මාර්තු මැද වැසි.
පවතින උෂ්ණත්වය මඟ හරිමින් මාර්තු මැද වන විට වැසි ඇති වන කාළගුණ විද්‍යාඥ ගයනා හෙන්ඩවිතාරණ පැවසුවාය.
“ජනවාරි මාසයේ ඉන්දියාව හරහා හුළං හමන නිසා සීතලයි. නිරිත දිග මෝසම ටිකක් සක‍්‍රීය තත්ත්වය අඩු වුණා. එත් එක්කම සුළං තත්ත්වය අඩුවුණා . මේනිසා රස්නය දැනෙන්න පටන් ගත්තා. මේක සාමාන්‍ය තත්ත්වයක්. ගිය අවුරුද්දේ මීට වඩා මේ උෂ්ණත්වය තිබුණා. මාර්තු මැද වෙද්දී මේ තත්ත්වය අඩු වෙලා යාවි කියලා අපි හිතනවා. මොකද මාර්තු මැද වෙද්දි වර්ෂාව ලැබෙනවා.” හෙණ්ඩවිතාරණ පැවසුවාය.
කෙසේ වුවද මෙකී උෂ්ණත්ව තත්ත්වයට හේතුව වන්නේද සාමාන්‍ය මිනිසාගේ ක‍්‍රීයාකාරීත්වය බව කවුරුත් දන්නා කරුණකි. වනාන්තර හෙළි කිරීම් මේ තත්ත්වයට විශාල වශයෙන් බලපෑම් කර ඇති බවයි ඇය පවසන්නේ.
නාගරීකරණය මිහිකත උණූසුම් වීම සඳහා බලපාන බව කාළගුණ විද්‍ය දෙපාර්තු මේන්තුවේ හිටපු අධ්‍යක්ෂ ජේ ආර් අබේසිංහ පවසයි.
“ගස් වල ප‍්‍රභාසංස්ලේෂණ ක‍්‍රීයාවලිය නිසා රස්නය කියන දෙය අපට තේරෙන්නේ නැහැ. නමුත් ගොඩ නැගිලි වලට ප‍්‍රභාසංස්ලේෂණ කි‍්‍රයාවලියක් සිදු කරන්න බැහැ. මේ උණූසුම් කාළගුණය සෑම අවුරුද්දකම තිබුණත් මිනිස් ක‍්‍රීයාකාරකම් කියන දේත් මේ සඳහා එකතු වෙනවා.” හෙතෙම පැවසුවේය.
ඔහු පවසන පරිදි වනාන්තර හෙළි කිරීම වාහන වලින් පිටවන වායූ ද මේ සඳහා බලපෑම් කරනු ලබයි. අපේ‍්‍රල් 5 -15 දක්වා කාලයේ ලංකාවට ඉර මුදුන් වෙන කාලය බවයි හෙතෙම පවසන්නේ.
“අගනුවරට මේ තත්ත්වය ගොඩක් බලපෑම් කරනවා. මොකද සැලසුමක් නැති විදියට ගොඩනැගිලි ඉදිවෙනවා. ඒ වගේම වාහන වලින් පිටවන වාතය නිසාත් ඉන්න බැරි තත්ත්වයක් උදා වෙලා තියෙන්නේ. මේ දේවල් හරියට සැළසුම් කරලා කළානම් මේ තත්ත්වයන් අවම කර ගන්න තිබුණා.” සේනාධීර පැවසුවේය.
බැලූ බැලූ තැන කොන්ක‍්‍රීට් බැම් වලින් වටවු නිසාවෙන් ගස් කොළන් ප‍්‍රමාණය මද නිසාවෙනුත් මෙම තත්ත්වයට මුහුණ දීමට අගනුවර ජනතාවට සිදු වූ බවයි හෙතෙම පවසන්නේ.
කාළගුණික විපර්යාසයක් වුවද මේ ඇතිවන තත්ත්වයට මුහුණ පෑමේ හැකියාව යම් තාක් දුරට හෝ පවතින්නේ ජනතාව අත බවයි සේනාධීර පවසන්නේ.
“මේ අවුරුද්දෙ පෑවිල්ල ටිකක් වැඩියි වගේ දැනෙනවා. මොකද ගිය අවුරුද්දේ මේ වෙද්දී වතුර නැතිව ගියේ නැහැ. දැන් අපිට බොන්න වතුර නැහැ.” ළිං හිදිලා. කුරුණැගල කුසුම් ආරියවතී පැවසුවාය.
ඇය පවසන පරිදි ඉදිරියේදී එනම් ලබන වර්ෂය වන විට මෙම තත්ත්වය ලංකාව පුරාවට විශාල බලපෑමක් එල්ල කරන්න්ක් වියි හැකිය.
“අපට කවදාවත් වතුර වල අඩුවක් තිබුණෙ නැහැ. මේ වතාවේ ගොවිතැනවත් කර ගන්න බැරිව ඉන්නේ. වැව් පවා හිදිලා. මිනිස්සු ගොවිතැන් කළොත් නාන්න සතුන්ට බොන්නවත් නැතිව යනවා.” අය පැවසුවාය.
අකලට වියෝ වූ පරිසරවේදියා පියල් පරාක‍්‍රම
වචනයෙන් පරිසමාප්ත අර්ථයෙන්ම සොඳුරු මිනිසෙක් වූ ඔහු සිය ජීවිතයෙන් අකාලයෙන් සමුගෙන ගියේය. නිහඬවම පරිසරයට ආදරය කළ මිනිසෙක් වූ ඔහුගේ වියෝව පරිසරයට හිතැති බොහෝ දෙනාගේ හදවතට සදාකාලික වේදනාවක් එක් කළ බව නොරහසකි.
පියල් පරාක‍්‍රම නම් වූ මේ සොඳුරු පරිසරවේදියා පසුගිය තුන්වෙනිදා මධ්‍යම රාත‍්‍රියේදී කලුබෝවිල රජයේ රෝහලේදී මෙලොව හැර ගියේය. මියෙනතුරුම ඔහු පරිසරය රැකගැනීමේ සටනේ පුරෝගාමී මෙහෙවරක නිරත වූයෙකි. තුන්වෙනිදා දහවලත් ඔහු මාධ්‍ය සාකච්ඡාවකට සහභාගී වෙමින් මැතිවරණ සමයේ පොලිතීන් භාවිතය අවම කළ යුතු යැයි අවධාරණය කළේය. ඔහුගේ අවසන් ප‍්‍රාර්ථනාව වූයේ එයයි.
‘‘ පියල් අයියා ටිකක් අසනීපෙන් තමයි හිටියේ. එදා මාධ්‍ය සාකච්ඡුාවටත් ඔහු පැමිණියේ අපි එපා කියද්දිමයි. එ්ත් ඔහුට ඕන වුණා මැතිවරණයේදී පරිසරය විනාශ වීම වළක්වා ගන්න. ඇත්තටම ඔහුගේ වෙන්න යාම අපිට දරාගන්න ටිකක් අමාරුයි. ඔහු හොඳ පරිසරවේදියෙක් පමණක් නොවෙයි ආදරණීය
මිත‍්‍රයෙක් ආදරණීය සහෝදරයෙක්. අපිට විතරක් නෙමෙයි ඔහුගේ වියෝව මු`ථ ලංකාවටම පාඩුවක්.’’ තරුණ සතත්වවේදීන්ගේ සංගමයේ කැදවුම්කරු රවීන්ද්‍ර කාරියවසම් පැවසුවේය. පියල් පරාක‍්‍රමයන් 1980 වසරේ සිට මිය යන තුරුම තරුණ සතත්වවේදීන්ගේ සංගමයේ සාමාජිකයෙකි.
පරිසර හිතකාමී හැසිරීම් රටාවක් මඟින් යහපත් ලෝකයක් තන්නට පියල් අයියා සිහින දැක්කේය. එය සිහිනයක් පමණක් නොව යථාර්තයක් කර ගනු පිණිස ඔහු අපමණ වෙහෙසුණේය. එය හුදු ලාබ ප‍්‍රයෝජන අපේක්ෂාවෙන් හෝ ස්වයං අරමුණු ඉටු කර ගැනීමේ බලාපොරොත්තුවෙන් නොවේ. ඉහළ කොත්මලේ ජල ව්‍යාපාරයෙන් වූ හානිය වළක්වා ගැනීමට මැදිහත් වීම ජලය විකිණීමට ගෙනන ලද පනත පරාජය කිරීමට මූලිකත්වය ගැනීම උමා ඔය ජල ව්‍යාපෘතියට එරෙහි වීම සිංහරාජය වනාන්තරයේ හෝටලයක් ඉදිකිරීම වෙනුවෙන් නැගී සිටීම ආදී ක‍්‍රියා මාර්ග ගත්තේය. මේ සියල්ල ඉටු කිරිමේදි එ් වෙනුවෙන් ඔහුට බාධක රැසකට මුහුණ දෙන්නට සිදු විය. එහෙත් ඉන් සැලූණේ ඔහු නොවේ. පරිසරය වෙනුවෙන් බොහෝ දෑ කරන්නට අවැසි යුගයක පියල් පරාක‍්‍රම නම් පරිසරවේයාගේ සමුගැන්ම සමස්ත ශ‍්‍රී ලංකාවටම පාඩුවකි.
2004 2006 වසර කිහිපය තුළ ඔහු ඉඩම් වාරි මාර්ග පශු සම්පත් අමාත්‍යාංශයේ උපදේශකයෙකු වශයෙන් සේවය කළේය. ශී‍්‍ර ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ සමාජ විද්‍යා අංශයේ කතිකාචාර්යවරයෙකු වශයෙන්ද මිය යන තුරු සේවය කළේය. පියල් පරාක‍්‍රමයන් තවත් පරිසර සංවිධාන රැසක පුරෝගාමී සමාජිකයෙකි.
