මැතිවරණ දිනයේ වව්නියා සහන ගම්මානය
ප‍්‍රධාන ජනාධිපතිවරණ අපේක්ෂකයන්ගේ විශේෂ මාතෘකාව වූයේ උතුරු නැගෙනහිර ද්‍රවිඩ ජනතාව පිළිබදවය.කිසිවෙකුත් අපේක්ෂා නොකළ අන්දමේ ඡන්ද දායකයින් පිරිසක් මැණික් ෆාම් සහන ගම්මානයේ දී ඡන්දය ප‍්‍රකාශ කිරීම සදහා පැමිණ සිටියෝය. මෙකී දර්ශණය මතක් කර දුන්නේ යුධසමයේ ද්‍රවිඩ ජනතාව රජයේ පාලන ප‍්‍රදේශය වෙත පැමිණි ආකාරයයි.
උදැසනම ඡන්දය ප‍්‍රකාශ කිරීමට පැමිණි ඡන්ද දායකයින් කිලෝමීටර් පහක් හයක් පමණ දුර පොළිම් ගැසුනේ අවුරුදු එතකින් පසු තමන්ට ලැබුණා වූ ඡන්දය ප‍්‍රකාශ කිරීම සදහාය. සැලකිය යුතු පොලිස් නිළධාරීන් සංඛ්‍යාවක් යොදවා තිබූණද එකී නිළධාරීන් සංඛ්‍යාව ප‍්‍රමාණවත් නොවිය. කිලිනොච්චිය ඡුන්ද මධ්‍යස්ථාන වෙතද මැනික් ෆාම් කදවුරේ සිට ඡන්ද දායකයින් යා යුතුව තිබුණි. මොවුන් සදහා වෙනම ප‍්‍රවාහන පහසුකම් සපයා තිබුණි. පාන්දර 5 සිට ඡන්දය ප‍්‍රකාශ කිරීමට පැමිණි රාඡේෂ්වරීහට වතුර පොදක්වත් නොමැතිව බස් රථයක් පැමිණෙන තුරු පැය 6ක් බලා සිටින්නට විය.
අපි උදේ පහේ ඉදලා ඉන්නේ. බඩගිනි බොන්න වතුරත් නැහැ. කදවුරෙන් ඇතුළට දාපුවම ආයේ ඇතුළට යන්න බැහැ. ඇය පැවසුවාය.
දවස පුරා මෙසේ නෙකා නොබී ඡන්දය දීමට පැමිණි ජනතාවට සාධාරණයක් ඉටුවේද යන්න ඔවුනගේ සිතෙහි පැණ නැගී ඇති ප‍්‍රශ්ණනයකි. කෙසේ වුවද මෙම අවතැන් කදවුරෙහි ජනතාව ඡන්දය ප‍්‍රකාශ කිරීම සදහා පෙළඹී සිටියේ ඔවුනට කාලයක් පුරාවට අහිමි වූ ඡන්ද බලය ලැබීමේන් උපරිම ප‍්‍රයෝජන ලබා ගැනීම සදහාත් එමෙන්ම ඡන්දය ප‍්‍රකාශ කරන ආකාරය දැක බලා ගැනීම සදහාත්ය.
කිරි බොන තම දරුවාද රැගත් මව්වරුන් ඇලවිතෝට්ටම් ඡන්ද මධ්‍යස්ථානයට පැමිණ පොළිම්වල රැදී සිටියේ පැය හතරක් පහක් ඉක්ම ගොස් හෝ තම අවස්ථාව ලබා ගැනිමේ අපේක්ෂාවෙනි. ගැබිනි මව්වරුන් පෝළිම් වල තෙරපුනද ඔවුනට කියා විශේෂ අවස්ථාවක් ලබා දීමට කිසිවකු උනන්දු නොවූයේ කාටත් එක හා සමාන ඡන්ද අයිතිය භුක්ති විදීම සදහාය.
අපි ආපහු යනවා. අපේ හැදුනුම්පත පිළිගන්න බැහැ කීවා. අපිට තියෙන්නේ පොලිසියෙන් අපට දීලා තියෙන හැදුනුම්පත විතරයි. අපට ඡන්ද කාඞ් තියෙනවා. ඒත් ඒ අය ඡන්දය දාන්න බැහැ කියනවා. ගොඩක් අයට මේ හැදුනුම්පත විතරයි තියෙන්නේ. ඡන්දය ප‍්‍රකාශ කිරීමට අවස්ථාව නොලද පිරිසක් පැමිණ පැවසුවාය. මේ සදහා මැදිහත් වීමට නිදහස් හා සාධාරණ මැතිවරණයක් සදහා වූ ජනතා ව්‍යාපාරය නැතහොත් කැෆේ සංවිධානයට සිදුවිය. එහි ප‍්‍රථිපලයක් වශයෙන් පොලිසියෙන් නිකුත් කළ සහන ගම්මාන හැදුම්පත භාවිත කර ඡන්දය ප‍්‍රකාශ කිරීමට හැකියාව ලැබුණි.
සමහර පිරිස් ඡන්දය භාවිත නොකරම ආපසු යන්න ගියේ පැය ගැණක් පුරාවට පෝළිමේ සිට ඇතුථ වූවායින් පසු ඡන්දය භාවිත කිරීමේ හැකියාව නොමැති බව පැවසීමෙන් අනතුරුවය. ඡන්දය ප‍්‍රකාශ කිරීමේ අවස්ථාව අහිමි වූ පිරිස 5354 කි.
මැණික් ෆාම් සහන ගම්මානයේ අලෙවි තෝට්ටම් ඡන්ද මධ්‍යස්ථානයේ ඡන්දය ප‍්‍රකාශ කිරීමේ මධ්‍යස්ථාන හතක් පිහිටා තිබුණි. 16 973 දෙනකු ඡන්දය ප‍්‍රකාශ කිරීමට නියමිතව තිබූ අතර 11619 දෙනකු පමණක් ඡන්දය ප‍්‍රකාශ කළහ. මෙයට හේතුව වූයේ නිසි අයුරින් ඔවුන් සදහා අවශය පහසුකම් සලසා නොලිබීම බවයි ඔවුන්ගේ අදහස වන්නේ.
සහන ගම්මානයේ සිට වව්නියා හා කිලිනොච්චි දක්වා ඡන්දය ප‍්‍රකාශ කිරීම සදහා යාමට නියමිතව තිබුණද ප‍්‍රවාහන පහසුකම් නොතිබුණ නිසා ද සහන ගම්මානයේ පිරිසකට ඡන්ද අයිතිය අහිමි විය.
කෙසේ වුවද සහන ගම්මානයේ සියථ දෙනාගේ බලා පොරොත්තුව වූයේ කුමන පාලනයක් යටතේ වුවද තම ගම්බිම් කරා ගොස් සැනසීමේ ජීවත් විමය.
එදා ඉදන්ම අපි දුක් වින්දා අදත් අපි ඒ දුකම විදිනවා. අනේ අපිට සැනසීමේ ඉන්න පුථවන් වුණොත් ඒ ඇති . කවුරු ජනාධිපති වුණත් අපට කමක් නැහැ. දීලා තියෙන පොරොන්දු ඒ විදියට ඉෂ්ඨ කළොත් අපිට සැනසිමේ ඉන්න පුථවන් වෙයි. ගම්මුගනාදන් පැවසුවේය.
අලෙවි තෝට්ටම් ඡන්ද මධ්‍යස්තානය දුටු කිසිවකුට එහි තත්ත්වය අමතක කිරීමේ හැකියාවක් නොමැත. ඡන්දෙ ඉල්ලන අයට මේ මිනිස්සු දුක් විදගෙන ඡන්දෙ දාන හැටි දැක්කනම් මොවා හිතෙයිද කියලා අපි දන්නේ නැහැ. නමුත් මේ මිනිස්සු පොරකාගෙන ගිහින් ඡන්දය දාන්නේ කවුරුහරි ඒ අගේ දුකට පිහිට වෙයි කියලා හිතලා. ගම්මුගනාදන් පැවසුවේය.
Some of the displaced in the Menik Farm IDP camp could not cast their votes at the Presidential election due to the non provision of necessary facilities including a valid ID card. Many joined long queues that were five to six kilometers in length on the 26th morning to cast their votes. However, about 5,354 persons were unable to cast their votes due to the non possession of a valid ID card. These people possessed only the identification document provided by the police. Some other IDPs were also unable to cast their votes due to the lack of transport facilities for them to visit their hometowns. Only 11,619 IDPs cast their votes in the seven voting centers in put up in the camp.
වසර තිහකට පසු කිළිනොච්චියේ මැතිවරණ උණුසුම
ජනපතිවරණයෙන් රටම උණුසුම් වද්දී උතුරේ ජනතාවට ඒ පිළිබද පැවතියේ අවිනිශ්චිත හැගීමකි. ඡන්දය භාවිතා කරනවාදෝ නැද්ද යන්න ඔහුන්ට ගැටලූවක් වී තිබුණි. විශේෂයෙන් කිළිනොච්චියේ ඡනතාව ජන්දය භාවිතා කිරීමට සිදු වී තිබුණේ ගැටථ රාශියක් මධ්‍යයේය. යුද්ධය අවසන් වීමෙන් අනතුරුව කිළිනොච්චියේ ජන්ද මධ්‍යස්ථානයක් පැවැත්වීමට ඉඩකඩ සැළසුණේ වසර තිහකට පමණ පසුය. මේ වන විට සාමාන්‍ය ජනතාවගෙන් බොහොමයක් අවතැන් කදවුරුවල ජීවත් වෙති. මේ හේතුවෙන් ඡන්දය භාවිතා කිරීම පිළිබදව ඔවුන්ට තිබුණේ අල්ප දැනීමකි. ඡන්දය භාවිතා කිරීම සදහා හැදුනුම් පත‍්‍රයක් නොමැති වීම ඔවුන් බොහෝ දෙනෙකුට පැවති ගැටලූවයි.
පොකුරු ඡන්ද මධ්‍යස්ථානයක් වූ කිළිනොච්චිය මධ්‍යම ක‍්‍රීඩාංගනයේ ඡන්ද මධ්‍යස්ථාන 64 ක් පැවැත් වීය. මැතිවරණ දිනයේ උදෑසන 11.30 වන විටත් කිළිනොච්චි මධ්‍යම ක‍්‍රීඩාංගණයට එතරම් ඡන්දදායකයන් පිරිසක් පැමිණ සිටියේ නැත. බොහොමයක් ඡන්ද මධ්‍යස්ථාන වලට දහවල් දොළහ වන විටත් ඡන්ද දායකයන් විස්සකට වඩා පැමිණ සිටියේ නැත. මධ්‍යම ක‍්‍රීඩාංගණයේ පැවති ඡන්ද මධ්‍යස්ථානයක් වූ පුලෝපුල ඡන්ද මධ්‍යස්ථානයේ ලියාපදිංචි ඡන්ද දායකයන් සංඛ්‍යාව 320ක් වුවද මැතිවරණ දිනයේ දහවල වන විට පැමිණ සිටියේ ඡන්ද දායකයන් දෙදෙනෙක් පමණි. වට්ටකච්චි චන්ද මධ්‍යස්ථානයේ ලියාපදිංචි ඡන්ද දායකයන් 1663 ක් වුවද දහවල් වන විට ඡන්දය භාවිතා කොට සිටියේ 10 දෙනෙක් පමණි. පුදුමුරිප්පු ඡන්ද මධ්‍යස්ථානයේ ලියාපදිංචි ඡන්ද දායකයන් 574 වන නමුදු දහවල් දොළහ වන විටත් ඡන්දය ප‍්‍රකාශ කිරීම සදහා කිසිවෙකුත් පැමිණ සිටියේ නැත.
‘‘ මේ පොකුරු ඡන්ද මධ්‍යස්ථානයේ ලියාපදිංචි වී ඇති ගොඩක් චන්ද දායකයන් අවතැන් වු පිරිස් වලින් සමන්විතයි. ගොඩක් අය තාමත් ඉන්නේ අවතැන් කදවුරු වල. ඒ ස්ථාන වල ඉදලා මිනිස්සු මෙතැනට අරගෙන එන්නත් ඕන. ගොඩක් අයට කිසි තේරුමක් නැහැ ඡන්දෙ දාන්නෙ කොහොමද වත් කියලා’’ මැතිවරණ රාජකාරීයේ නියැලෙන නිලධාරියෙකු වූ ජෝන් බැප්ටිස්ට් පැවසුවේය.
කිළිනොච්චි දිස්ති‍්‍රක්කයේ ඡන්ද මධ්‍යස්ථාන ලෙස කි‍්‍රයාත්මක කෙරුණු කිළිනොච්චි හින්දු විදුහල පුනිද තෙරේසා විදුහල පැටීමා රෝමානු කතෝලික විදුහල කනගපුර විදුහල යනාදී ස්ථාන වලද ඡන්දය භාවිතා කිරීම ඉතා අවම මට්ටමක පැවතිණි.
තිස් වසරකට පසුව කිළිනොච්චියේ පැවති මෙම මැතිවරණ කටයුතු වලදී ඡන්ද දායකනන්ට මහත් අසීරුතාවන්ට මුහුණ දීමට සිදු විය.
‘‘ මම කලින් හිටියේ කිළිනොච්චියේ හිටියේ. යුද්දෙ ඉවර වුණාට පස්සෙ අපිව මැණික් ෆාම් කදවුරට අරගෙන ගියා. චන්දෙ තියෙන්නෙ මෙතන කියලා දැන ගත්තට පස්සෙ අපිට මෙහෙට එන්න බස් දුන්නා. මෙතනට ආවම මෙතනින් බලලා කීවා අපිට චන්දෙ තියෙන්නෙ කනගපුරම් ඉස්කෝලෙ කියලා. ඒත් එතනට යන්න අපිට බස් එකක් නැහැ.’’ කිළිනොච්චිය මධ්‍යම ක‍්‍රීඩාංගණයට ඡන්දය
ප‍්‍රකාශ කිරීමට පැමිණි රාජ්‍ය සුල්ත‍්‍රාණා පැවසුවාය. කනගපුරම් වෙත යාමට වාහනයක් පැමිණෙන තුරු ඇය සිය දරු දෙදෙනාද කරපින්නාගෙන පාර අද්දරට වී සිටියාය.
‘‘ අපි යාපනේ ඉදලා ආවේ. මෙහෙට අවම මෙහෙ මහත්තුරු කියනවා අපිට ඡන්දෙ තියෙන්නෙ පූනේරී වල කියලා. එන්න වාහනයක් තිබුණා. දැන් ඒක අපිව දාලා ආපහු ගියා. දැන් පූනේරී යන්න වාහනයක් නැහැ. අපි හිතුවෙ ආපහු යන්න කියලා’’ යාපනයේ කවුදාරීමුණ පදිංචි කනගරත්නම් පැවසුවේය.
