The split opposition looks for a united vote

The split in the broad opposition alliance with the formation of two separate alliances by the UNP and General Sarath
Fonseka and the JVP has eroded the opposition vote base to an extent.
Opposition party representatives fear that the disgruntled voters may even refrain from casting their votes at the April 8 general election. They also opine that the split among opposition ranks has minimised the opposition’s chances of posing a challenge to the governing party at the elections while also increasing representation at the next parliament.
The UNP led UNF and the Democratic National Alliance (DNA) led by General Fonseka and the JVP are now looking at improving on the number of votes received at the Presidential election by the common candidate, while also encouraging all opposition voters to cast their votes at the forthcoming general election.
DNA Secretary and JVP Propaganda Secretary Vijitha Herath noted that the task before the opposition is to encourage disgruntled voters to cast their votes at the election.
He said there indeed was a section of voters who are unhappy with the split in the broad opposition alliance.
“The continuance of the broad opposition alliance would have made it easy for the opposition to increase its representation in parliament and pose a challenge to the governing party at the election,” he said.
However, he said the DNA campaign would also be focused on encouraging people to cast their votes at the election.
The DNA campaign is based on the need to restore democracy, good governance and provide economic relief to the people. Herath also observed that the opposition parties, even from two separate platforms, are agitating for the same cause. “This factor needs to be explained to the people to encourage them to cast their votes,” he said.
Meanwhile, UNP General Secretary Tissa Attanayake expressed confidence saying that the opposition vote base may not affected badly as expected.
Attanayake explaining a different point of view said that some voters who did not cast their votes at the Presidential election due to their disapproval of alliances formed between certain political parties, may cast their votes at the general election.
“Although there were many who supported the broad opposition alliance, there were also loyalists from both the UNP and the JVP who did not cast their votes due to their disapproval of the alliance between the two parties,” he said.
The alliance between the UNP and the JVP, two political parties with divergent policies, came on a common platform at the Presidential election in support of General Fonseka’s common candidature.
According to Attanayake, the voters who did not cast their votes at the Presidential election could now do so as the parties were contesting from separate alliances.
However, he admitted that there were still some who are unhappy with the breakdown of the broad alliance.
“The split was not caused merely due to a symbol issue, there is much more to it and the policy divergences and the experiences at the Presidential election played a role in it as well,” Attanayake said.
Amidst the odds, the DNA and the UNF is hopeful of being able to form a strong opposition representation in the next parliament.
The opposition now has about five weeks to convince the voters of its conviction to bring about all that is currently being said in the respective election campaigns.
At the last parliamentary elections held on April 2, 2004, the UNF won 37.8% of the popular vote and secured 82 out of 225 seats in parliament. The UPFA which contested with the JVP polled 4,223,970 votes (45.60%) of the votes and secured 105 slots in the legislature.
By Mandana Ismail Abeywickrema
විජිත හේරත් ඇතුළු නියෝජිතයින් වව්නියාවේදී රදවාගෙන මුදාහරී
කිළිනොච්චියේ ඇති ඡන්දපොළවල් සදහා පත්කර තිබෙන ඡන්ද පොළ නියෝජිතයින් සමග මැතිවරණ දිනයේදී කිළිනොච්චිය බලා ගමන්කරමින් සිටි ජනතා විමුක්ති පෙරමුණු ප‍්‍රචාරක ලේකම් පාර්ලිමේන්තු මන්ත‍්‍රී විජිත හේරත් වව්නියාවේදී ආරක්ෂක අංශ විසින් රදවාගෙ සිටි අතර පසුව ඔවුන් නිදහස්කර යවා ඇතැයි පොලිස් මාධ්‍ය ප‍්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී අයි.එම්. කරුණාරත්න කීවේය.
ජනාධිපතිවරණ අපේක්ෂක චන්න ගමගේ පාර්ලිමේන්තු මන්ත‍්‍රී විජිත හේරත් හා ඡන්දපොළ නියෝජිතයින් කිළිනොච්චිය බලා ගමන් කරමින් සිටියදී ඉරට්ටේපෙරියකුලම් මාර්ග බාධකය අසලදී පරීක්ෂා කිරීමෙන් පසුව වැඩි දුර පරීක්ෂණ කටයුතු සදහා මොවුන් වව්නියාව පොලීසිය වෙත රැගෙන ගිය බවද පොලිස් මාධ්‍ය ප‍්‍රකාශක වරයා කීවේය.
‘‘බස් රථ දෙකකින් සැක කටුයුතු පිරිසක් පැමිණෙන බවට අද (ජනවාරි 26) උදෑසන තොරතුරක් ලැබුණා. මේ අනුව බස් රථ දෙකේ සිටි පිරිස් පරීක්ෂා කිරීමෙන් පසුව ඔවුන්ගේ අනන්‍යතාවය පරීක්ෂා කිරීම සදහා වව්නියාව පොලීසිය වෙත ඔවුන් ගෙන ගියා.’’ පොලිස් මාධ්‍ය ප‍්‍රකාශකවරයා කීවේය.
ඡන්ද පොළ නියෝජිතයින් අතර යුද හමුදාවෙන් ඉවත්ව සිටින අය සිටි බවට චෝදනා කරමින් මෙම පිරිස වව්නියාව පොලීසිය වෙත රැගෙන ගොස් තිබුනේයැයි ජනතා විමුක්ති පෙරමුණේ සාමාජිකයෙක් කීවේය.
‘‘මාර්ග බාධකය අසලදී හමුදාවන් මේ පිරිස නවතාගෙන පසුව පොලීසියට භාරදී තිබෙනවා. අපේ ඡන්ද පොළ නියෝජිතයින් අතර යුද හමුදාවෙන් ඉවත්ව සිටින අය සිටින බවට චෝදනා කළත් මොවුන් අතර හමුදාවෙන් පැනගොස් සිටි කිසිම අයෙක් සිටියේ නැහැ.’’ ජනතා විමුක්ති පෙරමුණු ක‍්‍රියාකාරිකයා පැවසුවේය.
ජනතා විමුක්ති පෙරමුණු ප‍්‍රචාරක ලේකම්වරයා සමග ගොස් සිටියේ ඡන්ද පොළ නියෝජිතයින් පමණකැයිද හෙතෙම සදහන් කළේය.
වව්නියාව පොලීසිය වෙත මෙම පිරිස රැගෙන යාමෙන් පසුව ඔවුන්ගේ අනන්‍යතාවය පරීක්ෂා කර ඔවුන් මුදා හළ බවද පොලිස් මාධ්‍ය ප‍්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී කරුණාරත්න කීවේය.
‘‘මෙම පිරිස අතර හමුදාවෙන් පැන ගිය කිසිම අයෙක් සිටියේ නැහැ.’’ කරුණාරත්න කීවේය.
අවතැන්වුවන් උනන්දුවෙන් ඡන්දය ප‍්‍රකාශ කරයි
වසර තිහක් තිස්සේ පැවති යුද ගැටුම් නිසා අවැත්ව මැනික්ෆාම් සුභසාධන ගම්මානයේ රැදී සිටින පිරිස් ජනාධිපතිවරණයේදී උනන්දුවෙන් ඡන්දය ප‍්‍රකාශ කරන අතර ඡන්ද විමසීම් ආරම්භවී පැයක් ගතවන විට වේගයෙන් ඡන්දය ප‍්‍රකාශ කරමින් තිබුණි.
වව්නියාව මැනික්ෆාම් අලවිතෝට්ටම් පාසලේ ඡන්ද පොළක් තිබෙයි. මෙම ඡන්ද පොලේ ඡන්ද මධ්‍යස්ථාන හයක් තිබෙන අතර මෙම ඡන්ද මධ්‍යස්ථානවලට පැමිණෙන ඡන්ද දායකයෝ උනන්දුවෙන් යුතුව ඡන්දය ප‍්‍රකාශ කරයි. උනන්දුවෙන් යුතුව ඡන්දය ප‍්‍රකාශ කරන ඡන්ද දායකයින් නිසා මෙම ඡන්ද මධ්‍යස්ථානවල දිගු පෝලිම් දකින්නට ලැබුණි.
පොලීසිය විසින් නිකුත්කර තිබෙන තාවකාලික හැදුනුම්පත් රැගෙන ඡන්දය ප‍්‍රකාශ කිරීම සදහා ඡන්ද දායකයින් ඡන්ද පොළට ගිය නමුත් ඡන්දය ප‍්‍රකාශ කිරීමට මෙම හැදුනුම්පත් වලංගු නොවන බව ඡන්ද පොළ භාර නියෝජිතයින් කියා තිබුනේය. මේ නිසා ඡන්දය ප‍්‍රකාශ කිරීමට නොහැකිව බොහෝ දෙනා ඡන්ද පොළ අසල රැදී සිටියේය. මෙම ගැටලූව විසදීමට සිය නියෝජිතයෙක් යැවීමට මැතිවරණ කොමසාරිස්වරයා කටයුතු යොදා තිබුනේය.
සාමකාමී අන්දමින් අවතැන් කදවුරුවල ඡන්ද විමසීම සිදුවෙයි. මේ වන තෙක් අවතැන් කදවුරුවල මැතිවරණයට සම්බන්ධ කිසිදු සිදුවීමක් වාර්තාවී නොමැත.
