මව් සෙනෙහස අහිමි වු ඇත් පැටවුන්ගේ ශෝකාලාපය
The mother elephants of Pinnawala
මව් සෙනහස පොදු වන්නේ මනුශ්‍යයන්ට පමණක් නොවේය. අපා දෙපා සිව්පා ආදී මේ ඕනෑම සතෙකුට මව් සෙනහසේ මහිමය පොදු කාරණයකි. උනහපුලු අම්මාට උගේ පැටියා මැණිකක් යැයි කියන්නේ ඒ නිසාය. මව්ගේ ඇකයේ ඇලී ගැලී සිටිනා දරුවෙකු අකාරුණික ලෙස ඒ උණුසුමින් ඈත් කළහොත් තත්තවය කෙතරම් ශෝකජනක වනු ඇත් ද ? එවන් ශෝකජනක ඉරණමකට මුහුණු පෑ අවාසනාවන්ත මව්වරුන් දෙදෙනෙකුගේ කථාවක් මේ දින වල පින්නවල අලි අනාථාගාරයෙන් අසන්නට ලැබේ
සත්තිත්, පුංචිත් කුළුදුලේ ඇත් අම්මාවරුන් බවට පත් වුයේ 2006 වසරේ අග භාගයේ දීය. පුංචි හා සුරනිමල්ට දාව රාජු උපන්නේ 2006 සැප්තැම්බර් දෙවැනිදාය. සත්තිටත් නීලගිරිටත් දාව සින්දු උපන්නේ හරියටම 2006 නොවැම්බර් මස දෙවැනිදාය. රාජුටත් සින්දුටත් තමන් ගැන ආඩම්බර වන්නට ඕනෑ තරම් කාරණා තිබුණි. ඒ තමන් පින්නවල අලි අනාථාගාරයේ උපන් පළමු ඇත් පැටවුන් දෙදෙනා වීමේ භාග්‍ය හිමි කරගත් නිසාවෙනි. තුන් කුළුදුලේ උපන් මේ ඇත් පැටවුන් දෙදෙනා වෙනුවෙන් රංචුවේ අනිත් ඇතින්නියන්ට ද කිරි එරුනේ සැබෑ සෙනෙහසිනි. රාජුටත් සින්දුටත් අලි ඇතුන් 88 දෙනෙකුගෙන් යුත් රංචුවෙන් හිමි වුයේ සුවිශේෂි තැනකි. කොටින්ම මේ ඇත් පැටවුන් දෙදෙනා පින්වල අලි අනාථාගාරය ලද මහගු සම්පත් දෙකක් විය.
ඇත් ගොව්වන්ගේත් නරඹන්නන්ගේත් නොමද ආදරයට ලක් වු රජුගේත් සින්දුගේත් තුන් වන උපන්දිනයට තව තිබුණේ මාස කිහිපයකි. එහෙත් හදිසියේම අවාසනාවන්ත ලෙස කිසිවෙක් සිය මව්වරුන්ගෙ උණුසුම මේ ඇත් පැටවුන් දෙදෙනාට අහිමි කොට තිබුණි. පසුගිය දිනක හදිසියේම රෑ මැදියමේ කඩා වැදුණු අමුත්තෝ පිරිසක් රාජුත් සින්දුත් කන්ද උඩ රටට රැගෙන ගියේ පුංචිගෙත් සත්තිගේත් මහ හැඩුම් මධ්‍යයේය. බොහෝ දෙනාගේ විරෝධය මධ්‍යයේය. වාර්තා වන අන්දමට ඇත් පැටවුන් රැගෙන ගොස් තිබුණේ මහ නායක හිමිවරුන්ගේ උපදෙස් පරිදි දළදා මාලිගයේ ප‍්‍රධාන බස්නායක නිලමේතුමා විසිනි. ඒ ඇති පැටවුන් දළදා මාලිගේ සේවය සඳහා යොදා ගැනීමටය සඳහාය.
‘‘අපි ඇතුන් පෙරහැරට යොදා ගන්නවාට විරුද්ධ නැහැ. අපේ සංස්කෘතික අංග දියුණු කරන්න එවන් දෑ තිබිය යුතුයි. එහෙත් මේ විදිහට බලහත්කාරයේ හා සත්ව අයිතීන් උල්ලංගණය වන පරිදි මේ ඇත් පැටවුන් යොදා ගැනීම පිළිබඳ විශාල ප‍්‍රශ්නයක් තිබෙනවා. මේ පැටවුන් තවම කිරි බොනවා. ඒ වයසේ ඇත් පැටවුන් මව් ඇතින්නියන්ගෙන් වෙන් කර තැබීම සුදුසු නෑ.’’ මේ ඇත් පැටවුන් දෙදෙනා රැගෙන යාම පිළිබඳව විරෝධය දක්වන ශ‍්‍රී ලංකා තරුණ සත්වවේදීන්ගේ සංගමයේ සභාපති රවින්ද්‍ර කාරියවසම් මහතා පවසයි.
කෙසේ වුවද මේ වන විට මව් ඇතින්නියන් වන පුංචිත් සත්තිත් සිය පැටවු අහිමිවිමේ කිරීමේ මහත් වේදනාවෙන් පසු වන බව නොරහසකි. තවමත් සිය පැටවුන් වෙනුවෙන් එරෙන කිරෙන් යුතුව මේ අම්මාවරුන් දෙදෙනා බලා සිටින්නේ සිය පැටවුන් නැවතත් තම තුරුලට පැමිණෙන තුරුය. එහෙත් රංචුවේ අනෙක් පැටවුන්ගේ හුරතල් බලමින් හූල්ලන්නට මේ අම්මාවරුන්ට සිදුව තිබේ.
‘‘වසය අවුරුදු පහට අඩු මේ ඇත් පැටවුන් දෙදෙනා මේ විදියට මව්න්ගෙන් ඇත් කර තැබීම කිසිසේත් සුදුසු නැහැ. සාමාන්‍යයෙන් අලි පැටවෙක් වසය අවුරුදු 05 ක් යන තුරු ප‍්‍රධාන පෝෂක ආහාරය ලෙස ලබා ගන්නේ මව් කිරි පමණයි. මේ පැටවුන් දෙදෙනා මේ විදිහට ඈත් කර තැබීමෙන් ඔවුන් විශාල පෝෂණ ඌනතාවයකින් පෙලීම හැකියාව තියෙනවා. රක්ත හීනතාවය, කැල්සියම් හීනතාවය නිසා අස්ථි පද්ධතියේ ඇති වන විකෘතිතා, ක්ෂණිකව ඇති වන අස්ථි බිදී යාම්. විෂ බීජ ආසාදනය විමේ ප‍්‍රවණතාව ඉහල මට්ටමක පැවතිනවා, මව්ගෙන් වෙන් කිරීම නිසා ඇති වන මානසික කම්පනයන් වැනි රෝගා බාධ වලට මේ පැටවුන් පහසුවෙන් නතු වේවි. අනෙක් අතට පැටවුන් කිරි උරා නොබොන නිසා මව් ඇතින්නියන්ගේ ස්තන ග‍්‍රන්ථි ප‍්‍රදේශ වල කිරි එකතු වෙනවා. මේ කිරි කෘතිමව දොවා ඉවත් කළ යුතු වෙනවා. ඒත් දැන් තියෙන තත්වය අනුව කිසිවෙකුටත් ඇතින්නියන් සමීපයට යා නොහැකි. මේ නිසා ඇත්න්නියන්ගේ ස්තන ග‍්‍රන්ථි ප‍්‍රදේශ ආසාදනය වීමේ ප‍්‍රවණතාවය ඉහළයි. එමගින් පහසුවෙන් විෂ බීජ මව් සතුන්ගේ ශරීර අභ්‍යන්තරයට යා හැකියි.’’ යනුවෙන් ශ‍්‍රී ලංකා වන ජීවි පශූ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය ප‍්‍රකාශ කරයි.
‘‘ අනෙක් කාරණය තමයි මේ ඇත් පැටවුන් මේ විදිහට ඈත් කර තැබීමෙන් ලංකාවේ ශක්තිමත් ඇත් පරපුරක් බිහි කර ගැනීමේ දුර්ලභ අවස්ථාවක් මග හැරී යනවා. ඒකට හේතුව තමයි මේ ඇත. පැටවුන් නිශ්චිතවම ඇත් පැටවු කියලා අපි දන්නවා. එත් මේ ඔවුන්ව මේ විදිහට ස්වභාවිකව වර්ධනය වීමට ඉඩ නොදීමෙන් ශක්තිමත් ඇතුන් ඔවුන්ගෙන් බිහි කර ගැනීමට අපහසුයි’’ ඔවුන් වැඩි දුරටත් ප‍්‍රකාශ කරයි.
සංඛ්‍යා දත්ත පෙන්වා දෙන පරිදි ශ‍්‍රී ලංකාවේ ඇත් ගහණය අලි සියයකට පස් දෙනෙකි. එම වාර්තා වල සඳහන් වන ආකාරයට අලින්ගේ ගහණය තුන් දහසක් පමණ වේ. ඒ අනුව ඇතුන්ගේ ගහණය 150 ක් වෙතැයි පරිසරවේදීහු සඳහන් කරති. ලෝකයේ හොඳම අලි ඇතුන් පරිබාහිර සංරක්ෂණ මධ්‍යස්ථානයක් ලෙස හදුන්වන පින්නවල අලි අනාථාගාරයෙන් ඇත් ගහණය වර්ධනය කිරීමට මහඟු දායකත්වයක් ලබා දෙන බව පැහැදිලිය. මේ බිමෙහි උපන් පළමු ඇත් පැටවුන් දෙදෙනා මෙලෙස වෙන් කර තැබීම කොතෙක් දුරට ඥානාන්විත ක‍්‍රියාවක් දැයි තවදුරටත් සලකා බැලිය යුතුව තිබේ. සියල්ල එසේ උවද ආදරණීය අම්මාවරුන් දෙදෙනෙක් වෑහෙන කිරෙන් යුතුව සිය පැටවුන් දැන් දැන් එතැයි මඟ බලා සිටිති.
The first baby tuskers to be born at the Pinnawela elephant orphanage – Raju and Sindhu – have been separated from their mothers even before reaching the age of three amidst much controversy. The two sucklers were taken by the Diyawadana Nilame of the Kandy Dalada Temple on the directive of the mahanayakas. Environmentalists have objected to the move claiming elephants could not be separated from their mothers till the age of five. The suckling tuskers they say now lack proper nutrition while the lactating mothers would also be faced with health issues as well. Statistics state that there are currently about 3,000 elephants and 150 tuskers in the country. However, environmentalists say that allowing tuskers to grow outside their natural environment would prevent the creation of a healthy breed of tuskers.
පාද යාත‍්‍රාවෙන් කතරගමට බැතිමතුන් දහතුන් දහසක්
Thousands flock to Kataragama – හින්දු බැතිමතුන් හරෝ හරා යන භක්ති පූර්වක වදන් වාතලයට මුසුකරමින් කතරගම දෙවියන් වදින්න පාද චාරිකා කරති. පාද චාරිකාවෙන් කතරගමට පැමිණිමට මේ ජනතාවට දින දහයකටත් වැඩි කාලයක් ගතවේ.
කතරගම ඇසළ පෙරහැර දිනයේ (අගෝසතු 05) වෙනදාට වඩා විශාල ජනතාවක් දැකගන්නට ලැබුණි. කතරගම උත්සව සමයේ පැමිණෙන බැතිමතුන් අතර විශේෂ පිරිස වන්නේ දුර බැහැර සිට පයින් පැමිණෙන ද්‍රවිඩ ජනතාවය. පාද චාරිකාවේ කතරගමට පැමිණීමට දින දහයකට වඩා වැඩි කාලයක් ගතවේ. කතරගම සාමයේ නගරය ලෙස හදුන්වන අතර වාර්ෂිකව පවත්වන මෙම පෙරහැර මංගල්‍ය වෙනුවෙන් දින ගණන් ගෙවා මෙවර උත්සවයට පාද යාත‍්‍රාවෙන් පැමිණී පිරිස දහතුන් දහස ඉක්මවා ගොස් තිබුණි.
ඇසළ උත්සවයට පැමිණෙන මෙම ද්‍රවිඩ ජනතාව දහස් ගණනින් පයින් පැමිණෙන ජනතාව පවසන්නේ දෙවියන්ගේ ආශීර්වාදය පතා මෙසේ පැමිණෙන බවය. උදේ දවල් රෑ කියා ඔවුනට වෙනසක් නැත. අහාර මග තොටේ දී සපයා ගන්නා මෙම පිරිස රාතී‍්‍ර කාලය ගෙවා ගැනීම සදහා සුදුසු ස්ථානයක් සොයා ගනී.විශාල ගසක් මුල තාවකාලික නිවහන සදා ගන්නා ඔවුන් එම ස්ථනයේ රාතී‍්‍රය ගත කරන්නේ කිසිදු බියකින් හෝ සැකයකින් තොරවය.මෙම ගමන අදක ඊයෙක ආරම්භ වූවක් නොවේ. මෙසේ පැමිණෙන ජනතාව පවසන්නේ මෙය පාරම්පරික චාරිත‍්‍රයක් ලෙස මෙය ඉටු කරන බවයි.
හතලිස් පස් හැවිරිදි ලෝගනාදන් ජයන්ත පවසන්නේ වෙනදාට වඩා මෙවර ගමන ඉතා පහසුවෙන් හා ආරක්ෂාකාරීව පැමිණී බවයි.
