After Decades of Bloodshed, Home Calls
PERIYAPILLUMALLAI, Sri Lanka, July 6, 2010 (IPS) – For almost two decades, Athanayakemudiyanselage Punchibanda lived without hope of ever returning here to his native village.
The 52-year-old grandfather was forced to leave Periyapillumallai, a village located deep in Sri Lanka’s eastern Batticaloa district, with his family in 1991 when ethnic tensions boiled over. Punchibanda is from the majority Sinhalese community, but lived in a village that bordered areas inhabited by the country’s minority Tamils.
The Liberation Tigers of Tamil Eelam (LTTE) was by then waging a bloody sectarian war, demanding a separate state for the Tamils carved out in this South Asian country’s north and east. Regardless of ethnicity, civilians were caught in the fighting and paid a heavy price.
“We fled because we knew we would be killed,” Punchibanda told IPS.
For 19 years, Punchibanda’s family was among the war-displaced, settling in the Mahaweva area some 10 kilometres away. In those 19 years, the war turned bloodier, with at least four failed attempts at negotiating a settlement.
Seven months after the war ended in May 2009 with government forces wiping out the Tigers, Punchibanda ventured back home.
Only seven of the 172 Sinhalese families living in Periyapillumallai when Punchibanda left returned with him in December 2009. The number has whittled down further – only three families still remain.
“Life is hard, the jungle has taken over our houses and crop land,” Punchibanda says, looking at the thick bush that surrounds the little plot he has cleared and planted maize in. “We hardly know anyone here, but it is our village.”
He and his wife work the land tirelessly under the scorching sun. At night, they ascend treetop hideouts to guard their crops against marauding elephants. Despite the hardship, Punchibanda is happy to finally return home after almost two decades. “My children or grandchildren will never come here. They don’t feel any connection, but I do,” he says.
This same ‘connection’ has brought Mohamed Aifa, a 62-year-old Muslim woman, and her husband to the adjoining village of Rukam. Like the Sinhalese, the Muslims were forced out of Tiger-controlled areas.
Aifa’s family fled the village in the mid-1990s, with Muslims unable to work in their fields and attacks were reported in the night. Incidents like the August 1990 massacre of 147 Muslims inside a mosque in the nearby town of Kathankuddi, purportedly by the Tigers, drove fear into Muslims living in areas under the Tigers’ yoke. Almost all subsequently fled.
“We lived in Chenkalady (a town about 30 km away), where the government was in control,” Aifa says.
Unlike the Sinhalese, who remain a mere handful in areas formerly under the Tigers, many Muslims have begun to flock home following the end of the war. “We feel safe here. There is good fish in the tank, there is a good market in the town,” says Aifa, as one of her relatives bundled together 500 rupees (4.4 U.S. dollars) worth of baked fish. “We already have a buyer for that. Who knows, life may be better here,” she says.
While most Tamils in areas like Periyapillumallai and Rukam remained behind when the Tigers gained control, they too fled during heavy fighting, like those in mid-2007 – the last of the battles the Tigers fought in the east. Over 130,000 civilians fled to safer areas behind government lines in Batticaloa district.
It has been two years since Krishnan Ramanadan, a 52-year-old father of three daughters, returned to Periyapillumalai after fleeing the fighting.
He lives in a small hut with a roof of coconut leaves, and his fishing gear hangs on a tree nearby. But he has a complaint: “There are too many people fishing in the tanks now. Those days, people were too scared go fishing. Now everyone goes fishing, even those who work the paddy fields, when they don’t have work,” he says.
Despite the overcrowded fishing spots, life is looking up. Ramanadan is building a brick house, and his daughters are happy that they can now live without fear of forced conscription.
His eldest, Saroja Devi, had to abruptly end her education when her parents decided not to send her to school. In fact, they decided not let her out of the house for anything, in 2006, when the Tigers went on a forced recruitment spree and were abducting students on the way to school. “It was that bad,” Devi says.
Things have improved greatly in the last two years. There are fewer Sri Lankan soldiers and checkpoints. Public administration is slowly returning. If the dilapidated canal system is repaired, Ramanadan says, many will return to paddy cultivation.
Of course, there are still problems, including an acute shortage of housing, an abysmal public transport system, and a shortage of jobs. Officials say hundreds of war-ravaged houses need to be rebuilt, over 340 ofthem in Periyapillumallai alone. But all these problems can be sorted out, without bullets flying around.
Life is still a hard grind here. But there is now a sense of hope.
Communities that have been kept apart for decades by guns, bombs and mayhem have come together to live shoulder to shoulder – by choice or otherwise. The healing will take years, maybe generations, but it has begun.
“Maybe we can live like what it was before, like ordinary human beings, and not animals killing each other for a plot of land,” Punchibanda says
ඇල්මෙන් අකුරු උගනිමු ඉදිරි වැඩ තකා
දෙපා සරසන්නට මිරිවැඩි සගලක් හෝ නොමැතිව කීලත්සා තක්සලාවට ඇවිද එන්නේ ශිල්ප ඉගෙන දක්වන්නට ඇති උන්දුව නිසාය. අප්පා අමාරුවෙන් ගැට ගහගන්නා ජීවිතයට සවියක් වන්නට ඇගේ පුංචි සිතට ඕනෑ වී තිබේ. එබැවින් ශිල්පය මැනවින් හදාරන්නට කීලත්සාට ඇති උන්දුව අති මහත්ය.
‘‘ මම කවදා හරි වෛද්‍යවරියක් වෙන්න ආසයි’’ ඇය බලාපොරොත්තු පිරුණු හඩින් සේ පැවසුවාය. නව හැවිරිදි කීලත්සා ජෙගනාදන් පෙරිය පිල්ලූමලෙයි රෝමානු කතෝලික දෙමළ විද්‍යාලයේ හතර වසරේ ඉගෙනුම ලබන්නීය. උපන්දා සිටම සැප සම්පතින් පිරුණු ලොවක් ඇයට හිමි වූයේ නැත. ඇය මෙලොව එළිය දුටුවේද ශාපලත් යුද්ධයක් පවතින නිමේෂයකය. සමගි සම්පන්න සාමකාමී වටපිටාවක් වෙනුවට ඇය අත්වින්දේ බෝම්බ වෙඩි හඩින් එකිනෙකා විනාශ කරගන්න වටපිටාවකි. එහෙත් දැන් ඒ දුෂ්කර අවදිය නිමා වී තිබේ.
‘‘ මගේ පවුලේ හතර දෙනෙක් ඉන්නවා. අප්පා කැලේට ගිහින් දර කපලා තමයි සල්ලි හොයා ගන්නෙ.’’ අප්පාගේ ඉපැයීම් ජීවත් වන්නට කිසිසේත් ප‍්‍රමාණවත් නොවන බව කීලත්සා වටහා ගෙන සිටින්නීය.
කීලත්සාට පමණක් නොව පිල්ලූමලෙයි රෝමානු කතෝලික ප‍්‍රාථමික විද්‍යාලයේ ඉගෙනුම ලබන බොහෝ සිසුන්ගේ ජීවිතය එතරම් සැපවත් එකක් නොවේ. මඩකලපුවේ මාධ්‍ය සංචාරයක නිරත වූ අපි මේ පාසලට ගොඩවැදුණේ ඔවුන්ගේ තොරතුරු දැන ගැනීමේ අටියෙනි.
‘‘මේ දරුවන්ගේ දෙමව්පියො ගොඩක් දුප්පත්. ඒ නිසා දරුවන්ව පාසල් එවන්න ලොකු උවමනාවක් නැහැ.’’ විදුහලේ ගුරුවරියක වූ තිස්පස් හැවිරිදි ඉන්දුමතී ප‍්‍රභාකරන් පැවසුවාය. සිසුන් 45 දෙනෙකුගෙන් යුත් මේ ප‍්‍රාථමික විදුහලට එදින පැමිණ සිටියේ සිසුන් විස්සකටත් අවම සංඛ්‍යාවකි. සිසුන් පාසල් නොඑන දිනවලට සිය දෙමාපියන් සමග කැලේ ගොස් දර කැපීම, හේන්වල වැඩ කිරීම ආදිය සිදු කරන බව ඉන්දුමතී පැවසුවාය.
මඩකලපුව, පිල්ලූමලෙයි ග‍්‍රාම නිලධාරී වසමට අයත් මෙම ප‍්‍රාථමික පාසල විවිධ දුෂ්කරතා මධ්‍යයේ සිය සේවය ලබා දෙයි. විදුහලේ කොටසක් මේ වන විටත් වල් අලි ප‍්‍රහාරයකින් හානියට පත්ව තිබේ. එහෙත් පුංචි මල් කැකුථ වන් මේ සිසුන් ඇල්මෙන් අකුරු උගනින්නට එන්නේ මේ පාසලටය.
‘‘මට කවදා හරි ගුරුවරියක් වෙන්න ආසයි’’ එක වසරේ ඉගෙනුම ලබන ජෙගනාදන් සමීරා පවසන්නීය. පවුලේ එකම දරුවා වූ ඇය පාසල් එන්නට මහත් උනන්දුවක් දක්වන්නීය. අම්මාත් අප්පාත් ගොවිතැන් කොට ජීවත් වන බව ඇය පැවසුවාය.
‘‘මගේ යාථවත් ගුරිවරියක් වෙන්න ආසයිලූ.’’ සමීරා සිය මිතුරිය වූ ප‍්‍රසානිගේ අතින් අල්ලා අපට පැවසූයේ අහිංසකවය.
‘‘මේ සිසුන්ට ඉගෙන ගන්න මෙහෙ පහසුකම් නැහැ. ඒ අයගේ ආර්ථිකය සවිමත් නැහැ. ඒත් කළා අංශයෙන් එහෙම ගොඩක් දක්ෂකම් තියෙන දරුවො ඉන්නවා. ඒ අයට ඒ දක්ෂකම් පිටට පෙන්වන්න අවස්ථාව නැහැ.’’ ඉන්දුමතී පවසන්නීය.
එය සැබෑවකි. ඔවුහු පාසල් බිමේ අප ඉදිරියේ ගැයූහ. අත්වැල් පටලා රග දැක්වූහ. කැලේ පිපෙන මල් කෑලේට පර වන්නට නොදී ඔවුන්ට පෙළහර පාන්නට ඉඩ දෙන්නේ නම් වඩාත් ලස්සණ හෙටක් ඔවුනට උරුම වනු ඇත. එහෙත් අතිශය දුෂ්කර ග‍්‍රාමයක් වූ පිල්ලූමලේ සිට එවැනි සමත්කම් පාන්නට ඔවුනට ඇත්තේ සීමිත ඉඩ ප‍්‍රස්ථාවකි.
