විපක්ෂය ආර්ථික ප‍්‍රතිපත්ති ඉදිරි පත් නොකළේ කණ්ඩායම විසිරෙන නිසා
මහින්ද චින්තනයේ ආරථික ප‍්‍රතිපත්ති පදනම් කර ගනිමින් ජාතික ආරථික සභාව විසින් රජයේ ප‍්‍රවෘත්ති දෙපාර්තු මෙන්තුවේ අද (ජනවාරි 22) පැවති මාධ්‍ය සාකච්ඡාවකදී ආචාර්ය ලලිතසිරි ගුණරුවන් පවසා සිටියේ විපක්ෂයේ පොදු අපේක්ෂකයාගේ ප‍්‍රතිපත්ති ප‍්‍රකාශනයේ ආර්ථික ප‍්‍රතිපත්ති ඉදිරිපත් නොවී ඇති බවයි.මෙයට හේතුව ජෙනරාල් සරත් ෆොන්සේකා ආර්ථික විශේෂඥයින් අවශ්‍ය නොවන බව පැවසීම හා ඔවුන්ගේ සහය ලබා ගැනීමෙන් වැළකීම බවයි ගුණරුවන් පෙන්වා දෙනඅ ලබන්නේ.
‘‘ සරත් ෆොන්සේකාගේ ප‍්‍රතිපත්ති ප‍්‍රකාශනයේ ආර්ථික ප‍්‍රතිපත්ති තබා විදේශ ප‍්‍රතිපත්තිවත් රජයේ සිවභාවයවත් නැහැ. මහිනිද චින්තනයේ එ්කීය රාජ්‍යක් ගැන කියලා තියෙනවා. පැහැදිලි දැක්මක් තිබෙන නිසයි අපි කියන්නේ මේක හොදයි කායලා.රාජ්‍ය ආයතන පෞද්ගලීකරණය කරන එක නැවැත්තුවා. යටිතල පහසුකම් දියුණු කරන්න පටන් ගත්තා.’’ හෙතෙම පැවසුවේය.
පාන් වෙනුවට හාල් කන්නට පුරුදු කළ රජයක ඉදිරි දැක්ම පිළිබදව පැහැදිලි විශ්වාසයක් පවතින බවයි ආචාර්ය ගුණරුවන් පවසා සිටින්නේ.
‘‘මේ අයගේ ආර්ථික ප‍්‍රතිපත්ති ඉදිරිපත් කළොත් මේ අය එක්ක ඉන්න කණ්ඩායමක් හැලෙනවා. විදේශ ප‍්‍රතිපත්ති ගැන කීවොත් තවකණ්ඩායමක් හැළෙනවා.මේ නිසා මේ දේවල් ඉදිරිපත් කිරීමේ හැකියාවක් නැහැ.’’හෙතෙම පැවසුවේය.
අප රටෙහි ගාමක තත්ත්වයක් ඇති වන්නට පුලුවන. අප රටෙහි දේශපාලන නිදහස ලබා ගත්තද ආර්ථිකමය නිදහස ලබාගෙන නොමැති බවට ඇතමකු චෝදනා කරන බවට ආචාර්ය ගුණරුවන් ප‍්‍රකාශ කළේය.
‘‘ස්වාධීන දේශීය ආර්ථික ක‍්‍රමයක් පිළිබදව කතා කරනවා. අපි කොහොමද මේක කරන්නේ. ස්වාධීන දේශීය අර්ථ ක‍්‍රමයක් නිර්මාණය කිරීමෙන් මේක කරන්න පුලුවන්. 100% ක් හැමදෙයක්ම දේශීය වශයෙන් කරන්න බැරි වුණත් හැකි පුලුවන් තරම් දේවල් ගන්න උත්සහ කරනවා. දේශීය වශයෙන් අනන්‍යතාවය රැකෙන විදියට මේ හැම දෙයක්ම කරන්න පුලුවන් ක‍්‍රමයක් තියෙන්නේ මහින්ද චින්තනය තුළ.’’ හෙතම පැහැදිලි කළේය.
මෙම සාකච්ඡුාවට සහභාගී වෙමින් ආර්ථික විශේෂඥ මහාචාර්ය බුද්ධදාස හේවා විතාරණ පවසා සිටින්නේ අතීතයේ ඉඳි වූ ගුවන් තොටුපළවල් වරායවල් වලට අමතර නව වරායන් මෙන්ම ගුවන් තොටුපළවල් ඉදිවන්නට ආරම්භ වන්නේ මෙම ආණ්ඩුව යටතේ බවයි. එකී හේතුව නිසාවෙන් නව රැකියා අවස්තා බිහි වීමේ ඉඩකඩද වැඩි බවයි හෙතෙම පෙන්වා දෙනු ලබන්නේ.
‘‘ ආර්ථිකය ගෙනියන්න පිටිපස්සෙන් ඉදගෙන තල්ලූ කරලා වැඩක් නැහැ. ඉස්සරහින් ඇඳාගන යන්න ඕන. ඒ සඳහා නායක අංශය වැදගත් වෙනවා. එක නායක අංශයක් දුවල වෙද්දි තව එකක් ඉස්සරහට එනවා. නිෂ්පාදන අංශය දියුණු වෙද්දි වෙළදපොළවල් නිරිමාණය වෙනවා. ධාවන නායක අංශය හැටියට ස්වභාවික සම්පත් මූලින වෙනවා.’’ මහාචාර්ය හේවා විතාරණ පැවසුවේය.
මෙතෙක් උපයෝගී කර නොගත් දෙයක් ආර්ථික සංවර්ධනය සඳහා යොදා ගන්නා බව හෙතෙම පැවසුවේය.එකී සම්පත ලෙස එතුමා හඳුන්වා දෙනු ලබන්නේ භූගෝලීය පිහිටීමය. ඒ මත ආර්ථික සංවර්ධනය සඳහා අවශ්‍ය නායක අංශ ගොඩ නැඟිය යුත බවයි හෙතෙම පෙන්වා දෙනු ලබන්නේ.
‘‘ ආර්ථික සංවර්ධනයට අවශ්‍ය පංච බලවේග ලෙස නාවුක ප‍්‍රවාහන කේන්ද්‍රය ගුවන් ප‍්‍රවාහන කේන්ද්‍රය වානිජ කටයුතු පිළිබඳ කේන්ද්‍රය දැනුම සහ බලශක්ති කේන්ද්‍රය. මේ දේවල් දියුණු කරන්න භූගෝලීය සාධකය වැදගත් වෙනවා. බංගලාදේශය, සුඩානය , හයිටි බගේ රට වලට දියුණු වෙන්න බැරි වෙලා තියෙන්නේසමාජ ස්ථාවරත්වයක් වගේම දේශපාලන ස්ථාවරත්වයක් නොමැති වීම.’’ හෙතෙම පැවසුවේය.
The National Economic Council at a press conference on the Mahinda Chinthana policies said the policy statement of the opposition candidate does not include any economic policies. Dr. Lalithasiri Gunaruwan observed that the opposition candidate’s policy statement did not include his policies on important issues. Economist Dr. Buddhadasa Hewa Vitharana addressing the media said that the country’s geographical location would be to develop the economy and that it would happen under the Mahinda Chinthana policies.
President writes to undergrads
In the final week leading up to the 2010 Presidential Election, university undergraduates from around the country have been receiving a personally addressed letter from President Mahinda Rajapaksa.
The letters bear the stamp “Election-related documents” which ensures that they are exempted from stamp charges. The letters arrive at the home addresses of the undergraduates.
The letter summarizes the President’s work in the last four years with regard to improving tertiary education in Sri Lanka and emphasizes that such work was conducted concurrent to dealing with other issues such as the ethnic conflict, the global economic crisis, the fuel crisis, etc.
It also sets out his future plans to developing universities and ensuring that graduates who pass out of the institutions face a better future than their predecessors. The letter concludes with the President stating that he trusts the youth of the country to support him at this crucial juncture.
The other such bulk recepients of a similar letter are the pensioners.
The letters arrive amidst concerns of abuse of public property in the election campaign. Transparency International published their third report on the misuse of state property during the Presidential election and just yesterday the State and Independent Media Organizations Alliance alleged that state media is being improperly used for campaign purposes.
By Sachini Perera
ජනප‍්‍රිය පාසල් සංකල්පයෙන් ගම්බද පාසල් අනතුරේ
සිසුන් නගරබද පාසල් කරා ඇදී යාම හේතුකොට ගෙන ගම්බද ප‍්‍රාථමික පාසල් වැසී යාමේ ප‍්‍රවණතාවකට මුහුණ දී ඇතැයි අධ්‍යාපන ක්ෂේත‍්‍රයට සම්බන්ධ වාර්තා පෙන්වා දෙයි.
1997 වසරේ සිට 2007 වසර දක්වා කාලය තුළ පමණක් පාසල් 664ක් වැසී ඇතැයි මහ බැංකු වාර්තා පෙන්වා දෙයි. 2007 වසරේ පමණක් පාසැල් 36ක් වැසී තිබේ. මෙලෙස වැසී ගිය පාසල් සංඛ්‍යාවෙන් බොහොමයක් පාසල් ගම්බද ප‍්‍රාථමික පාසල් වේ.
‘‘ මේ අකාරයෙන් පාසල් වැසී යාම කෙරෙහි සිසුන්ගේත් ඔවුන්ගේ මව්පියන්ගේත් ආකල්ප බලපානවා. දැන් ළමයින්ට ගමේ පාසලේ කොපමණ පහසුකම් තිබුණත් නගරයේ ප‍්‍රසිද්ධ පාසල් වලටමයි යන්න බලාපොරොත්තු වෙන්නෙ. දෙමාපියන් පවා උත්සාහ කරන්නේ තමන්ගෙ දරුවා නගරයේ පාසලකට ඇතුළත් කරන්න. ඒ නිසයි නගරබද පාසල් වල මේ තරමට තදබද වෙලා තියෙන්නෙ.’’ අධ්‍යාපන අමාත්‍යංශයේ ජේ්‍යෂ්ඨ නිලධාරියෙක් පැවසුවේය.
මෙසේ සිසුන් නොමැතිව පසුගිය මාස කිහිපය තුළ පොල්ගහවෙල ප‍්‍රදේශයේ පමණක් පාසල් 12ක් වැසී ගොස් තිබේ. වෑවල අල්ගම මෝරුගම මාහින්ගමුව ඉඹුලාන ඈගල්ල පසාලීය ආරගොඩ යෝගමුවාකන්ද ගිරාඹේ බරහැරගමුව සැවැත්දන ආදී පාසල් රැසක් මෙලෙස වසා දමා තිබේ.
‘‘ මම මේ ඉස්කොලෙට ඇවිත් දැන් අවුරුදු කිහිපයක් වෙනවා. එ් එද්දි ළමයි සීයක් වත් හිටියෙ නැහැ. මෙහෙ එක අවුරුද්දකටවත් එක වසරට ළමයි දහයකට වඩා ඇතුළත් වුණේ නැහැ. අපි පාසල වැඩි දියුණු කරන්න උත්සාහ කළා. ඒත් ළමයින්ගෙ වත් දෙමාපියන්ගේ වත් උවමනාවක් නැහැ. ගුරුවරු හිටියෙත් කිහිප දෙනයි. ඒ අයත් මාරු වීම් හදාගෙන යන්න උත්සාහ කරනවා. කිහිප දෙනෙක් ගියත් එක්ක. ඉස්කෝලෙට එන පාරේ බස් එකක් එන්නෙ කළාතුරකින්. දැන් ඉතුරු වෙලා ඉන්නෙත් ළමයි ටික දෙනයි. සමහර ළමයින්ගෙ මාපියො දරුවව අයින් කරගෙන නගරයේ පාසලට අරන් යනවා. ඒකෙ වැරද්දක් කියන්න බැහැ මොකද මෙහෙ හරියට උගන්වන්න ගුරුවරුත් නෑනේ. මම දන්න හැටියට තව ටික කාලයකින් මේ පාසල වහලා දායි.’’ කෑගල්ල අධ්‍යාපන කලාපයේ දුෂ්කර පාසලක නම හෙළි කිරීමට අකමැති වූ විදුහල්පතිවරයෙක් පැවසුවේය.