අවතැන් කදවුරුවල සිටින ඡන්ද දායකයින්ට ඡන්දය ප‍්‍රකාශ කිරීම සදහා සියලූම පහසුකම් ලබාදී තිබේ. ඡන්දය ප‍්‍රකාශ කිරීම සදහා පැමිණෙන අයගේ ගමන් පහසුව සදහා බස් රථ ලබාදී තිබේ. මෙම බස්රථවලින් පිරිස් පැමිණ උනන්දුවෙන් යුතුව සිය ඡන්දය ප‍්‍රකාශ කළේය.
දකුණේ ජන්ද උණුසුම
ලංකාවේ හයවැනි විධායක ජනාධිපතිවරයා තෝරා පත්කරගැනීම සදහා පැවැත්වෙන මැතිවරණයට පෙර දිනය වන විට දකුණේ ජනතාව උනන්දුවෙන් යුතුව ජන්දය ප‍්‍රකාශ කිරීමට සූදානම්න් සිටී.
මෙම මැතිවරණයේදී තමන් ජන්දය පාවිච්චි කරන්නේ කාටදැයි යන්න පිළිබදව ඇතැම් අය ප‍්‍රසිද්ධියේම ප‍්‍රකාශ කරන අතර මැතිවරණයේදී උනන්දුවෙන් යුතුව ජන්දය ප‍්‍රකාශ කිරීමට තමන් සූදානමින් සිටින්නේයැයි මාතර පදිංචිකරුවෝ පවසති.
‘‘මෙවර ගමේ හැමෝම උනන්දුවෙන් ජන්දය ප‍්‍රකාශ කිරීමට සූදානමින් සිටින්නේ.’’ මාතර නාඔටුන්නේ පදිංචි ලීලා අමරසිංහ පැවසුවාය.
වසර තිහක් තිස්සේ ලංකාවේ පැවති යුද ගැටුම් අවසන් කිරීමට දේශපාලන නායකත්වය ලබාදුන් ජනාධිපති මහින්ද රාජපක්ෂ හා එම සටනේදී යුද හමුදාවට අණ දෙමින් යුද හමුදාපතිවරයා වශයෙන් කටයුතු කළ ජෙනරාල් සරත් ෆොන්සේකා විපක්ෂයේ පොදු අපේක්ෂකයා වශයෙන් ජනාධිපතිවරණයට ඉදිරිපත්ව සිටීම නිසා මෙරව පවත්වන මැතිවරණය ඉතා උණුසුම් මැතිවරණයක් බවට පත්ව තිබේ.
‘‘මේ පාර ජන්දයේදී දෙපැත්තටම එක වගේ ජන්ද තියෙනවා. දෙපැත්තම එක වගේ උන්දුවක් තියෙනවා.’’ මාතර සිටින චන්ද්‍රසිරි හේවාපතිරණ කීවේය.
ලංකා ඉතිහාසයේ පැවැත්වූ ජනාධිපතිවරණ අතරින් වඩාත්ම තරගකාරී හා උණුසුම්ම ජනාධිපතිවරණයට පෙර මැතිවරණ ප‍්‍රචණ්ඩ ක‍්‍රියා පිළිබදව විවිධ අවස්ථාවලදී වාර්තාවුවත් සාමකාමී අන්දමින් මැතිවරණයට සම්බන්ධ වන්නේයැයි මාතර ජන්ද දායකයෝ පවසති. තමන්ගේ ගමේ මැතිවරණයට ඉදිරිපත්ව සිටින ප‍්‍රධාන අපෙක්ෂකයින් දෙදෙනාටම සහාය දක්වන ආධාරකරුවන් සිටින නමුත් මේ වන තෙක් ප‍්‍රචණ්ඩ ආකාරයේ සිදුවීම් වාර්තාවී නැතැයි අමරසිංහ කීවාය.
‘‘මේ වෙනතුරු කිසිම කලබලයක් නැහැ. දෙපැත්තම සාමකාමී අන්දමින් තමන්ගේ වැඩ කරගෙන යනවා.’’ ඇය කීවාය.
‘‘මේ පැත්තේනම් සාමකාමීව වැඩ කටයුතු කෙරීගෙන යනවා. කචල් බචල් මුකුත් නැහැ. වලි නැහැ.’’ දෙවුන්දර ප‍්‍රදේශයේ ත‍්‍රීරෝදරථ රියදුරෙක් වන චමින්ද එදිරිසිංහ සදහන් කළේය.
ජනාධිපතිවරණයේදී ජන්දය ප‍්‍රකාශ කරන බොහෝ දෙනා සිය ජන්දය භාවිතා කරන්නේ රටට ඉදිරියේදී යහපතක් වෙතැයි යන බලාපොරොත්තුව ඇතිවය. ඇතැම් අය ඉදිරියේදී පත්වන ජනාධිපතිවරයාගෙන් සංවර්ධන වැඩ කටයුතු සිදුවෙතැයි යන්න බලාපොරොත්තු වන අරත ඇතැම් අය යහපත් රාජ්‍ය පාලනයක් ඇතිවෙතැයි බලාපොරොත්තු පළකර සිටී.
‘‘මේ රටේ සංවර්ධන වැඩ කටයුතු සිදුවෙතැයි යන්න අපි බලාපොරොත්තු වෙනවා.’’ අමරසිංහ කීවාය.
මේ වන විට අධික ලෙස බඩු මිල ඉහළ ගොස් ඇති බවට විපක්ෂය විසින් චෝදනා නගන අතර මැතිවරණයෙන් ජයගන්නා අපෙක්ෂකයා බඩු මිල අඩුකිරීමට ‘‘මොන පක්ෂය බලයට පැමිණියත් අපි බලාපොරොත්තුවන්නේ එක දෙයයි. ඒ අපිට සහනයක් දෙන එකයි.’’ දෙවුන්දර පදිංචි සුදුසිංහ විමලසිරි කීවේය. මේ වන ජනතාවට ඇති ආර්ථික ගැටලූ සදහා විසදුමක් ලබාදීමට බලයට පත්වන අපෙක්ෂකයාගෙන් බලාපොරොත්තු වන්නේයැයි හෙතෙම කීවේය.
මෙම මැතිවරණයේදී ජන්දය ප‍්‍රකාශ කරන නමුත් තමන් කිසිවක් බලාපොරොත්තු නොවන්නේයැයි හේවාපතිරණ සදහන් කළේය.
මැතිවරණයෙන් පසුව නෙයෙක් ආකාරයේ මැතිවරන ප‍්‍රචණ්ඩ ක‍්‍රියා වාර්තාවෙතැයි ඇතැම් අය අපේක්ෂාකරන අතර මැතිවරණයෙන් කුමන පක්ෂය ජයගත්තත් එය සාමකාමීව විද දරාගැනීමේ හැකියාව තමන් සතුව ඇතැයි විමලසිරි පැවසීය.
‘‘අපි සාමකාමීව දේශපාලනය කරන්නේ. කවුරු දිනුවත් අපිට එය විද ගැනීමට පුළුවන්. කලබල ඇති වෙන එකක් නැහැ.’’ ඔහු කීවේය.
විපක්ෂය ආර්ථික ප‍්‍රතිපත්ති ඉදිරි පත් නොකළේ කණ්ඩායම විසිරෙන නිසා
මහින්ද චින්තනයේ ආරථික ප‍්‍රතිපත්ති පදනම් කර ගනිමින් ජාතික ආරථික සභාව විසින් රජයේ ප‍්‍රවෘත්ති දෙපාර්තු මෙන්තුවේ අද (ජනවාරි 22) පැවති මාධ්‍ය සාකච්ඡාවකදී ආචාර්ය ලලිතසිරි ගුණරුවන් පවසා සිටියේ විපක්ෂයේ පොදු අපේක්ෂකයාගේ ප‍්‍රතිපත්ති ප‍්‍රකාශනයේ ආර්ථික ප‍්‍රතිපත්ති ඉදිරිපත් නොවී ඇති බවයි.මෙයට හේතුව ජෙනරාල් සරත් ෆොන්සේකා ආර්ථික විශේෂඥයින් අවශ්‍ය නොවන බව පැවසීම හා ඔවුන්ගේ සහය ලබා ගැනීමෙන් වැළකීම බවයි ගුණරුවන් පෙන්වා දෙනඅ ලබන්නේ.
‘‘ සරත් ෆොන්සේකාගේ ප‍්‍රතිපත්ති ප‍්‍රකාශනයේ ආර්ථික ප‍්‍රතිපත්ති තබා විදේශ ප‍්‍රතිපත්තිවත් රජයේ සිවභාවයවත් නැහැ. මහිනිද චින්තනයේ එ්කීය රාජ්‍යක් ගැන කියලා තියෙනවා. පැහැදිලි දැක්මක් තිබෙන නිසයි අපි කියන්නේ මේක හොදයි කායලා.රාජ්‍ය ආයතන පෞද්ගලීකරණය කරන එක නැවැත්තුවා. යටිතල පහසුකම් දියුණු කරන්න පටන් ගත්තා.’’ හෙතෙම පැවසුවේය.