එමෙන්ම මේ අකාරයෙන් නිසි හැදුනුම්පතක් නොමැති වූ ඡන්ද දායකයන් විශාල පිරිසක් ආපසු හැරී ගියහ. විශෙෂයෙන්ම වව්නියාව මැණික් ෆාම් සිට බස් රථ වලින් පැමිණි පිරිස් මෙසේ ආපසු හැරී ගියහ.
‘‘ අපේ බස් එකේ පණහක් විතර ආවා. ඒත් මෙහෙට ආවම අපිට කදවුරෙන් දීලා තියෙන කාඞ් එකට ඡන්දෙ දාන්න දෙන්න බැහැ කීවා. අපේ නමත් ලැයිස්තුවේ තියෙනවා.’’ ඡන්දය ප‍්‍රකාශ කර ගත නොහැකිව ආපසු බස් රිය වෙත යමින් සිටි රාජ් කුමාර් පැවසුවේය. රාජ් කුමාර් සමග මැණික් ෆාම් කලාප අංක 3 සිට පැමිණ සිටි බොහෝ දෙනෙකුට එසේ ඡන්දය අහිමිව තිබුණි.
‘‘ ඇත්තටම අවුරුදු තිහකින් පස්සෙ මේ විදිහට මෙහෙ ඡන්දයක් තිබුණ එක ගැන අපිට හරි සන්තෝෂයි. කාට ඡන්දෙ දුන්නත් මම හිතන්නෙ අපිට හොදක් වෙයි කියලා.’’ කිළිනොච්චිය හින්දු විදුහලේ විදුහල්පති ඒ කුමර ගුරුපරන් පැවසුවේ සැබෑ සතුටකිනි.
A low voter turn out was recorded from Kilinochchi where an election was held after 30 years. Most residents of Kilinochchi still remain in IDP camps and the lack of transportation facilities for them to visit the polling centers resulted in a low voter turn out. A cluster polling center at the Central Ground in Kilinochchi had recorded only about 20 voters even by noon on election day. However, some voters who managed to make their way to Kilinochchi were unable to cast their votes due to the non possession of a valid document to prove their identity.
නැවත පදිංචි කිරීම් පිළිබදව එක්සත් ජාතීනගේ සංවිධානයේ ප‍්‍රසාදය
දශක තුනක කාලයකට අධික කාලයක් තිස්සේ ලංකාවේ පැවති යුද ගැටුම් අවසානයේ අවතැන්වී සිටින පිරිස් නැවත පදිංචිකිරීම මේ වන විට වේගවත් ආකාරයෙන් සිදුවන බවත් එහෙත් නැවත පදිංචිකිරීම් පිළිබදව තව දුරටත් අවධානය යොමුකළ යුතු බවත් එක්සත් ජාතීන්ගේ සංවිධානයේ මානුශිය කටයුතු පිළිබද නියෝජ්‍ය මහ ලේකම් ජොන් හෝල්ම්ස් ප‍්‍රකාශ කරයි.
‘‘අවතැන්වූවන් මුල් කාලයේදී නැවන පදිංචි කිරීම ඉතා සෙමින් සිදුවුනේ. ඒ පිළිබදව අපි කිසියම් ආකාරයක කළකිරීමකින් සිටියේ. නමුත් මීට සති දෙක තුනකට පෙර සිට මේ තත්වය වෙනස්වී තිබෙනවා. නැවත පදිංචිකිරීම් ඉහළ ගොස් තිබෙනවා.’’ ලකාවේ සිදුකළ තෙදින නිල සංචාරය අවසානයේදී විදේශ කටුයතු අමාත්‍යාංශයේදී නොවැම්බර් 19 වැනිදා පැවති ඒකාබද්ධ ප‍්‍රවෘත්ති සාකච්ඡාවකදී හොල්ම්ස් කීවේය.
ගැටුම් අවසාන වන විට දෙලක්ෂ අසූදහසක් පමණ වන පිරිසක් අවතැන්වූවන් බවට පත්ව තිබූ අතර මේ වන විට පුද්ගලයින් 129 520 ක් නැවත පදිංචි කර හා සුභසාධන කදවුරුවලින් පිටත්කර යවා ඇතැයි අවතැන්වූවන් පිළිබදව වන වාර්තාවක් ඉදිරිපත් කරමින් ආපදා කළමනාකරණ හා මානව හිමිකම් අමාත්‍යාංශය නොවැම්බර් 13 වැනිදා පැවසුවේය. මේ වන විට අවතැන් පුද්ගලයින් 132 748 ක් වව්නියාව ඇතුළු උතුරු පළාතේ ඇති සුභසාධන මධ්‍යස්ථානවල රදවා සිටින්නේයැයි එම වාර්තාව සදහන් කළේය.
මේ වන විට අවතැන් පිරිස් නැවත පදිංචි කිරීම් කටයුතු සාර්ථකව සිදුවන්නේයැයි විදේශ කටයුතු අමාත්‍ය රෝහිත බෝගොල්ලාගම කීය.
උතුරු පළාතේ ඇති සුභසාධන මධ්‍යස්ථානවල සිටින පුද්ගලයින් නැවත තමන්ගේ ගම් බිම් කරා පිටකිරීමට කටයුතු කිරීම පිළිබදව එක්සත් ජාතීන්ගේ සංවිධානයේ මානුශීය කටයුතු පිළිබද නියෝජ්‍ය මහ කොමසාරිස් වරයා සිය ප‍්‍රසාදය පළ කර තිබුනේය. පුද්ගලයින් නැවත පදිංචි කිරීම පිළිබදව සෑහීමකට පත්විය හැකි බවද හොල්ම්ස් පැවසුවේය.
අවතැන්වී සිටින පිිරිසි දින එකසිය අසූවක් ඇතුළත නැවත පදිංචි කරන බව යුද ගැටුම් අවසානවූ මැයි මාසයේදී රජය විසින් එක්සත් ජාතීනේගේ සංවිධානය වෙත සහතිකයක් ලබාදුන්නේය. මෙම කාලසීමාව ඇතුළත අවතැන්වූවන් නැවත පදිංචිකළ යුතු බවට ජාත්‍යන්තර ප‍්‍රජාව දිගින් දිගටම ප‍්‍රකාශ කළේය. එහෙත් දින එකසිය අසූවක් ඇතුළත අවතැන්ව සිටින පිරිස් නැවත පදිංචිකර අවසන් කළ යුතු බව එක්සත් ජාතීන්ගේ සංවිධානයේ මානුශීය කටයුතු පිළිබද නියෝජ්‍ය මහ කොමසාරිස්වරයා පැවසුවේ නැත.
‘‘දින එකසිය අසූවක් ඇතුළත අවතැන්ව සිටින පුද්ගලයින් නැවත පදිංචි කරනවාද නැතිනම් මේ වසර අවසාන වන විට අවතැන් කදවුරු සියල්ල වසා දමනවාද යන්න එතරම් වැදගත් වන්නේ නැහැ. වඩාත් වැදගත් වන්නේ මේ පිරිස්ට තමන් කැමති තීරණ ගැනීමට අවස්ථාව ලබාදීමයි.’’ හොල්ම්ස් කීවේය.
අවතැන් පිරිස් රදවා සිටින සුභසාධන මධ්‍යස්ථානවල ඇති පහසුකම් හා තමන්ගේ ගම් බිම් වල ඇති පහසුකම් පිළිබදව සන්සන්දනය කිරීමෙන් පසුව තමන්ගේ ගම් බිම්වලට යනවාද නැතිනම් තවදුරටත් අවතැන් කදවුරුවලම රැදී සිටිනවාද යන්න පිළිබදව වන තීරණය ඒ පුද්ගලයින්ට ගැනීමට හැකියාව තිබිය යුතු බවද ඔහු පැවසුවේය. ‘‘තමන්ගේ ගම් වල ඇති පහසුකම් වලට වඩා වැඩි පහසුකම් අවතැන් කදවුරුවල තිබෙන නිසා අවතැන් පිරිස් තවදුරටත් සුභසාධන මධ්‍යස්ථාන වල රැදී සිටීමට තීරණය කිරීමෙන් පසුව තවදුරටත් ඔවුන් කදවුරුවටල වී සිටීම ගැටලූවක් නොවේ. එහෙත් පුද්ගලයින්ට නිදහසේ ගමන් කිරීමට අවස්ථාව ලැබිය යුතුයි.’’ හොල්ම්ස් කීවේය.
අවතැන් පිරිස් යළි පදිංචිකිරීමේ වැඩකටයුතු තවදුරටත් දියුණු කරීමට හැකියාවක් පවතින බවත් එම ක‍්‍රියාදාමය තවදුරත් දියුණු විය යුතු බවත් හොල්ම්ස් පැවසුවේය. නැවත පදිංචිකිරීම් සිදුකිරීමේදී තොරතුර ලැබීමේ ගැටලූවක් පවතින බවත් අවතැන් පිරිස් වෙත නැවන පදිංචි කිරීම් පිළිබදව වන තොරතුරු නිසි පරිදි ලැබෙන්නේ නැති බවත් හොල්ම්ස් පැවසීය.
‘‘අවතැන් පුද්ගලයින් නැවත පදිංචි කරන්නේ කවදාද ඔවුන් ගමන් කරන්නේ කුමන ප‍්‍රදේශ වලටද යන්න පිළිබදව වන තොරතුරු ඔවුන්ට නිසි පරිදි ලැබෙන්නේ නැහැ.’’ එක්සත් ජාතීනගේ සංවිධානයේ මානුශීය කටයුතු පිළිබද නියෝජ්‍ය මහ ලේකම්වරයා කීවේය. මෙම තොරතුරු නොලැබීයාමේ ගැටලූවට කඩිනමින් විසදුම් ලබාදිය යුතු බවද අවතැන් පුද්ගලයින්ට අවශ්‍ය තොරතුරු ලබාදීමේ කටයුතු නිසි පරිදි සිදුකිරීම සදහා එක්සත් ජාතීන්ගේ සංවිධානය සිය සහයෝගය ලබාදෙන බවද හොල්ම්ස් කීය.
බිම් බෝම්බ ඉවත් කිරීමේ කටයුතු මේ වන විට සිදුවෙමින් පවතින අතර එම කටයුතු අවසන්වීමෙන් පසුව නැවත පදිංචි කිරිම් කළ යුතුව ඇතැයි ඔහු කීය. ‘‘බිම් බෝම්බ ඉවත්කිරීම විශාල අභියෝගයක් බවට පත්ව තිබෙනවා.’’ ගටුම් පැවති ප‍්‍රදේශවල බිම් බෝම්බ ඉවත් කිරීමේ කටයුතු නිරීක්ෂණය කළ හොල්ම්ස් කීය. නැවත පදිංචිකරන්නන්ගේ ආරක්ෂාව සදහා බිම්බෝම්බ ඉවත්කිරීම හා බිම් බෝම්බ පිළිබදව ජනතාව දැනුවත් කිරීම වැදගත් වන බවද ඔහු කීවේය.
‘‘බිම් බෝම්බ ඉවත් කිරීම කඩිනම් කිරීම පිළිබදව එක්සත් ජාතීන්ගේ සංවිධානයේ නියෝජ්‍ය මහ ලේකම්වරයා හා රජය අතර සාකච්ඡා සිදුවුනා.’’ බෝගොල්ලාගම පැවසීය.‘‘පුද්ගලයින නැවත පදිංචි කිරීමේ වැඩපිළිවෙල දියුණු කිරිම හා නැවත පදිංචිකරීම් සිදුකරන ප‍්‍රදේශවල නිවාස මූලික අවශ්‍යතාවන් හා ජීවන උපාය මාර්ග සතුටුදායක තත්වයකට ගෙන ඒම සදහා එක්සත් ජාතීනගේ සංවිධානය රජය සමග සහයෝගයෙන් වැඩ කරනවා.’’ හොල්ම්ස් පැවසුවේය.
නැවත පදිංචි කර සිටින පුද්ගලයින්ට ඔවුන්ගේ ජීවන තත්වය නැවත යථා තත්වයට පත්කරගන්නාතෙක් ආහාර වැනි සහනාධාර ලබාදීමට සිදුවනු ඇතැයි හොල්ම්ස් කීය. නැවත ගම්බිම් කරා ගමන්කරන පුද්ගලයින්ගේ ජීවනමාර්ග යථා තත්වයට පත්කිරීම පිළබදව මෙම සංචාරය තුළදී එක්සත් ජාතීනගේ සංවිධානයේ ඉහළ පෙලේ නියෝජිතයින් සමග සාකච්ඡුා කළ බවද ලංකාවේ විදේශ කටයුතු අමාත්‍යවරයා පැවසුවේය.
‘‘සුභසාධන මධ්‍යස්ථාන වල රැුදී සිටින ජනතාවට ඉන් පිටතට පැමිණ තමන්ගේ ජීවන තත්වය නැවත සාමාන්‍ය තත්වයට පත්කරගැනීමට ගෙනයන වැඩපිලිවෙල නොකඩවා සිදුකරගෙන යතැයි බලාපොරොත්තු වෙනවා.’’ හොල්ම්ස් සදහන් කළේය.
ලංකාවේ සිදුකරන මානුශික කටයුතු සදහා සහාය ලබාදීමට එක්සත් ජාතීනගේ සංවිධානය ඇතුළු මානුශීය සහන සංවිධාන සූදානමින් සිටින්නේයැයි හොල්ම්ස් කීය. ‘‘අවතැන් කදවුරුවල සිටින පුද්ගලයින්ට අවශ්‍ය ආහාර ඇතුළු මානුශිය සහනාධාර ලබාදීමටත් එක්සත් ජාතීනගේ සංවිධානය හා මානුශීය සහන සංවිධාන සූදානමින් සිටිනවා.’’ ඔහු කීවේය.
ලංකාවේ දීර්ඝ කාලීන ස්ථිර සාමයක් හා සාර්ථකත්වයක් ඇතිකරගැනීම සදහා එක්සත් ජාතීන්ගේ සංවිධානය සහාය දක්වන බවද හොල්ම්ස් පැවසුවේය.