මේ පාර අපේ නඩේ දෙසිය පනහක් පමණ ආවා. ආරක්ෂාව හොදට තිබුණ නිසා ගොඩක් පහසු වුණා.මේ පාර ගොඩක් හාස්කම් එහෙමත් සිද්ධ වුණා. මගේ පොඩි පුතා දෙවියන් දැකලා තියනවා.එයා ඒ වෙලාවෙ ආරූඪ වුණා.මට ගොඩක් සතුටුයි පුතා දෙවියන් දැකීම ගැන. මගේ තාත්තත් අපි එක්ක ආවා.එයාට වයස හැත්තෑ අටයි.හැම වතාවකදිම මගේ තාත්තා මේ පෙරහැරට එනවා.කවදාවත් කිසිම කරදරයක් වෙලා නැහැ. අපිට එද්දි වතුර ප‍්‍රශ්ණයක් තිබුණා නාමඩල ප‍්‍රදේශයේ.හමුදාවෙ අය අපට වතුර දුන්නා. කරදරයක් නැතිව එන්න ලැබුණෙ ඒ අය නිසා.” ලෝගනාදන් ජයන්ත පැවසීය.
අවුරුදු තිස්පහක් පුරා මෙම පාදයාත‍්‍රාව පැමිණෙන තිබිමදී ෂම්මුගනාදන් පවසන්නේ කිසිදු දිනයක නොවුණ සිදුවීම් වලට මුහුණ දීමට ඔවුනට සිදු වූ බවයි.
”අපි එද්දි පාර වැරදුනා.අපි දුක් වුණා අපිට මේ ගමන එන්න බැරිවෙයි කියලා.ඒ වෙලාවෙ ලොකු එළියක් අපට පෙණුනා.අපි ඒ එළීය දිගේ ආවා.අපිට පාර හොයා ගන්න පුළුවන් වුනේ ඒ නිසා. දෙවියෝ තමයි ඒ එළිය පෙන්නුවේ.” ෂම්මුගනාදන් පැවසීය.
දෙවියන් වෙනුවෙන් පැමිණෙන මේ ගමනේදී මේ පිරිස පැමිණීමට ප‍්‍රථමයෙන් එක් පුද්ගලයකු පැමිණ මෙසේ පයින් පැමිණෙන පිරිස වෙනුවෙන් යාතිකා කරයි.ඒ ඹවුනට විපතකින් තොරව පැමිණීම සදහා මෙන්න ශරීර ශක්තිය නිසි ආකාරව පවත්වා ගැනීම සදහාය.
මඩකළපුවේ තෝවිල්පෝරදිම් සිට පැමිණි කන්දයියා සුන්දරම් පවසන්නේ කතරගම දෙවියන් වෙනුවෙන් පැමිණෙන මේ ගමනේ දී ඔවුන් සිතූ පැතූ සියල්ල ඔවුනට ලැබුණ බවයි.
”අපේ නඩේ තව හතර දෙනෙක් ආවා. ඒ අයගෙන් තුන් දෙනෙක් අතරමං වුණා. එක්කෙනෙක් සර්පයෙක් දැකලා බය වෙලා කැළයේ සිහි නැතිව වැටිලා තියනවා. සිහි එද්දී මොණරියක් එයා ළග ඉදලා තියනවා. ඒ මොණරා පස්සෙන් එද්දී අපිට මෙයාව හමුවුණා. දෙවියන් අපට උදවු කළා.”කන්දයියා සුන්දරම් පැවසීය.
අපි මේ ආවේ දහවෙනි වතාවට .ඒ දවස්වල ගොඩක් පරීක්ෂා කරනවා.මේපාර එහෙම නැහැ.සන්සුන්ව එන්න පුළුවන් වුණා.අපිට හමුදාවේ අය ගොඩක් උදව්
කළා.ඒ අයට ගොඩක් පිං සිද්ධ වෙනවා.කන්දයියා සුන්දරම් පැවසීය.
බාල මහළු තරුණ සෑම සියලු වයසේම පිරිස් මේ ගමන සදහා සහභාගී වෙයි.රවි රාජ් මදූෂා දස හැවිරිදි කුඩා දියණියද මෙම පාද යාත‍්‍රාව සදහා සහභාගී විය. මේ ගමන නිසාවෙන් ඔවුන්ගේ පාසල් ගමනද දින ගණනක් යන තුරු නතර වේ.
මම අවුරුදු තුනකට කළින් මෙහෙ ඇවිත් තියනවා. ඉස්කෝලෙ පාඩු වුණාට අපිට දෙවියන්ගේ ආශීර්වාදට තියන නිසා ඒ හැම දෙයක්ම හොදින් කර ගන්න පුළුවන්. මම පංතියේ පළවෙනියා.මට දැන් තනියම යන්න පුළුවන් පාර හොදට මතකයි.මදූෂා පැවසීය.
දෙවියන් වෙනුවෙන් කැප වී පැමිණෙන මෙම ගමනේ අරමුණ වන්නේ තමන්ගේ අනාගත අරමුණූ ඉටු කර ගැනීමත් දේව ආශිර්වාදය ලබා ගැනීමත් පමණය. භක්තිවන්ත සිතින් සිදු කරන මෙම ක‍්‍රියාවලින් තුළ දෙවියන් ගේ ආශිර්වාදය ගැබ් වී ඇති බවට ඔවුන් විශ්වාස කරයි.
”සල්ලි නැතිව පයින් එනවා නෙවෙයි අපේ කණ්ඩායමේ දෙසීයක් විතර පිරිසක් ආවා. අවුරුදු තුනක් අපි මේ ගමන ආවා. මේ වතාවෙ තමයි වැඩිම පිරිසක් ආවේ. අපි අයිතමලේ ඉදලා දවස් දහතුනක් තිස්සේ මේ ගමන ආවා. මේ කරදරයක් නැතිව ආව පළවෙනි වතාව . ”සිවමුණි විජේකුමාර් පැවසීය.
වාලච්චිහේන සිට දවස් දාහතරක් පඅරා මේ ගමන පැමිණි ආනන්දරාජා මහේෂ්වරී පවසන්නේ මේ ගමන පැමිණි විට ජීවිතයට සැප සතුට ලැබෙන බවය.
”මම පස් වතාවක් කතරගම ආවා. ඒ හැම වතාවෙම ආවේ බස් එකේ. හැමෝම කියන විදියට දෙවියන්ගේ ආශිර්වාදය ලබා ගන්න නම් ඒ වෙනුවෙන් කැප වෙන්න ඕන. ඒ නිසයි මේ වතාවේ මම පයින් ආවේ.” මහේෂ්වරී පැවසීය.
වලච්චිහේනේ සිට එකසිය විසිපහක නඩයක් පාදයාත‍්‍රාවෙන් කතරගමට පැමිණියේය. ඒ පනස් හතර හැවිරිදි ත්‍යාගරාජා මාධවී සමග පිරිසය.
”පයින් එන එක කරදරයි තමයි. වතුර ප‍්‍රශ්ණ වගේම දූවිලි නිසාත් ප‍්‍රශ්න ඇති වුණා. මොන ප‍්‍රශ්ණ ආවත් අපි මේ ගමන ආවේ බාර ඔප්පු කරන්න ඕන නිසා. මම අවුරුදු හතක් මේ ගමන ආවා. ඒ ආව ගමන් වාර හතේම මගෙ බලාපොරොත්තු ඉෂ්ඨ වුණා. තව එක බලාපොරොත්තුවක් ඉෂ්ඨ කර ගන්න තමයි මම ආවේ.”මාධවී පැවසීය.
ගියපාර කරදර මැද්දෙ ආවේ. මේ වතාවෙ ආරංචි වුණා ඔකදෙන් කට්ටිය ආපහු යවනවා කියලා. එතන්ට හරි ඇවිත් යනවා කියලා තමයි අපි ආවේ. ගිය වතාවේ ආව අයට සැරෙන් සැරේට තමයි එන්න දුන්නේ. ඒත් මේ වතාවේ හැමෝම එක විදියට එව්වා.කටගමුවේ දී කෑම දුන්නා.ඔකදෙන් අපිට වතුර එහෙම දීලා උදව් කළා. අපිට දරුවෝ නැති නිසා තමයි අපි මේ වතාවේදි ආවේ. මාධවී පැවසීය.
වාලච්චිහේන සිට පැමිණි මුරේච්චි කමලාට නොසිතූ සිදුවීමකට මුහුණ දීමට සිදුවිය.
තිරුක්කෝවිල් ඉදලා තමයි අපි පයින් ආවේ.මගේ ස්වාමිපුරුෂයාත් මාත් එක්ක ආවා.රෑවුන නිසා අපි හැමෝම නිදා ගත්තා මහත්තයත් මා එක්කමයි හිටියේ. උදේ බලද්දී එයා හිටියේ නැහැ. ආරක්ෂක අංශ වලටත් අපි කීවා. හැම තැනම හෙව්වත් හම්බ වුණේ නැහැ. හත් වතාවක් අපි එකට ආවා. මේ වතාවෙදි එයා එන්න බැහැ කියද්දී මම එක්කගෙන ආවේ. මෙහෙම වෙයි කියලා මම හිතුවේ නැහැ. දෙවියෝ විසින් එයාව මට මුණගස්වයි. මට ඒක විශ්වාසයි. කමලා දැඩි අධිෂ්ඨානයෙන් පැවසීය.
දින ගණන් ගෙවා පැමිණෙන මෙම මෙම බැතිමතුන් හට පළමුවෙන් ගම්මානයක් මුණගැසෙන්නේ කටගමුවේදීය.යාල වනාන්තරය මැදින් පැමිණෙන මෙම ජනතාවගේ ඒකායන ප‍්‍රාර්ථනය වන්නේ තමන්ගේ ජීවිතයේ සතුට සැනසීම ලගා කරගැනීමය.
ඉස්සර කාලේ තිබුණු සැප පොජ්ජ පහසු පොජ්ජ මොන එකක්වත් දැන් කොදුයි
Our way of life under threat – Veddahs
ලංකාවේ ආදිවාසීන් වසර දහස් ගණනක් තිස්සේ ජීවත්වූයේ කැළෑවේය. වනාන්තරයේ ජීවත්වූ ආදිවාසීන් මේ වන විට වනාන්තරයෙන් එපිටට පැමිණ ඇති අතර අතීතයේ තිබූ ජීවන රටාවට වඩා ඔවුන්ගේ ජීවන රටාව වෙනස්ව තිබේ.
‘‘ආදිවාසින් කියන්නේ ඉස්සර ඉදන්ම පැවතුනු ඇත්තෝ. අපි වැදි පරම්පරාවෙන් ඉපදුනු මිනිස්සු. කුවේණි මැණියන්ගෙන් ඉපදිචිච ඇත්තෝ. මේ ඉන්න ඇත්තෝ පුළුවන් විදියට හිංගල කතා කොරනවා. බැරි අය වැදි බාසාවෙන් කතා කරනවා.” මහියංගනයේ පදිංචි උණාපානවරිගේ හීන්බණ්ඩා පැවසිය.
වර්තමානයේ අපට හමුවන වැදි ජනතාව නොයෙකුත් රැකියාවල යෙදෙති.
‘‘ඉස්සර නම් හේනක් කොටල ජීවිතේ ගෙනිචිචා. දැන් එහෙම අමාරුයි. වෙලාවට වැස්ස ලැබෙන්නේ නැහැ. වගා හේන් ඔක්කොම පාලුවෙලා. සමහර ඇත්තෝ මේවයින් ඇත්වෙලා. අපි කැලෑවෙ හිටිය කාලේ හරි අපුරුවට ජිවත් වුනා. දැන් කැලැවත් විනාශවෙලා. අපි ගම්වලට ඇවිල්ලා දුක්විදිනවා.” හින්බණ්ඩා කීවේය.
අපේ රටේ වැදි ජනතාවගේ නිජබිම වගේම නිවහන වන්නේ වනාන්තරයයි. හේන් වගා කොට ජීවත්වන මොවුන් වනාන්තර කෙරෙහි දක්වන්නේ ලෙන්ගතු හැඟීමක්. ගහකොළ බහුලව ඇති මේ වනාන්තරවල තමන්ට හිතකර පරිසරයක් තිබෙන බව පවසන වැදි ජනතාව සියළු වන සතුනට එහි විසීමට ඉඩ දිය යුතු බව ප‍්‍රකාශ කරති. වර්තමානයේ වැදි ජනයාගෙන් කොටසක් හෙන්නානිගල, දඹාන, මහියංගනය ආදි ගම්මානවල වාසය කරති. ඔවුන් කළින් වාසය කළ ඉඩම් අභයභුමිවලට පවරාගෙන ඇති බව ඔවුන් පවසන්නේ දැඩි කණස්සල්ලෙනි.
‘‘රුකං පොජ්ජ පටැරලා. මොනේකවත් කොදුයි. දැන් කැලෑ පොජ්ජේ තිබෙන්නේ ගල් පොජ්ජයි. බිමි පොජ්ජයි. රුකං පොජ්ජවල් පටැරලා. (ගස් කපලා මොකවත් නැහැ. දැන් කැලේ තිබෙන්නේ ගලූයි බිමයි විතරයි. ගස් විනාශ කරල දාලා. අපි අපේ මී මුත්තන්ගේ කාලේ ඉඳලම කැලේ ආරක්ෂා කර ගත්තේ අපේ ඇස්දෙක වගේ.” හීන්බණ්ඩා පැවසීය.
සංවර්ධනය මුවාවෙන් කරන බොහෝ නීති විරෝධි වන විනාශයන් නිසා තම නිජබිම ලෙස සැලකෙන වනාන්තරවලට මහත් විනාශයක් සිදුව ඇති බව ඔවුන් පවසති.
