විවාහකයන් අතර ගබ්සා කිරීම් ඉහළට

February 5, 2010 by Editor  
Filed under Featured, Stories

දිනකට ශ‍්‍රී ලංකාවේ 650-1000 අතර ගබිසා ප‍්‍රමාණයක් සිදු වන බව ශ‍්‍රී ලංකා පවුල් සංවිධාන සංගමයේ වෛද්‍ය අධ්‍යක්ෂිකා වෛද්‍ය ශ‍්‍රීන් විලත්ගමුව  පැවසුවාය.

” වැඩිපුර ගබ්සා කරන පිරිස ඉන්නේ විවාහක පිරිස. මේකට හේතුව තමයි එ් අය කියන විදියට පළවෙනි දරුවාට වයස නැහැ. නැත්නම් දරුවන් වයසින් වැඩියි. මෙය නීතියට විරුද්ධයි. එක කවුරුත් දන්නා කාරණයක්.” වෛද්‍ය විලත්ගමුව සඳහන් කළේය.

දිනකට මෙපමණ සංඛ්‍යාවක් සිදුවන ගබිසා කිරීම් සිදුවන නිසාවෙන් එය එක් වරම නවතා දැමීම සිද      කළ නොහැකි යථාර්තයකි. මෙම තත්ත්වය කෙසේ වුවද මේ සඳහා ආර්ථික ක‍්‍රමය තුළ  පවතින ගැටලු සහගත තත්ත්වය වක‍්‍රව බලපෑම් කරනු ලබයි.

”පවුල් සැළසුම් ක‍්‍රමය ශ‍්‍රි ලංකාවේ 68% -69% ප‍්‍රමාණය භාවිත කරනවා. නමුත් ප‍්‍රශ්නය තියෙන්නේ මේ ක‍්‍රම නිසි ආකාරයෙන් පිළිපදිනවද කියන එක. දැනුවත් කිරීම් සිදු කරන්න අවශය සෑම පියවරක්ම අරන් තිබුණත් මේවා ක‍්‍රියාත්මක කිරීමේදී යම් යම් ගැටලු මතු වෙනවා. මොකද ප‍්‍රජනන සෞඛ්‍ය පිළිබදව කතා කිරීමට ඇතැමෙක් ලැජ්ජා වෙන්න පුලුවන්.”  වෛදය තුමිය සඳහන් කළේය.

අධ්‍යාපන ක්ෂේත‍්‍රය තුල ප‍්‍රජනන සෞඛ්‍ය පාඩම් 6 ශ්‍රේණියේ සිට ඇතුළත් කළද එම පාඩම් පංතිකාමර තුළ සාකච්ඡ කිරීමේදී ගැටලුවක් පවතින බවයි වෛද්‍ය විලත්ගමුවසඳහන් කරන්නේ.

”ගුරුවරු ලැජ්ජයි මේගැන කතා කරන්න. එ් වගේම විදුහල්පතිගෙ ඛැමැත්තක් නැත්නම් මොනවත් කරන්න බැහැ. ගුරුවර ඉගැන්නුවොත් ළමයින් එ් අයට නම් හදනවා. මේ සඳහා විධමත් ක‍්‍රමවේදයක අවශ්‍යතාවය තියෙනවා. අපට පිටරට වල මෙම පාඩම් කරන ආකාරය පිළිබදව සැලකිලිමත් විය යුතුයි. එ් පාසල් වල  පාසලින් පාසලට ගුරුවරුන් මේ විශය සඳහා මාරුවීම් සිදු කරමින් තමයි පාඩම් කරන්නේ.” ඇය පැහැදිලි කළාය.

මෙම තත්ත්ව සඳහා බලපා ඇති තවත් කරුනක් වශයෙන් ඇය සඳහන් කරන්නේ දෙමාපියන් මෙම විශය සඳහා ඇල්මක් නොදැක්වීමත් අනවශ්‍ය දේවල් ඉගැන්වීම සඳහා දරුවන් පාසලට ඇතුළත් නෙකරන බවත් ප‍්‍රකාශ කිරීමය. එමෙන්ම දෙමාපියන් හා දරුවන් අතර සුහදතාවයක් නොමැතිවීමද මෙම විශය ඉගෙනීම තුළින් දරුවන් අනවශ්‍ය හැසීරීම් ඇතිකර ගනීවි යැයි පවතින මිත්‍යාව නිසාත් බවයි.

”එහෙම දෙයක් සිද්ධ වෙන්නෙ නැහැ. ළමයි එ් ගැන දැනුවත් නමි දරුවන් එ් දේවල් වලින් මිදෙන්න දන්නවා. අපිට අධ්‍යාපන දෙපාර්තු මේන්තුවේ ගැටලු ගැන කතා කරන්න බැහැ. නමුත් ගම් මට්ටමෙන් වෛද්‍යවරු මට්ටමෙන් කරන්න පුලුවන් හැම දෙයක්ම අපි කරනවා. එහෙම කරන නිසා අපට අධ්‍යාපන දෙපාර්තු මේන්තුව එක්ක තියෙන ප‍්‍රශ්ණය නැහැ.” වෛද්‍යතුමිය සඳහන් කළාය.

ඇය වැඩිදුරටත් පැහැදිලි කරනු ලබන්නේ විවාහයට පෙර පවුල් සැලසුම් පිළිබඳව දැනුවත්වීම තුළින් මෙම තත්ත්වය පාලනය කර ගත හැකි බවය.  පවුලක සිටිනා දරුවන් අතර පරතරය අවුරුදු දෙකක් හෝ තුනක් විය යුතුය. මේ පිළීබඳව පුර්ණ අවධියේදැනූවත් වීම වැදගත් වන්නේ එම නිසා බවයි වෛද්‍ය විලාත්ගමුව සඳහන් කරන්නේ.

“ලංකාවේ මනුස්සයෙක් වෛද්‍යවරයෙක් ළඟට යන්නේ ලෙඩක් හැඳුනම බෙහෙත් ගන්න විතරයි. අම්මා කෙනෙකුට දරුවෙක් ලැබෙන්න ඉන්නවානම් කළ යුතු හැම දේම කරනවා. නමුත් ඊට කලින් නැත්නම් පස්සේ ගන්න  ඕන උපදෙස් ලබා ගන්නේ නැහැ. විවාහයට පෙර වෛද්‍යවරයෙක් මුණගැහිලා සාකච්ඡ කරනවා නම් මේ කිසිම ප‍්‍රශ්ණයක් අපට මතුවෙන්නේ නැහැ.
නීතියෙන් ගබ්සාවකට ඉඩ ලැබී ඇත්තේ දරු ප‍්‍රසූතියේදී මව මිය යාමට ඇති ඉඩ ප‍්‍රමාණය වැඩිනම් හා දූෂනයක් සිදු වී ඇත්නම් හෝ පවුලේ අයකු විසින් දූෂනයක්   ( සහෝදරයන් හෝ පියා)සිදු වී ඇති නම් පමණකි.
පවුල් සැලසුම් ක‍්‍රම තුලින් හඳුන්වාදෙන ලද ක‍්‍රම නියමාකාරයෙන් පිළිනොපැදීමත් එ තුළින් ඇතිවන අතුරු ප‍්‍රතිපල පිළිබදව ඇත් මිත්‍යාව නිසාවෙනුත් සිදුවන ප‍්‍රතිවිපාක බහුල විය හැකිය.

“උපත් පාලන ක‍්‍රම අනුගමනය කරන්න මේ අය කැමැත්තක් නොදක්වන්නේ විශේෂයෙන් මහත් වෙනවා පිළිකා හැදෙනවා කියන මට්ටමේ ඉඳලා. නැහැ. එහෙම දෙයක් වෙන්නේ නැහැ. මෙම ක‍්‍රම නියමාකාරයෙන් සිදු නොකර අතර මඟදි නතර කළොත් තමයි  පිළිකාවලට එන්නේ. මද සරු භාවය ඇති වෙන්නේ. මහත් වෙන්නේ.” වෛද්‍යවරිය සඳහන් කළාය.
Director, Sri Lanka Family Planning Association, Dr. Shreen Vilathgamuwa said there are between 650-1,000 abortions carried out in the country each day. While about 68-69% use family planning methods, Dr. Vilathgamuwa said that most of the abortions are done by married couples. She added that there was lack of awareness even at school level due to the inability of teachers to teach the lesson on reproduction at Grade 6 level. Dr. Vilathgamuwa emphasized the need for engaged couples to learn about family planning methods before marriage.

  • Share/Bookmark

පෙන්ටාවේලන්ට් එන්නත නැවත හඳුන්වා දේ

February 2, 2010 by Editor  
Filed under Featured, Stories

ඉන්ෆුවෙන්සා ,කක්කල් කැස්ස,පිටගැස්ම,හෙපටයිටීස් යන රෝගී තත්වයන් සඳහා පෙන්ටාවේලන්ට් නැමති එන්නත නැවත ලබා දීම සඳහා සෞඛය අමාත්‍යාංශය තීරණය කරයි. 2008 වසරේ මෙම එන්නත ලබා දුනනද එම එන්නත ලබා දීමේදී ඇතිවූ සංකූලතාවයන් සැලකිල්ලට ගනිමින් මෙම එනනත ලබා දීම නවතා තිබූ අතර පසුව ලොක සෞඛය සංවිධානය හා  ශ‍්‍රී ලංකා සෞඛය විද්වතුන් මඟින් නිර්ද්ශ කළ කමිටුවක් හරහාත් අනුමැතය ලබා ගනිමින් මෙම එන්නත නැවත ලබා දීමට ඊයේ දිනයේ ( 01 )තීරණය තර ඇත.

ශ‍්‍රී ලංකාවේ මතු වී එන මහජන සෞඛ්‍ය ගැටලුවක් ලෙස හිමොෆිලස් ඉන්ෆ්ලූවන්සා (හිබ්) ආසාධනය සැලකිය හැකි බව 2004 වසරේදී සිදු කෙරුණ හිබ් රෝග නිසා සිදුවන පීඩාව පිළිබඳ අධ්‍යනයෙන් පෙන්වා දෙනු ලැබීය.

වයස අවුරුදු 5ට අඩු දරුවන්ට වැළදෙන මෙම රෝගී තත්ත්වය කොළඹ දිස්ත‍්‍රීක්කයේ පමණක් ලක්ෂයකට 20.1  පමණ ප‍්‍රමාණයක් සිටින බව සෞඛ්‍ය අධයාපන කාර්‍යාංශයේ පැවති මාධ්‍ය සාකච්ඡාවකදී වෛද්‍ය සුදත් පීරිස් සඳහන් කළේය.

කුඩා ළමුන් අතර හිබ් රෝගවල අවදානමෙන් 90% කට වැඩි ප‍්‍රමාණයක් ප‍්‍රතිශක්තීකරණය මඟින් අවම කළ හැකි බවයි වෛද්‍ය පීරිස් සඳහන් කළේ.

මෙම එන්නත ගෙන්න වීම සඳහා සම්පූර්ණ වියදම රජය මඟින් දරණු ලබන අතර ඩෙංගු රෝගය සඳහා මෙම වසරේ අය වැයෙන් මිලියන පන්සීයයක් වෙන්කර ඇත.

ඩෙංගු රෝගය හා ඉන්ෆුවෙන්සා එච් 1 එන් 1 රෝගය ද මේ වන විට සැළකිය යුතු මට්ටමක පහත වැටීමක් පෙන්නුම් කරල ලද බව වසංගත රෝග ඵීද්‍යා අංශයේ අධ්‍යක්ෂිකා වෛද්‍ය පබා පලිහවඩන සඳහන් කළේය.

”ඩෙංගු රෝගය අවම කිරීම සඳහා රාජ්‍ය අමාත්‍යාංශ සියල්ලගේම සහය අවශ්‍යයි. කි්‍යුබානු රජයෙන් බීටීඅයි බැක්ටීරියාව ගෙන්නවීම සඳහා ඉල්ලූම්  කරලා තියෙනවා. මේ මෙන දේ කළත් චරියාමය වෙනසක් සිදු කර ගන්නේ නැතිනම් මෙම රෝගය නැවත ඇති වෙන්න පුලුවන්.” වෛද්‍ය පළිහවඩන සඳහන් කළේය.

පසුගිය වසරේ දෙසැම්බර් මාසයේ  ඩෙංගු රෝගීන් 3872 වර්තා වූ අතර වසර පුරාවට මරණ 345 සිදු වී ඇති බව සඳහන් කළ අතර 2010 ජනවාරි මාසයේ රෝගීන් 3336 හා මරණ 20 සිදු වී ඇති බව වෛද්‍ය පළිහවඩන සඳහන් කළේය.

