විපක්ෂය ආර්ථික ප‍්‍රතිපත්ති ඉදිරි පත් නොකළේ කණ්ඩායම විසිරෙන නිසා
මහින්ද චින්තනයේ ආරථික ප‍්‍රතිපත්ති පදනම් කර ගනිමින් ජාතික ආරථික සභාව විසින් රජයේ ප‍්‍රවෘත්ති දෙපාර්තු මෙන්තුවේ අද (ජනවාරි 22) පැවති මාධ්‍ය සාකච්ඡාවකදී ආචාර්ය ලලිතසිරි ගුණරුවන් පවසා සිටියේ විපක්ෂයේ පොදු අපේක්ෂකයාගේ ප‍්‍රතිපත්ති ප‍්‍රකාශනයේ ආර්ථික ප‍්‍රතිපත්ති ඉදිරිපත් නොවී ඇති බවයි.මෙයට හේතුව ජෙනරාල් සරත් ෆොන්සේකා ආර්ථික විශේෂඥයින් අවශ්‍ය නොවන බව පැවසීම හා ඔවුන්ගේ සහය ලබා ගැනීමෙන් වැළකීම බවයි ගුණරුවන් පෙන්වා දෙනඅ ලබන්නේ.
‘‘ සරත් ෆොන්සේකාගේ ප‍්‍රතිපත්ති ප‍්‍රකාශනයේ ආර්ථික ප‍්‍රතිපත්ති තබා විදේශ ප‍්‍රතිපත්තිවත් රජයේ සිවභාවයවත් නැහැ. මහිනිද චින්තනයේ එ්කීය රාජ්‍යක් ගැන කියලා තියෙනවා. පැහැදිලි දැක්මක් තිබෙන නිසයි අපි කියන්නේ මේක හොදයි කායලා.රාජ්‍ය ආයතන පෞද්ගලීකරණය කරන එක නැවැත්තුවා. යටිතල පහසුකම් දියුණු කරන්න පටන් ගත්තා.’’ හෙතෙම පැවසුවේය.
පාන් වෙනුවට හාල් කන්නට පුරුදු කළ රජයක ඉදිරි දැක්ම පිළිබදව පැහැදිලි විශ්වාසයක් පවතින බවයි ආචාර්ය ගුණරුවන් පවසා සිටින්නේ.
‘‘මේ අයගේ ආර්ථික ප‍්‍රතිපත්ති ඉදිරිපත් කළොත් මේ අය එක්ක ඉන්න කණ්ඩායමක් හැලෙනවා. විදේශ ප‍්‍රතිපත්ති ගැන කීවොත් තවකණ්ඩායමක් හැළෙනවා.මේ නිසා මේ දේවල් ඉදිරිපත් කිරීමේ හැකියාවක් නැහැ.’’හෙතෙම පැවසුවේය.
අප රටෙහි ගාමක තත්ත්වයක් ඇති වන්නට පුලුවන. අප රටෙහි දේශපාලන නිදහස ලබා ගත්තද ආර්ථිකමය නිදහස ලබාගෙන නොමැති බවට ඇතමකු චෝදනා කරන බවට ආචාර්ය ගුණරුවන් ප‍්‍රකාශ කළේය.
‘‘ස්වාධීන දේශීය ආර්ථික ක‍්‍රමයක් පිළිබදව කතා කරනවා. අපි කොහොමද මේක කරන්නේ. ස්වාධීන දේශීය අර්ථ ක‍්‍රමයක් නිර්මාණය කිරීමෙන් මේක කරන්න පුලුවන්. 100% ක් හැමදෙයක්ම දේශීය වශයෙන් කරන්න බැරි වුණත් හැකි පුලුවන් තරම් දේවල් ගන්න උත්සහ කරනවා. දේශීය වශයෙන් අනන්‍යතාවය රැකෙන විදියට මේ හැම දෙයක්ම කරන්න පුලුවන් ක‍්‍රමයක් තියෙන්නේ මහින්ද චින්තනය තුළ.’’ හෙතම පැහැදිලි කළේය.
මෙම සාකච්ඡුාවට සහභාගී වෙමින් ආර්ථික විශේෂඥ මහාචාර්ය බුද්ධදාස හේවා විතාරණ පවසා සිටින්නේ අතීතයේ ඉඳි වූ ගුවන් තොටුපළවල් වරායවල් වලට අමතර නව වරායන් මෙන්ම ගුවන් තොටුපළවල් ඉදිවන්නට ආරම්භ වන්නේ මෙම ආණ්ඩුව යටතේ බවයි. එකී හේතුව නිසාවෙන් නව රැකියා අවස්තා බිහි වීමේ ඉඩකඩද වැඩි බවයි හෙතෙම පෙන්වා දෙනු ලබන්නේ.
‘‘ ආර්ථිකය ගෙනියන්න පිටිපස්සෙන් ඉදගෙන තල්ලූ කරලා වැඩක් නැහැ. ඉස්සරහින් ඇඳාගන යන්න ඕන. ඒ සඳහා නායක අංශය වැදගත් වෙනවා. එක නායක අංශයක් දුවල වෙද්දි තව එකක් ඉස්සරහට එනවා. නිෂ්පාදන අංශය දියුණු වෙද්දි වෙළදපොළවල් නිරිමාණය වෙනවා. ධාවන නායක අංශය හැටියට ස්වභාවික සම්පත් මූලින වෙනවා.’’ මහාචාර්ය හේවා විතාරණ පැවසුවේය.
මෙතෙක් උපයෝගී කර නොගත් දෙයක් ආර්ථික සංවර්ධනය සඳහා යොදා ගන්නා බව හෙතෙම පැවසුවේය.එකී සම්පත ලෙස එතුමා හඳුන්වා දෙනු ලබන්නේ භූගෝලීය පිහිටීමය. ඒ මත ආර්ථික සංවර්ධනය සඳහා අවශ්‍ය නායක අංශ ගොඩ නැඟිය යුත බවයි හෙතෙම පෙන්වා දෙනු ලබන්නේ.
‘‘ ආර්ථික සංවර්ධනයට අවශ්‍ය පංච බලවේග ලෙස නාවුක ප‍්‍රවාහන කේන්ද්‍රය ගුවන් ප‍්‍රවාහන කේන්ද්‍රය වානිජ කටයුතු පිළිබඳ කේන්ද්‍රය දැනුම සහ බලශක්ති කේන්ද්‍රය. මේ දේවල් දියුණු කරන්න භූගෝලීය සාධකය වැදගත් වෙනවා. බංගලාදේශය, සුඩානය , හයිටි බගේ රට වලට දියුණු වෙන්න බැරි වෙලා තියෙන්නේසමාජ ස්ථාවරත්වයක් වගේම දේශපාලන ස්ථාවරත්වයක් නොමැති වීම.’’ හෙතෙම පැවසුවේය.
The National Economic Council at a press conference on the Mahinda Chinthana policies said the policy statement of the opposition candidate does not include any economic policies. Dr. Lalithasiri Gunaruwan observed that the opposition candidate’s policy statement did not include his policies on important issues. Economist Dr. Buddhadasa Hewa Vitharana addressing the media said that the country’s geographical location would be to develop the economy and that it would happen under the Mahinda Chinthana policies.
මේ අයට මුහණුට මුහුණ කතා බැරි ඇයි

Why no public debate ?
විශ්ව ගමිමාන සංකල්පයට ශී‍්‍රී ලංකාව පැමිණ ඇති බව මෙවර ජනාධිපතිවරණය සාක්ෂි දරයි. කෙසේ කුමන මාධ්‍යකින් ජනාධිපති අපේක්ෂකයන් ජනතාව හමුවට ආවද මාධ්‍යක් ඉදිරියේ ඔවුන් කිසිවිටෙක මුහුණට මුහුණ මුණගැසෙන්නේ නොමැත. එයට හේතුව කුමක්දැයි විමසීමට මත්තෙන් ජනතාවට මෙවැනි හමුවීමක අවශ්‍යතාවය තිබේදැයි විමසීම යුතුකමකි.
ශ‍්‍රී ලංකා ඉතිහාසයේ කොතැනක හෝ මහත්මා දේශපාලනයක් නොතිබීම නිසාවෙන් කිසිදු දිනයක ජනාධිපති අපේක්ෂකයන් මුහුණට මුහුණ හමුවන සංවාද මණ්ඩපයක දකින්නට නොලැබෙන බවයි මදූෂ විරාජ් පවසන්නේ.
”අපි සාමාන්‍ය ජනතාව විදියට බලාපොරොත්තු වෙනවා වගේම ගොඩක් කැමතියි මේ අය මිනිස්සු ඉස්සරහට ඇවිත් කතා කරනවා නම්. නමුත් කිසිම දිනයක වෙන්නේ නැති දෙයත් ඒක. මීට පෙර මැතිවරණ වලදිවත් කවදාවත් එහෙම සාකච්ඡා තිබිලා නැහැ. කොහොම වුණත් මේ අය දන්නනා මේ අය හැමෝගෙම අත්වල මඩ කහට ලේ තැවරිලා තියෙන්නේ කියලා.” විරිජ් පැවසුවේය.
එසේ හෙයින් මාධ්‍ය හමුවට පැමිණ මිනිසුන් රවටන දේශපාලනය ඉදිරියේ ඔවුන් නිරුවත් වන බව හෙකෙම පැවසුවේය.
අප අපගේ සමාජයේ පවත්නා සියලු දේ හට උදා හරණ සපයා ගන්නේ ඇමෙරිකාව උපයෝගී කර ගනිමින් වුවද දේශපාලනය සඳහා එය කොහෙත්ම අදාල නොවන බව පැවසිය යුතුය. සන්සන්දනාත්මකව ගත් කල ශ‍්‍රී ලාංකීය දේශපාලනයේ සිදුවන මැර ප‍්‍රහාර හා මඩ ප‍්‍රහාර හා මිනී මැරුම් දක්නට නොමැත. එකී රටේ පාලකයන් හට කොන්ද කෙලින් තබාගෙන මුහුණට මුහුණ වාද කිරීමේ හැකියාවද ඇත. එකී රටේ ජනාධිපති වරණය සඳහා භාවිත කළ තාක්ෂණය ක‍්‍රමවේදයන් මේ රටේ භාවිතා කරමින් සිටී.
