උතුරු මැද පළාතේ වකුගඩු රෝගීන් 1000 මරුට

September 18, 2009 by Editor  
Filed under Featured, Stories

590 px
Kidney ailments linked to pesticide use

උතුරු මැද පළාතේ  වකුගඩු රෝගීන් 1000 ක් මේ වනවිට මිය ගොස් ඇත.  මෙයට අමතරව එම පළාතින් පමණක් වකුගඩු රෝගීන් 10 000ක් හදුනාගෙන ඇත.

වසංගත රෝගයක් සේ පැතිර යන මෙම රෝගය උතුරු මැද පළාතට යාබදව පිහිටි උාව හා නැගෙනහිර පළාත දක්වාද පැතිර යාමේ අවදානමක් පවතී.

මෙම නිධන් ගත වකුගඩු රෝගයවළක්වා ගැනීමට ඇති ප‍්‍රධාන බාධකයක් වන්නෙ ගොවිතැන් කටයුතු සදහා කෘතීම පොහොර  භාවිතා කිරීම බව ඒ පිළිබදව පර්යේෂණ පවත්වන පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ මහාචාර්ය සරත් බණ්ඩාර පවසයි.
‘‘ ගොවීන් භාවිතා කරන මේ රසායන ද්‍රව්‍ය මේ ප‍්‍රදේශයේ භූගත ජලයට හා වාරිමාර්ග වලට එකතු වෙනවා.  මේ ප‍්‍රදේශ වල ජනතාව පරිභෝජනයට ගන්නේ එලෙස දුෂිත වූ ජලයයි. එමගින් වකුගඩු අකී‍්‍රය වීමේ විෂකාරක මිනිස් සිරුරට එකතු ඇතුළු වෙනවා.’’ මහාචාර්ය සරත් බණ්ඩාර පැවසීය.

උතුරු මැද පළාතෙන් හදුනානොගත් රෝගයකින් රෝගීන් මිය යාම ප‍්‍රථම වරට  වාර්තා වූයේ වසර 2002 දී මැදවච්චිය
ප‍්‍රදේශයෙනි. ඉන් අනතුරුව මේ පිළිබද පරීක්ෂණ පැවැත් වූ වෛද්‍යවරුන් මෙය වකුගඩු අකී‍්‍රය වීමෙන් ඇති වන රෝගයක් බව හදුනා ගත්හ. මේ වකවානුවේ උතුරු මැද පළාතේ වකුගඩු රෝගීන් සීගලෙස වාර්තා වීමත් සමගම එවන් තත්වයක් ඇති වීමට හේතු සේවීම ආරම්භ විය. මේ සම්බන්ධව විවිධ මත අදහස් ප‍්‍රකාශ වුවද වකුගඩු රෝගය වැළදීම කෙරෙහි ගොවිතැන් කටයුතු සදහා යොදා ගන්නා රසායනික ද්‍රව්‍ය මූලික වන බව මේ වනවිට තහවුරු වී ඇතැයි මහාචාර්ය සරත් බණ්ඩාර පවසයි.

‘‘වියළි කලාපයේ ගොවීන් වැඩි වශයෙන් සිය ගොවිතැන් කටයුතු සදහා යොදා ගන්නෙ පොස්පේට් අඩංගු ටී එස් පී පොහොර. මේ පොහොර ඉතා අඩු මිලට විදේශ රටවලින් මෙරටට ගෙන්වන්නෙ. මේ පොහොර නියමිත ප‍්‍රමිතියකට නිපදවූ ඒවා නොවෙයි. එ නිසා එවායේ බැර ලෝහ ඉතා විශාල ප‍්‍රමාණයක් අඩංගු වෙනවා. බොහොමයක් බැර ලෝහ මිනිස් සිරුරට අහිතකරයි. ටී එස් පී පොහොර වල කැඩ්මියම් ඉතා විශාල ප‍්‍රමාණයක් අඩංගු වෙනවා’’ යැයි මහාචාර්ය බණ්ඩාර පැවසුවේය .

කැඩ්මියම් යනු මිනිස් සිරුරුට බෙහෙවින් අහිතකර බැර ලෝහ වර්ගයකි. මේ රසායන ද්‍රව්‍යය මිනිස් සිරුරට ඇතුළු වීමෙන් වඩාත් හානිහට පත් වන්නේ මිනිසාගේ වකුගඩු  පටකයි. කැඩ්මියම් මිලි ග්රූම් 0.5 ක් මිනිස් සිරුරට ඇතුළු වුව හොත් එය මිනිස් සිරුරෙන් පිටව යෑමට අවුරුදු 30 ක් ගතවන බව විද්‍යාඥයෝ පෙන්වා දෙති. එය මිනිසාගේ ආයු කාලය අවම කිරීමට හේතුවකි.

ටී එස් පී පොහොර භාවිතය හේතුවෙන්  වගා බිම්  වලට විශාල වශයෙන් කැඩ්මියම් රසායනය එකතු වේ. එහි අවසාන ප‍්‍රතිඵලය වනුයේ එම වගා බිම් වල කැඩ්මියම් අඩංගු ජලය වාරි මාර්ග හරහා වැව් වලට එකතු වීමයි. වියළි කලාපයේ වර්ෂාපතනය අඩු බැවින් නැවත නැවතත් වාරි ජලය ගොවිතැන් කටයුතු යෙදීමට සිදුවේ. විශේෂයෙන් අනුරාධපුර දිස්ති‍්‍රක්කයේ එකිනෙකට සම්බන්ධ වන කුඩා වැව් විශාල ප‍්‍රමාණයක් පිහිටා ඇති බැවින් මේ වැව් වල කැඩ්මියම් සංයුතිය ඉහළ අගයක් ගෙන තිබේ.

අනුරාධපුර දිස්ති‍්‍රක්කයේ ඉහළ වකුගඩු රෝගීන් ප‍්‍රමාණයක් වාර්තා වන මැදවච්චිය ප‍්‍රදේශයේ කරපික්කඩ වැවෙන් ජලය ලබාගන්නා ගොවීන් මේ රෝගයට ලක් වීමේ අවධානමක් ඇත. එමෙන්ම පොළොන්නරුව දිස්ති‍්‍රක්කයේ වකුගඩු රෝගීන් අතරින්  85% ක් වාර්තා වන මැදිරිගිරිය ප‍්‍රදේශයේ ගොවීන් වැඩි පිරිසක් ජලය ලබා ගන්නේ කවුඩුල්ල වැවෙනි. මේ වැව් වල කැඩ්මියම් සංයුතිය ඉහළ අගයක් ගෙන තිබේ. මේ ආකාරයෙන්ම මහවැලි ගගේ ඉහළ ජලාධාර ප‍්‍රදේශ ආශි‍්‍රතව වී හා තේ වගාවන් සදහා භාවිතා කරනු ලබන ජලය මහවැලිගගට මුදාහැරීමෙන් එම ජලය භාවිතා කරනු ලබන මහවැලි කලාප වල ජනතාව රෝගී වීමේ අවධානමක් ඇතැයි පර්යේෂණ මගින් තහවුරු වී තිබේ.

‘‘ මහවැලි ගගේ ඉහළ ජලාධාර ප‍්‍රදේශ වල වගාවන් වන වී හා තේ වගාවන්  සදහා ටී එස් පී පොහොර භාවිතා කරනවා. ඒ මගින් කැඞ්මියම් රසායනය මහවැලි ගගට එකතු වී  ජලය මගින් පහළට ගෙන එනවා. එය වඩාත් හානිදායක වන්නේ මහවැලි කළාප වල ගොවීන්ටයි. ’’ යැයි මහාචාර්ය සරත් බණ්ඩාර කීවේය.

ජලය මගින් කැඞ්මියම් බැර ලෝහය මිනිස් සිරුරට ඇතුථ වීමේ ප‍්‍රවණතාව ඉහළය. කැඞ්මියම් අඩංගු ජලය ශාක වලට උරා ගැනීමෙන් අනතුරුව ඒ ශාක වලින් නිෂ්පාදිත ආහාර භාවිතයට ගැනීමෙන්  මේ රසායනය මිනිස් සිරුරට ඇතුළු වීමේ ඉඩකඩ වැඩිය.

උදාහරණ ලෙස සහල් නෙථම් අල රනිල බෝග මගින් මේ රසායන ද්‍රව්‍ය මිනිස් සිරුරට ඇතුලු   වීමට අවස්ථාව සැලසේ. එමෙන්ම කැඩ්මියම් අඩංගු තණකොළ ආහාරයට එළදෙනකගේ කිරි ආහාරයට ගැනීමෙන්ද මෙම රසායන ද්‍රව්‍ය මිනිස් සිරුරට ඇතුළු විය හැකි බව මහාචාර්ය සරත් බණ්ඩාර පවසයි.

‘‘ වියළි කළාපයේ බොහෝ ගොවීන්ගේ වගා බිම් පිහිටා ඇත්තේ නිවසට කිලෝමීටර් දෙකක් පමණ ඈතින්. ගොඩක් අය වගා බිම් වලට යන්නේ උදේ ආහාරයවත් නොගෙන. ගොඩක් වෙලාවට දවල් ආහාරයට ගන්නෙත් පාන් සහ වැව් මාථ. මේ වැව් මාළු වලත් කැඞ්මියම් රසායනය අඩංගු වෙනවා. ’’ යැයි මහාචාර්ය සරත් බණ්ඩාර ප‍්‍රකාශ කළේය.

උතුරු මැද පළාතේ ගොවියන් බොහෝවිට සමබර අහාර වේළක් නොගැනිමේන් වකුගඩු රෝගයට ගොදුරු වීමේ ප‍්‍රවණතාවය ඉහළ ගොස් තිබේ. විශේෂයෙන් තන්තුමය ආහාර වේලක් නොගැනීමෙන් කැඩ්මියම් වැනි අහිතකර බැර ලෝහ මිනිස් සිරුරට ඇතුළු වීමේ ඉඩකඩ වැඩිය.

මේ වන විට උතුරු මැද පළාතේ මැදවච්චිය නොච්චියාගම පදවිය ශි‍්‍රපුර මැදිරිගිරිය වැනි ප‍්‍රදේශවල වකුගඩු රෝගීන් විශාල ප‍්‍රමාණයක් වාර්තා වී තිබේ. එහෙත් මේ පිළිබද තවමත් වගකිව යුතු අංශ වලින් ප‍්‍රමාණවත් අවධානයක් යොමුව නැතැයි පැනෝස් සංවිධානයේ වෛද්‍ය ප‍්‍රසන්න කුරේ මහතා සදහන් කරයි.

‘‘ මේ ලෙඬේ හොයා ගෙන අවුරුදු ගණනාවක් ගිහිල්ලා. ඒත් තවමත් අපේ ප‍්‍රශ්නෙට හරි විසදුමක් ලැබිලා නැහැ. විසදුම් තිබුණත් ඒවා ප‍්‍රමාණවත් නැහැ.’’ යැයි ගිරාදුරුකෝට්ටේ ගොවියෙකු වන කේ. රම්බණ්ඩා පවසයි.

‘‘ අපි රෝගයෙන් වැලකී සිටීමට මැටි වළං භාවිතා කරනවා. වතුර පෙරා බීමට ගන්නවා. ඒත් මේ ප‍්‍රදේශයෙ විශාල වකුගඩු රෝගීන් ප‍්‍රමාණයක් ඉන්නවා. පවුලක මූලිකයාට මේ ලෙඬේ හැදුණොත් ඒ පවුලම ලොකු අකරතැබ්බයකට මූණ දෙන්න සිද්ධ වෙන්නෙ.’’

උතුරු මැද පළාතේ නිධන් ගත වකුගඩු රෝගය හේතුවෙන් සමාජ ප‍්‍රශ්න රුසක්ද නිර්මාණය වී ඇති බව නොරහසකි.

‘‘ මේ වකුගඩු රෝගය වැලැක්වීමට කළ යුතු බොහෝ දේවල් තියෙනවා. රෝගයට බෙහෙත් ලබා ගන්නා අතරම රෝග මූලාශ‍්‍ර විනාශ කිරීමට පියවර ගත යුතුයි. ’’ මහාචාර්ය සරත් බණ්ඩාර ප‍්‍රකාශ කළේය.

