එක්සත් රාජධානියට තියෙන අයිතිය මොකක්ද

March 4, 2010 by Editor  
Filed under Featured, Stories


ගෝලීය දෙමළ සංවිධානය මඟින් පසුගිය දිනක පැවැත්වූ සමුලුවකදී ඬේවිඩි මිලි බෑන්ඩි කළ ප‍්‍රකාශය වෙනුවෙන් අද පැවති කරඩිනටි තීරණ දැනුම් දීමේ  මාධ්‍ය සාකච්ඡාවේදී මහාචාර්ය ජී එල් පීරිස් පවසා සිටියේ ලංකාවෙන් පරිපාහිර එල් ටී ටී ඊ ආණ්ඩුවක් පිහිට විය යුතු   බවට ගෝලීය දෙමළ සංවිධානය පැවසූ ඇති බවයි.

“එක්සත් රාජධානියට තියෙන අයිතිය මොකක්ද මේ රට ගැන මත පල කරන්න. මේවා අපේ රටේ ප‍්‍රශ්ණ. රට අභ්‍යන්තරයේ තියෙන ප‍්‍රශ්ණ සාකච්ඡුා කරන්න අයිතියක්  එ් අයට නැහැ. රට අභ්‍යන්තරයේ මිනිස්සුන්ටයි එ් ප‍්‍රශ්ණ  කතා කරන්න අයිතිය තියෙන්නේ.”

අන්තර්ජාලය හරහා මෙරට ඇඟලුම් පිළිබඳව ගෙනයන ප‍්‍රචාරයන් සිදු වන්නේද එකී ප‍්‍රකාශයේ ප‍්‍රතිපලයක් ලෙස බවයි මහාචාර්ය පීරිස් පවසන්නේ.

“යූ ටියුබ් හරහා අපේ රටේ ඇඟලුම් ගන්න එපා කියනවා. මේවා  කියන්නේ මිලි බෑන්ඞ් නිසා. ඔහු කීවේ මොනවද කියන එක නෙවෙයි ප‍්‍රශ්ණෙ තියෙන්නේ එතන්ට ඔහු සහභාගී වුණ එකයි තියෙන ප‍්‍රශ්ණෙ. මෙයින් ව්‍යංගයෙන් කියැවෙන්නේ මොකක්ද කියලා හිතන්න පුලුවන් කමක් තියෙන්න  ඕන.” හෙතෙම පැවසුවේය.

හිටපු අග විනිසුරුවරයා සරත් ෆොන්සේකා අත් අඩංගුවට ගැනීම සම්බන්ධයෙන්  කළ ප‍්‍රකාශය සම්බන්ධයෙන්ද මෙහි දී සාකච්ඡා විය.

හිටපු අගවිනිසුරුවරයා සඳහන් කර ඇත්තේ සරත් ෆෝසේකා අත්අඩංගුවට ගැනීම හා රඳවා තබා ගැනීම නීතිවිරෝධී බවත් ජාත්‍යන්තර නීති පවා උල්ලංඝනය කර මෙම අත් අඩංගුවට ගැනීම සිදු කළ බවත්ය.

“එක වැරදි නම් පසු ගිය අඟහාරුවාදා ශේ‍්‍රෂ්ඨාධිකරණය එකඟ වෙනවා මොහුව ඇප මත නිදහස් කරන්න. මේ ඉදිරිපත් කරලා තියෙන්නේ මානව හිමිකම් පිළිබද පෙත්සමක්. බැලූ බැල්මට මේවායේ සාධාරණ සාක්ෂි තියෙනවා නම් කැපී පෙනෙන දෙයක් තියෙනවා නම් නිදහස් කරන්න තීරණය කරනවා.” හෙතෙම සඳහන් කළේය.

ඕනෑම පුද්ගලයකුහට විවේචනාත්මක මත ඉදිරිපත් කිරීමේ හැකියාව පවතින බවත් නමුදු  කුමන්ත‍්‍රණ කිරීමේ අයිතියක නොමැත් බව මහාචාර්යවරයා ප‍්‍රකාශ කර සිටියේ රාජපක්ෂ පවුල පිළිබඳව ගවේශණය කිරීම සඳහා යොදවා ඇති පොලිසි කණ්ඩායමක් පිළීබඳව මාධ්‍යවේදීයකු නැඟූ ප‍්‍රශ්ණයකට පිළීතුරු ලබා දෙමිනි.

“කවුරුවත් සඳහා කියලා විශේෂ ආයතන පිහිටවලා නැහැ.  රටේ සාමාන්‍ය නීතිය හැමෝටම පොදුයි නම් ඇයි විශේෂ ආයතන පිහිටවන්නේ. ” හෙතෙම පැවසුවේය.

  • Share/Bookmark

දණ්ඩ නීති සංග‍්‍රහය යටතේ ජෙනරාල්වරයාට චෝදනා ගොනු කෙරේ

February 25, 2010 by Editor  
Filed under Featured, Stories


සරත් ෆොන්සේකා අත් අඩංගුවට ගැනීම සම්බන්ධයෙන් දේශපාලන වශයේන් කිසිදු මැදිහත් වීමක් නොමැති බව ශ්‍රේෂ්ඨාධිකරණ වාර්ථාවෙන් ඔප්පුවූ බව මහාචාර්ය ජී එල් පීරිස් තහවුරු කළේය.

‘‘මේ ලබා දුන්න අධිකරණ තීන්දුව පිටු හතරකින් යුත් තීන්දුවක් . එහි තුන්වන පිටුවේ සෘජුවම සඳහන් වෙනවා හමුදා නීතිය පිළිබඳව. හමුදා නීතිය ගත් පියවර නිවැරදි කියලා ශ්‍රේෂ්ඨාධිකරණය පිළිගන්නවා.’’ මහාචාර්‍ය පීරීස් පැවසුවේය.

සරත් ෆොන්සේකා නිදහස් කිරීම සම්බන්ධයෙන් ඉල්ලා සිටි අතුරු සහන නියොගයද ප‍්‍රතික්ෂේප කිරීම තුළින්ද ශේෂ්ඨාධිකරණය මේ සඳහා මැදිහත් නොවන බව පෙන්වා දුන් බව හෙතෙම සඳහන් කළේය.

‘‘ ඕන තරම් නඩු තියෙනවා අතුරු නියෝග ඉල්ලූවම බැලූ බැල්මට අසාධාරණයි වගේ පේනවා නම් නිදහස් කරනවා. මේ අවසුථාවේ එය ප‍්‍රතික්ෂේප කළා. ශේ‍්‍රෂ්ඨාධිකරණය මෙහිදී මැදිහත් වෙන්නේ නැහැ.’’ හෙතෙම පැවසුවේය.

ඉදිරි සති දෙක ඇතුළත ශ‍්‍රී ලංකා දණ්ඩ නීති සංග‍්‍රහය යටතේ සරත් ෆොන්සේකාට විරුද්ධව චෝදනා ගොනු කිරීම සිදු කිරීමට නියමිත බවයි මහාචාර්ය පීරීස් පවසන්නේ. එ් චෝදනා වර්ග තුනක් යටතේය.

‘‘වංචා කිරීම වංචා කිරීමට අනුබල දීම හා කුමන්ත‍්‍රණ කිරීම හයිකොප් ගණුදෙණුව යටතේත් යුධ හමුදාව තුළ අසහනයක් ඇතිකිරීමට උත්සහ දැරීම හා හමුදාවෙන් පලා ගිය අය තමන් ළඟ තබාගෙන ප‍්‍රයෝජන ගැනීම යන කරුණ තුන මීට ඇතුළත් වෙනවා. ඊට අමතරව විදේශවිනිමය පාලන පනත යටතේ ද සාමාන්‍ය නීතිය යටතේ අධිචෝදනා ගොනුකිරීමට නියමිතයි. ’’ හෙතෙම පැවසුෙවිය.

රොබට් බ්ලේක් ප‍්‍රකාශ කරන ආකාරයට සමාන්‍ය නීතිය ක‍්‍රියාත්මක කිරීමේ අවශ්‍යතාවයත් ලියම් ෆොක්ස් පවසන ආකාරයට නීතියේ විනිවිදභාවත් පිළිබඳව කතා කළ සිය`ථ දෙනා හට අධිකරණ නියෝගය මඟින් පිළිතුරු ලැබුණ බවත් ඇමරිකානු තානාපතිනියක වශයෙන් සේවය කළ ටෙරසිටා ෂේපර් පවසන පරිදි බටහිර රටවල් සම්පූර්ණයෙන් පිළිගත යුතුයි ශ‍්‍රී ලංකාෙවි දේශපාලනය සම්පූර්ණයෙන් වෙනස් වී ඇති බව. මහාචාර්ය පීරිස් පැවසුවේය.

හෙට දහවල් 12ට නාම යෝජනා පත් භාරදීම අවසන් වන අතර මෙවර මැතිවරණ ක‍්‍රමයේ වෙනස්ක් සිදු කිරීමට ජනාධීපත්වරයා තීරණය කර ඇති බව හෙතෙම පැවසුවේය.

‘‘අපේ රජය පාර්ලිමේන්තුව තුළ ඉක්මනින් කරන්න හදන්නේ මැතිවරණ ක‍්‍රමයේ වෙනස්ක් ඇති කීරීමටයි. නවුරුත් දන්නවා අපේ රටට ගැලපෙන ක‍්‍රමයක් නෙවෙයි මේ තියෙන්නේ කියලා. විශේෂයෙන් මනාප ක‍්‍රමය. එ් ක‍්‍රමයේ කාලෝචිත වෙනසක් ඇත් කිිරීම සඳහා ජනාධිපතිවරයා පියවර ගත්තා. මෙවර ආසන සංවිධායකවරු නැහැ. සියලූ අපේක්ෂකයන් දිස්ත‍්‍රික් සංවිධායකවරු.’’

මැතිවරණ සමයේ ඉදිරිපත් වන නොයෙක් ගැටුම් ප‍්‍රශ්ණ නිරාකරණය කර ගන්න මේ මඟින් හැකියාව ලැබෙනු ඇති බවයි මහාචාර්ය පීරීස් පවසන්නේ.

  • Share/Bookmark

ෆොන්සේකා අත් අඩංගුවට ජාත්‍යන්තර කුමන්ත‍්‍රණ

February 16, 2010 by Editor  
Filed under Featured, Stories

ජෙනරාල් සරත් ෆොන්සේකා අරඹයා ඇති වී තිබෙන අර්බූදකාරී තත්ත්වය  ජාත්‍යන්තර කුමන්ත‍්‍රණයක් බවයි දේශ හිතෛෂී ජාතික ව්‍යාපාරයේ සභාපති ගුණදාස අමරසේකර පවසා සිටිියේය.

අද ජාතික පුස්තකාල හා ප‍්‍රලේඛන සේවා මණ්ඩලයේ පැවති මාධ්‍ය සාකච්ඡාවක දී ඔහු මේ බව පවසා සිටියේය.