නමුදු එක දෙයක් පමණක් අමතක කර තිබේ. එයට හේතුව ලෙස සාමාන්‍ය ජනතාව ලෙස තේරුම්ගත හැක්කේ කුමක්ද මෙකී තත්ත්වය පිළිබඳ ග‍්‍රාමීය ජනතාවට අවබොධයක් නොවන්නට පුලුවන. නමුදු කොළඹ අගනගරයේ ජීවත්වන පිරිසට මෙය අලූත් දෙයක් නොවේ. අනතර් ජාලයේ සෑම පිටුවක් පුරාම ජනාධිපති අපේක්ෂකයන්ගේ ප‍්‍රචාරක කටයුතු ගෙන යන්නට මෙන්ම ගුවන් විදුලි මාධ්‍ය ඔස්සේ එස් එම් එස් මත විමසීම් සිදු කිරීමටත් ආරම්භ කළේ නව තාක්ෂණයේ ප‍්‍රතිපල ලෙසය.
“එක එක වටේ ඉන්න අය කියනවාට වඩා ප‍්‍රධානියෝ දෙන්න ඇවිත් තමන්ගේ අදහස් ප‍්‍රකාශ කරනවා නම් කවුරුත් කැමතියි. එක් කවදාවත් නොවන එක ගැන තමයි තියෙන ප‍්‍රශ්ණය. මෙතනදි ජනමාධ්‍ය වෙදීන්ගෙත් අඩුපාඩුවක් තියෙනවා. මොකද කිසිම කෙනෙක් මේ සම්බන්ධව කතා කරන්න නැතිව ඇති.” ප‍්‍රියන්ත ප‍්‍රනාන්දු පැවසුවේය.
”පක්ෂ වල ඉන්න අනිත් අය ආවත් මේ අය රටේ ඉන්න සාමාන්‍ය ජනතාව බලාපොරොත්තු වෙන දේ නොදෙන්න පුලුවන්. සංකීර්ණ දෙයක් වුණත් මේක කරන්න පුලුවන් දෙයක්. මේ ගැන අවධානය යොමු නොවීමයි තියෙන ප‍්‍රශ්ණය. තව දෙයක් තමයි අපක්ෂපාතී මාධ්‍යක් තෝරා ගැනීම. කොහොමද මේ දෙවල් කරන්නේ. එ් වගේම මාධ්‍ය වේදියෙක් තෝරා ගන්න එක.මේ දෙන්නා ඇවිත් සංවාදයට සූදානම් වුණත් පස්සේ දවසේ මාධ්‍ය ෙවිදියගේ ජීවිතයට මෙනවා වෙයිද කියලා හිතා ගන්න බැහැ.” හෙතෙම පැවසීය.
කෙසේ වුවද මාධ්‍ය ආයතන ප‍්‍රධානීන් අතහැර සාමාන්‍ය මාධ්‍ය වේදියකු මේ සඳහා සූදානම් කරීම වඩා වැදගත් වන බව ඔහු පෙන්නා දුන්නේය. එසේ සංවාද මණ්ඩපයක් සෑදෙන්නේ නම් එය ඉතා සාර්ථක මෙන්ම ජනතාවගේ ඇස් පෑදීමටත් මාර්ගයක් වන බව ප‍්‍රනාන්දු පෙන්වා දුන්නේය.
”මේ අය තමන්ගේ යහපත ගැන විතරයි හිතන්නේ. දේශපාලන පක්ෂ නියෝජිතයන් කෑ ගහනවට වඩා ප‍්‍රධානියෝ ඇවිත් මේ අයගේ අදහස් ප‍්‍රකාශ කරනවා නම් හොඳයි. මිනිස්සුන්ගේ පැහැදීමක් ඇතිවෙයි. මේ අනිත් අය ඇවිත් මඩ ගහ ගන්නවට වඩා එක ගොඩක් හොඳයි.” සුසන්තා වීරසිංහ පැවසුවාය.
කෙසේ වුවද ලංකාවේ දේශපාලන ඉතිහාසයේ මෙන්ම මාධ්‍ය ඉතිහාසයේද විශාල වෙනසක් සිදුවෙමින් හා සිදු වී පවතී. සාමාන්‍ය ජනතාවට තමන්ගේ අදහස් ප‍්‍රකාශ කිරීමේ අයිතිය පමණක් ඉතිරි කර බලා සිටීමට තුළ ශ‍්‍රී ලාංකිකයන්ට අවශ්‍ය වෙනස කුමක් දැයි පිරික්සා දැන ගැනීමේ හැකියාව පවතින බව වීරසිංහ පැවසුවාය.
ජනාධිපතිවරණය පිළිබදව ජාත්‍යන්තරයේ අවධානය
International attention on the poll
මෙවර පවත්වන ජනාධිපතිවරණය පිළිබදව ලෝකයේ රටවල් රැසක අවධානය යොමුව ඇති අතර එම අවධානය තවදුරටත් වර්ධනය කරමින් ඇමරිකාව හා නොර්වේ රාජ්‍ය මේ මැතිවරණය පිළිබදව සිය අදහස් පළකර තිබේ.
මෙරට පිහිටි ඇමරිකානු තානාපති කාර්යාලය පසුගිය සතිය තුළදී පමණක් ජනාධිපතිවරණය පිළිබදව අවධානය යොමුකරමින් නිවේදන දෙකක් නිකුත්කර තිබූ අතර ඒ පිළිබදව ඇමරිකානු තානාපතිවරියද අදහස් පළකර තිබුනේය. මේ අතර නෝර්වේ තානාපති කාර්යාලයද ලංකාවේ පැවැත්වෙන මැතිවරණය පිළිබදව අදහස් දක්වමින් නිවේදනයක් නිකුත් කර තිබුණි.
නිදහස් හා සාධාරණ ආකාරයෙන් මෙම මැතිවරණය පැවැත්විය යුතුයැයි ඇමරිකානු තානාපති කාර්යාලය ප‍්‍රකාශ කර තිබූ අතර සිදුවන මැතිවරණ ප‍්‍රචණ්ඩ ක‍්‍රියා අනුමත කළ නොහැකියැයි නිවේදනයක් නිකුත්කරමින් ඇමරිකානු තානාපති කාර්යාලය ජනවාරි 12 වැනිදා ප‍්‍රකාශ කළේය. හම්බන්තොට ප‍්‍රදේශයේදී මැතිවරණ රැුළියකට සහභාගී වෙමින් සිටි කාන්තාවක් ඝාතනයට ලක්වීමේ සිද්ධිය පිළිබදව අදහස් දක්වමින් ඇමරිකානු තානාපති කාර්යාලය මේ බව ප‍්‍රකාශ කර තිබුනේය.
ජනාධිපතිවරණයට ඉදිරිපත්ව සිටින විපක්ෂයේ පොදු අපේක්ෂකයාට සදහා දැක්වීම සදහා එක්වීමට විපක්ෂය විසින් ලක්ෂ තුන්සියයක මුදලක් ලබාදුන් බවට පාර්ලිම්න්තු මන්ත‍්‍රී මොහොමඞ් මුසම්මිල් චෝදනා කළේය. මේ මුදල් ලබාදීම සම්බන්ධයෙන් ඇමරිකානු හා නෝර්වේ තානාපති කාර්යාල වෙත ඔහු චෝදනා එල්ල කළේය. ඇමරිකානු හා නෝර්වේ තානාපති කාර්යාල මේ චෝදනා ප‍්‍රතික්ෂේප කළේය.
ජනාධිපතිවරණයේදී තමන් කිසිදු අපේක්ෂකයෙක්ට සහාය නොදක්වන බවද මෙහිදී තමන් ස්වාධීනව සිටින බවද ඇමරිකානු තානාපති කාර්යාලය නිවේදනයක් නිකුත්කරමින් පැවසුවේය. ජනාධිපතිවරණයෙන් කුමන අපේක්ෂකයා ජයග‍්‍රහණය කළත් ජයග‍්‍රහණය කරන අපේක්ෂකයා සමග එක්ව සෞභාග්‍යවත් සාමකාමී හා ප‍්‍රජාතන්ත‍්‍රවාදී රාජ්‍යයක් ගොඩනැගීම සදහා ඇමරිකාව සහාය ලබාදෙන බවද එම නිවේදනයේ දැක්වේ.
මේ අතර විපක්ෂයේ පොදු අපේක්ෂකයාට සහාය දැක්වීම සදහා මුදල් දුන් බවට මුසම්මිල් මන්ත‍්‍රීවරයා එල්ලකරන චෝදනා ප‍්‍රතික්ෂේප කරන බවද නොර්වේ තානාපති කාර්යාලය සදහන් කරයි. ‘‘වෙනත් රටක මැතිවරණ සදහා නොර්වේ කිසිවිටෙකවත් මැදිහත්වන්නේ නැහැ.’’ නෝර්වේ තානාපති කාර්යාලය සදහන් කළේය.
මෙවර පවත්වන මැතිවරණය ඉතාමත් සුවිශේෂී මැතිවරණයක්යැයි ලංකාවේ සිටින ඇමරිකානු තානාපතිනි පැට්රිකා බුටෙනයිස් ප‍්‍රකාශ කරයි. දශක ගණනාවකට පසුව ලංකාවේ සෑම ප‍්‍රදේශයකම ජනතාවට ප‍්‍රජාතන්ත‍්‍රවාදීව තමන් කැමති අපේක්ෂකයා තෝරා ගැනීමට අවස්ථාව උදාවී ඇතැයිද ඇමරිකානු තානාපතිනිය සදහන් කරන්නීය. ‘‘මෙම ඓතිහාසික අවස්ථාවේදී ප‍්‍රජාතන්ත‍්‍රවාදී ප‍්‍රවාහය තුළ ලාංකිකයින් ක‍්‍රියාකාරීව කටයුතු කරනු ඇතැයි අපි විශ්වාස කරනවා.’’ බුටෙනයිස් කීවාය.
මැතිවරණ ආසන්න වන විට ලංකාවේ දේශපාලන සාකච්ඡුා උනුසුම් තත්වයට පත්වන අතර මෙවර පවත්වන මැතිවරණයේදීද මේ තත්වය දකින්න ඇතැයි ඇමරිකානු තානාපතිනිය පවසයි. මේ අවස්ථාවේදී වඩාත් වැදගත් වන්නේ බිය ජනක තත්වයකින් තොරව මැතිවරණ කටයුතු සිදුකිරිමට අවස්ථාව ලැබීම වන බවද ඇය සදහන් කරයි.