අප පාසැල් අවසන් වනතුරුම ඒ බිමෙහි උන් හා දුක සැප බෙදා ගත්තෙමු. ඔවුන් අප හා කුථපග වූයේ නිමේෂයකිනි. අපූර්වතම දර්ශනය දැක ගත හැකි වූයේ පාසල් අවසන් වූ මොහොතේය. පාසල් නිමා වීමෙන් අනතුරුව දරුවන් රැගෙන යාමට පැමිණියේ එල්ෆ් වෑන් රථයකි. ගුරුවරුන් හා සිසුන් සියල්ලම වෑන් රථයට නැග ගත්හ. සිසුහු කිහිප දෙනෙක් වෑන් රථය උඩටද නැග ගත්තේය. වෑන් රථයේ දොරත්, එහි වහලය මතත්, පිටුපසත් සිසුන් එල්ලී සිටියහ. එය අපට අපූරු දසුනක් වුවද එය ඔවුන්ගේ ජීවිතයේ සාමාන්‍ය කාර්යකි.
මේ දරුවන්ට ඇත්තේ සීමිත වූ සම්පත් ප‍්‍රමාණයකි. දශක කිහිපයක් මුථල්ලේ ත‍්‍රස්ත‍්‍රවාදයෙන් බැට කෑ මෙහි වැසියන්ට සැප සම්පතින් සපිරුණු හෙටක් පිළිබද බලාපොරොත්තුවකට ඉඩක් තිබුණේ නැත. යුද්දය නිමා වුවද ඔවුන්ට තවමත් නැගී සිටින්ට සවියක් නොමැත. එබැවින් සිය දරුවන්ගේ මූලික අවශ්‍යතාවන්හෝ ඉටු කර දීමට ඒ දෙමාපියන්ට නොහැකි වී තිබේ.
මේ පාසලේ සිසුන්ගේ බොහොමයක් දෙපා නිරුවත්ය. එසේ නොවේ නම් කැඞී ගිය සපත්තු කුට්ටමකින් ඒ දෙපා සැරසී තිබිණි. ඇදුමේ ද පිළිවෙලක් නොවේ. එහෙත් ඒ දරුවන්ගේ දෙනෙත් වල ඇත්තෙ සවිමත් අනාගතයක් පිළිබද සිහිනයකි. දිනෙක ඔවුන්ට සිය සිහිනය සැබෑ කරගන්නට ඉඩ ලැබෙනුයේ නම් ඔවුන්ගේ ඉදිරි දවස යහපත් එකක් වනු ඇත.
යලි පිබිදෙන මඩකලපුව
නැගෙනහිර අහසේ රත්පැහැයෙන් හිරු උදාවිය. නිදහස් හිරුගේ කිරණින් නැගෙනහිර වැසියන් සැනසෙන්නට පටන් ගෙන තිබේ. හිරු උදාවත් සමග අපි කල්අඩි පාලමෙන් එගොඩ වූයේ නැගෙනහිර නිදහසේ අබිමන් දැක ගැනීමටය. මඩකලපුවේ සිට පැමිණි අපි චෙන්කලඩි හන්දියෙන් ඒ-5 පාරට ඇතුථ වූයෙමු. මේ බදුල්ල මඩකලපුව මාර්ගයයි. ඒල්.ටී.ටී.ඊ පාලන සමයේ මේ මාර්ගය වැදගත් සන්ධිස්ථානයක් වී තිබුණි. අපි අපේ ගමනාන්තය වූ පිල්ලූමලේ බලා පිටත් වූයෙමු.
‘‘මහත්තයලා කොහෙද යන්නෙ’’ යුධ හමුදා මාර්ග බාධකයකදී අප වාහනය නැවැත්තූ හමුදා සෙබළෙක් සුහදව ඇසුවේය.
‘‘එල්.ටී.ටී.ඊ එකෙන් ඒ කාලේ මෙහෙ කදවුරු හදලා තිබ්බෙ ආණ්ඩුවේ කෘෂිකර්ම ගොවිපළවල් වල’’ අප කරඩියනාරු ප‍්‍රදේශය පසුකරන විට අපගේ මුස්ලිම් ගමන් සගයා වූ හුසේන් පැවසුවේය. ගම ප‍්‍රදේශය පසු කළ අපි පිල්ලූමලේට ලගා වීමු.
පෙරදා රාත‍්‍රියේ ධීවර රස්සාවේ ගොස් පැමිණි පනස්තුන් වියැති ක‍්‍රිෂණන් රාමනාදන් අපට හමුවූයේ පෙරිය පිල්ලූමලේ ඔහුගේ නිවසේදීය. ඔහු වසර තිහක පමණ කාලයක සිට පිල්ලූමලේ ප‍්‍රදේශයේ ජීවත් වන්නෙකි. යුධ සමයේ කදවුරු වෙත යාමට සිදු වුවද ඔහු නැවතත් සිය උපන් ගම වෙත පැමිණ සිටී.
‘‘කදවුරේ ඉදලා ආවට පස්සෙ අපිට මාස හයක් විතර යනකන් ආධාර ලැබුණා. දැන් නම් මොනවත් ලැබෙන්නේ නැහැ. යුද්දෙ නැති කාළේ අපි මෙහෙ කුඹූරු වැඩ කළා. ඒත් දැන් කුඹුරු වැඩ කරන්න වතුර නැහැ කිහිපදෙනෙක් විතරක් කුඹුරු වැඩ කරනවා.’’ රාමනාදන් මේ වන විට පිල්ලූමලේ වැලිජාකණ්ඩි වැවේ මා`ථ ඇල්ලීමට යයි. එහෙත් එය සරු ආදයම් මාර්ගයක් නොවේ. ගොවිතැන් කිරීමට නොහැකි බැවින් පිල්ලූමලේ බොහෝ වැසියන් මාථ ඇල්ලීමට යාමට පටන් ගෙන තිබේ.
‘‘ඊයේ අල්ලපු මාථ වලින් ලැබුණේ රැපියල් 150ක් විතරයි.’’ සාමාජිකයන් පස් දෙනෙකුගෙන් යුත් සිය පවුල නඩත්තු කිරීමට එය කිසි සේත් ප‍්‍රමාණවත් නොවන බව රාමනාදන් පවසයි. නව නිවසක් ඉදි කිරීමටත් සිය දියණියන් තිදෙනාට යහපත් හෙටක් තනා දීමටත් රාමනාදන්ට සිහිනයක් තිබේ. එහෙත් එය කවදා සැබෑවක් වන්නෙ දැයි කියන්නට නොහැකිය.
‘‘මේ රස්සාව කරන්නේ කරන්නම දෙයක් නැති නිසා. අපි කියන්නේ කොහොම හරි මේ වැවෙන් කුඹුරු වලට වතුර ගන්න ඇල මාර්ගය හදලා දෙන්න කියලා. එතකොට අපට දෙයියනේ කියලා ගොවිතැන් කරගෙන ඉන්න පුථවන්.’’ රාමනාදන් පැවසුවේය. වැලිජාකණ්ඩි වැවේ ඇල මාර්ග පිළිසකර කොට දෙනෙන්නේ නම් කුඹුරු අක්කර තුන්සිය පණහක් පමණ අස්වැද්දිය හැකිව තිබේ.
රාමනාදන්ගේ වැඩිමහථ දියණිය වන විසිහැවිරිදි රාමනාදන් සරෝජා දේවී සිය නිවෙසට වී මවට සහය දෙමින් සිටින්නීය.
‘‘ මගේ ඉස්කෝලෙ ගමන අතරමගකදී නැවතුනා. ඒ දවස්වල ඒල්ටීටීඊ එකෙන් ගමේ කට්ටිය අල්ලගෙන ගියා. මාවත් සංවිධානෙට අරන් යයි කියලා අප්පා මාව ගෙදර තියා ගත්තා.’’ සරෝජාදේවී අහිංසකව එසේ පවසන්නීය. රැුකියාවක් කරන්නට ඇයට උවමනා වී තිබේ.
‘‘ඒත් අපට රස්සාවල් දෙන්න කවුරුත් නෑනේ’’ සරෝජා පවසන්නේ වේදනාවෙනි. යුද්ධය අවසන් වීම පිළිඉදව ඇයට ඇත්තේ සතුටකි. තමාට නැතත් නංගිලා දෙන්නාට දැන් කිසිදු අවහිරයකින් තොරව පාසල් යාමට ලැබීම ගැන ඇය සතුටුවන්නීය.
පිල්ලූමලේ වැසියන්ට ජීවන බව කරට ගන්නට සිදුව ඇත්තේ දහසක් දුෂ්කරතා මධ්‍යයේය. යුද්ධය අවසන් වුවද යුධ සමයේ ඔවුන්ට විදීමට සිදු වු කරදරවල ප‍්‍රතිවිපාක වලට මුහුණ දෙන්නේ දැන්ය. ජීවත් වීමට සුදුසු පරිදි නිවාස නොමැති වීම ඉන් ප‍්‍රමුඛය.
‘‘ යුද්දෙ පටන් ගන්නකොට අපි කදවුරු වලට ගියා. ඒ ගිහින් ආපහු එද්දි තිබුණ නිවාස කඩා දාලා. සමහර ගෙවල් සම්පුර්ණයෙන්ම කඩාගෙන වැටිලා. අපිට තිබ්බා ලස්සණට හදපු පොඩි ගෙයක් යුද්දෙ ඉවර වෙලා බලද්දී තිබුණේ ගෙයි බිත්ති විතරයි. දැන් යන්තම් හදාගෙන ඉන්නවා. ගෙයි වැඩ ඉවර කරන්න සල්ලි නැහැ.’’ තිස්පස් හැවිරිදි කෝනේෂ්වරී අරුල්දේවී පැවසුවාය. ඇය මේ වන විට ගැබිණි මවකි. උපදින්නට ඉන්නා කිරිකැටියාට ඉසුරින් සපිරි හෙටක් උදා කරන්නට ඇය සිහින දකින්නීය. අරුල්දේවීගේ සැමියා බද්දට කුඹුරු වැඩ කරන්නෙකි.
පිල්ලූමලේ ග‍්‍රාම නිලධාරී කොට්ඨාශයේ මේ වන විට පවුල් 179ක් පදිංචි වී සිටින බව ග‍්‍රාම නිලධාරී ආරුමුගම් බාලක‍්‍රිෂ්ණන් පැවසුවේය.
‘‘යුද්දෙන් පස්සෙ ගමට පවුල් 379ක් පදිංචියට ආවා. ඒත් ගෙවල් කැඩිලා බිදිලා ගිහින් නිසා ගොඩක් අය ගම ඇතෑරලා ගියා.’’
පිල්ලූමලේ වැසියන් ට ප‍්‍රමාණවත් තරමේ ප‍්‍රවාහන පහසුකම් නොමැති වීමද පීඩාකාරී තත්ත්වයක් වී තිබේ. ඉද හිට යන ලංගම බස් රථයක් ඇරුණවිට මෙහි ජනප‍්‍රියම ප‍්‍රවාහන මාධ්‍ය වී ඇත්තේ එල්ෆ් වෑන් රථයි.