‘‘ මේ වගේ ඉස්කොලෙක වැඩ කරලා මට කිසිම ආත්ම තෘප්තියක් ලැබුණෙ නැහැ. වැරුද්ද කොතැනද කියලා අපි දන්නෙත් නැහැ. මේ විදිහට පාසැල් වැහෙන්න හේතුව මේ අධ්‍යාපන ක‍්‍රමයෙ තියෙන වැරුදි කියලයි මට හිතෙන්නෙ.’’ ඔහු වැඩි දුරටත් පැවසුවේය.
සමීර සඳරුවන් මේ වන විට කුරුණැගල අධ්‍යාපන කලාපයේ ප‍්‍රසිද්ධ පාසලක හත්වන ශ්‍රේණියේ ඉගෙනුම ලබන ශිෂ්‍යයෙකි. මේ පාසලට පැමිණීමට පෙර ඔහු ඉගෙනුම ලැබුවේ පොල්ගහවෙල ප‍්‍රදේශයේ දුෂ්කර පාසලකය.
‘‘ අපේ ඉස්කෝලෙ පංති තිබුණෙ පහ වසරට විතරයි. අපිට උගන්නන්න ගොඩක් සර්ලා ටීචලා හිටියෙ නැහැ. අපේ අම්මා මාව ශිෂ්‍යත්වේ පාස් වෙන්න කියලා පිට පන්ති වලට යැව්වා. මම ශිෂ්‍යත්වය පාස් වුණා. ඊට පස්සෙ මම දැන් ඉස්කෝලෙට ආවා. කළින් ඉස්කෝලෙට වඩා මේ මට මේ ඉස්කෝලෙ ගොඩක් හොඳයි. ගොඩක් පහසුකම් තියෙනවා. මම කවදා හරි ඩොක්ටර් කෙනෙක් වෙන්න ඉගෙන ගන්නවා’’ සමීර පවසයි. සමීර ප‍්‍රාථමික අධ්‍යාපනය ලැබූ පාසල මේ වන විට වැසී ගොස් තිබේ.
‘‘ අපි දරුවා ලොකු ඉස්කෝලෙකට දැම්මේ අපිට පුළුවන් කමකට නෙමෙයි. අපි දරුවට උගන්වන්නෙ ගොඩක් අමාරුවෙන්. එයා කළින් ඉගෙන ගත්ත ඉස්කොලේ හිටියා නම් අපිට ගොඩක් ලේසියි. එ්ත් එ් ඉස්කෝලේ ගුරුවරු හිටියෙ නැහැ. අපි දරුවට ඉගැන්නුවේ අමතර පන්ති වට යවලා. දැන් එයා යන වාහනේට මාසෙකට රුපියල් දාහකට වඩා ගෙවන්න ඕන. තව දරුවට පන්ති ගාස්තු දෙන්න ඕන. දරුවා ඉගෙන ගන්න දක්ෂයි. ඒ හින්දයි අපේ පුතා ටවුමේ ඉස්කෝලෙට දැම්මේ. ’’ සමීරගේ මව වන පොල්ගහවෙල පදිංචි පද්මිණි කුළසේකර පැවසුවාය.
ශී‍්‍ර ලංකාවේ ජනගහණයෙන් හතරෙන් එකක ප‍්‍රමාණයක් පාසල් සිසුන්ගෙන් සමන්විත වේ. එවන් තත්ත්වයක් මත ගම්බද පාසල් වැසී යාම කිසිසේත් හිතකර තත්ත්වයක් නොවේ. එබැවින් ගම්බද පාසල් වැඩි දියුණු කිරීමට පියවර ගැනීමට කටුයුතු කරන බව අධ්‍යාපන බලධාරීහු පවසති.
‘‘ මේ වන විට අපි ගම්බද පාසල් වැඩි දියුණු කරීමට පියවර ගෙන තිබෙනවා. ඉදිරියේදී මේ තත්ත්වය තවත් වැඩි පුළුල් කිරීමට අප කටයුතු කරනවා. මේ තත්ත්වය යටතේ ඉදිරියේදී දරුවන් ගමේ පාසලේ රඳවා ගැනීමට හැකි වේවි.’’
Reports on the education sector have highlighted a threat faced by rural schools due to the demand for popular schools in urban areas. The Central Bank states that 664 schools have closed down between 1997 and 2007, with 36 schools closing down in 2007 alone. During the past few months 12 more schools have closed down in the Polgahawela area. Education Ministry officials have said that regardless of the facilities provided to rural schools, parents opted to admit their children into popular schools in the towns. However, officials said that steps are being taken to further improve the standards and facilities in rural schools to ensure the admission of students into them.
By Anupama Ganegoda
යළි සිහිවෙන අදුරු මතකය
Five Years After the Tragedy – Reliving the nightmare
හිත් පිත් නැති සුනාමි රල පහරින් මෙරට වෙරළාසන්න ප‍්‍රදේශවල පුද්ගලයින් තිස් පන්දහසක් බිලිගැනීම බෝහෝ දෙනාට අමතක වෙමින් තිබේ. එහෙත් තවමත් සමහරු සුනාමි අදුරු මතක මැද මැරි මැරී ජීවත්වෙති.
හම්බන්තොට සිරිබෝපුර සුනාමි නිවාස යෝජනා ක‍්‍රමයේ ජීවත්වන මොහොමඞ් රාසික් තවමත් සුනාමි අදුරු මතක මැද ජීවත්වන්නේ ඔහුගේ පවුලේ සාමාජිකයින් තිස් හත්දෙනෙක් සුනාමි රුදුරු රළ පහර විසින් මුහුදට බිළිගත් නිසාය. සිය බිරිද මව සහ සහෝදර සහෝදරියන් ඇතුළු පවුලේ තිස් හත්දෙනෙක් මුහුදට ගසාගෙන ගියේ ඔවුන්ගේ මළ සිරුරක්වත් ඉතිරි නොකරමිනි.
තමන්ගේ දරු දෙදෙනා හැර පවුලේ අනිත් සියලූ දෙනාම මුහුදට රැගෙන ගිය සුනාමිය පැමිණි දිනය අදටත් රාසික්ගේ සිහියට නැගෙන විට ඉබේම නෙතට කදුළක් උනයි. සිය පවුලේ සාමජිකයින් මුහුදට බිළිවීම අදටත් ඔහුට දරාගත නොහැකිවී තිබේ.
ධීවර කර්මාන්තයෙන් සිය දරු පවුල නඩත්තුකරන රාසික් සුනාමිය පැමිණි 2004 දෙසැම්බර් 26 වැනිදාට පෙර දිනයේ රාත‍්‍රියේද තවත් අයෙක් සමග බෝට්ටුවේ නැගී මුහුදු ගියේ මසුන් මැරීමේ අටියෙනි. එහෙත් සුනාමියක් පැමිණෙන බව කලින් කීමට මෙන් මුහුදේ වැඩි වෙලාවක් රැදී සිටීමට රාසික්ට මුහුද ඉඩක් දුන්නේ නැත.
‘‘එදා ? මුහුද හරිම සැරයි. ඒ වගේම මාළු අහුවුනෙත් නැහැ. මේ නිසා මාළු අල්ලන්නේ නැතිව අපි ආයෙමත් ගොඩට ආවා.’’ සවස හයට පමණ මුහුදු ගිය රාසික් රාත‍්‍රී නමය වන විට නැවත ගොඩට පැමිණියේය. එදින මුහුදු ගියත් ආදායමක් ලැබීමට මාළු අල්ලාගත නොහැකිවීමේ දුකත් සිතේ තදකරගෙන සිටි රාසික් ගෙදර පැමිණ නිදාගන්නට වූයේ හිතේ මෙන්ම ගතටද සනීපයක් නොදැණුන නිසාය.
පසුදින උදෑසන ඔහුගේ බිරිද සුපුරුදු පරිදි හම්බන්තොට පොළට ගියේ සතියක් පුරා ගෙදර කෑමට බීමට අවශ්‍ය බඩු රැගෙන ඒම සදහාය. පොළට ගොස් බඩු රැගෙන එන බව පැවසූ රාසික්ගේ බිරිද අද වන තෙක් බඩු රැගෙන නිවසට පැමිණියේ නැත. ඒ සුනාමි රළ පහර විසින් රාසික්ගේ බිරිද බිළි ගෙන තිබූ නිසාය.
සුනාමිය පැමිණෙන අවස්ථාව වන විට රාසික් නිවසේ සිටියේ ඔහුගේ දරු දෙදෙනා සමගය. මෙදින ලංකාව සහභාගී වූ ක‍්‍රිකට් තරගයක් රූපවාහිනියේ විකාශය වෙමින් තිබූ නිසා ඔහු එය නරඹමින් සිටියේය.
‘‘මැච් එක පටන්අරගෙන ඕවර එකයි බෝල තුනක් දැම්මා විතරයි, වටේ ඉන්න අය, මුහුද ගොඩ ගලනවා කියමින් දුවන්න වුණා.’’ මිදුලට පැමිණි රාසික් දුටුවේ මුහුද වේගයෙන් ගොඩබිම දෙසට ඇදී එන ආකාරයයි. ගෙදර සිටි දරු දෙදෙනා කරපින්නාගත් රාසික් ගොඩබිම දෙසට දිව ගියේය.
සුනාමි රළ පහරින් හම්බන්තොට නගරයම විනාශ කිරීමෙන් විනාඩි පහකට දහයකට පසුව රාසික් නගරයට ගියේය. ඒ මහුද අසල සිටි තමන්ගේ ඥාතීන් පිළිබදව සොයා බැලීම සදහායි. රාසික්ගේ මව ජීවත්වී තිබුනේ සුනාමියෙන් වැඩිම හානියක් වී තිබූ හම්බන්තොට මුස්ලිම් පල්ලිය අසල නිවසකය. මෙම නිවස තිබූ තැනට රාසික් ඇතුළු සිව්දෙනෙක් යන විට දුටු දෙයින් රාසික්ට මුලූ ලොවම තමා වටා කැරකැවෙන සේ දැනෙන්නට විය.
‘‘අපි අම්මලාගේ ගෙදර ළගට ගිහින් බලනවිට එතැන ගෙදරක් දකින්න තිබුණේ නැහැ. ගෙදර බිමට සමතලා වෙලා තිබුණා. අපේ අම්මා අවුරුදු තිස්පහක් රට රස්සා කරලා හම්බකරපු හැම දෙයක්ම මුහුදට ගහගෙන ගොස් තිබුණා.’’’ රාසික් පවසයි.
රාසික්ගේ මව පදිංචිව සිටි ගෙදර අසල ඔහුගේ සහෝදර සහෝදරියෝ පදිංචිව සිටියහ. මවගේ ගෙදර සම්පූර්ණයෙන්ම විනාශ වී ඇති බව දුටු ඔහු සහෝදර සහෝදරියන්ගේ ගෙවල් තිබූ තැන්වලට දිව ගියේ එහි කිසිවෙක් හෝ සිටීද යන්න පිළිබදව සොයා බැලීම සදහාය. මේ අකාරයට ඔවුන් පදිංචිව සිටි ගෙවල් පහකටම ගොස් විපරම් කළ බැලූවත් රාසික්ට දකින්න ලැබුණේ ගෙවල් සියල්ලම පොළවට සමතලා වී ඇති බවයි.