මෙම වසර තුළදී සිව්වැනි වරටත් ලංකාවේ සිදුකළ සංචාරය අතරතුරේදී යාපනයේ හා වව්නියාවේ පිහිටි සුභසාධන මධ්‍යස්ථාන නිරීක්ෂණය කළ හොල්ම්ස් පුද්ගලයින් නැවත පදිංචි කර තිබෙන ප‍්‍රදේශ නිරීක්ෂනය කළේය. සුභසාධන කදවුරුවල රැුදී සිටින පුද්ගලයින් හා ඔවුන් නැවත පදිංචිකිරීමේ ක‍්‍රියාදාමය පිළිබදව රජයේ ඉහළ පෙලේ නියෝජිතයින් හමුවීමටද හොල්ම්ස් කටයුතු කළේය. ජනාධිපති මහින්ද රාජපක්ෂ විදේශ කටයුතු අමාත්‍ය රෝහිත බොගොල්ලාගම ආපදා කළමනාකරණ හා මානව හිමිකම් අමාත්‍ය මහින්ද සමරසිංහ අධිකරණ හා නීති ප‍්‍රතිසංස්කරණ අමාත්‍ය මිලින්ද මොරගොඩ යන අමාත්‍යවරු හා හොල්ම්ස් අතර අවතැන්වූවන් පිළිබදව වන සාකච්ඡා පවත්වා තිබුනේය.
එක්සත් ජාතීන්ගේ මානුශීය කටයුතු පිළිබද නියෝජ්‍ය මහ ලේකම්වරයා ලංකාවේ සංචාරයක
UN Humanitarian Chief in Colombo
අවතැන්වූවන් නැවත පදිංචි කිරීම හා අවතැන් කදවුරුවල ප‍්‍රගතිය පිළිබදව සමාලෝචනය කිරීමට හා ඉදිරි ක‍්‍රියාමාර්ග පළිබදව සාකච්ඡා කිරීම සදහා එක්සත් ජාතීන්ගේ සංවිධානයේ මානුශීය කටයුතු පිළිබද නියෝජ්‍ය මහ ලේකම් ජොන් හොල්ම්ස් ලංකාවට පැමිණියේයැයි ආපදා කළමනාකරණ හා මානව හිමිකම් අමාත්‍යාංශ ලේකම් රජීව් විජේසිංහ පැවසුවේය.
එක්සත් ජාතීන්ගේ සංවිධානයේ මානුශිය කටයුතු පිළිබදව නියෝජ්‍ය මහ ලේකම්වරයා මූලික වශයෙන් අවධානය යොමු කරන්නේ මෙම කාරණා දෙක පිළිබදව වන බවද විජේසිංහ සදහන් කළේය.
එක්සත් ජාතීන්ගේ සංවිධානය විසින් ලංකාවේ අවතැන්වූ පුද්ගලයින් සදහා විශාල වශයෙන් ආධාර ලබාදී ඇති බැවින් එම ආධාර බෙදාදී ඇති ආකාරය පිලිබදව මෙම සංචාරය තුළදී සාකච්ඡා කිරීමට නියමිතව ඇතැයි ආපදා කළමනාකරණ හා මානව හිමිකම් අමාත්‍යාංශයේ ලේකම්වරයා කීය.
‘‘අවතැන් කදවුරුවල තත්වය වර්ධනය වී ඇති ආකාරය පිළිබදව මෙන්ම ඉදිරියේදී අවතැන්වූවන් පිලිබදව මෙන්ම අපේ රටේ සැලසුම් පිළිබදව මෙහිදී අවධානය යොමුකරනවා. අපිට ආධාර ලබාගැනීම සදහා ඉදිරියේදී තිබෙන සැලසුම් මොනවාද යන්න පිළිබදව මෙහිදී සාකච්ඡා කරනවා.’’ විජේසිංහ කීවේය.
එක්සත් ජාතීන්ගේ සංවිධානායේ මානුශීය කටයුතු පිළිබද නියෝජ්‍ය මහ කොමසාරිස්වරයා සිව් දින නිල සංචාරයක් සදහා නොවැම්බර් 17 වැනිදා ලංකාවට පැමිණියේයැයි විදේශ කටයුතු අමාත්‍යාංශය සදහන් කළේය. මොහුගේ සංචාරය අතරතුරදී අවතැන්වී සිටින පුද්ගලයින් රදවා සිටින කදවුරු නිරීක්ෂණය කිරීමට නියමිත අතර ලංකාවේ ඉහළ පෙලේ බලධාරීන් සමග සාකච්ඡා කිරීමටද නියමිතය.
‘‘නොවැම්බර් 17 වැනිදා වව්නියාවේ හා යාපනයේ තිබෙන අවතැන් කදවුරු නිරීක්ෂණය කිරීමට හොල්ම්ස් කටයුතු කරනු ඇති. ඉන් පසුව බදාදා දිනයේ සවස විදේශ කටයුතු අමාත්‍යවරයා හා ජොන් හෝල්ම් අතර සාකච්ඡුාවක් පැවැත්වීමට නියමිතයි.’’ විදේශ කටයුතු අමාත්‍යාංශ ප‍්‍රකාශකයෙක් පැවසුවේය.
ජනාධිපති මහින්ද රාජපක්ෂ ආපදා කළමනාකරණ හා මානව හිමිකම් අමාත්‍ය මහින්ද සමරසිංහ පාර්ලිමේන්තු මන්ත‍්‍රී බැසිල් රාජපක්ෂ හා ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ හා හොල්ම්ස් අතර සාකච්ඡා නොවැම්බර් 19 වැනිදා පැවැත්වීමට නියමිත බවද විදේශ කටයුතු අමාත්‍යාංශය සදහන් කළේය.
ලංකාවේ යුද ගැටුම් පැවති අවසන් කාල සීමාවේදී හොල්ම්ස් අවසන් වරට ලංකාවට පැමිණියේය. මෙවර හොල්ම්ස් ලංකාවට පැමිණෙන්නේ මේ වසර ඇතුළතදී සිදුකරන තුන්වැනි නිල සංචාරය වශයෙනි. ඔහු අවසන් වරට ලංකාවේ සිදුකල සංචාරය අවසානයේදී අවතැන්වූවන්ගේ මානුශික අවශ්‍යතා වෙනුවෙන් ඩොලර් මිලියන දහයක මුදලක් එක්ස්ත් ජාතීන්ගේ සංවිධානය හරහා ලංකාවට ලබාදීමට කටයුතු කරන්නේයැයි නිවේදනය කළේය.
යුද ගැටුම් නිසා අවතැන්වූවන් පුද්ගලයින් පිළිබදව එක්සත් ජාතීන්ගේ සංවිධානයේ ඉහළ පෙලේ නිලධාරීන්ගේ අවධානය යොමුව ඇති අවස්ථාව වන විට අවතැන්වූ පුද්ගලයින් 129 520 ක් නැවත පදිංචි කර හා අවතැන් කදවුරුවලින් නිදහස් කර ඇතැයි උතුරු පළාතේ මානුශීය කටයුතු පිළිබදව වන වාර්තාවක් ඉදිරිපත් කරමින් ආපදා කළමනාකරණ හා මානව හිමිකම් අමාත්‍යාංශය නොවැම්බර් 13 වැනිදා පැවසුවේය. අම්පාර මඩකලපුව යාපනය නැවර කිළිනොච්චි මන්නාරම මුලතිව් පොළොන්නරුව ත‍්‍රිකුණාමලය හා වව්නියාව යන දිස්ත‍්‍රික්කවල මෙම පිරිස් නැවත පදිංචි කර ඇතැයි ආපදා කලමනාකරණ හා මානව හිමිකම් අමාත්‍යාංශය කීවේය.
මේ වන විට ගැටුම් නිසා අවතැන්ව සිටින 143 161 කට වඩා වැඩි පිරිසක් මේ වන විටත් සුභසාධන කදවුරුවල සිටින බව එම අමාත්‍යාංශය කීවේය. මේ අතර වව්නියාවේ පිහිටි සුභසාධන මධ්‍යස්ථානවල අවතැන්වූ පවුල් 43 251 කට අයත් අවතැන්වූවන් 132 748 ක්ද යාපනයේ පවුල් 1 105 ක අවැතැන්වූවන් 3 373 ක්ද වන බවද ආපදා කළමනාකරණ හා මානව හිමිකම් අමාත්‍යාංශය පැවුවේය.
UN Humanitarian Chief Sir John Holmes arrived in Sri Lanka on a four day official tour to assess the progress in the IDP camps and the resettlement of the IDPs. During his third visit to the country in 2009 he is scheduled to visit the IDP camps in the North and meet with key government officials including the President. Holmes is to discuss the progress in the welfare of the IDPs and future plans for the IDPs drawn by Sri Lanka, Secretary to the Ministry of Disaster Management and Human Rights Prof Rajiva Wijesinha said.
පාට කළ සිහිනය
ඔවුන් සිත්තම් කොට තිබුණේ සිය ජීවිතයේ සිහිනය විය යුතුය. වර්ණ ගන්වා හැඩකර තිබුණේ සිය අනාගතයේ බලාපොරොත්තුව විය යුතුය. එය ද්ප්තිමත්ය. නිවුල්ය. තවෙකෙකුට එදෙස බලා සැනසෙන්නට හැකිය. උතුරේත් නැගෙනහිරත් ජීවත් වූ ඔවුන් තමන්ගේ සිහින පාට ගන්වා දකුණට එවූයේ සිය සොදුරු සිහිනයේ දිග පළල පෙන්වන්නට නොව සිහින සෑබෑ කරගනෙීමේ හැකියාව තමන්නට ඇති බව අගවන්නට විය යුතුය.
වර්ණ ගැන්වූ මෙම සිහින සිතුවම් දැක්ම පැවත්වූයේ වැල්ලවත්ත දෙමළ සංගම් ශාලාවේදීය. එය වඩාත් සුවිශේෂි වූයේ කුරිරු යුද්ධයට මැදි වූ දරු දැරියන් විසින් එම චිත‍්‍ර ඇද තිබීමයි. යුරෝපා සංගමයේ අනුග‍්‍රහය යටතේ ගෝඩ් ඕන් චිල්ඩ්රන් පවුන්ඩේෂන් ආයතනය විසින් පවත්වන ලද මෙම සිතුවම් දැක්ම බොහෝ දෙනාගේ පැසසුමට භාජනය වූයේය.
‘‘ මේ චිත‍්‍ර ඇදලා තියෙන්නේ සුවිශේෂි දරුවන් පිරිසක්. එය වැදගත් වෙන්නෙ ඒ හින්දා. මේ දරුවන් බොහෝ දෙනෙක් යුද්ධයෙන් ශාරීරිකව ආබාධයට පත් වූවන්. එහෙම නැත්නම් යුද්ධයෙන් මාපියන් අහිමි වූවන්. එහෙමත් නැත්නම් යුද්ධය නිසාම විශේෂ අවධානයට ලක් වූවන්.’’ යැයි ගෝඞ් ඕන් පවුන්ඬේෂන් හි සභාපති අශෝක් කුමාර් පැවසුවේය.
‘‘ මේ මෙහොත සැබෑ සතුටට කාරණයක්. යුද්ධයේ අමිහිරි මතකය මේ දරුවන්ගෙ සිත් වලින් දැන් අකා මකා යමින් තිබෙනවා. මේ චිත‍්‍ර මේ දරුවන්ගේ බලාපොරොත්තු වලින් පිරිලා. ඒ වගේම කලාත්මකයි. අති විශිෂ්ටයි.’’ සිතුවම් දැක්මේ සමාරම්භක උළෙලට සහභාගී වූ යුරෝපා සංගමයේ තානාපති බර්නාඩ් සවේජ් පැවසුවේය. මෙම සිතුවම් දැක්මේ ප‍්‍රධාන ආරාධිතයා වූයේ සවේජ්ය.
චිත‍්‍ර ප‍්‍රදර්ශනය කොළඹ පැවතියද සිතුවම් වල හිමිකරුවන්ට එම අවස්ථාවට සහභාගී වීමේ වරම් ලැබී තිබුණේ නැත. එහෙත් ඔවුන් සිය හැගීම් දැනීම් දකුණේ නෑදෑයන්ට සිත්තම් කොට එවා තිබුණේ අපූරු ලෙසිනි. ලග නොමැති වුවද මල් වැනි සිත් ඇත්තන් වූ ඔවුන්ගේ ජීවන සුවද දකුණේ නෑදෑයන්ට දැනුනු බව නම් නිසැකය.
‘‘ අපි මේ චිත‍්‍ර බලලා ගොඩක් පුදුම වුණා. ඇත්තටම හරිම ලස්සණයි. අපිට නම් මේ වගේ ලස්සණට චිත‍්‍ර අදින්න බැරි වෙයි කියලා අපි කතා වුණේ.’’ සිය මිතුරියන් පිරිවරා සිතුවම් දැක්ම නැරඹීමට පැමිණ සිටි මධුෂිකා පැසුවාය. ඇය වැල්ලවත්ත හින්දු කාන්තා විදුහලේ හයවන ශ්‍රේණියේ ඉගෙනුම ලබන්නියකි.
‘‘ බලන්න මේ චිත‍්‍රය දිහා කොච්චර අමාරුවෙන්ද ඇදලා තියෙන්නෙ. ගොඩක් හැඩයි. මට හිතෙන්නෙ අපි එ් අයට උදව් කරන්න ඕන කියලයි. මම ගොඩක් ආසයි ඒ අයව මුණ ගැහිලා කතා කරන්න.’’ හින්දු කාන්තා විදුහලේ අටවන
ශේ‍්‍රණියේ ඉගෙනුම ලබන නිදර්ශනී පැවසුවාය.
උතුරු නැගෙනහිර සිය හිත මිතුරන්ගේ දස්කම් ඔවුන්ව කිසි දිනෙක නොදුටු දකුණේ හිත මිතුරන් විසින් ඇගයූවේ එලෙසිනි. මේ සිතුවම් දැක්ම ඔවුන්ගේ සිහින වලින් පාට වී තිබුණා යැයි කීම අතිශයෝකිතියක් නොවේ. ඔවුන් පතන හෙට දවස මෙම සිතුවම් වල අල්ප මාත‍්‍ර වශයෙන් සිත්තම් වී තිබුණ බව නරඹන්නන් දකින්නට ඇත.
‘‘ මේ වගේ චිත‍්‍ර ප‍්‍රදර්ශනයක් කොළඹ පැවැත්වීම ගොඩක් හොද දෙයක්. ඇත්තටම පාසල් ළමයි පමණක් නොවෙයි. අපිත් මේ දරුවන්ගේ දක්ෂතා දැකලා පුදුමයට පත් වුණා. ඒකට හේතුවක් තියෙනවා. මේ දරුවන් සාමාන්‍ය දරුවන් නොවේ. ඇත්තටම මේ දරුවන් අනෙක් දරුවන්ටත් හොද ආදර්ශයක් වේවි.’’ වැල්ලවත්ත රාමක‍්‍රිෂ්ණන් විදුහලේ ආචාරිනී බී සිවකුමාරන් පැවසුවාය. සිය පාසලේ දරු දැරියන්ද කැටුව මෙම සිතුවම් දැක්ම නැරඹීමට ඇය පැමිණ සිටියාය.