පසුගිය ෂතියේ සිට ආරම්භ වූ දරුණු ආකාරයේ මැතිවරණ ප‍්‍රචණ්ඩ ක‍්‍රියා පිළිබදවද ඇමරිකානු තානාපතිනියගේ අවධානය යොමුව තිබුනේය. පසුගිය ෂතිය තුළදී පමණක් මැතිවරණ ප‍්‍රචණ්ඩ ක‍්‍රියා නිසා පුද්ගලයින් තිදෙනෙක් මියගොස් ඇති අතර මෙවැනි සිදුවීම් නිසා ප‍්‍රජාතන්ත‍්‍රවායදය ගොදුරක් බවට පත්ව තිබෙන බවද බුටෙනයිස් කීවාය. මැතිවරණයට සම්බන්ධ ප‍්‍රචණ්ඩ ක‍්‍රියා සිදුවන්නේ කුමන පාර්ශවයෙන් වුවත් මේ පිළිබදව පරීක්ෂණ පැවැත්වීමට පොලීසියට නියෝග ඛිරීමට රජය කටයුතු කළ යුතු බවද ඇය සදහන් කරන්නීය.
‘‘ජනවාරි 26 වැනිදාට ඡුන්දදායකයින්ට බියකින් තොරව ඡුන්දය ප‍්‍රකාශ කිරීමට අවස්ථාව ලැබෙතැයි විශ්වාස කරනවා.’’ මෙරට සිටින ඇමරිකානු තානාපතිනිය ප‍්‍රකාශ කර සිටී.
International attention on the Presidential poll has increased with statements made by the US and Norway embassies. The US embassy in a statement called for a free and fair election and said it could not condone the increase in election violence. Meanwhile, NFF member Mohamed Muzammil alleged that the Rs. 300 lakhs allegedly paid to him by General Sarath Fonseka’s camp was provided by the US and Norwegian embassies. The embassies denied the allegation. The US embassy said it did not support any of the Presidential candidates and is prepared to work with any candidate who emerges victorious at the election. The Norway embassy stated that it did not interfere in the elections of another country.
By Sanjaya Nallaperuma
නැවත පදිංචි කිරීම් පිළිබදව එක්සත් ජාතීනගේ සංවිධානයේ ප‍්‍රසාදය
දශක තුනක කාලයකට අධික කාලයක් තිස්සේ ලංකාවේ පැවති යුද ගැටුම් අවසානයේ අවතැන්වී සිටින පිරිස් නැවත පදිංචිකිරීම මේ වන විට වේගවත් ආකාරයෙන් සිදුවන බවත් එහෙත් නැවත පදිංචිකිරීම් පිළිබදව තව දුරටත් අවධානය යොමුකළ යුතු බවත් එක්සත් ජාතීන්ගේ සංවිධානයේ මානුශිය කටයුතු පිළිබද නියෝජ්‍ය මහ ලේකම් ජොන් හෝල්ම්ස් ප‍්‍රකාශ කරයි.
‘‘අවතැන්වූවන් මුල් කාලයේදී නැවන පදිංචි කිරීම ඉතා සෙමින් සිදුවුනේ. ඒ පිළිබදව අපි කිසියම් ආකාරයක කළකිරීමකින් සිටියේ. නමුත් මීට සති දෙක තුනකට පෙර සිට මේ තත්වය වෙනස්වී තිබෙනවා. නැවත පදිංචිකිරීම් ඉහළ ගොස් තිබෙනවා.’’ ලකාවේ සිදුකළ තෙදින නිල සංචාරය අවසානයේදී විදේශ කටුයතු අමාත්‍යාංශයේදී නොවැම්බර් 19 වැනිදා පැවති ඒකාබද්ධ ප‍්‍රවෘත්ති සාකච්ඡාවකදී හොල්ම්ස් කීවේය.
ගැටුම් අවසාන වන විට දෙලක්ෂ අසූදහසක් පමණ වන පිරිසක් අවතැන්වූවන් බවට පත්ව තිබූ අතර මේ වන විට පුද්ගලයින් 129 520 ක් නැවත පදිංචි කර හා සුභසාධන කදවුරුවලින් පිටත්කර යවා ඇතැයි අවතැන්වූවන් පිළිබදව වන වාර්තාවක් ඉදිරිපත් කරමින් ආපදා කළමනාකරණ හා මානව හිමිකම් අමාත්‍යාංශය නොවැම්බර් 13 වැනිදා පැවසුවේය. මේ වන විට අවතැන් පුද්ගලයින් 132 748 ක් වව්නියාව ඇතුළු උතුරු පළාතේ ඇති සුභසාධන මධ්‍යස්ථානවල රදවා සිටින්නේයැයි එම වාර්තාව සදහන් කළේය.
මේ වන විට අවතැන් පිරිස් නැවත පදිංචි කිරීම් කටයුතු සාර්ථකව සිදුවන්නේයැයි විදේශ කටයුතු අමාත්‍ය රෝහිත බෝගොල්ලාගම කීය.
උතුරු පළාතේ ඇති සුභසාධන මධ්‍යස්ථානවල සිටින පුද්ගලයින් නැවත තමන්ගේ ගම් බිම් කරා පිටකිරීමට කටයුතු කිරීම පිළිබදව එක්සත් ජාතීන්ගේ සංවිධානයේ මානුශීය කටයුතු පිළිබද නියෝජ්‍ය මහ කොමසාරිස් වරයා සිය ප‍්‍රසාදය පළ කර තිබුනේය. පුද්ගලයින් නැවත පදිංචි කිරීම පිළිබදව සෑහීමකට පත්විය හැකි බවද හොල්ම්ස් පැවසුවේය.
අවතැන්වී සිටින පිිරිසි දින එකසිය අසූවක් ඇතුළත නැවත පදිංචි කරන බව යුද ගැටුම් අවසානවූ මැයි මාසයේදී රජය විසින් එක්සත් ජාතීනේගේ සංවිධානය වෙත සහතිකයක් ලබාදුන්නේය. මෙම කාලසීමාව ඇතුළත අවතැන්වූවන් නැවත පදිංචිකළ යුතු බවට ජාත්‍යන්තර ප‍්‍රජාව දිගින් දිගටම ප‍්‍රකාශ කළේය. එහෙත් දින එකසිය අසූවක් ඇතුළත අවතැන්ව සිටින පිරිස් නැවත පදිංචිකර අවසන් කළ යුතු බව එක්සත් ජාතීන්ගේ සංවිධානයේ මානුශීය කටයුතු පිළිබද නියෝජ්‍ය මහ කොමසාරිස්වරයා පැවසුවේ නැත.
‘‘දින එකසිය අසූවක් ඇතුළත අවතැන්ව සිටින පුද්ගලයින් නැවත පදිංචි කරනවාද නැතිනම් මේ වසර අවසාන වන විට අවතැන් කදවුරු සියල්ල වසා දමනවාද යන්න එතරම් වැදගත් වන්නේ නැහැ. වඩාත් වැදගත් වන්නේ මේ පිරිස්ට තමන් කැමති තීරණ ගැනීමට අවස්ථාව ලබාදීමයි.’’ හොල්ම්ස් කීවේය.
අවතැන් පිරිස් රදවා සිටින සුභසාධන මධ්‍යස්ථානවල ඇති පහසුකම් හා තමන්ගේ ගම් බිම් වල ඇති පහසුකම් පිළිබදව සන්සන්දනය කිරීමෙන් පසුව තමන්ගේ ගම් බිම්වලට යනවාද නැතිනම් තවදුරටත් අවතැන් කදවුරුවලම රැදී සිටිනවාද යන්න පිළිබදව වන තීරණය ඒ පුද්ගලයින්ට ගැනීමට හැකියාව තිබිය යුතු බවද ඔහු පැවසුවේය. ‘‘තමන්ගේ ගම් වල ඇති පහසුකම් වලට වඩා වැඩි පහසුකම් අවතැන් කදවුරුවල තිබෙන නිසා අවතැන් පිරිස් තවදුරටත් සුභසාධන මධ්‍යස්ථාන වල රැදී සිටීමට තීරණය කිරීමෙන් පසුව තවදුරටත් ඔවුන් කදවුරුවටල වී සිටීම ගැටලූවක් නොවේ. එහෙත් පුද්ගලයින්ට නිදහසේ ගමන් කිරීමට අවස්ථාව ලැබිය යුතුයි.’’ හොල්ම්ස් කීවේය.
අවතැන් පිරිස් යළි පදිංචිකිරීමේ වැඩකටයුතු තවදුරටත් දියුණු කරීමට හැකියාවක් පවතින බවත් එම ක‍්‍රියාදාමය තවදුරත් දියුණු විය යුතු බවත් හොල්ම්ස් පැවසුවේය. නැවත පදිංචිකිරීම් සිදුකිරීමේදී තොරතුර ලැබීමේ ගැටලූවක් පවතින බවත් අවතැන් පිරිස් වෙත නැවන පදිංචි කිරීම් පිළිබදව වන තොරතුරු නිසි පරිදි ලැබෙන්නේ නැති බවත් හොල්ම්ස් පැවසීය.
‘‘අවතැන් පුද්ගලයින් නැවත පදිංචි කරන්නේ කවදාද ඔවුන් ගමන් කරන්නේ කුමන ප‍්‍රදේශ වලටද යන්න පිළිබදව වන තොරතුරු ඔවුන්ට නිසි පරිදි ලැබෙන්නේ නැහැ.’’ එක්සත් ජාතීනගේ සංවිධානයේ මානුශීය කටයුතු පිළිබද නියෝජ්‍ය මහ ලේකම්වරයා කීවේය. මෙම තොරතුරු නොලැබීයාමේ ගැටලූවට කඩිනමින් විසදුම් ලබාදිය යුතු බවද අවතැන් පුද්ගලයින්ට අවශ්‍ය තොරතුරු ලබාදීමේ කටයුතු නිසි පරිදි සිදුකිරීම සදහා එක්සත් ජාතීන්ගේ සංවිධානය සිය සහයෝගය ලබාදෙන බවද හොල්ම්ස් කීය.
බිම් බෝම්බ ඉවත් කිරීමේ කටයුතු මේ වන විට සිදුවෙමින් පවතින අතර එම කටයුතු අවසන්වීමෙන් පසුව නැවත පදිංචි කිරිම් කළ යුතුව ඇතැයි ඔහු කීය. ‘‘බිම් බෝම්බ ඉවත්කිරීම විශාල අභියෝගයක් බවට පත්ව තිබෙනවා.’’ ගටුම් පැවති ප‍්‍රදේශවල බිම් බෝම්බ ඉවත් කිරීමේ කටයුතු නිරීක්ෂණය කළ හොල්ම්ස් කීය. නැවත පදිංචිකරන්නන්ගේ ආරක්ෂාව සදහා බිම්බෝම්බ ඉවත්කිරීම හා බිම් බෝම්බ පිළිබදව ජනතාව දැනුවත් කිරීම වැදගත් වන බවද ඔහු කීවේය.
