Fresh catch may bring new life to former conflict zone
PANICHCHANKERNI, 26 July 2010 (IRIN) – Every day, more than 100 fishing boats launch into the waters off Panichchankerni in eastern Batticaloa District – four times the number when fighting re-erupted four years ago. Security restrictions meant boats could only go out at certain times, but these rules have been relaxed since the end of the war in May 2009.
“We go out daily now,” said Dominic Silva, a fisherman whose family has been involved in the local fishing industry for 75 years. “There is no restriction on fishing hours. We can now calculate when the best catches will be and we go out.”
The revival bodes well for the local economy, which relied on fishing and agriculture for 50 percent of its revenue before the 26-year conflict.
“Small-scale fishing is the lifeline of fisher families along the coast of the north and the east. Due to severe security restrictions during the civil war such small-scale fishing was almost all for meeting people’s basic needs or for survival,” said Muthukrishna Sarvananthan, principal researcher at the Point Pedro Institute of Development.
“In the past year after the war, fishing has gradually experienced considerable commercialization.”
On a good day, fishermen can earn as much as US$185, though the average daily income is about $10-$30. The booming industry has also provided an income stream for at least 500 villagers as boat hands and in other odd jobs.
However, in other areas, the picture is gloomier. “I visited Kilinochchi and Mullaitivu [in the north] one month ago. At that time, people were suffering from a lack of fishing equipment. Kilinochchi and Mullaitivu still haven’t come back to normal,” said Maheeni Samarkoon, national fisheries coordinator with the Sewa Lanka Foundation.
Sarvananthan cautioned against being too optimistic about the revival of small-time fishing. Its impact is unlikely to last long unless there is significant development and diversification in the sector, he said.
“Small-scale fishing activity has a short shelf-life in the northeast. In the medium and long term it has to either upgrade into large-scale deep-sea fishing or diversify into other sectors,” he said.
Samarkoon noted that while coastal fishing has revived in the east, more technical knowledge and input are needed to bring back deep-sea fishing. Furthermore, she added, “in the east of the country, there is vast potential for aquaculture development activities”.
War Over, But Women Wage Battle For Survival
July 26, 2010 by amantha
Filed under English, Featured, Uncategorized
VAHARAI, Sri Lanka, July 25 (IPS) – It was a typically hot, humid day in this eastern coastal village. The sun burned down from a cloudless sky, roasting the skin as an angry sea breeze swatted the faces of the few foolish enough to venture out onto the deserted main road that runs through town.
But it was far from a typical day for some 100 people who sat, waiting patiently by the side of the road in front of the main government office here in Vaharai, some 65 kilometres north-west of Batticaloa.
Most of them were women of a diverse mix of ages. Some mothers cradled their children, gently soothing young nerves frayed by the smouldering sun. Seeking shelter under a large tree, they clutched forms – filled only minutes before – as they awaited their turn to meet the divisional secretary, the top government official in Vaharai.
“I have to get these documents cleared so that I have some kind of ownership to the land I live in,” said Navunad Sudha, a 29-year-old mother. “We also have to register here before we can move about easily.”
Sudha’s story is typical of many in Sri Lanka’s east, which along with the north are where many of the Tamil minority live, and are the areas most affected by the separatist war waged by the Tamil Tigers.
It is only now that people like Suhda feel they can breathe easy, after the war ended more than a year ago.
With her family and then five-year-old son, Sudha fled her home in the middle of 2008, when Sri Lankan government forces began their final, decisive push into areas in the north and east controlled by the Liberation Tigers of Tamil Eelam (LTTE). After months of running and near-death horrors, she finally crossed the battlefront and moved to safety behind the government line in May 2009. Just two days after her escape, the military crushed the Tigers.
Civilians like Sudha bore the brunt of the LTTE’s conflict with successive Sri Lankan governments since the early 1980s, demanding a separate Tamil homeland.
But even after the end of the war, the battle for survival continues for many women here.
Most of the available work here, especially in construction of buildings, clearing of jungles, fishing and farming, is almost exclusively male- dominated. To make matters worse, many women are struggling to cope with having to head the household after losing their husbands and sons – the traditional breadwinners in this patriarchal society – to the war.
Sudha was born in the village of Kadiraveli just north of Vaharai, but fell in love with a man from northern Jaffna. They married, moved to the north, and finally settled in Puhtukkuddyiruppu – a Tiger stronghold for over a decade before government forces wrested control last year.
Sudha had no say when her husband joined the LTTE. He fought with them, Sudha admits, but left the movement years before the final bout of fighting erupted in mid-2007.
After crossing over to government-held areas, Sudha’s husband was arrested for possible links with the Tigers, and is still in detention. “I have written to ministers, to the ICRC (International Committee of the Red Cross) and to others with this, but so far I have not heard anything,” she said.
While trying to convince authorities that her husband is a family man and not a hardcore separatist, Sudha also has to make a living. She returned to her native Vaharai and has set up small sewing business. “I have had to pawn all my jewellery. I’m trying to get a loan or a grant to start a small boutique,” Sudha said.
Sudha’s woes are far too common among women in the war-affected areas. In Pillumalai, about 80 km from Vaharai, 20-year-old Sarojadevi Ramanathan is trying her level best to put the past behind and begin anew – an uphill battle, given that her life was at a standstill for two years beginning mid- 2006.
At that time, Sri Lankan forces had begun launching large-scale, sustained military forays into areas held by the Tigers in the eastern province of Sri Lanka. The Tigers – notorious for forced conscription of underage civilians – were desperate for new recruits.
At 16, Ramanathan would have been a perfect choice for the Tigers, so her parents took the drastic decision of never letting their daughter out their sight. The young girl stopped attending school and spent most of her life indoors. “That was the only way they could save me from being conscripted,” she said.
The family fled the fighting in early 2007 and returned about a year later. But now, Ramanathan finds herself in limbo. Too old for school, too young and inexperienced for any other job, she is still stuck mostly at home. “What can I do? I can’t help my father who is a fisherman, so I help my mother in the kitchen,” she said.
Marriage might appear to be her best bet, but there is no guarantee that life will become easier.
There are hardly any jobs to speak of here, and even less for women. Ramanathan’s neighbour, 18-year-old Ravindranathan Valarmadu, earns about 17 U.S. dollars a month, working six days a week at a milk collection centre. “This is the only job I could find,” she said.
යළිත් නැගෙන්නට සවියක් වනු මැන
නැගෙනහිරට හිරු උදා වූයේ එහි කිරණින් නැගෙනහිර වැසියන්ගේ ජීවිතවලට නවමු ආලෝකයක් ලබා දෙන්නට මෙනි. ශාපලත් යුද්ධය අවසන් වී සැනසිල්ලේ අවදිව හිදින්නට හැකි සමයක් නැගෙනහිරට දැන්උදා වී තිබේ. අමිහිරි යුද්ධයේ අදුරු සෙවණැලි යට දිවි ගෙවූ නැගෙනහිර වැසියන් ජීවිතය කොතැනකින් හෝ යළිත් අරඹන්නට සුබ සිහින දකිමින් සිටී. එහෙත් ඒ ගමනේදී දහසකුත් එකක් බාධක ජය ගන්නට ඔවුන්ට සිදුව තිබේ.
මාන්තෝට්ටම පදිංචි ඩබ්ලිව්.ඒ විල්බට් වික‍්‍රමනායක පවසන ආකාරයට මේ ප‍්‍රදේශයන්හි වැසියන්ට ප‍්‍රශ්න රාශියකට මුහුණ දීමට සිදුව තිබේ. වල් අලින්ගේ කඩා වැදීමත්, පානීය ජලය නොමැති කමත් සහ යටිතල පහසුකම් නිසි පරිදි නොමැති විමත් යන කාරණා හේතුවෙන් මේ ප‍්‍රදේශයන්හී ගැමියෝ දැඩි පීඩාවට පත්ව සිටිති.
‘‘අපිට අලින්ගෙන් සෑහෙන්න කරදරයි. ඒ කාලෙත් තිබුණා, අදත් ඒ කරදරේ ඒ විදිහටම තියෙනවා.’’ විල්බට් පැවසුවේය. ඔහු පවසන ආකාරයට අවුරුදු තිහකට වැඩි කාලයක තිස්සේ මේ වැසියන් වල් අලින්ගෙන් පීඩා විදිති. ත‍්‍රිකුණාමලය දිස්ත‍්‍රික්කයේ දිගාමඩුල්ල ප‍්‍රාදේශීය ලේකම් කොට්ඨාසයට අයත් මහවැව ගම්මානයේ පවුල් 227 ජීවත් වෙති ඔවුන්ගේ ප‍්‍රධාන ජීවනෝපාය වන්නේ ගොවිතැන සහ දර කැපීමයි. එහෙත් නිදහසේ ගොවිතැනක් කර ගන්නට මේ ප‍්‍රදේශයේ වැසියන්ට වල් අලි ප‍්‍රශ්නය නිසා නොහැකි වී තිබේ.
‘‘අපි මේ ගමේ ජීවත් වෙන්නේ 1963 ඉදන්. මේවායේ කවදාවත් අලිවැටක් ගහලා බේරෙන්න බැහැ. හැන්දෑවේ හතර වෙනකොට අලි එනවා. ගමේ මිනිස්සු අලි ගහලා මැරෙනවා. ගෙවල් කඩනවා. ගොවිතැන් පාලූ කරනවා.’’ විල්බට් පවසන ආකාරයට මාසයකට වතාවක් ලැබෙන අලි වෙඩි හතර දවසක පැය බාගයකටවත් සෑහෙන්නේ නැත. කලක් තිස්සේ මේ කලාපයේ පවතින අලි මිනිස් ගැටුමේ අවසානයක් දකින තුරු මේ ප‍්‍රදේශයේ වැසියන් බලා සිටිති. අලි ප‍්‍රශ්නයට අමතරව මේ ප‍්‍රදේශයේ වැසියන්ට ජල ප‍්‍රශ්නයකටද මුහුණ දීමට සිදුව තිබේ. විධිමත් පානීය ජලපහසුකම් පද්ධතියක් නොතිබීම හේතුවෙන් මෙහි වාසීන්ට සැතපුම් දුර ගෙවා ජලය සොයා යාමට සිදුව තිබේ.
