Fresh catch may bring new life to former conflict zone

July 26, 2010 by Editor  
Filed under English, Featured, Stories

PANICHCHANKERNI, 26 July 2010 (IRIN) – Every day, more than 100 fishing boats launch into the waters off Panichchankerni in eastern Batticaloa District – four times the number when fighting re-erupted four years ago. Security restrictions meant boats could only go out at certain times, but these rules have been relaxed since the end of the war in May 2009.

“We go out daily now,” said Dominic Silva, a fisherman whose family has been involved in the  local fishing industry for 75 years. “There is no restriction on fishing hours. We can now calculate when the best catches will be and we go out.”

The revival bodes well for the local economy, which relied on fishing and agriculture for 50 percent of its revenue before the 26-year conflict.

“Small-scale fishing is the lifeline of fisher families along the coast of the north and the east. Due to severe security restrictions during the civil war such small-scale fishing was almost all for meeting people’s basic needs or for survival,” said Muthukrishna Sarvananthan, principal researcher at the Point Pedro Institute of Development.

“In the past year after the war, fishing has gradually experienced considerable commercialization.”

On a good day, fishermen can earn as much as US$185, though the average daily income is about $10-$30. The booming industry has also provided an income stream for at least 500 villagers as boat hands and in other odd jobs.

However, in other areas, the picture is gloomier. “I visited Kilinochchi and Mullaitivu [in the north] one month ago. At that time, people were suffering from a lack of fishing equipment. Kilinochchi and Mullaitivu still haven’t come back to normal,” said Maheeni Samarkoon, national fisheries coordinator with the Sewa Lanka Foundation.

Sarvananthan cautioned against being too optimistic about the revival of small-time fishing. Its impact is unlikely to last long unless there is significant development and diversification in the sector, he said.

“Small-scale fishing activity has a short shelf-life in the northeast. In the medium and long term it has to either upgrade into large-scale deep-sea fishing or diversify into other sectors,” he said.

Samarkoon noted that while coastal fishing has revived in the east, more technical knowledge and input are needed to bring back deep-sea fishing. Furthermore, she added, “in the east of the country, there is vast potential for aquaculture development activities”.

  • Share/Bookmark

විපක්ෂය ආර්ථික ප‍්‍රතිපත්ති ඉදිරි පත් නොකළේ කණ්ඩායම විසිරෙන නිසා

January 22, 2010 by Editor  
Filed under Featured, Stories

මහින්ද චින්තනයේ ආරථික ප‍්‍රතිපත්ති පදනම් කර ගනිමින් ජාතික ආරථික සභාව විසින් රජයේ ප‍්‍රවෘත්ති දෙපාර්තු මෙන්තුවේ අද (ජනවාරි 22) පැවති මාධ්‍ය සාකච්ඡාවකදී ආචාර්ය ලලිතසිරි ගුණරුවන් පවසා සිටියේ විපක්ෂයේ පොදු අපේක්ෂකයාගේ ප‍්‍රතිපත්ති ප‍්‍රකාශනයේ ආර්ථික ප‍්‍රතිපත්ති ඉදිරිපත් නොවී ඇති බවයි.මෙයට හේතුව ජෙනරාල් සරත් ෆොන්සේකා ආර්ථික විශේෂඥයින් අවශ්‍ය නොවන බව පැවසීම හා ඔවුන්ගේ සහය ලබා ගැනීමෙන් වැළකීම බවයි ගුණරුවන් පෙන්වා දෙනඅ ලබන්නේ.

‘‘ සරත් ෆොන්සේකාගේ ප‍්‍රතිපත්ති ප‍්‍රකාශනයේ ආර්ථික ප‍්‍රතිපත්ති තබා විදේශ ප‍්‍රතිපත්තිවත් රජයේ සිවභාවයවත් නැහැ. මහිනිද චින්තනයේ එ්කීය රාජ්‍යක් ගැන කියලා තියෙනවා. පැහැදිලි දැක්මක් තිබෙන නිසයි අපි කියන්නේ මේක හොදයි කායලා.රාජ්‍ය ආයතන පෞද්ගලීකරණය කරන එක නැවැත්තුවා. යටිතල පහසුකම් දියුණු කරන්න පටන් ගත්තා.’’ හෙතෙම පැවසුවේය.

පාන් වෙනුවට හාල් කන්නට පුරුදු කළ රජයක ඉදිරි දැක්ම පිළිබදව පැහැදිලි විශ්වාසයක් පවතින බවයි ආචාර්ය ගුණරුවන් පවසා සිටින්නේ.

‘‘මේ අයගේ ආර්ථික ප‍්‍රතිපත්ති ඉදිරිපත් කළොත් මේ අය එක්ක ඉන්න කණ්ඩායමක් හැලෙනවා. විදේශ ප‍්‍රතිපත්ති ගැන කීවොත් තවකණ්ඩායමක් හැළෙනවා.මේ නිසා මේ දේවල් ඉදිරිපත් කිරීමේ හැකියාවක් නැහැ.’’හෙතෙම පැවසුවේය.

අප රටෙහි ගාමක තත්ත්වයක් ඇති වන්නට පුලුවන. අප රටෙහි දේශපාලන නිදහස ලබා ගත්තද ආර්ථිකමය නිදහස ලබාගෙන නොමැති බවට ඇතමකු චෝදනා කරන බවට ආචාර්ය ගුණරුවන් ප‍්‍රකාශ කළේය.

‘‘ස්වාධීන දේශීය ආර්ථික ක‍්‍රමයක් පිළිබදව කතා කරනවා. අපි කොහොමද මේක කරන්නේ. ස්වාධීන දේශීය අර්ථ ක‍්‍රමයක් නිර්මාණය කිරීමෙන් මේක කරන්න පුලුවන්. 100% ක් හැමදෙයක්ම දේශීය වශයෙන් කරන්න බැරි වුණත් හැකි  පුලුවන් තරම් දේවල් ගන්න උත්සහ කරනවා. දේශීය වශයෙන් අනන්‍යතාවය රැකෙන විදියට මේ හැම දෙයක්ම කරන්න පුලුවන් ක‍්‍රමයක් තියෙන්නේ මහින්ද චින්තනය තුළ.’’ හෙතම පැහැදිලි කළේය.

මෙම සාකච්ඡුාවට සහභාගී වෙමින් ආර්ථික විශේෂඥ මහාචාර්ය බුද්ධදාස හේවා විතාරණ පවසා සිටින්නේ අතීතයේ ඉඳි වූ ගුවන් තොටුපළවල් වරායවල් වලට අමතර නව වරායන් මෙන්ම ගුවන් තොටුපළවල් ඉදිවන්නට ආරම්භ වන්නේ මෙම ආණ්ඩුව යටතේ බවයි. එකී හේතුව නිසාවෙන් නව රැකියා අවස්තා බිහි වීමේ ඉඩකඩද වැඩි බවයි හෙතෙම පෙන්වා දෙනු ලබන්නේ.

‘‘ ආර්ථිකය ගෙනියන්න පිටිපස්සෙන් ඉදගෙන තල්ලූ කරලා වැඩක් නැහැ. ඉස්සරහින් ඇඳාගන යන්න  ඕන. ඒ සඳහා නායක අංශය වැදගත් වෙනවා. එක නායක අංශයක් දුවල වෙද්දි තව එකක් ඉස්සරහට එනවා. නිෂ්පාදන අංශය දියුණු වෙද්දි වෙළදපොළවල් නිරිමාණය වෙනවා. ධාවන නායක අංශය හැටියට ස්වභාවික සම්පත් මූලින වෙනවා.’’ මහාචාර්ය හේවා විතාරණ පැවසුවේය.

මෙතෙක් උපයෝගී කර නොගත් දෙයක් ආර්ථික සංවර්ධනය සඳහා යොදා ගන්නා බව හෙතෙම පැවසුවේය.එකී සම්පත ලෙස එතුමා හඳුන්වා දෙනු ලබන්නේ භූගෝලීය පිහිටීමය. ඒ මත ආර්ථික සංවර්ධනය සඳහා අවශ්‍ය නායක අංශ ගොඩ නැඟිය යුත බවයි හෙතෙම පෙන්වා දෙනු ලබන්නේ.

‘‘ ආර්ථික සංවර්ධනයට අවශ්‍ය පංච බලවේග ලෙස නාවුක ප‍්‍රවාහන කේන්ද්‍රය ගුවන් ප‍්‍රවාහන කේන්ද්‍රය වානිජ කටයුතු පිළිබඳ කේන්ද්‍රය දැනුම සහ බලශක්ති කේන්ද්‍රය. මේ දේවල් දියුණු කරන්න භූගෝලීය සාධකය වැදගත් වෙනවා. බංගලාදේශය, සුඩානය , හයිටි බගේ රට වලට දියුණු වෙන්න බැරි වෙලා තියෙන්නේසමාජ ස්ථාවරත්වයක් වගේම දේශපාලන ස්ථාවරත්වයක් නොමැති වීම.’’ හෙතෙම පැවසුවේය.
The National Economic Council at a press conference on the Mahinda Chinthana policies said the policy statement of the opposition candidate does not include any economic policies. Dr. Lalithasiri Gunaruwan observed that the opposition candidate’s policy statement did not include his policies on important issues. Economist Dr. Buddhadasa Hewa Vitharana addressing the media said that the country’s geographical location would be to develop the economy and that it would happen under the Mahinda Chinthana policies.

