ගමම බිය වද්දා සද්ධන්තයන් රජ කරයි
ඔරලෝසුවේ තුනේ කණිසම වැදුනා. කෝන්වැව ප්‍රදේශයේ පදිංචි වැසියන් යුහුසුළුව සැරසෙන්නේ කුමකටද ? ජීවිතය යන්තමින් හෝ ගැට ගහගන්න කරන එකම ව්‍යාපාරයත් හරිහැටි කරගැනීමට නොහෙකි වෙන කොට මිනිස්සු කොච්චර නම් අපහසුතත්වයන්ට පත්වෙනවා ඇද්ද ? ප්‍රදේශයේ වැසියන්ට මේ වනවිට විශාල ප්‍රශ්න රාශියකට මුහුණ දෙන්න සිදුවෙලා.මේ හැම දේකටම හේතු වී ඇත්තේ වල් අලින්ගේ කඩා වැදීමයි.
“මේවා මේ කපන්න තරම් පැහිච්ච ගොයම් ගස් නෙමෙයි එත් ඒවා පැහෙනකම් තියන්න බැහැනේ ” යයි කුරුණෑගල, අතනගල්ල ප්‍රදේශයේ පදිංචි දීපානි කුමුදුනි පැවසිය. පවසන ආකාරයටම සියල්ල නතු කරගැනීමට නොහැකි නිසා මමත් ඒ පැල දිහා බලන් හිටියා .ඇත්තටම ඒවා කපන්න තරම් ප්‍රමාණවත් තරමට පැහිල තිබ්බ ඒවා නෙමෙයි ඒත් පොලිසියෙන් කඩා වදින්නා සේ එකපාරටම මුළු ප්‍රදේශයම බියගන්වා කඩා පත්වෙන වල් අලින්ගෙන් ඒවා බේරගන්න තියන එකම ක්‍රමය මෙය ඇරෙන්න වෙන දෙයක් එයාල දැනන් හිටියෙත් නැ. සමහරක් දවස් වල හවස් වෙනකොට මුළු කුඹුරු යායම වැසෙන තරමට සන්දන්තයන් සියයක් දෙසීයක් තම වගාවන් යටකරගෙන සිටින බව ඔවුන් අපිට පැවසුවා. මහන්සියෙන් වගා කරපුව නිකරුනේ ව්නාශ වෙන්න දෙන්න පුලුවන්ද ?
දීපානි කුමුදුනි කෝන්වැව ප්‍රදේශයේ පදිංචිකාරියක් නොවුවත් ඇය මෙම ප්‍රදේශයෙන් විවාහයක් කරගැනීමට බලාපොරොත්තුවෙන් සිටින්නියක්. තම අනාගත ස්වාමියාගේ දියුණුවට දැන් පටන් අත්වැලක් වන්නට සිතා ඇය මෙහෙට විත් අත් උදව් දෙයි.
“රජයට දැන් වුවත් වැඩක් උනේ නැ මේවා රජයට අයත් ඉඩම් නිසා අලින්ටත් ජිවත් වෙන්න අයිතියක් තියනවා කියල එයාල කිව්වා. වන ජීවි එකට දැන්වුවා ඒත් එයාලත් ඇවිත් බල බල යනවා විතරයි ගණන් ගන්නේ නැ. ඕනේ නම් මම කොළඹ එන්න උනත් ලෑස්ති මේ ගැන කතා කරන්න . මේ පැත්තේ ළමයින්ට ඉස්කෝලේ යන්නවත් විදියක් නැ. හවස තුන හතර වෙනකොට වල් අලි මේ පැත්තට එනවා ඉතින් ළමයින්ව ඉස්කෝලේ යවන්න බයයි ” යයි දීපානි කුමුදුනි තවදුරටත් පැවසිය.
තම බඩවියත රැක ගන්න වගාකළ සියල්ල එක පැත්තකින් විනාශ වෙද්දී තවත් පැත්තකින් වටිනා ජිවිත ගණනක් බිලි වෙමින් පවතී. ” ගොයම් විතරක් නෙමෙයි මුන් මේ පැත්තේ මිනිස්සු කීප දෙනෙක්වත් මරල තියනවා. ගිය සුමානේ මේ පැත්තේ ගෙදරකට වල් අලියෙක් පැනල ඒ ගෙදර ගැනු කෙනයි පිරිමි කෙනයි උදේ ගෙදරින් එලියට බහින්න දොර ඇරගෙන එලියට එනවත් එක්කම හොඩ වැලෙන් අබරලා අරන් වාසනාවකට ගැනු කෙනා හොඩ වැලෙන් ලිස්සල බිමට වැටිලා එයාගේ අතක් කැඩිලා දැන් කුරුණෑගල ඉස්පිරිතාලේ ඒත් අවාසනාවකට පිරිමි කෙනාව බිත්තියේ ගහල මරල දැම්මා” යයි කොන් වැව ප්‍රදේශයේ පදිංචි ඉමිහාමි මුදියන්සේ පැවසුවේය .
කිලිනොච්චියේ සිටි මොවුන් මෙහි පැමිණ ඇත්තේ කුරිරු ත්‍රස්තවාදයෙන් මිදී සුන්දර පවුල් ජිවිතයක් ගත කිරීමටය. එහෙත් සිදුව එත්තේ අලින්ට බිලිවිමටය. මොවුන් ජිවත් වුනේ ගොවිතැන ජිවනෝපාය කරගෙන නොවේ කුඩ හදලා.
කනින් ඇසු සියල්ල හිතේ රදවාගෙන ආපසු එන්න හැදු අපි ගමම හොල්ලන සද්ධන්තයන් දැක ගැනීමට කැළයට වැදුනි. ඔරලෝසුවේ කට්ට කැරකෙන්නා සේ හිතත් මුළු කුඹුරු යායවල් වටේ දුවද්දී හැමදේම දැක ගැනීමේ අසාවෙන් අපි බලන් හිටියා. කොච්චර බලන් හිටියත් අපිට අපේ අරමුණ කරා යාමට යන්න බැරි උනා. ආපසු එන්නට හැරුණත් ඒ එක්කම වගේ අලින්ට ගහන වෙඩිල්ලක් පත්තු වුනා. පස්සට තිබ්බ කකුල ඉදිරියටම තියල නැවතත් ගමන ආරම්භකළා. විශාල ගස් දෙකක් මැද්දෙන් හොඩවැල එහෙට මෙහෙට වන වන අලියෙක් මතු වුනා. උගේ ගමන නිරීක්ෂණය කරමින් ඉදිරියට ගියද මාර්ගය අනෙක් පස තිබු කැළයට ඌ වැදුන නිසා අපිට නැවත දැක ගැනීමට නොහෙකි වුනා. විනාඩි කිහිපයක් ගත වුනා. කිලෝමීටරයක් දුරින් තවත් වල් අලි තුන් දෙනෙක් අපට දැක ගැනීමට හැකිවුනා. ඔවුන් ඒ ඇදෙන්නේ කුඹුරු තියන ප්‍රදේශයන් දෙසටය.
ගම්වාසීන් රැය පහන් කරන් පැල් බැදන් බලා සිටින්නේ මොවුන් එනතෙක්ය. අතීත අදුරු මතකයන් පිසදා හෙට නැගෙන හිරුත් සමග සතුටු සිතින් ජිවත් වෙන්නට කොන් වැව ගම්වාසීන්ට කවදා හැකිවේවිද?
New Tremors, Old Nightmares
DUTCH BAR, Jul 19 (IPS) – Janoshini Maurasini shakes like a leaf each time the sea belches a thunderous roar. And the 29-year-old mother of two has good reason to be nervous: Maurasini only narrowly escaped with her life in the Indian Ocean tsunami on Dec. 26, 2004, which killed over 35,000 of her fellow Sri Lankans within minutes.
As giant waves battered the village of Dutch Bar, some 300 kilometres from the capital Colombo along Sri Lanka’s eastern coast, Maurasini had run for her life. But the waves caught up with her. Her husband could only watch helplessly as the monstrous waves dragged her away and tossed her around like a rag doll.
Maurasini does not remember much of the ordeal, except that it felt like being caught in a vicious whirlpool. She had tried desperately to grab on to anything as the current swept her along. Finally, she managed to cling on to the walls of a well, and fell into it after the waves receded. She later climbed – miraculously – to safety, with the help of a fallen coconut tree.
“It’s a nightmare that I don’t want to go back to; I don’t even want to think about what happened. I have tried to erase the memory all these years,” she says. Her greatest fear is having to experience that again.
But on the morning of Jun. 13, Maurasini’s heart skipped a beat as the tsunami warning alarm went off, triggered by fears of deadly waves caused by an undersea earthquake off Indonesia.
The large red tower crowned with loudhailers pointed in four directions, erected in the heart of Dutch Bar following the 2004 tragedy, wailed its incessant siren: the cue for villagers to evacuate immediately. Or else.
As the alarm sounded, Dutch Bar residents poured out from their homes – many still in their night clothes – to escape any possible killer waves. Amid the chaos, police jeeps from nearby stations roamed the deserted villages to protect the vacant houses from looters, and make sure no one remained on the beach.
“No one stayed, no one,” says Ano Sujeetha, 45, a Dutch Bar villager who lost her mother and several relatives in the 2004 tsunami.
Dutch Bar was not the only place where an evacuation occurred. The scene was replicated in several other coastal villages that June morning, as thousands of Sri Lankans fled to safer areas to wait until the tsunami warning was lifted. The warnings were also issued in more remote locations like Panichchankerni some 30 km north of Dutch Bar, to make sure that people had ample time to get away.
Dominic Silva, a fisherman who lives in a hut on the beach in Panichchankerni, was awakened by the knock of police officers warning him to leave. “The last time a tsunami wave came, we only knew about it when 20-foot (6- metre) high waves had already started rolling in,” Silva says. During the 2004 tsunami, he was walking out from church after mass, only to find fishermen and families running helter-skelter as waves smashed through the roofs of huts just 30 m away.
While the undersea earthquake off Indonesia, which triggered the alarm, did not result in a tsunami, experts say it is better to be safe than to sorry.
Local seismic expert C B Dissanayake observes that Sri Lanka is prone to occasional earthquakes, several of which have been reported inland since the 2004 tsunami. “More than 25 years ago, people hardly talked of earthquakes in Sri Lanka. Now, as everyone knows, earth tremors occur quite frequently in Sri Lanka and the trend is more marked than ever before,” he wrote in a recent research article.
