නූතන මහසෙන් භූමිකාව රනිල් වික‍්‍රමසිංහගෙන්

පසුගිය දිනක විපක්ෂ නායක රනිල් වික‍්‍රමසිංහ පැවැත් වූ මාධ්‍ය සාකච්ඡුාවකදී භික්ෂූන් වහන්සේ ලා ආමන්ත‍්‍රනය කළ ආකාරය සම්බන්ධයේන් අද පැවති මාධ්‍ය සාකච්ඡුාවකදී සමස්ථ ලංකා පැවිදි සංවිධානයේ ලේකම් වටිනාපහ සෝමානන්ද හිමි පවසා සිටියේ රටේ නායකයන් මේ අයුරින් වචන භාවිත කිරීම සම්බන්ධයෙන් කණගායුවට ප‍්‍රකාශ කරන බවයි.
‘‘පැවිද්දන් පිරිසක් මහා නියක වෛතුල්‍යවාදීන් මේ විදියට වචන ප‍්‍රකාශ කරන රනිල් වික‍්‍රම සිංහ මේ වචනයේ තේරුමවත් හරියට දන්නේ නැහැ.එරියට සංඝ නායක කෙනෙක් කති කරනවා වාගේ. මේ විදියට අපහාසයට අවමානයට ලක් වුණේ විවිධ පීඩාවන්ට ලක් වුණෙ එක්සත් ජාතික පක්ෂ නායකයන්.’’ සෝමා නන්ද හිම් පැවසූහ.
එමෙන්ම ජේ ආර් ජයවර්ධන හාමුදුරුවරුන් පඩික්කම් පුරවන අය විදියට හැදින් වූ බවත් හාමුදුරුවරුන්ගේ හිස් වල තාර ගල්වන බව පැවසූ බවත් 88-89 භිෂණ කාලයේ තරුණ භික්ෂූන් හයසිය හැටනමක් ඝාතනය කළේ එක්සත් ජාතික පක්ෂ ආණ්ඩුව කාල සීමාව තුළ බවයි උන්වහන්සේ ප‍්‍රකාශ කර සිටින්නේ.
‘‘පසුගිය දිනයේ ජනතා විමුක්ති පෙරමුණු නායක සෝමවංශ අමරසිංහලිපිටන් වට රවුමේ කියූ වචන සදාචාර සම්පන්න මිනිස්සු භාවිත නොකරන බව කියන්න ඕන. ජනාධිපතිවරණයේදීත් විවිධාකාර වචන භාවිතා කළා. කලවැද්දා පාහරයා කීවා. මේවා දැකපු පුංචි ළමයි එ් පුද්ගලයාව නැවත දකිද්දි කලවැද්දා කීවා.ජනාධිපතිතුමාව දකිද්දී කීවා අන්න ජය වේවා කියලා.’’ උන්වහස්සේ වැඩිදුරටත් ප‍්‍රකාශ කර සිටියේය.
මෙම සාකච්ඡාවට සම්බන්ධ වූ සබරගමුව විශ්ව විද්‍යාලයේ කුලපතිකඹුරුගමුවේ වජිර හිමි පවසා සිටින්නේ රනිල් වික‍්‍රමසිංහ විටින් විට මේ ප‍්‍රකාශ කරන ශාසන විරොදී වචන ඔහුට ජන්මයෙව් උරුම වූ බවයි.
‘‘සම්බුද්ධ ශාසනය ගැන කතා කරන්න පුලුවන් වෙන්නේ ආගම ධර්මය ඉගෙන ගත්ත අයට. රනිල් බෞද්ධ ශික්ෂනයක් තුළ හැදුන කෙනෙක් විදයෙ අපි දැක්කේ නැහැ. කතා කරද්දි පරිස්සම් වෙනවා නම් හොඳයි. නොදන්න දේවල් කතා කරලා තමන්ට විතරක් නොවයි තමන්ගේ දේශපාලන පක්ෂයටත් කැළලක් ඇති කරනවා.’’ උන්වහන්සේ පැවසූහ.
මන්ත‍්‍රීවරයෙක් විදියට ඇමති වරයෙක් විදියට අගමැතිවරයෙක් විදියට වික‍්‍රමසිංහයන් කටයුතු කළද එ කිසිදු අවස්ථාවක චිරාගත සම්ප‍්‍රධායට අනුව කිසදු දිනක කටයුතු නොකළ බව උන්වහන්සේ පැවසූහ.
‘‘රනිල් කවදාවත් රටට ආදර්ශයක් දුන්නේ නැහැ. මේ රටේ මහනායක හාමුදුරුවන්ට එහෙම කතා කරන්න තියෙන අයිතිය මොකක්ද. ඔහු කවුද. රනිල් වික‍්‍රමසිංහ තමයි නූතන මහසෙන්. වෛතුල්‍යවාදී රනිල් වික‍්‍රම සිංහ කියන නම අපි ඔහුට පටබදිනවා. තේරවාදය නැති කරන්න උත්සහ කරන්නේ රනිල් වික‍්‍රම සිංහ. භික්ෂූන් වහන්සෙලා ළඟ දන ගහලා සමාව ගන්න කියලා අපි කියනවා.’’
එසේ නොකළහොත් රනිල් වික‍්‍රමසිංහ මහතා හට වෛතුල්‍යවාදී යන නම පට බදින බව උන්වහන්සේ ප‍්‍රකාශ කළහ.
මහ මැතිවරණය විනිවිද භාවයකින් යුතුව සිදු කළ යුතුයි- නිරීක්ෂකයෝ
ජනාධිපතිවරණයේදී සිදු වූ අක‍්‍රමිකතා සැලකිල්ලට ගනිමින් ඉදිරි මහ මැතිවරණ නිරීක්ෂණ කටයුතු සිදු කරන බව මැතිවරණ නිරීක්ෂකයෝ සඳහන් කරති.
‘‘ ජනාධිපතිවරණයයේදී මැතිවරණ නීති උල්ලංඝණය කිරීම් රාශියක් සිද්ධ වුණා. මේ සඳහා බල පෑ හේතු මොනවද කියලා මැතිවරණ නිරීක්ෂකයෝ විදිහට අපේ නිරීක්ෂණයට හසු වූ කාරණා කිහිපයක් තියෙනවා. අපට මේ දෙවල් වලක්වන්න සෘජුව මැදිහත් වෙන්න බැහැ. එහෙත් මේ දේවල් වගකිව යුතු අංශ වෙත යොමු කරමින් පසුගිය වතාවේ සිදු වූ වැරදි මේ වතාවේ සිදු නොවීමට අවධානය යොමු කරනවා.’’ මැතිවරණ ප‍්‍රචණ්ඩ ක‍්‍රියා නිරීක්ෂණ මධ්‍යස්ථානයේ ජාතික සංවිධායක ඞී.එම් දිසානායක පැවසුවේය.
දිසානායක පෙන්වා දෙන පරිදි පසුගිය ජනාධිපතිවරණයේදී උතුරු නැගෙනහිර ජනතාවට සාධාරණ ලෙස ඡුන්දය භාවිතය කිරීමට අවස්ථාව නොලැබුණි. ඔවුන්ට අවශ්‍ය පහසුකම් සළසන බවට මැතිවරණ කොමසාරිස්වරයා පොරොන්දු වුවද එපරිද්දෙන් එය ක‍්‍රියාත්මක නොවූ බව දිසානායක පෙන්වා දුන්නේය.
‘‘ අවතැන් ජනයාට ඡුන්දය ප‍්‍රකාශ කරන්න දැඩි උවමනාවක් පැවතියද ඔවුන්ට එ් සඳහා අවශ්‍ය කරන පහසුකම් නිසි පරිදි ලැබුණේ නැහැ. ඡන්ද මධ්‍යස්ථානයට යාමට බස් රථ ඔවුන්ට ලැබුණේ ඡුන්ද දිනයේ දහවල් ෙදාළහට පමණ. මේ නිසා බොහෝ පිරිසකට ඡුන්දය ප‍්‍රකාශ කිරීමේ අවස්ථාව අහිමි වුණා.’’ දිසානායක පැවසුවේය.
අනිත් අතට අවතැන්වූවන්ට ඡුන්ද මධ්‍යස්ථාන පිළිබඳ නිවැරදි වැටහීමක් නොතිබූ බවද හෙතෙම පෙන්වා දුන්නේය. එමෙන්ම මාධ්‍ය භාවිතය රජයේ දේපළ භාවිතය වැනි කාරණා කෙරෙහි මැතිවරණ කොමසාරිස්වරයා මෙවර මැතිවරණයේදී අවධානය යොමු කළ යුතු බවද දිසානායක අවධාරණය කළේය.