‘‘අපිට වතුර හොයාගෙන එහා ගමට යන්න වෙලා තියෙනවා. අපේ ළමයි ඉස්කොලේ යන්න කලින් වතුර අරන් එන්න පුථවන් තරම් පාන්දරින් යන්න වෙලා තියෙනවා. ගෑණු ළමයෙක් තනියම නාන්නවත් යවන්න පුථවන් කමක් කමක් නැහැ.’’ කිතුල්උතුව සමෘද්ධි සමිතියේ ලේකම් නිශාන්ත නිමල් පැවසුවේය. නිසි වාරිමාර්ග පද්ධතියක් නොමැති වීම හේතුවෙන් බීමට පමණක් නොවේ මෙහි ගොවියන්ට ගොවිතැන් කිරීමටද නොහැකි තත්ත්වයක් උද්ගත වී තිබේ.
‘‘අපිට ඉඩම් තියෙනවා. ඒත් වතුර නැති නිසා වගා කරන්න විදිහක් නැහැ.’’ කිතුල්උතුවේ ගොවියෙකු වූ සමරකෝන් රංබණ්ඩා පැවසුවේය. මේ ප‍්‍රදේශයේ මිනිසුන් දැඩි ලෙස දරිද්‍රතාවයෙන් පීඩා විදින බව නොරහසකි. ද්‍රරිද්‍රතාව මේ වැසියන්ට හුරුපුරුදු අදුරු සිහිනයකි.
‘‘ මට දැරවෝ හතර දෙනෙක් ඉන්නවා. අපි දර කපලා තමයි ජීවත් වෙන්නේ. ඒත් දැන් අමු ලී කෑල්ලක් තිබුණොත් අපිව වනජීවී එකෙන් අරන් යනවා. මේකෙන් ලැබෙන ආදායමෙන් ජීවත් වෙන්න අමාරුයි. ළමයින්ට දවසකට ඉස්කෝලෙ යන්න රැපියල් 120 ක් විතර යනවා.’’ කිතුල්උතුවේ එස්. සීලාවතී පැවසුවාය.
එමෙන්ම පලූ ගස් වලින් පලූ ගෙඩි කඩා විකිණීම මේ වන විට මේ ප‍්‍රදේශයේ වැසියන්ගේ ප‍්‍රධාන ජීවනෝපාය වි තිබේ. දශක කිහිපයක් ඇවිල ගිය කුරිරු යුද්ධයෙන් අනතුරුව සිය ගම් බිම් කරා පැමිණ සිටින ඔවුන්ට අත්වාරුවක් නොමැතිව නැගී සිටීම දුෂ්කර කාර්යක් වී තිබේ. නැවත පදිංචියට පැමිණි ඔවුන්ට සය මාසයකට ආහාර සලාකයක් හිමි වුවද එය සය මාසයක් ඉක්ම ගොස් ඇති බැවින් එය මේ වන විට ඔවුන්ට ලබා නොදේ.
‘‘අපි ප‍්‍රාදේශීය ලේකම්තුමාගෙන් ඉල්ලීමක් කළා තවත් මාස හයක් අපිට ආහාර සලාකය ලබා දෙන්න කියලා. ඒත් ඒකට කවුරු හරි ඉදිරිපත් වුණොත් විතරක් ලබා දෙන්න පුථවන් කියලා අපිට කීවා.’’ එහෙත් මේ වන තුරුත් කිසිදු ආයතයක් ඊට ඉදිරිපත් නොවී තිබීම ගම්වැසියන්ගේ ලතැවුලට හේතු වී තිබේ. කෙසේ වෙතත් ගමේ දියුණුවට ප‍්‍රාදේශීය ලේකම් කාර්යාලය, හමුදාව සහ පොලිසිය මහත් සහයක් ලබා දෙන බව ගම්වැසියෝ පවසති.
මොරවැව ප‍්‍රාදේශීය ලේකම් කාර්යාලය සහයෝගය ඇතිව රාජ්‍ය නොවන සංවිධාන පහක් එකතුව හැන්ඞ් කාෆ් නමින් පිහිටුවා ඇති ආයතනය මේ
ප‍්‍රදේශයේ වැසියන්ට මහත් පිටුවහලක් වී තිබේ. මේ ආයතනය ගමේ දියුණුවට අත්වැල් සපයන්නට ඉදිරිපත් වීම පිළිබද එහි වැසියන් කතා කරන්නේ කෘතවේදීවය. නීත්‍යානූකූල ඉඩම් නොමැති විමද මේ ප‍්‍රදේශ වැසියන් මුහුණ පා ඇති බරපතළම ගැටලූවක් බවට මේ වන විට පත්ව තිබේ.
‘‘යුද්ධය තිබ්බ කාළේ ගොවිතැන් හේන් කරන්න ඕන තරම් ඉඩ කඩ තිබුණා. ඒත් දැන් තත්තවය වෙනස් වෙලා. දැන් සමහර අයට හේන් ගොවිතැන් කරන්න ඒ ඉඩම් තමන්ගේම ඉඩම් බවට ඔප්පු කරන්න සිද්ධ වෙලා. අපේ මුතුන් මිත්තො තමන්ගේම මේ ඉඩම් වල ජීවත් වුණේ අයිතිය තහවුරු කරගෙන නෙමෙයි. මේ ඉඩම් නීතිතියෙන් අයිති නැති නිසා අපිට දැන් මේ වගෙන් අයින් වෙලා යන්න කියනවා. ඒත් අපිට වෙන යන්න තැනක් නැහැ. අපි කියන්නේ මේ ඉඩම් නිරවුල් කරලා අපිට බලපත‍්‍ර ලබා දෙන්න කියලා.’’ මාන්තෝට්ටම පදිංචි වික‍්‍රමනායක පැවසුවේය.
මේ වන විට මෙම ගම්වාසීන්හි වැසියන් නැවත පදිංචිකොට වසර පහක් ඉක්ම ගොස් තිබුණද බොහොමයක් පිරිසට තවමත් සිය අයිතිය යටතේ පවතින ඉඩමක හිමිකාරීත්වය අහිමි වී තිබේ. අතීතයේ සිදු වූ අතපසු වීම් හේතුවෙන් වර්තමානයේ සහ අනාගත පරපුරට නිදහසේ දිවි ගෙවීමේ ඉඩ ප‍්‍රස්තාව අහිමි වීමට ඉඩ නොතැබි යුතු බව ගම්වාසීන් අවධාරණය කර සිටිති.
After Decades of Bloodshed, Home Calls
PERIYAPILLUMALLAI, Sri Lanka, July 6, 2010 (IPS) – For almost two decades, Athanayakemudiyanselage Punchibanda lived without hope of ever returning here to his native village.
The 52-year-old grandfather was forced to leave Periyapillumallai, a village located deep in Sri Lanka’s eastern Batticaloa district, with his family in 1991 when ethnic tensions boiled over. Punchibanda is from the majority Sinhalese community, but lived in a village that bordered areas inhabited by the country’s minority Tamils.
The Liberation Tigers of Tamil Eelam (LTTE) was by then waging a bloody sectarian war, demanding a separate state for the Tamils carved out in this South Asian country’s north and east. Regardless of ethnicity, civilians were caught in the fighting and paid a heavy price.
“We fled because we knew we would be killed,” Punchibanda told IPS.
For 19 years, Punchibanda’s family was among the war-displaced, settling in the Mahaweva area some 10 kilometres away. In those 19 years, the war turned bloodier, with at least four failed attempts at negotiating a settlement.
Seven months after the war ended in May 2009 with government forces wiping out the Tigers, Punchibanda ventured back home.
Only seven of the 172 Sinhalese families living in Periyapillumallai when Punchibanda left returned with him in December 2009. The number has whittled down further – only three families still remain.
“Life is hard, the jungle has taken over our houses and crop land,” Punchibanda says, looking at the thick bush that surrounds the little plot he has cleared and planted maize in. “We hardly know anyone here, but it is our village.”
He and his wife work the land tirelessly under the scorching sun. At night, they ascend treetop hideouts to guard their crops against marauding elephants. Despite the hardship, Punchibanda is happy to finally return home after almost two decades. “My children or grandchildren will never come here. They don’t feel any connection, but I do,” he says.
This same ‘connection’ has brought Mohamed Aifa, a 62-year-old Muslim woman, and her husband to the adjoining village of Rukam. Like the Sinhalese, the Muslims were forced out of Tiger-controlled areas.
Aifa’s family fled the village in the mid-1990s, with Muslims unable to work in their fields and attacks were reported in the night. Incidents like the August 1990 massacre of 147 Muslims inside a mosque in the nearby town of Kathankuddi, purportedly by the Tigers, drove fear into Muslims living in areas under the Tigers’ yoke. Almost all subsequently fled.
“We lived in Chenkalady (a town about 30 km away), where the government was in control,” Aifa says.
Unlike the Sinhalese, who remain a mere handful in areas formerly under the Tigers, many Muslims have begun to flock home following the end of the war. “We feel safe here. There is good fish in the tank, there is a good market in the town,” says Aifa, as one of her relatives bundled together 500 rupees (4.4 U.S. dollars) worth of baked fish. “We already have a buyer for that. Who knows, life may be better here,” she says.
While most Tamils in areas like Periyapillumallai and Rukam remained behind when the Tigers gained control, they too fled during heavy fighting, like those in mid-2007 – the last of the battles the Tigers fought in the east. Over 130,000 civilians fled to safer areas behind government lines in Batticaloa district.
It has been two years since Krishnan Ramanadan, a 52-year-old father of three daughters, returned to Periyapillumalai after fleeing the fighting.