“Indeed many people would have laughed if some said, prior to 2004, that a tsunami would strike Sri Lanka and that thousands would perish,” Dissanayake says. But he warns that seismic activity suggests the possibility of another tsunami striking Sri Lanka is very real.
Since 2004, Sri Lanka has worked to improve on its disaster response and early warning capabilities. A Disaster Management Centre to issue early warnings and communicate with public authorities and police has been set up. While the system is still in its infancy, citizens are grateful that they now receive at least some warning. Authorities have also installed signposts along the coast, indicating directions to safer, elevated areas.
“In 2004, we did not know what to do. Now at least we know that we have to get to higher ground,” Sujeetha says.
Authorities also conducted a island-wide tsunami evacuation drill in 14 coastal villages this month.
The fear of the next big wave of terror is never far away from the eastern coast, which suffered the most deaths and damage six years ago. In Sainathimaruthu, a village 30 km south of Dutch Bar, over 3,000 people are believed to have died. The death toll here in Dutch Bar runs high into the hundreds. At least three tsunami memorials dot the narrow, residential stretch of its beaches.
As she sat near one such memorial, its lights creating a bright halo against the approaching night skies, Maurasini says she wishes she could go back to the pre-tsunami days. Back then, the sea was never a vicious monster hiding beneath the blue and white waves. “Now we know what it can do,” she sighs. “At least next time, we will get a good headstart and run before it can catch us.”
Blockade on UN compound continues
The UN compound in Colombo remains closed indefinitely with angry protestors continuing their sit-in protest for the second day running.
UN staffers based at the compound were advised last night not to turn up at office and to work from home. The UN expects the sit-in to continue for at least a few days. There are several high profile UN offices located outside the compound in Colombo plus dozens of UN sub-offices in the north and east.
There were signs on Tuesday (July 6) early evening that the protestors were being removed by police. This was when police officers started forcibly removing the protestors, including the three who were engaged in the sit-in. Those being removed included Piyasiri Wijenanyake a former non-cabinet minister. While the melee between protestors and the police continued, Wimal Weeravansha, the leader of the National Freedom Front (NFF) and the force behind the protest arrived at the scene. He was soon working the phone, talking to government high ups while telling the police to back-off. Soon afterwards the police stopped the forcible removal and the protest continued.
Foreign Secretary Romesh Jayasinghe who arrived at the compound soon afterwards, met with UN officials remaining inside, in the company of a representative from the protestors. The agreement reached allowed those remaining within to leave safely. Earlier some UN staffers had left in vehicles that did not have the UN logo, while others had remained behind. By 7.00 pm no one apparently remained inside the compound.
By then the blockade of the compound was well over 10 hrs. In the morning, a large group of over 500 protestors led by Buddhist monks and Weeravansha had arrived near the UN compound. They set up a mobile stage brought in a truck and began their sit-in protest. The protest is not a fast unto death and members take turns on the podium.
The UN was aware that protests were likely. Rumblings were clear over the horizon even before Secretary General Ban Ki-moon appointed his advisory panel on Sri Lanka. Weeravansha had publicly called for a siege of the compound last week during a protest at the same location. The government had distanced itself from the statement when UN officials in Colombo, including resident representative Neil Buhne made inquiries. However Weeravansha did not back down and yesterday showed that he was willing to match words with actions.
Soon after Weeravansha had called for the siege the UN had carried out a security assessment of its Colombo compound but staff members said that they had not been advised of any changes or precautions.
There was no one from the UN office in Colombo to detail the media on its position. Since the departure of Gordon Weiss in December 2009, the UN spokesperson’s post remains vacant, at least officially. Buhne who has taken on the role at times was in Batticaloa when the office was blocked. Weiss was to be replaced by the then UNICEF spokesperson who was deported. Weiss who left the UN after his Sri Lanka stint, is reportedly writing a book on his positing here.
The UN reaction came from its headquarters in New York late night time. “While respecting the right of citizens to demonstrate peacefully, preventing access to UN offices hinders the vital work being carried out by the United Nations each day to help the people of Sri Lanka,” UN spokesperson Farhan Haq told reporters.
“The Government has provided assurances for the safety and security of our staff and for their full access to their offices,” he added. “We will be closely monitoring developments and trust these commitments will be honoured.”
The government in statement said that it expects the UN office will function despite the blockade.
“The Government of Sri Lanka expects that the UN complex in Colombo would continue to function as normal in the days ahead. The Government understands that those who are demonstrating intend to continue with their protest, until the UN system revisits the matter of the Panel on Sri Lanka,” the statement said.
It observed that government had dealt with the protests in accordance with national and international obligations.
“At the domestic level, Sri Lanka being a democratic society, the Government had to respect the entitlement to voice opinion, including through peaceful demonstrations. Accordingly, the Police permitted a peaceful gathering in front of the complex,” the stamen released under signature of Ariyaratna Athugala the director of information said.
“The Government was also absolutely mindful of its international obligations and so the Police authorities deployed adequate strength and remained vigilant, to ensure the safety of the UN complex and of the personnel within it,” it added.
Weeravansha is in for the long haul on this one, “We warn the U.N. to withdraw the (Advisory) panel if they want to get the employees out,” he said when he began the blockade. It is unlikely that he or his supporters will walk off easily now.
තල් අරඹේ මෙත් සිසිල – කන්දරෝඩෙයි විහාරය
උදෑසන වුවද තල් අරඹ හිරු රැසින් දැවේ. ඇස් කකියවන තරමට හිරු සිය අණසක පතුරවමින් සිටී. අප යාපනයෙන් කන්කසන්තුරෙයි මාර්ගයට පිවිසියෙමු. ඒ අපගේ යාල්පානමේ ගමන් සගයා වු මහින්දගේ මග පෙන්වීම යටතේය. මේ යන්නේ තල් අරඹේ මෙත් සිසිල සොයා ගෙනය. අපගේ ගමනාන්තය වූයේ කන්දෙරෝඩෙයි පුරාණ බෞද්ධ විහාරයේ නටබුන් ප‍්‍රදේශයයි.
‘‘චුන්කාමම් හන්දියෙන් වටම හැරෙන්න ඕන.’’ මහින්ද පැවසුවේය. වමට හැරුණු අපට දකින්ට ලැබුණේ අපූරු දර්ශනයකි. ඉදිරියෙන් වූයේ දෙමළ තරුණයෙකු කටු ගසා කොකු වලින් එල්ලාගෙන ට‍්‍රැක්ටරයකි. එය මලින් කෙසෙල් ගස් වලින් සරසා තිබේ. අපගේ සිතේ වූයේ චකිතයකි. සමට කටු ගසා මේ තරුණයා ගාණක් නැතුව යන්නේ කෙසේද.
‘‘අද මෙහෙ කෝවිල් වල පූජා තියෙන දවසක්. කටු ගැහුවට රිදෙන්නෙ නැහැ. ඒක දේව අනුහස’’ මහින්ද පැවසුවේය. මේ දේව පූජාවට විශෙෂිත ලෙස පුහුණුව ලැබූ තරුණයෝ සිටින බව මහින්ද පැවසූවේය. කෙසේ වුවද ගිනියම් මාවතේ මේ දසුන අපේ සිත් වලට නිසැක අපූර්වත්වයක් ගෙන දුන්නේය. වර්ණවත් වස්ත‍්‍රාභරණයෙන් සැරසුණ සුන්දර දෙමළ යුවතියෝ සොදුරු සිනහා නගමින් මේ රිය පිටුපසින් එති.
තල් අරඹේ සැගවුණු අතීත ශ‍්‍රී විභූතිය දකින්නට අප ඒ බිමෙහි ඇවිද ගියෙමු. අප සේම ඒ දකුණෙන් පැමිණි බොහෝ පිරිසක් කන්දෙරොඩෙයි හෙවත් කදුරුගොඩ විහාරය නරඹමින් සිටියහ. ඉතා කුඩා ප‍්‍රමාණයේ දාගැබ් විස්සක් පමණ මේ වන විට මේ විහාර භූමියේ පාදා ගෙන තිබේ. තැනින් තැන නටබුන් වූ චෛත්‍යයේ පාදම් දක්නට ලැබේ. පසුගිය යුධ සමයේ මෙම විහාර භූමියේ බොහෝ පුරා වස්තූන් විනාශ වී තිබේ. පුරාවි්‍යත්මක වැඩ බිමක් ලෙස නම් කර ඇති මෙම ප‍්‍රදේශය තුළ තවමත් විධිමත් අකාරයේ පරීක්ෂණ සිදු වී ඇති නොමැත.
මෙම ස්ථානය ප‍්‍රථමයෙන් සොයා ගනු ලැබුයේ 1917 දී එවකට යාපනය දිසා විනිසුරුව සිටි ආචාර්ය පෝල් ඊ පීරිස් විසිනි. ඉන් අනතුරුව 1917-1919 යන කාළය තුළ කැණීම් සිදු කොට තිබේ. ඉන් සොයා ගත් බුදු පිළිම වර්ණාලේපිත උථ කැබලි හා කැටයම් වැනි දෑ අනුරාධපුර හා පොළොන්නරු යුග වලට අයත් වන අතර මේ වන විට යාපනය කෞතුකාගාරයේ ප‍්‍රදර්ශණයට තබා තිබේ. මෙම නිර්මාණ පැරකුම්බා මල්ල ලීලාවතී සහ බුවනෙකබා යන යුග වලට අයත් වේ. මහනුවර යුගවලට ලියැවුණ විහාර අස්නෙහි මෙම විහාරය කදුරුගොඩ විහාරය ලෙසද නම් කර තිබේ.
පසුකාලීනව ද්‍රවිඩ පාලකයන් විසින් කරන ලද අකටයුතුකම් හේතුවෙන් මෙම විහාරය විනාශය කරා යොමු වේ. පුංකුඩුතිව් හී වැඩ විසූ භික්ෂුන්වහන්සේලා හැට නමක් අපවත්වු බවත් ඉන් පසුව උන්වහන්සේලාගේ භෂ්මාවශෙෂ තැන්පත්කොට මෙම ස්ථානයේ දාගැබ් 60ක් කරවූ පැරණි පොත පතෙහි සදහන් වෙයි. බුදුන්වහන්සේ කැලණියට වැඩි අවස්ථාවේ මෙම ස්ථානයටද වැඩම කොට විවේකී සුවයෙන් සිටි බව ජනප‍්‍රවාදයේ සදහන් වෙයි.
