කොළඹින් මතුවන භික්ෂු විරෝධතා

December 29, 2009 by Editor  
Filed under Featured, Stories

Bikkhu protests in Colombo

නොයෙකුත් හේතු ඉදිරිපත් කරමින් විරෝධතා දැක්වීමට භික්ෂුන් වහනේසේලා කොළඹට පැමිණීම කාලයකින් දකින්නට නොලැබුණ නමුත් නැවත වරක් කොළඹ නගරයේ භික්ෂූන් වහන්සේලාගේ විරෝධතාවයන් ආරම්භවී තිබේ. ජනාධිපතිවරණය සදහා අපේක්ෂකයින් නාම යෝජනා භාරදීමෙන් පසුව කොළඹ නගරයේ භික්ෂුන්ගේ උද්ඝෝෂණ හා ෂත‍්‍රග‍්‍රහ වේගයෙන් ව්‍යාප්තවූයේය.

මේ වන විට කොළඹ නගරයේ පැවැත්වෙන භික්ෂූන්වහන්සේලාගේ සත්‍යග‍්‍රහ සියල්ලම සංවිධානය වී තිබෙන්නේ මැතිවරණය ඉලක්ක කරගනිමිනි. එක් භික්ෂු කණ්ඩායමක් ජනාධිපතිවරණය ඉදිරිපත්ව සිටින වත්මන් ජානාධිපති මහින්ද රාජපක්ෂට සහාය දැක්වීමට ඉදිරිපත්ව සිටින අතර තවත් භික්ෂුන්වහන්සේලා පිරිසක් විපක්ෂයේ පොදු අපේක්ෂකයා ලෙසින් ඉදිරිපත්ව සිටින සරත් ෆොන්සේකාට සහාය දැක්වීම සදහා ඉදිරිපත්ව සිටී.

මැතිවරණ වේදිකාවේ හා ජනාධිපතිවරණ අපේක්ෂකයින් විසින් සිදුකරන ප‍්‍රකාශන් පිළිබදව ප‍්‍රතිචාර දැක්වීම සදහා ජනාධිපතිවරයාට සහාය දක්වන භික්ෂූන් වහන්සේලා කොළඹට රැස්ව සිටින අතර විපක්ෂයේ පෙදු අපේක්ෂකයාට සහාය දක්වන භික්ෂූන් වහන්සේලාට හිරිහැර කිරීමට විරෝධය දැක්වීම සදහා ෆොන්සේකාට සහාය දක්වන භික්ෂූන් වහන්සේලා ඉදිරිපත්ව සිටිති.

වත්මන් ජනාධිපතිවරයාට සහාය දක්වමින් ශ‍්‍රී ලාංකීය භික්ෂු එකමුතුව විසින් දෙසැම්බර් 28 වැනිදා සත්‍යග‍්‍රහ ව්‍යාපාරයක් විහාරමහා දේවී උද්‍යානයේදී පැවැත්වුනේය. ලංකාවේ විවිධ ප‍්‍රදේශවල සිටි පැමිණි භික්ෂූන් වහන්සේලා මේ සදහා සහභාගී වී සිටි අතර විහාරමහා දේවී උද්‍යානය අසල සිට බුදුන් වැදීමෙන් අනතුරුව සත්‍යග‍්‍රය ආරම්භ කළේය. ‘‘දිවි හිමියෙන් මව්බිම සුරකිමු විජයග‍්‍රහණය ඉවසාගත නොහැකි ජාත්‍යන්තර බලවේග මගින් ලංකාවට සිදුකරන අනවශ්‍ය ඇගිලි ගැසීම් වහාම නවතනු’’ යන තේමාව යටතේ මෙය සංවිධානය කර තිබුනේය.

‘‘විපක්ෂයේ පොදු අපේක්ෂකයා විසින් (සති අන්ත ඉංග‍්‍රීසි පුවත්පතකට) ප‍්‍රකාශයක් කර තිබෙනවා. මේ ප‍්‍රකාශය මගින් රටට හානියක් සිදුව තිබෙනවා. මේ සදහා විරෝධතාවය දැක්වීම සදහා භික්ෂූන් වහන්සේලා පා ගමනනින් විහාරමහා දේවී උද්‍යානය වෙත පැමිණියා.’’ මෙම සත්‍යග‍්‍රහයට සම්බන්ධවූ දේශහිතෛශී ජාතික මධ්‍යස්ථානයේ සභාපති බෙංගමුවේ නාලක හිමියෝ පැවසූහ.

විපක්ෂයේ පොදු අපේක්ෂකයා පිටුපස විජාතික කුමන්ත‍්‍රණකරුවන් සිටින බවත් යුද්ධය ජයග‍්‍රහණය කළ නායකයා වන වත්මන් ජනාධිපතිවරයා ආරක්ෂා කරගැනීම යුතුකමක් වන බවත් බෙංගමුවේ නාලක හිමියෝ පැවසූහ.

විහාරමහා දේවී උද්‍යානය අසලට රැුස්වූ භික්ෂූන් වහන්සේලා වත්මන් ජනාධිපතිවරයා ආරක්ෂා කළ යුතු බවට කතිකා කරගත් බවද ඒ හිමියෝ කීහ. මේ අවස්ථාවට සහභාගීවී සිටි ලංකාවේ විවිධ පළාත්වල භික්ෂූන් වහන්සේලා තමන්ගේ ප‍්‍රදේශ වෙත ගොස් පන්සල් මට්ටමින් විපක්ෂයේ පොදු අපේකෂකයා විසින් සිදුකර තිබෙන ප‍්‍රකාශය පිළිබදව දැනුවත් කිරිමට කටයුතු කරන බවද නාලක හිමියෝ කීහ. විදේශ රටවල් හා එක්සත් ජාතීන්ගේ සංවිධානය විසින් කරන විවිධ දේශපාලන අතපෙවීම් පිළිබදව වත්මන් ජනාධිපතිවරයාට සහාය දක්වමින් සත්‍යග‍්‍රහ පවත්වන භික්ෂූන් වහන්සේලා අවධානය යොමුකර තිබුනේය. ඒ අනුව ලංකාවට සිදුකරන දේශපාලන බලපෑම් නවතන ලෙස මෙම භික්ෂූන් වහන්සේලා එක්සත් ජාතීන්ගේ සංවිධානයනේ ඉල්ලා සිටියේය.

‘‘ලංකාවට සිදුකරන දේශපාලන බලපෑම් නවත්වන ලෙස ඉල්ලාසිටිමින් අපේ භික්ෂූන් වහන්සේලා සිව් නමක් එක්සත් ජාතින්ගේ සංවිධානය වෙත සංදේශයක්ද භාරදුන්නා.’’ නාලක හිමියෝ ්පැවසවූහ.

ආණ්ඩුවට සහාය දක්වන භික්ෂූන්වහන්සේලා විහාරමහා දේවී උද්‍යානය අසල සත්‍යග‍්‍රහ පවත්වන අවස්ථාව වන විට ආණ්ඩුවට විරෝධය දක්වන භික්ෂූන් වහන්සේලා කොටුව බෝධිය අසලට වී සත්‍යග‍්‍රහ පැවැත්වූහ. එම භික්ෂුන් වහන්සේලා ආණ්ඩුව  විසින් කරන ප‍්‍රජාතන්ත‍්‍රවිරෝධී ක‍්‍රීයාමාර්ගයන්ට විරෝධය දක්වා තිබුණි. උන්වහන්සේලා සත්‍යග‍්‍රහයක පැවැත්වීමට ප‍්‍රභලම හේතුව වී තිබුනේ රහස් පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන සිටින දේශ හිතෛශී ජාතික ව්‍යාපාරයේ කැදවුම්කරු පූජ්‍ය දඹර අමිල හිමියන් නිදහස් කරන ලෙස බලකිරීම සදහාය.

‘‘ඉතාමත් පහත් වෛරී හා කෘහක ආකාරයෙන් දේශපාලන ගනුදෙනු බේරානොගන්නා ලෙස රජයට දැනුවත් කිරීම සදහා භික්ෂූන් වහන්සේලා හා තවත් ගිහි පිරිස් කොටුව බෝධීය අසලට රැස්වී ෂත්‍යග‍්‍රහයක නිරතවුනා.’’ ජාතික භික්ෂු පෙරමුණේ මාධ්‍ය ප‍්‍රකාශක පූජ්‍ය පූජිත හිමියෝ පැවසූහ.

වත්මන් ජනාධීපතිවරයා ජයග‍්‍රහණය කිරීම සදහා ගමින් ගම නගරයෙන් නගරය වෙත ගොස් ජනාධිපති රාජපක්ෂට හිමි නැති ජයක් ලබාදුන් හිමිනමකට සලකන ආකාරය ඉතාමත් පහත්යැයි උන් වහන්සේ පැවසූහ. ජනාධිපති රාජපක්ෂ අනුගමනය කර ප‍්‍රජාතන්ත‍්‍ර විරෝධී ගමන පවුල් වාදය අනුමත නොකළ නිසා රජය විසින් අමිල හිමියන්ට විරුද්ධව පියවර සොයමින් සිටින්නේයැයි පූජිත හිමියෝ කීහ.

මුදල් වංචාවක් පිිළිබදව චෝදනා මත රහස් පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන සිටින අමිල  හිමියන් හොරණ මහේස‍්‍රාත් අධිකරණය වෙත දෙසැම්බර් 29 වැනිදා ඉදිරිපත් කළේය. මේ අවස්ථාවේදී අමිල හිමියන්ට ඇප ලබාදෙන ලෙස ඉල්ලීම් කළත් ඇප ලබාදීම ප‍්‍රතික්ෂේප කළ අධිකරණය උන්වහස්සේ ජනවාරි මස අට වැනිදා දක්ව රක්ෂිත බන්ධනාගාර ගතකරන ලෙස නියෝග කළේය. අමිල හිමියන් අධිකරණයට ඉරිපත් කරන අවස්ථාවේදී බණ්ඩාරගම නගරයේදී තවත් උද්ඝෝෂණයක් පැවැත්වෙමින් තිබුනේය. ඒ උන් වහන්සේට ඇප ලබාදෙන ලෙස ඉල්ලා සිටීම සදහාය. මෙම උද්ඝෝෂණයට ආණ්ඩු පක්ෂයේ ආධාර කරුවන් විසින් පහරදුන්නේයැයි පූජිත හිමියෝ කීවේය.

‘‘මෙයින්ම ආණ්ඩුවේ ප‍්‍රජාතන්ත‍්‍රවිරෝධි ගමන් මාර්ගය පැහැදිළිව පෙනෙනවා.’’ උන්වහන්සේ පැවසූහ.

දඹර අමිල හිමියන් සිරගත කළත් වර්තමානයේ ක‍්‍රියාත්මක ප‍්‍රජාතන්ත‍්‍රවිරෝධී ගමන් මාර්ගයට එරෙහිව හා විපක්ෂයේ පොදු අපේක්ෂකයා ජයග‍්‍රහණය කරවීම සදහා තවත් භික්ෂූන් වහන්සේලා ඉදිරියට පැමිණෙන්නේයැයි පූජිත හිමි කීහ.

‘‘මෙම අත්අඩංගුවට ගැනීම හරහා රාජපක්ෂලා ගෙනයන නීති විරෝධී පාලනය අවසන් කිරීමට ප‍්‍රජාතන්ත‍්‍රවාදය ස්ථාපිත කරන පොදු අපේක්ෂකයා ජයග‍්‍රහණය කරවීම තවත් වේගවත් කළා. එය තවත් ශක්තිමත් කළා.’’ පූජිත හිමියෝ සදහන් කළහ.

Protests organized by bhikkus in Colombo have increased with the Presidential election campaigning. While some bhikkus had organized a sathyagraha in support of President Mahinda Rajapaksa, another group of bhikkus had gathered to support the opposition common candidate General Sarath Fonseka. The bhikkus in support of the President gathered at the Viharamahadevi Park to protest against a comment made by General Fonseka. The other group of bhikkus gathered opposite the Pettah Bo tree against the anti-democratic actions of the government they claim resulted in the arrest of National Bhikku Front Leader, Ven. Dambara Amila Thero.

 

  • Share/Bookmark

උරුමයන් විකිණෙන අරුමයක්

November 6, 2009 by Editor  
Filed under Featured, Stories

Galle mainNational heritage up for sale

ගාල්ල ලෝක උරුම නගරයකි. වර්ග සැතපුම් හයහමාරක පමණ භූමි භාගයක් පුරා පැතිරි ඇති ගාල්ල අතීතයේ ප‍්‍රසිද්ධ වි තිබෙන්නේ වෙළද නගරයක් ලෙසිනි. එසේම ගාල්ලේ පිහිටා ඇති වරාය පෙරදිග දියුණු වෙළඳ මධ්‍යස්ථානයක් විය. විද්වතුන්ගේ මතය අනුව බයිබලයේ පැරණි ගිවිසුමේ සඳහන් වන ටර්ෂිස් නගරය ගාල්ල විය හැකි බවද පැවසෙනවා.

ක‍්‍රිස්තු වර්ෂ 1587 දී පෘතුග‍්‍රිසින් සිංහල රජුගෙන් ගාල්ල අල්ලා ගත්හ. වරාය ආරක්ෂා කර ගැනීමට තනි පවුරකින් යුත් බළකොටුවක් නිර්මාණය කළහ. පෘතුග‍්‍රිසින් ඉදිකෙරු බළකොටුව අද හැඳින්වෙන්නේ කළු කොටුව නමිනි. 1640 දි ලන්දේසීන් එය අල්ලා ගත්හ. බි‍්‍රතාන්‍යයන් මෙම බළකොටුව අත්පත් කර ගත්තේ  1795 දි ගිවිසුමක් මගිනි. ගාලූ කොටුව තුළ නිවාස හාරසීය හැත්තෑ තුනක් පවතින බව පුරාවිද්‍යා දෙපාර්තුමේනතෙුව් සංඛාලේඛන පවසයි. එම ගොඩනැඟිලිවලින් සියයට පනහක් නිම කර ඇත්තේ බි‍්‍රතාන්‍ය සමයට පෙරය.

ගාලූ කොටු පවුරට අද යන විට අපට හැ‍ගෙන්නේ වෙනමම පාරාදීසයකට ගියා වගේය. ප‍්‍රසිද්ධ පාසල් දෙකක්, පන්සලක්, පල්ලියක්, ආදී විවිධ ආයතන රැුසකින් මෙය යුක්ත වෙනවා. ගාලූ කොටුවේ ඉදිකර ඇති නිවාස අද වන විට ස්වරූපයෙන් බොහෝ දුරට වෙනස් වී ගොසිනි.

‘‘අපි ඉස්සර ඉඳලම ඉන්නේ මේ කොටුවේ. ඉස්කෝලේ ගියේ ගාල්ල සවුත්ලන්ඩි විද්‍යාලයට. දැනට අවුරුදු තිස්පහකටත් වැඩියි. එදාට වැඩිය අද කොටුවේ ගෙවල් ගොඩක් වෙනස් වෙලා. මොකද අලූත් විදියට ගෙවල් හදන කොට අපිත් ඒ විඳියට වෙනස් වෙන්න ගෙවල් වෙනස් කළා.” 80 දශකයේ ගාල්ල නගරයේ හිටපු උප නගරාධිපතිනියකව සිටි වීරරත්න මහත්මිය පැවසුවාය.

ඇතැම් පුද්ගලයන් මෙම නිවාස මුලූමනින්ම වෙනස් කර තිබෙනවා. නිවාස ඉදිකර බොහෝ කාලයක් ගතවී ඇති නිසා  නිවෙස් දිරාපත්වීම එයට හේතුව වී තිබෙනවා.

‘‘මම මේ කොටුවේ පදිංචි වෙලා දැන් ගොඩක් කල්. අපි ඒ කාලේ ඉදිකෙරු ගෙවල්වල වහල දිරාපත්වෙලා. මේ එක බිත්තියක පළල තියෙනවා අගල් දොලහක විතර. බිත්ති ගණකම ගොඩක් තියෙනවා. වටිනාකම අන්න ඒකයි. ඒත අපේ ගෙවල්වල වහල දිරපු නිසා අපි ගෙවල් වෙනස් කරලා අලූතින් හැදුවා.”  ප‍්‍රවීන  ගේය පද රචනයකුවන රත්නශ‍්‍රි විජේසිංහයන් පැවසුවේය.

‘‘මේ කොටුවේ ගෙවල් හාරසීය හැත්තෑ තුනක් තියෙනවා. ගොඩක් ගෙවල් නවීකරණය කරලා.”   ඔහු වැඩිදුරටත් පැවසුවේය.