රෝගයට මූලික හේතුවක් වන ටී එස් පී පොහොර භාවිතය අවම කරීම ඉන් ප‍්‍රමුඛ වේ. විදේශ රටවලින් නිසි ප‍්‍රමිතියකින් තොරව ලංකාවට ගෙන්වන මෙම පොහොර වල කැඞ්මියම් විශාල සංයුතියක් අඩංගු වන බව මහාචාර්ය බණ්ඩාර පෙන්වා දෙයි. සාමාන්‍යයෙන් එය පොස්පේට් කිලෝග්රූම් එකකට කැඩ්මියම් මිලිග්රූම් දහයකි. එහෙත් ලංකාවේ නිෂ්පාදිත එප්පාවල පොස්පේට් පොහොර ඊ එස් පී වල අඩංගු වන්නේ පොස්පේට් කිලෝග්රැම් එකකට කැඞ්මියම් මිලිග්රෑම් එකයි දශම දෙකකි. එය අඩු අගයකි. එබැවින් එප්පාවල පොස්පේට් පොහොර වගාවන්ට සුදුසු බව මහාචාර්ය බණ්ඩාර ගේ අදහසයි. එමෙන්ම සමබල ආහාර වේලක් ලබා ගැනීමෙන් මෙම රෝගයෙන් වැළකි සිටීමට හැකි බව හෙතෙම පවසයි.

‘‘ අඩුම තරමින් දිනකට කතුරුමුරුංගා මැල්ලූමක්වත් ආහාර වේලට එක් කරගත යුතුයි.එවිට ශරිරයට ඇතුලූවන අහිතකර රසායන බහිස‍්‍රාවීය ද්‍රව්‍ය සමග පිටවෙනවා.’’ මහාචාර්ය බණ්ඩාර පවසයි.

සිරුර සුදු මැලිවීම පපුවේ මහන්සිය  ශරීරය ඉදිමීම යන ලක්ෂණයන් වකුගඩු රෝගයේ රෝග ලක්ෂන ලෙස වෛද්‍ය වරුන් හදුන්වා දෙති.  බොහෝ පිරිස් මෙම රෝගී තත්වය’ හදුනා ගනුලබන්නේ ශරීරය ඉදිමීමත් සමගය.

දීර්ඝ කාලීන වකුගඩු රෝගය සදහා හේතු වශයෙන් දියවැඩියාව රුධිර පීඩනය ප‍්‍රවේණිගත රෝග මුත‍්‍රාශ‍්‍රයේ ගල් ඇති වීම ආදිය හේතු වී ඇතැයි  අනුරාධපුර සෞඛ්‍යසේවා අධ්‍යක්ෂ වෛද්‍ය පාලිත බංඩාර පවසන්නේය.මෙම රෝගී තත්තවයන් පවතින්නේ නම් නිරන්තරයෙන් වෛද්‍ය උපදෙස් වෙත යොමු විය යුතු බවයි  හෙතෙම වැඩිදුරටත් පෙන්වා දුන්නේය.

‘‘අඹ ගෙඩියක් වගේ තියෙන්න  ඕන වකුගඩු දෙක මේ රෝගය නිසා ගොරක මද දෙකක්වගේ ඇකිලෙනවා.මේ රෝගය වැළදුන රෝගියෙක්ගෙ ආයු කාලය අවුරුදු පහකට සීමා වෙනවා.දියවැඩියාව හා රුධිර පීඩනය තිබෙන රෝගීන්ටත් මෙම රෝගය වැළදෙන්න පුලුවන්”  වෛද්‍ය පාලිත බණ්ඩාර පැවසීය.

පළාත් සභාවෙන් රුපියල් පන්සීයක මුදලක් වකුගඩු රෝගියකුට ලබා දීමට පියවර ගෙන ඇත.එහෙත් මෙම රෝගය වැළදුන පුද්ගලයකුගේ මානසික මට්ටම සුව කිරීමට හැකියාවක් නොමැත.මේ සදහා හොදම ප‍්‍රතිකර්මය වන්නේ රෝගය සෑදීමට ප‍්‍රථම  එය වළක්වා ගැනීමය.එහෙත් මේ සදහා අවශ්‍ය ශ‍්‍රම බලකායක් නොමැත් බවයි වෛද්‍ය බණ්ඩාර පෙන්වා දෙන්නේ.

වකුගඩු රෝගය වැළදුන රෝගින්ට එම තත්ත්වය පසුකාලීනව තම කොදු ඇට පෙළට බලපෑම නිසාවෙන් කුදුබාවයට පත් වීම නිසාවෙන් මහත් අපහසුතාවයට පත්වේ.මෙම වකුගඩු රෝගී තත්ත්වය නිසාවෙන් විශාල වශයෙන් මියයනු ලබන්නේ වයස අවුරුදු තිහත් හතළිහත් අතර පුද්ගලයන් බව මහාචාර්ය බණ්ඩාර පෙන්වා දුන්නේය.වෛද්‍ය උපදෙස් පිළිනොපැදීම ආහාර පාලනයක් නොමැති වීම මෙයට හේතුව බවද හෙතෙම පැවසීය.

කෙසේ වුවද මෙම රෝගී තත්ත්වයෙන් මිදීම සදහා ඇති එකම මාර්ගය වන්නේ ආහාර පාන  වර්ග නිසි ආකාරව ලබා ගැනීම මෙන්ම වෛද්‍ය පරීක්ෂණ සිදු කිරීම පමණක් බවයි වෛද්‍ය බණ්ඩාර පෙන්වා දෙනු ලබන්නේ.

Pesticides used for paddy cultivation has resulted in the spreading of kidney diseases in the North Central Province. While 10,000 persons have been infected by kidney diseases in the Province, there have so far been 1,000 reported deaths. The diseases are caused when pesticides contaminate the underground water springs and the water systems in the area. The first kidney disease related death in the Province was reported in 2002. The banning of fertilizer and pesticides with minerals harmful to humans, consuming proper food and water and frequent medical check ups are identified as means to control the disease. The provinces adjoining the North Central Province, Uva and Eastern Provinces also face the risk of being affected by kidney diseases.

  • Share/Bookmark

අපිත් මැරුණ නම් මීට වඩා හොදයි

September 15, 2009 by Editor  
Filed under Featured, Stories

590 px

Five years on still in camps

ජීවිත කාලයක් පුරාවට හරි හමිබ කරගත් සියළු වස්තුව මුහුදට බිලිවෙන දෙස බලා සිටි පිරිසට ඉතිරි වූයේ තමන්ගේ ඇදිවත පමණය.තමන්ගේ ජීවිතය පමණක් ඉතිරි කර ගත් මොවුන් තමන්ට නුහුරු නුපුරුදු  පරිසරයක හිසට වහළ තනා ගනනේ සදහටම එම ස්ථානයේ සිටීමේ අදහසින් නොවේ.රත්මලාන සළුසළ වත්තට පැමිණෙන මෙම පිරිස සුනාමි ව්‍යසනයෙන් අවුරුදු පහක් ඉක්ම යාමට ආසන්නව තිබෙන මොහොතේ ද  තවමත්  එතැනමය.සුනාමිය පැමිණෙන්නට ප‍්‍රථම  මොවුන් ජාතික ආර්ථිකය සවි බල ගැන්වීම උදෙසා වෙහෙස වී වැඩ කළෝය.එහෙත් මේ වන විට එදා වේල පිරිමසා ගන්නට   තරම්වත් ඔවුනට ශක්තියක් නොමැති තරම්ය.

“රුපියල් විසිපන්දාහක් දෙන්නම් කියලා අපට යන්න කියනවා.අපි මෙ සල්ලි ටිකෙන් මොනවා කරන්නද.අපිට කන්න නැතත් වැටිලා ඉන්න තැනක් දෙන්න කියලා විතරයි අපි කියන්නේ.දහසක් බලාපොරොත්තු සිතෙහි තද කර ගනිමින්  වසන්තා.” චන්ද්‍රකාන්ති පැවසීය.

ස්ථීර පදිංචි පිරිසට පමණක් ඉඩම් ලබා දීමටත් සෙසු අනු පවුල් හා කුළි පවුල් වෙත රුපියල් විසිපන්දහසක මුදලක් ලබා දීමටත් නීතියෙන් ගත් පියවර නිසාවෙන් පවුල් දහසයක් පමණ අසරණව සිටී.බැලූ බැලූ අත කිසිවකුගේ සරණක් නොමැති නිසාවෙන් මේ පිළිබද කිසිවකුට නොකියන්නට ඔවුන් තීරණය කර හමාරය.මන්ද යත් සෑම දින කම සිදු වන්නේ  කිසිවකු හෝ පැමිණ තොරතුරු විමසීම පමණක් නිසාය.

“අපි මොනතරම් කීවත් මේවාට පිළිතුරු ලැබෙන්නේ නැහැ.කියලා එපා වෙලා තියෙන්නේ.මේ පැත්තේ ඉන්න මිනිස්සු විතරයි දන්නේ අපි මෙහෙ ඉන්නවා කියලා කියලා . වගකිව යුත්තෝ සළුසළ වත්තක් තියනවද කියලා දන්නේ නැතිව ඇති.” චන්ද්‍රකාන්ති පැවසීය.

තම ජීවිතයෙන් ප‍්‍රයෝජන ගන්නට පමණක් සියළුම වගකිව යුත්තන් බැදී සිටින බවත් සුනාමි උණූසුම පැවති කාලයේ ඔවුනට ලැබුණ සැළකිළි දැන් නොලැබෙන බවත් හුදෙක් සියල්ල මවා පෑමක් පමණක් බවත් ඔවුන් විශ්වාස කරයි.

“හැමෝම අපිව රවට්ටනවා විතරයි.ජන්දේ ළංවෙද්දී  විතරයි හැමෝම අපිව හොයාගෙන එන්නේ.අපේ දුක ගැන රටටම ඇහෙන්න කතා කරලා ජන්ද  ගන්න එනවා.මේ හැමෝම කලේ සුනාමිය වවාගෙන කාපු එක.තවත් කරන්නේ ඒකමයි.” හේමපාල සෝවිස් පැවසීය.

මෙම කදවුර වෙත මෙම පිරිස පැමිණෙන්නේ දෙදහස් හතර දෙසැම්බර් විසිහය සුනාම් ව්‍යසනයෙන් දවස් දෙකක් ඉක්ම ගිය පසුය.එසේ පැමිණෙන විට මෙම සළුසළ වත්තද කුඹුරු යායක් ලෙස පැවති අතර ව්‍යසනයෙන් විපතට පත් මේ මිනිසුන්ගේ දෑතේ වීර්යෙන් සමතලා බිමක් බවට පත්විය.එසේ ජීවත් වන  නිවහන දැන් ජීවත් වීමට කරම් සුදුසු තත්වයක් දැන් නොපවතී.අවුරුදු පහක් ඉක්ම යාමට නියමිත මෙම ලෑලි ගෙවල්  කොටසක් දිරාපත් වී ඇත. තමන්ගේ මහන්දියෙන් ඉදිවන අඩි දහයයි දහයේ ලෑලී කාමරය තුළ පවුල් දෙකක් නැතිනම් හතරක් වාසය කරයි.එම මේ වන විට පවුල් කිහිපයක් තමන්ගේ නව වාසස්ථන කරා ගොස් ඇති අතර එසේ ඉඩම් ලැබී ඇත්තේ සුනාමි අවස්ථාව වන විට ස්ථීර පදිංචියේ සිටියවුන්හට පමණි.කුලී පවුල් සහ අනු පවුල් සදහා මේ වන තුරු ඉඩම් ලැබී නොමැත.

“අපි තට්ටු ගෙවල් ඉල්ලන්නේ නැහැ.ලක්ෂ ගණන් ඉල්ලන්නේ නැහැ.අපිටම කියලා තැනක් දුන්නොත් ඒ හොදටම ඇති.ප‍්‍රාදේශිය සභෘවෙන් මේ වත්තට ලක්ෂයක් මාසෙට ලක්ෂයක් ගෙවනවා කියලා කියනවා.ඒ සල්ලි අපට දීලා යන්න කිව්වා නම් අපි අපේම තැනක් අරගෙන යනවා.”

“සුනාමි ආවේ කුළි පවුල් අනු පවුල් බලලා නෙවෙයි.හැමෝටම එක විදියටයි සුනාමී ආවේ.එහෙනම් හැමෝටම එක විදියට සළකන්නේ නැත්තේ ඇයි.අනු පවුල් දාසයයි මේ කදවුරේ ඉන්නේ.අපට පර්චස් දෙකක් දෙන්න මේ තියෙන ලෑලි ටික ගලවගෙන ගිහින් එතෙන හදා ගන්න.කන්න නැතත් හිත හොදින් අපිට වැටිලා ඉන්න පුළුවන්.” ඩබ්ලිව්.ඩි රම්‍යලතා පැවසීය.

ජීවිතයේ විදි සියළු වේදනාවන අමතක කර දමා ජීවිතයට මුහුණ දීමට සූදානම් වුවද එය කෙසේ හෝ බිදවැටේ.චන්ද්‍රකාන්තිගේ දියණියට ඩෙංගු රෝගය වැළදීම නිසාවෙන් මාස තුනකට ආසන්න කාලයක් දුක් විදීමට සිදු විය.මේ වන විටද උණ රෝගය මෙම කදවුර තුළ පවතින බව අමරාවතී ප‍්‍රනාන්දු පැවසීය.