  • Share/Bookmark

ජී එස් පී සහන කම්කරුවන් අතර බෙදී ගොස් නොමැත

November 13, 2009 by Editor  
Filed under Featured, Stories

GSP+ maim 1workers denied GSP+ benefits

අවුරුදු පහක ජී එස් පී ප්ලස් සහනට ඇඟළුම් සේවක සේවිකාවන් අතර බෙදී නොගිය බවටනොවැම්බර් 12 වන දින කොල්ලූපිටිය ජානකී හෝටලයේ පැවත් මාධ්‍ය සාකච්ඡාවකදී නිදහස් වෙළෙද කලාප පොදු සේවා  සේවක සංගමයේ ලේකම් ඇන්ටන් මාකස් පැවසීය.

ජී එස් පී ප්ලස් ක‍්‍රමය ක‍්‍රියාත්මක වූ අවධියේද කම්කරුවන් අතර එම ප‍්‍රතිලාභ ඉතා අවම වශයෙන් ගලා ගියහ. රැකියා අවස්ථා නිර්මාණය කෙරුණද එම රැකියාවන්හි ගුණාත්මක බවක් හෝ වැටුප් තලයේ ප‍්‍රමාණවත් බවක් දක්නට නොලැබුණ බව මාර්කස් පැවසීය.

‘‘මැති ඇමතිවරු කියනවා ඇගළුම් සිත‍්‍රීන් බලසම්පන්න කරන්න  ඕන කියලා. ඒත් මේ සහන අපේ රටේ කම්කරුවන් අතර බෙදී ගිහින් නැහැ.ඒකට හොඳම උදාහරණය තමයි කම්කරු දෙපාර්තුමේන්තුව 2008 වසරේ කළ සමීක්ෂණය.මේ සමීක්ෂණයෙන් හෙළි වෙලා තියෙනවා ඇගළුම් සේවයේ නියුතු කාන්තාවන්ගෙන් 66% පිරිස රක්තහීනතාවයෙන් පෙළෙන බව.එහෙනම් අපිට අහන්න තියෙන්නේ මේ සහන  නියම ආකාරයෙන් ලැබිලා තියෙනවද.’’ මාකස් පැවසීය.

තවද ඇගළුම් සේවිකාවන් දිනකට ආහාර වේල් දෙකක් පමණක් ලබා ගන්නා බවත් එයට හේතුව වී ඇත්තේ ප‍්‍රමාණවත් පරිදි ඔවුනට ගෙවීම් සිදු නොකරන බවයි. මාකස් පෙන්වා දෙනු ලබන්නේ.දුගී බව තුරන් කිරීම උදෙසා එකී රටවල් බදු බර දරමින් සංවර්ධනය වෙමින් පවතින රටවලට මෙම ජී එස් පී  ප්ලස් සහනය  ලබා දෙන බවයි මාකස් පවසන්නේ.

වසර 2008 වන විට ජී එස් පී ප්ලස් සහනය ඩෙලර් මිලියන 108 මුදලක් ලැබී තිබුණද මේ සහනය නිසි අයුරින් ඔවුන් වෙත නොලැබෙන්නට හේතුව කුමක් දැයි ඔවුන් තවමත් නොදනී.මහා පරිමාණයෙන් ඇගළුම් සේවිකාවන් පිළිබද කතා කරනා කිසිවෙකුට ඔවුන්ගේ යථාර්තය තේරුම් ගැනීමේ හැකියාව නොමැත.මක් නිසාද යත් ඔවුන්ගේ දහඩියෙන් තමන්ගේ බඩ වඩා ගන්නා පිරිසක් ලංකාවේ සිටිනා නිසාවෙන් බවයි මාකස් පවසන්නේ.

‘‘රජය වගේම රටේ පූජ්‍ය පක්ෂයත් කවදාවත් නැතිව බැරෑරුම් විදියට ඇගළුම් කම්කරුවන් ගැන මේ කාලයේ කතා වෙනවා.85% ස්තී‍්‍රන් ඉන්නේ කියලා කතා වෙනවා.වෙනදත් පරීක්ෂණ කරලා තමයි ජී එස් පී ප්ලස් දුන්නේ.කම්කරු අයිත්වාසිකම් ගැන කතා කරලා දුන්නේ.කොන්දේසී මාලා එක්ක දුන්නේ.සම්මුතීන් 27 මේ අය එ් වෙලාවේ පිළී ගත්තා.ඇයි දැන් පිළිගන්න බැහැ කියන්නනේ.’’ මාකස් පැවසීය.

ලංකාව තුළ කිසිම වගකිව යුත්තෙක් සහතිකයක් දෙන්න කැමති නැහැ කිසිම කෙනෙක් එක්ක මේ සහනය බෙදා ගන්නවා කියලා.ආණ්ඩුවටයි පුළුවන් මේ දේ ලබා ගන්න. මාකස් පැවසීය.

‘‘අපි මේ සහනය රඳව ගන්න යනවා නම් අපි කියන්නේ මේ සහනය රටේ ජනතාවට ලැබිය යුතුයි.ලංකාවේ කිසිම කෙනෙක් සහතිකයක් දෙන්න සූදානම් නැහැ මේ සහනය කම්කරුවන් එක්ක බෙදා ගන්න.’’ මාකස් පැවසීය.

ශ‍්‍රී ලංකාව ඇගළුම් ක්ෂේත‍්‍රය කෙරෙහි දැඩි ඉල්ලූමක් මෙන්ම රටවල අවශ්‍යතා උදෙසා සැපයුමක්ද ලබා දෙන රටකි.සේවකයින් 2 70000 පමණ පිරිසකට සෘජු රැකියා අවස්ථා ලබා දෙන මෙම රැකියා ක්ෂේත‍්‍රයේ 85% පිරිස ග‍්‍රාමීය පවුල් වලින් පැමිණ මුලික ආදායම් උපයන පිරිස වේ.මෙම ජී එස් පී ප්ලස් සහනය නිසි අයුරින් නොලැබුණ හොත් මෙම පිරිසෙන් කොටසකට හෝ රැකියා අතහැර යාමට සිදු වන බව ස්ටෑන්ඩ්අප් මුවුමන්ටි හි ලේකම්වරිය වන අශිලා මාපලගම පවසයි.

‘‘ මේ ප‍්‍රතිලාබ කම්කරුවන්ට ගලා යෑමේ ක‍්‍රමවේදයක් සැකසිය යුතුයි. එ්කෙ වගකීම ආණ්ඩුව සතුයි.මේ ඉන්න දෙලක්ෂ පනස් දහසකට අධික පිරිස විශාල බියකින් ඉන්නේ මොන වෙලාවේ ගෙදර යන්න වෙයිද කියලා.අපට රජය ක‍්‍රියා කරන ආකාරය අනුමත කරන්න බැහැ. කම්කරුවන්ට මෙයින් වෙන බලපෑම් වලින් මුදව ගන්න  රජය පෙනී සිටිය යුතුයි.අපි කම්කරුවන් පෙළ ගස්වනවා මේ සහනය ලබා ගැනීම සඳහා බලපෑම් කිරීමට.’’ මාපලගම පැවසීය.

Secretary to the Common Workers’ Association of the Free Trade Zone, Anton Marks said on November 12 that the apparel sector workers had not received any benefits of the GSP+ facility for the last five years. Marks highlighted the importance of formulating a mechanism where the benefits of the tax concession are divided among the apparel sector employees. About 85% of the apparel sector employees are rural youth. According to Marks, although employment opportunities were created in the sector due to the GSP+ facility, the quality and salaries were of poor standards. A study released by the Labour Department in 2008 had revealed that 66% of the apparel sector females suffered from iron deficiency due to the lack of nutritious food, Marks said. Achila Mapalagama, the chair of Stand-Up Initiative an FTZ based workers group said that plans should be formulated so that GSP + benefits reach the factory workers.

  • Share/Bookmark

වෙළද කලාපයේ රැකියා බිය

October 26, 2009 by Editor  
Filed under Featured, Stories

Anxiety mainAnxiety in the Free Trade Zone

කටුනායක නිදහස් වෙළද කලාපයේ ඇගළුම් කර්මාන්ත ශාලාවක සේවය කරන ස්වර්ණා මල්කාන්ති මේ දිනවල සිටින්නේ වෙනත් රැකියාවක් සොයා ගැනීමට සිදුවේද නැද්ද යන්න පිළිබදව වන දෙගිඩියාවෙන් යුතුවය. මල්කාන්ති මෙන්ම ලංකාවේ ඇගළුම් කර්මාන්තයට සම්බන්ධ රැකියාවන්හි නියුතු ලක්ෂ ගණනක් මේ වන විට සිටින්නේ තමන්ගේ රැකියාවේ හෙට දවස පිළිබදව අවිනිශ්චිත හැගීමෙන් යුතුවය.