The Health Ministry has decided to give the Pentavalent vaccine once again to patients suffering from Influenza, Whooping Cough, Hepatitis and Tetanus. The vaccine that was administered to patients in 2008 was stopped temporarily due to various complications due to the vaccination. The health Ministry decided to re-administer the vaccine on the 1st following a series of consultations between the World Health Organization and Sri Lankan health experts. Dr. Sujith Peiris says that 90% of the children in the country were at risk of contracting Haemophilus Influenzae if not immunized. Chief Epidemiologist, Dr. Pabha Palihawadana says that dengue and Influenza A1H1 has seen a considerable decline in the country.

  • Share/Bookmark

සූකර උණට බයේ මධ්‍යම පළාතේ පාසල් නිවාඩුදේ

November 19, 2009 by Editor  
Filed under Featured, Stories

H1N1 closes schools in Central Province

නව ඉන්ෆ්ලූවෙන්සා නොහොත් සූකර උණ (එච්1 එන්1) වෛරසය ආසාදිත රෝගීන් මධ්‍යම පළාතෙන් වාර්තාවීම වර්ධනය වීමත් සමග එම පළාතේ පාසල් නිවාඩුව නොවැම්බර් 23 වැනිදා (සදුදා) සිට ලබාදීමට තීරණය කර ඇතැයි මධ්‍යම පළාත් ආණ්ඩුකාර ටිකිරි කොබ්බෑකඩුව පැවසුවේය.

මේ ආකාරයට මධ්‍යම පළාත තුළ ඇති පාසල් 1464ක තෙවන පාසල් වාර නිවාඩුව සති එකහමාරකට පෙර ලබාදීමට තීරණය කර ඇතැයි මධ්‍යම පළාත් ආණ්ඩුකාරවරයා කීවේය.

‘‘පසුගිය දින කීපය තුළ මධ්‍යම පළාත තුළ සූකර උණ රෝගීන් (නව ඉන්ෆ්ලූවෙන්සා වෛරසය ආසාදිතයින්) වාර්තාවීම ඉහළ ගොස් තිබෙනවා. මේ තත්වය පාලනය කිරීටම පියවරක් වශයෙන් පාසල් වාර නිවාඩුව කලින් ලබාදීමට තීරණය කළා.’’ කොබ්බෑකඩුව සදහන් කළේය.

නව ඉන්ෆ්ලූවෙන්සා වෛසරය මධ්‍යම පළාත තුළ ව්‍යප්තවීම පිළිබදව වෛද්‍යවරුන්ගේ අවධානය යොමුව තිබෙන අතර වෛද්‍යවරු වෛරසය ව්‍යාපත්වීම පිළිබදව රතු එළිද දල්වා තිබුනේය.

‘‘මධ්‍යම පළාත තුළ මෙම වෛරසය සීග‍්‍රයෙන් ව්‍යාප්තවීමේ අවදානමක් පවතින්නේයැයි වෛද්‍යවරු පවසා තිබුණා. වැඩියෙන්ම දරුවන් මගින් වෛරසය ව්‍යාප්තවන බවද ප‍්‍රකාශ කර තිබුණා.’’ කොබ්බෑකඩුව කීවේය.

මෙම වෛරසය ආසාදනය වීම නිසා මධ්‍යම පළාත තුළ සිදුවන මරණ සංඛ්‍යාව වැඩිවී තිබෙන බවද හෙතෙම කීවේය. තුන්වන පාසල් වාර නිවාඩුව නියමිත දිනට පෙර ලබාදීම මගින් ළමුන් හරහා වෛරසය ව්‍යාප්තවීම පාලනය කිරීමට හැකියාව ලැබෙන්නේයැයි ආණ්ඩුකාරවරයා කීවේය.

කෙසේ වෙතත් මේ ආකාරයට මධ්‍යම පළාතේ පාසල් නියමිත දිනට පෙර නිවාඩු ලබාදීම පිළිබදව කිසියම් අපහැදිළි තත්වයක් ඇතිව තිබේ. මධ්‍යම පළාත තුළ තුන්වන පාසල් වාර නිවාඩුව නියමිත දිනට පෙර ලබාදීමට හැකියාවක් නැතැයි අධ්‍යාපන අමාත්‍යාංශයේ ලේකම් එම්.එම්.එන්.ඞී. බණ්ඩාර පැවසුවේය.

‘‘මේ විදියට පාසල් නිවාඩු ලබාදීමේ හැකියාවක් නැහැ. සූකර උණ තිබෙනවානම් ඒ පාසලේ අදාල පන්තියට පමණක් නිවාඩු ලබාදෙන ලෙසට චක‍්‍රලේඛයක් නිකුත්කර තිබෙනවා.’’ අධ්‍යාපන අමාත්‍යාංශ ලේකම්වරයා කීවේය.

මේ පිළිබදව අධ්‍යාපන අමාත්‍යවරයා සමග සාකච්ඡා කිරීමට සිදුවන බවද ලේකම්වරයා කීය.

මධ්‍යම පළාතේ පාසල් නිවාඩුව නියමිත දිනට පෙර ලබාදීමට තීරණය කර ඇති නමුත් සාමාන්‍ය පරිදි විවෘත කිරීමට නියමිතයයැයි කොබ්බෑකඩුව සදහන් කළේය.

පළාත තුළ නව ඉන්ෆ්ලූවෙන්සා වෛරසය පැතිරයාම වැලැක්වීම සදහා පියරව ගනිමින් සිටින බවද වෛරසය පැතිරයාම පාලනය කිරීමට සාමාන්‍ය ජනතාව ගත යුතු ක‍්‍රියාමාර්ග සම්බන්ධයෙන් දැනුවත් කිරීම් සිදුකරන බවද ඔහු පැවසීය.

‘‘දැන්වීම් හා නොයෙකුත් ප‍්‍රචාරයක වැඩපිළිවෙලවල් මගින් පළාතේ ජනතාව දැනුවත් කිරීමට පියවර ගෙන තිබෙනවා.’’ කොබ්බෑකඩුව කීවේය.

Schools in the Central Province are to be closed from Monday (23) following an increase in the number of Swine Flu cases reported from the area, Central Province Governor Tikiri Kobbekaduwa said. 1,464 schools in the Province are to receive their third term holiday one and a half weeks earlier. The decision to close schools earlier than the scheduled date for the holidays is to be further discussed with the Education Minister.

  • Share/Bookmark

ලංකාවේ පවතින්නේ ‘‘සූකර උණ” රෝගය නොවන බවට වෛද්‍ය මතයක්

November 19, 2009 by Editor  
Filed under Featured, Stories

H2N1How to face the dreaded H1N1

‘‘සූකර උණ මුල්වරට මතුවුනේ පසුගිය අපේ‍්‍රල් මාසයේ ඇමරිකා එක්සත් ජනපදයේ සැන්දියේගෝ නගරයේ. ඒ  රටේ ඒ වගේ ආසාධනයන් නිතරම පවතිනවා. එකතරා රෝගයක් තිබුණා සැබැවින්ම ඌරන්ගෙන් බෝවෙන. ඒ රෝගයට සමාන රෝග ලක්ෂණ තිබු නිසා වෛද්‍යවරුන් මුලින් කල්පනා කලා සූකර උණ රෝගයේම කොටසක් වෙන්න ඇති කියලා. එහෙත් එම බටහිර රටවල තියෙන රෝගයෙත් මේ රෝගයේත් වෙනස්කම් බොහෝ පවතිනවා.” මාතර මහ රෝහලේ කායික රෝග හා දැඩිසත්කාර විශේෂඥ වෛද්‍ය අරුණ මුණසිංහ මහතා  පවසන්නේය.

මෙම රෝග දෙවර්ගයෙහි බොහෝ වෙනස්කම් තිබේ. විශේෂයෙන්ම මේ සඳහා ඇති වෙන්නාවු රෝග කාරකයකයන්හි ජානමය තත්ත්වයෙහි බොහෝ වෙනස්කම් පවතින බවට වෛද්‍යවරුන් සොයාගෙන ඇත. එමෙන්ම මෙම රෝග දෙකෙහිම සාමන්‍ය ඉන්ෆ්ලූවෙන්සා තත්ත්වයක තිබෙන්නාවු රෝග ලක්ෂණ ද ඇති බව සනාථ වී ඇත. එමෙන්ම ලෝක සෞඛ්‍ය සංවිධානය පවසන්නේ වමනය යෑම සහ බඬේ කැක්කුම වැනි රෝග ලක්‍ෂණ බටහිර රටවල පවතින්නා වූ නෝර්මල් ඉල්ෆ්ලූවෙනසා ඒ1 එච්1 රෝගයෙහි දක්නට නොමැති බවයි.

‘‘මේ ලංකාවේ තියෙන ඊනියා සූකර උණවල සාමණ්‍ය උණක දකින්නට ලැබෙන රෝග ලක්ෂණ තමයි තියෙන්නේ. ඇඟපත රුදාව, වෙවිලල උණ ගැනිමල වමනය ඇති වෙන්න පුඵවන්ල බඬේ අජීරණයක් ඇති වෙන්න පුඵවන්ල කැස්සල හෙමිබිරිස්සාවල දැඩිසේ පවතින්නාවු හිසරදය මේ හැමදේම තියෙන්න පුඵවන්.” විශේෂඥ වෛද්‍ය අරුණ මුණසිංහ පවසන්නේය.

‘‘ජනතාවගේ පැත්තෙන් ලොකු වගකිමක් තියෙනවා. මේ රෝගය භයානක රෝගයක් කියලා කලබල වෙන්න  ඕන නැහැ. හැබැයි මේ රෝගය භයානක වෙන්න පුඵවන් ප‍්‍රතිශක්තිකරණය ඉතා අඩු පුද්ගලයන්ට. ඒවගේ මේ රෝගය අනිත් රෝගවලට වඩා ඉක්මනට බෝවෙනවා. බෝවෙන්න හේතුව තමයි මේක අලූත්ම රොග තත්ත්වයක් වීම සහ ප‍්‍රතිශක්තියක් ඇති වෙන්න ඉඩක් තිබුණේ නැති නිසා. ඒ නිසා මෙයින් පරිස්සන් වෙන්න  ඕන. මේ රෝගය බෝවෙන්නේ කෙනෙක් කහිනකොට එයාගේ කෙළ වලින් සහ හොටු වලින් ස්වසන පද්ධතියේ ඉහළ කොටසින් ඇති වෙන්නාවු ශ‍්‍රාවයකින්.”  විශේෂඥ වෛද්‍ය අරුණ මුණසිංහ වැඩිදුරටත් පෙන්වා දෙන්නේය.

‘‘මෙම රෝගය බෝවීම වැලැක්විම සඳහා අපිට ගත හැකි පියවර දෙකක් තියෙනවා. තමන්ට මේ රෝගය හැදුනොත් අනිත් අයගෙන් ඈත් වෙලා ඉන්න  ඕන. සාමාන්‍යයෙන් රෝගියෙකු ඉන්න තැන ඉඳල අඩි 3 ක් වගේ ප‍්‍රදේශයක තමයි කතා කරන කොට කහිනකොට ෙමි රෝගය  බොවෙන්න පුඵවන්කම තියෙන්නේ. ඒ නිසා ඉන් ඇත්වෙලා ඉන්න එක හොඳයි. ඒවග්ම මුඛ වැස්මක් පළඳින්න  ඕන. මුඛ වැස්මවල් දැන් වෙළඳපොලේ කිහිප වර්ගයක්ම තියෙනවා. ඉතාම සරල මුඛ වැස්මක් වුණත් මේකට ගැලපෙනවා. අපේ සමහර පුද්ගලයන් රෝගීන් ඉන්න ස්ථානවල මුඛ වැස්මවල් පැලඳගෙන ඉඳල ටික වෙලාවකින් ඒක ගලවල දානවා. ඒකෙන් රෝගය ඉක්මනින්ම බෝවෙන්න පුළුවන්. ඒ වගේම එක මුඛ වැස්මක් පාවිච්චි කළ යුත්තේ එක් වරක් පමණයි. ඒ වගේම මේ රෝගයට විශේෂ මුඛ වැසුම් වර්ගයක් නිපදවල තියෙනවා. ඇමරිකාවේ නිෂ්පාදනයක් වන ඒක හඳුන්වන්නේ n95 කියලා. මේ මුඛ වැසුම් වර්ගය වැඩි වශයෙන්ම භාවිතා කරන්නේ සෞඛ්‍ය සේවකයන්. ඒ අයට තමයි මේක හදල තියෙන්නේ. අනිත් අයටත් පාවිච්චි කරන්න පුළුවන්.” වෛද්‍යවරයා පැවසීය.

