නීති විරෝධී ප‍්‍රචාරක කටයුතු ඉහළට.. නිරීක්ෂකයෝ

March 15, 2010 by Editor  
Filed under Featured, Stories

මෙවර මහ මැතිවරණ පූර්ව සමයේදී වැඩි වශයෙන් වාර්තා වන්නේ නීතිවිරෝධී අකාරයෙන් මැතිවරණ ප‍්‍රචාරක ව්‍යාපාරවල නිරත වීම බව මැතිවරණ නිරීක්ෂකයෝ පෙන්වා දෙති.

‘‘පසුගිය මැතිවරණ වලට සාපේක්ෂව මෙවර මැතිවරණයේදී ප‍්‍රචණ්ඩ ක‍්‍රියා අවම වී තිබෙනවා. එහෙත් නීතිවිරෝධී මැතිවරණ ප‍්‍රචාරක කටයුතු බහුලව වාර්තා වෙනවා. පෝස්ටර් බැනර් සහ කටවුට් තහනම් ප‍්‍රචාරක මාධ්‍ය වී තිබියදීත් තව දුරටත් මේ දේවල් භාවිතා කිරීම පවතින මැතිවරණ නීතිය  උල්ලංඝණය කිරීමක්.’’ පැෆ්රල් සංවිධානයේ විධායක අධ්‍යක්ෂක රෝහණ හෙට්ටිආරච්චි පැවසුවේය. මේ තත්ත්වයට එරෙහිව පියවර ගැනීමට තවමත් අදාළ අංශයන් නිසි ලෙස කටයුතු කර නැතැයි හෙට්ටිආරච්චි පෙන්වා දුන්නේය.

‘‘මැතිවරණ පෝස්ටර් බැනර් කටවුට් ඉවත් කිරීමේ වගකීම පැවරිලා තියෙන්නෙ පොලිසියට. ඒත් රට පුරාම තවමත් මේවා ඉවත් කිරීමට නිසි පියවර අරන් නැහැ. බහුතරයක් ප‍්‍රචාරක පුවරු පෝස්ටර් අයත් වෙන්න එක්සත් ජනතා නිදහස් සන්ධානයට. මේ තත්ත්වය යටතේ පේන්නේ පවතින රජයට වාසි වන අයුරින් පොලිසිය හැසිරෙන බවයි අපට පෙනෙන්නෙ.’’ මැතිවරණ ප‍්‍රචණ්ඩ ක‍්‍රියා නිරීක්ෂණ මධ්‍යස්ථානයේ ජාතික සංවිධායක ඞී එම් දිසානායක ප‍්‍රකාශ කළේය.

මැතිවරණ නිරීක්ෂකයන් පෙන්වා දෙන පරිදි මෙවර මහ මැතිවරණයේ දක්නට ලැබෙන සුවිශේෂී ලක්ෂණය වන්නේ එකම දේශපාලන පක්ෂයේ අපේක්ෂකයන් අතර ප‍්‍රචණ්ඩ ක‍්‍රියා සිදු වීමයි. පැෆ්රල් සංවිධානය පෙන්වා දෙන පරිදි මෙවර වැඩිම මැතිවරණ ප‍්‍රචණ්ඩ ක‍්‍රියා වාර්තා වන්නේ බස්නාහිර සහ මධ්‍යම පළාත තුළය. මැතාවරණ ප‍්‍රචණ්ඩ ක‍්‍රියා සම්බන්ධයෙන් මේ වන විට තම සංවිධානය වෙත පැමිණිලි 45ක් ලැබී ඇතැයි පැෆ්රල් සංවිධානයේ විධායක අධ්‍යක්ෂවරයා පැවසුවේය. මැතිවරණ ප‍්‍රචණ්ඩ ක‍්‍රියා මධ්‍යස්ථානයට ලැබී ඇති පැමිණිලි සංඛ්‍යාව 51 බව එහි ජාතික සංවිධායකවරයා පෙන්වා දුන්නේය.

‘‘මහ මැතිවරණයේදී සැලකිය යුතු ප‍්‍රචණ්ඩ ක‍්‍රියා සිදු වෙමින් පවතිනවා. විශේෂයෙන්ම මැතිවරණ නීති උල්ලංඝණය කිරීමේදී රාජ්‍ය දේපළ මෙවරත් අයුතු ලෙස භාවිතා කරන බව පේනවා.’’ කැෆේ මැතිවරණ නිරීක්ෂණ සංවිධානයේ අධ්‍යක්ෂක රජිත් කීර්ති තෙන්නකෝන් පැවසුවේය.

මෙවර විදේශ මැතිවරණ නිරීක්ෂකයන් ගෙන්වීම සම්බන්ධව මැතිවරණ නිරීක්ෂකයෝ සිය අදහස් මෙසේ පළ කළහ.‘‘මෙවර අපි විදේශ මැතිවරණ නිරීක්ෂකයෝ විස්සක් පමණ ගෙන්වන්න කටයුතු කරලා තියෙනවා. ඔවුන් ආසියානු මැතිවරණ නිරීක්ෂකයන්ගේ ජාලයේ පිරිසක්. ජනාධිපතිවරණයේදී වගේම මහ මැතිවරණයේදී විදේශ මැතිවරණ නිරීක්ෂකයන්ගේ වැඩි අවධානය උතුරු නැගෙනහිරට යොමු කරවන්න අප බලාපොරොත්තු වෙනවා.’’ පැෆ්රල් සංවිධානයේ විධායක අධ්‍යක්ෂවරයා පැවසුවේය. විදේශ නිරීක්ෂකයන් ගෙන්වීම සම්බන්ධව මේ වන විට සිය සංවිධානය සාකච්ඡුා පවත්වමින් සිටින බව මැතිවරණ ප‍්‍රචණ්ඩ ක‍්‍රියා නිරීක්ෂණ සංවිධානයේ ජාතික සංවිධායකවරයා පැවසුවේය.

  • Share/Bookmark

මැතිවරණ වියදම මිලියන එක්දහස් අටසීයයි.