‘‘බිම් බෝම්බ ඉවත් කිරීම කඩිනම් කිරීම පිළිබදව එක්සත් ජාතීන්ගේ සංවිධානයේ නියෝජ්‍ය මහ ලේකම්වරයා හා රජය අතර සාකච්ඡා සිදුවුනා.’’ බෝගොල්ලාගම පැවසීය.‘‘පුද්ගලයින නැවත පදිංචි කිරීමේ වැඩපිළිවෙල දියුණු කිරිම හා නැවත පදිංචිකරීම් සිදුකරන ප‍්‍රදේශවල නිවාස මූලික අවශ්‍යතාවන් හා ජීවන උපාය මාර්ග සතුටුදායක තත්වයකට ගෙන ඒම සදහා එක්සත් ජාතීනගේ සංවිධානය රජය සමග සහයෝගයෙන් වැඩ කරනවා.’’ හොල්ම්ස් පැවසුවේය.
නැවත පදිංචි කර සිටින පුද්ගලයින්ට ඔවුන්ගේ ජීවන තත්වය නැවත යථා තත්වයට පත්කරගන්නාතෙක් ආහාර වැනි සහනාධාර ලබාදීමට සිදුවනු ඇතැයි හොල්ම්ස් කීය. නැවත ගම්බිම් කරා ගමන්කරන පුද්ගලයින්ගේ ජීවනමාර්ග යථා තත්වයට පත්කිරීම පිළබදව මෙම සංචාරය තුළදී එක්සත් ජාතීනගේ සංවිධානයේ ඉහළ පෙලේ නියෝජිතයින් සමග සාකච්ඡුා කළ බවද ලංකාවේ විදේශ කටයුතු අමාත්‍යවරයා පැවසුවේය.
‘‘සුභසාධන මධ්‍යස්ථාන වල රැුදී සිටින ජනතාවට ඉන් පිටතට පැමිණ තමන්ගේ ජීවන තත්වය නැවත සාමාන්‍ය තත්වයට පත්කරගැනීමට ගෙනයන වැඩපිලිවෙල නොකඩවා සිදුකරගෙන යතැයි බලාපොරොත්තු වෙනවා.’’ හොල්ම්ස් සදහන් කළේය.
ලංකාවේ සිදුකරන මානුශික කටයුතු සදහා සහාය ලබාදීමට එක්සත් ජාතීනගේ සංවිධානය ඇතුළු මානුශීය සහන සංවිධාන සූදානමින් සිටින්නේයැයි හොල්ම්ස් කීය. ‘‘අවතැන් කදවුරුවල සිටින පුද්ගලයින්ට අවශ්‍ය ආහාර ඇතුළු මානුශිය සහනාධාර ලබාදීමටත් එක්සත් ජාතීනගේ සංවිධානය හා මානුශීය සහන සංවිධාන සූදානමින් සිටිනවා.’’ ඔහු කීවේය.
ලංකාවේ දීර්ඝ කාලීන ස්ථිර සාමයක් හා සාර්ථකත්වයක් ඇතිකරගැනීම සදහා එක්සත් ජාතීන්ගේ සංවිධානය සහාය දක්වන බවද හොල්ම්ස් පැවසුවේය.
මෙම වසර තුළදී සිව්වැනි වරටත් ලංකාවේ සිදුකළ සංචාරය අතරතුරේදී යාපනයේ හා වව්නියාවේ පිහිටි සුභසාධන මධ්‍යස්ථාන නිරීක්ෂණය කළ හොල්ම්ස් පුද්ගලයින් නැවත පදිංචි කර තිබෙන ප‍්‍රදේශ නිරීක්ෂනය කළේය. සුභසාධන කදවුරුවල රැුදී සිටින පුද්ගලයින් හා ඔවුන් නැවත පදිංචිකිරීමේ ක‍්‍රියාදාමය පිළිබදව රජයේ ඉහළ පෙලේ නියෝජිතයින් හමුවීමටද හොල්ම්ස් කටයුතු කළේය. ජනාධිපති මහින්ද රාජපක්ෂ විදේශ කටයුතු අමාත්‍ය රෝහිත බොගොල්ලාගම ආපදා කළමනාකරණ හා මානව හිමිකම් අමාත්‍ය මහින්ද සමරසිංහ අධිකරණ හා නීති ප‍්‍රතිසංස්කරණ අමාත්‍ය මිලින්ද මොරගොඩ යන අමාත්‍යවරු හා හොල්ම්ස් අතර අවතැන්වූවන් පිළිබදව වන සාකච්ඡා පවත්වා තිබුනේය.
එක්සත් ජාතීන්ගේ මානුශීය කටයුතු පිළිබද නියෝජ්‍ය මහ ලේකම්වරයා ලංකාවේ සංචාරයක
UN Humanitarian Chief in Colombo
අවතැන්වූවන් නැවත පදිංචි කිරීම හා අවතැන් කදවුරුවල ප‍්‍රගතිය පිළිබදව සමාලෝචනය කිරීමට හා ඉදිරි ක‍්‍රියාමාර්ග පළිබදව සාකච්ඡා කිරීම සදහා එක්සත් ජාතීන්ගේ සංවිධානයේ මානුශීය කටයුතු පිළිබද නියෝජ්‍ය මහ ලේකම් ජොන් හොල්ම්ස් ලංකාවට පැමිණියේයැයි ආපදා කළමනාකරණ හා මානව හිමිකම් අමාත්‍යාංශ ලේකම් රජීව් විජේසිංහ පැවසුවේය.
එක්සත් ජාතීන්ගේ සංවිධානයේ මානුශිය කටයුතු පිළිබදව නියෝජ්‍ය මහ ලේකම්වරයා මූලික වශයෙන් අවධානය යොමු කරන්නේ මෙම කාරණා දෙක පිළිබදව වන බවද විජේසිංහ සදහන් කළේය.
එක්සත් ජාතීන්ගේ සංවිධානය විසින් ලංකාවේ අවතැන්වූ පුද්ගලයින් සදහා විශාල වශයෙන් ආධාර ලබාදී ඇති බැවින් එම ආධාර බෙදාදී ඇති ආකාරය පිලිබදව මෙම සංචාරය තුළදී සාකච්ඡා කිරීමට නියමිතව ඇතැයි ආපදා කළමනාකරණ හා මානව හිමිකම් අමාත්‍යාංශයේ ලේකම්වරයා කීය.
‘‘අවතැන් කදවුරුවල තත්වය වර්ධනය වී ඇති ආකාරය පිළිබදව මෙන්ම ඉදිරියේදී අවතැන්වූවන් පිලිබදව මෙන්ම අපේ රටේ සැලසුම් පිළිබදව මෙහිදී අවධානය යොමුකරනවා. අපිට ආධාර ලබාගැනීම සදහා ඉදිරියේදී තිබෙන සැලසුම් මොනවාද යන්න පිළිබදව මෙහිදී සාකච්ඡා කරනවා.’’ විජේසිංහ කීවේය.
එක්සත් ජාතීන්ගේ සංවිධානායේ මානුශීය කටයුතු පිළිබද නියෝජ්‍ය මහ කොමසාරිස්වරයා සිව් දින නිල සංචාරයක් සදහා නොවැම්බර් 17 වැනිදා ලංකාවට පැමිණියේයැයි විදේශ කටයුතු අමාත්‍යාංශය සදහන් කළේය. මොහුගේ සංචාරය අතරතුරදී අවතැන්වී සිටින පුද්ගලයින් රදවා සිටින කදවුරු නිරීක්ෂණය කිරීමට නියමිත අතර ලංකාවේ ඉහළ පෙලේ බලධාරීන් සමග සාකච්ඡා කිරීමටද නියමිතය.
‘‘නොවැම්බර් 17 වැනිදා වව්නියාවේ හා යාපනයේ තිබෙන අවතැන් කදවුරු නිරීක්ෂණය කිරීමට හොල්ම්ස් කටයුතු කරනු ඇති. ඉන් පසුව බදාදා දිනයේ සවස විදේශ කටයුතු අමාත්‍යවරයා හා ජොන් හෝල්ම් අතර සාකච්ඡුාවක් පැවැත්වීමට නියමිතයි.’’ විදේශ කටයුතු අමාත්‍යාංශ ප‍්‍රකාශකයෙක් පැවසුවේය.
ජනාධිපති මහින්ද රාජපක්ෂ ආපදා කළමනාකරණ හා මානව හිමිකම් අමාත්‍ය මහින්ද සමරසිංහ පාර්ලිමේන්තු මන්ත‍්‍රී බැසිල් රාජපක්ෂ හා ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ හා හොල්ම්ස් අතර සාකච්ඡා නොවැම්බර් 19 වැනිදා පැවැත්වීමට නියමිත බවද විදේශ කටයුතු අමාත්‍යාංශය සදහන් කළේය.
ලංකාවේ යුද ගැටුම් පැවති අවසන් කාල සීමාවේදී හොල්ම්ස් අවසන් වරට ලංකාවට පැමිණියේය. මෙවර හොල්ම්ස් ලංකාවට පැමිණෙන්නේ මේ වසර ඇතුළතදී සිදුකරන තුන්වැනි නිල සංචාරය වශයෙනි. ඔහු අවසන් වරට ලංකාවේ සිදුකල සංචාරය අවසානයේදී අවතැන්වූවන්ගේ මානුශික අවශ්‍යතා වෙනුවෙන් ඩොලර් මිලියන දහයක මුදලක් එක්ස්ත් ජාතීන්ගේ සංවිධානය හරහා ලංකාවට ලබාදීමට කටයුතු කරන්නේයැයි නිවේදනය කළේය.
යුද ගැටුම් නිසා අවතැන්වූවන් පුද්ගලයින් පිළිබදව එක්සත් ජාතීන්ගේ සංවිධානයේ ඉහළ පෙලේ නිලධාරීන්ගේ අවධානය යොමුව ඇති අවස්ථාව වන විට අවතැන්වූ පුද්ගලයින් 129 520 ක් නැවත පදිංචි කර හා අවතැන් කදවුරුවලින් නිදහස් කර ඇතැයි උතුරු පළාතේ මානුශීය කටයුතු පිළිබදව වන වාර්තාවක් ඉදිරිපත් කරමින් ආපදා කළමනාකරණ හා මානව හිමිකම් අමාත්‍යාංශය නොවැම්බර් 13 වැනිදා පැවසුවේය. අම්පාර මඩකලපුව යාපනය නැවර කිළිනොච්චි මන්නාරම මුලතිව් පොළොන්නරුව ත‍්‍රිකුණාමලය හා වව්නියාව යන දිස්ත‍්‍රික්කවල මෙම පිරිස් නැවත පදිංචි කර ඇතැයි ආපදා කලමනාකරණ හා මානව හිමිකම් අමාත්‍යාංශය කීවේය.