සූකර උණ පිළිබඳව අප රටෙහි බොහෝ දෙනක් කතා කරන්න පටන් ගත්තේ මෙම රෝගය වැළඳුන රෝගීන් කිහිප දෙනක් ජීවිතක්‍ෂයට පත්වීමත් සමඟයි. මාතර මහ රෝහලෙහිද එක් සූකර උණ රෝගියෙක් ජීවිතක්‍ෂයට පත්ව තිබෙනවා.

‘‘ඇත්තටම මීට මාසයකට ප‍්‍රථම තමයි පළමු රෝගියා මාතර මහ රෝහලේදි හඳුනාගන්න ලැබුණේ.  එහිදි විශේෂ සුදානමක් රෝහලේ තිබුණේ නැහැ. නමුත් පළමු සැක කටයුතු රෝගියා ස්ථිරවම මෙවන් රෝගියෙකු බවට හඳුනා ගත්තට පස්සේ ෙමි රොහලේ විශේෂ සූදනාමක් ඇති කළා. කළින් සෞඛ්‍ය අමාත්‍යාංශය මගින් උපදෙස් දුන්නේ මේ රෝගීන්ට භාහිර රෝගී අංහයෙන් ප‍්‍රතිකාර කරලා නිවසට පිටත් කරන්න කියලා. මේ වෙන කොට හදිසි රෝගී අංශයත් ප‍්‍රතිකාර සඳහා යොදා ගෙන තියෙනවා.  දැඩි සත්කාර ඒකකයක් පවා අපි පිහිටුවන්න කටයතු කළා. සූකර උණ රෝගීන් වෙනුවෙන් ගත හැකි උපරිම පියවර මාතර මහ රෝහල අරගෙන තියෙනවා.” මාතර මහ රෝහලේ අධ්‍යක්ෂ වෛද්‍ය එස්. සමරකෝන් මහත්මිය පවසන්නීය.

‘‘මේ වෙන කොට මාතර මහ රෝහලට ඇතුල් කල රෝගින් ගෙන් 4 දෙනෙකු තමයි නිශ්චිතවම හඳුනා ගෙන තියෙන්නේ. මෙහි තවත් සැකකරන රෝගින් 10 ක් 15 ක් අතර ගණනක් ඇතුල් කරලා තියෙනවා. ඉන් ඇතැමෙකු ප‍්‍රතිකාර අරගෙන ගිහිල්ලා තියෙනවා. මේ වෙන කොට රෝගින් 6 දෙනෙකු ප‍්‍රතිකාර ලබනවා. මේ රෝහලේ වෛද්‍යවරුන් දෙදෙනෙකටත් මේ රෝග තත්ත්වය වළඳිල තිබෙනවා කියල සැක කරනවා. අපි ඔවුන්ටත් රෝහලේම ප‍්‍රතිකාර ලබා දෙනවා.” රෝහල් අධ්‍යක්ෂවරිය පැවසුවාය.

ජනාතාව තුළ මේ රෝගය සම්බන්ධයෙන් අනවශ්‍ය බියක් ඇති කරගත යුතු නොවන බවට සෞඛ්‍ය බලධාරීන් පවසනවා.

‘‘මාතර ප‍්‍රදේශයේ විශාල බියක් ඇති වෙලා තියෙනවා. රෝහලේ කාර්්‍ය මණ්ඩලය තුළත් ඒ බිය පැතිරි ගිහිල්ලා තියෙනවා. ඒ නිසා අපි මේ වන කොට රෝහල තුළත් දැණුවත් කිරිමේ වැඩ සටහන් කිහිපයක් පවත්වා ගෙන යනවා. අපි ඉල්ලා සිටිනවා ජනතාවගෙන් මේ රෝගයට බය වෙන්න එපා කියලා.” සමරකෝන් මහත්මිය පැවසුවාය.

මේ වන විට මාතර මහ රෝහලේ මෙම රෝගයට මුහුණදිමට හොඳ සුදානමක් පවතින්නාසේම ජනතාවත් මේ රෝග තත්ත්වය පිළබදව අවධියෙන් පසු වුවහොත් වෛද්‍යවරුන් පෙන්වා දෙන ආකාරයට ඊනියා සූකර උණට මුහුණදිමට අපේ රටට හැකියාව ලැබෙනු ඇත.

‘‘ජනතාවට දෙන්න තියෙන පණිවිඩය තමයි ෙමි රෝගයේ ලක්ෂණ තියෙනවානම් සුදුසුකම් ලත් වෛද්‍යවරයෙක් ළඟට ගිහිල්ලා සැකහැරලා දැන ගන්න  ඕන තමන්ට තියෙන්නාවු රෝගය මොකද්ද කියලා. ඒ වගේම ගොඩ වෙදකම් කරන එකෙන් සම්පූර්ණයෙන්ම වළකින්න  ඕන.” මාතර මහ රෝහලේ කායික රෝග හා දැඩිසත්කාර විශේෂඥ වෛද්‍ය අරුණ මුණසිංහ අවධාරනය කරන්නේය.

Health authorities say there is no need to develop an undue fear against the H1N1 virus that causes Swine Flu. The two steps that could be taken to prevent contracting the flu is to stay away from those infected and to wear a mask to cover one’s nose and mouth, Specialist Dr. Aruna Munasinghe said. Doctors also warned that patients with Swine Flu symptoms should immediately receive medical treatment. Matara Hospital Director, Dr. S. Samarakoon noted that home remedies could not cure the flu and that any one suspicious of having Swine Flu should get tested and receive immediate treatment.

  • Share/Bookmark

වකුගඩු රෝගයටත් දුප්පත් කමටත් මැදිවුන අනුරාධපුර වැසියෝ

November 17, 2009 by Editor  
Filed under Featured, Stories

Kidny mainKidney ailment haunt north central province

වසර ගණනාවක් පුරා උතුරු මැද පළාතේ ව්‍යාප්තවෙමින් පවතින වකුගඩු රෝගී තත්ත්වය මෑතකදී රට තුළ දැඩි කතා බහක් ඇති කර තිබේ. පසුගිය වසර 5 ක පමණ කාලය ඇතුළත උතුරුමැද පළාතින් වකුගඩු රෝගීන් 6711 ක් වාර්තා වී ඇතැයි අනුරාධපුර රෝහලේ වකුගඩු ප‍්‍රතිකාර සහ පර්යේෂණ මධ්‍යෂ්ථානය පවසයි. එයින් රෝගීන් 1000 ක් පමණ මේ වන විට ජීවිතක්‍ෂයට පත්ව ඇතැයි එම මධ්‍යෂ්ථානය කියයි. එමෙන්ම රෝගීන් 10,000 ක් පමණ හඳුනාගෙන ඇතියි සෞඛ්‍ය වාර්තාවල සඳහන් වේ. එමෙන්ම අනුරාධපුර රෝහලෙහි වකුගඩු ප‍්‍රතිකාර සහ පර්යේෂණ මධ්‍යස්ථානයේ සායනය සඳහා මසකර රෝගීන් 200 දෙනෙකු පමණ ලියාපදිංචි වීමේ ප‍්‍රවණතාවක් ද ඇති වී තිබේ.

මෙම වකුගඩු රෝගය බහුලව පවතින අනුරාධපුර දිස්ත‍්‍රයේ සෑම ප‍්‍රදේශයකම ජනගහණයෙන් වැඩි කොටසක් කෘෂි කර්මාන්තයෙන් සිය ජීවිකාව කරගෙන යන්නේය.

‘‘මට මේ ලෙඩේ තියනවා කියලා දැනගත්තේ 2005 දි. ඒ කාලේ ඉඳන්ම නොවරදවා බේත් ටික වෙලාවට බෙනවා. මම ගොවිතැන් කටයුතු කරන්නේ. මගේ ආදායමත් එක්ක ගෙදර වියදම දරන්න අමාරුයි. ළමයි දෙන්නෙක් ඉස්කොළේ යනවා. ළමයින්ගේ අම්මටත් මේ ලෙඬේ තියනවා. අපි දෙන්නාගේම බේත්වලට මාසෙකට රුපියල් 2000 විතර යනවා” හල්මිල්ලෑව ගමේ ගැමියෙකුවු වයස අවුරුදු හතළිස් නවයක් වූ මැණික්රාලගේ ධර්මසේන පැවසුවේය.

‘‘මේ පලාතේ වකුගඩු රෝගීන් හැම ගමක් ගානේම ඉන්නවා. මේ ගම්වල මිනිස්සු හරි දුප්පත්. මේ අයට එදාවේල හොයාගන්න ගොවිතැනක් කරන්නත් වැව්වල වතුර නෑ. ඒ පිටටයි මේ වසංගතයත් ආවේ” ධර්මසේන වැඩිදුරටත් සඳහන් කළේය.

මෙම ප‍්‍රදේශවල බොහෝදෙනාට වකුගඩු රෝග පිළිබදව ඇත්තේ අඩු දැනුවත් භාවයකි. ”මම අහලා තිබුණට වකුගඩු රෝගය ගැන දැනගෙන හිටියේ නෑ. මට වමනය, උණ නිතර නිතර හැදුනා. බර වාහන ලයිසන් ගන්න ගියාම තමයි. වකු ගඩු රෝගය කියලා හරියටම දැන ගත්තේ.”  අනුරාධපුරයේ නොච්චියාගම පදිංචි සාලින්ද දිසානායක පැවසුවේය.

මේ රෝගය බෝවිමට ප‍්‍රදාන වශයෙන් ජලය බලපාන බව වෛiවරුන් ප‍්‍රකාශ කරයි. එමෙන්ම ඇළුමිනියම් භාජනවල ආහාර පිසිම නුසුදුසු බවත්, වගා වලට යොදන කෘෂි රසායනික මගින්ද මෙම වකුගඩු රෝගය ව්‍යාප්ත වන බවටත් විවිධ ආරංචි පළවන බව දිසානායක පවසනවා.

‘‘මේ ලෙඩේ වතුර නිසා බෝ වෙනවා කිව්වාම අපි වතුර පෙරලා බොන්න ගන්නේ. ඇළුමිනියම් භාජන අයින් කරලා මැටි වලං ප‍්‍රයෝජනයට ගත්තා. ඒත් මේ ප‍්‍රදේශයේ විශාල වකුගඩු රෝගීන් ප‍්‍රමාණයක් ඉන්නවා.” විලච්චියේ කේ. සීලවතී සඳහන් කළාය.

‘‘මගේ මහත්තයා නැති වුණේ වකුගඩු රෝගය හැදිලා. දැන් මගේ පොඩි දුවටත් මේ නරක ලෙඩේමයි කියලා දැනගත්තාම මට ජීවිතයත් එපා වුණා. දුව පොඩි කාලේ ඉඳලා කෑම ගන්නවා වැඩියි. මහත්වෙන්න ගත්තා.ඉස්කෝලෙදි පරීක්‍ෂාකරපු දොස්තර මහත්තයා කිව්වා දුවගෙත් වකුගඩු නරක්වෙලා කියලා. පවුලක මූලිකයාට මේ ලෙඩේ හැදුනොත් ඒ මුළු පවුලටම ලොකු අකරතැබ්බයකට මුණදෙන්න සිද්ද වෙනවා.” සීලවතී දෙනෙත් කඳුළින් පුරවා ගෙන ප‍්‍රකාශ කළාය.

අනුරාධපුර ප‍්‍රදේශයේ වකුගඩු රෝගීන් ව්‍යාප්තවීම වැඩිවීමත් සමග රෝගීන්ට ප‍්‍රතිකාර කිරීම සදහා විධිමත් වැඩපිළිවෙලක් සකස් කිරීමට සෞඛ්‍ය බලධාරීන් සිය අවධානය යොමුකර තිබේ. රෝගීන් රෝහල් වෙත පැමිණ ප‍්‍රතිකාර ගැනීමට පෙර වෛද්‍යවරුන් රෝගීන් සොයා යාමේ වැඩපිලිලෙක් සකස් කිරීමටද රජයේ වෛද්‍ය දෙපාර්තමේන්තුව කටයුතු කර තිබුනේය. මේ අනුව වකුගඩු රෝගීන්ට ප‍්‍රතිකාර කරීම සදහා ජංගම රෝහලක් ආරම්භ කිරීමට රජයේ වෛද්‍ය දෙපාර්තමේන්තුව කටයුතු කර තිබේ.

