අවතැන් කදවුරු වෙත යාමට අවශ්‍යතාවය පරිදි අවසර දෙනවා
Not unfettered, but access as appropriate – Gov
උතුරු පළාතේ ක‍්‍රියාත්මක යුධ ගැටුම් නිසා අවතැන්ව සිටින සිවිල් වැසියන් රදවා සිටින සුභසාදන කදවුරුවෙත යාමට වැඩි අවස්ථාවක් ලබාදෙන ලෙස ජාත්‍යන්තර මානුශිය සහන සේවා ආයතන දිගින් දිගටම ඉල්ලා සිටින අවස්ථාවේදී එම කදවුරු වෙත යාමට අසීමිත අවස්ථාවක් ලබාදීමට සූදානම් නැතැයි ආපදා කළමනාකරණ හා මානව හිමිකම් අමාත්‍ය මහින්ද සමරසිංහ පැවසීය.
‘‘අවතැන් කදවුරු වෙත යාමට එක්සත් ජාතීනගේ සංවිධානය, ජාත්‍යන්තර රතුකුරුස කමිටුව හා ජාත්‍යන්තර සහන සේවා ආයතන වලට අසීමිත අවස්ථාවක් ලබාදීමට අපි සූදානම් නැහැ.’’ සමරසිංහ කීවේය.
ස්වාධීන රටකට එවැනි අවස්ථාවක් ලබාදීමේ කිසිදු අවශ්‍යතාවයක් නොමැති බවත් ඒ නිසාවෙන් අවතැන්වූවන් රදවාසිටින සුභසාධන කදවුරුවෙත යාමට මෙම සංවිධාන වෙත අසීමිත අවස්ථාවක් ලබා නොදෙන බවද අමාත්‍යවරයා කීය.
සහන සංවිධාන රජය කියන විදියට වැඩකළ යුතුයි
ලංකාවේ මානව හිමිකම් තත්වය පිළිබදව එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේ පැවති විවාදයේදී අවතැන් කදවුරුවෙත සහන සංවිධාන වෙත යාමට අවස්ථාව ලබාදිය යුතු බවට වන යෝජනාව ඉදිරිපත්වූ අතර එම යෝජනාවට ලංකාව හා ලංකාවට සහාය දක්වන රටවල් සිය විරෝධතාවය දක්වා තිබුනේය.
‘‘මේ යෝජනාව එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේදී ඉදිරිපත් වුනා. නමුත් කදවුරු වෙත යාමට අවස්ථාව ලබාදීමට අසීමිත අවස්ථාවක් ලබාදීමට අපි සූදානම් වුනේ නැහැ.’’ අමාත්‍යවරයා කීවේය.
කිසියම් සංවිධානයක් ලංකාවට පැමිණ වැඩ කටයුතු කරන්නේනම් රජය පවසන ආකාරයට එම වැඩකටයුතු සිදුකළ යුතුව ඇතැයිද සමරසිංහ කීවේය.
‘‘කවුරුහරි මේ රටේ වැඩ කරනවානම් අපි කියන විදියට වැඩ කරන්න ඕන. නැත්නම් අපි කාගෙවත් අතකොළු වෙනවා. ඔවුන්ට ඕන විදියට අපේ රටට ඇවිත් වැඩ කරන්න අවස්ථාව දෙන්න බැහැ. ඒ බව අපි පැහැදිළිවම එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේදී කිව්වා.’’ අමාත්‍යවරයා කීවේය.
මේ වන විට අවතැන් කදවුරුවෙත ගොස් සහන සේවා සැපයීම සදහා සිය සංවිධානය කටයුතු කරමින් සිටින බවත් ඒ සදහා මේ වන තෙක් තමන්ට ගැටලූවක් ඇතිවී නැති බවත් සේව් ද චිල්ඩ්රන් ආයනතයේ ප‍්‍රකාශිකා මේනකා කළ්‍යාණරත්න පැවසුවාය.
‘‘මානුශිය සහන සේවා සැපයීම වගේම ජාතික ආරක්ෂාවත් මෙහිදී වැදගත් වෙනවා. ජාතික ආරක්ෂාව පිළිබදව සැලකිළිමත් වෙමින් මෙම සහන සේවා කටයුතු සිදුකළ යුතුයි.’’ කළ්‍යාණරත්න කියන්නීය.