පාන් වෙනුවට හාල් කන්නට පුරුදු කළ රජයක ඉදිරි දැක්ම පිළිබදව පැහැදිලි විශ්වාසයක් පවතින බවයි ආචාර්ය ගුණරුවන් පවසා සිටින්නේ.
‘‘මේ අයගේ ආර්ථික ප‍්‍රතිපත්ති ඉදිරිපත් කළොත් මේ අය එක්ක ඉන්න කණ්ඩායමක් හැලෙනවා. විදේශ ප‍්‍රතිපත්ති ගැන කීවොත් තවකණ්ඩායමක් හැළෙනවා.මේ නිසා මේ දේවල් ඉදිරිපත් කිරීමේ හැකියාවක් නැහැ.’’හෙතෙම පැවසුවේය.
අප රටෙහි ගාමක තත්ත්වයක් ඇති වන්නට පුලුවන. අප රටෙහි දේශපාලන නිදහස ලබා ගත්තද ආර්ථිකමය නිදහස ලබාගෙන නොමැති බවට ඇතමකු චෝදනා කරන බවට ආචාර්ය ගුණරුවන් ප‍්‍රකාශ කළේය.
‘‘ස්වාධීන දේශීය ආර්ථික ක‍්‍රමයක් පිළිබදව කතා කරනවා. අපි කොහොමද මේක කරන්නේ. ස්වාධීන දේශීය අර්ථ ක‍්‍රමයක් නිර්මාණය කිරීමෙන් මේක කරන්න පුලුවන්. 100% ක් හැමදෙයක්ම දේශීය වශයෙන් කරන්න බැරි වුණත් හැකි පුලුවන් තරම් දේවල් ගන්න උත්සහ කරනවා. දේශීය වශයෙන් අනන්‍යතාවය රැකෙන විදියට මේ හැම දෙයක්ම කරන්න පුලුවන් ක‍්‍රමයක් තියෙන්නේ මහින්ද චින්තනය තුළ.’’ හෙතම පැහැදිලි කළේය.
මෙම සාකච්ඡුාවට සහභාගී වෙමින් ආර්ථික විශේෂඥ මහාචාර්ය බුද්ධදාස හේවා විතාරණ පවසා සිටින්නේ අතීතයේ ඉඳි වූ ගුවන් තොටුපළවල් වරායවල් වලට අමතර නව වරායන් මෙන්ම ගුවන් තොටුපළවල් ඉදිවන්නට ආරම්භ වන්නේ මෙම ආණ්ඩුව යටතේ බවයි. එකී හේතුව නිසාවෙන් නව රැකියා අවස්තා බිහි වීමේ ඉඩකඩද වැඩි බවයි හෙතෙම පෙන්වා දෙනු ලබන්නේ.
‘‘ ආර්ථිකය ගෙනියන්න පිටිපස්සෙන් ඉදගෙන තල්ලූ කරලා වැඩක් නැහැ. ඉස්සරහින් ඇඳාගන යන්න ඕන. ඒ සඳහා නායක අංශය වැදගත් වෙනවා. එක නායක අංශයක් දුවල වෙද්දි තව එකක් ඉස්සරහට එනවා. නිෂ්පාදන අංශය දියුණු වෙද්දි වෙළදපොළවල් නිරිමාණය වෙනවා. ධාවන නායක අංශය හැටියට ස්වභාවික සම්පත් මූලින වෙනවා.’’ මහාචාර්ය හේවා විතාරණ පැවසුවේය.
මෙතෙක් උපයෝගී කර නොගත් දෙයක් ආර්ථික සංවර්ධනය සඳහා යොදා ගන්නා බව හෙතෙම පැවසුවේය.එකී සම්පත ලෙස එතුමා හඳුන්වා දෙනු ලබන්නේ භූගෝලීය පිහිටීමය. ඒ මත ආර්ථික සංවර්ධනය සඳහා අවශ්‍ය නායක අංශ ගොඩ නැඟිය යුත බවයි හෙතෙම පෙන්වා දෙනු ලබන්නේ.
‘‘ ආර්ථික සංවර්ධනයට අවශ්‍ය පංච බලවේග ලෙස නාවුක ප‍්‍රවාහන කේන්ද්‍රය ගුවන් ප‍්‍රවාහන කේන්ද්‍රය වානිජ කටයුතු පිළිබඳ කේන්ද්‍රය දැනුම සහ බලශක්ති කේන්ද්‍රය. මේ දේවල් දියුණු කරන්න භූගෝලීය සාධකය වැදගත් වෙනවා. බංගලාදේශය, සුඩානය , හයිටි බගේ රට වලට දියුණු වෙන්න බැරි වෙලා තියෙන්නේසමාජ ස්ථාවරත්වයක් වගේම දේශපාලන ස්ථාවරත්වයක් නොමැති වීම.’’ හෙතෙම පැවසුවේය.
The National Economic Council at a press conference on the Mahinda Chinthana policies said the policy statement of the opposition candidate does not include any economic policies. Dr. Lalithasiri Gunaruwan observed that the opposition candidate’s policy statement did not include his policies on important issues. Economist Dr. Buddhadasa Hewa Vitharana addressing the media said that the country’s geographical location would be to develop the economy and that it would happen under the Mahinda Chinthana policies.
මාධ්‍ය භාවිතය මීට වඩා සැළකිලිමත්විය යුතුයි

ජනාධිපතිවරණ සමයේ මාධ්‍ය භාවිතයේදී ප‍්‍රවේසම්විය යුතු බව අමාත්‍ය ලක්ෂ්මන් යපා අබේවර්ධන රජයේ ප‍්‍රවෘත්ති දෙපාර්තුමේතුමේන්තුවේ අද (ජනවාරි 21) පැවති මාධ්‍ය සාකච්ඡවේ දී පවසා සිටියේය. පුවත්පත්වල පළවන දැන්වීම් තුළින් රජය ගෙන යන ක‍්‍රියාදාමයන් පිළිබද සාමාන්‍ය ජනතාවගේ සිතුවිලි වෙනස් කිරීමට උත්සහ දරන බවයි.
‘‘ අවුරුදු හතර ඇතුලත ලංකාවේ ඉන්න හැම අම්මි කෙනෙකුටම පෝෂන මල්ල දෙන්න බැහැ. තෝරා ගත්ත පිරිසකට දුන්නා පියවරෙන් පියවර අපි ඒ දේවල් කරගෙන යනවා. මේ පුවත්පත් දැන්වීම සම්පූර්ණයෙන් මහජනතාව නොම`ග ්‍යයවන්න පළකරපු දැන්වීමක්. මෙය නිවැරදි කරලා ඉදිරි දින දෙක තුළ පළකිරීමට අප කටයුතු කරමින් ඉන්නවා. අමාත්‍ය අබේවර්ධන පැවසුවේය.
ආරම්භයේ සිටම ජනාධිපතිවරයාට ජයග‍්‍රහණනය ලැබි තිබුණද එය 61% කින් මේ වන විට ස්ථීර වී ඇති බව සිදු කළ සමීක්ෂණයකින් හෙළිවී ඇති බව අමාත්‍යවරයි සදහන් කළේය.
‘‘ අපට මුල ඉදලා දිනුම තිබුණා. නමුත් දැන් ඒක සහතික වෙලා තියෙන්නේ. මෙයට හේතුව තමයි ආරම්භයේ සිටම ජනාධිපතිතුමා ජනතාව ඇමතිම. සාමාන්‍ය ජනතාවගේ මතය වෙනස් කරන්න මේ රැළි සමත් වුණා. නගරයේ ඉන්න ජනතාවගේ මතය වෙනස් කරන්න විශේෂයෙන් මේ රැළි සමත්වුණා. නගරයේ ඉන්න ව්‍යාපාරික හා සුථ ජනතාවගේ අදහස් වෙනස් කිරිමේ හැකියාව ලැබුණා.‘‘ අමාත්‍යවැයා සදහන් කළේය.
මෙකී මක වෙනස් කිරීම සදහා හේතුව වූයේද විපක්ෂයේ ජනාධිපති අපේක්ෂකයාගේ කතා ස්වරූපය බවයි අමාත්‍යවරයා පවසන්නේ. උපුල් ඉලංගමගේ නැමැත්තකු හට ‘‘ කලවැද්දා හා පාහරයා ’’ ලෙස භාවිත කරමින් රැස්විමක් ඇමතූ බවයි අමාත්‍යවරයා පෙන්වා දෙනු ලබන්නේ.
‘‘මහජනතාවට ආඥාදායක පාලනයක් අවශ්‍ය නැහැ. තමන්ගේ වාග් භාෂාව හරියට හසුරුව ගන්න බැරි මනුස්සයෙකුට කොහොමද ජනාධිපතිකම දෙන්නේ. මේ හේතුව නිසාවෙන් කිසිම පැත්තකකට යොමු නොවි හිටිය පිරිසත් ජනාධිපතිතුමාගේ පැත්තට යොමු වුණා. ’’ හෙතෙම පැහැදිලි කළේය.