‘‘ පිල්ලූමලේ ඉදලා අපි බඩු ගන්න චෙන්කලඩි යනවා නම් යන්න ඕන මේ වෑන් වල තමයි. ගාස්තුව රැපියල් පනහයි. එක පාරට මේ වෑන් එකක සෙනග සීයකට වඩා පටවා ගන්නවා. ඒවගෙ යන්න හරි අමාරුයි’’ ක‍්‍රිෂ්ණන් රාමනාදන් පැවසුවේය.
පිල්ලූමලේ රෝමානු කතෝලික දෙමළ විද්‍යාලයටද අපි ගොඩ වැදීමු. වල් අලි පහර දීමේන් පාසලේ පිටුපස කොටසට හානි පැමිණ තිබේ. ප‍්‍රාථමික පාසලක් වූ එහි ශිෂ්‍යන්ගේ සංඛ්‍යාව 45කි. එහෙත් අප එහි යන විටත් සිසුන් පැමිණ සිටියේ විස්සකටත් අවම ප‍්‍රමාණයකි.
‘‘මේ ළමයින්ගෙ දෙමව්පියන්ට දරුවො පාසල් එවන්න ඕන කමක් නැහැ. ඒ නිසා ළමයි හේන් වැඩ වලට, දර කපන්න වගේ වැඩ වලට යනවා. හරියට ඉගෙන ගන්නවා නම් දක්ෂ ළමයි මෙහෙ ඉන්නවා.’’ පාසලේ ගුරුවරියක වූ ඉන්දුමතී ප‍්‍රභාකරන් පැවසුවේය.
නැගෙනහිර වැසියන් යළි නැගී සිටීමට උත්සහ දරති. එහෙත් ඔවුන්ගේ ජීවිත යථා තත්ත්වයට පත් වීමට තවත් කාලයක් යනු ඇත. මේ වන විට නැගෙනහිර සංවර්ධනය සිදු වෙමින් පවතී. යටිතල පහසුකම් දියුණු වීම සීග‍්‍රයෙන් සිදු වෙමින් පවතී. මඩකලපුවේ සිට ත‍්‍රීකුණාමලේ දක්වා යන පාර වසර හතළිස් හතකට පසු යළි පිළිසකර කෙරෙමින් තිබේ. යුධ සමයේදී එල්ටීටීඊ සංවිධානය විසින් පුපුරවා හැරි පාලම් යළි ගොඩනැගෙමින් තිබේ.
නැගෙනහිර බිමේ වැදගත් ස්ථානයක් වූ වාකරේ ප‍්‍රදේශයට යා යුත්තේ ත‍්‍රීකුණාමලය මඩකලපුව පාර ඔස්සේය. අප මුලින්ම පිවිසියේ මාන්කර්ණි ප‍්‍රදේශයටය. මේ ප‍්‍රදේශයේ විශේෂත්වය වූයේ දෙමළ වැසියන් හා සහයෝගයෙන් ජීවත් වන සිංහල ධීවරයන් පිරිසක් ජීවත් වීමයි. උදෑසනම අප මාන්කර්ණි මුහුදු වෙරළට පැමිණි බැවින් කාර්යබහුල වෙරළක් දැකීමට අපි සමත් වීමූ.
‘‘ අපි මෙතෙන්ට ඇවිත් දැන් අවුරුදු විසිපහක් විතර වෙනවා. මීගමුව තමයි අපේ උපන් ගම. තාත්තලා ඇවිත් මෙහෙ මාථ ඇල්ලූවා. ඊට පස්සෙ මමත් මෙතනට ආවා. දැන් පදිංචිය මෙහෙ තමයි. කරදරයක් නැතුව රස්සයාව කරගෙන ජීවත් වෙනවා.’’ තිස් හත් වියැති ඩොමිනික් සිල්වා පැසුවේය. පෙරදා රාත‍්‍රියේ මුහුදු ගොස් පැමිණි ඔහු සිටියේ සිය බෝට්ටුව පිරිසිදු කරමිනි. මාන්කර්ණි වැල්ලේ සිංහල,දෙමළ,මුස්ලිම් වැසියන් සහයෝගයෙන් සිය ධීවර කටයුතු කරන ආකාරය දැකිය හැකිය.
‘‘ යුද්දෙ කාළේ එල්ටීටීඊ එකෙන් මෙහෙට ඇවිත් අපිට කරදර කරන කොට මේ දෙමළ අය තමයි අපිව බේරා ගත්තෙ.’’ ඩොමිනික් සිල්වා පැවසුවේය.
වාකරේ ප‍්‍රදේශයේ නැවත පදිංචි කළ වූවන්ගේ ජීවිත යථා තත්ත්වයට පත්කිරීමට මේ වන විට විශේෂ වැඩපිළිවෙලක් ක‍්‍රියාත්මක වන බව වාකරෙයි ප‍්‍රාදේශී‍්‍රය ලේකම් එස්.එල් රාහුලනායකී පැවසුවාය.
‘‘අවතැන් වූවන් යළි පදිංචි කිරීමෙන් පසුව අපි මේ ප‍්‍රදේශ වල ඉදිකිරීම් කඩිනම් කළා. සුනාමි ව්‍යසනයෙන් පස්සෙ රජය හා රාජ්‍ය නොවන සංවිධානයක් එකතුව නිවාස ව්‍යාපෘතියක් අදියර දෙකක් යටතේ ක‍්‍රියාත්මක කලා. ඒත් යුද්දෙ පටන් ගත්තට පස්සෙ ඉදිකිරීම් ඇණ හිටියා. මේ වන විට නිවාස දෙදහසක පමණ අවශ්‍යතාව තියෙනවා. හැකි ආකාරයෙන් මේ පහසුකම් සළසන්න රජය බලාපොරොත්තු වෙනවා.’’ රාහුලනායකී ප‍්‍රකාශ කළාය.
වර්තමාන ජීවිතය ඒ තරම් සැපවත් එකක් නොවුණද නිදහසේ ගෙවන මේ ජීවිතය පිළිබද සෑහීමකට පත් විය හැකි වාකරේ වැසියෝ පවසති.
‘‘ මම ජීවත් වෙන්නෙ කුළී වැඩ කරලා. පවුලෙ හතර දෙනෙක් ඉන්නවා.යුද්දෙ නැතුව තියෙන එක හො`දයි. බයක් නැතුව රස්සාව කරගෙන ජීවත් වෙන්න පුථවන්.’’ හතළිස් දෙවියැති කනකසභය පාක්‍යරාජා පවසයි.
දශක තුනකට අධික කාළයක් තිස්සේ යුද්ධයෙන් බැට කෑ වාකරේ වැසියෝ මේ වන විට යථා තත්ත්වයට පත්වෙමින් සිටිති. ඔවුන්ගේ ජන ජීවිතය සාමාන්‍ය අතට සාමකාමී අයුරින් සාමාන්‍ය අතට හැරෙමින් තිබේ.
‘‘මේ වන විට මෙහෙ ජනතාව පොලිසිය වලට පැමිණ තමන්ට සිදු වන ආසාධාරණයන් ගැන පැමිණිලි කරනවා. මේක හොද තත්ත්වයක්. මොකද මේ ජනතාවට නීති කටයුතු පිළිබද ඒ තරම් අවධානයක් තිබුණේ නැහැ. අපි ජනතාව වෙත හැකි තරම් සමීප වෙලා. ඔවුන්ට පොලිසිය කිනන්නේ මහජන හිතකාමී ආයතනක් කියන එක තේරුම් ගන්වනවා’’ වාකරේ පොලිසියේ වැඩබලන පොලිස් ස්ථානාධිපති කපිල සේනානායක පැවසුවේය.
විපක්ෂය ආර්ථික ප‍්‍රතිපත්ති ඉදිරි පත් නොකළේ කණ්ඩායම විසිරෙන නිසා
මහින්ද චින්තනයේ ආරථික ප‍්‍රතිපත්ති පදනම් කර ගනිමින් ජාතික ආරථික සභාව විසින් රජයේ ප‍්‍රවෘත්ති දෙපාර්තු මෙන්තුවේ අද (ජනවාරි 22) පැවති මාධ්‍ය සාකච්ඡාවකදී ආචාර්ය ලලිතසිරි ගුණරුවන් පවසා සිටියේ විපක්ෂයේ පොදු අපේක්ෂකයාගේ ප‍්‍රතිපත්ති ප‍්‍රකාශනයේ ආර්ථික ප‍්‍රතිපත්ති ඉදිරිපත් නොවී ඇති බවයි.මෙයට හේතුව ජෙනරාල් සරත් ෆොන්සේකා ආර්ථික විශේෂඥයින් අවශ්‍ය නොවන බව පැවසීම හා ඔවුන්ගේ සහය ලබා ගැනීමෙන් වැළකීම බවයි ගුණරුවන් පෙන්වා දෙනඅ ලබන්නේ.
‘‘ සරත් ෆොන්සේකාගේ ප‍්‍රතිපත්ති ප‍්‍රකාශනයේ ආර්ථික ප‍්‍රතිපත්ති තබා විදේශ ප‍්‍රතිපත්තිවත් රජයේ සිවභාවයවත් නැහැ. මහිනිද චින්තනයේ එ්කීය රාජ්‍යක් ගැන කියලා තියෙනවා. පැහැදිලි දැක්මක් තිබෙන නිසයි අපි කියන්නේ මේක හොදයි කායලා.රාජ්‍ය ආයතන පෞද්ගලීකරණය කරන එක නැවැත්තුවා. යටිතල පහසුකම් දියුණු කරන්න පටන් ගත්තා.’’ හෙතෙම පැවසුවේය.
පාන් වෙනුවට හාල් කන්නට පුරුදු කළ රජයක ඉදිරි දැක්ම පිළිබදව පැහැදිලි විශ්වාසයක් පවතින බවයි ආචාර්ය ගුණරුවන් පවසා සිටින්නේ.
‘‘මේ අයගේ ආර්ථික ප‍්‍රතිපත්ති ඉදිරිපත් කළොත් මේ අය එක්ක ඉන්න කණ්ඩායමක් හැලෙනවා. විදේශ ප‍්‍රතිපත්ති ගැන කීවොත් තවකණ්ඩායමක් හැළෙනවා.මේ නිසා මේ දේවල් ඉදිරිපත් කිරීමේ හැකියාවක් නැහැ.’’හෙතෙම පැවසුවේය.
අප රටෙහි ගාමක තත්ත්වයක් ඇති වන්නට පුලුවන. අප රටෙහි දේශපාලන නිදහස ලබා ගත්තද ආර්ථිකමය නිදහස ලබාගෙන නොමැති බවට ඇතමකු චෝදනා කරන බවට ආචාර්ය ගුණරුවන් ප‍්‍රකාශ කළේය.