රැසියාවේ ලූලූම්බා සරසවියෙන් විද්‍යාවේදී උපාධිධාරියෙකු වූ පියල් පරාක‍්‍රමයන් පරිසරය රැකගන්නට සිදුකළේ අද්විතීය කාර්යභාරයක් බවට සැකයක් නැත. එ් වෙනුවෙන් ඔහු ජීවිතයේ බොහෝ දෑ නොමසුරුව කැප කළේය. පරිසරයට ආදරය කරන්නට ගොස් ඔහුගේ පෞද්ගලික ජීවිතයේ බොහෝ හැලහැප්පීම් සිදු විය. අවසානයේදී ඔහුගේ ජීවිතයේ ඔහුට සිටි එකම නෑදෑයා වූයේ ඔහුගේ ආදරණීය මැණියන් පමණි. තමන් ජීවත්ව සිටියදී සිය ආදරණීය පුතණුවන් වියෝවී යාම ජීවිතයේ සැදෑ සමයේ සිටින පියල් පරාක‍්‍රමයන්ගේ මවට දරා ගත නොහැකි වේදනාවක් බවට පත්ව තිබේ.
‘‘ මම පියල්ව දන්නේ මීට වසර තිහක පමණ ඉඳන්. ඔහු පරිසරය රැුකගන්න කටයුතු කළේ නිර්භීතව. රටට ලැදි පරිසරයට ලැදි යාලු මිත‍්‍රයන්ට ලැදි පියල්ගේ සමු ගැන්ම ලංකාවටම පාඩුවක්.’’ පරිසරවේදී නීතිඥ ජගත් ගුණවර්ධන සිය සමකාලීන මිතුරාගේ අකල් වියෝව පිළිබඳ එසේ පැවසුවේය.
‘‘ යුගත් අප හැම දුටුව සිහිනය කඳුලු බිඳු විය සොයුරනේ…
සතුන් ගහ කොළ පවා තැවුණේ ඔබ නිසා විය අද දිනේ….’’ සිය ආදරණීයාගේ සමුගැන්මෙන් වේදනාවට පත් පියල් සහෘදයන් ඔහු වෙනුවෙන් එසේ සටහන් කර තිබුණි.
පෙන්ටාවේලන්ට් එන්නත නැවත හඳුන්වා දේ
ඉන්ෆුවෙන්සා ,කක්කල් කැස්ස,පිටගැස්ම,හෙපටයිටීස් යන රෝගී තත්වයන් සඳහා පෙන්ටාවේලන්ට් නැමති එන්නත නැවත ලබා දීම සඳහා සෞඛය අමාත්‍යාංශය තීරණය කරයි. 2008 වසරේ මෙම එන්නත ලබා දුනනද එම එන්නත ලබා දීමේදී ඇතිවූ සංකූලතාවයන් සැලකිල්ලට ගනිමින් මෙම එනනත ලබා දීම නවතා තිබූ අතර පසුව ලොක සෞඛය සංවිධානය හා ශ‍්‍රී ලංකා සෞඛය විද්වතුන් මඟින් නිර්ද්ශ කළ කමිටුවක් හරහාත් අනුමැතය ලබා ගනිමින් මෙම එන්නත නැවත ලබා දීමට ඊයේ දිනයේ ( 01 )තීරණය තර ඇත.
ශ‍්‍රී ලංකාවේ මතු වී එන මහජන සෞඛ්‍ය ගැටලුවක් ලෙස හිමොෆිලස් ඉන්ෆ්ලූවන්සා (හිබ්) ආසාධනය සැලකිය හැකි බව 2004 වසරේදී සිදු කෙරුණ හිබ් රෝග නිසා සිදුවන පීඩාව පිළිබඳ අධ්‍යනයෙන් පෙන්වා දෙනු ලැබීය.
වයස අවුරුදු 5ට අඩු දරුවන්ට වැළදෙන මෙම රෝගී තත්ත්වය කොළඹ දිස්ත‍්‍රීක්කයේ පමණක් ලක්ෂයකට 20.1 පමණ ප‍්‍රමාණයක් සිටින බව සෞඛ්‍ය අධයාපන කාර්‍යාංශයේ පැවති මාධ්‍ය සාකච්ඡාවකදී වෛද්‍ය සුදත් පීරිස් සඳහන් කළේය.
කුඩා ළමුන් අතර හිබ් රෝගවල අවදානමෙන් 90% කට වැඩි ප‍්‍රමාණයක් ප‍්‍රතිශක්තීකරණය මඟින් අවම කළ හැකි බවයි වෛද්‍ය පීරිස් සඳහන් කළේ.
මෙම එන්නත ගෙන්න වීම සඳහා සම්පූර්ණ වියදම රජය මඟින් දරණු ලබන අතර ඩෙංගු රෝගය සඳහා මෙම වසරේ අය වැයෙන් මිලියන පන්සීයයක් වෙන්කර ඇත.
ඩෙංගු රෝගය හා ඉන්ෆුවෙන්සා එච් 1 එන් 1 රෝගය ද මේ වන විට සැළකිය යුතු මට්ටමක පහත වැටීමක් පෙන්නුම් කරල ලද බව වසංගත රෝග ඵීද්‍යා අංශයේ අධ්‍යක්ෂිකා වෛද්‍ය පබා පලිහවඩන සඳහන් කළේය.
”ඩෙංගු රෝගය අවම කිරීම සඳහා රාජ්‍ය අමාත්‍යාංශ සියල්ලගේම සහය අවශ්‍යයි. කි්‍යුබානු රජයෙන් බීටීඅයි බැක්ටීරියාව ගෙන්නවීම සඳහා ඉල්ලූම් කරලා තියෙනවා. මේ මෙන දේ කළත් චරියාමය වෙනසක් සිදු කර ගන්නේ නැතිනම් මෙම රෝගය නැවත ඇති වෙන්න පුලුවන්.” වෛද්‍ය පළිහවඩන සඳහන් කළේය.
පසුගිය වසරේ දෙසැම්බර් මාසයේ ඩෙංගු රෝගීන් 3872 වර්තා වූ අතර වසර පුරාවට මරණ 345 සිදු වී ඇති බව සඳහන් කළ අතර 2010 ජනවාරි මාසයේ රෝගීන් 3336 හා මරණ 20 සිදු වී ඇති බව වෛද්‍ය පළිහවඩන සඳහන් කළේය.
The Health Ministry has decided to give the Pentavalent vaccine once again to patients suffering from Influenza, Whooping Cough, Hepatitis and Tetanus. The vaccine that was administered to patients in 2008 was stopped temporarily due to various complications due to the vaccination. The health Ministry decided to re-administer the vaccine on the 1st following a series of consultations between the World Health Organization and Sri Lankan health experts. Dr. Sujith Peiris says that 90% of the children in the country were at risk of contracting Haemophilus Influenzae if not immunized. Chief Epidemiologist, Dr. Pabha Palihawadana says that dengue and Influenza A1H1 has seen a considerable decline in the country.
දරුවන් දීග දෙන්න තියා අපට කන්නවත් නැහැ
Five Years After the Tragedy – Marriage hiatus forced by the tsunami
මරතෝඬිය රටා වියළෙන තුරු දෑතේ දැගිලි දිග හැර ගෙන සිටි අනීසියා වියළි සුළගට තම හිස වටා දමා තිබු පර්දාව වැටෙන්නට ඉඩ නොදි රදවා ගන්නට උත්සහ ගත්තේ නිරායාසයෙන්මයි. තම සංස්කෘතික උරුමයන් ඇය තම දිවි හිමියෙන් රැක ගන්නට මහත් උත්සහයක් ගනු ලබනවා.
සුනාමිය නිසා අවතැන්වු ඇයත් ඇගේ පවුලේ අයත් වසර පහක් තිස්සේ ඡුිවත් වන්නේ සයින්දමර්දු මස්ඡුිදුල් පලාහ් සුනාමි සුබ සාධන කදවුරේ. කදවුරට එන විට ඇයට අවුරුදු 17 පමණ වෙනවා.
“අපි මේ කදවුරේ ඉන්නේ සතුටකින් නොවේ. මට ළමයි පස් දෙනෙක් ඉන්නවා. තුන් දෙනෙක් විවාහ වෙලා දැන් ගෙදර ඉන්නේ පුතයි,දුවයි,නෝනයි විතරයි,ඒ කාලේ මම බිස්නස් කරලා ගෙයකුත් හොදට හැදුවා. එතකොට ප‍්‍රශ්න මොනවත් නැහැ. එත් අද කොහේ හරි ගිහින් කියක් හරි හොයාගන්නවා විතරයි. වෙන දෙයක් කරන්න බැහැ.” සුල්තානා අනීසියාගේ පියා වන නාග‍්‍රරාන් සුල්තාන් පැවසීය.
දරුවන් ලොකු මහත් කළත් ඔවුන්ගේ අනාගතය ගැන සැලසුම් කරන එක මේ අයට ගැටලූවක්. 2004 දෙසැම්බර් 26 වන දින කරදිය සයුර කැලඹි තමා විසින් තම ඡුිවිත කාලය තුළදි හරිහම්බ කර ගත් සියලූ සේසත විනාශ විම නිසා අද සුභසාධන කඳවුරකට තම ඡවිතය කැප කරන්න සිදුවෙලා.
තාත්තා කෙනෙකුගේ වගකිම් සපුරන එක සුල්තාන් හට සිහිනයක් කියලයි සුල්තාන් පවසන්නේ .
“මම මුහුද අයිනේ ලස්සන ගෙයක් දුවට හැදුවා. එක සුනාමියට විනාශ වුණා. දැන් ගෙයක් නැතිව දුව විවාහ කරලා දෙන්න විදියක් නැහැ. එයාට අවුරුදු 22 වෙනවා. අපේ සිරිත් වල හැටියට අවුරුදු 20-25 අතර බන්දලා දෙන්නත් ඕන. කොහොම ද කරන්නේ කියලා හිතා ගන්න බැහැ.” සුල්තාන් පැවසිය.
සිංහල ජාතිකයන් බින්න විවාහය නමි හදුන්වනු ලබන විවාහා චාරිත‍්‍රයම මුස්ලිම් ඡතිකයන් අතර ද දකින්නට ලැබේනවා. මේ සංස්කෘතික ක‍්‍රමය උරුමයක් සේ සලකන මුස්ලිම් ඡතිකයන් හට ඉන් බැහැරව කටයුතු කරීමට හැකියාවක් නැහැ. එහෙත් අද දවස වන විට එය මුස්ලිම් ඡතිකයන් බොහෝ දෙනේකුට තම දියණියන් විවාහ කරදිම ගැටලූවක් බවට පත්වෙලා.