‘‘ අපි ඊයේ මැතිවරණ කොමසාරිස්වරයා මුණ ගැසුණා. පසුගිය ජනාධිපතිවරණ සමයේ සිදු වූ මැතිවරණ නීති උල්ලංඝණය කිරීම් නැවත සිදු නොවෙන තැනට වැඩ කටයුතු කළ හැක්කේ කෙසේ දැයි සාකඡුචා කළා.’’ පැෆ්රල් සංවිධානයේ විධායක අධ්‍යක්ෂ රෝහණ හෙට්ටිආරච්චි පැවසුවේය. මෙහිදී මැතිවරණ මැතිවරණ කටයුතු සඳහා විශේෂ මැතිවරණ එ්කකයක් ආරම්භ කිරීමටද කොමසාරිස්වරයා සමඟ සාකච්ඡා කළ බවද හෙට්ටිආරච්චි වැඩි දුරටත් ප‍්‍රකාශ කළේය.
ජනාධිපතිවරණයේ සිදු වූ මැතිවරණ තීති උල්ලංඝණය කිරීම් හා සසදා බලන විට මෙවර මහ මැතිවරණ වඩාත් විනිවිද භාවයකින් යුතුව සිදු කළ යුතුව ඇතැයි කැෆේ මැතිවරණ නිරීක්ෂණ සංවිධානයේ කැඳවුම්කරු රජිත් කීර්ති තෙන්නකෝන් පැවසුවේය.
‘‘ ජනතාව තුළ මැතිවරණ ක‍්‍රමය ගැන පවතින්නේ ලොකු අවිශ්වාසයක්. ජනාධිපතිවරණයේ සිදු වූ සිද්ධීන් සමඟයි මේ තත්ත්වය ඇති වෙලා තියෙන්නෙ. එ නිසා නිදහස් හා සාධාරණ මහ මැතිවරණයක් සඳහා විනිවිදභාවය අත්‍යවශයයි. කැෆේ සංවිධානය මේ තත්ත්වය ඇති කරන්න කටයුතු කරනවා.’’ තෙන්නකෝන් පැවසුවේය.
අපේක්ෂකයින් මහ මැතිවරණය සඳහා නාම යෝජනා බාර දීමත් සමඟම සිය නිරීක්ෂණ කටයුතු අරඹන බව මැතිවරණ නිරීක්ෂකයෝ පැවසූහ.
Monitors looking reducing election law violations at general election
The irregularities that took place during the Presidential election
would be paid special attention at the general election, election
monitors said. CMEV National Organizer D.M. Dissanayake said there
were many election law violations during the Presidential election. He
observed that although election monitors could not directly intervene
in some instances, they could direct the issue to the relevant
authorities. PAFFREL Executive Director Rohana Hettiarachchi said the
election monitors had discussed with the Elections Commissioner the
measures to be taken to prevent election violations from taking place.
According to CAFFE Spokesperson Keerthi Tennekoon the general election
should be conducted in a transparent manner.
ආණ්ඩුව ශාසනය නැති කරන්න උත්සහ කරනවා.
එක්සත් ජාතික පක්ෂය අලියා ලකුණින් මහ මැතිවරනය සදහා ඉදිරිපත් වීමට තීරණය කළ බවත් නාම යොජනා ලබන ෂතියේ බාරදීමට නියමිත බවත් අද පැවති මාධ්‍ය සාකච්ඡාවේ දී විපක්ෂ නායක රනිල් වික‍්‍රමසිංහ මහතා ප‍්‍රකාශ කළේය. මේ පිළිබද තවම සාකච්ඡා කරමින් සිටින බවද නායකවරයා ප‍්‍රකාශ කළේය.
මෙම සාකච්ඡාවේ ප‍්‍රධාන අරමුණ වූයේ මල්වතු නාහිමියන් වෙත මෙන්ම මල්වතු අස්ගිරි පාර්ෂවයට මේ වන විට ඇතිවී තිබෙන තර්ජන පිළිබදව සාකච්ඡා කිරිමය.
“ගිය සදුදා අගහරුවාදා මල්වතු නාහිමි හමුවුණ පැවිද්දන් මල්වතු විහාරයට අයත් දකුනේ පන්සල් 500 පමණ රෝහණ පාර්ශවයට එකතු කරන බවට තර්ජනය කරලා තියෙනවා. ඒක ව්‍යවස්තාව උල්ලංඝන කිරීමක්. මල්වතු නාහිමියන්ට ශාසනය කඩනවා කියලා තර්ජනය කරන එක විශේෂයෙන් රාජ්‍ය අනුග‍්‍රහය ඇතිව මල්වතු පාර්ශවය ඉවත් කරනවා කියන්නේ බෞද්ධ සිරිත් කඩන එක.” විපක්ෂ නායකවරයා පැවසුවේය.
ආණ්ඩුක‍්‍රම ව්‍යවස්තාවේ නව වන වගන්තිය යටතේ බෞද්ධාගම ආරක්ෂා කිරීමටක් පෝෂණය කිරීමටත් ආණ්ඩුවට පැවරි ඇති බවත් එසේ නොකර ආණ්ඩුව බෞද්ධාගම විනාශ කිරීමට උත්සහ දරන බව විපක්ෂ නායක වරයා පැවසීය.
“මහා විහාරයට හිමිකම් කියන්නේ මලවතු අස්ගිරි පාර්ශවය. ථේරවාදී බුදුදහම ත‍්‍රිපිටකය ආරක්ෂා කරන්නේ මහා විහාරයෙන්. මෙතනදී පැවිද්දන් ප‍්‍රකාශ කරලා තියෙනවා මල්වතු පාර්ශවයට අයිති ඒවා වෙනතැනකට බාරදෙනවා කියලා. ”
“ඒ කියන්නේ මහා විහාරය කඩන එක . කඩලා වෙනම නිකායක් හදන එක. ධන්ත ධාතුව ආරක්ෂා කරන්නේ මල්වතු පාර්ෂවය. ධන්තධාතුවට බෝම්බ ගහනවා කියලා කියලා තියෙනවා. අපි දන්නවා එල් ටී ටී ඊ ය බෝම්බ ගැහැව්වා ඒ පළපුරුද්ද තියෙන අය ආන්ඩුවේ ඉන්නවා කියලා.” නායකවරයා ප‍්‍රකාශ කලේය.
මහින්ද රාජපක්ෂ රාජ්‍යට හෝමහනාහිමියන් මුණ ගැසීමට ගිය කිසිදු පැවිද්දකුට බෞද්දාගම ආරක්ෂා කරනවා යැයි පැවසීමට නොහැක් බව නායක වරයා ප‍්‍රකාශ කළේය.
“මේ අයට වෛතුල්‍යවාදින් කියන්නේ මේ නිසා.මේ අය කවුද කියලා අපි දාන ගන්න කැමතියි. ඒ අය කවුද කියලා ළගදිම එළි කරන්න බලාපොරෝත්තු වෙනවා. මේ අය 9 වන වගන්තිය උල්ලංඝනය කරපු නිසා මේ අයට රජයේ නිළතල දරන්න නිලතල නල රැදී සිටින්න බැහැ. කුලපතිවරැන් පිරිවෙනාධිපතිවරුන් ආචාර්යවරු වෙන්න බැහැ.” නායකවරයා ප‍්‍රකාශ කළේය.
“කහසිවුරු ඇදගෙන චන්ඩියන් මෙන් හැසිරෙන්නේ කවුරුන්දැයි මේ වගේ පහත් වැඩ කළේ කවුරුන්දැයි කියලා දැන ගන්න බෞද්ධයන් විදියට අපිට අයිතියක් තියෙනවා.විශේෂයෙන් ආණ්ඩුව අද ශාසනය නැතිකරන්න උත්සහ කරනවා.” නායකවරයා ප‍්‍රකාශ කර සිටියේය.
මල්වතු පාර්ශවය දකුණේ පාර්ශවයට ඇතුළත් කරන්න ගන්න මේ උත්සාහය දැඩි ලෙස හෙළා දකින බවත් මල්වතු පාර්ශවය ආරක්ෂා කිරීම සදහා ගත යුතු ක‍්‍රීයා මාර්ල මොනවාදැයි මේ වන විට සාකච්ඡා කරගෙන යන බයි විපක්ෂ නායකවරයා ප‍්‍රකාශ කර සිටියේ.