“හවස හය වුණ වෙලාවේ ඉදලා මදුරු කරදරෙන් බේරෙන්න විදියක් නැහැ.දුන් කබල පත්තු කරගෙන ඉන්නේ එළි වෙනකල්.මේ නොදන්න දරුවෝ ඉන්න තැන් වල දුන් පත්තු කරන්න බැහැ.දරුවන්ට හති හැදිලා තියෙන්නේ.ඊට වඩා මීයෝ ඉන්නවා.හැමදාකම ගෙවල් ඇතුළට ඇවිත් තියෙන හැම දෙයක්ම විනාශ කරලා යනවා.” ප‍්‍රනාන්දු පැවසීය.

“මේ කදවුර අපායක්.නගර සභාවෙන්  මේ පැත්තේ එන්නේ නැහැ.මෙතනට ආව කාලෙටම මදුරු තෙල් ගැහුවේ නැහැ.කිසිම පිහිටක් නැති කදවුරක් මේක.මීට වඩා හොදයි අපායට ගියානම්.නැත්නම් සුනාමියටම අහුවෙලා මැරිලා ගියානම්.මේ උණ හොද වෙන්නේ නැහැ දැන් මාසයක් විතර වෙනවා.බෙහෙත් ගන්න කීවට සල්ලි නැහැ”.ප‍්‍රනාන්දු පැවසීය.

“මේ කදවුරට එද්දී අපිව බස්වල අරන් ආවේ ගොඩක් ආරක්ෂාකාරීව.ඒ ආරක්ෂාව සත් දෙක තුනකින් නැතිව ගියා.ග‍්‍රාම සේවකවත් නිකමට ඇවිත් අපි ඉන්නවද මැරුණද බලන්නේ නැහැ.” තනූජා ලක්මාලි පැවසීය.

එදා වේල හොයාගෙන කන්නට සිද්ධ වූ මෙම මිනිසුන් හට අනාගතයක් දෙස සුභවාදී ලෙස බැලීමට හැකියාව ලැබේද යන්න පිළිබද ගැටළුවක් ඇතිවේ.මෙසේ නොසළකා හරිනා පිරිස් මේ රටේම සිටියදී දූෂණය වැළැක්වීම හොරකම් මැරකම් නතර කිරීමට  සහ සමානාත්ම තාවයෙන්  සැළකීම පිළිබද කතා කිරීම එතරම් යෝග්‍ය නොමැති බව සළුසළ කදවුරේ සමස්ථ අදහසයි.

මෙම  කදවුර වෙත ලැබීමට තිබූ ආධාර මුදල්ද නිසි ආකාරව නොලැබුණ බව ඩල්සි ප‍්‍රනාන්දු පැවසීය.අසරණයින්ගේ දෙය සූරා කෑමට හැකි නම් සාමාන්‍ය ජනතාව ගැන නිසි ආකාරව සොයා බලන්නේ කෙසේදැයි ඇගේ මතයයි.

“අපිට මේ කදවුරට ආවට පස්සේ පනස් දාහක් හම්බවෙන්න තිබුණා.ඒත් අපට හම්බවුණේ තිස්දාහක් විතරයි.පවුල් අසූවක් විතර හිටියා.හැමෝටම ඉතිරි විසිදාහ හම්බ වුණේ නැහැ.”ප‍්‍රනාන්දු පැවසීය.

දූ දරුවන් හැටක් පමණ දැනටත් මේ කදවුරේ සිට අධ්‍යාපන කටයුතු වල නිරත වී සිටී.මෙම දරුවන් පසුගිය කාලය පුරාවටක් අදවනතුරුත් පාසල තුළදී නොයෙක් පීඩනයන්ට හසුවන බව ජානකී නිෂානි පැවසීය.

“ස්ථිර පදිංචියක් තියනවා නම් අපිට දරුවන්ව අරන් ගිහින් ඒ තැනක පාසලක මේ දරුවන්ට උගන්වන්න පුළුවන්.තැනින් තැන අරන් ගිහින් මේ දරුවන්ගේ අධ්‍යාපනය කඩාපල්පල් වෙනවා.ඊට වඩා මේ දරුවන්ට පාසලේ දී විවිධ නම් කියනවා.ළමයි ගෙදර ඇවිත් ආයෙත් පාසල් යන්න බැහැ කියනවා.අපේ අසරණකම කාටවත් පේන්නේ නැහැ.” නිෂානි පැවසීය.

මෙම කුදවුර තුළ දරුවන් ආර්ථික ප‍්‍රශ්න නිසාවෙන්ද  පාසල අත් හැර  ඇති බව නිෂානි පැවසීය.දිනකට රුපියල් දෙසීයන් හෝ තුන්සීයක් උපයා ගන්නා මෙම පිරිස් හට දිනකට රුපියල් සියයක මුදලක් දරුවන්ගේ පාසල් ගමන ස`දහා වියදම් කිරීමට සිදුවීම නිසා මෙම දරුවන්ගේ පාසල් ගමන නතර කරන්නට වූ බව නිෂානි පැවසීය.

පර්චස් දෙකක හෝ තමන්ගේ තැනක ජීවත් වීමට බලා සිටිනා මේ මිනිසුන් හට සාධාරණය ඉටු වන්නේ කෙදිනක දැයි නොඉවසිල්ලෙන් බලා සිටී.වැසි දිනවලදී අපායක් බවට පත්වෙන මෙම කදවුර තුළ මෙම පවුල් හැටකටම ඇත්තේ පොදු වැසිකිළි දෙකක් පමණි.ඒවාද මේ වන විට උතුරා ගොස්ය.වැසි දිනවලට මේ සියළු අපද්‍රව්‍ය නිවෙස් මැදින් ගලා බසිනා බවට මොවුන්ගේ චෝදනාවකි.

නෑදෑ හිතමිතුරන් පැමිණියද ඔවුන් රුදවා ගැනීමට පවා නොහැකි නිසාවෙන් ඔවුන් සමාජයෙන් කොන්වී සිටින බවක් ඔවුනට දැනෙනවා විය හැකිය.කෙසේ වුවද රටේ ආර්ථිකයට ශක්තියක් වූ මේ මිනිසුන්ගේ ජීවිත කෙරෙහි අනුකම්පා සහගතව නොව සාධාරණව බැලීම වැදගත් බවයි මොවුන්ගේ සමස්ත අදහස වන්නේ.

Five years after the tsunami devastation, about 10,000 families still languish in temporary shelters following a government decision to provide land only for the tsunami affected who had permanent residences at the time. The families affected by the tsunami who have been living on rent or without a permanent residence at the time were given a sum of Rs. 25,000. These families had arrived at the Salu Sala watta in Ratmalana two days after the tsunami in 2004 and to date lives in the camp in 10×10 feet wooden shacks. The aid received by these people during the initial period following the tsunami has now ended. Their request is for a basic permanent residence, which they said would help overcome many of the difficulties faced by them at present.

  • Share/Bookmark

අනිසි ඇබ්බැහිවීම් හේතුවෙන් අනාගත තරුණ පරපුර රෝගීන් බවට පත්වීමේ අවදානමක්

August 21, 2009 by Editor  
Filed under Featured, Stories

Drug mainකිසියම් වින්දනයක් ලබාගැනීමේ අරමුණින් මත්පැන් වෙනුවට නොයෙක් ඹෟෂධ වර්ග, ජෙල් වර්ග, හා මදුරුකොයිල් වැනි දෑ පානය කිරීමට ශ‍්‍රී ලංකාවේ ඇතැම් තරුණ කොටස් පෙළඹී සිටින අතර මෙම භයානක ඇබ්බැහිවීම හේතුවෙන් ඔවුන් දැඩිලෙස රෝගාතුරවීමේ අවදානමකට ලක්ව සිටිති.

කැස්ස වැළදුන රෝගීන්ට වෛද්‍යවරුන් ලබාදෙන කෝප් සිරප්, හිසේ ගල්වන ජෙල් හා මදුරුකොයිල් ආදිය භාවිතා කර මත්වීමට  ඇතැම් තරුණයන් ඇබ්බැහිවීම ඉතා භයානක බව වෛද්‍යවරු පවසති. සිරුරට අහිතකර මෙම ද්‍රව්‍ය භාවිතා කිරීමෙන් නොයෙකුත් අහිතකර ප‍්‍රතිඵල අත්විය හැකි බැවින් එම භාවිතාවන්ගෙන් වහා ඉවත් වන ලෙස වෛද්‍යවරු ඉල්ලා සිටිති.

අනවශ්‍ය ලෙස මෙම ද්‍රව්‍ය පරිභෝජනයට ගැනීමෙන් ස්නායු රෝගයන්ට හෘද රෝගයන්ට මෙන් අක්මාවේ දුබලතාවයන්ට ලක්වන බව වෛද්‍යවරු පෙන්වාදෙති. වෙළදපොලේ අළෙවිකරන මත්පැන් වලින් ශබ්රයට සිදුවන හානියට වඩා වැඩි හානියකර තත්වයක් මෙමගින් අතැවන බවද වෛද්‍යවරු පෙන්වාදෙති.

මේ වන විට ශ‍්‍රී ලංකාවේ සිටින ලාබාල තරුණයන් ඇතමෙක් කෝප් සිරප් පානය කිරීමට යොමුව ඇති වැඩි පිරිස පාසල් ළමුන් බව වෛද්‍ය ශාන්ත හෙට්ටිආරච්චි පැවසීය.

‘‘මත් ද්‍රව්‍යවලට ඇබ්බැහිවීසිටින අය සමග කතාකරන විට තහවුරු වුන දෙයක් තමයි ඔවුන්ගෙන් බොහෝ දෙනෙක් මත්ද්‍රව්‍යවලට ඇබ්බැහිවී තිබෙන්නේ තරුණ වයසේදීයි. නොදැනුවත් කම වගේම අනුන්ගේ පෙළඹවීම නිසා ඔවුන් මත්ද්‍රව්‍ය භාවිතයට පුරුදුවී තිබෙනවා.’’ හෙට්ටිආරච්චි කීය.

කෝප් සිරප් පානයට ඇබ්බැහිවූ කොල්ලූපිටිය ප‍්‍රදේශයේ පදිංචිකරුවෙක් සදහන් කළේ තමන් මුල්වරට කෝප් සිරප් පානය කළේ 2003 වසරේදී වන බවය. මේ වන විට ඔහු කොළඹ ප‍්‍රධානපෙලේ පාසලක සාමාන්‍ය පෙළ විභාගයට පෙනීසිට ඇත.

ඔහු සමග සිටි වැඩිමහල් මිත‍්‍රයින් කෝප් සිරප් පානය කර මත්වීමට ඇබ්බැහිවී සිටි අය වන අතර ඔවුන්ගේ බලපෑම මත කෝප් සිරප් පානය කිරීමට එම සිසුවා ඇබ්බැහිවී තිබුණි.

වෛද්‍යවරුන් රෝගීන්ට කෝප් සිරප් ලබාදෙන්නේ රෝගියා පරීක්ෂා කර ඔහු කැස්සෙන් පීඩා විදින බව තහවුරු කරගැනීමෙන් අනතුරුවය. වෛද්‍ය උපදේශයකින් තොරව  ඕනෑම අයෙක් මෙම සිරප් පානය කිරීමට පෙළඔුණහොත් එය පානය කරන්නාගේ සිරුරට නොයෙක් අහිතරකර බලපෑම් එල්ලවීමේ අවදානමක් පවතින්නේ යැයි වෛද්‍ය හෙට්ටිආරච්චි කීවේය. වෛද්‍යවරයා නියමකරන මාත‍්‍රාවට පටහැනිව සිරප් වර්ග භාවිතා නොකළ යුතු බවද හෙතෙම පෙන්වාදෙයි.

නමුත් කොප් සිරප් භාවිතයට ඇබ්බැහිවී සිටින මත්ලෝලීන් එක වර කෝප් සිරප් බෝතලයම පානය කරති.

‘‘ලෙඩකට මේ බෙහෙත් ගත්තත් එය ගන්න  ඕන මාත‍්‍රාවක් තියෙනවා. මිලි ලීටර කීපයක් ගන්න  ඕන බෙහෙත මේ අය කටේ හලාගන්නවා. ඒ මගින් සිරුරට ලොකු හානියක් සිදු වෙනවා.’’ වෛද්‍ය හෙට්ටිආරච්චි කීය.

කෝප් සිරප් අධික ලෙස පානය කිරීමේ මූලික තත්වයක් තුළදී මල බද්ධය, සිහි මදකම හෝ නිදිමත ගතිය ඇතිවිහ හැකිය. කාලයක් තිස්සේ කෝප් සිරප් අධික ලෙස පානය කිරීමේ බලපෑම මූලිකව එල්ලවන්නේ පෙනහළු වෙතය. කාලයක් තිස්සේ මෙය භාවිත කිිරීමෙන් ස්වසන රෝග ඇතිවිය හැකියැයි වෛද්‍යවරු පවසති.