March 15, 2010 by Editor  
Filed under Featured, Stories


මෙවර මහ මැතිවරණය සඳහා රුපියල් මිලියන එක්දහස් අටසීයක් (1800)වැය වන බව මැතිවරණ කොමසාරිස් කාර්යාලය පැවසුවේය. මෙම මුදල සම්පූර්ණ මැතිවරණය සඳහා වන වියදම නොවන බවත් එ් සඳහා වූ මඃකල්පිත ගණනය කිරීමක් පමණක් බවයි මැතිවරණ කොමසාරිස් කාර්යාලයේ ගණකාධීකාරී ඊ එ් වීරසේන පවසන්නේ.

ඔහු පවසන පරිදි මැතිවරණ වියදම් ගණනය කළ හක්කේ මැතිවරණය අවසන් වී මාස තුනක් ඉකිම වූවායින් පසුය. තැපැල් කටයුතු පොලීසිය සඳහා මුද්‍රණ කටයුතු  දිසිත‍්‍රික් මට්ට්මින් සිදු වන කි‍්‍රයාදාමයන් ඇතුලු සියල්ල සඳහාම මෙම වියදම් සිදු වන බවයි හෙතෙම පවසා සිටින්නේ.

දිස්ත‍්‍රික්කයෙන් දිසිත‍්‍රික්යට මෙම මැතිවරණ සඳහා වියදම් වන මුදල් ප‍්‍රමාණය වෙනස් බවත් එ් සඳහා වෙන් කළ ස්ථිර මුදලක් නොමැති බවද හෙතෙම පැවසීය.

  • Share/Bookmark

ජෙනරාල්වරයා බේර ගන්න අපේ කැපවීම හැමදාම තියෙනවා.

March 11, 2010 by Editor  
Filed under Featured, Stories

ජෙනරාල් ෆොන්සේකා නිදහස් කර ගැනීම සඳහා වූ කි‍්‍රයා මාර්ගයේදී සෑම විටම එක්සත් ජාතික පක්ෂය සම්පූර්ණ කැපවීමක් සිදු කරමින් සිටින බව එක්සත්ජාතික පක්ෂ මහලේකම් තිස්ස අත්තනායක පැවසීය.

“මානව හිමිකම් පෙක්සම් අධිකරණයට අරන් ගියෙත් අපි. මේ සඳහා ඉදිරිපත් වෙලා ඉන්න සියලුම නීතිඥයන් අපේ අය. ජෙනරාල්වරයා පිළිබඳව ආරංචිය ලෝකය පුරා ගෙන යන්න මූලික වෙලා කටයුතු කළේ විපක්ෂ නායක වරයා. ඔහුව නිදහස් කරන්න පුලුවන් දෙගොල්ලකට පමණයි. එ් සන්ධාන ආණ්ඩුව අනික එක්සත් ජාතික පෙරමුණ.” මහලේකම්වරයා සඳහන් කළේය.

සන්ධාන ආණ්ඩු කෙදිනකවත් ඔහු නිදහස් නෙකරන බවත් එක්සත් ජාතික පෙරමුණ බලයට පතවුව හොත් ජෙනරාල්වරයා නිදහස් කරන බවත් ලේකමිවරයා සඳහන් කළේය.

“ඊළඟට ආණ්ඩුව හදන කෙනාට තමයි ඔහුව නිදහස් කරන්න පුලුවන් වෙන්නේ. කොහෙම වුණත් ප‍්‍රජාතන්ත‍්‍රවාදී ජාතික සන්ධනයට බලයට එන්න බැහැ. එක්සත් ජාතික පෙරමුණ තමයි  90% උදවි කළේ ජනාධිපතිවරණය වෙලාවෙදි. ජනතා විමුක්ති පෙරමුණ උදවි නෙකළා කියනවා නෙවෙයි. නමුත් මිලියන  4-5  ජනතා කැමැත්ත තියෙන්නේ එක්සත් ජාතික පක්ෂයට.” මහ ලේකම්වරයා සඳහන් කළේය.

පොදු අපේකෂකයා ඉදිරිපත් කරමින් ජනාධිපතිවරණයට ඉදිරිපත් වූයේ විධායක ජනාධිපති ක‍්‍රමය අහෝසි කිරීම සඳහා බවත් එ් සඳහා අවශ්‍ය කැපවීම එක්සත්ජාතික පෙරමුණ වශයෙන් සිදු කළ බවත් ප‍්‍රතිඵලය කෙසේ වෙතත් ඊළඟ පියවර වෙත පැමිණ තිබෙන බවයි හෙතෙම සඳහන් කරන්නේ.

“ස්ති‍්‍රක්ක කිහිපයක නායකත්වය දීලා අපිත් එක්ක වැඩ කරන්න කියලා අපි එතුමාට කීවා. නමුත් එකඟ වුණේ නැහැ. එ්ක එතුමාගේ කැමැත්ත. එක්සත් ජාතික පෙරමුණ ඔහු සමග නැහැ කියලා කියන්න බැහැ. එතුමගේ ඡන්ද ව්‍යාපාරය අපට කරන්න  බැහැ. අපි අපේ පක්ෂය වෙනුවෙන් එ් දෙවල් කළ යුතුයි.” මහ ලේකම් අත්තනායක සඳහන් කළේය.

කෙසේ වුවද මැතිවරණයෙන් පසු ජනතා විමුක්ති පෙරමුණත් ජෙනරාල්වරයාගේ පක්ෂයේ උදවිය මෙන්ම එක්සත් ජාතික පෙරමුණත් එකට මුණ ගැසෙන බවත් එ අවස්ථාවේදී සියලු දෙනා එක්ක කටයුතු කරන බවත් හෙතෙම සඳහන් කළේය.

මහ ලේකම්වරයා සඳහන් කරන පරිදි සමාජයට මෙන්ම ආණ්ඩුවටද ජාත්‍යන්තර ත‍්‍රස්තවාදියකු අත් අඩංගුවේ සිටින බව අමතකය. ඔහු සුර සැප විදින විට සියලූම පහසුකම් විදින විට රටේ පමණක් නොව ලෝකයේම වීරයකු වශයෙන් පිළිගත් ජෙනරාල්වරයා අවම පහසුකම් මැද පීඩා විදින බව ද හෙතෙම සඳහන් කළේය.