පොළවට සමතලා වූ නිවාසවල සුන්බුන් අතරේ පවුලේ අය සිරවී සිටී දැයි රාසික් සොයා බැලූවත් කිසිම අයෙක් පිළිබදව හෝඩුවාවක් හෝ
සොයාගැනීමට ඔහුට හැකියාව ලැබුණේ නැත.
‘‘අපේ අය මැරිලා නම් අඩුම තරමේ ඒ අයගේ මිනියවත් හොයාගන්න ඕන කියලා හැමතැනම ගියා.’’ රාසික් කීවේය. ඔහුගේ ඥාතීන් සිටි ගෙවල් අසල කිසිවෙකුගේවත් මළ සිරුරු දකින්න නොලැබුණ නිසා ලූණු ලේවාය දෙසට ගියේ ලේවායේ මළ සිරුරු තිබෙන බව කියූ නිසාය. දහවල් එක දෙක වන තුරු හම්බන්තොට ලූණු ලේවාය අසල තමන්ගේ ඥාතීන්ගේ මළ සිරුරු තිබේ දැයි සොයා බැලූවත් කිසිවෙකුගේවත් මළ සිරුරක් සොයාගැනීමට ඔහුට හැකියාව ලැබුනේ නැත. මේ නිසා රාසික් හම්බන්තොට රෝහල වෙත ගොස් එහි තිබූ මළ සිරුරු එකින් එක පරීක්ෂා කරන්නට වූයේ ඒ අතර හෝ තමන්ගේ පවුලේ ඥාතීන් සිටී දැයි යන්න සොයා ගැනීම සදහාය.
කොතරම් සොයා බැලූවත් පවුලේ සාමාජිකයින් තිස් හත්දෙනොගෙන් එක් අයෙකුගේ හෝ මළ සිරුරක්වත් සොයාගැනීමට ඔහුට නොහැකිවිය.
‘‘කොච්චර හොයලා බැලූවත් මිය ගොස් සිටි අපේ පවුලේ තිස් හත්දෙනාගෙන්එක අයෙක්ගේවත් මළ සිරුරක්වත් හොයාගන්න බැරිවුණා. අඩුම තරමේ පොඩි අයෙකුගේ මළ සිරුරක්වත් හොයාගන්න බැරිවුණා.’’ රාසික් සදහන් කළේය.
සුනාමිය පැමිණ අවුරුදු පහක් ගතවන විටත් රාසික්ට මේ සිදුවීම සිතෙන් අමතක කිරීමට හැකියාවක් ලැබී නොමැත. හැම විටම මේ සිදුවීම ඔහුට සිය මතකයෙන් මකා දැමීමට හැකියාවක් ලැබී නැත.
‘‘මම මුහුදු ගියාම මහා පාළුවක් තනිකමක් දැනෙනවා. මුහුද මැදදි තනිවුනාම මේ සුනාමියෙන් අපේ පවුලම නැතිවුන එක මතක් වෙනවා.’’ රාසික් කීවේය.තමන්ගේ පවුලේ සියලූදෙනාම අහිමිවීමෙන් පසුව මෙලොව ඉතිරිවූ රාසික්ට මේ වන විට හම්බන්තොට සිරිබෝපුර සුනාමි නිවාස යෝජනා ක‍්‍රමයෙන් නිවසක් ලැබී තිබේ. මෙම නිවස ලබා ගත්තේ කිසිම කැමැත්තකින් නොවන බව ඔහු කියයි.
‘‘පවුලේ හැමෝම නැතිවුණාම අපිට අලූතින් ගෙවල් මොකටද? ඒත් බලකිරීම නිසා මම මෙතැන ලැබුණ ගෙදර ඇවිත් පදිංචිවුණා’’ රාසික් සදහන් කළේය.
පවුලේ සාමාජිකයන් තිස් හත් දෙනෙක් අහිමි වීමෙන් පසුව රාසික්ට උදාවූයේ එතරම් සුබදායී කාලයක් නොවේ. ඔහුගේ ළමයින්ට අධ්‍යාපනය ලබාදීමට වත්කමක් නොතිබූ නිසා එක් වැඩිමහල් ළමයා ගාල්ල පල්ලියට භාර කළේ අධ්‍යාපනයට වැයවන වියදම ඔහුට දැරිය නොහැකි බැවිනි. මේ වන විට ඔහුගේ බාල දරුවා පාසල් අධ්‍යාපනය ලබමින් සිටින නමුත් මේ වසර අවසානයේදී ආර්ථික ගැටලූ නිසා පල්ලියට භාර කිරීමට සූදානමින් සිටින්නේ යැයි රාසික් පැවසුවේය.
‘‘මගේ අම්මයි සහෝදර සහෝදරියනුයි ජීවතුන් අතර සිටියා නම් ළමුන්ගේ අධ්‍යාපනයට ඔවුන් උදව් කරනවා. ඒත් දැන් කවුරුවත් නැති නිසා ළමයි දුකෙන් හරි පල්ලියට භාරදෙනවා.’’ රාසික් පැවසුවේය.
සුනාමියෙන් රාසික්ගේ බිරිද මිය යන විට ඔහුගේ ළමුන් දෙදෙනා කුඩාය. තමන්ගේ මව මිය යාම පිළිබදව ඔවුන්ට කිසිදු වැටහීමක් නොතිබූ බැවින් ඒ දිනවල මව ගැන ඔහුගෙන් විමසුවත් දැන් ළමුන් සුනාමියෙන් තමන්ගේ මව මිය ගොස් ඇති බව අවබෝධ කරගෙන ඇතැයි රාසික් කීවේය.
‘‘ළමයින්ට මේ සිදුවීම අමතක කරන්න පුළුවන් වුණාට මට කවදාවත් ඒ සිද්ධිය අමතක කරන්න බැහැ.’’ කදුළු පිරි දෙනෙතින් යුතුව රාසික් පැවසුවේය.
මාතර රාහුල විදුහල් ඉතිහාසයේ ප‍්‍රථම වරට උසස් පෙල කලා අංශයෙන් ලංකාවේ ප‍්‍රථමයා බිහිවේ.
A/L Top from Matara
අධ්‍යාපනය ලැබීමේ මූලික පරමාර්ථය පාසල් දරුවකුගෙන් විමසුවහොත් ඔහු දෙන පිළිතුර සමාජයට වැඩදායී පුරවැසියකු වීම යන්නයි. මේ අරමුණ කරා යාමේදී පාසල් දරුවන්ට විවිධ විභාගයන්ට මුහුණ දීමට සිදුවී තිබෙන්නේය. ශිෂ්‍යත්ව විභාගය අ.පො.ස. සාමන්‍යෙ පෙල විභාගය සහ අ.පො.ස උසස් පෙල විභාගය ප‍්‍රධාන විභාගයන් තුනක් වේ. දිවයිනේ සියළු පාසල් දරුවන් එකම කාල සීමාවක එකම ප‍්‍රශ්ණ පත‍්‍රයකට මුුහුණ දෙන මෙම විභාග වලින් ඉහළම ලකුණු ලබාගන්නා දරුවන් විවිධ අවස්ථාවල සමාජයේ ප‍්‍රශංසාවට ලක්වේ.
පසුගිය අගෝස්තු මස පැවති 2009 වර්ෂයේ අ.පො.ස උසස් පෙල විභාගයේ ප‍්‍රථිපල මේවනවිට සිසුන් වෙත ලැබී ඇත. ඒත් සමගින් දිස්ත‍්‍රික් මට්ටමින් සහ ජාතික මට්ටමින් ඉහළම ලකුණු ලබාගන්නා සිසුන් කාගෙත් කථාබහට ලක්වේ. මෙවර වාණිජ අංශයේ දිවයිනේ ප‍්‍රථම ස්ථානය ගාල්ල දිස්ත‍්‍රික්කයේ සිසුවකු හිමිකරගෙන අති අතර කළා අංශයේ ප‍්‍රථම ස්ථානය හිමිකර ගැනීමට මාතර රාහුල විද්‍යාලයේ දරුවකු සමත්කම් දක්වා ඇත.
මාතර පාසල් මාවතේ අංක 36 දරන නිවසේ පදිංචිවී සිටින වයි.එස්. ජයවර්ධන මහතාගේ සහ නාමලී ශ‍්‍රියංගනී ද සිල්වා යන දෙපලගේ එකම දරුවා පසිඳු නාමල් ජයවර්ධනයි. ගරු වෘත්තියේ නියැලෙමින් පළොල්පිටිය මහා විද්‍යාලයේ දරුවන්ගේ නැණස පාදන ජයවර්ධන මහතා මෙන්ම පසිඳුගේ මව මාතර කොටුව ජනාධිපති විද්‍යාලයේ ගරුවරියකි. කුඩා කල සිටම ගුරු දෙමාපියන්ගේ සෙවනේ වැඩුණු පසිඳු මූලික අධ්‍යාපනය හැදෑරු පාසල පිළිබඳව මතකය අවදි කරන්නේ දිවයිනේ අසස්පෙල කළා අංශයේ ප‍්‍රථමයා වීමේ අභිමානයත් සමඟිනි
“මම මුලින්ම ගියේ වේරගම්පිට ඕල්කටි විද්‍යාලයට” මාතර උයන්වත්ත ප‍්‍රදේශයේ ඇති ඕල්කට් විදුහලෙන් මූලික අධ්‍යාපනය හැදැරු ඔහු ඉන්පසුව අධ්‍යාපනය හැදැරීම සඳහා මාතර රාහුල විද්‍යාලයට ඇතුළත් විය.
” මම ඊට පස්සේ රාහුලයට ගියා එහෙන් තමයි මම සාමාන්‍ය පෙල විභාගෙ කරේ.”
2005 වසරේ සාමාන්‍ය පෙල විභාගය සඳහා මුහුණ දුන් පසිඳු ඉන් ඉහළම ප‍්‍රථිපලයක් අත්කර ගැනීමට සමත්වූ ශිෂ්‍යයෙකි.
”පුතා සාමාන්‍යපෙල විභාගෙන් පාස් නමයයි ඉංග‍්‍රිසි සාහිත්‍යයට සී පාස් එකකුයි ගත්තා” පසිඳුගේ පියා ජයවර්ධන පවසන්නේය.
සාමාන්‍යපෙල විභාගය ඉහළින් සමත්වන බොහෝ දරුවන් පිරිසකට මුහුණ දිමට සිදුවන ප‍්‍රධානම ගැටළුව නම් තෝරාගන්නා විෂය ධාරාවයි.
”අපි පුතාට කිව්වා සයන්ස් කරන්න කියලා මොකද ප‍්‍රථිපල හොඳ නිසා.” පියා පවසයි.
”කවුරුත් කිව්වා සයන්ස් කරන්න කියල ඒ නිසා මම සයන්ස් කරන්න පටන් ගත්තා.” පසිඳු පවසන්නේය.
විද්‍යා අංශයෙන් උසස්පෙල විභාගය සඳහා සූදානම් වන පසිඳු මාස පහක පමණ කාලයක් ඒ සඳහා වෙහෙස විය. නමුත් කුඩා කල සිට කියවීම විනොදාංශය කරගත් පසිඳුට විද්‍යා විෂය ධාරාවට වඩා කලා විෂය ධාරාව සිත ගත්තේය.
”මම ඊට පස්සේ තාත්තට එහෙම කියල කලාවලට මාරු වුණා.” පසිඳු පවසයි. මාස පහක පමණ කාලයකට පසු කලා අංශයට පැමිණියත් පසිඳුට විෂය හැදෑරිමට අපහසුවක් වුයේ නැත. එයට හේතුව ලෙස ඔහු පවසන්නේ කියැවීමට තිබූ උනන්දුවයි.
”මම පොඩි කාලෙ ඉඳල කියවන්න ආසයි ඒ නිසා තමයි කලා විෂයට එන්න හිතුනෙත්.” ඒ පසිඳුගේ අදහසයි. පියා ජයවර්ධන පවසන්නේ නිරන්තරයෙන් නිවසේ සිටියදී මව පියා සහ ආච්චිඅම්මා සමග කථාබහ කරන මොහු ඒ නිසා කලා අංශයට හිත යෙදවූ බවයි.