He lives in a small hut with a roof of coconut leaves, and his fishing gear hangs on a tree nearby. But he has a complaint: “There are too many people fishing in the tanks now. Those days, people were too scared go fishing. Now everyone goes fishing, even those who work the paddy fields, when they don’t have work,” he says.
Despite the overcrowded fishing spots, life is looking up. Ramanadan is building a brick house, and his daughters are happy that they can now live without fear of forced conscription.
His eldest, Saroja Devi, had to abruptly end her education when her parents decided not to send her to school. In fact, they decided not let her out of the house for anything, in 2006, when the Tigers went on a forced recruitment spree and were abducting students on the way to school. “It was that bad,” Devi says.
Things have improved greatly in the last two years. There are fewer Sri Lankan soldiers and checkpoints. Public administration is slowly returning. If the dilapidated canal system is repaired, Ramanadan says, many will return to paddy cultivation.
Of course, there are still problems, including an acute shortage of housing, an abysmal public transport system, and a shortage of jobs. Officials say hundreds of war-ravaged houses need to be rebuilt, over 340 ofthem in Periyapillumallai alone. But all these problems can be sorted out, without bullets flying around.
Life is still a hard grind here. But there is now a sense of hope.
Communities that have been kept apart for decades by guns, bombs and mayhem have come together to live shoulder to shoulder – by choice or otherwise. The healing will take years, maybe generations, but it has begun.
“Maybe we can live like what it was before, like ordinary human beings, and not animals killing each other for a plot of land,” Punchibanda says
මැතිවරණ දිනයේ වව්නියා සහන ගම්මානය
ප‍්‍රධාන ජනාධිපතිවරණ අපේක්ෂකයන්ගේ විශේෂ මාතෘකාව වූයේ උතුරු නැගෙනහිර ද්‍රවිඩ ජනතාව පිළිබදවය.කිසිවෙකුත් අපේක්ෂා නොකළ අන්දමේ ඡන්ද දායකයින් පිරිසක් මැණික් ෆාම් සහන ගම්මානයේ දී ඡන්දය ප‍්‍රකාශ කිරීම සදහා පැමිණ සිටියෝය. මෙකී දර්ශණය මතක් කර දුන්නේ යුධසමයේ ද්‍රවිඩ ජනතාව රජයේ පාලන ප‍්‍රදේශය වෙත පැමිණි ආකාරයයි.
උදැසනම ඡන්දය ප‍්‍රකාශ කිරීමට පැමිණි ඡන්ද දායකයින් කිලෝමීටර් පහක් හයක් පමණ දුර පොළිම් ගැසුනේ අවුරුදු එතකින් පසු තමන්ට ලැබුණා වූ ඡන්දය ප‍්‍රකාශ කිරීම සදහාය. සැලකිය යුතු පොලිස් නිළධාරීන් සංඛ්‍යාවක් යොදවා තිබූණද එකී නිළධාරීන් සංඛ්‍යාව ප‍්‍රමාණවත් නොවිය. කිලිනොච්චිය ඡුන්ද මධ්‍යස්ථාන වෙතද මැනික් ෆාම් කදවුරේ සිට ඡන්ද දායකයින් යා යුතුව තිබුණි. මොවුන් සදහා වෙනම ප‍්‍රවාහන පහසුකම් සපයා තිබුණි. පාන්දර 5 සිට ඡන්දය ප‍්‍රකාශ කිරීමට පැමිණි රාඡේෂ්වරීහට වතුර පොදක්වත් නොමැතිව බස් රථයක් පැමිණෙන තුරු පැය 6ක් බලා සිටින්නට විය.
අපි උදේ පහේ ඉදලා ඉන්නේ. බඩගිනි බොන්න වතුරත් නැහැ. කදවුරෙන් ඇතුළට දාපුවම ආයේ ඇතුළට යන්න බැහැ. ඇය පැවසුවාය.
දවස පුරා මෙසේ නෙකා නොබී ඡන්දය දීමට පැමිණි ජනතාවට සාධාරණයක් ඉටුවේද යන්න ඔවුනගේ සිතෙහි පැණ නැගී ඇති ප‍්‍රශ්ණනයකි. කෙසේ වුවද මෙම අවතැන් කදවුරෙහි ජනතාව ඡන්දය ප‍්‍රකාශ කිරීම සදහා පෙළඹී සිටියේ ඔවුනට කාලයක් පුරාවට අහිමි වූ ඡන්ද බලය ලැබීමේන් උපරිම ප‍්‍රයෝජන ලබා ගැනීම සදහාත් එමෙන්ම ඡන්දය ප‍්‍රකාශ කරන ආකාරය දැක බලා ගැනීම සදහාත්ය.
කිරි බොන තම දරුවාද රැගත් මව්වරුන් ඇලවිතෝට්ටම් ඡන්ද මධ්‍යස්ථානයට පැමිණ පොළිම්වල රැදී සිටියේ පැය හතරක් පහක් ඉක්ම ගොස් හෝ තම අවස්ථාව ලබා ගැනිමේ අපේක්ෂාවෙනි. ගැබිනි මව්වරුන් පෝළිම් වල තෙරපුනද ඔවුනට කියා විශේෂ අවස්ථාවක් ලබා දීමට කිසිවකු උනන්දු නොවූයේ කාටත් එක හා සමාන ඡන්ද අයිතිය භුක්ති විදීම සදහාය.
අපි ආපහු යනවා. අපේ හැදුනුම්පත පිළිගන්න බැහැ කීවා. අපිට තියෙන්නේ පොලිසියෙන් අපට දීලා තියෙන හැදුනුම්පත විතරයි. අපට ඡන්ද කාඞ් තියෙනවා. ඒත් ඒ අය ඡන්දය දාන්න බැහැ කියනවා. ගොඩක් අයට මේ හැදුනුම්පත විතරයි තියෙන්නේ. ඡන්දය ප‍්‍රකාශ කිරීමට අවස්ථාව නොලද පිරිසක් පැමිණ පැවසුවාය. මේ සදහා මැදිහත් වීමට නිදහස් හා සාධාරණ මැතිවරණයක් සදහා වූ ජනතා ව්‍යාපාරය නැතහොත් කැෆේ සංවිධානයට සිදුවිය. එහි ප‍්‍රථිපලයක් වශයෙන් පොලිසියෙන් නිකුත් කළ සහන ගම්මාන හැදුම්පත භාවිත කර ඡන්දය ප‍්‍රකාශ කිරීමට හැකියාව ලැබුණි.
සමහර පිරිස් ඡන්දය භාවිත නොකරම ආපසු යන්න ගියේ පැය ගැණක් පුරාවට පෝළිමේ සිට ඇතුථ වූවායින් පසු ඡන්දය භාවිත කිරීමේ හැකියාව නොමැති බව පැවසීමෙන් අනතුරුවය. ඡන්දය ප‍්‍රකාශ කිරීමේ අවස්ථාව අහිමි වූ පිරිස 5354 කි.
මැණික් ෆාම් සහන ගම්මානයේ අලෙවි තෝට්ටම් ඡන්ද මධ්‍යස්ථානයේ ඡන්දය ප‍්‍රකාශ කිරීමේ මධ්‍යස්ථාන හතක් පිහිටා තිබුණි. 16 973 දෙනකු ඡන්දය ප‍්‍රකාශ කිරීමට නියමිතව තිබූ අතර 11619 දෙනකු පමණක් ඡන්දය ප‍්‍රකාශ කළහ. මෙයට හේතුව වූයේ නිසි අයුරින් ඔවුන් සදහා අවශය පහසුකම් සලසා නොලිබීම බවයි ඔවුන්ගේ අදහස වන්නේ.
සහන ගම්මානයේ සිට වව්නියා හා කිලිනොච්චි දක්වා ඡන්දය ප‍්‍රකාශ කිරීම සදහා යාමට නියමිතව තිබුණද ප‍්‍රවාහන පහසුකම් නොතිබුණ නිසා ද සහන ගම්මානයේ පිරිසකට ඡන්ද අයිතිය අහිමි විය.
කෙසේ වුවද සහන ගම්මානයේ සියථ දෙනාගේ බලා පොරොත්තුව වූයේ කුමන පාලනයක් යටතේ වුවද තම ගම්බිම් කරා ගොස් සැනසීමේ ජීවත් විමය.
එදා ඉදන්ම අපි දුක් වින්දා අදත් අපි ඒ දුකම විදිනවා. අනේ අපිට සැනසීමේ ඉන්න පුථවන් වුණොත් ඒ ඇති . කවුරු ජනාධිපති වුණත් අපට කමක් නැහැ. දීලා තියෙන පොරොන්දු ඒ විදියට ඉෂ්ඨ කළොත් අපිට සැනසිමේ ඉන්න පුථවන් වෙයි. ගම්මුගනාදන් පැවසුවේය.
අලෙවි තෝට්ටම් ඡන්ද මධ්‍යස්තානය දුටු කිසිවකුට එහි තත්ත්වය අමතක කිරීමේ හැකියාවක් නොමැත. ඡන්දෙ ඉල්ලන අයට මේ මිනිස්සු දුක් විදගෙන ඡන්දෙ දාන හැටි දැක්කනම් මොවා හිතෙයිද කියලා අපි දන්නේ නැහැ. නමුත් මේ මිනිස්සු පොරකාගෙන ගිහින් ඡන්දය දාන්නේ කවුරුහරි ඒ අගේ දුකට පිහිට වෙයි කියලා හිතලා. ගම්මුගනාදන් පැවසුවේය.
Some of the displaced in the Menik Farm IDP camp could not cast their votes at the Presidential election due to the non provision of necessary facilities including a valid ID card. Many joined long queues that were five to six kilometers in length on the 26th morning to cast their votes. However, about 5,354 persons were unable to cast their votes due to the non possession of a valid ID card. These people possessed only the identification document provided by the police. Some other IDPs were also unable to cast their votes due to the lack of transport facilities for them to visit their hometowns. Only 11,619 IDPs cast their votes in the seven voting centers in put up in the camp.