‘‘අනූ හයේ අනූ හතේ අපි මෙතනට එන කොට මේවා ජරාවාස වෙලා තිබුණේ. එල් ටී ටී ඊ එකේ සාමාජිකයෝ මෙතැන ඔවුන්ගේ වැසිකිළි බවට පත් කර ගෙනයි තිබුණේ. ඊට පස්සෙ අපි මේ ප‍්‍රදේශයේ බලය අල්ලා ගත්තා. මෙතනදී අපේ සෙබථ දෙදෙනෙක් මිය ගියා. පස්සෙ අපි මේ චෛත්‍ය පාදාගෙන පොල් ලෙලි වලින් මැදලා සුද්ද කරලා තමයි මේ තත්ත්වයට ගෙන ආවේ. ඒ දවස් වල හාමුදුරුනමක් වත් හිටියේ නැහැ.’’ කදුරුගොඩ විහාරය අසළ සේවයේ යෙදෙන ආරක්ෂක සෙබළ කෝප‍්‍රල් දයානන්ද පැවසුවේය.
කදුරුගොඩ විහාර භූමිය මේ වන විට ඉතා කුඩා භූමි බාගයක පැතිර තිබේ. අතීතයේ විහාර භූමියට අක්කර විශාල ප‍්‍රමාණයක භූමි බාගයක් අයත්ව තිබු බව ඉතිහාසයේ සදහන් වේ. මේ වන විට තාවකාලික විහාර ගෙයක් සහ බුදුමැදුරක් සාදා ගෙන වතාවත් කිරීමට කදුරුගොඩ විහාරයේ විහාරාධිපති හිමියන්ට සිදුව තිබේ.
‘‘මම යාපනනේට ආවේ මූර්ති අඹන්න හිතාගෙන. ඒ ආපු ගමන් තමයි කදුරුගොඩ විහාරයට එකතු වුණේ. දැන් ඉතින් මම මේ පන්සලේම ඉන්නවා. ආපහු යන්න කල්පනාවක් නැහැ.’’ කදුරුගොඩ විහාරයේ වර්තමාන විහාරාධිපති පොළොන්නරුවේ සුමන හිමියෝ පැවසූහ.
‘‘මේ වන විට දකුණෙන් ගොඩක් සාමාන්‍ය ජනතාව මේ විහාරයට යන්න එන්න පටන් අරගෙන. පුරා වි්‍යාත්මක වශයෙන් මේ විහාරය ඉතා වැදගත් එකක්. ඒ නිසා මේ විහාරය දියුණු මට්ටමකට ගෙන ඒම වැදගත්’’ සුමන හිමියෝ ප‍්‍රකාශ කළහ.
මාර්තු මැද වැසි.
පවතින උෂ්ණත්වය මඟ හරිමින් මාර්තු මැද වන විට වැසි ඇති වන කාළගුණ විද්‍යාඥ ගයනා හෙන්ඩවිතාරණ පැවසුවාය.
“ජනවාරි මාසයේ ඉන්දියාව හරහා හුළං හමන නිසා සීතලයි. නිරිත දිග මෝසම ටිකක් සක‍්‍රීය තත්ත්වය අඩු වුණා. එත් එක්කම සුළං තත්ත්වය අඩුවුණා . මේනිසා රස්නය දැනෙන්න පටන් ගත්තා. මේක සාමාන්‍ය තත්ත්වයක්. ගිය අවුරුද්දේ මීට වඩා මේ උෂ්ණත්වය තිබුණා. මාර්තු මැද වෙද්දී මේ තත්ත්වය අඩු වෙලා යාවි කියලා අපි හිතනවා. මොකද මාර්තු මැද වෙද්දි වර්ෂාව ලැබෙනවා.” හෙණ්ඩවිතාරණ පැවසුවාය.
කෙසේ වුවද මෙකී උෂ්ණත්ව තත්ත්වයට හේතුව වන්නේද සාමාන්‍ය මිනිසාගේ ක‍්‍රීයාකාරීත්වය බව කවුරුත් දන්නා කරුණකි. වනාන්තර හෙළි කිරීම් මේ තත්ත්වයට විශාල වශයෙන් බලපෑම් කර ඇති බවයි ඇය පවසන්නේ.
නාගරීකරණය මිහිකත උණූසුම් වීම සඳහා බලපාන බව කාළගුණ විද්‍ය දෙපාර්තු මේන්තුවේ හිටපු අධ්‍යක්ෂ ජේ ආර් අබේසිංහ පවසයි.
“ගස් වල ප‍්‍රභාසංස්ලේෂණ ක‍්‍රීයාවලිය නිසා රස්නය කියන දෙය අපට තේරෙන්නේ නැහැ. නමුත් ගොඩ නැගිලි වලට ප‍්‍රභාසංස්ලේෂණ කි‍්‍රයාවලියක් සිදු කරන්න බැහැ. මේ උණූසුම් කාළගුණය සෑම අවුරුද්දකම තිබුණත් මිනිස් ක‍්‍රීයාකාරකම් කියන දේත් මේ සඳහා එකතු වෙනවා.” හෙතෙම පැවසුවේය.
ඔහු පවසන පරිදි වනාන්තර හෙළි කිරීම වාහන වලින් පිටවන වායූ ද මේ සඳහා බලපෑම් කරනු ලබයි. අපේ‍්‍රල් 5 -15 දක්වා කාලයේ ලංකාවට ඉර මුදුන් වෙන කාලය බවයි හෙතෙම පවසන්නේ.
“අගනුවරට මේ තත්ත්වය ගොඩක් බලපෑම් කරනවා. මොකද සැලසුමක් නැති විදියට ගොඩනැගිලි ඉදිවෙනවා. ඒ වගේම වාහන වලින් පිටවන වාතය නිසාත් ඉන්න බැරි තත්ත්වයක් උදා වෙලා තියෙන්නේ. මේ දේවල් හරියට සැළසුම් කරලා කළානම් මේ තත්ත්වයන් අවම කර ගන්න තිබුණා.” සේනාධීර පැවසුවේය.
බැලූ බැලූ තැන කොන්ක‍්‍රීට් බැම් වලින් වටවු නිසාවෙන් ගස් කොළන් ප‍්‍රමාණය මද නිසාවෙනුත් මෙම තත්ත්වයට මුහුණ දීමට අගනුවර ජනතාවට සිදු වූ බවයි හෙතෙම පවසන්නේ.
කාළගුණික විපර්යාසයක් වුවද මේ ඇතිවන තත්ත්වයට මුහුණ පෑමේ හැකියාව යම් තාක් දුරට හෝ පවතින්නේ ජනතාව අත බවයි සේනාධීර පවසන්නේ.
“මේ අවුරුද්දෙ පෑවිල්ල ටිකක් වැඩියි වගේ දැනෙනවා. මොකද ගිය අවුරුද්දේ මේ වෙද්දී වතුර නැතිව ගියේ නැහැ. දැන් අපිට බොන්න වතුර නැහැ.” ළිං හිදිලා. කුරුණැගල කුසුම් ආරියවතී පැවසුවාය.
ඇය පවසන පරිදි ඉදිරියේදී එනම් ලබන වර්ෂය වන විට මෙම තත්ත්වය ලංකාව පුරාවට විශාල බලපෑමක් එල්ල කරන්න්ක් වියි හැකිය.
“අපට කවදාවත් වතුර වල අඩුවක් තිබුණෙ නැහැ. මේ වතාවේ ගොවිතැනවත් කර ගන්න බැරිව ඉන්නේ. වැව් පවා හිදිලා. මිනිස්සු ගොවිතැන් කළොත් නාන්න සතුන්ට බොන්නවත් නැතිව යනවා.” අය පැවසුවාය.
අකලට වියෝ වූ පරිසරවේදියා පියල් පරාක‍්‍රම
වචනයෙන් පරිසමාප්ත අර්ථයෙන්ම සොඳුරු මිනිසෙක් වූ ඔහු සිය ජීවිතයෙන් අකාලයෙන් සමුගෙන ගියේය. නිහඬවම පරිසරයට ආදරය කළ මිනිසෙක් වූ ඔහුගේ වියෝව පරිසරයට හිතැති බොහෝ දෙනාගේ හදවතට සදාකාලික වේදනාවක් එක් කළ බව නොරහසකි.
පියල් පරාක‍්‍රම නම් වූ මේ සොඳුරු පරිසරවේදියා පසුගිය තුන්වෙනිදා මධ්‍යම රාත‍්‍රියේදී කලුබෝවිල රජයේ රෝහලේදී මෙලොව හැර ගියේය. මියෙනතුරුම ඔහු පරිසරය රැකගැනීමේ සටනේ පුරෝගාමී මෙහෙවරක නිරත වූයෙකි. තුන්වෙනිදා දහවලත් ඔහු මාධ්‍ය සාකච්ඡාවකට සහභාගී වෙමින් මැතිවරණ සමයේ පොලිතීන් භාවිතය අවම කළ යුතු යැයි අවධාරණය කළේය. ඔහුගේ අවසන් ප‍්‍රාර්ථනාව වූයේ එයයි.
‘‘ පියල් අයියා ටිකක් අසනීපෙන් තමයි හිටියේ. එදා මාධ්‍ය සාකච්ඡුාවටත් ඔහු පැමිණියේ අපි එපා කියද්දිමයි. එ්ත් ඔහුට ඕන වුණා මැතිවරණයේදී පරිසරය විනාශ වීම වළක්වා ගන්න. ඇත්තටම ඔහුගේ වෙන්න යාම අපිට දරාගන්න ටිකක් අමාරුයි. ඔහු හොඳ පරිසරවේදියෙක් පමණක් නොවෙයි ආදරණීය
මිත‍්‍රයෙක් ආදරණීය සහෝදරයෙක්. අපිට විතරක් නෙමෙයි ඔහුගේ වියෝව මු`ථ ලංකාවටම පාඩුවක්.’’ තරුණ සතත්වවේදීන්ගේ සංගමයේ කැදවුම්කරු රවීන්ද්‍ර කාරියවසම් පැවසුවේය. පියල් පරාක‍්‍රමයන් 1980 වසරේ සිට මිය යන තුරුම තරුණ සතත්වවේදීන්ගේ සංගමයේ සාමාජිකයෙකි.