‘‘ස්වාධීන දේශීය ආර්ථික ක‍්‍රමයක් පිළිබදව කතා කරනවා. අපි කොහොමද මේක කරන්නේ. ස්වාධීන දේශීය අර්ථ ක‍්‍රමයක් නිර්මාණය කිරීමෙන් මේක කරන්න පුලුවන්. 100% ක් හැමදෙයක්ම දේශීය වශයෙන් කරන්න බැරි වුණත් හැකි පුලුවන් තරම් දේවල් ගන්න උත්සහ කරනවා. දේශීය වශයෙන් අනන්‍යතාවය රැකෙන විදියට මේ හැම දෙයක්ම කරන්න පුලුවන් ක‍්‍රමයක් තියෙන්නේ මහින්ද චින්තනය තුළ.’’ හෙතම පැහැදිලි කළේය.
මෙම සාකච්ඡුාවට සහභාගී වෙමින් ආර්ථික විශේෂඥ මහාචාර්ය බුද්ධදාස හේවා විතාරණ පවසා සිටින්නේ අතීතයේ ඉඳි වූ ගුවන් තොටුපළවල් වරායවල් වලට අමතර නව වරායන් මෙන්ම ගුවන් තොටුපළවල් ඉදිවන්නට ආරම්භ වන්නේ මෙම ආණ්ඩුව යටතේ බවයි. එකී හේතුව නිසාවෙන් නව රැකියා අවස්තා බිහි වීමේ ඉඩකඩද වැඩි බවයි හෙතෙම පෙන්වා දෙනු ලබන්නේ.
‘‘ ආර්ථිකය ගෙනියන්න පිටිපස්සෙන් ඉදගෙන තල්ලූ කරලා වැඩක් නැහැ. ඉස්සරහින් ඇඳාගන යන්න ඕන. ඒ සඳහා නායක අංශය වැදගත් වෙනවා. එක නායක අංශයක් දුවල වෙද්දි තව එකක් ඉස්සරහට එනවා. නිෂ්පාදන අංශය දියුණු වෙද්දි වෙළදපොළවල් නිරිමාණය වෙනවා. ධාවන නායක අංශය හැටියට ස්වභාවික සම්පත් මූලින වෙනවා.’’ මහාචාර්ය හේවා විතාරණ පැවසුවේය.
මෙතෙක් උපයෝගී කර නොගත් දෙයක් ආර්ථික සංවර්ධනය සඳහා යොදා ගන්නා බව හෙතෙම පැවසුවේය.එකී සම්පත ලෙස එතුමා හඳුන්වා දෙනු ලබන්නේ භූගෝලීය පිහිටීමය. ඒ මත ආර්ථික සංවර්ධනය සඳහා අවශ්‍ය නායක අංශ ගොඩ නැඟිය යුත බවයි හෙතෙම පෙන්වා දෙනු ලබන්නේ.
‘‘ ආර්ථික සංවර්ධනයට අවශ්‍ය පංච බලවේග ලෙස නාවුක ප‍්‍රවාහන කේන්ද්‍රය ගුවන් ප‍්‍රවාහන කේන්ද්‍රය වානිජ කටයුතු පිළිබඳ කේන්ද්‍රය දැනුම සහ බලශක්ති කේන්ද්‍රය. මේ දේවල් දියුණු කරන්න භූගෝලීය සාධකය වැදගත් වෙනවා. බංගලාදේශය, සුඩානය , හයිටි බගේ රට වලට දියුණු වෙන්න බැරි වෙලා තියෙන්නේසමාජ ස්ථාවරත්වයක් වගේම දේශපාලන ස්ථාවරත්වයක් නොමැති වීම.’’ හෙතෙම පැවසුවේය.
The National Economic Council at a press conference on the Mahinda Chinthana policies said the policy statement of the opposition candidate does not include any economic policies. Dr. Lalithasiri Gunaruwan observed that the opposition candidate’s policy statement did not include his policies on important issues. Economist Dr. Buddhadasa Hewa Vitharana addressing the media said that the country’s geographical location would be to develop the economy and that it would happen under the Mahinda Chinthana policies.
President writes to undergrads
In the final week leading up to the 2010 Presidential Election, university undergraduates from around the country have been receiving a personally addressed letter from President Mahinda Rajapaksa.
The letters bear the stamp “Election-related documents” which ensures that they are exempted from stamp charges. The letters arrive at the home addresses of the undergraduates.
The letter summarizes the President’s work in the last four years with regard to improving tertiary education in Sri Lanka and emphasizes that such work was conducted concurrent to dealing with other issues such as the ethnic conflict, the global economic crisis, the fuel crisis, etc.
It also sets out his future plans to developing universities and ensuring that graduates who pass out of the institutions face a better future than their predecessors. The letter concludes with the President stating that he trusts the youth of the country to support him at this crucial juncture.
The other such bulk recepients of a similar letter are the pensioners.
The letters arrive amidst concerns of abuse of public property in the election campaign. Transparency International published their third report on the misuse of state property during the Presidential election and just yesterday the State and Independent Media Organizations Alliance alleged that state media is being improperly used for campaign purposes.
By Sachini Perera
ජනප‍්‍රිය පාසල් සංකල්පයෙන් ගම්බද පාසල් අනතුරේ
සිසුන් නගරබද පාසල් කරා ඇදී යාම හේතුකොට ගෙන ගම්බද ප‍්‍රාථමික පාසල් වැසී යාමේ ප‍්‍රවණතාවකට මුහුණ දී ඇතැයි අධ්‍යාපන ක්ෂේත‍්‍රයට සම්බන්ධ වාර්තා පෙන්වා දෙයි.
1997 වසරේ සිට 2007 වසර දක්වා කාලය තුළ පමණක් පාසල් 664ක් වැසී ඇතැයි මහ බැංකු වාර්තා පෙන්වා දෙයි. 2007 වසරේ පමණක් පාසැල් 36ක් වැසී තිබේ. මෙලෙස වැසී ගිය පාසල් සංඛ්‍යාවෙන් බොහොමයක් පාසල් ගම්බද ප‍්‍රාථමික පාසල් වේ.
‘‘ මේ අකාරයෙන් පාසල් වැසී යාම කෙරෙහි සිසුන්ගේත් ඔවුන්ගේ මව්පියන්ගේත් ආකල්ප බලපානවා. දැන් ළමයින්ට ගමේ පාසලේ කොපමණ පහසුකම් තිබුණත් නගරයේ ප‍්‍රසිද්ධ පාසල් වලටමයි යන්න බලාපොරොත්තු වෙන්නෙ. දෙමාපියන් පවා උත්සාහ කරන්නේ තමන්ගෙ දරුවා නගරයේ පාසලකට ඇතුළත් කරන්න. ඒ නිසයි නගරබද පාසල් වල මේ තරමට තදබද වෙලා තියෙන්නෙ.’’ අධ්‍යාපන අමාත්‍යංශයේ ජේ්‍යෂ්ඨ නිලධාරියෙක් පැවසුවේය.
මෙසේ සිසුන් නොමැතිව පසුගිය මාස කිහිපය තුළ පොල්ගහවෙල ප‍්‍රදේශයේ පමණක් පාසල් 12ක් වැසී ගොස් තිබේ. වෑවල අල්ගම මෝරුගම මාහින්ගමුව ඉඹුලාන ඈගල්ල පසාලීය ආරගොඩ යෝගමුවාකන්ද ගිරාඹේ බරහැරගමුව සැවැත්දන ආදී පාසල් රැසක් මෙලෙස වසා දමා තිබේ.
‘‘ මම මේ ඉස්කොලෙට ඇවිත් දැන් අවුරුදු කිහිපයක් වෙනවා. එ් එද්දි ළමයි සීයක් වත් හිටියෙ නැහැ. මෙහෙ එක අවුරුද්දකටවත් එක වසරට ළමයි දහයකට වඩා ඇතුළත් වුණේ නැහැ. අපි පාසල වැඩි දියුණු කරන්න උත්සාහ කළා. ඒත් ළමයින්ගෙ වත් දෙමාපියන්ගේ වත් උවමනාවක් නැහැ. ගුරුවරු හිටියෙත් කිහිප දෙනයි. ඒ අයත් මාරු වීම් හදාගෙන යන්න උත්සාහ කරනවා. කිහිප දෙනෙක් ගියත් එක්ක. ඉස්කෝලෙට එන පාරේ බස් එකක් එන්නෙ කළාතුරකින්. දැන් ඉතුරු වෙලා ඉන්නෙත් ළමයි ටික දෙනයි. සමහර ළමයින්ගෙ මාපියො දරුවව අයින් කරගෙන නගරයේ පාසලට අරන් යනවා. ඒකෙ වැරද්දක් කියන්න බැහැ මොකද මෙහෙ හරියට උගන්වන්න ගුරුවරුත් නෑනේ. මම දන්න හැටියට තව ටික කාලයකින් මේ පාසල වහලා දායි.’’ කෑගල්ල අධ්‍යාපන කලාපයේ දුෂ්කර පාසලක නම හෙළි කිරීමට අකමැති වූ විදුහල්පතිවරයෙක් පැවසුවේය.
‘‘ මේ වගේ ඉස්කොලෙක වැඩ කරලා මට කිසිම ආත්ම තෘප්තියක් ලැබුණෙ නැහැ. වැරුද්ද කොතැනද කියලා අපි දන්නෙත් නැහැ. මේ විදිහට පාසැල් වැහෙන්න හේතුව මේ අධ්‍යාපන ක‍්‍රමයෙ තියෙන වැරුදි කියලයි මට හිතෙන්නෙ.’’ ඔහු වැඩි දුරටත් පැවසුවේය.
සමීර සඳරුවන් මේ වන විට කුරුණැගල අධ්‍යාපන කලාපයේ ප‍්‍රසිද්ධ පාසලක හත්වන ශ්‍රේණියේ ඉගෙනුම ලබන ශිෂ්‍යයෙකි. මේ පාසලට පැමිණීමට පෙර ඔහු ඉගෙනුම ලැබුවේ පොල්ගහවෙල ප‍්‍රදේශයේ දුෂ්කර පාසලකය.
‘‘ අපේ ඉස්කෝලෙ පංති තිබුණෙ පහ වසරට විතරයි. අපිට උගන්නන්න ගොඩක් සර්ලා ටීචලා හිටියෙ නැහැ. අපේ අම්මා මාව ශිෂ්‍යත්වේ පාස් වෙන්න කියලා පිට පන්ති වලට යැව්වා. මම ශිෂ්‍යත්වය පාස් වුණා. ඊට පස්සෙ මම දැන් ඉස්කෝලෙට ආවා. කළින් ඉස්කෝලෙට වඩා මේ මට මේ ඉස්කෝලෙ ගොඩක් හොඳයි. ගොඩක් පහසුකම් තියෙනවා. මම කවදා හරි ඩොක්ටර් කෙනෙක් වෙන්න ඉගෙන ගන්නවා’’ සමීර පවසයි. සමීර ප‍්‍රාථමික අධ්‍යාපනය ලැබූ පාසල මේ වන විට වැසී ගොස් තිබේ.