‘‘කෝප් සිරප්වල ඔපිටයිඞ් නැමති රසායනිකය තිබෙනවා. සාමාන්‍ය රෝගියෙක්ට කෝප් සිරප් ලබාදුන්විට කෑම අරුචිය හා නිදිමතගතිය ඇතිවෙනවා. මෙවැනි තත්වයක් තුළ කෝප් සිරප් අධික ලෙස පානය කිරීමෙන් රුධිර පීඩනය අඩුවෙනවා. පසුව හෘද ක‍්‍රියාකාරීත්වයට බාධා ඇතිවෙනවා.’’ වෛද්‍ය හෙට්ටිආරච්චි කීය. එලෙස කෝප් සිරප් අනිසි ලෙස භාවිතා කිරීම හෘද රෝගයන්ට අතවැනීමක් වන බවද වෛද්‍යවරු කියති.

මේ අතර ඇතැම් තරුණයන් සාමාන්‍ය කඩයකින් මිලට ගතහැකි ජෙල් පැකට් පවා පානය කිරීමට ඇබ්බැහිවී සිටින බව අප කළ තොරතුරු සොයාබැලීමකදී හෙළිදරව් විය.

‘‘මම නොයෙක් මත්ද්‍රව්‍ය ගන්නවා. දිනපතාම මත්ද්‍රව්‍ය ගන්නා හින්දා වෙනස් ආකාරයේ මත් ගතියක් ලබාගැනීමට ජෙල් පැකට් බොනවා. සතියට දවස් දෙකක් තුනක් විතර මේවා බොනවා. ගොඩක් වෙලාවට රෑට නිදිමරනකොට තමයි මේවා ගන්නේ.’’ බිලියඩ් ක‍්‍රීඩාගාරයක සේවය කරන අත්තිඩියේ පදිංචි මත්ලෝලියෙක් කීවේය.

මේ වන විට වෙළද කලාපයේ සිටින ඇතැම් තරුණයන් මදුරුකොයිල් විශේෂ ආකාරයකට සකස්කරගෙන මත්වීමට යොදාගන්නේයැයි ස්ටෑන්ඩ්අප් සංවිධානයේ අධ්‍යක්ෂිකා අශිලා මාපලගම පැවසුවාය.

‘‘මීට අමතරව ජෙලි පැකට්, බාබුල් හා මදන මෝදකත් ඔවුන් භාවිතා කරනවා.’’ ඇය පැවසුවාය.

වෙළද කලාපයේ සේවය කරනඅයගේ ආර්ථික තත්තවය හේතුවෙන් මත්පැන් මිලදීගැනීමට ඇති නොහැකියාව නිසා මෙවැනි අන්තරාදායක දේ භාවිතා කරන බව ඇය පැවසුවාය.

‘‘මදුරුකොයිල් වගේ දේවල්වල තියෙන රසායනික ද්‍රව්‍ය කිසිවක් ශරී්රයට හිතකර දේවල් නෙවෙයි. මෙවැනි දේවල් භාවිතා කිරීම කිසිසේත්ම අනුමත කරන්න බැහැ.’’ වෛද්‍යවරු කියති. මෙවන් දෑ මත්ද්‍රව්‍ය ලෙස භාවිතාකරන පුද්ගලයන් වැඩි කලක් නොගොස් දරුණු ආබාධවලට ලක්වන බවද ඔවුහු පවසති. ඔවුනට ඇතිවිය හැකි ස්නායු අබාධ පෙහළු ආබාධ මෙන්ම අක්මාවේ ආබාධ හේතුවෙන් අකාලයේ මරණයට පත්විය හැකිබවද වෛද්‍යවරු කියති.

තරුණයන් මත්වීමට කෝප් සිරප් පානය කිරීම වැලැක්වීමට බැදීමට සෞඛ්‍ය අමාත්‍යාංශය ඉදිරිපත්වී බෙහෙත් තුණ්ඩු නොමැතිව කෝප් සිරප් ලබානොදෙන්නැයි සියලූම ෆාමසි වෙත චක‍්‍රලේඛයක් යොමුකර තිබේ.

මේ වන වන විට වෛද්‍යවරයකුගෙන් ලබාගත් බෙහෙත් තුණ්ඩුවක් නොමැතිව කෝප් සිරප් ලබානොදෙන බව ගාල්ලේ ක‍්‍රිස්ටල් ෆාමසියේ හිමිකරුවන චම්පික උක්වත්ත කීය.

එහෙත් සමහර ෆාමසිකරුවන් බෙහෙත් තුණ්ඩු නොමැතිව මත් ලෝලීන්ට කෝප් සිරප් අළෙවිකරන බවද උක්වත්ත පැවසුවේය.

මත් ලෝලීන් මත් ද්‍රව්‍ය භාවිතාකිරීමට පෙළඹී ඇත්තේ නොදැනුවත් කම නිසාය. මත්ලෝලීන් පවසන්නේ මේවා භාවිතා කිරීමේ ප‍්‍රතිඵලය තමන් නොදන්නා බවයි. ඇතැම් අය මෙය තමන්ගේ ශරීරයට හිතකර නොවන බව දැන දැනත් මේවා භාවිතා කරති.

මත් ද්‍රව්‍ය භාවිතයෙන් සිදුවන අයහපත් ප‍්‍රතිඵල පිළිබදව පාසල් මට්ටමේ සිට දැනුවත් කිරීමට කාලය එළඔ ඇතැයි වෛද්‍ය හෙට්ටිආරච්චි කීය.

‘‘පාසල් මට්ටමේ සිට මත්ද්‍රව්‍ය භාවිතය පිළිබදව දැනුවත් කිරීමේ වැඩසටහනක් තවම ක‍්‍රියාත්මක වෙන්නේ නැහැ. පාසල් යන වයසේ අය තමයි මත් ද්‍රව්‍ය භාවිතයට හුරුවන්නේ. මේ නිසා මොවුන් දැනුවත් කිරීමේ වැඩසටහනක් ක‍්‍රියාත්මක කිරීම අත්‍යවශ්‍ය දෙයක්.’’ වෛද්‍ය හෙට්ටිආරච්චි කීවේය.

The habit of consuming various cough syrups, gels and mosquito coils instead of alcohol based commodities among the youth has placed them in great health risks, doctors warn. Addictions of consuming an overdose of cough syrups, gels and other substances cause ailments related to the heart, nerves and liver. Doctors note that such addictions are more dangerous than being addicted to alcohol. Dr. Shantha Hettiarachchi says that most school going youths were addicted to cough syrups due to the lack of knowledge and peer pressure. In some instances, these addictions are prompted by lack of funds to purchase alcohol. Dr. Hettiarachchi says it is now time to create awareness about narcotics at school level.

  • Share/Bookmark

අංගම්පොර සටන් ශිල්පය කලඑළි බැසගත් මුල්ලේරියා සටන

August 20, 2009 by Editor  
Filed under Featured, Stories

590 px 2

ANGAMPORA one of the ancient martial arts in Srilanka

ඉතා සෙමින් එහෙත් ක‍්‍රමාණුකූලව සමස්ථ ශ‍්‍රී ලංකාවම  යටත් කර ගැනීමේ සැළසුමක නිරත වූ පෘතුගීසි හමුදාවන්ට තම අරමුණ ඉටුකර ගැනීම සදහා  තිබූ ප‍්‍රධාන  බාධකය  වූයේ සීතාවක රාජධානියයි.සමස්ථ රටම යටත් කර ගැනීමට පැමිණි පෘතුගීසි සේනාවට අමතක නොවන පාඩමක් ඉගෙන ගැනීමට සිදු වූයේ සීතාවක දීය.

දේශීය සටන් ක‍්‍රමයන්ගෙන් සන්නද්ධ වූ සිංහල හමුදාවෝ ගිනි අවි අතට ගත් පෘතුගීසි භටයන්ට එලව එලවා පහර දී පරංගීන් සිය ගණනක් මරා දැමුවේ සීතාවකදීය.

මෙම සටනේදී අංගම්පොර සටන් ශිල්පයෙන් සන්නද්ධ වූ සිංහල සෙනවියන්ට මුහුණ දීමට ශක්තියක් පරංගීන්ට නොවීය.මෙරට ඉතිහාසයේ අංගම්පොර සටන් ක‍්‍රමය ප‍්‍රසිද්ධියේ කලඑළි බැසුනු අවස්ථාව ලෙස වාර්තා වන්නේ සුපතල සීතාවක සටනය.

පෘතුගීසීන් කෝට්ටේ රජුවන  දොන් ජුවන් ධර්මපාල සමගින් එකතු වී 1562 ජුලි මාසයේදී සීතාවක රාජධානියට පහර දීම සදහා කෝට්ටෙන් පිටත් වූහ.සීතාවක රාජධානියේ පිවිසුම් මාර්ගය පිහිට් කොළෙන්නාවට හා මුල්ලේරියාවට පහර දී යටත් කොටගෙන සීතාවකට පහර දීමට පැමිණි සේනා ප‍්‍රථමයෙන් කොළොන්නාව කදවුර සියතට ගත්හ. ඉන්පසුව  මුල්ලේරියාවට පැමිණ කුදවුරු බැද ගත් පෘතුගීසීන් සිය කදවුරු මුල්ලේරියා වැවටත් කැළණි ගගටත් මායිම් වූ අඹතලේ ග‍්‍රාමයේ පිහිට වූහ.

මේ කාළය වන විට සීතාවක රාජධානියේ මහා සේනාධිපති තනතුරට පත්ව සිටියේ දක්ෂ අශ්වාරෝහකයකු වූ ඒකනායක මහ සෙනෙවිතුමාය. ඔහු යටතේ පුහුණුව ලැබූ හාරදාහක අශ්වාරෝහක හමුදාවක් වූහ. අඹතලේ  කදවුරු බැදගෙන  සිටින පරංගි සේනාව සමූල ඝාතනය කිරීම ඉවසිලිවන්තව සැලසුම් කළ ඔහු සතුරා මුලාවට පත් කොට පහර දීමට සුදුසුම ක‍්‍රමය අංගම්පොර සටන් ක‍්‍රමය බවට තීරණය කළේය.

අංගම් ශිල්පය පිළිබද මනා අවබෝධයක් තිබූ කොරතොට කුරුප්පු ආරච්චි කැදවූ හෙතෙම අතුරුගිරියේ ආරච්චි සහ හෝමාගම අංගම් සටන්කරුවන් කැදවාගෙන සටන මෙහෙය වීම ඔහුට පැවරීය.

අංගම් සටන් කරුවන් සිය ගණනක් පිරිවරාගත් කොරතොට කුරුප්පු ආරච්චි 1562 අගෝස්තු 8 වැනිදාට එළිවෙන්නට හෝරා තුනක් තිබියදී සටන් බිමේ තද නින්දේ පසුවන සතුරා වෙත   කඩා පැන් පහර දෙන්නට පටන් ගත්හ.පරංගි සේනාවට  සිතා ගැනීමට වත් ඉඩ නොතබා සටන් බිම දෙවනත් කරමින් සටන් කළ අංගම් ශූරයන් එකවර පරංගින් හතර පස් දෙනා බිම හෙලූහ.

කඩු හරඹ සහ අංගම් සටන් කලාවේ දක්ෂයෙක් වූ ටිකිරි කුමරු අභීත ලෙස අසු හා අසිපත මෙහෙයවමින් සිංහලයන්ගේ රණශූරත්වය පෙන්නුම් කළේය.මුල්ලේරියා වෙලේ වතුර ලෙයට හරවමින්  පරංගීන් මරුමුවට පත් කළ මෙම අභීත සටන් ක‍්‍රමය ශ‍්‍රී ලංකාවේ අභිමානය කියා පෑමට දැනට අපට ශේෂව ඇති දායදයකි.

කතරගම මහසෙන් හා රාවණා යුගයේ පටන් පැවත ආ සිංහලයින්ට පමණක් සුවිශේෂී වූ අංගම්පොර සටන් කලාව ගිණි අවි අතහැර සටන එන  ඕනම ජගතෙකු බිමහෙළිමට තරම් සමත්ය.පරපුරෙන් පරපුරට රැගෙන ආ දියුණූ ශිල්ප ක‍්‍රමයක් වන අංගම් පොර ඉලංගං සටන්  මන්ත‍්‍ර ශාස්ත‍්‍ර රණ බෙර වාදනය  නිල වෙදකම යනුවෙන්   කොටස් පහකින් සමන්විතය.