‘‘ අපි ආවේ මේ චිත‍්‍ර ප‍්‍රදර්ශණය බලන්න නෙමෙයි. පන්තියෙන් එළියට යන්න ඕන කමට. ඒත් මේ චිත‍්‍ර දැක්කම අපේ ඇස් උඩ ගියා.අපිටත් චිත‍්‍ර අදින්න පුළුවන් තමයි. ඒත් මේ අය ආබාධිත වෙලත් අපිට වඩා හොදට චිත‍්‍ර අදිනවා. මගේ අවධානය සම්පුර්ණයෙන්ම යොමු වුණේ මේ චිත‍්‍ර බලන්න.’’ වැල්ලවත්ත රාමක‍්‍රිෂ්ණන් විදුහලේ හත් වන වසරේ ඉගෙනුම ලබන ක‍්‍රිෂ්ණමූර්ති පැවසුවේය.
‘‘ මට හිතෙන්නෙ ඒ ගොල්ලො මේ චිත‍්‍ර ඇදලා තියෙන්නේ ඒ ගොල්ලන් ලබපු අත්දැකීමෙන්. ඒ අත්දැකීම් කොච්චර කටුක වෙන්න ඇතිද කියලා මේ චිත‍්‍ර බලන කොට මට හිතෙනවා. ඒ මොනවා වුණත් ඒ අය අපේම සහෝදර සහෝදරියො.’’ හින්දු කාන්තා විදුහලේ උසස් පෙළ හදාරන මිචෙල් මයිකල් පැවසුවාය. ඇය මෙම සිතුවම් දැක්ම පැවැත්වීමට ගෝඞ් ඕන් චිල්ඩ්රන් ආයතනය හා එක්ව දැඩි ලෙස කැපවූ සිසුවියකි. උතුරු නැගෙනහිර මේ දරුවන් තනී වී නොමැති වග ඔවුන්ට පසක් වනු ඇත. ඔවුන් වෙනුවෙන් දකුණේ තෙත් වූ හදවත් ඇත්තන් බොහෝ ඇති වග ඔවුන්ට වැටහෙනු ඇත.
දකුණේ දරුවන්ට සේම උතුරු නැගෙනහිර දරුවන්ටද සැනසෙන්නට කරුණු කාරණා බොහොමයක් දැනට ඇත. වෙඩි හඩින් බිය පත්ව දෙකන් වැසූ ඔවුහු දැන් සාමයේ මිහිර සැනසිල්ලේ භුක්ති විදී. ශාපලත් යුද්ධය අවසානය. ඉන් ඔවුන්ගේ බොහො දේවල් අහිමි වූ බව සැබෑය. උන් හිටි තැන් පමණක් නොව තමන්ට සිටි අන්තිම නෑයාත් ඔවුන්ට අහිමි වන්නට ඇත. එහෙත් දැන් නිදහසේ සිය ලෝකය තනන්ට වෙර දරන මේ දරුවන්ට දකුණේ ලෙන්ගතුකම් අපමණය.
The exhibition of drawings by children injured and orphaned by the war was organized by Gods Own Children Foundation with the patronage of the European Commission. The drawings were an emotional journey of the traumatised children. The drawings portrayed the hope of all these children to build their own world without the sound of guns and fear of war. Students and teachers who attended the exhibition said that they could now at least get a senses of what the artists had suffered. Unfortunately, the child artists could to attend the exhibition held at the Tamil Association hall in Wellawatte.
බිම් බෝම්බ ඉවත් කිරීම කඩිනම් කළ යුතුයි – එ.ජා සංවිධානය කියයි
Landmines, unexploded ordnance a barrier to return
තවමත් ඉවත් නොකළ බිම් බෝම්බ හා පුපුරා නොගිය පුපුරන ද්‍රව්‍ය හේතුවෙන් උතුරේ අවතැන් ජනයාට බාධාවකින් තොරව සිය ගම් බිම් කරා යාමට නොහැකි වී ඇතැයි ශ‍්‍රී ලංකා රජය හා එක්සත් ජාතීන්ගේ සංවිධානය පෙන්වා දෙයි.
විදේශ කටයුතු අමාත්‍ය රෝහිත බෝගොල්ලාගම ප‍්‍රකාශ කරන පරිදි උතුරේ වර්ග කිලෝමීටර් හාරසීයක පමණ භූම් ප‍්‍රදේශයක බිම් බෝම්බ සහ පුපුරා නොගිය පුපුරන ද්‍රව්‍ය මිලියන 1.5 ප‍්‍රමාණයක් පැතිරී තිබේ.
‘‘ යුද්ධයෙන් හානි වූ ප‍්‍රදේශ සංවර්ධනය කිරීමට හා නැවත පදිංචියට සුදුසු තත්ත්වය සැකසීමට පෙර බිම් බෝම්බ ඉවත් කිරීමට පුර්ව අවශ්‍යතාවක් ’’ යැයි සරණාගතයින් පිළිබද එක්සත් ජාතීන්ගේ මහ කොමසාරිස් කාර්යාලයේ ප‍්‍රකාශක ඇන්ඩේරජ් මහේසික් පැවසුවේය.
‘‘ බිම් බෝම්බ ඉවත් කිරීමෙන් සංවර්ධන කටයුතු සිදු කිරීම හා ජන ජීවිතය යථා තත්ත්වයට පත් කිරීම යළි ඇරඹිය හැකියි ’’ මහේසික් ප‍්‍රකාශ කළේය.
යුද්ධය පැවති අවසාන මාස කිහිපය තුළ උතුරු ප‍්‍රදේශයේ ආසන්න වශයෙන් ලක්ෂ තුනක් පමණ ජනතාවක් අවතැන් වූ අතර ඔවුන් රජය විසින් පිහිටු වන ලද සුබසාධන ක`දවුරු වල ර`දවා සිටී. රජයේ වාර්තා වලට අනුව මේ වන විට ඉන් එක් ලක්ෂ අටදහසක පමණ ජනතාවක් නැවත පදිංචි කර තිබේ. එමෙන්ම තවත් අවතැන්වූවන් විශාල සංඛ්‍යාවක් ඉදිරි සති කිහිපය ඇතුළත නැවත පදිංචි කරනු ඇත.
මෙසේ නැවත පදිංචි කරන්නවුන් හොහොමයක් යාපනය වව්නියාව මන්නාරම මුලතිව් ත‍්‍රීකුණාමලය මඩකලපුව හා අම්පාර යන දිස්ති‍්‍රක්යන්ට අයත් වේ. ඉතා සුළු පිරිසක් පොළොන්නරු දිස්ත‍්‍රික්කයට ද අයත් වන බව සරණාගතයන් පිළිබද එක්සත් ජාතීන්ගේ මහකොමසාරිස් කාර්යාලය පෙන්වා දෙයි.
‘‘ අවතැන් වූවන් නැවත පදිංචි කිරීම ඉතා ඉක්මනින් සිදු කළ යුතු බවට අප සහතික වෙනවා. එහෙත් අවතැන් ජනයාගේ ආරක්ෂාව තහවුරු කිරීම රජයට ඊටත් වඩා වැදගත් වනවා.’’ යැයි විදේශ කටයුතු අමාත්‍ය රෝහිත බෝගොල්ලාගම පැවසීය.
එක්සත් ජාතීන්ගේ වාර්තා වලට අනුව ප‍්‍රතිසංස්කරණ කටයුතු සහ බිම් බෝම්බ ඉවත් කිරීමේ ප‍්‍රමාද වුව හොත් කිළිනොච්චි හා මුලතිව් ප‍්‍රදේශ වල අවතැන් ජනයා නැවත පදිංචි කිරීම තව දුරටත් පමා වනු ඇත.
‘‘ මේක විශාල අභියෝගයක්. යුද්ධය පැවති ආකාරයෙන් පුපුරන ද්‍රව්‍ය විශාල වශයෙන් පැතිරී ඇති.’’ එක්සත් ජාතීන්ගේ සංවිධානයේ මෙරට නේවාසික ප‍්‍රධානී නේල් බියුනේපැවසීය.
‘‘ සමහර ප‍්‍රදේශ වල කොච්චර පුපුරන ද්‍රව්‍ය තියෙනවද කියලා නිශ්චිත අදහසක් නැහැ. සමහර වෙලාවට බිම් බෝම්බ කොපමණ ප‍්‍රමාණයක් ඉවත් කළාද කියලත් නිශ්චිතවම කියන්නත් බැහැ.’’ බියුනේ පැවසීය.
අවතැන් කදවුරු වල සිටින ජනතාව ඉන් ඉවත් නොවූව හොත් ආධාර ප‍්‍රදානය කරන්නන් අධෛර්යමත් වනු ඇති බවට එක්සත් ජාතීන් පසුගිය කාලයේදී අනතුරු ඇගවීම් සිදු කර තිබිණි. කදවුරු වල සිටින ජනතාවට ආධාර කිරීමට වඩා අවතැන් කදවුරු වලින් පිටවී නැවත පදිංචියට යන ජනතාවට ආධාර කිරීමට ආධාර ප‍්‍රදානය කරන්නන් සතුටු වනු ඇතැයි නේල් බියුනේ පැවසීය.
මේ වන විට බිම් බෝමිබ ඉවත් කිරීම සදහා වන උපකරණ ස්ලෝවැකියාවෙන් හා ක්‍රෝටියාවෙන් මෙරටට ගෙන්වා ඇතැයි වාර්තා සදහන් කරයි. ඇමරිකන් ඩොලර් මිලියන හතරක වියදමක් දරා ගෙන්වා ඇති මෙම උපකරණ මගින් දිනකට වර්ග මීටර් පන්දහසක භූමි ප‍්‍රමාණයක බිම් බෝම්බ ඉවත් කළ හැකි බව විදේශ කටයුතු අමාත්‍යවරයා සදහන් කර තිබේ. පසුගිය හත් වැනිදා සරණාගතයන් පිළිබද එක්සත් ජාතීන්ගේ මහ කොමසාරිස් කාර්යාලය විසින් ද බිම් බෝම්බ ඉවත් කිරීමේ උපකරණ ශී‍්‍ර ලංකා රජයට ලබා දී තිබේ.
‘‘ මෙම උපකරණ හැකි ඉක්මනින් උතුරට යැවිය යුතුයි. මේ වන විට ශ‍්‍රී ලංකා රජයත් එක්සත් ජාතීන්ගේ සංවර්ධන වැඩසටහන හා දේශිය බිම් බෝම්බ ඉවත් කරන්න් බිම් බෝම්බ ඉවත් කිරීමේ කාර්යයේ නියැලී සිටිනවා.’’ මහේසික් පැවසුවේය.
‘‘ සමහර ජනයා වසරේ කිහිප වතාවක්ම අවතැන් වී සිටිනවා. කදවුරු වලින් පිටව යන ඔවුන්ගේ සමාජ ආර්ථික තත්ත්වය නගා සිටු වන්නට ආධාර අවශ්‍ය වී තිබෙනවා. ඔවුන්ගේ ජීවන තත්ත්වය යථා තත්ත්වයට පත් කිරීමට උදව් අවශයයි.’’ බූනේ පැවසීය.
‘‘ මේ වන විට සැලකිය යුතු සංඛ්‍යාවක් නැවත පදිංචි කරවලා තියෙනවා. ඔවුන්ට රැුකියා අවස්ථා ලබා දීම ජීවන තත්ත්වය නගා සිටු වීම හා පෙර ඔවුන් සිදු කළ ව්‍යාපාර ආදිය කර ගෙන යාමේ අවස්ථාව ලබා දීමට අප කටයුතු කරමින් සිටිනවා.’’ විදේශ කටයුතු අමාත්‍ය රෝහිත බෝගොල්ලාගම පැවසීය.
වර්ල්ඩ් විෂන් වැනි නැවත පදිංචි කිරීමේ කටයුතු පිළිබද අවධානයෙන් පසුවන ආයතන ප‍්‍රකාශ කරන්නෙ නැවත පදිංචි කිරීමේ කි‍්‍රයාවලිය සදහා ඉක්මන් ආධාර ලැබිය යුතු බවයි. ඒ සදහා ඇමරිකන් මිලියන දෙකක පමණ ආධාරයක් හැකි ඉක්මනින් ලැබිය යුතු බව ඔවුන් පෙන්වා දෙයි.
‘‘ අවතැන් ජනයා නැවත පදිංචි කිරන ලෙස අපි ඉල්ලා සිටියා. පොරොන්දු වූ පරිදි එ් කටයුතු සිදු කිරීම වැදගත්.’’ යැයි වර්ල්ඞ් විෂන් ශ‍්‍රී ලංකා අධ්‍යක්ෂක සුරේෂ් බාර්ට්ලෙට් පැවසුවේය.
අවම වශයෙන් දිනකට දෙදහසක් පමණ පුද්ගලයන් නැවත පදිංචියට සිය ගම් බිම් බලා යන බව වර්ල්ඩ් විෂන් ආයතනය පෙන්වා දෙයි.
‘‘ අපි සියල්ලෝම සතු යුතුකම හා වගකීම වන්නෙ ඔවුන් නැවත සමාජගත කිරීමයි. අතීතයේ පැවති තත්ත්වයට නැවතත් ඔවුන් පත් නොකළ යුතුයි.’’ බාර්ට්ලෙට් ප‍්‍රකාශ කළේය.
The government and the UN say that landmines and unexploded ordnance have posed a barrier for the displaced persons in the North to return to their homes. Foreign Minister Rohitha Bogollagama states that about 1.5 million landmines and unexploded ordnance are spread across a 400km2 land area in the North. The UNHCR spokesperson says de-mining the north would help IDPs return home and commence development activities in the area. Meanwhile, many relief agencies continue to highlight the importance of resettling the IDPs as soon as possible.
ජෂින්දාගේ සිහිනය
ත‍්‍රිකුණාමලය සල්ලි සාම්බල් ප‍්‍රදේශයේ උපන් දේවන්ද්‍ර රාජා ජෂින්දා රානි කුඩා කල පටන්ම අධ්‍යාපන කටයුතු කෙරෙහි දැක්වූයේ නොමද දක්ෂතාවයකි. මේ නිසාම ජෂින්දාගේ මාපියන් ආය කුඩා කාලයේදීම යාපය මානිපායහි පිහිටි ඇයගේ පියාගේ මහ ගෙදර නවතා යාපනයේ පිහිටි ප‍්‍රමාඛ පෙලේ පාසලක් වන සිදම්බරම් විද්‍යාලයෙට ඇතුළත් කළේ තම එකම දියණියට හොද අධ්‍යාපනයක් ලබාදීමේ අරමුණෙනි. කෙසේ වෙතත් පාසල් නිවාඩුව ලද විගසම ජෂින්ද්‍රාගේ මාපියන් යාපනය වෙත ගොස් ඇය ත‍්‍රිකුණාමලයේ පිහිටි නිවසට ගෙන ඒමට අමතක නොකරති.