උදේ හයට පමණ ඇගළුම් කර්මාන්ත ශාලාවට ගොස් ඉර බැස ගිය පසුව නැවත තමන්ගේ බොඩිම් කාමර වෙත පැමිණ කෑම වේල සකසාගන්නා මොවුන්ගේ ජීවත වෙනස්වීමේ අවදානමට මොවුන් මුහුණ දෙමින් සිටී. එකම ජීවන රටාවකට මුහුණදුන් මොවුන් දැන් තමන්ගේ ජීවිතය වෙනස් කර ගන්නේ කෙසේද යන්න පිළිබදව දෙගිඩියාවෙන් සිටී.

ලංකාව විසින් යුරෝපා සංගමය වෙත අපනයනය කරන භාණ්ඩ සදහා ලබාදී තිබූ ජී.එස්.පී. ප්ලස් සහනය දීර්ඝ කරන්නේද යන්න පිළිබදව අවසන් තීරණයක් ගෙන නොමැති නිසා මෙම සේවකයින් අතර මෙවැනි දෙගඩියාවක් ඇතිකර තිබේ.

තමන්ගේ රැකියා අහිමිවීම පිළිබද දෙගිඩියාවකින් පසුවන ඇගළුම් කර්මාන්තශාලා සේවකයින් බොහෝ දෙනකේ තමන්ගෙ රැකියා පිළිබදව අවදානමක් ඇති බව දන්නා අතර ජී.එස්.පී. ප්ලස් සහනය නොලැබී ගියහොත් තමන්ගේ රැකියා අවදානමට ලක්විය  හැකියැයි පවසයි. නමුත් ජී.එස්.පී. ප්ලස් සහනය යනු කුමක්දැයි ඔවුන්ගෙන් බොහෝ දෙනකේ දන්නේ නැත.

‘‘කෝටා ක‍්‍රමය අහිමිවීමෙන් පසුව ලංකාවට ලැබුණ සහනයක් තමයි ජී.එස්.පී. ප්ලස් කියන්නේ.’’ මල්කාන්ති පැවසුවාය.

ජී.එස්.පී. ප්ලස් යනු ලංකාවට ලැබෙන ණය මුදලක් වැනි දෙයක්යැයි නිදහස් වෙළද කලාපයේ ඇගළුම් කර්මාන්ත ශාලාවක ගබඩා පාලකයෙක් වශයෙන් සේවය කරන ලලිත් පුෂ්පකුමාර පැවසුවේය. ජී.එස්.පී. ප්ලස් පිළිබදව නිශ්චිත අදහසක් ප‍්‍රකාශ කළ නොහැකි නමුත් තමන් අසා ඇති ආකාරයට එය ලංකාවට ලැබෙන බදු සහනයක්යැයි ඔහු කීවේය.

ඉදිරියේදී ජී.එස්.පී. ප්ලස් සහනය නොලැබී ගියහොත් ඇතිවන බලපෑම පිළිබදව ඇතැම් සේවකයින් ටිකදෙනෙක් තමන්ගේ රැකියා ස්ථානය තුළ කතාබහ කරයි. එහෙත් බොහෝ දෙනා ඒ පිලිබදව කතා නොකරන බව පුශ්පකුමාර පැවසුවේය.

‘‘අපි උදේ හයට වැඩට ගිහින් රෑට අයිමත් බෝඩිමට එනවා. දවසම වැඩ කරනවා. මේ නිසා මේ ගැන(ජී.එස්.පී. ප්ලස් පිළිබදව)  කතා කරන්න වෙලාවක් නැහැ.’’ ඔහු සදහන් කළේය.

ඇගළුම් කර්මාන්ත ශාලාවල සේවය කරන බොහෝ දොනා ජී.එස්.පී. ප්ලස් සහනය පිළිබදව කිසිවක් දන්නේ නැතැයි මල්කාන්ති කීවාය. නොදැනුවත් කම නිසා බොහෝ දෙනෙක් ජී.එස්.පී. ප්ලස් පිළිබදව කතා නොකරන්නේයැයි ඇය කීවාය.

නිදහස් වෙළද කලාපයේ සේවය කරන බොහෝ දෙනාගේ ජීවිත තමන් සේවය කරන කර්මාන්ත ශාලාවටත් අඩි දහයයි අටේ බෝඩිම් කාමරයටත් සීමාවී තිබේ. ඔවුන්ට එයින් හැර වෙනත් දෙයක් ගැන සිතීමට පවා වේලාවක් නොමැත.

කටුනායක නිදහස් වෙළද කලාපයේ රැුකියාවක් සොයාගෙන නුවරඑළිය වලපනේ ප‍්‍රදේශයේ සිට මීට වසර දොළහකට පෙර කොළඹ පැමිණි පුශ්පකුමාරගේ පවුලේ හතරදෙනාම ජීවත්වන්නේ ඔහු ඇගළුම් කර්මාන්ත ශාලාවේ සේවය කිරීමෙන් උපයන ආදයමෙනි. ඉදිරියේදී තමන්ගේ රැකියාව නැතිවුනොත් පවුල නඩත්තු කිරීමට වෙනත් රැකියාවක් සොයාගැනීමේ අවදානමට පුශ්පකුමාර ගොදුරුවී සිටී.

‘‘රස්සා නැතිවීම ගැන අපිට ලොකු බයක් දැනෙනවා. දැන් මොකක්ද කරන්නේ කියලා හිතාගන්නත් අමාරුයි.’’ පුශ්පකුමාර පැවසුවේය.

‘‘ඇගළුම් කර්මාන්ත ශාලාවල සේවය කරන සේවකයින්ට රැුකියා අහිමිවුවහොත් ඔවුන්ට වෙනත් විකල්පයක් නැතිවෙනවා.’’ නිදහස් වෙළද කලාපයේ සේවයකින් සමග කටයුතු කරන සහන සංවිධානයක් වන ස්ටෑන්ඞ් අප් සංවිධානයේ අධ්‍යක්ෂිකා අශිලා මාපලගම පැවසුවාය.

‘‘මගේ අම්මා ගමේ ඉන්නේ. මගේ පඩියෙන් තමයි ඒ අයත් නඩත්තුකරන්නේ. හදිසියේවත් රස්සාව නැතිවුනොත් පවුලේ අයටත් ප‍්‍රශ්ණවලට මුහුණදෙන්න සිදුවෙනවා.’’ පුෂ්පකුමාර කීවේය. ඇගළුම් කර්මාන්ත ශාලාවේ රැකියාව අහිමි වී ගියහොත් නැවත ගමට ගොස් කුඹුරු වැඩ කිරීම ආරම්භ කිරීමට ඔහු සිතමින් සිටී.

රැකියා අහිමිවුවහොත් නැවත ගමට ගොස් ගොවිතැන් වැඩ ආරම්භ කිරීමට බොහෝ දෙනා සිතුවත් එය සිතන තරම් පහසු දෙයක් නොවන්නේයැයි අම්පාරේ සිට කටුනායක නිදහස් වෙළද කලාපයේ ඇගළුම් කර්මාන්ත ශාලාවක සේවයට පැමිණි අනූෂා කුසුම් රණවීර පැවසුවාය.

‘‘ගොවිතැන් කරන්න ගත්තත් වැසි නැතිවුනොත් ගොවිතැන් පාඩු වෙනවා. සත්තු ආවොත් ගොවිතැන් පාඩු වෙනවා.’’ ඇය කීවාය.

බොහෝ දෙනා නැවත ගමට ගොස් රැකියාවක් ආරම්භ කිරීමට සිතුවත් මල්කාන්තිගේ බලාපොරොත්තුව වන්නේ රැකියාවක් සොයාගෙන විදේශ ගතවීමය. එසේ නැතිනම් රූපලාවන්‍ය ආයතනයක් ආරම්භ කිරීමය.

‘‘මම කලින් රූපලාවන්‍ය පාඨමාලාවක් හදාරලා තියෙනවා. මේ නිසා රස්සාව නැතිවුනොත් මට රූපලාවන්‍ය ආයතනයක් ආරම්භ කරන්න පුළුවන් කම තියෙනවා.’’ ඇය පැවසුවාය.

තමන්ගේ රැකියාව අහිමිවුවොත් වෙනත් රැකියාවක් සොයා ගැනීම සදහා උපදේශයක් ගැනීමට අයෙක් නොමැතිවීමේ ගැටලූවටද මල්කාන්ති මුහුණ දී සිටී. ඇගේ දෙමාපියන් එතරම් උගත් සමාජය පිළිබද දැනුමක් ඇති අය නොවන බැවින් ඔවුන් සමග මේ පිළිබදව කතා කළ නොහැකියැයි ඇය කීවාය.

‘‘රස්සාව නැතිවෙනවා කියලා ගෙදරට කිව්වොත් තාත්තා කියන්නේ මේවා සේරම අතහැර දාලා ගමට එන්න කියලා.’’ මල්කාන්ති කීවාය.