‘‘මේ සම්බන්ධයෙන් සාමාන්‍ය ජනතාව දන්නේ නැහැ. මෙහි යථාර්තය ගැන එ අය දන්නේ නැහැ. මේ පිළිබඳව බුද්ධිමතුන් පැහැදිලිව කට ඇරලා කතා කරන්නේ නැහැ. සරත් ෆෙන්සේකා මුල් කරගෙන තියෙන්නේ අන්තර්ජාතික කුමණ්ත‍්‍රනයක්. එ්ක ඉරහඳ වගේ පැහැදිලි වෙලා ඉවරයි දැන්. ඇමරිකාව මුල් කරගෙන ගෙන යන විශාල කුමන්ත‍්‍රණයක් එක් අවස්ථාවක් ලෙස මෙය හඳුන් වන්නන පුලුවන්.’’ අමරසේකර පැවසුවේය.

මේ රට අස්ථාවර කිරීමට ස්වාධිපත්‍ය නැති කිරීමට රට බෙදීමට අවශ්‍ය සියලු දේ ඇමරිකාව විසින් ගනිමින් සිටිනා බවට  අමරසේකර මෙහිදී චෝදනා කර සිටියේය. එ් සඳහා ඇමරිකාවේ ගැත්තකු  සිටින රනිල් වික‍්‍රම සිංහ බලයට පත් කිරීමට උත්සහ දැරූබවද හෙතෙම පවසා සිටියේය.

‘‘එ් බව මහින්ද ජනාධිපතිබලයට පත්වූණ  වෙලාවේ හොඳට පේන්න තිබුණා. රොබට්බ්ලේක් මේකට සහය දුන්නා. විමලූයි ගෝඨාභයයි විතරයි මේ ගැන කටක් ඇරලා තකා කරලා තියෙන්නේ. රොබට් බිලේක්ලා තමන්ගේ කුමන්ත‍්‍රණ කරන්න  සරත් ෆොන්සේකාව තෝරාගත්තා.’’

යුද්ධය පවතින කාලසීමාවේදී හවායින් වල මැරායින් හමුදාව ගෙනවිත් ප‍්‍රබාකරන් මුදවා ගැනිමට රොබට් බ්ලේක්  උත්සහ ගත් බව අමරසේකර පැවසුවේය.

‘‘දැන් වෙලා තියෙන්නේ මේ කිසි දෙයක් සාමාන්‍ය ජනතාවට හෙළි කරන්නේ නැතිව සිටීමත මේ දේවල් එළි කරන්න රඩයට අයිත්යක් තියෙනවා. මේ අය හදන්නේ රැුවුළයි කැදයි දෙකම බේර ගන්න. ෆොන්සේකා කියන්නේ රූකඩයක්. එයාව ඉස්සරහට දාලා එන් ජී  ඕ . අයි එන් ජී  ඕ විදේශ බලවේග ගෙන යන කුමන්ත‍්‍රනයක් හැටියටයි අපි මේක දකින්නේ.’’

රට ආරාජික තත්ත්වයට ඇද දැමීම සඳහා අවශය මූලික පියවරයන් ලෙස ස්වාධීන කොමිසන් සභා හා අධිකරණයේ පිළිගැනීමම අවම කිරීම සඳහා මේ සියලු දෙනා පියවර ගෙන ඇති බව අමරසේකරගේ මතය වී තිබේ.

‘‘මේ දේවල් කළාම මිනිස්සු කල කිරෙනවා. දැන් මානව හිමිකම් පිළිබඳව ෆොන්සේකා ගොනු කරලා තියෙන නඩුවේදී අධිකරණය ඔහුට විරුද්ධ වුණොත් කියාවි අග‍්‍රවිනිශ්චයකාරවරයා තුවක්කුව පිටිපස්සේ තියලා දුන්න තීන්දුවක් කියලා.’’

එතුමා ප‍්‍රකාශ කරන ආකාරයට ගවුලයි කරදයි දෙකම බේරා ගැනීමේ හැකියාව නොමැත. රැවුලයි කැදයි දෙකම බේරා ගන්නට ගොස් සමාන්‍ය ජනතාව අතරමං වී ඇති බවයි හෙතෙම පෙන්වා දෙනු ලබන්නේ.

බලයට කෑදර  සදාචාරාත්මක පැවැත්මක් නැති ෆොන්සේකා

කෙසේ වුවද රටේ සාමාන්‍ය ජනතාව විදියට තීරණයක් ගැනීමට හැකියාවක් මෙන්ම  පැන නැගී ඇති තත්ත්වය පිළිබඳව නිසි අවබෝධයක් නොමැත්තේද මෙම කරුණ තත්ත්වය පිළීබදව වගකිව යුතු කිසිම පුද්ගලයකු මේ පිළිබද පැහැදිළි කිරීමක් නොකිරීමය.

කුමන්ත‍්‍රණ ලෙස මොවුන් පෙන්වා දෙන්නේ මොනවාද එ් දෙවල් කෙසේ උපන්නේද හේතු මොනවාද කුමන්ත‍්‍රන කරුවට අවශ්‍ය වන්නේ කුමක්ද යන්න නිසි ආකාර පැහැදිලි කිරීමේ අවශ්‍යතාවය සාමාන්‍ය ජනතාව හට අවශ්‍ය ඇත. මේ පිළීබදව අදහස් දක්වන්නේ කුමන පදවුනමක සිටද යන්න හෝ සාමාන්‍ය ජනතාව වෙත ලැබෙන්නේ මාධ්‍ය ඔස්සේය. එ් සඳහා අදහස් දැක්වීමේදී ද අවශ්‍ය කරන්නාවූ තොරතුරු සියල්ල ලබා දිය යුතු නොවේද.

බෙන්ගමුවේ නාලක හිමි පවසන් පරිදි සරත් ෆොන්සේකා යනු බලයට කෑදර  සදාචාරාත්මක පැවැත්මක් නැති බොහොම හොඳට බොරු කියන්නට හැකි පුද්ගලයෙකි.

උන්වහන්සේ එ් බව දැන සටියා නම් හමුදාපති තනතුර පිරිණැමීමට ප‍්‍රථම මේ සියල්ල එළිකර එම තනතුර පිරිනැමීම වළක්වා ලීමේ හැකියාව නොමැති වූයේ මන්ද මේවා සාමාන්‍ය ජනතාවගේ සිත්තුළ අහම්බෙන් පැන නඟින ප‍්‍රශ්ණ විය හැකිය.

”අපේ රටේ පිහිටීම අනුව විදේශ බලවේග උපි ඉස්සරහට එද්දී බයයි.මේ පිහිටීම නිසා ජාත්‍යන්තර කුමන්ත‍්‍රන කරලා අස්ථාවර කරන්න හදන්නේ. බ්ලේක්ලටකරන්න බැරි දේවල් ෆොන්සේකා යොදාගෙන කරව ගන්න උත්සහ කළා. ජේ  වී පී එකයි යූ එන් පී එකයි දැන් බයෙන් ඉන්නවා එ් අයට බලයට එන්න බැරි වෙයි කියලා. මේ නිසා මහා නායක හිමි වරුනිට කීවා. එ් අය මේ වෙද්දී වැටහීමක ඉන්නවා මේ පිළිබඳව.”

මේ වන තුරු හමුදාවේ බෙදීමක් නොතීබූ බවත් එක්සත් ජාතික පක්ෂයේ හා ජනතා විමුක්ති පෙරමුණෙ පැවති දේශපාලන දුරිවල කම නිසාවෙන් අපූරුවට සිටි ෆොන්සේකා මේ තත්ත්වයට ඇඳ දැමූ බවයි රුහුණූ රට භික්ෂුපෙරමුණේ ප‍්‍රධාන ලේකම්  ඕමාරේ කස්සපප හිමි  පවසන්නේ.

ගැටලුව තියෙන්නේ සරත් ෆොන්සේකා සමඟ නෙවෙයි.

“ඔහු නීත්‍යානුකූල ආරක්ෂකයින් 600ක් ඉල්ලා සිටියා. එ් වෙලාවේ එ් සංඛ්‍යාන ලැබුණේ නැහැ. එ් නිසයි මේ අය  පැන ගිය සෙබලුන් අරගෙන සිනමන් ලේක් ගියේ. ජන්දෙන් බැරි වුණ දේ උන්ඩෙන් කරන්නයි මේ අය හැදුවේ. මේ අය මහා සමාජ විලෝපනයකට යන්නන හදනවා.  සරත් ෆොන්සේකාට නීත්‍යානුකූලව දඩුවම් කළ යුතුය.” උන්වහස්සේ සඳහන් කළේය.

ලංකා ජාතික සංඝ සභාවේ ලේකකාධිකාරී ආචාර්ය මාදුරුඔයේ ධම්මීස්සර හිමි සඳහන් කරන ආකාරයට සරත් ෆොන්සෙකා පිළීබඳව කිසිදු ගැටලුවක් නොමැත. ගැටලූව ඇත්තේ හමුදාපති වරයා පිළිබදවය.

“යුද්ධය ගැන කතා කරන හමුදාපති වරයා ගැන තීරණ ගන්න වෙන කිසිම කෙනෙකුට අයිතියක් නැහැ. එ සඳහා කවුරුහරි බලපෑමක් කරනවා නම් එ්කෙන්  කියැවෙන්නේ මේ රටේ අධිකරණයට අයතා බලපෑම් එල්ල කරනවා කියන එකයි.”

“හමුදාපති හැටියට කියනවා නම් හමුදාවේ විනය කඩ කළා කියලා මේ දේවල් හමුදාව බේද බන්න කරන්න කියන බව පැහැදිලියි. ජනාධිපත් මැතිවරණය කාළෙත් ඊට පෙරත් මේ දෙවල් කීවා. මේක රටේ ස්වාධිපත්‍යට එ්ක බරපතල වැරැද්දක්. උන්වහන්සේ පැවසූහ.”

ඓතිහාසික වැරැද්දක්

ඓතිහාසික වැරැද්දක් සිදුවීමට යන බව උන්වහන්සේ පවසන්නේ මහනාහිමිවරුන්ගේ තීරනය පිළිබඳව පවසමිනි. එමෙන්ම දඹර අමිල හිමියන් මහත් පාපයක් සිදු කරගැනීමට සැරසෙන බවද  උන්වහන්සේ පැවසූහ.

“මහනාහිමිවරු දූරදර්ශිව කටයුතු කරාවි කියලා අපි හිතනවා. ෆොන්සේකාට කරන්න බැරි වුණ දෙය කරන්න අමිප හාමුදුරුවන්ව යොදාගෙන තියෙනවා. සංඝයා වහන්සේලා භේදබින්න කරන්න තවත් සංඝයා වහන්සේ කෙනෙක්ව  ඕනත එ් නිසා මේ අය අමිල හාමුදුරුවන්ව අරගෙන තියෙනවා. අමිල හාමුදුරුවනේ මේ උත්සාහය අත අරිනවා හොඳයි.” ධම්මීස්ර හිමි සදහන් කළහ.

“මහනාහිමිවරු කියන්නේ මේ රටේ ඉන්න සාම්ප‍්‍රධායික සංඝ පරම්පරාව. මේ අය මේක පිළිනොගත්තොත් මේක ඓතිහාසික වැරැද්දක් බවට පත් වේවි.” උන්වහන්සේ සඳහන් කළහ.

උන්වහන්සේ සඳහන් කරන ආකාරයට මහනාහිමිවරු මෙම ප‍්‍රශ්ණයට සම්බන්ධ වී ඇත්තේ සිංහල බෞද්ධයන් භේදබින්න වීමට යන නිසාය. මහනාහිමි වරු  මේ පිළිබඳව නිසි අයුරින් කරුණු දැනසිටින්නේ නම් මේ සඳහා හවුල් නොවන බව උන්වහන්සේ සඳහන් කළහ.