‘‘ඕලන්ද ජාතිකයන් විසින් නිර්මාණය කර අපට උරුමවූ ගාලූ කොටුවෙහි ඇති නිවාස අද විනාශ වෙමින් තියෙන්නේ. ඒ වගේම ඒ නිවාස විදේශිකයන් අතටත් පත්වෙලා. මේ වෙන කොට ගෙවල් හතලිස් අටක්ම විදේශිකයන්ට විකිණිලා. ඒගොල්ලන් ලොකු ගණන්වලට තමයි විකුණන්නේ. රත්නශි‍්‍ර විජේසිංහ මහතා පැවසුවේය.

සිංහල, දෙමළ, බර්ගර් වගේ ජාතීන් ගොඩක් මේ කොටු    ව ඇතුලේ ජීවත් වෙනවා. විදේශිකයන්ට කොටුව ඇතුලේ තියෙන ගෙවල් විකුණන එකට ගොඩත් අය කැමති නැහැ. ඇත්තටම අපි හරිම අකමැතියි සුද්දන්ට මේ ගෙවල් විකුණන එකට.මේ ගොල්ලන් ඒව මොන පරමාර්ථයෙන් විකුණනවද මොන පරමාර්ථයෙන් ගන්නවද කියල අපි දන්නේ නැහැනේ. සුද්දො මේව ගන්නේ ලංකාවේ අපිට ගන්න බැරි ගණන්වලට.ලක්‍ෂ හත්සීයයි නැත්තම් අටසීයයි.කොටි ගණන්වලට විකුණන්නේ.” කොටුව තුළ පදිංචි අජිත් සුරවීර පැවසීය.

‘‘අපි මේ දේවල් රැක ගත්තේ  ගොඩක් උත්සාහ කරළා. ඉතින් ඒ දේවල් සුද්දන්ට දෙනවා කියන්නේ අපි ආපහු යටත් විජිතයට යනවයි කියන එකනේ. එතකොට අපේ දරු පරපුරට මේ දේ නැතිවෙනවා.” සුජීවා ද මෙල් මහත්මිය පැවසුවාය.

‘‘ඇත්තටම මේ ගොඩක් දේවල් දැන් තියෙන්නේ අනිත් අයගේ අතේ. මේවා සුද්දන්ට විකුණලා. ඒ මිනිස්සු රට ගිහිල්ලා. විදේශිකයන් මෙතන විවිධ ව්‍යාපාර ඇතිකරගෙන. හොටෙල් දාගෙන. දැන් මේකෙන් බාගයක් විදේශිකයන්ගේ වෙලා. මේවා විකුණන්න තහනම් කරලා. ඒත් ඒ ගොල්ලන්ගේ පරමාර්ථය කීයට හරි අරගන්න. මොකද? අපේ අයට නොතේරුණාට ඒ ගෝලලන්ට මේවායි තියෙන වටිනාකම තේරුණෙවා.”  ජී. ඒ. කරුණාවතී මහත්මිය පැවසුවාය.

කොටුව තුළ ජනගහණයෙන් වැඩි පිරිසක් දෙනා මුස්ලිම් ජාතිකයන්. ඔවුන් එක් නිවෙසක් තුළ පවුල් කිහිපයක් ජීවත්වෙනවා. එම මුස්ලිම් ජාතිකයන්ට වෙන වෙනම නිවාස තනාගැනීමට අවශ්‍ය වූ විට කොටුව තුළ ඇති පෞරාණික නිවාස විකුණා දැමීමට ඔවුන් පෙළඹෙන බවයි බොහෝ දෙනා පවසන්නේ.

දැන් මේ ගේ විකුණලා තියෙන්නේ  ලක්ෂ හයසීයට. මේවා සුද්දන්ට විකණුවම එයාල මේවා ඒගොල්ලන්ට ඔන ඔන විදියට හදාගන්නවා.  මේවා ඉතින් කොහෙන් කොහොම නවතියිද කියන්න දන්නේ නෑ. නාමලී පොරේරා මහත්මිය පැවසුවාය.

සුළඟකට හසුව වෙරළට ගසා ආ පෘතුග‍්‍රිසීන් නවාතැන් පොළ කරගත්තේ ගාල්ලයි. පෘතුග‍්‍රිසීන් පැමිණෙද්දි කුකුළෙකු හඬලන  ශබ්දය අසා ගාලෝ ගාලෝ කී බවත් ඒ අනුව ගාලෝ පසුව ගාල්ල වී ඇති බවටද මතයක් පවතියි.

‘‘මේ විදියේ ඓතිහාසික වැදගත් කමක් තියෙන ගාලූ කොටුව  රැක ගන්නට බලධාර්න්ගේ මැදිහත්වීම මෙයිට වැඩියතදින්  ඕන කරල තියෙනවා. ඇත්තටම දැන් අපේ ගෙවල් එහෙම වෙනස් කර ගන්න  අපි අවසර ගන්න  ඕන. ගාලූ උරුමයෙන් කියනවා ගේ පිටිපස්ස විතරක් අලූත් කරන්න කියලා. සුද්දන්ට පේන්න. ඉතින් එතනිනුත් බොරුව කරන්නේ. පැරණි බව රැක ගන්න නමි මුළු ගේම පැරණි බව රැක ගන්න  ඕන. සුද්දන්ට මේ ගෙවල් විකුණන එක ඉක්මණට  නතර කරගත්තොත් මම හිතන්නේ තව කාලයක් මේවා අපේ උරුමයන් කියලා හඳුන්වන්න පුළුවන් වේවි.” සරත් කුමාර පැවසුෙවිය.
සිය නිවාස වල ඇති පෞරාණික ස්වභාව කිසිදු ආකාරයකින් හෝ වෙනස් කිරීමට බොහෝ දෙනා කැමති නැහැ.

‘‘මම හිතන්නේ වැඩි කාලයක් යන්නේ නැතුව මේ ගාලූ කොටුව ආපහු යටත් විජිතයක් වේවි. ඒ ගොල්ලන්ට පුළුවන් මේ කොටුවම සල්ලිවලට ගන්න. ඉතින් අපේ අය මේ දේවල් රැක ගන්න උත්සාහ කරන්න  ඕන. පරමිපරාවෙන් උරුම වුණු මේ ගෙවල් විදේශිකයන්ට විකුණන්න නොදි අපිම තියා ගන්න  ඕන. මේවා බලන්න විදේශ රටවල අය බොහොමයක් එනවා. ඒකෙන් අපේ රටට හොඳ විදේශ විනිමයක් ලැබෙනවා. ඉතින් මෙවා විදේශිකයන්ට විකුණන්නැතුව, පැරණි බවත් රැක ගෙන ඉන්න පුළුවන්නම් ඇත්තටම මේ කොටු පවුරේ වටිනාකම තවත් වැඩිවේවි.” සමන් කමාර වැඩිදුරටත් පැවසුවේය.

  • Share/Bookmark

ජෝන් සීනා අපේ පොඩි එකාට ගහලා

October 16, 2009 by Editor  
Filed under Featured, Stories

jhone cenaJohn Cena in Sinhala

ලංකාවේ ජීවත්වන බහුතරයකින් ජෝන් සීනා කියන්නේ කවුරුන්දැයි ඇසුවහොත් ඔහු කවුදැයි කියා කියන්නට  දන්නේ නැත. නමුත් ලංකාවේ තරුණයින්ගෙන් හා ළමයින්ගෙන් ජෝන් සීනා යනු කවුරුන්දැයි ඇසුවහොත් හොදින්ම දනී. ළමා හා තරණ සමාජය පමණක් දන්නා ජෝන් සීනා පිළිබදව මේ දිනවල වැඩියෙන් කතා බහ ආරම්භ වී තිබෙන්නේ ඔහු ගැන කියවෙන ගීතයක් නිසාය.

‘‘ජෝන් සීනා අපේ පොඩි එකාට ගහලා………….ජෝන් සීනා අපේ පොඩි එකාගේ ඔලූවට ගහලා………පාඩම් වැඩකුත් නැහැ………කන්නෙ බොන්නේ නැහැ…………බලාගත්තු අත බලා ඉන්නවා………..’’ අමිල සදරුවන් නැමති නවක ගායකයා විසින් පද රචනය කර ඔහු විසින්ම ගායනා කරන ගීතය මේ දිනවල තරුණයින් අතර වඩාත් ජනප‍්‍රිය වී තිබේ.

ජෝන් සීනා යන චරිතය යොදාගෙන සමාජයේ සිදුවන සිදුවීමක් පිළිබද ඉදිරිපත් කර තිබේ. ළමා ලොකයේ වීරයින් සැබෑ ලෝකය තුළ ජීවත්වන්නේ කෙසේද යන්න පවසයි. ළමයින්ගේ ජීවිතවලට වෙනත් අයගෙන් වන බලපෑම පිළිබදව තමා මෙම ගීතය පිළිබදව මේ ගීතය මගින් ප‍්‍රකාශ කර ඇතැයි සදරුවන් පැවසුවේය.

‘‘වටපිටාවේ දකින එකක් තමයි මම මේ ගීතයෙන් ප‍්‍රකාශ කර තිබෙන්නේ.’’ ඔහු කීය.

‘‘මේක අද සමාජයේ වෙන සිදුවීමක්. ඒක කෙලින්ම කියලා තියෙනවා.’’ මේ නිසා ගීතය ජනප‍්‍රිය වී ඇතැයි පවසන මනතුංග පැවසුවේය.

පෞද්ගලික රූපවාහිනී නාලිකාවල විකාශය වන ඇතැම් ගීත දර්ශක වල ජනප‍්‍රියම ගීතය බවට ජොන් සීනා ගීතයට පැමිණීමට වැඩි කාලයක් ගතවූයේ නැත. ගීතය සදහා වන රූප රචනය සිදුකර එම ගීත රූපවාහිනී නාලිකා වෙත භාරදී සති කීපයක් ගතවන විට මේ ගීතය ගීත දර්ශක වල ජනප‍්‍රියම ගීතය බවට පත්විය. එපමණක් නොව ගුවන් විදුලියේ නිතර ඇසෙන ගීතයක් බවට මෙම ගීතය පත්විය.

‘‘මේ සිංදුව තරුණ සිංදුවක්.’’ අන්තර්ජාලයේ තිබූ ජෝන් සීනා ගීතයට සවන්දුන් සශික ලක්මාල් කීවේය. ජෝන් සීනා ගීතය වෙනස් ආරක ගීතයක් වන අතර මෙහි යම් යම් හොද ලක්ෂණ ඇතැයි කොළඹ රාජකීය විද්‍යාලයේ සිසුවෙක් වන සුපුන් සුදාරක පැවසුවේය.

මේ වන විට පෞද්ගලික නාලිකා කීපයක පමණක් ගීතය විකාශය වන නමුත් ඉදිරියේදී සියලූම නාලිකාවල ගීතය විකාශය වන විට මෙම ගීතය ජනප‍්‍රිය ගීතයක් බවට පත්වනු ඇතැයි ධනුෂ්ක මනතුංග පැවසුවේය.

‘‘ඉදිරියේදී ලොකු කතාබහක් ඇතිකරන්න පුළුවන් ගීතයක් තමයි ජෝන් සීනා ගීතය.’’ සුදාරක කීවේය.

ජෝන් සීනා ගීතය පිළිබදව තරුණ සමාජය කතා බහ ඇතිවෙමින් පවතින අතරවාරයේදී ගීතයට සවන් දිය හැකි ආකාරය පිළිබදව බොහෝ දෙනා අවධානය යොමුකළේය.

ඇතැම් අය අන්තර්ජාලය ඹස්සේ ගීතය ලබාගැනීමට උත්සාහ කළේය. සිංහල ගීත ලබාගත හැකි වෙබ් අඩවිවල මේ ගීතය දකින්න නොලැබුණි. මේ නිසා ඇතැම් රසිකයින් වෙබ් අඩවි වෙත දුරකතන ඇමතුම් හා ඊමේල් පණිවුඩ යොමුකරමින් ගීතය ලබාදෙන ලෙසට ඉල්ලීම් කළහ.

‘‘මම මේ ගීතය පිළිබදව අහලා තියෙනවා. ඒත් තාම අහන්න ලැබුනේ නැහැ. අන්තර්ජාලයෙන් හොයාගෙන හරි ගීතය අහන්න  ඕන.’’ ගාල්ලේ පදිංචි නලින්ද නිරෝෂන් පැවසුවේය.

‘‘ජෝන් සීනා සින්දුව ඉල්ලා දුරකතන ඇමතුම් හා ඊමේල් ලිපි විශාල සංඛ්‍යාවක් ලැබී තිබුණා. මිනිස්සුන්ගේ හිතට වදින සිංදුවක් නිසා තමයි මේ වගේ ඉල්ලූමක් තිබෙන්නේ.’’  සිංහල ගීත වෙබ් අඩවියක් පවත්වාගෙන යන ගොල් සෝන් සොලූෂන් ආයතනයේ පාලක නුවන් චින්තන කීවේය.

තමන්ගේ ගීතය මෙතරම් ජනප‍්‍රිය වෙතැයි ගීතය අවසන් කරන විටත් තමා නොසිතූ බව අමිල් සදරුවන් පැවසුවේය.

‘‘මම හිතපු නැති විදියට සින්දුව හිට්(ජනප‍්‍රිය) වෙලා තියෙනවා. සමහරු මගේ කොණ්ඩය රැවුල නිසා ගීතයට සමහරු කැමතිවෙලා තියෙනවා. සමහරු ගිටාර් එක නිසා කැමතිවෙලා තියෙනවා. සමහරු හිනාව කැමතිවෙලා තියෙනවා.’’සදරුවන් පැවසුවේය.

ජෝන් සීනා.. පද මාලාව ගීතයක් බවට පත්වූයේ මෑතකදී වුනත් එම ගීතය ලියවී ඇත්තේ මීට අවුරුදු දෙකකට පමණ පෙරදීය. මෙය ගීතයක් ලෙසින් එළිදැක්වීමේ කිසිදු අදහසක් තමන්ගේ සිතේ නොතිබුනේයැයි සදරුවන් පැවසුවේය.

‘‘මම මේක ප්ලෑන් කරලා කරපු ලියපු සිංදුවක් නෙමෙයි. ඒ කියන්නේ මෙලෝ රහක් නැතිව මේ සිංදුවක කළා කියන එක නොවෙයි.’’සදරුවන් කීවේය.

ජෝන් සීනා ගීතය පිළිබදව ගීත විචාරකයෝ විවිධ අදහස් දක්වති. ඇතැම් විචාරකයින් ගීතය අගය කරන අතර ඇතැම් විචාරකයින් ගීතය හොද ගීතයක්යැයි පවසන්නේ නැත.

ගීතයක අර්ථය මගින් හොද පණිවුඩයක් මෙන්ම නරක පණිවුඩයක් සමාජයට ලබාදිය හැකියැයි සෞන්දර්ය කලා විශ්වවිද්‍යාලයේ සංගීත අංශයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය ආචාර්ය සුජීව රණසිංහ පැවසුවේය.

‘‘මේ ගීතයේ වචන දෙස බලන විට හොද පදනමක් ඇතිව රචනාකළ ගීතයක් කියලා කියන්න බැහැ.’’ හෙතෙම කීවේය.

වැඩිහිටියන්ට ළමයින්ගේ ලෝකය නොදැනීම සදරුවන් මේ ගීතය මගින් උප‍්‍රාසාත්මක අයුරින් ඉදිරිපත් කරන්නේයැයි මේ ගීතය පිළිබදව විචාරයක් ඉදිරිපත් කරන කැමිලස් පෙරේරා පැවසුවේය.

‘‘මේ ගිතය උපහාසාත්මක ගීත කලාවේ නොමැකෙන සටහනක් තැබූ ගීතයක්.’’ පෙරේරා පැවසුවේය.

Although majority of Sri Lankans are unaware of the character John Sena, he has managed to capture their attention through a Sinhala song written and sung by Amila Sandaruwan. Through the song, Sandaruwan has managed to speak of real life incidents through John Sena’s character. He has also shown the impact external characters have on children. Many believe that the song, which has caught the attention of the youth in the country, would become a chart topper given the realistic nature of the song.

  • Share/Bookmark

ගින්නෙන් අළු කළ පෙරදිග ධාන්‍යාගාරය

October 15, 2009 by Editor  
Filed under Featured, Stories

polonnaruwaThe Story of Pulathisipura

හමා යන මද නලෙහි ඇත්තේ දැඩි රස්නයකි. පැරකුම් සයුර මේ වන විටත් අඩක් පමණ සිදී ඇත්තෙ පොළොන්නරුව වෙළාගත් නියං රකුසා නිසාවෙනි.