දැනට පවතින සාමකාමි මැතිවරණ ව්‍යාපරය කඩාකප්පල් කර දැමීමට ප‍්‍රතිවාදීපිල උත්සහ දරන බවත් මෙකි බිෂණකාරී තත්වයන් ඇති කිරීමට උත්සහ දරන්නේ එක්සත් ජාතික පක්ෂය නොව ජනතා විමුක්ති පෙරමුණ බවයි අමාත්‍යවරයා පවසා සිටින්නේ.
‘‘මෙවැනි භීෂණකාරි තත්ත්වයන් ඇති වෙන්න කොහෙත්ම රජය ඉඩ දෙන්නේ නැහැ. හැදුනුම්පත් එකතු කරන බව කියනවා. මම සාමාන්‍ය ජනතාවගෙන් ඉල්ලන්නේ තමන්ගේ හැදුනුම්පත් ප‍්‍රවේසම් කර ගන්න. භීෂණය පැත්තට යෙමෙ වෙන්න එපා කියන ඉල්ලීම මම ඉල්ලනවා.’’
නව රජය පත් වූ වහාම සමෘද්ධි ලාභි පවුල් සදහා අවමය රුපියල් 1000 ලබා දීමට ක‍්‍රියා කරන බවත් සමෘද්ධිය මෙතෙක් නොලැබී නොමැති පවුල් සදහා සමෘද්ධිය ලබා දෙන බවත් අමාත්‍ය වරයි පැවසුවේය. එමෙන්ම සමෘද්ධිලාභී පවුල් වල සිටිනා වයස අවුරුදු 3 අඩු දරුවන් සදහා 1500 දිමනාවක් ලබා දිමටද ව්‍යාපාර පවත්වාගෙන යාම සදහා ලක්ෂයක ණය මුදලක් ලබා දීමටද තිරණය කර ඇති බවයි අමාත්‍ය වරයා සදහන් කළේ.
‘‘ 87-89 භිෂණ කාලයේ ස්වාමියා අහිමිවුණ උතුරු නැගෙනහිර කාන්තාවන් සදහා ලක්ෂ දෙකක මුදලක් අඩු පොළියක් සමග ලබා දෙන්නත් එම පවුල් වල දරුවන්ට ලක්ෂ හතරක වෘත්තීය පුහුණු දිමනාවක් ලබා දිමටත් තිරණය කරලා තියෙනවා.’’ අමාත්‍යවරයා පැවසුවේය.
සම්බන්ධන් හා සම්බන්ධ ලියැවිල්ලක් ඉදිරිපත් කරමින් තිස්ස අත්තනායක මන්ත‍්‍රීවරයා සදහන් කළ ප‍්‍රකාශය ප‍්‍රතික්ෂේප කරමින් අමාත්‍යවරයා සදහන් කළේ එම ලියවිල්ල ඔවුන් විසින්ම සකස්කළ එකක් බවයි. සම්බන්ධන් ඔවුන් හා ඇති කර ගත් ගිවිසුමේ ඔවුන් 2001 මැතිවරණයේදි ඉදිරිපත් කළ කරුණුවලින් බැහැර නොවී ඇති බවට අමාත්‍යවරයා චෝදනා කරයි.
‘‘ තුරෙයි රාජා ශිව ශක්ති ආනන්දම් තංගේෂ්වරි මන්ත‍්‍රිවරිය මේ අය මේවා ප‍්‍රකාශ කරන්නේ ඔවුන්ගේ කටින්මයි. මේ අයත් එක්ක එකගතාවයකට එනවා කියලා. මේ අයගෙන් අහන්න පුථවන් ඒවායෙන් බැහැර වෙලා නම් මොනවද මේ අය බලාපොරොත්තු වෙන්නේ කියලා ප‍්‍රශ්ණ කරන්න පුථවන්. ’’ අමාත්‍යවරයා සදහන් කළාය.
ද්‍රවිඩ නිජබිම ස්වයං පාලනය පූර්ණ පුරවැසි බව හමුදාව ඉවත් කිරීම එල්.ටී.ටී.ඊ නායකයින් නිදහස් කිරීම ආදී කරුණු රාශියකට එකග වූ බවට විපක්ෂයට නැගෙන චෝදනා වැරදී නම් ඔවුන්ගේ හඩින්ම ඒ බව පවසන ලෙස අමාත්‍යවරයා ඉල්ලා සිටී.
‘‘ රනිල් පහුගිය කාලේ යූරෝපිය රූපවාහිනි නාලිකාවක් අමතමින් කියලා තිබුණේ සේනාධිනායක හැටියට දුන්න නියෝග ක‍්‍රියාත්මක කළා කියලා. නමුත් ලංකාවේ කියන්නේ කියන්නේ සරත් ෆොන්සේකා විතරයි යුද්ධෙ කළේ කියලා. මෙහෙම කරන්නේ ජනාධිපතිතුමා අපහසුතාවයට පත් කරන්න. මෙයාලා ලංකාවේ එකදෙයක් කියලා වෙන රටකට තව දෙයක් කියනවා. ඒත් ජනාධිපතිතුමා එහෙම කරන්නේ නැහැ.’’
ඩග්ලස් දේවා නන්ද අමාත්‍යවරයාට විරුද්ධව නැගෙන චොදනාද ප‍්‍රතික්ෂේප කරන අමාත්‍යවරයා පවසා සිටින්නේ ඔහු එල්.ටී.ටී.ඊ යේ ඉලක්කයක් වී සිටි පුද්ගලයකු බවයි. විපක්ෂයේ ප‍්‍රතිපත්ති ප‍්‍රකාශන තුළ උතුරු නැගෙනහිර ප‍්‍රශ්ණ පිළිබ`ද වචනයකුදු ඇතුලති නොවී ඇති බවයි.
‘‘දෙමළ ජනතාවට පළාත් සභා ඇති කරලා ඒකිය රාජ්‍යක් තුළ 13 වන ව්‍යවස්ථවට අනුව ක‍්‍රියාත්මක විමට අපි තීරණය කරලා තියෙනවා. ස්වයංපාලනයට කොහෙත්ම රජය එකග ණැහැ. නිත්‍යානුකූලව සිරකරුවන් නිදහස් කළා. නමුත් නායකයින් නිසහසු කරන්න බැහැ. ඒ අයට විරුද්ධව නීතිමය පියවර ගන්න ඕන නිසා ඒ අය තවමත් තියාගෙන ඉන්නවා.’’අමාතයවරයි ප‍්‍රකාශ කළේය.
රජය පවසන ආකාරයට සියථ අධි ආරක්ෂිත කළාප ඉවත් නොකරන බවත් ජාතික ආරක්ෂාවට බලපෑමක් වන කිසිදු දෙයක් සිදු නොකරන බවත් අමාත්‍යවරයා මෙහිදී සදහන් කළේය. ඔවුනට අවශ්‍ය ජන පදනම තිබෙන බැවින් මැතිවරණයේදි කිසිදු අසාධාරණයක් කිරීමට ඉඩ නොදෙන බවයි අමාත්‍යවරයා වැඩි දුරටත් ප‍්‍රකාශ කර සිටියෙ.
මාධ්‍ය භාවිතා කිරීමේදී ආණ්ඩුව ශ්‍රේෂ්ඨාධිකරණ තීත්දු උල්ලංඝණය කරලා

මෙවර ජනපතිවරණයේදී ශේෂ්ඨාධිකරණ තීන්දු පවා උල්ලංඝණය කරමින් ආණ්ඩුව රාජ්‍ය මාධ්‍ය අයුතු ලෙස පරිහරණය කටයුතු කරමින් සිටින බව මාධ්‍යයට සම්බන්ධ වෘත්තීය සමිති හා සංවිධාන පෙන්වා චෝදනා කරති. රජයේ මාධ්‍ය අයුතු ලෙස පරිහරණය කිරීම සම්බන්ධයෙන් විරෝධය පෑම සඳහා සංවිධානය කර තිබූ උද්ඝෝෂණ ව්‍යාපාරයකට සහභාගී වෙමින් ඔව්හු මේ බව අනාවරණය කළහ.
‘‘ මේ වෙන කොට රාජ්‍ය මාධ්‍ය ආයතන වලට සිද්ධ වෙලා තියෙන්නෙ ආණ්ඩුවට ඕන විදිහට කඬේ යන්න. මේ තත්ත්වය වළක්වන්න ශ්‍රේෂ්ඨාධිකරණය තීරණයකට අනුව නිසි බලධාරියෙක් පත් කරත් වැඩක් වුණේ නැහැ. ඉතාම ඉක්මනට නිසි බලධාරියට ගෙදර යන්න සැළැස්සුවා. මෙය ශේෂ්ඨාධිකරණ තීරණයක් ඉක්මවා යෑමක්. එක්සත් රාජ්‍ය මාධ්‍ය සංගමයේ ලේකම් සන්ජීව සමරසිංහ ප‍්‍රකාශ කළේය.
මැතිවරණය ආසන්න වන මේ දින කිහිපය තුළ දී හෝ රාජ්‍ය මාධ්‍ය අයුතු ලෙස යොදා ගැනීමට එරෙහිව පෙළ ගැසිය යුතු බව සමරසිංහ පෙන්වා දුන්නේය. ඒ සඳහා පාට පක්ෂ භේදයකින් තොරව ඉදිරිපත් විය යුතු බව ඔහු අවධාරණය කළේය.