  • Share/Bookmark

සන්සුන්ව සිටින්නැයි අත්අඩංගුවේ සිටින හිටපු හමුදාපතිවරයා ජනතාවගෙන් ඉල්ලයි

February 11, 2010 by Editor  
Filed under Stories

යුද හමුදා පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන සිටින හිටපු යුද හමුදාපති සරත් ෆොන්සේකා තවමත් යහපත් මානසික ශක්තියකින් යුතුව සිටින බවත් සන්සුන්ව සිටින්නැයි රට වැසියන්ගෙන් ඔහු ඉල්ලා සිටින බවත් ඔහුගේ බිරිද වන අනෝමා ෆොන්සේකා පැවසුවාය.

‘‘ඔහුගේ මානසික තත්වය ඉතාමත් ශක්තිමත්, බලවත්, රටට සන්සුන්ව සිටින්නැයි කියා ඔහු රට වැසියන්ගෙන් ඉල්ලා සිටිනවා. ඒ වගේම සන්සුන්ව සිටින්නැයි ඔහු රණවිරුවන්ගෙන් ඉල්ලා සිටිනවා.’’ කොළඹ පිහිටි ෆොන්සේකාගේ නිවසේදී පෙබරවාරි 11 වැනිදා උදෑසන පැවති ප‍්‍රවෘත්ති සාකච්ඡුාවකදී හිටපු හමුදාපතිවරයාගේ බිරිද පැවසුවාය.

අත්අඩංගුවේ පසුවන හිටපු යුද හමුදාපතිවරයා බැලීමට තමා ගිය බවද දිනපතාම ඔහුගේ ආහාර රැුගෙන තමන් ඔහු රදවා සිටින ස්ථානයට යන බවද ඇය කීවාය. හිටපු හමුදාපතිවරයා රදවා ඇත්තේ තට්ටු නිවාසයක වන බවද ඔහු සිටින කාමරය අවට හමුදා පොලීසියේ නිලධාරීන් විසින් රැුකවල් ලාගෙන සිටින බවද ඇය කීවාය. ඔහු සිටින ගොඩනැගිල්ල වටේට නාවික හමුදාවේ නිලධාරීන් සිටින බවද ඇය කීවාය.

‘‘එතැන කිිසිම නිදහසක් නැහැ. සිර ගෙයක් තමයි එය. අඩුම තරමේ බිරිදටවත් නිදහසේ ඔහු සමග කතා කිරීමට අවස්ථාවක් නැහැ.’’ හිටපු හමුදාපතිවරයාගේ බිරිද සදහන් කළාය.

හමුදා සේවයේ සිටි ඔහු නාවික හමුදා කදවුරක රදවාගෙන සිටීම ගැටලූවක් වන බවත් ඔහු හමුදාවේ සේවය කළ නිසා රදවා තබාගන්නවානම් හමුදා කදවුරක එම රදවාගැනීම කළ යුතුව ඇතැයි ඇය කීවාය. ‘‘නාවික හමුදා කදවුරක ඔහු රදවාගනෙ සිටීම මගේ සැමියාටත් ගැටලූවක්.’’ ෆොන්සේකාගේ බිරිද කීවාය.

‘‘ඔහු සිටින තැන ගැන මට කිසිම විශ්වාසයක් නැහැ. මම හැමදාම ඔහු හමුවීමට යන්නේ අද ඔහු නිදහස් කරයි යන බලාපොරොත්තුවෙන්.’’

මරාගෙන මැරෙන බෝම්බ ප‍්‍රහාරය ඇතුළු අවස්ථා තුනකදී එල්ලවූ ප‍්‍රහාර නිසා ෆොන්සේකාගේ සිරුර තුළ යකඩ කැබලි තිබෙන බවත් මේ සදහා ඔහු නොකඩවා වෛද්‍ය ප‍්‍රතිකාර ගනිමින් සිටින බවත් ෆොන්සේකාගේ බිරිද කීවාය. මෙම ප‍්‍රතිකාර ගැනීමට මේ වන විට බාධාකාරී තත්වයක් ඇතිවී ඇතැයි ඇය කීවාය.

‘‘මගේ සැමියා ගේ සියලූම වෛද්‍ය පරීක්ෂණ සිදුකළේ යුද හමුදා රෝහලේ හිටපු අධ්‍යක්ෂවරයා විසින්. ඔහුගේ සෞඛ්‍ය තත්වය පිළිබද සියලූම වාර්තා තිබෙන්නේ යුද හමුදා රෝහලේ. ඔහුගේ ඇගේ යකඩ කැබලි තිබෙන නිසා නිතරම ඔහු වෛද්‍ය පරීක්ෂණ වලට භාජනය කරනවා. ඒ සදහා යුද හමුදා රෝහලේ හිටපු අධ්‍යක්ෂවරයාගේ සේවය ඉල්ලා ඇතත් ඔහුගේ සේවය ලබාදීම හමුදාපතිවරයා විසින් ප‍්‍රතික්ෂේප කර තිබෙනවා.’’ අනෝමා ෆොන්සේකා කීවාය.

මේ නිසා එම වෛද්‍යවරයාගේ සේවය ලබාගැනීම සදහා ජාත්‍යන්තර රතුකුරුස කමිටුවේ මැදිහත්වීම තමන් බලාපොරොත්තු වන බවද ඒ සදහා ජාත්‍යන්තර රතුකුරුස කමිටුවෙන් ඉල්ලීමක් කර තිබෙන බවද හිටපු හමුදාපතිවරයාගේ බිරිද කීවාය.

ෆොන්සේකා අත්තඅඩංගුවට ගැනීමෙන් පසුව නිදහසේ තමන්ට සිටීමට අවස්ථාවක් ලැබී නැති බවද ඇය කීවාය. විටින් විට රහස් පොලීසියේ නිලධාරීන් පැමිණ ප‍්‍රශ්ණ කරන නිසා මානසික නිදහක් ලැබී නැතැයිද ඇය කීවාය. ‘‘මේ කලබල අස්සේ අපිව මානසිකව වට්ටන්නද හදන්නේ ’’ ඇය ප‍්‍රශ්ණ කරන්නීය.

ෆොන්සේකා අත්අඩංගුවට ගෙන පැය හතළිස් අටක් ගතවී ඇති නමුත් මේ වන තෙක් ඔහුට විරුද්ධව ඇති චෝදනා මොවාදැයි සදහන් කර නැතැයි ඔහුගේ බිරිද කීවාය. ‘‘තුන්දෙනෙක් කතා කළොත් කතා තුනක් කියන්නේ. මේ අයට තවම කතාවක් ගොතාගන්න බැරිව ඉන්නවා.’’

යුද හමුදාපතිවරයා හා ආරක්ෂක මාණ්ඩලික ප‍්‍රධානියා වශයෙන් සිටියදී ඔහු විරුද්ධ පක්ෂයේ දේශපාලන පක්ෂ සමග සාකච්ඡුා කිරීම නිසා මේ අකාරයට ඔහු අත්අඩංගුවට ගෙන ඇතැයි ආණ්ඩු පක්ෂය ප‍්‍රකාශ කරයි. එහෙත් හමුදාපතිවරයා වශයෙන් සේවය කළ කාලයේදී ඔහු කිසිම ආකාරයේ දේශපාලන ක‍්‍රියාවකට සම්බන්ධවී නැතැයි ෆොන්සේකාගේ බිරිද පැවසුවාය.

‘‘ඔහු නිල ඇදුම ඇදගෙන කිසිම දේශපාලඥයෙන් හමුවීමට ගොස් නැහැ. කිසිම දේශපාලඥයෙක් ඔහු හමුවීමට අපේ ගෙදරට පැමිණ නැහැ. මම ඔහු ගැන හොදින්ම දන්නවා.’’ හිටපු යුද හමුදාපතිවරයාගේ බිරිද කීවාය.

ෆොන්සේකා අත්අඩංගුවට ගැනීම පිළිබදව ජාතික හා ජාත්‍යන්තර වශයෙන් වැඩි අවධානයක් යොමුව තිබේ. එක්සත් ජාතීනගේ සංවිධානයේ මහ ලේකම් බැං කි මූන් මේ පිළිබද ලංකාවේ ජනාධිපති මහින්ද රාජපක්ෂ සමග සාකච්ඡුා කර තිබෙන බවද එක්සත් ජාතීන්ගේ සංවිධානය ප‍්‍රකාශ කරයි.

වහාම සරත් ෆොන්සේකා නිදහස් කරන ලෙස භාරතීය ජනතා පක්ෂය නිවේදනයක් නිකුත්කරමින් පෙබරවාරි 10 වැනිදා කීවේය. මීට අමතරව ජාතික දේශපාලන හා භික්ෂු සංවිධාන මේ පිළබිද දැඩි අවධානයක් යොමුකර තිබේ.

ජෙනරාල් ෆොන්සේකා අත්අඩංගුවට ගැනීමෙන් අනතුරුව රට තුළ ප‍්‍රජාතන්ත‍්‍රවාදය අහිමි වීමේ තත්ත්වයක් උද්ගත වී ඇතැයි ජාතික භික්ෂූ පෙරමුණ අවධාරණය කරයි. අද දහවල් පැවති මාධ්‍ය හමුවකදී ඔවුහු මේ බව පැවසූහ.

‘‘ ජනාධිපතිවරණයෙන් පස්සෙ රටේ ඇති වෙලා තියෙන්නෙ ව්‍යාකූල තත්වයක්. ප‍්‍රතිවාදීන්ට පහර දෙනවා ඝාතනය කරනවාග රැුකියා අහිමි කරලා තියෙනවා. රැුකියා වලින් අනිවාර්ය නිවාඩු යවලා තියෙනවා. ජනතාවගේ තොරතුරු දැන ගැනීම අහිමි කරලා තියෙනවා. මෙය යම් කිසි විදිහක සීමා කිරීමක් වාරණය කිරීමක්’’ ජාතික භික්ෂු පෙරමුණේ ප‍්‍රචාරක ලේකම් අක්මුල්ලේ උදිත හිමියෝ පැවසූහ. මේ වන විට ප‍්‍රජාතන්ත‍්‍රවාදය හා යහපාලනය වචන වලට පමණක් සීමා වී ඇතැයි උන්වහන්සේ අවධාරණය කළහ.

රටේ වත්මන් තත්ත්වය පිළිබඳ මල්වතු නා හිමියන් කළ ප‍්‍රකාශය මෑත ඉතිහාසයේ සිදු කළ බරපතල ප‍්‍රකාශයක් බවත් එය මේ රටේ ප‍්‍රජාතන්ත‍්‍ර විරෝධී ස්භාවය මැනවින් නිරූපණය වන ප‍්‍රකාශයක් බවත් උදිත හිමියෝ පැවසූහ.

‘‘ රටේ ඇති වෙලා තියෙන තත්ත්වය අපි බාර ගන්න සූදානම් නැහැ. මේ
ප‍්‍රජාතන්ත‍්‍ර විරෝධී ස්භාවය පරජය කරන්න අවශ්‍යයි. මේ සඳහා ජනතාවට පෙළ ගැහෙන්න කියලා අපි ඉල්ලා සිටිනවා’’ උදිත හිමියෝ වැඩි දුරටත් පැවසූහ.