ආර්ථික වශයෙන් ශක්තිමත් වීම සදහා රැකියා සොයාගෙන වෙළද කලාපයට පැමිණි තමන්ට රැකියා අහිමිවීම ගැටලූවක් බව ඇය පැවසුවාය. තමන්ගේ දෙමාපියන් පවසන පරිදි නැවත ගමට යාම ගැටලූවක් බව ඇය පැවසුවාය.

වෙළද කලාපයේ රැකියාවක් ලැබීමත් සමගින් පවුලට බරක් නොවී ආර්ථික වශයෙන් ශක්තියක් ලබාදුන් ළමුන්ට රැකියා අහිමිවුවහොත් එය පවුලේ ආර්ථීකයට බලපෑ හැකියැයි මාපලගම කීවාය. රැකියා අහිමිවීම තුළ පවුලට ලැබන ආදායම අහිමවීම ඔවුන්ට බරපතල ලෙස දැනෙනු ඇතැයි ඇය කීවාය. රැකියා අහිමිවී නැවත ඔවුන් ගමට ගියහොත් පවුලේ යැපෙන්නන්ගේ සංඛ්‍යාව ඉහළ යාම පවුලට දැනෙන ආකාරයේ ගැටලූවක් වනු ඇතැයි ඇය විශ්වාස කරයි.

‘‘මේ දුප්පත් ළමයින්ගේ අම්මලා තත්තලාට තවත් බත් පිගානක් වැඩි කරන්න වෙනවා කියන එක ප‍්‍රශ්ණයක්.’’ මාපලගම කීවාය.

ඇගළුම් කර්මාන්ත ශාලාවල සේවය කරන සේවයකයින්ට නොයෙකුත් සේවා සැපයීම සිය ජීවනෝපාය කරගත් බොහෝ දෙනා මේ ප‍්‍රදේශයේ වෙති. ඇගළුම් කර්මානත්යේ රැකියා අහිමිවී ගියහොත් එය මොවුන්ටද බලපාන්නේය.

‘‘බෝඩිම් කාමර කාමර කුලීයට දෙන අයගේ සිට ත‍්‍රීවිල් රථ රියදුරා දක්වා වන අයට ලොකු බලපෑමක් එල්ල කරනවා. ඇගළුම් කර්මාන්තයේ රැකියා අහිමිවීම  නිසා වක‍්‍ර ලෙස ඇගළුම් කර්මාන්තයට සම්බන්ධ අයට බලපානවා.’’ මාපලගම පැවසුවාය.

‘‘අපිට ගමට ගියොත් මොනවා හරි කරලා ජීවත් වෙන්න පුළුවන්. ඒත් බෝඩින් කාමර ලබාදෙන අය වගේ මේ පැත්තේ ඉන්න අයට ජීවත් වෙන්න විදියක් නැති වෙනවා.’’ රණවීර කීවාය.

ජී.එස්.පී. ප්ලස් සහනය නොලැබී ගියහොත් තමන්ගේ රැකියා අහිමිවෙතැයි බියෙන් සිටින පුශ්පකුමාර බලාසිටින්නේ මොන අවස්ථාවේදී එම සහනය ලංකාවට ලැබේද යන්න පිළිබදවය. මේ නිසා ජී.එස්.පී. ප්ලස් සහනය කෙසේ හෝ ලබාගත යුතුයැයි ඔහු විශ්වාස කරයි.

‘‘අපේ රස්සා ටික රැකගන්න ජී.එස්.පී. ප්ලස් සහනය කෙසේ හෝ ලබාගත යුතුයි කියලා හිතනවා.’’ පුශ්පකුමාර කීවේය.

  • Share/Bookmark

ජී.එස්.පී. ප්ලස් ගැන ඇගළුම් කර්මාන්ත හිමිකරුවන්ගේ කතා

October 23, 2009 by Editor  
Filed under Featured, Stories

Mixed reactions to possible GSP Plus suspension

ජී.එස්.පී. ප්ලස් සහනය නැවත ලංකාවට ලැබේද නැද්ද යන්න පිළිබදව ස්ථිරව කිසිවක් ප‍්‍රකාශවී නොමැති අවස්ථාවේදී එම සහනය ලැබීම නොලැබීම පිළිබදව ඇගළුමම් කර්මාන්ත කරුවන් අතර  විවිධ මත ප‍්‍රකාශ කරයි.

ජී.එස්.පී. ප්ලස් සහනය නැවත නොලැබී ගියහොත් ඒ සදහා මුහුණදීමට හැකියැයි ඇතැම් ඇගළුම් කර්මාන්තකරුවන් ප‍්‍රකාශ කරන අතර එම සහනය නැවත නොලැබුනහොත් ලංකාවේ ඇගළුම් කර්මාන්තය කඩා වැටිය හැකියැයි ඇතැම් ඇගළුම්කරුවන් ප‍්‍රකාශ කරයි.

ජී.එස්.පී. ප්ලස් සහනය අහිමි වුවාහොත් ඉදිරියේදී කිසියම් ගැලූකාරී තත්වයක් ඇතිවුවත් එයට මුහුණදීමට හැකියාව පවතින්නේයැයි හැන්ඩ්ස් ඉන්ට‍්‍රනැෂනල් පුද්ගලික සමාගමේ සභාපති ගේ‍්‍රෂන් ගුණවර්ධන පැවසුවේය.

‘‘ලෝක ආර්ථික අර්බුදය සමගින් ජී.එස්.පී. ප්ලස් සහනය නොලැබී ගියොත් කිසියම් ආකාරයේ බලපෑමක් එල්ලවෙන්න පුළුවන්. ඒත් ඒ රටවලට මිනිස්සුන්ට ඇදුම් ගන්න වෙනවා. ජී.එස්.පී. ප්ලස් සහනය නොලැබී ගොස් මාස හයක් පමණ ගතවනව විට මේ තත්වය සාමාන්‍ය තත්වයට පත්විය හැකියි.’’ ගුණවර්ධන කීවේය.

වසර ගණනාවක් එක් දිගට විදේශ රටවල සිටින ඇගළුම් ගැනුම් කරුවන් සමග කටයුතු කිරීම නිසා ඇතිව තිබෙන විශ්වාසය නිසා එම ගැනුම්කරුවන් වෙනත් රටවල ඇති ඇගළුම් කර්මාන්තශාලා වෙත ඇණවුම් ලබාදීමට කටයුතු නොකරනු ඇතැයි මෙතෙම පැවසුවේය.

‘‘ලංකාවට ලබාදී තිබෙන ඇගළුම් ඇනවුම් චීනයට හෝ බංගලාදේශයට ලබාදෙතැයි සිතන්න බැහැ.’’ ගුණවර්ධන කීය.

මීට පෙර ඇගළුම් කෝටා ලංකාවට නොලැබී ගිය අවස්ථාවේදී ගැටලූ ඇතිවිය හැකියැයි බොහෝ දෙනා විශ්වාස කළේය. එහෙත් කෝටා නොලැබී යාමත් සමග ඇගළුම් ක්ෂේත‍්‍රයට කිසිදු ගැටලූවක් ඇති නොවූ ආකාරයට ජී.එස්.පී. නොලැබී ගියත් කිසිම ගැටලූවක් ඇති නොවිය හැකියැයි ගුණවර්ධන කීවේය.

‘‘කෝටා නැතිවෙයි කියලා බයෙන් හිටියාට එය නැතිවුනා කියලා විශාල බලපෑමක් ඇතිවුනේ නැහැ. දැන් ජී.එස්.පී. නැතිවුනා කියලා ඒ රටවල් ලංකාවෙන් ඇගළුම් මිලට ගැනීම නවත්වන්නේ නැහැ.’’

ජී.එස්.පී. ප්ලස් සහනය නොලැබී යාමත් සමගින් ඇගළුම් කර්මාන්තශාලා වලට බලපෑමක් එල්ලවිය හැකියැයි ඇතැම් ඇගළුම් කර්මාන්ත හිමිකරුවන් පවසයි.

‘‘ජී.එස්.පී. ප්ලස් සහනය නොලැබී ගියහොත් ඇගළුම් කර්මාන්තවලට ඒ සදහා මුහුණදීමට හැකියාවක් නැහැ. මේ නිසා සමහර ඇගළුම් කර්මාන්ත ශාලා වැසී යාමේ අවදානමක් තිබෙනවා.’’ නම සදහන් නොකරන ලෙස ඉල්ලා සිටි කටුනායක ආයෝජන ප‍්‍රවර්ධන කලාපයේ ඇගළුම් කර්මාන්ත ශාලාවක හිමිකරුවෙක් පැවසුවේය.

ලෝක ආර්ථික අර්බුදයක් පවතින අවස්ථාවේදී ජී.එස්.පී.. ප්ලස් සහනය නොලැබී ගියහොත් එය ඇගළුම් ක්ෂේත‍්‍රයට සියයට හතළිහත් හැත්තෑපහත් අතර ප‍්‍රමාණයකින් බලපෑමට හැකියැයි දයා ඇපරල් ඒක්ස්පෝර්ට් පුද්ගලික සමාගමේ සභාපති දයා ගමගේ කීවේය.