එක්සත් ජාතීන්ගේ සංවිධානයේ සහන සේවා
යුද ගැටුම් නිසා අවතැන්ව සිටින සිවිල් වැසියන්ට අවශ්‍ය මානුශීය සේවා සැපයීම සදහා අවතැන් කදවුරු වෙත යාමට වැඩි අවස්ථාවක් ලබාදෙන ලෙස එක්සත් ජාතීන්ගේ සංවිධානය දිගින් දිගටම ඉල්ලා සිටින අතර ලංකාවේ සංචාරයක නිරත එක්සත් ජාතීන්ගේ මහ ලේකම් වරයාගේ ප‍්‍රධාන ඉල්ලීමක් වූයේද අවතැන් කදවුරු වෙත යාමට වැඩි අවස්ථාවක් ලබාදෙන ලෙස වන ඉල්ලීමයි.
කිමූන්ගේ මෙරට සංචාරයෙන් අනතුරුව අවතැන් කදවුරු වෙත යාමට වැඩි අවස්ථාවක් හිමිවූ බවද එක්සත් ජාතීන්ගේ සංවිධානයේ මෙරට නේවාසික ප‍්‍රධානී නීල් බියුනේ පැවසුවේය.
‘‘මේ වන විට අවතැන් කදවුරු වෙත යාමට වැඩි අවස්ථාවක් හිමිවී තිබෙනවා. නමුත් තවදුරටත් අවතැන් කදවුරු වෙත සහන කණ්ඩායම්වලට යෑමට වැඩි අවස්ථාවක් ලබාදීමේ අවස්ථාව තිබෙනවා.’’ එක්සත් ජාතීන්ගේ සංවිධානයේ ප‍්‍රකාශක ගෝඩ්න් වයිස් කියන්නේය.
කිසියම් සහන සංවිධානයක් ලංකාවට පැමිණ සහන සේවා කටයුතුවල නිරත වන්නේ නම් රජය විසින් සකස්කර ඇති ජාතික රාමුව තුළ සිටිමින් කටයුතු කළ යුතු බවද හෙතෙම කීවේය.
‘‘අපි කියන විදියට වැඩ කරනවානම් අපි ඕනෑම අයෙකුගේම සහාය ලබාගැනීමට සූදානම්. හැබැයි අපි හදපු ජාතික රාමුව ඇතුලේ වැඩ කළ යුතුයි.’’ සමරසිංහ මහතා කීවේය.
ජාතික ප‍්‍රතිපත්ති සකස් කරන්නේ රජය විසින් වන බවද ඒ සදහා රජය වෙනත් කිසිවෙකුගෙන්වත් සහාය ලබාගැනීමට කටයුතු කරන්නේ නැතැයිද හෙතම පැවසුවේය.
රජය ඇහුම්කන්දෙන්නේ ලංකාවේ ජනතාව කියන දෙයට පමණක් වන බවද වැඩිදුරටත් අදහස් දැක්වූ ආපදා කළමනාකරණ හා මානව හිමිකම් මහින්ද සමරසිංහ කීවේය.
Disaster Management and Human Rights Minister Mahinda Samarasinghe says the government is not prepared to provide unlimited access for international humanitarian agencies to enter into the welfare camps housing the war displaced in the north.
Samarasinghe said the country and other nations supportive of Sri Lanka did not agree with the proposal to provide unlimited access to international aid agencies when it was presented at the UN Human Rights Council.
“If any one is working in this country, they have to follow what we say. We cannot allow them to work as they please in our country. We said it very clearly at the UN Human Rights Council,” he said.
Spokesperson for Save the Children in Sri Lanka Menaca Kalyanaratne said the organization has not faced any problems in working at the IDP camps in the north.
While UN Secretary General Ban Ki-Moon during his visit to Sri Lanka also requested for wider access for international aid agencies to work in the IDP camps, UN Resident Representative for Sri Lanka, Neil Bhune says that access for aid agencies into the camps has seen an increase since then.