“කේ පී අත් අඩංගුවට ගත්තද ස්ව කැමැත්තෙන් ඉන්නවද කියන එක නම් අපට තාම ප‍්‍රශ්ණයක්. අත් අඩංගුවට ගත්තානම් අධිකරණයට යවන්න  ඕන. හැමෝටම හොරෙන් මේ පුද්ගලයා සඟවාගෙන සටින්නේ කුමක් නිසාද කියන එක ගැටලූවක්.”

ඔහු සතු නැව් සමූහය ගැනීමට යැයි පවසමින් ඔහු රදවා සිටින්නේ සියලු පහසුකම් සමඟ බවයි හෙතෙම පවසන්නේ. එකී  දේපල වලින් ලැබෙන වත්කම් වලට කුමක් වෙනවද යන වගද කිසිවකු නොදන්නා බවයි හෙතෙම පවසන්නේ.

මෙසේ සිතා බලන විට ජෙනරාල්වරයා අත් අඩංගුවට ගැනීම දේශපාලන හේතුවක් බව කැපී පෙනෙන බවද මහලේකම්වරයා සඳහන්  කළේය. කෑපී පෙනෙන චෝදනා තිබෙන ජාත්‍යන්තර ත‍්‍රස්තවාදියා තබාගෙන කුමක් කරන්නේද යන්නත් ජනෙරාලවරයා යුධඅධිකරණයට යවන්නට ඉක්මන් වන්නේත් කුමක් සඳහාද ගැටලූවක්ව පවතී.

  • Share/Bookmark

සරත් ෆොන්සේකාට විරුද්ධව චෝදනා පහක්

March 8, 2010 by Editor  
Filed under Featured, Stories

හිටපු යුධහමුදා පති වරයා අත් අඩංගුවට ගෙන අද දිනට මාසයක් ගත වී ඇත.  යුධහමුදා මාධ්‍ය ප‍්‍රකාශක බි‍්‍රගේඩියර් ප‍්‍රසාද් සමරසිංහ අද පැවති මාධ්‍ය සාකච්ඡාවේදී ප‍්‍රකාශ කර සිටියේ යුධහමුදාපතිවරයාට විරුද්ධව චෝදනා පහකට අධික සංඛ්‍යාවක් ලැබී ඇති බවයි.

“සාක්ෂී සම්පිණ්ඩන වාර්ථාව මේ වෙද්දි ලැබිලා තියෙනවා. යුධහමුදාපතිවරයාට මේවෙද්දී එය බාර දිලා නීති නිළධාරීන් අධ්‍යන කටයුතු සිදු කරනවා.ඔහුට විරුද්ධව 35 දෙනකු සාක්ෂි දීලා තියෙනවා. එ් අතර 22 හමුදා නිළධාරීන් 7 දෙනකු පොලිස් නිළධාරීන් 6 දෙනෙක් සිවිල් අය.”

යුධ හමුදා මාධ්‍ය ප‍්‍රකාශක වරයා පවසන පරිදි උසාවි නියෝගයකට අනුව නොව වරප‍්‍රසාද වශයෙන් ඔහුගේ දියණීයන් දෙදෙනාට පමණක් කතා කිරීමට දුරකථන පහසුකම් ලබා දී ඇති බවද පැවසීය. එමෙන්ම මෙම සාක්ෂි සම්පිණ්ඩණය අධ්‍යනයෙන් අනතුරුව යුධහමුදා පනත යටතේ ඔහුව යුදාධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත බවද හෙතෙම පවසා සිටියේය.

  • Share/Bookmark

එක්සත් රාජධානියට තියෙන අයිතිය මොකක්ද

March 4, 2010 by Editor  
Filed under Featured, Stories


ගෝලීය දෙමළ සංවිධානය මඟින් පසුගිය දිනක පැවැත්වූ සමුලුවකදී ඬේවිඩි මිලි බෑන්ඩි කළ ප‍්‍රකාශය වෙනුවෙන් අද පැවති කරඩිනටි තීරණ දැනුම් දීමේ  මාධ්‍ය සාකච්ඡාවේදී මහාචාර්ය ජී එල් පීරිස් පවසා සිටියේ ලංකාවෙන් පරිපාහිර එල් ටී ටී ඊ ආණ්ඩුවක් පිහිට විය යුතු   බවට ගෝලීය දෙමළ සංවිධානය පැවසූ ඇති බවයි.

“එක්සත් රාජධානියට තියෙන අයිතිය මොකක්ද මේ රට ගැන මත පල කරන්න. මේවා අපේ රටේ ප‍්‍රශ්ණ. රට අභ්‍යන්තරයේ තියෙන ප‍්‍රශ්ණ සාකච්ඡුා කරන්න අයිතියක්  එ් අයට නැහැ. රට අභ්‍යන්තරයේ මිනිස්සුන්ටයි එ් ප‍්‍රශ්ණ  කතා කරන්න අයිතිය තියෙන්නේ.”

අන්තර්ජාලය හරහා මෙරට ඇඟලුම් පිළිබඳව ගෙනයන ප‍්‍රචාරයන් සිදු වන්නේද එකී ප‍්‍රකාශයේ ප‍්‍රතිපලයක් ලෙස බවයි මහාචාර්ය පීරිස් පවසන්නේ.

“යූ ටියුබ් හරහා අපේ රටේ ඇඟලුම් ගන්න එපා කියනවා. මේවා  කියන්නේ මිලි බෑන්ඞ් නිසා. ඔහු කීවේ මොනවද කියන එක නෙවෙයි ප‍්‍රශ්ණෙ තියෙන්නේ එතන්ට ඔහු සහභාගී වුණ එකයි තියෙන ප‍්‍රශ්ණෙ. මෙයින් ව්‍යංගයෙන් කියැවෙන්නේ මොකක්ද කියලා හිතන්න පුලුවන් කමක් තියෙන්න  ඕන.” හෙතෙම පැවසුවේය.

හිටපු අග විනිසුරුවරයා සරත් ෆොන්සේකා අත් අඩංගුවට ගැනීම සම්බන්ධයෙන්  කළ ප‍්‍රකාශය සම්බන්ධයෙන්ද මෙහි දී සාකච්ඡා විය.