“ගෙයක්, ගෙයකට අවශ්‍ය බඩු, රත්තරන් බඩු එහෙමත් දෙන්න ඕන. සමහර අය සල්ලිත් ඉල්ලනවා මම නම් ගෙයක් දෙන්න තමයි බලන්නේ, සල්ලි කොහෙම ද දෙන්නේ. මට විතරක් නෙමේ සුනාමියට අහුවෙලා කදවුරු වල ඉන්න හැමෝටම දයාද දෙන එක ප‍්‍රශ්නයක්. මමත් දැන් වයසයි. හම්බකරන්නත් බැහැ ” නාග‍්‍රරාන් සුල්තාන් පවසයි.
සුනාමිය හින්දා වසර පහක පමණ කාලයක් අසරණව ඉන්න මේ අය හට නිසියාකාර ආදායම් මාර්ගයක් නැති නිසාමත්, සමහර පවුල් වල ගෘහ මුලිකයන් මෙන්ම සමාඡකයන් ද සුනාමි අනතරින් විපතට පත් විමත් නිසාත් බොහොමයක් පවුල් අසරණ වී සිටිනවා .
කල්මුණේ ප‍්‍රදේශයේ සුනාමි කදවුරක ජීවත් මවක් වන රායිලා උම්මාහට,තම ස්වාමියා රෝගීතත්ත්වයකින් එක් තැන් වී සිටින නිසා තනිවම තම පවුලේ වගකීම් දරාගන්නට ඇයට සිදුවෙලා.
“මට අවුරුදු හතක පුතෙකුයි, අවුරුදු එකොළහක පුතාලා දෙන්නෙකුයි ඉන්නවා. තව අවුරුදු දහඅටක දුවේකුයි, අවුරුදු විසිතුනක දුවේකුයි ඉන්නවා. ලොකු ළමයා බදින වයසේ මම එදා වේල සොයා ගන්නේ වී කොටලා ගෙවල් ගානේ ගිහින් විකුණලා දවසට මොනවා හරි කනවා ඇරෙන්න ළමයි විවාහ කරලා දෙනවා කියලා හිතන්නත් බැහැ. මගේ මහත්තයා ජීවත් කරන්නත අමාරුයි ”රායිලා උම්මා පැවසුවාය.
සුනාමිය නිසා එදාට වඩා අද දවසේ බොහොමයක් ප‍්‍රශ්න ඇති වී තිබේනවා. එදා සුනාමිය ඇති වු විගස රට වලින් පැමිණි රාජ්‍ය නොවන සංවිධාන බොහොමයක් මේ අයහට ආධාර උපකාර කරණු ලැබුවා. කැම බීම අතින් ද අඩුවක් පැවතියේ නැති බවත් අද පවතින වියදමත් සමග තම දියණියන් හට දායාදයන් ලාබාදිමට හැකියාවක් නැති බවත් ඇය පවසා සිටිනවා.
“මම කොහොමද ළමයින්ට ගෙවල් දෙන්නේ, සුනාමියෙන් පස්සේ තවමත් අපි කදවුරේ, අපි නැති වුණා. ගෙයටත් තාම ගෙයක් ලැබුණේ නැහැ. මේ කදවුරේ ඉන්න සමහර අයට දුලා හය දෙනා හතර දෙනා ඉන්නවා. ඒ අයටත් මේ ප‍්‍රශ්න තියෙනවා. ළමයි ගැන හිතනකොට මොනවද කරන්නේ කියලා හිතාගන්න බැහැ.” රායිලා උම්මා පැවසුවේ දෙනතේ කදුථ පුරවගනිමිනි.
යුද වතාවරණය නිසාත් සුනාමිය නිසාත් නැගනහිර මුහුදු සිමාවේ ජනතාව දැඩි පීඩාවකට පත්වු බව වසර ගණනාවක් තිස්සේ සියලූ මාධ්‍යන් ඔස්සේ ප‍්‍රචාරය වුවද නිසි ආකාරයෙන් සොයා බැලීමක් සිදුවී නැති බව මොහොමඞ් ඉබ්රාහිම් පැවසුවා.
සුනාමියෙන් පස්සේ ධීවර රැුකියාවේ යෙදී සිටි බොහෝ පිරිසකට තම රැකියාව පිළිබද ගැටලූ ඇති වුවා. තම වාඩි මෙන්ම ධීවර ආම්පන්න ධීවර නිවාස අහිමි විම තුළින් සුබසාධන කදවුරු වල ජීවත් වන මේ අයට සුනාමියට පෙර ගෙඩනැගී තිබුණා වු ආර්ථික පරිසරය නැවතත් ගොඩනගාගැනිම සිහිනයක් බවට පත්වෙලා.
“මට විවාහ කර දෙන වයසේ දරුවො දෙන්නෙක් ඉන්නවා. මේ ධීවර රස්සාවෙන් මට දවසකට රුපියල් සියක් ලැබෙන දවස් තියෙනවා. නැත්නම්
කියක්වත් නැති දිනත් තියෙනවා. කවුරු හරි හොයලා විවාහ කරන්න හිතුවට එක ලේසි නැහැ. අපිට තම ඉඩමක්වත්,ගෙයක්වත් හම්බවෙලා නැහැ. අද ඉඩමක් අරගෙන ගෙයක් හදන්න අපිට ආදායමක් නැහැ. අපි පවුලේ අයට කන්න ටික දෙන්නේත් අමාරුවෙන්.” ඉබ්රාහිම් පැවසීය.
නැගනහිර ප‍්‍රදේශයේ බොහොමයක් පිරිස විදේශ රැකියාවන් සදහා යොමු වීමේ ප‍්‍රවණතාවයක් ද තිබෙනවා.
‘‘සමහර අයගෙ ළමයි පිට රට ඉන්නේ ඒ අය එවන සල්ලි වලින් තට්ටු ගෙවල් හදනවා තමයි. එත් ඒ අයත් දුප්පත් තට්ටු ගෙවල්වල ඉන්නේ. දුප්පත් මිනිස්සු කියලා කවුරුවත් හිතන්නේ නෑ. ඒක දැන ගන්න කුස්සියට යන්න ඕන. හරියට කන්න බොන්න නැති වුණත් ගෙවල් හදනවා. ගෙදරට බඩු ගෙනත් අන්තිමේදි රත්තරන් බඩු ටික හදලා දෙන්න පුලුවන් නම් එච්චිරයි. මට ඒ ටික කර ගන්නත් බැහැ . මම දැන් වයසයි. දෙයියන්ට කියන්න තමයි වෙන්නේ . වෙන මොනවා කරන්නද.’’
දෙමාපියන් තම දරුවන් හට තමාට හැකි අයුරින් තම යුතුකම් ඉටුකරනු ලබනවා. එහෙත් වර්තමාන සමාජ සංස්කෘතික වටපිටාවන් තුළ සාධාරණ ක‍්‍රමවේදයක් මේ මිනිසුන්ගෙ හදවත් තුළින්ම ගොඩනැගන දවසක් හෙට දිනයේ දී ගොඩනැගන තුරු මේ අය බලා සිටිනවා.
Parents of families affected by the tsunami are faced with a problem when providing for their children’s future. The loss of all their properties in the December 2004 tsunami has resulted in most parents in the Sainthamaruthu tsunami welfare center finding it difficult to give their children in marriage. The lack of a proper livelihood after the tsunami has also affected the financial status of these parents. However, they try to carry out their parental duties to the best of their ability.
මිනිසුන්ට දැන් සුනාමිය වැදගත් නැති දෙයක්
Five Years After the Tragedy – Everyone has forgotten the tsunam
සුනාමියෙන් ලංකාවට සිදු වූ හානිය කොතරම් විශාල දැයි සජීවී ආකාරයෙන් ලෝකයාට දැක ගැනීමට අවස්ථාව උදාවිය. ගමන් බිමන් යාම සදහා ගාල්ල බස් නැවතුම් පොළට පැමිණ සිටි තරුණියන් සිවු දෙනෙකු සුනාමි රළ පහරට හසුව ගසා ගෙන යන ආකාරය ලෝකයාම සුනාමිය ලංකාවට පැමිණි 2004 දෙසැම්බර් 26 වැනිදා සවස් වන විට දැක ගන්න ලැබුණේය. ඒ සුනාමිය ගාල්ල නගරයට පැමිණි ආකාරය සජීවිව රූපගත කිරීමට ලංකාවේ කැමරාකරුවෙකු සමත් වීම නිසාය.
එම අනුවේදනීය සිදුවීම රූගත කර තිබුණේ ස්වාධීන රූපවාහිනී සේවයේ ගාල්ල ප‍්‍රාදේශීය වාර්තාකරු වශයෙන් කටයුතු කළ අජන්ත සමරවික‍්‍රම විසිනි.
සුනාමියට වසර පහක් ගත වන අවස්ථාව වන විට සුනාමියෙන් ලංකාවට සිදු වූ හානිය ලොවට පෙන්වූ අජන්ත සමරවික‍්‍රම ගාල්ලේ ප‍්‍රාදේශීය මාධ්‍යවේදියෙකු වශයෙන් කටයුතු කරන්නේ නැත. පුද්ගලික හේතු නිසා ගාල්ලේ සිට කොළඹට පැමිණි ඔහු දැන් වීඩියෝ ඡයාරූප කලාව සම්බන්ධයෙන් වන වෙළෙද සැලක් පවත්වා ගෙන යන්නේය.
වසර පහක් ආපසු හැරී බලද්දී මේ වන විට ලංකාවේ මිනිසුන්ට සුනාමිය වැදගත් නොවන දෙයක් බවට පත්ව ඇතැයි හෙතෙම පෙන්වාදෙයි.
‘‘සුනාමිය ඇවිත් අවුරුදු පහකුත් ඉවරයි ඒත් දැන් මිනිස්සුන්ට ඒ වගේ දෙයක් වුණාද නැද්ද කියලා අමතක වගෙයි. ගොඩක් අයට සුනාමිය දැන් වැදගත් කමින් තොර දෙයක් බවට පත්වෙලා.’’ සමරවික‍්‍රම කීවේය.