‘‘ අපි දරුවා ලොකු ඉස්කෝලෙකට දැම්මේ අපිට පුළුවන් කමකට නෙමෙයි. අපි දරුවට උගන්වන්නෙ ගොඩක් අමාරුවෙන්. එයා කළින් ඉගෙන ගත්ත ඉස්කොලේ හිටියා නම් අපිට ගොඩක් ලේසියි. එ්ත් එ් ඉස්කෝලේ ගුරුවරු හිටියෙ නැහැ. අපි දරුවට ඉගැන්නුවේ අමතර පන්ති වට යවලා. දැන් එයා යන වාහනේට මාසෙකට රුපියල් දාහකට වඩා ගෙවන්න ඕන. තව දරුවට පන්ති ගාස්තු දෙන්න ඕන. දරුවා ඉගෙන ගන්න දක්ෂයි. ඒ හින්දයි අපේ පුතා ටවුමේ ඉස්කෝලෙට දැම්මේ. ’’ සමීරගේ මව වන පොල්ගහවෙල පදිංචි පද්මිණි කුළසේකර පැවසුවාය.
ශී‍්‍ර ලංකාවේ ජනගහණයෙන් හතරෙන් එකක ප‍්‍රමාණයක් පාසල් සිසුන්ගෙන් සමන්විත වේ. එවන් තත්ත්වයක් මත ගම්බද පාසල් වැසී යාම කිසිසේත් හිතකර තත්ත්වයක් නොවේ. එබැවින් ගම්බද පාසල් වැඩි දියුණු කිරීමට පියවර ගැනීමට කටුයුතු කරන බව අධ්‍යාපන බලධාරීහු පවසති.
‘‘ මේ වන විට අපි ගම්බද පාසල් වැඩි දියුණු කරීමට පියවර ගෙන තිබෙනවා. ඉදිරියේදී මේ තත්ත්වය තවත් වැඩි පුළුල් කිරීමට අප කටයුතු කරනවා. මේ තත්ත්වය යටතේ ඉදිරියේදී දරුවන් ගමේ පාසලේ රඳවා ගැනීමට හැකි වේවි.’’
Reports on the education sector have highlighted a threat faced by rural schools due to the demand for popular schools in urban areas. The Central Bank states that 664 schools have closed down between 1997 and 2007, with 36 schools closing down in 2007 alone. During the past few months 12 more schools have closed down in the Polgahawela area. Education Ministry officials have said that regardless of the facilities provided to rural schools, parents opted to admit their children into popular schools in the towns. However, officials said that steps are being taken to further improve the standards and facilities in rural schools to ensure the admission of students into them.
By Anupama Ganegoda
යළි සිහිවෙන අදුරු මතකය
Five Years After the Tragedy – Reliving the nightmare
හිත් පිත් නැති සුනාමි රල පහරින් මෙරට වෙරළාසන්න ප‍්‍රදේශවල පුද්ගලයින් තිස් පන්දහසක් බිලිගැනීම බෝහෝ දෙනාට අමතක වෙමින් තිබේ. එහෙත් තවමත් සමහරු සුනාමි අදුරු මතක මැද මැරි මැරී ජීවත්වෙති.
හම්බන්තොට සිරිබෝපුර සුනාමි නිවාස යෝජනා ක‍්‍රමයේ ජීවත්වන මොහොමඞ් රාසික් තවමත් සුනාමි අදුරු මතක මැද ජීවත්වන්නේ ඔහුගේ පවුලේ සාමාජිකයින් තිස් හත්දෙනෙක් සුනාමි රුදුරු රළ පහර විසින් මුහුදට බිළිගත් නිසාය. සිය බිරිද මව සහ සහෝදර සහෝදරියන් ඇතුළු පවුලේ තිස් හත්දෙනෙක් මුහුදට ගසාගෙන ගියේ ඔවුන්ගේ මළ සිරුරක්වත් ඉතිරි නොකරමිනි.
තමන්ගේ දරු දෙදෙනා හැර පවුලේ අනිත් සියලූ දෙනාම මුහුදට රැගෙන ගිය සුනාමිය පැමිණි දිනය අදටත් රාසික්ගේ සිහියට නැගෙන විට ඉබේම නෙතට කදුළක් උනයි. සිය පවුලේ සාමජිකයින් මුහුදට බිළිවීම අදටත් ඔහුට දරාගත නොහැකිවී තිබේ.
ධීවර කර්මාන්තයෙන් සිය දරු පවුල නඩත්තුකරන රාසික් සුනාමිය පැමිණි 2004 දෙසැම්බර් 26 වැනිදාට පෙර දිනයේ රාත‍්‍රියේද තවත් අයෙක් සමග බෝට්ටුවේ නැගී මුහුදු ගියේ මසුන් මැරීමේ අටියෙනි. එහෙත් සුනාමියක් පැමිණෙන බව කලින් කීමට මෙන් මුහුදේ වැඩි වෙලාවක් රැදී සිටීමට රාසික්ට මුහුද ඉඩක් දුන්නේ නැත.
‘‘එදා ? මුහුද හරිම සැරයි. ඒ වගේම මාළු අහුවුනෙත් නැහැ. මේ නිසා මාළු අල්ලන්නේ නැතිව අපි ආයෙමත් ගොඩට ආවා.’’ සවස හයට පමණ මුහුදු ගිය රාසික් රාත‍්‍රී නමය වන විට නැවත ගොඩට පැමිණියේය. එදින මුහුදු ගියත් ආදායමක් ලැබීමට මාළු අල්ලාගත නොහැකිවීමේ දුකත් සිතේ තදකරගෙන සිටි රාසික් ගෙදර පැමිණ නිදාගන්නට වූයේ හිතේ මෙන්ම ගතටද සනීපයක් නොදැණුන නිසාය.
පසුදින උදෑසන ඔහුගේ බිරිද සුපුරුදු පරිදි හම්බන්තොට පොළට ගියේ සතියක් පුරා ගෙදර කෑමට බීමට අවශ්‍ය බඩු රැගෙන ඒම සදහාය. පොළට ගොස් බඩු රැගෙන එන බව පැවසූ රාසික්ගේ බිරිද අද වන තෙක් බඩු රැගෙන නිවසට පැමිණියේ නැත. ඒ සුනාමි රළ පහර විසින් රාසික්ගේ බිරිද බිළි ගෙන තිබූ නිසාය.
සුනාමිය පැමිණෙන අවස්ථාව වන විට රාසික් නිවසේ සිටියේ ඔහුගේ දරු දෙදෙනා සමගය. මෙදින ලංකාව සහභාගී වූ ක‍්‍රිකට් තරගයක් රූපවාහිනියේ විකාශය වෙමින් තිබූ නිසා ඔහු එය නරඹමින් සිටියේය.
‘‘මැච් එක පටන්අරගෙන ඕවර එකයි බෝල තුනක් දැම්මා විතරයි, වටේ ඉන්න අය, මුහුද ගොඩ ගලනවා කියමින් දුවන්න වුණා.’’ මිදුලට පැමිණි රාසික් දුටුවේ මුහුද වේගයෙන් ගොඩබිම දෙසට ඇදී එන ආකාරයයි. ගෙදර සිටි දරු දෙදෙනා කරපින්නාගත් රාසික් ගොඩබිම දෙසට දිව ගියේය.
සුනාමි රළ පහරින් හම්බන්තොට නගරයම විනාශ කිරීමෙන් විනාඩි පහකට දහයකට පසුව රාසික් නගරයට ගියේය. ඒ මහුද අසල සිටි තමන්ගේ ඥාතීන් පිළිබදව සොයා බැලීම සදහායි. රාසික්ගේ මව ජීවත්වී තිබුනේ සුනාමියෙන් වැඩිම හානියක් වී තිබූ හම්බන්තොට මුස්ලිම් පල්ලිය අසල නිවසකය. මෙම නිවස තිබූ තැනට රාසික් ඇතුළු සිව්දෙනෙක් යන විට දුටු දෙයින් රාසික්ට මුලූ ලොවම තමා වටා කැරකැවෙන සේ දැනෙන්නට විය.
‘‘අපි අම්මලාගේ ගෙදර ළගට ගිහින් බලනවිට එතැන ගෙදරක් දකින්න තිබුණේ නැහැ. ගෙදර බිමට සමතලා වෙලා තිබුණා. අපේ අම්මා අවුරුදු තිස්පහක් රට රස්සා කරලා හම්බකරපු හැම දෙයක්ම මුහුදට ගහගෙන ගොස් තිබුණා.’’’ රාසික් පවසයි.
රාසික්ගේ මව පදිංචිව සිටි ගෙදර අසල ඔහුගේ සහෝදර සහෝදරියෝ පදිංචිව සිටියහ. මවගේ ගෙදර සම්පූර්ණයෙන්ම විනාශ වී ඇති බව දුටු ඔහු සහෝදර සහෝදරියන්ගේ ගෙවල් තිබූ තැන්වලට දිව ගියේ එහි කිසිවෙක් හෝ සිටීද යන්න පිළිබදව සොයා බැලීම සදහාය. මේ අකාරයට ඔවුන් පදිංචිව සිටි ගෙවල් පහකටම ගොස් විපරම් කළ බැලූවත් රාසික්ට දකින්න ලැබුණේ ගෙවල් සියල්ලම පොළවට සමතලා වී ඇති බවයි.
පොළවට සමතලා වූ නිවාසවල සුන්බුන් අතරේ පවුලේ අය සිරවී සිටී දැයි රාසික් සොයා බැලූවත් කිසිම අයෙක් පිළිබදව හෝඩුවාවක් හෝ
සොයාගැනීමට ඔහුට හැකියාව ලැබුණේ නැත.
‘‘අපේ අය මැරිලා නම් අඩුම තරමේ ඒ අයගේ මිනියවත් හොයාගන්න ඕන කියලා හැමතැනම ගියා.’’ රාසික් කීවේය. ඔහුගේ ඥාතීන් සිටි ගෙවල් අසල කිසිවෙකුගේවත් මළ සිරුරු දකින්න නොලැබුණ නිසා ලූණු ලේවාය දෙසට ගියේ ලේවායේ මළ සිරුරු තිබෙන බව කියූ නිසාය. දහවල් එක දෙක වන තුරු හම්බන්තොට ලූණු ලේවාය අසල තමන්ගේ ඥාතීන්ගේ මළ සිරුරු තිබේ දැයි සොයා බැලූවත් කිසිවෙකුගේවත් මළ සිරුරක් සොයාගැනීමට ඔහුට හැකියාව ලැබුනේ නැත. මේ නිසා රාසික් හම්බන්තොට රෝහල වෙත ගොස් එහි තිබූ මළ සිරුරු එකින් එක පරීක්ෂා කරන්නට වූයේ ඒ අතර හෝ තමන්ගේ පවුලේ ඥාතීන් සිටී දැයි යන්න සොයා ගැනීම සදහාය.