පැරකුම් සයුර ආසන්නයේ යෝධ මණ්ඩපයකි. එහි තුළ සිටිනා ජාතියේ මහා සංඛේතය බදු තේජාන්විත සිංහ රුව හිරුට අභියෝග ඛරමින් නොසෙල් වී අභිමානයත් ප්‍රෞඩත්වයත් විදහාපාමින් සිටී. ඒ මීට වසර 900 කට එපිට පොළොන්නරුව රජකම් කළ නිශ්ශංකමල්ල රජුගේ සිංහාසනයයි.

ඊට උතුරු පසින් දිස් වනුයේ දෙස් විදෙස් රටවල් ආක‍්‍රමණය කර ශ‍්‍රී ලංකාව එක්සේසත් කළ නරපති පැරකුම් රජුගේ ගිනි කරන ලද සත්ගුමුණය නම් රාජ මාලිගයයි. මේ විසල් රාජධානිය අරාජික වන්නට ප‍්‍රධාන වශයෙන් බලපානු ලැබුයේ බලය නැමති ගෝචර සිතුවිල්ල සදහා වූ කුලල් කා ගැනීමයි.

‘‘ ඇත්තෙන්ම පොළොන්නැව රාජධානියේ පරිහානියට හේතුව දේශපාලන අස්ථාවර භාවයයි. කීර්ති ශී‍්‍ර නිශ්ශංකමල්ල රජතුමාගේ මරණයත් සමග රාජධානියේ කටයුතු අවුලෙන් අවුලට පත් වුනා. ’’ පොළොන්නරුව රාජධානායේ බිද වැටීම පිළිබදව අදහස් දක්වමින් මධ්‍යම සංස්කෘතික අරමුදලේ ගෞරව ශ‍්‍රාස්ත‍්‍රවේදී පී ආර් එස් බණ්ඩාරනායක මහතා කීවේය.

නිශ්ශංකමල්ල රජුගෙන් පසු රජකමට පත්වූයේ ඔහුගේ පුත් වීරබාහුය. ඔහු ද කාලිංග න්‍ංශිකයෙකි. පිය රජුගේ කාළයේදී ඔටුන්න හිමි කුමාරයා ලෙස මාපා තනතුර දැරු ඔහු පියාගේ රාජ්‍ය පාලන කටයුතුවලටද සහාය ලබාදුන්නේය.

එහෙත් ඔහුට රජකම් කළ හැකි වූයේ එක් දිනක් පමණි. රජ වූ දිනට පසුදා තාවුරු නැමති සෙනෙවියා විසින් වීරබාහුව මරා දැමීමය. මෙයට හේතු වූයේ වීරබාහු නිශ්ශංකමල්ල රජුගේ අතිජාත පුත‍්‍රයෙකු නොවීමයි. පුජාවලියේ සදහන් වන ආකාරයට මේ නොාසමාන බව ඔහු මරා දැමීමට හේතු වන්නට ඇත.

එහෙත් මේ වන විට සොයාගෙන ඇති නිශ්ශංකමල්ල රජ සමයේ සෙල් ලිපි ගණනාවකම වීරබාහු ඔහුගේම පුත‍්‍රයෙකු උරෙහිදා සදහන්ව ඇත.

බීරබාහුගේ ඝාතනයෙන් පසු කාලිංග ඍජ පවුලට අයත් ඒජන්ත හෙවත් දෙවැනි වික‍්‍රමබාහු නැමැති කුමාරයෙක් රජකමට පත්විය. චූලවංශයේ සදහන් වන අන්දමට ඔහු නිශ්ශංකමල්ල රජුගේ බාල සොහොයුරාය. ඔහු සිය වැඩිමහල් සොහොයුරා රජකම් කරන විට ඈපා තනතුරක් හොබවා ඇති බව සෙල් ලිපිවල සදහන්ය.
වික‍්‍රමබාහු රජතුමන්ට රාජ්‍ය සභාවේ විශේෂ තැනක් හිමි විය. මේ නිසාම වීරබාහු බලයෙන් පහ කර ඔහුව ඝාතනය කරන්නට තාවුරු නම් සෙනෙවියාට ඔහුගේ ආධාරය හිමිවන්නට ඇත. මේ කුමන්ත‍්‍රණයම පසුව වික‍්‍රමබාහු දෙසටද යොමු වූයේය.

වික‍්‍රමබාහු රජුගේ පාලන සමය මාස තුනකට සීමාවූයේ පොළොන්නරු යුගයේ අවසානය යළි සනිටුහන් කරමිනි. රාජ මාලිගාව ඇතුළතින්ම දියත් වූ කුමන්ත‍්‍රණය මුහුණදීමට වික‍්‍රමබාහු අපොහොසත් විය. ඔහු ද ඝාතනයට ලක් විය. ඉන් පසු රජකමට පත්වූයේ චෝඩාංගදේව නැමති කුමාරයෙකි.

ඔහුට රජකමට සුදුසු කමක් නොතිබුනද චෝඩාංගදේව නිශ්ශංකමල්ල රජුගේ බාල සොහොයුරියකගේ පුත‍්‍රයාය. ඔහු රජුගේ බෑනා භාගිණේය්‍ය බව  සෙල්ලිපි වලින් තහවුරු වන බව බණ්ඩාරනායක පෙන්වාදුන්නේය.

මේ ආකාරයෙන් චෝඩාංග හට රජකම සදහා යම් උරුමයක් තිබුනද ස්ථාවරභාවය නැතිකරමින් පෙළොන්නරුව රාජ්‍යයේ නැගී ආ දේශපාලන බලවේග මැඩලීමට ඔහු ද අසමත් විය. ඔහුගේ ධුර කාළයද නව මසකට සීමා විය. චෝඩාංගදේව රජු බලයෙන් පහ කර බලය සියතට ගැනීමට කිත්ති නම් වූ සෙනෙවියා කටයුතු කළේය. ඔහු පරාක‍්‍රම රජු සමයේ නිළලත් සෙනෙවියෙකි.

චෝඩාංග ඍජු මරා දමා බලය පැහැරගත් ඔහු රජකමට පත්කළේ ලීලාවතී බිසවය. ඇය පොළොන්නරුවේ රජකම් කළ පළමුවන මහා පරාක‍්‍රමබාහු රජුගේ බිරිදය. සොහොයුරෙක් නොමැති වූ විට සිංහාසනය බිසවට උරුමනව බව එකළ පිළිගෙන තිබුණි.

නිශ්ශංකමල්ල රජතුමන් ද මිය යන්නට පෙර එවැනි ප‍්‍රකාශයක් කර තිබූ බැවින් ලීලාවතී බිසව සිංහාසනයට පත් කිරීමට වඩා පහසු විය. ඇය පාණ්ඩ්‍යය වංශයට අයත් වූ සිරිවල්ලභ සිටුවරයාගේ දියණියයි. ඇය රජකම් කරන විට අගමැති තනතුර දරමින් සිහසුන පිටුපස සිටි බලවතා කිත්ති සෙනෙවියාය.

මේ අතරතුරේදී කාලිංග න්‍ංශිකයන් ලීලාවතී රැුජිනට එරෙහිව යුධ වැදුණහ. එහි ප‍්‍රතිඵලයක් ලෙසින් ලීලාවතීයගේ රාජ්‍ය පාලනයද තෙවසරකට සීමා විය. ඇය රජකම් කළ  සමයේ ඇගේ රාජ්‍ය උරුමයන් පිළිබදව ඇමති මණ්ඩලය අතරද ඇති වූ භේද බින්න වීම නිසා ඇමතිවරුන්ගේ අප‍්‍රසාදයට ඇය ලක්ව තිබුණාය. මේ අතරතුරේදී ආයුස්මන්තා හා බුදල් නා නැමති ඇමතා දෙපළ එ් වන විට ඉන්දියාවට ගොස් සිටි සහායමල්ලව පණිවිඩ යවා හොර රහසේම ඔහුව මෙරටට ගෙන්වා ගත්තේය. සහායමල්ල නිශ්ශංකමල්ල රජුගේ බාල සොහොයුරාය.

ඔහු මෙරටට පැමිණෙත්ම ඉහත සදහන් කළ ඇමතිවරුන් දෙදෙනා ලීලාවතී රැජිනිගේ පාලනයට එරෙහිව බිහිසුණු සංහාරයක් දියත් කර තිබුණි.

මේ නිසාම ලීලාවතීය බලයෙන් පහ කර සහායමල්ල රජ වූයේ භේද බින්න වී ගිය අවුල් වලින් ගහණ රාජ්‍යයකය. ඔහු රජ වන්නේ ක‍්‍රිස්තු වර්ෂ 1200 අගෝස්තු 23 වැනිදාය. අවුල් වියවුල් මැද පාලනය ගෙනගිය සහායමල්ල රජුට පාලනය ගෙන යා හැකි වූයේ වසර දෙකක් පමණි.

ඔහුව සිංහාසනයට පත් කළ ආයුස්මන්ත සෙනෙවියාට සහායමල්ල රජු පොළොන්නරුවෙන් පළවා හැර නිශ්ශංකමල්ල රජුගේ දෙවන දියණිය වූ කරුණාවතී බිසව රජකමට පත් කළාය. මේ අවධියේ සෙනෙවියන් තුළ වූ බලය පිළිබද මෙමගින් කදිම අවබෝදයක් ලබාගත හැකිය.

කළ්‍යාණවතී වසර හයක් රජකම් කළ පසු ඇගේ ඇවෑමෙන් කවුරුත් පුදුමයට පත් කරමින් පොළොන්නරුවේ රජ වූයේ තෙමස් හැවිරිදි බිළිදෙකි. ධර්මාශෝකදේව නම් මෙම බිළිදා සිහසුනට පත්කළේද සෙනෙවිවරුන්මය. මේ වන විට සිදු වූ ද්‍රවිඩ ආක‍්‍රමණය ආයුස්මන්ත ඇතුළු සෙනෙවිවරුන්ට කළ්‍යාණිවතී රැජිනව බලයෙන් පහකිරීමට කදිම අවස්ථාවක් සළසා දුන්නේය. තෙමස් බිළිදකුගේ නමින් ආයුස්මන්ත පොළොන්නරුවේ පාලනය ගෙනගියත් ඔහු නීත්‍යානූකූල පාලකයා ලෙස දිවයිනටම පිළිගැණුනු බව පෙනෙන්නට නැත.

මහ ජනයා කළ්‍යාණවතීගේ රාජ්‍ය උරුමය ගැන සැලකූ බව පෙනෙන්නට ඇත. ඇගේ රාජ්‍ය වර්ෂය යොදා ලිපි ලේඛන ලියා තිබේ. මේ නිසාම  ඔවුන් ආයුස්මන්තගේ පාලනය පිළිනොගත් බව පැහැදිලිය. මිණිපේ පුවරු ලිපියෙන් ද චූලවංශයෙන් ද පැහැදිලි වන අයුරින් මොහු අවසානයේ දී ද්‍රවිඩ හමුදාවක් සමග ඛළ සටනකදී මරුමුවට පත් විය. තුන් දෙනෙක් සිහසුනට නග්ගා දෙදෙනෙක් ඉන් පහකළ මේ බලවතාගේ අවසානය එසේ සිදු වෙද්දි ඉන්දියාවේ සිට පැමිණි ධර්මාශෝකදේවගේ පියා වූ අනිකංග පොළොන්නරු රාජධානියේ බලය පැහැර ගත්තේය. මේ අනිකංග අනිකෙකු නොව ශ‍්‍රී ලාංකිකයෙකු බවට සමහරු පිළිගනිති.

ආයුස්මන්තගේ අත්තනෝමතික කි‍්‍රයාකලාපය නිසා ඒ ගැන කළකිරී සිටි පිරිස් අනිකංගට සහය දෙන්නට ඇත. රට වැසියාගේ රාජ්‍ය පාක්ෂික භාවයද කළ්‍යාණවතී ධර්මාශෝකදේව අතරෙහි බෙදී යාම නිසා රටේ ඇති වූ අවුල් සහගත තත්ත්වයෙන්ද උපරිම ප‍්‍රයෝජනය ගත් අනිකංග ෂිහසුන පැහැරගත්තේය. එහෙත් රජ වී දින 17 ක් ඉක්ම යාමට මත්තෙන් වික්කන්ත වමුනක්ක සෙනෙවියා විසින් ඔහු ජීවිතක්ෂයට පත් කළේය. චෝලයන් සමග සම්බන්ධතා පැවත්වු නිසා රටවැසියා ඔහු ගැන සැක කරන්නට ඇත. මෙහිදී ඇතැම් ඇමතිවරුන් දැරූ බලසම්පන්න තත්ත්වයන් හේතුවෙන් අනිකංගට ඔටුන්න පමණක් නොව ජීවිතයද අහිමි විය.

වික්කන්ත වමුනක්ක සෙනෙවියා මෙහි දී නැවත වතාවක් රජුන් තනන්නෙකු බවට පත් වී නැවත ලීලාවතීය සිහසුනට පත් කළේය. ලීලාවති බිසවගේ සත් වැනි රාජ්‍ය වර්ෂයේදී පරාක‍්‍රම පාණ්ඩ්‍ය නම් කුමාරයෙක් දිවයින ආක‍්‍රමණය කොට ඇය බලයෙන් පහකර රාජ්‍යයද ලබා ගත්තේය. චූලවංශයේ සදහන් අන්දමට ලීලාවති බිසවට පමණක් නොව ඇගේ සෙනෙවියාටද එම ඉරණම අත් විය.

පරාක‍්‍රම පාණ්ඩය ලංකාව පාලනය කරගෙන යන අතර කාලිංග මාඝ නැමැත්තා ක‍්‍රි.ව 1215 දී පමණ ලංකාව ආක‍්‍රමණය කළේය. මෙය සිදුවන්නෙ පරාක‍්‍රම පණ්ඩුලගේ තුන්වැනි රාජ්‍ය වර්ෂයේදීය. චූලවංශයට අනුව රජුගේ ඇස් අන්ධ කිරීමෙන් රාජ්‍ය බලය උදුරා ගැනීමෙනි. රට වැසියන්ගේ රෞද්‍ර පාපකර්මයක් නිසා දිවයින ආරක්ෂා කිරීමෙහි යෙදී සිටි දෙවියන් කළකිරීමට පත්ව සිය යුතුකම් ඉටුකිරීමෙහි උදාසීන වූ බව චූලවංශයේ සදහන්ය.

මාඝ හදුන්වා ද් ඇත්තෙ මිත්‍යාදෘෂ්ටික ආත්මාර්ථකාමී නොයිවසිලිමත් මූඨ අධාර්මික දුර්නීතිය ප‍්‍රිය කරන බුද්ධ ධර්මය විනාශ කරන්නෙකු ලෙසය. ඔහුගේ අණ ක‍්‍රියාත්මක කළ සෙබලූ ලක් වැසියා කෲර ලෙස පීඩාවට පත්කල බව දැක්වේ. රට වැසියාගේ අත් පා ආදිය කපා ශාරීරික වද වේදනා පමුණුවා ඔවුන් වතු වස්තුව පැහැරගැනීමට ප‍්‍රතිමාඝර චෛත්‍ය විහාර විනාශ කළ ආකාරය චූලවංශයේ තියුණු ලෙස විස්තර කොට තිබේ. මාඝගේ අභිෂේකයෙන් පසු භිම සමයක් උදා වූ ඉව පෙනේ. මේ අවස්ථාව වන විට ශ‍්‍රී ලංකාවේ ආර්ථිකය කෙමෙන් පරිහානියට ඇද වැටෙමින් පැවතුණි.