වසර තිහකට පසු කිළිනොච්චියේ මැතිවරණ උණුසුම
ජනපතිවරණයෙන් රටම උණුසුම් වද්දී උතුරේ ජනතාවට ඒ පිළිබද පැවතියේ අවිනිශ්චිත හැගීමකි. ඡන්දය භාවිතා කරනවාදෝ නැද්ද යන්න ඔහුන්ට ගැටලූවක් වී තිබුණි. විශේෂයෙන් කිළිනොච්චියේ ඡනතාව ජන්දය භාවිතා කිරීමට සිදු වී තිබුණේ ගැටථ රාශියක් මධ්‍යයේය. යුද්ධය අවසන් වීමෙන් අනතුරුව කිළිනොච්චියේ ජන්ද මධ්‍යස්ථානයක් පැවැත්වීමට ඉඩකඩ සැළසුණේ වසර තිහකට පමණ පසුය. මේ වන විට සාමාන්‍ය ජනතාවගෙන් බොහොමයක් අවතැන් කදවුරුවල ජීවත් වෙති. මේ හේතුවෙන් ඡන්දය භාවිතා කිරීම පිළිබදව ඔවුන්ට තිබුණේ අල්ප දැනීමකි. ඡන්දය භාවිතා කිරීම සදහා හැදුනුම් පත‍්‍රයක් නොමැති වීම ඔවුන් බොහෝ දෙනෙකුට පැවති ගැටලූවයි.
පොකුරු ඡන්ද මධ්‍යස්ථානයක් වූ කිළිනොච්චිය මධ්‍යම ක‍්‍රීඩාංගනයේ ඡන්ද මධ්‍යස්ථාන 64 ක් පැවැත් වීය. මැතිවරණ දිනයේ උදෑසන 11.30 වන විටත් කිළිනොච්චි මධ්‍යම ක‍්‍රීඩාංගණයට එතරම් ඡන්දදායකයන් පිරිසක් පැමිණ සිටියේ නැත. බොහොමයක් ඡන්ද මධ්‍යස්ථාන වලට දහවල් දොළහ වන විටත් ඡන්ද දායකයන් විස්සකට වඩා පැමිණ සිටියේ නැත. මධ්‍යම ක‍්‍රීඩාංගණයේ පැවති ඡන්ද මධ්‍යස්ථානයක් වූ පුලෝපුල ඡන්ද මධ්‍යස්ථානයේ ලියාපදිංචි ඡන්ද දායකයන් සංඛ්‍යාව 320ක් වුවද මැතිවරණ දිනයේ දහවල වන විට පැමිණ සිටියේ ඡන්ද දායකයන් දෙදෙනෙක් පමණි. වට්ටකච්චි චන්ද මධ්‍යස්ථානයේ ලියාපදිංචි ඡන්ද දායකයන් 1663 ක් වුවද දහවල් වන විට ඡන්දය භාවිතා කොට සිටියේ 10 දෙනෙක් පමණි. පුදුමුරිප්පු ඡන්ද මධ්‍යස්ථානයේ ලියාපදිංචි ඡන්ද දායකයන් 574 වන නමුදු දහවල් දොළහ වන විටත් ඡන්දය ප‍්‍රකාශ කිරීම සදහා කිසිවෙකුත් පැමිණ සිටියේ නැත.
‘‘ මේ පොකුරු ඡන්ද මධ්‍යස්ථානයේ ලියාපදිංචි වී ඇති ගොඩක් චන්ද දායකයන් අවතැන් වු පිරිස් වලින් සමන්විතයි. ගොඩක් අය තාමත් ඉන්නේ අවතැන් කදවුරු වල. ඒ ස්ථාන වල ඉදලා මිනිස්සු මෙතැනට අරගෙන එන්නත් ඕන. ගොඩක් අයට කිසි තේරුමක් නැහැ ඡන්දෙ දාන්නෙ කොහොමද වත් කියලා’’ මැතිවරණ රාජකාරීයේ නියැලෙන නිලධාරියෙකු වූ ජෝන් බැප්ටිස්ට් පැවසුවේය.
කිළිනොච්චි දිස්ති‍්‍රක්කයේ ඡන්ද මධ්‍යස්ථාන ලෙස කි‍්‍රයාත්මක කෙරුණු කිළිනොච්චි හින්දු විදුහල පුනිද තෙරේසා විදුහල පැටීමා රෝමානු කතෝලික විදුහල කනගපුර විදුහල යනාදී ස්ථාන වලද ඡන්දය භාවිතා කිරීම ඉතා අවම මට්ටමක පැවතිණි.
තිස් වසරකට පසුව කිළිනොච්චියේ පැවති මෙම මැතිවරණ කටයුතු වලදී ඡන්ද දායකනන්ට මහත් අසීරුතාවන්ට මුහුණ දීමට සිදු විය.
‘‘ මම කලින් හිටියේ කිළිනොච්චියේ හිටියේ. යුද්දෙ ඉවර වුණාට පස්සෙ අපිව මැණික් ෆාම් කදවුරට අරගෙන ගියා. චන්දෙ තියෙන්නෙ මෙතන කියලා දැන ගත්තට පස්සෙ අපිට මෙහෙට එන්න බස් දුන්නා. මෙතනට ආවම මෙතනින් බලලා කීවා අපිට චන්දෙ තියෙන්නෙ කනගපුරම් ඉස්කෝලෙ කියලා. ඒත් එතනට යන්න අපිට බස් එකක් නැහැ.’’ කිළිනොච්චිය මධ්‍යම ක‍්‍රීඩාංගණයට ඡන්දය
ප‍්‍රකාශ කිරීමට පැමිණි රාජ්‍ය සුල්ත‍්‍රාණා පැවසුවාය. කනගපුරම් වෙත යාමට වාහනයක් පැමිණෙන තුරු ඇය සිය දරු දෙදෙනාද කරපින්නාගෙන පාර අද්දරට වී සිටියාය.
‘‘ අපි යාපනේ ඉදලා ආවේ. මෙහෙට අවම මෙහෙ මහත්තුරු කියනවා අපිට ඡන්දෙ තියෙන්නෙ පූනේරී වල කියලා. එන්න වාහනයක් තිබුණා. දැන් ඒක අපිව දාලා ආපහු ගියා. දැන් පූනේරී යන්න වාහනයක් නැහැ. අපි හිතුවෙ ආපහු යන්න කියලා’’ යාපනයේ කවුදාරීමුණ පදිංචි කනගරත්නම් පැවසුවේය.
එමෙන්ම මේ අකාරයෙන් නිසි හැදුනුම්පතක් නොමැති වූ ඡන්ද දායකයන් විශාල පිරිසක් ආපසු හැරී ගියහ. විශෙෂයෙන්ම වව්නියාව මැණික් ෆාම් සිට බස් රථ වලින් පැමිණි පිරිස් මෙසේ ආපසු හැරී ගියහ.
‘‘ අපේ බස් එකේ පණහක් විතර ආවා. ඒත් මෙහෙට ආවම අපිට කදවුරෙන් දීලා තියෙන කාඞ් එකට ඡන්දෙ දාන්න දෙන්න බැහැ කීවා. අපේ නමත් ලැයිස්තුවේ තියෙනවා.’’ ඡන්දය ප‍්‍රකාශ කර ගත නොහැකිව ආපසු බස් රිය වෙත යමින් සිටි රාජ් කුමාර් පැවසුවේය. රාජ් කුමාර් සමග මැණික් ෆාම් කලාප අංක 3 සිට පැමිණ සිටි බොහෝ දෙනෙකුට එසේ ඡන්දය අහිමිව තිබුණි.
‘‘ ඇත්තටම අවුරුදු තිහකින් පස්සෙ මේ විදිහට මෙහෙ ඡන්දයක් තිබුණ එක ගැන අපිට හරි සන්තෝෂයි. කාට ඡන්දෙ දුන්නත් මම හිතන්නෙ අපිට හොදක් වෙයි කියලා.’’ කිළිනොච්චිය හින්දු විදුහලේ විදුහල්පති ඒ කුමර ගුරුපරන් පැවසුවේ සැබෑ සතුටකිනි.
A low voter turn out was recorded from Kilinochchi where an election was held after 30 years. Most residents of Kilinochchi still remain in IDP camps and the lack of transportation facilities for them to visit the polling centers resulted in a low voter turn out. A cluster polling center at the Central Ground in Kilinochchi had recorded only about 20 voters even by noon on election day. However, some voters who managed to make their way to Kilinochchi were unable to cast their votes due to the non possession of a valid document to prove their identity.
නැවත පදිංචි කිරීම් පිළිබදව එක්සත් ජාතීනගේ සංවිධානයේ ප‍්‍රසාදය
දශක තුනක කාලයකට අධික කාලයක් තිස්සේ ලංකාවේ පැවති යුද ගැටුම් අවසානයේ අවතැන්වී සිටින පිරිස් නැවත පදිංචිකිරීම මේ වන විට වේගවත් ආකාරයෙන් සිදුවන බවත් එහෙත් නැවත පදිංචිකිරීම් පිළිබදව තව දුරටත් අවධානය යොමුකළ යුතු බවත් එක්සත් ජාතීන්ගේ සංවිධානයේ මානුශිය කටයුතු පිළිබද නියෝජ්‍ය මහ ලේකම් ජොන් හෝල්ම්ස් ප‍්‍රකාශ කරයි.
‘‘අවතැන්වූවන් මුල් කාලයේදී නැවන පදිංචි කිරීම ඉතා සෙමින් සිදුවුනේ. ඒ පිළිබදව අපි කිසියම් ආකාරයක කළකිරීමකින් සිටියේ. නමුත් මීට සති දෙක තුනකට පෙර සිට මේ තත්වය වෙනස්වී තිබෙනවා. නැවත පදිංචිකිරීම් ඉහළ ගොස් තිබෙනවා.’’ ලකාවේ සිදුකළ තෙදින නිල සංචාරය අවසානයේදී විදේශ කටුයතු අමාත්‍යාංශයේදී නොවැම්බර් 19 වැනිදා පැවති ඒකාබද්ධ ප‍්‍රවෘත්ති සාකච්ඡාවකදී හොල්ම්ස් කීවේය.