‘‘මේ සහනය නැතිවුනාම ඒ සදහා මුහුණ දීමට විශේෂ  ක‍්‍රමයක් නැහැ. කිසිම විකල්පයක් නැහැ. දැන් තිබෙන තත්වයකට වඩා අමාරු තත්වයකට ඇගළුම් කර්මාන්ත කරුවන්ට මුහුණදීමට සිදුවෙනවා.’’ කේන් ඇපර්ල් පුද්ගලික සමාගමේ සාමාන්‍යාධිකාරී අජිත් කුරේ කීවේය.

‘‘වතුරේ වැටුණ මිනිහා පීනලා ගොඩ එන්න  ඕන. නැත්නම් ගිලිලා මැරෙන්න වෙනවා. දැන් ඇගළුම් කර්මාන්තයට ගිලිලා මැරෙනවා ඇර වෙනත් විසදුමක් නැහැ.’’ ගමගේ පැවසුවේය.

ජී.එස්.පී. ප්ලස් සහනය නොලැබී ගියහොත් ඇගළුම් වෙනුවෙන් ලැබුණ මුදලට වඩා අඩු මුදලක් ඇගළුම සදහා ලැබෙන්නේයැයි කේන් ඇපරල්හි සාමාන්‍යාධිකාරීවරයා කීවේය. මේ අනුව සියයට දහයකින් ආදායම් පහළ යා හැකි බවත් ඇගළුම් ව්‍යාපාරය කඩා වැටිමේ අවදානමක් පවතින බවත් හෙතෙම පෙන්වාදුන්නේය.

‘‘ ඇගළුම් කර්මාන්ත ශාලා වැසී යාමේ අවදානමක් මෙන්ම රැුකියා අහිමිවීමේ අවදානමක්ද පවතිනවා.’’ කුරේ කීවේය.

ජී.එස්.පී. ප්ලස් සහනය නොලැබී ගියහොත් ඇගළුම් සදහා යුරෝපය වෙනුවට වෙනත් වෙළදපොලක් සොයාගැනීමට සිදුවන බවත් මෙය එතරම් පහසු කාර්යයක් නොවන බවත්  නම සදහන් නොකරන ලෙස ඉල්ලා සිටි කටුනායක ආයෝජන ප‍්‍රවර්ධන කලාපයේ ඇගළුම් කර්මාන්ත ශාලාවක හිමිකරු  පැවසීය.

මෙම සහනය දීර්ඝ කිරීමට යුරෝපා සංගමය කටයුතු නොකළහොත් ඇගළුම් කර්මාන්තය පවත්වාගෙන යාම සදහා රජය විසින් සහනාධාර ලබාදිය යුතුයැයි දයා ඇපරල්හි සභාපති ගමගේ පැවසුවේය.

විනිමය අනුපාත සහනාධාර හා වෙනත් සහනාධාර ලබාදෙන්නේනම් ඇගළුම් කර්මාන්ත ගැටලූවකින් තොරව පවත්වාගෙන යාමට හැකියාව ලැබෙන්නේ යැයි හෑන්ස් ඉන්ට‍්‍රනැෂනල්හි සභාපති ගුණවර්ධයද පැවසුවේය.

‘‘ආණ්ඩුව ඇගළුම් කර්මාන්ත කරුවන්ට සහනාධාර ලබාදෙන බවට ආණ්ඩුව මීට පෙර පැවසුවත් තවමත් අපිට ඒ සහනාධාර ලැබුනේ නැහැ.’’ ගමගේ කීය.

සහනාධාර ලැබුනත් නැතත් ලෝකයේ අනිකුත් රටවල් සමග තරගකාරීව කටයුතු කිරීමට ඇගළුම් කර්මාන්ත කරුවන්ට හැකියාව තිබිය යුතුයැයි ගුණවර්ධන සදහන් කළේය.

Amidst the uncertainty of receiving an extension of the GSP Plus facility to Sri Lanka, members of the apparel sector have expressed mixed reactions. While some members claim the sector could survive even without the GSP Plus facility, others observe that losing the facility would result in a downfall in the industry. The apparel sector has on earlier occasions faced the removal of the quota system, but managed to stay afloat. Therefore there is optimism that the sector would be able to bounce back even after losing the GSP Plus facility. Some members of the sector warn that losing the facility could result in the closure of factories and increase in unemployment. However, the apparel sector needs to able to compete in the international market regardless of the concessions received by the country.

  • Share/Bookmark

යුරෝපයට ඇගළුම් අපනයන වැඩිවුනේ ජී.එස්.පී. සහනය නිසා – ලෝක බැංකුව

October 22, 2009 by Editor  
Filed under Featured, Stories

GSP Plus helped export growth – World Bank

යුරෝපා සංගමය වෙත අපනයනය කරන අපනයනය කරන ඇගළුම් ප‍්‍රමාණය ඉහළ යාමට හේතුව වී ඇත්තේ ජී.එස්.පී. ප්ලස් සහනය වන බව ලෝක බැංකුව පවසයි.

2008 වසරේදී ලංකාව විසින් වැඩිම ඇගළුම් ප‍්‍රමාණයක් අපනයන කර ඇත්තේ යුරෝපා සංගමයට වන අතර මේ තත්වයට පත්වීමට ලංකාවට හැකියාව ලැබුනේ ජී.එස්.පී. ප්ලස් සහනය වන නිසාවෙන් බව සැප්තැම්බර් මාසයේ ලංකාවේ ආර්ථික වර්ධනය පිළිබදව වාර්තාව ඉදිරිපත් කරමින් ලෝක බැංකුව පැවසුවේය.

2008 වසර වන තෙක් ලංකාව වැඩිම ඇගළුම් ප‍්‍රමාණයක් අපනයනය කළේ ඇමරිකාවටය. එහෙත් යුරෝපා සංගමය විසින් ජී.එස්.පී. ප්ලස් සහනය ලබාදීමත් සමගින් ඇමරිකාවට අපනයනය කරන ලද ඇගළුම් ප‍්‍රමාණය ඉක්මවායන ඇගළුම් ප‍්‍රමාණයක් යුරෝපා සංගමය වෙත අපනයනය කිරීමට ලංකාවට හැකියාව ලැබුනේයැයි ලෝක බැංකු වාර්තාව සදහන් කරයි.

ජී.එස්.පී. ප්ලස් සහනය ලැබීමත් සමගින් අපනයන යුරෝපය වෙත යවන අපනයන වල වර්ධනයක් සිදුව ඇතැයි ඒකාබද්ධ ඇගළුම් සංගම් සම්මේලනයේ විශේෂ උපදේශක කේ.ජේ. වීරසිංහ පැවසුවේය.

මේ වන විට ලංකාව ඇමරිකානු ඩොලර් මිලියන 3.6 ක් වටිනා ඇගළුම් ප‍්‍රමාණයක් අපනයන කරන අතර මෙයින් ඇමරිකානු ඩොලර් බිලියන 1.6 ක ප‍්‍රමාණයක් අපනයනය කරන්නේ යුරෝපා සංගමය වෙතය.

‘‘ජී.එස්.පී. ප්ලස් සහනය සමගින් ලංකාව විසින් යුරෝපය වෙත අපනයනය කරන ඇගළුම් ප‍්‍රමාණය වැඩිවී තිබෙන බව පැහැදිළියි.’’ වීරසිංහ සදහන් කළේය.

යුරෝපා සංගමය විසින් ලබාදී තිබූ ජී.එස්.පී. ප්ලස් සහනය ඇගළුම් කර්මාන්තයට පමණක් නොව ධීවර නිශ්පාදන අපනයනය වැනි ක්ෂේත‍්‍ර කෙරෙහි බලපා තිබුණ බවද හෙතෙම කීවේය.

ලෝක ආර්ථික අර්බුදය භාණ්ඩ අපනයන පහළ වැටුනද ලෝක ආර්ථික අර්බුදය ආරම්භ වූ කාලසීමාවේදී ලංකාවේ ඇගළුම් අපනයන වර්ධනය කරගැනීමට ලංකාව සමත්ව තිබූ බවද ලෝක බැංකුව පැවසුවේය.

‘‘ලෝක ආර්ථික අර්බුදය ආරම්භ වූ මුල් කාර්තු දෙකේදී ලංකාවට ඇගළුම් අපනයන වර්ධනය කරගෙන තිබෙනවා.’’ ලෝක බැංකුව කිවේය.

2008 වසරේ දෙසැම්බර් මාසයේදී අපනයන කරුවන්ට ලබාදුන් නොයෙකුත් උත්තේජන හා අළෙවිකරණ වැඩසටහන් නිසා එම කාලසීමාව තුළ ලංකාවේ ඇගළුම් අපනයන වර්ධනය වී තිබුනේය. නමුත් මෙහි බලපෑම 2009 වසරේ මුල් කාර්තුවේදී බලපා තිබුනේය. එම කාර්තුව තුළදී ලංකාවේ ඇගළුම් අපනයන සියයට නමයි දශම දෙකකින් පහළ බැස තිබුනේය.