  • Share/Bookmark

රාජා අපිට දෙවි කෙනෙක්

September 11, 2009 by Editor  
Filed under Featured, Stories

elephentKing Raja

පස් වැනිදා රාති‍්‍රයේ වීදි සංචාරය කළ රත්නපුර මහ සමන් දේවාල පෙරහැරේ මහත් කළබැගෑනියක් සිදුවිය. පෙරහැර මාර්ගයේ පසක සිටි හරක් රංචුවක් හදිස්සියේම පෙරහැර මධ්‍යට කඩා වැදුණේ අනවසරයෙනි. ඉන් වඩාත් කළබලයට පත් වූයේ පෙරහැරෙ ගමන් ගත් අලි ඇතුන්ය. සැණින් කළබල වු නරඹන්නන්ද හිස් හැරුණු අත දිව ගියහ. කළබල වු අලි ඇතුන් කිහිප දෙනෙක්ද පෙරහැරෙන් ඉවත් කර ගැනීමට සිදුවිය. එහෙත් ධාතු කරඩුව සිය කර මත වැඩම කළ නැදුන්ගමුවේ රාජා හස්තියා කිසිදු කළබලයකින් තොරව මාර්ගයේ පසෙකට වී කළබලය අවසන් වන තුරු නිහඩව සිටියේය. ඉන් පසු නැවතත් තේජාන්විත ගමනින් ධාතු කරඩුව වැඩම කළේ එය තමා විසින් ගෞරවයෙන් හා භක්තියෙන් සිදුකළ යුතුම කාර්යක් බව පසක් කරමිනි.

‘‘ඒ අවස්ථාවේදී නැදුන්ගමුවේ රාජා සමන් දේවාලයේ ගෞරවය ආරක්ෂා කළා’’ යැයි සමන් දේවාලයේ ප‍්‍රධාන බස්නායක නිළමේවරයා වන සුනිල් ශාන්ත වීරසිංහ ප‍්‍රකාශ කරයි. රාජාගේ උපන් බිම ඉන්දියාවේ මයිසූර් ප‍්‍රාන්තයයි. හැටේ දශකයේ රාජා ලංකාවට පය තබන්නේ ඉන්දීය මහරාජාවරයෙකුගේ ත්‍යාගයක් ලෙසිනි. ඒ ත්‍යාගයේ හිමිකාරයා වූයේ නීලම්මහර වෙද හාමුදුරුවෝය. නීලම්මහර හිමියන්ට රාජා ලැබුණේ උන්වහන්සේ මහරාජාගේ  රෝගියෙකු සුවපත් කිරීම නිසා එම සේවය ඇගැයීමක් වශයෙනැයි කියැවේ. කල්ගත වත්ම රාජාගේ ඊලග නවාතැන වන්නේ නැදුම්ගමුවේ වලව්වේ ඇත් පන්තියයි. නැදුන්ගමුවේ රාළහාමි නීලම්මහර හිමියන්ගෙන් රාජා මිලට ගන්නේ සිය ඇත් පවුර වර්ධනය කර ගැනීමේ අරමුණෙනි. වයසින් වැඩෙත්ම රාජාට නැදුන්ගමුවේ ඇත් පවුරේ හිමි වූයේ සුවිශේෂි ස්ථානයකි.පෙරහැරේ ගමන් කිරීම රාජාට පැවරුන ප‍්‍රමුඛ කාර්යයි. මේ වන විට රාජා පෙරහැරේ ගමන් කිරීම සම්බන්ධයෙන් විශාරදයෙකි.පනස් පස් වියැති රාජා මීට වසර පහකට පමණ පෙර සිට කන්ද උඩරට දළදා පෙරහැරේ ධාතු කරඩුව වැඩමවීට වරම් ලද්දේය.

‘‘මාලිගාවේ ධාතු කරඩුව වඩම්මන ඇතාට විශාල පෙර්ෂයක් තිබිය යුතුයි. උසස් පරම්පරාවක උපන් රාජාට හොද පෙෘර්ෂයක් තියෙනවා. නැදුන්ගමුවේ රාජා කියන්නේ ජාතික වස්තුවක්. ලංකාවට හිමි සංස්කෘතික දායාදයක්’’ රාජා පිළිබද මහ සමන් දේවාලයේ ප‍්‍රධාන බස්නායක නිළමේතුමා එසේ ප‍්‍රකාශ කරයි. එමෙන්ම රාජා දකුණු ආසියාවේ සිටින උසම ඇතා වීමේ භාග්‍ය හිමි කරගෙන සිටී. රාජාට උසින් අඩි 10.5 ක ශරීරයක් හිමිව තිබේ.

රාජා සොයා ගෙන ගිය අපට රාජා හමුවූයේ ඉංගිරිය පාදුක්ක මහා මාර්ගයේදීය.මහ සමන් දේවාලයේ පෙරහැර නිම කිරීමෙන් අනතුරුව රාජා කොල්ලූපිටියේ වාලූකාරාම පෙරහැරට එකතු වීමට ගමන් අරඹා තිබේ. ඇත් ගොව්වා වන කොඩිතුවක්කුත් ගෝලයා වන ජයසේනත් රාජා සමීපයෙන් ආරක්ෂකයෝ සේ සිටිති.

‘‘අපි ඇහැළියගොඩට ඇවිත් ඊයේ කිරිඇල්ලෙන් ඇතා බැන්දා. අද ගලගෙදර උපසේන අලි බාස්ගේ ගෙදරින් ඇතා බදිනවා. කොල්ලූපිටියට යන්න තව කොහොමත් දවස් කීපයක් යයි’’ කොඩිතුවක්කු කියයි. කොඩිතුවක්කු නැදුන්ගමුවේ වලව්වට සේවයට එන්නේ 1972දීය. නැදුන්ගමුවේ ඇත් පවුරේ ඇතින්නක් සින්නක්කරව බලා කියා ගන්නට ඔහුට පැවරුණ ප‍්‍රථම රාජකාරිය විය. ඒ ඇතින්න මිය යාමෙන් අනතුරුව රජාගේ සමීපතමයා වන්නට කොඩිතුවක්කුට හැකි විය. මේ වන විට කොඩිතුවක්කු නොමැතිව රාජා කිසිවක් නොකරන බව ජයසේන කියයි. ජයසේනටත් කොඩිතුවක්කුටත් වසරේ වැඩි දිනක් ගත කරන්නට සිදුව ඇත්තේ රාජා සමග මහ පාරේය. රාජා කිසි දිනෙක වාහනයකින් ගමන් බිමන් යන්නේ නැත. ලංකාවේ හීලෑ ඇතුන්ගෙන් පයින් ගමන් කරන්නේ නැදුන්ගමුවේ රාජාත්  මිල්ලන්ගොඩ රාජාත් පමණි.

‘‘අපි අවුරුද්දේ ඉස්සර වෙලාම ඇතා අරගෙන යන්නේ නුවර පෙරහැරට. ඊට පස්සේ ලූනාව, වාද්දුව, බෙල්ලන්විල, කෝට්ටේ, කැළණිය, මහ සමන් දේවාලයේ පෙරහැර අන්තිමට වාලූකාරාමේ පෙරහැරට ඇතා අරගෙන යනවා. නුවර පෙරහැරට අපිට යන්න දවස් පහක් විතර ගත වෙනවා.’’ කොඩිතුවක්කු කියයි. රාති‍්‍රයට ඇතා අතරමග පන්සලක බැදීමට පියවර ගනු ලැබේ. ඒත් ගෙදර වගේ රාජා පිට තැන් වල නිදාගන්නේ නැති බව ජයසේන කියයි.

‘‘රාජා අපිට දෙවිකෙනෙක්. මගේ දූ දරුවනුත් ජයසේනගේ පවුලත් රැකෙන්නේ රාජා හින්දා. අපිට රාළහාමි හොදට සලකනවා.’’ කොඩිතුවක්කු කියන්නේ දැසේ කදුථ පුරවාගනිමිනි. කොඩිතුවක්කු රාජාගෙන් ඈත්වන්නේ රාජාගේ කම්මුල් තෙමෙන විට පමණි. ඒ නොවැම්බර් මස සිට පෙබරවාරි මස තෙක් පමණි. පියවි සිහියට එන රාජා කොඩිතුවක්කු සමීපයට යන්නේ කීකරු පුතෙකු පරිද්දෙනි. මේ පුංචි මිනිසාට මේ සද්දන්තයා මහත් සෙනෙහසක් දක්වයි.

රාජාගේ දෛනික රාජකාරී සියල්ල සිදුකරන්නෙ කොඩිතුවක්කුත් ජයසේනත් විසිනි. රාජාගේ දිනක කෑම වේලකට පොල් අතු පණහක් කිතුල් ගස් බාගක් හා කොස් අතු කිහිපයක් අයත් වේ. දිනකට පැය 5ක් 6ක් දිය නෑමටද රාජා කැමැත්තක් දක්වයි. වලව්වේ සිටින විට හීන්පන්විල ඇලෙන් දිය නාගන්නා රාජා ඇත් පන්තියට නොගොස් කෙළින්ම එන්නේ වලව්වටය. රාජා එනතෙක් බලා ඉන්නා වලව්වේ ඇත්තන්ගෙන් රාජාට රස කෑම ලැබෙන්නේ එවිටය. නැදුන්ගමුවේ වලව්වේ දූවරුන් පස් දෙනාගෙන් ලොකු මැණිකේට රාජා විශේෂ ලැදියාවක් දක්වයි. රාජා අතිශය කීකරු තැම්පත් ඇතෙක් බව රාජාගේ වත්මන් හිමිකරු වන නැදුන්ගමුවේ හර්ෂ රාළහාමි පවසයි.

‘‘මාසෙකට රාජාට රුපියල් 40 000ක් විතර වියදම් වෙනවා. ඇත් ගොව්වටයි  ගෝලයටයි පඩි ගෙවනවා. ඇතාගේ කෑමටත් දවසකට රුපියල් 500ක් විතර වියදම් වෙනවා. රාජාට ලෙඩදුක් හැදෙනවා නම් අඩුයි.’’ හර්ෂ රාළහාමි දේශීය වෛද්‍යවරයෙකු බැවින් රාජාගේ ලෙඩට දුකට බලන්නට පහසුය. එහෙත් බඬේ අමාරුවක් පුංචි තුවාලයක් ඇරෙන්නට රාජාට මහ ලෙඩක් සෑදී නොමැත.

‘‘රාජා අපිට සම්පතක්’’ හර්ෂ රාළහාමි පවසයි.

The 55 year old tusker Nedungamuwa Raja, who carried the sacred relics on his back at the Ratnapura Saman Devala perahera on the 5, was the only animal in the pageant to remain calm when a heard of cattle suddenly walked into the procession. All other elephants and tuskers in the pageant were disturbed by the cattle making crowds run amok. Raja however remained calm and continued to walk in the pageant once the commotion eased. Born in India, Raja was a gift to the Neelammahara Veda Hamuduruwo by a Maharaja in the 60s. He was then brought by the Nedungamuwa Walawwa. For the past five years Raja has had the privilege of carrying the sacred tooth relic at the Kandy Dalada perahera. At 10.5 feet, Raja is the tallest tusker in South Asia. Raja is considered a national treasure.

  • Share/Bookmark

සින්දු හදන හාමුදුරුවෝ

September 9, 2009 by Editor  
Filed under Featured, Stories

Monk main

Musician monk

සාමාන්‍ය පන්සලක හිමිනමක් වැඩ වාසය කරන කුටියකින් සංගීත නාදයන් ඇසෙන්නේ නැති නමුත් බිබිලාදෙනියේ මහානාම හිමියන් වැඩ වාසය කරන කුටියේ නිරන්තරයෙන් සංගීත නාද ඇසෙන්නේය. ඇතැම් විට ගිටාරයේ හඩ උන්වහන්සේ වැඩ සිටින කුටියෙන් ඇසෙන අතර තවත් අවස්ථාවක සර්පිනාව වාදනය කරන හඩ එම කුටිය දෙසින් ඇසෙන්නේය.

ගිහි කාලයේදී සංගීතය පිළිබදව විශාල ඇල්මක් නොතිබුනත් වයස අවුරුදු දහයේදී පැවිදි දිවියට පැමිණි මහානාම හිමියන් සංගීතයට අත් පොත් තබන්නට වූහ. තමන් පැවිදි දිවියට පැමිණි පඩුවස්නුවර දිග්ගලගෙදර ශ‍්‍රී ශෛලාරාම නිකේතනයේදී සංගීත දිවිය ඉදිරියට ගෙනයාමට අවශ්‍ය සම්පූර්ණ සහයෝගය ලැබුණ බව මහානාම හිමියෝ කියති.

මහණ ජීවිතයත් සමගින් සංගීත දිවිය ආරම්භ කළ උන් වහන්සේ මේ වන විට සංගීත අධ්‍යක්ෂවරයෙක් වශනේ කටයුතු කරන්නේය. ඒ පමණක් නොව තනු නිර්මාණ ශිල්පියෙක් වශයෙන්ද සංගීත නිර්මාණයේ යෙදෙන්නේය. මේ වන විට සංගීත අධ්‍යක්ෂණයේ හා තනු නිර්මාණයේ යෙදෙන එකම භික්ෂුව වන්නේ මහානාම හිමියන්ය.

ගිහි ජීවිතයේදී කිසිම දිනෙක මහානාම හිමියන්ගේ ගෙදර සංගීත පරිසරයක් තිබුනේ නැත. ගිහි කල සිට සංගීතයට ඇල්මක් තිබුනත් දහම්පාසලේ සමිතියක් ඉදිරියට ගොස් කවියක් කීමට පවා උන්වහන්සේ දක්වා තිබුණේ මැලි කමකි.

‘‘ඉස්සර මම හරිම සබකෝලයෙන් සිටි අයෙක්. එක දවසක් දහම්පාසලේ සමිතිය ඉදිරියේ කවියක් කියන්න හාමුදුරුවෝ බල කළා. මේ නිසා තමයි කවියක් හරි ගිහින් කිව්වේ. ඉස්සර මම තවත් කෙනෙක් එක්ක කතාකරන්න පවා සබකෝලයක් දැක්වුවා.’’ මහානාම හිමියෝ කීහ.

මේ කාලය වන විට ශෛලාරාම නිකේතනයේ දහම් පාසලේ භක්ති ගීත කණ්ඩායමක් තිබුණි. සෑම වසරකම පොසෙන් පොහොයට භක්ති ගීත කණ්ඩායම භක්ති ගීත සංදර්ශණයක් ඉදිරිපත් කරයි. භක්ති ගීත කණ්ඩායම ගීත පුහුණුවන අයුරු කුඩා මහානාම සාමනේරයන් බලා සිටියේ දැඩි ආසාවකිනි. භක්ති ගීත කණ්ඩායමේ පුහුණුවීම් සදහා කුඩා ප‍්‍රමාණයේ විදුලි  ඕගනයක් තිබූ අතර මෙය වාදනය කරන ආකාරය උන්වහන්සේ නිතරම බලා සිටියහ. භක්ති ගීත කණ්ඩායම ගීත පුහුණුවීම් අවසන් කළ විට කුඩා මහානාම හිමියන්  ඕගනයේ යතුරු එකින් එක ඔබමින් එයින් නික්මෙන නාදයන් අසා සිටින්නට විය.

භක්ති ගීත පුහුණුව සිදු නොවන දිනවලදී විදුලි  ඕගනය රැුදුනේ මහානාම හිමියන් වැඩ සිටි කුටියේය. තමන්ගේ කුටියට විදුලි  ඕගනය රැගෙන ගිය මහානාම හිමියන් එය වාදනය කරමින් ක‍්‍රමයෙන්  ඕගන් වාදනයට හුරුවිය. මේ වන විට පන්සලේ සිටි කුඩා හිමිවරුන් සියලූදෙනාම මහානාම හිමියන්ගේ කුටියට පැමිණීම පුරුද්දක් කරගෙන සිටියේ උන් වහන්සේ එතරම් මිහිරි ලෙස  ඕගනය වාදනය කරන නිසාය.  ඕගන් වාදනය පුරුදුවූ ආකාරයටම ගිටාර් වාදනයද උන් වහන්සේට පුරුදුවීමට හැකිවිය. ඒ උන්වහන්සේ වැඩසිටි පන්සල ආසන්නයේ තිබූ තවත් පන්සලක භක්තිගීත කණ්ඩායමට අයත්ව තිබූ ගිටාරයක් ගෙනවිත් පුරුදුවීමෙනි.

‘‘සාමාන්‍ය අයෙක් සංගීත භාණ්ඩයක් ඉගෙන ගන්නවාට වඩා වැඩි ඉක්මනින් මට සංගීත භාණ්ඩ වාදනය කිරීම ඉගෙන ගැනීමට හැකියාව ලැබුණා.’’ උන්වහන්සේ කීහ.

මහානාම හිමියන්ට මුලින්ම සංගීත නිර්මාණයකට දායක වූයේ උන්වහන්සේ වැඩ සිටි පන්සලේ භක්ති ගීත කණ්ඩායමට භක්ති ගීතයක්් සදහා තනු නිර්මාණය කරමින්ය. ඒ තනුව නිර්මාණය වූයේ ‘‘මිස්සක පබ්බත හරි සිරියාවයි – මිහිදු සමිදු වැඩලා’’ යන බැති ගීතයටය.