සුනාමියෙන් නිවාස අහිමිවූ බොහෝ දෙනාට මේ වන විට අලූතින් නිවාස ලැබී තිබේ. සුනාමියට පෙර කුඩා පැල්පත් වැනි නිවාසවල ජීවත්වූ අයට අලූතින් ඉදිකළ නිවාස ලැබුනේ යැයි සමරවික‍්‍රම සදහන් කළේය.
‘‘සමහරුන්ට සුනාමිය ඛෙදවාචකයක් වගේ දැනුණට සමහර අයට සුනාමියෙන් සමෘද්ධිය උදාවුණා. අලූත් ගෙවල් දොරවල් ඇතුළු සියලූම පහසුකම් ලැබුණා.’’ හෙතෙම සදහන් කළේය.
සුනාමියෙන් නිවාස අහිමි වූවන්ට නැවත නිවාස ලබා දීමට මෙන්ම සුනාමියෙන් විනාශ වූවන්ට කඩිනම් සහන ලබා දීමට හා සුනාමියෙන් විනාශ වූ ප‍්‍රදේශ ගොඩනැංවිම සදහා විදේශ ආධාර ඩොලර් මිලියන ගණනින් ලංකාවට ලැබුණේය. මේ ආකාරයට ඩොලර් මිලියන 35 ක ආධාර ලංකාවට ලැබීමට හේතු වී තිබුණේ සමරවික‍්‍රමගේ වීඩියෝ පටය ලොව පුරා විකාශය වීම නිසාය.
‘‘මුලින්ම ගාල්ල නගරයට සුනාමිය පැමිණි ආකාරය දැක්වෙන වීඩියෝ පටය විකාශය වුණේ අයි.ටී.එන්. (ස්වාධින රූපවාහිනී සේවයේ)එකේ. ඊට පස්සේ සි.එන්.එන්, බී.බී.ස’ වගේ ලෝකයේ ප‍්‍රසිද්ධ රූපවාහිනී නාලිකාවල විකාශ කරන්න ගත්තා.’’ ස්වාධීන රූපවාහිනී සේවයේ විකාශය වූ කිසියම් වීඩියෝ වැඩසටහනකින් විනාඩි තුනක කොටසක් ලබාගැනීමට ඕනෑම ආයතනයකට හැකියාව ඇතැයි සමරවික‍්‍රම සදහන් කළේය.
මෙම රූප රාමු පෙළ දුටු ලෝකයා ඩොලර් මිලියන ගණනින් ආධාර ලබා දුන්නේය. ඒ තරමටම මෙම රූප රාමු පෙළ ලෝකයට සංවේදී වි තිබුණේය.
‘‘මේක රූප රාමු නිසා ලංකාවට මේ තරම් ආධාර ලැබෙතැයි මම හිතුවේ නැහැ.’’ තමන් කළ වීඩියෝ කළ රූප රාමු පෙළෙන් රටට වැඩක් වූයේ යැයි සතුටු වන බව සමරවික‍්‍රම පැවසුවේය.
සුනාමියෙන් ගාල්ල නගරය විනාශ වී යන ආකාරය මෙන්ම සුනාමියට හසුවූ තරුණියන් සිවු දෙනෙකු රළ පහරේ ගසා ගෙන යන ආකාරය දැක්වෙන වීඩියෝගත කිරීම තමන්ගේ ජීවිතයේ ලැබූ සුවිශේෂීම අත්දැකීමක් බව සමරවික‍්‍රම කියයි. සමරවික‍්‍රමට මෙම දුලබ සිදු වීම වීඩියෝ කිරීමේ අවස්ථාව ඔහු ගාල්ල් නගර ව්‍යාපාරික මධ්‍යස්ථානයක් පවත්වා ගෙන යන නිසාය.
සුනාමිය පැමිණි දෙසැම්බර් 26 වැනිදා සමරවික‍්‍රම තමන්ගේ ව්‍යාපාරික ස්ථානයට පැමිණියේ සති අන්තයේ ඔහුගේ සේවා ස්ථානයේ සේවකයින් සේවයට නොපැමිණෙන නිසාය.
ගාල්ල බස් නැවතුම් පොළ ඉදිරිපිට ඇති සේලක ගොඩනැගිල්ලේ තුන්වන මහලේ පිහිටි සමරවික‍්‍රමගේ ව්‍යාපාරික ස්ථානය අසලට ගාල්ල නගරයේ සෑම ස්ථානයක්ම පහසුවෙන් දැකිය හැකි විය. ඒ එම ගොඩනැගිල්ල ගාල්ල නගරයේ ඇති උස් ගොඩනැගිල්ලක් වන නිසාය. ව්‍යාපාරික ස්ථානයට වී සිටි අජන්තට මුහුද ගොඩගලන බව මුලින්ම පවසා තිබෙන්නේ ඔහුගේ සහෝදරියයි. ඇය ඒ වන විට සමරවික‍්‍රමගේ ව්‍යාපාරික ස්ථානය අසල ව්‍යාපාරික ස්ථානයක් පවත්වා ගෙන ගොස් තිබුණේය.
‘‘මුහුද ගොඩගලනවා කියලා කිව්වාම මම එළියට ඇවිත් වෙන්නේ මොකක්ද කියලා බැලූවා . මම ප‍්‍රවෘත්ති වාර්තාකරුවෙක් විදියට මුලින්ම අතට එන්නේ කැමරාව ඒ නිසා කැමරාව අර ගෙන වීඩියෝ කිරීම් ආරම්භ කළා.’’ සමරවික‍්‍රම පවසයි. මුහුද ගොඩගැලීම ආරම්භ වී ගාල්ල නගරටය මුහුදු රළ පැමිණෙන අවස්ථාවේ සිට සුනාමියෙන් නගරයට සිදු වූ හානිය දක්වා සියල්ම සමරවික‍්‍රම වීඩියෝ ගත කළේය.
ඔහු මුලින්ම එක් කැමරාවකින් සුනාමිය පැමිණෙන ආකාරය වීඩියෝ කළත් ටික වේලාවක් ගත වන විට සේලක ගොඩනැගිල්ලට එක්ව සිටි පිරිස නිසා එම කැමරාව වතුරට ඇද වැටිණි. ඉන් පසුව තවත් කුඩා කැමරාවක් ගෙන නැවත වරක් ඔහු වීඩියෝ කිරීම ආරම්භ කර කළේය.
‘‘කිසිම සිහියක් නැතිව තමයි මුල් විනාඩි පහ දහය වීඩියෝ කීරීම් කළේ.’’ සමරවික‍්‍රම කීවේය.මේ ආකාරයෙන් වීඩියෝ කිරීම් සිදු කර ගෙන යන අතරවාරයේදී ගාල්ල බස් නැවතුම් වහල දක්වා ජල පහර ඉහළ නගිමින් තිබුණි. කෙමෙන් කෙමෙන් ඉහළ යන ජලපහර තමන් සිටි ගොඩනැගිල්ලේ පහළ තට්ටු යට කර ගෙන පැමිණෙතැයි බිය වූ සමරවික‍්‍රම ගොඩනැගිල්ලේ ඉහළට දිව ගියේය.
බස් නැවතුම්පළේ වහලේ කොටසක් කඩා ගෙන යන ආකාරය වීඩියෝ ගත වී තිබෙන නමුත් එය සම්පූර්ණයෙන්ම කඩා ගෙන යන ආකාරය වීඩියෝවී නැත්තේ කොටසක් වීඩියෝ කිරීමන් පසුව ඉහළ තට්ටුවට මම දිව ගිය නිසාය.
මෙම සිදුවිම රූගත කරන අතරවාරයේදී සැම දෙනාගේම නෙත් අගට කදුළක් දනවන ආකාරයේ සංවේදී රූප රාමු කීපයක් තමන්ගේ කැමරාවේ සටහන් කර ගැනීමට සමරවික‍්‍රමට හැකියාව ලැබුණේය. සුනාමියෙන් ලංකාවට සිදුවූ හානිය පිළිබදව ලෝකයාම කතා කිරීමට හේතු වූ මෙම සංවේදී රූප රාමු පෙළ වූයේ ගාල්ල බස් නැවතුම් පොළේ සිටි තරුණියන් කිහිපදෙනෙක් සුනාමියට හසුව ගසාගෙන යන ආකාරයයි.
‘‘මේක ක්ෂණිකව වුණා. ඒත් හොදට ෆෝකස් වෙලා තිබුණා. කැමරාකරණය පිළිබදව තිබූ පළපුරුද්ද නිසා තමයි මේ විදියට හොදට පින්තූර ඇවිත් තිබුණේ.’’
සුනාමියෙන් ගාල්ල නගරයට සිදු වූ හානිය සිය කැමරාමේ සටහන් කරගත් සමරවික‍්‍රම කොළඹට එම කැසට් පටය ගෙන යන ආකාරයක් පිළිබදව සිතා බලන්නට විය. මුහුදු මාර්ගය ඔස්සේ කොළඹ පැමිණීම දුෂ්කර විය හැකි යැයි සිතූ ඔහු විකල්ප මාර්ග භාවිතා කරමින් ස්වාධීන රූපවාහිනී සේවය වෙත කැසට් පටය ගෙනවිත් භාර දුන්නේය.
සුනාමිය පැමිණ කාලයක් ගත වන විට විවිධ රටවල සිට පැමිණි මාධ්‍යවේදීන් ලංකාවේ සුනාමිය පිළිබද සමරවික‍්‍රමගෙන් සම්මුඛ සාකච්ඡ ලබා ගෙන තිබුණේය. එහෙත් සුනාමියට වසර පහක් ගත වන අවස්ථාව වන විට කිසිවෙක් පැමිණ ලංකාවේ සුනාමිය පිළිබද කිසිවක් විමසන්නේ නැතැයි සමරවික‍්‍රම කීය.
‘‘මම ඒ වෙලාවේ මට පැවරී තිබූ රාජකාරිය ඉටුකළා කැසටි එක නියම වෙලාවට අයි.ටී.එන් එකට ගිහිල්ලා දුන්නා. පරක්කුවෙලා ඒක ගිහින් දුන්නා නම් වැඩක් නැහැ. මම හරියට කළ වැඩෙන් රටට වැඩක් වුණා කියලා අද සතුටු වෙනවා.’’ සමරවික‍්‍රම පැවසුවේය.