අවතැන්වූවන්ගේ අවශ්‍යතා ඉහළ මට්ටමක – නීල් බියුනේ
IDP needs high-UN
උතුරු පළාතේ ක‍්‍රියාත්මක යුධ ගැටුම් නිසා අවතැන්ව සිටින සිවිල් වැසියන් රදවා සිටින සුභසාධන කදවුරුවල මේ වන විට පවතින අවශ්‍යතාවයන් ඉතා ඉහළ මට්ටමක පවතින්නේයැයි එක්සත් ජාතීන්ගේ සංවිධානයේ නේවාසික ප‍්‍රධානී නීල් බියුනේ පැවසීය.
‘‘යුද ගැටුම් නිසා අවතැන්ව සිටින සිවිල් වැසියන්ගේ තත්වය යහපත් අතට ගෙනඒම සදහා වැඩකටයුතු රැසක් සිදුකිරීමට සිදුවෙනවා.’’ කොළඹදී මැයි 29 වැනිදා පැවති ප‍්‍රවෘත්ති සාකච්ඡාවකදී බියුනේ කීවේය.
‘‘යුධ ගැටුම් නිසා අවතැන්ව සුභසාධන කදවුරුවල සිටින දස දහස් ගණනක් වන පුද්ගලයින් අතරින් දහස් ගණනකගේ මානසික තත්වය හා ශාරීරික තත්වය දුර්වල තත්වයක පවතිනවා.’’ හෙතෙම කීවේය.
වසර තිහකට ආසන්න කාලයක් තිස්සේ පැවති යුධ ගැටුමේ මේ වන විට අවසන්ව ඇති අතර යුධ ගැටුම් අවසානයේදී ලක්ෂ ගණනක සිවිල් වැසියන් පිරිසක් අවතැන්වූවන් බවට පත්වූහ. මැයි 18 වැනිදා රජය විසින් යුද්ධය අවසන් බව ප‍්‍රකාශ කළ අතර මේ වන විට ලක්ෂ තුනකට ආසන්න සිවිල් වැසින් පිරිසක් අවතැන්ව ඇති අතර ඔවුන් වව්නියාව, යාපනය, ත‍්‍රිකුණාමලය හා මන්නාරම යන දිස්ත‍්‍රික්කයන්හි පිහිටි සුභසාධන මධ්‍යස්ථාන 43 ක රදවා සිටින්නේය.
‘‘වව්නියාවේ පිහිටි සුභසාධන කදවුරුවල අවතැන්වූවන් 269,417ක් රදවා සිටිනවා. යාපනයේ අවතැන්වූවන් 11,086 ක් සිටින අතර ත‍්‍රිකුණාමලයේ අවතැන්වූවන් 6,697ක් රදවා සිටිනවා. මන්නාරමේ අවතැන්වූවන් 398 දෙනෙක් රදවා සිටිනවා.’’ එක්සත් ජාතීන්ගේ සංවිධානය කියන්නේය.
අභියෝගය
යුධ ගැටුම් වලින් අවතැන්ව සිටින සිවිල් වැසියන්ට අවශ්‍ය මානුශීය සහන සේවා සැපයීම මේ වන විට විශාල අභියෝගයක් බවට පත්ව ඇතැයිද එම සංවිධානය පැවසුවේය.
සුභ සාධන මධ්‍යස්ථානයන්හි සිටින අවතැන්වූවන්ට අවශ්‍ය මානුශීය සහන සේවා සැපයීම සදහා කටයුතු කිරීම රජයේ ප‍්‍රධානත්වයෙන් ජාත්‍යන්තර මානුශීය සහන සංවිධාන ඉදිරිපත්ව සිටින බවද එක්සත් ජාතීන්ගේ සංවිධානයේ මෙරට නේවාසික ප‍්‍රධානියා කියන්නේය.
‘‘ජලය, තාවකාලික නිවාස, සහ සනීපාරක්ෂක පහසුකම් සැපයීමට රජයේ ප‍්‍රධානත්වයෙන් එක්සත් ජාතීන්ගේ සංවිධානය, ජාත්‍යන්තර රතුකුරුස කමිටුව ඇතුළු රාජ්‍ය නොවන සංවිධාන පියවර යොදා තිබෙනවා.’’ බියුනේ කියන්නේය.