‘‘මගේ ගුරු හාමුදුරුවන් වන වහන්තෙරේ සිද්ධාර්ථ හිමියන් මගේ දක්ෂතාවයන් හදුනාගෙන මට තනු නිර්මාණයක් සදහා අවස්ථාව ලබා දුන්නා. එතැනින් ආරම්භ කළ ගමනේ මම මේ වන විට තනු නිර්මාණ ශිල්පියෙක් වගේම සංගීත අධ්‍යක්ෂ වරයෙක් බවට පත්ව තිබෙනවා.’’ මහානාම හිමි පැවසුවේය.

මහානාම හිමියන් තනු නිර්මාණය කිරීමට පෙර සංගීතය පිළිබදව ශාස්ත‍්‍රීය අධ්‍යාපනයක් ලැබුවේය. පිරිවෙන් අධ්‍යාපනය ලබන අතරවාරයේදී සංගීතය හැදෑරීම සදහා උන් වහන්සේ වේලාවක් වෙන් කර ගත්තේය. ඇතැම් අවස්ථාවක පිරිවෙන් ගොස් පැමිණි පසු සංගීත ගුරුවරුන් වෙත ගොස් අධ්‍යාපනය ලැබුවේය. කුලියාපිටියේ වැඩ සිටින අවස්ථාවේදී සංගීත වේදියෙක් වන ඩෙන්ස්ටන් පෙරේරා වෙතින් උන්වහන්ස් සංගීත අධ්‍යාපනය ලැබුවේය. ඒ සංගීත පන්තියට වෙනත් කිසිදු සිසුවෙක් සහභාගී වූයේ නැත.

මේ වන විටත් උන් වහන්සේ සංගීත අධ්‍යාපනය හදාරමින් සිටින්නේය. පෙරදිග සංගීතය පමණක් නොව බටහිර සංගීතය පිළිබදව උන් වහන්සේ තවමත් හැදෑරීම් කරයි. ඒ මෙරට සිටින ප‍්‍රවීන සංගීත ආචාර්යවරුන් දෙදෙනෙක් යටතේය.

‘‘මම දැන් එක් ගුරුවරයෙක් යටතේ පෙරදිග සංගීතය හදාරනවා. තවත් ගුරුවරයෙක් යටතේ බටහිර සංගීතය හදාරනවා. මම තවමත් සති අන්තයේදී හා සවස් කාලයේදී තමයි සංගීත ගුරුවරුන් වෙත ගොස් සංගීතය හදාරන්නේ.’’ මහානාම හිමියෝ කීහ.

සංගීතය පමණක් නොව සංගීත අධ්‍යක්ෂණයද උන්වහන්සේ ඉගෙන ගත්තේය. ඒ මෙරට සිටින ප‍්‍රවීන සංගීත අධ්‍යක්ෂවරයෙක් වන දිලියුප් ගබඩාමුදලිගේ යටතේය. මේ වන විට මහානාම හිමියන් ගීත හැටක් පමණ අධ්‍යක්ෂණය කර තිබේ. එම සංගීත අධ්‍යක්ෂණ කටයුතු සදහා යොදාගන්නේ මීගමුවේ පිහිටි ශබ්දාගාරයක්ය.

‘‘මම මා විසින්ම තනු නිර්මාණය කරන ලද ගීත මෙන්ම වෙනත් තනු නිර්මාණ ශිල්පීන් විසින් තනු නිර්මාණය කරන ලද ගීත අධ්‍යක්ෂණය කරනවා. කිසියම් ගීතයක් පටිගත කිරීම සදහා අවශ්‍ය වූ විට මම ශබ්දාගාරය ඒ සදහා වෙන් කරවාගෙන අදාල නිර්මාණ කටයුත්ත සිදුරනවා.’’ මහානාම හිමියෝ කීහ.

මහානාම හිමියන් තමන්ගේ සංගීත අධ්‍යක්ෂණ කාර්යයයේදී නවීන තාක්ෂණය යොදාගන්නේය. මේ සදහා ඇතැම් අවස්ථාවක පරිඝනකය පවා යොදාගන්නේය. එහෙත් පරිඝනකයෙන් ගීත නාදයන් ලබාගන්නවාට වඩා වාද්‍ය කණ්ඩායමක් වෙතින් සංගීත නාද ලබාගැනීමට උන් වහන්සේ කැමැත්තක් දක්වයි.

‘‘අපි සංගීත නිර්මාණයක් කරන විට එය විදින්න  ඕන. සංගීත ශිල්පියෙක් වාද්‍ය භාණ්ඩයක් වාදනය කරන්නේ කිසියම් හැගීමකින් යුතුවයි. ඒත් වාද්‍ය ශිල්පියා ලබාදෙන ආකාරයේ හැගීමක් පරිඝනකයට ලබාදෙන්න බැහැ. ඒ නිසා මම මේ දෙකම මිශ‍්‍ර කරලා සංගීත අධ්‍යක්ෂණ කටයුතු කරනවා.’’ උන්වහන්සේ පැවසූහ.

සංගීත අධ්‍යක්ෂවරයෙක් ලෙසින් සිය දක්ෂතා පෙන්වන ආකාරයෙන්ම මහානාම හිමියන් තනු නිර්මාණයෙන්ද දක්ෂතා පෙන්වන්නේය. තනු නිර්මාණ ශිල්පීන් තමන් අතට පද නිර්මාණයක් ලැබීමට පෙර තනුවක් සකස් කරන නමුත් මහානාම හිමියන් කිසිම අවස්ථාවක පද මාලාවක් නොමැතිව තනුවක් නිර්මාණය නොකරයි.

‘‘පද රචකයා ගීතයට කිසියම් අර්ථයක් ලබාදෙනවා. මේ අර්ථය දැනෙන ආකාරයට තමයි තනුවක් නිර්මාණය කළ යුතු වන්නේ. මේ නිසා පද නිර්මාණය මගේ අතට පත්වීමට පෙර ගීතයක් සදහා තනු නිර්මාණයක් කරන්නේ නැහැ.’’ මහානාම හිමියෝ කීය.

තනු නිර්මාණයක් ආරම්භ කිරීමට පෙර ගී පද රචකයා ගීතයට ලබාදී ඇති අර්ථය පිළිබදව අවධානය යොමුකරයි. ගී පද රචකයා ගීතයට ලබාදී ඇති අර්ථය පිළිබදව අවභෝධයක් ලබාගැනීමට නොහැකි නම් පද රචකයාගෙන් ගීයේ අර්ථය පිලිබදව විමසන බව මහානාම හිමියෝ කීහ.

ගීතයකට තනුවක් නිර්මාණය කිරීම සදහා උන්වහන්සේට ගතවන්නේ සතියක් වැනි කාලයකි. තනු නිර්මාණය කරන අවස්ථාවේදී ඇති සංගීත භාණ්ඩය යොදාගෙන තනුවක් සකස්කිරීමට මහානාම හිමියන්ට පුළුවන. ඇතැම්විට සර්පිනාව යොදාගෙන තනුව නිර්මාණය වන විට තවත් විටක ගිටාරය හෝ වෙනත් සංගීත භාණ්ඩයක් යොදාගෙන තනුව නිර්මාණය වන්නේය.

බටහිර සංගීතයේ ආශ‍්‍රය ලැබුවත් තමන් සංගීත නිර්මාණයෙන් දායක වන්නේ බෞද්ධ ගීත හා ළමා ගීත සදහා පමණක් වන බව මහානාම හිමියෝ කියයි.

රවීන් කනිශ්ක නැමති නවක ගායකයා විසින් ගායනා කරන තුන්හෙළේ නැමති දේශාභිමානී ගීතය තමා විසින් තනු නිර්මාණය කරන ලද ගීත අතරින් වඩාම කැමති ගීතය වන බව මහානාම හිමියෝ කියති.

බෞද්ධ භික්ෂූන් වහන්සේලාට සංගීතය සුදුසු නැතැයි ඇතමුන් ප‍්‍රකාශ කරන නමුත් සංගීත නිර්මාණ කටයුතුවලින් ඈත් වන්නැයි බුදුන්වහන්සේ ප‍්‍රකාශ කර නැතැයි මහානාම හිමියෝ පවසති.

‘‘නච්ච ගීත වාදිත විසූක දස්සන මාලා ගන්ධ විලේපන ධාරණ මන්ඩප විභූස නට්ටානා වෙරමණී සික්ඛාපදං සමාදියාමි (නැටීම් ගැයුම්, වාදනය කිරීම්, සුවද විලවුන් ආලේපනය, සිත පිනවන දර්ශණ නැරඹීමෙන් වලකිමි) කියන සිල්පදය දස සිල්වලට ඇතුළත්වන නමුත් එය ප‍්‍රකාශ කර තිබෙන්නේ බීමත්ව කාන්තාවන් සමග නිරුවතින් චබ්බග්ගිය භික්ෂූන් වහන්සේලා නටමින් සිටීමේ සිදුවීමක් නිසා. මේක භික්ෂූන්ට පමණක් නොවෙයි ගිහියන්ටත් පොදුයි. ඒත් බුදුහාමුදුරුවෝ මොනම තැනකවත් සංගීත කටයුතු කරන්න එපා කියලා කියලා නැහැ.’’ මහානාම හිමියෝ කීහ.

තමන් සංගීත කටයුතුවල නිරතවීම පිළිබදව කිසිදු නායක හිමිනමක් මේ වන තෙක් විරෝධයක් පළකර නැතැයි මහානාම හිමියන් කියයි.

ලංකාවේ සිටින සංගීත නිර්මාණ ශිල්පීන්ට අභියෝග ත්‍නාකරන මහානාම හිමියන් බෞද්ධ ගීත සදහා තනු නිර්මාණය කරමින් මිනිසුන්ගේ සිත් සුවපත් කිරීම සදහා සංගීතය යොදාගැනීමට බලාපොරොත්තුවෙන් සිටින්නේය.

‘‘අපේ රටේ සිදු හදන්න  ඕන තරම් අය ඉන්නවා. මිනිසුන්ගේ අධ්‍යාත්මික සුවපත් භාවය වෙනුවෙන් සංගීත නිර්මාණය කිරීම තමයි මගේ බලාපොරොත්තුව.’’ මහානාම හිමියෝ පවසති.

Ven. Bibiladeniye Mahanama Thero’s interest in music began after he was ordained as a Buddhist monk at the age of 10. He received the necessary encouragement at the Diggalgedara Sri Shailarama institute in Panduwasnuvara where he was ordained. Ven. Mahanama Thero’s first experience with a musical instrument was when he played an electric organ that was being used for Bhakthi Gee practices at the temple. After learning to play the organ on his won, he learnt to play the guitar. Ven. Mahanama Thero says that although some have said music was not suitable for Buddhist monks, the Lord Buddha has not made any such references. The main aim of the musical monk is to create music that would bring about spiritual healing to people.

  • Share/Bookmark

ධම්ම පදය ඇලුමිනියම් පත්වල නිර්මාණය කළ අපූර්ව මිනිසා

August 26, 2009 by Editor  
Filed under Featured, Stories

Brass main

The man who inscribed the Buddhist sacred text on lead sheets

සමාන්‍ය මිනිසුන් අතර අසාමාන්‍ය හැකියාවෙන් පිරිපුන් මිනිසුන් ඇත්නම් ඒ අල්ප පිරිසකි. එවන් නිර්මාණශීලී සොඳුරු මිනිසුන් සැබැවින්ම සමාජය ලත් මහඟු සම්පත්ය. රුවන්වැල්ලේ පදිංචි හැටදෙහැවදිරි පරණ ගම්ලත් රාළලාගේ සෝමරත්න එවන් අපූර්ව හැකියාවෙන් සපිරුණු මිනිසෙකි. බෞද්ධයන්ගේ හා අන්‍ය ආගමිකයන්ගේද අවධානයට ලක්වූ ග‍්‍රන්ථයක් වන ”ධම්ම පදය” මේ වන විට එලෙසින්ම ඇලූමිනියම් පත්වල ලියවෙන්නේ ඔහුගේ නිර්මාණශීලී හැකියාවේ ප‍්‍රතිඵලයක් ලෙසිනි. ඇලූමිනියම් තහඩු වල පාලි අකුරු නෙරා මතුවී පෙනෙන ලෙස හාරසිය විසි තුනක් වූ ධම්ම පදයේ ගාථා කැටයම් කරන්නට සෝමරත්නට හැකිවී තිබේ.

”මට ලොකු උවමනාවක් තිබුණා වෙනස් විදිහෙ වැඩක් කරන්න. මම හොඳ බෞද්ධයෙක්. ඒ හින්දා මම තීරණය කළා මේ විදිහට ධම්ම පදයේ ගාථා සියල්ලම එම්බෝස් කරන්න. වැඬේ ටිකක් අමාරු වුණා. වැඬේ අවසන් වෙනකොට මගේ දකුණු අතේ මහපට ඇඟිල්ලත් ටිකක් ගෙවිලා. ඒ මොන බාධා තිබුණත් මේ වගේ වැඩක් කරන්න ලැබීම ගැන මම හුගාක් ආඩම්බර වෙනවා.” මේ දුෂ්කර කාර්යය සාර්ථකව අවසන් කළ සෝමරත්න සදහන් කරයි.

ගාථා කැටයම් කිරීමේ කාර්යය සඳහා සෝමරත්න යොදා ගෙන තිබුණේ නිවාස ඉඳිකිරීම සඳහා යොදා ගන්නා ඇලූමිනියම් තහඩු දොළහක් සහ තීන්ත අවසන් වූ කාබන් පෑන් කිහිපයක් පමණි. ” මේ වැඬේ කොහොමහරි කරනවා කියලා මට ලොකු අධිෂ්ධානයක් තිබුණා. ඒ හින්දම වෙන්න ඇති හරියටම අවුරුද්දක් ගත වෙනකොට මට ගාථා කැටයම් කරලා අවසන් කරන්න පුළුවන් වුණේ. ඇත්තටම පෑන් තුඩකින් තරමක් ඝණකම ඇලූමිනියම් තහඩුවක අකුරු නෙරා මතු වී පෙනෙන විදිහට ගාථා කැටයම් කරන එක පහසු දෙයක් නෙවෙයි. ඒකට ලොකු ඉවසීමක් අවශ්‍ය වෙනවා. ’’ දෑතේ වීරියෙන් නිම කළ සිය නිර්මාණය පිළිබඳව සතුටුවන සෝමරත්න පවසයි.

ධම්ම පදය කැටයම් කොට අවසන් කළ පසු සෝමරත්න එයට වටිනාකමක් ලබා දෙන්නට තීරණය කළේය. ඒ මුදලින් නොවේ. මෙම නිර්මාණයේ වටිනාකම ලැබෙන්නේ එය නියමිත ස්ථානයකට බාර දීමෙන් පමණක් යැයි ඔහු සිතූ නිසාය. එම කැටයම් තහඩු දොළහ ගමේ පන්සලට පරිත්‍යාග කරන්නට සෝමරත්න තීරණය කළේ ඉන් අනතුරුවය. ඒ අනුව ධම්ම පදය කැටයම් කළ තහඩු සියල්ලම රුවන්වැල්ල යටන්වල ශ‍්‍රී වාළුකාරම විහාරස්ථානයට පූජා කෙරිණි.
‘‘ මම හිතන්නේ මේ වගේ දෙයක් ශ‍්‍රී ලංකාවේ පළමු වරට නිර්මාණය කෙරුවේ මේ සෝමරත්න මහතායි. මෙය විශිෂ්ඨ අසාමාන්‍ය නිර්මාණයක්. මහත් කැපවීමෙන් හා වෙහසකින් කාලය කැප කරලා මෙවැනි නිර්මාණයක් කරන්න පුදුම සංයමයක් තිබිය යුතුයි. මේ නිර්මාණයේ වටිනාකම තියෙන්නේ එතනයි. ඇත්තටම මේ නිර්මාණය අපේ පන්සලට ලැබීම අප ලද භාග්‍යක් හා ගෞරවයක් කොට මා සලකනවා.’’ යටන්වල ශ‍්‍රී වාලුකාරාමය උප විහාරාධිපති ඇත්ඔය ශ‍්‍රී සුනන්ද හිමියෝ පැවසූහ.