මරු නිල ශිස්ත‍්‍රය මෙම සටන් ක‍්‍රමයේ සුවිශේෂි ක‍්‍රමයක් වන අතර විදේශ  ආක‍්‍රමණ වලදී පමණක් එය භාවිතයට ගැනේ.පෞද්ගලිකව ප‍්‍රතිවාදීන්ට විරුද්ධව එම සටන් ක‍්‍රමය භාවිත නොකරන බවට ශිල්පය හදාරන්නා ගුරුවරයාට දිවුරා පොරොන්දු විය යුතුය.

මරු නිල ශාස්ත‍්‍රය ප‍්‍රගුණ කළ සටන්කරුවෙකුට සතුරා කල් ගතව මැරෙන්නට  ගොළු වන්නට බිහිරි වන්නට  එසේත් නැත්නම් සිහිනැති  වන්නට නිල අල්ලා පහර දිය හැකි අතර එවැනි ආබාධ සුවපත් කළ හැක්කේ අංගම් නිල තෙරපුම් මගින් පමණි.

අංගම්පොර පිටිය සැකසීම හා පුහුණූ උපකරණ

ඌරාවළ අංගම් පොර ශාස්ත‍්‍රය පුහුණූ කිරීමේ දී යොදා ගන්නා පුහුණූ ස්ථානයකි.මඩ වල දෙපස සාදා ඇති කුටි දෙකකින් පැමිණෙන සටන්කරුවන් මෙම මඩ වල තුළ සටන් කල යුතු අතර සතුරා මෙල්ල කර මඩ වළෙන් උඩට පැමිණෙන තැනැත්තා ජයග‍්‍රාහකයා ලෙස සැළකේ. මෙම සටන් ක‍්‍රමයේදී කය  පමණක් නොව මනසද  වෙහෙසිය යුතුය.අවධානය ද එක ලෙස පැවතිය යුතුය.

වර්ථමානයේ කොට්ට පොර ගැසීම සදහා සාදා ගන්නා උපකරණයට සමාන අට්ටාලයක්  උඩ සිටගෙන සටන් ප‍්‍රගුණ කළ යුතුය.මෙහිදී සමබරතාවය ආරක්ෂා කර ගත යුතුය.පොර පිටිය ද අංගම්පොර සටන් කලාවේ විශේෂ ස්ථානයක් ගන්නා අතර වර්ථමානයේ මල්ලව පොර ඇල්ලීම මෙම සටන් ක‍්‍රමයට සමානය.

ඉංග‍්‍රීසි හෝඩියේ කැපිටල් ටී අකුරට සමාන වූ තවත් එක් පුහුණු උපකරණයක් ඇත.මෙම උපකරණයේ එක් කෙළවරකට පයින් ගැසිය යුතු අතර මෙම උපකරණය  තරමක් උසකින් යුක්තය. මෙම උපකරණයේ එක් කොටසකට පයින් ගසනවාත් සමග අනෙක් කෙළවර මුහුණේ වැදීමට හැකිය.සමබරතාවය  පහර දීම යන සියල්ල කෙරෙහිද මෙහිදී අවධානයක් තිබිය යුතුය.

කරනම් පුහුණූ ස්ථානයක් හා දුණූ හරඹ පුහුණු ස්ථානයක් ද මෙම අංගම් පොර පුහුණු පිටියෙහි දක්නට ලැබෙන අතර ද්වන්ද සටන් පුහුණු ස්ථානය වැලි සහිත බ්මක නිර්මාණය කර ඇත.මෙහිදී සතුරාගේ මුහුණට වැලි ගසා මර්ධනය කිරීමේ  හැකියාවද පවතී.මෙම සටන් ක‍්‍රමයේ දී සුලු වැරදීමක් වුවහොත් මරණය පවා සිදු විය හැකිය.

අංගම් මඩුව  යනු අංගම් ශිල්පයට සම්බන්ධ යෝග ක‍්‍රම නිල ශාස්ත‍්‍ර භාවනා හා පහර දීමේ ක‍්‍රම ආදිය පුහුණු කරන ස්ථානයයි.අංගම් මඩුව කෙළවර ගුරුවරයා සිටින  කේන්ද්‍රස්ථානය පිහිටා ඇත.මෙම කේන්ද්‍රස්ථානය පුහුණු පිටියේ සෑම ස්ථානයක්ම හොදින් දිස් වන අයුරින් නිර්මාණය කර ඇත.

එමෙන්ම දේශීය වෛද්‍ය ක‍්‍රමයද මෙම සටන් කලාව හා සම්බන්ධ වේ.පුහුණු පිටිය දෙපස ඔසු උයන් නිරිමාණය කර ඇති අතර පුහුණුවේ දී සිදු වන අනතුරු වලදී ප‍්‍රතිකාර කිරීම සදහා උපයෝගී කරගනී.

රාජසිංහ රජු දේවත්වයෙහිලා සැළකීම සදහා රාවණා දෙවොල මෑතකදී අංගම් පොර පිටියට පැමිණි අංගයකි.ඒ පසුකාලීනව රාජසිංහ රජු බවට පත් වූ ටිකිරි කුමරු මුල්ලේරියා සටනේ පුරෝගාමීයා වූ නිසාවෙනි.මේ වන විට අංගම්පොර සටන් ක‍්‍රමය ලංකාවේ ප‍්‍රගුණ කෙරුණද එය සටන් ක‍්‍රමයක් ලෙස  භාවිතයට ගැනෙන්නේ නැත.

The ancient martial art form of Angampora, which is still prevalent in the country, is no longer used as an accepted form of combat. The traditional martial arts form has existed since the period of Ravana. However, the proficiency of the Sri Lankans in Angampora was revealed only during the famous battle in Mulleriyawa between the Sinhalese forces in Seetawaka and the Portuguese forces. Angampora is a combat form that uses one’s mental strengths apart from the physical strengths. However, any one who decides to practice the form of martial arts has to first pledge to the teacher that it would not be used for personal gains. Traditional medicinal systems also developed simultaneously to this martial arts form.

  • Share/Bookmark

අවතැන් ළමුන් තිස්හය දහසකට සරම්පා එන්නත

August 7, 2009 by Editor  
Filed under Featured, Stories

kids36,000 kids get measles vaccine – උතුරු පළාතේ ක‍්‍රියාත්මක යුද ගැටුම් නිසා අවතැන්ව සුභසාධන කදවුරුවල රැදී සිටින දහ දහස් ගණනක් වන ළමුන්ට සරම්ප එන්ත ලබාදීම වඩාත් ව්‍යාප්ත කිරීමට රජය හා සහන සංවිධාන අගෝස්තු මස මුල් සතියේදී කටයුතු කළේය.

යුද ගැටුම්වලට මැදිවී සිටි ළමුන් තිස්හයදහසකට මේ ආකාරයට සරම්ප එන්නත ලබාදුන්නේය.

‘‘(එන්නත් ලබාදීමේ වැඩසටහනට) හොද ප‍්‍රතිචාරයක් ලැබුනා. එන්නත් ලබාදීමේ වැඩසටහනට ළමුන් හා දෙමාපියන් පැමිණිම යහපත් තත්වයක පැවතියා.’’ යුනිසෙෆ් සංවිධානයේ ශ‍්‍රී ලංකාවේ වැඩබලන නේවාසික ප‍්‍රධානී ජෙසිරී ජොන්සමා පැවසුවේය.

අවතැන කදවුරුවල සිටින ළමුන්ට සරම්ප එන්නත් ලබාදීමේ වැඩසටහන අගෝස්තු තුන්වැනිදා ආරම්භ වූවේය. සෞඛ්‍ය අමාත්‍යාංශය යුනිසෙෆ් සංවිධානය ලෝක සෞඛ්‍ය සංවිධානය සර්වෝදය ඇතුළු තවත් සංවිධාන කීපයක දායකත්වයෙන් මෙම වැඩසටහන ක‍්‍රියාත්මක විය.

සරම්ප එන්නත් ලබාදීමේ වැඩසටහන සදහා මහජන සෞඛ්‍ය නිළධාරීන් සියදෙනෙක් හා ස්වේච්ඡා සේවකයින් එක්දහස් දෙසීයක් පමණ සහභාගී වූ බව යුනිසෙෆ් සංවිධානය කියන්නේය. වව්නියාවේ පිහිටි සුභසාධන මධ්‍යස්ථාන තිහක මෙම වැඩසටහන ක‍්‍රියාත්මක විය.

අවතැන් කදවුරුවල සිටින ළමුන් වෙනත් වසංගත රෝගවලට ගොදුරුවීම වැලැක්වීම සදහාද නොයෙකුත් වැඩසටහන් ක‍්‍රියාත්මක වෙමින් පවතී. වසංගත රෝග හා මන්දපෝෂණය පැතිර යාම වැලැක්වීමට පණු බෙහෙත් හා විටමින් ඒ ළමුන්ට ලබාදීමට ද කටයුතු කර තිබේ.

අවතැන් කදවුරුවල සෞඛ්‍ය තත්වය පිළිබදව වන ලෝක සෞඛ්‍ය සංවිධානයේ ජුලි 27 වැනිදා ඉදිරිපත් කළ   වාර්තාව  මගින් සරම්ප එන්නත පිළිබදව නව නිර්දේශ ඉදිරපත් කර තිබූ බව ලෝක සෞඛ්‍ය සංවිධානය පැවසුවේය.

‘‘වයස මාස හයත් අවුරුද්දත් අතර වන ළමුන්ට සරම්ප එන්නත ලබාදෙනවා. වයස අවුරුද්දත් අවුරුදු තුනත් අතර වන ළමුන්ටත් එම එන්නත ලබාදෙනවා. පිටගැස්ම හා ගලපටලය සදහා එන්නත් ලබානොගත් වයස අවුරුදු දහතුනත් විසි එකත් අතර වසයේ වන පිරිමි හා ගැහැණු ලමුන්ට ටී.ඞී. එන්නත ලබාදෙනවා.’’ ලෝක සෞඛ්‍ය සංවිධානය කියයි.

අවතැන් කදවුරුවල සහන සේවා කටයුතු කරන සහන සේවකයින්ට වසංගත රෝග බෝවීම වැලැක්වීම සදහාද වැඩසටහන් ක‍්‍රියාත්මක කර ඇතැයි ලෝක සෞඛ්‍ය සංවිධානය කියන්නේය.

‘‘අවතැන් කදවුරුවල සිටින ආහාර බෙදාහැරීමේ කටයුතු හා සෞඛ්‍ය වැඩසටහන් කරන සහන සේවකයින්ට තයිෆයිඩ් ප‍්‍රකිශක්තිකරණය ලබා දුන්නා.’’ ඔවුන් පවසන්නේය.

අවතැන් කදවුරුවල සිටින ළමුන්ගේ සෞඛ්‍ය තත්වය පිළිබදව දැඩි අවධානයක් යොමුකර ඇතැයි සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි.

‘‘ශ‍්‍රී ලංකා රජය අවතැන් කදවුරුවල සිටින ළමුන්ගේ සෞඛ්‍ය සදහා මූලික තැනක් ලබාදී තිබෙනවා. අවතැන්වූ පිරිස් ආරක්ෂා කිරීමට අපි බැදී සිටිනවා.’’ අවතැන් කදවුරුවල සිටින ළමුන්ට සරම්ප එන්නත ලබාදීමේ වැඩසටහන ආරම්භ කිරීමේ අවස්ථාවට සහභාගී වෙමින් සෞඛ්‍ය අමාත්‍යාංශ ලේකම් වෛද්‍ය අතුල කහදලියනගේ පැවසුවේය.

යුද ගැටුම් නිසා අවතැන්ව සිටින්නන් රදවා තිබෙන සුභසාධන මධ්‍යස්ථානවල අතිවිශාල පිරිසක් රැදී සිටින නමුත් මේ වන තෙක් වසංගත තත්වයක් වාර්තාවී නැතැයි එක්සත් ජාතීන්ගේ සහන සංවිධාන කියයි.

අවතැන් කදවුරුවල වසංග රෝග ව්‍යාප්තියක් දක්නට නොමැති නමුත් පැපොල අවතැන් කදවුරු ආශි‍්‍රතව ව්‍යාප්තව තිබුනේය. එක්සත් ජාතීන්ගේ සංවිධානයේ වාර්තාවන්ට අනුව ජුනි මාසය අවසන් වන විට අවතැන් කදවුරුවලින් පැපොල රෝගීන් දොළොස්දහසක් වාර්තාවී තිබුනේය.

කෙසේ නමුත් ඉක්මනින්ම පැපොල පැතිරීම වලක්වාගැනීමට හැකියාව ලැබුනේය.