‘‘ඉස්සර අපි හේන් කෙටුවා. එක එක දේවල් වගා කෙරුවා. මිරිස් කවදාවත් අපි කඩෙන් ගෙනල්ල කැවේ නැහැ. ඉස්සර තිබුනා වන්නි මිරිස් කියලා ජාතියක්. ඒව අපි හොඳට වගා කෙරුවා. දැන් ඔක්කොම වෙලා ඉවරයි. අපේ මිනිස්සුත් මේවට වැරදියි. දැන් හැම දෙයක්ම විනාශ කොරන්න බලාගෙන ඉන්නවා. අපි කැලෑවට ආදරෙයි. සත්තුන්ට ආදරෙයි. පිරිමි සත්තු මැරුවත් ගෑණු සත්තු මැරුවේ නැහැ. අද පැටියා බෙඩි ඉන්දද්දි මරා ගෙන කනවා. ඌණාපානවරිගේ බණ්ඩියල ඇත්තෝ කිවේය.
පසුගිය කාලය පුරාවටම වැසි නොලැබීම නිසා මොවුන්ගේ වගා පාලුවට ගොස් ඇති අතර මේ නිසා තමන් දැඩි පීඩාවට පත්ව ඇතැයි මොවුන් පවසන්නේය.
‘‘මේ පාර අපට වැස්ස ලැබුනේ නැහැ. දහ පහළොස්දාහක් වියදම් කොරල තමයි හේන් කුඹුරු කොටන්නේ. මෙදා පාර කන්න දෙකක් පරාදයි. කුරහන්, කඩල, කවුපි, සෝයා තමයි වැඩිපුර අපි වගා කෙරුවේ. කැලැවේ වවාගෙන කන නිදහසත් අපට නැතිවුනා. දේශපාලන මතිමතාන්තරවලට ගස් කපනවා. ඒක තමා වෙලා තියෙන්නේ. බලධාරින්ට කිවිවට වැඩක් නැහැ.” උණාපානවරිගේ හීන්බණ්ඩා පැවසුවේය.
වර්තමාන ආදිවාසීන්ගේ ජන ජිවිතය පුරාණ ආදිවාසීන්ගේ ජන ජිවිතයට වඩා බෙහෙවින් සංකිර්ණය.
‘‘මහියංගනයේ පවුල් හත් අටසියක් ඉන්නවා. දැන් හැම තැනම අපේ රැහේ එවුන් ජිවත් වෙනවා. ඉස්සර නම් හේන් කොටාගෙන ජිවත් වුනා. දැන් හේන් කෙටන්න අපිට ඉඩම් කොහෙන්ද. දැන් එදාවේල හොයා ගන්නෙත් ලෝක අමාරුවෙන්. මගේ පවුලේ දහ දෙනෙක් හිටියා. පස් දෙනෙක් මැරුනා. අනිත් අය කුලී වැඩ කරලා ජිවත්වෙන්නේ.” හීන්බණ්ඩා පැවසුවේය.
‘‘දැන් අපිට කැලේ තිබුණු බිම් පොජ්ජත් නැතිවෙලා. අපේ අය වන ජිවි එකට ගිහින් කියල තියෙනවා. ඔයාල නිදාගෙනද ඉන්නේ. ඔය අයින්කරපු මිනිස්සු මේ කැලේට ඇවිල්ලා රිංගලා තියෙනවා. ඇයි රාජකාරි කරන්නේ නැත්තේ කියලා. ඊට පස්සේ අපි ඔක්කොම එළියට ඇදල දැම්මා. එහෙම අයින්කලාට පස්සේ ඒ ඇත්තෝ අපව උසාවි දැම්මා. අපට උසාවියට ගෙවන්න විදියක් නැහැ. ඊට පස්සේ අපේ කුඹුරු උගස් කරල තමා උසාවියෙන් අපි නිදහස් වුනේ.” බණ්ඩියල ඇත්තෝ කිවේය.
වර්තමානයෙහි අපට හමුවන ආදීවාසීන් තම තමන්ගේ නිවහන් ඉතාමත් සරල අන්දමින් තනා ගනිති. එමෙන්ම ඔවුන්ගේ දෛනික භාවිතයට යොදෙ ගන්නා ගෘහ භාණ්ඩත් ඉඑයින් මේ ජනතාවගේ සරල චාම් දිවි පැවැත්ම අපට මොනවට පැහැදිලි වෙති.
‘‘අපේ වරිගේ කැකුලෝ කැකුලියෝ ඉන්නවා. ඒ අයට යන්න පිළිසරණක් නැතිව තමා ඉන්නේ. ඉස්සර කැකුලයි කැකුලියි හිත්ලෑවම ඒ ඇත්තන් මංගචිචනවා. දෙන්න මැරෙනතුරු එකට ජිවත් වෙනවා. දැන් එහෙම බැහැ. අත්සන් කොරන්න ඕන. ඒ අයටත් ගොඩක් ප‍්‍රශ්ණ තියෙනවා.” කළු බණ්ඩා පවසන්නේය.
වර්තමානයෙහිදී ආදී වාසීන් මුහුණු දෙන ගැටළු බොහෝමය. සියවස් ගණනාවත් ආදි වාසීන්ගේ නිජබිම් ලෙස පැවතුණු වාන්නතර අද අභය භූමි බවට පරිවර්ථනය කර තිබේ. එමනිසා දැන් ආදීවාසීන්ගේ දෛනික දිවිපෙවත මහත් ගැටළුකාරී තත්ත්වයක් ගෙන තිබේ.
‘‘අපි ඡන්දෙකින් ආව නෙමෙයිනේ. අපේ මේ පාරම්පරික උරුමය. අපේ මිනිස්සුන්ට කැලේ ජිවත්වෙන්න ඕන. අපිට හේන් කරන්න බැහැ. දඩයම් කරන්න බැහැ. අපට මේ ඉඩම්වල හිමිකමක් ඕනේ නැහැ. මේ කැලෑවේ ගස් හිටවල ඒවා ආරස්සා කරගන්න නිදහස දෙන්න.” ඌණාපානවරිගේ කළුවා පවසන්නේය.
‘‘මේක දැන් සංකර ලෝක පොජ්ජක් වෙලා. ගෑනු ළමයි කොටට අදිනවා. කොණ්ඩේ කපනවා. කලිසන් අදිනවා. අපි ඒවට කැමති නැහැ. මට දරුවෝ නවදෙනෙක් ඉන්නවා. මං තනියම ජිවත් වෙන්නේ දඹානේ. මට හොඳට උයන්න පුලූවන්. ” බණ්ඩියල ඇත්තෝ පැවසුවේය.
අද වනවිට ආදීවාසීන්ගේ සමාජීය පසුබිම හා ජීවන රටාව බොහෝ සෙයින් වෙනස් වී ඇත.
‘‘මට දරුවෝ තුන් දෙනෙක් ඉන්නවා. මං ගොවිතැන් කරන්නේ. අපි දැන් ජනාවාස වෙලා ඉන්නේ. අපි ගම්වලට ඇවිල්ලා. අපි ඒකට අකමැතියි. ජනාවාස වුණාම පරම්පරාව ඉවරයි. කැළැවේ හිටපු අපි එළියට ගන්නවා. කැලෑව දෙනවා අභය භුමිවලට. ඉතිං අර අපේ මිනිස්සු ජනාවාස කෙරුවට මොකවත් දන්නේ නැහැ. මේව තමයි අපට තියෙන කරදර.” ඌණාපානවරිගේ කළුවා වැඩි දුරටත් පවසන්නේය.
The changes in the modern world have resulted in drastic changes in the lives of the indigenous community in the country, known as Veddhas. The changes have created many socio-economic problems for them. They are disgruntled over moves to clear and destroy their former homeland, the jungles, under the guise of development. The Veddhas say the lands they used to cultivate have been taken over by authorities to develop sanctuaries. Unable to cultivate and hunt their food requirements, the Veddhas are now faced with many difficulties. They are also subjected to laws they were earlier unaware of. The community is now spread in various places in Hennanigala, Dambana, Mahiyangana after they lost their lands in the jungles.
අනුරාධපුරයේ පුරාණ ගල් පාලම්
Anceint stone bridges of Sri Lanka
අදින් වසර දහස් ගණනට පෙර ලංකාව ශිලා කර්මාන්තයේ ඉහළ තැනට පත්ව සිටියේය. ශිලා තාක්ෂණයේ උපරිම වර්ධනයක් පෙන්නුම් කළ අනුරාධපුර යුගයේදී ලංකාවේ මාර්ග වේගයෙන් සංවර්ධනය වූ අතර එකල ලංකාවේ මාර්ග පද්ධතිය ඉතා දියුණු මට්ටමක පැවති බව පෙන්නුම් කරන සාධක අදටත් ශේෂව පවතින්නේය.
අනුරාධපුරයේ සංචාරය කරන බොහෝදෙනාගේ අවධානයට ලක්නොවන ගල් පාලම් කියා පාන්නේ අතීතයේ ලංකාවේ පැවති මාර්ග ඵද්ධතියේ දියුණුවයි. අනුරාධපුර මල්වතුඔයේ තිබෙන ගල් පාලම් හා මිහින්තලය මහකනදරා ඔයේ තිබෙන ගල් පාලම අතීතයේ පැවති පාලම් තාක්ෂණය ලොවට කියාපාමින් තවමත් ශේෂව පවතින්නේය.
ගල් පාලම් ලංකාව පුරාම ඉදිවී ඇතත් වැඩියෙන්ම ගල් පාලම් දකින්න ලැබෙන්නේ අනුරාධපුරයේයි. මඩකලපුව උතුරු පළාතේ පදවිය වැනි ප‍්‍රදේශවල ගල් පාලම් තිබී ඇති බවට පුරාවිද්‍යා වාර්තාවන්ගේ සදහන් වන නමුත් මේ වන තෙක් ඒවා තහවුරු කරගෙන නොමැත. කලාත්මක හා තාක්ෂණය අතින් දියුණු ගල් පාලම් දකින්න ලැබෙන්නේ අනුරාධපුර යුගයේය. ක‍්‍රිස්තු වර්ශ තුන්වැනි සියවසේ සිට කි‍්‍රස්තුවර්ශ අටවැනි සියවස දක්වා වන කාලයේදී අනුරාධපුර යුගයේ ගල් පාලම් ඉදිවී තිබෙන්නේය. එනම් මෙම ගල් පාලම් ඉදිවී තිබෙන්නේ මීට වසර එක්දහස් හත්සියයත් එක්දහස් තුන්සියයත් වැනි කාලයකට පෙරදීය.
ගල් පාලම් මහාවංශයේ සදහන් වන්නේ ශීලා සේතු නමිනි.
මල්වතු ඔයේ ගල් පාලම්
‘‘ගල් පාලම් තුනක් අනුරාධපුරයේ මල්වතු ඔය හරහා දකින්න ලැබෙනවා. බොහෝ දුරට නිර්මාණ සුරකී ඇත්තේ කිරිබත් වෙහෙරට නුදුරින් පිහිටි ගල් පාලමේ. නඛා වෙහෙර ආසන්නයේ තවත් ගල් පාලම් දෙකක් දකින්න ලැබෙනවා. හාල් පාන් ඇල හරහා තවත් ගල් පාලමක් දකින් පුලූවන්. මහකනදරාව හරහා තවත් ගල් පාලමක් තියෙනවා. මේ ගල් පාලම මීටර විසිපහක් දිගයි. මීටර් තුනක් පළලයි. උතුරු පළාතේ පදවිය පැත්තේ තිබෙන ගල් පාලමක් පිළිබදව ලංකාව පිළිබදව වාර්තාවන් ඉදිරිපත් කළ බ්‍රෝහියර් සදහන් කර තිබෙනවා.’’ සංස්කෘතික ත‍්‍රිකෝණයේ පර්යේෂණ නිලධාරියෙක් වශයෙන් කාලයක් කටයුතු කර මේ වන විට සීගිරිය කෞතුකාගාරයේ පාලක වරයා වශයෙන් කටයුතු කරන කුසුම්සිරි කොඩිතුවක්කු කියන්නේය.
අනුරාධපුරයේ ඇතුළු නුවර රාජධානියේ අගනුගරය ලෙසින් පැවති අතර ඇතුළු නුවරට පැමිණීමට තිබූ මාර්ගවල ගල් පාලම් තිබී ඇතැයි ජේතවනාරාම සංරක්ෂණ ව්‍යාපෘතියේ ප‍්‍රධාන පර්යේෂණ නිලධාරී තුසිත මෙන්ඩිස් කීවේය.
‘‘සතර දිසාවෙන් ඇතුළු නුවරට ප‍්‍රවේශවන මාර්ගවල ගල් පාලම් දකින්න ලැබෙනවා. උතුරු පැත්තෙන් ඇතුළු නුවරට ප‍්‍රවේශවීමට තිබූ මාර්ගයේ තිබූ ගල් පාලම තමයි මල්වතු ඔය හරහා තිබෙන්නේ. බටහිරින් මහකනදරා ඔය හරහා ගල් පාලමක් දකින්න ලැබෙනවා. මහකනදරා ඔයේ තිබෙන ගල් පාලම ඔස්සේ වැටී තිබූ මාර්ගය තමයි අනුරාධපුරය හා ත‍්‍රිකුණාමලය යාකර තිබෙන්නේ.’’ මෙන්ඩිස් පැවසුවේය. ත‍්‍රිකුණාමලයවරාය අනුරාධපුර යුගයේ ජාත්‍යන්තර වරායක් ලෙසින් පැවති අතර මහකනදරාව හරහා ඉදිකර තිබෙන ගල් පාලම ප‍්‍රධාන පාලමක් බවට පත්ව තිබෙන්නට ඇත.
