡුනද පවා දූෂිතයි කියලා. නමුත් මේ කිසිම දෙයක් පෙත්සමේ සඳහන් වෙලා නැහැ. කාගේ බුද්ධියටද මේ අය සමච්චල් කරන්න හදන්නේ. මේ හේතු නිසා සමහර රටවල් දවස් දෙක තුනක් සුභ පැතීම් පවා ප‍්‍රමාද කළා. “අමාත්‍යවරයා ප‍්‍රකාශ කළේය.
අලහප්පෙරුම අමාත්‍යවරයා විපක්ෂයෙන් ඉල්ලීම් දෙකක් ඉල්ලා සිටී. එනම්
“දැන්වත් අර්ථශූනය අවලාද මිත්‍යා මත මත පදනම්වන තර්ක රටේ ජාතික තර්ක විදියට ගේන්න එපා. මේ මැතිවරණයවත් ප‍්‍රතිපත්තිගරුකව මැතිවරණ වේදිකාවට එන්න. අමාත්‍යවරයාගේ ඉල්ලීම් දෙකය.”
ජී එස් පී ප්ලස් සහනය නොලැබුණා යැයි කිසිම සේවකයකුට හෝ කිසිම ආයතනයකට ආසාධාරණයක් සිදු නොවීමට කටයුතු කරන බව අමාත්‍යවරයා මෙහිදී සඳහන් කළේය. එමෙන්ම මේ වන විටත් යුරෝපීය කොමිසම සමඟින් සාකච්ඡා පවත්වන බවත් හෙතෙම පවසා සිටියේය.
මෙම සාකච්ඡාවට සහභාගී වෙමින් අමාත්‍ය ජී එල් පීරිස් අමාත්‍යවරයා සඳහන් කර සිටියේ විපක්ෂයේ ප‍්‍රබල චරිත ජාත්‍යන්තරයට ගෙන ගිය ප‍්‍රචාර මෙරට දේශපාලනයට වඩා ආර්ථිකයට කළ තර්ජනයක් බවයි.
එමෙන්ම ජී එල් පීරිස් අමාත්‍යවරයා සඳහන් කරන ආකාරයට ලංකාවේ ඔනෑම පුරවැසියකුට කමන් භාරයේ තබා ගත හැක්කේ ඇමරිකානු ඩොලර් මිලියන් 2000 පමණි. ඊට වඩා මුදල් ප‍්‍රමාණයක් තමා සන්තකයේ වේ නම් මහ බැංකුවේ අනුමැතිය ලබා ගත යුතු බවයි.
“එහෙම මුදල් තියා ගන්නවානම් එක සාපරාධි ක‍්‍රියාවක්. මේ අනුව බලද්දී සරත් ෆොන්සේකා විදේශ විනිමය පනත උල්ලංඝනය කරලා. මේ ඩොලර් නෝට්ටු පාවිච්චිකරලා නැහැ. අංක පිළිවෙලට මේ නෝට්ටු තියෙන්නේ. මහ ඩැංකුවේ විශේෂ අංශයක් මේ සම්බන්ධව තියෙනවා. එ් අංශය දැන් මේ සම්බන්ධව
ක‍්‍රියාත්මක වෙනවා.”
ශ‍්‍රි ලංකාවේ පුද්ගලයකු විදේශ මුදල් තබා ගැනීමේදී අනුගමනය කළ යුතු යම් යම් කි‍්‍රයා පට්පාටි පිළිබඳව අමාත්‍යවරයා මෙහිදී පැහැදිලි කර සිටියේය.
“දින අනූවක් විදේශ විනිමය විදියට විදේශ සල්ලි තමන් ළඟ තියාගන්න පුලුවන් . ඊට පස්සේ එ්වා ශ‍්‍රී ලංකා මුදල් බවට පත්කළ යුතුයි මහ බැංකුවේ අවසරයක් ඇතිව. හොර ජාවාරම් වලින් ලබා ගත් සල්ලි රටේ ආර්ථිකයට එකතු කිරීම සාපරාධී වරදක්. ප‍්‍රකාශ කිරීමෙන් තොරව ඇමරිකානු ඩොලර් 15000 ගේන්න පුලුවන්. ඊට වඩා ගේනවානමි රේගුවට දන්වන්න ඕන.” අමාත්‍යවරයා සඳහන් කළෙය.
පත්තු කරපු හැම උන්ඩයකින්ම මුදලක් හම්බකර තියෙනවා යනු සරත් ෆොන්සේකාට හයිකෝප් ගනුදෙනුවේ තිබෙන චෝදනාව බව අමාත්‍යවරයා මෙහිදී සඳහන් කළේය.
Transport Minister and Cabinet Spokesperson Dullas Alahapperuma told
the Cabinet press briefing today that the government did not pressure
the Mahanayakes to indefinitely postpone the Sangha Convention. He
also made two requests from the opposition – to stop bringing in
baseless arguments as national issues and to engage in politics based
on principles. Minister G.L. Peiris said the campaign carried out by
the opposition members among the international community was more
detrimental to the country’s economy than politics. He also alleged
that General Sarath Fonseka had violated exchange regulations in the
country for keeping over US$ 2,000 without Central Bank approval.