‘‘අවතැන් කදවුරුවල වසංගත තත්වයන් පිළිබදව අවධානය යොමුකර තිබෙනවා. මේ නිසා පාචනය වැනි රෝග තත්වයන් අඩුවීම පෙන්නුම් කරනවා. නමුත් කම්බුල්ගාය වැනි රෝග තත්වයන් වාර්තාවී තිබෙනවා. නමුත් මෙම රෝග තත්වයන් අලූතින් වාර්තාවී නැහැ.’’ ලෝක සෞඛ්‍ය සංවිධානය විසින් ඉදිරිපත් කළ වාර්තාව පැවසුවේය.

අවතැන් කදවුරුවල සිටින පුද්ගලයින් මේ වන විට සෞඛ්‍ය පිළිබදව අවධානය යොමුකර තිබෙන බවද යුනිසෙෆ් සංවිධානය කීය.

මේ අතර අවතැන් කදවුරුවල මැලේරියාව ඩෙංගු උණ මෙන්ම පැපොල බෝවීම වැලැක්වීම සදහා සෞඛ්‍ය බලධාරීන් කටයුතු කර තිබේ. නමුත් අවතැන් කදවුරුවල පවතින අවම සනීපාරක්ෂක පහසුකම් නිසා ජලයෙන් බෝවන රෝග ව්‍යාප්තවීමේ අවධානමක් පවතින්නේයැයි ලෝක සෞඛ්‍ය සංවිධානය පැවසුවේය.

‘‘ඉදිරියේදී පැමිණෙන මෝසම් වැසි කාලයේදී වසංගත රෝග ව්‍යාප්තවීම වැලැක්වීම සදහා සෞඛ්‍ය අමාත්‍යාංශය කටයුතු කරනවා. මෙහිදී ජනතාවගේ සහභාගීත්වය වඩාත් වැදගත් වෙනවා. ජනතාවගේ සහයෝගය ඇතිව මෙම වැඩසටහන ක‍්‍රියාත්මක කළ යුතුයි.’’ ඔවුන් පැවසුවේය.

The government and aid organizations have taken steps to provide the measles vaccination to thousands of children in the northern IDP camps. The campaign was launched on August 3 by the Health Ministry, UNICEF, WHO, the Sarvodaya Movement and several other organizations. About a 100 public health inspectors and 1,200 volunteer personnel participated in the programme. Health Ministry Secretary Dr. Athula Kahandaliyanage said the government has given priority to providing health facilities to children in IDP camps. Although there have been no contagious diseases among IDPs in the camps, the UN said 12,00 persons were affected in June with chickenpox. The government has said it would take necessary steps to ensure the health

  • Share/Bookmark

ජනතා ප‍්‍රතිචාරයෙන් ඩෙංගු පසු බසී

July 31, 2009 by Editor  
Filed under Featured, Stories

590 px

Public fight finally defeats Dengue

පසුගිය කාලය පුරාවට වසංගතයක් ලෙස පැතිර ගිය ඩෙංගු රෝගය මේ වන විට ක‍්‍රමයෙන් අඩු වෙමින් පවතී. මේ සදහා විශේෂ හේතුව ලෙස ජාතික ඩෙංගු මර්ධන ඒකකයේ මහජන සෞඛ්‍ය පරික්ෂක රත්නසිරි අල්විස් පවසන්නේ මහ ජනතාව  මෙම රෝගය නිසාවෙන්  තමන්ගේ අවට පරිසරය පිළිබද උනන්දුවක් දැක්වූ බවයි. ඒ හේතුව නිසාවෙන් මදුරු ගණත්වය අඩුකර ගැනීමට හැකියාව ලැබුණු බවයි.

“මේ දවස් වල  වැසි කාලගුණය තියෙනවා.දිගින් දිගටම පවතින වැසි නිසා එතරම් බලපෑමක් වෙන්නෙ නැහැ . නමුත් ඉදිරියේදී කඩින් කඩ  ලැබෙන වැසි ගැන දැඩි අවදානයෙන් ඉන්න  ඕන මොකද කඩින් කඩ ලැබෙන වැසි නිසා මදුරු ගණත්වය වැඩිවීමේ  අවධානම වැඩියි.”අල්විස් පැවසීය.

ඩෙංගු රෝගය අවම කිරීම සදහා ඇති එකම මාර්ගය වන්නේ මදුරු ගණත්වය අඩු කර ගැනීමය.ජනතාවගෙන් මේ සදහා ලැබුණ උපකාරය බොහො සෙයින් වැදගත් වූ බවයි අල්ව්ස් පවසන්නේ.නොයෙකුත් උපක‍්‍රම මගින් ජනතාව දැණවත් කිරීමත් ජනතාව මෙම රෝගය නිසාවෙන් විශාල තැතිගැන්මකින් සිටි නිසාවෙන් මෙම කටයුත්ත සිදු කිරීමට හැකියාව ලැබුණ බවයි අල්විස් පවසන්නේ.

මෙම රෝගය නිසාවෙන් දෙසිය විසිතුනක් වන වටිනා ජීවිත ප‍්‍රමාණයක් අහිමි විය.මේ රෝගය පහව යමින් සිටින නිසාවෙන් මේ පිළිබද තිබෙන්නවූ අවධානය අඩු නොකරන ලෙස ඩෙංගු මර්ධන ඒකකය ඉල්ලා සිටී.මන්ද යත් මෙය නැවත හිස එස වීමට හැකි බැවිනි.මේ වන විට පවත්නා උනන්දුව උත්සාහය දිගින් දිගටම පවත්වාගත හොත් ඩෙංගු රෝගය සහ මුලින් නැති කර දැමිය හැකි බවයි  අල්විස් පවසන්නේ.

ඉවත දමන අප ද්‍රව්‍ය නිවසේ දීම කළමණාකරණය කිරීමෙන් මුළු මහත් සමාජයටම කසළ උවදුරෙන් මෙන්ම මේ හේතුව නිසා වසංගත රෝග සදහා ලැබෙන්නාවූ රුකුළද අවම වී යනු ඇත.නිසි පරිදි කසළ කළමණා කරණයක් සිදුවෙනවා නමි සියයට අසූවක් ප‍්‍රතිචක්ක‍්‍රීයකරණය කොට නැවත ප‍්‍රයොජනයට ගත හැකි බව ඩෙංගු මර්ධන ඒකකය පැවසීය.

නිවෙස් අවට පරිසරය පිරිසිදුව තබා ගැනීම මෙන්ම ඉවත දමන යෝගට් කෝප්ප පොල්කටු විනාශ කර ඉවත දමන ලෙසද ඩෙංගු මර්ධන ඒකකය පැවසීය.

“මේ තත්වය පහව යනවා කියලා මේ ගැන තියන උනන්දුව අවධානය අඩු කළ යුතු නැහැ. තමන්ගෙ වැහි පීල්ල පිරිසිදු කරන එක  තැඹිලි කෝම්බ ඉවත් කරන එක අමතක වෙනවා කියන්නෙ ආයෙත් මේ තත්වය උද්ගත වෙනවා කියන එක.” අල්විස් පැවසීය.

ජුලි විසි වනදායින් ආරම්බ වන සතිය පුරාවට රෝගීන් 737 දෙනකුු වර්තා වී ඇති අතර එම මාසයේම දහතුන් වනදායින් ආරම්භවූ සතිය තුළ රෝගීන් එක්දහස් දෙසිය දහසය දෙනකු වාර්තා විය.මෙය විශාල ලෙස අඩුවීමක් ලෙස නොසළකා ඉදිරියේදී කටයුතු කරන ලෙස ඩෙංගු මර්ධන ඒකකය ඉල්ලා සිටී.

ඩෙංගු රෝගය පාලනය සදහා විවිධ වූ රාජ්‍ය හා පෞද්ගලික අංශයන්හි මැදිහත් වීමත් සෞඛ්‍ය පරීක්ෂකවරු මෙන්ම මාධ්‍ය ආයතනද මේ වන තුරු ද ඩෙංගු පිළිබද දැනුවත් කිරිම සම්බන්ධයෙන්  ස්තූතිය පුද කරන බව අල්විස් පැවසීය.

බී.ටී.අයි බැක්ටීරීයා සම්බන්ධයෙන් තවම වාර්තා ඉදිරිපත් කිරීමක් සිදුකර නොමැත.ඒ සම්බන්ධයෙන් කියුබානු විශේෂඥයින් පරීක්ෂණ සිදු කරමින් සිට්න බවත් මේ වන විට වැඩිම ඩෙංගු රෝගීන් සංඛ්‍යාව වාර්තා වී ඇත්තේ නුවර දිස්ත‍්‍රික්කයෙන් බව අල්විස් පැවසීය.

The dengue epidemic that spread in the country has been contained due to public participation, Public Health Inspector, National Dengue Eradication Center, Ratnasiri Alwis said. He said the only way to minimize the dengue outbreak is to reduce the density of mosquitoes and the many awareness programmes on dengue has shown results as the public had actively participated in clearing their surrounding of mosquito breeding places. Meanwhile, the Cuban specialists in the country are still conducting studies with regard to the BTI bacteria, which are expected to prevent the breeding of mosquitoes. 1,016 dengue patients were recorded during the week that commenced from July 13 and 737 during the July 29th week. However, authorities say it cannot be considered a drastic decline in reported dengue cases.

  • Share/Bookmark

මදුරු දගර නිෂ්පාදනයට කෘමිනාශක භාවිත වන බව දන්නවාද

July 23, 2009 by Editor  
Filed under Featured, Stories

CoilsMore about what is in coils

සාමාන්‍ය ජනතාව නොදන්නාකම නිසාවෙන් හෝ කිසිවකුගේ දැනුවත් කිරීමක් නොමැති නිසාවෙන්  මදුරු උවදුරෙන් මිදීම සදහා මදුරු දගර භාවිතයට පුරුදු වී සිටී. මෙම මදුරු දගර නිෂ්පාදනයේ දී යොදා ගැනෙන්නේ ලී කුඩු හෝ දහයියා සමග කෘමිනාශක මිශ‍්‍ර කර සදා ගන්නා මිශ‍්‍රණයක් බව මැලේරියා මර්දන ඒකකයේ අධ්‍යක්ෂ වෛද්‍ය රවී අබේසිංහ පැවසීය.නොදැනුවත්කම නිසාවෙන් සහ ක්ෂණික ප‍්‍රතිකර්මයක් සොයා ගැනීමට නොහැකිකම නිසාවෙන් භාවිත කරන මෙවැනි රසායනික ද්‍රව්‍ය සදහා වගකිව යුත්තන් කවුරුන්ද යන වග කිසිවකුදු දන්නේ නැත. ප‍්‍රමිති ආයතනයේ සහය අධ්‍යක්ෂිකා තේජා සේනාරත්න පවසන්නේ පළිබෝදනාශක කාර්යංශය මගින් ලබා දෙන සහතිකයට අනුව එස්.එල්.එස් 453 ප‍්‍රමිති සහතිකය මදුරු දගර සදහා නිකුත්කර ඇති බවයි. නමුත් එහි අන්තර්ගතය සම්බන්ධව සොයා බැලීමට ඔවුනට අයිතියක් නොමැති බවයි ඔවුන් පවසන්නේ.

සාමාන්‍ය ජනතාවට යම් දෙයක් ලබා දෙන්නේ නම් ඒ සදහා පාරිභෝගික අධිකාරිය ද වගකිව යුතු බවයි වෛද්‍ය අබේසිංහ පවසන්නේ.පාරිභෝගික අධිකාරියේ  විමර්ෂණ නිළධාරී හර්ෂ කුමාර පවසන්නේ පාරිභෝගික අධිකාරිය සදහා ද භාණ්ඩයන් හි අන්තර්ගතය පිලිබද සොයා බැලීම සදහා වගකීමක් නොමැති බවත් කිසියම් ගැටලුවක් පැන නැගුණ අවස්ථාවකදී නීතිමය පියවරයන් සදහා පමණක් ඔවුන් ඉදිරිපත් වන බවයි.මීට අවුරුදු දෙකකට ඉහත දී අත්‍යාවශ්‍ය භාණ්ඩ ලැයිස්තුවට මදුරු දගරය ඇතුළත් වූ අතර එය මේ වන විට ලැයිස්තුවෙන් ඉවත් වී ඇත්තේ මදුරු දගරයට වඩා අත්‍යාවශ්‍ය භාණ්ඩ ප‍්‍රමාණය ඉහළ ගොස් ඇති නිසා බවයි කුමාර පවසන්නේ.

කෙසේ වෙතත් සාමාන්‍ය ජනතාව පවසන්නේ මදුරු උවදුරෙන් බේරීම සදහා කළ යුත්තක් නොමැති තැන මදුරු දගර දැල්වීමට පුරුදුව සිටින බවයි.
මදුරු කොයිල් එකක් නැතිව අපි කොහොමද නිදාගන්නෙ.නෙට් එක දාගන්නෙ ඇදට විතරයි.හවස හයෙන් පස්සෙ එන මදුරුවන්ගෙන් මිදෙන්න ඇදටම වෙලා හිටියත් උදේ ඉන්න ඩෙංගු මදුරුවන්ට මොනවද කරන්නෙ.පාඩම් කරන වෙලාවට අපි මදුරු දගර පත්තු නොකර මොනවද කරන්නෙ.කුරුණෑගල බෞද්ධාලෝක පිරිවෙනෙහි කථිකාචාර්ය ඥාණරතන හිමි පැවසීය.