උසස්පෙල විභාගය හදාරණ දරුවකු සිටින නිවසේ රූපවාහියට වාරණ පනවයි. එමෙන්ම පරිගනකය අන්තර්ජාලය උසස්පෙල සිසුවාට අනවශ්‍ය විකාර බව දෙමාපියන්ගේ මතයයි. නමුත් ගුරු දෙපලකගේ එකම දරුවාට මෙම භාන්ඩ පරිහරණයට අවසර තිබීම විශේෂත්වයකි.
”මම හැමදාම ටීවි එකේ වැඩසටහන් බැලූව. ඉන්ටර්නෙට් එතකොට කම්පියුටර් වැඩ මම කළා. ඒකත් ඉතිං විභාගෙට ඕණනේ.” එය පසිඳුගේ මතයයි. පියා ජයවර්ධන පවසන පරිදි මෙම දරුවා පාසලේ සහ අනෙකුත් ආයතනවලින් ලබාගන්නා දැනුම පිළිබඳව ගෙදර මව පියා සහ මිත්තණිය සමග නිරන්තරයෙන් සාකචිඡා කරන්නෙකි. පාසලෙන් ලබාගත් දැනුම මෙන්ම බාහිර පෞද්ගලික ආයතන මගින් ලබාගත් දැනුමද. ඔහුගේ ජයග‍්‍රහණයට හේතුවූ බව පසිඳු කියන්නේය.
උසස්පෙල සිසුවා විභාගය ලංවන විට නිවාස අඩස්සියට වැටෙයි එයට හේතුව නිරන්තරයෙන් කට පාඩම් කිරීමට දරුවන් හුරුකර තිබීමයි නමුත් පසිඳුගේ දෙමාපියන් දැඩි බලපෑමක් ඔහුට ඒ පිළිබඳව එල්ලකොට නැත.
”සාමාන්‍යයෙන් මම ? නමය විතර වෙනකල් පාඩම් කරනවා උදේ 2ට විතර නැගිටිනවා. හැබැයි කකුල් වතුරෙ දාගෙන බලෙන් පාඩම් කරේ නැහැ මම” ඔහු පවසන්නේය. නිරන්තර සාකචිඡාවත් විවේකයත් ඔහු උපරිම භාවිත කොට උසස්පෙල කලා අංශයේ ප‍්‍රථම ස්ථානය ලබමින් ජයගත්තේය.
”අපේ පාසල ප‍්‍රසිද්ධ ගණිත සහ විද්‍යා විෂය ධාරාවලට හැබැයි මෙවර අපි ඒක වෙනස් කරල පෙන්නුවා.”
මාතර රාහුල විදුහල ඉතිහාසය තුළ බොහෝ සිසුන් ප‍්‍රමාණයක් ගණිත සහ විද්‍යා අංශ වලින් විශ්ව විද්‍යාලයට යැවුවත් ජාතික මට්ටමේ ජයග‍්‍රහණ පෙන්නුවත් කළා අංශයෙන් ලංකාවේ ප‍්‍රථමයා වූ ප‍්‍රථම අවස්ථාව මෙය බව රාහුල විද්‍යාලයේ විදුහල්පති කිත්සිරි ලියනගමගේ මහතා පවසන්නේය.
”මේ දරුවා පාසල් බාහිර ක‍්‍රියාකාරකම්වලටත් දැඩි උනන්දුවක් දක්වපු දරුවෙක් ඉතිං පසිඳුගේ ඉදිරි අධ්‍යාපනයට අවශ්‍යවුනොත් උදව් කරන්න පාසල වශයෙන් අපිත් සූදානමින් ඉන්නවා.” විදුහල්පතිතුමා පවසයි.
පාසල් ඉතිහාසයේ ප‍්‍රථම වතාවට කලා අංශයෙන් ලංකාවේ ප‍්‍රථම ස්ථානය රාහුලයට ගෙන ආ පසිඳු උදව් කල ස්යල්ලන්ටම ස්තූති කරන්නේය.
”රාහුල විද්‍යාලෙ විදුහල්පති තුමා සහ ගුරු මණ්ඩලයට මම ස්තූතිවන්ත වෙනවා. ඒ වගේම පෞද්ගලික පංතිවල ගුරුවරු අසලිවාසී සියළු දෙනා මට උදවු කළා කාටත් මම ස්තුති කරනවා.” පසිඳු පවසයි.
පුවත්පත් දැන්වීමක දුටු රැකියාවකට හසුවුණෙමි.
Hundreds fall victim to bogus job banks
සෑම දෙමාපියකුගේම මුලික බලාපොරෝතතුවක් වන්නේ තමන්ගේ දරුවන්ට හොඳ අධ්‍යාපනයක් ලබාදී සමාජයේ ඉහළ රැකියාවක් කරණු දැකීමයි. මේ සඳහා දුවා දරුවන් පෙර පාසල් කාලයේ සිට හැඩගැස් වීමට මව්පියවරුන් විශාල කැපවීමක් කරයි. පෙරපාසලින් අනතුරුව ජනප‍්‍රිය පාසලකට දරුවා ඇතුලත් කර ගැනීමේ සිට, පහ ශිෂ්‍යත්වය විභාගය දෙමාපියන්ට මහත් බලාපොරෙත්තු ගෙන දෙන්නකි, එයින් පසු අධ්‍යන පොදු සහතික පත‍්‍ර සාමාන්‍ය පෙළ විභාගය ද උසස් පෙළ විභාගය ද දෙමාපිය බලාපෙරොත්තුවේ තවත් සංධිස්ථාන වෙයි.
එම කඩයීම් පසු කරන ශිෂ්‍යයින් විශ්ව විද්‍යාල අධ්‍යාපනය ලැබ ගැනිමත් විවිධ පාඨමාලා සහ වෘත්තීය පුහුණු හා සුදුසුකම් ලබා ගෙන රැකියා අපේක්‍ෂාවෙන් සිටීමද වර්ථමානය වන විට බොහෝ සේ දැක ගැනීමට ඇති තත්ත්වයකි. වසර ගණනක් තිස්සේ ඉතා දුකසේ ලබාගත් අධ්‍යාපනයේ නිසි ප‍්‍රථිපල ලබා ගැනීම සඳහාත් අසරණ දෙමාපියන්ගේ ප‍්‍රාර්ථනා ඉටුකිරීම සඳහාත් තමන්ගේ සුදුසුකම් වලට සරිලන රැකියාවක් ලබා ගැනීම තරුණ තරුණියන්ගේ මුලික අපේක්‍ෂාව වෙයි. මේ අකාරයට රැකියා විරහිත භාවයෙන් සිටින තරුණ තරුණියන් වංචනික ලෙස මුලා කිරීම් ද වර්ථමානයේ අසන්නට ලැබෙයි.
” 2009 සැප්තැම්බර් මාසේ 06 වෙනි ඉරිදා සති අන්තයේ පුවත් පතක මානව සවිය නිපුනතා සංවර්ධන අධ්‍යාපන ආයතනයේ විවිධ රැකියා ඇබෑර්තු කිහිපයක් සම්බන්ධව අයඳුම් කිරීමට හැකි බව එහි විස්තර සහිතව දැන්වීමක් පළකර තිබුණා. මමත් රැකියාවකට ඉල්ලූම් කිරිම සදහා අයදුම් පත් ගෙන්වා ගැනීමට ලිපියක් යමු කලා. එහිදි මට නැවත ලිපියක් ලැබුණා. එහි සඳහන් කර තිබුණේ එක් රැුකියාවකට අයඳුම් කිරීම සදහා රුපියල් දෙසීය පනහක් බඳින්න ඕන කියලා. මම සල්ලි බැදලා රැකියාවකට ඇයඳුම් කලා.”
මාතර දික්වැල්ල බතීගම ප‍්‍රදේශයේ ජීවත්වන නදීකා දඩල්ලගේ පැවසුවාය. ඇය පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ උපාධිධාරිනියක්. තමන් ලබා ගත් උසස් අධ්‍යාපනයේ ප‍්‍රථිඵලයක් ලබාගෙන ජීවිතයට මුහුණ දීම ඇයගේ එකම බලාපොරාත්තුව වී තිබුණාය.
ඒ නිසාම ඇය පුවත් පත්වල පළවන විවිධ රැකියා සඳහා ඉල්ලූම් කරන්නට වුයේ තම බලාපොරොත්තුව ඉටු කර ගැනීම සඳහාය.
”මම යොමුකල ඇයඳුම් පත‍්‍රයට පිළිතුරු ලිපියක් සති දෙකකට පසු ලැබුණා. එහි තිබුණේ මට සම්මූඛ පරීක්‍ෂණයක් සඳහා ගාල්ල සමුපකාර මන්ධිරයට පැමිණෙන ලෙයසි. එදින තවත් හය දහසක් පමණ පිරිසක් එම ස්ථානයට පැමිණ සිටියා. එහිදී දැන ගන්න ලැබුණේ එම ස්ථානයේම දින පහක් එම සම්මූඛ පරීක්‍ෂණය පවත්වා ඇති බවක් යැයි” නදීකා දඩල්ලගේ විස්තර කලාය.
නදීකා සඳහන් කරන අන්දමට දින කිහිපයකට පසු ඇයට ලිපියක් ලැබෙන්නේ අදාල සම්මූඛ පරීක්‍ෂණයෙන් සමත්ව ඇති බවත් එයට අදාල පුහුණු වැඩමුළුවක් නොවැම්බර් මස 17,18 යන දිනයන්හිදී මාතර තරුණ බෞද්ධ සංගමයේ පැවැත්වෙන බවත් ඒ සඳහා රුපියල් 1500ක මුදලක් ගෙවිය යුතු බවත් සඳහන් කරමිනි. ඒ අනුව ඇය අදාල ආයතනයේ බැංකු ගිණුමකට එම මුදල තැන්පත් කර එම පුහුණු වැඩමුළුව සඳහා අදාල දිනයේ උදැසන 8.30ට සහභාගී වු බව නදීකා දඩල්ලගේ පැවසූවාය.
”වැඩමුළුවට ගියමුල් දිනයේම අපට වැඩමුළුවක් දැකගන්න ලැබුනේ නෑ. පැමිණි සාමාජකයින්ට තමතමන් හදුන්වා දෙන්න කිව්වා. අට සියයක් පමණ තරුණ පිරිසක් මේ සඳහා සහභාගී වී සිටියා. මානව සවිය නිපුණතා සංවර්ධන අධ්‍යාපන ආයතනයේ නිළධාරීන් ඔවුන්ගේ ආයතනයේ දර්ශනය පැහැදිළි කරත්, අපිට එහිදි වැටහුනා මේ අය පත්තරේ දාලා තිබුන දැන්වීමේ විස්තර කර ඇති පරිදි කටයුතු කරන්නේ නෑ කියලා. ව්‍යාපෘති සංවර්ධනයට අදාල රැුකියා ගැන කිසිදෙයක් ඔවුන් කිව්වේ නෑ. පත්තරේ තිබුණේ දිස්ත‍්‍රික් කළමණාකාරවරු, ව්‍යාපෘති කළමණාකාරවරු, සහකාර කළමණාකාරවරු හා පරිගණක ක‍්‍රියාකරුවන් වැනි තනතුරු වලට ඉල්ලූම් කරන්නය. ඒ හැම රැකියාවකම වැටුප් තලය රුපියල් 20,000 වැඩි ඒවා බවත් නදීකා දඩල්ලගේ දිගින් දිගට විස්තර පැවසූවාය.