වෘත්තියෙන් ධීවර කාර්මිකයෙක් වන ජෂින්දාගේ පියා වන දේවේන්ද්‍රරාසාගේ එකම බලාපොරොත්තුව වූයේ තම දියණියට හොද අධ්‍යාපන තත්වයක් ලබාදී ඇය සමාජයේ ඉහළ ස්ථානයට ගෙන ඒමයි. මේ නිසාම කොතරම් ආරථික අපහසුතා තිබුණද ජෂින්දාගේ අධ්‍යාපනයට එම අපහසුතා බාධයකයන් නොකිරීමට ඇගේ මාපියන් හැම විටම වගබලාගත්හ.
2006 වසරේ අවසන් පාසල් නිවාඩුවට ත‍්‍රිකුණාමලට ඒමට පිටත්වූ ඇය ඇතුළු පවුලේ උදවියට අනපේක්ෂිත ලෙස කිළිනොච්චියේ නවතින්නට සිදුවන්නේ හදිසියේම ඒ 9 මාර්ගය වසා දැමීම නිසාය. මේ සමගම කිසිවක් කරකියාගත නොහැකිවූ ජෂින්දාගේ පියා කිළිනොච්චියෙන් නිවසක් කුලීයට ගෙන සිය පවුල සමග එහි තාවකාලිව නවාතැන්ගැනීමට සිදුවිය. මේ වන විට මෙම ප‍්‍රදේශ පැවතියේ එල්.ටී.ටී.ඊ. සංවිධානයේ පාලනය යටතේය.
පාසල් නිවාඩුවට ත‍්‍රිකුනාමලට ඒමට පැමිණි ජෂින්ද්‍රාට කිළිනොච්චි මධ්‍යමහා විද්‍යාලයට ඇතුළුවීමට සිදුවිය
‘‘මම එල්.ටී.ටී.ඊ. සංවිධායනයට ගිහින් කිව්වා දුව යාපනයේ ඉස්කොලේ යන්නේ. ගෙවල් තියෙන්නේ ත‍්‍රිකුණාමලයේ. අපිට නැතත් ඉස්කෝලේ යන මගේ දුවට විතරක් ආපසු යාපනයට යන්න දෙන්න කියලා. නමුත් කොටි අපේ ඉල්ලීම් සතටයකටවත් ගණන් ගත්තේ නැහැ. මම කුලී වැඩක් කරලා තමයි දරු පවුල අමාරුවෙන් ජීවත් කළේ.’’ දේවේන්ද්‍රරාසා පැවසුවේය.
දැඩි ආර්ථික අපහසුතා මධ්‍යයේ අධ්‍යාපන කටයුතු සිදුකරගෙන ගිය ජෂීන්දා පළමු වරට අපොස උසස්පෙළ විභාගයට පෙනී සිටියේ 2006 වසරේදීය. එහිදී ඇයට සරසවි වරම් අහිමිවන්නේ ඉතා සුළු ලකුණු සංඛ්‍යාවකිනි. ඉන් පසුබට නොවූ ජෂීන්ද්‍රා දෙවන වරටද උසස්පෙළ විභාගයට පෙනී සිටියේ සරසරවි වරම් ලැබීමේ අරමුනෙනි. ඇය විභාගයට පෙනී සිට වැඩි කලක් ගතවීමට මත්තෙන් කොටි සංවිධානය හා ආරක්ෂක අංශ අතර සටන් ඇවිල ගියේ වන්නිය එකම යුද බිමක් බවට පත්කරමිනි. දෙපාර්ශවය අතර සටන් ඇවිලයාමත් සමග ජෂීන්දාගේ පවුලේ අයටත් එහි උණුසුම දැඩිව දැනෙන්නට විය.
2009 මාර්තු මාසය වන විට ජෂීන්දා ඇතුළු පවුලේ සියලූදෙනා සිටියේ රජය විසින් නම්කරන ලද යුද මුක්ත කලාපයේ පිහිටුවා තිබූ අවතැන් කදවුරකය. ජෂින්දාගේ ජීවිතය අවසානාවන්තම දිනය උදාවන්නේ මෙහිදීය.
‘‘රජය විසින් යුද මුක්ත කලාපයක් හැටියට නම් කරලා තිබ්බත් කොටි කදවුර ඇතුලේ ඉදලා හමුදාවට ෂෙල් ගහන්න ගත්තා. ඊට පස්සේ දෙපැත්තම ගහ ගත්තා. අපිට කරන්න කිසිම දෙයක් තිබුනේ නැහැ. ඒ වෙලාවේ තමයි ෂෙල් එකක් වැඩිලා මගේ කකුල තුවාල වුණේ. හරියට බෙහෙත් කරගන්න බැරිවුන නිසා මගේ කකුල කපන්න සිදුවුනා. කකුල කපපු දවසේ මගේ ජීවිතයම නැතිවුනා කියලා හිතුනා.’’ජෂින්දා සිය අත්දැකීම් පවසන්නේ කදුළු අතරින් සිනා සෙමිනි.
කෙසේ වෙතත් හමුදාව නන්දිකඩාල් කලපුව ඔස්සේ සිවිල් වැසියන් මුදාගැනීමේ මෙහෙයුම ආරම්භ කිරීමේන් පසු ජෂින්ද්‍රාගේ පවුලේ උදවියද කොටි වෙඩි ප‍්‍රහාර මධ්‍යයේ හමුදාව සිටි ප‍්‍රදේශයට පළා ඒමට සමත්විය. අනතුරු ව ඔවුන්ගේ නිවහන වූයේ වව්නියාව සෙට්ටිකුලම පිහිටි සුභසාධන මධ්‍යස්ථානයයි.
ජෂින්දාට තමන් පෙනී සිටි උසස්පෙළ විභාගය සමත්ව සරසවි වරම් ලබාඇති බව දැනගැනීමට හැකිවන්නේ එම කදවුරේ සිටියදීය. ඒ එහිදී ඇයට හමුවූ කිළනොච්චි මධ්‍යමහා විද්‍යාලයේ සිටි ගුරුවරයෙක් මගිනි.
‘‘සර් තමයි කිව්වේ මම විශ්ව විද්‍යාලයට තේරී ඇති බවට ලිපියක් කිළිනොච්චියේ අපේ කුලී ගෙදරට ලැබිලා තියෙනවා කියලා. ඒ වෙනකෙට කලබල නිසා අපි මුලතිව්වලට ගිහින් හිටියේ. ඒ නිසා අපට ලිපිය ලැබුනේ නැහැ. කොහොම වුනත් මගේ බලාපොරොත්තුව ඉටුවුන එක ගැන මටත් වඩා මගේ අම්මයි තාත්තයි ගොඩාක් සතුටු වුනා.’’ජෂින්දා පැවසුවාය.
විශ්වවිද්‍යාලයට තේරී පත්වුනද නියමිත දිනට අදාල සරසවිය වෙත සිය ඉල්ලූම්පත ඉදිරිපත් කිරීමට ඇයට හැකියාවක් නොමැතිවිය. ඒ ජෂින්දාගේ සියලූ ලියකියවිලි යාපනයේ හා කිළිනොච්චියේ පාසල්වල තිබීම එයට හේතුවයි. අනෙක කකුලක් නොමැතිව විශ්වවිද්‍යාලයට යෑම පිළිබදව ඇයට තිබුනේ ධනාත්මක අදහසක් නොවේ.
‘‘යාපනයේ ඉස්කෝලයෙන් අවශ්‍ය ලිපි ගෙන්වාගන්න පුළුවන් වුනත් කිළිනොච්චියෙන් ඒවා ගෙන්වාගන්න කොහෙත්ම බැරි නිසා මම දුකෙන් වුනත් විශ්ව විද්‍යාල ගමන අමතක කළා. අනෙක කකුලක් නැතිව මම කොහොමද එච්චර ලොකු ගමනක් යන්නේ කියලා හිතුනා.’’ජෂින්දා කීවාය.
මේ අතර වව්නියාව සෙට්ටිකුලම් කදවුරේ සිටි ත‍්‍රිකුණාමලය ප‍්‍රදේශයේ පවුල් 404ක් නැවත පදිංචිය සදහා පසුගියදා
ත‍්‍රිකුණාමලය වෙත රැුගෙන එනු ලැබීය. ඒ අතර ජෂින්දාගේ පවුලේ උදවියද වූහ. නැවත පදිංචිය සදහා ගෙන එන ලද මේ පිරිස් 3 කණුව මාදමැයි අම්මාන් මහා විද්‍යාලයේ පිහිටි අතරමැදි මධ්‍යස්ථානයේ තාවකාලිකව රැුදවූ අතර එහිදී ජෂින්දාට ඇයගේ ජීවිතය නැවත වරක් ලැබුනේය.
මේ අතරමැදි මධ්‍යස්ථානය භාරව කටයුතු කරන්නේ ශ‍්‍රී ලංකා යුද හමුදාවයි. දිනක් මේ ස්ථානයේ නිරීක්ෂණ චාරිකාවක නිරතවූ නැගෙනහිර ආඥාපති මේජර් ජෙනරාල් රාජපක්ෂට හා 22 වන සේනාකාංධිපති මේජර් ජෙනරාල් ප‍්‍රසන්නද සිල්වාට දේවේන්ද්‍රරාසා හා ජශින්දා එහිදී හමුවිය.
ජෂින්දාගේ තත්වය තේරුම්ගත් නැගෙනහිර ආඥාපතිවරයා ඇයට කෘතිම පාදයක් ලබාදීමට කටයුතු කරන ලෙස මේජර් ජෙනරාල් ප‍්‍රසන්න සිල්වාට දැනුම් දුන්නේය. 22වන සේනාංකාධිපතිවරයා ජෂින්දාගේ කතාව සිය නැගණිය වන මිහිරි සිල්වා සමග පැවසුවේය. මේ කතාව අසා මිහිරි සිල්වා කෘතිම පාදයක් ලබාදීමට එකගවූවාය. ඒ සදහා කැළුම් අමරසිංහ නිලූකා රුද්‍රිගු රුක්මාල් සල්ගාදු සහයෝගය ලබාදුන්හ.
22වන සේනාංකායේ සිවිල් සම්බන්ධීකරණ නිලධාරී ලූතිනල් කර්නල් සෙනරත් කොහොන මේ සියලූ කටයුතු සම්බන්ධීකරණය කරමින් කෘතිම පාදයක් සවිකිරීම සදහා ඇය කොළඹට රැගෙන ඒමේ කාර්යය භාරගෙන තිබුණි. ඒ අනුව ජෂින්දා හා ඇයාගේ මව කොළඹ පැමිණ පාදය සදහා අවශ්‍ය මිමි ලබාදීමට කටයුතු කළහ. තව නොබෝ දිනකින් කෘතිම පාදය සවිකරීමට සදහා ජෂින්දා කොළඹට රැගෙන එන බව ලූතිනල් කර්නල් කොහොන පැවසුවේය.
‘‘හමුදාවේ මහත්තුරු අපිට කිව්වා විශ්වව්ද්‍යාලයට යන්න කලින් දුවගේ කකුල හදලා දෙනවා කියලා. ඇත්තටම මට ඒ වෙලාවේ ඇඩුනා. අපි හමුදාව ගැන හිතාගෙන හිටියේ වෙනත් විදියකට. අපි වෙනුවෙන් සටන් කරනවා කියපු එල්.ටී.ටී.ඊ. එක අපිට කොයිතරම් විනාශක් කළාද කියලා දැන් අපිට හිතෙනවා.’’ ජෂින්දාගේ මව වන රාජේශ්වරී පැවසුවාය.
යාපනය විශ්ව විද්‍යාලයට තේරී පත්වීමට අවශ්‍ය ප‍්‍රතිඵල ජෂින්දා ලබා තිබුණද අදාල විශ්ව විද්‍යාලටය ඇතුළත්වීමට ඉල්ලූම්පත් ඉදිරිපත් කිරීම ප‍්‍රමාදවීමෙන් එම අවස්ථාව ඇයට අහිමිවන තත්වයක් උදාවිය. නියමිත දිනට ඉල්ලූම්පත‍්‍ර ඉදිරිපත් නොකළහොත් එම අවස්ථාව වෙන අයෙකුට ලබාදීම විශ්ව විද්‍යාලයේ සාමාන්‍ය පිළිවෙතයි.
‘‘මම විශ්ව විද්‍යාලටය ඉල්ලූම්පත‍්‍ර දානවානම් අනිවාර්යයෙන්ම මගේ ලිය කියවිලි විශ්ව විද්‍යාල කොමිසමට ඉදිරිපත් කරන් ඕන. නමුත් මගේ උප්පැන්න සහතික තියෙන්නේ යාපනයේ. විභාග සහිතක කිළිනොච්චියේ. මේ නිසා විශ්ව විද්‍යාලයට යෑම පිළිබදව අවිනිශ්විත තත්වයක් තිබුනා. මම මේ ගැන අපේ කදවුර භාර ලූතිනල් කර්නල් කොහොනෙට කිව්වා. ඒ වෙලාවෙම (ඔහු) අදාල තැන් වලට කතා කරලා මගේ අවස්ථාව වෙන කෙනෙකුට ලබාදීම නැවැත්තුවා. මගේ ලිය කියවිලි යාපනයෙන් හා කිළිනොච්චියෙන් ගෙනත් දෙන්නත් කටයුතු සූදානම් කළා. ඇත්තටම කකුලක් නැතිවුනත් මම දැන් ගොඩක් සතුටින් ඉන්නේ. හමුදාවේ අය මට තාත්තලා සහෝදරයෝ වගේ උදව් කළා.’’ජෂින්දා පැවසුවේ ඇයගේ පියකුරු කම්මුල් හරහා ගලා යාමට ඔන්න මෙන්න තිබූ පුංචි කදුළු බිදක් පිසදමමිනි.