තමා මෙවැනි විවිධ කලා කෘති නිර්මාණය කිරීම ආරම්භ කළේ සිය පාසල් අවධියේ සිටම බව සෝමරත්න ප‍්‍රකාශ කරයි. විශේෂම කාරණය වන්නේ ඔහු සහජ හැකියාවෙන් නිර්මාණ කටයුතු කිරීමයි. ගුරුවරයෙක් යටතේ ශිල්ප ප‍්‍රගුණ නොකළ සෝමරත්න නිර්මාණශීලී අත්දැකිමෙන් සපිරුණු මිනිසෙකි. ඔහු කුඩා ප‍්‍රමාණයේ චෛත්‍යයක්ද නිර්මාණය කොට තිබේ. ඔහු ඒ සඳහා සුවිශේෂි බදාම වර්ගයක්ද සකස් කොට ගත්තේය. හුඹස් මැටි සහ සිමෙන්ති මිශ‍්‍ර කොට සාදා ගනු ලැබු එම බදාමය යොදා ඔහු කිරි ටොෆි ප‍්‍රමාණයේ ගඩොල් කැට කැපුවේය.  ඉන් අනතුරුව නියමිත තාක්ෂණයට ඔහු ගඩොලින් ගඩොල තබා චෛත්‍ය නිර්මාණය කළේය.

‘‘ මෙය කුඹල සහිත කුඩා චෛත්‍යක්. බුදු ගෙයක් හැටියට භාවිතා කරන්නත් පුළුවන්. ’’ සෝමරත්න එසේ කියා සිටි.

බොහෝ කලාත්මක හා වටිනා නිර්මාණයන් බිහි කළද ඒවා තමන්ට පමණක් සීමා කොට ගෙන නිහඬව සිටින්නට සෝමරත්න මහතාට සිදු වී තිබේ.

‘‘ඇත්තටම මම අලුත් දෙයක් කරලා කිහිප සැරයක්ම මේ රටේ අදාළ අංශ වලට යොමු කළා. අන්තිමට එය මගේ නිර්මාණයක් ලෙස නෙවෙයි ඔවුන්ගේ සොයා ගැනීමක් ලෙස ප‍්‍රසිද්ධ කළා. මම ඔය ගැන කතා කරන්නටත් කැමති නැහැ. අන්තිමට මට කල කිරීමක් විතරයි ඇති වුනේ. ’’

එහෙත් සිය කලා කෘති සඳහා වාණිජ වටිනාකමක් ලබා ගැනීමට කිසිදු අවශ්‍යතාවයක් නැතැයි සෝමරත්න පවසයි.

‘‘මම වෘත්තීමය නිර්මාණකරුවෙක් නොවේ. මම මගේ තෘප්තිය සඳහා නිර්මාණ කරනවා. මගේ මේ හැකියාව මට තව කෙනෙකුට ලබා දෙන්න පුළුවන්කමක් නැහැ. මම ඉගෙන ගත්ත ශිල්ප ඥානයක් නැහැ. තියෙන්නේ අත්දැකීමෙන් ලබා ගත් හැකියාවක් පමණයි. ඉගෙන ගත්තු දෙයක් නැතිව තව කෙනෙකකුට ශිල්පයක් උගන්වන්න බැහැ කියලයි මට හිතෙන්නේ. මගේ හැකියාව සංසාරික පුරුද්දක් ලෙයසි මා දකින්නේ. මගේ ඊළඟ බලාපොරොත්තුව ලී කොටයකින් කුඩා ප‍්‍රමාණයේ සැතපෙන බුදු පිළිම වහන්සේ නමක් නිර්මාණය කිරීමයි. ’’ සෝමරත්න අවසන්
වශයෙන් කීවේය.

  • Share/Bookmark

මරද මඩු මෑණියණි, අපි ඔබේ සරණ පතා එන්නෙමු

August 18, 2009 by Editor  
Filed under Featured, Stories

Madhu main Devotees flock to Madhu

‘‘ආවේ මරියා……ආවේ මරියා…..ආවේ මරියා….’’ මරදමඩු මෑණියන්ගේ ආශිර්වාදය පතමින් පැමිණි ලක්ෂ සංඛාත බැතිමතුන් අගෝස්තු 15 වැනිදා මඩු පල්ලියේදී දේව පූජාවට සහභාගී වෙමින් සිටියදී ගැයූ දේව ගීතිකා දසත පැතිරෙන්නට විය.

වසර තිහකට ආසන්න කාලයක් තිස්සේ පැවති ගැටුම් අවසන්වී මෙන් පසුව සාමාකමී පරිසරයක් තුළ මරදමඩු මංගල්‍යයට පැමිණ සිටි ලක්ෂ පහකට වැඩි කිතුනු බැතිමතුන්ගේ මුවින් නික්මුනේ අප වෙනුවෙන් යාඥා කරන ලෙස දේව මෑණියන්ගෙන් ඉල්ලා සිටින යැදුම්ය.

මේ කිතුනු බැතිමතුන් මරද මඩු දේව මෑණියන්ගේ පිහිට පැතීමට පැමිණ තිබුනේ නව බලාපොරොත්තු සිතේ රදවාගනිමිනි. මඩු මංගල්‍ය පැවැත්වෙන දිනවල උදෑසන මඩු පල්ලියට හිරු පායන්නේ ආන්දවනේ (දෙමළ බසින් දෙවියනේ) යනුවෙන් වන යැදුම් මඩු ප‍්‍රදේශය පුරා ඇසෙමින් පවතින විටදීය.

ලංකාවේ පැවති යුද ගැටුම් නිසා කිතුනු බැතිමතුන් මඩු වන්දනාව ක‍්‍රමයෙන් අඩුකර තිබුනේය. වසර තිහකට ආසන්න කාලයක් තිස්සේ පැවතියුද ගැටුම් අවසන් වීමත් සමග කිතුනු බැතිමතුන් මඩු වන්දනාවට පැමිණියේ හිතේ කිසිදු බියකින් තොරවය. ඔවුන්ගේ සිත් දෙව් පියාණන් හා දේව මෑණියන් කෙරෙහි වන බැතියෙන් පිරී තිබුනේය.

මේ වසරේ මඩු මංගල්‍යය අගෝස්තු 15 වැනිදා පැවති අතර මඩු වන්දනාකරුවන් අගෝස්තු මස හයවැනිදා සිටම මඩු පල්ලිය වෙත පැමිණෙමින් තිබුනේය. මඩු මංගල්‍යය පැවති දිනයට පෙර දිනයේදී අනුරාධපුරයේ සිට මැදවච්චිව දෙසට ඇදෙන වාහන විලින් විශාල සංඛ්‍යාවක ඉදිරපස සැරසී තිබුනේ මරද මඩු මෑණියන්ගේ රුවකිනි.‘‘මරද මඩු මෑණියණි අපි ඔබේ සරණ පතා එන්නෙමු.’’ යනුවෙන් සදහන් බැනරයක් එල්ලා තිබුනේ බස් රථයක ඉදිරිපසය. බස් රථ වෑන් කාර් ලොරිවල පමණක්  නොව ත‍්‍රීරෝද රථ එබල් ඩෙකර් බස් රථයක හා යතුරු පැදිවල  නැගුණු පිරිස් අනුරාධපුරදෙස සිට මැදවච්චිය දෙසට ගමන් කරමින් සිටියේය.

මෙම වාහන වලින් බොහෝමයක කෑම උයාගැනීමට ගෙනයන හට්ටි වලං තිබුනේය. මේවාට අමතරව ඇතැම් වාහනවල ගෑස් ටැංකි මෙන්ම දර ගොඩවල්ද ගොඩ ගසා තිබුනේය.

මැදවච්චිය නගරය පසුකරනවාත් සමගින් මේ වාහන සියල්ලම ආරක්ෂක හේතූන් මත කාලයක් වසා දමා තිබූ මැදවච්චිය මන්නාරම මාර්ගයට හැරවූවේය. මේ වාහන සියල්ලේම ගමනාන්තය වූයේ එක් ස්ථානයකි. එනම් මඩු පල්ලියයි.

මැදවච්චිය මන්නාරම මාර්ගයේ කිලෝමීටර කීපයක් ගියතැන මුර කපොල්ලක් විය. පොලීසිය හා හමුදාව සිටින මේ මුර කපොල්ලේ සියලූම වාහන පරීක්ෂාවට ලක්නොවූ නමුත් වාහනයේ අංකය ආරක්ෂක අංශ විසින් සටහන් කරගෙන රෝස පැහැති කොළ කැබැල්ලක වාහනයේ අංකය ලියා එය වාහනයේ ගමන්කරන අයට ලබාදෙන්නේ වාහනයේ ගමන් කරන මගීන් සංඛාව පිළිබදව සටහනක් සමගින්ය. මේ මුර කපොල්ලේ නවතා ඇති වාහන නිසා මීටර සිය ගණනක වාහන පෝලිමක් දකින්න ලැබුණ නමුත් වාහනවලට පෝලිමේ සිටීමට සිදුවන්නේ විනාඩි කීපයක් පමණි. ආරක්ෂක අංශ විසින් කඩිනමින් වාහන පිළිබදව සටහනක් ලබාගන්නා නිසා වාහන පෝලිම ඉක්මන් ගමනින් ඉදිරියට ඇදුණි.

එම මුර පොල පසුකර නෙරියකුලම් දෙසට යන විට තේ කඩයක් විය. තවත් ටික දුරක් යන විට තේ කඩ දෙක තුනක් වූ අතර මේවා අසල වාහන නවතා බැතිමතුන් ආහාර පාන ගත්තේය.

මඩු වන්දනාවේ යන බැතිමතුන් ගමන්ගන්නා අතර වාරයේ මග දෙපස මීටර කීපයෙන් කීපයට ආරක්ෂක අංශ රදවා තිබුනේය. පාරේ කිලෝමීටර ගණනක් ගිය පසුව බැතිමතුන්ට දකින්න ලැබුනේ කටු කම්බිවලින් හා පොල් අතුවලින් වට කර ඇති අක්කර සිය ගණනක බිම්ය. මේවායේ සිටියේ යුද ගැටුම්වලින් අවතැන්ව සිටින අයයි. වන්දනාකරුවන් ආනන්ද කුමාරස්වාමි රාමනාදන් හා අරුනාචලම් සහන ගම්මාන පසුකර යන විටදී අවතැන් කදවුරුවල සිටි කීපදෙනෙක් පමණක් වාහන ගැන අවධානය යොමුකළ අතර අනික් අය කදවුරුවලට වී සිටින අයුරු වැටවල් අතරින් දකින්න ලැබුනේය.

madhu 1මැදවච්චි පසුකර මඩු දෙසට පැමිණි වන්දනාකරුවන්ට දෙවැනි මුරපොල හමුවූයේ වව්නියාව මන්නාරම මාර්ගය එක්වන ස්ථානයේදීය. එම ස්ථානයේදී වාහනවල ගමන්ගන්නා රියදුරන්ගේ විස්තර සටහන් කරගන්නා අතර මැදවච්චිය මුරපොල පසුකර එන වාහන සියල්ලම මේ මුරපොලට පැමිණියාද යන්න පිළිබදව සටහනක් තබාගත්තේය.

මෙතැනින් ගමන්ගන්නා වන්දනාකරුවන්ට මඩු පල්ලියට පිවිසීමේදී හමුවූ අවසාන ආරක්ෂක මුර කපොල්ල මෙන්ම මඩු වන්දනාකරුවන් පරීක්ෂාකරන අවසාන මුර කපොල්ල වන මඩු පාර මන්සන්ධියේ පිහිටි මුර කපොල්ල දක්වා කිසිම තැනකදී වාහන නවතා පරීක්ෂා කළේ නැත. මඩු පල්ලියට පිවිසීමට පෙර හමුවන අවසාන මුර කපොල්ල විශාල මුර කපොල්ලකි.  මෙතැනදී සියලුම වාහන පමණක් නොව වන්දනා කරුවන් සියලුදෙනාම පරීක්ෂාවට ලක්විය.

දහස් ගණනින් වන්දනාකරුවන් මඩු පල්ලියට යෑමට පැමිණි නමුත් මෙතැන විශාල පොලිම් හෝ තදබදයන් දකින්නට නොලැබුනේය. වන්දනාකරුවන් ගමන්ගන්නා වාහනයේ අංකයේ සිට එංජිම දක්වා වන සියලුම විස්තර ඉල්ලා ආරක්ෂක අංශ විසින් ලබාදෙන පොරමය පිරවීමෙන් පසුව වාහනය පරීක්ෂා කිරීමට එක් ස්ථානයකට යවන අතර තවත් තැනක වන්දනාකරුවන්ගේ සිරුරු පරීක්ෂා කරන්නේය. මේ අතරවාරයේදී වාහනයේ ගමන්ගන්නා මගීන්ගේ නම් හා හැදුනුම්පත් අංක සදහන් ලේඛනයක් ලබාදීමෙන් පසුව වාහනය හා මගීන් පරීක්ෂා කළ බවට සදහන් කොළ කැබැල්ලක් වන්දනාකරුවන්ට ලබාදුන්නේ ඔවුන් අනුගමනය කළ යුතු දේ පිළිබදව සටහනක් සමගින්ය. ඒ අනුව මඩු පාර මංසන්ධිය පසුකිරීමෙන් පසුව පල්ලියට ළගාවනතෙක් කිසිම වාහනයකට මග දෙපස නතර කළ නොහැක. අගෝස්තු 16 වැනිදාට පෙර පල්ලිය භූමියෙන් සියලූම වන්දනාකරුවන් ඉවත්විය යුතුයැයි එහි සදහන් විය.

මඩු පාර මංසන්ධියෙන් පල්ලිය දෙසට හැරෙන ස්ථානයේ මඩු මාතාව වෙනුවෙන් ඉදිකළ සුරුවමකි. මේ සුරුවම ලා නිල් පැහැයෙන් දිළෙන්නේ මඩු බැතිමතුන්ගේ සිත් දේව බැතියෙන් පුරවාලමිනි.

‘‘ඉස්සර වගේ නෙමෙයි, මඩු පාර හංදිය අසල අලුතින් තොරණ හදලා තියෙනවා. මේක දැක්කාම හරි සතුටක් ඇතිවුනා.’’වෙන්නප්පුවේ සිට මඩු වන්දනාවට පැමිණ සිටි ලෙස්ලි ප‍්‍රනාන්දු කීවේය.

මඩු පාර මංසන්ධියෙන් පල්ලිය දෙසට හැරී ගමන් ගන්නා මාර්ගය දෙපස සිටිනේ අවි ගත් ආරක්ෂක භටයින්ය. බිම්බෝම්බ ඉවත් කර නොමැති බව සදහන් කෙරෙන මිනී ඔලුවක රූපයකින් යුත් රතු පැහැති සළකුනු පාර දෙපස ඇති කැළෑ පෙදෙස දකින්න ලැබෙන්නේය.

මඩු මෑණියන්ගේ ආශිර්වාද පතා පැමිණෙන බැතිමතුන් මඩු පල්ලියට පැමිණීම ආරම්භ කළේ අගෝස්තු මාසයේ මුල් සතිය අවසානයේදීය. ඇතැම් බැතිමතුන් අගෝස්තු 15 වැනිදා පැවැත්වෙන මංගල්‍ය පූජාවට සහභාගී වන තෙක් මඩු පල්ලි භූමියේ රැදී සිටින්නේය. මෙසේ රැදී සිටින බැතිමතුන්ට නවාතැන් ගැනීමට හෝටල් තානායම් හෝ විශ‍්‍රාම ශාලා මඩු පල්ලිය අසල නැත. ඇත්තේ පල්ලියට අයත් කාමර කීපයක් පමණි. බැතිමතුන්ට නවාතැන් ගැනීමට මේ කාමර කිසිසේත්ම ප‍්‍රමාණවත් නොවීය. මේ නිසා ලක්ෂ ගණනක් වන බැතිමතුන් මඩු පල්ලිය අවට කූඩාරම් ගසාගනිමින් තාවකාලිකව නවාතැන් ගත්තේය.

බස් රථවලින් පැමිණි බැතිමතුන් විශාල කූඩාරම් තනද්දී තවත් බැතිමතුන් පිරිසක් ශෙල් ප‍්‍රහාරයන්ට ලක්ව බිත්ති පමණක් ඉතිරිව තිබූ කාමරයක වහලට ටෙන්ට් රෙදි යොදාගෙන තාවකාලික නවාතැනක් සකස් කරගෙන තිබුණි. දුප්පත් පෝසත් බේධයකින් තොවර මොවුන් මෙලෙස කූඩාරම් ගසාගෙන සිටියේය. බීමට ජලය ගැනීමට තැන තැන වතුර ටැංකි තබා තිබූ අතර බැතිමතුන් ළිං අසල එක්ව සිටියේ නෑමයට. තමන්ගේ ගෙවල් අසල නාන ඇදුම පිටින පාරේ නොයන බැතිමතුන් මෙදින තෙත ඇදුම් පිටින් තමන්ගේ කූඩාරම් වෙත ගමන් කිරීම සුලබ දසුනක් විය.