නදීකා පවසන අන්දමට එහි පැමිණ සිටි තරුණ පිරිස ආයතනයේ නිළධාරීන්ගෙන් අදාල පුවත් පත් දැන්වීම පිළිබඳ විමසූ විටදී ඔවුන්ටද එහි ඇති රැකියා තනතුරු පිලිබඳ නිසි පිළිතුරක් ලබා දීමට නොහැකි වී ඇත. ඒ අවස්ථාවේදී එම ආයතනයේ නිළධාරීන් පවසා ඇත්තේ තම ආයතනයේ රැකියා අවස්ථා ඇත්තේ ඔවුන් නිෂ්පාදනය කරණු ලබන පොත් පිංචක් සහ සී.ඩි. පටයක් ගෙයින් ගෙට ගොස් අලෙවි කිරිමයි. එහිදි මෙම අවස්ථාව ලබාගන්නන්හට මුලික පඩියක් දීමට නොහැකිබවත්, සියයට විසි පහක කොමිස් මුදලක් ලැබෙන බවත් ඔවුන් සදහන් කර ඇත.
”පස්සේ අපිට හොදටම පැහැදිළිවුණා මේ කණ්ඩායම විශාල වංචාවක් අපට කර ඇතිබව. පුවත් පත් දැන්වීමේ ඇති සියළු කරුණු අසත්‍යබවත් අපට වැටහුනා. එහි සඳහන් ලියාපදිංචියද අසත්‍ය එකක්. ඉන්පසු අපි නොවැම්බර් 18 දින පොලිස් කොමිසමට මේ සම්බන්ධව පැමිණිලි කරා. පොලිසිය කරුණු සොයා බැලීමේදී ඔවුන්ට ආයතනයේ ලියාපදිංචියක්වත් පෙන්නන්න බැරිවුණා.” මේවන විට මෙම වංචනික ක‍්‍රියාදාමය ලංකාවේ දිස්ත‍්‍රික්ක 19ක පවත්වාගෙන ගොස් ඇති බවත් පොලීසිය මගින් දැන ගන්නට ලැබුණේ යැයි නදීකා පවසන්නීය.
”ජනතාවගේ සුභසාදනය වෙනුවෙන් වංචනිකව පෙනීසිටින බෙහෝ දෙනෙකුගෙන් පරිස්සම් වන්න ජනතාවට සිදුවෙලා. වර්ථමානයේ මුදල් සම්බන්ධව පමණක් නෙවෙයි, හැම කටයුත්තකදීම විපරමින් සිටිය යුතුය. රැකියාදෙන බව පවසා තරුණ පිරිස මුලාකර තියෙන්නෙත් පුවත්පත් මගින් දැන්වීම් පල කරලා. මේවාට ඇයඳුම් කරන අය ඒවායේ ලියාපදිංචිය ගැන සෙවිමක් කරලා නෑ. මේ වගේ දැන්වීම් පලකිරිමේ දී පුවත්පත් වලටලත් අපිට යෝජනා කරන්න වෙන්නේ ආයතනයක ලියාපදිංචිය සටහන්කර නොමැති දැන්වීම් පලකිරිම ගැන මාධ්‍ය ආයතන වල මතයක් ගොඩ නැගිය යුතුය. ඒ වගේම මහ ජනතාවත් මෙවැනි වංචනික ක‍්‍රියා ගැන අවදානයෙන් සිටිය යුතුයි” පොලිස් මාධ්‍ය ප‍්‍රකාශක ජේෂ්ඨ පොලිස් අධිකාරී අයි. එම්. කරුණාරත්න පැවසීය.
”අපි කොච්චර ඉගෙනගත්තත් අවසානයේ රැවටිලිකාරයින්ට අහුවුණා. මම අපේ රටේ නංගිලා මල්ලිලාට දෙන පණිවිඩය තමයි මෙනවා උනත් දුක් විදගෙන ඉගෙන ගන්න. ඒක කවදාවත් අපතේ යන්නේ නෑ. ඒ උනාට සමාජයේ වංචා කාරයින්ගෙන් ප‍්‍රවේශම් වෙන්න. රැකියාවකට යාමේදී හොදට හොයලා විශ්වාසවන්ත ආයතනයකට සම්බන්ධවෙන්න.” නදීකා දඩල්ලගේ අවසාන වශයෙන් පැවසූවාය.
A bogus job bank, Human Strength Skills Development Educational Institute, had scammed thousands of unemployed graduates by collecting money promising jobs that pay a monthly salary that exceeds Rs. 20,000. A police investigation conducted on a complaint lodged with the Police Commission by several victims last month had revealed that the company had operated in 19 districts in the country without even a proper company registration. The bogus company after collecting Rs. 250 as registration fees through newspaper advertisements from victims and calling them for an interview had collected Rs. 1,500 for a two day workshop. At the workshop the victims had been informed they would be door to door sales persons promoting the company instead of providing them with the promised employment opportunities.
සූකර උණට බයේ මධ්‍යම පළාතේ පාසල් නිවාඩුදේ
H1N1 closes schools in Central Province
නව ඉන්ෆ්ලූවෙන්සා නොහොත් සූකර උණ (එච්1 එන්1) වෛරසය ආසාදිත රෝගීන් මධ්‍යම පළාතෙන් වාර්තාවීම වර්ධනය වීමත් සමග එම පළාතේ පාසල් නිවාඩුව නොවැම්බර් 23 වැනිදා (සදුදා) සිට ලබාදීමට තීරණය කර ඇතැයි මධ්‍යම පළාත් ආණ්ඩුකාර ටිකිරි කොබ්බෑකඩුව පැවසුවේය.
මේ ආකාරයට මධ්‍යම පළාත තුළ ඇති පාසල් 1464ක තෙවන පාසල් වාර නිවාඩුව සති එකහමාරකට පෙර ලබාදීමට තීරණය කර ඇතැයි මධ්‍යම පළාත් ආණ්ඩුකාරවරයා කීවේය.
‘‘පසුගිය දින කීපය තුළ මධ්‍යම පළාත තුළ සූකර උණ රෝගීන් (නව ඉන්ෆ්ලූවෙන්සා වෛරසය ආසාදිතයින්) වාර්තාවීම ඉහළ ගොස් තිබෙනවා. මේ තත්වය පාලනය කිරීටම පියවරක් වශයෙන් පාසල් වාර නිවාඩුව කලින් ලබාදීමට තීරණය කළා.’’ කොබ්බෑකඩුව සදහන් කළේය.
නව ඉන්ෆ්ලූවෙන්සා වෛසරය මධ්‍යම පළාත තුළ ව්‍යප්තවීම පිළිබදව වෛද්‍යවරුන්ගේ අවධානය යොමුව තිබෙන අතර වෛද්‍යවරු වෛරසය ව්‍යාපත්වීම පිළිබදව රතු එළිද දල්වා තිබුනේය.
‘‘මධ්‍යම පළාත තුළ මෙම වෛරසය සීග‍්‍රයෙන් ව්‍යාප්තවීමේ අවදානමක් පවතින්නේයැයි වෛද්‍යවරු පවසා තිබුණා. වැඩියෙන්ම දරුවන් මගින් වෛරසය ව්‍යාප්තවන බවද ප‍්‍රකාශ කර තිබුණා.’’ කොබ්බෑකඩුව කීවේය.
මෙම වෛරසය ආසාදනය වීම නිසා මධ්‍යම පළාත තුළ සිදුවන මරණ සංඛ්‍යාව වැඩිවී තිබෙන බවද හෙතෙම කීවේය. තුන්වන පාසල් වාර නිවාඩුව නියමිත දිනට පෙර ලබාදීම මගින් ළමුන් හරහා වෛරසය ව්‍යාප්තවීම පාලනය කිරීමට හැකියාව ලැබෙන්නේයැයි ආණ්ඩුකාරවරයා කීවේය.
කෙසේ වෙතත් මේ ආකාරයට මධ්‍යම පළාතේ පාසල් නියමිත දිනට පෙර නිවාඩු ලබාදීම පිළිබදව කිසියම් අපහැදිළි තත්වයක් ඇතිව තිබේ. මධ්‍යම පළාත තුළ තුන්වන පාසල් වාර නිවාඩුව නියමිත දිනට පෙර ලබාදීමට හැකියාවක් නැතැයි අධ්‍යාපන අමාත්‍යාංශයේ ලේකම් එම්.එම්.එන්.ඞී. බණ්ඩාර පැවසුවේය.
‘‘මේ විදියට පාසල් නිවාඩු ලබාදීමේ හැකියාවක් නැහැ. සූකර උණ තිබෙනවානම් ඒ පාසලේ අදාල පන්තියට පමණක් නිවාඩු ලබාදෙන ලෙසට චක‍්‍රලේඛයක් නිකුත්කර තිබෙනවා.’’ අධ්‍යාපන අමාත්‍යාංශ ලේකම්වරයා කීවේය.
මේ පිළිබදව අධ්‍යාපන අමාත්‍යවරයා සමග සාකච්ඡා කිරීමට සිදුවන බවද ලේකම්වරයා කීය.
මධ්‍යම පළාතේ පාසල් නිවාඩුව නියමිත දිනට පෙර ලබාදීමට තීරණය කර ඇති නමුත් සාමාන්‍ය පරිදි විවෘත කිරීමට නියමිතයයැයි කොබ්බෑකඩුව සදහන් කළේය.
පළාත තුළ නව ඉන්ෆ්ලූවෙන්සා වෛරසය පැතිරයාම වැලැක්වීම සදහා පියරව ගනිමින් සිටින බවද වෛරසය පැතිරයාම පාලනය කිරීමට සාමාන්‍ය ජනතාව ගත යුතු ක‍්‍රියාමාර්ග සම්බන්ධයෙන් දැනුවත් කිරීම් සිදුකරන බවද ඔහු පැවසීය.
‘‘දැන්වීම් හා නොයෙකුත් ප‍්‍රචාරයක වැඩපිළිවෙලවල් මගින් පළාතේ ජනතාව දැනුවත් කිරීමට පියවර ගෙන තිබෙනවා.’’ කොබ්බෑකඩුව කීවේය.
Schools in the Central Province are to be closed from Monday (23) following an increase in the number of Swine Flu cases reported from the area, Central Province Governor Tikiri Kobbekaduwa said. 1,464 schools in the Province are to receive their third term holiday one and a half weeks earlier. The decision to close schools earlier than the scheduled date for the holidays is to be further discussed with the Education Minister.
උපාධිය යනු රැකියාව නොවේ
Unemployed graduates demand jobs
නිදහස් අධ්‍යාපනය ලැබිම සමගේ අයිතිවාසිකමක් වුවද ඒ වෙනුවෙන් අරගල කිරීම කිසිවකුගේ යුතුකම නොවේ. මන්ද උපාධිය ලබාදීම යනු විශ්ව විද්‍යාල සිසුන් විශ්ව විද්‍යාලයෙන් පිටවනවාත් සමගම ඔවුන් රැකියා සදහා යොමු කිරීම විශ්ව විද්‍යාලයේ හෝ විශ්ව විද්‍යාල අධ්‍යාපනයේ වගකීම නොවන බැවිනි. සියයට දෙකක් වන විශ්ව විද්‍යාල සිසුන් වෙත අවධානය යොමු කිරීම පත්ව සිටින ආණ්ඩුවේද වගකීම බව ද අමතක නොකළ යුතුය.
‘‘නිදහස් අධ්‍යාපන කියන්නේ ඕනම කෙනෙකුට උසස්ද පහත්ද ගමේ ද නගරෙද කියලා වෙනසක් නැතිව ඉගෙන ගන්න පුළුවන් වාතාවරණයක් ලබා දීම.මේ නිදහස අපරිමයෙන් බුක්ති විදලා අවසානයේ විශ්ව විද්‍යාලයෙන් එළියට ගියාම අරගල කරන එක යුතුකමක් නෙවෙයි.”වයඹ විශ්ව විද්‍යාලයේ උපකුලපති නිමල් පෙරේරා පැවසීය.