The live video footage of Independent Television Network’s provincial correspondent, Ajantha Samarawickrema, of the tsunami that hit the Galle town on December 26, 2004 showed the world of the tragedy. His video footage that was telecast a few minutes into the tragedy showed the world the magnitude of the tragedy. It also helped bring in foreign funds to the country. However, he says most people have now forgotten about the tsunami. Samarawickrema observes that while the tsunami was a tragedy for some it brought in prosperity to others because of the new houses they received.
බොහෝ දෙනා දුටු නොදුටු ‘‘ලංකාගම”
ඉතිහාසයේ බලසම්පන්න වූ සිංහයෙකු වාසය කළේය. එම සිංහයා මිනිසුන් බියට පත් කරමින් ජන ජීවිතියටද බලපෑම් කොට ජීවත් විය. කාලයාගේ ඇවෑමෙන් මේ ප‍්‍රදේශයට ‘‘ලංකා” නම් යෝධයෙක් පැමිණියේය. ජනතාවට බලපෑම් කළ එම සිංහයා මරා දැමීමට යෝධයාට හැකි විය. මහජනතාවට බලපෑම් කළ සිංහයා වාසය කළ වනය සිංහරාජය විය. සිංහයා මරා දැමූ යෝධයාද වාසය කළේ වනාන්තරය ආසන්න ගමකය. ඒ ලංකාගමය. යෝධයා වාසය කළ ඉසව්ව අද හඳුන්වන්නේ වන්නි කන්ද ලෙසටය. ලංකා යෝධයා මේ ප‍්‍රදේශයට පැමිණ ඇත්තේ වන්නියේ සිටයැයි ගම්මුන් තුළ ප‍්‍රකට මතයක් පවතියි. මෙම යෝධයාට ලංකාගමගේ, කොලොන්තොටුව සිල්වත්ගේ, නිලවැලිගමගේ සහ වතුවලගමගේ නමින් දරුවන් සිව් දෙනෙකු සිට ඇතැයිද අතීත පොත්පත්වල මෙන්ම කතාන්දර වලද සඳහන් වෙයි. එම දරුවන්ගේ නම් වලින් ලංකාගම තුළ ඇති ගම්මාන 4 ක් අදත් පවතී.
සුන්දර ලෝක උරුමයක් වූ ‘‘සිංහරාජ” වනාන්තරය හා වනාන්තරයට මායිම් වූ සුන්දර ‘‘ලංකාගම” නම් දුෂ්කර ගම්මානය පිළිබඳව ඇති අතීත කතා බොහෝය.
මාතර සිට කිලෝ මීටර් 80 ක් පමණ නැගෙනහිරි පිහිටා ඇති ලංකාගම වර්ග කිලෝ මීටර් 17 ක වපසරියකින් යුක්තය. ලංකාගමට ආසන්නතම ප‍්‍රධාන නගරය දෙනියායයි. ලංකාගමසිට දෙනියායට ඇති දුර කි. මී. 20 කට ආසන්නවුවත් එම දුර යමෙකුට ගමන් කිරීම සඳහා පැය 3ක 4ක පමණ කාලයක් ගතවෙයි. ඒ දෙනියායට කි. මී. 6ක් පමණ දුරින් පිහිටා ඇති මෙදේරිපිටිය ගම්මානයෙන් ලංකාගමට ඇති පිවිසුම් මාර්ගය අවසන් වන නිසාවෙනි.
‘‘මෙදේරිපිටියෙන් එහාට වාහනවලින් යන්න බැහැ. මෙදේරිපිටියෙන් බැහැලා පුංචි පාලමෙන් ගිං ගෙඟන් ගොඩවෙලා කිලෝ මීටර් 15 ක් විතර අපි යන්න ඕන පයින්, කැලේ මැද්දෙන්.” ලංකාගම පදිංචි ලංකාගමගේ සිරිසේන මහතා කීවේය.
ගිං ගඟ හරහා ඇති පෝද්දරණ වැල්පාලම ලංකාගම වැසියන්ගේ ගමානාගමනට දැඩි බලපෑම් එල්ල කරන්නක්. ‘‘මේ කම්බි පාලම දැන් දෙපාරක්ම කැඩුනා. පහුගිය වතාවේ දෙපාරක්මව අපිව ගංවතුරට අහුවුණා. පාලම හදල දෙන්න කවුරුවත් හිටියේ නැහැ. අපි ගමේ මිනිස්සුන්ගේ මහන්සියෙන් තමයි මේ පාලම ආපහු හදාගත්තේ.” එච්. ඒ. සිරිසේන මහතා පැවසුවේය.
ලංකාගම ගමන කොතරම් සුන්දර වුවත් ගමන් කිරීමට ඇති මාර්ගය හරිම අසුන්දර වූවක්. ඒ මන්ද යත් තෙත් වනාන්තරයේ කඳු හෙල් මතින් වැටී ඇති මාර්ගය ඒ තරමටම අබලන් වී ඇති නිසාවෙනි. ඇත්තෙන්ම ඒ මාර්ග වාරිමාර්ග මිස මාර්ග නම් නොවේ. මාර්ගයෙහි ඇතැම් ස්ථාවල ඇති වලවල් ළිං පමණටම ගැඹුරුය. ලංකාගමට ගාල්ල නෙළුව හරහා වැටී ඇති මාර්ගය ද මේ හා සමානය.
‘‘අපේ ගමට එන පාර හදන්නේ නැති ප‍්‍රධානතම හේතුව තමයි සිංහරාජේ. ලොකු මහත්තුරු කියන්නේ ගමට එන පාර හොඳට පාලම් බෝක්කු දාලා කොන්ක‍්‍රීට්, තාර දාල හැදුවොත් වාහන ගමට එන්න පටන් ගන්නවා, ඒ වාහන දුම මේ සිංහරාජ කැලේට හොඳනැතිලූ. ගමට එන පාර හැදුවොත් කැපේ විනාශ වෙන නිසා පාර හදන්නෙවත් වෙන දෙයක්වත් දෙන්නේ නැහැ.” වතුවලගමගේ සෝමසිරි කීවේය.
ලංකාගම ගමන කෙතරමි දුෂ්කර එකක් වුවත් ඒ ගමනේ තිබෙන්නේ අමුතුම වූ සුන්දරත්වයක්. කොතරම් විඩාවක් දැණුනත් සිංහරාජය සිඹගෙන හමා එන නැවුම් නොඉඳුල් සීතල සුලං රැුලි සියළු දෙනාගේම ගතට සිතට ලබා දෙන්නේ අමුතුම වූ මිහිරක්. උත්තේජනයක්. ලංකාගම ගමනෙහි ඇති තවත් විශේෂත්වයක් වන්නේ ලංකාවේ ප‍්‍රධාන ගංගා දෙකක්ම තරණය කිරීමට සිදුවීමයි. ඒ සිංහරාජ ගොංගල කන්දෙන් පටන් ගන්නා ගිං ගං කොමළිය හා නිල්වලා ගං කොමළියයි.
ගිං ගඟ තරණය කරන්න කම්බි පාලමක් තිබුණත් නිල්වලා ගඟ තරණය කරන්න තිබෙන්නේ තුන් හතරදෙනෙකුට පමණ ගමන් කළ හැකි කුඩා බත්තතලක් පමණි. බත්තලේ ගමණ අනතුරු දායක වුවත් එයත් ගෙන දෙන්නේ අමුතුම සුන්දරත්වයක්.
ලංකාගම වැසියන්ගේ ජීවනෝපාය මාර්ගයන් වී තිබෙන්නේ එනසාල් වගාව, කිතුල් කර්මාතය සහ තේ වගාවයි. අද වන විට ප‍්‍රධානතම ජීවනෝපාය මාර්ගය වී තිබෙන්නේ තේ වගාවයි. එහෙත් අද ලංකාගම වැසියන්ට තමන්ගේ ප‍්‍රධානතම ආදායම අහිමිවන තත්ත්වයක් උද්ගත වෙලා. ”ගමේ තේ වගාව අද වෙන කොට විනාශ වේගෙන යන්නේ. මොකද තේ ගස්වලට දිලීර රෝගයක් වැළඳිලා. තේ ගස්වල මල්, ගෙඞ් හැදෙනවා. පස්සේ කඳේ ඉඳන් පල්ලෙහාට ගහ දිරාපත්වෙනවා. මුළු ලංකාගම ප‍්‍රදේශයේම මේ ලෙඬේ බෝ වෙලා තියෙන්නේ. අපි මේ ගැන තේ පරීක්‍ෂක මහත්වරුන්ටත් කිව්වා. ඒ අයගේ මැදිහත් වීමක් වුනේ නැත්නම් අපිට තේ වගාවෙදි බරපතල ගැටළු වලට මුහුණ දෙන්න සිදුවේවි.”
එදා ලංකාගමට පැමිණි අමුත්තන් ගම් වැසියන්ගේ කිතුල් හකුරු, කිතුල් පැණි වැනි කිතුල් නිෂ්පාදන රැුගෙන යාමට අමතල කලේ නැත. ඒ ගැමියන් විසින් සාම්ප‍්‍රදායික ක‍්‍රම අනුව නිෂ්පාදනය කරනු ලබන දේ වල රසය මෙන්ම ගුණාත්මක බවද ඉහල මට්ටමක තිබුණ නිසාවෙනි. නමුත් අද ලංකාගම වැසියන්ගේ කිතුල් කර්මාන්තයට කණ කොකා හඬා ඇත.
‘‘කිතුල් වගාවෙත් කොළ මැරීයාමේ රෝගයක් හැදිල තියෙන්නේ. දැං ඉතිං කිතුල් ගහත් ලංකාගමින් වඳ වෙලා යන තත්ත්වයක් තමයි උදාවෙලා තියෙන්නනේ. කලිං කිතුල් ගහ අපිට හොඳ අතිරේත ආදායමක් වෙලා තිබුණා. දැං එන්න එන්නම ඒකත් නැතිවේගෙන යන්නේ. දැං මුළු ලංකාගමටම තියෙන්නේ කිතුල් ගස් 10 ක් 15 ක් වගේ ප‍්‍රමාණයක්.” සුනිල් විදානගමගේ පැවසීය
එදා ලංකාගම වැසියන්ගේ කිතුල් හකුරුවලට තිබුණේ හොඳ ඉල්ලූමක්. කිතුල් ගහ බොහෝ ගැමියන්ගේ අමතර ආදායම් මාර්ගයක් වී තිබුණි. නමුත් අද ගම් වැසියන් කබලෙන් ලිපට වැටුණා හා සමානය. ”අපේ ආදායම වෙලා තිබුණේ තේ යි, කිතුලූයි. අපිට අද ඒ දෙකම නැතිවේගෙන යන්නේ. මොනව කරන්නද සොබාදහමත් අපිට කැමති නැහැ වගේ.” සුනිල් වැඩි දුරටත් පැවසීය.