මේ වන විට ගැටුම් නිසා අවතැන්ව සිටින 143 161 කට වඩා වැඩි පිරිසක් මේ වන විටත් සුභසාධන කදවුරුවල සිටින බව එම අමාත්‍යාංශය කීවේය. මේ අතර වව්නියාවේ පිහිටි සුභසාධන මධ්‍යස්ථානවල අවතැන්වූ පවුල් 43 251 කට අයත් අවතැන්වූවන් 132 748 ක්ද යාපනයේ පවුල් 1 105 ක අවැතැන්වූවන් 3 373 ක්ද වන බවද ආපදා කළමනාකරණ හා මානව හිමිකම් අමාත්‍යාංශය පැවුවේය.
UN Humanitarian Chief Sir John Holmes arrived in Sri Lanka on a four day official tour to assess the progress in the IDP camps and the resettlement of the IDPs. During his third visit to the country in 2009 he is scheduled to visit the IDP camps in the North and meet with key government officials including the President. Holmes is to discuss the progress in the welfare of the IDPs and future plans for the IDPs drawn by Sri Lanka, Secretary to the Ministry of Disaster Management and Human Rights Prof Rajiva Wijesinha said.
ජී එස් පී සහන කම්කරුවන් අතර බෙදී ගොස් නොමැත
අවුරුදු පහක ජී එස් පී ප්ලස් සහනට ඇඟළුම් සේවක සේවිකාවන් අතර බෙදී නොගිය බවටනොවැම්බර් 12 වන දින කොල්ලූපිටිය ජානකී හෝටලයේ පැවත් මාධ්‍ය සාකච්ඡාවකදී නිදහස් වෙළෙද කලාප පොදු සේවා සේවක සංගමයේ ලේකම් ඇන්ටන් මාකස් පැවසීය.
ජී එස් පී ප්ලස් ක‍්‍රමය ක‍්‍රියාත්මක වූ අවධියේද කම්කරුවන් අතර එම ප‍්‍රතිලාභ ඉතා අවම වශයෙන් ගලා ගියහ. රැකියා අවස්ථා නිර්මාණය කෙරුණද එම රැකියාවන්හි ගුණාත්මක බවක් හෝ වැටුප් තලයේ ප‍්‍රමාණවත් බවක් දක්නට නොලැබුණ බව මාර්කස් පැවසීය.
‘‘මැති ඇමතිවරු කියනවා ඇගළුම් සිත‍්‍රීන් බලසම්පන්න කරන්න ඕන කියලා. ඒත් මේ සහන අපේ රටේ කම්කරුවන් අතර බෙදී ගිහින් නැහැ.ඒකට හොඳම උදාහරණය තමයි කම්කරු දෙපාර්තුමේන්තුව 2008 වසරේ කළ සමීක්ෂණය.මේ සමීක්ෂණයෙන් හෙළි වෙලා තියෙනවා ඇගළුම් සේවයේ නියුතු කාන්තාවන්ගෙන් 66% පිරිස රක්තහීනතාවයෙන් පෙළෙන බව.එහෙනම් අපිට අහන්න තියෙන්නේ මේ සහන නියම ආකාරයෙන් ලැබිලා තියෙනවද.’’ මාකස් පැවසීය.
තවද ඇගළුම් සේවිකාවන් දිනකට ආහාර වේල් දෙකක් පමණක් ලබා ගන්නා බවත් එයට හේතුව වී ඇත්තේ ප‍්‍රමාණවත් පරිදි ඔවුනට ගෙවීම් සිදු නොකරන බවයි. මාකස් පෙන්වා දෙනු ලබන්නේ.දුගී බව තුරන් කිරීම උදෙසා එකී රටවල් බදු බර දරමින් සංවර්ධනය වෙමින් පවතින රටවලට මෙම ජී එස් පී ප්ලස් සහනය ලබා දෙන බවයි මාකස් පවසන්නේ.
වසර 2008 වන විට ජී එස් පී ප්ලස් සහනය ඩෙලර් මිලියන 108 මුදලක් ලැබී තිබුණද මේ සහනය නිසි අයුරින් ඔවුන් වෙත නොලැබෙන්නට හේතුව කුමක් දැයි ඔවුන් තවමත් නොදනී.මහා පරිමාණයෙන් ඇගළුම් සේවිකාවන් පිළිබද කතා කරනා කිසිවෙකුට ඔවුන්ගේ යථාර්තය තේරුම් ගැනීමේ හැකියාව නොමැත.මක් නිසාද යත් ඔවුන්ගේ දහඩියෙන් තමන්ගේ බඩ වඩා ගන්නා පිරිසක් ලංකාවේ සිටිනා නිසාවෙන් බවයි මාකස් පවසන්නේ.
‘‘රජය වගේම රටේ පූජ්‍ය පක්ෂයත් කවදාවත් නැතිව බැරෑරුම් විදියට ඇගළුම් කම්කරුවන් ගැන මේ කාලයේ කතා වෙනවා.85% ස්තී‍්‍රන් ඉන්නේ කියලා කතා වෙනවා.වෙනදත් පරීක්ෂණ කරලා තමයි ජී එස් පී ප්ලස් දුන්නේ.කම්කරු අයිත්වාසිකම් ගැන කතා කරලා දුන්නේ.කොන්දේසී මාලා එක්ක දුන්නේ.සම්මුතීන් 27 මේ අය එ් වෙලාවේ පිළී ගත්තා.ඇයි දැන් පිළිගන්න බැහැ කියන්නනේ.’’ මාකස් පැවසීය.
ලංකාව තුළ කිසිම වගකිව යුත්තෙක් සහතිකයක් දෙන්න කැමති නැහැ කිසිම කෙනෙක් එක්ක මේ සහනය බෙදා ගන්නවා කියලා.ආණ්ඩුවටයි පුළුවන් මේ දේ ලබා ගන්න. මාකස් පැවසීය.
‘‘අපි මේ සහනය රඳව ගන්න යනවා නම් අපි කියන්නේ මේ සහනය රටේ ජනතාවට ලැබිය යුතුයි.ලංකාවේ කිසිම කෙනෙක් සහතිකයක් දෙන්න සූදානම් නැහැ මේ සහනය කම්කරුවන් එක්ක බෙදා ගන්න.’’ මාකස් පැවසීය.
ශ‍්‍රී ලංකාව ඇගළුම් ක්ෂේත‍්‍රය කෙරෙහි දැඩි ඉල්ලූමක් මෙන්ම රටවල අවශ්‍යතා උදෙසා සැපයුමක්ද ලබා දෙන රටකි.සේවකයින් 2 70000 පමණ පිරිසකට සෘජු රැකියා අවස්ථා ලබා දෙන මෙම රැකියා ක්ෂේත‍්‍රයේ 85% පිරිස ග‍්‍රාමීය පවුල් වලින් පැමිණ මුලික ආදායම් උපයන පිරිස වේ.මෙම ජී එස් පී ප්ලස් සහනය නිසි අයුරින් නොලැබුණ හොත් මෙම පිරිසෙන් කොටසකට හෝ රැකියා අතහැර යාමට සිදු වන බව ස්ටෑන්ඩ්අප් මුවුමන්ටි හි ලේකම්වරිය වන අශිලා මාපලගම පවසයි.
‘‘ මේ ප‍්‍රතිලාබ කම්කරුවන්ට ගලා යෑමේ ක‍්‍රමවේදයක් සැකසිය යුතුයි. එ්කෙ වගකීම ආණ්ඩුව සතුයි.මේ ඉන්න දෙලක්ෂ පනස් දහසකට අධික පිරිස විශාල බියකින් ඉන්නේ මොන වෙලාවේ ගෙදර යන්න වෙයිද කියලා.අපට රජය ක‍්‍රියා කරන ආකාරය අනුමත කරන්න බැහැ. කම්කරුවන්ට මෙයින් වෙන බලපෑම් වලින් මුදව ගන්න රජය පෙනී සිටිය යුතුයි.අපි කම්කරුවන් පෙළ ගස්වනවා මේ සහනය ලබා ගැනීම සඳහා බලපෑම් කිරීමට.’’ මාපලගම පැවසීය.
Secretary to the Common Workers’ Association of the Free Trade Zone, Anton Marks said on November 12 that the apparel sector workers had not received any benefits of the GSP+ facility for the last five years. Marks highlighted the importance of formulating a mechanism where the benefits of the tax concession are divided among the apparel sector employees. About 85% of the apparel sector employees are rural youth. According to Marks, although employment opportunities were created in the sector due to the GSP+ facility, the quality and salaries were of poor standards. A study released by the Labour Department in 2008 had revealed that 66% of the apparel sector females suffered from iron deficiency due to the lack of nutritious food, Marks said. Achila Mapalagama, the chair of Stand-Up Initiative an FTZ based workers group said that plans should be formulated so that GSP + benefits reach the factory workers.
GSP Plus decision effective from mid-2010
Perambara this week spoke with Bernard Savage, the Ambassador for the European Union to Sri Lanka over the future of GSP Plus. “We will now move towards the recommendation, and that recommendation move (is) to cancel. We will have two months in which to take a decision,” Savage told Perambara.
Excerpts of the interview
Can you tell me where exactly things are now?
Where we are now, is that a few weeks ago as you probably know, the commission filed a report of the investigation (that) came out. That is the formal end of the investigative process. Now that process is finished. Now under the regulations governing GSP Plus the commission must make a recommendation to cancel, this on the findings of the report. As we have done in every stage of the process, we offered the opportunity to Sri Lankan authorities to either contribute or make their views known in the case of the report. That has been done. On Friday I was summoned to the foreign ministry and a formal reaction from the Sri Lankan authorities was communicated to the commission. We will now move towards the recommendation, and that recommendation move (is) to cancel. We will have two months in which to take a decision. That decision will come into force six months after the date it’s taken. So that’s where we are in terms of process.
I might add that for a number of reasons which I’m not entirely sure (of), some newspapers keep mentioning the European Parliament. In this process, under current structures of the Union, the Parliament has no formal role in this process. The commission informs the Parliament, but there is no formal decision power at the Parliament, and that rests with the Council.
Coming to the response by the Sri Lankan Government, how is the dialogue proceeding with the Government?