යුධ ගැටුම් නිසා අවතැන්ව සිටින සිවිල් වැසියන් රදවා සිටින සුභසාධන මධ්‍යස්ථාන වෙත ජාත්‍යන්තර මානුශීය සහන සංවිධානවලට ගමන් කිරීමට අවස්ථාව ලබාදිය යුතු බව ජාත්‍යන්තරය දිගින් දිගටම ප‍්‍රකාශ කරන්නට වූ අතර මේ වන විට අවතැන්වූවන් රදවා සිටින සුභසාධන මධ්‍යස්ථාන වෙත ගොස් සහන සේවා සැපයීමට සිය සංවිධානයේ සහන සේවා කණ්ඩායම් වලට අවස්ථාව හිමිව තිබෙන බවද බුහුන් පැවසුවේය.
‘‘මේ වන විට අවතැන්වූවන් රදවා සිටින සියලුම සුභසාධන මධ්‍යස්ථාන වෙත ගොස් සහන සේවා සැපයීමට අවස්ථාව හිමිව තිබෙනවා.’’ ඔහු පැවසුවේය.
අවතැන්වූවන්ගේ කූඩාරම් නිසි පරිදි සකස්කළ යුතුයි
අවතැන්වූවන් රදවා සිටින සුභසාධන මධ්‍යස්ථානවල ඇති තාවකාලික කූඩාරම් නිසි පරිදි සකස් කළ යුතුව ඇතැයි බුහුන් කියන්නේය.
‘‘මේ වන විට ඇතැම් කූඩාරම්වල පවුල් කිහිපයක් සිටිනවා. මේ තත්වයට විසදුම් ලබාදිය යුතුයි. ඒ සදහා ඉඩම් වෙන් කිරීම සිදුකළ යුතුයි.’’ බියුනේ කීවේය.
අවතැන්වූවන් රදවා සිටින සුභසාධන මධ්‍යස්ථානවල යටිතල පහසුකම් වැඩි දියුණු කළ යුතුව ඇතැයිද හෙතෙම සදහන් කළේය. ජලය හා වතුර ගලාබස්නා කානු පද්ධති ආදිය නිසි පරිදි සකස් කළ යුතුව ඇතැයිද හෙතෙම කියන්නේය.
අවතැන්වූවන් රදවා සිටින සුභසාධන මධ්‍යස්ථානයන්හි සිටින අවතැන්වූවන්ට එම කදවුරුවලින් පිටතට යාමට මේ වන විට ඇත්තේ ඉතාමත් සීමිත අවස්ථාවකි. අවතැන්වූවන්ට නිදහසේ ගමන් කිරීමට ඇති අවස්ථාව කෙරෙහිද එක්සත් ජාතීන්ගේ සංවිධානයේ මෙරට නේවාසික ප‍්‍රධානියාගේ අවධානය යොමුවූවේය.
‘‘අවතැන්වූවන්ට නිදහසේ ගමන් කිරීටම අවස්ථාව ලබාදීම ප‍්‍රධාන ගැටලූවක් බවට පත්ව තිබෙනවා. වෙන්වී සිටින පවුල් නැවත එක් කිරීම, අවතැන්වූවන්ට නිදහසේ ගමන් කිරීම අවස්ථාව ලබාදීම හා අවතැන් කදවුරුවල සිවිල් පරිපාලනය ස්ථාපිත කිරීම වැදගත් වෙනවා.’’ බියුනේ කියන්නේය.
යුධ ගැටුම් නිසා අවතැන්ව සිටින සිවිල් වැසින් රැදී සිටින සුභසාධන කදවුරුවල තත්වය පිළිබදව නිරීක්ෂණය කිරීම සදහා ඇමරිකානු කොංග‍්‍රසයේ නියෝජිත පිරිසක්ද ලංකාවට පැමිණි අතර කදවුරුවල තත්වය පිළිබදව ඔවුන්ගේ ප‍්‍රසාදය පළවූයේය.