හිටපු අගවිනිසුරුවරයා සඳහන් කර ඇත්තේ සරත් ෆෝසේකා අත්අඩංගුවට ගැනීම හා රඳවා තබා ගැනීම නීතිවිරෝධී බවත් ජාත්‍යන්තර නීති පවා උල්ලංඝනය කර මෙම අත් අඩංගුවට ගැනීම සිදු කළ බවත්ය.

“එක වැරදි නම් පසු ගිය අඟහාරුවාදා ශේ‍්‍රෂ්ඨාධිකරණය එකඟ වෙනවා මොහුව ඇප මත නිදහස් කරන්න. මේ ඉදිරිපත් කරලා තියෙන්නේ මානව හිමිකම් පිළිබද පෙත්සමක්. බැලූ බැල්මට මේවායේ සාධාරණ සාක්ෂි තියෙනවා නම් කැපී පෙනෙන දෙයක් තියෙනවා නම් නිදහස් කරන්න තීරණය කරනවා.” හෙතෙම සඳහන් කළේය.

ඕනෑම පුද්ගලයකුහට විවේචනාත්මක මත ඉදිරිපත් කිරීමේ හැකියාව පවතින බවත් නමුදු  කුමන්ත‍්‍රණ කිරීමේ අයිතියක නොමැත් බව මහාචාර්යවරයා ප‍්‍රකාශ කර සිටියේ රාජපක්ෂ පවුල පිළිබඳව ගවේශණය කිරීම සඳහා යොදවා ඇති පොලිසි කණ්ඩායමක් පිළීබඳව මාධ්‍යවේදීයකු නැඟූ ප‍්‍රශ්ණයකට පිළීතුරු ලබා දෙමිනි.

“කවුරුවත් සඳහා කියලා විශේෂ ආයතන පිහිටවලා නැහැ.  රටේ සාමාන්‍ය නීතිය හැමෝටම පොදුයි නම් ඇයි විශේෂ ආයතන පිහිටවන්නේ. ” හෙතෙම පැවසුවේය.

  • Share/Bookmark

තරු පෙනෙන දේශපාලනය

March 3, 2010 by Editor  
Filed under Featured, Stories


මෙවර මහමැතිවරණයේ කාගේත් කතා බහට ලක් වුණ සිද්ධියක් වූයේ නලුනිළියන් සහ ක‍්‍රකට් කී‍්‍රඩකයින් මෙන්ම මාධ්‍යවේදීන් ඉදිරිපත් වී සිටීමය. එක් අතකින් මෙය සාමන්‍ය කරුණක් ලෙස පෙනෙන්නේ ඔවුන්ද මේ රටේ ජීවත් වෙන සාමාන්‍ය ජනතාවටම අයත් කොටසක් නිසාවෙනි. මේ පිළිබඳ කාගේත් කතා බහ යොමු වන්නේ කලා කරුවන්ට හෝ ක‍්‍රීඩකයන්ට රටක වැඩ කොටස කළ හැකිද යන්න පිළිබඳවය.එයට පිළිතුර නම් ඔව් යන්නය. නමුදු රටේ පාලනය එ් සඳහා මැදිහත් වන ආකාරය අනුව එය තීරණය වේ.

සාමාන්‍ය ජනතාව අනුව ගත් විට ලංකාවේ වැඩි පිරිසක් ජීවත් වන්නේ ග‍්‍රාමීය ජනතාව ලෙසින්ය. මොවුන් අතරට මේ පණ්විඩය රැුගෙන යාම ස`දහා කළ හැක්කේ කුමක්ද යන්න වෙනුවට ඔවුන් මේ පිළිබදව සිතන්නේ කුමක්ද යන වග සොයා බැලිම වැදගත්ය. ඉල්ලූමේ හැටියට සැපයුම ලෙස පවතින්නා වූ කතාවෙහි යථාර්තය මෙහිදී ඔප්පු කර ගැනීමේ හැකියාව ලැබෙණු ඇතැයි සිතමි.

“කලා කරුවෝ කියන්නේ අපට සම්පතක්. නමුත් ඒ අය දේශපාලනය කරනවා කියන එක අපි අනුමත කරන්නේ නැහැ. මොකද ඒ අයට තියෙන තත්ත්වය වගේම සාමාන්‍ය ජනතාව ඔවුන් කෙරෙහි තියෙන කැමත්ත නැ. වෙලා යනවා.හැමෝම දේශපාලනය කරන්න ආවොත් කලාවක් කියලා දෙයක් ඉතුරු වෙන එකක් නැහැ.” සාමාන්‍ය වෙලෙදාමක් පවත්වාගෙන යන ජී එ ජයසේන පැවසුවේය.

ඔහු පෙන්වා දෙන ආකාරයට තමන් උපතින් ගෙන ආ කලා හැකියාවට වඩා බලතන්හාවෙන් යුතුව කටයුතු කරන ආකාරය ගැන පෙනෙන්නට තිබෙන බව සාක්ෂි ඇතිවම ඔප්පු කර පෙන්වන අවස්ථාවක් ලෙස මෙය පෙන්වා දිය හැකිය.

“පාර්ලිමේන්තු ගිහින් මේ අය මොනවා කරන්නද අනික මේ අයට හරියට පාර්ලිමේන්තුවට එන්න පුලුවන්ද කියන එකවත් මේ අය හිතන්න ඕන නේද මේ අය රගපාන එකවත් සෙල්ලම් කරන එකවත් නවත්වන්නේ නැහැ නේ. ඉතින් කොහොමද මේ අය රට කරන්න එන්නේ.” ජයසේන පැවසුවේය.

රට පාලනය කරන්න හෝ ගමක් පාලනය කරන්න දේශපාලන දැනුමක් අවශ්‍ය බවත් නැතහෝත් රටේ අරාජික තත්ත්වයතිබෙන තැනින් තවත් අගාදයට යන බව ජයසේන සඳහන් කළෙය.

දේශපාලනය කරන්න දේශපාලකයාම අවශ්‍ය යයි නියමයක් නොමැති බව ප‍්‍රවීන රංගන ශිල්පී ශ‍්‍රියන්ත මෙන්ඩිස් පවසන්නේ.