Opposition Leader Ranil Wickremesinghe accused the government of
trying to destroy the Buddha Sasana. He told the media that several
monks who had met with the Malwattte chief prelate had threatened to
take away 500 temples that were under the sect and hand it over to the
Ruhunu sect. The threat to break away the Malwatte Chapter with state
patronage is in violation of the Constitution and is a division of the
Buddha Sasana, he said. Wickremesinghe observed that Article 9 of the
Constitution gave foremost position to Buddhism and the state was
bound to protect it. While condemning the threat on the Malwatte
Chapter, he said the opposition was looking at the measures to be
adopted to protect the Buddha Sasana. Meanwhile, Wickremesinghe also
said the UNP would contest under the elephant symbol and that
nomination papers would be handed next week
මහානාහිම් වරුන්ගේ සමුලුවට ආණ්ඩුවෙන් බලපෑමක් වුණේ නැහැ

මහානාහිමිවරුන් විසින් පැවැත්වීමට නියමිතව තිබූ මහා සඟ සමුලුව දින නියමයක් නොමැතිව කල්දැමීමට හේතුව ආණ්ඩුවේ බලකිරීමක් නොවන බව නව කැබිනට් මාධ්‍ය ප‍්‍රකාශක ප‍්‍රවාහන අමාත්‍ය ඩලස් අලහපෙරුම අද කැබිනටි තීරණ දැනුම්දීමේ සාකච්ඡාවේදී පවසා සිටියේය.
“මේ ගැන විවිධ අයට විවිධ අර්ථ කථන දෙන්න පුලුවන්. මහනාහිමියන්ගේ පැත්තෙන් ඉදිරිපත් වන තෝල්ක වලට අපි පිළිතුරු දෙන්නේ නැහැ. එ්ක බෞද්ධකමට නිගාවක්. හමුදාව බේද කරන එක වගේ නෙවෙයි මහා සංඝයා වහන්සේලා භේද කිරීම.” අලහප්පෙරුම සඳහන් කළේය.
විපක්ෂනායකවරයා මැතිවරණයෙන් පසු සිදු කළ ප‍්‍රකාශ හේතු කර ගනිමින් විදේශ රටවල සුභ පැතුම් පවා ප‍්‍රමාද වූ බවයි අමාත්‍යවරයා මෙහිදී සඳහන් කර සිටියේ.
“විපක්ෂ නායකතුමා කීවා මේ වතාවේ තැපැල් ඡුනද පවා දූෂිතයි කියලා. නමුත් මේ කිසිම දෙයක් පෙත්සමේ සඳහන් වෙලා නැහැ. කාගේ බුද්ධියටද මේ අය සමච්චල් කරන්න හදන්නේ. මේ හේතු නිසා සමහර රටවල් දවස් දෙක තුනක් සුභ පැතීම් පවා ප‍්‍රමාද කළා. “අමාත්‍යවරයා ප‍්‍රකාශ කළේය.
අලහප්පෙරුම අමාත්‍යවරයා විපක්ෂයෙන් ඉල්ලීම් දෙකක් ඉල්ලා සිටී. එනම්
“දැන්වත් අර්ථශූනය අවලාද මිත්‍යා මත මත පදනම්වන තර්ක රටේ ජාතික තර්ක විදියට ගේන්න එපා. මේ මැතිවරණයවත් ප‍්‍රතිපත්තිගරුකව මැතිවරණ වේදිකාවට එන්න. අමාත්‍යවරයාගේ ඉල්ලීම් දෙකය.”
ජී එස් පී ප්ලස් සහනය නොලැබුණා යැයි කිසිම සේවකයකුට හෝ කිසිම ආයතනයකට ආසාධාරණයක් සිදු නොවීමට කටයුතු කරන බව අමාත්‍යවරයා මෙහිදී සඳහන් කළේය. එමෙන්ම මේ වන විටත් යුරෝපීය කොමිසම සමඟින් සාකච්ඡා පවත්වන බවත් හෙතෙම පවසා සිටියේය.
මෙම සාකච්ඡාවට සහභාගී වෙමින් අමාත්‍ය ජී එල් පීරිස් අමාත්‍යවරයා සඳහන් කර සිටියේ විපක්ෂයේ ප‍්‍රබල චරිත ජාත්‍යන්තරයට ගෙන ගිය ප‍්‍රචාර මෙරට දේශපාලනයට වඩා ආර්ථිකයට කළ තර්ජනයක් බවයි.
එමෙන්ම ජී එල් පීරිස් අමාත්‍යවරයා සඳහන් කරන ආකාරයට ලංකාවේ ඔනෑම පුරවැසියකුට කමන් භාරයේ තබා ගත හැක්කේ ඇමරිකානු ඩොලර් මිලියන් 2000 පමණි. ඊට වඩා මුදල් ප‍්‍රමාණයක් තමා සන්තකයේ වේ නම් මහ බැංකුවේ අනුමැතිය ලබා ගත යුතු බවයි.
“එහෙම මුදල් තියා ගන්නවානම් එක සාපරාධි ක‍්‍රියාවක්. මේ අනුව බලද්දී සරත් ෆොන්සේකා විදේශ විනිමය පනත උල්ලංඝනය කරලා. මේ ඩොලර් නෝට්ටු පාවිච්චිකරලා නැහැ. අංක පිළිවෙලට මේ නෝට්ටු තියෙන්නේ. මහ ඩැංකුවේ විශේෂ අංශයක් මේ සම්බන්ධව තියෙනවා. එ් අංශය දැන් මේ සම්බන්ධව
ක‍්‍රියාත්මක වෙනවා.”
ශ‍්‍රි ලංකාවේ පුද්ගලයකු විදේශ මුදල් තබා ගැනීමේදී අනුගමනය කළ යුතු යම් යම් කි‍්‍රයා පට්පාටි පිළිබඳව අමාත්‍යවරයා මෙහිදී පැහැදිලි කර සිටියේය.
“දින අනූවක් විදේශ විනිමය විදියට විදේශ සල්ලි තමන් ළඟ තියාගන්න පුලුවන් . ඊට පස්සේ එ්වා ශ‍්‍රී ලංකා මුදල් බවට පත්කළ යුතුයි මහ බැංකුවේ අවසරයක් ඇතිව. හොර ජාවාරම් වලින් ලබා ගත් සල්ලි රටේ ආර්ථිකයට එකතු කිරීම සාපරාධී වරදක්. ප‍්‍රකාශ කිරීමෙන් තොරව ඇමරිකානු ඩොලර් 15000 ගේන්න පුලුවන්. ඊට වඩා ගේනවානමි රේගුවට දන්වන්න ඕන.” අමාත්‍යවරයා සඳහන් කළෙය.
පත්තු කරපු හැම උන්ඩයකින්ම මුදලක් හම්බකර තියෙනවා යනු සරත් ෆොන්සේකාට හයිකෝප් ගනුදෙනුවේ තිබෙන චෝදනාව බව අමාත්‍යවරයා මෙහිදී සඳහන් කළේය.
Transport Minister and Cabinet Spokesperson Dullas Alahapperuma told
the Cabinet press briefing today that the government did not pressure
the Mahanayakes to indefinitely postpone the Sangha Convention. He
also made two requests from the opposition – to stop bringing in
baseless arguments as national issues and to engage in politics based
on principles. Minister G.L. Peiris said the campaign carried out by
the opposition members among the international community was more
detrimental to the country’s economy than politics. He also alleged
that General Sarath Fonseka had violated exchange regulations in the
country for keeping over US$ 2,000 without Central Bank approval.
ජනමාධ්‍යවේදීන්ට යම් ගැටලුවක් නම් ජනාධිපති තුමාට දැනුම් දෙන්න

ජනමාධ්‍ය අමාත්‍යාංශය ජනාධිපතිවරයා වෙත පවරා ගැනීමෙන් අනතුරුව පවත්වන ලද පළමු ප‍්‍රවෘත්ති සාකච්ඡාව අද ලක්ෂ්මන් යාපා අබේවර්ධන මහතාගේ ප‍්‍රධානත්වයෙන් ජනමාධ්‍ය හා තොරතුරු අමාත්‍යාංශයේ පැවැත්විණ.
ජනාධිපතිවරයා මධ්‍ය සම්බන්ධයෙන් විශේස වැඩ පිළිවෙළක් අනුගමනය කරන බවයි මෙහිදී ජනමාධ්‍ය අමාත්‍ය අෙබිවර්ධන මහතාපවසා සිටියේ.