‘‘මේ ජනතාව ගොඩාක් දුප්පත්. අධ්‍යාපන මට්ටම අඩුයි. රෝහල්වලට මේ ප‍්‍රදේශවල ඉඳලා ගොඩාක් දුරයි. ඒ නිසා අපි මේ ජංගම දුෂ්කර ගම්මාන වෙත පැමිණ රෝගීන්ට ප‍්‍රතිකාර කරනවා.” අනුරාධපුර මහ රෝහලේ ඖෂධ සංයෝජක නිළධාරියෙකු වන අතුල සෙනවිරත්ත පවසයි.

වකුගඩු රෝග වැළදුන විට ප‍්‍රතිකාර සදහා විශාල මුදලක් වැයකිරීමට සිදුවීම තමන්ට දැරිය නොහැකියැයි මේ අනුරාධපුර ප‍්‍රදේශ වාසීහු පවසති.

‘‘මුළින්ම මට උණ හැදුනේ. දිගින් දිගට අමාරුවුණු නිසා මැදවච්චිය සායනයට ගියා. එහිදි පරීක්‍ෂණ ඉස්පිරිතාලෙන්  කරන කොට ප‍්‍රමාදවෙන නිසා අපිට නුවරටත්, කොළඹටත් ගිහින් සල්ලි බැඳලා පරීක්‍ෂණ කරන්න සිද්ද වුණා. ඒ වගේ වුණාම රුපියල් හාරදාහක් විතර වියදම් වෙනවා. ගොවිතැන් කරන අපිට ඒ වියදම් හරි අමාරුවෙලයි තියෙන්නේ.” වන්නිහාමිගේ ගුණපාල පවසයි.

වකුගඩු රෝගය පිළිබදව නොදැනුවත් නිසා  රෝගය ව්‍යාප්තවීමේ අවදානමක් ඇතැයි අනුරාධපුර රෝහලේ වකුගඩු ප‍්‍රතිකාර හා රසායනාගාර නිලධාරිණි ශ‍්‍රීයානි ගමගේ පැවසුවාය. දුප්පත්කම නිසා වකුගඩු රෝගීන් වැඩිදෙනෙක්  නිසි ප‍්‍රතිකාර ලබානොගන්නා බවද ඇය පැවසුවාය.

‘‘ඇඟසුදුමැලි වීම, වමනය, වළලූකර ඉදිමිම, මේ රෝගයේ සමහර රෝග ලක්ෂණ වෙනවා. විශේෂයෙන් අඩු රුධිර පීඩනය, දියවැඩියාව මුත‍්‍රා ගල්, මුත‍්‍රා ආසාදන ඇති අයට වකුගඩු රෝගය වැළඳීමේ හැකියාව වැඩියි. මෙවැනි රෝග ලක්‍ෂණ තියන රෝගීන් හැකි ඉක්මනින් අවශ්‍ය ප‍්‍රතිකාර සඳහා ලඟම ඇති රෝහලට යොමු විය යුතුයි. ඊට පස්සේ වෛiවරු කියන විදියට ප‍්‍රතිකාර ලබාගන්න  ඕන.” ගමගේ කීවාය

වකුගඩු රෝගයට ගොදුරුවූ අය තමන්ගේ ආහාර පිළිබදව සැලකිළිමත් විය යුතුයැයි ඇය කියන්නීය.

‘‘විශේෂයෙන් වකුගඩු රෝගීන් තම ආහාර පාන පවා ක‍්‍රමවත් රටාවක් තුළ පාලනය කල යුතුයි. පලතුරු කෑම හොඳ නෑ. පොටෑසියම් ලවණ වැඩි වෙනවා. ඒ සමඟ වතුර ඇෙඟ් එකතු වෙනවා. තැඹිලි කුරම්බා බොන්න හොඳ නෑ. මස් මාළු කන්න හොඳත් නෑ. වකුගඩු රෝගීන්ට නයිට‍්‍රජන් ඇමෝනියා පිටකිරීමේ ගැටළු එනවා.” අනුරාධපුර මහ රෝහලේ වකුගඩු ප‍්‍රතිකාර සහ පර්යේෂණ මධ්‍යස්ථානයේ රසායනාගාර නිළධාරීණිය කීවාය. එමෙන්ම මෙම රෝගයට පානීය ජලය ප‍්‍රධාන වශයෙන් බලපා තිබෙන බවට සමාජයේ පොදු මතයක් ඇති බවත් ඒ පිළිබඳව තවමත් විවිධ පර්යේෂණ සිදුවන බවත් ඇය සඳහන් කළාය.

  • Share/Bookmark

උපත් හයෙන් එකක් අඩු බර දරු උපතක්

October 28, 2009 by Editor  
Filed under Featured, Stories

childOne in six births under-weight

ලංකාවේ උපදින ළමුන් හය දෙනෙකුගෙන් එක් අයෙක්ම අඩු බර දරු උපතක් බව පවුල් සෞඛ්‍ය කාර්යාංශය සදහන් කරයි.

උපදින අවස්ථාවේ ළමයෙක් ග‍්‍රෑම් දෙදහස් පන්සියයක බරකින් යුතු විය යුතු බවත් මෙම බර ප‍්‍රමාණයට වඩා අඩවෙන් උපදින  දරුවන් අඩු බර දරු උපතක් ලෙසින් සලකන්නේයැයි පවුල් සෞඛ්‍ය කාර්යාංශයේ ප‍්‍රජා වෛද්‍ය විශේෂඥ වෛද්‍ය නිල්මිණි හේමචන්ද්‍ර පැවසුවාය.

දෙදහස් හය හා දෙදහස් හත වසර දෙක ඇතුළත කර තිබෙන සමීක්ෂණවලට අනුව ලංකාවේ අඩු බර දරු උපත් ප‍්‍රමාණය සියයට දාහතක් වන බව පවුල් සෞඛ්‍ය කාර්යාංශයේ සැලසුම් අංශයේ අධ්‍යක්ෂිකා ප‍්‍රජා වෛද්‍ය විශේෂඥ වෛද්‍ය චිත‍්‍රමාලී ද සිල්වා පැවසුවාය.

‘‘ලංකාවේ සෑම තැනකම මේ අනුපාතය එක ලෙසින්ම පවතින්නේ නැහැ. නුවරඑළිය බදුල්ල වැනි ප‍්‍රදේශ වල අඩු බර දරු උපත් ප‍්‍රතිශතය ඉහළ තත්වයක තිබෙනවා.’’ ඇය කීවාය. වතුු ආශ‍්‍රිතව බර අඩු දරු උපත් ප‍්‍රතිශතය ඉහළ අගයක් ගෙන තිබෙන බවද නුවරඑළිය දිස්ත‍්‍රික්කයේ මෙම ප‍්‍රතිශතයට සියයට විසි පහක අගයක් ගෙන තිබෙන බවද වෛද්‍ය සිල්වා කීවාය.

බර අඩු දරු උපතක් ඇතිවීමට ප‍්‍රධානම හේතුව වන්නේ ගර්භනී මවගේ පෝශණ තත්වය වන බව වෛද්‍ය හේමචන්ද්‍ර කීවාය. උසට සරිලන බරක් නොමැති කාන්තාවන්ට උපදින දරුවන්ට බර අඩුවීමට වැඩි අවදානමක් පවතින්නේයැයි ඇය පැවසුවාය. ශබ්ර ස්කන්ධ දර්ශකය 18.5 ට වඩා වැඩිවිය යුතු අතර මේ ප‍්‍රමාණයට වඩා අඩු ශබ්ර ස්කන්ධ දර්ශකයක් ඇති කාන්තාවන්ට අඩු බර දරු උපතක් ඇතිවීටම හැකියාව තිබේ.

ලංකාවේ ගැබිණි මව්වරුන්ගෙන් හතරෙන් එකකට උසට සරිලන බරක් නොමැතියැයි සෞඛ්‍ය අමාත්‍යාංශයේ පෝෂණ සම්බන්ධීකරණ අංශයේ අධ්‍යක්ෂිකා වෛද්‍ය පී. ගුණවර්ධන කීවාය.

‘‘කුස තුළ සිටින ළදරුවාගේ මුල් මාස දෙක තුන තුළදී වර්ධනයේ මුල් අවදානම තිබෙනවා. අඩු බර දරු උපතකට හේතුව වන්නේ මවගේ මන්දපෝෂණ තත්වයයි.’’ වෛද්‍ය ගුණවර්ධන පැවසුවාය.

ගැබිණි මව්වරුන්ගෙන් සියයට තිහක් යකඩ ඌනතාවයෙන් පෙළෙන බවද මීට අමතරව  අයඩින් හා විටමින් ඌනතාවයනේ පෙළෙන්නන් සිටින බව ඇය සදහන් කළාය. මවට විටමින් හා යකඩ ඌනතාවයක් ඇතිවිට එය  ළමයාගේ කායික මානසික හා බුද්ධි වර්ධනය කෙරෙහි බලපාන්නේයැයි වෛද්‍ය ගුණවර්ධන කීය.

වයස අවුරුදු එකොළහත් දහතුනත් අතර වයසේ පසුවන තරුණියන් අතරින් සියය විසි දෙදෙනෙක් නිරක්තියෙන් පෙළෙන බවද සියයට විසිපහක් මන්දපෝශණයෙන් පෙළෙන බවත් ඇය සදහන් කළාය.

ගර්භනී මවට ඇති නොයෙකුත් රෝග තත්වයන් නිසා බර අඩු දරු උපතක් සිදුවිය හැකිය. අධි රුධිර පීඩනය හා අධි කොරොස්රෝල් තත්වයන් නිසාද බර අඩු දරු උපතක් සිදුවිය හැකිය. මේ අතර ගර්භනී කාලයේදී විවේකය අඩු කම නිසා අඩු බර දරු උපතක් සිදුවිය හැකියැයි වෛද්‍ය හේමචන්ද්‍ර කීවාය. මීට අමතරව වායු දූෂනයද අඩු බර දරුවෙක් ඉපදීමට හේතුවක් වෙයි. සිගරට් දුම් හා දර ලිප්වලින් එන දුම් ආශ්වාස කිරීමද බර අඩු දරුවෙක් ඉපදීමට හේතුවක් වෙයි.

‘‘ගම්වල ඉන්න අම්මාලා කුස්සියේ දුම් ගැහි ගැහි ඉන්නවා. ඒ ගැන හිතන්නේ නැහැ.’’ වෛද්‍ය සිල්වා කීවාය.

දරුවන් ලැබීමට සිටින කාල සීමාවේදී වෛද්‍ය සායන වෙත නිසි පරිදි සහභාගී විය යුතු අතර මෙසේ වෛද්‍ය සායන වෙත සහභාගී නොවන ගැබිණි මව්වරුන්ට බර අඩු දරුවෙක් ඉදපදීමට වැඩි අවස්ථාවක් තිබෙන බවද ඇය සදහන් කළාය.

‘‘නියමිත බරට වඩා අඩු බරකින් යුතුව ළමයෙක් ඉපදුන විට ඒ තත්වය ඔහුගේ ඉදිරි ජීවිතයට බලපෑමක් එල්ල කරනවා.’’ වෛද්‍ය ගුණවර්ධන කීවාය.

බර අඩු ළමයෙක්ගේ වර්ධනය සාමාන්‍ය බරකින් යුතුව ඉපදෙන ළමයකුගේ වර්ධනයට වඩා අඩුය. සාමාන්‍ය ළමයෙකුගේ බර වැඩිවීම සමග සන්සන්දනය කර බලන විට මොවුන්ගේ බර වැඩිවීම සිදුවන්නේ සෙමිනි. එමෙන්ම ළමා මන්දපෝශණයටද මෙය එක් හේතුවක් වෙයි. අඩු බරකින් ඉපදෙන දරුවාගේ ශබ්ර උස්ණත්වය පහළ යාමේ අවදානමක්ද පවතී.

‘‘අඩු බරකින් දරුවෙක් ඉපදීම ඉදිරියේදී ඔවුන්ගේ අධ්‍යාපනයට බලපාන්න පුළුවන්. එය ඔවුන්ගේ මානසික වර්ධනයට බලපෑ හැකි මෙන්ම ළදරු මරණ සිදුවීමට මෙය හේතුවක් විය හැකියි. එමෙන්ම ඉදිරියේදී අඩු බරකින් යුතුව උපදින ළමුන් වැඩිහිටියන් බවට පත්වූ විට හෘද රෝගවලට ලක්වීමේ අවදානමක්ද තිබෙනවා.’’ වෛද්‍ය සිල්වා කීවාය.