‘‘ රජය මේ විදිහට මාධ්‍ය ආයතන අයුතු ලෙස පරිහරණය කිරීම මගින් මේ රටේ මිනිස්සුන්ගේ මැතිවරණ අයිතිය උල්ලංඝණය කරනවා. අනෙක් කාරණය තමයි මේ මගිනි මාධ්‍ය නිදහස උල්ලංඝණය වී තිබීම.’’ නිදහස් මාධ්‍ය ව්‍යාපාරයේ සම කැඳවුම්කරු සුනිල් ජයසේකර ප‍්‍රකාශ කළේය.
මේ තත්ත්වය වළක්වා ගැනීමට වහා කටයුතු නොකළ හොත් මාධ්‍ය නිදහස තව දුරටත් අහිමි වී යනු ඇතැයි ජයසේකර පැවසුවේය.
එක්සත් සමාජවාදී පක්ෂයේ ජනාධිපති අපේක්ෂක සිරිතුංග ජයසුරීයද මේ උද්ඝෝෂණයට සහය දැක්වීමට පැමිණ සිටියේය.
‘‘ මාධ්‍ය කියන්නේ මේ රටේ ජනතාවගේ හුස්ම ටික වගේ කියලයි මම හිතන්නේ. එවැනි තත්ත්වයක් යටතේ රජය විසින් මේ අකාරයෙන් මාධ්‍ය තමන්ගේ මැතිවරණ කටයුතුවලට සහභාගී කරගැනීම ජනතාවට සිදු කරන අසාධාරණයක්.’’ සිරිතුංග ජයසූරීය පැවසුවේය.
මේ තත්වය වළක්වා ගැනීමට පක්ෂ පාට වලින් තොරව එකමුතු වී සිටිය යුතු බව ඔහු පෙන්වා දුන්නේය. මේ වන විට මාධ්‍ය නිදහස අමු අමුවේ උල්ලංඝණය වෙමින් පවතින බව පෙන්වා දුන් ජයසූරීය මාධ්‍ය නිදහස රැකගැනීම වෙනුවෙන් තමන් සැමදාම මාධ්‍යවේදීන් සමඟ එකට සිටින බවද පැවසුවේය.
‘‘ මේ ආණ්ඩුව මාධ්‍යට ඇත්ත කියන්න දෙන්නෙ නැහැ. ජනතාවට තොරතුරු දැන ගැනීමේ අයිතිය ඔවුන් අහිමි කරනවා. විවිධ බලපෑම් කරමින් ආණ්ඩුව තමන්ට අවශ්‍ය පරිදි මාධ්‍ය හසුරුවා ගන්න හදනවා. ඒ සඳහා මාධ්‍ය ඩැහැ ගැනීමටත් ආණ්ඩුව කටයුතු කරනවා. ඒකයි අපි මේ විදිහට පාරට බැහැලා මාධ්‍ය නිදහස රැකගැනීමට උත්සාහ දරන්නෙ.’’ ඒකාබද්ධ තෙල් සංස්ථා වෘත්තීය සංගමයේ මාධ්‍ය ලේකම් ආන්නද පාලිත පැවසුවේය.
ජාතික රූපවාහිනිය ඉදිරිපිට පැවති මේ උද්ඝෝෂණ ව්‍යාපාරයට මාධ්‍යට සම්බන්ධ විවිධ සංවිධාන රැසක් සහභාගී වී සිටි අතර ඔවුන් සියල්ලන්ම අවධාරණය කරනු ලැබුයේ මැතිවරණය ආසන්න වන මේ දින කිහිපය තුළ දී හෝ මාධ්‍යයේ ස්වාධීනත්වය රැක ගැනීමට කටයුතු කළ යුතු බවයි.
පොරොන්දු දෙන එක දේශපාලකයාගේ විනෝදාංශයයි
ඕනෑම රටක පාලකයකු බිහි වන්නේ සමස්ත රටෙහි ජනතාවගේ සුබසාධනය උදෙසා තමන්ගේ සේවය උපරිමයෙන් ලබා දීම සඳහාය. නමුදු මෙකී වගකීම පත්වන පාලකයන් අතින් සිදුවනවාද නැද්ද යන වග පිළිබඳව තීරණය කළ යුත්තේ ජනතාව විසින්ය. එමෙන්ම මැතිවරණ කාලසීමාවේ වේදිකාවන්හි වීණා වැයෙන්නාක් මෙන් මිනිසුන්ට ලබා දෙන්නා වූ පොරොන්දු තුළ සාමාන්‍ය ජනතාවට උචිත ගැලපෙන දේ ගැබ් වි තිබේද පොරොන්දු පත‍්‍රිකා තමන්ට ගැලපේද යන වග අසන්නට හෝ කියන්නට කෙනෙකු නැත.
කිසිම පාලකයෙක් තමන්ගේ පොරොන්දු තුළට සාමාන්‍ය ජනතාවගේ අදහස් කිසිම දිනක ගලපන්නේ නොමැති බවද නොරහසකි. කෙසේ හෝ වේවා මැතිවරණ වේදිකවේ කියැවෙන පොරොන්දු පත‍්‍රිකා තුළ සාමාන්‍ය ජනතාවගේ අවශ්‍යතා පිළිබඳව ගැඹුරින් කියැවේද?
”මේ කට්ටියම හොරු. තමන්ගේ යහපත ගැන විතරයි හිතන්නේ. බල තණ්හාවට කරන්න පුලුවන් ඕනම දෙයක් කරාවි. හැමෝටම කලා ඇඳලා සතුටින් ඉන්න පුලුවන් කමක් උදා කරන්න පුලුවන්නම් එහෙම ඉන්න පුලුවන් රටක් හදන්න පුලුවන් කෙනෙක් ඉන්නවා නම් එයා තමයි රජා වෙන්න ඕන. කවුද මේ රටේ එක මිනිහෙක්වක් බඩගින්නේ තියන්නේ නැතිව වැඩක් කළ එකම මනුස්යෙක්වත් ඉන්නවද .” සුසන්තා වීරසිංහ පැවසුවාය.
මෙවැනි තත්ත්වයක් තුළ සමාජ ක‍්‍රමය වෙනස් කිරීමට කතා කරනවා විණා ඔවුන් සිදු කරන්නේ බොරු පොරොන්දු වලින් පව් පුරවා ගැනීමක් පමණක් බවයි වීරසිංහ පවසා සිටින්නේ.
පොළොන්නරුව ප‍්‍රදේශයේ ප‍්‍රචණ්ඩත්වය ඉතා ඉහළින් පවතින බව පවසන මෙහොමඞීන් මොහොමඞ් අස්ලම් පවසන්නේ මෙසේ මිනිසුන් රණ්ඩුවෙම්න් මරා ගනිමින් පවත්වන මැතිවරණයක කිසිදු සාධාරණත්වයක් නොමැති බවයි.
”මේ අයගේ පොරොන්දු මල්ල දිග ඇරගෙන වේදිකාවල කියවනවා විතරයි. මිනිස්සුන්ට පොරොන්දු දෙන එක දේශපාලකයාගේ විනෝදාංශය. මේ නිසා අනිත් මිනිස්සුන්ගේ හිත් රිදෙන එක විතරයි සිද්ධ වෙන්නේ. බලයට එන්න විතරයි මේ හැමෝටම ඕන කරන්නේ. ඒ නිසයි පොරොන්දුවෙන් මිනිස්සුන්ව රවට්ට ගන්නේ.මේක අදක ඊයක සිද්ධ වුණ දෙයක් නෙවෙයි.” අස්ලම් පැවසුවේය.
”පොරොන්දු වලට මිනිසුන් රැවටුන තරම දැන ගන්න පුලුවන් මේ ඉන්න කැබිනට් අමාත්‍යවරු ගණනින්. එක්කෙනෙක් 10000 දෙනවා කියනවා තව කෙනෙක් තව ගාණක් කියනවා. අපි කාවද පිළි ගන්න ඕන. අපි අසරණ වෙනවා විතරයි. ඇයි මේ අයට බල තන්හාවෙන් මිදලා එකඟතාවයකට එන්න බැරි. ” හෙතෙම ප‍්‍රශ්ණ කරන්නේය. එය කාහටත් තිබෙනා ප‍්‍රශ්නයකි.
සත්‍යයකි අසරණ වන්නේ සාමාන්‍ය ජනයා පමණකි. මීනිමරා ගනිමින් මැතිවරණ ව්‍යාපාරයේ යෙදෙන මෙම සාමාන්‍ය ජනයා හට කෙදිනක සාධාරණය ඉෂ්ටවේද ඒ අයගේ පවුල් සඳහා සාධාරණයක් ඉෂ්ට වේද මේවා හුදෙක් සමාජයේ මිනිසුන් නොහිතන දේවල්ය. නමුදු මොවුන් මෙසේ එක් එක් පාර්ෂවයන් කරා සහය දක්වන්නට යොමුවන්නේද තමන්ගේ යහපත බලාපොරොත්තුවෙන්ය. මෙසේ එක් එක් පාර්ශවකරුවන් වෙත සහය දැක්වීමේ අවශ්‍යතාවයක් නිසිපාලනයක් තිබේනම් කෙදිනකවත් අවශ්‍ය නොවන බව හෙතෙම පැවසුවේය.