මංගල්‍යය ආරම්භවීමට පෙර සිට පල්ලියට පැමිණි බැතිමතුන් නොයෙක් පූජාවන් පැවැත්වූවේය. පල්ලියේ අල්තාරය දක්වා දණගසාගෙන ගොස් නොයෙක් භාරයන් ඉටු කළේය. පල්ලියේ ඇතුළත ඇති වලකින් බැතිමතුන් පස් ගැනීමට පෙළ ගැසී සිටියේය. මරදමඩු මෑණියන්ගේ පිළිරුව කාලයක් සගවා තිබූ ගසක් තිබූ බවට විශ්වාස කරන කිතුණු බැතිමතුන් ශුද්ධවූ පස්  බෑග් වලට පමණක් නොව අතේ තිබූ ලේන්සු තුවා හා කොළවලට එක්කර ගත්තේය. මෙම පස්වල ප‍්‍රාතිහාර්ය බලයක් ඇතැයි කිතුනු බැතිමතුන් විශ්වාස කරන්නේය.

පෘතුගීසි පාලන සමයේදී ඉන්දියාවේ සිට 1500 කාලයේදී ලංකාවට වැඩම කළවූ මඩු මාතාවගේ ප‍්‍රතිමාව කලක් ගසක කුහරයක සගවා තිබියදී දර කපන්නෙක් විසින් 1670දී සොයාගෙන ඇතැයි කිතුණු බැතිමතුන් විශ්වාස කරන්නේය. මේ ගස තිබූ තැන පල්ලිය ඉදිකර තිබෙන අතර බැතිමතුන් පස් ගෙනයන්නේ මේ ගස තිබූ බවට විශ්වාස කරන තැනෙන්ය.

‘‘මරිය මාතාව මෙකෙත් කල් අපව ආරක්ෂා කළා.’’ මඩු වන්දනාවේ පැමිණි වසය අවුරුදු හැත්තෑවක් වන බෙනඩික් පීටර් කීවේය.

මංගල්‍ය පූජාව පැවැත්වීමට පෙර අගෝස්තු 14 වැනිදා සවස පූජාව ආරම්භ වූයේ මල් වරුසාවක් මැදය. ගිනියම් පොළවට මේ මල් වරුසාව සිසිලක් ගෙන දුන්නේය.

කිසිදු බියකින් තොරව බැතිමතුන් දේව පූජාවට සහභාගීවූ නමුත් යුද්ධය පැවති කාලයේදී බැතිමතුන් කුඩා පිරිසක් මඩු මංගල්‍යයට සහභාගීවී තිබුනේය. ‘‘අපි ආවා. පූජාවට සහභාගී වෙලා ආපසු ගියා. අපිට මෙතැන රැදී සිටීමට කිසිම උවමනාවක් තිබුනේ නැහැ.’’ ප‍්‍රනාන්දු කීවේය.

2008 වසරේ අපේ‍්‍රල් මාසය ආරම්භ වන විට පල්ලිට අවට ප‍්‍රදේශයට ශෙල් ප‍්‍රහාර එල්ලවන්නට වූ අතර මඩු මෑණියන්ගේ ප‍්‍රතිමාව ආරක්ෂාකරගැනීමට එය වෙනත් තැනකට වැඩම කරවීමට පල්ලියේ සිටි පූජකතුමන්ලා තීරණය කළේය.

‘‘අපේ‍්‍රල් තුන්වැනිදා හවස හටය විතර පැය භායක් තිස්සේ ශෙල් ප‍්‍රහාර එල්ලවීම නතරවී තිබුණා. නමුත් අධික වර්ශාව නිසා අපිට පිටත්වෙන්න පුළුවන් කම ලැබුනේ හවස 6.30ට විතර. ශෙල් ප‍්‍රහාර මැදින් කිලෝමීටරයක් විතර යනවිට අපි ගිය වෑන් එක ඉස්සරහට ශෙල් වැටුණා. එත් අපි විනාඩි පහළොවක් විතර ගිහින් අනතුරුදායක ප‍්‍රදේශය පසුකළා.’’ මඩු පල්ලිය අවට යුද් ගැටුම් දරුණුව තිබූ කාලයේ පල්ලියේ භාරකාරත්වය දැරූ එස්. එමිලියානස්පිල්ලේ පියතුමා පැවසුවේය.

මඩු පල්ලියේ තිබූ දේව මාතාවගේ පිළිරුව පෙරියමඩු හරහා තේවාන්පිට්ටිහි ශාන්ත සේවියස් පල්ලියට වැඩම කරවීය. ආරක්ෂක හමුදාවන් තේවාන්පිට්ටි ප‍්‍රදේශය අල්ලා ගැනීමෙන් පසුව ජූලි මරදමඩු මෑණියන්ගේ පිළිරුව නැවත වරක් මන්නාරමට වැඩම කළවූවේය. මෙය වැඩම කළවූයේ කිළිනොච්චිය,  ඕමන්තායි හා වව්නියාව ඔස්සේය. ඉන් පසුව මඩු පල්ලියේ මංගල්‍ය පූජාවක් පැවැත්වූයේ 2008 නොවැම්බර් මාසයේදීය.

Madhu 2ගැටුම් හමුවේ මරදමඩු මෑණියන් වැඩම සිටි පල්ලියට කිසිදු හානියක් නොවන විටදී ඒ අවට තිබූ ගොඩනැගිලි හානිවී  තිබුනේය.  මඩු මාතාවන් වැඩසිටි පල්ලිය අසලම ඇති පල්ලියේ තිබූ ජේසුතුමන්ගේ සුරුවම ගැටුම්වලින් හානිවී තිබුනේය. වෙඩි උන්ඩ හෝ ශෙල් කැබලි වැදී ඇති සලකුණු පැහැදිළිව පෙනෙන්න තිබුණි. විනාශවී තිබූ එම සුරුවම අසලට පැමිණි බැතිමතුන් ඉන් ආශිර්වාද පතා යාඥා කළේය.

‘‘මේක හාස්කමක්. (මඩු මෑණියන් වැඩම සිටි) පල්ලියට කිසිම හානියක් වෙලා නැහැ.’’ අනුරාධපුරයේ සිට පැමිණි මැදවච්චියේ විමල හිමියන් පැවසුවේය.

අගෝස්තු 15 වැනිදා හිරු උදාවත් සමගින් මඩු පල්ලියේ මංගල්‍ය පූජාව ඇරඹෙද්දී ලක්ෂ ගණනක් බැතිමතුන් ස්ථිර සාමයක් පතා දේවමෑණියන්ගේ පිහිට පැතුවේය. රටට සාමයක් ලගාකර දෙන ලෙස දෙවියන්ගෙන් ඉල්ලා සිටියේය.

මේ පූජාව අතරවාරයේදී මඩු මෑණියන්ගේ ප‍්‍රතිමාව පල්ලියවටා වැඩම කරවන අතර වාරයේ බැතිමත්තු මහත් බැතියෙන් දෑත් දිගුකර සිය ප‍්‍රාර්ථනාවන් දෙවියන්ට යොමුකළේ කුඩා ළමුන් පියවරුන්ගේ කර මත සිටියදීය. මේ වේලාවේ බැතිමතුන් දෙවියන් වෙනුවෙන් ගීතිකා ගායනා කළ අතර මඩු මෑණියන්ගේ ප‍්‍රතිමාව තමන් අසලින් වැඩම කරන විට බැතිමත්හු ‘‘ආවේ මරියා’’ යැයි ගායනා කරන්නට විය.

දේව පූජාව අවසන්වීමෙන් පසුව දිව්‍ය සප‍්‍රසාද වහන්සේ වැඩම කළවූ අතර පූජකතුමන්ලා විසින් බැතිමතුන්ට දිව්‍ය සප‍්‍රසාද වහන්සේ ලබාදුන්හ. මෙය ලබාගැනීමට බැතිමතුන් එක්පෙළට වී සිටියහ.

‘‘ලංකාවේ සෑම දෙසකින්ම බැතිමතුන් මේ වෙලාවේ ඇවිත් තියෙන්නේ දේව මාතාවට ගෞරව ආචාර කිරීමත් අපගේ ජීවිත වලට අවශ්‍යදේවල් ඉල්ලා සිටීමත්.’’ මංගල්‍ය පූජාව පවත්වමින් අගරදගුරු රංජිත් මැල්කම් පියතුමා පැවසූහ.

‘‘ජාතිය එකතුකිරීමට මඩු මංගල්‍ය සහෝදරත්වයේ සංකේතයක්. මේ මගින් ජාතිය එකතුකරන්න පුලුවන් කම තියෙනවා.’’ විමල හිමියෝ කීහ.

‘‘මේ වසරේ මංගල්‍ය පවත්වන්නේ වෙනස් තත්වයක් තුළයි. මේ රට අගාධයකට ඇද දැමූ යුද්ධය මේ වන විට අවසන් වෙලා තියෙනවා. සාමාකාමී පරිසරයක් ගොඩනැගෙමින් තියෙනවා.’’ මැල්කම් පියතුමා කීහ.

යුද ගැටුම් අවසානයේදී අවතැන්වූවන් බවට පත්ව සිටින 280,000ක අවතැන්වූවන් වෙනුවෙන්ද මෙහිදී යාඥා කළේය. ඔවුන්ට හැකි ඉක්මනින් නැවත තමන්ගේ ගම් බිම් වෙත යාමට හැකියාව ලැබේවායි අගරදගුරුතුමන් දෙවියන්ගෙන් ඉල්ලා සිටියේය.

මඩු මංගල්‍යයට බෞද්ධ හිමිවරුන් පවා වැඩම කරවීමෙන් එක රටක් ලෙසින් එක්වීමට ඇති අභිලාශය පෙන්නුම් කරන්නේයැයි උන්වහන්සේ සදහන් කළහ.

‘‘මරිය මාතාව අපිට සාමය හා බලාපොරොත්තුව ලබාදෙන බව අපි විශ්වාස කරනවා. දැන් අපිට හොද රටක් වෙනුවෙන් ප‍්‍රාර්ථනා කරන්න පුළුවන්.’’ මන්නාරමේ සිට සිය පවුල සමග මඩු වන්දනාවට පැමිණි සිංගරායන් සෙලස්තීන් කීය. යුද්ධය නිසා සෙලස්තීන්ගේ ජීවිතය කඩා වැටී තිබුණි. ඔහුගේ දරුවන් දෙදෙනෙක් ගැටුම්වලට මැදිව මියගොස් තිබූ අතර තවත් අයෙක් අවසන් සටන පැවති කාලයේදී අතුරුදහන්ව තිබේ.

‘‘මම දැන් මහළුයි. තවත් බොහෝ කාලයක් මට පවුලේ අය බලාගන්න පුළුවන් කම ලැබෙන්නේ නැහැ.’’ හෙතෙම කියයි.

‘‘දේව මාතාව අපි එකට එක්කර තිබෙනවා. අපට බලාපොරොත්තුවක් දී තිබෙනවා. ඒ අනුව එකට ජීවත්වීම අප කළ යුතු දෙයක්.’’ ඔහු කීවේය.

Following the end of the three decade long conflict in the country, over 500,000 devotees flocked to Madhu for the church feast. Devotees commenced flocking into Madhu from August 6 for the feat that was held on August 15. Many who flocked to Madhu stayed in tents till the end of the feast. Some even built themselves temporary shelters by fixing a make shift roof over rooms that have been left roofless due to bomb attacks during the war. Regardless of caste and creed, devotees at Madhu called on the Lord to pray and protect everyone. Due to the end of the war, the security checking on the road to Madhu was not too arduous. The three checkpoints commencing from the Medawachchiya-Mannar road kept records of all who traveled to Madhu. Interestingly, on the road to Madhu, devotees had to pass two IDP camps set up for the war displaced that was demarcated by an iron fence.

  • Share/Bookmark

විශ්මිත වාරි උරුමය පරාක‍්‍රම සමුද්‍රය

August 17, 2009 by Editor  
Filed under Featured, Stories

parakramasamudraya mainUntold story of the Parakrama Samudra Tank

අපගේ මුතුන් මිත්තන්ගේ දෑතින් මේ දක්වා ඉදිකොට ඇති විශ්ෂ්ටතම වාරි නිර්මාණය පරාක‍්‍රම සමුද්‍රය බව බොහෝ දෙනකු මෙතෙක් අවබෝධ කොට ගෙන නැත.පරාක‍්‍රම සමුද්‍රයේ සුවිශේෂ ලක්ෂණයක් වනුයේ මෙරට වාරි කර්මාන්තය වැව් සංකල්පයෙන්  සමුද්‍ර සංකල්පයට පිවිසීමය. සමුද්‍රයේ විශාලත්වය දැක්විම සදහා වැව් බැම්මේ ගල් ටැම් සිටුවා දිවයිනේ අනෙකුත් විශාල වැව් බැමි වල දිග පරාක‍්‍රම සමුද්‍ර බැම්මේ දිගත් සමග සසදා දක්වා ඇත.

පරාක‍්‍රම සමුද්‍රය එක් වැවක් පමණක් නොවේ .එය වැව් සංකීර්ණයකි. එම සංකීර්ණයට තෝපා වැව එරමුදු වැව දුඹුටුලූ වැව කලහගල වැව හා භූ වැව අයත් වේ . පරාක‍්‍රම සමුද්‍රයේ විශ්මය වන්නේ විශාලත්වය පමණක් නොවේය. මේ සා විශාල ජල කදක් පාලනය කොට හසුරුවා ඇළමං ඔස්සේ කෙත්වත වලට ගලා යෑමට සැලැස්වීම මෙම වාරිකර්මාන්තයේ විශිෂ්ටත්වය වී තිබේ .

පරාක‍්‍රම සමුද්‍රයට ජලය පුරවාගෙන ඇත්තේ වෙනත් වැව් වලට ජලය ලබා ගන්නා ආකාරයට වඩා වෙනස් ක‍්‍රමයකිනි.සමුද්‍රයට ප‍්‍රධාන ජල සැපයුම් මාර්ග දෙකක් පවතී.ඉන් ප‍්‍රධාන මාර්ගය අඹන් ගග සුදු කන්ද හරහා ගලා බසිද්දී ගංගා පත්ල මත විශාල ගල් කුට්ටි අතුරා ගංගා මග වෙනස් කොට ජලය ඇළ මාර්ගයකට යොමු කොට තිබේ. එම ඇළ මාර්ගය හදුන්වා දෙනු ලබන්නේ අංගමැඩිල්ල යෝධ ඇළ නැතිනම් ආකාශ ගංගාව යනුවෙනි. මෙහි ඇති පුදුමය වන්නේ අඩි දෙසීයක සමෝච්ච රේඛාව මත එය ඉදිකොට තිබීමයි.

දෙවන ඇළ මාර්ගය ඇළහැර අමුණේ ගලන අඹන් ගග ජලය ගිරිතලේ වැවටත් තඹල වැවටත් කඩවල වැවටත් ගලා විත්  පරාක‍්‍රම සමුද්‍රයට පිවිසීමය. ඒ ජල මාර්ගය ප‍්‍රදේශ වාසීන් හදුන්වන්නේ මා ඔය යනුවෙනි.මේ හේතුවෙන් අඹන් ගග ආශි‍්‍රතව පෝෂණය වූ වාරි කර්මාන්ත දෙකක් ඇත. ඒ අංගමැඩිල්ල ඇළ ව්‍යාපාරය හා ඇළහැර ව්‍යාපාරයයි.