බර අඩු දරුවෙක් ඉපදුන විට එය චක‍්‍රයක ආරම්භයක් බවට පත්වන බව වෛද්‍ය සිල්වා කීවාය. අඩු බරකින් උපදින දරුවෙක් වර්ධනය වන්න් අඩු වේගයකිනි. ඔහු වැඩිහිටියෙක් බවට පත්වූ විට උසට සරිලන බරක් නැත. ගැහැණු ළමයෙක් අඩු බරකින් ඉපදුනහොත් ඇය ගැබිණියක් බවට පත්වූවිට ඇයට උසට සරිනල මහතක් ඇත්තේ නැත. මේ නිසා ඇයගෙන් උපදින්නේද අඩු බරකින් යුත් දරුවෙකි.

‘‘අඩු බර දරු උපත් වැඩිවීම නිසා තවත් අවුරුදු පනහකින් රටට විශාල වියදමක් දැරීමට සිදුවෙනවා. මේ නිසා දරුවා ඉපදුන වහාම සාමාන්‍ය බරකින් යුතු දරුවෙක් බවට පත්කරගැනීමට කටයුතු කළ යුතුයි.’’ වෛද්‍ය සිල්වා කීවාය.

‘‘අඩු බරකින් උපදින දරුවාට හොද පෝෂණයක් ලබාදීමෙන් සාමාන්‍ය ළමයෙකුගේ තත්වයට පත්කරගැනීමට හැකියි.’’ රිජ්වේ ආර්යා ළමා රෝහලේ ළමා රෝග විශේෂඥ වෛද්‍ය දීපාල් පෙරේරා කීවේය. මුල් මාස හය ඇතුළත දරුවන්ට මව් කිරි පමණක් ලබාදිය යුතු බවද හෙතෙම කීවේය.

‘‘ බර අඩු ළමුන් සාමාන්‍ය ළමයෙකුගේ බරට ගෙන ඒම සදහා ඇති එකම විසදුම මව් කිරි පමණයි.’’ වෛද්‍ය සිල්වා කීවාය.

දරුවාගේ බර වැඩි කරගැනීමේ අදහසින් මුල් මාස හය ඇතුළත කිරි පිටි ලබා නොදිය යුතු බවද ඇය කීවාය.

බර අඩු දරුවෙක් බිහිවූ පසු යථා තත්වයට පත්කරගැනීමට කටුයතු කිරීම වෙනුවට කාන්තාවන් තමන්ගේ පෝෂණ තත්වය හොද තත්වයක තබාගත යුතුයැයි සෞඛ්‍ය අමාත්‍යාංශයේ පෝෂණ අංශය කියයි. අඩු බර දරු උපත් සිදුවීම වලක්වාගැනීම සදහා මවගේ පෝෂණ තත්වය පිළිබදව අවධානය යොමුකළ යුතුයැයි ඇය කීවාය.

‘‘විවාහයේදී පොරොන්දම් බලනවා වගේ පෝෂණ පොරොන්දමත් බැලිය යුතුයි.’’ වෛද්‍ය ගුණවර්ධන කීවාය.

ගැබ් ගැනීමට අදහසක් ඇති කාන්තාවන් පමණක් නොව යෞවන වයසේ පසුවන සියලූම තරුණියන් සිය පෝෂණය පිළිබදව අවධානයෙන් සිටිය යුතුයැයිද සමබර ආහාර වේලක් ගත යුතුයැයිද ඇය පැවසුවාය

‘‘යෞවන වයසේ සිටින සියලූදෙනාම තමන්ගේ ආහාර වේලට ශක්තිජනක ආහාර ප්‍රෝටීන් සහිත ආහාර ආරක්ෂක ආහාර ඇතුළු කර ගැනීමට සැලකිළිමත් විය යුතුයි. දිනකට එළවළු පළතුරු වරග පහක් ආහාරයට ගන්නේනම් විටමින් හා ඛනිජ ලවන අවශ්‍යතාවය සපුරාගත හැකියි.’’ වෛද්‍ය ගුණවර්ධන සදහන් කළාය.

The Family Health Bureau sates that one in ever six births is underweight. The normal birth weight of a child is considered to be around 2,500 grams and any child recording a weight less is considered underweight. Surveys conducted during 2006 and 2007 have recorded an underweight birth rate of 17%. The lack of proper nutrition revived by the mother during her pregnancy is attributed as the main cause for underweight births. It has been recorded that one on every four pregnant women in the country did not weigh according to their heights and 30% of them suffered from iron deficiency among other deficiencies like iodine and vitamin. The younger generation is required to have nutritious meals in order to lead a healthy life that in turn would help produce a healthy future generation.

  • Share/Bookmark

රුබෙල්ලා නැවතත් කරළියට

October 28, 2009 by Editor  
Filed under Featured, Stories

Second Rubella Controversy

රුබෙල්ලා එන්නත පාසල් දරුවන්ට ලබා දීම දෙමාපිය අනුමැතියෙන් තොරව සිදු නොකිරීමට පාසල් තීරණය කර ඇති බව බාලිකා විද්‍යාලයන්හි විදුහල්පතිවරුන් පෙරඹරට පැවසීය.

රුබෙල්ලා එන්නත ලබාදීමට ආරම්භ කළ මුල් කාලයේදීද දෙමාපියන්ගෙන් ලබා ගන්නා ලිපි අනුව ක‍්‍රියාත්මක වීමට පාසල් ගුරුභවතුන් තීරණය කර තීබු අතර වර්ථමානයේ උද්ගත වී ඇත් තත්ත්වයත් සමඟින් මේ පිළිබඳ විශේෂ අවධානය යොමු වී ඇති බවි කොළඹ විහාර මහා දේවි බාලිකා විද්‍යාලයේ  විදුහල්පතිනී අයිරාංගනී කෝනාර පැවසුවාය.

දෙමාපියන්ගෙන් ලිපිගොනුවට පස්සේ අපි එන්නත ලබා දෙන්න තීරණය කරා.නමුත් මේ අවුරුද්දේ කිසිම දෙමාපියෙක් මේ බෙහෙත දරුවන්ට ලබා දෙන්න කැමති වුණේ නැහැ. වෛද්‍ය කණ්ඩායම ආවට පස්සේ මේ ලපි ඉදිරිපත් කළාම එ් අය පිළිගත්තා දෙමාපිය අනුමැතියෙන් තොරව මේ එන්නත දෙන්නේ නැහැ කියලා. කෝනාර පැවසුවාය.

දරුපරපුර වෙනුවෙන් මේ සිදු කරන්නා වූ සත්කාරය අගේ කොට සකන බවත් දරුවන් වෙනුවෙන් ලබා දෙන් මෙම එන්නත සෞඛ්‍ය වෛද්‍ය නිළධාරී කාර්යාලයේ උපදෙස් හා දෙමාපිය අනුමැතිය යටතේ සිදු කිරීමටත් කොළඹ යශෝදරා බාලිකා විද්‍යාලය තීරණය කර ඇත.

මේ දේවල් කරන්නේ දරුවන් වෙනුවෙන් . අපිට එ්ක අගේ කරන්න  ඕන.දෙමාපියන් පංතිභාර ගුරුවරුන් දැණුවත් කරලා දෙමාපියන් දැණුවත් කරලා මේ බෙහෙත දෙන්න තීරණය කළා.මොකද මේක අනිවාර්ය දෙයක් නිසා.යශෝදරා බාලිකා විද්‍යාලයේ විදුහල්පතිනී  හිමාලි රාජකරාණා පැවසුවාය.

පාසල් මඟින් ලබා දෙන මෙම එන්නත දෙමාපියන්ගේ අනුමැතියෙන් තොරව ලබා නොදීමටත් දෙමාපියන් ඉදිරියේ එන්නත ලබාදීමටත් තීරණය කර ඇති බව කොළඹ විශාකා බාලිකා විද්‍යාලයේ නියෝජ්‍ය විදුහල් පතිනී මල්කාන්ති ජයරත්න පැවසීය.

”අපි පාසල් කාලසීමාවේ මේ බෙහෙත දරුවන්ට නොදී ඉන්නත් කතා කළා.ඇත්තටම ඇතිවෙලා තියෙන තත්වයත් එක්ක මේක ලොකු අවධානමක්.එ් වගේම ඛේදවාචකයක්.අපි පාසලෙන් නොදුන්නත්  සායනයක්න් හරි මේක දෙනවා.මෙතනදි වෙන්න  ඕන නියම ප‍්‍රමිතියකින් යුතු දේ ලබා දීම.දෙයක් වෙන්න කලින් පර්යේෂන කරන්න  ඕන.”ජයරත්න පැවසීය.

දැනට මෙම එන්නත ලබා දීම නවතා ඇත.මෙම එන්නත පිළිබඳ පරියේෂණ පවත්වන නිසාවෙන් මේ පිළිබඳ නිසි අයුරින් කිව නොහැකි බව සෞඛ්‍ය අමාත්‍යාංශයේ  නියෝජ්‍ය අධ්‍යක්ෂ ( මහජන සෞඛ්‍ය) වෛද්‍ය පාලිත මහීපාල පැවසීය.

රුබෙලිලා තත්වය වසංගතයක් විදියට පැතිරෙනවා.ඇමෙරිකාවේ එක්දහස් නවසිසිය හැට ගණන් වල මේ තත්වය තිබුණා.20 000 පමණ මළ උපත් සිද්ධ වුණා.මේ තත්වය අවම කර ගන්න පුළුවන් වුණේ මේ රුබෙල්ලා එන්නත නිසා.වෛද්‍ය මහීපාල පැවසීය.

රුබෙල්ලා එන්නත නොලැබුණහොත් මළ උපත් උපදින දරුවා අන්ධ වීම බිහිරිවීම හෘද වස්තුවේ ආබාධ ඇතිවීම මොළය කුඩා වීම සහ මන්ද බුද්ධික දරුවන් ඉපදීම වැනි ඉරණම් වලට මුහුණදීමට සිදුවේ.

වයස අවුරුදු තුනේදී සරම්ප රුබෙල්ලා එන්නතත් වයස අවුරුදු දහතුන වයස වන විට රුබෙල්ලා එන්නතත්  ලබා දීමට සෞඛය අමාත්‍යාංශය තීරණය කර ඇත්තේ ප‍්‍රතිදේහ නිසි අයුරින් ක‍්‍රියාක්මක වවන වයස් නිසාවෙනි.

”අනූ ගණන් මේ තත්වය ලංකාවේත් තිබුණා.මේක අවම කර ගන්න ළමා රෝග විශේෂඥ වෛද්‍යවරු සෞඛ්‍ය අමාත්‍යාංශයෙන් ඉල්ලීමක් කළා රුබෙල්ලා එන්නත දෙන්න ආරම්භ කරමු කියලා.රුබෙල්ලා රෝගය ගර්බනීමවකට මුල් සති දහයෙදි වැළදුණොත් සංජානනීය රුබෙල්ලා සහ ලක්ෂණය ඇතිවීමේ අවධානම සියයට අනූවක් තියෙනවා.”වෛද්‍ය මහීපාල පෙන්වා දුන්නේය.

ආසියාවේ ඇති හොඳම ප‍්‍රතිශක්තීකරණ ක‍්‍රියාවලිය සිදුවන්නේ ශ‍්‍රී ලංකාවේය.මෙම ප‍්‍රතිශක්තීකරණ ක‍්‍රීයාවලිය තුළින් උපතේදී ආයුකාලය වැඩිකර ගැනීමටත් ළමා මරණ අඩුකර ගැනීමටත් හැකියාව ලැබී ඇත.2007 2008 වසර කාල වලදී සංජානනීය රුබෙල්ලා රෝගීන් වර්ථාවීමක් සිදු නොවීමට හේතුව මෙම රුබෙල්ලා එන්නත ලබා දීම බවයි වෛද්‍ය මහීපාලගේ අදහස වන්නේ.

”මෙතනදී එන්නත් වලින් යමක් සිදුවුණෙත් ෙදාස් කියන්නේ අපට උපදින දරුවන් සීයයකින් අනූවක් අන්ධ බීරී මන්ද බුද්ධික වුණොත් දොස් කියන්නෙත් අපට.වෛද්‍ය විද්‍යාවේ රෝලය සඳහා ප‍්‍රතිකාර වලට වඩා අවධානය යොමු වෙන්නේ රෝගය වළක්වා ගැනීම සඳහා පූතිකාර ලබා දීම.මිලියන ගාණක් මේ රෝගයෙන් බේර ගන්නත් රෝගය වළක්වා ගන්නත් පුළුවන් වුණා.මේ ජයග‍්‍රහනය කඩා වැටෙන්න දෙන්න එපා.”හෙතෙම පැවසුවේය.