කොතරම් සොයා බැලූවත් පවුලේ සාමාජිකයින් තිස් හත්දෙනොගෙන් එක් අයෙකුගේ හෝ මළ සිරුරක්වත් සොයාගැනීමට ඔහුට නොහැකිවිය.
‘‘කොච්චර හොයලා බැලූවත් මිය ගොස් සිටි අපේ පවුලේ තිස් හත්දෙනාගෙන්එක අයෙක්ගේවත් මළ සිරුරක්වත් හොයාගන්න බැරිවුණා. අඩුම තරමේ පොඩි අයෙකුගේ මළ සිරුරක්වත් හොයාගන්න බැරිවුණා.’’ රාසික් සදහන් කළේය.
සුනාමිය පැමිණ අවුරුදු පහක් ගතවන විටත් රාසික්ට මේ සිදුවීම සිතෙන් අමතක කිරීමට හැකියාවක් ලැබී නොමැත. හැම විටම මේ සිදුවීම ඔහුට සිය මතකයෙන් මකා දැමීමට හැකියාවක් ලැබී නැත.
‘‘මම මුහුදු ගියාම මහා පාළුවක් තනිකමක් දැනෙනවා. මුහුද මැදදි තනිවුනාම මේ සුනාමියෙන් අපේ පවුලම නැතිවුන එක මතක් වෙනවා.’’ රාසික් කීවේය.තමන්ගේ පවුලේ සියලූදෙනාම අහිමිවීමෙන් පසුව මෙලොව ඉතිරිවූ රාසික්ට මේ වන විට හම්බන්තොට සිරිබෝපුර සුනාමි නිවාස යෝජනා ක‍්‍රමයෙන් නිවසක් ලැබී තිබේ. මෙම නිවස ලබා ගත්තේ කිසිම කැමැත්තකින් නොවන බව ඔහු කියයි.
‘‘පවුලේ හැමෝම නැතිවුණාම අපිට අලූතින් ගෙවල් මොකටද? ඒත් බලකිරීම නිසා මම මෙතැන ලැබුණ ගෙදර ඇවිත් පදිංචිවුණා’’ රාසික් සදහන් කළේය.
පවුලේ සාමාජිකයන් තිස් හත් දෙනෙක් අහිමි වීමෙන් පසුව රාසික්ට උදාවූයේ එතරම් සුබදායී කාලයක් නොවේ. ඔහුගේ ළමයින්ට අධ්‍යාපනය ලබාදීමට වත්කමක් නොතිබූ නිසා එක් වැඩිමහල් ළමයා ගාල්ල පල්ලියට භාර කළේ අධ්‍යාපනයට වැයවන වියදම ඔහුට දැරිය නොහැකි බැවිනි. මේ වන විට ඔහුගේ බාල දරුවා පාසල් අධ්‍යාපනය ලබමින් සිටින නමුත් මේ වසර අවසානයේදී ආර්ථික ගැටලූ නිසා පල්ලියට භාර කිරීමට සූදානමින් සිටින්නේ යැයි රාසික් පැවසුවේය.
‘‘මගේ අම්මයි සහෝදර සහෝදරියනුයි ජීවතුන් අතර සිටියා නම් ළමුන්ගේ අධ්‍යාපනයට ඔවුන් උදව් කරනවා. ඒත් දැන් කවුරුවත් නැති නිසා ළමයි දුකෙන් හරි පල්ලියට භාරදෙනවා.’’ රාසික් පැවසුවේය.
සුනාමියෙන් රාසික්ගේ බිරිද මිය යන විට ඔහුගේ ළමුන් දෙදෙනා කුඩාය. තමන්ගේ මව මිය යාම පිළිබදව ඔවුන්ට කිසිදු වැටහීමක් නොතිබූ බැවින් ඒ දිනවල මව ගැන ඔහුගෙන් විමසුවත් දැන් ළමුන් සුනාමියෙන් තමන්ගේ මව මිය ගොස් ඇති බව අවබෝධ කරගෙන ඇතැයි රාසික් කීවේය.
‘‘ළමයින්ට මේ සිදුවීම අමතක කරන්න පුළුවන් වුණාට මට කවදාවත් ඒ සිද්ධිය අමතක කරන්න බැහැ.’’ කදුළු පිරි දෙනෙතින් යුතුව රාසික් පැවසුවේය.
මාතර රාහුල විදුහල් ඉතිහාසයේ ප‍්‍රථම වරට උසස් පෙල කලා අංශයෙන් ලංකාවේ ප‍්‍රථමයා බිහිවේ.
A/L Top from Matara
අධ්‍යාපනය ලැබීමේ මූලික පරමාර්ථය පාසල් දරුවකුගෙන් විමසුවහොත් ඔහු දෙන පිළිතුර සමාජයට වැඩදායී පුරවැසියකු වීම යන්නයි. මේ අරමුණ කරා යාමේදී පාසල් දරුවන්ට විවිධ විභාගයන්ට මුහුණ දීමට සිදුවී තිබෙන්නේය. ශිෂ්‍යත්ව විභාගය අ.පො.ස. සාමන්‍යෙ පෙල විභාගය සහ අ.පො.ස උසස් පෙල විභාගය ප‍්‍රධාන විභාගයන් තුනක් වේ. දිවයිනේ සියළු පාසල් දරුවන් එකම කාල සීමාවක එකම ප‍්‍රශ්ණ පත‍්‍රයකට මුුහුණ දෙන මෙම විභාග වලින් ඉහළම ලකුණු ලබාගන්නා දරුවන් විවිධ අවස්ථාවල සමාජයේ ප‍්‍රශංසාවට ලක්වේ.
පසුගිය අගෝස්තු මස පැවති 2009 වර්ෂයේ අ.පො.ස උසස් පෙල විභාගයේ ප‍්‍රථිපල මේවනවිට සිසුන් වෙත ලැබී ඇත. ඒත් සමගින් දිස්ත‍්‍රික් මට්ටමින් සහ ජාතික මට්ටමින් ඉහළම ලකුණු ලබාගන්නා සිසුන් කාගෙත් කථාබහට ලක්වේ. මෙවර වාණිජ අංශයේ දිවයිනේ ප‍්‍රථම ස්ථානය ගාල්ල දිස්ත‍්‍රික්කයේ සිසුවකු හිමිකරගෙන අති අතර කළා අංශයේ ප‍්‍රථම ස්ථානය හිමිකර ගැනීමට මාතර රාහුල විද්‍යාලයේ දරුවකු සමත්කම් දක්වා ඇත.
මාතර පාසල් මාවතේ අංක 36 දරන නිවසේ පදිංචිවී සිටින වයි.එස්. ජයවර්ධන මහතාගේ සහ නාමලී ශ‍්‍රියංගනී ද සිල්වා යන දෙපලගේ එකම දරුවා පසිඳු නාමල් ජයවර්ධනයි. ගරු වෘත්තියේ නියැලෙමින් පළොල්පිටිය මහා විද්‍යාලයේ දරුවන්ගේ නැණස පාදන ජයවර්ධන මහතා මෙන්ම පසිඳුගේ මව මාතර කොටුව ජනාධිපති විද්‍යාලයේ ගරුවරියකි. කුඩා කල සිටම ගුරු දෙමාපියන්ගේ සෙවනේ වැඩුණු පසිඳු මූලික අධ්‍යාපනය හැදෑරු පාසල පිළිබඳව මතකය අවදි කරන්නේ දිවයිනේ අසස්පෙල කළා අංශයේ ප‍්‍රථමයා වීමේ අභිමානයත් සමඟිනි
“මම මුලින්ම ගියේ වේරගම්පිට ඕල්කටි විද්‍යාලයට” මාතර උයන්වත්ත ප‍්‍රදේශයේ ඇති ඕල්කට් විදුහලෙන් මූලික අධ්‍යාපනය හැදැරු ඔහු ඉන්පසුව අධ්‍යාපනය හැදැරීම සඳහා මාතර රාහුල විද්‍යාලයට ඇතුළත් විය.
” මම ඊට පස්සේ රාහුලයට ගියා එහෙන් තමයි මම සාමාන්‍ය පෙල විභාගෙ කරේ.”
2005 වසරේ සාමාන්‍ය පෙල විභාගය සඳහා මුහුණ දුන් පසිඳු ඉන් ඉහළම ප‍්‍රථිපලයක් අත්කර ගැනීමට සමත්වූ ශිෂ්‍යයෙකි.
”පුතා සාමාන්‍යපෙල විභාගෙන් පාස් නමයයි ඉංග‍්‍රිසි සාහිත්‍යයට සී පාස් එකකුයි ගත්තා” පසිඳුගේ පියා ජයවර්ධන පවසන්නේය.
සාමාන්‍යපෙල විභාගය ඉහළින් සමත්වන බොහෝ දරුවන් පිරිසකට මුහුණ දිමට සිදුවන ප‍්‍රධානම ගැටළුව නම් තෝරාගන්නා විෂය ධාරාවයි.
”අපි පුතාට කිව්වා සයන්ස් කරන්න කියලා මොකද ප‍්‍රථිපල හොඳ නිසා.” පියා පවසයි.
”කවුරුත් කිව්වා සයන්ස් කරන්න කියල ඒ නිසා මම සයන්ස් කරන්න පටන් ගත්තා.” පසිඳු පවසන්නේය.
විද්‍යා අංශයෙන් උසස්පෙල විභාගය සඳහා සූදානම් වන පසිඳු මාස පහක පමණ කාලයක් ඒ සඳහා වෙහෙස විය. නමුත් කුඩා කල සිට කියවීම විනොදාංශය කරගත් පසිඳුට විද්‍යා විෂය ධාරාවට වඩා කලා විෂය ධාරාව සිත ගත්තේය.
”මම ඊට පස්සේ තාත්තට එහෙම කියල කලාවලට මාරු වුණා.” පසිඳු පවසයි. මාස පහක පමණ කාලයකට පසු කලා අංශයට පැමිණියත් පසිඳුට විෂය හැදෑරිමට අපහසුවක් වුයේ නැත. එයට හේතුව ලෙස ඔහු පවසන්නේ කියැවීමට තිබූ උනන්දුවයි.
”මම පොඩි කාලෙ ඉඳල කියවන්න ආසයි ඒ නිසා තමයි කලා විෂයට එන්න හිතුනෙත්.” ඒ පසිඳුගේ අදහසයි. පියා ජයවර්ධන පවසන්නේ නිරන්තරයෙන් නිවසේ සිටියදී මව පියා සහ ආච්චිඅම්මා සමග කථාබහ කරන මොහු ඒ නිසා කලා අංශයට හිත යෙදවූ බවයි.