‘‘මේ වන විට මම කිළිනොචිච්යේ සිටින අපේ නිලධාරීන් දැනුවත් කර ජෂින්දාට අවශ්‍ය ලියකියවිලි ගෙන ඒමට කටයුතු කර තිබෙනවා. මේ වන විට එම ලිපි වන්නි ආරක්ෂක මූලස්ථානය වෙත ලැබී ඇති බව මට දැනගන්න ලැබුණා. විශ්ව විද්‍යාල කොමිසම් සභාව විසින් අවතැන් කදවුරුවල සිටින විශ්ව විද්‍යාල සිසුන් සම්බන්ධයෙන් කටයුතු කිරීමට පත්කර සිටින නිලධාරීයාට කතාකරලා ඉල්ලීමක් කළා ජෂින්දාගේ අවස්ථාව නැතිකරන්න කියලා. අපි හැකි ඉක්මනින් ඇය විශ්ව විද්‍යාලයට එවනවා කියලා. ඔවුන් ඒකට එකග න්‍ුනා.’’ ලූතිනල් කර්නල් කොහොන කීවේය.
පාදයක් අහිමි මේ අහිංසක සුන්දර තරුණිය ත‍්‍රිකුණාමලය මාදමැයි අම්මාන් විද්‍යාලයීය අතරමැදි කදවුරේ වෙසෙන්නේ නව ජීවයක් ලද අයෙකු ලෙසිනි. නුරුදු දිනකදීම ඇය වෙනුවෙන් නිපදවෙන කෘතිම පාදය ඇයට ලැබෙනු ඇත. ඇය එම දිනය එන තෙක් බලා සිටින්නීය.
‘‘අපි ජෂින්දාව කාටවත් අනුකම්පා හිතෙන විදිහට අත්වාරුවෙන් විශ්ව විද්‍යාලයට යවන්න් නැහැ. ජෂින්දා ඇගේම කකුල්වලින් ඇවිද්දලා තමයි අපි ඇයව විශ්ව විද්‍යාලයට යවන්නේ.’’ ලූතිනල් කර්නල් කොහොන කීවේය.
Devendra Raja Jasindha Rani has found new hope after losing a limb during the war. Born in Sali Sambal, Trincomalee, Jasindha’s parents sent her to Sidhambaram College in Jaffna to provide their daughter with a good education. However, in 2006 Jasindha and her family for forced to reside in Kilinochchi since 2006 due to the sudden closure of the A9 that prevented them from returning to their home in Trincomalee. She sat for the A/Level exam in Kilinochchi in 2006 but was unable to receive acceptance to university and sat for the exam again. Before knowing her results the war intensified and she lost a limb while residing in a camp in the no fire zone. Losing all hope, Jasindha and her parents arrived in the Vavuniya camp where she was informed by a former teacher that she had gained entrance to university from her second sitting. However, it was when she and her family arrived in the Trincomalee transit camp that Major General Rajapakse and Major General Prasanna de Silva together with Lt. Colonel Kohona made the necessary arrangements for Jasindha to receive an artificial limb and to enter into university afterwards.
ළමා නිවාසයෙන් විනෝද උයනට
From the Vanni to Leisure World
තමන්ගේ ජීවිතයෙන් වැඩි කාලයක් වන්නියේ තිබූ ළමා නිවාසයක කල් ගතකළ නීලවේන්ද්‍රන් ඩිලානි කිසි දිනෙක විදුලියෙන් ක‍්‍රියාත්මක වන මැලිගෝ රවුන් එකක ගොස් තිබුණේ නැත. ඇය කිසි දිනෙක අක්කර ගණනාවක් පුරා විනෝද වීමට ඉඩකඩ ඇති විනෝද උයනකට ගොස් තිබුණේ නැත. නමුත් තමන්ගේ ජීවිත කාලයේ කිසි දිනෙක විනෝද නොවූ ආකාරයෙන් විනෝද වීමට ඇයට පසුගියදා අවස්ථාව ලැබුනේය. ඒ ඇය ඇතුළු තවත් විශාල පිරිසකට ජීවිතයේ පළමු වතාවට කොළඹ පැමිණීමට අවස්ථාව ලැබීම නිසාය.
වන්නියේ තිබූ ළමා නිවාසයක සිටි ඇය ඇතුළු තවත් ළමුන් විශාල පිරිසක් යුද ගැටුම් නිසා අවතැන්ව මීට මාස කීපයකට පෙර වව්නියාවට පැමිණියේය. වව්නියාවේ පිහිටි ළමා නිවාසයක කල් ගතකරන මොවුන් විනෝද චාරිකාවක් සදහා කොළඹ පැමිණියේ සැප්තැම්බර් මාසයේ 27 වැනිදාය.. මේ අතර සිටි බොහෝ දෙනෙක් මීට පෙර කොළඹ තියා වන්නියෙන් පිටතටවත් පැමිණ තිබුණේ නැත.
මෙසේ විනෝද චාරිකාවක් සදහා පැමිණ සිටි ළමුන් මේ වන විට සිටින්නේ වව්නියාව වයිරපුලියන්කුලම් සිරිලිය ළමා නිවාසයේය. ඔක්තෝම්ර් පළමුවැනිදාට යෙදෙන ලෝක ළමා දිනය නිමිත්තෙන් මේ ළමුන්ට විනෝද චාරිකාවට සහභාගීවීමට අවස්ථාව ලැබී තිබුනේය.
වව්නියාවේ සිට බස් රථවලින් කොළඹ පැමිණ සිටි මෙම ළමුන් සැප්තැම්බර් 28 වැනිදා සවස ෂත්තුවත්ට ගියේ ෂත්තුවත්ත නැරඹීමටය. මෙම ළමුන් අතරින් බොහෝ දෙනෙක් සත්තුවත්තට පැමිණ තිබුණේ නැත. මාළු ටැංකිවල සිටින මාළු ඔවුන්ට අලූත්ම අත්දැකීමක් බවට පත්ව තිබුණේය. සමහර ළමුන් සිතුවේ මාළු ටැංකිවල සිටින මාළු පණ නැති අය ලෙසයි. සමහර ළමුන් මේ සිටින්නේ ඇත්ත මාළුදැයි ඔවුන් සමග පැමිණ සිටි ළමා නිවාස පාලිකාවන්ගෙන් අසා සිටියේ ඒ බව තහවුරු කරගැනීමටය.
ඉන් පසුදින උදෑසන කාලය ඔවුන් ගතකළේ කොළඹින් කිලෝමීටර පනහක් පමණ එපිටින් පිහිටි ලෙෂර් වර්ල්ඞ්හිය. කලාතුරකින් දකින්නට ලැබෙන ඩබල් ඩෙකර් වර්ගයේ බස් රථ දෙකකින් වව්නියාව සිරිලිය ළමා නිවාසයේ සිටින ළමුන් ලෙෂර් වර්ල්ඩ් වෙත පැමිණියේය. බස් රථ දෙකේ පහළ මාලයේ සිටියාට වඩා වැඩි ළමුන් පිරිසක් බස් රථයේ ඉහළ මාලයේ සිටියේය. බස් රථය රථයේ ඉහළ මාලයේ සිට පැමිණි ළමුන් බස් රථයේ ගමන් ගත්තේ පාර දෙපස සිටි අයට අත් වනමිනි. ඔවුන්ට ඩබල් ඩෙකර් බස් රථයක ගමන් කිරීම අලූත් අත්දැකීමක් වී තිබුණේය.
ලෙෂර් වර්ල්ඩ් වෙත පැමිණි ඔවුන් සියලූදෙනාගේම දෙදෙනා බැගින් වන ලෙසින් එක් පෙළකට සිටවූවේය. ඒ ළමුන් ලෙෂර් වර්ල්ඞ්හි පිහිටි විනෝද වන ස්ථාන වෙත ගෙනයාම පහසු කිරීම සදහාය. මෙසේ පැමිණි ළමුන් මුලින්ම විදුලි උන්චිල්ලාව ඇති තැනට ගියේය. එක ළග දෙදෙනෙකුට සිටි හැකි ආකාරයෙන් සකසා තිබූ මෙවැනි විදුලි උන්චිලාවක් මීට පෙර දැක නොතිබූ ළමුන් උන්චිල්ලාවට නැග්ගේ පොරකමිනි.
‘‘ලංකාවේ මේ වගේ තැන් තියෙනවා කියලා අපි කවදාවත් දැනගෙන හිටියේ නැහැ. අපි කවදාවත් මේ ගැන අහලාවත් තිබුණේ නැහැ. ඒත් අද අපිට කිසිම කරදරයක් නැතිව විනෝද විය හැකි තැනකට පැමිණ සිටිනවා.’’ වයස අවුරුදු හයේ සිට කිළිනොච්චියේ පිහිටි ළමා නිවාසයක සිටි සුප‍්‍රියා තිරුණවේල් පැවසුවාය.
විදුලි උන්චිල්ලාව මෙන්ම විදුලියෙන් ක‍්‍රියාත්මක වන මැලිගෝ රවුමද ළමුන්ගේ අවධානය ලබාගත්තේය. විවිධ වර්ගයේ මැලිගෝ රවුම් මෙහි තිබූ අතර ඇතැම් මැලිගෝ රවුමක් ක‍්‍රියාත්මක වුනේ රවුම කැරකැවෙන ගමන් ඉහළ පහල යන ආකාරයෙනි. මේවායේ යෑමට පෙර ආසන පටි පළදා සිටීම අනිවාර්ය විය. පැමිණ සිටි ළමුන්ට ආසන පටි පැළදීම පිළිබදව අත්දැකීමක් නොතිබූ අතර ලෙෂර් වර්ල්ඩි සේවයකයින් හා ළමා නිවාසයේ පාලිකාවන්ගේ සහාය ඇතිව ඔවුන් ආසන පටි පළදාගත්තේය.
මැලිගෝ රවුම සෙමින් කැරකෙන විට ෂතුටු සිනා එකින් එක ඔවුන්ගේ මුහුණු වල දකින්න ලැබුණ අතර එය වේගයෙන් කැරකැවෙන විට බොහෝ කුඩා ළමුන් බියෙන් කෑගසන්නට විය. එහෙත් මැලිගෝ රවුමේ වට කීපයක් ගොස් පැමිණ ළමුන් එයින් බැස්සේ මහත් ප‍්‍රීතියෙනි.
‘‘මැලිගෝ රවුම හයියෙන් යනකොට බය හිතුනත් ඒක හරිම විනෝද ජනක දෙයක්.’’ ප‍්‍රදීපා කුලසේකරම් පැවසුවාය.
‘‘මැලිගෝ රවුමේ යන්න කැමතියි. ඒත් රවුම කැරකැවෙන ගමන් ඉහළ පහළ යන මැලිගෝ රවුමේ යන්න මම බය වුනා. ඒකේ එකවරම ලොකු සද්දයක් එන නිසා තමයි බය වුනේ.’’ ඩිලානි පැවසුවාය.
විදුලියෙන් ක‍්‍රියාත්මක වන කෝච්චියේ යෑමටද මේ ළමුන් දැක්වූවේ විශාල කැමැත්තකි. ඉහළ පහළ යමින් ගමන්කළ මේ විදුලි දුම්රිය එක් අවස්ථාවකදී ඉතා සෙමින් ගමන් කළේය. මොහොතකින් ඉතා වේගයක් ලබාගනිමින් දුම්රිය ගමන් කළේය. සෙමින් ගමන්කළ දුම්රිය එක්වරම වේගයෙන් ගමන්කරන විට ළමුන් බියට පත්වී කෑගසන්නට විය. නමුත් එක් රවුමක් ගමන්කර පැමිණි පසු සමහර ළමුන්ට නැවත වතාවක් එහි රවුමක් යෑමට අවශ්‍ය විය.
විනෝද චාරිකාවට පැමිණ සිටි අවුරුදු දෙකක් වයසැති සන්ද්‍යාගේ උපන්දිනය යෙදී තිබුනේ ඔවුන් විනෝද චාරිකාවට සහභාගීවී සිටි අතර වාරයේදීය. කෙක් ගෙඩියක් කපා තමන්ගේ උපන්දිනය සැමරීමට සන්ද්‍යා වාසනාවන්ත වූවාය.
මෙම ළමුන් මේ වන විට වව්නියාවේ පිහිටි ළමා නිවාසයක සිටින නමුත් ඔවුන් සියලූදෙනාම අවතැන් ළමුන්ය. වන්නි ප‍්‍රදේශයේ පිහිටි ළමා නිවාසවල සිටි මොවුන් යුද ගැටුම් නිසා අවතැන්ව වව්නියාවට පැමිණියේය.
වන්නියේ ඔවුන් සිටි ළමා නිවාස අතරින් සමහර ළමා නිවාසවලට නිසි පරිදි විදුලි සැපයුමක් තිබුණේ නැත. රාත‍්‍රී කාලයේ පැය කීපයකට පමණක් විදුලි සැපයුම සීමා වන්නේය. වන්නියේදී දකින්නට නොලැබුණු බොහෝ දේ ඔවුන්ට දැකීමට අවස්ථාව ලැබුණේ වව්නියාවට පැමිණීමෙන් පසුවය.
‘‘වන්නියේ අපි සිටින විට ඇදුම් පැළදුම් ලැබුණාට දැන් තරම් හොද ඇදුම් ලැබුනේ නැහැ. දැන් අපිට ලස්සන ඇදුම් ලැබෙනවා.’’ කුලසේකරම් පැවසුවාය.
මේ ළමුන් සියලූදෙනාම යුද ගැටුම් නිසා අවතැන්ව වව්නියාවට පැමිණීමට පෙර සිටියේ වන්නියේ පිහිටි ළමා නිවාසවලය. මේ ළමුන් සියලූදෙනාටම ඔවුන්ගේ දෙමාපියන් අහිමිය. ඇතැම් ළමයකුගේ දෙමාපියන් යුද ගැටුම් වලින් මිය ගොස් ඇති අතර වන්නියේ තිබූ රෝහල්වල තනිකර සිටින ළමුන් ද මේ අතර විය.
දෙමාපියන් නොමැතිව ගෙවන ජීවිතයේදී මෙම විනෝද චාරිකාව ළමුන්ට විශාල මානසික අස්වැසිල්ලක් වී තිබුණි.
‘‘අපි වන්නියේ සිටියදී මානසිකව වැටිලා සිටියේ. ඒත් මේ වගේ විනෝද චාරිකා ආවාම අපිට විශාල මානසික සහනයක් ලැබුණා.’’ තිරුණවේල් පැවසුවාය.
ජීවිතයේ කිසිදු බලාපොරොත්තුවක් නොතිබූ මේ ළමුන්ගේ ජීවිතයට දැන් අලූත් බලාපොරොත්තුවක් ලැබී තිබේ.
‘‘දැන් අපි ළමා නිවාසයේ සිටියදී පාඩම් වැඩ කරනවා. සෙල්ලම් කරනවා.’’ ඩිලානි පැවසුවාය.