ඒකා බද්ධ උපාධිදාරීන්ගේ සංගමය පවසන්නේ විශ්ව විද්‍යාල අධ්‍යාපනයෙන් පසු රැකියා ලබා දීම රජයේ වරැකීම සහ යුතුකම බවයි.
ලංකාවේ උසස් පෙළ විභාගය ලියන ළමයින්ගෙන් 2% යි විශ්ව විද්‍යාල අධ්‍යාපනය ලබන්න එන්නේ.මේ සියයට දෙකටවත් නිසි ආකාරයෙන් රැකියා දීමේ වැඩපිළිවෙළක් ආරම්භ නොකීරීම ගැන කණගාටුවෙනවා.උපාධි ගන්න ළමයි පෞද්ගලික අංශයේ රැකියා සඳහාත් විශාල ප‍්‍රමාණයෙන් පිටවෙනවා.මේ ඉන්න අතලොස්සක පිරිසටවත් ගකියා දෙන්න බැරිනම් අපට අරගල කරන්න සිද්ධ වෙනවා.ඒකාබද්ධ රැකියා විරහිත උපාධිදාරීන්ගේ කැඳවුම්කරු සුජිත් කුරුවිට පැවසීය.
මේ රටේ උගතුනි බිහිකිරීම සඳහා සැමට එකසේ අධ්‍යාපනය ලබාදීම විනා ඊට පරස්පර විරෝධීව යාම මොවුන්ගේ වගකිම නොව බවයි පෙරේරා පෙන්වා දෙනු ලබන්නේ.
‘‘නියම අධ්‍යාපනයක් ලබන කෙනාට එයින් ප‍්‍රතිලාබ ලබා ගැනීම සඳහා කිසිම බාධාවක් නැහැ.ඉස්සර තමයි සම්මුඛ සාකච්ජාවකට ගියාම ප‍්‍රශ්ණ පත‍්‍ර දෙන්නේ දැන් බලන්නේ යම් කිස ගැටළුවක් දිහා තීක්ෂණ ඇසකින් බලන්න පුළුවන්ද කියන එක විතරයි.රාජ්‍ය නොව ආයතන වලට යන්න ඉංග‍්‍රිසි දැනුම අවශ්‍ය වීමත් මේකට එක් හේතුවක්.තමන්ගේ අඩුපාඩු හදා ගන්නැතිව කෑ ගැහැවුවට වැඩක් නැහැ.” පෙරේරා පැවසීය.
විශ්ව විද්‍යාල අධ්‍යාපනය මීට වඩා ගුණාත්මක විය යුතුයි.ඒහා සමානව පාසල් අධ්‍යාපනයත් වෙනස් විය යුතුයි.මේ හැම දෙයකටම වඩාරැකියා වෙළඳ පොළ වගේම ආරථිකයත් පුළුල් විය යුතු බවයි කුරුවිට පවසන්නේ.
අපේ රටේ ලොකු රාජ්‍ය සේවයක් තියෙනවා .ආණ්ඩු පත්වුනාට පස්සේ පොරොන්දු ලබා දුන්න නිසයි අපි මේ කෑ ගහන්නේ.අවුරුද්ද ගානේ රැුක්යා ලබා දෙන්න පොරොන්දු වුණා.ආපහු ජනාධිපතිවරණයක් තියන්න කලින් මේ පොරොන්දු ඉටු කළේ නැත්නම් අපි අතරමං වෙනවා.අවුරුද්දකට 17000 ආසන්න පිරිසක් විශ්ව විද්‍යාල වලින් උපාධි ලබාගෙන අයින් වෙනවා.මේ අයට මොකද වෙන්නේ.කුරුවිට පැවසීය.
රජයේ පුරප්පාඩු තිබියදී මෙම පුරප්පාඩු පිරවීම සඳහා පියවර නොගැනීමට හේතුව කුමක් දැයි කුරුවිට නඟන ගැටළුවකි.විසිපන්දහසකට අධික රැකියා විරහිත උපාධිදාරීන් සිටින රටෙහි විසිපන්දහසක් රජයේ රැකියා පුරප්පාඩු පවතින බව හෙතෙම පැවසීය.
මේ ඉන්න හැමෝම වයස අවුරුදු විසි හතත් තිස්පහක් අතර අය.මේ අයගේ වයස පහු වෙද්දී රැකියා ලබා ගැනීමට බාධාවක් වෙනවා වයස.බාහිර හෝ අභ්‍යන්තර හෝ වේවා උපාධි ලබා ගන්න ළමයින්ට රැකියා දීමේ වගකිම පවතින්නේ පත්වෙලා තියෙන ආණ්ඩුව අතේ.අපිව විශ්වාස කරන්න කීවට වැඩක් නැහැ. ඒක ක‍්‍රියාවෙන් පෙන්වන්න ඕන. කුරුවිට වැඩිදුරටත පැවසීය.
රස්සාවක් බලාපොරොත්තුවෙන් තමයි හැමෝම ඉලෙන ගන්නේ.ඉතින් ඉගෙන අවසානෙ අවුරුදු ගාණාක් රස්තියාදු වෙද්දි මේ විදියට උද්ඝොෂණ කරන එකේ වරැද්දක් නැහැ.මොකද වගකිව යුත්තන්ගේ වගකීම තමයි රටේ අනාගතය දියුණු කිරීම.හැමදාම එක තැන තියෙනවට වඩා නවීන තාක්ෂනයත් එක්ක ඉදිරියට යන පරපුරක් හදන්න ඕන.රැකියාවක් බලා පොරොත්තුවෙන් උපාධිය අතැතිව සිටින ශසිකලා නිර්මාණී පැවසීය.
බාහිර උපාධිදාරී ශිෂ්‍යාවක වන නෙරංජලා සංජීවනී පවසන්නේ අභ්‍යන්තරයේ හෝ බාහිර හො මේවාසියලු දෙනාහට එක හා සමාන වටිනා කමකිනි සැලකිය යුතු බවයි.පුරප්පාඩු පවතින්නේ නම් ඒවා ලබාදීම මෙම ගැටළු අවම කර ගැනීමේ හැකියාව පවතින බව පැවසීය.
මේකෙ දෙපැත්තක් තියෙනවා.උපාධි ගත්ත අය බලාලොරොත්තු වෙන්නේ විධායක මට්ටමේ රැකියා.පත්වීම් දුන්නම සමහරු ඒවා බාර ගන්න කැමති නැහැ.සුඛොපබෝගී රැකියා කරන්න අපේ රටේ තියන ඉඩප‍්‍රස්ථාව බොහොම අඩුයි.මම හිතනවා මේ අය විශ්ව විද්‍යාල වලට ආවට පස්සේ ඒ පිළිබඳ අවබෝධයක් ලබාදිය යුතුයි කියලා.දුක් විදලා ඉගෙන ගන්න ළමයි ඕනම රැකියාවක් ලැබුණොත් යනවා.නමුත් ප‍්‍රශ්ණය තියෙන්නේ මේ අයගෙ ආකල්ප වෙනස් කරන්න විශ්ව විද්‍යාල අධ්‍යාපනයට හැකියාවක් නැති එක.සංජීවනී පැවසුවාය.
රැකියා අවස්ථාවන් ඉලක්ක කර ගනිමින් විශ්ව විද්‍යාල අධ්‍යාපනය සැකසිය යුතුයි යන මතය මෙතනදී ඉවත් කළ යතු බවයි පෙරේරා පවස්නනේ.පර්පූර්ණ උපාධිදාරියකු බිහි කිරීම ශ‍්‍රී ලංකාවේ විශ්ව විද්‍යාලයන්හි අරමුණ බවයි හෙතෙම පවසන්නේ.
විකිරණශිලිපීන් දසදහසක් ඕන රටේ ඒකට අවශ්‍ය අධ්‍යාපන දීලා ඒ පුරප්පාඩු පිරෙව්වට පස්සේ ආයෙත් පුරප්පාඩු එන්නේ අවුරුදු ගාණකින්.මේ රටේ ඕන තරම් අය ඉන්නවා තමන් ඉගෙන ගත්ත විෂයන් වලින් පිට රැුකියා කරන අය.කලා උපාධි ගත්ත අය බැංකු අංශයේ රැකියා වල ඉන්නවා.මේකට රහස තමයි අපේ අධ්‍යාපන රටාවේ තියෙන ගුණාත්මක බව.පෙරේරා පැවසීය.
උපාධියක් දීම යනු හොඳ පෞර්ෂයකින් යුත් ගුණගරුක නිහතමානී පුද්ගලයකු බිහිකිරීම විනා රැකියා සඳහා පුද්ගලයෙකු බිහි කිරීම නොවන බවයි කැළණිය විශ්ව විද්‍යාලයේ ජන සන්නිවේදන අධ්‍යන අංශයේ ජේෂ්ඨ කතිකාචාර්ය ආචාර්ය මාපා තිලකරත්ත පවසන්නේ.
ඉගෙන තියෙනවා නම් රටේ පවතින වාතාවරණයත් එක්ක හිතන්න පුරුදු වෙන්න ඕන.සර්ව සම්පූර්ණ සංවර්ධිත රටක් නෙවෙයි මේක.අපි තුළ ශික්ෂණයක් ඇති කර ගැනීම වැදගත් වෙනවා.තිලකරත්න පැවසීය.
ලෝකයේ කිසිදු රටක උපාධියට රස්සාවක් දෙන්න පොරොන්දු පිට කිසිවකුහට අධ්‍යාපනයක් ලබා නොදෙන බවයි හෙතෙම පවසන්නේ.ඒ හැම රටකම වගේ විශය පාඨමාලා නවීකරණය වෙනවා වගේම ලංකාවේත් ඒ දේ සිද්ධ වෙලා තියෙනවා.රටේ ඉල්ලූමට සැපයුම නිර්මාණය විය යුතු නැහැතඅවශ්‍යතාවයට උචිත විදියටයි සම්පත් නිර්මාණය වෙන්න ඕන.හෙතෙම පැවසීය.
විශාල මුදලක් වැය කර ඉගෙනීමෙන් අනතුරුව රැකියාවක් නොලැබීම ද ප‍්‍රශ්ණයක් බව හෙතෙම පවසයි.නමුදු කුමන රැකියාවක් කළද එහි ඉහළ පහළ භේදයක් නොමැති බවත් මෙම ආකල්පය සියලු දෙනා තුළ නිර්මාණය විය යුතු බවත් හෙතෙම පැවසීය.
Unemployed graduates have called on the government to provide them with suitable employment in the state sector. They say the government should honor its pledge to provide employment to university graduates. There are currently 17,000 students who graduate from universities annually. The unemployed graduates say the education system needs to be changed while broadening the country’s economy and job market. However, educators say the education system has enabled students to be versatile in many fields. They argue that graduates who have benefited from free education should burden the economy by unreasonable demands.
කැබැතිගොල්ලෑව යකාවැවේ දිරිය දියණිය
Life after the war in Kabethigollawa
‘‘මම මෙහේ නෙවෙයි නුවර ඉපදුන කෙනෙක්. අපි දන්නෙ නෑ යුද්දෙ කියන්නේ මොකද්ද කියලා. වෙඩි හඩක් අහල තිබුනේ නෑ. මෙහාට ආවට පස්සේ තමයි ඒ ඔක්කොම දේවල් ඇහුනේ. ගමේ බෝම්බ සිද්දියෙන් පස්සේ ගොඩක් දෙනෙක් කඳවුරු වලට ගියා. ගිහින් ඉදල ආවට පස්සේ ගමේ තිබුනේ මළානික බවක්. කිසිම කෙනෙක් හිටියේ නෑ.” අනුරාධපුර නගරයේ ඉදල කිලෝමීටර් හතලිහක් පමණ ඈතින් පිහිටි ඉදිගොල්ලෑව යකාවැව ප‍්‍රාථමික විදුහලේ ගුරුවරියක් ලෙස වගේම සිවිල් ආරක්‍ෂක දෙපාර්තමේන්තුවේ ආරක්‍ෂක නිළධාරියෙක් ලෙසද සේවය කරන චමිපිකා ප‍්‍රියදර්ශනී පවසුවාය.