පරාක‍්‍රම සමුද්‍රයට අයත් වැව් වල ජලය පුරවා ගත් ආකාරයද අනෙක් වාරි කර්මාන්තයට වඩා විශේෂක්වයක් ගනී.අංගමැඩිල්ල ඇළමගින් රොටෑමුල්ල තුඩුව හරහා තෝපා වැවට ගලා ආ ජලයෙන් තෝපා වැව පිරී ගිය පසු ඇති වන පීඩනයෙන් පැන්නුමක් හරහා ආසන්නයේ වු එරමුදු වැවට ජලය ගලා යන්නේය. මේ ආකාරයෙන් වැව් පහ ජලයෙන් පිරී යන්නේය.පැරකුම්බා රජතුමා පරාක‍්‍රම සමද්‍රය ඉදි කළේ ඊට පෙර ඉදි කොට තිබූ කුඩා වැව් පහක් ප‍්‍රධාන වේල්ලකින් හ්කා බද්ධ කිරීමෙන් අනතුරුවයි.ඒ බව අපට නිගමනය කළ හැක්කේ තෝපා වැව 1 වන උපතිස්ස රජු ඉදි කර තිබීම නිසාය.පැරකුම්බා රජු වැව් පහ   එකම ප‍්‍රධාන වේල්ලකින් සම්බන්ධ කළත් අභ්‍යන්තර වේල් බිද දැමුවේ නැත්තේ රළ පහරින් ප‍්‍රදාන වේල්ල ආරක්ෂා කර ගැනීම සදහා විය හැකිය. මේ සියලුම වැව් පිරී ගිය පසු සමුද්‍රයක් දිස්වේ .

පරාක‍්‍රම රජතුමාගේ බලාපොරොත්තුව වූයේ ’’ අහසින් වැටෙන එක දිය බි`දකවත් ප‍්‍රයෝජනයට නොගෙන මුහුදට ගලා යෑමට ඉඩ නොදිය යුතුය’’ යන්න ය.එබැවින් සමුද්‍රය පිරී ගිය පසු වාන් වදින ජලය සමීපයේ පිහිටි ඇතුමල්පටිය වැව තුළ ගබඩා කරගෙන එම ජලය ගබඩාවේ සිට සෑම දිසාවකටම විහිදුන ඇළමාර්ග ඔස්සේ  පිටත් කර හැරේ .

ඇළ මාර්ග හා බැදුන කුඩා වැව්ද විය.ඒ සියල්ල පුරවා ගත් පසු ජලය හිගයක් නොවීය.අවුරුද්ද මුථල්ලේම වගා කටයුතු කළ හැකි විය. එදා වගා කළේ වී පමණක් නොවේ . අතිරේක බෝග වගාවද සරුවට කෙරිණි. ලොවිතැනින් රට සමෘද්ධි මත් වීමත් සමග සහල් පිටරට පැටවීමෙන් විශාල ධනයක් රටට ලැබීය. ඒ හේතුවෙන් ශ‍්‍රී ලජතාව පෙරදිග ධාන්‍යාගාරය ලෙස ප‍්‍රසිද්ධියට පත් විය.

එකට යාව බද්ධව තැනූ බිසෝ කොටුවක් දැකිය හැක්කේද පරාක‍්‍රම සමද්‍රයේය. බිසෝ කොටුවක කාර්යය වනුයේ වැව තුළින් වේගයෙන් ගලා එන ජලයේ වේගය පාලනය කොට ඇළ මාර්ග න්‍ලට මුදා හැරීමය. වේගයෙන් ජලය ගලාගෙන ආවොත් ඇළ වේලි බිදී යනවා. එකට යා වූ බිසෝ කොටු දෙකක්  ඉදිකිරීමෙන් අදහස් කරන්නට ඇත්තේ පළමු බිසෝ කොටුවෙන් පාලනය වී එන ජලය  තව දුරටත් හීලෑ කොට ඇළ මාර්ග වලට මුදා හැරීමයි. ද්විත්ව බිසෝකොටු සංකල්පය රජතුමාගේ නව අත්දැකීමක් විය හැකියි පුරාවිද්‍යාගවේශක  ජයසිංහ බාලසූරිය පවසයි.

පරාක‍්‍රම රජතුමාගෙන් පසු කිසිදු හෝ රජ කෙනෙක් විශාල වැවක් කළ බව සදහන් වන්නේ නැත.එතුමා 1186 මිය ගියේය. එතුමාගේ මිය යාමෙන් අවුරුදු දහයකින් පමණ පසු රජ රට වාරිකරිමාන්ත පිරිහීම ආරම්භ විය.13 වන සියවස අතීතයේ පැවති සමෘද්ධිය පිළිබද මතක සටහනක් පමණය.

ඩොනමෝර් ආණ්ඩු ක‍්‍රමය 1932  බිහිවීමෙන් පසු රජරට කෘෂිකර්මය නගා සිටුවීම පිළිබද ප‍්‍රබොධයක් ඇති වී පැරණි වැව් රාශියක් නැවත ප‍්‍රතිසංස්කරණය කොට ජනාවාස බිහි කෙරිණි.එහෙත් පරාක‍්‍රම සමුද්‍රය ප‍්‍රතිසංස්කරණය කළේ පැරණි තාක්ෂණය අනුව නොවේ.එසේම නැවත ප‍්‍රතිසංස්කරණය කළේ සමුද්‍රයේ අර්ධයක් පමණි.මේ හේතුව නිසා පරාක‍්‍රම සමුද්‍රයේ  පැවති විශාලත්වය හෝ උදාරත්වය දැන් මතු නොවන බව බාලසූරිය පවසයි.

පරාක‍්‍රම සමුද්‍රය පුරා අවුරුදු අටසීයකට වඩා වැඩි කාලයක් තුළ ගොඩ වෙමින් පවතී. මේ නිසා රැදවිය හැකි ජල ධාරිතාව සීමිතව පවතී.ඒ කෙසේ වුවද පරාක‍්‍රම සමද්‍රය සැදෑසිරි නැරඹීමට අතිශය සුන්දර තැනක් වේ. බැස යන හිරුගේ ආලෝකය ජල තරංග මත වැටී විසිරී යනු දැකීමට දෙස් විදෙස් සංචාරකයෝ ඇදී එති.

  • Share/Bookmark

සංචාරකයින් නැති මිහින්තලයේ සංචාරක මගපෙන්වන්නෝ

August 11, 2009 by Editor  
Filed under Featured, Stories

Mihinthalaya guide mainTour guide talks of tourism in the north central province

මිහින්තලයේ සංචාරක මගපෙන්වන්නෙක් වන ගාමිණී හෙට්ටිආරච්චි මිහින්තලයේ හෝටලක් ඉදිකිරීමට සිහින දකිමින් සිටින්නේය. හෙට්ටිආරච්චි හෝටලක් ඉදිකිරීම පිළිබදව සිහින දකින්නේ විදේශ ගතව රැුකියාවක් කිරිමට වසර ගණනාවක් තිස්සේ පැවති ආසාවවට පයින් ගසමිනි.

මිහින්තලයට පැමිණෙන සංචාරකයින්ට මග පෙන්වා සිය ජීවිතය ගැටගසාගත් හෙට්ටිආරච්චි පසුගිය කාලයේදී විදේශ ගතවීමට නොයෙක් උත්සාහයන් ගත්තේ මිහින්තලයට පැමිණෙන   සංචාරකයින්ගේ සංඛ්‍යාව පහළ බැසීම නිසාය.

‘‘පහුගිය කාලයේ මිහින්තලටය සංචාරකයින් එන එක අඩුවුනා. මේ නිසා අපේ අතට ලැබෙන ආදායම එන්න එන්නම අඩුවුනා. ජීවත් වෙන්න විදියක් නැති නිසා රට ගිහින් මොකක් හරි රස්සාවක් කරලා කීයක්හරි හොයාගන්න  ඕන කියලා හිතාගෙන හිටියා.’’ හෙට්ටිආරච්චී කීවේය.

මිහින්තලයට පැමිණෙන සංචාරකයින්ට මිහින්තලයේ අතීත කතාව කියාදෙන හෙට්ටිආරච්චි ගල් පඩි නැගීමට නොහැකි වයසක සංචාකයින්ට පඩි නැගීමට උදව් කරන්නේය. මිහින්තලා ගල පාමුල සිට සංචාරකයින්ට අවශ්‍ය  ඕනෑම උදව්වක් කිරීමට හෙට්ටිආරච්චි ඉදිරිපත් වන්නේය.

වසර ගණනාවකට පෙර සංචාරකයින් වැල නොකැඞී මිහින්තලයට පැමිණෙන්ට වූ අතර ඒ කාලයේදී හෙට්ටිආරච්චිට කිසිම විවේකයක් තිබුනේ නැත. මිහින්තලයේ ගල් පඩි සිය ගණනක් නැග බැස එන හෙට්ටිආරච්චි ආපසු තවත් සංචාරක පිරිසක් සමගින් මිහින්තලය ගල නැගීමට යන්නේය.

‘‘දවසට රුපියල් තුන්දාහක් පමණ හොයන්න පුලූවන්කම තිබුනා. ඒ දවස්වල මිහින්තලය සංචාරකයින්ගෙන් පිරී තිබුනා.’’ හෙට්ටිආරච්චි කීවේය.

යුද ගැටුම් නිසා ලංකාවට පැමිණෙන සංචාරකයින්ගේ සංඛ්‍යාව අඩුවීමත් සමගින් හෙට්ටිආරච්චිට උදාවූයේ නරක කල දසාවකි. මිහින්තලයට පැමිණෙන සංචාරකයින්ගේ සංඛ්‍යාව අඩුවීමත් සමගින් ඔහුගේ අතට ලැබෙන ආදායමද ක‍්‍රමයෙන් අඩුවූවේය.

‘‘සමහර දවස්වලට එක සංචාරකයෙක් එක්කවත් ගල නගින්න හම්බවෙන්නේ නැහැ. සත පහක්වත් හොයාගන්නේ නැතිව ගෙදර යන දවසුත් තියෙනවා.’’ ඔහු පැවසුවේය.

මිහින්තලයේ සංචාරක මගපෙන්වන්නෙක් වශයෙන් කටයුතු කිරීමට  ඕනෑම අයෙක්ට අවස්ථාව ලැබෙන්නේ නැත. ඒ සදහා පුහුණුවීමක් මෙන්ම රජයේ අවසර ගැනීමද අවශ්‍ය වෙයි.

‘‘අපි සංචාරක මගපෙන්වන්නන් වශයෙන් උතුරු මැද පළාත් සභාවේ ලියාපදිංචි වෙලා ඉන්නේ. සංචාරක මගපෙන්වන්නෙක් වශයෙන්  ඕනම අයෙක්ට ගිහින් ලියාපදිංචි වෙන්න බැහැ. පළාත් සභාවේ සංචාරක අමාත්‍යාංශය විසින් පවත්වන පාඨමාලාවක් හදාරලා තමයි ලියාපදිංචිය අරගෙන තිබෙන්නේ.’’ වසරින් වසර සංචාරක මගපෙන්වන ලියාපදිංචිය දීර්ඝ කරගත යුතු බව කියන හෙට්ටිආරච්චි කීවේය.

උතුරු මැද පළාත් සභාවේ ලියාපදිංචි වන සංචාරක මගපෙන්වන්නට රැුකියා කිරීමට අවසර ඇත්තේ අනුරාධපුරයේ පමණි. ලංකාව පුරා සෑම ස්ථානයකම සංචාරක මගපෙන්වන්නෙක් වශයෙන් කටයුතු කිරීමටනම් සංචාරක අමාත්‍යාංශයේ ලියාපදිංචි විය යුතුය. ඒ සදහා වන පාඨමාලා හැදෑරීම වියදම් සහගත වන බැවින් තමන් අනුරාධපුරයේ පමණක් සංචාරක මගපෙන්වීමේ අවසරය ලබාගෙන ඇතැයි හෙට්ටිආරච්චි සදහන් කරන්නේය.

‘‘ලුංකාවේ  ඕනම තැනක සංචාක මගපෙන්වන්නෙක් විදියට වැඩ කරන්න ලියාපදිංචි වෙනවානම් කොළඹ ගිහින් නැවතිලා ඉදගෙන පාඨමාලා හදාරන්න  ඕන. අපේ කවුරුවත් කොළඹ නැහැ. වියදම් කරගෙන ගිහින් මේ බලපත‍්‍ර ගන්න වැඩ කරන්න බැරි නිසා මේ පැත්තේ විතරක් සංචාරක මගපෙන්වීම් කරන්න අවසර ගෙන තියෙනවා.’’ හෙතෙම කීවේය.

මේ දිනවල සංචාරයකියින් මිහින්තලයට නොඑන නිසා හෙට්ටිආරච්චි මෙන්ම මිහින්තලයේ සංචාරක මගපෙන්වන්නන් මිහින්තලා ගල පාමුලට වී කාලය කා දමමින් සිටින්නේය.

රටේ ඇතිවී තිබෙන සුභදායී වාතාවරණයත් සමගින් ඉදිරියේදී සංචාරයකයින් වැඩියෙන් ලංකාවට පැමිණීමට ඉඩ ඇතැයි හෙට්ටිආරච්චි විශ්වාස කරන්නේය.

‘‘ඉස්සරහට සංචාරකයෝ ආවොත් අපිට මොනවාහරි කර ගන්න පුළුවන්.’’ අනාගතය පිළිබදව දහසක් බලාපොරොත්තු සිතේ තබාගෙන සිටින හෙතෙම පැවසුවේය.

රටේ යහපත් වාතාවරණයක් ඇතිවූ වහාම සංචාරකයින් පැමිණෙතැයි ඔහු විශ්වාස කරන්නේ නැත. ලංකාවට පැමිණෙන සංචාරකයින්ගේ සංඛ්‍යාව ඉහළ යාමට තවත් වසර කීපයක් ගතවනු ඇතැයි ඔහු කියන්නේය.

මේ වන විට රටේ ඇතිවී තිබෙන සාමකාමී තත්වය නිසා ලංකාවට පැමිණෙන සංචාරකයින් ඉලක්ක කරගෙන විශේෂ වැඩසටහනක් සකස් කළ හැකියැයි ඔහු කීවේය.

‘‘ලංකාවට එන සංචාරකයෙක් කොළඹට ආවම කෙලින්ම මිහින්තලය අනුරාධපුර පැත්තෙන් යාපනයට ගෙනියන්න පුලූවන්. එතැනින් ත‍්‍රිකුණාමලය හබරණ අවුකන හරහා පොළොන්නරුවට ගෙනඑන්න පුලූවන්. පස්සේ සීගිරිය දඔුල්ල වගේ තැන්වලට සංචාරකයින් ගෙනයන වැඩසටහනක් සකස් කරන්න පුළුවන්.’’ හෙට්ටිආරච්චි කීවේය.

ලංකාවේ උතුරු ප‍්‍රදේශයේ මෙවැනි සංචාරක ව්‍යාපෘතියක් ක‍්‍රියාත්මක කිරීමට හැකියාව ලැබෙන්නේනම් සංචාරක මගපෙන්වන්නන් වශයෙන් කටයුතු කරන විශාල පිරිසකට වැඩි ආදායමක් සොයාගැනීමට හැකියාව ලැබෙන්නේයැයි හෙතෙම කියන්නේය.

මේ වන විට සංචාරකයින්ට වසා දමා ඇති විල්පත්තු ජාතික වනෝද්‍යානය විවෘත කරන්නේනම් මිහින්තලය නගරයට දැනට ලැබී තිබෙන වටිනාකමට වඩා වැඩි වටිනාකමක් ලැබෙන බව හෙට්ටිආරච්චි පැවසුවේය. එම වනෝද්‍යානය විවෘත කරන්නේනම් මිහින්තලය ප‍්‍රධාන නගරයක් බවට පත්වන අතර එවිට මිහින්තලයේ සංචාරකයින් වැඩියෙන් දැකගැනීමට හැකියාව ලැබෙන්නේය.

‘‘මොනවා උනත් අපිට  ඕන සංචාරකයින් වැඩියෙන් එන එක. එතකොට අපේ අතට වැඩියෙන් ගානක් හොයාගන්න පුලූවන්.’’ සංචාරක හෝටලයක් ඉදිකිරීමට සිහින දකින හෙට්ටිආරච්චි කියන්නේය.

මේ වන විට හෙට්ටිආරච්චිට හෝටලක් ඉදිකිරීමට සුුදුසු ඉඩමක්ද තිබේ. ඔහුට දැන් අවශ්‍යව ඇත්තේ මිහින්තලයට වැඩියෙන් සංචාරකයින් පැමිණීම පමණි.

The tour guides in Mihinthale are hopeful of an increase in tourists to the area following the end of the war. Gamini Hettiarachchi has been a tour guide who had earlier earned about Rs. 3,000 per day during the peak of tourist arrivals to the country. However, he says that it would take a few more years for tourist arrivals to pick up. Hettiararchchi is a registered tour guide with North Central Provincial Council and is unable to work as a guide in other parts of the country as he has not been registered with Tourism Ministry, which he says is a cost he currently could not afford. He says authorities could form several tours for tourists in the country that covers all historically important places. He believes that once tourists to Mihinthale increase, he would be able to build his dream hotel in the area.

  • Share/Bookmark

Next Page »