We welcomed, and continue to welcome the creation of a very high level committee made up of four ministers to manage this process. That provides us focus to continue discussion. We have every intention of pursuing opportunity of continued dialogue. Of course in terms of procedure, we are legally bound now to issue a recommendation. that’s not something that is optional for the commission. Having said that, and I’ve said this in a number of occasions, this is not like turning on and off a switch, it’s a process which we hope will have as it’s final result the retention by Sri Lanka the GSP Plus concessions. Clearly to do that, there are a number of things that need to be addressed. And some of those are contained within the commission’s mandate. Now there are obviously, quite clearly, understandable different views on that report and the process. I’m hoping that we can go through to the future with Sri Lankan and the European Commission and really address the task at hand which is of course getting to the situation where the commission can recommend the continuation of GSP Plus, hopefully without any break.
The response by the Sri Lankan Government also mentions and alleges that the European Union is using the GSP+ concessions as a political weapon and quotes a statement made in 2008. What would your response to that statement by the Government be?
Well, we don’t share the appreciation of the Government as far as that is concerned.
Coming back to the response by the GoSL, it talks about 270,000 people who are employed in the Garment Sector. Experts in the Garment Sector responded a few weeks back by saying that there would be about 50,000 jobs lost in the Garment Sector if the GSP+ concessions are to be taken off. What do you think the repercussions be towards the Sri Lankan Government (a), and (b) what would the repercussions be towards the operations of the EU in Sri Lanka if the concessions are discontinued?
With respect, the first question would be better addressed by a spokesperson from the Government.
As for the second question, we would hope that no one would lose their jobs. But as I’ve said in other occasions, our responsibility is the management the instrument itself. It’s coherence and it’s integrity. That’s our appreciation, and given that there are fourteen countries and many thousands of workers, tens of thousands of workers depend on that concession, we believe that it’s our first duty to maintain that coherence and integrity of the instrument as a whole, rather than one country which benefits from it. That’s a difficult calculus to make, but overall, we have the legal obligation the instrument vis-a-vis fourteen countries and not just one.
There are specific actions that you expect the Sri Lankan Government to make. Either way, the concessions are granted or not, do you see the Government taking the actions to deliver what is expected of them in terms of adhering to the human rights conventions?
The indications that we have at the moment, is that it is open to work with the commission. I am not in a position to discuss probably what specific actions we are talking about. This will be discussed with the Sri Lankan authorities as part of the on going dialogue. But certainly the indications I have from the Sri Lankan authorities is that they are prepared to sit down and discuss with us the specifics of what exactly we mean when we talk about the issues that have to be addressed.
How do you feel the people’s perception is, because when you look at some local media, especially publications, the EU is portrayed as a bit of a devil. How do you think the people’s perception of the EU is?
I think it varies to be honest, which is normal. You do expect a wide spectrum of opinions. Clearly, some people will find reasons to criticize us. And some people will accept that there is a logic behind our management of this particular issue. But that’s nothing new, it’s something we deal with in Europe with a very wide spectrum of opinion within Europe about the whole European project, the whole European Commission. The EC might be seen as diabolic perhaps not merely to Sri Lanka, so this is a normal part of public opinion and its expression.
There is a PR agency employed by the EU which is running quite a large campaign in trying to humanize the different aid programmes et cetera that the EU is conducting. Is that a sign that the EU is worried, or is that normal operational procedure?
That is quite specifically aimed at explaining the development activities of not only the European Union, but the International Community in general, at a time when some elements in the society either have criticized development agencies, INGOs. We feel unjusted, to a point where there was quite a definite sentiment of hostility towards organizations, many of them, the vast majority of them sincerly and in all good faith, are attempting to cooperate with Sri Lankan partners and in Government p
It is not a propaganda exercise, but an explanatory exercise, of this is what we’re doing, and there is nothing hidden in what we’re doing. there is no political agenda, say when you have NGOs working with handicapped children, say the development in schools in Vakarai et cetera. these are not well known, and if they are not well known then it’s our fault. And of course lack of knowledge gives rise to all sorts of accusations which we feel are unfounded. So it’s really an attempt to publicise what is being done, not only by us, but many other NGOs.
Let me go back to GSP+ issue and the political responsibility of the Sri Lankan Government. Do you think the 50,000 people whose employment hangs in the balance depending on whether the concession is granted or not, you think that number of people would be powerful enough to change the Government’s policy in a way, that the Government adheres to its responsibilities in terms of International Humanitarian Law?
Firstly, the figure itself is disputed as you might be well aware. There are influential and very respected institutions who consider that there would be no effect at all if GSP+ is suspended. I don’t want to indulge in speculation; it’s not in my place to question those institutions. Others have a different view.
Even the Government in it’s response said that there would be quite a bit of impact.
I think putting it that way is a bit narrow. My sentiment is that the PResident himself and his Government wish to address issues of concern within the bilateral relationship. It’s not a question of simply a threat, because it is not a threat. We have been very clear from the start where we want to go, and want to do it in cooperation of the Sri Lankan Government. Ideally, we might not get a suspension at all, so the question of job losses might not even arise.
Last question, where do you think the concession end?
I think I would really prefer not to give an answer to that, because any answer I give will be speculative. It’s not evading your question, but I don’t have a crystal ball. As I said, the indications that I’ve had from the Government is that it is prepared to work with us. And I hope that we would come to a situation where we can give a very positive recommendation regarding GSP+. Beyond that, we can work on further developing trade relations. That would be my objective, as the representative of the EC in Sri Lanka, is at the end of my term, we would go beyond GSP+ as trade relations develops. As I’ve noted in many places, the GSP+ is in any case temporary. What we want to establish is a long term trade relationship and that is wider than one instrument. That also means the diversification of our trade relationship, to more than one or two sectors, to development of business relationships between EU and Sri Lanka. Particular in the area in area of investment and areas of Small and Medium sized Enterprise. Just to point out that we have a number of programmes in specifically targeted to get small and medium sized enterprises together to develop trade relations where it was not there before.
So we want to get to this broader situation of trade relations, and not dependent on one instrument which is not only trade, but also investment.
බිම් බෝම්බ ඉවත් කිරීම කඩිනම් කළ යුතුයි – එ.ජා සංවිධානය කියයි
Landmines, unexploded ordnance a barrier to return
තවමත් ඉවත් නොකළ බිම් බෝම්බ හා පුපුරා නොගිය පුපුරන ද්‍රව්‍ය හේතුවෙන් උතුරේ අවතැන් ජනයාට බාධාවකින් තොරව සිය ගම් බිම් කරා යාමට නොහැකි වී ඇතැයි ශ‍්‍රී ලංකා රජය හා එක්සත් ජාතීන්ගේ සංවිධානය පෙන්වා දෙයි.
විදේශ කටයුතු අමාත්‍ය රෝහිත බෝගොල්ලාගම ප‍්‍රකාශ කරන පරිදි උතුරේ වර්ග කිලෝමීටර් හාරසීයක පමණ භූම් ප‍්‍රදේශයක බිම් බෝම්බ සහ පුපුරා නොගිය පුපුරන ද්‍රව්‍ය මිලියන 1.5 ප‍්‍රමාණයක් පැතිරී තිබේ.
‘‘ යුද්ධයෙන් හානි වූ ප‍්‍රදේශ සංවර්ධනය කිරීමට හා නැවත පදිංචියට සුදුසු තත්ත්වය සැකසීමට පෙර බිම් බෝම්බ ඉවත් කිරීමට පුර්ව අවශ්‍යතාවක් ’’ යැයි සරණාගතයින් පිළිබද එක්සත් ජාතීන්ගේ මහ කොමසාරිස් කාර්යාලයේ ප‍්‍රකාශක ඇන්ඩේරජ් මහේසික් පැවසුවේය.
‘‘ බිම් බෝම්බ ඉවත් කිරීමෙන් සංවර්ධන කටයුතු සිදු කිරීම හා ජන ජීවිතය යථා තත්ත්වයට පත් කිරීම යළි ඇරඹිය හැකියි ’’ මහේසික් ප‍්‍රකාශ කළේය.
යුද්ධය පැවති අවසාන මාස කිහිපය තුළ උතුරු ප‍්‍රදේශයේ ආසන්න වශයෙන් ලක්ෂ තුනක් පමණ ජනතාවක් අවතැන් වූ අතර ඔවුන් රජය විසින් පිහිටු වන ලද සුබසාධන ක`දවුරු වල ර`දවා සිටී. රජයේ වාර්තා වලට අනුව මේ වන විට ඉන් එක් ලක්ෂ අටදහසක පමණ ජනතාවක් නැවත පදිංචි කර තිබේ. එමෙන්ම තවත් අවතැන්වූවන් විශාල සංඛ්‍යාවක් ඉදිරි සති කිහිපය ඇතුළත නැවත පදිංචි කරනු ඇත.
මෙසේ නැවත පදිංචි කරන්නවුන් හොහොමයක් යාපනය වව්නියාව මන්නාරම මුලතිව් ත‍්‍රීකුණාමලය මඩකලපුව හා අම්පාර යන දිස්ති‍්‍රක්යන්ට අයත් වේ. ඉතා සුළු පිරිසක් පොළොන්නරු දිස්ත‍්‍රික්කයට ද අයත් වන බව සරණාගතයන් පිළිබද එක්සත් ජාතීන්ගේ මහකොමසාරිස් කාර්යාලය පෙන්වා දෙයි.
‘‘ අවතැන් වූවන් නැවත පදිංචි කිරීම ඉතා ඉක්මනින් සිදු කළ යුතු බවට අප සහතික වෙනවා. එහෙත් අවතැන් ජනයාගේ ආරක්ෂාව තහවුරු කිරීම රජයට ඊටත් වඩා වැදගත් වනවා.’’ යැයි විදේශ කටයුතු අමාත්‍ය රෝහිත බෝගොල්ලාගම පැවසීය.
එක්සත් ජාතීන්ගේ වාර්තා වලට අනුව ප‍්‍රතිසංස්කරණ කටයුතු සහ බිම් බෝම්බ ඉවත් කිරීමේ ප‍්‍රමාද වුව හොත් කිළිනොච්චි හා මුලතිව් ප‍්‍රදේශ වල අවතැන් ජනයා නැවත පදිංචි කිරීම තව දුරටත් පමා වනු ඇත.
‘‘ මේක විශාල අභියෝගයක්. යුද්ධය පැවති ආකාරයෙන් පුපුරන ද්‍රව්‍ය විශාල වශයෙන් පැතිරී ඇති.’’ එක්සත් ජාතීන්ගේ සංවිධානයේ මෙරට නේවාසික ප‍්‍රධානී නේල් බියුනේපැවසීය.