ඇතුල් නුවරට පිවිසෙන පාරවල්
අනුරාධපුරය නගරයක් ලෙසින් වර්ධනය වීමත් සමගින් නගරය හා අනික් ප‍්‍රදේශ සම්බන්ධ වන පරිද්දෙන් මාර්ග පද්ධතිය සකස්වී තිබුනේය. තෝණිගල හා ලබුඇටබැදිගල සෙල්ලිපි දෙකේ ඇතුළුනුවරට පිටින් පිහිටි වෙළදපොළක් පිළිබදව සදහන් වන්නේය. මල්වතුඔය හරහා තිබෙන ගල් පාලම ආසන්නයේ මෙය තිබෙන්නට ඇතැයි මෙන්ඩිස් පවසන්නේය.
මට වසර එක්දහස් හත්සියයකට පමණ පෙර ලංකාවේ මාර්ග ඵද්ධතිය සකස්වී තිබුනේ ඒ කාලයේ පැවති අවශ්‍යතාවයන්ට සරිලන පරිද්දෙනි. රජුගේ සේනාවන් ගමන්කළ මාර්ගයන් සකස්වී තිබුනේ ඊට සරිලන පරිද්දෙනි.
‘‘ඒ කාලයේ නොයක් රථ වර්ග තිබී තිබෙනවා. බොහෝ දෙනා ඒ පාරවල් භාවිතා කරනවා. ඒ වගේම ඇත් අස් රිය පාබල කියලා වෙන වෙනම සේනාංක තිබී තිබෙනවා. ඒවාට යන්න පුලුවන් විදියට තමයි පාරවල් හදලා තියෙන්නේ.’’ කොඩිතුවක්කු කීය.
මේ කාලසීමාවේ මාර්ගයන් පැවති අන්දම පිළිබදව දිඹුලාගල සෙල් ලිපියේ සදහන් වන්නේය.
‘‘මේ කාලයේ බොරලූ පාරවල් තමයි වැඩියෙන්ම තිබුනේ. ඒ වගේම කුඩා ගල් ඇතිරූ මාර්ගයන් පිළිබදව සදහන් වෙනවා.’’ කොඩිතුවක්කු සදහන් කළේය.
මේ වන විට හොද තත්වයෙන් ඉතිරිව ඇති ගල් පාලමක් වන්නේ මහකනදරා ඔය හරහා ඉදිකර තිබෙන ගල් පාලයමය. මේ ගල් පාලම ලංකාවේ ගල් පාලම් තාක්ෂණය පිළිබදව නිහඩව කතාකරන්නේය. කොතරම් ඉහළ තාක්ෂණයක් ගල් පාලම් ඉදිකිරීමේදී යොදාගෙන ඇත්දැයි යන්න මේ ගල්පාලම දෙස බැලීමේදී අවභෝධ කරගත හැකිවන්නේය.
බාල්ක පාලම්
ප‍්‍රධාන මාර්ගයන්හි ඉදිකර ඇති පාලම් බාල්ක පාලම් ලෙසින් කොඩිතුවක්කු හදුන්වා දෙන්නේය.
‘‘ප‍්‍රධාන මාර්ගයන්හි ඉදිකර තිබෙන පාලම් ඉදිකර තිබෙන්නේ ගල් කණු තුනක් මතයි. පොළවේ ඉදිකළ ගල් කණු තුන මත හරස් අතට තවත් ගල් කණුවක් දානවා. හරස් අතට දැමූ ගල් කණුව හරහා ගල් පුවරු අතුරනවා. ගල් පුවරු හතක් අටක් පමණ අතුරා පාලමේ තට්ටුව සකස් කරනවා. පොළවේ සිටුවා තිබෙන කණුවල කුඩුම්බි තිබෙනවා.’’ හෙතෙම කියන්නේය.
‘‘කුඩුම්බි තාක්ෂණය ගල් පාලම්වලට යොදාගෙන තිබෙනවා. කුඩුම්බි තාක්ෂණය නිසා ගල් පාලම් ශක්තිමත්ව සකස් කිරීමට හැකියාව ලැබී තිබෙනවා.’’ මෙන්ඩිස් කීවේය.
අනුරාධපුරයුගය වන විට යකඩ තාක්ෂණයේ දියුණුවක් ඇතිවූවේය. යකඩ උනු කිරීම සදහා යොදාගත් පෝරණු කැණීම්වලදී සොයාගෙන ඇති අතර යකඩ උපකරණ අනුරාධපුරයේ කළ කැණීම්වලදී මතුවුනේය. මේ යුගයේදී නිර්මාණය කළ සමාධි පිළිමය වැනි පිළිම නෙළිමට හැකි සියුම් යකඩ ආයුධ පවා සකස්කිරිමට තරම් තාක්ෂණයක් මෙකළ තිබුනේය.
‘‘ලෝහ කර්මාන්තයේ දියුණුවීම ශිලා තාක්ෂණයේ දියුණුවට බෙහෙවින්ම බලපා තිබෙනවා.’’ මෙන්ඩිස් කීය.
‘‘ලෝහ කර්මාන්තයේ දියුණුව නිසා නොයෙකුත් උපකරණ නිපදවූවා. සියුම් ආකාරයට ගල් වෙන්කිරීමට උපකරණ අවශ්‍ය වෙනවා. ගල් වෙන් කිරීම සදහා ඉතා සියුම් ආයුධ මේ කාලයේ තිබිලා තියෙනවා. මේ උපකරණ නොමැතිනම් ගල් පාලම් හදන්න බැහැ. යකඩ තාක්ෂණයේ හා ශිලා තාක්ෂණයේ දියුණුවීමේ එකතුවක් තමයි ගල් පාලම්.’’ කොඩිතුවක්කු සදහන් කරන්නේය.
කාලයක් පැවතිය හැකි ආකාරයෙන් මේ ගල්පාලම් සකස්කර ඇතැයි මෙන්ඩිස් පැවසුවේය.
‘‘මල්වතු ඔය අදටත් පිටාර ගලනවා. ඔය පිටාර ගලන විට ඒකට ඔරොත්තු දිය හැකි ආකාරයෙන් තමයි ගල් පාලම් සකස් කර තිබෙන්නේ. ලී වගේ දේවල් භාවිතා කරන්නේ නැතිව ගල් වලින් පාලම සකස් කර තිබෙන්නේ මෙය විශාල සැඩ පහරකට පවා ඔරොත්තු දෙන නිසයි. ලී වලින් සකස්කළ පාලම් මේ වගේ සැඩ වතුර පාරකට ඔරොත්තු දෙන්නේ නැහැ.’’ හෙතෙම කීවේය.
ලී වලින් සකස්කළ පාලම් වල ශේෂවූ කොටස්වත් දක්නට නොලැබෙන විටදී මල්වතු ඔයේ නැම්මක ඉදිකළ ගල් පාලමේ කොටසක් අද පවා සුරැකිව තිබෙන්නේ පාලමේ ඇති ශක්තිමත් බව නිසාය.
ගල් පුවරු පාලම්
අනුරාධපුරයේ තිබෙන විශාල ගල් පාලම්වලට අමතරව තවත් කුඩා ගල් පාලම් වර්ගයක් දන්නට ලැබෙතැයි කොඩිතුවක්කු කියන්නේය.
‘‘අඩි පාරවල්වලට සම්බන්ධ කරලා තවත් ගල් පාලම් වර්ගයක් තියෙනවා. ඒ වගේම විහාර ආරාම ඇතුලේ ගලින් කළ පාලම් දකින්න ලැබෙනවා. රිටිගල අරන්කැලේ වගේ ආරාමවල කුඩා ගල් පාලම් දකින්න පුලුවන් කම තිබෙනවා.’’ ඔහු කීවේය.
කුඩා ගල් පාලම් විශාල පාලම් මෙන් නොවේ. විශාල පාලම් සකස්කරන ආකාරයට ගල් කණු මත මේවා ඉදිකරන්නේ නැත. ගල් පුවරුවක් පමණක් ඇතිරීමෙන් මේ පාලම් සකස් කරන්නේය. මේ වර්ගයේ පාලම් කොඩිතුවක්කු හදුන්වාදෙන්නේ ගල් පුවරු පාලම් ලෙසිනි.
‘‘පදානගල භාවනාකුටිවල පාලම් පුවරු පාලම්වලට හොදම උදාහරණයක් ලෙසින් හදුන්වාදෙන්න පුලුවන්. මේ ගොඩනැගිල්ල කොටස් දෙකකට වෙන්කර තිබෙනවා. ඒ කොටස් දෙක මැදින් දිය අගලක් තියෙනවා. දිය අගල මැදින් එහා මෙහා යාමට ගල් පුවරුවක් අතුරා පුවරු පාලම් සකස්කර තියෙනවා.’’ කොඩිතුවක්කු කීවේය.
පදානගල කැණීම්වලදී පාලම් අසල තිබී උළු කැබලි යොසාගෙන තිබුණි. මේ අනුව පාලමට උළු සෙවිලි කළ වහලක් තිබී ඇති බවට විශ්වාස කළ හැකියැයි හෙතෙම කියන්නේය.
ගල් පාලමට නරක කාලයක්
අනුරාධපුර යුගයෙන් පසුව ශිලා තාක්ෂණය යොදාගනිම්න් පාලම් ඉදිකිරීම අභාවයට ගියේය. අනුරාධපුර රාජධානියෙන් පසුව ලංකාවේ රාජධානි බවට පත්වූ පොළොන්නරුව හා දඹදෙනිය යුගවලදී ගල් පාලම් ඉදිකළ ඇති බවට සාක්ෂි ලැබෙන්නේ නැත. ගල් පාලම් ඉදිකිරීම වෙනුවට පොළොන්නරුව යුගයේදී ලී පාලම් ඉදිකිරීම වේගයෙන් ව්‍යාප්ත වූවේය.
‘‘පොළොන්නරුව හා දඹදෙනිය යුගවලදී ලී පාලම් ඉදි කර තිබෙන බවට මහාවංශයේ සදහන් වෙනවා. මහා පරාක‍්‍රමබාහු රජතුමා විසින් කලා ඔය හරහා ලී පාලමක් ඉදිකර තිබෙනවා. දොළොස්වන හා දහතුන්වන සියවස්වල දී ගල් පාලම් පිළිබදව සදහන් වෙනවා. මහා පරාක‍්‍රමබාහු රජුගේ දේව සෙනවියා විසින් ගිරිබාවට උතුරින් කලාඔය හරහා තනා තිබෙන පාලම ඇත් අස් රිය පාබල හමුදාවන්ට ගමන් කළ හැකි ආකාරයෙන් ඉදිකර තිබෙනවා. මේ පාලම දිගින් රියන් දෙසීයක් වෙනවා. පළළ රියන් විසක් එනම් මීටර් නමයක් වෙනවා.’’ කොඩිතුවක්කු කියන්නේය.
මහාවංශයේ සදහන් වන්නේ මේ පාලම ඉදිකිරීමට යකඩ ඇණ යකඩ පටි ලී කදන් ආදිය යොදාගෙන ඇති බවයි. ලංකාවේ රාජධානි අභාවයට ගොස් ඉංග‍්‍රීසි පාලකයින්ගේ පාලන සමය වන විට ලී පාලම් මෙන්ම එල්ලෙන පාලම් ඉදිකිරීම දක්නට ලැබුනේය. පසුකාලීනව ඉංග‍්‍රීසි පාලකයින් යකඩ හා සිමින්ති පාලම් ඉදිකළේය.
ලංකාවේ රාජධානි අභාවයට යාමත් සමගින් ගල් පාලම් භාවිතයද ක‍්‍රමයෙන් අභාවයට ගියේය. ගල් පාලම් තිබූ මාර්ග භාවිතයට ගැනීම සීමා වූවේය. නමුත් මේ මාර්ග භාවිතය සම්පූර්ණයෙන්ම නැවතී තිබුනේ නැත. මෙරට අවසන් රාජධානිය වූ මහනුවර යුගයේදී ලංකාව පිළිබදව වාර්තාවන් ඉදිරිපත් කළ රොබට් නොක්ස්ගේ වාර්තාවන්හි ගල් පාලම් පිළිබදව සදහන් වන්නේ මේ කාලය වන විටත් ගල් පාලම් භාවිතයට ගත් නිසාය.
ගල් පාලම් සංරක්ෂණය කෙරේ
අනුරාධපුරයේ පුරාවිද්‍යාත්මක කැණීම්වලදී අඩු අවධානයක් ලැබී තිබුන ගල් පාලම් පිළිබදව බොහෝ දෙනා කතාකරන්නට වූයේ වසර තුන හතරකට පෙරදීය. මල්වතු ඔය හරහා තිබෙන ගල් පාලම අවසන් වරට සංරක්ෂණය කර ඇත්තේ 2007 වසරේදීය.
‘‘සංරක්ෂණය කිරීමට පෙර මල්වතුඔය හරහා තිබෙන ගල් පාලමේ ගල් කණු වතුරේ තිබුනේ. පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව විසින් 2007 වසරේදී තමයි මේ ගල් පාලමේ සංරක්ෂණ කටයුතු අවසන් කළේ. නමුත් පාලමේ තවත් කොටසක් පස් වලින් වැසී තිබෙන්න පුලුවන්. කාලයක් ගග ගලාගෙන යාම නිසා ගග මේ වන විට වෙනස් වෙලා තියෙන්නේ. කැණීම් කරලා පාලමේ අනික් කොටස් මතුකරගත යුතුයි.’’ මෙන්ඩිස් කීය.