උසස්පෙල විභාගය හදාරණ දරුවකු සිටින නිවසේ රූපවාහියට වාරණ පනවයි. එමෙන්ම පරිගනකය අන්තර්ජාලය උසස්පෙල සිසුවාට අනවශ්‍ය විකාර බව දෙමාපියන්ගේ මතයයි. නමුත් ගුරු දෙපලකගේ එකම දරුවාට මෙම භාන්ඩ පරිහරණයට අවසර තිබීම විශේෂත්වයකි.
”මම හැමදාම ටීවි එකේ වැඩසටහන් බැලූව. ඉන්ටර්නෙට් එතකොට කම්පියුටර් වැඩ මම කළා. ඒකත් ඉතිං විභාගෙට ඕණනේ.” එය පසිඳුගේ මතයයි. පියා ජයවර්ධන පවසන පරිදි මෙම දරුවා පාසලේ සහ අනෙකුත් ආයතනවලින් ලබාගන්නා දැනුම පිළිබඳව ගෙදර මව පියා සහ මිත්තණිය සමග නිරන්තරයෙන් සාකචිඡා කරන්නෙකි. පාසලෙන් ලබාගත් දැනුම මෙන්ම බාහිර පෞද්ගලික ආයතන මගින් ලබාගත් දැනුමද. ඔහුගේ ජයග‍්‍රහණයට හේතුවූ බව පසිඳු කියන්නේය.
උසස්පෙල සිසුවා විභාගය ලංවන විට නිවාස අඩස්සියට වැටෙයි එයට හේතුව නිරන්තරයෙන් කට පාඩම් කිරීමට දරුවන් හුරුකර තිබීමයි නමුත් පසිඳුගේ දෙමාපියන් දැඩි බලපෑමක් ඔහුට ඒ පිළිබඳව එල්ලකොට නැත.
”සාමාන්‍යයෙන් මම ? නමය විතර වෙනකල් පාඩම් කරනවා උදේ 2ට විතර නැගිටිනවා. හැබැයි කකුල් වතුරෙ දාගෙන බලෙන් පාඩම් කරේ නැහැ මම” ඔහු පවසන්නේය. නිරන්තර සාකචිඡාවත් විවේකයත් ඔහු උපරිම භාවිත කොට උසස්පෙල කලා අංශයේ ප‍්‍රථම ස්ථානය ලබමින් ජයගත්තේය.
”අපේ පාසල ප‍්‍රසිද්ධ ගණිත සහ විද්‍යා විෂය ධාරාවලට හැබැයි මෙවර අපි ඒක වෙනස් කරල පෙන්නුවා.”
මාතර රාහුල විදුහල ඉතිහාසය තුළ බොහෝ සිසුන් ප‍්‍රමාණයක් ගණිත සහ විද්‍යා අංශ වලින් විශ්ව විද්‍යාලයට යැවුවත් ජාතික මට්ටමේ ජයග‍්‍රහණ පෙන්නුවත් කළා අංශයෙන් ලංකාවේ ප‍්‍රථමයා වූ ප‍්‍රථම අවස්ථාව මෙය බව රාහුල විද්‍යාලයේ විදුහල්පති කිත්සිරි ලියනගමගේ මහතා පවසන්නේය.
”මේ දරුවා පාසල් බාහිර ක‍්‍රියාකාරකම්වලටත් දැඩි උනන්දුවක් දක්වපු දරුවෙක් ඉතිං පසිඳුගේ ඉදිරි අධ්‍යාපනයට අවශ්‍යවුනොත් උදව් කරන්න පාසල වශයෙන් අපිත් සූදානමින් ඉන්නවා.” විදුහල්පතිතුමා පවසයි.
පාසල් ඉතිහාසයේ ප‍්‍රථම වතාවට කලා අංශයෙන් ලංකාවේ ප‍්‍රථම ස්ථානය රාහුලයට ගෙන ආ පසිඳු උදව් කල ස්යල්ලන්ටම ස්තූති කරන්නේය.
”රාහුල විද්‍යාලෙ විදුහල්පති තුමා සහ ගුරු මණ්ඩලයට මම ස්තූතිවන්ත වෙනවා. ඒ වගේම පෞද්ගලික පංතිවල ගුරුවරු අසලිවාසී සියළු දෙනා මට උදවු කළා කාටත් මම ස්තුති කරනවා.” පසිඳු පවසයි.
පුවත්පත් දැන්වීමක දුටු රැකියාවකට හසුවුණෙමි.
Hundreds fall victim to bogus job banks
සෑම දෙමාපියකුගේම මුලික බලාපොරෝතතුවක් වන්නේ තමන්ගේ දරුවන්ට හොඳ අධ්‍යාපනයක් ලබාදී සමාජයේ ඉහළ රැකියාවක් කරණු දැකීමයි. මේ සඳහා දුවා දරුවන් පෙර පාසල් කාලයේ සිට හැඩගැස් වීමට මව්පියවරුන් විශාල කැපවීමක් කරයි. පෙරපාසලින් අනතුරුව ජනප‍්‍රිය පාසලකට දරුවා ඇතුලත් කර ගැනීමේ සිට, පහ ශිෂ්‍යත්වය විභාගය දෙමාපියන්ට මහත් බලාපොරෙත්තු ගෙන දෙන්නකි, එයින් පසු අධ්‍යන පොදු සහතික පත‍්‍ර සාමාන්‍ය පෙළ විභාගය ද උසස් පෙළ විභාගය ද දෙමාපිය බලාපෙරොත්තුවේ තවත් සංධිස්ථාන වෙයි.
එම කඩයීම් පසු කරන ශිෂ්‍යයින් විශ්ව විද්‍යාල අධ්‍යාපනය ලැබ ගැනිමත් විවිධ පාඨමාලා සහ වෘත්තීය පුහුණු හා සුදුසුකම් ලබා ගෙන රැකියා අපේක්‍ෂාවෙන් සිටීමද වර්ථමානය වන විට බොහෝ සේ දැක ගැනීමට ඇති තත්ත්වයකි. වසර ගණනක් තිස්සේ ඉතා දුකසේ ලබාගත් අධ්‍යාපනයේ නිසි ප‍්‍රථිපල ලබා ගැනීම සඳහාත් අසරණ දෙමාපියන්ගේ ප‍්‍රාර්ථනා ඉටුකිරීම සඳහාත් තමන්ගේ සුදුසුකම් වලට සරිලන රැකියාවක් ලබා ගැනීම තරුණ තරුණියන්ගේ මුලික අපේක්‍ෂාව වෙයි. මේ අකාරයට රැකියා විරහිත භාවයෙන් සිටින තරුණ තරුණියන් වංචනික ලෙස මුලා කිරීම් ද වර්ථමානයේ අසන්නට ලැබෙයි.
” 2009 සැප්තැම්බර් මාසේ 06 වෙනි ඉරිදා සති අන්තයේ පුවත් පතක මානව සවිය නිපුනතා සංවර්ධන අධ්‍යාපන ආයතනයේ විවිධ රැකියා ඇබෑර්තු කිහිපයක් සම්බන්ධව අයඳුම් කිරීමට හැකි බව එහි විස්තර සහිතව දැන්වීමක් පළකර තිබුණා. මමත් රැකියාවකට ඉල්ලූම් කිරිම සදහා අයදුම් පත් ගෙන්වා ගැනීමට ලිපියක් යමු කලා. එහිදි මට නැවත ලිපියක් ලැබුණා. එහි සඳහන් කර තිබුණේ එක් රැුකියාවකට අයඳුම් කිරීම සදහා රුපියල් දෙසීය පනහක් බඳින්න ඕන කියලා. මම සල්ලි බැදලා රැකියාවකට ඇයඳුම් කලා.”
මාතර දික්වැල්ල බතීගම ප‍්‍රදේශයේ ජීවත්වන නදීකා දඩල්ලගේ පැවසුවාය. ඇය පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ උපාධිධාරිනියක්. තමන් ලබා ගත් උසස් අධ්‍යාපනයේ ප‍්‍රථිඵලයක් ලබාගෙන ජීවිතයට මුහුණ දීම ඇයගේ එකම බලාපොරාත්තුව වී තිබුණාය.
ඒ නිසාම ඇය පුවත් පත්වල පළවන විවිධ රැකියා සඳහා ඉල්ලූම් කරන්නට වුයේ තම බලාපොරොත්තුව ඉටු කර ගැනීම සඳහාය.
”මම යොමුකල ඇයඳුම් පත‍්‍රයට පිළිතුරු ලිපියක් සති දෙකකට පසු ලැබුණා. එහි තිබුණේ මට සම්මූඛ පරීක්‍ෂණයක් සඳහා ගාල්ල සමුපකාර මන්ධිරයට පැමිණෙන ලෙයසි. එදින තවත් හය දහසක් පමණ පිරිසක් එම ස්ථානයට පැමිණ සිටියා. එහිදී දැන ගන්න ලැබුණේ එම ස්ථානයේම දින පහක් එම සම්මූඛ පරීක්‍ෂණය පවත්වා ඇති බවක් යැයි” නදීකා දඩල්ලගේ විස්තර කලාය.
නදීකා සඳහන් කරන අන්දමට දින කිහිපයකට පසු ඇයට ලිපියක් ලැබෙන්නේ අදාල සම්මූඛ පරීක්‍ෂණයෙන් සමත්ව ඇති බවත් එයට අදාල පුහුණු වැඩමුළුවක් නොවැම්බර් මස 17,18 යන දිනයන්හිදී මාතර තරුණ බෞද්ධ සංගමයේ පැවැත්වෙන බවත් ඒ සඳහා රුපියල් 1500ක මුදලක් ගෙවිය යුතු බවත් සඳහන් කරමිනි. ඒ අනුව ඇය අදාල ආයතනයේ බැංකු ගිණුමකට එම මුදල තැන්පත් කර එම පුහුණු වැඩමුළුව සඳහා අදාල දිනයේ උදැසන 8.30ට සහභාගී වු බව නදීකා දඩල්ලගේ පැවසූවාය.
”වැඩමුළුවට ගියමුල් දිනයේම අපට වැඩමුළුවක් දැකගන්න ලැබුනේ නෑ. පැමිණි සාමාජකයින්ට තමතමන් හදුන්වා දෙන්න කිව්වා. අට සියයක් පමණ තරුණ පිරිසක් මේ සඳහා සහභාගී වී සිටියා. මානව සවිය නිපුණතා සංවර්ධන අධ්‍යාපන ආයතනයේ නිළධාරීන් ඔවුන්ගේ ආයතනයේ දර්ශනය පැහැදිළි කරත්, අපිට එහිදි වැටහුනා මේ අය පත්තරේ දාලා තිබුන දැන්වීමේ විස්තර කර ඇති පරිදි කටයුතු කරන්නේ නෑ කියලා. ව්‍යාපෘති සංවර්ධනයට අදාල රැුකියා ගැන කිසිදෙයක් ඔවුන් කිව්වේ නෑ. පත්තරේ තිබුණේ දිස්ත‍්‍රික් කළමණාකාරවරු, ව්‍යාපෘති කළමණාකාරවරු, සහකාර කළමණාකාරවරු හා පරිගණක ක‍්‍රියාකරුවන් වැනි තනතුරු වලට ඉල්ලූම් කරන්නය. ඒ හැම රැකියාවකම වැටුප් තලය රුපියල් 20,000 වැඩි ඒවා බවත් නදීකා දඩල්ලගේ දිගින් දිගට විස්තර පැවසූවාය.