පරිසර හිතකාමී හැසිරීම් රටාවක් මඟින් යහපත් ලෝකයක් තන්නට පියල් අයියා සිහින දැක්කේය. එය සිහිනයක් පමණක් නොව යථාර්තයක් කර ගනු පිණිස ඔහු අපමණ වෙහෙසුණේය. එය හුදු ලාබ ප‍්‍රයෝජන අපේක්ෂාවෙන් හෝ ස්වයං අරමුණු ඉටු කර ගැනීමේ බලාපොරොත්තුවෙන් නොවේ. ඉහළ කොත්මලේ ජල ව්‍යාපාරයෙන් වූ හානිය වළක්වා ගැනීමට මැදිහත් වීම ජලය විකිණීමට ගෙනන ලද පනත පරාජය කිරීමට මූලිකත්වය ගැනීම උමා ඔය ජල ව්‍යාපෘතියට එරෙහි වීම සිංහරාජය වනාන්තරයේ හෝටලයක් ඉදිකිරීම වෙනුවෙන් නැගී සිටීම ආදී ක‍්‍රියා මාර්ග ගත්තේය. මේ සියල්ල ඉටු කිරිමේදි එ් වෙනුවෙන් ඔහුට බාධක රැසකට මුහුණ දෙන්නට සිදු විය. එහෙත් ඉන් සැලූණේ ඔහු නොවේ. පරිසරය වෙනුවෙන් බොහෝ දෑ කරන්නට අවැසි යුගයක පියල් පරාක‍්‍රම නම් පරිසරවේයාගේ සමුගැන්ම සමස්ත ශ‍්‍රී ලංකාවටම පාඩුවකි.
2004 2006 වසර කිහිපය තුළ ඔහු ඉඩම් වාරි මාර්ග පශු සම්පත් අමාත්‍යාංශයේ උපදේශකයෙකු වශයෙන් සේවය කළේය. ශී‍්‍ර ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ සමාජ විද්‍යා අංශයේ කතිකාචාර්යවරයෙකු වශයෙන්ද මිය යන තුරු සේවය කළේය. පියල් පරාක‍්‍රමයන් තවත් පරිසර සංවිධාන රැසක පුරෝගාමී සමාජිකයෙකි.
රැසියාවේ ලූලූම්බා සරසවියෙන් විද්‍යාවේදී උපාධිධාරියෙකු වූ පියල් පරාක‍්‍රමයන් පරිසරය රැකගන්නට සිදුකළේ අද්විතීය කාර්යභාරයක් බවට සැකයක් නැත. එ් වෙනුවෙන් ඔහු ජීවිතයේ බොහෝ දෑ නොමසුරුව කැප කළේය. පරිසරයට ආදරය කරන්නට ගොස් ඔහුගේ පෞද්ගලික ජීවිතයේ බොහෝ හැලහැප්පීම් සිදු විය. අවසානයේදී ඔහුගේ ජීවිතයේ ඔහුට සිටි එකම නෑදෑයා වූයේ ඔහුගේ ආදරණීය මැණියන් පමණි. තමන් ජීවත්ව සිටියදී සිය ආදරණීය පුතණුවන් වියෝවී යාම ජීවිතයේ සැදෑ සමයේ සිටින පියල් පරාක‍්‍රමයන්ගේ මවට දරා ගත නොහැකි වේදනාවක් බවට පත්ව තිබේ.
‘‘ මම පියල්ව දන්නේ මීට වසර තිහක පමණ ඉඳන්. ඔහු පරිසරය රැුකගන්න කටයුතු කළේ නිර්භීතව. රටට ලැදි පරිසරයට ලැදි යාලු මිත‍්‍රයන්ට ලැදි පියල්ගේ සමු ගැන්ම ලංකාවටම පාඩුවක්.’’ පරිසරවේදී නීතිඥ ජගත් ගුණවර්ධන සිය සමකාලීන මිතුරාගේ අකල් වියෝව පිළිබඳ එසේ පැවසුවේය.
‘‘ යුගත් අප හැම දුටුව සිහිනය කඳුලු බිඳු විය සොයුරනේ…
සතුන් ගහ කොළ පවා තැවුණේ ඔබ නිසා විය අද දිනේ….’’ සිය ආදරණීයාගේ සමුගැන්මෙන් වේදනාවට පත් පියල් සහෘදයන් ඔහු වෙනුවෙන් එසේ සටහන් කර තිබුණි.
පෙන්ටාවේලන්ට් එන්නත නැවත හඳුන්වා දේ
ඉන්ෆුවෙන්සා ,කක්කල් කැස්ස,පිටගැස්ම,හෙපටයිටීස් යන රෝගී තත්වයන් සඳහා පෙන්ටාවේලන්ට් නැමති එන්නත නැවත ලබා දීම සඳහා සෞඛය අමාත්‍යාංශය තීරණය කරයි. 2008 වසරේ මෙම එන්නත ලබා දුනනද එම එන්නත ලබා දීමේදී ඇතිවූ සංකූලතාවයන් සැලකිල්ලට ගනිමින් මෙම එනනත ලබා දීම නවතා තිබූ අතර පසුව ලොක සෞඛය සංවිධානය හා ශ‍්‍රී ලංකා සෞඛය විද්වතුන් මඟින් නිර්ද්ශ කළ කමිටුවක් හරහාත් අනුමැතය ලබා ගනිමින් මෙම එන්නත නැවත ලබා දීමට ඊයේ දිනයේ ( 01 )තීරණය තර ඇත.
ශ‍්‍රී ලංකාවේ මතු වී එන මහජන සෞඛ්‍ය ගැටලුවක් ලෙස හිමොෆිලස් ඉන්ෆ්ලූවන්සා (හිබ්) ආසාධනය සැලකිය හැකි බව 2004 වසරේදී සිදු කෙරුණ හිබ් රෝග නිසා සිදුවන පීඩාව පිළිබඳ අධ්‍යනයෙන් පෙන්වා දෙනු ලැබීය.
වයස අවුරුදු 5ට අඩු දරුවන්ට වැළදෙන මෙම රෝගී තත්ත්වය කොළඹ දිස්ත‍්‍රීක්කයේ පමණක් ලක්ෂයකට 20.1 පමණ ප‍්‍රමාණයක් සිටින බව සෞඛ්‍ය අධයාපන කාර්‍යාංශයේ පැවති මාධ්‍ය සාකච්ඡාවකදී වෛද්‍ය සුදත් පීරිස් සඳහන් කළේය.
කුඩා ළමුන් අතර හිබ් රෝගවල අවදානමෙන් 90% කට වැඩි ප‍්‍රමාණයක් ප‍්‍රතිශක්තීකරණය මඟින් අවම කළ හැකි බවයි වෛද්‍ය පීරිස් සඳහන් කළේ.
මෙම එන්නත ගෙන්න වීම සඳහා සම්පූර්ණ වියදම රජය මඟින් දරණු ලබන අතර ඩෙංගු රෝගය සඳහා මෙම වසරේ අය වැයෙන් මිලියන පන්සීයයක් වෙන්කර ඇත.
ඩෙංගු රෝගය හා ඉන්ෆුවෙන්සා එච් 1 එන් 1 රෝගය ද මේ වන විට සැළකිය යුතු මට්ටමක පහත වැටීමක් පෙන්නුම් කරල ලද බව වසංගත රෝග ඵීද්‍යා අංශයේ අධ්‍යක්ෂිකා වෛද්‍ය පබා පලිහවඩන සඳහන් කළේය.
”ඩෙංගු රෝගය අවම කිරීම සඳහා රාජ්‍ය අමාත්‍යාංශ සියල්ලගේම සහය අවශ්‍යයි. කි්‍යුබානු රජයෙන් බීටීඅයි බැක්ටීරියාව ගෙන්නවීම සඳහා ඉල්ලූම් කරලා තියෙනවා. මේ මෙන දේ කළත් චරියාමය වෙනසක් සිදු කර ගන්නේ නැතිනම් මෙම රෝගය නැවත ඇති වෙන්න පුලුවන්.” වෛද්‍ය පළිහවඩන සඳහන් කළේය.
පසුගිය වසරේ දෙසැම්බර් මාසයේ ඩෙංගු රෝගීන් 3872 වර්තා වූ අතර වසර පුරාවට මරණ 345 සිදු වී ඇති බව සඳහන් කළ අතර 2010 ජනවාරි මාසයේ රෝගීන් 3336 හා මරණ 20 සිදු වී ඇති බව වෛද්‍ය පළිහවඩන සඳහන් කළේය.
The Health Ministry has decided to give the Pentavalent vaccine once again to patients suffering from Influenza, Whooping Cough, Hepatitis and Tetanus. The vaccine that was administered to patients in 2008 was stopped temporarily due to various complications due to the vaccination. The health Ministry decided to re-administer the vaccine on the 1st following a series of consultations between the World Health Organization and Sri Lankan health experts. Dr. Sujith Peiris says that 90% of the children in the country were at risk of contracting Haemophilus Influenzae if not immunized. Chief Epidemiologist, Dr. Pabha Palihawadana says that dengue and Influenza A1H1 has seen a considerable decline in the country.
දරුවන් දීග දෙන්න තියා අපට කන්නවත් නැහැ
Five Years After the Tragedy – Marriage hiatus forced by the tsunami
මරතෝඬිය රටා වියළෙන තුරු දෑතේ දැගිලි දිග හැර ගෙන සිටි අනීසියා වියළි සුළගට තම හිස වටා දමා තිබු පර්දාව වැටෙන්නට ඉඩ නොදි රදවා ගන්නට උත්සහ ගත්තේ නිරායාසයෙන්මයි. තම සංස්කෘතික උරුමයන් ඇය තම දිවි හිමියෙන් රැක ගන්නට මහත් උත්සහයක් ගනු ලබනවා.
සුනාමිය නිසා අවතැන්වු ඇයත් ඇගේ පවුලේ අයත් වසර පහක් තිස්සේ ඡුිවත් වන්නේ සයින්දමර්දු මස්ඡුිදුල් පලාහ් සුනාමි සුබ සාධන කදවුරේ. කදවුරට එන විට ඇයට අවුරුදු 17 පමණ වෙනවා.
“අපි මේ කදවුරේ ඉන්නේ සතුටකින් නොවේ. මට ළමයි පස් දෙනෙක් ඉන්නවා. තුන් දෙනෙක් විවාහ වෙලා දැන් ගෙදර ඉන්නේ පුතයි,දුවයි,නෝනයි විතරයි,ඒ කාලේ මම බිස්නස් කරලා ගෙයකුත් හොදට හැදුවා. එතකොට ප‍්‍රශ්න මොනවත් නැහැ. එත් අද කොහේ හරි ගිහින් කියක් හරි හොයාගන්නවා විතරයි. වෙන දෙයක් කරන්න බැහැ.” සුල්තානා අනීසියාගේ පියා වන නාග‍්‍රරාන් සුල්තාන් පැවසීය.