“මැතිවරණ කි‍්‍රයාවලිය තුළ ඕනම කෙනෙකුට මැතිවරණයට ඉදිරිපත් වීමේ අයිතිය තියෙනවා. කේවළ ක‍්‍රමයට තියෙන ඡුන්ද ක‍්‍රමය තමයි සාර්ථක. 77 පස්සේ එන මැතිවරණවරණ ක‍්‍රමයේ ජනප‍්‍රීය චරිත තමයි බිහිවුණේ.
ලොකයට අපේ නම ගෙන ගිය අය තමයි ඡුන්දය ඉල්ලන්නේ. සරක් ෆොන්සේකත් සනත් ජයසූරියත් කළේ අපේ නම ලෝකයට අරන් ගිය එක.”මෙන්ඩිස් සඳහන් කළේය.

අලූත් දේශපාලන චින්තනයක් ගෙන එ්මටත් එම ගෙන එන චින්තනය ඉතා පිරිසිදු දෙයක් කිරීමේ හැකියාව පවතින බව ඔහුගේ අදහසයි.

“වෙන රටවලත් මේ අපි කතා කරන චරිත දේශපාලනයට ආවා. එ් රටවල මිනිස්සුන්ට එදා කරපු දේ වගේම අද කරපු දේත් වටිනා කමක් තිබුණා. නමුත් ලංකාවේ හැමදේටම කලින් දේශපාලනය ඉස්සරහට එනවා. එදා සනත් ජයසූරිය හයේපාර ගහද්දී හැමෝම අත්පොළසන් ගැහැවුවා.එ්ක නැතිවෙන්නේ ලංකාවේ දේශපාලනය නිසා. මම කියන්නේ මේ දේ සාමාන්‍ය දෙයක් කර ගන්න.ඊට වඩා එහා හිතන්න එපා. රහස්‍ය අයිතියක් බවට තමන්ගේ ඡුන්දය පත් කරගෙන පොදු එකඟතාවයකට එන්න කියලයි කියන්න ඕන.” ඔහු
සඳහන් කළේය.

සමහර දේශපාලන පිරිස් ජනප‍්‍රිය තරු උපයෝගී කර ගනිමින් තම දේශපාලනයේ යෙදෙන්නේ තරුවට එකතු වූ පිරිසෙහි ඡන්දය ලබා ගැනීමට බවත් ලංකා දේශපාලනය තුළ එවැන්නක් සිදු කිරීම තුළ කළකිරීම පමණක් ඉතුරුවෙන බව නුවන් එදිරිසංහ පැවසුවේය.

“නලු නිළියන්වත් ක‍්‍රිඩකයෝවත් කවදාවත් තමන්ගේ කැමැත්තෙන් දේශපාලනයට එන්නේ නැහැ. එ් අයව මෙහෙය වන්නෙත් දෙශපාලකයෝ විසින්ත පක්ෂ භේදයකින් තොරව වුණත් දේශපාලනයට ආවයින් පස්සේ සිද්ධ වෙන්නෙ සෙල්ලමත් තළාවත් දේශපාලනීකරණය වීම. කවුරු කොහොම කීවත් ලංකාවේ කිසිම කෙනෙක්ට මහත්මා දේශපාලනයේ යෙදෙන්න බැහැ.” එදිරිසිංහ පැවසුවේය.

ප‍්‍රවීණ රංගන ශිල්පියකු වන ජයලත් මනෝ රත්න පවසන්නේ දේශපාලනය පිළිබදව කතා කිරීමට ඔහු අකමැති බවය.

“එක එ අයගේ කාර්ය. අපේ කාර්ය නෙවෙයි. අප් එ ගැන කතා කරන එක ප‍්‍රයෝජනයක් නැහැ.” මනෝරත්නයන් පැවසුවේය.

  • Share/Bookmark

රාජ්‍ය නිළධාරීන් ඇමතිවරුන් මැතිවරණ නීති උල්ලංඝනය කරයි නම් ශේෂ්ඨාධිකරණයට

March 1, 2010 by Editor  
Filed under Featured, Stories


මහ මැතිවරණ නිරීක්ෂණය කිරීමේ කටයුතු මේ වන විටත් ආරම්භ වී ඇති බව මානව හිමිකම් පිළිබඳ විද්වත් සංසදය ප‍්‍රකාශ කර සිටී.ජනාධිපත්වරණ්‍ය සඳහා යොදා ගත් නිරීක්ෂකයන් 3781 දෙනා මේ වන විටත් නාමා යෝජනා භාර දීමෙන් අනතුරුව නිරීක්ෂණ කටයුතු නිඵ වශයෙන් ආරම්භ කළ බවයි මානව හිමිකම් පිළිබඳව විද්වත් සංසදයේ ප‍්‍රධාන විධායක ආචාර්ය උදිත ගුණසේකර පවසා සිටින්නේ.

ආචාර්ය ගුණසේකර පවසන පරිදි 2010 මහ මැතිවරණය ජනවාරි 26 වන දින ජනාධිපතිවරණයේ පශ්චාත් මැතිවරණ ප‍්‍රචණ්ඩ කි‍්‍රයා අඛණ්ඩව සිදුවෙම්න් පවතින සමයකය. එම නිසා මෙවර මහමැතිවරණය මෙරට මහ මැතිවරණය පිළිබඳව පලුදු වී ඇති විශ්වාසය නැවත ඇති කර ගැනීම සඳහා යොදා ගැනීම වැදගත් බවයි ආචාර්ය ගුණසේකර පෙන්වා දෙනු ලබන්නේ.

ආචාර්ය ගුණසේකර පවසන පරිදි මහ මැතිවරණය ප‍්‍රකාශයට පත් කළ දිනයේ සිට සුපුරුදු පරිදි මැතිවරණ නීතී උල්ලංඝනය කිරීමිද ආරම්භ විය.දැවැන්ත කටවුට් පෝස්ටර් නගර පුරා ප‍්‍රදර්ශණය කරමින් ප‍්‍රදාරක කටයුතු වලට අදාල මැතිවරණ නීති උල්ලංඝනය කිරීම සියලූම දේශපාලන පක්ෂ සිදු කළහ.පොදු දේපළ ද මේ වන විට 110 වන ඇමති මණ්ඩලය තම නිළ බලය භාවිත කරමින් සම්පත් අපහරණය සිදු කරන බවද හෙතෙම සඳහන් කළේය.