අනුරාධපුරය ත‍්‍රිකුණාමලය වරාය යාකරමින් පැවති මාර්ගයේ කනදරා ඔය හරහා තිබෙන ගල් පාලමේ සංරක්ෂණ කටයුතු අවසන් කළේ 2008 වසරේදීය. එම සංරක්ෂණ කටයුතු අවසන් කිරීමෙන් පසුව පාලම බලාගන්නේ ඒ ප‍්‍රදේශයේම සිටින ඥාණසිංහ බණ්ඩා විසිනි.
ගල් පාලම නැරඹීමට පැමිණෙන සංචාරකයින්ට ගල් පාලම පිළිබව විස්තර කරදීම් සියල්ල කරන්නේ මොහු විසිනි. ගල් පාලමේ නිල නොලත් භාරකරු වන්නේද ඔහුය.
‘‘මම තමයි මේ පාලම බලාගන්නේ. මේක බලන්න පුරාවිද්‍යාඑකේ මහත්තුරු එනවා. විශ්වවිද්‍යාලවල අය එනවා. ඒ අයත් මගෙන් තමයි විස්තර අහගන්නේ.’’ බණ්ඩා කීවේය.
The stone bridges built in Anuradhapura between AD 3rd century and the 8th century stands testimony to the developed state of the country’s road network that existed thousands of years ago.
The stone technology that was highly developed during the Anuradhapura period had eventually resulted in an improved road network. Although stone bridges could be seen in many parts of the island, most of them could be seen in Anuradhapura.
Among the few remaining stone bridges of yesteryear are the ones across Malwatu Oya and Mahakanadara Oya. Unconfirmed historical records have also indicated of stone bridges that were located in the area east of Batticaloa in Padaviya.
Former Cultural Triangle Research Officer and current Administrator, Sigiriya Museum, Kusumsiri Kodituwakku says there are three stone bridges across the Malwatu Oya.
“The stone bridge near the Kiribath Vehera shows the intricate skills used in building it. There are two more stone bridges near Nakha Vehera and there is another across Halpan Ela. The stone bridge across Mahakanadarawa is about 25 meters long and 3 meters wide. Brohier, who had recorded about Sri Lanka, has written about a stone bridge that existed in Padaviya,” he said.
Chief Research Officer, Jethavana Preservation Project, Thusitha Mendis noted that stone bridges existed on the roads that led to the inner city during the Anuradhapura period.
“There are stone bridges on roads that led to the inner city from the four corners. The stone bridge across Malwatu Oya was on the northern road. The bridge across Mahakanadra Oya was on the western road that also connected Anuradhapura to Trincomalee,” Mendis said.
The stone bridge across Mahakanadara Oya is believed to have been a popular route given that the Trincomalee harbor was considered an international port even during the Anuradhapura period.
The urbanization of Anuradhapura resulted in the developing of a road network that connected the city with other areas. The Thonigala and Labuetabendigala stone inscriptions highlight a market place that existed outside the main city.
Mendis believes this market place to have been located near the Malwatu Oya stone bridge.
However, any one who visits the stone bridge across the Mahakanadara Oya, which is still in good condition, could witness the skillful art of building stone bridges.
Kodituwakku said the stone bridges built on main roads were known as column bridges.
“The stone bridges on main roads were built on three stone pillars. A stone pillar was laid across the three stone pillars. Stone ledges were then laid on the stone pillar that lay across on the three upright stone pillars. The surface of the bridge is built by laying seven to eight stone ledges. The pillars fixed to the ground were supported by a stone built support system,” Kodituwakku said, adding that the support system gave strength to the bridges.
Apart from the large stone bridges there were also smaller stone bridges.
“There were another set of stone bridges that connected foot paths. Also, there are stone bridges that were built in temples and hermitages. Such stone bridges could be seen at the Arankele hermitage in Ritigala,” Kodituwakku said.
The small stone bridges are built differently to the bigger ones. The small bridges are built by laying across only one stone wedge.
Kodituwakku says these bridges were known as stone wedge bridges.
“The stone wedge bridges in the Padanagala meditation centre are the best example for these bridges. There is a stream that runs across two sections of the structure and stone wedges have been laid across connecting the two sections,” he said.
Archeologists have found pieces of roof tiles around the stone bridge during excavation in Padanagala. Therefore, it could be determined that the bridge may have had a tiled roof as well, Kodituwakku observed.
The growth in copper technology during the Anuradhapura period has also had a direct impact in the construction of stone bridges.
Kilns used to heat iron and equipment built out of iron have been unearthed during excavations carried out in Auradhapura. In fact, the technology that prevailed in Anuradhapura at the time even enabled the manufacture of intricate iron tools that were used to carve the Samadhi statue.
“Various tools made out of copper were manufactured at the time. Intricate tools were needed to skillfully separate stones and such tools were available during that period. None of these bridges would have been built if these tools were not there. Stone bridges therefore are a product of the developments experienced in the iron and stone technology at the time,” Kodituwakku said.
The stone bridges were also built to stand time. According to Mendis, the bridges were built out of stone to ensure its longevity.
“The Malwatu Oya floods even today. The stone bridges were built to stand such floods. The bridges were built using stone instead of wood in order to be able to stand a heavy flood. A wooden bridge would never have withstood a powerful wave during a flood,” Mendis said.
While there remain no remnants of the many wooden bridges built in the country, a section of the stone bridge built at a curve on the Malwatu Oya can still be seen.
The construction of stone bridges had ended during the Anuradhapura period and evidence has not been found to support the existence of such bridges during the Polonnaruwa and Dambadeniya era.
Wooden bridges were built during the Polonnaruwa period.
Kodituwakku noted that Mahawansa records indicated to the construction of wooden bridges during the Polonnaruwa and Dambadeniya periods.
“The Great Parakramabahu had built a wooden bridge across Kala Oya. There are records of stone bridges during the 12th and 13th centuries. Parakramabahu’s Commander Deva had built a bridge across Kala Oya, north of Giribava. The bridge is 90 meters in length and nine meters in width,” Kodituwakku said.
According to the Mahavansa, iron nails and iron strips have been used to build this bridge.
However, the road network that existed about 1,700 years ago in Anuradhapura was built to suit the needs at the time, especially the transportation of the king’s troops.
“There were different kinds of vehicles that used these roads at the time. The king’s troops, horses and elephants also used these roads. Therefore, they were built to withstand all of these,” Kodituwakka explained.
He noted that according to the Dimubulgala stone inscription, the roads at the time were either gravel roads or pebble-laden roads.
Stone bridges in Anuradhapura that were discovered due to excavation projects carried out in the area did not receive much attention till about three to four years ago.
Preservation of the stone bridge across Malwatu Oya had last taken place in 2007.
Mendis states, “Before being preserved, the stone pillars of the stone bridge across Malwatu Oya was in the water. The Archeology Department ended the preservation project in 2007. Yet, part of the bridge could still be buried under sand. The river has seen changes in its flow due to the changes in time. The rest of the bridge has to be uncovered through excavation.”
The preservation of the stone bridge across the Mahakanadara Oya that connected Anuradhapura with Trincomalee ended in 2008.
A resident in the area, Gnanasinghe Banda, is now maintaining the bridge.
Banda has now become the unofficial guardian of the stone bridge. He guides everyone visiting the bridge as well.
“I look after this bridge. Gentlemen from the Archeology Department and the universities come to see the bridge. I explain details about the bridge to them as well,” Banda said.
However, when the country became a British colony, apart from the stone and wooden bridges, the construction of suspension bridges also commenced.
The British started to build bridges with cement and iron. The stone bridge construction ended with the Anuradhapura period.
The usage of stone bridges still continued after the Sinhalese kingdom. Records made by Robert Knox indicate the usage of stone bridges during the Kandy period.
මිනිසාට ගැළපෙන කලාවක් සොයන්නේ කෙළෙසද
‘‘අද අපරාධ පිළිබද සංඛ්‍යා ලේඛන ගත්විට, දූෂණ,අපචාර,මංකොල්ලකෑම් වැඩිවෙලා.මෙයට හේතුව මිනිසුන් අතෘප්තිකර වීම”බව සෞන්දර්යය කලා විශ්වවිද්‍යාලයේ පශ්චාත් උපාධි ඒකකයේ අධ්‍යක්ෂ ජ්‍යෙෂ්ඨ මහාචාර්ය මුදියන්සේ දිසානායක පවසයි.
සමතුලිත පෞරුෂයකින් හෙබි පුරවැසියෙකු බිහි කිරිමට නම් අප සතුව ඇති දැනුම, ආකල්ප හා කුසලතා වින්දන ක්ෂේත‍්‍රය තුළ භාවිතා කළ යුතු බව අධ්‍යාපනඥයෝ පැවසුව ද වර්තමාන අධ්‍යාපන ක‍්‍රමයෙන් සමතුලිත පෞරුෂයකින් යුත් පුරවැසියෙක් බිහි නොවන බව මහාචාර්යවරයා පවසයි. විද්‍යා තාක්ෂණික දියුණුවට සමගාමීව සෞන්දර්ය කලාව දියුණු නොකිරීම එයට හේතුව බව ඔහු පවසන්නේ ය.අධ්‍යාපනයට ලබා දී ඇති කොටසින් ළමුන්ට සෞන්දර්ය විෂය විදීමට නොව විදවන්නට සිදුවී ඇතැයි හෙතෙම පවසයි.
”මිනිසුන් ඕනෑම දෙයක් විදින්නට හැකි පිරිසක් බවට පත්කළ යුතුයි.නැතිනම් ඔවුන් කපරාරු නොකළ බිත්තිමෙන් මටසිලිටි නොවන නිසා ගොරහැඩි මිනිසුන් බවට පත් වෙනවා.මිනිසාගේ වින්දන පාර්ශවය පෝෂණය වන්නේ උසස් කලාවන් ඇසුරු කළ විටයි. එවැනි මිනිසුන්ට ඕනෑම දෙයක් දෙස උපෙක්ෂා සහගතව බලා සිටීමෙන් එහි හරි වැරැද්ද තෝරා බේරා ගන්න පුලුවන්.අද දකින අසන කලාවන් බොහොමයකින් සමතුලිත පෞරුෂයක් තිබෙන මිනිසුන් බිහිවෙයි කියලා හිතන්න බැහැ” හෙතෙම පවසයි.
”සමාජයේ සියලූදෙනා එක පිම්මේ දුවනවා. කරන කියන දේ කුමන අරමුණකින් කරනවාද කියලා තමන්වත් දන්නේ නැහැ. ඉන් ජය ලබන අය ඉහළින් වැජඹෙනවා.පරාජය වන අය නොයෙකුත් අයුරින් සමාජයෙන් පලිගන්නවා. එකී අතෘප්තිකර බවේ උච්චතම අවස්ථාව මිනීමැරුම් දක්වා වර්ධවය වී ඇති බව ඔහු පෙන්වා දෙයි.
නූතන තරුණ පරම්පරාවේ බොහොමයක් දෙනා නර්තනය ලෙස හදුනාගෙන තිබෙන්නේ, ආකර්ශනීය රූපය හා වේග රිද්ම වාදනයන් සහිත චලනයන් බව මහාචාර්යවරයා පවසයි.
ශරීරයේ අගපසග අනවශ්‍ය අයුරින් චලනය කරමින් හුදෙක් විනෝදයට කරන්නා වූ කි‍්‍රයාවන් අගය කිරීමට නූතන බොහෝදෙනා පෙළඹී තිබීම ඇත්තෙන්ම හාස්‍යයට කරුණක් බව මහාචාර්යවරයා පවසයි.
නමුත් සැබැවින් ම නර්තනය යනු එකී අනවශ්‍ය දැගලීමක් නොවන බව පෙන්වා දෙන ඔහු සම්ප‍්‍රදායික නර්තනයට සමගාමීව නිර්මාණශීලී නර්තනයේ කාලීන අවශ්‍යතාවය නර්තනයේ පැවැත්මට පදනම බව පවසයි.
‘‘ ඕනෑම විදග්ධ නර්තන සම්ප‍්‍රදායක ආවේණික ශෛලීන් තිබෙනවා. ලතින් ඇමරිකානු නර්තනයද එවැන්නක්.බෝල්රූම්,හිපොප් ආදී නැටුම් වල ද ඒ ඒ රටවලට ආවේණික වූ ශාස්තී‍්‍රය චලනයන් තිබෙන බව හෙතෙම පෙන්වා දෙයි. නමුත් වර්මානයේ තරුණ පිරිස් මෙම කිසිදු ශෛලියකට අයත් නොවන දැගලිලි සහිත චලනයන්, නැටුම ලෙස හදුනාගැනීම මෙරට නර්තන කලාව මහත් ඛේදවාචකයකට පත් වීමට හේතු වී තිබෙන බව ඔහු පැවසීය. මහාචාර්යවරයා පවසන පරිදි තරුණ පරම්පරාව මේ වැටී තිබෙන ආගාධයෙන් ගොඩගැනීමට නම් චලනය යනු කුමක්ද? ඉන් බිහිවෙන්නාවූ ප‍්‍රකාශන නර්තන,ශාන්තිකර්ම තුළින් බිහිවූ අපේක්ෂා පූර්ණ පූජාර්ථ නර්තන, සමාජමය වශයෙන් විනෝදාස්වාදය සදහා වු නර්තන හා ආගමික නර්තන මොනවා ද යන්න පිළිබද දැනුවත් වීම කාලීනව අවශ්‍ය වී ඇත.