අපි දන්නවා සිගරට්වල දුමටත් වඩා මේ දුම විසයි කියලා.ඒත් මේකට විකල්පයක් කාගෙන්වත් නැහැ.වෛද්‍යවරු කියන විදියට මදුරු දැලේම ඉන්න අපට බැහැ. අපි නම් පැවිදි පිරිස නිසා හිටියත් ගිහි පිරිසට එහෙම කරන්න බැහැ. ඇත්තටම අපිට අමාරුයි මේ දගර වලින් පිට වෙන දුම් නිසා හුස්ම ගන්න බැහැ. නින්ද යනවා මත්වෙලා වගේ.මේවගේ අන්තර්ගත ද්‍රව්‍යවත් අපි දන්නෙ නැහැ. සමහර විට ඒ සැරටම නින්ද යනවා වෙන්න පුලුවන්.මදුරුවෝ කෑවත් තේරුමක් නැහැනෙ හොදට නින්ද ගියාම. ඥාණරතන හිමි පැවසීය.

සාමාන්‍ය ජනතාවගේ දැන ගැනීම සදහා හෝ මේවායේ අඩංගුද්‍රව්‍ය මොනවාදැයි සදහන් කළහොත්  මදුරු දගර භාවිතය අල්පවේ යන බිය නිසාවෙන් කර්මාන්ත හිමියන් මේ සදහා උනන්දුවක් නොදන්වන බවයි බොරැල්ලේ මේකලා දර්ශණී පවසන්නේ.

වැඩ කරන වෙලාවට මදුරු දගරයක් පත්තුකරලා තියලා වැඩකරනවා.දරුවො නැගිටලා ඉන්න වෙලාවට ඉතින් එක තැනක ඉන්නෙ නැහැනෙ.අපි වත්ත පිරිසිදුවට තියා ගත්තත් වැඩක් නැහැ අනිත් අය එහෙම නොකර.මදුරු දගරවලට විකල්ප නැතිව මේවා විෂයි කියන එක වැරදියි.නිකවැරටිය පදිංචි නෙරංජලා සංජීවනී පැවසීය.

සෞඛ්‍ය අමාත්‍යාංශයෙන් මදුරුදැලම දාන්න කීවට කොහොමද කරන්නෙ කියලා හිතන්න  ඕන.මොකද ඩෙංගු මදුරුවා ඉන්නෙ දවල්ට.ආලේපන වර්ගයක්වත් හදුන්වා දෙන්නෙ නැතිව දවල් කාලයේ කොහොමද අපි ආරක්ෂා වෙන්නෙ.සිද්ධාලේප ගෑවට හරියන්නෙ නැහැ.අනික කුඩා දරුවන්ට ඒවා ඔරොත්තු දෙන්නෙ නැහැ.සංජීවනී පැවසීය.

ජාතික විෂ සහ ඖෂධ තොරතුරු මධ්‍යස්ථානය  පර්යේෂණ නිළධාරිනී වෛද්‍ය අචලා විතානගේ පවසන්නේ පයිත්ත්‍රොයිඞ් ^pyrethroid& නම් කෘමිනාශකය මෙම මදුරු දගර සදහා භාවිතා කරන බවයි.

කුඩා ළමුන් හෝ වැඩිහිටියන්හට විෂ වීමක් සිදුව වුව හොත් පමණක් ජාතික රොහලෙහි පිහිටි ජාතික විෂ සහ ඖෂධ තොරතුරු මධ්‍යස්ථානය ක‍්‍රියාත්මක වන බවයි විතානගේ පවසන්නේ.සෑම දෙයකම හොද සහ නරක දෙපැත්තක් පවතින බවත් මේ පිළිබදව පර්යේෂණ සිදු කිරීම සදහා අවශ්‍ය පහසුකම් ඔවුන් සතුව නොමැති බවත් විතානගේ පැවසීය.
කිසියම් රසායනික ද්‍රව්‍යක් යොදා යම් නිෂ්පාදනයක් කරන්නේ නම් ඒ සදහා අනුමැතිය ලබා දෙන්නේ පේරාදෙණිය පළිබෝධනාශක අංශය මගිනි.
මේ පිළිබද කළ විමසිමකදී පේරාදෙණිය පළිබෝධනාශක අංශය  පැවසූවේ වෛද්‍ය පර්යේෂණ ආයතනය මගින් මේ පිළිබද පර්යේෂණ සිදු කර ඇති බවත් සෞඛ්‍ය අමාත්‍යාංශය මේ පිළිබද දන්නවාද නැද්ද යන වග නොදන්නා බවත් තොරතුරු අවශ්‍ය වේ නම් ලිපියකින් දැනගත යුතු බවත්ය.

Anti Malaria Unit Director, Dr. Ravi Abeysinghe says that sawdust and pesticides are used to manufacture mosquito coils. Research Officer, National Poison Centre, Dr. Achala Vithanage says that the pesticide, Pythcrocide is used to manufacture coils. However, no authority claims responsibility for the contents used to manufacture coils. Assistant Director, Standards Institute, Theja Senaratne observed that although mosquito coils are give the SLS 453 certification there is no guarantee about its contents. Even the Consumer Affairs Authority claims it has no jurisdiction to look into the contents of the coils. Besides, coils have been removed from the essential items monitored by the Authority.

  • Share/Bookmark

වෛද්‍යවරුන් මදුරුදගර අනුමත නොකරයි

July 20, 2009 by Editor  
Filed under Featured, Stories

590 px

Coils harmful – Doctors

මදුරු වසංගතයෙන් ගැලවීම සදහා සාමාන්‍ය ජනතාව උපක‍්‍රමයක් ලෙස මදුරු දගර භාවිත කළද මෙම මුදුරු දගරයෙන් පිට වන දුම කුඩා දරුවන්ට මෙන්ම වැඩිහිටියන් හටද හානිකර බව වෛද්‍ය වරුන් පෙන්වා ෙදයි.

’’අපි මදුරු දගරය පාවිච්චි කරන්න කියලා කිසිම දවසක කියලා නැහැ.අපි අනුමත කරන්නෙ මදුරු දැල විතරයි.’’සෞඛ්‍ය අධ්‍යාපන කාර්්‍යාංශයේ වෛද්‍ය එස් නජිබුදීන් පැවසීය.

මදුරු උවදුරෙන් මිදීම සදහා මදුරු දගරය භාවිත කිරීම මෝඩ කමක් ලෙසයි වෛද්‍යවරුන් සලකන්නේ.කෙසේ වෙතත් මෙම මදුරු නාශක දගර හිතකරද අහිතකරද යන්න පිළිබදව කිසිදු වෛද්‍ය වරයකු හෝ පර්යේෂණ කණ්ඩායමක් කිසිදු පර්යේෂණයක් සිදු කර නොමැති බවයිමැලේරියා මර්දන ඒකකයේ අධ්‍යක්ෂ වෛද්‍ය රවී අබේසිංහ පවසන්නේ.

’’මේ මදුරු දගර දහයියා කුඩු ලී කුඩු එකතු කරලා කෘමි නාශක සියයට ප‍්‍රමාණයක් දාලා තමයි හදන්නේ.සියයට එකයි දශම ගාණක් කෘමි නාශක තියෙන්නෙ.මේක මිනිස්සුන්ට තේරුම් කරලා වැඩක් නැහැ.පෞද්ගලික ආරක්ෂණ ක‍්‍රම යටතේ තමයි මිනිස්සු මේ කොයිල් පාව්ච්චි කරන්නෙ.එපා කියලා කියන්න තරම් අපට ශක්තියක් නැහැ.ටී.වී වල දාන්නෙ මදුරුව මැරිලා වැටෙනවා. ඉතින් මිනිස්සුන්ට තේරෙන්නෙ නැද්ද සතෙක් මැරෙනවා නම් මොනවා හරි බලපෑමක් තියනවා කියලා.’’ වෛද්‍ය අබේසිංහ පැවසීය.

නියෝජ්‍ය අධ්‍යක්ෂ මහජන සෞඛ්‍ය සේවා වෛද්‍ය පාලිත මහීපාල පවසන්නේ ද මදුරු දගර භාවිතය අනුමත නොකරන බවයි.

’’කෘතීම දේවල් අපි අනුමත කරන්නෙ නැහැ.මොකද ඒවගෙ ප‍්‍රතිඵල ගොඩක් අඩුයි.මොකද දවල් වරුවෙ මදුරු දගරය පත්තු කරන්නෙ නැහැ.රාත‍්‍රී කාලයට තමයි පත්තු කරන්නෙ. දවල් කාලයට පත්තු කලත් අරගෙන ඇවිදින්න බැහැනෙ.’’ වෛද්‍ය මහීපාල පැවසීය.

නමුත් මෙම මදුරු දගරය දැල්වීමෙන් මදුරුවන් පලවා හැරීමක් මිස විනාශ කිරීමක් සිදු නොවන බවයි වෛද්‍ය වරුන්ගේ මතය වන්නේ. ’’දියවැඩියාවට සීනි කන්න එපා කීවට වෙළදපළේ සීනී නැතිව යන්නෙ නැහැනෙ.මිනිස්සු ගන්න නිසයි විකුණන්නෙ.’’ අබේසිංහ පැවසීය.

’’නමුත් කිසියම්ම තැනකදි වෛද්‍යවරුන් මදුරු දගර අනුමත කරන්නෙ නැහැ.ස්වසන අමාරු පෙනහලු අමාරු නාසය තද වීම් මේ නිසාවෙන් සිද්ධ වෙනවා.කුඩා දරුවන්ට තමයි මේකෙ බලපෑම වැඩි. මදුරු දගර වලට අමතරව දැන් තියනවා විදුලියෙන් භාවිත කරන කොයිල් වර්ග.මේවගෙන් වෙන්නෙ දුම් පිට නොවුණත් මෙහි අන්තර්ගත වෙලා තියන කෘමිනාශක පිට වීමයි.මෙයින් සිද්ධ වෙන්නෙ වාතය අපිරිසිදු වෙන එක.දරුවෝ හුස්ම ගන්නෙ මේ අපිරිසිදු වාතය.මෙතනින් එහා තව පෙන්නලා දෙන්න දෙයක් නැහැනෙ.’’අබේසිංහ පැවසීය.

මිනිසුන් සියලු දෙය දැන සිටියද ඒවා කි‍්‍රයාත්මක නොකරන නිසාවෙන් සියලු ගැටලු වලට මුහුණ දීමට සිදු වී ඇති බවයි වෛද්‍ය අබේසිංහ පවසන්නේ. පිට රටින් ගෙන්වන හෝ මෙරට නිෂ්පාදනය කරනා කිසිදු භාණ්ඩයක් සදහා තත්වය අනුමත කීරීම සදහා කිසිදු පෞද්ගලික හෝ රාජ්‍ය ආයතනයක් නොමැති වීම කණගාටුවට කරුණක් බවයි වෛද්‍ය අෙබිසිංහ පවසන්නේ.

මදුරු දගර භිවිත කරන්නේ නම් නිවෙස් වල දොර ජනෙල් විවෘත කළ යුතුය.එයින් සිදුවන්නේ කුමක් ද යන්න කිව යුතු නොවේ. මදුරුවන්ගෙන් මිදීම සදහා ගන්නා උත්සාහය මදුරුවන් බෝවන ස්ථාන වළක්වා ගැනීම සදහා යොදන්නේ නම් එය වඩාත් හිතකර වන්නේය. මදුරු දගරයේ වර්ණය මොනවා වුවද එය හිතකර දෙයක් නොවන බවයි වෛද්‍යවරුන් පෙන්වා දෙන්නේ.

Doctors warn that using mosquito coils to combat the mosquito menace is harmful for the health of children as well as adults. Dr. S. Najimudeen from the Health Education Bureau says the authorities have only recommended mosquito nets and not the coil. Meanwhile, Director, Anti Malaria Unit, Dr. Ravi Abeysinghe observes that no proper tests have been conducted to determine if coils were a health hazard. However, he notes that although the authorities do not have the power to ask people not to use coils, they should understand the impact of something that could kill an animal could have on humans. Deputy Health Services Director, Dr. Plaitha Maheepala says that authorities do not approve artificial products, as they have minimal results.