මේ වන විට රටේ පවතින පාලනයේ ස්වරූපය ඉඩිඅමීන්ගේ පාලනය සිහිකරන බව ජාතික භික්ෂු පෙරමුණේ සභාපති දඹර අමිල හිමියෝ පැවසූහ.

‘‘ පත්තර කන්තෝරු සීල් තියෙනවා. රටට ඇත්ත හෙළි කරන මාධ්‍යවේදියෝ පැහැර ගෙන යනවා හිරබාරයට ගන්නවා. එහෙම අරන් හිරේ දැම්මෙ දෙන්නයි ප‍්‍රශ්නයක් නැනේ කියනවා. මේකද ප‍්‍රජාතන්ත‍්‍රවාදය කියන්නෙ.’’

‘‘ ජනාධිපතිවරණයට පෙර තිබ්බෙ ඉතා අවාසනාවන්ත තත්ත්වයක්. ජනාධිපතිවරණයෙන් පස්සෙත් එහෙමයි. මේ ඡුන්දය නීත්‍යානූකූලව ජයග‍්‍රහණය කළා නම් ඇයි ප‍්‍රතිවාදීන්ට මේ විදිහට පහර දෙන්නේ. විය යුත්තේ ප‍්‍රතිවාදීන් සමඟ රටේ සංවර්ධනයට කැප වෙන එක. එහෙත් දැන් වෙලා තියෙන්නෙ එ්ක නෙමෙයි. මේ රටේ අභීත යුධ සෙන්පතියා අත්අඩංගුවට අරගෙන. දේශපාලන පළිගැනීම් විශාල විදිහට සිදු වෙනවා. මෙය ඉතා බරපලල තත්ත්වයක්’’ අමිල හිමියෝ ප‍්‍රකාශ කළහ.

මේ තත්ත්වය පරාජය කිරීමට ජනතාව පාරට බැසීමේ දිනය පැමිණ ඇතැයි උන්වහන්සේ අවධාරණය කළහ.

General Sarath Fonseka’s wife Anoma Fonseka said that her husband who was arrested by the military police is still strong and had requested people to remain calm. She said he had asked the people and war heroes to remain calm. Anoma lamented that although she met him daily there was no freedom to speak alone. She also expressed doubts over the decision to hold the General at the Navy Headquarters instead of the Army headquarters. Anoma has requested the help of the ICRC to get the Army Hospital doctor to visit General Fonseka to monitor his health condition, especially due to the shrapnel inside his body. Concerns over General Fonseka’s arrest have been expressed at local and international levels.

By Sanjaya Nallaperuma/Anupama Ganegoda

  • Share/Bookmark

මහ මැතිවරණයේ දී සුථ ජාතික බලාපොරොත්තු

February 8, 2010 by Editor  
Filed under Featured, Stories

පාසලෙන් පිට වූ අප වෙනත් වෘත්තීය පාඨමාලාවක් හැදෑරීම සඳහා සහභාගී වූ  අවස්තාවක ලංකාව පුරා විසිරී සිටි සෑම ජන කොටසකම පුද්ගලයින් හා සම්බන්ධ වන්නට අවස්ථාව ලැබුණි. එකී අවස්ථාවේ උතුරෙහි යුද්ධයේ කුරිරු ගිනි දැල් ඇවිලෙම්න් තිබුණි.

ඔහු නම්න් මේරිය. නොසිතූ ලෙස සුඑද වූ ඔහු හා අදහස් හුවමාරු කර ගැනීමට සිදු වූයේ ඉංග‍්‍රිසි භාෂාව හා  අප දන්නා දෙමළ වචනද එකට එක් කරමිනි. සෑම අවස්ථාවකදීම අප අතර වූයේ මෙම බෙදුම්වාදී අරගලය පිළීබඳවය. ඔහු දිනක් වේදනාව මුසු වූ තද ස්වරයෙන් විමසන්නේ ‘‘අපිට කියලා ඔයගොල්ලන්ගේ අය මොනවද දීලා තියෙන්නේ. ගිහින් බලන්න අපේ මිනිස්සු දුක් විදින තරම්’’. යනුවෙනි. මෙසේ ඔවුන් ඒ වෙලාවෙහි සිතීම සාධාරණීකරනය කිරීමටඅවශය නොමැති වුවද එවැනි හැගීමකට ඉඩ සැලසුවේ කවුරුන්ද  යන්න සිතා ගැනීමට මධ්‍යස්තව සිතන සෑම පුද්ගලයකුටම හැකියාව ඇත.

කෙසේ වූවද එදා මෙදා තුර කාල සීමා තුළ සුථ ජන කොටස් නමින් හඳුන්වන පිරිස හට ලැබී ඇත්තේ මොනවාද නොලැබී ඇත්තේ මොනවාද ලැබිය යුත්තේ මොනවාද යන්න පිළීබඳව සිතන්නට  නොව යුතුකම් ඉටුකරනන්නට මේ සැබෑ කාලයයි. ඔවුනට ලැබී ඇත්තේ ද දුක පමණක් බවයි සුප්පයියා ශම්ම්මුගවේල් පවසන්නේ.

‘‘අපට අයිතිවාසිකම් කියලා මොනවාද ලැබිලා තියෙන්නේ. ළමයින්ට ඉගෙන ගන්න  ඕන පහසුකම් අද වෙනකල් අපට නැහැ. තවම කූඩාරම්වල ජීවත් වෙන අය කී දෙනෙක් ඉන්නවාද. උසස් පෙළ ගණිතය විද්‍යාව කරන අය ඉන්නවා මාස හයක් තිස්සේ මේ ළමයි ඉගෙනීමක් නැතිව ඉන්නවා. මේ අයගෙ ඉගෙනීම පමා වුණා කියලා විභාග තියන කාල සීමාව වෙනස් වෙන්නෙ නැහැනෙ.’’ ශම්මුගවේල් පැවසුවේය.

මෙහි යථාර්ථය පිළිබඳ කිසිවකුට අවබෝධ කර ගැනීමේ හැකියාවක් නොමැති බව  ශම්මුගවේල් පවසයි. දමිළ යනු එක් මනුස්ස කොට්ඨාශයක් පමණි. හදවත හැඟීමි මනුෂ්‍ය අවශ්‍යතා සියල්ල මහා ජාතිය හා සමාන නම් මොවුනට අවශ්‍ය දේවල් නොලැබීමේ හේතුව කුමක් දැයි ඔවුන් නඟන ප‍්‍රශ්ණයකි.

‘‘ජනවාරි 31 දාට කළින් අපිව පදිංචි කරවනවා කීවා. නමුත්  අද වෙන කල් ඒ ගැන කතාවක් නැහැ. ගිය අයට කියලත් මොනවද තියෙන්නේ. අපි දාල ආව හැමදේම අපට දැන් නැතිවෙලා. ගෙවල් වල කෑලි වාහන වල කෑලි ගලවගෙන යනවා. අපි මුල ඉඳලම ගොඩ නැගෙන්න  ඕන. ඒ වෙනුවෙන් කියලා අපිට මොනවද ලැබෙන්නේ කියලා අපි බලාගෙන ඉන්නවා.’’ හෙතෙම පැවසුවේය.

දකුණේ ගබ්බද ප‍්‍රදේශවල බහුතර පිරිස සිංහලයන්ය. මොවුන් හට දෙමළ භාෂාව කතා කරනා පිරිස ආශ‍්‍රයට ලැබෙන්නේ නැත. මේ නිසාවෙන් ඔවුනගේ සිතෙහි පවත්නා බෙදුම්වාදී හැඟීම් සමඟින් ජීවත් වේ. මන්ද දෙමළ භාෂව කතා කරනා පිරිසගේ හැඟීම් තේරුම් ගැනීමේ හැකියාවක් ඔවුනට නොමැති නිසාවෙනි. දැන් එයට කාලය උදා වී ඇත. මෙම තත්ත්වය අලනුවර ජීවත් වන දමිළ සහ සිංහල පිරිසට ගැටථවක් නොවන්නේය. මන්ද ඔවුන් එකිනෙකා උරෙන් උර ගැටී ජීවන වෘත්තියෙහි නියැලෙන නිසාය.

මෙවැනි සියථ අන්තගාමී සිතුවිල් අතුගා දැමීමට කාලය දැන් උදා වී ඇත. ඒ සඳහා සියල්ලන්ගේ උදව් උපකාරය අවශ්‍යව ඇත. මේ සඳහා හොඳ හිත පමණක් ඇති බවයි ශම්මුගවේල් සඳහන් කළාය.

‘‘අපේ පොඩි දරුවන්ට ඉන්න අමාරුයි. ටෙන්ට් ඇතුළෙ ජීවත් වෙන් අමාරුයි. තව කී කාලයක් මේදුක් විදගෙන ඉන්නද.  හාල් පිටි සීනි විතරයි අපට හම්බවෙන්නේ. පොඞ් දරුවන්ට දෙන්න පිටි නැහැ. මේ කෑම්ප් එකෙන් එළියට යන්න  ඕන නම් පාස් ගන්න  ඕන හෙට යන්න  ඕන නම් අද. අපි හිර වෙලා ජීවත් වෙන්නේ.’’  වේගනායගම් කුමාරවේල් පැවසුවේය.

ඔවුන් ජීවත් වෙන්නේ තවමත් සුබසාධන කඳවුරු තුළය. සමස්ථයක් විදියට යුද්ධයේ අවසානය  පිළිබඳව සැමගේම සිත් තුළ පහන් හඟීමක් තිබුණද අනාගතය පිළිබඳව බියක් පවතින බවයි කුමාරවේල් පවසන්නේ.

‘‘අපේ ළමයින්ටත් පොලිසියට හමුදාවට බැදෙන්න ඉඩ දෙන්න. නීතිය එක විදියට ක‍්‍රියාත්ක කරන්න. අපේ භාෂාවෙන් වැඩ කරන්න අපේ අවශ්‍යතා අපි එක්ක කතා කරලා විසඳුම් දෙනවා නම් මොනතරම් හොඳද. මොකද අපි විදින දුක් වින්ද දුක් දන්නේ අපි විතරක් මිසක් වෙන අය නෙවෙයි.’’ ඔහු පැවසුවේය.

මුස්ලිම් බහුතරය හට කිසිදු ගැටථවක් නෙවන්නේ යැයි ඇතමෙක් සිතන්නට පුථවන. නමුදු ඔවුන් හටද යම්  යම් ගැටථ තත්ත්වයන් උද්ගත වූයේ පාලනයේ පැවති තිබූ වැරදි නිසා බව තාහා රොක් ෆෙලර් පැවසුවේය.

‘‘1990 ඉඳලා අපි ත‍්‍රස්තවාදී කරදර වලින් දුක් වින්දා. ඇවිත් බලන්න යාපනේ මුස්ලිම් ගම්මාන දිහා. වහළ නැති හරියට බිත්ති නැති ගෙවල් තියෙන්නේ. හැමෝම ඇවිත් පොරොන්දු දීලා යනවා විතරයි කරන දෙයක් නැහැ.’’  හෙතෙම පැවසුෙවිය.