දරුවන් ලොකු මහත් කළත් ඔවුන්ගේ අනාගතය ගැන සැලසුම් කරන එක මේ අයට ගැටලූවක්. 2004 දෙසැම්බර් 26 වන දින කරදිය සයුර කැලඹි තමා විසින් තම ඡුිවිත කාලය තුළදි හරිහම්බ කර ගත් සියලූ සේසත විනාශ විම නිසා අද සුභසාධන කඳවුරකට තම ඡවිතය කැප කරන්න සිදුවෙලා.
තාත්තා කෙනෙකුගේ වගකිම් සපුරන එක සුල්තාන් හට සිහිනයක් කියලයි සුල්තාන් පවසන්නේ .
“මම මුහුද අයිනේ ලස්සන ගෙයක් දුවට හැදුවා. එක සුනාමියට විනාශ වුණා. දැන් ගෙයක් නැතිව දුව විවාහ කරලා දෙන්න විදියක් නැහැ. එයාට අවුරුදු 22 වෙනවා. අපේ සිරිත් වල හැටියට අවුරුදු 20-25 අතර බන්දලා දෙන්නත් ඕන. කොහොම ද කරන්නේ කියලා හිතා ගන්න බැහැ.” සුල්තාන් පැවසිය.
සිංහල ජාතිකයන් බින්න විවාහය නමි හදුන්වනු ලබන විවාහා චාරිත‍්‍රයම මුස්ලිම් ඡතිකයන් අතර ද දකින්නට ලැබේනවා. මේ සංස්කෘතික ක‍්‍රමය උරුමයක් සේ සලකන මුස්ලිම් ඡතිකයන් හට ඉන් බැහැරව කටයුතු කරීමට හැකියාවක් නැහැ. එහෙත් අද දවස වන විට එය මුස්ලිම් ඡතිකයන් බොහෝ දෙනේකුට තම දියණියන් විවාහ කරදිම ගැටලූවක් බවට පත්වෙලා.
“ගෙයක්, ගෙයකට අවශ්‍ය බඩු, රත්තරන් බඩු එහෙමත් දෙන්න ඕන. සමහර අය සල්ලිත් ඉල්ලනවා මම නම් ගෙයක් දෙන්න තමයි බලන්නේ, සල්ලි කොහෙම ද දෙන්නේ. මට විතරක් නෙමේ සුනාමියට අහුවෙලා කදවුරු වල ඉන්න හැමෝටම දයාද දෙන එක ප‍්‍රශ්නයක්. මමත් දැන් වයසයි. හම්බකරන්නත් බැහැ ” නාග‍්‍රරාන් සුල්තාන් පවසයි.
සුනාමිය හින්දා වසර පහක පමණ කාලයක් අසරණව ඉන්න මේ අය හට නිසියාකාර ආදායම් මාර්ගයක් නැති නිසාමත්, සමහර පවුල් වල ගෘහ මුලිකයන් මෙන්ම සමාඡකයන් ද සුනාමි අනතරින් විපතට පත් විමත් නිසාත් බොහොමයක් පවුල් අසරණ වී සිටිනවා .
කල්මුණේ ප‍්‍රදේශයේ සුනාමි කදවුරක ජීවත් මවක් වන රායිලා උම්මාහට,තම ස්වාමියා රෝගීතත්ත්වයකින් එක් තැන් වී සිටින නිසා තනිවම තම පවුලේ වගකීම් දරාගන්නට ඇයට සිදුවෙලා.
“මට අවුරුදු හතක පුතෙකුයි, අවුරුදු එකොළහක පුතාලා දෙන්නෙකුයි ඉන්නවා. තව අවුරුදු දහඅටක දුවේකුයි, අවුරුදු විසිතුනක දුවේකුයි ඉන්නවා. ලොකු ළමයා බදින වයසේ මම එදා වේල සොයා ගන්නේ වී කොටලා ගෙවල් ගානේ ගිහින් විකුණලා දවසට මොනවා හරි කනවා ඇරෙන්න ළමයි විවාහ කරලා දෙනවා කියලා හිතන්නත් බැහැ. මගේ මහත්තයා ජීවත් කරන්නත අමාරුයි ”රායිලා උම්මා පැවසුවාය.
සුනාමිය නිසා එදාට වඩා අද දවසේ බොහොමයක් ප‍්‍රශ්න ඇති වී තිබේනවා. එදා සුනාමිය ඇති වු විගස රට වලින් පැමිණි රාජ්‍ය නොවන සංවිධාන බොහොමයක් මේ අයහට ආධාර උපකාර කරණු ලැබුවා. කැම බීම අතින් ද අඩුවක් පැවතියේ නැති බවත් අද පවතින වියදමත් සමග තම දියණියන් හට දායාදයන් ලාබාදිමට හැකියාවක් නැති බවත් ඇය පවසා සිටිනවා.
“මම කොහොමද ළමයින්ට ගෙවල් දෙන්නේ, සුනාමියෙන් පස්සේ තවමත් අපි කදවුරේ, අපි නැති වුණා. ගෙයටත් තාම ගෙයක් ලැබුණේ නැහැ. මේ කදවුරේ ඉන්න සමහර අයට දුලා හය දෙනා හතර දෙනා ඉන්නවා. ඒ අයටත් මේ ප‍්‍රශ්න තියෙනවා. ළමයි ගැන හිතනකොට මොනවද කරන්නේ කියලා හිතාගන්න බැහැ.” රායිලා උම්මා පැවසුවේ දෙනතේ කදුථ පුරවගනිමිනි.
යුද වතාවරණය නිසාත් සුනාමිය නිසාත් නැගනහිර මුහුදු සිමාවේ ජනතාව දැඩි පීඩාවකට පත්වු බව වසර ගණනාවක් තිස්සේ සියලූ මාධ්‍යන් ඔස්සේ ප‍්‍රචාරය වුවද නිසි ආකාරයෙන් සොයා බැලීමක් සිදුවී නැති බව මොහොමඞ් ඉබ්රාහිම් පැවසුවා.
සුනාමියෙන් පස්සේ ධීවර රැුකියාවේ යෙදී සිටි බොහෝ පිරිසකට තම රැකියාව පිළිබද ගැටලූ ඇති වුවා. තම වාඩි මෙන්ම ධීවර ආම්පන්න ධීවර නිවාස අහිමි විම තුළින් සුබසාධන කදවුරු වල ජීවත් වන මේ අයට සුනාමියට පෙර ගෙඩනැගී තිබුණා වු ආර්ථික පරිසරය නැවතත් ගොඩනගාගැනිම සිහිනයක් බවට පත්වෙලා.
“මට විවාහ කර දෙන වයසේ දරුවො දෙන්නෙක් ඉන්නවා. මේ ධීවර රස්සාවෙන් මට දවසකට රුපියල් සියක් ලැබෙන දවස් තියෙනවා. නැත්නම්
කියක්වත් නැති දිනත් තියෙනවා. කවුරු හරි හොයලා විවාහ කරන්න හිතුවට එක ලේසි නැහැ. අපිට තම ඉඩමක්වත්,ගෙයක්වත් හම්බවෙලා නැහැ. අද ඉඩමක් අරගෙන ගෙයක් හදන්න අපිට ආදායමක් නැහැ. අපි පවුලේ අයට කන්න ටික දෙන්නේත් අමාරුවෙන්.” ඉබ්රාහිම් පැවසීය.
නැගනහිර ප‍්‍රදේශයේ බොහොමයක් පිරිස විදේශ රැකියාවන් සදහා යොමු වීමේ ප‍්‍රවණතාවයක් ද තිබෙනවා.
‘‘සමහර අයගෙ ළමයි පිට රට ඉන්නේ ඒ අය එවන සල්ලි වලින් තට්ටු ගෙවල් හදනවා තමයි. එත් ඒ අයත් දුප්පත් තට්ටු ගෙවල්වල ඉන්නේ. දුප්පත් මිනිස්සු කියලා කවුරුවත් හිතන්නේ නෑ. ඒක දැන ගන්න කුස්සියට යන්න ඕන. හරියට කන්න බොන්න නැති වුණත් ගෙවල් හදනවා. ගෙදරට බඩු ගෙනත් අන්තිමේදි රත්තරන් බඩු ටික හදලා දෙන්න පුලුවන් නම් එච්චිරයි. මට ඒ ටික කර ගන්නත් බැහැ . මම දැන් වයසයි. දෙයියන්ට කියන්න තමයි වෙන්නේ . වෙන මොනවා කරන්නද.’’
දෙමාපියන් තම දරුවන් හට තමාට හැකි අයුරින් තම යුතුකම් ඉටුකරනු ලබනවා. එහෙත් වර්තමාන සමාජ සංස්කෘතික වටපිටාවන් තුළ සාධාරණ ක‍්‍රමවේදයක් මේ මිනිසුන්ගෙ හදවත් තුළින්ම ගොඩනැගන දවසක් හෙට දිනයේ දී ගොඩනැගන තුරු මේ අය බලා සිටිනවා.
Parents of families affected by the tsunami are faced with a problem when providing for their children’s future. The loss of all their properties in the December 2004 tsunami has resulted in most parents in the Sainthamaruthu tsunami welfare center finding it difficult to give their children in marriage. The lack of a proper livelihood after the tsunami has also affected the financial status of these parents. However, they try to carry out their parental duties to the best of their ability.
මිනිසුන්ට දැන් සුනාමිය වැදගත් නැති දෙයක්
Five Years After the Tragedy – Everyone has forgotten the tsunam
සුනාමියෙන් ලංකාවට සිදු වූ හානිය කොතරම් විශාල දැයි සජීවී ආකාරයෙන් ලෝකයාට දැක ගැනීමට අවස්ථාව උදාවිය. ගමන් බිමන් යාම සදහා ගාල්ල බස් නැවතුම් පොළට පැමිණ සිටි තරුණියන් සිවු දෙනෙකු සුනාමි රළ පහරට හසුව ගසා ගෙන යන ආකාරය ලෝකයාම සුනාමිය ලංකාවට පැමිණි 2004 දෙසැම්බර් 26 වැනිදා සවස් වන විට දැක ගන්න ලැබුණේය. ඒ සුනාමිය ගාල්ල නගරයට පැමිණි ආකාරය සජීවිව රූපගත කිරීමට ලංකාවේ කැමරාකරුවෙකු සමත් වීම නිසාය.