”මීට පසු ජනමාධ්‍ය වේදියකුගෙන් ප‍්‍රශ්ණ කිරීමට පොලීසියට ආරක්ෂක අංශ වලට අවශ්‍ය නම් කුමන කරුණක් සම්බන්ධව වුණත් ජනාධිපති තුමාට පූර්ව දැනුම්දීමක් කරන්න ඕන. පහුගිය කාලේ සිද්ධවෙච්ච සිදුවීම් එක්ක විවිධ මති රටේ ඇත් කරන්න දේශපාලන පක්ෂ උත්සහ කළා. දේශිය මෙන්ම විදේශීය වශයෙන් විවිධ මත ඇත් කරන්න වගේම රජයට චෝදනා කරන්න උත්සහ කරනවා නම් මේ මඟින් එ් හැම දෙයක්ම අනාවරණය කර ගැනීමේ හැකියාවක් තියෙනවා.” අමාත්‍ය අෙබිවර්ධන පැවසුවේය.
ලිවීමේ සහ කිවිමේ නිදහස තිබිය යුතු බව ජනාධිපතිවරයා පැවසූ බවයි අමාත්‍යවරයා මෙහිදී ප‍්‍රකාශ කර සිටියේ.
“අනිත් කිසිම කෙනෙකුට නැති නිදහසක් මාධ්‍ය වේදීන්ට දීලා තියෙනවා. මේ නිදහස සදාචාර සම්පන්නව භාවිතා කරන්න. මේ රටේ පවතින නීතිය හැමෝටම එක විදියටයි ක‍්‍රියාත්මක වෙන්නේ. මාධ්‍ය ආයතන වල පෞද්ගලික මත ඉදිරියට ගෙන යන්නවත් ද්වේශසහගත ලෙස මාධ්‍ය ආයතන වල යම් යම් වුවමනා වලට භාවිත කරන්නවත් එපා මේ නිදහස.” හෙතෙම පැවසුවේය.
මැතිවරණ ප‍්‍රථිපල ගැන තවත් කියන කතා
මැතිවරණය අවසන් වූවායින් පසු විපක්ෂනායක වරයා සාධාරණ මැතිවරණයක් සිදුවූ බවට ප‍්‍රකාශ කර සිටියද එය එසේ නොවන බව මැතවරණ ප‍්‍රතිඵල නිකුත් වූවායින පසු ප‍්‍රකාශ කර සිටියේය. මෙම ගැටලුව සම්බන්ධයෙන් ෙමි වන විට අධිකරණයේ නඩුවක් ගොනු වී ඇත. මේ පිළිබද දිගින් දිගට කතා කළද අද වන තුරුත් මෙකී කතාවේ අවසානයක් නොමැත.
“සෝමවංශ අමරසිංහ කීවා මෙක පරිඝනක ජිල්මාර්ට් එකක් කියලා. අධිකරණයේ තියෙන චොදනා වලට මේ කතාව දැන් අයිති නැහැ. පරිගණකයෙන් මැතිවරණ ප‍්‍රකාශය වෙනස් කළ බව ඔහු කීවා.එ්ත් මේ ප‍්‍රකාශ්‍ය දැන් ඉවත් වෙලා රාජ්‍ය දේපළ ගැන මාධ්‍ය භාවිතය ගැන අධිකරණයේ තියෙන්නේ. ” අමාත්‍යවරයා සඳහන් කළේය.
අමාත්‍යවරයා සඳහන් කරන ආකාරයට එක්සත් ජාතික පක්ෂය හා ජනතා විමුක්තා පෙරමුණ ඉදිරි මමහ මැතිවරණය සඳහා මාතෘකාවක් සොයමින් සිටී.
“මේ රටේ මැතිවරණ ඉතිහාසයේ කවදද යුරෝපා කොම්සම සහතිකයක් දුන්නේ. එ් සහතිකය මේ වතාවේ අපට ගැබුණා. මේක පළමු අවස්ථාව මේ වගේ සහතිකයක් ලැබුණෙ. මේ වතාවේ කවුද කීවේ මේ වතාවේ මැතිවරණය දූෂිතයි කියලා. මේ අය ජනතාව අතරට මතයක් අරන් ගියා මැතිවරණය දූෂිතයි කියලා.” නමුත් නඩුවේදී මේ කිසිදු කාරණයක් නැහැ.
“එඅයට මහ මැතිවරණයේදී දරුණු පරාජයක් බලාපොරොත්තු වෙන්න වෙනවා.පක්ෂ විපක්ෂ බේදයකින් තොරව අපට ආසන 150 ලබා ගන්න සහයෝගය දෙන්න කියලා මේ අවස්ථාවේ ඉල්ලා සිටිනවා.” අමාත්‍යවරයා ප‍්‍රකාශ කළේය.
සරත් ෆොන්සේකාගේ කතාව
සංඝයා වහන්සේලා උද්ඝෝෂණ අත් හැර දමා ඇත්තේ සිදු වී ඇති කරුණු සම්බන්ධව මනා අවබෝධයක් ලැබී ඇති නිසා බවයි අමාත්‍යවරයා ප‍්‍රකාශ කර සිටින්නේ. එමෙන්ම හමුදා නිළධාරියකු අත්අඩංගුවට ගත් පසු රඳවා තැබිය යුතු ආකාරයකට ඔහු රඳවා නොමැති බව ද අමාත්‍ය වරයා මෙහිදී සඳහන් කළේය.
“මහනායක හාමුදුරුවන්ගේ අත්සන හොරට ගහලා කැඳවීම් කරන්න උත්සහ කළා. මෙතනදි දේශපාගන වැඩ පිළිවෙළක් තියෙන බව ඔප්පු වුණා. අද ඔහුව රඳවා සිටින්නේ අද නාවික හමුදාපති එදා හිටිය නිළනිවසේ. අඩි දෙකයි දෙකේ කාමරයක නෙවෙයි. ඔහුට හිමි තැන නෙවෙයි ඔහු ඉන්නේ. ඔහුට අවශ්‍ය කරන ගෞරවය දීලා තියෙනවා.” අමාත්‍ය වරයා වැඩිදුරටත් සඳහන් කළේය.
රනිල් වික‍්‍රමසිංහ සහ සෝමවංශ අමරසිංහ අතරද මේ වන විට ගැටුම් ඇති වී ඇතිවී ඇති බවයි අමාත්‍යවරයාගේ ප‍්‍රකාශ වලින් පැහැදිලි වන්නේ.
“රනිල් වික‍්‍රමසිංහ ගිහින් ජනාධිපතිවරයා මුණ ගැහුණ වෙලාවේ සෝමවංශ මහත්තයා කියලා තියෙනවා ඇයි එහෙම ගියේ එතනත් රහසක් තියෙනවා කියලා. ජේ වී පී එකට ඕන වෙලා තියෙන්නේ ෆොන්සේකා ඇතුළෙ ඉන්න තරමට උද්ඝෝෂණ කරන්න. අපට එහෙම කරන්න වුවමනාවක් නැහැ.” අමාත්‍ය වරයා සදහන් කළේය.
අද ලබා දුන් පත‍්‍රිකාව
මෙම මාධ්‍ය සාකච්ඡාවට සහභාගී වූ මාධ්‍ය වේදීන් හට ලබාදුන් පත‍්‍රිකාවේ සඳහන් වන්නේ හමුදාපතිවරයා ඉල්ලා අස්වීම දුන් අවස්ථාවේ එය භාර නොගෙන සිටීමේ හැකියාව තිබුණද එය භාරගෙන සිටියේ ඔහු තම ප‍්‍රතිවාදියා ලෙස ජනාධිපතිවරණයට ඉදිරිපත්වීමට ඉඩ සැලසීමට බවයි.
එ් වන විටද ෆොන්සේකා මහතාට එරෙහිව හමුදා විනය කඩකිරීමේ චෝදනා අනාවරණය වීතිබුණි. එහෙත් ඔහු අත් අඩංගුවට ගත්තේ නැත.එම පත‍්‍රිකාවේ සඳහන්ව ඇත.
රටේ සාමාන්‍ය ජනතාවට ක‍්‍රියාත්මක වන නීතියට ක‍්‍රියාත්මක වන්නේ නම් එකී චෝදනා ලැබුණ අවස්ථාවේ අත් අඩංගුවට නොගත්තේ මන්දැයි ගැටලුවක් පවතී. පසුගිය දිනක මාධ්‍ය සාකච්ඡාවක දී ලක්ෂ්මන් යාපා අමාත්‍යවරයා පවසා සිටියේ හිරේ සිටියත් ඡුන්දය ඉල්ලන්ට හැකියාව පවතින බවය.
මෙම පත‍්‍රීකාවේ සඳහන් වන කරුණු අනුව ඉල්ලා අස්වීම භාර දුන් අවස්ථාවේ ජනාධිපත් වරයා ක‍්‍රියාකළ ආකාරය පිළිබදව සඳහන්ව ඇත. එ් මෙසේය.