රුබෙල්ලා එන්නත නිසාවෙන් සිදු වූ මෙම අවාසනාවන්ත මරණ පිළිබඳ කණගාටු වන බව හෙතෙම පැවසීය.එමෙන්ම  ඕනෑම ප‍්‍රතිශක්තිකරණ වැඩසටහනක ප‍්‍රතිලාභ වැඩි බවත් පොඩි පොඩි අඩුපාඩුකම් පවතින බවත් හෙතෙම පැවසීය.එකී සුළු අඩුපාඩුව  නිසා සමස්ථයට හානියක් සිදු නොවන්නට වඟ බලා ගත යුතු බවයි හෙතෙම අවසන් වරට පෙන්වා දෙනු ලබන්නේ.

රුබෙල්ලා එන්නත පාසල් දරුවන්ට ලබා දීම සම්බන්ධයෙන් පසුගිය කාලයේ දී උද්ගත වූ තත්ත්වයත් සමඟින් බහුතරයක් මවිවරුන් තම දැරියන්ට මෙම එන්නත ලබා දීමේ බියකින් පසුවේ.මෙයට ප‍්‍රධාන හේතුව ලෙස මව් වරුන් පවසන්නේ කසිම අයුරකින් මෙරටට ගෙන්වා ඇත් ඖෂධ විනාශ නොකර හෝ අපසු ඒ රට වලට නොදී සිටීම මෙයට හේතුව බවයි.

අපේ දරුවන්ට මැරෙන්න සෙන්න අපිට බැහැ.මේ බෙහෙත දීලා දරුවට මොනවා හරි වෙනවට වඩා හොදයි මේ බෙහෙත නොදී ඉන්න එක.වාරියපොළ දරුව නැතිවෙන්න කලින් දරුවෙක් නැති වූණා.පරීක්ෂණ කරනවා කියලා ටික කාලෙකට නතර කළත් ආයෙත් මේ බෙහෙත දෙන්න පටන් ගත්තා.වාරියපොළ ගලගෙදර පදිංචි සුදර්මා සෙනවිරත්න පැවසීය.

මෙම ඖෂදය ලබා දීම සඳහා කාලය ඇත.අකාලයේ දරුවා මිය යනවාට වඩා කෙදිනක හෝ බෙහෙත ලබාගැනීම යෝග්‍ය යැයි සිතීමට තරම් සෙනෙවිරත්ත වැනි මව්වරුන් සිතීම නිවැරදි නොවේදැයි ප‍්‍රශ්ණ කරයි.

මම අම්මා කෙනෙක් .මට වටින්නේ දරුවා ජීවත් වෙලා ඉන්න එක.විවාහයෙන් පස්සේත්  මේ බෙහෙත් දරුවන්ට ගන්න පුළුවන් .මේ ෙඖෂධය නැති නිසා එන අතුරු ප‍්‍රතිඵල මෙනවා වුණත් කමක් නැහැ.සෙනෙවිරත්න පැවසීය.

එන්නතක් ලබා දීමේදී එය භාවිතයට පටන් ගන්නා  තැන සිට රෝගය සුව කිරීමට බලා පොරොත්තුවන බවත් යම් යම් අවස්ථා වලදී පොඩි අවාසි සිද්ධ විය හැකි බවයි වෛද්‍ය සංකල්ප මාරසිංහ පවසන්නේ.විද්‍යාත්මක පදනම යනු අවධානමක් බවයි මාරසිංහ පෙන්වා දෙනු ලබන්නේ.

”පැරසිටෝල් වලිනුත් ආසාධන වෙන්න පුළුවන්.එත් පැරසිටෝල් ගන්න එක කවුරුත් නතර කරන්නේ නැහැ.ඉතිහාසයේ  ඕනතරමි අවස්ථා තියෙනවා භාවිතයෙන් අයින් කරපු ඖෂධ ගැන.විද්‍යාව දියුණු වෙද්දී එ් වගේ දේවල් වෙනවා.හැමදාම එකම තැන කිසිදෙයක් තියෙන්නේ නැහැ.”මාරසිංහ පැවසීය.

වසූරිය වැනි රෝග ලෝකයෙන් තුරන් කිරීමට හැකියාව ලැබුණේ එම ඖෂධය දිගින් දිගටම ලබා දීම නිසා බවයි වෛද්‍ය මාරසිජහ පවසන්නේ.එමෙන්ම රුබෙල්ලා රෝගයද ලෝකයෙන් තුරන් කර දැමීමට හැකියාව ලැබෙන්නේ මෙම ඖෂධය දිගින් දිගටම අවශ්‍ය කරන පිරිසට ලබා දීම මඟින් පමණක් බවයි හෙතෙම පවසන්නේ.

”රුබෙල්ලා එන්නත දුන්නා කියලා දරුවා මැරුණා කියන එකේදී කවුරු හරි කියන්න පුළුවන් ඖෂධය නොදී හිටියනම් දරුවා මැරෙණ්නේ නැහැ කියලා.දරුවා බස් එකේ ඉස්කෝලෙ ගිහින් එද්දී හැප්පිලා මැරුණට පස්සේ මේ දරුවා අද නොගිහින් හිටියනම් මෙහෙම වෙන්නෙ නැහැ කියන්න පුළුවන්.නමුත් දරුවා හැමදාම ඉස්කෝලෙ යනවා නම් මොකද කරන්නේ.නතර කරන්න බැහැනෙ.”වෛද්‍ය මාරසිංහ පැවසුවේය.

පාසල් දරුවන්ට මෙම එන්නත ලබා නොදී විවාහයෙන් පසු මෙම එන්නත ලබා දීමේ හැකියාවක් තිබුණද එහි ප‍්‍ර‍්‍රතිඵලය වෙනස් විය හැකි බවයි වෛද්‍ය මාරසිංහ  පවසන්නේ.

”ප‍්‍රතිදේහ ශරීරයේ තියෙන වයසට තමයි ඖෂධ ලබා දීම සිදු කරන්නේ.ඒකට හොඳම වයස තමයි වයස අවුරුදු ෙදාළහ.රෝගයක් තුරන් කිරීම සඳහා මේ ඖෂධය ලබා දෙනවා නම් එ්ක ලංකාව පුරාම සිදු කළ යුතුයි.ප‍්‍රශ්ණයක් වෙලා තියෙනවා තමයි.නමුත් මේ පිළිබඳ තීරණ ගන්න විශේෂඥයින් ඉන්නවා.දේශපාලන අරමුණු සඳහා මේ ගැටළු ගවා නොගෙන තමන්ගේ වගකීම ඉටු කරන්න එකයි මෙතනදි වැදගත්  වෙන්නේ. ”වෛද්‍ය මාරසිංහ පෙන්වා දුන්නේය.

වගකිම අතින් අතට මාරු නොකර සුදුසුකම් ඇති එ්  පිළිබඳ නිපුණත්වයක් ඇති පිරිසට ඔවුන්ගේ පාඩුවේ පර්යේෂණ පවත්වාගෙන යාමට ඉඩහැරීම තුළින් මෙම ගැටළුව ඉතා ඉක්මනින් සමතයකට පත්කර ගත හැකි බවයි වෛද්‍ය මාරසිංහ පවසන්නේ.

The deaths of two students after receiving the Rubella vaccination has created a fear psychosis among parents of permitting their children to take part in the government programme of providing this vaccine to children at school. The vaccine is given to students after receiving written consent from parents and this year, many parents have not granted permission for schools to inject the Rubella vaccine to their children. Mothers say they did not have confidence in the vaccination programme as steps have not yet been taken to either destroy the quota of Rubella vaccines in question or to return them to the country of importation. Doctors say the only way to address the issue is by holding an investigation into the whole Rubella controversy by a panel of experts.

  • Share/Bookmark

අනේ මට ඉක්මනට ගෙදර යන්න ඕන

October 14, 2009 by Editor  
Filed under Featured, Stories

MulleriyawaShunned by family, cared by others

කිසියම් හේතුවක් මත තමන්ගේ යැයි සිතන මිනිසුන්ගෙන් ඔබ ප‍්‍රතික්ෂේප වුව හොත් එය ඔබගේ අසීමිත සිත් තැවුලට හේතුවක් වනු නොවනුමානය. නෑදෑ හිත මිතුරන් පමණක් නොව වැදූ මා පියන් ද එක කුස උපන් සහෝදරයන් ද ඔබේ කුසින් වැදු දරුවන් ද ඔබ එපා යැයි කියන්නේ නම් ඔබ අන්ත අසරණ වනු ඇත.  මේ කියන්නට යන්නෙ එලෙස සිය සනුහරෙන් ප‍්‍රතික්ෂේප වූ මිනිසුන් සමුහයකගේ වේදනාබර කතාවයි.

මේ කතාවට නිමිත්ත වුයේ අංගොඩ මානසික රෝහලෙන් වෛද්‍ය ප‍්‍රතිකාර කොට යථා තත්ත්වයට පත් වූ රෝගීන් බහුතරයක් යළි ඔවුන්ගේ නිවෙස් වෙත රැුගෙන නොයන බවට අප වෙත ලැබුණු වාර්තාවයි. මෙලෙස රෝගය සුව පත් වුවද නිවෙස් වෙත යෑමේ වරම් අහිමි වූවන්ගේ සංඛ්‍යාව 600 ඉක්මවා තිබේ. තමන්ගේ නිවසට යෑම ඔවුන් බොහෝ දෙනෙකුට සිහිනයක් පමණක් වී ඇත.

මානසික රෝගීන් වූ ඔවුන්ගේ ජීවිත නොවටින්නේ යැයි ඔබටවත් මටවත් අන් කිසිවෙකුටත් නිගමනය කළ නොහැක. ඒ සතුටින් ජීවත් වීමේ අයිතිය මිහිපිට උපන් සැමට එක සේ හිමිවන බැවිනි. එහෙත් මේ මිනිසුන් තමන්ගේ යැයි කියා ගන්නා උන් විසින් නොසළකා හැර ඇත්තෙ මානසික රෝගීන් වූ ඔවුන්ගේ ජීවිත නොවටිනා ඒවා සේ සළකාගෙනය.

‘‘ මේ රෝගීන් ගෙදර අරගෙන යන්නෙ නෑ කියලා අපට ඒ අයව අහක දාන්න බෑ. ඔවුන් සමාජ ගත කිරීමේ වගකීමක් අප සතු වෙනවා. ඒ සදහා අපි මේ රෝගීන් වෙනුවෙන් විශේෂිත නව වැඩ පිළිවෙලක් සකස් කරලා තියෙනවා.’’ අංගොඩ රෝහලේ අධ්‍යක්ෂක වෛද්‍ය ජයාන් මෙන්ඩිස් මහතා පැවසුවේය.

‘‘ මේ ක‍්‍රමයේදී අපි ප‍්‍රතිකාර කොට සාමාන්‍ය තත්ත්වයට පත් වෙමින් සිටින රෝගීන් මාස හයක් අතරමැදි නිවාස වල රදවා තබා ගන්නවා. මෙහිදී ඔවුන්ට ගැලපෙන වෘත්තීය පුහුණු ලබා දෙනවා. වගා කිරීමේ ක‍්‍රම මැහුම් ගෙතුම් විසිතුරු භාණ්ඩ නිෂ්පාදනය කොහු ඉදල් නිෂ්පාදනය වැනි වෘත්තීය පුහුණු ක‍්‍රම සුදුසු පරිදි උගන්වනවා . ඔවුන්ගේ නිෂ්පාදනයන් සදහා මිලක් ද ලබා දෙනවා.’’

‘‘ මේ කාළයේදී ගෙවල් වලින් මේ රෝගීන් රැගෙන ගියේ නැත්නම් අපි ඔවුන් ආදායම් ලැබීමේ මාර්ග වලට යොමු කරවනවා. දැනටමත් රෝහල තුළම පිරිසිදු කිරීමේ රැකියා අවස්ථා හිමි කර ගත් කිහිප දෙනෙක් සිටිනවා. මේ පියවරෙන් පසු ඔවුන් තමන්ගේම ආදායම් මාර්ග හිමි කරගන්නවා.’’ වෛද්‍ය ජයාන් මෙන්ඩිස් ප‍්‍රකාශ කරයි. මේ වන විට මෙලෙස වෘත්තීය පුහුණුව ලබා ගත් බොහෝ දෙනෙක් ඉන් ඵල ප‍්‍රයෝජන ලබා ගනිමින් සිටිති.