‘‘ඇත්තටම කිව්වොත් අපිට හිතෙන්නේ අපි ඉන්නේ වෙනම ලෝකෙක කියලා. අපි කොන්කරල කියල. මොකද අපිට කිසිම පහසුකමක් නැහැ. යන්න පාරක් නැහැ. රෑට ලියිට් නැහැ. අපේ ඉස්කෝලෙට ගුරුවරු නැහැ. පහුගිය ගංවතුට පිංසිද්ද වෙන්න තමයි අපේ ඉස්කෝලේ හැදුනේ. ගංවතුරෙන් පස්සේ අපිට ඉස්කෝලේ අළුතින්ම හදල දුන්නා. අපේ ඉස්කෝලෙට පරිඝණක විද්‍යාගාරයකුත් ලැබුණා. ඒත් ඉතිං අපිට ඒවා ඉගෙන ගන්න විදියක් නැහැ විදුලිය නැති හින්දා.” ලංකාගම විදුහලේ 11 වසරෙහි ඉගෙනුම ළබන කාංචනා සමන්මලී පැවසී.
රජයේ පහසුකම් ගමට නොලැබුණත් ගමි වැසියන් එයින් අධෛයර්යමත් වී නොමැත. ලංකාගම වැසියන් ඔවුන්ට අවශ්‍ය විදුලිය ඔවුන් විසින්ම නිපදවා ගනු ලබයි. ඒ ගමේ තිබෙන සුන්දර බ‍්‍රාහ්මණ ඇල්ලේ ජලය, ඇල්ලට කිසිදු ආකාරයක බලපෑමක් එල්ල නොවන අයුරින් ලබා ගනිමිනි.
‘‘මාසෙකට දෙවතාවක් අපි රැුස්වෙනවා. අපි සමිතියෙ හැම සාමාජිකයෙකුගෙන්ම මාසෙකට රුපියල් 200ක් අයකරගන්නවා. ඒ සල්ලිවලින් තමයි අපි මේ විදුලි බලාගාරය නඩත්තුකරගෙන යන්නේ. අපි මේ බලාගාරයෙන් ගෙවල් 75කට විදුලිය සපයල දීල තියෙනවා. ඒ වගේම ගමේ පොදු ස්ථානවලටත් විදුලිය ලබා දීල තියෙනවා. තව 25 දෙනක් අපෙන් විදුලිය ඉල්ලල තියෙනවා. ඒත් අපිට ඒ අයට විදුලිය දෙන්න හැකියාවක් නැහැ. අපේ බලාගාරයේ ධාරිතාව මදි ඒකට. අපිට මේක තව වැඩි දියුණු කරගන් පුළුවන්. අපිට ඉතිං ඒකට කවුරුහරි ආධාර උපකාර කරනවා නම් අපිටම ඒක කරගන්න පුළුවන්.” ලංකාගම විදුලි බලාගාර සමිතියේ සභාපති ඩබ්. ජී. නිශ්ශංක පැවසුවේය.
‘‘දැනට අපේ ගම සංවර්ධනය කරන්න යෝජනා කිහිපයක්ම තියෙනවා. රුපියල් කෝටි 1 1/2 ක් විතර වියදම් කරලා නෙළුවෙ ඉඳලා ලංකාගමට එන පාරේ වාරුකන්විල වෙනකම් කොන්ක‍්‍රීට් කරලා තියෙනවා. එතෙන්ට වෙනකම් බස් එකකුත් එනවා. හැබැයි අපිට තාම ජයභූමි, ස්වර්ණ භූමි වගේ කිසිම ඉඩම් බලපත‍්‍රක් ලැබිල නැහැ. මම විශ්වාස කරනවා අපිට ඉදිරියේ දි ඒ ඉඩම් බලපත‍්‍ර ලබා දෙන්න කටයුතු කරයි කියලා.රක්‍ෂිතය වෙන් කළයින් පස්සේ ගමට ඉතුරුවෙන්නේ අක්කර 500 ක විතර කොටසක්.” ලංකාගම ග‍්‍රාම නිලධාරී එල්. පී. සෝමසිරි පැවසීය.
මනරම් පරිසරයකින් හෙබි ලංකාගම ගැන සුන්දර ජනප‍්‍රවාදද තිබේ. ‘‘ඉතාමත් සුන්දරව කඩා හැලෙනා බ‍්‍රාහ්මණ ඇල්ල අඩි 300 ක් විතර උසයි. හැරියාව දොළ තමයි මේ වැටෙන්නේ. ජනප‍්‍රවාදයක් තිබෙනවා ඒකාලේ රන් පුහුලකුයි රන් පහනකුයි අරන් යම්කිසි බ‍්‍රාහ්මණයෙක් මේ ගමට ඇවිල්ල තියෙනවා. කිසියම් කෙනෙක් මේ දෙක හොරකම් කරල තිබුණා. ඒක හොයාගෙන ආපු අර බ‍්‍රාහ්මණයව මේ ඇල්ලෙන් පල්ලෙහට තල්ලූකරල මරල දාල තියෙනවා. පස්සේ මේ ඇල්ල බ‍්‍රාහ්මණ ඇල්ල වුණා. මේ බ‍්‍රාහ්මණ ඇල්ලට උඩින් තියෙන්නේ ¥ලි ඇල්ල. ඊටත් උඩින් තියෙන්නේ ඌරා වැටුන ඇල්ල. සිංහරාජයේ ඉන්න ඌරො යන්නේ මේ ඇල්ල හරහා. ඉතිං සමහර ඌරෝ මේ ඇල්ලට වැටිල මැරෙනවා. ඒක හින්ද තමයි මේ ඇල්ලට ඌරා වැටුන ඇල්ල කියන්නේ.” බොහෝ රසවත් ඉතිහාස කතා හා ජනප‍්‍රවාද පිළිබඳව හසල දැණුමක් ඇති මාධ්‍යවේදී ජයතිස්ස තෙන්නකෝන් පැවසීය.
‘‘මේ ප‍්‍රදේශයේ දොලවල්වල ලූල්ලූ, මස්කෙලියා වගේ මාළුත් ඒගේම ලංකාවට පමණක් ආවේනික වෙච්ච බුලත්හපයා කියන මාළුවත් දැකගන්න පුළුවන්. මේ ප‍්‍රදේශයේ ගම්මු ඉස්සර ගිං ගෙඟන් සහ නිල්වලා ගෙඟන් එගොඩ වෙලා තියෙන්නේ කොළව කියන පාලම් වර්ගයේ ආධාරයෙන්. ගඟ දෙපැත්තේ විශාල ගස් දෙකක් යොදාගෙන වැල් ඔතලා හදාගත්තු වැල් පාලමක් තමයි කොළව කියලා හඳුන්වන්නේ. ඒ වගේම මේ ප‍්‍රදේශයේ ඉන්නවා තවත් දුර්ලභ ගනයේ සතෙක් වන ඕළු මුවා කියන සත්වයා. ඒ වගේම හම්බාව කියන සත්වයත් මේ ප‍්‍රදේශයේ හැමතැම ඉන්නවා. හම්බාවා හරියට මුගටියෙක් වගේ. ඒ වගේම හොර්ටන් තැන්නේ සහ මේ ප‍්‍රදේශයෙදි විතරක් දකින් පුළුවන් තවත් සත්වයෙක් ඉන්නවා. ඒ තමයි කැහිබෙල්ලා.” තෙන්නකෝන් මහතා පැවසීය.
ලංකාගම ජීවිතය කොතරම් දුෂ්කර වුවත් එහි ඇති සුන්දර පරිසරය ගම්මුන්ගේ විඩාව කාන්සිය මනාවට සන්සිඳුවනවා ඇති. රටේ අන් වැසියන්ට මෙන්ම ලංකාගම වැසියන්ටත් සංවර්ධනයේ ප‍්‍රථිලාභ ගලා නොයන්නේ මන්දැයි යන්න ගැටළුවකි. එහෙත් එම සංවර්ධනය මේ ප‍්‍රදේශයට යා යුත්තේ ලෝක උරුමයක් වූ සිංහරාජ මහා වනාන්තරයේ පැවැත්මට හානිදායක නොවන පරිද්දෙන්ය.
The Lankagama village bordering the Sinharaja forest is isolated from the rest of the country with no proper access routes. Although the picturesque surroundings of Lankagama provide some relief to the villagers, they have thus far been cut out of all the progressive development projects in the country. Tea, cardamom and kithul cultivation are the main livelihoods of these people and are now under threat due to a virus that has affected the tea and kithul cultivations. However, amidst many difficulties, the villagers have built a mini hydro power plant that provides electricity to about 75 houses in the village.
ආක‍්‍රමණික ශාක සීඝ‍්‍රයෙන් පැතිරයාමේ අවදානමක්
ආකමණික ශාක ව්‍යාප්ත වීම වළක්වා ගැනීම කෙරේ ඒසඳහා වග කියන බලධාරීන්ට මෙන්ම මහජනතාවට ද විශාල වැඩ කොටසක් පැවරී ඇතැයි පරිසරවේදීහු පෙන්වා දෙති.
‘‘ ආක‍්‍රමණික ශාක වර්ග පිළිබඳ නොදැනීමෙන් මහජනතාව මෙම ශාක ව්‍යාප්ත කිරීමට දායක වෙනවා. මේ නිසා ආක‍්‍රමණික ශාක මොනවද කියන පණිවුඩය මහජනතාව වෙත ලගා කළ යුතුයි. මේක එක පාරටම මොනවද කියලා කියලා දෙන්න පුළුවන් කමක් නැහැනෙ. ඊට වඩාත් ප‍්‍රායෝගික වැඩපිළිවෙලක් තිබිය යුතුයි. පාසල් ළමුන්ට මේ පිළිබද දැනුමක් ලබා දීමත් වැදගත්. ’ ජගත් ගුණවර්ධන ප‍්‍රකාශ කළේය.