ජනාධිපතිවරණ සටනට ඉදිරිපත් වෙද්දී ෆෙෘන්සේකා මහතාට එරෙහිව දේශීය වශයෙන් මෙන්ම විදේශීය වශයෙන්ද චෝදනා රාශියක් හෙළිදරව් විය.ඔහුගේ ගුප්ත චරිතය හෙළිදරව් විය. හමුදාපතිව සිටි කාලයෙදී ඔහු විසින් කරන ලදැයි කියන හමුදා විනය විරෝධීක‍්‍රියා රාශියක් එළිවිය. එසේම තම ප‍්‍රතිවාදියා ලෙස ජනාධිපතිවරණ සටනට එළඹ සිටින පුද්ගලයෙකු බැවින් ඔහුට ජනාධිපති තුමා මෛත‍්‍රී කළේය. ඉල්ලා අස්වීම භාරදීමට ගිය අවස්ථාවේ ජනාධිපති තුමා ඔහුට කීවේ ජනාධීපතිවරණයට තරඟකොට අවසානයේ නැවත තමා වෙත පැමිණෙන ලෙසත් එවිට ඔහුට හොඳ රැකියාවක් ලබා දීමට ඔහු කටයුතු කරන බවත්ය. ජනාධිපතිවරණ කාලය තුළ ෆොන්සේකාට රජයේ නිල නිවාසයේ පදිංචිවෙම්න් රජයේ ආරක්ෂක නිළධාරීන්ගේ සේවය ලබාගනිමින් මැතිවරණ කටයුතුවලට රාජ්‍ය දේපල භාවිතා කිරීමට ආණ්ඩුව ඔහුට ඉඩ දී තිබුණි.
කතාව කෙසේ වුවද සාමාන්‍ය ජනතාව වශයෙන් සිතන්නට යමක් ඉතිරිවී ඇත. විනය කඩකිරීම් පිළිබද මෙන්ම විවිධ චෝදනා තිබූ පුද්ගලයාට හොඳ ගකියාවක් ලබා දීමට ජනාධිපතිවරයා තීරණය කර තිබුණෙය. පැවසූ පරිදි මැතිවරණය අවසානයේ ෆොන්සේකා ජනාධිපත් හමුවට ගියේ නම් අද පවත්න තත්ත්වය උඩු යටිකුරු වී හමාරය.
Special programme by the President for media – Lakshman Yapa Abeywardena
Media Minister Lakshman Yapa Abeywardena addressing the first press
briefing after the President assumed the Media portfolio said the
President planned to adopt a special programme with regard to the
media. He said the President believes the media should have the right
to read and write. He added that the President had instructed the
security chiefs to inform him of any plan to question journalists in
future. The Minister also spoke to the media about the Presidential
election results and General Sarath Fonseka’s arrest
ෆොන්සේකා අත් අඩංගුවට ජාත්‍යන්තර කුමන්ත‍්‍රණ
ජෙනරාල් සරත් ෆොන්සේකා අරඹයා ඇති වී තිබෙන අර්බූදකාරී තත්ත්වය ජාත්‍යන්තර කුමන්ත‍්‍රණයක් බවයි දේශ හිතෛෂී ජාතික ව්‍යාපාරයේ සභාපති ගුණදාස අමරසේකර පවසා සිටිියේය.
අද ජාතික පුස්තකාල හා ප‍්‍රලේඛන සේවා මණ්ඩලයේ පැවති මාධ්‍ය සාකච්ඡාවක දී ඔහු මේ බව පවසා සිටියේය.
‘‘මේ සම්බන්ධයෙන් සාමාන්‍ය ජනතාව දන්නේ නැහැ. මෙහි යථාර්තය ගැන එ අය දන්නේ නැහැ. මේ පිළිබඳව බුද්ධිමතුන් පැහැදිලිව කට ඇරලා කතා කරන්නේ නැහැ. සරත් ෆෙන්සේකා මුල් කරගෙන තියෙන්නේ අන්තර්ජාතික කුමණ්ත‍්‍රනයක්. එ්ක ඉරහඳ වගේ පැහැදිලි වෙලා ඉවරයි දැන්. ඇමරිකාව මුල් කරගෙන ගෙන යන විශාල කුමන්ත‍්‍රණයක් එක් අවස්ථාවක් ලෙස මෙය හඳුන් වන්නන පුලුවන්.’’ අමරසේකර පැවසුවේය.
මේ රට අස්ථාවර කිරීමට ස්වාධිපත්‍ය නැති කිරීමට රට බෙදීමට අවශ්‍ය සියලු දේ ඇමරිකාව විසින් ගනිමින් සිටිනා බවට අමරසේකර මෙහිදී චෝදනා කර සිටියේය. එ් සඳහා ඇමරිකාවේ ගැත්තකු සිටින රනිල් වික‍්‍රම සිංහ බලයට පත් කිරීමට උත්සහ දැරූබවද හෙතෙම පවසා සිටියේය.
‘‘එ් බව මහින්ද ජනාධිපතිබලයට පත්වූණ වෙලාවේ හොඳට පේන්න තිබුණා. රොබට්බ්ලේක් මේකට සහය දුන්නා. විමලූයි ගෝඨාභයයි විතරයි මේ ගැන කටක් ඇරලා තකා කරලා තියෙන්නේ. රොබට් බිලේක්ලා තමන්ගේ කුමන්ත‍්‍රණ කරන්න සරත් ෆොන්සේකාව තෝරාගත්තා.’’
යුද්ධය පවතින කාලසීමාවේදී හවායින් වල මැරායින් හමුදාව ගෙනවිත් ප‍්‍රබාකරන් මුදවා ගැනිමට රොබට් බ්ලේක් උත්සහ ගත් බව අමරසේකර පැවසුවේය.
‘‘දැන් වෙලා තියෙන්නේ මේ කිසි දෙයක් සාමාන්‍ය ජනතාවට හෙළි කරන්නේ නැතිව සිටීමත මේ දේවල් එළි කරන්න රඩයට අයිත්යක් තියෙනවා. මේ අය හදන්නේ රැුවුළයි කැදයි දෙකම බේර ගන්න. ෆොන්සේකා කියන්නේ රූකඩයක්. එයාව ඉස්සරහට දාලා එන් ජී ඕ . අයි එන් ජී ඕ විදේශ බලවේග ගෙන යන කුමන්ත‍්‍රනයක් හැටියටයි අපි මේක දකින්නේ.’’
රට ආරාජික තත්ත්වයට ඇද දැමීම සඳහා අවශය මූලික පියවරයන් ලෙස ස්වාධීන කොමිසන් සභා හා අධිකරණයේ පිළිගැනීමම අවම කිරීම සඳහා මේ සියලු දෙනා පියවර ගෙන ඇති බව අමරසේකරගේ මතය වී තිබේ.
‘‘මේ දේවල් කළාම මිනිස්සු කල කිරෙනවා. දැන් මානව හිමිකම් පිළිබඳව ෆොන්සේකා ගොනු කරලා තියෙන නඩුවේදී අධිකරණය ඔහුට විරුද්ධ වුණොත් කියාවි අග‍්‍රවිනිශ්චයකාරවරයා තුවක්කුව පිටිපස්සේ තියලා දුන්න තීන්දුවක් කියලා.’’
එතුමා ප‍්‍රකාශ කරන ආකාරයට ගවුලයි කරදයි දෙකම බේරා ගැනීමේ හැකියාව නොමැත. රැවුලයි කැදයි දෙකම බේරා ගන්නට ගොස් සමාන්‍ය ජනතාව අතරමං වී ඇති බවයි හෙතෙම පෙන්වා දෙනු ලබන්නේ.
බලයට කෑදර සදාචාරාත්මක පැවැත්මක් නැති ෆොන්සේකා
කෙසේ වුවද රටේ සාමාන්‍ය ජනතාව විදියට තීරණයක් ගැනීමට හැකියාවක් මෙන්ම පැන නැගී ඇති තත්ත්වය පිළිබඳව නිසි අවබෝධයක් නොමැත්තේද මෙම කරුණ තත්ත්වය පිළීබදව වගකිව යුතු කිසිම පුද්ගලයකු මේ පිළිබද පැහැදිළි කිරීමක් නොකිරීමය.