”මේ අය තේරුමක් නැති දෙවල් කිය කිය මිනිසුන්ගේ කැමැත්තෙන් පාර්ලිමේන්තුවට ගියත් අවසානයේ සිද්ධවෙන්නේ මේ අය නිසාම සාමාන්‍ය මිනිස්සුන්ට මැරෙන්න.” නෙරංජලා සංජීවනී පැවසුවාය.
මොවුන්ගේ පොරොන්දු වලට රැවටී ඡන්දය දුන් පිරිස් තවදුරටත් නොරැවටී සිටීමට තමන්ගේ වටිනා ඡන්දය භාවිතා නොකිරීමට පෙළඹී සිටින බවක්ද දක්නට ලැබෙන බවයි ඇය පැහැදිලි කර සිටින්නේ. කිසිදු මැතිවරණයකදී ඔවුනට සිදු වූ සාධාරණයක් නොමැති නිසාත් සිදු නොවන බව දන්න නිසාත් එසේ ඡන්දය භාවිතා නොකර සිටීම සාධාරණ බවය ඇය පෙන්වා දෙනු ලබන්නේ.
මාධ්‍ය මේ විදිහට කඩේ යන්න හොඳ නැහැ
Media should be impartial මේ දිනවල ජනාධිපතිවරණය ජනමාධ්‍යයේ ප‍්‍රමුඛතම පුවත වී තිබේ. ජනමාධ්‍ය ඒ පිළිබඳ වාර්තා කරන්නේ එහි උණුසුම තව තවත් ඉහළ නංවමිනි. එහෙත් ජනමාධ්‍ය මැතිවරණය පිළිබඳ වාර්තා කරන අකාරය පිළිබඳ විවිධ විවේචන එල්ල වෙමින් පවති. ඒ පිළිබඳ විවිධ පුද්ගලයෝ විවිධ අදහස් ප‍්‍රකාශ කරති.
‘‘මම හොඳ ශ‍්‍රී ලංකාකාරයෙක්. මේ සැරේ මම ජන්දෙ දෙන්නෙත් මහින්ද මහත්තයට. එත් මේ ටී වී වලයි රේඩියෝ වලයි පත්තරවලිනුයි ආණ්ඩුවෙන් විපක්ෂයේ අයටයි විපක්ෂයේ අය ආණ්ඩුවටයි මඩ ගහන හැටි කොහෙත්ම හොඳ නැහැ. එක හරිම පක්ෂග‍්‍රාහියි. මට නම් ප‍්‍රවෘත්ති බලන්නත් එපා වෙලා තියෙන්නෙ.’’ රාජගිරියේ පදිංචි අමරදාස ප‍්‍රකාශ කළේය.
අමරදාස පවසන අකාරයට ජනාධිපතිවරණයේදී ජනමාධ්‍ය හැසිරෙන අකාරය පිළිබඳ ඔහුට සෑහීමකට පත්විය නොහැක.
‘‘ මාධ්‍ය මීට වඩා සමබර වෙන්න ඕන කියලයි මට හිතෙන්නෙ. එක එක්කෙනාට කඩේ යන්න හොඳ නැහැ.’’ අමරදාස පවසයි.
‘‘ මැතිවරණයක් සමයේ ලෝකයේ කොයි රටකත් බොහොමයක් මාධ්‍ය හැසිරෙන්නෙ පවතින ආණ්ඩුවට පක්ෂග‍්‍රාහීව තමයි. මොකද රජයේ මාධ්‍යවල ඉහළ සිට පහළටම තියෙන්නේ ආණ්ඩුවෙන් ප‍්‍රදානය කළ තනතුරු. මේ තනතුරුවල ඉන්න අය තමන්ගේ පුටුව රැකගන්න පවතින ආණ්ඩුවට පක්ෂව කටයුතු කරනවා. පසුගිය දිනවල මාධ්‍ය සම්බන්ධයෙන් නිසි බලධාරියෙකි ඇති කළත් ඔහුටත් කටයුතු කළ නොහැකි වුණේ මේ තත්ත්වය මතයි. ’’ කොළඹ විශ්ව විද්‍යාලයේ ජනසන්නිවේදන අංශයෙ ආචාර්ය අජන්තා හපුආරච්චි ප‍්‍රකාශ කළාය.
‘‘ අනිත් කාරණය තමයි මාධ්‍ය මේ වන විට ව්‍යාපාරයක් වෙලා තියෙන එක. ජනාධිපතිවරණය වෙලාවේදී ලාබ ලැබීමේ චේතනාවකින් ඔවුන් කටයුතු කරන අකාරයක් පේන්න තියෙනවා. මාධ්‍ය ජනතාවාදී ලෙස නොවෙයි ක‍්‍රියා කරන්නෙ. ඒ නිසා අනවශ්‍ය දේවල් සාමාන්‍ය මිනිස්සුන්ගෙ ඔලුවලට වැටිලා තියෙන්නෙ. ඒක හොඳ දෙයක් නෙමෙයි. බලෙන් මිනිස්සුන්ගේ ඔලුවලට අදහස් දෙන්න මාධ්‍ය කි‍්‍රයාකරනවා. මිනිස්සුන්ට ස්වයං තීරණ ගැනීමේ අයිතිය මාධ්‍ය විසින් අහෝසි කරලා තියෙන්නෙ.’’ හපුආරච්චි පැවසුවාය.
මේ තත්ත්වය වළක්වාලීමට නම් මීට එරෙහිව විරෝදාකල්පයක් ගොඩ නැඟිය යුතු බව ආචාර්ය හපුආරච්චි පෙන්වා දෙන්නීය.
‘‘ මම කියන්නෙ මැතිවරණයක් වැනි අවස්ථාවක රටේ නීතියට සමගාමීව මාධ්‍ය හසුරුවන්න පෙරටුගාමී කණ්ඩායමක් අවශ්‍යයි කියන එක. එය ස්වාධීන කණ්ඩායමක් විය යුතුයි. එමඟින් මාධ්‍ය පාලනයකට නොව මඟ පෙන්වීමකට අවස්ථාව සළසා ගත හැකියි.’’ ආචාර්ය අජන්තා හපුආරච්චි සඳහන් කළාය.
‘‘ අපේ ගුරු මණඩලේ ඇතුළෙත් ඡන්ද උණුසුම එන්න එන්නම වැඩි වෙනවා. මට ටී.වී බලලා උදේට ඉස්කෝලෙට ඇවිත්ඒ දේවල් තමන් දැක්කා වගේ කියන්න අපේ ස්ටාෆ් එකේ අය හරි දක්ෂයි. සමහර වෙලාවට ඉස්කෝලෙ අයත් රණ්ඩු නොවී රණ්ඩු වෙනවා. අර චැනල් එකේ මෙහෙම කීවා. මේකේ මෙහෙම කීවා. ඒක නෙමෙයි මේකයි ඇත්ත. කියලා කියවගන්නවා. අනේ මන්දා මීඩියා වල මොනවද කියන්නෙ කියලා මට නම් තේරෙන්නෙ නැහැ. මධ්‍යස්ථව හිතන මනුස්සයා අතරමං වෙනවා.’’ කොළඹ ප‍්‍රමුඛ පෙළේ පිරිමි පාසලක නම හෙළි කිරීමට අකමැති වූ ගුරුවරයෙක් පැවසුවේය.
‘‘ ඊයේ පෙරේදා දවසක ඉස්කොලේ ළමයි දෙන්නෙක් රණ්ඩු වෙලා මම ලගට එක්කගෙන අවා. හේතුව මේ ළමයින්ගේ තාත්තලා ප‍්‍රධාන අපේක්ෂකයන්ගේ අධාරකරුවො දෙන්නෙක්. කළින් දවසේ ටී.වී එකේ ගිය කතාවකට තමයි මේ දෙන්නා ගහගෙන තිබුණෙ. දහය වසරේ ළමයි දෙන්නෙක්. මම හිතන්නෙ මාධ්‍ය මැතිවරණයක් වෙලාවේදී මීට වඩා අවධානයෙන් කටයුතු කිරීම වැදගත්’’ ඔහු පැවසුවේය.
‘‘ මෙවර මැතිවරණයෙදී මාධ්‍ය ප‍්‍රබල සාධකයක් බවට පත් වෙලා තියෙනවා. මේ සම්බන්ධයෙන් සිදුවූ ප‍්‍රථම සිදුවීම තමයි සන්ඬේ ලීඩර් පුවත්පතේ සඳහන් වූ සිදුවීම. ඒ හරහා ජනමතයක් ගොඩනැගුනා. දෙවැන්න වූයේ ආර්. සම්බන්ධන් ජෙනරාල් ෆොන්සේකාට සහය දැක්වීම සම්බන්ධයෙන් මාධ්‍ය කතා කළ අකාරය. මේ සම්බන්ධව වාර්තා කළ මාධ්‍යවේදීන්ට විවිධ තර්ජන පවා පැවතුණා. මේ සිදුවීමත් ජනමතය හැඩ ගැසීම කෙරේ බලපෑවා. අනික තමයි මුසම්ම්ල් මන්ත‍්‍රීවරයාගේ සිදුවීම. මෙය මාධ්‍ය වාර්තා කළ අකාරය දෙස බැලූ විට එයත් ජනමතයට යම් බලපෑමක් කළ දෙයක් වුණා.’’කැළණිය විශ්ව විද්‍යාලයේ ජනසන්නිවේදන අංශයේ ආචාර්ය රෝහණ ලක්ෂ්මන් පියදාස පැවසුවේය.