එමෙන් මාධ්‍ය පිළිබඳව අදහස් දක්වන හෙතෙම පෙන්වා දෙනු ලබන්නේ රාජ්‍ය මාධ්‍ය සුපුරුදු පරිදි එක්සත් ජනතා නිදහස් සන්ධානය වෙනුවෙන් පක්ෂවද සහ විපක්ෂය වෙනුවෙන් විරුද්ධවද ප‍්‍රචාරක කටයුතු ආරම්භ කර ඇති බවයි. මේ තුළින් බරපතල ලෙස ජනමතය විකෘති කිරීමක් සිදු වන බවයි හෙතෙම පවසා සිටියේ.

ජනමාධ්‍ය අමාත්‍යාංශ්‍ය රජයට පවරා ගැනීම රාජ්‍ය ආයතන පාලනය සඳහා මැතිවරණ කොමසාරිස්වරයාට මැදිහත් වීමට තිබූ බලතල අභියෝගයට ලක් කිරීමක් ද යන්න සැක සහිත බවයි අහතෙම පවසා සිටින්නේ.

17 වන සංශෝධනය අක‍්‍රීයව තිබියදී ශෙෂ්ඨාධිකරණ නියෝග ඵවා පිළ නොපදින තත්ත්වයක රාජ්‍ය යාන්ත‍්‍රණය පවතිද්දී ඉතිහාසයේ වැඩිම බලතල සහිත මැතිවරණ කොමසාරිස්වරයා තම අවම බලතල හෝ
ක‍්‍රියාත්මක නොකරන තත්ත්වයක් තුළ මැතිවරණයක් පැවැත්වීම ප‍්‍රායේගික නොවන බවයි ආචාර්ය ගුණසේකර පවසා සිටින්නේ.

ආචාර්ය ගුණසේකර වැඩිදුරටත් පවසන්නේ රාජ්‍ය ආයතන නිදහස් සාධාරණ මැතිවරණයක් සඳහා සහය නොදෙයි නම් රාජ්‍ය නිළධාරීන් ඇමතිවරුන් මැත්වරණ නීති උල්ලංඝනය කරයි නම් මැතිවරණ කොමසාරිස් වරයා ශ්‍රේෂ්ඨාධිකරණයේ සහය ලබා ගනිමින් එ් ආදාල කි‍්‍රයාමාර්ග ගත යුතු බවයි.

  • Share/Bookmark

ජාතික ලැයිස්තුවට අමුත්තන් පැමිණේ

February 26, 2010 by Editor  
Filed under Featured, Stories

අපේ්‍්‍රල් 9 වන දිනපැවැත්වීමට තීරනය කර ඇති මහ මැතිවරණය සඳහා නාම යොජනා දීමේ අවසාන දිනය වන අද දින ප‍්‍රධාන දේශපාලන පක්ෂ එ් එ් දේශපාලන පක්ෂ සඳහා ජාතික ලැයිස්තු නාම යෝජනා ඉදිරිපත් කීරීම රාජගිරිය මැතිවරණ කොමසාරිසි කාර්යාලයේදී සිදු කළහ.

මෙවර ජාතික ලැයිතුනීහි දක්නට ලැබෙන විශේෂතවය වන්නේ සෑම දේශපාලන පක්ෂයකම ජාතික ලැයිස්තු සඳහා කලාකරුවන් මෙන්ම විශ්ව විද්‍යාල ආචාර්යවරු ඇතුළත් වීමය.

ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂය වෙනුවෙන් නාමයොජනා භාර දීමට පැම්ණි එම පක්ෂයේ මහ ලේකමි සුසිල්
පේ‍්‍රමජයන්ත් පවසා සිටියේ ජාතික ලැයිස්තුව සඳහා නම් 29 ම ඉදිරිපත් කර ඇති බවයි.

‘‘රත්නසිරි වික‍්‍රමනායක වි ජ මු ලොකු බංඩාර මාලනී ෆොන්සේකා මහාදාර්ය රාජීව විජේසූරිය ජී ආර් පී සූරියප්පෙරුම ඩලස් අලහප්පෙරුම යන අයත් විවිධ ජන කොටස් නියෝජනය වන ආකරයටත් මෙවර ජාතික ලැයිස්තුවට නම් ඇතුළත් කළා.’’ මහලේකම් පේ‍්‍රමජයන්ත් සඳහන් කළේය.

ප‍්‍රජාතන්ත‍්‍රවාදී ජාතික සන්ධානය වෙනුවෙන් ජාතික ලැයිස්තු නාමයෝජනා භාර දීම සඳහා පැමිණි විජිත හේරත් පවසන පරිදි නිදහස් ප‍්‍රජාතාන්ත‍්‍රික සමාජයක් සඳහා අවශ්‍යකරන සියලූම කටයුතු යෝජනා සියල්ල මේ වන විටත් සූදානම් කර අවසන් බවය.

‘‘කිංස්ලි ලෝස් සුවිනීතා වීරසිංහ චන්ද්‍රසෝම බිංදුහේවා යන අය කලාකරුවන් විදියට ඉදිරිපත්වෙනවා. විසිපස්දෙනෙක් විතරයි මෙවර ජාතික ලැයිස්තුවෙන් ඉදිරිපත්වෙන්නේ. මාර්තු පළවෙනිදා සිට ප‍්‍රචාරක කටයුතු ආරම්භ කරන්න සූදානම්. කොළඹින් පටන් අරන් දිවයිනේ සෑම පැත්තකටම විහිදී යන විදියට මේ
ප‍්‍රචාරක කටයුතු සිදු කිරීමට සූදානම්.’’ විජිත හේරත් මන්ත‍්‍රීවරයා ප‍්‍රකාශ කළේය.

එක්සත් ජාතික පක්ෂය වෙනුවෙන් නාම යොජනා බාරදීමට පැමිණි එම පක්ෂයේ මහලේකම් තිස්ස අත්තනායක පවසා සිටියේ මෙවර වෙනම ප‍්‍රතිපත්ති ප‍්‍රකාශනයක් ඉදිරිපත් කිරීමට නියමිත බවය.