නදීකා පවසන අන්දමට එහි පැමිණ සිටි තරුණ පිරිස ආයතනයේ නිළධාරීන්ගෙන් අදාල පුවත් පත් දැන්වීම පිළිබඳ විමසූ විටදී ඔවුන්ටද එහි ඇති රැකියා තනතුරු පිලිබඳ නිසි පිළිතුරක් ලබා දීමට නොහැකි වී ඇත. ඒ අවස්ථාවේදී එම ආයතනයේ නිළධාරීන් පවසා ඇත්තේ තම ආයතනයේ රැකියා අවස්ථා ඇත්තේ ඔවුන් නිෂ්පාදනය කරණු ලබන පොත් පිංචක් සහ සී.ඩි. පටයක් ගෙයින් ගෙට ගොස් අලෙවි කිරිමයි. එහිදි මෙම අවස්ථාව ලබාගන්නන්හට මුලික පඩියක් දීමට නොහැකිබවත්, සියයට විසි පහක කොමිස් මුදලක් ලැබෙන බවත් ඔවුන් සදහන් කර ඇත.
”පස්සේ අපිට හොදටම පැහැදිළිවුණා මේ කණ්ඩායම විශාල වංචාවක් අපට කර ඇතිබව. පුවත් පත් දැන්වීමේ ඇති සියළු කරුණු අසත්‍යබවත් අපට වැටහුනා. එහි සඳහන් ලියාපදිංචියද අසත්‍ය එකක්. ඉන්පසු අපි නොවැම්බර් 18 දින පොලිස් කොමිසමට මේ සම්බන්ධව පැමිණිලි කරා. පොලිසිය කරුණු සොයා බැලීමේදී ඔවුන්ට ආයතනයේ ලියාපදිංචියක්වත් පෙන්නන්න බැරිවුණා.” මේවන විට මෙම වංචනික ක‍්‍රියාදාමය ලංකාවේ දිස්ත‍්‍රික්ක 19ක පවත්වාගෙන ගොස් ඇති බවත් පොලීසිය මගින් දැන ගන්නට ලැබුණේ යැයි නදීකා පවසන්නීය.
”ජනතාවගේ සුභසාදනය වෙනුවෙන් වංචනිකව පෙනීසිටින බෙහෝ දෙනෙකුගෙන් පරිස්සම් වන්න ජනතාවට සිදුවෙලා. වර්ථමානයේ මුදල් සම්බන්ධව පමණක් නෙවෙයි, හැම කටයුත්තකදීම විපරමින් සිටිය යුතුය. රැකියාදෙන බව පවසා තරුණ පිරිස මුලාකර තියෙන්නෙත් පුවත්පත් මගින් දැන්වීම් පල කරලා. මේවාට ඇයඳුම් කරන අය ඒවායේ ලියාපදිංචිය ගැන සෙවිමක් කරලා නෑ. මේ වගේ දැන්වීම් පලකිරිමේ දී පුවත්පත් වලටලත් අපිට යෝජනා කරන්න වෙන්නේ ආයතනයක ලියාපදිංචිය සටහන්කර නොමැති දැන්වීම් පලකිරිම ගැන මාධ්‍ය ආයතන වල මතයක් ගොඩ නැගිය යුතුය. ඒ වගේම මහ ජනතාවත් මෙවැනි වංචනික ක‍්‍රියා ගැන අවදානයෙන් සිටිය යුතුයි” පොලිස් මාධ්‍ය ප‍්‍රකාශක ජේෂ්ඨ පොලිස් අධිකාරී අයි. එම්. කරුණාරත්න පැවසීය.
”අපි කොච්චර ඉගෙනගත්තත් අවසානයේ රැවටිලිකාරයින්ට අහුවුණා. මම අපේ රටේ නංගිලා මල්ලිලාට දෙන පණිවිඩය තමයි මෙනවා උනත් දුක් විදගෙන ඉගෙන ගන්න. ඒක කවදාවත් අපතේ යන්නේ නෑ. ඒ උනාට සමාජයේ වංචා කාරයින්ගෙන් ප‍්‍රවේශම් වෙන්න. රැකියාවකට යාමේදී හොදට හොයලා විශ්වාසවන්ත ආයතනයකට සම්බන්ධවෙන්න.” නදීකා දඩල්ලගේ අවසාන වශයෙන් පැවසූවාය.
A bogus job bank, Human Strength Skills Development Educational Institute, had scammed thousands of unemployed graduates by collecting money promising jobs that pay a monthly salary that exceeds Rs. 20,000. A police investigation conducted on a complaint lodged with the Police Commission by several victims last month had revealed that the company had operated in 19 districts in the country without even a proper company registration. The bogus company after collecting Rs. 250 as registration fees through newspaper advertisements from victims and calling them for an interview had collected Rs. 1,500 for a two day workshop. At the workshop the victims had been informed they would be door to door sales persons promoting the company instead of providing them with the promised employment opportunities.
සූකර උණට බයේ මධ්‍යම පළාතේ පාසල් නිවාඩුදේ
H1N1 closes schools in Central Province
නව ඉන්ෆ්ලූවෙන්සා නොහොත් සූකර උණ (එච්1 එන්1) වෛරසය ආසාදිත රෝගීන් මධ්‍යම පළාතෙන් වාර්තාවීම වර්ධනය වීමත් සමග එම පළාතේ පාසල් නිවාඩුව නොවැම්බර් 23 වැනිදා (සදුදා) සිට ලබාදීමට තීරණය කර ඇතැයි මධ්‍යම පළාත් ආණ්ඩුකාර ටිකිරි කොබ්බෑකඩුව පැවසුවේය.
මේ ආකාරයට මධ්‍යම පළාත තුළ ඇති පාසල් 1464ක තෙවන පාසල් වාර නිවාඩුව සති එකහමාරකට පෙර ලබාදීමට තීරණය කර ඇතැයි මධ්‍යම පළාත් ආණ්ඩුකාරවරයා කීවේය.
‘‘පසුගිය දින කීපය තුළ මධ්‍යම පළාත තුළ සූකර උණ රෝගීන් (නව ඉන්ෆ්ලූවෙන්සා වෛරසය ආසාදිතයින්) වාර්තාවීම ඉහළ ගොස් තිබෙනවා. මේ තත්වය පාලනය කිරීටම පියවරක් වශයෙන් පාසල් වාර නිවාඩුව කලින් ලබාදීමට තීරණය කළා.’’ කොබ්බෑකඩුව සදහන් කළේය.
නව ඉන්ෆ්ලූවෙන්සා වෛසරය මධ්‍යම පළාත තුළ ව්‍යප්තවීම පිළිබදව වෛද්‍යවරුන්ගේ අවධානය යොමුව තිබෙන අතර වෛද්‍යවරු වෛරසය ව්‍යාපත්වීම පිළිබදව රතු එළිද දල්වා තිබුනේය.
‘‘මධ්‍යම පළාත තුළ මෙම වෛරසය සීග‍්‍රයෙන් ව්‍යාප්තවීමේ අවදානමක් පවතින්නේයැයි වෛද්‍යවරු පවසා තිබුණා. වැඩියෙන්ම දරුවන් මගින් වෛරසය ව්‍යාප්තවන බවද ප‍්‍රකාශ කර තිබුණා.’’ කොබ්බෑකඩුව කීවේය.
මෙම වෛරසය ආසාදනය වීම නිසා මධ්‍යම පළාත තුළ සිදුවන මරණ සංඛ්‍යාව වැඩිවී තිබෙන බවද හෙතෙම කීවේය. තුන්වන පාසල් වාර නිවාඩුව නියමිත දිනට පෙර ලබාදීම මගින් ළමුන් හරහා වෛරසය ව්‍යාප්තවීම පාලනය කිරීමට හැකියාව ලැබෙන්නේයැයි ආණ්ඩුකාරවරයා කීවේය.
කෙසේ වෙතත් මේ ආකාරයට මධ්‍යම පළාතේ පාසල් නියමිත දිනට පෙර නිවාඩු ලබාදීම පිළිබදව කිසියම් අපහැදිළි තත්වයක් ඇතිව තිබේ. මධ්‍යම පළාත තුළ තුන්වන පාසල් වාර නිවාඩුව නියමිත දිනට පෙර ලබාදීමට හැකියාවක් නැතැයි අධ්‍යාපන අමාත්‍යාංශයේ ලේකම් එම්.එම්.එන්.ඞී. බණ්ඩාර පැවසුවේය.
‘‘මේ විදියට පාසල් නිවාඩු ලබාදීමේ හැකියාවක් නැහැ. සූකර උණ තිබෙනවානම් ඒ පාසලේ අදාල පන්තියට පමණක් නිවාඩු ලබාදෙන ලෙසට චක‍්‍රලේඛයක් නිකුත්කර තිබෙනවා.’’ අධ්‍යාපන අමාත්‍යාංශ ලේකම්වරයා කීවේය.
මේ පිළිබදව අධ්‍යාපන අමාත්‍යවරයා සමග සාකච්ඡා කිරීමට සිදුවන බවද ලේකම්වරයා කීය.
මධ්‍යම පළාතේ පාසල් නිවාඩුව නියමිත දිනට පෙර ලබාදීමට තීරණය කර ඇති නමුත් සාමාන්‍ය පරිදි විවෘත කිරීමට නියමිතයයැයි කොබ්බෑකඩුව සදහන් කළේය.
පළාත තුළ නව ඉන්ෆ්ලූවෙන්සා වෛරසය පැතිරයාම වැලැක්වීම සදහා පියරව ගනිමින් සිටින බවද වෛරසය පැතිරයාම පාලනය කිරීමට සාමාන්‍ය ජනතාව ගත යුතු ක‍්‍රියාමාර්ග සම්බන්ධයෙන් දැනුවත් කිරීම් සිදුකරන බවද ඔහු පැවසීය.
‘‘දැන්වීම් හා නොයෙකුත් ප‍්‍රචාරයක වැඩපිළිවෙලවල් මගින් පළාතේ ජනතාව දැනුවත් කිරීමට පියවර ගෙන තිබෙනවා.’’ කොබ්බෑකඩුව කීවේය.
Schools in the Central Province are to be closed from Monday (23) following an increase in the number of Swine Flu cases reported from the area, Central Province Governor Tikiri Kobbekaduwa said. 1,464 schools in the Province are to receive their third term holiday one and a half weeks earlier. The decision to close schools earlier than the scheduled date for the holidays is to be further discussed with the Education Minister.