ඕනෑම රටක සුථ ජාතික අරගල පවතින්නේ ඇයි. යන්න මෙයින් පැහැදිලි කර ගත හැකිය. සියථ අයිතින්  සම සේ බෙදා දීමට රටක පාලන පක්ෂයට හැකි විය යුතුය. එසේත් නැතිනම් කිසිවකුගේ මැදිහත් වීමකින් තොරව සියල්ල ලබා දිය යුතු බවයි රොක්ෆෙලර් පවසන්නේ.

  • Share/Bookmark

අද ජයග‍්‍රහණය සහතිකයි – ජනාධිපති රාජපක්ෂ

January 26, 2010 by Editor  
Filed under Featured, Stories

මෙවර ජනාධිපතිවරණයෙන් තමාගේ ජයග‍්‍රහණය සහතික යැයි සිය ඡන්දය ප‍්‍රකාශ කිරීමෙන් පසුව ජනාධිපති මහින්ද රාජපක්ෂ පැවසුවේය. තමන්ගේ ප‍්‍රථම ධූර කාලය අවසන්වීමට වසර දෙකක් තිබියදී පවත්වන මැතිවරණයෙන් නැවත වරක් ජයග‍්‍රහණය කිරීමට හැකිවෙතැයි ජනාධිපතවරයා විශ්වාස කරයි.

ජනවාරි 26 වැනිදා උදෑසන හතට ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම ආරම්භ වූ අතර උදෑසන අටට පමණ ජනාධිපතිවරයා සිය පවුලේ සාමාජිකයින් සමග වීරකැටිය  ඞී.ඒ. රාජපක්ෂ විද්‍යාලයට පැමිණ ඡන්දය ප‍්‍රකාශ කළේය. ජනාධිපති රාජපක්ෂ සමග ජනාධිපති ආර්යයා ශිරන්ති රාජපක්ෂ, ජනාධිපතිවරයාගේ පුතුන්වන නාමල් රාජපක්ෂ හා යෝශිත රාජපක්ෂ ඡන්දය ප‍්‍රකාශ කිරීම සදහා පැමිණ සිටියේය.

ඡන්දය ප‍්‍රකාශ කිරීම සදහා පැමිණි ජනාධිපතිවරයා ඡන්දය ප‍්‍රකාශ  කිරීමට පැමිණ සිටි ඡන්ද දායකයින් වෙත ආචාර කරමින් ඔවුන් සමග කතා බහ කිරීමෙන් පසුව ඡන්ද පොළ වෙත ගොස් ඡන්දය ප‍්‍රකාශ කළේය.

‘‘අද අපි විශිෂ්ඨ ජයග‍්‍රහණයක් ලබනවා. අද රට පුරාම සියලූදෙනාම අපේ ජයග‍්‍රහණය උදෙසා කටයුතු කරනවා.’’ රාජපක්ෂ ජනාධිපතිවරයා කීවේය.
සාමකාමී අන්දමින් මෙම මැතිවරණය පැවැත්වීමට හැකියාව ලැබෙනු ඇතැයිද ජනාධිපතිවරයා විශ්වාසය පළ කළේය. මැතිවරණයෙන් පසුව නොයෙක් ආකාරයේ ප‍්‍රචණ්ඩ ක‍්‍රියා සිදුවෙතැයි බොහෝ දෙනා විශ්වාස කරති. එහෙත් මැතිවරණයෙන් පසුව සාමාකාමී තත්වයක් ඇතිවෙතැයි ජනාධිපතිවරයා විශ්වාස කළේය.

‘‘මැතිවරණයෙන් පසුවත් සාමකාමී තත්වයක් ඇතිවේවි.’’ ජනාධිපතිවරයා කීවේය.
ඡන්දය ප‍්‍රකාශ කිරීමෙන් පසුව වීරකැටිය ඞී.ඒ. රාපක්ෂ විද්‍යාලය අසල ඇති ජනාධිපතිවරයාගේ පියාගේ සහ මවගේ සොහොන් වෙත ගොස් ආචාර කළේය.

  • Share/Bookmark

ජනාධිපතිවරණය පිළිබදව ජාත්‍යන්තරයේ අවධානය

January 18, 2010 by Editor  
Filed under Featured, Stories

International attention on the poll
මෙවර පවත්වන ජනාධිපතිවරණය පිළිබදව ලෝකයේ රටවල් රැසක අවධානය යොමුව ඇති අතර එම අවධානය තවදුරටත් වර්ධනය කරමින් ඇමරිකාව හා නොර්වේ රාජ්‍ය මේ මැතිවරණය පිළිබදව සිය අදහස් පළකර තිබේ.

මෙරට පිහිටි ඇමරිකානු තානාපති කාර්යාලය පසුගිය සතිය තුළදී පමණක් ජනාධිපතිවරණය පිළිබදව අවධානය යොමුකරමින් නිවේදන දෙකක් නිකුත්කර තිබූ අතර ඒ පිළිබදව ඇමරිකානු තානාපතිවරියද අදහස් පළකර තිබුනේය. මේ අතර නෝර්වේ තානාපති කාර්යාලයද ලංකාවේ පැවැත්වෙන මැතිවරණය පිළිබදව අදහස් දක්වමින් නිවේදනයක් නිකුත් කර තිබුණි.

නිදහස් හා සාධාරණ ආකාරයෙන් මෙම මැතිවරණය පැවැත්විය යුතුයැයි ඇමරිකානු තානාපති කාර්යාලය ප‍්‍රකාශ කර තිබූ අතර සිදුවන මැතිවරණ ප‍්‍රචණ්ඩ ක‍්‍රියා අනුමත කළ නොහැකියැයි නිවේදනයක් නිකුත්කරමින් ඇමරිකානු තානාපති කාර්යාලය ජනවාරි 12 වැනිදා ප‍්‍රකාශ කළේය. හම්බන්තොට ප‍්‍රදේශයේදී මැතිවරණ රැුළියකට සහභාගී වෙමින් සිටි කාන්තාවක් ඝාතනයට ලක්වීමේ සිද්ධිය පිළිබදව අදහස් දක්වමින් ඇමරිකානු තානාපති කාර්යාලය මේ බව ප‍්‍රකාශ කර තිබුනේය.

ජනාධිපතිවරණයට ඉදිරිපත්ව සිටින විපක්ෂයේ පොදු අපේක්ෂකයාට සදහා දැක්වීම සදහා එක්වීමට විපක්ෂය විසින් ලක්ෂ තුන්සියයක මුදලක් ලබාදුන් බවට පාර්ලිම්න්තු මන්ත‍්‍රී මොහොමඞ් මුසම්මිල් චෝදනා කළේය. මේ මුදල් ලබාදීම සම්බන්ධයෙන් ඇමරිකානු හා නෝර්වේ තානාපති කාර්යාල වෙත ඔහු චෝදනා එල්ල කළේය. ඇමරිකානු හා නෝර්වේ තානාපති කාර්යාල මේ චෝදනා ප‍්‍රතික්ෂේප කළේය.

ජනාධිපතිවරණයේදී තමන් කිසිදු අපේක්ෂකයෙක්ට සහාය නොදක්වන බවද මෙහිදී තමන් ස්වාධීනව සිටින බවද ඇමරිකානු තානාපති කාර්යාලය නිවේදනයක් නිකුත්කරමින් පැවසුවේය. ජනාධිපතිවරණයෙන් කුමන අපේක්ෂකයා ජයග‍්‍රහණය කළත් ජයග‍්‍රහණය කරන අපේක්ෂකයා සමග එක්ව සෞභාග්‍යවත් සාමකාමී හා ප‍්‍රජාතන්ත‍්‍රවාදී රාජ්‍යයක් ගොඩනැගීම සදහා ඇමරිකාව සහාය ලබාදෙන බවද එම නිවේදනයේ දැක්වේ.

මේ අතර විපක්ෂයේ පොදු අපේක්ෂකයාට සහාය දැක්වීම සදහා මුදල් දුන් බවට මුසම්මිල් මන්ත‍්‍රීවරයා එල්ලකරන චෝදනා ප‍්‍රතික්ෂේප කරන බවද නොර්වේ තානාපති කාර්යාලය සදහන් කරයි. ‘‘වෙනත් රටක මැතිවරණ සදහා නොර්වේ කිසිවිටෙකවත් මැදිහත්වන්නේ  නැහැ.’’ නෝර්වේ තානාපති කාර්යාලය සදහන් කළේය.

මෙවර පවත්වන මැතිවරණය ඉතාමත් සුවිශේෂී මැතිවරණයක්යැයි ලංකාවේ සිටින ඇමරිකානු තානාපතිනි පැට්රිකා බුටෙනයිස් ප‍්‍රකාශ කරයි. දශක ගණනාවකට පසුව ලංකාවේ සෑම ප‍්‍රදේශයකම ජනතාවට ප‍්‍රජාතන්ත‍්‍රවාදීව තමන් කැමති අපේක්ෂකයා තෝරා ගැනීමට අවස්ථාව උදාවී ඇතැයිද ඇමරිකානු තානාපතිනිය සදහන් කරන්නීය. ‘‘මෙම ඓතිහාසික අවස්ථාවේදී ප‍්‍රජාතන්ත‍්‍රවාදී ප‍්‍රවාහය තුළ ලාංකිකයින් ක‍්‍රියාකාරීව කටයුතු කරනු ඇතැයි අපි විශ්වාස කරනවා.’’ බුටෙනයිස් කීවාය.

මැතිවරණ ආසන්න වන විට ලංකාවේ දේශපාලන සාකච්ඡුා උනුසුම් තත්වයට පත්වන අතර මෙවර පවත්වන මැතිවරණයේදීද මේ තත්වය දකින්න ඇතැයි ඇමරිකානු තානාපතිනිය පවසයි. මේ අවස්ථාවේදී වඩාත් වැදගත් වන්නේ බිය ජනක තත්වයකින් තොරව මැතිවරණ කටයුතු සිදුකිරිමට අවස්ථාව ලැබීම වන බවද ඇය සදහන් කරයි.

පසුගිය ෂතියේ සිට ආරම්භ වූ දරුණු ආකාරයේ මැතිවරණ ප‍්‍රචණ්ඩ ක‍්‍රියා පිළිබදවද ඇමරිකානු තානාපතිනියගේ අවධානය යොමුව තිබුනේය. පසුගිය ෂතිය තුළදී පමණක් මැතිවරණ ප‍්‍රචණ්ඩ ක‍්‍රියා නිසා පුද්ගලයින් තිදෙනෙක් මියගොස් ඇති අතර මෙවැනි සිදුවීම් නිසා ප‍්‍රජාතන්ත‍්‍රවායදය ගොදුරක් බවට පත්ව තිබෙන බවද බුටෙනයිස් කීවාය. මැතිවරණයට සම්බන්ධ ප‍්‍රචණ්ඩ ක‍්‍රියා සිදුවන්නේ කුමන පාර්ශවයෙන් වුවත් මේ පිළිබදව පරීක්ෂණ පැවැත්වීමට පොලීසියට නියෝග ඛිරීමට රජය කටයුතු කළ යුතු බවද ඇය සදහන් කරන්නීය.