එම අනුවේදනීය සිදුවීම රූගත කර තිබුණේ ස්වාධීන රූපවාහිනී සේවයේ ගාල්ල ප‍්‍රාදේශීය වාර්තාකරු වශයෙන් කටයුතු කළ අජන්ත සමරවික‍්‍රම විසිනි.
සුනාමියට වසර පහක් ගත වන අවස්ථාව වන විට සුනාමියෙන් ලංකාවට සිදු වූ හානිය ලොවට පෙන්වූ අජන්ත සමරවික‍්‍රම ගාල්ලේ ප‍්‍රාදේශීය මාධ්‍යවේදියෙකු වශයෙන් කටයුතු කරන්නේ නැත. පුද්ගලික හේතු නිසා ගාල්ලේ සිට කොළඹට පැමිණි ඔහු දැන් වීඩියෝ ඡයාරූප කලාව සම්බන්ධයෙන් වන වෙළෙද සැලක් පවත්වා ගෙන යන්නේය.
වසර පහක් ආපසු හැරී බලද්දී මේ වන විට ලංකාවේ මිනිසුන්ට සුනාමිය වැදගත් නොවන දෙයක් බවට පත්ව ඇතැයි හෙතෙම පෙන්වාදෙයි.
‘‘සුනාමිය ඇවිත් අවුරුදු පහකුත් ඉවරයි ඒත් දැන් මිනිස්සුන්ට ඒ වගේ දෙයක් වුණාද නැද්ද කියලා අමතක වගෙයි. ගොඩක් අයට සුනාමිය දැන් වැදගත් කමින් තොර දෙයක් බවට පත්වෙලා.’’ සමරවික‍්‍රම කීවේය.
සුනාමියෙන් නිවාස අහිමිවූ බොහෝ දෙනාට මේ වන විට අලූතින් නිවාස ලැබී තිබේ. සුනාමියට පෙර කුඩා පැල්පත් වැනි නිවාසවල ජීවත්වූ අයට අලූතින් ඉදිකළ නිවාස ලැබුනේ යැයි සමරවික‍්‍රම සදහන් කළේය.
‘‘සමහරුන්ට සුනාමිය ඛෙදවාචකයක් වගේ දැනුණට සමහර අයට සුනාමියෙන් සමෘද්ධිය උදාවුණා. අලූත් ගෙවල් දොරවල් ඇතුළු සියලූම පහසුකම් ලැබුණා.’’ හෙතෙම සදහන් කළේය.
සුනාමියෙන් නිවාස අහිමි වූවන්ට නැවත නිවාස ලබා දීමට මෙන්ම සුනාමියෙන් විනාශ වූවන්ට කඩිනම් සහන ලබා දීමට හා සුනාමියෙන් විනාශ වූ ප‍්‍රදේශ ගොඩනැංවිම සදහා විදේශ ආධාර ඩොලර් මිලියන ගණනින් ලංකාවට ලැබුණේය. මේ ආකාරයට ඩොලර් මිලියන 35 ක ආධාර ලංකාවට ලැබීමට හේතු වී තිබුණේ සමරවික‍්‍රමගේ වීඩියෝ පටය ලොව පුරා විකාශය වීම නිසාය.
‘‘මුලින්ම ගාල්ල නගරයට සුනාමිය පැමිණි ආකාරය දැක්වෙන වීඩියෝ පටය විකාශය වුණේ අයි.ටී.එන්. (ස්වාධින රූපවාහිනී සේවයේ)එකේ. ඊට පස්සේ සි.එන්.එන්, බී.බී.ස’ වගේ ලෝකයේ ප‍්‍රසිද්ධ රූපවාහිනී නාලිකාවල විකාශ කරන්න ගත්තා.’’ ස්වාධීන රූපවාහිනී සේවයේ විකාශය වූ කිසියම් වීඩියෝ වැඩසටහනකින් විනාඩි තුනක කොටසක් ලබාගැනීමට ඕනෑම ආයතනයකට හැකියාව ඇතැයි සමරවික‍්‍රම සදහන් කළේය.
මෙම රූප රාමු පෙළ දුටු ලෝකයා ඩොලර් මිලියන ගණනින් ආධාර ලබා දුන්නේය. ඒ තරමටම මෙම රූප රාමු පෙළ ලෝකයට සංවේදී වි තිබුණේය.
‘‘මේක රූප රාමු නිසා ලංකාවට මේ තරම් ආධාර ලැබෙතැයි මම හිතුවේ නැහැ.’’ තමන් කළ වීඩියෝ කළ රූප රාමු පෙළෙන් රටට වැඩක් වූයේ යැයි සතුටු වන බව සමරවික‍්‍රම පැවසුවේය.
සුනාමියෙන් ගාල්ල නගරය විනාශ වී යන ආකාරය මෙන්ම සුනාමියට හසුවූ තරුණියන් සිවු දෙනෙකු රළ පහරේ ගසා ගෙන යන ආකාරය දැක්වෙන වීඩියෝගත කිරීම තමන්ගේ ජීවිතයේ ලැබූ සුවිශේෂීම අත්දැකීමක් බව සමරවික‍්‍රම කියයි. සමරවික‍්‍රමට මෙම දුලබ සිදු වීම වීඩියෝ කිරීමේ අවස්ථාව ඔහු ගාල්ල් නගර ව්‍යාපාරික මධ්‍යස්ථානයක් පවත්වා ගෙන යන නිසාය.
සුනාමිය පැමිණි දෙසැම්බර් 26 වැනිදා සමරවික‍්‍රම තමන්ගේ ව්‍යාපාරික ස්ථානයට පැමිණියේ සති අන්තයේ ඔහුගේ සේවා ස්ථානයේ සේවකයින් සේවයට නොපැමිණෙන නිසාය.
ගාල්ල බස් නැවතුම් පොළ ඉදිරිපිට ඇති සේලක ගොඩනැගිල්ලේ තුන්වන මහලේ පිහිටි සමරවික‍්‍රමගේ ව්‍යාපාරික ස්ථානය අසලට ගාල්ල නගරයේ සෑම ස්ථානයක්ම පහසුවෙන් දැකිය හැකි විය. ඒ එම ගොඩනැගිල්ල ගාල්ල නගරයේ ඇති උස් ගොඩනැගිල්ලක් වන නිසාය. ව්‍යාපාරික ස්ථානයට වී සිටි අජන්තට මුහුද ගොඩගලන බව මුලින්ම පවසා තිබෙන්නේ ඔහුගේ සහෝදරියයි. ඇය ඒ වන විට සමරවික‍්‍රමගේ ව්‍යාපාරික ස්ථානය අසල ව්‍යාපාරික ස්ථානයක් පවත්වා ගෙන ගොස් තිබුණේය.
‘‘මුහුද ගොඩගලනවා කියලා කිව්වාම මම එළියට ඇවිත් වෙන්නේ මොකක්ද කියලා බැලූවා . මම ප‍්‍රවෘත්ති වාර්තාකරුවෙක් විදියට මුලින්ම අතට එන්නේ කැමරාව ඒ නිසා කැමරාව අර ගෙන වීඩියෝ කිරීම් ආරම්භ කළා.’’ සමරවික‍්‍රම පවසයි. මුහුද ගොඩගැලීම ආරම්භ වී ගාල්ල නගරටය මුහුදු රළ පැමිණෙන අවස්ථාවේ සිට සුනාමියෙන් නගරයට සිදු වූ හානිය දක්වා සියල්ම සමරවික‍්‍රම වීඩියෝ ගත කළේය.
ඔහු මුලින්ම එක් කැමරාවකින් සුනාමිය පැමිණෙන ආකාරය වීඩියෝ කළත් ටික වේලාවක් ගත වන විට සේලක ගොඩනැගිල්ලට එක්ව සිටි පිරිස නිසා එම කැමරාව වතුරට ඇද වැටිණි. ඉන් පසුව තවත් කුඩා කැමරාවක් ගෙන නැවත වරක් ඔහු වීඩියෝ කිරීම ආරම්භ කර කළේය.
‘‘කිසිම සිහියක් නැතිව තමයි මුල් විනාඩි පහ දහය වීඩියෝ කීරීම් කළේ.’’ සමරවික‍්‍රම කීවේය.මේ ආකාරයෙන් වීඩියෝ කිරීම් සිදු කර ගෙන යන අතරවාරයේදී ගාල්ල බස් නැවතුම් වහල දක්වා ජල පහර ඉහළ නගිමින් තිබුණි. කෙමෙන් කෙමෙන් ඉහළ යන ජලපහර තමන් සිටි ගොඩනැගිල්ලේ පහළ තට්ටු යට කර ගෙන පැමිණෙතැයි බිය වූ සමරවික‍්‍රම ගොඩනැගිල්ලේ ඉහළට දිව ගියේය.
බස් නැවතුම්පළේ වහලේ කොටසක් කඩා ගෙන යන ආකාරය වීඩියෝ ගත වී තිබෙන නමුත් එය සම්පූර්ණයෙන්ම කඩා ගෙන යන ආකාරය වීඩියෝවී නැත්තේ කොටසක් වීඩියෝ කිරීමන් පසුව ඉහළ තට්ටුවට මම දිව ගිය නිසාය.
මෙම සිදුවිම රූගත කරන අතරවාරයේදී සැම දෙනාගේම නෙත් අගට කදුළක් දනවන ආකාරයේ සංවේදී රූප රාමු කීපයක් තමන්ගේ කැමරාවේ සටහන් කර ගැනීමට සමරවික‍්‍රමට හැකියාව ලැබුණේය. සුනාමියෙන් ලංකාවට සිදුවූ හානිය පිළිබදව ලෝකයාම කතා කිරීමට හේතු වූ මෙම සංවේදී රූප රාමු පෙළ වූයේ ගාල්ල බස් නැවතුම් පොළේ සිටි තරුණියන් කිහිපදෙනෙක් සුනාමියට හසුව ගසාගෙන යන ආකාරයයි.
‘‘මේක ක්ෂණිකව වුණා. ඒත් හොදට ෆෝකස් වෙලා තිබුණා. කැමරාකරණය පිළිබදව තිබූ පළපුරුද්ද නිසා තමයි මේ විදියට හොදට පින්තූර ඇවිත් තිබුණේ.’’