  • Share/Bookmark

අවුරුදු 35 ට වැඩි කාන්තාවන්ට උපදින දරුවන්ට හෘදරෝග

July 14, 2009 by Editor  
Filed under Featured, Stories

Picture4Heart diseases among infants

උපදින දරුවන්හට හෘදරෝග ඇතිවීමේ ඉඩකඩ වළක්වා ගැනීම සදහා කාන්තාවන් වයස අවුරුදු 35 ට ප‍්‍රථම දරුවන් බිහි කිරීම වැදගත් වන බව කොළඹ රිජ්වේ ආර්යා රෝහලේ ළමා හෘදරෝග ඒකකයේ ජ්‍යෙෂ්ඨ වෛද්‍ය  ලේඛකාධිකාරී රුවන් නන්දන මොරවක්කෝරල  පවසයි.

‘‘කාන්තාවක් ගර්භනී අවස්ථාවක කුසෙහි සිටින දරුවාට හෘද රෝගයක් වැළදී ඇති බව සොයා ගැනීමට ඉඩකඩ බොහෝ අඩුයි. විශේෂයෙන් අවුරුදු 35 ට වැඩි ගර්භනී කාන්තාවන්ට උපදින දරුවන්ට ඩවුන්ස් සිම්රොම් රෝගය වැළදිය හැකි අතර එවැනි රෝගී තත්වයන් යටතේ උපදින දරුවෙකුට හෘදරෝග වැළ`දීමේ ප‍්‍රවණතාව වැඩියි.’’හෙතෙම පවසයි.

වර්ණදේහ ආශි‍්‍රතව ඇතිවන ළමා හෘදරෝග

ළමයකුගේ ශරීරයේ ඇති වර්ණදේහ මුල්කරගෙනද හෘද රෝග ඇතිවිය හැකිය.

‘‘දරුවකුගේ හෘදය වස්තුව මොළය හා තයිරොයිඩි ග‍්‍රන්ථි ඇතුළු ඉන්ද්‍රියන් කිහිපයකට බලපාන රෝග ත්‍දකක් තිබෙනවා. ඒ තමයි ටර්නර්ස් සිම්රොම් ^ Turner’s Symdrom & සහ ඩවුන්ස් සිම්රොම්^Turner’s Symdrom& යන රෝග දෙක.  ඉන්ටර්නර්ස් සිම්රොම් රෝගී තත්වය  විශේෂයෙන් ගැහැණු දරුවන්ට බලපානවා. එවනි දරුවන් ඉතා කුඩා මෙන්ම මිටි ස්වභාවයක් ගන්නා අතර ඔවුනට හෘදය හා තයිරොයිඞ් ග‍්‍රන්ථ ආශි‍්‍රත ආබාධ ඇතිවෙනවා.’’ වෛද්‍ය මොරවක්කෝරල කියයි.

එමෙන්ම ඇතැම් විටෙක මානසික රෝග සහිත කාන්තාවන් ලබා ගන්නා ලිතියම් නම් ඖෂධය,ගර්භනී කාලයේදී ලබා ගැනීමෙන් කුසෙහි සිටින දරුවාට හෘදරෝග ඇතිවිය හැකි බව වෛද්‍යවරයා පවසයි. එවන්  ඖෂධ ලබාගන්නා කාන්තාවක් ගර්භනී වීමට ප‍්‍රථම වෛද්‍යවරයෙකු හමු වී ඖෂධ වෙනස් කර ගැනීමට සැලකිලිමත්විය යුතු බවත් එසේ නොවන්නේ නම් උපදින දරුවාට හෘදරෝග වැළදීම පාලනය කර ගැනීම අපහසු බව ඔහු පවසයි.

ළමයින් අතර නොයෙකුත් අසාමාන්‍ය ලක්ෂණ සහිතව ^abnormal& උපත ලබන දරුවන්ට හෘදරෝග  ඇතිවීමේ ප‍්‍රවණතාව වැඩි බවත්, එයට හේතුව එම දරුවන්ගේ උපතින්ම වර්ණදේහ වැඩිවීම නිසා ඇති වන අසාමාන්‍ය ස්වභාවය බව වෛද්‍ය මොරවක්කෝරල පවසයි. එවන් අසාමාන්‍ය දරුවන් 40% පමණ හෘදය ආශි‍්‍රත සංකූලතා දැකිය හැකි බවත් සාමාන්‍ය දරුවන් අතුරින් නම් එය 1% පමණ වන බව ඔහු පැවසීය.

එමෙන්ම කලාතුරකින් ගර්භනී මවකට වැළදෙන  ystemic Lupus Evithematos නම් රෝගී තත්වයේදී කුසෙහි සිටින දරුවාගේ හෘදය කි‍්‍රයා කිරීමේ (නාඩි වැටීමේ) ශීඝ‍්‍රතාවයේ වෙනසක් ඇතිවිය හැකි බව පවසන වෛද්‍යවරයා, එවැනි තත්වයන් දරුවන් මව්කුසේ සිටිය දීම Featal Eco පරීක්ෂණයක් කිරීමෙන් සොයා ගැනීමට හැකි බව පවසයි. එහිදි දරුවාට මව්කුසක සිටිදීම හෘදරෝග ලක්ෂණ පහළව ඇත්නම් අවශ්‍ය ප‍්‍රතිකාර මවගේ කුස තුළදී ම සිදු කිරීමට තරම් වත්මන් ලොව වෛද්‍ය විද්‍යාව දියුණුව  ඇතැයි ඒ මහතා පැවසී ය.

වෛද්‍ය විද්‍යාවට අනුව ළමා හෘද රෝග වර්ග දෙකකි. උපතින්ම ගෙන එන හෘද රෝග එනම් සංජානනීය හෘද රෝග (සංජානණීය හෘදරෝග  Conjenital Heart Disease පළමු වර්ගයයි. උපතින් පසුව ඇතිවන හෘද රෝග ^Aquired Heart Disease& දෙවැනි වර්ගයයි.

දරුවෙකුට උපතින්ම වැළදෙන  සංජානනීය හෘදරෝග,  වශයෙන් කොටස් දෙකකට බෙදා දැක්විය හැකි අතරම, Syanotic Heart Disease රෝගී තත්වයේදී දරුවා උපතින්ම නිල් පැහැ වන බව වෛද්‍ය මොරවක්කෝරල පවසයි. එහිදී දරුවාගේ තොල් හා ඇගිලි තුඩු ද නිල්පැහැ වේ. එවන් අවස්ථාවකදී හෘදය වස්තුව ආශ‍්‍රිතව රුධිරය නිසි පරිදි ගමන් කිරීමට, දරුවා ඉපදී දින 14 ක් ඇතුළත සැත්කමක් කීරීමෙන් දරුවාගේ ජීවිතය බේරා ගැනීමට හැකියාවක් ඇති බව හෙතෙම පවසයි.

සාමාන්‍යයෙන් දරුවෙකු උපන් අලූත ශරීරයට හොදින් ඔක්සිජන් ලැබීම නිසා රෝස පැහැ ගනියි.නමුත් දරුවෙකුගේ ශරීරය නිල් පැහැවීමට ප‍්‍රමුඛතම හේතුව ලෙස දරුවාට උපතින්ම වැළදුන හෘදරෝගයක් විය හැකි බව ඔහු පවසයි.එමෙන්ම හෘදයේ සිට පෙනහථ දක්වා රුධිරය ගෙන යන නාල නිසි පරිදි වර්ධනය නොවීම හා ඒවා වඩා සිහින් විම ආදී සංකූලතා හේතුවෙන් ද උපදින විට දරුවා නිල් පැහැ විය හැකි බව ඔහු පවසයි.

ළමා හෘද රෝග ලක්ෂණ

වෛද්‍යවරයා පවසන පරිදි, දරුවාට ස්වසන අපහසුතා ඇති වීම, වේගයෙන් ස්වසනය කිරීම, ස්වසනය කිරීමේදී පපුව වල ගැසීම, නිතර නියුමෝනියා තත්වයන් (පෙනහථ වල සෙම ඇති වීම) පැවතීම, කිරි උරා බීම අඩුවීම හා එය නතර කිරීම, කිරි බීමේදී දරුවාගේ හිසට දහඩිය දැමීම,ශරීර බර අඩුවීම හා වර්ධනය අඩු විම,මෙන්ම හෘදයේ ශබ්දය වැඩිවීම ළමා හෘදරෝග වල මූලික ලක්ෂණ යි.

දරුවෙකු උපත ලැබීමෙන් පසුව වර්ධනය වීමත් සමග ඇති වන හෘද රෝග ^Aquired Heart Disease& අතර කවසාකි^Kawasaki’s Disease& රෝගය පෙන්වා දිය හැකිය.දරුවාට උණ සමග ශරීරයෙ පලූ දැමීම,වසා ග‍්‍රන්ථ ඉදීමීම,හා ඇස් රතු වීම එහි ලක්ෂණ බව වෛද්‍ය මොරවක්කෝරල  පවසයි. වෛද්‍යවරයා පවසන පරිදි මෙම රෝගී තත්වය  හෘදයේ රුධිරය ගෙන යන නාල ^Coranary Artery& විශාල වීමෙන් හට ගන්නා අතර ඉක්මන් ප‍්‍රතිකාර ගැනීමෙන් වළකා ගත හැකි, කලාතුරකින් දරුවන්ට වැළදෙන හෘද රෝග තත්වයකි.

කුඩා දරුවෙකු භාෂාමය හැකියාව නොමැති වුවත් දරුවාගේ බාහිර ශරීර ලක්ෂණ හා චලනය ආශි‍්‍රත කි‍්‍රයාකාරකම් වල අසාමාන්‍ය තත්වයන් පිළිබද සැලකිලිමත් වීම හෘදරෝග සහිත දරුවන් හදුනා ගැනීම වැදගත් වේ.එමෙන්ම තම දරුවාට හෘදරෝගයක් වැළදී ඇත්නම් නිසියාකාරව වෛද්‍ය සායන වලට සහභාගී වී අවශ්‍ය ප‍්‍රතිකාර ලබා දීමෙන්, රෝගී දරුවාගේ ජීවිත බේරා ගැනීමට මහත් පිටිවහලක් වනබව වෛද්‍ය මොරවක්කෝරල වැඩිදුරටත් පැවසී ය.

Senior doctor, Cardiology Unit, Lady Ridgeway Hospital in Colombo, Dr. Ruwan Nandana Morawakkorala says that women giving birth before the age of 35 could minimize the risk of infants being affected by heart diseases. He says that infants born to women above the age of 35 could be affected by Down’s syndrome, which could increase the chances of heart disease. Children born with abnormalities also hold a high risk in being affected by heart diseases. Dr. Morawakkorala observed that women under medication for psychological ailments should consult a doctor before conception. Child heart diseases are categorised as Congenital (from birth) and Acquired (after birth) heart diseases. A child affected by heart disease could be identified by physical features even before they begin speaking. However, Dr. Morawakkorala says that with early detection and proper medication, the life of a child with a heart disease could be saved.

^ Turner’s Symdrom &

  • Share/Bookmark

පෙරඹර ඩෙංගු මර්දනය පිළිබදව දැනුවත් කිරීමේ ව්‍යාපාරයක

June 8, 2009 by Editor  
Filed under Featured, Stories

Perambara launches Dengue prevention campaign

මේ වන විට දිවයින පුරා වසංගතයක් ලෙසින් පැතිරයන ඩෙංගු රෝගය ව්‍යාප්තවීම වලක්වාගත හැකි ආකාරය පිළිබදව ජනතාව දැනුවත් කිරීමේ වැඩසටහනක් පෙරඹර විසින් ආරම්භ කර තිබේ.

මේ යටතේ ඩෙංගු මර්දනය පිළිබදව තොරතුරු ඇතුළත් අත් පත‍්‍රිකාවක් බෙදාහැරීමට පෙරඹර කටයුතු යොදා ඇති අතර මාතර නගරයේදී මෙම අත් පත‍්‍රිකාව ජනතාවට බෙදා දුන්නේය. ඩෙංගු පිළිබදව ජනතාව දැනුවත් කිරීම සදහා බෙදාදුන් මෙම අත්පත‍්‍රිකාව ජනතාව ලබාගත් අයුරු මෙම ඡායාරූපවලින් දැක්වේ.

මෙම අත් පත‍්‍රිකාව මහජන සෞඛ්‍ය පරීක්ෂක නිලධාරීන් හරහා කොළඹ හා තදාසන්න ප‍්‍රදේශවල බෙදාහැරීමටද පියවර යොදා ඇත.

dengue14

dengue111

dengue12

dengue1

dengue13

Permabara has launched an awareness campaign on the prevention of dengue that has now become an epidemic in the country.

Under the campaign, Perambara printed handbills outlining important information about dengue. These handbills have already been distributed among people in Matara.

Steps have also been taken to distribute these handbills in Colombo and adjoining areas with the help of public health officers.

  • Share/Bookmark

« Previous PageNext Page »