‘‘ සමහර ප‍්‍රදේශ වල කොච්චර පුපුරන ද්‍රව්‍ය තියෙනවද කියලා නිශ්චිත අදහසක් නැහැ. සමහර වෙලාවට බිම් බෝම්බ කොපමණ ප‍්‍රමාණයක් ඉවත් කළාද කියලත් නිශ්චිතවම කියන්නත් බැහැ.’’ බියුනේ පැවසීය.
අවතැන් කදවුරු වල සිටින ජනතාව ඉන් ඉවත් නොවූව හොත් ආධාර ප‍්‍රදානය කරන්නන් අධෛර්යමත් වනු ඇති බවට එක්සත් ජාතීන් පසුගිය කාලයේදී අනතුරු ඇගවීම් සිදු කර තිබිණි. කදවුරු වල සිටින ජනතාවට ආධාර කිරීමට වඩා අවතැන් කදවුරු වලින් පිටවී නැවත පදිංචියට යන ජනතාවට ආධාර කිරීමට ආධාර ප‍්‍රදානය කරන්නන් සතුටු වනු ඇතැයි නේල් බියුනේ පැවසීය.
මේ වන විට බිම් බෝමිබ ඉවත් කිරීම සදහා වන උපකරණ ස්ලෝවැකියාවෙන් හා ක්‍රෝටියාවෙන් මෙරටට ගෙන්වා ඇතැයි වාර්තා සදහන් කරයි. ඇමරිකන් ඩොලර් මිලියන හතරක වියදමක් දරා ගෙන්වා ඇති මෙම උපකරණ මගින් දිනකට වර්ග මීටර් පන්දහසක භූමි ප‍්‍රමාණයක බිම් බෝම්බ ඉවත් කළ හැකි බව විදේශ කටයුතු අමාත්‍යවරයා සදහන් කර තිබේ. පසුගිය හත් වැනිදා සරණාගතයන් පිළිබද එක්සත් ජාතීන්ගේ මහ කොමසාරිස් කාර්යාලය විසින් ද බිම් බෝම්බ ඉවත් කිරීමේ උපකරණ ශී‍්‍ර ලංකා රජයට ලබා දී තිබේ.
‘‘ මෙම උපකරණ හැකි ඉක්මනින් උතුරට යැවිය යුතුයි. මේ වන විට ශ‍්‍රී ලංකා රජයත් එක්සත් ජාතීන්ගේ සංවර්ධන වැඩසටහන හා දේශිය බිම් බෝම්බ ඉවත් කරන්න් බිම් බෝම්බ ඉවත් කිරීමේ කාර්යයේ නියැලී සිටිනවා.’’ මහේසික් පැවසුවේය.
‘‘ සමහර ජනයා වසරේ කිහිප වතාවක්ම අවතැන් වී සිටිනවා. කදවුරු වලින් පිටව යන ඔවුන්ගේ සමාජ ආර්ථික තත්ත්වය නගා සිටු වන්නට ආධාර අවශ්‍ය වී තිබෙනවා. ඔවුන්ගේ ජීවන තත්ත්වය යථා තත්ත්වයට පත් කිරීමට උදව් අවශයයි.’’ බූනේ පැවසීය.
‘‘ මේ වන විට සැලකිය යුතු සංඛ්‍යාවක් නැවත පදිංචි කරවලා තියෙනවා. ඔවුන්ට රැුකියා අවස්ථා ලබා දීම ජීවන තත්ත්වය නගා සිටු වීම හා පෙර ඔවුන් සිදු කළ ව්‍යාපාර ආදිය කර ගෙන යාමේ අවස්ථාව ලබා දීමට අප කටයුතු කරමින් සිටිනවා.’’ විදේශ කටයුතු අමාත්‍ය රෝහිත බෝගොල්ලාගම පැවසීය.
වර්ල්ඩ් විෂන් වැනි නැවත පදිංචි කිරීමේ කටයුතු පිළිබද අවධානයෙන් පසුවන ආයතන ප‍්‍රකාශ කරන්නෙ නැවත පදිංචි කිරීමේ කි‍්‍රයාවලිය සදහා ඉක්මන් ආධාර ලැබිය යුතු බවයි. ඒ සදහා ඇමරිකන් මිලියන දෙකක පමණ ආධාරයක් හැකි ඉක්මනින් ලැබිය යුතු බව ඔවුන් පෙන්වා දෙයි.
‘‘ අවතැන් ජනයා නැවත පදිංචි කිරන ලෙස අපි ඉල්ලා සිටියා. පොරොන්දු වූ පරිදි එ් කටයුතු සිදු කිරීම වැදගත්.’’ යැයි වර්ල්ඞ් විෂන් ශ‍්‍රී ලංකා අධ්‍යක්ෂක සුරේෂ් බාර්ට්ලෙට් පැවසුවේය.
අවම වශයෙන් දිනකට දෙදහසක් පමණ පුද්ගලයන් නැවත පදිංචියට සිය ගම් බිම් බලා යන බව වර්ල්ඩ් විෂන් ආයතනය පෙන්වා දෙයි.
‘‘ අපි සියල්ලෝම සතු යුතුකම හා වගකීම වන්නෙ ඔවුන් නැවත සමාජගත කිරීමයි. අතීතයේ පැවති තත්ත්වයට නැවතත් ඔවුන් පත් නොකළ යුතුයි.’’ බාර්ට්ලෙට් ප‍්‍රකාශ කළේය.
The government and the UN say that landmines and unexploded ordnance have posed a barrier for the displaced persons in the North to return to their homes. Foreign Minister Rohitha Bogollagama states that about 1.5 million landmines and unexploded ordnance are spread across a 400km2 land area in the North. The UNHCR spokesperson says de-mining the north would help IDPs return home and commence development activities in the area. Meanwhile, many relief agencies continue to highlight the importance of resettling the IDPs as soon as possible.
නීති විරෝධී සංක‍්‍රමණිකයින් වැලැක්වීමට ලංකාව හා ඕස්ටේ‍්‍රලියාවෙන් ඒකාබද්ධ පියවර
Australia, Sri Lanka join hands to prevent people smuggling
නීති විරොධී සංක‍්‍රමණිකයින් වැලැක්වීම පිළිබදව ලංකාවේ හා ඕස්ටේ‍්‍රලියාවේ අවධානය යොමුව ඇති අතර නීති විරෝධී සංක‍්‍රමණිකයින් වැලැක්වීම සදහා අමාත්‍යාංශ මට්ටමින් පියවර ගැනීමට ලංකාවේ විදේශ කටයුතු අමාත්‍ය රෝහිත බෝගොල්ලාගම හා ඕස්ටේ‍්‍රලියානු විදේශ කටයුතු අමාත්‍ය ස්ටෙම්ප් ස්ම්ත් අවභෝධතා ගිවිසුමකට අත්සන් තැබුවේය.
දිගින් දිගටම ලංකාවේ නීති විරෝධී සංක‍්‍රමණිකයින් ඕස්ටේ‍්‍රලියාව බලා පිටත්වයාමත් සමගින් නීති විරෝධී සංක‍්‍රමණිකයින් පිළිබදව දෙරටේ අවධානය වැඩිවී තිබේ. මේ පිළිබදව ලංකාවේ රාජ්‍යතාන්ත‍්‍රකයින් සමග සාකච්ඡුා කිරීමට ඕස්ටේ‍්‍රලියානු විදේශ කටයුතු අමාත්‍යවරයා ඇතුළු නියෝජිතයින් පිරිසක් ලංකාවේ සංචාරයක නිරත වූ අතර නොවැම්බර් 9 වැනිදා මෙම ගිවිසුමට අත්සන් තැබුවේය.
නීති විරෝධී ආකාරයෙන් පුද්ගලයින් විදෙස්ගතවීම් වැලැක්වීමට කටයුතු යෙදීම පිළිබදව ලංකාවේ සංචාරකය නිරත වූ ඕස්ටේ‍්‍රලියානු විදේශ කටයුතු අමාත්‍යවරයා වැඩි අවධානය යොමුකර තිබුනේය. මේ පිළිබදව ලංකාවේ ජනාධිපතිවරයා අධිකරණ අමාත්‍යවරයා මෙන්ම විදේශ කටයුතු අමාත්‍යවරයා සමග සාකච්ඡා කළේය.
නීති විරෝධී සංක‍්‍රමණිකයින් මේ වන විට ඕස්ටේ‍්‍රලියාවට මහත් හිසරදයක් බවට පත්ව තිබේ. ‘‘නීති විරෝධී ආකාරයෙන් පුද්ගලයින් වෙනත් රටවල් වෙත යැවීම පිටුපස සිටින කණ්ඩායම් අපට විශාල අභියෝගයක් බවට පත්ව තිබෙනවා.’’ සිය සංචාරය නිමකරන අවස්ථාවේදී ඒකාබද්ධ විදේශ කටයුතු අමාත්‍යාංශයේදී ප‍්‍රවෘත්ති සාකච්ඡුාවක් පවත්වමින් ඕස්ටේ‍්‍රලියානු විදේශ කටයුතු අමාත්‍යවරයා නොවැම්බර් 9 වැනිදා පැවසුවේය.
නීති විරෝධී සංක‍්‍රමණ වැලැක්වීමට පියවර යෙදීම අවශ්‍ය බවද ඒ සදහා සහයෝගීතාවය අවශ්‍ය බවද ස්මිත් කීවේය.
‘‘නීති විරෝධී සංක‍්‍රමණ වැලැක්වීම සදහා සහයෝගයෙන් කටයුතු කිරීම පිළිබදව අපි අද දින (නොවැම්බර් 9 දා) සාකච්ඡා කළා.’’ ස්මිත් සදහන් කළේය.
නීති විරෝධී සංක‍්‍රමණිකයින් පිළිබදව ගත හැකි නීතිමය පියවර පිළිබදව මෙහිදී සාකච්ඡාවූවේයැයි ඒකාබද්ධ ප‍්‍රවෘත්ති සාකච්ඡාවේදී ලංකාවේ විදේශ කටයුතු අමාත්‍ය රෝහිත බෝගොල්ලාගම කීවේය. නීති විරෝධී සංක‍්‍රමණිකයින් පිළිබවද ගත හැකි නීතිමය පියවර සම්බන්ධයෙන් පියවර ගැනීම දෙරට අතර වන අවභෝධතා ගිවිසුමේ සදහන් වන බවද බොගොල්ලාගම කීය.