ෆොන්සේකා අත්අඩංගුවට ගැනීමට එරෙහිව නීතිඥවරයෙකුගෙන් සත්‍යග‍්‍රහයක්

ජෙනරාල් ෆොන්සේකා අත්අඩංගුවට ගැනීමට එරෙහිව මෙරට ප‍්‍රමුඛ පෙළේ නිතීඥවරයෙකු සත්‍යග‍්‍රයක් ආරම්භ කිරීමට සුදානම් වේ. දුෂණ විමසුම සංවිධානයේ නීතිඥ ශිරාල් ලක්තිලක මෙසේ සත්‍යග‍්‍රහයක් ආරම්භ කිරීමට සුදානම් වන බව ඊයේ පැවති මාධ්‍ය හමුවකදී පැවසුවේය. මේ මස 15 වන සදුදා දින පෙරවරු 9 සිට එම සත්‍යග‍්‍රහය පිටකෝට්ටේ මංසන්ධියෙන් ආරම්භ කරන බවද ඔහු ප‍්‍රකාශ කළේය.
‘‘ සරත් ෆොන්සේකා මහතා රදවා ගෙන සිටින්නේ නීති විරෝධී අකාරයෙන්. ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවේ 11 වන 12 වන සහ 13 වන වගන්ති යටතේ සරත් ෆොන්සේකා මහතා අත්අඩංගුවට ගැනීම නිතී විරෝධීයි. මගේ දේශපාලන සබදතා කුමක් වුවත් සාමාන්‍ය පුරවැසියෙක් ලෙස මේ තත්ත්වයට විරෝධය පාන්න සත්‍යග‍්‍රහයක් පවත්වන්න තීරණය කළා.’’ ලක්තිලක පැවසුවේය.
මෙම සත්‍යග‍්‍රහයේ පළමු පියවරේදී ජනමතය ගොඩනැංවීමත් රාජ්‍ය අවධානය ලබා ගැනීමටත් බලාපොරොත්තු වන බව නීතිඥ ලක්තිලක පැවසුවේය. ජනරාල් ෆොන්සේකා සාමාන්‍ය පුරවැසියෙක් මේ වන විට හමුදා සේවයෙන් විශ‍්‍රාම ගොස් ඇති නිසා සිවිල් නීතිය යටතේ කටයුතු කරන ලෙස රජයට දන්වා සිටීමටද මෙහිදී සිදු කරන බවද ඔහු පැවසුවේය. මේ තත්ත්වය තුළදීත් රජය නිසි පියවරක් නොගත හොත් ඊළග පියවර වන්නේ මාරාන්තික උපවාසයකට යාම බවද නීතිඥ ලක්තිලක අවධාරණය කළේය.
‘‘ මම මේ අකාරයෙන් කටයුතු කිරීම මගේ ජීවිතයට තර්ජනයක් කියලා මම දන්නවා. ඒත් මම ඒ ගැන වැඩිපුර සිතන්නේ නැහැ. මේ විදිහට අයුතු වැඩ කෙරෙන රටක ජීවත් වීමෙන් ඇති වැඬේ කුමක්ද ’’ ලක්තිලක ප‍්‍රකාශ කළේය.
General Sarath Fonseka’s wife Anoma Fonseka said that her husband who was arrested by the military police is still strong and had requested people to remain calm. She said he had asked the people and war heroes to remain calm. Anoma lamented that although she met him daily there was no freedom to speak alone. She also expressed doubts over the decision to hold the General at the Navy Headquarters instead of the Army headquarters. Anoma has requested the help of the ICRC to get the Army Hospital doctor to visit General Fonseka to monitor his health condition, especially due to the shrapnel inside his body. Concerns over General Fonseka’s arrest have been expressed at local and international levels.
රැළි පිට රැළි විරෝධතා

විශ‍්‍රාම ගිය යුධහමුදාපති ජෙනරාල් සරත් ෆොන්සේකා අත්අඩංගුවට ගැනීම නිමිත්තෙන් පසුගිය දින කිහිපය තුළද විවිධ වූ විරෝධතා රැළි දක්නට ලැබුණ අතර අද දිනයේද විරෝධතා රැළි පැවැතිවීමට නියමිතය.
අද දිනයේ පෙරවරු 11.45ට ශෙෂ්ඨාධිකරණය අභියස නීතිඥ වරුන්ගේ විරෝධතා රැළියක් පැවැත්වීමට නියමිතය. එ ජෙනරාල් ෆොන්සේකා අත් අඩංගුවට ගැනීම හේතු කරගනිමිනි.
මේ අතර ජෙනරාල් ෆොන්සේකාගේ බිරිඳ විසින් ඉදිරිපත් කළ මූලික අයිතිවාසිකම් පෙත්සම ද අද දිනයේ විභාග වීමට නියමිතය.
මේ අතර අද දිනයේ විසුරුවන ලද ආණ්ඩුවේ සාමාජිකයන් විසින්ද පස්වරු 3ට කොටුව දුම්රිය ස්ථානය ඉදිරිපිටද විරෝධතා රැළියක් පැවැත්වීමට නියමිතය.
General Sarath Fonseka’s wife Anoma Fonseka said that her husband who was arrested by the military police is still strong and had requested people to remain calm. She said he had asked the people and war heroes to remain calm. Anoma lamented that although she met him daily there was no freedom to speak alone. She also expressed doubts over the decision to hold the General at the Navy Headquarters instead of the Army headquarters. Anoma has requested the help of the ICRC to get the Army Hospital doctor to visit General Fonseka to monitor his health condition, especially due to the shrapnel inside his body. Concerns over General Fonseka’s arrest have been expressed at local and international levels.