‘‘ සුව අතට පත් වූ රෝගීන් ගෙදරින් අරගෙන යන්නෙ නැත්නම් අපට හැමදාම අතරමැදි නිවාස වල තියා ගන්න බැහැ. ඒ නිසා අපි ඔවුන් මුදල් ගෙවන නිවාස වලට යොමු කරවනවා. මේ වෙන කොට අපි ඔවුන්ට ආදායම් මාර්ග ලැබීමේ අවස්ථාව සළසලා දීලා නිසා ඔවුන්ටම තමන්ගේ වියදම් දැරිය හැකියි. රෝගයට බෙහෙත් බොන ගමන්ම තමන් කැමති කෑම කන්න ලස්සණට අදින්න පළදින්න යහළුවෝ ආශ‍්‍රය කරන්න මේ අයට අවස්ථාව සැළසෙනවා. අපි මාස දෙක තුනකට සැරයක් මේ ගොල්ලන්ව මුණ ගැහිලා අවශ්‍ය උපදෙස් ලබා දෙනවා’’මේ ක‍්‍රමය බෙහෙවින් ප‍්‍රායෝගික බව වෛද්‍ය ජයාන් මෙන්ඩිස් මහතා පැවසුවේය.

මානසික රෝගයක් තිබූ පමණින් මේ රෝගීන් නොසළකා හැර ඔවුනගේ නිවස වෙත රැගෙන නොයාම ඉතා අවාසනාසහගත තත්ත්වයකි. සුව අතට පත් වන මානසික රෝගීන්ට දිගු කාළීනව ඖෂධ ලබා දුන්නද ඔවුන්ට අවශය සුදුසුම ඖෂධය වන්නෙ ආදරය කරුණාව බව පහළොව වාට්ටුවේ සේවය කරන හෙද නිලධාරිනියක වන චමරි කුමාරි දිසානායක මහත්මිය පවසන්නීය. එහෙත් ආදරය කරුණාව පාන්නට තමන්ගේම උන් ඔවුන්ගේ ලග පාතකවත් නැත.

‘‘ මානසික රෝගී වූ කෙනෙක් ගොඩක් ආදරයෙන් රැක බලා ගන්න  ඕන. ඒක ටිකක් අමාරු වැඩක්. ලොකු ඉවසීමක් තියෙන්න අවශ්‍යයි. මේ රෝගීන්ව නොසලකා හැරීමට ගොඩක් හේතු තියෙනවා. විශේෂයෙන්ම මානසික රෝගියෙක් පවුලක ඉන්න එක ගොඩක් අය දකින්නෙ පවුලට අවනම්බුවක් හැටියටයි. ඒ හින්දා ඒ අය සමාජයෙන් සගවා තබන්න උත්සාහ ගන්නවා. ඒකෙන් ගොඩක් අසාධාරණයට පත්වන්නෙ මේ අහිංසක රෝගීන්’’ හෙද නිලධාරිනි දිසානායක පවසන්නීය.

පහළොවේ වාට්ටුව අතරමැදි නිවස්නයකි. මේ අතරමැදි නිවස්නය තමන්ගේ නිවස බවට පත් කරගෙන සිටින්නෙ ක‍්‍රමයෙන් සුවපත්  වන මානසික රෝගී කාන්තාවෝය. වාට්ටුව බාරව සිටින ප‍්‍රධාන හෙද නිලධාරිනි වන ලලිතා ගුණතිලකගේ මෙහෙය වීම මත මේ රෝගීන් සදහා විවිධ වැඩසටහන් කි‍්‍රයාත්මක කෙරේ.

‘‘ අපි මේ රෝගීන්ගෙ මනස වර්ධනය කිරීමේ වැඩපිළිවෙල් කි‍්‍රයාත්මක කරනවා. ඉක්මනින් සුවපත් වීමේ රෝගීන්ටත් සුවපත් වීමට කළ් යන රෝගීන්වත් වර්ගකරගෙන සුදුසු ක‍්‍රමවේද යොදා ගන්නවා. විශේෂයෙන් ඔවුන්ගේ හැකියාවන් හ`දුනාගෙන ඒවා වර්ධනය කරගැනීමේ අවස්ථාව මේ අයට උදා කරලා දෙනවා. එතකොට ඔවුන්ගේ මනස සුවපත් වීම ඉක්මන් වෙනවා.’’

අත් කර්මාන්ත පමණක් නොව ඉවුම් පිහුම් කටයුතු පවා සිදු කිරීමට මේ රෝගීන්ට අවස්ථාව සළසා දී ඇත. තමන් පිළිබද අභිමානයෙන් සිතන්නට ඉඩකඩ දැන් ඔවුන්ට උදා වී තිබේ. මේ ප‍්‍රතිකාර ක‍්‍රමයන් හේතුවෙන් ජීවිතයේ නව පරිඡෙදයක් පෙරළා ගන්නට හැකි වූ කිහිප දෙනෙක් ද පහළොව වාට්ටුවේ අතරමැදි නිවස්නයේදී අපට හමු විය.
මානසික රෝගයකට ප‍්‍රතිකාර ගෙන සුව අතට හැරුණ තිස් අට හැවිරිදි ගාල්ලෙ කේ පී හේමලතා රෝහල් පිරිසිදු කරන්නියක ලෙස බැදුණේ පසුගිය මාසයේදීය. වාට්ටුවට කොටු වී සිටි ඇය දැන් නිදහසේ සිය වෘත්තිය කරගෙන යන්නීය.

‘‘ ඉස්සර ගමේ මිනිස්සු මට පිස්සි පිස්සි කීවා. දැන් එහෙම නැහැ. මමත් දැන් රස්සාවක් කරනවනෙ. පහළොව මට පඩි හම්බෙනවා.’’ හේමලතා පවසන්නීය.ඇය දරුවන් දෙදනෙකුගේ මවකි. දරුවන් ලග නොමැති වුව ද පඩිය ගෙන දරුවන් බලන්නට යන බව ඇය කීවාය. රැුකියාවක් කළ ද හේමලතාගේ නිවහන පහළොවේ  වාට්ටුවයි.

‘‘මිසීලා අපට හොදට බලනවා. අපිට ගොඩක් දේවල් කියළා දෙනවා. මට දැන් හොදට මහන්න පුළුවන්. සල්ලිත් හම්බවෙනවා. මම ඒ සල්ලි වලින් කැන්ටිමෙන් මම කැමති කෑම ගන්නවා. අනේ මට ඉක්මනට ගෙදර යන්න  ඕන.පුතා බලාගෙන ඇති’’ ඇඹිලිපිටියේ දයාවතී කීවාය. මෑතකදී දයාවතීලාගේ ගෙදරින් කිසි කෙනෙක් ඇය බලන්නට පැමිණ නැත. එහෙත් ඇය දෑස් දල්වා බලා සිටින්නේ ඇයව රැගෙන යාමට ගෙදරින් කිසිවෙක් එන තුරුය.

‘‘ මේ අය අරගෙන යනවා තියා ගෙදරින් බලන්න එන්නෙත් ඉදලා හිටලා. පවුලේ අයට මේ ගොල්ලන්ව සම්පූර්ණයෙන් අමතක වුණ ගානයි.’’ හෙද නිලධාරිනි නිමේෂා රාජගුරු පැවසුවාය. මේ රෝගීන් තමන්ගේම අය ලෙස සළකන්නට සිටින්නේ මේ හෙද නිලධාරීනියන් පමණි. තවත් මෙවැනි අතරමැදි නිවස්න කිහිපයක් රෝහලේ පිහිටා තිබේ.

උපතින්ම මානසික රෝගී වුවන් සුළු පිරිසක් හැරෙන්නට මේ අතරමැදි නිවාස වල සිටින බහුතරයක් රෝගීන් පසුකාළීනව රෝගී වූවන්ය. ඔවුන් මානසික රෝගීන් බවට පත් වීමට මුළු සමාජයම වගකිව යුතු නොවේද…එවන් තත්ත්වයක් මත මානසික රෝගීන්ට සමාජයේ සුවිශේෂී ස්ථානයක් හිමි විය යුතුව තිබේ. ඔවුන් සමාජගත කිරීමේ සුවිශේෂී මෙහෙවර අප සියල්ලෝම සතු යුතුකමක් බවට පත්ව ඇත.

Over 600 individuals who have received treatment for various mental illnesses at the Mental Hospital in Angoda still languish at the hospital after being cured due to the reluctance of their families and friends to accept them back into their lives. Hospital Director, Dr. Jayan Mendis says a new programme has been implemented to reintroduce them to society. Under the new programme, patients are sent to temporary homes for a period of six months during the course of their treatment where they are provided with vocational training in various fields. If these patients are not taken home by their families, they are encouraged to earn their own money through the skills taught to them.

  • Share/Bookmark

නවීන තාක්ෂණයේ අනිටු ප‍්‍රතිඵල

September 28, 2009 by Editor  
Filed under Featured, Stories

590px  2

Computer use could be life threatening

නවීන තාක්ෂණයත් සමග වර්තමාන සමාජයට පරිගණකය අත්‍යාවශ්‍ය අංගයක් බවට පත් වී ඇත.නමුදු පරිගණකය භාවිතය ආශ‍්‍රයෙන් ශරිරයට  සිදුවන හානි පිළිබද කිසිවකුගේ අවධානයක් නොමැත.

දවස පුරා විවේකයක් නොමැතිව පරිගණකය භාවිතයෙන්  Cervical Spondylosis   නැමති රෝගී තත්වයට ගොදුරු වේ.මෙයින් සිදු වන්නේ බෙල්ල කොදුඇට පෙළ ගෙවී යාම බවයි ජාතික රෝහලේ ස්නායු ශෛල්‍ය අංශයේ භෞතික චිකිත්සක නිළධාරී ඩබ්ලිව් ඒ ගුණරත්න පැවසන්නේ.

මෙම රෝගී තත්වය වැළදීම නිසාවෙන් පසු කාලීනව බෙල්ලෙන් පහළ ශරීරය  සම්පපූර්ණයෙන් පණ නොමැති වීමේ අවධානමක් පවතින බවයි.ගුණරත්න පෙන්වා දෙනු ලබන්නේ.

“පරිගණකය කියන්නේ අත්‍යාවශ්‍ය දෙයක් නෙවෙයි.කලින් පරිගණකය භාවිතා කළත් දැන් මිනිස්සු මේකට ඇබ්බැහි වෙලා ඉන්නේ.මේකෙන්  සිද්ධවෙන අනිටු ප‍්‍රතිඵල මිනිස්සු දන්නවා.ඒත් ඒකෙන් මිදීමේ කැමැත්තක් නැහැ. ” ගුණරත්න පැවසීය.

වර්තමානයේ සයිබර් කැෆේ බොහෝ සෙයින් ව්‍යාප්තව ඇත.මේ කිසිදු ආයතනයක් තුළ හෝ නිසි ආකාරයෙන් පරිගණක ස්ථානගත කිරීමක් සිදු කර නොමැත.මේ නිසාවෙන් සිදුවන බලපෑම පිළිබද විද්‍යාත්මක විග‍්‍රහයක් කරන ගුණරත්න පවසන්නේ කොදු ඇට පෙළ ආශ‍්‍රයෙන් මෙම රෝගී තත්වය හට ගන්නා බවයි.

“ඔලූවේ තියෙන බර කොදු ඇට පෙළ හරහා සමානව බෙදී යනවා.බෙල්ල පහළට නමාගෙන ඉදිද්දී සිද්ධ වෙන්නේ කවාකාරව තියෙන කොදු ඇට පේළියේ ඒ හැඩය නැති වෙනවා.දීර්ළ කාලීනව පරිගණකය භාවිතා කරන අයව අ`දුන ගැනීමේ හැකියාවක් තියෙනවා.මොකද දීර්ඝකාලීනව බෙල්ල නවාගෙන ඉන්න නිසා සුසුම්නාව ගෙවීමක් සිදු වෙනවා.” ගුණරත්ව පැවසුවේය.

මෙම හේතුව නිසාවෙන් කොදු ඇට පෙළියේ උස ප‍්‍රමාණය අඩූ වී යන අතර මෙහි නරක ප‍්‍රතිපලය වන්නේ ස්නායු තෙරපුමක් ඇති වීමය.මේ නිසාවෙන් ඇ`ගිලි හිරි වැටීම හා ගෙල දෙපස වේදනාව ඇති වීම වැනි දේ ප‍්‍රාථමික රෝගීතත්වයන් ඇති වේ.

පසුව මෙම රෝගී තත්ත්වය බෙල්ල හැරවීමට නොහැකි වීම ක්ලාන්තගතිය ඇතිවීම යන පියවරයන් දෙක මුලින් ඇති වුවද පසු කාලය වන විට ශරීරය අප‍්‍රාණික වීම යන දරුණු තත්වයට පත්වේ.මුල් රෝගී අවස්ථාවන් දෙකේ දී නිසි ආකාරව ප‍්‍රතිකාර නොගතහොත් මෙම තත්වය බැ?රුම් විය හැකිය.