‘‘නීති විරෝධී සංක‍්‍රමණ වැලැක්වීම සදහා වන ජාත්‍යන්තර වැඩපිළිවෙලක් ක‍්‍රියාත්මක කිරීමට එකගතාව පළකර තිබෙනවා.’’ බෝගොල්ලාගම පැවසුවේය. නීති විරෝධී සංක‍්‍රමණිකයින් හුවමාරු කරගැනීම සදහා ඕස්ටේ‍්‍රලියාව හා ලංකාව අතර එකගතාවයට පැමිණ තිබෙන බවද හෙතෙම කීය.
‘‘තොරතුරු හුවමාරුව මත විශාල වැඩ කොටසක් සිදුකිරීමට හැකියාව ලැබෙතැයි අපි හිතනවා.’’ ස්මිත් කීවේය.
නීති විරෝධී සංක‍්‍රමණිකයින් වැලැක්වීම සදහා ඕස්ටේ‍්‍රලියාව හා ලංකාව අතර ඇතිකරගත් ගිවිසුම අනුව නීති විරෝධී සංක‍්‍රමණිකයින් වැලැක්වීම සදහා වන ඒකාබද්ධ වැඩසටහන් මෙහෙයවීමේ කමිටුවක් ස්ථාපිත කිරීමට නියමිත බවද බොගොල්ලාගම සදහන් කළේය. මෙම කමිටුව මගින් නීති විරෝධී සංක‍්‍රමණිකයින් වැලැක්වීමට ගන්නා පියවර පිලිබදව නිරීක්ෂණය කිරීමට නියමිත බවද අමාත්‍යවරයා කීය.
ලංකාවේසිටද ඕස්ටේ‍්‍රලියාව බලා නීති විරොධී සංක‍්‍රමණියකින් පිටත්වයාම දිගින් දිගටම සිදුවෙයි.
මුහුදු මාර්ග ඔස්සේ ඕස්ටේ‍්‍රලියාව බලා පිටත්ව යමින් සිටි නීති විරෝධී ශ‍්‍රී ලාංකික සංක‍්‍රමණිකයින් 78 දෙනෙක් ඉන්දුනීසියානු මුහුදේදී අත්අඩංගුවට පත්වීමත් සමගින් නීති විරෝධී සංක‍්‍රමණියකයින් පිළිබදව දෙරටේ වැඩි අවධානය තවත් දැඩිවිය.
දිගින් දිගටම නීති විරෝධී ආකාරයෙන් ශ‍්‍රී ලාංකික සංක‍්‍රමණිකයින් ඕස්ටේ‍්‍රලියාව වෙත ගමන් කළ අතර මෙම නීති විරෝධී සංක‍්‍රමණිකයින් ඔස්ටේ‍්‍රලියාවේ ක‍්‍රිස්මස් දූපතේ රැදවීමට ඕස්ටේ‍්‍රලියානු බලධාරීන් කටයුතු යොදා තිබුනේය. නමුත් මුහුදු මාර්ග ඔස්සේ ඕස්ටේ‍්‍රලියාවට පිටත් යාමට සූදානමින් සිටි මෙම සංක‍්‍රමණිකියන් පිරිස තාවකාලිකව ඉන්දුනීසියාවේ රැදවීමට පියවර ගෙන තිබූ අතර ඕස්ටේ‍්‍රලියාව වෙත භාරගැනීම එරට බලධාරීන් විසින් ප‍්‍රතික්ෂේප කර තිබුනේය.
‘‘ලංකාවේ මුහුදු තීරයට පැමිණ මුහුදු මාර්ග ඔස්ස් විවිධ රටවල් හරහා ඕස්ටේ‍්‍රලියාවට හා වෙනත් රටවල් වලට යන බවට අපි දැනුවත් වෙලා තිබෙනවා.’’ ලංකාවේ විදේශ කටයුතු අමාත්‍ය බෝගොල්ලාගම එ කීවේය. මෙලෙස නීති විරෝධී ආකාරයෙන් පුද්ගලයින් වෙනත් රටවලට සංක‍්‍රමණය වනු දැකීම ලංකාවේ අපේක්ෂාව නොවන බවද හෙතෙම සදහන් කළේය.
එල්.ටී.ටී.ඊ. සංවිධානය විසින් නීති විරොධී ආකාරයන් පුද්ගලයින් වෙනත් රටවලට පිටත් කළ බවද ඉන් පසුව වෙනත් පුද්ගලයින් විසින් නීති විරෝධී සංක‍්‍රමණ සිදුකිරීම දැකීම ලංකාවේ අවශ්‍යතාවය නොවන බවද විදේශ කටයුතු අමාත්‍යවරයා පැවසුවේය.
‘‘ලංකාවේ ස්ථාවරය වන්නේ ලංකාවේ අයෙක් නීති විරෝධී මාර්ග ඔස්සේ වෙනත් රටකට ගමන් කිරීමේ අවකාශයක් නොමැති බවයි.’’ බෝගොල්ලාම පැවසීය.
Sri Lankan Foreign Minister Rohitha Bogollagama and Australian Foreign Minister Stephen Smith signed a ministerial level agreement to prevent the illegal immigration of people between the two countries. Bogollagama said that following the agreement, a committee is to be appointed to initiate joint action against trafficking syndicates . Smith emphasized the need for joint action to prevent human trafficking and that the groups involved in human smuggling were a great challenge to Australian authorities. The two countries have been more focused on illegal immigrants after a boat carrying 78 persons to Australia was captured in the seas off Indonesia.
ජී.එස්.පී. ප්ලස් ලබාගැනීමට රජයෙන් පියවර
Gov. taking positive measures on GSP+ – FM
ජී.එස්.පී. ප්ලස් පිළිබදව රජයට ගත හැකි සියලූම ක‍්‍රියාමාර්ග ගන්නා බව විදේශ කටයුතු අමාත්‍ය රෝහිත බෝගොල්ලාගම පැවසුවේය.
ලංකාව විසින් යුරෝපා සංගමය වෙත අපනයනය කරන භාණ්ඩ සදහා ලබාදී තිබෙන ජී.එස්.පී. ප්ලස් සහන නැවත වරක් දීරඝ කරන්නේද යන්න පිළිබදව තීරණයක් ගැනීමට යුරෝපා සංගමය මේ වන විට කටයුතු යොදා තිබේ. ජී.එස්.පී. ප්ලස් සහනය නැවත දීර්ඝ කරන්නේද යන්න පිළිබදව වන අවසන් තීරණය ගැනීමේදී ලංකාවේ මානව හිමිකම් තත්වය ප‍්‍රධාන සාධකයක් ලෙස සැලකීමට යුරෝපා සංගමය කටයුතු යොදා තිබේ.
ජී.එස්.පී. ප්ලස් සහන නැවත වරක් දීර්ඝ කිරීම සදහා යුරෝපා සංගමය විසින් සිදුකරන පරික්ෂණයේදී ලංකාවේ මානව හිමිකම් තත්වය පිළිබදව කරුණු දැක්වීමක් සිදුකරන්නේනම් එම කරුණු දැක්වීම නොවැම්බර් 6 වැනිදාට පෙර සිදුකරන ලෙස යුරෝපා සංගමය ලංකාවට දන්වා තිබුනේය. යුරෝපා සංගමය විසින් කර තිබූ දැනුම්දීමට ලංකාව එම අවස්ථාවේදීම ප‍්‍රතිචාර දක්වා තිබූ අතර ඒ පිළිබදව ලංකාවේ ස්ථාවරය දන්වා සිටින බවද ලංකාවට එහිදී කියා සිටියේය.
යුරෝපා සංගමය විසින් කරුණු දැක්වීම සදහා ලංකාවට ලබාදී තිබූ කාලය නොවැම්බර් 6 වැනිදායින් අවසන් වෙයි. මේ සම්බන්ධයෙන් ලංකාව ගෙන ඇති පියවර කවරේදැයි යන්න පිළිබදව සියලූදෙනාගේම අවධානය යොමුව තිබේ.
‘‘හෙට (නොවැම්බර් 6 දා) දිනය වන විට ජී.එස්.පී. ප්ලස් පිළිබදව වන සියලූම ක‍්‍රියාමාර්ග ගන්නවා.’’ කොළඹ පිහිටි විදේශ කටයුතු අමාත්‍යාංශයේදී නොවැම්බර් 5 වැනිදා පැවති ප‍්‍රවෘත්ති සාකච්ඡාවේදී විදේශ කටයුතු අමාත්‍ය රෝහිත බෝගොල්ලාගම කීවේය.
ජී.එස්.පී. ප්ලස් සහනය නැවත ලබාගැනීම සදහා ශ‍්‍රී ලංකා රජය කටයුතු කරමින් සිටින අවස්ථාවේදී තානාපති අංශයෙන්ද මේ සදහා පියවර යෙදීමට විදේශ කටයුතු අමාත්‍යාංශය පියවර යොදා තිබේ. ලංකාවේ යුරෝපා සංගම් තානාපති කාර්යාලයේ තානාපති නිලධාරීන් හා විදේශ කටයුතු අමාත්‍ය රෝහිත බෝගොල්ලාගම අතර හමුවක් අමාත්‍යාංශයේදී නොවැම්බර් 5 වැනිදා පැවති බව විදේශ කටයුතු අමාත්‍යවරයා සදහන් කළේය. මෙහිදීද ජී.එස්.පී. ප්ලස් පිළිබදව සාකච්ඡා වී ඇත.
‘‘ජී.එස්.පී. ප්ලස් සම්බන්ධයෙන් ගත යුතු ක‍්‍රියාමාර්ග ඉදිරියේදී නොකඩවා ක‍්‍රියාත්මක කරනවා.’’ විදේශ කටයුතු අමාත්‍යවරයා පැවසුවේය.
ලංකාවට ජී.එස්.පී. ප්ලස් සහනය නැවත වරක් ලබාදෙන්නේද යන්න පිළිබදව වන යුරෝපා සංගම් වාර්තාව ඔක්තෝම්බර් 19 වැනිදා එළි දැක්වූ අතර මේ වාර්තාව බ‍්‍රසල්ස්හි පිහිටි ලංකාවේ යුරෝපා සංගම් තානාපති කාර්යාලය හරහා ශ‍්‍රී ලංකා රජයට ලබාදීමට යුරෝපා සංගමය පියවර යොදා තිබුනේය. මෙම වාර්තාව ප‍්‍රකාශයට පත්කිරීමට වසරටක පෙර මේ පිළිබදව වන පරීක්ෂණය ආරම්භ කර තිබුනේය. මේ අවස්ථාව වන විට වසර තිහක කාලයක් තිස්සේ පැවති යුද ගැටුම් අවසන් කිරීම සදහා ලංකා රජය කටයුතු කරමින් සිටියේය.