ළමා නිවාසයේ සිටිමින් අධ්‍යාපන වැඩ කටයුතු කරන මේ ළමුන්ට අනාගතය පිළිබදව ඇත්තේ සුභ සිිහිනයන්ය.
‘‘මට කවදාහරි වෛද්‍යවරියක් වෙන්න තමයි හිතාගෙන ඉන්නේ.’’ කුලසේකරම් කීවාය.
Celebrations of Universal Children’s Day gave the opportunity for several orphans from the Wanni to visit Colombo on a trip filled with fun and education. These children who were initially in children’s homes in the Wanni were later placed in the Siriliya Children’s Home in Wairapuliyankulam in Vavuniya when they were displaced in the Wanni. They visited Colombo on September 27 and visited the zoo on the 28th. The following day, they visited Leisure World and enjoyed a day filled with play and laughter. Most of these children had never stepped beyond the Wanni and their lives are now filled with new hope.
අපිත් මැරුණ නම් මීට වඩා හොදයි
Five years on still in camps
ජීවිත කාලයක් පුරාවට හරි හමිබ කරගත් සියළු වස්තුව මුහුදට බිලිවෙන දෙස බලා සිටි පිරිසට ඉතිරි වූයේ තමන්ගේ ඇදිවත පමණය.තමන්ගේ ජීවිතය පමණක් ඉතිරි කර ගත් මොවුන් තමන්ට නුහුරු නුපුරුදු පරිසරයක හිසට වහළ තනා ගනනේ සදහටම එම ස්ථානයේ සිටීමේ අදහසින් නොවේ.රත්මලාන සළුසළ වත්තට පැමිණෙන මෙම පිරිස සුනාමි ව්‍යසනයෙන් අවුරුදු පහක් ඉක්ම යාමට ආසන්නව තිබෙන මොහොතේ ද තවමත් එතැනමය.සුනාමිය පැමිණෙන්නට ප‍්‍රථම මොවුන් ජාතික ආර්ථිකය සවි බල ගැන්වීම උදෙසා වෙහෙස වී වැඩ කළෝය.එහෙත් මේ වන විට එදා වේල පිරිමසා ගන්නට තරම්වත් ඔවුනට ශක්තියක් නොමැති තරම්ය.
“රුපියල් විසිපන්දාහක් දෙන්නම් කියලා අපට යන්න කියනවා.අපි මෙ සල්ලි ටිකෙන් මොනවා කරන්නද.අපිට කන්න නැතත් වැටිලා ඉන්න තැනක් දෙන්න කියලා විතරයි අපි කියන්නේ.දහසක් බලාපොරොත්තු සිතෙහි තද කර ගනිමින් වසන්තා.” චන්ද්‍රකාන්ති පැවසීය.
ස්ථීර පදිංචි පිරිසට පමණක් ඉඩම් ලබා දීමටත් සෙසු අනු පවුල් හා කුළි පවුල් වෙත රුපියල් විසිපන්දහසක මුදලක් ලබා දීමටත් නීතියෙන් ගත් පියවර නිසාවෙන් පවුල් දහසයක් පමණ අසරණව සිටී.බැලූ බැලූ අත කිසිවකුගේ සරණක් නොමැති නිසාවෙන් මේ පිළිබද කිසිවකුට නොකියන්නට ඔවුන් තීරණය කර හමාරය.මන්ද යත් සෑම දින කම සිදු වන්නේ කිසිවකු හෝ පැමිණ තොරතුරු විමසීම පමණක් නිසාය.
“අපි මොනතරම් කීවත් මේවාට පිළිතුරු ලැබෙන්නේ නැහැ.කියලා එපා වෙලා තියෙන්නේ.මේ පැත්තේ ඉන්න මිනිස්සු විතරයි දන්නේ අපි මෙහෙ ඉන්නවා කියලා කියලා . වගකිව යුත්තෝ සළුසළ වත්තක් තියනවද කියලා දන්නේ නැතිව ඇති.” චන්ද්‍රකාන්ති පැවසීය.
තම ජීවිතයෙන් ප‍්‍රයෝජන ගන්නට පමණක් සියළුම වගකිව යුත්තන් බැදී සිටින බවත් සුනාමි උණූසුම පැවති කාලයේ ඔවුනට ලැබුණ සැළකිළි දැන් නොලැබෙන බවත් හුදෙක් සියල්ල මවා පෑමක් පමණක් බවත් ඔවුන් විශ්වාස කරයි.
“හැමෝම අපිව රවට්ටනවා විතරයි.ජන්දේ ළංවෙද්දී විතරයි හැමෝම අපිව හොයාගෙන එන්නේ.අපේ දුක ගැන රටටම ඇහෙන්න කතා කරලා ජන්ද ගන්න එනවා.මේ හැමෝම කලේ සුනාමිය වවාගෙන කාපු එක.තවත් කරන්නේ ඒකමයි.” හේමපාල සෝවිස් පැවසීය.
මෙම කදවුර වෙත මෙම පිරිස පැමිණෙන්නේ දෙදහස් හතර දෙසැම්බර් විසිහය සුනාම් ව්‍යසනයෙන් දවස් දෙකක් ඉක්ම ගිය පසුය.එසේ පැමිණෙන විට මෙම සළුසළ වත්තද කුඹුරු යායක් ලෙස පැවති අතර ව්‍යසනයෙන් විපතට පත් මේ මිනිසුන්ගේ දෑතේ වීර්යෙන් සමතලා බිමක් බවට පත්විය.එසේ ජීවත් වන නිවහන දැන් ජීවත් වීමට කරම් සුදුසු තත්වයක් දැන් නොපවතී.අවුරුදු පහක් ඉක්ම යාමට නියමිත මෙම ලෑලි ගෙවල් කොටසක් දිරාපත් වී ඇත. තමන්ගේ මහන්දියෙන් ඉදිවන අඩි දහයයි දහයේ ලෑලී කාමරය තුළ පවුල් දෙකක් නැතිනම් හතරක් වාසය කරයි.එම මේ වන විට පවුල් කිහිපයක් තමන්ගේ නව වාසස්ථන කරා ගොස් ඇති අතර එසේ ඉඩම් ලැබී ඇත්තේ සුනාමි අවස්ථාව වන විට ස්ථීර පදිංචියේ සිටියවුන්හට පමණි.කුලී පවුල් සහ අනු පවුල් සදහා මේ වන තුරු ඉඩම් ලැබී නොමැත.
“අපි තට්ටු ගෙවල් ඉල්ලන්නේ නැහැ.ලක්ෂ ගණන් ඉල්ලන්නේ නැහැ.අපිටම කියලා තැනක් දුන්නොත් ඒ හොදටම ඇති.ප‍්‍රාදේශිය සභෘවෙන් මේ වත්තට ලක්ෂයක් මාසෙට ලක්ෂයක් ගෙවනවා කියලා කියනවා.ඒ සල්ලි අපට දීලා යන්න කිව්වා නම් අපි අපේම තැනක් අරගෙන යනවා.”
“සුනාමි ආවේ කුළි පවුල් අනු පවුල් බලලා නෙවෙයි.හැමෝටම එක විදියටයි සුනාමී ආවේ.එහෙනම් හැමෝටම එක විදියට සළකන්නේ නැත්තේ ඇයි.අනු පවුල් දාසයයි මේ කදවුරේ ඉන්නේ.අපට පර්චස් දෙකක් දෙන්න මේ තියෙන ලෑලි ටික ගලවගෙන ගිහින් එතෙන හදා ගන්න.කන්න නැතත් හිත හොදින් අපිට වැටිලා ඉන්න පුළුවන්.” ඩබ්ලිව්.ඩි රම්‍යලතා පැවසීය.
ජීවිතයේ විදි සියළු වේදනාවන අමතක කර දමා ජීවිතයට මුහුණ දීමට සූදානම් වුවද එය කෙසේ හෝ බිදවැටේ.චන්ද්‍රකාන්තිගේ දියණියට ඩෙංගු රෝගය වැළදීම නිසාවෙන් මාස තුනකට ආසන්න කාලයක් දුක් විදීමට සිදු විය.මේ වන විටද උණ රෝගය මෙම කදවුර තුළ පවතින බව අමරාවතී ප‍්‍රනාන්දු පැවසීය.
“හවස හය වුණ වෙලාවේ ඉදලා මදුරු කරදරෙන් බේරෙන්න විදියක් නැහැ.දුන් කබල පත්තු කරගෙන ඉන්නේ එළි වෙනකල්.මේ නොදන්න දරුවෝ ඉන්න තැන් වල දුන් පත්තු කරන්න බැහැ.දරුවන්ට හති හැදිලා තියෙන්නේ.ඊට වඩා මීයෝ ඉන්නවා.හැමදාකම ගෙවල් ඇතුළට ඇවිත් තියෙන හැම දෙයක්ම විනාශ කරලා යනවා.” ප‍්‍රනාන්දු පැවසීය.
“මේ කදවුර අපායක්.නගර සභාවෙන් මේ පැත්තේ එන්නේ නැහැ.මෙතනට ආව කාලෙටම මදුරු තෙල් ගැහුවේ නැහැ.කිසිම පිහිටක් නැති කදවුරක් මේක.මීට වඩා හොදයි අපායට ගියානම්.නැත්නම් සුනාමියටම අහුවෙලා මැරිලා ගියානම්.මේ උණ හොද වෙන්නේ නැහැ දැන් මාසයක් විතර වෙනවා.බෙහෙත් ගන්න කීවට සල්ලි නැහැ”.ප‍්‍රනාන්දු පැවසීය.
“මේ කදවුරට එද්දී අපිව බස්වල අරන් ආවේ ගොඩක් ආරක්ෂාකාරීව.ඒ ආරක්ෂාව සත් දෙක තුනකින් නැතිව ගියා.ග‍්‍රාම සේවකවත් නිකමට ඇවිත් අපි ඉන්නවද මැරුණද බලන්නේ නැහැ.” තනූජා ලක්මාලි පැවසීය.
එදා වේල හොයාගෙන කන්නට සිද්ධ වූ මෙම මිනිසුන් හට අනාගතයක් දෙස සුභවාදී ලෙස බැලීමට හැකියාව ලැබේද යන්න පිළිබද ගැටළුවක් ඇතිවේ.මෙසේ නොසළකා හරිනා පිරිස් මේ රටේම සිටියදී දූෂණය වැළැක්වීම හොරකම් මැරකම් නතර කිරීමට සහ සමානාත්ම තාවයෙන් සැළකීම පිළිබද කතා කිරීම එතරම් යෝග්‍ය නොමැති බව සළුසළ කදවුරේ සමස්ථ අදහසයි.
මෙම කදවුර වෙත ලැබීමට තිබූ ආධාර මුදල්ද නිසි ආකාරව නොලැබුණ බව ඩල්සි ප‍්‍රනාන්දු පැවසීය.අසරණයින්ගේ දෙය සූරා කෑමට හැකි නම් සාමාන්‍ය ජනතාව ගැන නිසි ආකාරව සොයා බලන්නේ කෙසේදැයි ඇගේ මතයයි.
“අපිට මේ කදවුරට ආවට පස්සේ පනස් දාහක් හම්බවෙන්න තිබුණා.ඒත් අපට හම්බවුණේ තිස්දාහක් විතරයි.පවුල් අසූවක් විතර හිටියා.හැමෝටම ඉතිරි විසිදාහ හම්බ වුණේ නැහැ.”ප‍්‍රනාන්දු පැවසීය.
දූ දරුවන් හැටක් පමණ දැනටත් මේ කදවුරේ සිට අධ්‍යාපන කටයුතු වල නිරත වී සිටී.මෙම දරුවන් පසුගිය කාලය පුරාවටක් අදවනතුරුත් පාසල තුළදී නොයෙක් පීඩනයන්ට හසුවන බව ජානකී නිෂානි පැවසීය.
“ස්ථිර පදිංචියක් තියනවා නම් අපිට දරුවන්ව අරන් ගිහින් ඒ තැනක පාසලක මේ දරුවන්ට උගන්වන්න පුළුවන්.තැනින් තැන අරන් ගිහින් මේ දරුවන්ගේ අධ්‍යාපනය කඩාපල්පල් වෙනවා.ඊට වඩා මේ දරුවන්ට පාසලේ දී විවිධ නම් කියනවා.ළමයි ගෙදර ඇවිත් ආයෙත් පාසල් යන්න බැහැ කියනවා.අපේ අසරණකම කාටවත් පේන්නේ නැහැ.” නිෂානි පැවසීය.
මෙම කුදවුර තුළ දරුවන් ආර්ථික ප‍්‍රශ්න නිසාවෙන්ද පාසල අත් හැර ඇති බව නිෂානි පැවසීය.දිනකට රුපියල් දෙසීයන් හෝ තුන්සීයක් උපයා ගන්නා මෙම පිරිස් හට දිනකට රුපියල් සියයක මුදලක් දරුවන්ගේ පාසල් ගමන ස`දහා වියදම් කිරීමට සිදුවීම නිසා මෙම දරුවන්ගේ පාසල් ගමන නතර කරන්නට වූ බව නිෂානි පැවසීය.
පර්චස් දෙකක හෝ තමන්ගේ තැනක ජීවත් වීමට බලා සිටිනා මේ මිනිසුන් හට සාධාරණය ඉටු වන්නේ කෙදිනක දැයි නොඉවසිල්ලෙන් බලා සිටී.වැසි දිනවලදී අපායක් බවට පත්වෙන මෙම කදවුර තුළ මෙම පවුල් හැටකටම ඇත්තේ පොදු වැසිකිළි දෙකක් පමණි.ඒවාද මේ වන විට උතුරා ගොස්ය.වැසි දිනවලට මේ සියළු අපද්‍රව්‍ය නිවෙස් මැදින් ගලා බසිනා බවට මොවුන්ගේ චෝදනාවකි.
නෑදෑ හිතමිතුරන් පැමිණියද ඔවුන් රුදවා ගැනීමට පවා නොහැකි නිසාවෙන් ඔවුන් සමාජයෙන් කොන්වී සිටින බවක් ඔවුනට දැනෙනවා විය හැකිය.කෙසේ වුවද රටේ ආර්ථිකයට ශක්තියක් වූ මේ මිනිසුන්ගේ ජීවිත කෙරෙහි අනුකම්පා සහගතව නොව සාධාරණව බැලීම වැදගත් බවයි මොවුන්ගේ සමස්ත අදහස වන්නේ.