සුනාමියෙන් ගාල්ල නගරයට සිදු වූ හානිය සිය කැමරාමේ සටහන් කරගත් සමරවික‍්‍රම කොළඹට එම කැසට් පටය ගෙන යන ආකාරයක් පිළිබදව සිතා බලන්නට විය. මුහුදු මාර්ගය ඔස්සේ කොළඹ පැමිණීම දුෂ්කර විය හැකි යැයි සිතූ ඔහු විකල්ප මාර්ග භාවිතා කරමින් ස්වාධීන රූපවාහිනී සේවය වෙත කැසට් පටය ගෙනවිත් භාර දුන්නේය.
සුනාමිය පැමිණ කාලයක් ගත වන විට විවිධ රටවල සිට පැමිණි මාධ්‍යවේදීන් ලංකාවේ සුනාමිය පිළිබද සමරවික‍්‍රමගෙන් සම්මුඛ සාකච්ඡ ලබා ගෙන තිබුණේය. එහෙත් සුනාමියට වසර පහක් ගත වන අවස්ථාව වන විට කිසිවෙක් පැමිණ ලංකාවේ සුනාමිය පිළිබද කිසිවක් විමසන්නේ නැතැයි සමරවික‍්‍රම කීය.
‘‘මම ඒ වෙලාවේ මට පැවරී තිබූ රාජකාරිය ඉටුකළා කැසටි එක නියම වෙලාවට අයි.ටී.එන් එකට ගිහිල්ලා දුන්නා. පරක්කුවෙලා ඒක ගිහින් දුන්නා නම් වැඩක් නැහැ. මම හරියට කළ වැඩෙන් රටට වැඩක් වුණා කියලා අද සතුටු වෙනවා.’’ සමරවික‍්‍රම පැවසුවේය.
The live video footage of Independent Television Network’s provincial correspondent, Ajantha Samarawickrema, of the tsunami that hit the Galle town on December 26, 2004 showed the world of the tragedy. His video footage that was telecast a few minutes into the tragedy showed the world the magnitude of the tragedy. It also helped bring in foreign funds to the country. However, he says most people have now forgotten about the tsunami. Samarawickrema observes that while the tsunami was a tragedy for some it brought in prosperity to others because of the new houses they received.
බොහෝ දෙනා දුටු නොදුටු ‘‘ලංකාගම”
ඉතිහාසයේ බලසම්පන්න වූ සිංහයෙකු වාසය කළේය. එම සිංහයා මිනිසුන් බියට පත් කරමින් ජන ජීවිතියටද බලපෑම් කොට ජීවත් විය. කාලයාගේ ඇවෑමෙන් මේ ප‍්‍රදේශයට ‘‘ලංකා” නම් යෝධයෙක් පැමිණියේය. ජනතාවට බලපෑම් කළ එම සිංහයා මරා දැමීමට යෝධයාට හැකි විය. මහජනතාවට බලපෑම් කළ සිංහයා වාසය කළ වනය සිංහරාජය විය. සිංහයා මරා දැමූ යෝධයාද වාසය කළේ වනාන්තරය ආසන්න ගමකය. ඒ ලංකාගමය. යෝධයා වාසය කළ ඉසව්ව අද හඳුන්වන්නේ වන්නි කන්ද ලෙසටය. ලංකා යෝධයා මේ ප‍්‍රදේශයට පැමිණ ඇත්තේ වන්නියේ සිටයැයි ගම්මුන් තුළ ප‍්‍රකට මතයක් පවතියි. මෙම යෝධයාට ලංකාගමගේ, කොලොන්තොටුව සිල්වත්ගේ, නිලවැලිගමගේ සහ වතුවලගමගේ නමින් දරුවන් සිව් දෙනෙකු සිට ඇතැයිද අතීත පොත්පත්වල මෙන්ම කතාන්දර වලද සඳහන් වෙයි. එම දරුවන්ගේ නම් වලින් ලංකාගම තුළ ඇති ගම්මාන 4 ක් අදත් පවතී.
සුන්දර ලෝක උරුමයක් වූ ‘‘සිංහරාජ” වනාන්තරය හා වනාන්තරයට මායිම් වූ සුන්දර ‘‘ලංකාගම” නම් දුෂ්කර ගම්මානය පිළිබඳව ඇති අතීත කතා බොහෝය.
මාතර සිට කිලෝ මීටර් 80 ක් පමණ නැගෙනහිරි පිහිටා ඇති ලංකාගම වර්ග කිලෝ මීටර් 17 ක වපසරියකින් යුක්තය. ලංකාගමට ආසන්නතම ප‍්‍රධාන නගරය දෙනියායයි. ලංකාගමසිට දෙනියායට ඇති දුර කි. මී. 20 කට ආසන්නවුවත් එම දුර යමෙකුට ගමන් කිරීම සඳහා පැය 3ක 4ක පමණ කාලයක් ගතවෙයි. ඒ දෙනියායට කි. මී. 6ක් පමණ දුරින් පිහිටා ඇති මෙදේරිපිටිය ගම්මානයෙන් ලංකාගමට ඇති පිවිසුම් මාර්ගය අවසන් වන නිසාවෙනි.
‘‘මෙදේරිපිටියෙන් එහාට වාහනවලින් යන්න බැහැ. මෙදේරිපිටියෙන් බැහැලා පුංචි පාලමෙන් ගිං ගෙඟන් ගොඩවෙලා කිලෝ මීටර් 15 ක් විතර අපි යන්න ඕන පයින්, කැලේ මැද්දෙන්.” ලංකාගම පදිංචි ලංකාගමගේ සිරිසේන මහතා කීවේය.
ගිං ගඟ හරහා ඇති පෝද්දරණ වැල්පාලම ලංකාගම වැසියන්ගේ ගමානාගමනට දැඩි බලපෑම් එල්ල කරන්නක්. ‘‘මේ කම්බි පාලම දැන් දෙපාරක්ම කැඩුනා. පහුගිය වතාවේ දෙපාරක්මව අපිව ගංවතුරට අහුවුණා. පාලම හදල දෙන්න කවුරුවත් හිටියේ නැහැ. අපි ගමේ මිනිස්සුන්ගේ මහන්සියෙන් තමයි මේ පාලම ආපහු හදාගත්තේ.” එච්. ඒ. සිරිසේන මහතා පැවසුවේය.
ලංකාගම ගමන කොතරම් සුන්දර වුවත් ගමන් කිරීමට ඇති මාර්ගය හරිම අසුන්දර වූවක්. ඒ මන්ද යත් තෙත් වනාන්තරයේ කඳු හෙල් මතින් වැටී ඇති මාර්ගය ඒ තරමටම අබලන් වී ඇති නිසාවෙනි. ඇත්තෙන්ම ඒ මාර්ග වාරිමාර්ග මිස මාර්ග නම් නොවේ. මාර්ගයෙහි ඇතැම් ස්ථාවල ඇති වලවල් ළිං පමණටම ගැඹුරුය. ලංකාගමට ගාල්ල නෙළුව හරහා වැටී ඇති මාර්ගය ද මේ හා සමානය.
‘‘අපේ ගමට එන පාර හදන්නේ නැති ප‍්‍රධානතම හේතුව තමයි සිංහරාජේ. ලොකු මහත්තුරු කියන්නේ ගමට එන පාර හොඳට පාලම් බෝක්කු දාලා කොන්ක‍්‍රීට්, තාර දාල හැදුවොත් වාහන ගමට එන්න පටන් ගන්නවා, ඒ වාහන දුම මේ සිංහරාජ කැලේට හොඳනැතිලූ. ගමට එන පාර හැදුවොත් කැපේ විනාශ වෙන නිසා පාර හදන්නෙවත් වෙන දෙයක්වත් දෙන්නේ නැහැ.” වතුවලගමගේ සෝමසිරි කීවේය.
ලංකාගම ගමන කෙතරමි දුෂ්කර එකක් වුවත් ඒ ගමනේ තිබෙන්නේ අමුතුම වූ සුන්දරත්වයක්. කොතරම් විඩාවක් දැණුනත් සිංහරාජය සිඹගෙන හමා එන නැවුම් නොඉඳුල් සීතල සුලං රැුලි සියළු දෙනාගේම ගතට සිතට ලබා දෙන්නේ අමුතුම වූ මිහිරක්. උත්තේජනයක්. ලංකාගම ගමනෙහි ඇති තවත් විශේෂත්වයක් වන්නේ ලංකාවේ ප‍්‍රධාන ගංගා දෙකක්ම තරණය කිරීමට සිදුවීමයි. ඒ සිංහරාජ ගොංගල කන්දෙන් පටන් ගන්නා ගිං ගං කොමළිය හා නිල්වලා ගං කොමළියයි.
ගිං ගඟ තරණය කරන්න කම්බි පාලමක් තිබුණත් නිල්වලා ගඟ තරණය කරන්න තිබෙන්නේ තුන් හතරදෙනෙකුට පමණ ගමන් කළ හැකි කුඩා බත්තතලක් පමණි. බත්තලේ ගමණ අනතුරු දායක වුවත් එයත් ගෙන දෙන්නේ අමුතුම සුන්දරත්වයක්.
ලංකාගම වැසියන්ගේ ජීවනෝපාය මාර්ගයන් වී තිබෙන්නේ එනසාල් වගාව, කිතුල් කර්මාතය සහ තේ වගාවයි. අද වන විට ප‍්‍රධානතම ජීවනෝපාය මාර්ගය වී තිබෙන්නේ තේ වගාවයි. එහෙත් අද ලංකාගම වැසියන්ට තමන්ගේ ප‍්‍රධානතම ආදායම අහිමිවන තත්ත්වයක් උද්ගත වෙලා. ”ගමේ තේ වගාව අද වෙන කොට විනාශ වේගෙන යන්නේ. මොකද තේ ගස්වලට දිලීර රෝගයක් වැළඳිලා. තේ ගස්වල මල්, ගෙඞ් හැදෙනවා. පස්සේ කඳේ ඉඳන් පල්ලෙහාට ගහ දිරාපත්වෙනවා. මුළු ලංකාගම ප‍්‍රදේශයේම මේ ලෙඬේ බෝ වෙලා තියෙන්නේ. අපි මේ ගැන තේ පරීක්‍ෂක මහත්වරුන්ටත් කිව්වා. ඒ අයගේ මැදිහත් වීමක් වුනේ නැත්නම් අපිට තේ වගාවෙදි බරපතල ගැටළු වලට මුහුණ දෙන්න සිදුවේවි.”