“මෙම තෙරපුම් නිසා සමහර විට ඇට මිදුලූ වල අලූතෙන් පුංචි  ඇට මිදුලූ කොටසු ඇතිවෙන්න පුළුවන්ත ඒ ඇට මිදුලූ කොටස් බෙල්ල සුසුම්නාව තද කළොත් තමයි මේ පණ නැති වීම සිදු වන්නේ.අනිවාර්යෙන්ම ඒක සිද්ධ වෙනවා.මේ නිසා ඇවිද ගන්න අමාරු වෙනවා.හිටගෙන ඉන්න බැරි වෙනවා.” ගුණරත්න පැවසීය.

මෙයින් මිදීම සදහා හොදම මාර්ගය වන්නේ එක දිගට පැය භාගයක් වැඩ කර විනාඩි පහක් විවේකයක් බෙල්ලට ලබා දිය යුතුය.බෙල්ල දෙපස‍ වේදනාවක් දැනෙන්නේ නම් කොරළයක් පැළදිය “Coller”යුතුය . තමන්ගේ ඇස් මටිටමෙන් පරිගණකය  අසල වාඞී සිටියම හා නිවැරදි ලෙස වඞීවීම මගින්ද මෙම තත්ත්වයන් අවම කර ගත හැකි බවයි ගුණරත්න පෙන්වා දෙන්නේ.

මෙම Cervical Spondylosis  රෝගී තත්ත්වයට විශේෂයෙන් වයස අවුරුදු හතළිස් පහ ඉක්ම වූ පුද්ගලයන් ගොදුරු වීමක් මුල් කාලයේ දක්නට ලැබුණද වර්තමානය වන විට වයස් භේදයකින් තොරව රෝගයේ වැළදීමට පටන් ගෙන ඇත.එයට හේතුව වී ඇත්තේ අනිසි ලෙස පරිගණකයට ඇබ්බැහි වී සිටීම බවයි ගුණරත්න පවසන්නේ.

  • Share/Bookmark

ගොළු නොවූ හදවත

September 23, 2009 by Editor  
Filed under Featured, Stories

590 px

New hope for Autism

චන්දිම රාජපතිරණට ඔබට කියන්නට සුවිශේෂි කතාවක් තිබේ. ඒ ඔහු සුවිශේෂි පුද්ගලයෙක් වන බැවිනි. චන්දිමගේ ගෙවුණු ජීවිතයෙන් හරි අඩක්ම ඔහුට කිසිවෙක් හා සිය අදහස් හුවමාරු කරගන්නට ඉඩක් ලැබුණේ නැත. ඒ ඔහු ඔටිසම් රෝගියකු වූ බැවිනි. එහෙත් චන්දිම තමන්ට හිමි වූ දෛවය වෙනස් කරගත්තේය. දැන් ඔහුගේ ජීවිතයේ නව පරිඡෙදයක් පෙරුළී තිබේ. චන්දිමගේ කතාව ඔබට කිව යුත්තේ ඒ නිසාය.

බත්තරමුල්ල පැලවත්තේ අයි ටී එන් හන්දියෙන් හැරී අපි චන්දිමගේ නිවස සොයා ගියෙමු. අපව පිළිගත්තේ චන්දිමත් ඔහුගේ මවත් විසිනි.කතා කරන්න නොහැකි වුවද චන්දිමගේ දැසේ වූයේ සුහදශීලී බවකි.

“මට කතා කරන්න බැරි වුණාට තේරෙනවා ” .   චන්දිම අප වෙනුවෙන් ඔහුගේ  පරිඝණක තිරයේ එසේ සදහන් කළේය. ඒ චන්දිම සිය අදහස් ප‍්‍රකාශ කිරීමට තෝරා ගෙන ඇති මාධ්‍යයි. ඔහු නිදහසේ සිය අදහස් අන්‍යන් හා බෙදා හදා ගන්නෙ පරිඝණකය හා සිංහල හෝඩිය භාවිතා කරමිනි. චන්දිමගේ නව ජීවිතය ඔහුගේ මව වන අනෝමා රාජපතිරණගේ අප‍්‍රතිහත ධෙර්යෙන් ලබා ගත් එකක් බව කිව යුතය.

මීට අවුරුදු 34 කට පෙර චන්දිමගේ මුළු පවුලම ඇමරිකාව බලා පිටත් විය. ඔටිසම් රෝගී තත්වයට පත් වූ සිය පුතු සාමාන්‍ය තත්වයකට රුගෙන එ්මට අනෝමා රාජපතිරණ එහිදී මහත් උත්සාහයක් දැරුවාය. ඔටිසම් රෝගය පිළිබද ලියැවුණ පොත් පත් හා සංවිධාන පිළිබදවද ඇය මහත් විමසිල්ලෙන් පසූ වූවාය. මේ වන විටත් චන්දිම ඇමරිකාවේ විශේෂ අධ්‍යාපනය ලබා දෙන පාසැලකට ඇතුළත් කර තිබුණි. 1990 වසරේ ඇමරිකාවේ මහාචාර්යවරයෙකු විසින් ඔටිසම් රෝගය පිළිබද ලියා පළ කළ  වාර්තාවක්  සගරාවකින් කියවීමට අනෝමාට ඉඩ ලැබුණාය. එහි ඔටිසම් රෝගීන් වෙනුවෙන් නව තාක්ෂණ ක‍්‍රමයක් හදුන්වා දී ඇති බව සදහන් විය. මේ පිළිබද විමසිලිමත් වූ අනෝමාට එය සිය පුතුට සුදුසුම ක‍්‍රමය බව වටහා ගත්තාය.

“මේ තාක්ෂණ ක‍්‍රමයට කියන්නෙ සහකාර සන්නිවේදනය කියලා .  ඇමරිකාවේ සිරකි්‍යුස් විශ්වවිදයාලයෙ සහකාර සන්නිවේදන මධ්‍යස්ථානය කියලා ආයතනයක් තියෙනවා. අපි මේ නව තාක්ෂණ හදාරන්න ඒ ආයතනය හා සම්බන්ධ වුණා. අපි චම්මි චන්දම එම ආයතනය හා සම්බන්ධ කරලා ඒ තාක්ෂණය සමග හොද  පුහුණුවක් දුන්නා.” යැයි අනෝමා රාජපතිරණ පවසන්නී.

මේ ක‍්‍රමයෙදී උසස් තාක්ෂණය මෙන්ම අඩු තාක්ෂණයද යොදා ගත හැකි බව අනෝමා පවසයි. උසස් තාක්ෂණ ක‍්‍රම ලෙස පරිඝණකය, හඩ පිට කිරීමේ උපකරණ භාවිතා කළ හැකිය. අඩු තාක්ෂණය ලෙස සිංහල හෝඩිය හෝ ඉංගි‍්‍රසි හෝඩිය ලියු කඩදාසියක්ද භාවිතා කළ හැකිය. මේ ක‍්‍රමයේදී මුලිකවම වැදගත් වෙන්නෙ අත බව අනෝමා පවසයි.

” මුලින්ම චම්මිට අදහස් ප‍්‍රකාශ කරන්න පරිඝණකය භාවිතා කළේ. මට මතකයි චම්මි අදහස් ප‍්‍රකාශ කරපු මුල් දවසෙ මම එයාගෙ අත තද කරලා  අල්ලා ගෙන එයාට තමන්ගෙ නම ලියන්න කීවා. එයා ලබලා තිබුණු පුහුනුව සමග හරියටම තමන්ගෙ නම ලීවා. එතනින් තමයි එයා අදහස් ප‍්‍රකාශ කරන්න පටන් ගත්තෙ.”

මේ වන විට තිස් පස්  වියැති චන්දිම සිය අදහස් නිදහසේ ප‍්‍රකාශ කරයි. සිංහලෙන්ද සිය අදහස් ප‍්‍රකාශ කිරීමටද ඔහුට හැකි වී තිබේ.සහකාර සන්නිවේදනය සිදුකිරීම සදහා රෝගියා අසල ඔහුගේ අදහස් තේරුම් ගැනීමට කිසිවෙක් සිටිය යුතුය. මන්ද මානසික තත්වයක් වූ ඔටිසම් රෝගී තත්වය දිවිය පුරා පවතින තත්වයකි. මේ තාක්ෂණ යොදා ගැනීමේ අවසාන ඉලක්කය විය යුත්තෙ ඉහළ ජීවන මට්ටමකට දරුවා රැගෙන ඒමයි. ඒ සදහා මේ දරුවන් කෙරෙහි දෙමාපියන්ගේ කැපවීම ඉහළ මට්ටමක තිබිය යුතු බව අනෝමා පවසයි.

” මේ දරුවන්ට තමන්ගෙ දේවල් කියන්න බැරි වුණාට අපි ඒ අයට අවධානය දෙන්න  ඕන. එයාලත් එක්ක නිතර කතා කරන්න. අකුරු වචන හදුන්වා දෙන්න කියලා මම දෙමාපියන්ගෙන් ඉල්ලා සිටිනවා. එයාලට තේරුණද නැද්ද කියන එක හිතන්න යන්න එපා. ඒක ගොඩක් වැදගත් කාරණයක්”. මේ වන විට අනෝමා රාජපතිරණත් චන්දිමත් තමන් උගත් තාක්ෂණයද රැගෙන මෙරටට පැමිණ සිටී. ඒ මෙරට ඔටිසම් රෝගයට බදුන් වී සිටින රෝගින්ට පිහිට වීමේ අරමුණෙනි. ඒ සදහා ඔවුන් සංවිධානයක්ද පිහිටුවා ගෙන තිබේ.

“අපි මේ සංවිධානය පිහිටුවා ගත්තෙ නොමිලේ රෝගීන්ට පිහිටුවීමේ අරමුණින්. අපි හම්බන්තොටත් ළමයි මේකට සම්බන්ධ කරගෙන තියෙනවා.දැනට ළමයි 10කට විතර අපි ප‍්‍රතිකාර කරනවා. අපි මෙතෙක් ප‍්‍රතිකාර කරපු දරුවන් ඉහල ප‍්‍රතිඵල අත් කරගෙන තියෙනවා. සංවිධානය තාම කුඩාවට කරගෙන යන්නෙ. ඉදිරියේදී මීට වඩා  පුථල්ව වැඩ කටයුතු කරගෙන යන්න අපි බලාපොරොත්තු වෙනවා.” අනෝමා පවසයි. මේ වන විට අනෝමාත් චන්දිමත් විවිධ වැඩමුළු පවත්වමින් සමාජය දැනුවත් කරමින් සිටිති. ඒ සියල්ලෙහි පෙරමුණ ගෙන වැඩ කරන්නෙ චන්දිම වීමද සුවිශේෂ කරුණකි.

” චන්දිම මොනවා කරන්නද කැමති….” මම ඔහුගෙන් ඇසුවෙමි.

“මම කැමති දේවල් කරන්න පුළුවන් නම් කොච්චර හොදද…. ඔහු පෙරළා මගෙන් ඇසුවේ පරිඝණක සටහනක් මගිනි. ඒ කතාවේ දහසකුත් එකක් ඔහුගේ හැගීම් කැටිවී තිබිණි. චන්දිමගේ බලාපොරොත්තුව ග‍්‍රන්ථ කතෘවරයෙකු වීමයි.

” මම දැනටමත් කතෘවරයෙක් ” ඔහු කියයි. එය සත්‍යයකි. චන්දිම සිය අදහස් කැටි කොට ඉංගි‍්‍රසි බසින් කවි පොතක් නිකුත් කර තිබේ. ඔහු මා ඉදිරිපිටම එහි කවියක් සිංහල බසට පරිවර්තනය කළේය.

“පණ දුන් කුඹලා මගේ සිරුර ඇද කළා
නමුත් මදක් නතර වී..
කවි හදවතක් දුන්නා
මම ඒ කවි රස
ඔබට දෙනවා………” ඒ චන්දිමගේ හදවත ඔබට ආමනත‍්‍රණය කරන සැටිය.

Chandima Rajapathirana, a 35-year-old boy affected by autism, has brought in new hope to others affected by the disease in the country. Chandima and his family continued to look for a cure for autism after they migrated to the US 34 years ago. Following intense studying and research, Chandima’s mother came across a newly developed technology in the US that enables autistic persons to communicate with others and enhance their living standards. It is referred to as the communications assisting technology and involves highly developed as well as simple technologies. Chandima and his mother have now returned to Sri Lanka to help others affected by autism in the country through an organization established by them.

  • Share/Bookmark

Next Page »