එසේ නොවන්නට මෙම ශාක ව්‍යාප්තිය පාලනය කිරීම අසීරු වනු ඇත. විශේෂයෙන් මිනිසා විසින් ආක‍්‍රමණික ශාක විවිධ අවශ්‍යතා සඳහා යොදා ගනී. විසිතුරු ශාක ලෙස වගා කිරීම ගොවතැන් කටයුතු වලදී වැටවල් බැදීම සඳහා යෙදීම වැනි අවස්ථා වලදී මෙම ශාක යෙදීමෙන් ආක‍්‍රමණික ශාක සීග‍්‍රයෙන් පැතිරී යනු ඇත.
ආක‍්‍රමණික ශාක තර්ජනයක් නොවන ලෙස පවත්වා ගැනීමට නම් මෙම ශාක වර්ග වලින් කිසියම් ප‍්‍රයෝජනයක් ගත හැකි ආකාරයේ වැඩ කිළිවෙලක් සකස් කළ යුතු බව ශ‍්‍රී ලංකා සොබා සංසදයේ කලමණාකාර පරිසරවේදී සජීව චාමිකර පැවසුවේය.
‘‘ මෙම ශාක යොදා ගෙන ඉන්ධන නිපදවීම පලිබෝධකාශක නිපද වීම වැනි දෑ කරන්න පුළුවන්. වෙල් ආත්තා ශාකයේ පත‍්‍ර වතුරේ දමා පළිබෝධනාශකයක් හදා ගන්න පුළුවන්. මිනිස්සු එහෙම කරනවා. ඒ ශාකයේම කඳ කොහු ඉදල් නිෂ්පාදනයට හා බෝට්ටු නිෂ්පාදනයට යොදා ගත හැකියි. මේ දේවල් වලට ජාතික වැදගත් කමක් දීලා කර්මාන්තයක් තත්ත්වයට වර්ධනය කරන්න පුළුවන් නම් ආක‍්‍රමණික ශාක තර්ජනය මතු වෙන්නේ නැහැ.’’ සජීව චාමිකර පෙන්වා දුන්නේය.
‘‘ ලංකාවට ගේන්න තහනම් කරපු ශාක වර්ග අපට නුවරඑළිය දිස්ත‍්‍රික්කයෙන් හමුවෙනවා. මේවා කෙහෙන්ද ආවේ කියලා කවුරුත් දන්නෙත් නැහැ. ඒ අනුව බලද්දි නීතියේ ඇස් වසා මේවා ලංකාවට ගෙනත් තියෙන්නෙ. මේ සම්බන්ධව පවතින නීතිය මීට වඩා ශක්තිමත් හා සකී‍්‍රය විය යුතුයි.’’ පරිසරවේදී නීතිඥ ජගත් ගුණවර්ධන ප‍්‍රකාශ කළේය.
ඉදිරි සති කිහිපයේදී නැගෙනහිරට වැසි
Rains expected in drought hit east
මේ දිනවල නැගෙනහිර ප‍්‍රදේශ වලට බලපා ඇති දැඩි නියං තත්ත්වය පහව ගොස් ඉදිරි දින කිහිපය තුළ වැසි ඇති විය හැකි බව කාළගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ප‍්‍රකාශ කරයි. මේ අනුව ඉදිරි සති දෙක ඇතුළත නැගෙනහිර ප‍්‍රදේශ වලට වැසි සහිත කාළගුණයක් බලාපොරොත්තු විය හැකි බව කාළගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ නියෝජ්‍ය අධ්‍යක්ෂක එස් ආර් ජයසේකර ප‍්‍රකාශ කළේය.
‘‘ පසුගිය දොළොස් වෙනිදා සිට විසි හතර වෙනිදා දක්වා ලංකාවේ බොහෝ ප‍්‍රදේශ වලට වැසි ලැබුණා. එ්ත් අම්පාර මොනරාගල දිගා මඩුල්ල වැනි ප‍්‍රදේශ තව දුරටත් වියළි කාළගුණයක් පැවතුණා. එහෙත් ඊයේ සිට මේ ප‍්‍රදේශ වල කාළගුණයේ වෙනසක් පෙන්නුම් කරනවා. ඉදිරි දින කිහිපයේදී අපරභාගයේ හෝ සන්ධ්‍යා කාළයේදී ගිගුරුම් සහිත වැසි බලාපොරොත්තු විය හැකියි.’’ ජයසේකර පැවසුවේය.
එමෙන්ම මෝසම් වර්ෂාවේ බලපෑම හේතුවෙන් උතුරු ප‍්‍රදේශ වලට අධික වැසි ලැබී ගංවතුර අවදානම් තත්ත්වයක් ඇති විය හැකි බවට මීට පෙර අනාවැකි පළ වුවද එවැනි තත්ත්වක් පැනනොනගින බවද කාළගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ස`දහන් කරයි.
දැනට මාස කිහිපයක සිට නැගෙනහිර ප‍්‍රදේශයට බලපවත්වන දැඩි නියගය හේතුවෙන් එම ප‍්‍රදේශ වල ජනතාව විශාල ජල හිගයකට මුහුණ දී තිබේ. මේ හේතුවෙන් සැතපුම් කිහිපයක් දුර ගෙවා ජලය සොයා යෑමට හා ජලය මිල දී ගැනීමට නැගෙනහිර වැසියන්ට සිදුව තිබේ.
The Meteorological Department says that rains are expected in the drought hit east during the next few days. Although many parts in the country experienced rains from the 12th to the 24th, the Moneragala, Ampara and Digamadulla Districts did not receive any rains. The Department says that there has been a change in the weather in these areas in the past few days and rains could therefore be experienced in the next few days. People in the east have faced many difficulties due to the prolonged period of drought in the area.
පනත නින්දේ සාගරය දූෂණය වේ
Ineffective law vs effective sea pollution
වෙරළ සංරක්ෂණ පනතතේ නීති නිසි ආකාරව ක‍්‍රියාත්මක නොවීම නිසාවෙන් සමුද්‍ර දූෂණය ඉතා සීඝ‍්‍රයෙන් වර්ධනය වන බව සමුද්‍ර පරිසර ආරක්ෂණ අධිකාරිය පවසයි.
මෙම පනතේ සදහන් නීති උල්ලංඝනය කරන පුද්ගලයින්ට දඩුවම් නොකිරීම නිසා මේ තත්වය වඩාත් බරපතල වී ඇතැයිද එම අධිකාරිය සදහන් කළේය.
සියයට අනූවක් ගොඩබිම ක‍්‍රියාකාරිත්වය නිසා සාගර පරිසරය දූෂණයට පත් වන බව පරිසර ආරක්ෂණ අධිකාරියේ පරිසර කළමණාකරණ නිළධාරී ආර්. එන්. ප‍්‍රියදර්ශණ පැවසීය.
කර්මාන්තශාලා ඉදි වීමත් සංචාරක හෝටල් බිහි විමත් නිසා මෙම තත්වය උග‍්‍ර අතට හැරෙමින් පවතින බවයි ඔහු පැවසුවේය. මෙසේ ඉදිවන කර්මාන්තශාලා හා හොටල් වලින් පිට කරන අපද්‍රව්‍ය සීමාවකින් තොරව සාගරයට එකතු වීම නිසාවෙන් සාගර පරිසර පද්ධතියට විශාල හානියක් සිදු වී ඇති ඔහු පෙන්වා දුන්නේය
”වැඩි අස්වැන්නක් ලබා ගැනීමේ අරමුණින් කෘෂිකර්මාන්තයේ යෙදන පුද්ගලයන් පොහොර කෘමිනාශක වල් නාශක විශල වශයෙන් යොදවනවා.වර්ශාවත් එක්ක මේ හැම දෙයක්ම ගංගා ඔස්සේ සාගරයට එකතු වෙනවා.මෙතනදී සාගරයට විතරක් නෙවෙයි අනෙකුත් ජල පද්ධතීනටත් හානියක් සිද්ධ වෙනවා”ප‍්‍රියදර්ශණ පැවසීය.
එමෙන්ම රට අභයන්තරයේ වනාන්තර එළි කිරීම මඟින් මෙන්ම සාගරයේ වැලි ගැනීම නිසාද බහුවිධ පාංශු කොටස් වෙරළ සමඟ එක්වීමෙන් ඇල් ගී නැමැති ශාඛ විශේෂය ව්‍යාප්ත වන බවරුහුණු විශ්ව විද්‍යාලයේ සාගර විද්‍යා අංශයේ ආචාර්ය ටර්නි පී බී ප‍්‍රදීප් කුමාර පැවසීය.
රසායන්ක ද්‍රව්‍ය එකතු වීම නිසා මත්ස්‍ය බොවීම වගේම එ්වා දරාගෙන ජීවත් වෙන මත්සයින් ආහාරයට ගන්නා පුද්ගලයින් ටික ටික ලෙඩ වෙනවා. එ් වගේම වනාන්තර එළි කිරීම නිසා වායුගෝලයේ උනුසුම වැඩිවෙනවා.එ් නිසාවෙන් ග්ලැසියර් දියවෙන්න පටන් ගන්නවා.මෙහිදී සාගර ජලය වැඩි වීමක් සිදු වෙනවා.ප‍්‍රදීප් කුමාර පැවසීය.
විශේෂයෙන් ධීවරයින් හට පනවා ඇති සීමාවන් බිදිමින් ධීවරයින් ක‍්‍රියාත්මක වීම නිසාවෙන් විශාල ලෙස සමුද්‍රයට හානි සිදු වී තිබේ.නීති ක‍්‍රියාත්මක නොවීමට හොදම උඡ්හරණය තහනම් ධීවර ආම්පන්න තවමත් භාවිත කීරීම බවයි ප‍්‍රියදර්ශණ පවසන්නේ.
දේශගුණික විපර්යාස සමස්ථයක් ලෙස මුළු ලොකයටම බලපෑම් කළද දූපත් රටක් වශයෙන් අප ආරක්ෂා විය යුතු බවයි හෙතෙම පෙන්වා දෙනු ලබන්නේ.