‘‘නමුත් ඇගළුම් ක්ෂේත‍්‍රයේ මූලාශ‍්‍රවලට අනුව මේ වසරේ දෙවැනි කාර්තුවේ තත්වය යහපත් අතට පත්ව තිබෙනවා.’’ ලෝක බැංකුව පැවසුවේය.

යුරෝපා සංගමය විසින් ලබාදී තිබෙන ජී.එස්.පී. ප්ලස් සහනය නැවත වරක් දීර්ඝ කරන්නේද යන්න පිළිබදව මෙතෙක් ස්ථිර තීරණයක් ගෙන නොමැති අතර දෙසැම්බර් මාසයේදී නිල වශයෙන් මෙම සහනය දීර්ඝ කිරීමට කටයුතු කරන්නේද යන්න යුරෝපා සංගමය විසින් ප‍්‍රකාශයට පත්කරනු ඇතැයිද ලෝක බැංකුව සදහන් කරයි. කර්මාන්තවල තත්වය මෙන්ම සමස්ත දේශපාලනික හා වෙනත් කාරණා පිළිබදව අවධානය යොමුකිරීමෙන් පසුව මේ තීරණය ගැනීමට නියමිතය.

‘‘ලෝක ආර්ථික අර්බුදය හමුවේ හා ජී.එස්.පී. සහනය නොලැබෙන තත්වයක් හමුවේ ආයෝජකයින්ට ස්ථාවරව සිටීම ගැටලූකාරී විය හැකියි.’’ ලෝක බැංකුව කීවේය.

The World Bank states that the country’s apparel exports to the EU had increased due to the GSP Plus facility. The Bank’s report on the country’s Economic Development states that Sri Lanka has exported most of its apparels to the EU in 2008. Of the US$ 3.6 billion apparel exports, US$ 1.6 billion worth apparels are exported to the EU. The Bank further sates that investors would be placed in a difficult situation if the country was to lose the GSP Plus facility in the face of global recession.

  • Share/Bookmark

පරිසරය රකින කර්මාන්ත

September 17, 2009 by Editor  
Filed under Featured, Stories

eco frindlyBuyer pressure creates eco friendly work space

ලංකාවේ නිශ්පාදනය කරන භාණඩ පරිසර හිතකාමී ආකාරයෙන් නිශ්පාදනය කරන ලෙස එම භාණ්ඩ මිලදී ගන්නා ගැනුම් කරුවන් එල්ලකරන බලපෑම නිසා මෙරට පිහිටි කර්මාන්ත ශාලා පරිසර හිතකාමී කර්මාන්ත ශාලා බවට පත්වෙමින් තිබෙන්නේය. භාණ්ඩ ගැනුම් කරුවන් පරිසර හිතකාමී නිශ්පාදන ඉල්ලන්නේනම් කර්මාන්ත කරුවන් පරිසර හිතකාමී නිශ්පාදනයන්ට පෙළඹෙන්නේය.

‘‘ජනතාව පරිසර හිතකාමී නිශ්පාදන ඉල්ලන්නේනම් කර්මාන්ත ශාලා පරිසර හිතකාමී නිශ්පාදන වෙත යොමුවනවා.’’  ජාතික පිවිතුරු නිශ්පාදන මධ්‍යස්ථානයේ නියෝජ්‍ය අධ්‍යක්ෂ සමන්ත කුමාරසේන පැවසුවේය.

මේ වන විට පාරිභෝගිකයින් භාණ්ඩ මිලදීගන්නා විට එම භාණ්ඩ නිපදවා ඇත්තේ පරිසර හිතකාමී ආකරයෙන්ද යන්න පිළිබදව අවධානය යොමුකරයි. විශේෂයෙන්ම විදෙස් රටවල සිටින පාරිභෝගිකයින් බොහෝ පිරිසක් පරිසර හිතකාමී නිෂ්පාදන මිලදී ගන්නේය.

‘‘පරිසර හිතකාමි ආකාරයට කිසියම් නිශ්පාදනයක් කරනවානම් ඒ නිශ්පාදනය සදහා වැඩි ඉල්ලූමක් තිබෙනවා.’’කුමාරසේන කීවේය.

පරිසර හිතාකමී නිශ්පාදන පමණක් ඉල්ලුම් කිරීම නිසා මෙරට ඇගලූම් නිශ්පාදනය කර සමාගම් අතරින් සමාගම් කීපයක් පරිසර හිතාකමී කර්මාන්ත ශාලා ආරම්භ කිරීමට පියවර ගෙන තිබුනේය. දේශගුණික වෙනස්වීම් නැවැත්වීම සදහා ලංකාවේ ඇගලුම් නිශ්පාදන මිලට ගන්නා සමාගමක් වන මාක්ස් ඇන්ඩ් ස්පෙන්සර් සමාගම 2007 වසරේදී තිරසාර සංවර්ධන වැඩසටහනක් ආරම්භ කළේය. ඒ අනුව එම සමාගම සදහා ඇගලුම් නිශ්පාදන සකස්කරන ලංකාවේ පිහිටි ඇගලුම් කර්මාන්ශාලා පරිසර හිතකාමී කර්මාන්තශාලා ආරම්භකළේය.

‘‘මෙම තිරසාර සංවර්ධන වැඩසටහන යටතේ එම සමාගමට භාණ්ඩ සපයන කර්මාන්තශාලා පරිසර හිතකාමි අන්දමින් සකස් කළ යුතු වුනා. ඒ අනුව අපි ආදර්ශ කර්මාන්තශාලාවක් ලෙසින් පරිසර හිතකාමී කර්මාන්තශාලාවක් ආරම්භ කළා.’’ මාස් ඉන්ටිමන්ට්ස් ආයතනයේ තිරසාර සංවර්ධනය පිළිබද කළමනාකාර විදුර රළපනාව කීවේය.

‘‘ඇගලූම් නිශ්පාදන මිලට ගන්නා ගැනුම්කරුවන්ගේ බලපෑම නිසා තමයි අපි පරිසර හිතාකමී කර්මාන්ත ශාලාවක් ආරම්භ කළේ.’’ මාක්ස් ඇන්ඩ් ස්පෙන්සර් ආයතනයට ඇගලූම් සකස්කරන බ‍්‍රැන්ඩික්ස් ආයතනයේ පරිසර හිතකාමී බලශක්ති කළමනාකාර අංශයේ ප‍්‍රධානී ඉරේෂ සෝමරත්න පැවසුවේය.

විදුලි බුබුළු භාවිතය වෙනුවට හිරු එළිය උපරිම වශයෙන් යොදාගන්නා අතර වායු සමනය කිරීම හා විදුලි පංකා භාවිතය වෙනුවට වාතාශ‍්‍රය ලබාගන්නා ආකාරයෙන් මෙම කර්මාන්ත ශාලා සකස් කරයි. පරිසර හිතකාමී කර්මාන්ත ශාලාතුළ ඉන්ධන භාවිතා කරන වාහන භාවිතා කරන්නේ නැත. ඒ වෙනුවට යොදා ගන්නේ පරිසරයට කාබන් ඩයොක්සයිට් මුදා නොහරින ආකාරයේ ප‍්‍රවාහන ක‍්‍රමයන්ය. මෙවැනි කර්මාන්තශාලා වල විදුලි බලයෙන් ක‍්‍රියාත්මක වන වාහන භාවිතා වෙයි.

පරිසර හිතකාමී කර්මාන්තශාලා වලින් පරිසරයට මුදා හරින අපද්‍රව්‍ය ප‍්‍රමාණය බෙහෙවින් සීමා වන්නේය. අපද්‍රව්‍ය සම්පතක් ලෙසින් යොදාගැනීමට පරිසර හිතකාමී කර්මාන්ත ශාලා කටයුතු කරන අතර කර්මාන්ත ශාලාවෙන් ඉවත් කරන අපද්‍රව්‍ය ප‍්‍රතිචක්තීකරණය කර නැවත භාවිතයට යොදාගන්නේය.

හිගවෙමින් පවතින පොසිල ඉන්ධන සදහා විසදුමක් වශයෙන් හරිත සංකල්පය හා හරිත ආර්ථික සංකල්පය පැමිණ ඇතැයි මධ්‍යම පරිසර අධිකාරියේ කාලගුණ විපර්යාස අංශයේ සහකාර අධ්‍යක්ෂිකා අනෝජා හේරත් කීවාය.

‘‘කාලගුණික විපර්යාසයත් සමගින් බොහෝ දෙනා පරිසර හිතකාමී කර්මාන්ත ශාලා පිළිබදව කතා කිරීටම පටන්ගත්තා. හරිතාගාර වායු පරිසරයට නිකුත්කිරීම සීමා කිරීම පිළිබදව කතාකරන්න ගත්තා. කර්මාන්ත ශාලා වලින් විශාල පරිසර දූෂනයක් සිදුවෙනවා.මේ නිසා තමයි පරිසරයට හානියක් සිදුනොවන ආකාරයෙන් නිශ්පාදන කටයුතු කිරීම සදහා පරිසර හිතකාමී කර්මාන්ත ශාලා ආරම්භ කළේ.’’ කුමාරසේන පැවසුවේය.