එසේ නැටුම් ක‍්‍රම තෝරා බේරා ගැනීමකින් තොරව තරුණයින් නොමග යෑම ඔවුනට පමණක් දොස් කීම නිවැරදි නොවේ.මෙරට වගකිවයුතු පිරිස් තම සමාජ වගකීමක් පැහැර හැරලා තිබෙන බව ඉන් පෙනෙන බව හෙතෙම පවසයි.මේ පිළිබද නිසි පියවරක් නොගතහොත් ඉදිරි පරපුර නුදුරු කාලයේදීම පදනම් විරහිත පිරිසක් වීම වැළැක්විය නොහැක්කක් බව මහාචාර්යවරයා පවසන්නේ ය.
දේශීය නර්තන කලාව
දේශීය නැටුම් කලාව බිහි වී තිබෙන්නේ ශාන්තිකර්ම ආශ‍්‍රිතව බව පෙන්වා දෙන මහාචාර්යවරයා එදා සමාජයේ මිනිසාගේ ඇවතුම් පැවතුම් වලට අනුව සමාජ අවශ්‍යතා පූර්ණය කිරීමට ශාන්තිකර්ම කළබව පෙන්වා දෙයි. ලෙඩරෝග නිවාරණය,සශ‍්‍රීකත්වය උදෙසා පූජාර්ථ මුල්කරගෙන ශාන්තිකර්ම ආශ‍්‍රිතව බිහි වූ නර්තනයන්, 21 වන ශතවර්ෂයේ දී නූතන අවශ්‍යතා අනුව නිර්මාණය වී ඇති නැටුම් හා ගළපා ගැනීමේ දී පරමාර්ථයන් අතර ඝට්ටනය වී ඇති බව හෙතෙම පවසයි.
එහිදී නූතන සමාජයේ බොහෝ දෙනා සමාජීය අවශ්‍යතා පූර්ණය කරගැනීමට විද්‍යා තාක්ෂණයේ දියුණුව බලපා ඇති බව පෙන්වා දෙන ඔහු නර්තනයෙන් බොහෝවිට අපෙක්ෂා කරනුයේ සතුට විනෝදාස්වාදය බව පවසයි.එකී අවශ්‍යතාව සම්පූර්ණ කිරීමට නම් නූතන සමාජ අවශ්‍යතාවන්ට අනුකූලව, දේශීය සංස්කෘතියට සහ නර්තන කලාවේ මූලිකාංග වලට හානියක් නොවන ආකාරයට එය ගළපා ගැනීමට කාලය පැමිණ ඇතැයි මහාචාර්ය දිසානායක මහතා පවසයි.
පාසල් අධ්‍යපනයේ නර්තන කලාවට තිබෙන ඉඩකඩ
දේශිය නර්තන කලාව ආරක්ෂා කිරීම හා ප‍්‍රවර්ධනය කිරීම ආරම්භ කළ යුත්තේ පාසල් පද්ධතියෙන් බව පවසන මහාචාර්යවරයා එය විශ්වවිද්‍යල මට්ටමට පැමිණීම එහි කූටාප‍්‍රාප්තිය ලෙස පෙන්වා දෙයි.
අද වන විට විශ්වවිද්‍යල ගණනාවක නර්තන කලාව සෞන්දර්ය හෝ ලලිත කලා නමින් ඉගැන්වෙනවා.ඉන් උඩරට,පහතරට,සබරගමු යන නර්තන සම්ප‍්‍රදායන් තුනේම ප‍්‍රායෝගික විෂය කොටස් 75% ක් සහිතව සෞන්දර්ය විශ්ව විද්‍යාලයේ ඉගැන්වෙනවා.නමුත් පාසල් අධ්‍යපනයේ සෞන්දර්ය විෂයට ලබා දී තිබෙන්නේ අඩු තැනක් බව ඔහු පවසයි. බොහෝවිට සෞන්දර්ය විෂයන් සම`ග සාහිත්‍ය හා වෙනත් භාෂා තෝරා ගැනීමට අවස්ථාව ලබා දී ඇත. මේ නිසා ළමුන් වැඩි වශයෙන් සෞන්දර්ය විෂය අනිවාර්යයෙන් තෝරා නොගනියි. අධ්‍යපන අමාත්‍යංශය සෞන්දර්ය විෂය පාසල් විෂය ධාරාවේ ළමුන්ට, කිරීමට වෙනත් විෂයක් නොමැති නම් පමණක් තෝරා ගැනීමට සිදුවන තත්වයකට පත්කරලීමට කටයුතු කර ඇති බව ඔහු පවසයි.
”එක්තරා යුගයකදී දේශපාලඥයන් ඉතිහාසය විෂය පාසල් අධ්‍යාපනයෙන් ඉවත් කිරීමේ විපාක වත්මන් තරුණ පරම්පරාව අත්විදිනවා.ඔවුන් ඉතිහාසය පිළිබද කිසි දෙයක් දන්නේ නැහැ. එමෙන් නර්තන විෂය ද අද වන විට පාරම්පරිකව පැවත එන කිහිප දෙනෙක් තෝරා ගන්නා තත්වයට පත්වෙලා.අනෙක් සියලූදෙනා නූතනයේ අලවි වන විෂයන් සොයා යනවා. අවාසනාවකට මෙහි විපාකයන් මෙරට අධ්‍යාපනඥයින්ට නොතේරීම ඛේදනීය තත්වයක් බව හෙතෙම පෙන්වාදෙයි.
මාධ්‍ය හමුවේ මෙරට නර්තන කලාව
වර්තමානයේ මෙරට බොහෝ විද්‍යුත් මාධ්‍ය තුළින් දේශීය නර්තන කලාව හෑල්ලූවට ලක් කරමින්, එහි කිසිදු හරයක් නොමැති බව පෙන්වමින් , කිසිදු සම්ප‍්‍රදායකට,සංස්කෘතිකට, හෝ ජන වර්ගයකට අයත් නොවන ඕපපාතික නැටුම් ක‍්‍රමයක් එක රැුයින් ජනපි‍්‍රය කරවීමට උත්සහ ගන්නා බව මහාචාර්ය මුදියන්සේ පවසයි. විද්‍යුත් මාධ්‍ය ම`ගින් නූතන තරුණ පරම්පරාව මෝඩයාට අන්දවා තිබෙන බව පවසන ඔහු, මුල් ගිය කලාවක් ස්වකීය නැටුමෙන් ඉදිරිපත් නොකර නර්තන තරු බිහි කරලීමෙන් ඔවුනට පොළවේ පය ගසා සිටීමට නොහැකි බව පවසයි.
”ප‍්‍රවීණ ප‍්‍රාසාංගික කලාකරුවෙකු වන මයිකල් ජැක්සන් ආරම්භ කළ නර්තන ශෛලිය, ඉතා විදග්ධ නර්තන ශෛලියක් දක්වා නූතනයේ දියුණු වී තිබෙනවා. බෝල්රූම්,හිපොප්,චාචා වැනි විදේශීය නර්තන ශෛලීන් ද තිබෙනවා. නමුත් ලෝකයේ කිසිදු රටක කිසිසේත්ම ගණන් නොගන්නා, කිසිදු නර්තන සම්ප‍්‍රදායකට අයත් නොවන චලනයන් සහිත දැගලිලි තමයි අපේ රටේ නර්තනය කියා මිනිස්සු රවටන්න නාලිකා පාවිච්චි කරන්නේ. අඩුම තරමේ මේවා විනිශ්චයට යන අයත් විදේශීය නර්තන නොව දේශීය නර්තනය පිළිබදවත් නොදන්නාකම තවත් හාස්‍යයට කරුණක් මෙන් ම මෙරට නර්තන කලාවේ බරපතල ඛේදවාචකයක් බව හෙතෙම පැවසී ය.
මාධ්‍ය මගින් විය යුත්තේ කලාවෙන් මිනිසාගේ පහත් රුචිකත්වයන් ඇති කිරීම නොවන බව පෙන්වා දෙන මහාචාර්යවරයා සමාජ අවශ්‍යතාවයන්ට සරිලන පරිදි උසස් රසඥතාවක් වඩවන පරිදි එය යොදා ගැනීම මාධ්‍ය ආයතනවල වගකීමක් බව පවසයි.නර්තන කලාව මිනිසුන් තුළ ජනපි‍්‍රය කරවීමට මෙන්ම එහි අනන්‍යතාවය ආරක්ෂා කරලීමට විශාල මෙහෙවරක් මාධ්‍යයට කිරීමට හැකියාව තිබුණ ද එය මෙතෙක් ඉටු වී ඇත්තේ මාධ්‍ය එකක් හෝ දෙකක් වැනි සුළු ප‍්‍රමාණයකින් බව හෙතෙම පවසයි.
”අද වන විට තාක්ෂණය ගොඩක් දියුණු තත්වයක පවතිනවා.විද්‍යුත් මුද්‍රිත වශයෙන් මහජනයා දැනුවත් කිරීමට අවශ්‍ය තාක්ෂණික ඥානය මෙරට සතුයි.නමුත් අපි තවම නිදහස්ව ස්වාධීනව හිතන්න පුරුදු වී නැහැ.අපේ දේ අගය කරන්න,එයට ගෞරව කරන්න,ආරක්ෂා කරන්න පටන්ගෙන නැහැ. මේ පරාධීන මානසිකත්වයන් අපතුළ තිබෙනතාක් දේශීය කලාවන් දියුණු කිරීමට ශක්තියක් නොලැබෙන බව මහාචාර්ය දිසානායක වැඩිදුරටත් පෙන්වා දෙයි.
Senior Director, Post Graduate Unit of the Aesthetic Arts University, Prof Mudiyanse Dissanayake says that regardless of the development in the field of technology, people in the country do not still possess an independent thinking capability. He also observes that the high rate of crime recorded in the country is due to the discontentment within people caused by the non-development of aesthetic arts as opposed to the technological developments. According to Prof. Dissanayake, the traditional art of dancing needs to be included in the school curriculum in order to protect and develop the art. The younger generation he noted needed to be made aware of the aesthetic arts, traditional dance forms and the contentment received by them.
කඩිනමින් සංරක්ෂණය කෙරෙන අභයගිරිය
ලංකාවේ සංස්කෘතික ත‍්‍රිකෝණය ආරම්භවීමත් සමග එහි ප‍්‍රධාන ව්‍යාපෘතියක් බවට පත්වූ අභයගිරිය සංරක්ෂණ ව්‍යාපෘතිය ඉදිරි වසර කිහිපය තුළදී අවසන් කිරීමටත් අභයගිරිය දාගබේ වැඩකටයුතු කඩිනමින් අවසන් කිරීමට හැකියාව ලැබෙනු ඇති බවටත් මධ්‍යම සංස්කෘතික අරමුදල සදහන් කරයි.
‘‘තවමත් අභයගිරියේ සංරක්ෂණ කටයුතු සිදුවෙමින් පවතිනවා. ඉදිරි වසර එකහමාරක කාලයක් ඇතුළතදී අභයගිරිය ව්‍යාපෘතියේ වැඩ අවසන් කිරීමට අපි සූදානම් වෙනවා. කෙසේ නමුත් වසර දෙකක් ඇතුළත මේ ව්‍යාපෘතියේ වැඩ අවසන් කිරීමට හැකියාව ලැබෙතැයි විශ්වාස කරනවා.’’ අභයගිරිය සංරක්ෂණ ව්‍යාපෘතියේ අධ්‍යක්ෂිකා සුමේධා මාතොට කියන්නීය.
පුරාවිද්‍යා ස්මාරක සංරක්ෂණය කිරීමට යාමේදී නොයෙකුත් ආකාරයේ කැනීම් සිදුකරයි. මේ කැනීම් සිදුකරන විට ලැබෙන පුරාවස්තු පිළිබදව නොයෙකුත් පරීක්ෂණ කරන නිසා ඇස්තමේන්තු කරන තරම් ඉක්මනින් පුරාවිද්‍යා ස්මාරක සංරක්ෂණය කර අවසන් කිරීමට හැකියාව ලැබෙන්නේ නැත. අභයගිරිය සංරක්ෂණ ව්‍යාපෘතියට වසර තිහකට ආසන්න කාලයක් ගතව ඇති නමුත් එය අවසන් කිරීමට නොහැකිවී ඇත්තේ මේ නිසාය.
යුනෙස්කෝ ශ‍්‍රී ලංකා සංස්කෘතික ත‍්‍රිකෝණ යෝජනා ක‍්‍රමය යටතේ ආරම්භ කරන ලද ව්‍යාපෘති හයෙන් එකක්වන අභයගිරිය සංරක්ෂණ ව්‍යෘපෘතියේ සංරක්ෂණ කටයුතු මේ වන විට වසර තිහකට ආසන්න කාලක් තිස්සේ සිදුකෙරිමින් පවතින්නේය. අභයගිරිස සංරක්ෂණ ව්‍යාපෘතියට සමගාමීව ආරම්භ කළ ජේතවන සංවර්ධන ව්‍යාපෘතියේ වැඩ කටයුතු රාශියක් අවසන්වී ඇති අතර එහි ප‍්‍රධාන ව්‍යාපෘතියක් බවට පත්ව තිබූ ජේතවනාරාම දාගැබ පසුගියදා විවෘත කළේය.