‘‘උපේක්ෂා ස්වර්නමාලි සිරිල් ධර්මවර්ධන යන අය මෙවර අපේක්ෂකයන් විදියට තරඟ කරනවා. මෙවර ජාත්ක ලැයිතුවේ විසිනවදෙනාම ඉන්නවා. විවිධ ක්ෂේත‍්‍ර නියෝජනය කරන අය මෙවර නාම යෝජනා සඳහා ජාතික ලැයිතුවෙන් ඉදිරිපත් වෙනවා.’’ මහලේකම්වරයා පැවසුවේය.

විවිධ දේශපාලන පක්ෂ නියෝජනය කරන පුද්ගලයන් මෙන්ම විවිධ වෘත්තීයවේදීන්ද මෙවර ජාතික ලැයිස්තුවට ඇතුළත් වී ඇති බවයි අත්තනායක මහලේකම්වරයා පවසා සිටියේ.

‘‘එක්සත් ජාතික පක්ෂය හා එක්සත් ජාතික පෙරමුණ ලබන මස 14 වන දින දක්වා දැනුවත් කිරීම් කරනවා. හෙට සිටම අපේ ප‍්‍රදාරක කටයුතු ආරම්භ කරනවා දකුණූ පළාතෙන්. නායක තුමාගේ ප‍්‍රධානත්වයෙන්.
14 වනදායින් පස්සේ මහා ප‍්‍රචාරක කටයුතු ආරම්භ කිරීමට සූදානම්. රුක්මන් සේනානායක තිලක් මාරපන චොක්සි යන අයගේ නමි ජාතික ලැයිස්තුවේ සඳහන් වෙනවා.’’ මහලේකම් වරයා සඳහන් කළේය.

එමෙන්ම අද දින පක්ෂ නායක වරුන්ගේ සහභාගීත්වයෙන් පවත්වන් ලද සාකච්ඡුාවේදී ප‍්‍රතිපත්ති ප‍්‍රකාශනය පිළිබඳව සාකච්ඡා කිරීමට නියමිතය.

  • Share/Bookmark

දණ්ඩ නීති සංග‍්‍රහය යටතේ ජෙනරාල්වරයාට චෝදනා ගොනු කෙරේ

February 25, 2010 by Editor  
Filed under Featured, Stories


සරත් ෆොන්සේකා අත් අඩංගුවට ගැනීම සම්බන්ධයෙන් දේශපාලන වශයේන් කිසිදු මැදිහත් වීමක් නොමැති බව ශ්‍රේෂ්ඨාධිකරණ වාර්ථාවෙන් ඔප්පුවූ බව මහාචාර්ය ජී එල් පීරිස් තහවුරු කළේය.

‘‘මේ ලබා දුන්න අධිකරණ තීන්දුව පිටු හතරකින් යුත් තීන්දුවක් . එහි තුන්වන පිටුවේ සෘජුවම සඳහන් වෙනවා හමුදා නීතිය පිළිබඳව. හමුදා නීතිය ගත් පියවර නිවැරදි කියලා ශ්‍රේෂ්ඨාධිකරණය පිළිගන්නවා.’’ මහාචාර්‍ය පීරීස් පැවසුවේය.

සරත් ෆොන්සේකා නිදහස් කිරීම සම්බන්ධයෙන් ඉල්ලා සිටි අතුරු සහන නියොගයද ප‍්‍රතික්ෂේප කිරීම තුළින්ද ශේෂ්ඨාධිකරණය මේ සඳහා මැදිහත් නොවන බව පෙන්වා දුන් බව හෙතෙම සඳහන් කළේය.

‘‘ ඕන තරම් නඩු තියෙනවා අතුරු නියෝග ඉල්ලූවම බැලූ බැල්මට අසාධාරණයි වගේ පේනවා නම් නිදහස් කරනවා. මේ අවසුථාවේ එය ප‍්‍රතික්ෂේප කළා. ශේ‍්‍රෂ්ඨාධිකරණය මෙහිදී මැදිහත් වෙන්නේ නැහැ.’’ හෙතෙම පැවසුවේය.

ඉදිරි සති දෙක ඇතුළත ශ‍්‍රී ලංකා දණ්ඩ නීති සංග‍්‍රහය යටතේ සරත් ෆොන්සේකාට විරුද්ධව චෝදනා ගොනු කිරීම සිදු කිරීමට නියමිත බවයි මහාචාර්ය පීරීස් පවසන්නේ. එ් චෝදනා වර්ග තුනක් යටතේය.

‘‘වංචා කිරීම වංචා කිරීමට අනුබල දීම හා කුමන්ත‍්‍රණ කිරීම හයිකොප් ගණුදෙණුව යටතේත් යුධ හමුදාව තුළ අසහනයක් ඇතිකිරීමට උත්සහ දැරීම හා හමුදාවෙන් පලා ගිය අය තමන් ළඟ තබාගෙන ප‍්‍රයෝජන ගැනීම යන කරුණ තුන මීට ඇතුළත් වෙනවා. ඊට අමතරව විදේශවිනිමය පාලන පනත යටතේ ද සාමාන්‍ය නීතිය යටතේ අධිචෝදනා ගොනුකිරීමට නියමිතයි. ’’ හෙතෙම පැවසුෙවිය.

රොබට් බ්ලේක් ප‍්‍රකාශ කරන ආකාරයට සමාන්‍ය නීතිය ක‍්‍රියාත්මක කිරීමේ අවශ්‍යතාවයත් ලියම් ෆොක්ස් පවසන ආකාරයට නීතියේ විනිවිදභාවත් පිළිබඳව කතා කළ සිය`ථ දෙනා හට අධිකරණ නියෝගය මඟින් පිළිතුරු ලැබුණ බවත් ඇමරිකානු තානාපතිනියක වශයෙන් සේවය කළ ටෙරසිටා ෂේපර් පවසන පරිදි බටහිර රටවල් සම්පූර්ණයෙන් පිළිගත යුතුයි ශ‍්‍රී ලංකාෙවි දේශපාලනය සම්පූර්ණයෙන් වෙනස් වී ඇති බව. මහාචාර්ය පීරිස් පැවසුවේය.

හෙට දහවල් 12ට නාම යෝජනා පත් භාරදීම අවසන් වන අතර මෙවර මැතිවරණ ක‍්‍රමයේ වෙනස්ක් සිදු කිරීමට ජනාධීපත්වරයා තීරණය කර ඇති බව හෙතෙම පැවසුවේය.