‘‘ ජනපතිවරණයේදී රාජ්‍ය සහ පෞද්ගලික මාධ්‍යන් හැසිරෙන අකාරය දෙස බැලීමේදී පෞද්ගලික මාධ්‍යන් යම් නිදහසක් හිමිකර ගත්ත වග පේනවා. රාජ්‍ය මාධ්‍යන් වලට යම් යම් සීමාවන් තුළ සිට තමයි කටයුතු කිරීමට සිදු වී ඇත්තේ. කොහොම වුණත් මෙවර ජනපතිවරණයට සෘජු සහ වක‍්‍ර අකාරයෙන් බලපෑම් කිරීමේ හැකියාවක් මාධ්‍යන් වෙත ලැබී තිබෙනවා.’’ මාධ්‍ය මේ විදිහට කඩේ යන්න හොඳ නැහැ.
මේ දිනවල ජනාධිපතිවරණය ජනමාධ්‍යයේ ප‍්‍රමුඛතම පුවත වී තිබේ. ජනමාධ්‍ය ඒ පිළිබඳ වාර්තා කරන්නේ එහි උණුසුම තව තවත් ඉහළ නංවමිනි. එහෙත් ජනමාධ්‍ය මැතිවරණය පිළිබඳ වාර්තා කරන අකාරය පිළිබඳ විවිධ විවේචන එල්ල වෙමින් පවති. ඒ පිළිබඳ විවිධ පුද්ගලයෝ විවිධ අදහස් ප‍්‍රකාශ කරති.
‘‘මම හොඳ ශ‍්‍රී ලංකාකාරයෙක්. මේ සැරේ මම ජන්දෙ දෙන්නෙත් මහින්ද මහත්තයට. එත් මේ ටී වී වලයි රේඩියෝ වලයි පත්තරවලිනුයි ආණ්ඩුවෙන් විපක්ෂයේ අයටයි විපක්ෂයේ අය ආණ්ඩුවටයි මඩ ගහන හැටි කොහෙත්ම හොඳ නැහැ. එක හරිම පක්ෂග‍්‍රාහියි. මට නම් ප‍්‍රවෘත්ති බලන්නත් එපා වෙලා තියෙන්නෙ.’’ රාජගිරියේ පදිංචි අමරදාස ප‍්‍රකාශ කළේය. අමරදාස පවසන අකාරයට ජනාධිපතිවරණයේදී ජනමාධ්‍ය හැසිරෙන අකාරය පිළිබඳ ඔහුට සෑහීමකට පත්විය නොහැක. ‘‘ මාධ්‍ය මීට වඩා සමබර වෙන්න ඕන කියලයි මට හිතෙන්නෙ. එක එක්කෙනාට කඩේ යන්න හොඳ නැහැ.’’ අමරදාස පවසයි.
‘‘ මැතිවරණයක් සමයේ ලෝකයේ කොයි රටකත් බොහොමයක් මාධ්‍ය හැසිරෙන්නෙ පවතින ආණ්ඩුවට පක්ෂග‍්‍රාහීව තමයි. මොකද රජයේ මාධ්‍යවල ඉහළ සිට පහළටම තියෙන්නේ ආණ්ඩුවෙන් ප‍්‍රදානය කළ තනතුරු. මේ තනතුරුවල ඉන්න අය තමන්ගේ පුටුව රැකගන්න පවතින ආණ්ඩුවට පක්ෂව කටයුතු කරනවා. පසුගිය දිනවල මාධ්‍ය සම්බන්ධයෙන් නිසි බලධාරියෙකි ඇති කළත් ඔහුටත් කටයුතු කළ නොහැකි වුණේ මේ තත්ත්වය මතයි. ’’ කොළඹ විශ්ව විද්‍යාලයේ ජනසන්නිවේදන අංශයෙ ආචාර්ය අජන්තා හපුආරච්චි ප‍්‍රකාශ කළාය.
‘‘ අනිත් කාරණය තමයි මාධ්‍ය මේ වන විට ව්‍යාපාරයක් වෙලා තියෙන එක. ජනාධිපතිවරණය වෙලාවේදී ලාබ ලැබීමේ චේතනාවකින් ඔවුන් කටයුතු කරන අකාරයක් පේන්න තියෙනවා. මාධ්‍ය ජනතාවාදී ලෙස නොවෙයි ක‍්‍රියා කරන්නෙ. ඒ නිසා අනවශ්‍ය දේවල් සාමාන්‍ය මිනිස්සුන්ගෙ ඔලුවලට වැටිලා තියෙන්නෙ. ඒක හොඳ දෙයක් නෙමෙයි. බලෙන් මිනිස්සුන්ගේ ඔලුවලට අදහස් දෙන්න මාධ්‍ය කි‍්‍රයාකරනවා. මිනිස්සුන්ට ස්වයං තීරණ ගැනීමේ අයිතිය මාධ්‍ය විසින් අහෝසි කරලා තියෙන්නෙ.’’ හපුආරච්චි පැවසුවාය.
මේ තත්ත්වය වළක්වාලීමට නම් මීට එරෙහිව විරෝදාකල්පයක් ගොඩ නැඟිය යුතු බව ආචාර්ය හපුආරච්චි පෙන්වා දෙන්නීය. ‘‘ මම කියන්නෙ මැතිවරණයක් වැනි අවස්ථාවක රටේ නීතියට සමගාමීව මාධ්‍ය හසුරුවන්න පෙරටුගාමී කණ්ඩායමක් අවශ්‍යයි කියන එක. එය ස්වාධීන කණ්ඩායමක් විය යුතුයි. එමඟින් මාධ්‍ය පාලනයකට නොව මඟ පෙන්වීමකට අවස්ථාව සළසා ගත හැකියි.’’ ආචාර්ය අජන්තා හපුආරච්චි සඳහන් කළාය.
‘‘ අපේ ගුරු මණඩලේ ඇතුළෙත් ඡන්ද උණුසුම එන්න එන්නම වැඩි වෙනවා. මට ටී.වී බලලා උදේට ඉස්කෝලෙට ඇවිත්ඒ දේවල් තමන් දැක්කා වගේ කියන්න අපේ ස්ටාෆ් එකේ අය හරි දක්ෂයි. සමහර වෙලාවට ඉස්කෝලෙ අයත් රණ්ඩු නොවී රණ්ඩු වෙනවා. අර චැනල් එකේ මෙහෙම කීවා. මේකේ මෙහෙම කීවා. ඒක නෙමෙයි මේකයි ඇත්ත. කියලා කියවගන්නවා. අනේ මන්දා මීඩියා වල මොනවද කියන්නෙ කියලා මට නම් තේරෙන්නෙ නැහැ. මධ්‍යස්ථව හිතන මනුස්සයා අතරමං වෙනවා.’’ කොළඹ ප‍්‍රමුඛ පෙළේ පිරිමි පාසලක නම හෙළි කිරීමට අකමැති වූ ගුරුවරයෙක් පැවසුවේය.
‘‘ ඊයේ පෙරේදා දවසක ඉස්කොලේ ළමයි දෙන්නෙක් රණ්ඩු වෙලා මම ලගට එක්කගෙන අවා. හේතුව මේ ළමයින්ගේ තාත්තලා ප‍්‍රධාන අපේක්ෂකයන්ගේ අධාරකරුවො දෙන්නෙක්. කළින් දවසේ ටී.වී එකේ ගිය කතාවකට තමයි මේ දෙන්නා ගහගෙන තිබුණෙ. දහය වසරේ ළමයි දෙන්නෙක්. මම හිතන්නෙ මාධ්‍ය මැතිවරණයක් වෙලාවේදී මීට වඩා අවධානයෙන් කටයුතු කිරීම වැදගත්’’ ඔහු පැවසුවේය.