එදා ලංකාගමට පැමිණි අමුත්තන් ගම් වැසියන්ගේ කිතුල් හකුරු, කිතුල් පැණි වැනි කිතුල් නිෂ්පාදන රැුගෙන යාමට අමතල කලේ නැත. ඒ ගැමියන් විසින් සාම්ප‍්‍රදායික ක‍්‍රම අනුව නිෂ්පාදනය කරනු ලබන දේ වල රසය මෙන්ම ගුණාත්මක බවද ඉහල මට්ටමක තිබුණ නිසාවෙනි. නමුත් අද ලංකාගම වැසියන්ගේ කිතුල් කර්මාන්තයට කණ කොකා හඬා ඇත.
‘‘කිතුල් වගාවෙත් කොළ මැරීයාමේ රෝගයක් හැදිල තියෙන්නේ. දැං ඉතිං කිතුල් ගහත් ලංකාගමින් වඳ වෙලා යන තත්ත්වයක් තමයි උදාවෙලා තියෙන්නනේ. කලිං කිතුල් ගහ අපිට හොඳ අතිරේත ආදායමක් වෙලා තිබුණා. දැං එන්න එන්නම ඒකත් නැතිවේගෙන යන්නේ. දැං මුළු ලංකාගමටම තියෙන්නේ කිතුල් ගස් 10 ක් 15 ක් වගේ ප‍්‍රමාණයක්.” සුනිල් විදානගමගේ පැවසීය
එදා ලංකාගම වැසියන්ගේ කිතුල් හකුරුවලට තිබුණේ හොඳ ඉල්ලූමක්. කිතුල් ගහ බොහෝ ගැමියන්ගේ අමතර ආදායම් මාර්ගයක් වී තිබුණි. නමුත් අද ගම් වැසියන් කබලෙන් ලිපට වැටුණා හා සමානය. ”අපේ ආදායම වෙලා තිබුණේ තේ යි, කිතුලූයි. අපිට අද ඒ දෙකම නැතිවේගෙන යන්නේ. මොනව කරන්නද සොබාදහමත් අපිට කැමති නැහැ වගේ.” සුනිල් වැඩි දුරටත් පැවසීය.
‘‘ඇත්තටම කිව්වොත් අපිට හිතෙන්නේ අපි ඉන්නේ වෙනම ලෝකෙක කියලා. අපි කොන්කරල කියල. මොකද අපිට කිසිම පහසුකමක් නැහැ. යන්න පාරක් නැහැ. රෑට ලියිට් නැහැ. අපේ ඉස්කෝලෙට ගුරුවරු නැහැ. පහුගිය ගංවතුට පිංසිද්ද වෙන්න තමයි අපේ ඉස්කෝලේ හැදුනේ. ගංවතුරෙන් පස්සේ අපිට ඉස්කෝලේ අළුතින්ම හදල දුන්නා. අපේ ඉස්කෝලෙට පරිඝණක විද්‍යාගාරයකුත් ලැබුණා. ඒත් ඉතිං අපිට ඒවා ඉගෙන ගන්න විදියක් නැහැ විදුලිය නැති හින්දා.” ලංකාගම විදුහලේ 11 වසරෙහි ඉගෙනුම ළබන කාංචනා සමන්මලී පැවසී.
රජයේ පහසුකම් ගමට නොලැබුණත් ගමි වැසියන් එයින් අධෛයර්යමත් වී නොමැත. ලංකාගම වැසියන් ඔවුන්ට අවශ්‍ය විදුලිය ඔවුන් විසින්ම නිපදවා ගනු ලබයි. ඒ ගමේ තිබෙන සුන්දර බ‍්‍රාහ්මණ ඇල්ලේ ජලය, ඇල්ලට කිසිදු ආකාරයක බලපෑමක් එල්ල නොවන අයුරින් ලබා ගනිමිනි.
‘‘මාසෙකට දෙවතාවක් අපි රැුස්වෙනවා. අපි සමිතියෙ හැම සාමාජිකයෙකුගෙන්ම මාසෙකට රුපියල් 200ක් අයකරගන්නවා. ඒ සල්ලිවලින් තමයි අපි මේ විදුලි බලාගාරය නඩත්තුකරගෙන යන්නේ. අපි මේ බලාගාරයෙන් ගෙවල් 75කට විදුලිය සපයල දීල තියෙනවා. ඒ වගේම ගමේ පොදු ස්ථානවලටත් විදුලිය ලබා දීල තියෙනවා. තව 25 දෙනක් අපෙන් විදුලිය ඉල්ලල තියෙනවා. ඒත් අපිට ඒ අයට විදුලිය දෙන්න හැකියාවක් නැහැ. අපේ බලාගාරයේ ධාරිතාව මදි ඒකට. අපිට මේක තව වැඩි දියුණු කරගන් පුළුවන්. අපිට ඉතිං ඒකට කවුරුහරි ආධාර උපකාර කරනවා නම් අපිටම ඒක කරගන්න පුළුවන්.” ලංකාගම විදුලි බලාගාර සමිතියේ සභාපති ඩබ්. ජී. නිශ්ශංක පැවසුවේය.
‘‘දැනට අපේ ගම සංවර්ධනය කරන්න යෝජනා කිහිපයක්ම තියෙනවා. රුපියල් කෝටි 1 1/2 ක් විතර වියදම් කරලා නෙළුවෙ ඉඳලා ලංකාගමට එන පාරේ වාරුකන්විල වෙනකම් කොන්ක‍්‍රීට් කරලා තියෙනවා. එතෙන්ට වෙනකම් බස් එකකුත් එනවා. හැබැයි අපිට තාම ජයභූමි, ස්වර්ණ භූමි වගේ කිසිම ඉඩම් බලපත‍්‍රක් ලැබිල නැහැ. මම විශ්වාස කරනවා අපිට ඉදිරියේ දි ඒ ඉඩම් බලපත‍්‍ර ලබා දෙන්න කටයුතු කරයි කියලා.රක්‍ෂිතය වෙන් කළයින් පස්සේ ගමට ඉතුරුවෙන්නේ අක්කර 500 ක විතර කොටසක්.” ලංකාගම ග‍්‍රාම නිලධාරී එල්. පී. සෝමසිරි පැවසීය.
මනරම් පරිසරයකින් හෙබි ලංකාගම ගැන සුන්දර ජනප‍්‍රවාදද තිබේ. ‘‘ඉතාමත් සුන්දරව කඩා හැලෙනා බ‍්‍රාහ්මණ ඇල්ල අඩි 300 ක් විතර උසයි. හැරියාව දොළ තමයි මේ වැටෙන්නේ. ජනප‍්‍රවාදයක් තිබෙනවා ඒකාලේ රන් පුහුලකුයි රන් පහනකුයි අරන් යම්කිසි බ‍්‍රාහ්මණයෙක් මේ ගමට ඇවිල්ල තියෙනවා. කිසියම් කෙනෙක් මේ දෙක හොරකම් කරල තිබුණා. ඒක හොයාගෙන ආපු අර බ‍්‍රාහ්මණයව මේ ඇල්ලෙන් පල්ලෙහට තල්ලූකරල මරල දාල තියෙනවා. පස්සේ මේ ඇල්ල බ‍්‍රාහ්මණ ඇල්ල වුණා. මේ බ‍්‍රාහ්මණ ඇල්ලට උඩින් තියෙන්නේ ¥ලි ඇල්ල. ඊටත් උඩින් තියෙන්නේ ඌරා වැටුන ඇල්ල. සිංහරාජයේ ඉන්න ඌරො යන්නේ මේ ඇල්ල හරහා. ඉතිං සමහර ඌරෝ මේ ඇල්ලට වැටිල මැරෙනවා. ඒක හින්ද තමයි මේ ඇල්ලට ඌරා වැටුන ඇල්ල කියන්නේ.” බොහෝ රසවත් ඉතිහාස කතා හා ජනප‍්‍රවාද පිළිබඳව හසල දැණුමක් ඇති මාධ්‍යවේදී ජයතිස්ස තෙන්නකෝන් පැවසීය.
‘‘මේ ප‍්‍රදේශයේ දොලවල්වල ලූල්ලූ, මස්කෙලියා වගේ මාළුත් ඒගේම ලංකාවට පමණක් ආවේනික වෙච්ච බුලත්හපයා කියන මාළුවත් දැකගන්න පුළුවන්. මේ ප‍්‍රදේශයේ ගම්මු ඉස්සර ගිං ගෙඟන් සහ නිල්වලා ගෙඟන් එගොඩ වෙලා තියෙන්නේ කොළව කියන පාලම් වර්ගයේ ආධාරයෙන්. ගඟ දෙපැත්තේ විශාල ගස් දෙකක් යොදාගෙන වැල් ඔතලා හදාගත්තු වැල් පාලමක් තමයි කොළව කියලා හඳුන්වන්නේ. ඒ වගේම මේ ප‍්‍රදේශයේ ඉන්නවා තවත් දුර්ලභ ගනයේ සතෙක් වන ඕළු මුවා කියන සත්වයා. ඒ වගේම හම්බාව කියන සත්වයත් මේ ප‍්‍රදේශයේ හැමතැම ඉන්නවා. හම්බාවා හරියට මුගටියෙක් වගේ. ඒ වගේම හොර්ටන් තැන්නේ සහ මේ ප‍්‍රදේශයෙදි විතරක් දකින් පුළුවන් තවත් සත්වයෙක් ඉන්නවා. ඒ තමයි කැහිබෙල්ලා.” තෙන්නකෝන් මහතා පැවසීය.
ලංකාගම ජීවිතය කොතරම් දුෂ්කර වුවත් එහි ඇති සුන්දර පරිසරය ගම්මුන්ගේ විඩාව කාන්සිය මනාවට සන්සිඳුවනවා ඇති. රටේ අන් වැසියන්ට මෙන්ම ලංකාගම වැසියන්ටත් සංවර්ධනයේ ප‍්‍රථිලාභ ගලා නොයන්නේ මන්දැයි යන්න ගැටළුවකි. එහෙත් එම සංවර්ධනය මේ ප‍්‍රදේශයට යා යුත්තේ ලෝක උරුමයක් වූ සිංහරාජ මහා වනාන්තරයේ පැවැත්මට හානිදායක නොවන පරිද්දෙන්ය.
The Lankagama village bordering the Sinharaja forest is isolated from the rest of the country with no proper access routes. Although the picturesque surroundings of Lankagama provide some relief to the villagers, they have thus far been cut out of all the progressive development projects in the country. Tea, cardamom and kithul cultivation are the main livelihoods of these people and are now under threat due to a virus that has affected the tea and kithul cultivations. However, amidst many difficulties, the villagers have built a mini hydro power plant that provides electricity to about 75 houses in the village.