‘‘ජනවාරි 26 වැනිදාට ඡුන්දදායකයින්ට බියකින් තොරව ඡුන්දය ප‍්‍රකාශ කිරීමට අවස්ථාව ලැබෙතැයි විශ්වාස කරනවා.’’ මෙරට සිටින ඇමරිකානු තානාපතිනිය ප‍්‍රකාශ කර සිටී.
International attention on the Presidential poll has increased with statements made by the US and Norway embassies. The US embassy in a statement called for a free and fair election and said it could not condone the increase in election violence. Meanwhile, NFF member Mohamed Muzammil alleged that the Rs. 300 lakhs allegedly paid to him by General Sarath Fonseka’s camp was provided by the US and Norwegian embassies. The embassies denied the allegation. The US embassy said it did not support any of the Presidential candidates and is prepared to work with any candidate who emerges victorious at the election. The Norway embassy stated that it did not interfere in the elections of another country.

By Sanjaya Nallaperuma

  • Share/Bookmark

කොළඹින් මතුවන භික්ෂු විරෝධතා

December 29, 2009 by Editor  
Filed under Featured, Stories

Bikkhu protests in Colombo

නොයෙකුත් හේතු ඉදිරිපත් කරමින් විරෝධතා දැක්වීමට භික්ෂුන් වහනේසේලා කොළඹට පැමිණීම කාලයකින් දකින්නට නොලැබුණ නමුත් නැවත වරක් කොළඹ නගරයේ භික්ෂූන් වහන්සේලාගේ විරෝධතාවයන් ආරම්භවී තිබේ. ජනාධිපතිවරණය සදහා අපේක්ෂකයින් නාම යෝජනා භාරදීමෙන් පසුව කොළඹ නගරයේ භික්ෂුන්ගේ උද්ඝෝෂණ හා ෂත‍්‍රග‍්‍රහ වේගයෙන් ව්‍යාප්තවූයේය.

මේ වන විට කොළඹ නගරයේ පැවැත්වෙන භික්ෂූන්වහන්සේලාගේ සත්‍යග‍්‍රහ සියල්ලම සංවිධානය වී තිබෙන්නේ මැතිවරණය ඉලක්ක කරගනිමිනි. එක් භික්ෂු කණ්ඩායමක් ජනාධිපතිවරණය ඉදිරිපත්ව සිටින වත්මන් ජානාධිපති මහින්ද රාජපක්ෂට සහාය දැක්වීමට ඉදිරිපත්ව සිටින අතර තවත් භික්ෂුන්වහන්සේලා පිරිසක් විපක්ෂයේ පොදු අපේක්ෂකයා ලෙසින් ඉදිරිපත්ව සිටින සරත් ෆොන්සේකාට සහාය දැක්වීම සදහා ඉදිරිපත්ව සිටී.

මැතිවරණ වේදිකාවේ හා ජනාධිපතිවරණ අපේක්ෂකයින් විසින් සිදුකරන ප‍්‍රකාශන් පිළිබදව ප‍්‍රතිචාර දැක්වීම සදහා ජනාධිපතිවරයාට සහාය දක්වන භික්ෂූන් වහන්සේලා කොළඹට රැස්ව සිටින අතර විපක්ෂයේ පෙදු අපේක්ෂකයාට සහාය දක්වන භික්ෂූන් වහන්සේලාට හිරිහැර කිරීමට විරෝධය දැක්වීම සදහා ෆොන්සේකාට සහාය දක්වන භික්ෂූන් වහන්සේලා ඉදිරිපත්ව සිටිති.

වත්මන් ජනාධිපතිවරයාට සහාය දක්වමින් ශ‍්‍රී ලාංකීය භික්ෂු එකමුතුව විසින් දෙසැම්බර් 28 වැනිදා සත්‍යග‍්‍රහ ව්‍යාපාරයක් විහාරමහා දේවී උද්‍යානයේදී පැවැත්වුනේය. ලංකාවේ විවිධ ප‍්‍රදේශවල සිටි පැමිණි භික්ෂූන් වහන්සේලා මේ සදහා සහභාගී වී සිටි අතර විහාරමහා දේවී උද්‍යානය අසල සිට බුදුන් වැදීමෙන් අනතුරුව සත්‍යග‍්‍රය ආරම්භ කළේය. ‘‘දිවි හිමියෙන් මව්බිම සුරකිමු විජයග‍්‍රහණය ඉවසාගත නොහැකි ජාත්‍යන්තර බලවේග මගින් ලංකාවට සිදුකරන අනවශ්‍ය ඇගිලි ගැසීම් වහාම නවතනු’’ යන තේමාව යටතේ මෙය සංවිධානය කර තිබුනේය.

‘‘විපක්ෂයේ පොදු අපේක්ෂකයා විසින් (සති අන්ත ඉංග‍්‍රීසි පුවත්පතකට) ප‍්‍රකාශයක් කර තිබෙනවා. මේ ප‍්‍රකාශය මගින් රටට හානියක් සිදුව තිබෙනවා. මේ සදහා විරෝධතාවය දැක්වීම සදහා භික්ෂූන් වහන්සේලා පා ගමනනින් විහාරමහා දේවී උද්‍යානය වෙත පැමිණියා.’’ මෙම සත්‍යග‍්‍රහයට සම්බන්ධවූ දේශහිතෛශී ජාතික මධ්‍යස්ථානයේ සභාපති බෙංගමුවේ නාලක හිමියෝ පැවසූහ.

විපක්ෂයේ පොදු අපේක්ෂකයා පිටුපස විජාතික කුමන්ත‍්‍රණකරුවන් සිටින බවත් යුද්ධය ජයග‍්‍රහණය කළ නායකයා වන වත්මන් ජනාධිපතිවරයා ආරක්ෂා කරගැනීම යුතුකමක් වන බවත් බෙංගමුවේ නාලක හිමියෝ පැවසූහ.

විහාරමහා දේවී උද්‍යානය අසලට රැුස්වූ භික්ෂූන් වහන්සේලා වත්මන් ජනාධිපතිවරයා ආරක්ෂා කළ යුතු බවට කතිකා කරගත් බවද ඒ හිමියෝ කීහ. මේ අවස්ථාවට සහභාගීවී සිටි ලංකාවේ විවිධ පළාත්වල භික්ෂූන් වහන්සේලා තමන්ගේ ප‍්‍රදේශ වෙත ගොස් පන්සල් මට්ටමින් විපක්ෂයේ පොදු අපේකෂකයා විසින් සිදුකර තිබෙන ප‍්‍රකාශය පිළිබදව දැනුවත් කිරිමට කටයුතු කරන බවද නාලක හිමියෝ කීහ. විදේශ රටවල් හා එක්සත් ජාතීන්ගේ සංවිධානය විසින් කරන විවිධ දේශපාලන අතපෙවීම් පිළිබදව වත්මන් ජනාධිපතිවරයාට සහාය දක්වමින් සත්‍යග‍්‍රහ පවත්වන භික්ෂූන් වහන්සේලා අවධානය යොමුකර තිබුනේය. ඒ අනුව ලංකාවට සිදුකරන දේශපාලන බලපෑම් නවතන ලෙස මෙම භික්ෂූන් වහන්සේලා එක්සත් ජාතීන්ගේ සංවිධානයනේ ඉල්ලා සිටියේය.

‘‘ලංකාවට සිදුකරන දේශපාලන බලපෑම් නවත්වන ලෙස ඉල්ලාසිටිමින් අපේ භික්ෂූන් වහන්සේලා සිව් නමක් එක්සත් ජාතින්ගේ සංවිධානය වෙත සංදේශයක්ද භාරදුන්නා.’’ නාලක හිමියෝ ්පැවසවූහ.

ආණ්ඩුවට සහාය දක්වන භික්ෂූන්වහන්සේලා විහාරමහා දේවී උද්‍යානය අසල සත්‍යග‍්‍රහ පවත්වන අවස්ථාව වන විට ආණ්ඩුවට විරෝධය දක්වන භික්ෂූන් වහන්සේලා කොටුව බෝධිය අසලට වී සත්‍යග‍්‍රහ පැවැත්වූහ. එම භික්ෂුන් වහන්සේලා ආණ්ඩුව  විසින් කරන ප‍්‍රජාතන්ත‍්‍රවිරෝධී ක‍්‍රීයාමාර්ගයන්ට විරෝධය දක්වා තිබුණි. උන්වහන්සේලා සත්‍යග‍්‍රහයක පැවැත්වීමට ප‍්‍රභලම හේතුව වී තිබුනේ රහස් පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන සිටින දේශ හිතෛශී ජාතික ව්‍යාපාරයේ කැදවුම්කරු පූජ්‍ය දඹර අමිල හිමියන් නිදහස් කරන ලෙස බලකිරීම සදහාය.

‘‘ඉතාමත් පහත් වෛරී හා කෘහක ආකාරයෙන් දේශපාලන ගනුදෙනු බේරානොගන්නා ලෙස රජයට දැනුවත් කිරීම සදහා භික්ෂූන් වහන්සේලා හා තවත් ගිහි පිරිස් කොටුව බෝධීය අසලට රැස්වී ෂත්‍යග‍්‍රහයක නිරතවුනා.’’ ජාතික භික්ෂු පෙරමුණේ මාධ්‍ය ප‍්‍රකාශක පූජ්‍ය පූජිත හිමියෝ පැවසූහ.

වත්මන් ජනාධීපතිවරයා ජයග‍්‍රහණය කිරීම සදහා ගමින් ගම නගරයෙන් නගරය වෙත ගොස් ජනාධිපති රාජපක්ෂට හිමි නැති ජයක් ලබාදුන් හිමිනමකට සලකන ආකාරය ඉතාමත් පහත්යැයි උන් වහන්සේ පැවසූහ. ජනාධිපති රාජපක්ෂ අනුගමනය කර ප‍්‍රජාතන්ත‍්‍ර විරෝධී ගමන පවුල් වාදය අනුමත නොකළ නිසා රජය විසින් අමිල හිමියන්ට විරුද්ධව පියවර සොයමින් සිටින්නේයැයි පූජිත හිමියෝ කීහ.

මුදල් වංචාවක් පිිළිබදව චෝදනා මත රහස් පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන සිටින අමිල  හිමියන් හොරණ මහේස‍්‍රාත් අධිකරණය වෙත දෙසැම්බර් 29 වැනිදා ඉදිරිපත් කළේය. මේ අවස්ථාවේදී අමිල හිමියන්ට ඇප ලබාදෙන ලෙස ඉල්ලීම් කළත් ඇප ලබාදීම ප‍්‍රතික්ෂේප කළ අධිකරණය උන්වහස්සේ ජනවාරි මස අට වැනිදා දක්ව රක්ෂිත බන්ධනාගාර ගතකරන ලෙස නියෝග කළේය. අමිල හිමියන් අධිකරණයට ඉරිපත් කරන අවස්ථාවේදී බණ්ඩාරගම නගරයේදී තවත් උද්ඝෝෂණයක් පැවැත්වෙමින් තිබුනේය. ඒ උන් වහන්සේට ඇප ලබාදෙන ලෙස ඉල්ලා සිටීම සදහාය. මෙම උද්ඝෝෂණයට ආණ්ඩු පක්ෂයේ ආධාර කරුවන් විසින් පහරදුන්නේයැයි පූජිත හිමියෝ කීවේය.

‘‘මෙයින්ම ආණ්ඩුවේ ප‍්‍රජාතන්ත‍්‍රවිරෝධි ගමන් මාර්ගය පැහැදිළිව පෙනෙනවා.’’ උන්වහන්සේ පැවසූහ.