Five years after the tsunami devastation, about 10,000 families still languish in temporary shelters following a government decision to provide land only for the tsunami affected who had permanent residences at the time. The families affected by the tsunami who have been living on rent or without a permanent residence at the time were given a sum of Rs. 25,000. These families had arrived at the Salu Sala watta in Ratmalana two days after the tsunami in 2004 and to date lives in the camp in 10×10 feet wooden shacks. The aid received by these people during the initial period following the tsunami has now ended. Their request is for a basic permanent residence, which they said would help overcome many of the difficulties faced by them at present.
අවතැන් ළමුන්ගේ අනාගතයට බලාපොරොත්තුව-අධ්‍යාපනය
Education offers hope to war displaced kids
දශක තුනකට ආසන්න කාලයක් තිස්සේ ශ්‍රී ලංකාවේ පැවති යුද ගැටුම් අවසානයේ අවතැන්ව සිටින දෙලක්ෂ අසූදාහක් පමණ වන අවතැන්වූවන් අතර සිටින ළමුන් වඩාත්ම සතුටින් සිටින්නේ අධ්‍යාපනය ලබන අතරවාරයේ සහ අධ්‍යාපනයට සම්බන්ධ කටයුතුවල යෙදෙන අතරවාරයේදී වන බව ළමුන් සදහා සහන සේවා සපයන සේව් ද චිල්ඩ්රන් ආයතනය පවසයි.
යුද ගැටුම් වලට මැදිව අවතැන්වූ ළමුන් සාමාන්‍ය පරිසරයෙන් ඉවත්ව කදවුරු තුළ සිය ජීවිතය පවත්වාගෙන යන නමුත් අධ්‍යාපනය ලබාදීමේ පරිසරයක් තුළින් ළමුන්ගේ ජීවිත සාමාන්‍යකරණයට ලක්වීම වේගවත් වන්නේයැයි සේව් ද චිල්ඩ්රන් ආයතනයේ ඉගෙනුම් හා බලපෑම් අංශයේ ප‍්‍රධානී දර්ශණී සෙනවිරත්න පැවසුවාය.
‘‘අවතැන් කදවුරු තුළ ළමුන්ට අධ්‍යාපනය ලැබීමට අවස්ථාවක් ලැබීම තුළින් ඔවුන්ගේ ජීවිත සාමාන්‍යකරණයට ලක්වීම වේගවත් වෙනවා. මේ නිසා අවතැන් කදවුරුවල සිටින ළමුන් ඉගෙනුම් පරිසරයක් තුළ වඩාත් සතුටින් සිටිනවා.’’ සෙනවිරත්න පැවසුවාය.
අවතැන්වීම තුළ ළමුන් දැඩි බියකින් කල් ගතකරන බවද දරුණු වශයෙන් යුද ගැටුම් ආරම්භවූ 2007 වසරේ අවසන් මාස කීපයය හා 2008 වසරේ මුල් මාස කීපය ඇතුළතදී අවතැන්වී සිටින ළමුන්ගේ තත්වය පිළිබදව පර්යේෂණ කරමින් සේව් ද චිල්ඩ්රන් ආයතනය විසින් ඉදිරිපත් කරන ලද ‘‘නිවසින් බැහැර නිවහන – ශ‍්‍රි ලංකාවේ අවතැන්වීම් සහ ආරක්ෂාව, මීළග පියවර කුමක්ද’’ නැමති වාර්තාව ඉදිරිපත් කරමින් සේව් ද චිල්ඩ්රන් ආයතනය සදහන් කළේය.
ගැටුම් සහිත පරිසරය ළමුන්ගේ මානසික තත්වය කෙරෙහි දැඩි බලපෑමක් එල්ල කර තිබුනේය. මෙවැනි පරිසරයක් තුළදී ළමුන්ට විශාල මානසික බලපෑමක් එල්ලකර තිබෙන්නේයැයි සේව් ද චිල්ඩ්රන් ආයතනය කීවේය.
‘‘යුද ගැටුම් ළමුන්ට දැඩි බලපෑමක් එල්ලකර තිබෙනවා. ගැටුම් සහිත පරිසරය ළමුන්ගේ වර්ධනයට බලපා තිබෙනවා.’’ එම වාර්තාව කීවේය.
යුද ගැටුම් නිසා මේ වන විට අවතැන්ව සිටින දෙලක්ෂ අසූ දහසක් පමණ වන සිවිල් වැසියන් අතර වයස අවුරුදු පහට වඩා අඩු ළමුන් තිස් දෙදහසක් සිටින්නේ යැයි යුනිසෙෆ් සංවිධානය පවයසි. අවතැන්වූ පිරිස අතරින් වයස අවුරුදු 18 වඩා අඩු පිරිස අවතැන්වූවන්ගෙන් තුනෙන් එකක් පමණ වන බවද එම සංවිධානය කියයි.
අවතැන් වන විට ළමුන්ට අධ්‍යාපනය ලැබීමට ඇති අවස්ථාවන් මුලින්ම අහිමි වන්නේයැයි සේව් ද චිල්ඩ්රන් ආයතනයේ ප‍්‍රකාශිකා මේනකා කළ්‍යාණරත්න පැවසුවාය.
‘‘යුද්ධයකදී පමණක් නොවෙයි ස්වභාවික ආපදාවකදී අවතැන් වන විට අධ්‍යාපනය ලැබීමට ඇති අවස්ථාව අහිමි වෙනවා. අවතැන් වීම තුළින් අධ්‍යාපනය ලැබීමට තිබෙන පොත් පත් අහිමි වෙනවා. පාසල් අවතැන් කදවුරු බවට පත්වෙනවා. මෙවැනි තත්වයක් තුළ අධ්‍යාපනය ලැබීමට බාධා ඇතිවෙනවා.’’ කළ්‍යාණරත්න කීවාය.
ළමා කාලයේ අධ්‍යාපනය ලැබීම ළමුන්ගේ අනාගතය කෙරෙහි බලපාන බැවින් ළමුන් අවතැන්වූවන් බවට පත්වූවත් ඔවුන්ට අධ්‍යාපනය ලබාදීම වැදගත් වන්නේයැයි ඇය පවසන්නීය.
‘‘(අවතැන්ව සිටින) ළමුන්ට අධ්‍යාපන අවස්ථා අහිමිවීම මගින් ඔවුන්ගේ සමස්ත ජීවිතයේ හිඩසක් ඇතිකරනවා. අනාගතය පිළිබදව වන බලාපොරොත්තු අනාගතයේ යහපත් පුරවැසියෙක් බවට පත්වීමට ඇති අවස්ථාව අඩුවෙනවා. අධ්‍යාපනය ලැබීමට අවස්ථාවන නොලැබීම මගින් අනාගතයේ නොයෙකුත් දුරාචාරයන්ට යොමුවීමට අවස්ථාව ලැබෙනවා. එය ජීවිතයට විශාල බලපෑමක් එල්ල කරනවා. මේ නිසා අධ්‍යාපනය ලබාදීම අනාගතය වෙනුවෙන් කරන ආයෝජනයක්. ’’ කළ්‍යාණරත්න සදහන් කළාය.
සාමාන්‍ය ළමුන්ට මෙන් නොව අවතැන්ව සිටින ළමුන්ට තමන්ගේ ජීවිතයේ සියලූම අවස්ථාවන් අහිමිව සිටින බැවින් ඔවුන්ට අධ්‍යාපනය ලබාදීමට කටයුතු කිරීම වඩා වැදගත් වන්නේයැයි සේව් ද චිල්ඞ්රන් ආයතය කියයි. ජීවිතයේ සියලූම අවස්ථාවන් අහිමිව මානසිකව කඩා වැටී සිටින ළමුන්ට අධ්‍යාපනය ලබාදීම මගින් ඔවුන්ගේ ජීවිත වලට යම් බලාපොරොත්තුවක් ලබාදීමට හැකියාව ලැබෙන්නේ යැයි කළ්‍යාණරත්න කීවාය.
‘‘අවතැන් ළමුන්ට අධ්‍යාපනය ලබාදීම මගින් ඔවුන්ගේ මනසට යම් සුවයක් ලැබෙනවා.’’ කළ්‍යාණරත්න පැවසුවාය.
අවතැන්ව සිටින ළමුන්ට අධ්‍යාපනය ලබාදීම මගින් එම ළමුන්ට පමණක් නොව ඔවුන්ගේ දෙමාපියන්ට සහනයක් ලැබෙන බව සේව් ද චිල්ඩ්රන් ආයතනය කියයි.
අවතැන්ව සිටින ළමුන්ගේ අයිතීන් පිළිබදව කිසි විටෙක අමතක නොකළ යුතුව ඇතැයි සේව් ද චිල්ඩ්රන් ආයතනය විසින් නිකුත්කරන ලද වාර්තාවේ සම කර්තෘවරියක් වන විකල්ප ප‍්‍රතිපත්ති කේන්ද්‍රයේ පර්යේෂිකා භවානි ෆොන්සේකා පැවසුවාය.
‘‘අවතැන්ව සිටින ළමුන්ට අධ්‍යාපන අයිතිය පමණක් නොව සෞඛ්‍ය වැනි වෙනත් අයිතිවාසිකම් හිමිවිය යුතුයි. මේ පිළිබදවද අවධානය යොමුකළ යුතුයි.’’ ෆොන්සේකා පැවසුවාය.
අවතැන් කදවුරුවල අධ්‍යාපනය ලබාදීමට ඇති අවස්ථාවන් වැඩි කිරීමට කටයුතු කළ යුතුව ඇතැයි ෆොන්සේකා කියන්නීය.
ලංකාවේ ආපදා තත්වයක් යටතේ ප‍්‍රමුඛතා අතරට මේ වන විට අධ්‍යාපනය එක්ව තිබෙන්නේය.
‘‘ආපදා තත්වයක් යටතේ අධ්‍යාපනයට ප‍්‍රමුඛතාවය ලබාදීම සුභදායී තත්වයක්.’’ කළ්‍යාණරත්න කීවාය.
මේ වන විට යුද ගැටුම් නිසා අවතැන්ව සිටින ළමුන් සදහා අවතැන් කදවුරු තුළම තාවකාලික පාසල් පවත්වාගෙන යන්නේය. ඒ අතර වාරයේ සාමාන්‍ය ළමුන්ට විභාග ඵවත්වන ආකාරයන්ම අවතැන් ළමුන්ට රජයේ විභාග සදහා පෙනී සිටීමට අවස්ථාව ලබාදී තිබෙන්නේය. සාමාන්‍ය ළමුන්ට ලබාදී ඇති අවස්ථා අවතැන්ව සිටින ළමුන්ට ඒ ආකාරයෙන්ම ලබාදීම වැදගත් යැයි කළ්‍යාණරත්න කීය.
අවතැන් කදවුරුවල සිටින ළමුන්ට සිය අධ්‍යාපන කටයුතු කරගෙන යාම සදහා අවශ්‍ය පෙළපොත් රජය විසින් ලබාදී ඇති අතර ජාත්‍යන්තර සහන සංවිධාන විසින් ළමුන්ට නිල ඇදුම් හා පොත් හා පාසල් උපකරණ ලබාදී තිබේ. මේ වන විට අවතැන් කදවුරුවල සිටින අවතැන්වූ ගුරුවරුන් විසින්ම පාසල් වල ඉගැන්වීම් කටයුතු සිදුකරයි. පසුගියදා අවසන්වූ අ.පො.ස. උසස් පෙළ විභාගයට පෙනී සිටින ළමුන් සදහා කොළඹ සිට ගුරුවරු වව්නියාවට ගෙන ගොස් අමතර පන්ති පැවැත්වීමටද අධ්‍යාපන අමාත්‍යාංශය කටයුතු කර තිබුණේය.
‘‘අවතැන්ව සිටින ළමුන්ට අධ්‍යාපනය ලබාදීමට රජය විසින් ක‍්‍රියාත්මක කරන වැඩසටහන් සදහා සහන සංවිධාන සිය සහයෝගය ලබාදෙනවා.’’ කළ්‍යාණරත්න කීය.
තමන්ට කසියම් කරදරයක් වෙතැයි අවතැන්ව සිටින ළමුන් බියෙන් පසුවන්නේයැයි ෆොන්සේකා කීවාය. අවතැන් කදවුරුවල සිටින ළමුන්ට ඉන් පිටතට යාමට අවස්ථාව නොලැබීමද ගැටලූවක් බවට පත්ව ඇතැයි ෆොන්සේකා කීවාය.
සමාන්‍ය ජීවිතයක් ගතකිරීමට නම් අවතැන්ව සිටින ළමුන්ට සිය පවුල සමග සිටීමට අවස්ථාව හිමිවිය යුතුව ඇතැයි ඇය කීවාය.
අවතැන් කදවුරුවල සිටින ළමුන්ගේ ළමා අයිතිවාසිකම් ආරක්ෂා කිරීම සදහා සියලූම පියවර ගෙන ඇතැයි ජාතික ළමාරක්ෂණ අධිකාරිය කියයි.
අවතැන්ව සිටින ළමුන් කදවුරු වෙත රැුගෙන ඒමේදී ඔවුන්ගේ දෙමාපියන් මගහැරී ඇතිනම් දෙමාපියන් නැවත සොයාගැනීමට උපකාර කරන බවද එම අධිකාරිය කියයි. එමෙන්ම දෙමාපියන් අහිමි වූ ළමුන්ට කැපකරු දෙමාපියන් ලබාදිමේ වැඩසටහනක් ක‍්‍රියාත්මක කරන බවද ජාතික ළමා රක්ෂණ අධිකාරිය පවසයි.
‘‘සාමාන්‍ය ප‍්‍රදේශයක ළමුන්ගේ අයිතිවාසිකම් ආරක්ෂා කිරීමට කටයුතු කරනවාට වඩා වෙනස් තත්වයක් තමයි මෙහි තිබෙන්නේ. දිසාපති රජයේ නිළධාරීන් හා ආරක්ෂක අංශවල සාහය ඇතිව අවතැන් ළමුන්ගේ අයිතිවාසිකම් ආරක්ෂා කිරීමට කටයුතු කළා.’’ ජාතික ළමා රක්ෂණ අධිකාරිය පවසයි.
Children living among the war displaced find happiness through education. Receiving an education similar to when they are at school even in the IDP camps help bring normalcy to the lives of the displaced children, Save the Children Organization says. According to the organization, while there are 32,000 children below the age of five in the IDP camps about one third of the residents in the camps are below the age of 18. Temporary schools have been set up within the camps for these children and while the government has provided them with the necessary text books, the international relief organizations have provided them with uniforms and other necessities. Displaced teachers in the camps teach these children. The government exams are also held for these displaced children. Relief organizations are currently helping programmes launched by the government to educate the displaced children.
ඡායාරූප-Save The Children