කුමන්ත‍්‍රණ ලෙස මොවුන් පෙන්වා දෙන්නේ මොනවාද එ් දෙවල් කෙසේ උපන්නේද හේතු මොනවාද කුමන්ත‍්‍රන කරුවට අවශ්‍ය වන්නේ කුමක්ද යන්න නිසි ආකාර පැහැදිලි කිරීමේ අවශ්‍යතාවය සාමාන්‍ය ජනතාව හට අවශ්‍ය ඇත. මේ පිළීබදව අදහස් දක්වන්නේ කුමන පදවුනමක සිටද යන්න හෝ සාමාන්‍ය ජනතාව වෙත ලැබෙන්නේ මාධ්‍ය ඔස්සේය. එ් සඳහා අදහස් දැක්වීමේදී ද අවශ්‍ය කරන්නාවූ තොරතුරු සියල්ල ලබා දිය යුතු නොවේද.
බෙන්ගමුවේ නාලක හිමි පවසන් පරිදි සරත් ෆොන්සේකා යනු බලයට කෑදර සදාචාරාත්මක පැවැත්මක් නැති බොහොම හොඳට බොරු කියන්නට හැකි පුද්ගලයෙකි.
උන්වහන්සේ එ් බව දැන සටියා නම් හමුදාපති තනතුර පිරිණැමීමට ප‍්‍රථම මේ සියල්ල එළිකර එම තනතුර පිරිනැමීම වළක්වා ලීමේ හැකියාව නොමැති වූයේ මන්ද මේවා සාමාන්‍ය ජනතාවගේ සිත්තුළ අහම්බෙන් පැන නඟින ප‍්‍රශ්ණ විය හැකිය.
”අපේ රටේ පිහිටීම අනුව විදේශ බලවේග උපි ඉස්සරහට එද්දී බයයි.මේ පිහිටීම නිසා ජාත්‍යන්තර කුමන්ත‍්‍රන කරලා අස්ථාවර කරන්න හදන්නේ. බ්ලේක්ලටකරන්න බැරි දේවල් ෆොන්සේකා යොදාගෙන කරව ගන්න උත්සහ කළා. ජේ වී පී එකයි යූ එන් පී එකයි දැන් බයෙන් ඉන්නවා එ් අයට බලයට එන්න බැරි වෙයි කියලා. මේ නිසා මහා නායක හිමි වරුනිට කීවා. එ් අය මේ වෙද්දී වැටහීමක ඉන්නවා මේ පිළිබඳව.”
මේ වන තුරු හමුදාවේ බෙදීමක් නොතීබූ බවත් එක්සත් ජාතික පක්ෂයේ හා ජනතා විමුක්ති පෙරමුණෙ පැවති දේශපාලන දුරිවල කම නිසාවෙන් අපූරුවට සිටි ෆොන්සේකා මේ තත්ත්වයට ඇඳ දැමූ බවයි රුහුණූ රට භික්ෂුපෙරමුණේ ප‍්‍රධාන ලේකම් ඕමාරේ කස්සපප හිමි පවසන්නේ.
ගැටලුව තියෙන්නේ සරත් ෆොන්සේකා සමඟ නෙවෙයි.
“ඔහු නීත්‍යානුකූල ආරක්ෂකයින් 600ක් ඉල්ලා සිටියා. එ් වෙලාවේ එ් සංඛ්‍යාන ලැබුණේ නැහැ. එ් නිසයි මේ අය පැන ගිය සෙබලුන් අරගෙන සිනමන් ලේක් ගියේ. ජන්දෙන් බැරි වුණ දේ උන්ඩෙන් කරන්නයි මේ අය හැදුවේ. මේ අය මහා සමාජ විලෝපනයකට යන්නන හදනවා. සරත් ෆොන්සේකාට නීත්‍යානුකූලව දඩුවම් කළ යුතුය.” උන්වහස්සේ සඳහන් කළේය.
ලංකා ජාතික සංඝ සභාවේ ලේකකාධිකාරී ආචාර්ය මාදුරුඔයේ ධම්මීස්සර හිමි සඳහන් කරන ආකාරයට සරත් ෆොන්සෙකා පිළීබඳව කිසිදු ගැටලුවක් නොමැත. ගැටලූව ඇත්තේ හමුදාපති වරයා පිළිබදවය.
“යුද්ධය ගැන කතා කරන හමුදාපති වරයා ගැන තීරණ ගන්න වෙන කිසිම කෙනෙකුට අයිතියක් නැහැ. එ සඳහා කවුරුහරි බලපෑමක් කරනවා නම් එ්කෙන් කියැවෙන්නේ මේ රටේ අධිකරණයට අයතා බලපෑම් එල්ල කරනවා කියන එකයි.”
“හමුදාපති හැටියට කියනවා නම් හමුදාවේ විනය කඩ කළා කියලා මේ දේවල් හමුදාව බේද බන්න කරන්න කියන බව පැහැදිලියි. ජනාධිපත් මැතිවරණය කාළෙත් ඊට පෙරත් මේ දෙවල් කීවා. මේක රටේ ස්වාධිපත්‍යට එ්ක බරපතල වැරැද්දක්. උන්වහන්සේ පැවසූහ.”
ඓතිහාසික වැරැද්දක්
ඓතිහාසික වැරැද්දක් සිදුවීමට යන බව උන්වහන්සේ පවසන්නේ මහනාහිමිවරුන්ගේ තීරනය පිළිබඳව පවසමිනි. එමෙන්ම දඹර අමිල හිමියන් මහත් පාපයක් සිදු කරගැනීමට සැරසෙන බවද උන්වහන්සේ පැවසූහ.
“මහනාහිමිවරු දූරදර්ශිව කටයුතු කරාවි කියලා අපි හිතනවා. ෆොන්සේකාට කරන්න බැරි වුණ දෙය කරන්න අමිප හාමුදුරුවන්ව යොදාගෙන තියෙනවා. සංඝයා වහන්සේලා භේදබින්න කරන්න තවත් සංඝයා වහන්සේ කෙනෙක්ව ඕනත එ් නිසා මේ අය අමිල හාමුදුරුවන්ව අරගෙන තියෙනවා. අමිල හාමුදුරුවනේ මේ උත්සාහය අත අරිනවා හොඳයි.” ධම්මීස්ර හිමි සදහන් කළහ.
“මහනාහිමිවරු කියන්නේ මේ රටේ ඉන්න සාම්ප‍්‍රධායික සංඝ පරම්පරාව. මේ අය මේක පිළිනොගත්තොත් මේක ඓතිහාසික වැරැද්දක් බවට පත් වේවි.” උන්වහන්සේ සඳහන් කළහ.
උන්වහන්සේ සඳහන් කරන ආකාරයට මහනාහිමිවරු මෙම ප‍්‍රශ්ණයට සම්බන්ධ වී ඇත්තේ සිංහල බෞද්ධයන් භේදබින්න වීමට යන නිසාය. මහනාහිමි වරු මේ පිළිබඳව නිසි අයුරින් කරුණු දැනසිටින්නේ නම් මේ සඳහා හවුල් නොවන බව උන්වහන්සේ සඳහන් කළහ.
ආණ්ඩුව මහනාහාම්වරුන්ට කරුණු පැහැදිලි කිරීමට සූදානම්
ත්‍රෛයි නිකායින මහා සංඝරත්නය විසින් ජෙනරාල් ෆොන්සේකා අඩංගුවට ගැනීම සම්බන්ධයෙන් ඔහු නිදහස් කරන ලෙස ඉල්ලා ජනාධිපතිතුමා වෙත ඉදිරිපත් කළ ලිපියට පිළිතුරු වශයෙන් මහා සංඝරත්නයට කරුණු පැහැදිලි කර දිමට බලාපොරොත්තු වන බව ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂයේ මහ ලේකම් මෛත‍්‍රිපාල සිරිසේන අද මහවැලි කේන්ද්‍රයේ පැවති ප‍්‍රවෘත්ති සාකච්ඡාවකදී සදහන් කළේය.
‘‘ඒ පිළිබදව රජය විදියට අපි විස්තරාත්මකව කරුණු පැහැදිලි කරන්න බලාපොරොත්තු වෙනවා. පවත්වන පරික්ෂන සම්බන්දයෙන් සහ අත් අඩංගුවට ගැනීමට හේතු වූ කරුණු මොනවාද කියන එක සම්බන්ධයෙන්.’’ මහ ලේඛම් වරයා සදහන් කළේය.
එමෙන්ම පැවැත්වීමට නියමිත පාර්ලි මේන්තු මහ මැත්වරණය සදහා විසිරුවන ලද ආණ්ඩුවේ සිටි මැත් ඇමත්වරුන් සියලු දෙනාම තරග වැදීමට නියමිත බවයි මහ ලේකම් වරයා සදහන් කර සිටින්නේ.