යුද්ධයෙන් බැටකෑ මිනිසුන් මේ ගම්මානවල ජිවත් වෙයි. කැබතිගොල්ලෑව බස් රථ බෝම්බ පිපිරීමෙන් හල්මිල්ලෑව, යකාවැව ආදී ගම්මානවල මිනිසුන් බොහෝ දෙනෙකුගේ ජීවිත අහිමි විය. තවත් බොහෝ දෙනෙක් මානසිකව තවමත් පීඩාවිදිති. හැමදාම බංකරයත්, කඳවුරත් මේ මිනිසුන්ට උරුමවී තිබුනි.
‘‘මට අවුරුදු විසිහයක් වෙනවා. මගේ ගම යකාවැව. ඉපදුනේ නුවර වුනාට වැඩි කාලයක් හැදුනේ වැඩුනේ මෙහේ. කඳවුරේ ඉදල එනකොට ගමේ ඉස්කෝලේ හිටියේ ගුරුවරුන් දෙන්නයි. ඊට පස්සේ මේ පළාත්වල ඉස්කෝලවලට රජයේ ගුරුවරු අඩු හින්දා අපට අවස්ථාවක් ලැබුනා. ඒකට අපේ අධ්‍යක්‍ෂ ජෙනරාල්තුමා සිවිල් ආරක්‍ෂක දෙපාර්තමේන්තුවේ නිළධාරීන් මේ පළාතේ පාසල් වලට අනයුක්ත කලා. ඒ අනුව තමයි අපිටත් අවස්ථාවක් ආවේ අපේ දරුවන්ට අකුරු කියා දෙන්න. ඉදිගොල්ලෑව යකාවැව ප‍්‍රාථමික විදුහලේ එක ශ්‍රේණිය භාරව තමයි මම වැඩකරන්නේ.” ප‍්‍රියදර්ශනී පවසන්නීය.
ජීවිතයෙන් වැඩිකාලයක් ආරක්‍ෂක කටයුතුවල නිරත වීමට වගේම පාසල් දරුවන්ගේ නැණ නුවණ පාදන්නට ලැබීම ප‍්‍රියදර්ශනීට ලැබී තිබෙන රාජකාරි වෙයි.
‘‘උදේට සාරිය ඇදන් පාසලට ඇවිත් වැඩකරල අපි සිවිල් ආරක්‍ෂක දෙපාර්තමේන්තුවේ නිසා හවස දෙකෙන් පස්සේ මුරපොලවල් ආරක්‍ෂක කටයුතු වල නිරත වෙනවා නිල ඇඳම ඇදගෙන. සෙනසුරාදාටත් උදේ අටේ ඉදල හවස හතර වෙනකම් ඩියුටියක් කරනවා. ඉරිදා උදේට දහම් පාසල කරනවා. ඉරිදා හවස දොළෙහෙන් පස්සේ තමයි අපිව නිදහස් කරල තියෙන්නේ. මාසෙට දවස් තුනක් නිවාඩු තියෙනවා. ඉතුරු දවස්ටික රාජකාරී කටයුතු වල තමයි නිරත වෙන්නේ.” ප‍්‍රියදර්ශණී තවදුරටත් කීවාය.
රාජකාරී දෙකක නියැලූනත් එම රාජකාරි කටයුතු සතුටින් කරන බව ප‍්‍රියදර්ශණී පවසයි. ‘‘අපිට පඩිය තියෙනවා රුපියල් දාහත්දාහක් විතර. එයින් රුපියල් පහළොස් දාහක් විතර අතට එනවා. ඒ ගැන සංතෝස වෙනවා. ඒ පඩියෙන් තමයි මම මගේ ගෙදර අයත් ජීවත් කරවන්නේ. ඒත් එක්කම ළමයින්ටත් සේවයක් කරන්න පුළුවන්නේ. හේතුව තමයි අර බෝම්බ සිද්ධියෙන් පස්සේ කඳවුරේ ඉඳල ගමට එනකොට මෙහේ හැමෝම හිටියේ හැඬු කඳුලිින්. ඒ වෙලාවේ ඉතින් ගමේ දරුවන් පවා අසරණ වෙලා හිටපු වෙලාවක්. ඒ වෙලාවේ ඒ දරුවන් වෙනුවෙන් යමක් කරන්න ඕන කියලා හිතන් ඉන්න කොට තමයි සිවිල් ආරක්‍ෂක දෙපාර්තමේන්තුවේ නිළධාරීන් මේ පළාත්වල පාසල්වලට ගුරුවරුන් විදියට අනුයුක්ත කරන බව දැනගත්තේ. ඊට පස්සේ ඉතින් උසස් පෙළ එහෙම සමත් වෙලා තිබුන හින්දා අපිටත් අවස්ථාව ලැබුනා සිවිල් අරාක්‍ෂක දෙපාර්තමේන්තුවට බැඳෙන්න. ඇත්තටම දැන් සතුටු වෙනවා ගත්ත තීරනය ගැන.” ප‍්‍රියදර්ශනී සිනාමුසු මුහුණින් පවසන්නේය.
‘‘අපේ ඉස්කෝලේ පන්ති පහක් තියෙනවා මුල් කාලෙයේදී අපි තුන්දෙනයි මේ පන්ති පහේම වැඩකළේ. දැන් සිවිල් ආරක්‍ෂක දෙපාර්තමේනුතුවේ තව නිළධාරීන් දෙන්නෙක් අපේ ඉස්කෝලෙට අනුයුක්ත කරල තියෙනවා. අපි ලොකු වෙහෙසක් ගන්නවා මේ ළමයින්ට උගන්නන්න. විශ්වාසයක් තියෙනවා කවදා හරි දවසක මේ දරුවන් නැඟිටියි කියලා.”
අනාගතයේ යකාවැව, හල්මිල්ලෑව ගමේ දරුවන්ගේ දියුණුව ගැන ප‍්‍රියදර්ශනි පවසන්නේ මහත් ආඩම්බරයෙනි.
ගුරුවරියක විදියට සේවය කලත් කිසිදු ගුරු පුහුණුවක් ලබා නොමැති බවත් ප‍්‍රියදර්ශණී පවසන්නේය. ‘‘අපිට ඇත්තටම ගුරු පුහුණුවක් නෑ. දැනට වුනත් පාසලේ ඉන්න ගුරුවරුන්ගේ සහයෝගයෙන් තමයි පන්ති වුනත් කරන්නේ. දැන් අවුරුදු එකහමාරක් විතර වෙනවා පත්වීමත් හම්බවෙලා. මේ පළාතේ හැම පාසලකම වගේ ඉන්නවා සිවිල් ආරක්‍ෂක දෙපාර්තමේන්තුව යටතේ සේවය කරන ගුරුවරුන්. මේ පළාතේ පාසල් වලට රජයේ පුහුණුව ලබපු ගුරුවරුන්ගේ අඩුවක් තියෙනවා. ඇත්තෙන්ම අපිට ගුරු පුහුණුවක් එහෙම ලබා දෙනවනම් මේ දරුවන්ට වැඩි සේවයක් කරන්න පුළුවන්.” ප‍්‍රියදර්ශණි එසේ පවසන්නේ ගුරු පුහුණුවක අවශ්‍යතාව තදින්ම ඇයට දැනෙන නිසාය.
‘‘අපිට ගුරු පුහුණුවක් ලබා නොදෙන්නේ ඉදිරියේදී පාසල් කටයුතු වලින් අපි ඉවත් කරයිද දන්නෙත් නෑ.” ප‍්‍රියදර්ශණී සැකයකින් මෙන් පවසුවාය.
‘‘යුද්දෙ තිබුනෙ නැති පළාත්වල ගුරුවරු උදේට පාසල් ගිහින් හවසට ටියුෂන් පන්ති කරනවා. අපි උදේට පාසල් ගිහින් හවසට මුරපලවල්වල සේවය කරන්න යනවා. සෙනසුරාදටත් එහෙමයි. අනිත් අයට වැඩිය අපි සේවා දෙකක් සපයනවා. ඒත් එක්කම අපිට ගෙදර ප‍්‍රශ්නත් තියෙනවා. මේ ඔක්කොමත් එක්ක තමයි අපි ජීවත් වෙන්නේ.” එකම රටේ ප‍්‍රදේශ කිහිපයක ගුරුවරුන්ගේ වෙනස පිළිබඳව ප‍්‍රියදර්ශනී එසේ පවසන්නේය.
‘‘අපේ අසරණ ළමයි ගොඩක් ඉන්නේ මෙතන. බස් බෝම්බ සිද්දියෙන් මේ දරුවන් බොහෝ දෙනෙක්ට තමන්ගේ අම්මා තාත්තා සහෝදර සහෝදරියන් නැතිවුනා. ඉතින් මේ දරුවන්ට හොඳට උගන්නලා හොඳ තැනකට තල්ලූකරන්න තමයි මගේ අධිෂ්ඨානය වෙලා තියෙන්නේ.” ප‍්‍රියදර්ශනීගේ මේ අධිෂ්ඨානය සාක්‍ෂාත් කරගැනීමට තමන්ගේ ඉහළ නිළධාරීන්ගේන් වගේම පාසලේ රත්නායක විදුහල්පති තුමන්ගෙන් සහ සහෝදර ආචාර්ය්‍ය මණ්ඩලයෙන් ලැබෙන සහයෝගය පිළිබඳව ප‍්‍රියදර්ශණී පවසන්නේ නිහතමානීවය.
‘‘ඇත්තටම ලොකු කැපකිරීමක් කරනවා අපේ ගරු විදුහල්පතිතුමා ඇතුලූ ආචාර්ය්‍ය මණ්ඩලය. නිතරම ගමත් එක්ක සම්බන්ධ වෙනවා. ඉස්කෝලේ හැම වැඩකදීම ගමත් සම්බන්ධ කරගන්නවා. ඒත් එක්කම අර යුධ මානසිකත්වයෙන් දරුවන් ඈත් කරල ඉදිරියට අරන් යන්න හැම උපදෙසක්ම දෙනවා ඒ ගොල්ලන්. ඒකෙන් ලොකු බැඳීමක් තියෙනවා ගමේ අය ඉස්කෝලෙත් එක්ක. ඒ වගේම තමයි අර ගමේ අය ලොකු ප‍්‍රපාතෙකට වැටිලා දැන් නැගිටමින් ඉන්න අවස්ථාවක් මේක.” මේවනවිට යකාවැව හල්මිල්ලෑව ගම්වල පවතින තත්වය ගැනත් ප‍්‍රියදර්ශනී එසේ පවසයි.
සිවිල් ආරක්‍ෂක දෙපාර්තමේන්තුවේ නිළධාරීනියක් විදියටත්, පාසල් ගුරුවරියක් විදියටත් තමන්ගේ ගම දියුණු කළයුතු ආකාරය ගැනත් ඇය පවසයි.‘‘අපි නගරයෙන් ගොඩක් දුරින් ජීවත් වෙන්නේ. අපිට නගරයක් කියල තියෙන්නේ කැබැතිගොල්ලෑව. එහාට යන්නත් කිළෝමීටර් දහයක් විතර යන්න ඕන. අර කඳවුරේ ජීවත්වෙලා ආවට පස්සෙ නම් ගමේ මිනිස්සු ටිකක් දියුණුයි.