අවතැන්වූවන් අතර සිටින එල්.ටී.ටී.ඊ. සාමාජිකයින්
අවතැන්වූවන් අතර සිටින එල්.ටී.ටී.ඊ. සංවිධානයේ සිටි සාමාජිකයින් හදුනාගැනීම සදහා ආරක්ෂක අංශ මේ වන විට නොයෙකුත් පියවරන් ගනිමින් සිටින අතර මේ වන විට අවතැන් කදවුරුවල සිටි එල්.ටී.ටී.ඊ. සාමාජිකයින් සිය දෙනෙක් පමණ හදුනාගෙන ඇතැයි එක්සත් ජාතීන්ගේ සංවිධානය කියන්නේය.
‘‘එල්.ටී.ටී.ඊ. සංවිධානය සමග සම්බන්ධව සිටි පුද්ගලයින් අවතැන්වූවන්ගෙන් වෙන් කර තිබෙනවා. ඔවුන් මේ වන විට පුනරුත්ථාපනය සදහා යවා තිබෙනවා.’’ බියුනේ කීවේය
එල්.ටී.ටී.ඊ. සංවිධානයේ කටයුතු සදහා සම්බන්ධවී සිටි ළමුන් දෙසීයක් පමණ මේ වන විට අවතැන් කදවුරුවල සිටින බව අනාවරණය වී ඇතැයි යුනිසෙෆ් සංවිධානයේ මෙරට නේවාසික ප‍්‍රධානී පිලිප් ඩුමෙල්ලා කොළඹදී මැයි 29 වැනිදා කීවේය.
‘‘අවතැන් කදවුරුවල සිටියදී හදුනාගත් මෙම ළමුන්ගෙන් 59 දෙනෙක් පුනරුත්ථාපන කටයුතු සදහා අඹේපුස්සට යවා තිබෙනවා.’’ ඩුමෙල්ලා කීවේය.
යුධ ගැටුම් නිසා අවතැන්ව සිටින සිවිල් වැසියන් නැවත පදිංචි කිරීමට පියවර ගත යුතුයැයි මෙම නියෝජිත කණ්ඩායමේ ප‍්‍රධානී හීත් ෂූලර් කොළඹදී මැයි 29 දා පැවති ප‍්‍රවෘත්ති සාකච්චාවකදී සදහන් කළේය.
යුධ ගැටුම් නිසා අවතැන්ව සිටින සිවිල් වැසියන් නැවත පදිංචි කිරීමේදී රජයට විශාල වැඩ කොටසක් සිදුකිරීමට සිදුව ඇතැයිද හෙතෙම සදහන් කළේය.
බිම් බෝම්බ ඉවත් කිරීම
අවතැන්වූවන් නැවත පදිංචි කිරීමේදී යුධ ගැටුම් පැවති ප‍්‍රදේශ වල ඇති බිම් බෝම්බ ඉවත් කළ යුතුව ඇතැයිද ඒ සදහා ජාත්‍යන්තරයේ සහාය හිමිවිය යුතු බවත් හෙතෙම සදහන් කළේය.
මේ වසර අවසන් වන විට අවතැන්වූවන්ගෙන් සියයට අසූවක් පමණ නැවත පදිංචි කරන බව රජය පවසා තිබෙන්නේය.
‘‘අවතැන්වූවන් නැවත පදිංචි කිරීමේදී ඔවුන්ගේ නිවාස හා මූලික යටිතල පහසුකම් සපයා ගැනීම සදහාත් ජීවනෝපාය සකස් කරගැනීම සදහාත් අතිරේක සහායක් ලබාදිය යුතුව පවතිනවා.’’ බියුනේ කියන්නේය.
The needs in the camps currently housing the war displaced civilians in the north remain at a high level, UN’s Country Director in Sri Lanka, Neil Bhune said.
The UN said that providing humanitarian aid to the war displaced has now become a great challenge.
Bhune also said that providing free movement to the IDPs in welfare camps was a great concern and emphasized the importance of establishing a civil administration in the camps, reuniting families that have been separated and providing freedom of movement to the civilians.
The UN also said the security forces have separated those with LTTE links from the rest of the IDPs and have been sent for rehabilitation.