මේ වන විටත් අභයගිරිය දාගැබේ වැඩ කටයුතු සිදුකෙරමින් පවතින්නේය. අභගියරිය දාගැබේ බද වටා අට්ටාල ගසමින් එහි සේවයේ නිරතවන කම්කරුවන් දිනපතාම මෙහි සේවය කරමින් සිටින්නේය. ගුරු පැහැයෙන් දිස්වෙන දාගැබ වටකර අට්ටාල ගසා ඇති ආකාරය දුර සිටින අයෙකුට පෙනෙන්නේ කූඩුවක දාගැබ දමා ඇති ආකාරයෙනි.
අභගියරිය සංරක්ෂණ ව්‍යාපෘතියේ මූලික කාර්යභාරයක් අභයගිරිය දාගැබ සංරක්ෂණය කිරීම සදහා යොමුකර ඇති නමුත් මෙම ව්‍යාපෘතියට අයත්වන්නේ දාගැබ පමණක් සංවර්ධනය කිරීම නොවන බව මධ්‍යම සංස්කෘතික අරමුදල කියන්නේය.
‘‘අභයගිරිය ව්‍යාපෘතියට අක්කර තුන්සියයක් පමණ අයිති වෙනවා. අභයගිරිය දාගැබ පමණක් නොවෙයි ඒ අවට තිබෙන පුරාවිද්‍යාත්මක ස්ථාන රැුසක්ම මේ ව්‍යාපෘතියට අයිති වෙනවා.’’ මධ්‍යම සංස්කෘතික අරමුදලේ ප‍්‍රචාරක අංශය කියන්නේය.
වලගම්බා රජ දවස අභයගිරිය දාගැබ ඉදිකෙරුණේය. ආවාස දොළහකින් ආරම්භවූ අභයගිරිය විහාරය පසුකාලීනව බලයට පත් සියලුම පාලකයින්ගේ අනුග‍්‍රහය යටතේ සංවර්ධනය වූ බව ඉතිහාසයේ සදහන් වන්නේය. පාහියන් භික්ෂුවගේ වාර්තාවන්ට අනුව රජ දවස අභයගිරිය විහාරාම ආශ‍්‍රිතව භික්ෂූන් වහන්සේලා පන්දහසක් පමණ වැඩවාසය කර තිබේ. අභයගිරිය කැණීම්වලදී මතුවූ බත් ඹරුව සාමාන්‍ය පාත්තර පන්දහස් එකසියයක විශාලත්වයෙන් යුතුය. මේ නිසා පාහියන් භික්ෂුවගේ වාර්තාවන් හා පුරාවිද්‍යාත්ම සාධක සන්සන්දනය කිරීමේදී එම වාර්තාවන් සත්‍ය වන බව පෙනී යන්නේයැයි මධ්‍යම සංස්කෘතික අරමුදල පැවසුවේය.
රජ දවස පිරිවෙන් සංකීර්ණයක් බවට පත්ව තිබූ අභයගිරිය දාගැබ වටා ප‍්‍රදේශ සියල්ලම මේ වන විට සංරක්ෂණය වන්නේය. මේ සංරක්ෂණ ව්‍යාපෘතියට පන්දහසක් පමණ භික්ෂූන් වහන්ස්ලා වැඩසිටි ආරාම සංකීර්ණ සංරක්ෂණය කිරීම අදාල වන්නේය.
අභයගිරිය සංරක්ෂණ ව්‍යෘපෘතිය යටතේ සංරක්ෂණයට ලක්වන පුරාවිද්‍යාත්ම ස්ථාන රැසකි. මේ පුරාවිද්‍යාත්මක ස්ථාන සංරක්ෂණය කිරීමේදී එය සංරක්ෂණය කරන්නේ නිසි ක‍්‍රියාදාමයකට අනුවය. පුරාවිද්‍යා විශේෂඥයින්ගේ අදහස් හා මගපෙන්වීම් යටතේ මේ සංරක්ෂණ කටයුතු සිදුවන්නේය.
අනුරාධපුර රාජධානියේ අවසන් කාලයේදී රජරටට එල්ලවූ සොලි ආක‍්‍රමණ සමගින් අභයගිරිය ක‍්‍රමයෙන් වනගත වන්නට විය. වනගතව තිබූ අභයගිරිය පිළිබදව නැවතත් අවධානය යොමුවූයේ ඉංග‍්‍රීසි පාලන සමයේදීය. 1890 සිට ලංකාවේ පුරාවිද්‍යා අධ්‍යක්ෂකව සිටි එච්.පී.සී. බෙල් විසින් අභයගිරියේ සුළු සංරක්ෂණයක් කළේය. ඒ කාලයේදී ඔහු විසින් අභයගිරිය දාගැබේ කොත කොන්ක‍්‍රීටි දමා සංරක්ෂණය කර තිබුනේය.
ඉන් පසුව විධිමත් ආකාරයට අභයගිරිය සංරක්ෂණය කිරීම ආරම්භ වූයේ සංස්කෘතික ත‍්‍රිකෝණය යටතේ අභයගිරිය ව්‍යාපෘතිය එහි එක් ව්‍යාපෘතියක් බවට පත්වීමෙන් පසුවය.
‘‘අභයගිරියේ සංරක්ෂණ කටයුතු සිදුවන්නේ සංරක්ෂණ මූලධර්ම අනුවයි.’’ අභයගිරිය සංරක්ෂණ ව්‍යාපෘතියේ අධ්‍යක්ෂවරිය කීවාය.
‘‘අපි මෙතැනදී කරන්නේ පුරාවිද්‍යාත්මක ස්ථාන සංරක්ෂණය කිරීම පමණයි. කිසිම ආකාරයේ සංවර්ධන වැඩක් කරන්නේ නැහැ. පුලූවන් තරම් පැරණි
නිර්මාණයට සමාන ආකාරයෙන් මෙය කිරීමට තමයි අපි උත්සාහ ගන්නේ.’’ මධ්‍යම සංස්කෘතික අරමුදලේ ප‍්‍රචාරක අංශය කියයි.
මධ්‍යම සංස්කෘතික අරමුදල විසින් අභයගිරිය සංවර්ධන ව්‍යෘපෘතිය ආරම්භ කරන විට ඒ ප‍්‍රදේශය කැළෑවෙන් වැසී තිබුනේය. දාගැබ අවට ප‍්‍රදේශය දක්නට ලැබී තිබුනේ කැළෑවක් වශයෙනි. සංරක්ෂණය කිරීමට නියමිත පුරාවස්තු හා ගොඩනැගිලි ආදිය වල් බිහිවී තිබුනේය. ඇතැම් තැන්වල පැරණි ගල්කණු බිම වැටී තිබුනේය.
‘‘මේ සමහර ගල් කණු බිම වැටී තිබුනා. සමහර ගල්කණු ඇදවී තිබුනා. සංරක්ෂණය කිරීමේදී කරන්නේ මේ වගේ ඇදවෙලා තියෙන දේවල් තවත් කාලයක් පැවතීම සදහා ඒවා කෙලින් කර තැබීම පමණයි. ගල් කණු අඩුයි කියලා අලූතින් ගල් කණු අරගෙන ගිහින් හිටවන්නේ නැහැ.’’ මධ්‍යම සංස්කෘතික අරමුදල කීවේය.
අභයගිරිය දාගැබ වසර සිය ගණනාවක් තිස්සේ පරිහානියට ගොස් තිබුනේය. දාගැබේ සංරක්ෂණ කටයුතු ආරම්භ කරන විට පැහැදිළිව දකින්නට ලැබුනේ දාගැබේ කොත පමණි. අනික් සෑම කොටසක්ම වසර සිය ගණනක් තිස්සේ වැසී තිබුනේ කැළෑවෙනි. සංරක්ෂණ කටයුතු ආරම්භ වන විටත් දාගැබේ වැඩි කොටසක තිබුනේ වල් පැළෑටිය. නැත්නම් හොදින් වැඩුණු ගස්ය.
අභයගිරිය දාගැබේ සංරක්ෂණ කටයුතු ආරම්භ කිරීමේදී දාගැබේ මුල් නිර්මාණය කෙරෙහි පුරාවිද්‍යා බලධාරීහු අවධානය යොමුකළහ. දාගැබේ මුල් නිර්මාණය පිළිබදව වන තොරතුරු එක්රැුස්කිරීමෙන් පසුව සංවර්ධන වැඩ ආරම්භ කලේය. මුලින්ම දාගැබේ වැවී තිබූ වල් පැළෑටි හා ගස් ඉවත් කළේය.
‘‘පැරණි සාක්ෂිවලට අනුව තමයි අපි සංරක්ෂණ කටයුතු සිදුකරන්නේ. ඒ සාක්ෂි නැතිනම් අපි එතැනින් එය නවත්වනවා.’’ පුරාවිද්‍යාත්මක වටිනාකමක් ඇති ස්ථානවල නව නිර්මාණ සිදු නොකරන බව කියන අභයගිරිය සංරක්ෂණ ව්‍යාපෘතියේ අධ්‍යක්ෂිකාව කීවාය.
දාගැබක් සංරක්ෂණය කිරීමේදී එහි සංරක්ෂණ කටයුතු ආරම්භ වන්නේ දාගැබේ පාදයේ සිට බව මධ්‍යම සංස්කෘතික අරමුදල සදහන් කරන්නේය. සළපතල මළුවේ සිට දාගැබේ සංරක්ෂණ කටයුතු ආරම්භ වන්නේය. ඉන් පසුව ක‍්‍රමයෙන් දාගැබේ ඉහළ කොටසේ සංරක්ෂණ කටයුතු සිදුකෙරෙන්නේය.
අභයගිරිය දාගැබේ සංරක්ෂණ කටයුතු ආරම්භයේදී කළේ එහි තිබෙන වල් පැළෑටි හා ගස් ඉවත් කිරීමය. පසුව බුරුල්වී තිබෙන පස් සියල්ලම ඉවත් කළේය. පස් ඉවත්කර ගඩොලින් නැවත අභයගිරිය දාගැබේ පැරණි තත්වය ලබාගැනීමට මධ්‍යම සංස්කෘතික අරමුදල කටයුතු කළෝය.
අභයගිරිය දාගැබේ සංරක්ෂණ කටයුතු කිරීමේදී මතුවූ ප‍්‍රධාන ගැටලූව වූයේ දාගැබට අවශ්‍ය ගඩොල් සොයා ගැනීමය. සාමාන්‍යයෙන් එදිනෙදා භාවිතයට ගන්නා ගඩොල් මේ සදහා සුදුසු නොවූ අතර පැරණි ගඩොල් ආකාරයටම ගඩොල් සකස්කිරීමට මධ්‍යම සංස්කෘතික අරමුදල කටයුතු කළේය.
අභයගිරිය දාගැබේ සංරක්ෂණ කටයුතු සදහා වෙනමම ගඩොල් පෝරණුවක් මධ්‍යම සංස්කෘතික අරමුදල විසින් සකස් කළේය.
‘‘මකුළු මැටි හුඹස් මැටි අලූ හුණු ආදිය යම් මිශ‍්‍රණයකට එක් කරලා තමයි මේ ගඩොල් සකස් කරන්නේ.’’ මෑතකදී වැඩ අවසන් කළ ජේතවන දාගැබට හා අභයගිරි දාගැබට ගඩොල් සකස්කිරීමට අනුරාධපුර මාන්කඩවල ප‍්‍රදේශයේ ගඩොල් පෝරණුව සකස් කළ බව කියන මධ්‍යම සංස්කෘතික අරමුදල සදහන් කළේය.
අභයගිරිය දාගැබේ සංරක්ෂණ කටයුතු සදහා අවශ්‍ය ගඩොල් සකස් කිරීමට නව ගඩොල් පෝරණුවක් සකස් කළේ ඉන්දියාවෙන් තාක්ෂණය ලබාගෙනය. සාමාන්‍ය ගඩොල් පෝරණුවක ආකෘතියෙන් මේ ගඩොල් පෝරණුව වෙනස්වෙයි. සාමාන්‍ය ගඩොල් පෝරණුවක් ගඩොල් පුච්චා අවසන් කරන විට පෝරණවු ඉවත්කරන නමුත් මේ පෝරණුව ස්ථිර පෝරණුවකි. ගඩොල් තොගයක් පුච්චා අවසන් කළ නමුත් නැවත වතාවක් මේ පෝරණුවෙන් ගඩොල් පිච්චිය හැකිය.
අභයගිරිය දාගැබේ සංරක්ෂණ කටයුතු සදහා යොදාගන්නා ගඩොල් කැටයක් සාමාන්‍ය ගඩොල් කැටයක් මෙන් දෙගුණයක් පමණ විශාල වෙයි. මේ ගෙඩොල් කැපීම කරන්නේ මාන්කඩවල ප‍්‍රදේශයේ පුද්ගලයින්මය. මේ ගෙඩොල් සදහා සුදුසු මැටි මාන්කඩවල ප‍්‍රදේශයේ තිබීම නිසා ගඩොල් පෝරණුවද ගල්කඩවල ප‍්‍රදේශයෙම ඉදිකර ඇතැයි ගඩොල් පෝරණුවේ සේවය කරන්නෝ පවසති.
මේ ගඩොල් පෝරණුව මධ්‍යම සංස්කෘතික අරමුදල භාරයේ තිබෙන අතර ගඩොල් පෝරණුවට ගඩොල් සපයන්නේ කොන්ත‍්‍රාක්කරුවන් විසිනි.