‘‘වසර විසිපහක කාලයකින් පස්සේ නිදහස්ව මහ මැක්වරණයක් පවත්වන්න අවස්ථාව උදාවුණේ. නිදහස්ව සාමකාමීව පවත්වන්න අවස්ථිව ලැබුණෙ මේ වෙලාවේ. මේ මැතිවරනයේදී අලූත් මුහුණු රාශියක් දකින්න තියෙනවා. දැනට සිටින මැත් ඇමති වරුන් හැර 1000ට වැඞ් ප‍්‍රමානයක් අයදුම්කරලා තියෙනවා.ඒ අනුව සම්මුඛ පරීක්ෂණ පැවැත්වුණා. සෑම දිස්ත‍්‍රික්කයකම කලා කරුවන් ක‍්‍රීඩකයින් විශ්ව විද්‍යාල මහාචාර්යවරු නවක අපේක්ෂකයන් වශයෙන් තෝරා ගැනීමට නියමිතයි. ’’ ලේකම් වරයා සදහන් කළේය.
අද සුබ මොහොතින් දිස්ත‍්‍රික් නායකයින් නාම යොජනා අත්සන් කරන ලදී.ලබන 21 වනදා සියලු අපේක්ෂකයන් නාම යෝජනා අත්සන් තැබීම සදහා කොළඹට පැමිණිමට නියමිත බවයි ලේඛම්වරයා සදහන් කර සිටින්නේ.
27 වනදා සියලූ මැතිවරණ අපේක්ෂකයින් ජය ශ‍්‍රි මහ බෝ සම්`දුන් ඉදිරිපිට ආගමික වත්වත් වල නිරත විමෙන් අනතුරුව අචාරශීලී හික්මීමෙන් මහත්මා දේශපාලනයේ යෙදෙන බවට ප‍්‍රතිඥා දීමටද නිමිතය.එමෙන් මහින්ද චින්තන වැඩ පිළිවෙළ ඉදිරියට ගෙන යාමටත් පක්ෂයේ මෙන්ම ජනාධිපතිතුමාගේ ගෞරවය ආරක්ෂා වන ලෙස විනය ගරුකව මැත්වරණ ක‍්‍රියාවලියේ යෙදෙන බවට ප‍්‍රතිඥා දීමටද නියමිතය.
‘‘මධ්‍යම කාරක සභාව මගින් තීරණය කර ඇති මැතිවරණ නීතිරිති මෙන්ම මැතිවරණ කොමසාරිස්ගේ උපදෙස් වලට පටහැනිව ක‍්‍රියාත්මක වුවහොත් ඒඅය සම්බන්දයෙන් දැඩිවිනය ක‍්‍රියා මාර්ග ගැනීමටත් තනතුරු ලබා නොදීමටත් තීරණය කර තිබෙනවා.’’ මහ ලේකම්වරයා සදහන් කළේය.
මෙවර මහ මැතිවරනය සදහා ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂයේ විශේෂ ප‍්‍රතිපත්ති ප‍්‍රකාශණයක් නොමැති බවත් ජනාධිපත්වරනයේදි ඉදිරිපත් කළ මහින්ද චින්තනයට අනුව කටයුතු කරන බවත් ලේකම් වරයා සදහන් කළේය.
‘‘පක්ෂ විපක්ෂ භේදයකින් තොරව මහජනතාව ආණ්ඩුක‍්‍රම ව්‍යවස්තාවේ වෙනසක් ඉල්ලූවා. ඒ ජනතා අපේක්සාව ඉටුකරන්න අපි බලාපොරොත්තු නෙවා. මේ සදහා අපට තුනෙන් දෙකේ බලයක් අවශය වෙලා තියෙනවා. ඒ නිසයි අපි කියන්නේ අපට තුනෙන් දෙකේ බලයක් දෙන්න කාලානුරූපව ගැලපෙන ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවක් ඇති කිරීම සදහා.’’ හෙතෙම සදහන් කළේය.
එකිසත් ජාතික පක්ෂය සහ ජනතා විමුක්ති පෙරමුණ දේශපාලන පඹගාලක් පැටලී ඇති බව ලේකම් වරයා සදහන් කළේය.
‘‘මේ අයට තවමත් තීරණය කරන්න බැරිවෙලා තියෙනවා කුමන ලකුණ යටතේ ද තරග කරන්නේ කියලා. විපක්ෂය දේෂපාලන කුණු ගොඩක් බවට පත්වෙලා. මේ අයට දැන් තරග කිරීමේ හැකියාවක් නැති තැනට පත්වෙලා.’’ හෙතෙම සදහන් කළේය.
හිටපු හමුදාපති අත්අඩංගුවට ගැනීම සම්බන්ධයෙන් අදහස් දැක් වූ ලේකම්වරයා සදහන් කරන්නේ හමුදාපත්ව සිටියදි රාජකාරී කාල සීමාව තුළත් දේශපාලනික වශයෙන් සම්බන්ධකම් පවත්වමින් ආණ්ඩු වෙනසකට සාකච්ඡා කළ බවය කරුණු පවතින බවය.
‘‘දිවුරුම් දිම් ප‍්‍රතිඥා දීම් සියල්ල මොහු කඩ කරලා තියෙනවා.දේශපාලන කුමන්ත‍්‍රන කළ බව පැහැදිලිවම තියෙනවා. මේක දේශපාලන පළි ගැනිමක් නෙවෙයි. ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවට පටහැනිව කටයුතු කිරීම සහ හමුදා පාලනයක් ඇති කිරීමට කටයුතු කිරීම වැනි කරුණු නිසයි ඔහුව අත් අඩංගුවට ගත්තේ. මේ පිළිබද විස්තරාත්මක කරුණු ඉදිරිපත් කිරීමට අපි ඉදිරියේදි බලා පොරොත්තු වෙනවා.’’ ලේකම්වරයා සදහන් කළේය.
‘‘ජනතා විමුක්ති පෙරමුන කියනවා සරත් ෆොන්සේකා නැතිව ඡන්දය ඉල්ලන්නේ නැහැ කියලා. ජනාධිපති වරනයේදී කරපු රැවටීම දැක දැක්ත් මේ අය කරන්නේ එල්ලෙන්න තුත්තිරි ගස් හොයන එක. විපක්ෂය දුෂිත මැතිවරණයක් ගැන කියන්නේ හුදු සටන් පාඨයක් විතරයි.’’ මෙම ප‍්‍රවෘත්ති සාකච්චාවට සහභාගීවෙම්න් අමාත්‍ය සුසිල් පේ‍්‍රමජයන්ත් සදහන් කළේය.
SLFP Secretary Minister Maithripala Sirisena told the media that the government was planning on meeting with the Mahanayakes to respond to the letter sent by them to the President calling for General Sarath Fonseka’s release. He said the government planned on giving a detailed explanation on the investigation and the reasons for the arrest to the Mahanayakes. Sirisena also said that all government ministers and parliamentarians in the last parliament would contest the forthcoming general election. All candidates are to participate in religious observances at the Jayasri Maha Bodhi in Anuradhapura on the 27th and pledge to engage in gentleman politics.
ලසන්ත ඝාතකයා හිර අඩස්සියේ – ජනාධිපති උපදේශක එ එච් එම් අස්වර්
මීට වසරකට අධික කාලයකට ඉහත සන්ඬේ ලීඩර් පුවත් පතෙහි කතෘ ලසන්ත වික‍්‍රමතුංග ඝාතනයට ලක් විය. එදා සිට අද වන තුරුද අතින් අතට මාරුවෙන මෙම වගකීම කිසිවකු ගේ හෝ සැළකිල්ලට බඳුන් නොවින.
අද ව න තුරුද සැක කරුවකු හෝ අල්ලා ගැනීමට නොහැකි වූ මෙම ඝාතනයේ වගකීම දේශපාලනීකරණය වී හමාරය.
පසුගිය දින කිහිපය තුළ පැවති විරෝධතා රැළි සියල්ල පැවත්වූයේ අත්අඩංගුවට ගත් ජෙනරාල් ෆොන්සේකා වෙනුවෙන්ය. මෙම විරෝධතා රැළි අතර විශේෂ යමක් ඇසෙන්නට ලැබෙන්නේ කලාතුරකිනි. අතොරක් නැතිව කියවන මහජනතාව අතර එක් පුද්ගලයකු මෙසේ කියයි.
‘‘මේ රටේ අග‍්‍රගන්‍ය මාධ්‍යවේදියකු වන ලසන්ත වික‍්‍රමතුංග ඝාතනය කළේ කවුද. කීත් නොයාර්ට ගහලා ඇටකටු කැඩුවේ කවුද. එයාව තමයි අද අත් අඩංගුවට පත්වෙලා තියෙන්නේ.’’ ජනාධිපති උපදේශක එ එච් එම් අස්වර් පසුගිය ෙදාළොස්වන දින ( 12 )කොටුව දුම්රිපළ ඉදිරිපිට පැවති ආණ්ඩුවේ විරෝධතා රැළියට සහභාගී වෙමින් පැවසුවේය.