According to the UN, there are 269,417 displaced in the Vavuniya welfare camp while there are 11,086 displaced in Jaffna, 6,679 in Trincomalee and 398 in Mannar.
වන්නියට ආහාර යැවීම නවතී
May 15, 2009 by Editor
Filed under Audio Stories, Featured, Stories
ICRC suspends food shipments to Vanni
Audio clip: Adobe Flash Player (version 9 or above) is required to play this audio clip. Download the latest version here. You also need to have JavaScript enabled in your browser.
උතුරු පළාතේ ක‍්‍රියාත්මක යුධ ගැටුම් නිසා අවතැන්ව වන්නියේ සිරවී සිටින සිවිල් වැසියන්ට ආහාර යැවීම ජාත්‍යන්තර රතුකුරුස කමිටුව විසින් නවතා ඇති අතර මේ නිසා වන්නියේ සිටින සිවිල් වැසියන්ට ආහාර යැවීමටත් එහි සිටින රෝගීන් රජයේ පාලන ප‍්‍රදේශ වෙත රැගෙන ඒමත් නතරවී තිබේ.
වන්නියේ සිටින සිවිල් වැසියන් සදහ අවශ්‍ය අත්‍යවශ්‍ය ආහාර මෙටි‍්‍රක් ටොන් පන්සියයක් රැගත් ජාත්‍යන්තර රතුකුරුස කමිටුවේ නැවක් වන්නිය බලා පිටත්වගිය නමුත් දිගින් දිගටම ක‍්‍රියාත්මක යුධ ගැටුම් හමුවේ නැව ආපසු පැමිණ ඇතැයි ජාත්‍යන්තර රතුකුරස කමිටුව නිවේදනයක් නිකුත්කරමින් පවසයි.
දින තුනක්ම ආහාර රැගෙන ගිය නැව ආපසු හැරී එයි
මැයි මස 12 වැනිදා සිට දින තුනක් ආහාර රැගත් නැව වන්නියේ සිටින සිවිල් වැසියන්ට අවශ්‍ය ආහාර රැගෙන පිටත්ව ගොස් ඇති නමුත් නොකඩවා පැවති ගැටුම් හමුවේ ආහාර බෑමට හෝ රෝගීන් රැගෙඒමට නොහැකිවූ බවද ජාත්‍යන්තර රතුකුරුස කමිටුව පවසයි.
’‘පවතින ආරක්ෂක තත්වයේ දුර්වලතාවන් නිසා මුහුදු මෙහෙයුම්(නැව් මගින් ආහාර වන්නියට රැගෙනයාම හා වන්නියේ සිරවී සිටි රෝගීන් රජයේ පාලන ප‍්‍රදේශ වෙත රැගෙන ඒම) නතර වී තිබෙනවා. මෙය පිළිගත නොහැකියි.’’ ජාත්‍යන්තර රතුකුරුස කමිටුවේ මෙහෙයුම් අධ්‍යක්ෂ පෙරේ ක්‍රොයෙන්බුල් පැවසුවේය.
”අපි එය පිළිගන්නේ නැහැ.’’පවතින ආකරක්ෂක තත්වයේ දුර්වලා නිසා වන්නියට ආහාර යැවීමට නොහැකිවී ඇති බවට ජාත්‍යන්තර රතුකුරුස කමිටුව කරන ප‍්‍රකාශයන් ප‍්‍රතික්ෂේප කරන ආපදා කළමනාකරණ හා මානව හිමිකම් අමාත්‍ය මහින්ද සමරසිංහ කියන්නේය.
‘‘අපි උපරිමයෙන්ම කටයුතු කරනවා. ඒ නිසා තමයි මෙටි‍්‍රක් ටොන් පන්සියයක් වන්නියේ සිටින සිවිල් වැසියන්ට ලබාදීමට යැව්වේ. අපේ මුහුදේ ආහාර රැගෙන යන නැව් යෑමට අවසර ලබාදුන්නේත් ඒ නිසා.’’ සමරසිංහ කියන්නේය.
යුධ ගැටුම් පවතින ප‍්‍රදේශ වෙත අත්‍යවශ්‍ය ආහාර රැගෙනයාම නතරවී ඇත්තේ තාවකාලිකව වන බවද ජාත්‍යන්තර රතුකරුස කමිටුවේ ප‍්‍රකාශිකා සරසි විජේරත්න පවසන්නීය.