ඊට ඉස්සරනම් මිනිස්සුන්ට සමාජය ගැන ඇත්තට තේරුමක් නැතුව වගේ හිටිය. දැන් ඒ වුනාට දියුණු වෙන්න ඕන කියන තැන ඒ කියන්නේ ආර්ථික මට්ටමින් නෙවෙයි හැම අතකින්ම දියුණු වෙන්න ඕන කියන තැන ඉන්නවා අපේ මිනිස්සු. මං හිතනවා තව ටික කාලයක් යනකොට හැම අතකින්ම දියුණු වෙයි කියලා.” තම ගමේ මිනිසුන්ට දියුණු වෙන්න තිබෙන වුවමනාව පිළිබඳව පි‍්‍රයදර්ශණී පවසන්නේ සැබැවින්ම ඇයත් දිරිය කාන්තාවක් නිසාවෙනි.
‘‘ඇත්තටම දකුණේ අයට කියන්න ඕන. ඒ අය දන්නෙනෑ මෙහේ තත්වය. එයාලා බොහෝ දෙනෙක් අපිව මායිම් ගම්මානවල ජීවත්වෙන මිනිස්සු කියල කොන්කරල තියෙන්නේ. අපි යුද්දෙන් දුක්වින්ද තමයි. ඒත් දැන් නැඟී සිටින්න අපේ මිනිසුන්ට ශක්තිය ඇවිත් තියෙන්නේ. අනිත් එක දකුණේ අය රැුකිලා ඉන්නේ අපි මෙතන රැුඳිල ඉන්න නිසා.” ප‍්‍රියදර්ශණි පැවසන්නේ දෙනෙතට කඳුලක්ද එක්කරමිනි.
‘‘ඇත්තටම රටේ අනිත් ප‍්‍රදේශවල මිනිසුන්ට වැඩිය හයිය හිතක් තියෙනවා දැන් මෙහේ මිනිසුන්ට. නැඟිටියි කියල හිතනවා කොහොමහරි අනාගතේ. හොඳ සාමකාමී තත්වයක් තියෙනවා මෙහේ. ඇතැම් ප‍්‍රදේශවල වගේ පහසුකම් මෙහේ නැති හින්දා තමයි දැන් වැටිලා ඉන්නේ. කාලයක් යනකොට හොඳ තත්වයකට මේ මිනිස්සු එයි.”
ගමේ මිනිසුන්ගේ බලාපොරොත්තු පිළිබඳවත් කියන්නට ඇය අමතක නොකලාය.‘‘ගමේ මිනිසුන්ගේ හොඳ දියුණුවක් ලැබෙන එක තමයි දැන් බලාපොරොත්තුව. ආර්ථීකය අතින් වුනත් දැන් ගොවිතැනක්් එහෙම ඈතකට ගිහින් කරගන්න නිදහසක් තියෙනවා. බයෙන් බයෙන් එහේ මෙහේ දුව දුව ගොවිතැනක් කරගන්න හේනක් කරගන්න නැතුව හිටියේ. දැන් හැම දෙයක්ම අපිට ලැබිල තියෙනවා. යුද්ධය තමයි අපිට ලොකුම ප‍්‍රශ්නයක් වෙලා තිබුනේ. මේ මිනිස්සු ඇත්තටම මේ මහ පොළවත් එක්ක පොරබදල තමයි ජීවත් වෙන්න උත්සාහ ගන්නේ. නිකං පුටු රත්කරල ඉන්න මිනිස්සු නෙවෙයිනේ මෙහේ ඉන්නේ. ඒ නිසා මේ මිනිස්සුගේ නැඟිටීම තමයි ලොකුම බලාපොරොත්තුව.”
‘‘ඇත්තටම අපි හැමෝම මිනිස්සු. අපිට සිංහල දෙමළ මුස්ලිම් කිසිම භේදයක් නැතුව අපි හැමෝම එකතුවෙන් ඕන. හැමෝම අත්වැල් බැඳ ගන්න ඕන. එතන තමයි අපේ දිරිය, ශක්තිය, දියුණුව තියෙන්නේ. ඒ හින්දා මං කියන්නේ ඇත්තටම අපි කරන ඕනම දෙයක් රටේ දියුණුවට, අපේ දරුවො වෙනුවෙන් කරනවනම් ඇත්තටම ලෝකයේ අනිකුත් දියුණු රටවල් වල තත්වයට යන්න පුළුවන්. ඒකට හැම කෙනෙක්ගෙම හිත්වල සහෝදරත්වය, ලෙංගතුකම, සහජීවනය තියෙන්න ඕන.” පි‍්‍රයදර්ශණී එසේ පැවසුවේ සැමදෙනාටම ආදර්ශමත් පණිවිඩයක් ලබාදෙමිනි.
සැබැවින්ම යුද්ධයෙන් අපමණ ලෙස පීඩාවට පත්ව තමන්ගේම මිනිසුන් වෙනුවෙන් සේවාවන් දෙකක් ලබා දෙන යකාවැවේ චමිපිකා ප‍්‍රියදර්ශණී වැනි දිරිය ලඳුන් රටේ ඉදිරි ගමනට ලැබුනු දිරිමත් අත්වැලකි.
ඡායාරූප – චාර්ල්ස් පීටර්
සාමයේ මිහිර විඳින දිනේෂ්
‘‘මම කවදාවත් මඩකලපුවෙන් පිට ගිහින් නැහැ. යාපනේ යන්නයි නුවර යන්නයි මම හරි ආසයි. යුද්දෙ ඉවර වෙලා නිදහසේ ඉන්න ලැබෙයි කියලා අපිට කවදාවත් හිතුනෙ නෑ. දැන් අපි හරි සන්තෝෂයෙන් ඉන්නෙ.’’ මඩකලපුව මහවොඩිවේම්බුවේ පදිංචි පහළොස් හැවිරිදි දිනේෂ් කාන් පැවසුවේය.
නැගෙනහිර දරුවෙකු වී උපන්නද දිනේෂ් කාන්ට නිදහස් භූමියකට පය තබන්නට ඉඩක් නොවීය. ශාපලත් යුද්ධයේ උරුමකරුවකු වී උපන් ඔහුට සැනසිල්ලේ හුස්ම ගන්නට ඉඩ ලැබුණේ යුද්ධය අවසන් වීමත් සමඟය. උපන් රටේ නිදහසේ ඇවිද යන්නට නොනිත් ආසාවක් දැන් ඔහුට තිබේ.
වන්දාරමුල්ල දෙමළ මහා විද්‍යාලයේ දහය වසරේ ඉගෙනුම ලබන දිනේෂ් කාන් දරුවන් හතර දෙනෙකුගෙන් යුත් පවුලේ වැඩිමලාය.
‘‘ තාත්තා මුද්‍රණ කන්තෝරුවක කම්කරුවෙක් විදිහට වැඩ කරනවා. අම්මා නම් ගෙදර ඉන්නෙ. මට මල්ලිලා දෙන්නෙකුයි. නංගි කෙනෙකුයි ඉන්නවා’’ දිනේෂ් සිය පවුලේ සාමජිකයන් පිළිබද එසේ පැවසුවේය.
පසුගිය කාල වකවානුවේ යුද්ධයෙන් ලත් අමිහිරි අත්දැකීම් තවමත් දිනේෂ්ගේ සිත සසල කරවීමට සමත්ය. ඔහු ඒ පිළිබද කතා කරන්නෙ මහත් වේදනාවෙනි.
‘‘ යුද්දෙ තියෙන කාළේ අපි හරිම බයයි. රෑට සැනසිල්ලේ නිදා ගන්නවත් ඉඩක් ලැබුණෙ නැහැ. රෑ තිස්සෙම වෙඩි සද්දෙයි බෝම්බ සද්දෙයි ඇහෙනවා. අම්මයි තාත්තයි නංගියි මල්ලිලා දෙන්නයි මමයි නිදා ගත්තෙ එකට ගුලි වෙලා. අම්මා කීවේ මැරුණොත් අපි ඔක්කොම එකට මැරෙමු කියලයි.’’ අසීරුවෙන් ගෙවා දැමූ අතීතය සිහිපත් වීමෙන් දිනේෂ් කාන්ගේ නෙතට කදුළු ඉනුවේය. ශාපලත් යුද්ධය නැගෙනහිර දරුවන්ගේ සිත් සතන් බිය පත් කර තිබුණේ එසේය.
‘‘ එක දවසක එල් ටී ටී ඊ එකයි ආමි එකයි ගහ ගත්තා. අපේ ගෙවල් ලඟ තිබුණා ආමි කෑම්ප් එකක්. එ්කට තමයි එල් ටී ටී ඊ එකෙන් ගැහුවේ. එදා ජීවිතේ ගැන අපිට බලාපොරොත්තුවක් තිබුණේ නැහැ. ? අටට විතර ෂෙල් ගහන්න පටන් ගත්තා. අපිට දුවා ගන්නවත් තැනක් තිබුණෙ නැහැ.’’
‘‘ එහෙම්මම කන් වල ඇගිලි ගහගෙන අපි බිම දිගා වුණා. අපේ ගෙදර බිත්ති කඩාගෙන වැටුණා. පහුවදා උදේ වෙන කොට ආමි එකේ අයගෙයි එල් ටී ටී ඊ එකේ අයගෙයි මළ සිරුරු ගේ ඉස්සරහා වැටිලා තිබුණා. අපේ ගෙදර අයට කරදරයක් වෙලා තිබුණෙ නැහැ. එදායින් පස්සෙ අපිට දවස් ගාණක් ඉස්කෝලෙ යන්න ලැබුණෙත් නැහැ.’’ දිනේෂ් කාන් සිය කටුක අත්දැකීම පවසන්නේ වේදනාව මුසු වු හඩකිනි.
යුද්ධයෙන් දිනේෂ් කාන් නිවසට ද හානි වී තිබේ. එහෙත් එය නැවත පිළිසකර කරන්නට දිනේෂ් කාන්ගේ පියා වන දයානන්ද මූර්තිට වත්කමක් නැත. ‘‘ තාත්තට සල්ලි නැති නිසා මම කවදාහරි රස්සාවක් කරලා තමයි ගේ හදාගන්නෙ.’’ දිනේෂ් පවසයි.
කවදා හෝ ඉන්ජිනේරුවෙකු වීමේ සුබ සිහිනයක් දිනේෂ්ට තිබේ. ඒ සඳහා දස්කම් දැනටමත් තමන් සතුව ඇතැයි දිනේෂ් පවසන්නේ ආඩම්බරයෙනි. ඔහු කැඞී බිදී ගිය රේඩියෝ ටී වී පිළිසකර කිරීමට සමත්කම් දක්වන්නෙකි.
‘‘ මම ඊයෙත් රේඩියෝ එකක් හදලා දීලා රැපියල් තුන් සීයක් ගත්තා. මම ඒ සල්ලි වලින් ඉස්කෝලෙ යන්න ඕන අඩු පාඩු ගන්නවා.’’
‘‘යාළුවොත් එක්ක එකතු වෙලා ක‍්‍රිකට් ගහන්න මම හරි ආසයි. ඉස්කොලෙ නම් ක‍්‍රීඩා තරඟ වලට දුවනවා. දැන් ඉතින් අපිට නිදහසේ දුවන්න පනින්න ඉඩ තියෙනවනෙ.’’ දිනේෂ්ගෙ ඇස් වල අනාගතය පිළිබඳ ද්ප්තිමත් ඡායාවන් තිබේ. එ් එළියෙන් ඔහුගේ හෙට දවස ආලෝකමත් වනු ඇත.
For 15 year old Dinesh Khan from Mahawodivembu in Batticaloa the end of the war has brought about a freedom and a sense of joy, which he thought would never be possible. However, the terrors of war experienced by Dinesh and his family are still fresh in his mind. He recounts the days when they lost all hope of living when the Army and the LTTE commenced fighting near their house. Dinesh says it would be up to him to someday rebuild their house that has been damaged due to the war. While running about freely with his friends, Dinesh hopes to become an engineer in future.