‘‘කීත් නොයාර් මෙයාගේ රහස් එළි කරනවා කියලා. එනිසයි එයාගෙ ඇට කටු කුඩුකරලා දැම්මේ ලසන්තට කීත් නොයර්ලට කරපු මේ පාපයෙන් මේ හාදයා ගැලවෙන්නේ නැති බව අපි මෙහිදී ප‍්‍රකාශ කරනවා.’’ ජනාධිපති උපදේශක අස්වර් පැවසුවේය.
කෙසේ වුවද අතින් අත මාරුවන මාධ්‍ය වේදී ඝාතන හා බි ය වැද්දීම් හා පහර ගැනීම් පිළිබඳව විසුරුවන ලද ආණ්ඩුවේ ජනමාධ්‍ය අමාත්‍ය ලක්ෂ්මන් යාපා පසුගිය 10 වන දා පැවති මාධ්‍ය සාකච්ඡුාවේදී ප‍්‍රකාශ කරන්නේ ලංකා පුවත්පතට සීල් තැබීම හා එක්නැළිගොඩ පැහර ගැනීම මාධ්‍ය නිදහසට බාධවක් වනවාද කියාය.
අවසානයේ ජෙනරාල් ෆොන්සේකා ලසන්ත ඝාතනයට ද කීත් නොයාර්ට පහර දීමටද වරදකරු කීරීමට කෙනෙකු පෙළඹෙන්නේ නියර මිටිතැනින් වතුර ගලනවා ලෙසින්වත්ද…
කෙසේ වුවද ලංකාවේ මීට වඩා රහස්ගතව සිදුවූ හා සැළසුම් ගතව සිදු වූ ඝාතන පිළිබඳව සැකකරුවකු හෝ අත්අඩංගුවට ගැනීමේ හැකියාව පොලීසියට පැවතුන අතර කිසිම විටකදී මාධ්‍යවේදීන් වෙනුවෙන් සිදු වූ පැහැර ගැනීම් ඝාතන හෝ බියවැද්ද වීම් වලට සැකකරුවකු හෝ නොමැති වීම ඉතා කණගාටු දායක තත්ත්වයකි. අවසන්වරට කිවයුතුව ඇත්තේ වැළ යන අතට මැස්ස ගහන්නට රටේ සියල්ලක්හටම සිදු වී ඇති බවය.
Governing party members have accused General Sarath Fonseka of assassinating The Sunday Leader Editor Lasantha Wickrematunge and abducting and assaulting journalist Keith Noyahr. Presidential Advisor A.H.M. Azwer participating in the protest organized by governing party members opposite the Forth railway station on the 12th said Wickrematunge’s assassin was now in custody. However, Media Minister Lakshman Yapa Abeywardena questioned the media on the 10th if the sealing of the Lanka newspaper and Eknaligoda’s abduction hampered media freedom.
ෆොන්සේකා අත්අඩංගුවට ගැනීමට එරෙහිව නීතිඥවරයෙකුගෙන් සත්‍යග‍්‍රහයක්

ජෙනරාල් ෆොන්සේකා අත්අඩංගුවට ගැනීමට එරෙහිව මෙරට ප‍්‍රමුඛ පෙළේ නිතීඥවරයෙකු සත්‍යග‍්‍රයක් ආරම්භ කිරීමට සුදානම් වේ. දුෂණ විමසුම සංවිධානයේ නීතිඥ ශිරාල් ලක්තිලක මෙසේ සත්‍යග‍්‍රහයක් ආරම්භ කිරීමට සුදානම් වන බව ඊයේ පැවති මාධ්‍ය හමුවකදී පැවසුවේය. මේ මස 15 වන සදුදා දින පෙරවරු 9 සිට එම සත්‍යග‍්‍රහය පිටකෝට්ටේ මංසන්ධියෙන් ආරම්භ කරන බවද ඔහු ප‍්‍රකාශ කළේය.
‘‘ සරත් ෆොන්සේකා මහතා රදවා ගෙන සිටින්නේ නීති විරෝධී අකාරයෙන්. ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවේ 11 වන 12 වන සහ 13 වන වගන්ති යටතේ සරත් ෆොන්සේකා මහතා අත්අඩංගුවට ගැනීම නිතී විරෝධීයි. මගේ දේශපාලන සබදතා කුමක් වුවත් සාමාන්‍ය පුරවැසියෙක් ලෙස මේ තත්ත්වයට විරෝධය පාන්න සත්‍යග‍්‍රහයක් පවත්වන්න තීරණය කළා.’’ ලක්තිලක පැවසුවේය.
මෙම සත්‍යග‍්‍රහයේ පළමු පියවරේදී ජනමතය ගොඩනැංවීමත් රාජ්‍ය අවධානය ලබා ගැනීමටත් බලාපොරොත්තු වන බව නීතිඥ ලක්තිලක පැවසුවේය. ජනරාල් ෆොන්සේකා සාමාන්‍ය පුරවැසියෙක් මේ වන විට හමුදා සේවයෙන් විශ‍්‍රාම ගොස් ඇති නිසා සිවිල් නීතිය යටතේ කටයුතු කරන ලෙස රජයට දන්වා සිටීමටද මෙහිදී සිදු කරන බවද ඔහු පැවසුවේය. මේ තත්ත්වය තුළදීත් රජය නිසි පියවරක් නොගත හොත් ඊළග පියවර වන්නේ මාරාන්තික උපවාසයකට යාම බවද නීතිඥ ලක්තිලක අවධාරණය කළේය.
‘‘ මම මේ අකාරයෙන් කටයුතු කිරීම මගේ ජීවිතයට තර්ජනයක් කියලා මම දන්නවා. ඒත් මම ඒ ගැන වැඩිපුර සිතන්නේ නැහැ. මේ විදිහට අයුතු වැඩ කෙරෙන රටක ජීවත් වීමෙන් ඇති වැඬේ කුමක්ද ’’ ලක්තිලක ප‍්‍රකාශ කළේය.
General Sarath Fonseka’s wife Anoma Fonseka said that her husband who was arrested by the military police is still strong and had requested people to remain calm. She said he had asked the people and war heroes to remain calm. Anoma lamented that although she met him daily there was no freedom to speak alone. She also expressed doubts over the decision to hold the General at the Navy Headquarters instead of the Army headquarters. Anoma has requested the help of the ICRC to get the Army Hospital doctor to visit General Fonseka to monitor his health condition, especially due to the shrapnel inside his body. Concerns over General Fonseka’s arrest have been expressed at local and international levels.
රැළි පිට රැළි විරෝධතා

විශ‍්‍රාම ගිය යුධහමුදාපති ජෙනරාල් සරත් ෆොන්සේකා අත්අඩංගුවට ගැනීම නිමිත්තෙන් පසුගිය දින කිහිපය තුළද විවිධ වූ විරෝධතා රැළි දක්නට ලැබුණ අතර අද දිනයේද විරෝධතා රැළි පැවැතිවීමට නියමිතය.
අද දිනයේ පෙරවරු 11.45ට ශෙෂ්ඨාධිකරණය අභියස නීතිඥ වරුන්ගේ විරෝධතා රැළියක් පැවැත්වීමට නියමිතය. එ ජෙනරාල් ෆොන්සේකා අත් අඩංගුවට ගැනීම හේතු කරගනිමිනි.
මේ අතර ජෙනරාල් ෆොන්සේකාගේ බිරිඳ විසින් ඉදිරිපත් කළ මූලික අයිතිවාසිකම් පෙත්සම ද අද දිනයේ විභාග වීමට නියමිතය.
මේ අතර අද දිනයේ විසුරුවන ලද ආණ්ඩුවේ සාමාජිකයන් විසින්ද පස්වරු 3ට කොටුව දුම්රිය ස්ථානය ඉදිරිපිටද විරෝධතා රැළියක් පැවැත්වීමට නියමිතය.
General Sarath Fonseka’s wife Anoma Fonseka said that her husband who was arrested by the military police is still strong and had requested people to remain calm. She said he had asked the people and war heroes to remain calm. Anoma lamented that although she met him daily there was no freedom to speak alone. She also expressed doubts over the decision to hold the General at the Navy Headquarters instead of the Army headquarters. Anoma has requested the help of the ICRC to get the Army Hospital doctor to visit General Fonseka to monitor his health condition, especially due to the shrapnel inside his body. Concerns over General Fonseka’s arrest have been expressed at local and international levels.