‘‘රජයේ පාලන ප‍්‍රදේශ වෙත රෝගීන් රැගෙනඒම හා යුධ ගැටුම් පවතින ප‍්‍රදේශ වෙත (වන්නියේ සිරවී සිටින) රෝගීන් රැගෙනඒම තාවකාලිකව නතරවී තිබෙනවා.’’ විජේරත්න කීවාය.
වන්නියේ සිටින සිවිල් වැසියන් මේ වන විට නැවත වරක් දහස් ගණනින් රජයේ පාලන ප‍්‍රදේශ වෙත පැමිණෙමින් සිටින අතර මැයි 14 හා 15 යන දින දෙකේදී හයදහසකට ආසන්න සිවිල් වැසියන් පිරිසක් රජයේ පාලන ප‍්‍රදේශ වෙත පැමිණ ඇතැයි ආපදා කළමණාකරණ අමාත්‍යවරයා පවසන්නේය.
මේ වන විට වන්නියේ සිවිල් වැසියන් පනස්දහසක් පමණ සිරවී සිටින බව එක්සත් ජාතීන්ගේ සංවිධානය තක්සේරු කර තිබේ.
‘‘මොවුන්ට කිසිම මානුශීය සංවිධානයකට උපකාර කළ නොහැවී තිබෙනවා.’’ ක්‍රොයෙන්බුල් පවසන්නේය.
වන්නියේ සිරවී සිටින සිවිල් වැසියන්ගේ ප‍්‍රයෝජනය සදහා ජාත්‍යන්තර රතුකුරුස කමිටුවේ මැදිහත්වීම මත අවසන් වරට වන්නියට ආහාර රැුගෙන ගොස් එහි සිටි රෝගීන් රජයේ පාලන ප‍්‍රදේශ වෙත රැගෙන ආවේ මැයි නම වැනිදාය. එදින මෙටි‍්‍රක් ටොන් විසිපහක ආහාර තොගයක් වන්නියට රැගෙන ගොස් තිබුනේය.
ඉන්පවසුව ජාත්‍යන්තර රතුකුරුස කමිටුවේ ධජය සහිත නැවකින් ආහාර මෙටි‍්‍රක් ටොන් පන්සියයක් වන්නියට පිටත්කර හැරිමට උත්සාහ කළ නමුත් එම උත්සාහය අසාර්ථක වූවේය.
වෙනත් ආකාරයකට වන්නියට ආහාර යව බව අමාත්‍ය මහින්ද සමරසිංහ කියයි
ගැටුම් පවතින ප‍්‍රදේශ වෙත ආහාර යවා ඇති නමුත් එම ආහාර ගොඩබෑටම නොහැකිවී ඇත්තේ රජයේ වරදක් නිසා නොවන බව අමාත්‍යවරයා කියන්නේය.
”ආහාර රැගෙනයන වේලාවේ ගැටුම් නැවැත්වීමට හමුදාව එකගවී තිබුනා. සවස තුනයි තිහේ සිට හයයි තිහ දක්වා කාලයේ ගැටුම් නවත්වන බව පැවසුවා. නමුත් තුනට පමණ එල්.ටී.ටී.ඊ. සංවිධානය වෙඩි තබන්න පටන්ගෙන තිබෙනවා.’’ සමරසිංහ කියන්නේය.
කෙසේ නමුත් යුධ ගැටුම් පවතින ප‍්‍රදේශවල සිරවී සිටින සිවිල් වැසියන්ට අවශ්‍ය ආහාර ගෙනයාමට රජය කටයුතු කරනවා. වෙනත් විදියකට ආහාර යවනවා.’’ ආරක්ෂක හේතූන් නිසා වන්නියේ සිරවී සිටින සිවිල් වැසියන්ට ආහාර යවන ආකාරය හෙළි කළ නොහැකි බව පවසන අමාත්‍යවරයා කියන්නේය.