ගැටුම් අවසාන වන විට දෙලක්ෂ අසූදහසක් පමණ වන පිරිසක් අවතැන්වූවන් බවට පත්ව තිබූ අතර මේ වන විට පුද්ගලයින් 129 520 ක් නැවත පදිංචි කර හා සුභසාධන කදවුරුවලින් පිටත්කර යවා ඇතැයි අවතැන්වූවන් පිළිබදව වන වාර්තාවක් ඉදිරිපත් කරමින් ආපදා කළමනාකරණ හා මානව හිමිකම් අමාත්‍යාංශය නොවැම්බර් 13 වැනිදා පැවසුවේය. මේ වන විට අවතැන් පුද්ගලයින් 132 748 ක් වව්නියාව ඇතුළු උතුරු පළාතේ ඇති සුභසාධන මධ්‍යස්ථානවල රදවා සිටින්නේයැයි එම වාර්තාව සදහන් කළේය.
මේ වන විට අවතැන් පිරිස් නැවත පදිංචි කිරීම් කටයුතු සාර්ථකව සිදුවන්නේයැයි විදේශ කටයුතු අමාත්‍ය රෝහිත බෝගොල්ලාගම කීය.
උතුරු පළාතේ ඇති සුභසාධන මධ්‍යස්ථානවල සිටින පුද්ගලයින් නැවත තමන්ගේ ගම් බිම් කරා පිටකිරීමට කටයුතු කිරීම පිළිබදව එක්සත් ජාතීන්ගේ සංවිධානයේ මානුශීය කටයුතු පිළිබද නියෝජ්‍ය මහ කොමසාරිස් වරයා සිය ප‍්‍රසාදය පළ කර තිබුනේය. පුද්ගලයින් නැවත පදිංචි කිරීම පිළිබදව සෑහීමකට පත්විය හැකි බවද හොල්ම්ස් පැවසුවේය.
අවතැන්වී සිටින පිිරිසි දින එකසිය අසූවක් ඇතුළත නැවත පදිංචි කරන බව යුද ගැටුම් අවසානවූ මැයි මාසයේදී රජය විසින් එක්සත් ජාතීනේගේ සංවිධානය වෙත සහතිකයක් ලබාදුන්නේය. මෙම කාලසීමාව ඇතුළත අවතැන්වූවන් නැවත පදිංචිකළ යුතු බවට ජාත්‍යන්තර ප‍්‍රජාව දිගින් දිගටම ප‍්‍රකාශ කළේය. එහෙත් දින එකසිය අසූවක් ඇතුළත අවතැන්ව සිටින පිරිස් නැවත පදිංචිකර අවසන් කළ යුතු බව එක්සත් ජාතීන්ගේ සංවිධානයේ මානුශීය කටයුතු පිළිබද නියෝජ්‍ය මහ කොමසාරිස්වරයා පැවසුවේ නැත.
‘‘දින එකසිය අසූවක් ඇතුළත අවතැන්ව සිටින පුද්ගලයින් නැවත පදිංචි කරනවාද නැතිනම් මේ වසර අවසාන වන විට අවතැන් කදවුරු සියල්ල වසා දමනවාද යන්න එතරම් වැදගත් වන්නේ නැහැ. වඩාත් වැදගත් වන්නේ මේ පිරිස්ට තමන් කැමති තීරණ ගැනීමට අවස්ථාව ලබාදීමයි.’’ හොල්ම්ස් කීවේය.
අවතැන් පිරිස් රදවා සිටින සුභසාධන මධ්‍යස්ථානවල ඇති පහසුකම් හා තමන්ගේ ගම් බිම් වල ඇති පහසුකම් පිළිබදව සන්සන්දනය කිරීමෙන් පසුව තමන්ගේ ගම් බිම්වලට යනවාද නැතිනම් තවදුරටත් අවතැන් කදවුරුවලම රැදී සිටිනවාද යන්න පිළිබදව වන තීරණය ඒ පුද්ගලයින්ට ගැනීමට හැකියාව තිබිය යුතු බවද ඔහු පැවසුවේය. ‘‘තමන්ගේ ගම් වල ඇති පහසුකම් වලට වඩා වැඩි පහසුකම් අවතැන් කදවුරුවල තිබෙන නිසා අවතැන් පිරිස් තවදුරටත් සුභසාධන මධ්‍යස්ථාන වල රැදී සිටීමට තීරණය කිරීමෙන් පසුව තවදුරටත් ඔවුන් කදවුරුවටල වී සිටීම ගැටලූවක් නොවේ. එහෙත් පුද්ගලයින්ට නිදහසේ ගමන් කිරීමට අවස්ථාව ලැබිය යුතුයි.’’ හොල්ම්ස් කීවේය.
අවතැන් පිරිස් යළි පදිංචිකිරීමේ වැඩකටයුතු තවදුරටත් දියුණු කරීමට හැකියාවක් පවතින බවත් එම ක‍්‍රියාදාමය තවදුරත් දියුණු විය යුතු බවත් හොල්ම්ස් පැවසුවේය. නැවත පදිංචිකිරීම් සිදුකිරීමේදී තොරතුර ලැබීමේ ගැටලූවක් පවතින බවත් අවතැන් පිරිස් වෙත නැවන පදිංචි කිරීම් පිළිබදව වන තොරතුරු නිසි පරිදි ලැබෙන්නේ නැති බවත් හොල්ම්ස් පැවසීය.
‘‘අවතැන් පුද්ගලයින් නැවත පදිංචි කරන්නේ කවදාද ඔවුන් ගමන් කරන්නේ කුමන ප‍්‍රදේශ වලටද යන්න පිළිබදව වන තොරතුරු ඔවුන්ට නිසි පරිදි ලැබෙන්නේ නැහැ.’’ එක්සත් ජාතීනගේ සංවිධානයේ මානුශීය කටයුතු පිළිබද නියෝජ්‍ය මහ ලේකම්වරයා කීවේය. මෙම තොරතුරු නොලැබීයාමේ ගැටලූවට කඩිනමින් විසදුම් ලබාදිය යුතු බවද අවතැන් පුද්ගලයින්ට අවශ්‍ය තොරතුරු ලබාදීමේ කටයුතු නිසි පරිදි සිදුකිරීම සදහා එක්සත් ජාතීන්ගේ සංවිධානය සිය සහයෝගය ලබාදෙන බවද හොල්ම්ස් කීය.
බිම් බෝම්බ ඉවත් කිරීමේ කටයුතු මේ වන විට සිදුවෙමින් පවතින අතර එම කටයුතු අවසන්වීමෙන් පසුව නැවත පදිංචි කිරිම් කළ යුතුව ඇතැයි ඔහු කීය. ‘‘බිම් බෝම්බ ඉවත්කිරීම විශාල අභියෝගයක් බවට පත්ව තිබෙනවා.’’ ගටුම් පැවති ප‍්‍රදේශවල බිම් බෝම්බ ඉවත් කිරීමේ කටයුතු නිරීක්ෂණය කළ හොල්ම්ස් කීය. නැවත පදිංචිකරන්නන්ගේ ආරක්ෂාව සදහා බිම්බෝම්බ ඉවත්කිරීම හා බිම් බෝම්බ පිළිබදව ජනතාව දැනුවත් කිරීම වැදගත් වන බවද ඔහු කීවේය.
‘‘බිම් බෝම්බ ඉවත් කිරීම කඩිනම් කිරීම පිළිබදව එක්සත් ජාතීන්ගේ සංවිධානයේ නියෝජ්‍ය මහ ලේකම්වරයා හා රජය අතර සාකච්ඡා සිදුවුනා.’’ බෝගොල්ලාගම පැවසීය.‘‘පුද්ගලයින නැවත පදිංචි කිරීමේ වැඩපිළිවෙල දියුණු කිරිම හා නැවත පදිංචිකරීම් සිදුකරන ප‍්‍රදේශවල නිවාස මූලික අවශ්‍යතාවන් හා ජීවන උපාය මාර්ග සතුටුදායක තත්වයකට ගෙන ඒම සදහා එක්සත් ජාතීනගේ සංවිධානය රජය සමග සහයෝගයෙන් වැඩ කරනවා.’’ හොල්ම්ස් පැවසුවේය.
නැවත පදිංචි කර සිටින පුද්ගලයින්ට ඔවුන්ගේ ජීවන තත්වය නැවත යථා තත්වයට පත්කරගන්නාතෙක් ආහාර වැනි සහනාධාර ලබාදීමට සිදුවනු ඇතැයි හොල්ම්ස් කීය. නැවත ගම්බිම් කරා ගමන්කරන පුද්ගලයින්ගේ ජීවනමාර්ග යථා තත්වයට පත්කිරීම පිළබදව මෙම සංචාරය තුළදී එක්සත් ජාතීනගේ සංවිධානයේ ඉහළ පෙලේ නියෝජිතයින් සමග සාකච්ඡුා කළ බවද ලංකාවේ විදේශ කටයුතු අමාත්‍යවරයා පැවසුවේය.
‘‘සුභසාධන මධ්‍යස්ථාන වල රැුදී සිටින ජනතාවට ඉන් පිටතට පැමිණ තමන්ගේ ජීවන තත්වය නැවත සාමාන්‍ය තත්වයට පත්කරගැනීමට ගෙනයන වැඩපිලිවෙල නොකඩවා සිදුකරගෙන යතැයි බලාපොරොත්තු වෙනවා.’’ හොල්ම්ස් සදහන් කළේය.