පරිසර හිතකාමී කර්මාන්ත ශාලා ආරම්භ කිරීම මගින් පරිසර දූෂනය අඩුකරගැනිමට හැකියාව ඇතැයි මධ්‍යම පරිසර අධිකාරියේ පරිසර දූෂක පාලක අංශයේ සහකාර අධ්‍යක්ෂිකා නෙළුකා පෙරේරා කීවාය.

‘‘කාලයට පෙර අපට අවශ්‍යතරම් සම්පත් තිබුනා. නමුත් දැන් අපට ප‍්‍රමාණවත් පරිදි සම්පත් ඇත්තේ නැහැ. මේ නිසා සම්පත් ආරක්ෂා කරගැනීම සදහා විකල්ප වෙත යොමුවෙනවා. මේ නිසා තමයි පරිසර හිතකාමී කර්මාන්ත ශාලා ආරම්භ කළේ.’’ හේරත් කියන්නීය.

හරිත ආර්ථික සංකල්පය යටතේ බලශක්ති සංරක්ෂණයටත් පරිසරයට හානියක් නොවන ආකාරයෙන් කර්මාන්ත ශාලා පවත්වාගෙන යාමට නියමිත බවත් හේරත් සදහන් කළාය. පරිසර හිතකාමී කර්මාන්ත ශාලා සකස් කිරීමේදී පරිසරයේ ඇති සම්පත් උපරිම ආකාරයෙන් ප‍්‍රයෝජනයට ගත හැකි ආකාරයෙන් කර්මාන්ත ශාලාව සකස් කරන්නේය.

පරිසර හිතකාමී කර්මාන්ත ශාලා ආරම්භ කිරීම මගින් පරිසරය ආකරක්ෂා කරගැනීමට හැකියාව ලැබෙන ආකාරයට ආර්ථික වාසි ලබාගැනීමට ද කර්මාන්ත ශාලාවට අවස්ථාව ලැබෙයි.

‘‘අපද්‍රව්‍ය නැවත යොදාගැනීම නිසා කර්මාන්තය ලාභදායී කර්මාන්තයක් බවට පත්කරගැනීමට හැකියාව ලැබෙනවා.’’ කුමාරසේන කීය.

පරිසර හිතකාමී කර්මාන්තශාලාවේ විදුලිය, ජලය භාවිතය අවම කරගැනීමට හැකියාව ලැබී තිබේ. ස්වභාවික වාතය උපරිම අන්දමින් ලබාගැනීමට හැකි අයුරින් කර්මාන්තශාලාව සකස්වී තිබීම නිසා වායු සමීකරණ භාවිතය සීමා කිරීමටද හැකියාව ලැබී ඇත.

ස්වභාවික හිරු එළියෙන් උපරිම ප‍්‍රයෝජන ගත හැකි ආකාරයෙන් හා වායු සමීකරණ භාවිතය අවම කරන ආකාරයෙන් කර්මාන්තශාලා සකස් කර තිබීම මගින් බලශක්තිය විශාල වශයෙන් ඉතිරි කරගැනීමට හැකියාව ලැබෙතැයි කුමාරසේන සදහන් කළේය.

‘‘(පරිසර හිතකාමී) කර්මානතශාලාවේ විදුලි බිල සියයට හතළිහකින් පමණ අඩුකරගෙන තිබෙනවා.’’ රළපනාව පැවසුවේය.

ඉදිරියේදී පැමිණිය හැකි බලශක්ති අර්බුදයට පරිසර හිතකාමී කර්මාන්තශාලා හොද විසදුමක් වන බව මධ්‍යම පරිසර අධිකාරියේ කාලගුණ විපර්යාස අංශයේ සහකාර අධ්‍යක්ෂිකාව කියන්නීය.

‘‘ලංකාවේ ඉල්ලුමට සරිලන ආකාරයෙන් විදුලිය ලබාදෙන්න බැහැ. මේ නිසා අනාගතයේ බලශක්ති අර්බුදයක් ඇතිවිය හැකියි. නමුත් බලශක්ති හානිය අවම කරන මෙම කර්මාන්ත ශාලා වැදගත් වෙනවා.’’ කුමාරසේන කීවේය.

‘‘ඉදිරියේදී ලංකාවෙන් තෙල් සම්පත නොලැබුනොත් තෙල් මිලට ගැනීමට විශාල මුදලක් වැය කිරීමට සිදුවෙනවා. මේ නිසා පරිසර හිතකාමී කර්මාන්තශාලා ඇතිකිරීම තෙල් සම්පත පිළිබද ගැටලූවට හොද විසදුමක් වෙනවා.’’ හේරත් කීවාය.

පරිසර හිතකාමී කර්මාන්තශාලා ආරම්භ කිරීමට විශාල මූලික වියදමක් දැරීමට සිදුවන නමුත් දීර්ඝකාලීනව එය ලාභදායි බව කුමාරසේන පැවසුවේය.

‘‘පරිසර හිතකාමී කර්මාන්ත ශාලාවක් ආරම්භ කිරීම සදහා කිසියම් මුදලක් වැය විය හැකියි. නමුත් දීර්ඝකාලීන වශයෙන් බලන විට පරිසර හිතකාමී කර්මාන්ත ශාලා ආරම්භ කිරීම මගින් විශාල ලාභයක් ලබාගැනිමට හැකියාව ලැවෙනවා.’’ පෙරේරා කීවාය.

පරිසර හිතකාමී කර්මාන්තශාලාවල ඇති ඇති ඇතැම් ක‍්‍රමවේදයන් සාමාන්‍ය කර්මාන්තශාලා සදහා යොදාගැනීමටද කර්මාන්තකරුවන්ගේ අවධානය යොමුව තිබේ. ඉදිරියේදී කර්මාන්තශාලා ඉදිකිරීමේදී මේ වන විට ආරම්භ කර ඇති පරිසර හිතකාමී කර්මාන්ත ශාලාවේ ඇති පරිසර හිතකාමී ක‍්‍රමවේදයන් යොදාගැනීමට කටයුතු කරන බව රළපනාව කීවේය.

‘‘අලූතින් කර්මාන්තශාලා ආරම්භ කරන විට ජලය අඩුවෙන් භාවිතාකරන්නේ කෙසේද විදුලිය අඩුවෙන් භාවිතා කරනනේ කෙසේද යන් පිලිබදව විමසා බලනවා.’’ රළපනාව සදහන් කළේය.

භාණ්ඩයකට නිශ්පාදනයේ ගුණාත්මක තත්වය පිළිබදව එස්.එල්.එස්. තත්ව සහතිකයක් ලබාගැනීමට හැකියාව ලැබෙන ආකාරයට පරිසර හිතකාමී නිශ්පාදන සදහා විශේෂ සහතිකයක් ලබාගැනීමට අවස්ථාව ලැබෙන්නේය.

පරිසර හිතකාමී නිශ්පාදනයක් වෙත යොමුවීම සදහා ජනතාවගේ ආකල්පමය වෙනසක් ඇතිවිය යුතුයි.’’ කුමාරසේන කීවේය.

මේ වන විට පවත්වාගෙන යන ජීවන තත්වය කිසිම ආකාරයකින් වෙනස් නොකර පරිසර හිතකාමී ජීවන රටාවකට යොමුවීමට ජනතාවට හැකියාව ලැබෙතැයි ජාතික පිවිතුරු නිශ්පාදන මධ්‍යස්ථානයේ නියෝජ්‍ය අධ්‍යක්ෂවරයා කීවේය.

‘‘ගෙදරක් පරිසර හිතකාමී ආකාරයට සකස් කරගැනීමට හැකියාව ලැබෙන්නේනම් ගෙදර සාමාන්‍ය වියදම අඩු කරගැනීමට හැකියාව ලැබෙනවා.’’ ජාතික පිවිතුරු නිශ්පාදන මධ්‍යස්ථානයේ නියෝජ්‍ය අධ්‍යක්ෂවරයා කීය.

ලෝකයේ දියුණු රටවල් පරිසර හිතකාමී කර්මාන්තශාලා වෙත යොමුවන විට ඔවුන්ගේ පරිසරය විශාල වශයෙන් හානියට පත්ව අවසන්ය. එහෙත් ලංකාව තුළ ආරම්භ කරන කර්මාන්තශාලා පරිසර හිතකාමී කර්මාන්ත බවට පත්කරගැනිමට හැකියාව ලැබෙන්නේනම් දියුණු රටවලට වඩා හොද පරිසරයක් පවත්වාගැනීමට අවස්ථාව හිමිවන්නේයැයි කුමාරසේන සදහන් කළේය.

‘‘මේ වන විට අපි එක් සන්දිස්්ථානයකට පැමිණ තිබෙනවා. දැන් අපි සාමාන්‍ය කර්මාන්ත ශාලා ආරම්භ කරනවා වෙනුවට පරිසර හිතකාමී කර්මාන්තශාලා ආරම්භ කළ යුතුයි.’’ මධ්‍යම පරිසර අධිකාරියේ කාලගුණ විපර්යාස අංශයේ සහකාර අධ්‍යක්ෂිකා හේරත් පැවසුවාය.