‘‘ මෙවර මැතිවරණයෙදී මාධ්‍ය ප‍්‍රබල සාධකයක් බවට පත් වෙලා තියෙනවා. මේ සම්බන්ධයෙන් සිදුවූ ප‍්‍රථම සිදුවීම තමයි සන්ඬේ ලීඩර් පුවත්පතේ සඳහන් වූ සිදුවීම. ඒ හරහා ජනමතයක් ගොඩනැගුනා. දෙවැන්න වූයේ ආර්. සම්බන්ධන් ජෙනරාල් ෆොන්සේකාට සහය දැක්වීම සම්බන්ධයෙන් මාධ්‍ය කතා කළ අකාරය. මේ සම්බන්ධව වාර්තා කළ මාධ්‍යවේදීන්ට විවිධ තර්ජන පවා පැවතුණා. මේ සිදුවීමත් ජනමතය හැඩ ගැසීම කෙරේ බලපෑවා. අනික තමයි මුසම්ම්ල් මන්ත‍්‍රීවරයාගේ සිදුවීම. මෙය මාධ්‍ය වාර්තා කළ අකාරය දෙස බැලූ විට එයත් ජනමතයට යම් බලපෑමක් කළ දෙයක් වුණා.’’ කැළණිය විශ්ව විද්‍යාලයේ ජනසන්නිවේදන අංශයේ ආචාර්ය රෝහණ ලක්ෂ්මන් පියදාස පැවසුවේය.
‘‘ ජනපතිවරණයේදී රාජ්‍ය සහ පෞද්ගලික මාධ්‍යන් හැසිරෙන අකාරය දෙස බැලීමේදී පෞද්ගලික මාධ්‍යන් යම් නිදහසක් හිමිකර ගත්ත වග පේනවා. රාජ්‍ය මාධ්‍යන් වලට යම් යම් සීමාවන් තුළ සිට තමයි කටයුතු කිරීමට සිදු වී ඇත්තේ. කොහොම වුණත් මෙවර ජනපතිවරණයට සෘජු සහ වක‍්‍ර අකාරයෙන් බලපෑම් කිරීමේ හැකියාවක් මාධ්‍යන් වෙත ලැබී තිබෙනවා.’’
මේ අයට මුහණුට මුහුණ කතා බැරි ඇයි

Why no public debate ?
විශ්ව ගමිමාන සංකල්පයට ශී‍්‍රී ලංකාව පැමිණ ඇති බව මෙවර ජනාධිපතිවරණය සාක්ෂි දරයි. කෙසේ කුමන මාධ්‍යකින් ජනාධිපති අපේක්ෂකයන් ජනතාව හමුවට ආවද මාධ්‍යක් ඉදිරියේ ඔවුන් කිසිවිටෙක මුහුණට මුහුණ මුණගැසෙන්නේ නොමැත. එයට හේතුව කුමක්දැයි විමසීමට මත්තෙන් ජනතාවට මෙවැනි හමුවීමක අවශ්‍යතාවය තිබේදැයි විමසීම යුතුකමකි.
ශ‍්‍රී ලංකා ඉතිහාසයේ කොතැනක හෝ මහත්මා දේශපාලනයක් නොතිබීම නිසාවෙන් කිසිදු දිනයක ජනාධිපති අපේක්ෂකයන් මුහුණට මුහුණ හමුවන සංවාද මණ්ඩපයක දකින්නට නොලැබෙන බවයි මදූෂ විරාජ් පවසන්නේ.
”අපි සාමාන්‍ය ජනතාව විදියට බලාපොරොත්තු වෙනවා වගේම ගොඩක් කැමතියි මේ අය මිනිස්සු ඉස්සරහට ඇවිත් කතා කරනවා නම්. නමුත් කිසිම දිනයක වෙන්නේ නැති දෙයත් ඒක. මීට පෙර මැතිවරණ වලදිවත් කවදාවත් එහෙම සාකච්ඡා තිබිලා නැහැ. කොහොම වුණත් මේ අය දන්නනා මේ අය හැමෝගෙම අත්වල මඩ කහට ලේ තැවරිලා තියෙන්නේ කියලා.” විරිජ් පැවසුවේය.
එසේ හෙයින් මාධ්‍ය හමුවට පැමිණ මිනිසුන් රවටන දේශපාලනය ඉදිරියේ ඔවුන් නිරුවත් වන බව හෙකෙම පැවසුවේය.
අප අපගේ සමාජයේ පවත්නා සියලු දේ හට උදා හරණ සපයා ගන්නේ ඇමෙරිකාව උපයෝගී කර ගනිමින් වුවද දේශපාලනය සඳහා එය කොහෙත්ම අදාල නොවන බව පැවසිය යුතුය. සන්සන්දනාත්මකව ගත් කල ශ‍්‍රී ලාංකීය දේශපාලනයේ සිදුවන මැර ප‍්‍රහාර හා මඩ ප‍්‍රහාර හා මිනී මැරුම් දක්නට නොමැත. එකී රටේ පාලකයන් හට කොන්ද කෙලින් තබාගෙන මුහුණට මුහුණ වාද කිරීමේ හැකියාවද ඇත. එකී රටේ ජනාධිපති වරණය සඳහා භාවිත කළ තාක්ෂණය ක‍්‍රමවේදයන් මේ රටේ භාවිතා කරමින් සිටී.
නමුදු එක දෙයක් පමණක් අමතක කර තිබේ. එයට හේතුව ලෙස සාමාන්‍ය ජනතාව ලෙස තේරුම්ගත හැක්කේ කුමක්ද මෙකී තත්ත්වය පිළිබඳ ග‍්‍රාමීය ජනතාවට අවබොධයක් නොවන්නට පුලුවන. නමුදු කොළඹ අගනගරයේ ජීවත්වන පිරිසට මෙය අලූත් දෙයක් නොවේ. අනතර් ජාලයේ සෑම පිටුවක් පුරාම ජනාධිපති අපේක්ෂකයන්ගේ ප‍්‍රචාරක කටයුතු ගෙන යන්නට මෙන්ම ගුවන් විදුලි මාධ්‍ය ඔස්සේ එස් එම් එස් මත විමසීම් සිදු කිරීමටත් ආරම්භ කළේ නව තාක්ෂණයේ ප‍්‍රතිපල ලෙසය.
“එක එක වටේ ඉන්න අය කියනවාට වඩා ප‍්‍රධානියෝ දෙන්න ඇවිත් තමන්ගේ අදහස් ප‍්‍රකාශ කරනවා නම් කවුරුත් කැමතියි. එක් කවදාවත් නොවන එක ගැන තමයි තියෙන ප‍්‍රශ්ණය. මෙතනදි ජනමාධ්‍ය වෙදීන්ගෙත් අඩුපාඩුවක් තියෙනවා. මොකද කිසිම කෙනෙක් මේ සම්බන්ධව කතා කරන්න නැතිව ඇති.” ප‍්‍රියන්ත ප‍්‍රනාන්දු පැවසුවේය.
”පක්ෂ වල ඉන්න අනිත් අය ආවත් මේ අය රටේ ඉන්න සාමාන්‍ය ජනතාව බලාපොරොත්තු වෙන දේ නොදෙන්න පුලුවන්. සංකීර්ණ දෙයක් වුණත් මේක කරන්න පුලුවන් දෙයක්. මේ ගැන අවධානය යොමු නොවීමයි තියෙන ප‍්‍රශ්ණය. තව දෙයක් තමයි අපක්ෂපාතී මාධ්‍යක් තෝරා ගැනීම. කොහොමද මේ දෙවල් කරන්නේ. එ් වගේම මාධ්‍ය වේදියෙක් තෝරා ගන්න එක.මේ දෙන්නා ඇවිත් සංවාදයට සූදානම් වුණත් පස්සේ දවසේ මාධ්‍ය ෙවිදියගේ ජීවිතයට මෙනවා වෙයිද කියලා හිතා ගන්න බැහැ.” හෙතෙම පැවසීය.
කෙසේ වුවද මාධ්‍ය ආයතන ප‍්‍රධානීන් අතහැර සාමාන්‍ය මාධ්‍ය වේදියකු මේ සඳහා සූදානම් කරීම වඩා වැදගත් වන බව ඔහු පෙන්නා දුන්නේය. එසේ සංවාද මණ්ඩපයක් සෑදෙන්නේ නම් එය ඉතා සාර්ථක මෙන්ම ජනතාවගේ ඇස් පෑදීමටත් මාර්ගයක් වන බව ප‍්‍රනාන්දු පෙන්වා දුන්නේය.
”මේ අය තමන්ගේ යහපත ගැන විතරයි හිතන්නේ. දේශපාලන පක්ෂ නියෝජිතයන් කෑ ගහනවට වඩා ප‍්‍රධානියෝ ඇවිත් මේ අයගේ අදහස් ප‍්‍රකාශ කරනවා නම් හොඳයි. මිනිස්සුන්ගේ පැහැදීමක් ඇතිවෙයි. මේ අනිත් අය ඇවිත් මඩ ගහ ගන්නවට වඩා එක ගොඩක් හොඳයි.” සුසන්තා වීරසිංහ පැවසුවාය.
කෙසේ වුවද ලංකාවේ දේශපාලන ඉතිහාසයේ මෙන්ම මාධ්‍ය ඉතිහාසයේද විශාල වෙනසක් සිදුවෙමින් හා සිදු වී පවතී. සාමාන්‍ය ජනතාවට තමන්ගේ අදහස් ප‍්‍රකාශ කිරීමේ අයිතිය පමණක් ඉතිරි කර බලා සිටීමට තුළ ශ‍්‍රී ලාංකිකයන්ට අවශ්‍ය වෙනස කුමක් දැයි පිරික්සා දැන ගැනීමේ හැකියාව පවතින බව වීරසිංහ පැවසුවාය.