ලංකාවේ සිදුකරන මානුශික කටයුතු සදහා සහාය ලබාදීමට එක්සත් ජාතීනගේ සංවිධානය ඇතුළු මානුශීය සහන සංවිධාන සූදානමින් සිටින්නේයැයි හොල්ම්ස් කීය. ‘‘අවතැන් කදවුරුවල සිටින පුද්ගලයින්ට අවශ්‍ය ආහාර ඇතුළු මානුශිය සහනාධාර ලබාදීමටත් එක්සත් ජාතීනගේ සංවිධානය හා මානුශීය සහන සංවිධාන සූදානමින් සිටිනවා.’’ ඔහු කීවේය.
ලංකාවේ දීර්ඝ කාලීන ස්ථිර සාමයක් හා සාර්ථකත්වයක් ඇතිකරගැනීම සදහා එක්සත් ජාතීන්ගේ සංවිධානය සහාය දක්වන බවද හොල්ම්ස් පැවසුවේය.
මෙම වසර තුළදී සිව්වැනි වරටත් ලංකාවේ සිදුකළ සංචාරය අතරතුරේදී යාපනයේ හා වව්නියාවේ පිහිටි සුභසාධන මධ්‍යස්ථාන නිරීක්ෂණය කළ හොල්ම්ස් පුද්ගලයින් නැවත පදිංචි කර තිබෙන ප‍්‍රදේශ නිරීක්ෂනය කළේය. සුභසාධන කදවුරුවල රැුදී සිටින පුද්ගලයින් හා ඔවුන් නැවත පදිංචිකිරීමේ ක‍්‍රියාදාමය පිළිබදව රජයේ ඉහළ පෙලේ නියෝජිතයින් හමුවීමටද හොල්ම්ස් කටයුතු කළේය. ජනාධිපති මහින්ද රාජපක්ෂ විදේශ කටයුතු අමාත්‍ය රෝහිත බොගොල්ලාගම ආපදා කළමනාකරණ හා මානව හිමිකම් අමාත්‍ය මහින්ද සමරසිංහ අධිකරණ හා නීති ප‍්‍රතිසංස්කරණ අමාත්‍ය මිලින්ද මොරගොඩ යන අමාත්‍යවරු හා හොල්ම්ස් අතර අවතැන්වූවන් පිළිබදව වන සාකච්ඡා පවත්වා තිබුනේය.
එක්සත් ජාතීන්ගේ මානුශීය කටයුතු පිළිබද නියෝජ්‍ය මහ ලේකම්වරයා ලංකාවේ සංචාරයක
UN Humanitarian Chief in Colombo
අවතැන්වූවන් නැවත පදිංචි කිරීම හා අවතැන් කදවුරුවල ප‍්‍රගතිය පිළිබදව සමාලෝචනය කිරීමට හා ඉදිරි ක‍්‍රියාමාර්ග පළිබදව සාකච්ඡා කිරීම සදහා එක්සත් ජාතීන්ගේ සංවිධානයේ මානුශීය කටයුතු පිළිබද නියෝජ්‍ය මහ ලේකම් ජොන් හොල්ම්ස් ලංකාවට පැමිණියේයැයි ආපදා කළමනාකරණ හා මානව හිමිකම් අමාත්‍යාංශ ලේකම් රජීව් විජේසිංහ පැවසුවේය.
එක්සත් ජාතීන්ගේ සංවිධානයේ මානුශිය කටයුතු පිළිබදව නියෝජ්‍ය මහ ලේකම්වරයා මූලික වශයෙන් අවධානය යොමු කරන්නේ මෙම කාරණා දෙක පිළිබදව වන බවද විජේසිංහ සදහන් කළේය.
එක්සත් ජාතීන්ගේ සංවිධානය විසින් ලංකාවේ අවතැන්වූ පුද්ගලයින් සදහා විශාල වශයෙන් ආධාර ලබාදී ඇති බැවින් එම ආධාර බෙදාදී ඇති ආකාරය පිලිබදව මෙම සංචාරය තුළදී සාකච්ඡා කිරීමට නියමිතව ඇතැයි ආපදා කළමනාකරණ හා මානව හිමිකම් අමාත්‍යාංශයේ ලේකම්වරයා කීය.
‘‘අවතැන් කදවුරුවල තත්වය වර්ධනය වී ඇති ආකාරය පිළිබදව මෙන්ම ඉදිරියේදී අවතැන්වූවන් පිලිබදව මෙන්ම අපේ රටේ සැලසුම් පිළිබදව මෙහිදී අවධානය යොමුකරනවා. අපිට ආධාර ලබාගැනීම සදහා ඉදිරියේදී තිබෙන සැලසුම් මොනවාද යන්න පිළිබදව මෙහිදී සාකච්ඡා කරනවා.’’ විජේසිංහ කීවේය.
එක්සත් ජාතීන්ගේ සංවිධානායේ මානුශීය කටයුතු පිළිබද නියෝජ්‍ය මහ කොමසාරිස්වරයා සිව් දින නිල සංචාරයක් සදහා නොවැම්බර් 17 වැනිදා ලංකාවට පැමිණියේයැයි විදේශ කටයුතු අමාත්‍යාංශය සදහන් කළේය. මොහුගේ සංචාරය අතරතුරදී අවතැන්වී සිටින පුද්ගලයින් රදවා සිටින කදවුරු නිරීක්ෂණය කිරීමට නියමිත අතර ලංකාවේ ඉහළ පෙලේ බලධාරීන් සමග සාකච්ඡා කිරීමටද නියමිතය.
‘‘නොවැම්බර් 17 වැනිදා වව්නියාවේ හා යාපනයේ තිබෙන අවතැන් කදවුරු නිරීක්ෂණය කිරීමට හොල්ම්ස් කටයුතු කරනු ඇති. ඉන් පසුව බදාදා දිනයේ සවස විදේශ කටයුතු අමාත්‍යවරයා හා ජොන් හෝල්ම් අතර සාකච්ඡුාවක් පැවැත්වීමට නියමිතයි.’’ විදේශ කටයුතු අමාත්‍යාංශ ප‍්‍රකාශකයෙක් පැවසුවේය.
ජනාධිපති මහින්ද රාජපක්ෂ ආපදා කළමනාකරණ හා මානව හිමිකම් අමාත්‍ය මහින්ද සමරසිංහ පාර්ලිමේන්තු මන්ත‍්‍රී බැසිල් රාජපක්ෂ හා ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ හා හොල්ම්ස් අතර සාකච්ඡා නොවැම්බර් 19 වැනිදා පැවැත්වීමට නියමිත බවද විදේශ කටයුතු අමාත්‍යාංශය සදහන් කළේය.
ලංකාවේ යුද ගැටුම් පැවති අවසන් කාල සීමාවේදී හොල්ම්ස් අවසන් වරට ලංකාවට පැමිණියේය. මෙවර හොල්ම්ස් ලංකාවට පැමිණෙන්නේ මේ වසර ඇතුළතදී සිදුකරන තුන්වැනි නිල සංචාරය වශයෙනි. ඔහු අවසන් වරට ලංකාවේ සිදුකල සංචාරය අවසානයේදී අවතැන්වූවන්ගේ මානුශික අවශ්‍යතා වෙනුවෙන් ඩොලර් මිලියන දහයක මුදලක් එක්ස්ත් ජාතීන්ගේ සංවිධානය හරහා ලංකාවට ලබාදීමට කටයුතු කරන්නේයැයි නිවේදනය කළේය.
යුද ගැටුම් නිසා අවතැන්වූවන් පුද්ගලයින් පිළිබදව එක්සත් ජාතීන්ගේ සංවිධානයේ ඉහළ පෙලේ නිලධාරීන්ගේ අවධානය යොමුව ඇති අවස්ථාව වන විට අවතැන්වූ පුද්ගලයින් 129 520 ක් නැවත පදිංචි කර හා අවතැන් කදවුරුවලින් නිදහස් කර ඇතැයි උතුරු පළාතේ මානුශීය කටයුතු පිළිබදව වන වාර්තාවක් ඉදිරිපත් කරමින් ආපදා කළමනාකරණ හා මානව හිමිකම් අමාත්‍යාංශය නොවැම්බර් 13 වැනිදා පැවසුවේය. අම්පාර මඩකලපුව යාපනය නැවර කිළිනොච්චි මන්නාරම මුලතිව් පොළොන්නරුව ත‍්‍රිකුණාමලය හා වව්නියාව යන දිස්ත‍්‍රික්කවල මෙම පිරිස් නැවත පදිංචි කර ඇතැයි ආපදා කලමනාකරණ හා මානව හිමිකම් අමාත්‍යාංශය කීවේය.
මේ වන විට ගැටුම් නිසා අවතැන්ව සිටින 143 161 කට වඩා වැඩි පිරිසක් මේ වන විටත් සුභසාධන කදවුරුවල සිටින බව එම අමාත්‍යාංශය කීවේය. මේ අතර වව්නියාවේ පිහිටි සුභසාධන මධ්‍යස්ථානවල අවතැන්වූ පවුල් 43 251 කට අයත් අවතැන්වූවන් 132 748 ක්ද යාපනයේ පවුල් 1 105 ක අවැතැන්වූවන් 3 373 ක්ද වන බවද ආපදා කළමනාකරණ හා මානව හිමිකම් අමාත්‍යාංශය පැවුවේය.
UN Humanitarian Chief Sir John Holmes arrived in Sri Lanka on a four day official tour to assess the progress in the IDP camps and the resettlement of the IDPs. During his third visit to the country in 2009 he is scheduled to visit the IDP camps in the North and meet with key government officials including the President. Holmes is to discuss the progress in the welfare of the IDPs and future plans for the IDPs drawn by Sri Lanka, Secretary to the Ministry of Disaster Management and Human Rights Prof Rajiva Wijesinha said.
පාට කළ සිහිනය
ඔවුන් සිත්තම් කොට තිබුණේ සිය ජීවිතයේ සිහිනය විය යුතුය. වර්ණ ගන්වා හැඩකර තිබුණේ සිය අනාගතයේ බලාපොරොත්තුව විය යුතුය. එය ද්ප්තිමත්ය. නිවුල්ය. තවෙකෙකුට එදෙස බලා සැනසෙන්නට හැකිය. උතුරේත් නැගෙනහිරත් ජීවත් වූ ඔවුන් තමන්ගේ සිහින පාට ගන්වා දකුණට එවූයේ සිය සොදුරු සිහිනයේ දිග පළල පෙන්වන්නට නොව සිහින සෑබෑ කරගනෙීමේ හැකියාව තමන්නට ඇති බව අගවන්නට විය යුතුය.