දඹර අමිල හිමියන් සිරගත කළත් වර්තමානයේ ක‍්‍රියාත්මක ප‍්‍රජාතන්ත‍්‍රවිරෝධී ගමන් මාර්ගයට එරෙහිව හා විපක්ෂයේ පොදු අපේක්ෂකයා ජයග‍්‍රහණය කරවීම සදහා තවත් භික්ෂූන් වහන්සේලා ඉදිරියට පැමිණෙන්නේයැයි පූජිත හිමි කීහ.

‘‘මෙම අත්අඩංගුවට ගැනීම හරහා රාජපක්ෂලා ගෙනයන නීති විරෝධී පාලනය අවසන් කිරීමට ප‍්‍රජාතන්ත‍්‍රවාදය ස්ථාපිත කරන පොදු අපේක්ෂකයා ජයග‍්‍රහණය කරවීම තවත් වේගවත් කළා. එය තවත් ශක්තිමත් කළා.’’ පූජිත හිමියෝ සදහන් කළහ.

Protests organized by bhikkus in Colombo have increased with the Presidential election campaigning. While some bhikkus had organized a sathyagraha in support of President Mahinda Rajapaksa, another group of bhikkus had gathered to support the opposition common candidate General Sarath Fonseka. The bhikkus in support of the President gathered at the Viharamahadevi Park to protest against a comment made by General Fonseka. The other group of bhikkus gathered opposite the Pettah Bo tree against the anti-democratic actions of the government they claim resulted in the arrest of National Bhikku Front Leader, Ven. Dambara Amila Thero.

 

  • Share/Bookmark

නැවත පදිංචි කිරීම් පිළිබදව එක්සත් ජාතීනගේ සංවිධානයේ ප‍්‍රසාදය

November 20, 2009 by Editor  
Filed under Featured, Stories

SRI LANKA/Holmes commends resettlement

දශක තුනක කාලයකට අධික කාලයක් තිස්සේ ලංකාවේ පැවති යුද ගැටුම් අවසානයේ අවතැන්වී සිටින පිරිස් නැවත පදිංචිකිරීම මේ වන විට වේගවත් ආකාරයෙන් සිදුවන බවත් එහෙත් නැවත පදිංචිකිරීම් පිළිබදව තව දුරටත් අවධානය යොමුකළ යුතු බවත් එක්සත් ජාතීන්ගේ සංවිධානයේ මානුශිය කටයුතු පිළිබද නියෝජ්‍ය මහ ලේකම් ජොන් හෝල්ම්ස් ප‍්‍රකාශ කරයි.

‘‘අවතැන්වූවන් මුල් කාලයේදී නැවන පදිංචි කිරීම ඉතා සෙමින් සිදුවුනේ. ඒ පිළිබදව අපි කිසියම් ආකාරයක කළකිරීමකින් සිටියේ. නමුත් මීට සති දෙක තුනකට පෙර සිට මේ තත්වය වෙනස්වී තිබෙනවා. නැවත පදිංචිකිරීම් ඉහළ ගොස් තිබෙනවා.’’ ලකාවේ සිදුකළ තෙදින නිල සංචාරය අවසානයේදී විදේශ කටුයතු අමාත්‍යාංශයේදී නොවැම්බර් 19 වැනිදා පැවති ඒකාබද්ධ ප‍්‍රවෘත්ති සාකච්ඡාවකදී හොල්ම්ස් කීවේය.

ගැටුම් අවසාන වන විට දෙලක්ෂ අසූදහසක් පමණ වන පිරිසක් අවතැන්වූවන් බවට පත්ව තිබූ අතර මේ වන විට පුද්ගලයින් 129 520 ක් නැවත පදිංචි කර හා සුභසාධන කදවුරුවලින් පිටත්කර යවා ඇතැයි අවතැන්වූවන් පිළිබදව වන වාර්තාවක් ඉදිරිපත් කරමින් ආපදා කළමනාකරණ හා මානව හිමිකම් අමාත්‍යාංශය නොවැම්බර් 13 වැනිදා පැවසුවේය. මේ වන විට අවතැන් පුද්ගලයින් 132 748 ක් වව්නියාව ඇතුළු උතුරු පළාතේ ඇති සුභසාධන මධ්‍යස්ථානවල රදවා සිටින්නේයැයි එම වාර්තාව සදහන් කළේය.

මේ වන විට අවතැන් පිරිස් නැවත පදිංචි කිරීම් කටයුතු සාර්ථකව සිදුවන්නේයැයි විදේශ කටයුතු අමාත්‍ය රෝහිත බෝගොල්ලාගම කීය.

උතුරු පළාතේ ඇති සුභසාධන මධ්‍යස්ථානවල සිටින පුද්ගලයින් නැවත තමන්ගේ ගම් බිම් කරා පිටකිරීමට කටයුතු කිරීම පිළිබදව එක්සත් ජාතීන්ගේ සංවිධානයේ මානුශීය කටයුතු පිළිබද නියෝජ්‍ය මහ කොමසාරිස් වරයා සිය ප‍්‍රසාදය පළ කර තිබුනේය.  පුද්ගලයින් නැවත පදිංචි කිරීම පිළිබදව සෑහීමකට පත්විය හැකි බවද හොල්ම්ස් පැවසුවේය.

අවතැන්වී සිටින පිිරිසි දින එකසිය අසූවක් ඇතුළත නැවත පදිංචි කරන බව යුද ගැටුම් අවසානවූ මැයි මාසයේදී රජය විසින් එක්සත් ජාතීනේගේ සංවිධානය වෙත සහතිකයක් ලබාදුන්නේය. මෙම කාලසීමාව ඇතුළත අවතැන්වූවන් නැවත පදිංචිකළ යුතු බවට ජාත්‍යන්තර ප‍්‍රජාව දිගින් දිගටම ප‍්‍රකාශ කළේය. එහෙත් දින එකසිය අසූවක් ඇතුළත අවතැන්ව සිටින පිරිස් නැවත පදිංචිකර අවසන් කළ යුතු බව එක්සත් ජාතීන්ගේ සංවිධානයේ මානුශීය කටයුතු පිළිබද නියෝජ්‍ය මහ කොමසාරිස්වරයා පැවසුවේ නැත.

‘‘දින එකසිය අසූවක් ඇතුළත අවතැන්ව සිටින පුද්ගලයින් නැවත පදිංචි කරනවාද නැතිනම් මේ වසර අවසාන වන විට අවතැන් කදවුරු සියල්ල වසා දමනවාද යන්න එතරම් වැදගත් වන්නේ නැහැ. වඩාත් වැදගත් වන්නේ මේ පිරිස්ට තමන් කැමති තීරණ ගැනීමට අවස්ථාව ලබාදීමයි.’’ හොල්ම්ස් කීවේය.

අවතැන් පිරිස් රදවා සිටින සුභසාධන මධ්‍යස්ථානවල ඇති පහසුකම් හා තමන්ගේ ගම් බිම් වල ඇති පහසුකම් පිළිබදව සන්සන්දනය කිරීමෙන් පසුව තමන්ගේ ගම් බිම්වලට යනවාද නැතිනම් තවදුරටත් අවතැන් කදවුරුවලම රැදී සිටිනවාද යන්න පිළිබදව වන තීරණය ඒ පුද්ගලයින්ට ගැනීමට හැකියාව තිබිය යුතු බවද ඔහු පැවසුවේය. ‘‘තමන්ගේ ගම් වල ඇති පහසුකම් වලට වඩා වැඩි පහසුකම් අවතැන් කදවුරුවල තිබෙන  නිසා අවතැන් පිරිස් තවදුරටත් සුභසාධන මධ්‍යස්ථාන වල රැදී සිටීමට තීරණය කිරීමෙන් පසුව තවදුරටත් ඔවුන් කදවුරුවටල වී සිටීම ගැටලූවක් නොවේ. එහෙත් පුද්ගලයින්ට නිදහසේ ගමන් කිරීමට අවස්ථාව ලැබිය යුතුයි.’’ හොල්ම්ස් කීවේය.

අවතැන් පිරිස් යළි පදිංචිකිරීමේ වැඩකටයුතු තවදුරටත් දියුණු කරීමට හැකියාවක් පවතින බවත් එම ක‍්‍රියාදාමය තවදුරත් දියුණු විය යුතු බවත් හොල්ම්ස් පැවසුවේය. නැවත පදිංචිකිරීම් සිදුකිරීමේදී තොරතුර ලැබීමේ ගැටලූවක් පවතින බවත් අවතැන් පිරිස් වෙත  නැවන පදිංචි කිරීම් පිළිබදව වන තොරතුරු නිසි පරිදි ලැබෙන්නේ නැති බවත් හොල්ම්ස් පැවසීය.

‘‘අවතැන් පුද්ගලයින් නැවත පදිංචි කරන්නේ කවදාද ඔවුන් ගමන් කරන්නේ කුමන ප‍්‍රදේශ වලටද යන්න පිළිබදව වන තොරතුරු ඔවුන්ට නිසි පරිදි ලැබෙන්නේ නැහැ.’’ එක්සත් ජාතීනගේ සංවිධානයේ මානුශීය කටයුතු පිළිබද නියෝජ්‍ය මහ ලේකම්වරයා කීවේය. මෙම තොරතුරු නොලැබීයාමේ ගැටලූවට කඩිනමින් විසදුම් ලබාදිය යුතු බවද අවතැන් පුද්ගලයින්ට අවශ්‍ය තොරතුරු ලබාදීමේ කටයුතු නිසි පරිදි සිදුකිරීම සදහා එක්සත් ජාතීන්ගේ සංවිධානය සිය සහයෝගය ලබාදෙන බවද හොල්ම්ස් කීය.

බිම් බෝම්බ ඉවත් කිරීමේ කටයුතු මේ වන විට සිදුවෙමින් පවතින අතර එම කටයුතු අවසන්වීමෙන් පසුව නැවත පදිංචි කිරිම් කළ යුතුව ඇතැයි ඔහු කීය. ‘‘බිම් බෝම්බ ඉවත්කිරීම විශාල අභියෝගයක් බවට පත්ව තිබෙනවා.’’ ගටුම් පැවති ප‍්‍රදේශවල බිම් බෝම්බ ඉවත් කිරීමේ කටයුතු නිරීක්ෂණය කළ හොල්ම්ස් කීය. නැවත පදිංචිකරන්නන්ගේ ආරක්ෂාව සදහා බිම්බෝම්බ ඉවත්කිරීම හා බිම් බෝම්බ පිළිබදව ජනතාව දැනුවත් කිරීම වැදගත් වන බවද ඔහු කීවේය.

‘‘බිම් බෝම්බ ඉවත් කිරීම කඩිනම් කිරීම පිළිබදව එක්සත් ජාතීන්ගේ සංවිධානයේ නියෝජ්‍ය මහ ලේකම්වරයා හා රජය අතර සාකච්ඡා සිදුවුනා.’’ බෝගොල්ලාගම පැවසීය.‘‘පුද්ගලයින නැවත පදිංචි කිරීමේ වැඩපිළිවෙල දියුණු කිරිම හා නැවත පදිංචිකරීම් සිදුකරන ප‍්‍රදේශවල නිවාස මූලික අවශ්‍යතාවන් හා ජීවන උපාය මාර්ග සතුටුදායක තත්වයකට ගෙන ඒම සදහා එක්සත් ජාතීනගේ සංවිධානය රජය සමග සහයෝගයෙන් වැඩ කරනවා.’’ හොල්ම්ස් පැවසුවේය.