පරිසරයට හානි නොර සංවර්ධන කටයුතු සිදු කරන්න බැහැ.නමුත් එය සමතුළිත විය යුතුයි.සංවර්ධනයේදී හම්බන්තොට වරාය වගේ ව්‍යාපෘති සිදු වෙද්දී පරිසරය දෙසත් අවධානය යොමු විය යුතුයි.මේ විදියට සාගර සමිපත විනාශ මුඛයට යනවා කියන්නේ අපේ සම්පත් අපිම විනාශ කර ගන්න එක. ප‍්‍රදීප් කුමාර පෙන්වා දුන්නේය.
සාගරය විනාශ වීම යනු විශාල වශයෙන් මුදල් උපයන සංචාරක කර්මාන්තයටද බලපෑමක් බවයි ඔහු පවසන්නේ.එමෙන්ම සාගර ජලය ආශ‍්‍රයෙන් සිදු වන ලූණු නිෂ්පාදනය මෙන්ම මුහුදු පැළෑටි ආශ‍්‍රයෙන් සිදු වන ඖෂධ නිෂ්පාදනයද සීමා විය හැකි බවයි ප‍්‍රියදර්ශන පවසන්නේ.
සාගර දූෂණය වළක්වා ගැනීම සඳහා යම් යම් ක‍්‍රියා මාර්ග ගෙන තිබුණද මිනිසුන් මේ පිළිබඳව දැණුවත් නොවී ඇති නිසාවෙන් වෙරළබඩ සමුද්‍ර පාසල් කණ්ඩායම් ලෙස පාසල් දරුවන්ගේ සහභාගීත්වය ලබා ගැනීමටත් දැණුවත් කිරීමේ සම්මන්ත‍්‍රණත් රට පුරා ආරම්භ කර ඇත.එමෙන්ම හදුසි තෙල් පාලන සැළැස්මක්ද ඉදිරිපත් කර ඇත.මෙහිදී සදු වන්නේ මුදු මාර්ග ඔස්සේ ගමන් ගන්නා නැවි වලින් සිදු වන තෙල් විසිරීම් ජලය මත පැතිර යාමට ඉඩ නොදී සීමා කිරීමය.
කෙසේ වුවද දැන් දැන් සමස්ථයක් ලෙස පාරිසරික නීති ක‍්‍රියාත්මක කිරීම අනාගයට වඩාත් යහපතක් උදා කරීම සඳහා යෝග්‍ය බවයි සමුද්‍ර පරිසර ආරක්ෂණ අධිකාරිය පවසන්නේ.
The ineffective implementation of laws related to the preservation of the ocean and its resources has resulted in an increase in ocean pollution, the Authority for the Protection of the Ocean Environment said. The Authority states that the non punishment of individuals who violate the relevant laws has resulted in this situation. Statistics reveal that 90% of the ocean pollution takes place dues to activities on land. Although various steps have been taken to minimize ocean pollution, it has so far been ineffective due to the lack of awareness among people. However, the Authority noted that the strict implementation of all laws on protecting the environment was necessary to ensure a better future.
අම්පාරටත් වල් අලි තර්ජන
Drought affects wild elephants
අම්පාර දිස්ත‍්‍රික්කයේ බොහෝ ගම්මානයන්හි ජිවත්වන ජනතාවට මිනිමරු වල් අලින්ගේ තර්ජනයට මුහුණ පා තිබෙනවා. දිවා රාත‍්‍රි දෙකෙහිම අලින්ගේ ග‍්‍රහනයට පත් වී සිටිනවා. මෙම ගම්මානවල බොහෝ ජනතාවගේ රැකියාව ගොවිතැන් කිරිමයි.
අලින්ගෙන් භෝග බේරා ගැනිමට නොහැකිව ගොඩ ඉඩම්වල වගා කටයුතු කිරිම අතහැර දමා තිබෙනවා. සෑම දිනකම පාහේ මෙම ගම්මානවල නිවසක් හෝ වගා පාළුවක් කරන බව ගම්වාසීන් පවසති.
‘මගේ ගෙදර ඔක්තෝබර් 10 වෙනිදා කැඩුවා. මමයි මගේ නෝනයි ගෙදර හිටියේ. එලවන්න හැදුවා ගියේ නෑ. ඊට පස්සසේ අපි දෙන්නා පිටි පස්ස දොරෙන් ගියා. ඇවිල්ලා බලනකොට ගෙදර ගන්න දෙයක් නැහැ.’ සුදුවැල්ල මඩුගහඇළ පදිංචි පියදාස පැවසුවේය.
මේ දිනවල දිගාමඩුල්ලට නියගයක් පවතිනවා. එම නිසා ආහාර සොයා වල් අලින් ගම් වඳිනවා. එය ගම්මුන්ට කරදරයක් වී තිබේ.
‘මගේ ගෙදර තිබුණ වී කලා ගිහිල්ලා. තව අල්මාරිය, දොරවල් ජනෙල්, තහඩු විනාශ කරලා දමලා ගිහිල්ලා. මේ මම හදපු ගෙවල් වලින් තුන්වෙනිගේ අලි කඩපු. මගේ තව ගෙවල් දෙකක් කැඩුවා. මම වනජිවි එකටත් කිව්වා.එතකොට වනජිවි එකෙන් කිව්වා දිඝවාපියේ අලියෙක් ගහලා එක් පුද්ගලයේ මැරිලා. අපි එතනට ගිහිල්ලා එන්නම් කියලා.’ මඩුගහඇළ පදිංචි පියදාස වැඩිදුරටත් පැවසුවේය.
පරගහකැලේට ඇර අනිකුත් ගම්මාන කිහිපයකට රුපියල් ලක්ෂ ගණනාවක් වියදම් කර අලින්ගෙන් සිදුවන හානිය වැලැක්වීමට විදුලි වැටවල් සවිකර තිබෙනවා. නමුත් එම විදුලි වැටේ කණු මේ වනවිට වල් අලි විසින් පෙරලා දමා තිබේ. මෙම විදුලි වැටේ විදුලිය නොමැතිවීමෙන් වල් අලින්ගේ තර්ජනය වැඩිවී ඇති බව බොහෝ ගම්වැසියන්ගේ අදහස වි තිබේ.
‘දැන් අවුරුදු පහලොවක විස්සක විතර ඉඳන් අපේ ගෙවල් වලට වල් අලි තර්ජන ඇති වෙනවා. අලි වැටවල් දෙකක් තිබුණත් අලි මේ පැත්තෙ. තවම වනජිවි එකට බැරි උනා මේකට පිලියමක් ගන්න. මගේ පොල් ගස් තේක්ක ඔක්කොම කැඩුවා. විනාශ කළා.’ පරගහකැලේ පදිංචි බණ්ඩාර පැවසුවේය.
මෙම වල් අලි තර්ජනය නිසා බණ්ඩාර විවිධ අත්දැකිම්වලට ද මුහුණ දුන් බව ඔහු පැවසූවේය.
‘එදා පියදාස අයියාගේ ගෙදර කැඩුව දවසට පහුවදා මම මඩුගලඇළ ආවා.උදේ හයට විතර. එතකොට අලියා හිටියා. අපි එළවන්න හැදුවා. ඊට පස්සේ අපේ පස්සේ පැන්නුවා. අපි දිව්වා. දුවලා කෑගැහුවා. ඊට පස්සේ අලියා බැහැලා ගල්ඔය ගගෙන් එගොඩ උනා. මීනි මරණ අලි ඉන්නේ.’ පරගහකැලේ පදිංචි බණ්ඩාර වැඩිදුරටත් පැවසුවේය.
අගෝස්තු නවවන දිනද රාත‍්‍රි පරගහකැලේ නිවාස රැුසකට ආලාභානි කර තිබේ. වල් අලියා පහර දෙනවිට නිවස තුළ සිටි අය නිවසින් පළාගෙිස් දිවි බෙරාගත් බව ඔවුහු පවසති.
‘වල් අලි කරදරය අපේ ගමට හරි කරදරයක් වෙලා. එදා කඩලා දැම්මෙ මගේ නැන්දම්මගේ ගෙදර. අලියා පහර දිලා මගේ අත කැඩිලා අවුරුදු එක හමාරක් වෙනවා. අලියා පැය තුනක් විතර වත්තෙ හිටියා.ගම්වැසියන් හැටියට කියන්නෙ අපිව මේ වල් අලි කරදරයෙන් බේරා දෙන්න කියලා.’පරගහකැලේ බී.එල්.ඩී.ගාමිණි පැවසුවේය.
අම්පාර දිස්ත‍්‍රික්කයේ වල් අලි පහර දීම නිසා මේ වන විට ජිවිත නැති වි තිබේ. තවද වල් අලි මියයෑම් මිනිස් ජිවිත ඔත්පොල වීම් නිවාස විනාශ කිරිම් විශාල සංඛ්‍යාවක් සිදු වී තිබේ.
අම්පාරෙ මේ වර්ෂයේ ගිය මාස දහය වනවිට වල් අලි 32ක් මියගොස් තිබෙන බවත් තවත් වාර්තා වියයුතු බව වනජිවි කාර්්‍යාලය පවසති. මිනිස් ජිවිත හතරක් හා නිවාස හා දේපල විනාශ කිරිම් විශාල සංඛ්‍යාවක් තිබෙන නමුත් තව වාර්තා නොවු තොරතුරු තිබෙන බවත් අම්පාර වනජිවි කාර්යාලයේ අධ්‍යක්ෂක එන්.සි.ජි.රූපසිංහ මහතා වැඩිදුරටත් පැවසුවේය.
The drought in the Digamadulla area has resulted in wild elephants encroaching into villages in search of food. The problem of wild elephants has resulted in some farmers giving up crop cultivation. The house belonging to Piyadasa in Madugahaela was destroyed by wild elephants on Saturday (10). The elephants had also eaten the paddy stored in the house. Elephants have even managed to break some pillars of the electric fence that was erected to protect villages from wild elephants. The electric fence does not cover the Paragahakele village, which has been under wild elephant attacks for the past 15-20 years. Apart from the damage to crop and properties, the human elephant conflict according to the Ampara Wild Life Office has resulted in the death of about 32 wild elephants and four humans this year alone.