(වන්නියේ සිරවී සිටින)දහස් ගණනින් වන සිවිල් වැසියන්ගේ ජීවිත ආරක්ෂා කිරීම සදහා තමන්ට ආරක්ෂාවත් බාධා රහිතව එම ප‍්‍රදේශ වෙත ළගාවීමටත් අවස්ථාව හිමිවිය යුතුයැයි ජාත්‍යන්තර රතුකුරුස කමිටුවේ මෙහෙයුම් අධ්‍යක්ෂවරයා පවසන්නේය.
තත්වය යහපත්වූ වහාම මානුශීය මෙහෙයුම් කටයුතු ආරම්භ කරන බවද ජාත්‍යන්තර රතුකුරුස කමිටුව පවසන්නේය.
”දෙපාර්ශවය විසින් ආරක්ෂාව තහවුරු කිරීමෙන් පසුව මෙම මානුශීය මෙහෙයුම නැවත ආරම්භ කරනවා.’’ විජේරත්න කීවාය.
යුධ කලාපයට ඇතුලු වීමට ජාත්‍යන්තර රතු කුරුස සංවිධානය අවසර ඉල්ලයි
Heavy fighting prevents evacuations – ICRC
දරුණු ගැටුම් හේතුවෙන් යුධ කලාපයේ සිවිල් වැසියන් වෙත මෙට්ටි‍්‍රක්ටොන් විසිපහක ආහාර ද්‍රව්‍ය යැවීමට නොහැකි වූ බවත් තුවාල ලැබූ හා රෝගී වැසියන් මුදා ගැනීමට නොහැකි වූ බවත් ජාත්‍යන්තර රතු කුරුස සංවිධානය පවසයි.
ආරක්ෂාව අඩු නිසාවෙන් කිලෝමීටර් කිපයක් දුරින් ජාත්‍යන්තර රතු කුරුස සංවිධානය පුල්මුඩේ ගැඹුරු මුහුදේ රැදී සිටීමට සිදු වූ බව ජාත්‍යන්තර රතු කුරුස සංවිධානයේ ශ‍්‍රී ලංකා ප‍්‍රධානී පෝල් කැස්ටෙලා පවසයි.
ළමුන් හා වැඩිහිටි අය සදහා අවශ්‍ය සුදුසු බෙහෙත් ලබා දිය හැක්කේ ඔවුන් මුදවා ගතහොත් පමණක් බවත් ඔවුන් හැකි ඉක්මනින් මුදාගත යුතු බවත් කැස්ටෙලා පවසයි.
ජාත්‍යන්තර රතු කුරුස සංවිධානයේ නැව් ගැටුම් පවතින කලාපයට අවසාන් වතාවට මැයි නව වනදා ඇතුළු වූ අතර ආහාර හා ඖෂධ වර්ග ලබා දී සිවිල් වැසියන් පන්සිය දහසය දෙනකු රැගෙනවිත් ඇත.
යුධ ගැටුම් නිසාවෙන් මැයි අට වනදා මුහුදු බඩ ප‍්‍රදේශයේ සිර වී සිටින සිවිල් වැසියන් බේරාගැනිම සදහා යාමට ජාත්‍යන්තර රතු කුරුස සංවිධානයට යා නොහැකි විය.
යුධ කලාපයේ සිටින සිවිල් වැසියන් ආහාර හා පානීය ජලය හිගකම නසාවෙන් පීඩාවට පත්ව ඇති බව ජාත්‍යන්තර රතු කුරුස සංවිධානය පවසයි.ඒ නිසාවෙන් කිසිම කරදරයකින් තොරව යුද කලාපයට ඇතුළු වී සිවිල් වැසියන්ගේ ජීවිත බේරා ගැනීමට ඉඩ දෙන ලෙස කැස්ටෙලා ඉල්ලා සිටී.
පෙබරවාරි මස මැද සිට දාහතර දහසක් තුවාල වූ හා රෝගී ජනතාව මුදා ගත් අතර ඔවුන් සදහා මෙට්ටි‍්‍රක්ටොන් දෙදහස් තුන්සිය පනහක ආහාර හා අත්‍යාවශ්‍ය ද්‍රව්‍ය ජාත්‍යන්තර රතු කුරුස සංවිධානය සපයා දී ඇත.