නැවත පදිංචි කර සිටින පුද්ගලයින්ට ඔවුන්ගේ ජීවන තත්වය නැවත යථා තත්වයට පත්කරගන්නාතෙක් ආහාර වැනි සහනාධාර ලබාදීමට සිදුවනු ඇතැයි හොල්ම්ස් කීය. නැවත ගම්බිම් කරා ගමන්කරන පුද්ගලයින්ගේ ජීවනමාර්ග යථා තත්වයට පත්කිරීම පිළබදව මෙම සංචාරය තුළදී එක්සත් ජාතීනගේ සංවිධානයේ ඉහළ පෙලේ නියෝජිතයින් සමග සාකච්ඡුා කළ බවද ලංකාවේ විදේශ කටයුතු අමාත්‍යවරයා පැවසුවේය.

‘‘සුභසාධන මධ්‍යස්ථාන වල රැුදී සිටින ජනතාවට ඉන් පිටතට පැමිණ තමන්ගේ ජීවන තත්වය නැවත සාමාන්‍ය තත්වයට පත්කරගැනීමට ගෙනයන වැඩපිලිවෙල නොකඩවා සිදුකරගෙන යතැයි බලාපොරොත්තු වෙනවා.’’ හොල්ම්ස් සදහන් කළේය.

ලංකාවේ සිදුකරන මානුශික කටයුතු සදහා සහාය ලබාදීමට එක්සත් ජාතීනගේ සංවිධානය ඇතුළු මානුශීය සහන සංවිධාන සූදානමින් සිටින්නේයැයි හොල්ම්ස් කීය. ‘‘අවතැන් කදවුරුවල සිටින පුද්ගලයින්ට අවශ්‍ය ආහාර ඇතුළු මානුශිය සහනාධාර ලබාදීමටත් එක්සත් ජාතීනගේ සංවිධානය හා මානුශීය සහන සංවිධාන සූදානමින් සිටිනවා.’’ ඔහු කීවේය.

ලංකාවේ දීර්ඝ කාලීන ස්ථිර සාමයක් හා සාර්ථකත්වයක් ඇතිකරගැනීම සදහා එක්සත් ජාතීන්ගේ සංවිධානය සහාය දක්වන බවද හොල්ම්ස් පැවසුවේය.

මෙම වසර තුළදී සිව්වැනි වරටත් ලංකාවේ සිදුකළ සංචාරය අතරතුරේදී යාපනයේ හා වව්නියාවේ පිහිටි සුභසාධන මධ්‍යස්ථාන නිරීක්ෂණය කළ හොල්ම්ස් පුද්ගලයින් නැවත පදිංචි කර තිබෙන ප‍්‍රදේශ නිරීක්ෂනය කළේය. සුභසාධන කදවුරුවල රැුදී සිටින පුද්ගලයින් හා ඔවුන් නැවත පදිංචිකිරීමේ ක‍්‍රියාදාමය පිළිබදව රජයේ ඉහළ පෙලේ නියෝජිතයින් හමුවීමටද හොල්ම්ස් කටයුතු කළේය. ජනාධිපති මහින්ද රාජපක්ෂ විදේශ කටයුතු අමාත්‍ය රෝහිත බොගොල්ලාගම ආපදා කළමනාකරණ හා මානව හිමිකම් අමාත්‍ය මහින්ද සමරසිංහ අධිකරණ හා නීති ප‍්‍රතිසංස්කරණ අමාත්‍ය මිලින්ද මොරගොඩ යන අමාත්‍යවරු හා හොල්ම්ස් අතර අවතැන්වූවන් පිළිබදව වන සාකච්ඡා පවත්වා තිබුනේය.

  • Share/Bookmark

එක්සත් ජාතීන්ගේ මානුශීය කටයුතු පිළිබද නියෝජ්‍ය මහ ලේකම්වරයා ලංකාවේ සංචාරයක

November 17, 2009 by Editor  
Filed under Featured, Stories

Jhon holms mainUN Humanitarian Chief in Colombo

අවතැන්වූවන් නැවත පදිංචි කිරීම හා අවතැන් කදවුරුවල ප‍්‍රගතිය පිළිබදව සමාලෝචනය කිරීමට හා ඉදිරි ක‍්‍රියාමාර්ග පළිබදව සාකච්ඡා කිරීම සදහා එක්සත් ජාතීන්ගේ සංවිධානයේ මානුශීය කටයුතු පිළිබද නියෝජ්‍ය මහ ලේකම් ජොන් හොල්ම්ස් ලංකාවට පැමිණියේයැයි ආපදා කළමනාකරණ හා මානව හිමිකම් අමාත්‍යාංශ ලේකම් රජීව් විජේසිංහ පැවසුවේය.

එක්සත් ජාතීන්ගේ සංවිධානයේ මානුශිය කටයුතු පිළිබදව නියෝජ්‍ය මහ ලේකම්වරයා මූලික වශයෙන් අවධානය යොමු කරන්නේ මෙම කාරණා දෙක පිළිබදව වන බවද විජේසිංහ සදහන් කළේය.

එක්සත් ජාතීන්ගේ සංවිධානය විසින් ලංකාවේ අවතැන්වූ පුද්ගලයින් සදහා විශාල වශයෙන් ආධාර ලබාදී ඇති බැවින් එම ආධාර බෙදාදී ඇති ආකාරය පිලිබදව මෙම සංචාරය තුළදී සාකච්ඡා කිරීමට නියමිතව ඇතැයි ආපදා කළමනාකරණ හා මානව හිමිකම් අමාත්‍යාංශයේ ලේකම්වරයා කීය.

‘‘අවතැන් කදවුරුවල තත්වය වර්ධනය වී ඇති ආකාරය පිළිබදව මෙන්ම ඉදිරියේදී අවතැන්වූවන් පිලිබදව මෙන්ම අපේ රටේ සැලසුම් පිළිබදව මෙහිදී අවධානය යොමුකරනවා. අපිට ආධාර ලබාගැනීම සදහා ඉදිරියේදී තිබෙන සැලසුම් මොනවාද යන්න පිළිබදව මෙහිදී සාකච්ඡා කරනවා.’’ විජේසිංහ කීවේය.

එක්සත් ජාතීන්ගේ සංවිධානායේ මානුශීය කටයුතු පිළිබද නියෝජ්‍ය මහ කොමසාරිස්වරයා සිව් දින නිල සංචාරයක් සදහා නොවැම්බර් 17 වැනිදා ලංකාවට පැමිණියේයැයි විදේශ කටයුතු අමාත්‍යාංශය සදහන් කළේය. මොහුගේ සංචාරය අතරතුරදී අවතැන්වී සිටින පුද්ගලයින් රදවා සිටින කදවුරු නිරීක්ෂණය කිරීමට නියමිත අතර ලංකාවේ ඉහළ පෙලේ බලධාරීන් සමග සාකච්ඡා කිරීමටද නියමිතය.

‘‘නොවැම්බර් 17 වැනිදා වව්නියාවේ හා යාපනයේ තිබෙන අවතැන් කදවුරු නිරීක්ෂණය කිරීමට හොල්ම්ස් කටයුතු කරනු ඇති. ඉන් පසුව බදාදා දිනයේ සවස විදේශ කටයුතු අමාත්‍යවරයා හා ජොන් හෝල්ම් අතර සාකච්ඡුාවක් පැවැත්වීමට නියමිතයි.’’ විදේශ කටයුතු අමාත්‍යාංශ ප‍්‍රකාශකයෙක් පැවසුවේය.

ජනාධිපති මහින්ද රාජපක්ෂ ආපදා කළමනාකරණ හා මානව හිමිකම් අමාත්‍ය මහින්ද සමරසිංහ පාර්ලිමේන්තු මන්ත‍්‍රී බැසිල් රාජපක්ෂ හා ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ හා හොල්ම්ස් අතර සාකච්ඡා නොවැම්බර් 19 වැනිදා පැවැත්වීමට නියමිත බවද විදේශ කටයුතු අමාත්‍යාංශය සදහන් කළේය.

ලංකාවේ යුද ගැටුම් පැවති අවසන් කාල සීමාවේදී හොල්ම්ස් අවසන් වරට ලංකාවට පැමිණියේය. මෙවර හොල්ම්ස් ලංකාවට පැමිණෙන්නේ මේ වසර ඇතුළතදී සිදුකරන තුන්වැනි නිල සංචාරය වශයෙනි. ඔහු අවසන් වරට ලංකාවේ සිදුකල සංචාරය අවසානයේදී අවතැන්වූවන්ගේ මානුශික අවශ්‍යතා වෙනුවෙන් ඩොලර් මිලියන දහයක මුදලක් එක්ස්ත් ජාතීන්ගේ සංවිධානය හරහා ලංකාවට ලබාදීමට කටයුතු කරන්නේයැයි නිවේදනය කළේය.

යුද ගැටුම් නිසා අවතැන්වූවන් පුද්ගලයින් පිළිබදව එක්සත් ජාතීන්ගේ සංවිධානයේ ඉහළ පෙලේ නිලධාරීන්ගේ අවධානය යොමුව ඇති අවස්ථාව වන විට අවතැන්වූ පුද්ගලයින් 129 520 ක් නැවත පදිංචි කර හා අවතැන් කදවුරුවලින් නිදහස් කර ඇතැයි උතුරු පළාතේ මානුශීය කටයුතු පිළිබදව වන වාර්තාවක් ඉදිරිපත් කරමින් ආපදා කළමනාකරණ හා මානව හිමිකම් අමාත්‍යාංශය නොවැම්බර් 13 වැනිදා පැවසුවේය. අම්පාර මඩකලපුව යාපනය නැවර කිළිනොච්චි මන්නාරම මුලතිව් පොළොන්නරුව ත‍්‍රිකුණාමලය හා වව්නියාව යන දිස්ත‍්‍රික්කවල මෙම පිරිස් නැවත පදිංචි කර ඇතැයි ආපදා කලමනාකරණ හා මානව හිමිකම් අමාත්‍යාංශය කීවේය.

මේ වන විට ගැටුම් නිසා අවතැන්ව සිටින 143 161 කට වඩා වැඩි පිරිසක් මේ වන විටත් සුභසාධන කදවුරුවල සිටින බව එම අමාත්‍යාංශය කීවේය. මේ අතර වව්නියාවේ පිහිටි සුභසාධන මධ්‍යස්ථානවල අවතැන්වූ පවුල් 43 251 කට අයත් අවතැන්වූවන් 132 748 ක්ද යාපනයේ පවුල් 1 105 ක අවැතැන්වූවන් 3 373 ක්ද වන බවද ආපදා කළමනාකරණ හා මානව හිමිකම් අමාත්‍යාංශය පැවුවේය.

UN Humanitarian Chief Sir John Holmes arrived in Sri Lanka on a four day official tour to assess the progress in the IDP camps and the resettlement of the IDPs. During his third visit to the country in 2009 he is scheduled to visit the IDP camps in the North and meet with key government officials including the President. Holmes is to discuss the progress in the welfare of the IDPs and future plans for the IDPs drawn by Sri Lanka, Secretary to the Ministry of Disaster Management and Human Rights Prof Rajiva Wijesinha said.

  • Share/Bookmark

Next Page »