‘‘අපේ රජය පාර්ලිමේන්තුව තුළ ඉක්මනින් කරන්න හදන්නේ මැතිවරණ ක‍්‍රමයේ වෙනස්ක් ඇති කීරීමටයි. නවුරුත් දන්නවා අපේ රටට ගැලපෙන ක‍්‍රමයක් නෙවෙයි මේ තියෙන්නේ කියලා. විශේෂයෙන් මනාප ක‍්‍රමය. එ් ක‍්‍රමයේ කාලෝචිත වෙනසක් ඇත් කිිරීම සඳහා ජනාධිපතිවරයා පියවර ගත්තා. මෙවර ආසන සංවිධායකවරු නැහැ. සියලූ අපේක්ෂකයන් දිස්ත‍්‍රික් සංවිධායකවරු.’’

මැතිවරණ සමයේ ඉදිරිපත් වන නොයෙක් ගැටුම් ප‍්‍රශ්ණ නිරාකරණය කර ගන්න මේ මඟින් හැකියාව ලැබෙනු ඇති බවයි මහාචාර්ය පීරීස් පවසන්නේ.

  • Share/Bookmark

විදේශිකයන්ට මේ ගැන කතා කරන්න අයිතියක් නැහැ.

February 24, 2010 by Editor  
Filed under Featured, Stories


විපක්ෂ නායක වරයා මහනායක හිම් වරුන් වෙත කළ ප‍්‍රකාශන ඉල්ලා අස්කර ගන්නා ලෙස අමාත්‍ය ලක්ෂ්මන් යාපා අද පැවති ප‍්‍රවෘත්ති සාකච්ඡාවකදී ප‍්‍රකාශ කළේය.

”විපක්ෂ නායක වරයා වෛතුල්‍යවාදින් ලෙස හඳුන්වන භක්ෂූන් පිරිස රජයෙන් ඉල්ලා සිටියේ ජෙනරාල්වරයාව නිදහස් කරන ලෙස. වැලමිටියාවේ කුසලදම්ම හිමි වගේ නායක හිමි වරුන්ට මෙහෙම කතා කරන එක වැරදියි.” අමාත්‍යවරයා සඳහහන් කළේය.

රොබටි  ඕ බ්ලේක් සරත්ෆොන්සේකා අත් අඩංගුවට ගැනීම සම්බන්ධයෙන් කළ ප‍්‍රකාශය සම්බන්ධයෙන් අමාත්‍යවරයා ප‍්‍රකාශ කළේ විදේශිකයන් හට මේ පිළිබඳව අදහස් ප‍්‍රකාශ කිරීමේ හැකියාවක් නොමැති බවයි.

“ලංකාවේ නීතිය ක‍්‍රියාත්මක වෙන්නේ රටට  ඕන විදියට.  රටේ පවතින නීතිය අනුව ක‍්‍රියා නොකළ බවට ඔහුට කියන්න බැහැ. එ් ප‍්‍රකාශය ඊයේ ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුව අනුව පුස්සක් බවට පත් වුණා.” අමාත්‍යවරයා සඳහන් කළේය.

සරත් ෆොන්සේකා කිසිදු දිනක දේශපාලන සිරකරුවකු නොකළ බවත් අපේ‍්‍රල් 26 වන දින දක්වා හමුදා පරීක්ෂන සිදු කර සාක්ෂි ඉදිරිපත් කරන ලෙස දන්වා සිටියේ රටේ පවතින නීතිය අනුව මිස වෙනත් කිසිවක් නිසා නොවන බවි අමාත්‍යවරයා සඳහන් කළේය.

“අද සන්ධාන කෝ පොදු විපක්ෂ කෝ මෙහෙම මේ විසිරිලා යන අයටද රට බාර දෙන්න කියන්නේ. දැන් කුසලානේ අය කියනවා අලියගෙ ඵැත්තට එකතු වෙන්නලූ.අලියගෙ උය කුසලානෙට කියනවා අලියට එකතු වෙන්න කියලා. මොහු වැරදිලාවත් ජනාධිපති වුණානම් කොච්චර නීති දමාවිද.”

“විධායක ජනාධිපතිකම් අහොස් කරන්න දිගිනි දිගටම අරගල කරනවා කියපු අය කෝ දැන්. ජනතා විමක්ති පෙරමුණට තමන්ගේ ලකුණින් ඉදිරිපත් වෙන්න බැරිවෙලා තියෙනවා.මනෝගනේෂන්ට හකීම්ට තවම අද වෙනකල් ැකඟ තාවයකට එන්න බැරිවෙලා තියෙනවා.” අමාත්‍යවරයා සඳහන් කළේය.

මහ මැතිවරණයේදී අලූතෙන් ආසන 19ක් අවශ්‍ය බවත් එසේ තුනෙන් දෙකේ බලයක් ආණ්ඩුව ඉල්ලා සිටින්නේ සැබෑ වෙනසක් ඇති කිරීමට බවයි අමාත්‍යවරයා සඳහන් කරන්නේ.

“කරුණාකරලා මේ පක්ෂ වලට ගහගන්න ඉඩ දෙන්න. ජනතාවට ගැලපෙන පාලනයක් ඇති කරන්න.ව්‍යවස්තාවේ වෙනසක් ඇති කරන්න මැතිවරණ ක‍්‍රමයේ වෙනසක් ඇති කරන්න අපි මේ බලය ඉල්ලන්නේ.”

විපක්ෂ නායක වරයා සඳහන් කරන පරිදි මහනාහිමිවරුන් හට තවත් භික්ෂූන් පිරිසක් විසින් තර්ජනය කර ඇත්නම් එ් පිළිබඳව ප‍්‍රකාශයක් නිකුත් කරන්නට හෝ එසේ දෙයක් සිදු වූයේ නැතිබව හෝ ප‍්‍රකාශ කිරීමට ඉඩ තිබුණිත නමුදු එසේ දේයක් මේ වන තුරු හෝ සිදු වූයේ නොමැත.

“හැම එකම මාධ්‍ය වලට කියන්න වුවමනාවක් නැහැනේ .” අමාත්‍යවරයා සඳහන් කළේය.

  • Share/Bookmark

Next Page »