කොන්ත‍්‍රාක්කරුවන් විසින් නිමවන අමු ගඩොල් ගල්කඩවල ගඩොල් පෝරණුව වෙත ගෙන එන්නේය. කොන්ත‍්‍රාක්කරුවෙක් විසින් ගඩොල් පෝරණුවට ගඩොලක් සැපයීම සදහා රුපියල් විස්සක මුදලක් මධ්‍යම සංස්කෘතික අරමුදල ගෙවන්නේය.
ගඩොල් පෝරණුවේ වැඩ කටයුතු ආරම්භ වන්නේ අපේ‍්‍රල් මාසයේදීය. අපේ‍්‍රල් මාසයේ සිට අගෝස්තු සැප්තැම්බර් මාස දක්වා ගඩොල් පෝරණුවේ ගඩොල් පුච්චන්නේය. අගෝස්තු – සැප්තැම්බර් මාසවලදී මෙම පෝරණුවේ වැඩ කටයුතු නතරවන්නේ මේ කාලයේදී වැසි සමය ආරම්භ වන නිසාය. වැසි කාලයට ගඩොල් පෝරණුවට වැසි ජලය ගලා එන නිසා ගඩොල් පිච්චීම මාස කීපයකට නතර කරන්නේය.
ගඩොල් පොරණුවේ එක් වරකට ගඩොල් හැත්තෑපන්දහසක් පමණ පිචිචීමට හැකියාව තිබෙන්නේය. පොළව යටට වන්නට පිහිටි ගුහාවක ගඩොල් මුලින්ම අතුරන්නේය. ගඩොල් ඉතිරීමෙන් පසුව පෝරණුවට ගින්දර දමන අතර ගින්දර පැතිර යන්නේ පෝරණුව වටේටය. ඒ අනුව පෝරණුව වටේට පිහිටි ගඩොල් ක‍්‍රමයෙන් පිච්චෙන්නේය.
ජේතවනයේ සංරක්ෂණ කටයුතු සදහා යොදාගත්තේද අභයගිරිය දාගැබේ සංරක්ෂණ කටයුතු සදහා යොදාගත් ගඩොල් පෝරණුවෙන් ලබාගත් ගඩොල්ය. මේ ගඩොල් ලබාගෙන ජේතවනාරාමයේ සංරක්ෂණ කටයුතු අවසන් වන අවස්ථාව වන විට අභයගිරිය දාගැබේ සංරක්ෂණය සදහා ගඩොල් පුච්චන පෝරණුවේ වැඩ නැවතී තිබුනේය.
‘‘මේ වන විට අභයගිරියේ සංරක්ෂණ කටයුතු සදහා අවශ්‍ය ගඩොල් පුච්චා තිබෙනවා.’’ සංස්කෘතික ත‍්‍රිකෝණයේ ප‍්‍රචාරක අංශය කීවේය.
ගල්කඩවල ගඩොල් පෝරණුවේ වැඩ නැවතීමට ප‍්‍රධාන හේතුවක් බවට පත්ව තිබෙන්නේ අරමුදල් හිගකමය. ලංකාවේ ස්ථාපිත සංස්ථා හා මණ්ඩල අතරින් ලංකා ගමනාගමන මණ්ඩලයට පමණක් දෙවැනි සේවක සංඛ්‍යාවක් සිටින සංස්කෘතික ත‍්‍රිකෝණයේ එකම ආදායම් මාර්ගය වන්නේ සංස්කෘතික ත‍්‍රිකෝණයට අයත් පුරාවිද්‍යාත්මක ස්ථාන නැරඹීමට එන සංචාරයකයින්ගෙන් ලැබෙන ටිකට් වලින් ලැබෙන ආදායමෙනි. 2008 වසරේදී මෙම ටිකට් විකිණීමෙන් ලැබෙන ආදායම සීඝ‍්‍රයෙන් පහළගොස් තිබූ අතර එම ආදායම සේවකයින්ට පඩි ගෙවීමටවත් ප‍්‍රමාණවත් වී තිබුනේ නැත. මේ නිසා මහා භාණ්ඩාගාරයේ මැදිහත්වීම මත සේවකයින්ට පඩි ගෙවීමට සිදුවුනේය.
කෙසේ නමුත් මේ වන විට සංස්කෘතික ත‍්‍රිකෝණයට අයත් ස්ථාන නැරඹීම සදහා සංචාරකයින් නැවත වරක් පැමිණෙමින් සිටින අතර මේ නිසා ඉදිරියේදී ලැබෙන ආදායම ඉහළ යාහැකියැයි සංස්කෘතික ත‍්‍රිකෝණය විශ්වාසය පළකරන්නේය.
මේ වන විට අභයගිරිය දාගැබේ ගර්භයේ සංරක්ෂණ කටයුතු සිදුමේන් පවතින බව මාතොට කියන්නීය. ඇය සදහන් කරන්නේ ගර්භය සංරක්ෂණය කිරීමෙන් පසුව හැකි ඉක්මනින් අනෙකුත් කොටස් අවසන් කිරීමට හැකියාව ලැබෙන බවය.
‘‘මේ වන විට අභයගිරිය දාගැබේ සංරක්ෂණ කටයුතු වලින් සියයට අසූවක් පමණ අවසන් කර තිබෙනවා.’’ මධ්‍යම සංස්කෘතික අරමුදලේ ප‍්‍රචාක අංශය කියන්නේය.
අභයගිරිය දාගැබේ ගර්භයේ සංරක්ෂණය කිරීමෙන් පසුව කොත් කැරැුල්ල හා සළපතල මළුව සංකරක්ෂණය කිරීමට නියමිත බව මාතොට පැවසුවාය. ඉන් පසුව අභයගිරිය දාගැබේ වැඩ අවසන් කිරීම හැකියාව ලැබෙතැයි ඇය විශ්වාස කරන්නීය.
මේ වන විට අභයගිරිය ව්‍යාපෘතියේ ප‍්‍රධාන කොටස බවට පත්ව තිබෙන්නේ දාගැබ සංරක්ෂණය කිරීමය. දාගැබ සංරක්ෂණය කිරීමේ වැඩ අවසන් කිරීමෙන් පසුව මේ ව්‍යාපෘතියේ වැඩ බොහෝ දුරට අවසන්වන්නේය. ස්තූපය අසල බැමි සකස් කිරීමට නියමිතව පවතින අතර මේ බැමි සංරක්ෂණය කිරීමෙන් පසුව ව්‍යාපෘතියේ වැඩ අවසන් වන බව අභයගිරිය සංරක්ෂණ ව්‍යාපෘතියේ අධ්‍යක්ෂවරිය කියන්නීය.
The Central Cultural Fund says the Abhayagiri conservation project that surrounds an area of approximately 300 acres should be completed in the next few years. The conservation project of Abhayagiri that has lasted for the past 30 years is one of six projects undertaken by UNESCO Sri Lanka Cultural Triangle Programme. The Jethavana project that commenced simultaneous to the Abhayagiri project is also nearing completion and the newly renovated Jethavana dagoba was opened recently. Abhayagiri Project Director Sumedha Motha says the conservation work is done according to the accepted fundamentals in conservation. A special kiln is also being built to manufacture the necessary brick stones for the Abhayagiri dagoba.
මුතියංගන උරුමය අහිමි වන ලකුණු
Muthiyangane in peril
මුතියංගන රජමහා විහාරයෙහි සංඝාවාසය ජීවත් වීමට තරම් යහපත් නොවන බව විහාරාධිපති මුරුද්දෙනියේ ධම්මරතන හිමියන් පවසයි.සංඝාවාස පොළවෙහි සිමෙන්ති ගැලවී ගොස් ඇත.මෙම විහාරස්ථානයට පැමිණි දා සිටම සංඝාවසය මේ තත්වයේ පවතින බවත් ඉල්ලීම් කළද කිසිවකු මේ පිළිබද අවධානය යොමු නොකරන බවයි උන්වහන්සේ පවසන්නේ.
“පුරාවිද්‍යා අධීක්ෂණ යටතේ තමයි මේ පන්සල තියෙන්නේ.ඒත් ප‍්‍රතිසංස්කරණ කටයුතු වලදි නම් යම් යම් ගැටලු තියනවා.ෙමිවා ජිවමාන ස්ථාන.මේවා කෞතුක වස්තු ආරක්ෂා කරනවා වගේ ආරක්ෂා කරන්න බැහැ.කලින් කලට ඉන්න අයට පුලුවන් විදියට සකස් වෙන්න ඕන.” දම්මරතන හිමියන් පැවසීය.
වැහි දින වලදි විශාල වශයෙන් ජලය ගලා එන බවත් දිරාගිය වහළ නිසාවෙන් මෙහි වාසය කිරීමට බියක් උපදවන බවයි උන්වහන්සේ පවසන්නේ.
“ප‍්‍රතිසංස්කරණ කටයුතු වලදී ඒ අයගෙ ආකල්ප සුභවාදී නැහැ.පුරා විද්‍යා දෙපාර්තුමේන්තුවට කියද්දි ඒ අය කියනවා ප‍්‍රතිපාදන නැහැ කියලා. ප‍්‍රතිපාදන වෙන්කරලා නෑ කියන එක හැමදාම කියන කතාව. අපි කියන්නේ මේවා කඩලා වෙනස් විදියටම හදන්න ඕන කියලා නෙවෙයි. මේවා තියන විදියටම තියෙද්දි ඉන්න පුලුවන් විදියට හදලා දෙන්න කියලා විතරයි.”උන්වහන්සේ පැවසිය.
පෝය දිනයට සිල්වතුන් හයදහසක් හත්දහසක් පමණ පැමිණෙන බවත් ඔවුන් සදහා ලැගුම් පහසුකම් පවා නියමිත පරිදි නොමැති බවයි පවසන්නේ.
“මේ අයට අවශ්‍ය වැසිකිලි පහසුනම් පවා මෑතකදි තමයි හදාගත්තෙ.ෙමි ඉස්සර ඉදලා තියන බණ මඩුව තමයි තව වෙන කල් තියෙන්නෙ.ඉස්සර ඉදලා තිබුණ සිංහල උළු තවමත් තියෙන්නෙ.මේවා දිරලා ගරා වැටිලා තියෙන්නෙ.දැව දිරලා තියෙන්නෙ.මේවා කීවට වැඩක් නෑ”.උන්වහන්සේ පැවසීය.
“සම්පූර්ණයෙන් කඩන්න අපට අවශ්‍ය වෙන්නෙ නැහැ. අපට ඕන ඉන්න පුළුවන් විදියට හදාගන්න විතරයි. මේවා කියපුවම කියන්නෙ ආධාර වෙන්කරලා නැහැ කියලා මේවා විනාශවෙලා යනවට වඩා හොදයි නේද මේවා පවත්වගන යන එක.”දම්මරතන හිමියන් පැවසීය.
පුරාවිද්‍යා දෙපාර්තුමේන්තුව පවසන්නේ අයවැය මගින් කෞතුක ස්ථාන ප‍්‍රතිසංස්කරණය සදහා මුදල් වෙන් කර නොමැති බවයි.
“පුරා විද්‍යා දෙපාර්තුමේන්තුයට ලැබෙන මුදල් වලින් සියයට එකක්වත් කරන්න බැහැ. මිලියන තිස්පහක් විතරයි. හම්බවුණෙ.මුතියංගනයෙ ආවාස ගෙය හදන්න විතරක් යනවා මිලියන තුනක් විතර.ඉතින් කොහොමද මේවා ඔක්කොම අපි කරන්නේ. ” පුරාවිද්‍යා දෙපාර්තුමේන්තුවේ වාස්තු විද්‍යා අධ්‍යක්ෂ ප‍්‍රසන්න රත්නායක පැවසීය.
ඌව පළාතට පමණක් ආවේණික නොවු සමස්ත ලංකාවටම කෞතුක අගයක් එක් කරන මෙවැනි පෞරාණික ස්ථාන අභාවයට යාමට නොදී ආරක්ෂා කර ගැනීම සැමගේ වගකීම වන්නේය.
ඒ අයට ප‍්‍රතිසංස්කරණ කටයුතු කරන්න ඉඩ දෙන්න පුලුවන්.නීතියට අනුව වැඩ කරනවා නම්. අපි අය වැයෙන් ඉල්ලූවෙ මිලියන 300-400 ක් දෙන්න කියලා. ඒ ඉල්ලූවෙත් ගොඩක් වටිනා තැන් ප‍්‍රතිසංස්කරණය කරන්න විතරයි. සිමෙන්ති කොට්ට දහයක් ගන්නවත් සල්ලි නැහැ . පටන් ගත්ත ඒවා ඉවර කරන්නවත් දැන් ක‍්‍රමයක් නැහැ. සත පහක්වත් දැන් අපට නැහැ”. රත්නායක පැවසීය.
ලංකාවේ උරුමයන් රැක ගැනීම සදහා සැමගේ සහය අවශ්‍ය වන බව පවසන දම්මරතන හිමියන් පවසන්නේ මේ සදහා කඩිනමින් අවධානය යොමු නොවුනහොත් ආගමික සංස්කෘතික උරුමයන් අප අතරින් ගිලිහී යන බවය.
The lack of funds for proper renovation has placed the Muthiyangana Rajamaha Viharaya in grave danger. Chief Priest of the Viharaya, Ven. Muruddeniye Dhammarathana Thero says the priests’ chambers in the temple were unfit for living and that funds requested for renovations have not been received. The Thero observes that while ancient structures could not be preserved as antiquities, they have to be renovated in a manner suitable for people to live in. “We are allocated only Rs. 35 million. It takes Rs. 3 million to build the priests’ chambers at the Muthiyangana temple. We cannot do everything,” Director General, Architectural section, Archeology Department, Prasanna Ratnayake said.