වර්ණ ගැන්වූ මෙම සිහින සිතුවම් දැක්ම පැවත්වූයේ වැල්ලවත්ත දෙමළ සංගම් ශාලාවේදීය. එය වඩාත් සුවිශේෂි වූයේ කුරිරු යුද්ධයට මැදි වූ දරු දැරියන් විසින් එම චිත‍්‍ර ඇද තිබීමයි. යුරෝපා සංගමයේ අනුග‍්‍රහය යටතේ ගෝඩ් ඕන් චිල්ඩ්රන් පවුන්ඩේෂන් ආයතනය විසින් පවත්වන ලද මෙම සිතුවම් දැක්ම බොහෝ දෙනාගේ පැසසුමට භාජනය වූයේය.
‘‘ මේ චිත‍්‍ර ඇදලා තියෙන්නේ සුවිශේෂි දරුවන් පිරිසක්. එය වැදගත් වෙන්නෙ ඒ හින්දා. මේ දරුවන් බොහෝ දෙනෙක් යුද්ධයෙන් ශාරීරිකව ආබාධයට පත් වූවන්. එහෙම නැත්නම් යුද්ධයෙන් මාපියන් අහිමි වූවන්. එහෙමත් නැත්නම් යුද්ධය නිසාම විශේෂ අවධානයට ලක් වූවන්.’’ යැයි ගෝඞ් ඕන් පවුන්ඬේෂන් හි සභාපති අශෝක් කුමාර් පැවසුවේය.
‘‘ මේ මෙහොත සැබෑ සතුටට කාරණයක්. යුද්ධයේ අමිහිරි මතකය මේ දරුවන්ගෙ සිත් වලින් දැන් අකා මකා යමින් තිබෙනවා. මේ චිත‍්‍ර මේ දරුවන්ගේ බලාපොරොත්තු වලින් පිරිලා. ඒ වගේම කලාත්මකයි. අති විශිෂ්ටයි.’’ සිතුවම් දැක්මේ සමාරම්භක උළෙලට සහභාගී වූ යුරෝපා සංගමයේ තානාපති බර්නාඩ් සවේජ් පැවසුවේය. මෙම සිතුවම් දැක්මේ ප‍්‍රධාන ආරාධිතයා වූයේ සවේජ්ය.
චිත‍්‍ර ප‍්‍රදර්ශනය කොළඹ පැවතියද සිතුවම් වල හිමිකරුවන්ට එම අවස්ථාවට සහභාගී වීමේ වරම් ලැබී තිබුණේ නැත. එහෙත් ඔවුන් සිය හැගීම් දැනීම් දකුණේ නෑදෑයන්ට සිත්තම් කොට එවා තිබුණේ අපූරු ලෙසිනි. ලග නොමැති වුවද මල් වැනි සිත් ඇත්තන් වූ ඔවුන්ගේ ජීවන සුවද දකුණේ නෑදෑයන්ට දැනුනු බව නම් නිසැකය.
‘‘ අපි මේ චිත‍්‍ර බලලා ගොඩක් පුදුම වුණා. ඇත්තටම හරිම ලස්සණයි. අපිට නම් මේ වගේ ලස්සණට චිත‍්‍ර අදින්න බැරි වෙයි කියලා අපි කතා වුණේ.’’ සිය මිතුරියන් පිරිවරා සිතුවම් දැක්ම නැරඹීමට පැමිණ සිටි මධුෂිකා පැසුවාය. ඇය වැල්ලවත්ත හින්දු කාන්තා විදුහලේ හයවන ශ්‍රේණියේ ඉගෙනුම ලබන්නියකි.
‘‘ බලන්න මේ චිත‍්‍රය දිහා කොච්චර අමාරුවෙන්ද ඇදලා තියෙන්නෙ. ගොඩක් හැඩයි. මට හිතෙන්නෙ අපි එ් අයට උදව් කරන්න ඕන කියලයි. මම ගොඩක් ආසයි ඒ අයව මුණ ගැහිලා කතා කරන්න.’’ හින්දු කාන්තා විදුහලේ අටවන
ශේ‍්‍රණියේ ඉගෙනුම ලබන නිදර්ශනී පැවසුවාය.
උතුරු නැගෙනහිර සිය හිත මිතුරන්ගේ දස්කම් ඔවුන්ව කිසි දිනෙක නොදුටු දකුණේ හිත මිතුරන් විසින් ඇගයූවේ එලෙසිනි. මේ සිතුවම් දැක්ම ඔවුන්ගේ සිහින වලින් පාට වී තිබුණා යැයි කීම අතිශයෝකිතියක් නොවේ. ඔවුන් පතන හෙට දවස මෙම සිතුවම් වල අල්ප මාත‍්‍ර වශයෙන් සිත්තම් වී තිබුණ බව නරඹන්නන් දකින්නට ඇත.
‘‘ මේ වගේ චිත‍්‍ර ප‍්‍රදර්ශනයක් කොළඹ පැවැත්වීම ගොඩක් හොද දෙයක්. ඇත්තටම පාසල් ළමයි පමණක් නොවෙයි. අපිත් මේ දරුවන්ගේ දක්ෂතා දැකලා පුදුමයට පත් වුණා. ඒකට හේතුවක් තියෙනවා. මේ දරුවන් සාමාන්‍ය දරුවන් නොවේ. ඇත්තටම මේ දරුවන් අනෙක් දරුවන්ටත් හොද ආදර්ශයක් වේවි.’’ වැල්ලවත්ත රාමක‍්‍රිෂ්ණන් විදුහලේ ආචාරිනී බී සිවකුමාරන් පැවසුවාය. සිය පාසලේ දරු දැරියන්ද කැටුව මෙම සිතුවම් දැක්ම නැරඹීමට ඇය පැමිණ සිටියාය.
‘‘ අපි ආවේ මේ චිත‍්‍ර ප‍්‍රදර්ශණය බලන්න නෙමෙයි. පන්තියෙන් එළියට යන්න ඕන කමට. ඒත් මේ චිත‍්‍ර දැක්කම අපේ ඇස් උඩ ගියා.අපිටත් චිත‍්‍ර අදින්න පුළුවන් තමයි. ඒත් මේ අය ආබාධිත වෙලත් අපිට වඩා හොදට චිත‍්‍ර අදිනවා. මගේ අවධානය සම්පුර්ණයෙන්ම යොමු වුණේ මේ චිත‍්‍ර බලන්න.’’ වැල්ලවත්ත රාමක‍්‍රිෂ්ණන් විදුහලේ හත් වන වසරේ ඉගෙනුම ලබන ක‍්‍රිෂ්ණමූර්ති පැවසුවේය.
‘‘ මට හිතෙන්නෙ ඒ ගොල්ලො මේ චිත‍්‍ර ඇදලා තියෙන්නේ ඒ ගොල්ලන් ලබපු අත්දැකීමෙන්. ඒ අත්දැකීම් කොච්චර කටුක වෙන්න ඇතිද කියලා මේ චිත‍්‍ර බලන කොට මට හිතෙනවා. ඒ මොනවා වුණත් ඒ අය අපේම සහෝදර සහෝදරියො.’’ හින්දු කාන්තා විදුහලේ උසස් පෙළ හදාරන මිචෙල් මයිකල් පැවසුවාය. ඇය මෙම සිතුවම් දැක්ම පැවැත්වීමට ගෝඞ් ඕන් චිල්ඩ්රන් ආයතනය හා එක්ව දැඩි ලෙස කැපවූ සිසුවියකි. උතුරු නැගෙනහිර මේ දරුවන් තනී වී නොමැති වග ඔවුන්ට පසක් වනු ඇත. ඔවුන් වෙනුවෙන් දකුණේ තෙත් වූ හදවත් ඇත්තන් බොහෝ ඇති වග ඔවුන්ට වැටහෙනු ඇත.
දකුණේ දරුවන්ට සේම උතුරු නැගෙනහිර දරුවන්ටද සැනසෙන්නට කරුණු කාරණා බොහොමයක් දැනට ඇත. වෙඩි හඩින් බිය පත්ව දෙකන් වැසූ ඔවුහු දැන් සාමයේ මිහිර සැනසිල්ලේ භුක්ති විදී. ශාපලත් යුද්ධය අවසානය. ඉන් ඔවුන්ගේ බොහො දේවල් අහිමි වූ බව සැබෑය. උන් හිටි තැන් පමණක් නොව තමන්ට සිටි අන්තිම නෑයාත් ඔවුන්ට අහිමි වන්නට ඇත. එහෙත් දැන් නිදහසේ සිය ලෝකය තනන්ට වෙර දරන මේ දරුවන්ට දකුණේ ලෙන්ගතුකම් අපමණය.
The exhibition of drawings by children injured and orphaned by the war was organized by Gods Own Children Foundation with the patronage of the European Commission. The drawings were an emotional journey of the traumatised children. The drawings portrayed the hope of all these children to build their own world without the sound of guns and fear of war. Students and teachers who attended the exhibition said that they could now at least get a senses of what the artists had suffered. Unfortunately, the child artists could to attend the exhibition held at the Tamil Association hall in Wellawatte.
බිම් බෝම්බ ඉවත් කිරීම කඩිනම් කළ යුතුයි – එ.ජා සංවිධානය කියයි
Landmines, unexploded ordnance a barrier to return
තවමත් ඉවත් නොකළ බිම් බෝම්බ හා පුපුරා නොගිය පුපුරන ද්‍රව්‍ය හේතුවෙන් උතුරේ අවතැන් ජනයාට බාධාවකින් තොරව සිය ගම් බිම් කරා යාමට නොහැකි වී ඇතැයි ශ‍්‍රී ලංකා රජය හා එක්සත් ජාතීන්ගේ සංවිධානය පෙන්වා දෙයි.