The demand for eco friendly products by consumers has compelled manufacturers to produce their goods in factories that are environmentally friendly. Many consumers in the export market pay special attention to products manufactured in an environmentally friendly manner. The demand for environmentally friendly products has prompted some apparel exporters to build eco friendly factories. These factories are built to make maximum use of sun light instead of electric bulbs and are open to fresh air flow instead of fans. Environmentalists say that eco friendly factories would help minimise environmental pollution. The initiative is also expected to promote the green concept and green economy, which would solve the problem of declining fossil fuels.

  • Share/Bookmark

මාලිගාතැන්නේ මැටි කර්මාන්තය අනතුරේ

September 8, 2009 by Editor  
Filed under Featured, Stories

590 pxTraditional industry faces ruin

පාරම්පරිකව මැටි කර්මාන්තයේ යෙදෙන පවුල් 40ක් පමණ අම්පාර උහන මාලිගාතැන්න ප‍්‍රදේශයේ ජිවත්වේ. ඔවුන් විසින් විවිධ වර්ගයේ මැටි වළං, කිරි හට්ටි, ගුරු ලේත්තු, මැටි පහන් හා විසිතුරු භාණ්ඩ නිෂ්පාදනය කරයි. මෙම පවුල්වල සමාජිකයින් යැපෙන්නෙ මෙම නිෂ්පාදන අලෙවි කිරිමෙන් ලැබෙන සොච්චමෙන්. එම මැටි භාණ්ඩ නිෂ්පාදනය කිරිමට යන වියදම අලෙවි කිරිමෙන් ලබා ගැනිමට නොහැකි බව මැටි භාණ්ඩ නිෂ්පාදනය කරන අය පවසති.

‘‘අමු මැටි වලින් සකස් කරන වළං පුච්චන්න  ඕනැ. ඒ සඳහා දර අවශ්‍ය වෙනවා. දර හොයන්න අමාරුයි. සාමාන්‍යයෙන් වළං පෝරණුවක් පුච්චන්න බයිසිකල් දර මිටි දහයක් පමණ   ඕනැ. බයිසිකල් දර මිටියක් රුපියල් දෙසිය පනහක් වෙනවා. පෝරණුව පුච්චලා ඉවර උනාම ඉරි ගිය වළං ඉවත් කරනවා. දර මිල ඉහළ ගියාට අපිට වළං මිළ ඉහළ යවන්න බැහැ.” පී.ජී. පියසේන පැවසුවේය.

‘‘එදා වගේ අද අපේ කර්මාන්තයෙන් ලාභ ගන්න අමාරුයි.මාසෙකට රුපියල් දහදාහක් විතර හොයා ගන්න පුළුවන්. ඒකටත් දහදුක් විදින්න  ඕනෑ.”  පී.ජී. පියසේන වැඩිදුරටත් පැවසුවේය.

පරම්පරාවෙන් පරම්පරාවට රැකියාවක් ලෙස වළං සාදන බව මාලිගාතැන්නෙ අශෝකා පවසන්නීය.

‘‘අපේ සීයලා ආච්චිත් මේ රැුකියාවම තමයි කලේ. අපිත් පුංචි කලේ දීම වළං හදන්න පුරුදු වුණා. බඩු අලෙවි කරගන්න තමා අමාරු. සමහරක් දවස්වලට අපි වැඩ කරනවා. සමහරක් දවස් වලට වැඩ කරන්නෑ. අපේ පොඩි අය වැඩ කරද්දි උනත් දුක් විදින අවස්ථා තියෙනවා” පි.ජි අශෝකා කුමාරි පැවසුවාය.

ප්ලාස්ටික් , විදුරු, ලෝහ භාණ්ඩ නිෂ්පාදනය නිසා මැටි භාණ්ඩ නිෂ්පාදනය අඩු වී තිබේ.මේ නිසා මැටි භාණ්ඩ නිෂ්පාදන කරුවන් වෙනත් රැකියා සොයා ගිහිං. වර්තමානය වනවිට මේ රැුකියාවේ යෙදෙන්නෙ ඉතා සීමිත පිරිසකි.

තනියෙන් පුරුදු වී මෙම රැකියාව කරගෙන යන බව ඩි.ජි නිලන්ති පැවසුවා ය.

‘‘තනියෙන් බලාගෙන ඉඳලා තමයි පුරුදු වුනේ. අපිට හරියට පෝරණුවක් නැහැ. සකපෝරුවක් නෑ. මේ සකපෝරුව සමිතියෙන් ගත්තේ.  වැඩ කරත් නැතත් මේ කට මාසෙට කුලිය ගෙවන්න වෙනවා. මැටි උනත් ගෙන්න ගන්නෙ සල්ලි දිලා.” මාලිගාතැන්නෙ ඩි.ජි නිලන්ති පැවසුවා ය.

‘‘වතුර නැහැ. අපට ඇලේ වතුර එන වෙලාවට හොදයි. නැත්නම් වතුර ගෙන්න දුර යන්න වෙනවා. මේ දවස්වල වතුර හිගයි. දර ගන්නෙත් සල්ලි වලට. දර බයිසිකලයක් දෙසිය පනහක් වෙනවා.” ඩි.ජි නිලන්ති වැඩිදුරටත් පැවසුවා ය.

වළං නිෂ්පාදනයට යන වියදම අලෙවි කිරිමෙන් ලබා ගැනිමට නොහැකිබව මැටි කාර්මිකයන් පවසති. ප‍්‍රවාහනය කිරිමේ දි සිදුවන පාඩුව ද වැඩි බව පවසයි.

‘‘අම්පාර පොලට අරන් යනවා. මාන්තොට්ටම පොලට අරන් යනවා. බස් එකේ තමයි අරන් යන්නෙ. ගොඩක් කැඩෙනවා අලාභ සිද්ධ වෙනවා. ඒ වුණාට අපිට කියක් හරි හොයා ගන්න අරන් යනවා පොළට.” නිලන්ති වැඩිදුරටත් පවසන්නී ය.

මැෂින් තිබුනත් වැඩ කිරිමට නොහැකිබව මාලිගාතැන්නෙ සේනක රණසිංහ පවසයි.

‘‘අවුරුදු තුනක් විතර මැෂින් නිකම් තිබුණේ. මේ ලගක දි අපි මැෂින් ටිකක් හදා ගත්තා. මැටි අඹරන මැෂිමෙන් මැටි අඹරන්න බෑ. මම කිරි හට්ටි තමයි මම හදලා විකුණන්නෙ.” මාලිගාතැන්නෙ සේනක පැවසුවේය.

මැටි භාණ්ඩ සඳහා ස්ථිර වෙළඳ පොළක් නැති බව තිස්ස මැදවත්ත පවසයි

‘‘ඉස්සර වගේ ම තමයි. බයිසිකල් වල ගිහිල්ලා තමයි වෙළදාම් කරන්නෙ. මට හදන්න බැහැ. සේවකයො දෙන්නෙක් දාලා වැඩ කරන්නෙ. පුච්චන්න අමාරුයි. දර ප‍්‍රශ්නේ තමයි වැඩිපුර තියෙන්නෙ. දරුවො තුන්දෙනෙක් ඉන්නවා. අමාරුවෙන් තමයි ජිවත් වෙන්නෙ.”තිස්ස මැදවත්ත පැවසුවේ ය.

සමිතියෙන් සමාජිකයින්ට සහන සැලසිමට තවම නොහැකි බව මාලිගාතැන්න මැටි කර්මාන්ත සංගමයේ සභාපති සේන මැදවත්ත පවසයි.

‘‘සමිතිය පටන් අරන් අවුරුදු හතළිහක් විතර වෙනවා  සමාජිකයින්ට සහන සලසන්න වත්කම් නෑ සුළු මුදලක් තියෙන්නෙ. රාජ්‍ය නොවන සංවිධාන වලින් උදව් කරලා තියෙනවා. ලැබෙන ආධාර සමාජිකයින් අතරෙ බෙදලා දෙනවා.” සභාපති සේන මැදවත්ත පැවසුවේය.

වර්තමාන තාක්ෂණය දියුණු වි තියෙනවා. නමුත් මෙම කර්මාන්ත කරුවන්ට එම තාක්ෂණය මගහැරි ගිහින්. එම තාක්ෂණය මෙම මැටි වළං නිෂ්පාදන කරුවන්ට ලැබෙනවා නම් එම රැකියාව පවත්වාගෙන යාහැකි බව මැටි වලං නිෂ්පාදන කාර්මිකයන් පවසයි.

Decline in market conditions and financial constraints have threatened the traditional pottery industry that has been the main livelihood of a bout 40 families in Uhana in Maligathenna for generations. The many technological advancements have escaped these rural industrialists. Some of the pottery makers have left the industry following a decline in demand for clay pots due to the introduction of products made of glass, plastic and copper. The lack of a permanent market for clay pots that are manufactured amidst the lack of funds and resources has resulted in the industrialists incurring heavy losses. The pottery industry in Uhana may be lost forever if the required assistance is not received.

  • Share/Bookmark