විදේශ කටයුතු අමාත්‍ය රෝහිත බෝගොල්ලාගම ප‍්‍රකාශ කරන පරිදි උතුරේ වර්ග කිලෝමීටර් හාරසීයක පමණ භූම් ප‍්‍රදේශයක බිම් බෝම්බ සහ පුපුරා නොගිය පුපුරන ද්‍රව්‍ය මිලියන 1.5 ප‍්‍රමාණයක් පැතිරී තිබේ.
‘‘ යුද්ධයෙන් හානි වූ ප‍්‍රදේශ සංවර්ධනය කිරීමට හා නැවත පදිංචියට සුදුසු තත්ත්වය සැකසීමට පෙර බිම් බෝම්බ ඉවත් කිරීමට පුර්ව අවශ්‍යතාවක් ’’ යැයි සරණාගතයින් පිළිබද එක්සත් ජාතීන්ගේ මහ කොමසාරිස් කාර්යාලයේ ප‍්‍රකාශක ඇන්ඩේරජ් මහේසික් පැවසුවේය.
‘‘ බිම් බෝම්බ ඉවත් කිරීමෙන් සංවර්ධන කටයුතු සිදු කිරීම හා ජන ජීවිතය යථා තත්ත්වයට පත් කිරීම යළි ඇරඹිය හැකියි ’’ මහේසික් ප‍්‍රකාශ කළේය.
යුද්ධය පැවති අවසාන මාස කිහිපය තුළ උතුරු ප‍්‍රදේශයේ ආසන්න වශයෙන් ලක්ෂ තුනක් පමණ ජනතාවක් අවතැන් වූ අතර ඔවුන් රජය විසින් පිහිටු වන ලද සුබසාධන ක`දවුරු වල ර`දවා සිටී. රජයේ වාර්තා වලට අනුව මේ වන විට ඉන් එක් ලක්ෂ අටදහසක පමණ ජනතාවක් නැවත පදිංචි කර තිබේ. එමෙන්ම තවත් අවතැන්වූවන් විශාල සංඛ්‍යාවක් ඉදිරි සති කිහිපය ඇතුළත නැවත පදිංචි කරනු ඇත.
මෙසේ නැවත පදිංචි කරන්නවුන් හොහොමයක් යාපනය වව්නියාව මන්නාරම මුලතිව් ත‍්‍රීකුණාමලය මඩකලපුව හා අම්පාර යන දිස්ති‍්‍රක්යන්ට අයත් වේ. ඉතා සුළු පිරිසක් පොළොන්නරු දිස්ත‍්‍රික්කයට ද අයත් වන බව සරණාගතයන් පිළිබද එක්සත් ජාතීන්ගේ මහකොමසාරිස් කාර්යාලය පෙන්වා දෙයි.
‘‘ අවතැන් වූවන් නැවත පදිංචි කිරීම ඉතා ඉක්මනින් සිදු කළ යුතු බවට අප සහතික වෙනවා. එහෙත් අවතැන් ජනයාගේ ආරක්ෂාව තහවුරු කිරීම රජයට ඊටත් වඩා වැදගත් වනවා.’’ යැයි විදේශ කටයුතු අමාත්‍ය රෝහිත බෝගොල්ලාගම පැවසීය.
එක්සත් ජාතීන්ගේ වාර්තා වලට අනුව ප‍්‍රතිසංස්කරණ කටයුතු සහ බිම් බෝම්බ ඉවත් කිරීමේ ප‍්‍රමාද වුව හොත් කිළිනොච්චි හා මුලතිව් ප‍්‍රදේශ වල අවතැන් ජනයා නැවත පදිංචි කිරීම තව දුරටත් පමා වනු ඇත.
‘‘ මේක විශාල අභියෝගයක්. යුද්ධය පැවති ආකාරයෙන් පුපුරන ද්‍රව්‍ය විශාල වශයෙන් පැතිරී ඇති.’’ එක්සත් ජාතීන්ගේ සංවිධානයේ මෙරට නේවාසික ප‍්‍රධානී නේල් බියුනේපැවසීය.
‘‘ සමහර ප‍්‍රදේශ වල කොච්චර පුපුරන ද්‍රව්‍ය තියෙනවද කියලා නිශ්චිත අදහසක් නැහැ. සමහර වෙලාවට බිම් බෝම්බ කොපමණ ප‍්‍රමාණයක් ඉවත් කළාද කියලත් නිශ්චිතවම කියන්නත් බැහැ.’’ බියුනේ පැවසීය.
අවතැන් කදවුරු වල සිටින ජනතාව ඉන් ඉවත් නොවූව හොත් ආධාර ප‍්‍රදානය කරන්නන් අධෛර්යමත් වනු ඇති බවට එක්සත් ජාතීන් පසුගිය කාලයේදී අනතුරු ඇගවීම් සිදු කර තිබිණි. කදවුරු වල සිටින ජනතාවට ආධාර කිරීමට වඩා අවතැන් කදවුරු වලින් පිටවී නැවත පදිංචියට යන ජනතාවට ආධාර කිරීමට ආධාර ප‍්‍රදානය කරන්නන් සතුටු වනු ඇතැයි නේල් බියුනේ පැවසීය.
මේ වන විට බිම් බෝමිබ ඉවත් කිරීම සදහා වන උපකරණ ස්ලෝවැකියාවෙන් හා ක්‍රෝටියාවෙන් මෙරටට ගෙන්වා ඇතැයි වාර්තා සදහන් කරයි. ඇමරිකන් ඩොලර් මිලියන හතරක වියදමක් දරා ගෙන්වා ඇති මෙම උපකරණ මගින් දිනකට වර්ග මීටර් පන්දහසක භූමි ප‍්‍රමාණයක බිම් බෝම්බ ඉවත් කළ හැකි බව විදේශ කටයුතු අමාත්‍යවරයා සදහන් කර තිබේ. පසුගිය හත් වැනිදා සරණාගතයන් පිළිබද එක්සත් ජාතීන්ගේ මහ කොමසාරිස් කාර්යාලය විසින් ද බිම් බෝම්බ ඉවත් කිරීමේ උපකරණ ශී‍්‍ර ලංකා රජයට ලබා දී තිබේ.
‘‘ මෙම උපකරණ හැකි ඉක්මනින් උතුරට යැවිය යුතුයි. මේ වන විට ශ‍්‍රී ලංකා රජයත් එක්සත් ජාතීන්ගේ සංවර්ධන වැඩසටහන හා දේශිය බිම් බෝම්බ ඉවත් කරන්න් බිම් බෝම්බ ඉවත් කිරීමේ කාර්යයේ නියැලී සිටිනවා.’’ මහේසික් පැවසුවේය.
‘‘ සමහර ජනයා වසරේ කිහිප වතාවක්ම අවතැන් වී සිටිනවා. කදවුරු වලින් පිටව යන ඔවුන්ගේ සමාජ ආර්ථික තත්ත්වය නගා සිටු වන්නට ආධාර අවශ්‍ය වී තිබෙනවා. ඔවුන්ගේ ජීවන තත්ත්වය යථා තත්ත්වයට පත් කිරීමට උදව් අවශයයි.’’ බූනේ පැවසීය.
‘‘ මේ වන විට සැලකිය යුතු සංඛ්‍යාවක් නැවත පදිංචි කරවලා තියෙනවා. ඔවුන්ට රැුකියා අවස්ථා ලබා දීම ජීවන තත්ත්වය නගා සිටු වීම හා පෙර ඔවුන් සිදු කළ ව්‍යාපාර ආදිය කර ගෙන යාමේ අවස්ථාව ලබා දීමට අප කටයුතු කරමින් සිටිනවා.’’ විදේශ කටයුතු අමාත්‍ය රෝහිත බෝගොල්ලාගම පැවසීය.
වර්ල්ඩ් විෂන් වැනි නැවත පදිංචි කිරීමේ කටයුතු පිළිබද අවධානයෙන් පසුවන ආයතන ප‍්‍රකාශ කරන්නෙ නැවත පදිංචි කිරීමේ කි‍්‍රයාවලිය සදහා ඉක්මන් ආධාර ලැබිය යුතු බවයි. ඒ සදහා ඇමරිකන් මිලියන දෙකක පමණ ආධාරයක් හැකි ඉක්මනින් ලැබිය යුතු බව ඔවුන් පෙන්වා දෙයි.
‘‘ අවතැන් ජනයා නැවත පදිංචි කිරන ලෙස අපි ඉල්ලා සිටියා. පොරොන්දු වූ පරිදි එ් කටයුතු සිදු කිරීම වැදගත්.’’ යැයි වර්ල්ඞ් විෂන් ශ‍්‍රී ලංකා අධ්‍යක්ෂක සුරේෂ් බාර්ට්ලෙට් පැවසුවේය.
අවම වශයෙන් දිනකට දෙදහසක් පමණ පුද්ගලයන් නැවත පදිංචියට සිය ගම් බිම් බලා යන බව වර්ල්ඩ් විෂන් ආයතනය පෙන්වා දෙයි.
‘‘ අපි සියල්ලෝම සතු යුතුකම හා වගකීම වන්නෙ ඔවුන් නැවත සමාජගත කිරීමයි. අතීතයේ පැවති තත්ත්වයට නැවතත් ඔවුන් පත් නොකළ යුතුයි.’’ බාර්ට්ලෙට් ප‍්‍රකාශ කළේය.
The government and the UN say that landmines and unexploded ordnance have posed a barrier for the displaced persons in the North to return to their homes. Foreign Minister Rohitha Bogollagama states that about 1.5 million landmines and unexploded ordnance are spread across a 400km2 land area in the North. The UNHCR spokesperson says de-mining the north would help IDPs return home and commence development activities in the area. Meanwhile, many relief agencies continue to highlight the importance of resettling the IDPs as soon as possible.











